Go to previous topic
Go to next topic
Last Post 07 Jun 2017 11:40 AM by  Rosi
පාට හතයි රස හතයි හත් මාළුව හදන්නේ මෙහෙමයි...
 130 Replies
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
29 Sep 2016 12:27 AM

    තේ එක ඇල්වතුර වගේද? රසවත්ම තේකක් හදන කලාව දැනගන්න

    රසට තේ එකක් හදාගන්න දන්නවද?

    හිනා ගියාද? විහිළුවක් නෙවෙයි, තේ එකක් හදාගන්න ඕන කෙනෙක්ට පුළුවන් කියල හිතුවට කීයෙන් කී දෙනාටද නියම පදමට තේ එකක් හදාගන්න පුළුවන්. ආගන්තුක සත්කාරයෙන් ඉහල තැනක් ගන්න අපේ රටේ කොයි ගෙදරට කොයි වෙලාවක ගියත් තේ එකක් බොමුද කියල අහන එක සිරිතක්. එහෙම ලැබෙන තේ වල එක එක විදි තියෙනව. පිටි වැඩි කහට අඩු තේ, පිටියි කහටයි දෙකම වැඩි තේ, කටේ ඇලෙන තරම් සීනි වැඩි තේ, එහෙමත් නැත්නම් තේ බිව්වට වඩා වතුර එකක් බිව්ව නම් රසයි කියල හිතෙන තේ.

    කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් තේ එකක් හරි පදමට හදාගන්න දැනන් ඉන්නම ඕනෙ. හැබැයි ඉතින් අත පය දිග ඇරල පිටි සීනි වැඩියෙන් දාගත්තට තේ එකක් රස වෙන්නෙ නෑ. ලෝබකමට ගිහිල්ලත් තේ එකක නියම රස ගන්න බැහැ. අනිවා අපේ මේ උත්සහය දිව පිනවන සිත පිනවන වෙහෙස නිවන රසවත් තේ එකක් හදාගන්න හැටි කියල දෙන්න.

    හරි ගාණට තේ එකක් හදාගන්න දැනගත්තට පස්සෙ ඒකට එක එක රස දාගන්න හැටිත් අන්තිමටම තියෙනව. ඔයා හදන තේ එක කොහොමත් රසයි නම් ඒ රස තව වැඩි කරගන්න ඒ ටිකත් කියවලම බලන්න.

    1. තේ වර්ග ගැන දැනන් ඉන්න
    Source - freysmiles.com

    Source – freysmiles.com

    තේ කොළ වල මෝරපුකම, ඒවා වියලන ක්‍රමය සහ කාලය, සම්පූර්ණ තේ කොළය සහ කැඩුණු තේ කොළ වගෙ විවිධ මිනුම් දඬු වලින් තේ කොළ වර්ග කෙරෙනව. ලංකාවේ අපිට හුඟක් වෙලාවට ගන්න තියෙන්නෙ BOP වර්ගයේ කැඩුණු තේ කොළ. මේ තේ කොළ වර්ගය අනුව තේ එකක් හදාගන්න කොට පාවිච්චි කරන වතුරේ උශ්ණත්වය සහ තේ කොළ තම්බගන්න ඕන කාලය වෙනස් වෙනව. අපි අද මේ කියන්නෙ සාමාන්‍ය BOP සිලෝන් තේ කොළ වලින් තේ එකක් හදාගන්න හැටි.

    2. වතුර රස්නෙන්
    Source - rooshv.com

    Source – rooshv.com

    වතුර උතුරන්න තියන්න. වතුර ටික උතුරන්න කලින් තේ හදාගන්න කෝප්පයි ඔයා තේ බොන මග් එකයිත් හෝදල ළඟින් තියාගන්න. මොකද වතුරෙ රස්නය පොඩ්ඩක්වත් අඩු වෙන්න කලින් වතුර ටික තේ කොල වලට දාගන්න එක අනිවා වැදගත්ම පොයින්ට් එකක්.

    3. තේ කෝප්පයක් හොඳේ
    Source - taiwanoolongs.com

    Source – taiwanoolongs.com

    තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕනෙ. මග් එකට අල්ලන ප්‍රමාණෙ අනුව වෙනස් කරගන්න පුළුවන්.

    4. අවශ්‍ය ද්‍රව්‍ය
    Source - suppversity.blogspot.com, binarazan.com, philly.com

    Source – suppversity.blogspot.com, binarazan.com, philly.com

    1. කිරි පිටි පුරවල තේ හැඳි 2
    2. තේ කොල තේ හැඳි 1
    3. සීනි තේ හැඳි 2 (පැණිම පැණි රසට තේ බොනව නම් ඕක වැඩි කරගන්න. අඩුවෙන් සීනි බොන කෙනෙක් නම් අඩු කරගන්න. මේ තමා නියම ගාණ.)

    5. මෙහෙමයි හදන්නෙ
    Source - youtube.com

    Source – youtube.com

    • තේ කොල ටික දාගත්තු කෝප්පෙට වතුර 200ක් උතුරපු ගමන්ම දාගන්න. ඒ කියන්නෙ ලිප නිවපු ගමන්ම. තේ කොළ වල නියම රස සහ කහට ගන්න නම් සෙල්සියස් 95ට රත් වෙච්ච වතුර වලින් තැම්බෙන්න ඕනෙ. දැන් ඒක විනාඩි 5ක් වහල තියන්න.
    • ඒ අතරතුර වෙනම කෝප්පෙක පිටි ටිකයි සීනි ටිකයි හොඳට මික්ස් කරගන්න. දැන් අර තැම්බෙන්න තිබ්බ කහට වලින් ටිකක් පිටි එකට දාගෙන ක්‍රීම් එකක් වෙනකම් හොඳට හැන්දෙන් කලවම් කරගෙන ඉතුරු කහට ටිකත් දාල තේ බොන්න ගන්න කෝප්පෙට පෙරාගන්න. ඔන්න තේ එක හදල ඉවරයි.
    • හැබැයි මතක තියාගන්න මේ සේරටම විනාඩි 6ක 7කට වඩා කාලයක් ගත නොකරන්න. නැත්නම් එහෙට මෙහෙට වෙවී තේ හදන්න ගිහින් අන්තිමට බොන්න වෙන්නෙ ඇල් වෙච්ච තේ එකක්.

    4. තව වෙනසක් කරමුද?
    Source - tearoad.ru

    Source – tearoad.ru

    මසාල ටී / මසාල චායි

    අල්ලපු රටේ බොහොම ජනප්‍රියයි. දැන් දැන් මෙහෙ කට්ටියත් මේකට වහ වැටිල. ඔන්න නොදන්න කෙනෙක්ට හදන හැටි කියල දෙන්නම්. එක එක්කෙනා එක එක ක්‍රමේට හදන මසාලා චායි ලේසියෙන්ම මෙහෙම හදාගන්න. මේ එක තේ කොප්පෙකට ඕන ප්‍රමාණය.

    තේ හදන වතුර ටික රත් වෙන්න තියන්න කලින් මේ ටික දාගන්න.

    • කරදමුංගු ඇට 1
    • කරාබු නැටි 2
    • කුරුඳු අඟලක්
    • තලාගත් ඉඟුරු පෙත්තක්
    • ගම්මිරිස් ඇට 3ක්
    • ස්ටාර් අනීස් බාගයක් (තියෙනවනම් විතරක්)

    මේ දේවල් දාගෙන වතුර ඉතිරුවට පස්සෙ කලින් වගේම තේ එක හදාගන්න.

    මයිලෝ තේකක්

    රසම රස මයිලෝ තේ එකක් හදාගන්න නම් අර පිටි මික්ස් එකටම මයිලෝ පුරෝපු තේ හැඳි 2ක් දාගන්න. ඒකටම කුරුඳු කුඩු එහෙමත් නැත්නම් කෝපි (නෙස්කැෆේ නම් වඩා හොඳයි) පොඩ්ඩකුත් එකතු කරගත්ත නම් වෙනස්ම රසක් ගන්නත් පුළුවන්.

    ප්ලේන් ටී විතරද ඉඟුරු දාල රස?

    ඉඟුරු දාල ප්ලේන් ටී බිව්වට කිරි තේ බීල නෑ නේද? කිරි තේ එකක් හදාගෙන ඒකට ඉඟුරු පෙත්තක් දාල බීල බලන්න. හැමදාම බොන කිරි රසට ඉඟුරු රස එකතු උනාම එන්නෙ වෙනස්ම නැවුම් රසයක්.

    සයිවර් කඩේ එළකිරි තේ

    පිටි කිරි වලට වැඩිය එළකිරි දාල හදන තේ එකක් රස වැඩියි. සයිවර් කඩේ කිරි තේ එකට කට්ටිය වැඩියෙන් මනාපයක් දක්වන්නෙ ඒකනෙ. එළකිරි දාල තේ හදනවනම් කෝප්පෙන් 3\4ක් කහට දාල ඉතුරු 1\4කට උණු කරගත්ත කිරි එකතු කරගන්න. හැබැයි වතුර මික්ස් වෙච්ච එළකිරි නැතුව හොඳ එළකිරි එකතු කරනව නම් තමා මේ ප්‍රමාණය.

    ඇයි මිල්ක්මේඩ් තේ?

    එළකිරි නැත්නම් මෙන්න නියම රසක් ගන්න පුළුවන් තේ එක. සීනි ඕනෙත් නෑනෙ. කහට තේ කෝප්පෙකට මිල්ක් මේඩ් මේස හැඳි 1 1\2ක් එකතු කරගන්න.

    තායි ටී එකක් බොමුද?

    මේක අපේ වගේ රස්නෙ රටකට කියාපු තේ එකක්. කූල් කරල බොන හින්ද දවාලකට උනත් කෙනෙක්ට පිළිගන්වන්න පුළුවන්.

    • තේ කොළ තේ හැන්දකට උණු වතුර කෝප්පයක් දාල විනාඩි 5ක් වහල තියන්න. ඒකටම සීනි තේ හැඳි 2කුත් එකතු කරන්න. නිව්නට පස්සෙ ෆ්‍රිජ් එකට දාන්න අවශ්‍ය වෙලාවට ගන්නකම්.
    • පිළිගන්වන කොට වීදුරුවකට අයිස් කැට පුරව ගන්න වීදුරුවෙන් 1\4ක්. ඒකට උඩින් අර කලින් හදාගත්තු කහට එකතු කරන්න වීදුරුවෙන් 3\4ක් පිරෙනකම්.
    • ඒකට උඩින් මිල්ක් මේඩ් මේස හැන්දකුයි උකුවට හදාගත්තු පිටිකිරියි එකතු කරගන්න වීදුරුව පිරෙනකම්.
    • Cocktail stirrer එකක් එකක් හරි දිග හැන්දක් එක්ක හරි පිළිගන්වන්න බොන කෙනාටම මික්ස් කරගන්න පුළුවන් විදියට.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    29 Sep 2016 12:40 AM

    තරු පහේ හෝටලේකට ගිහින් හැඳි ගෑරප්පු වරද්දගන්නෙ නැතුව කෑම කන්න මෙන්න මේ සිරිත් දැනගන්න

    බොහෝ දෙනෙක් සිතන්නේ තරු පහේ හෝටලයකට ගිය විට හැඳි ගෑරප්පු බාවිතය සේම ඉංග්‍රීසියෙන් කතා කිරීම අනිවාර්ය දෙයක් ලෙසටයි. මේ නිසාම බොහෝ දෙනෙක් අපහසුවෙන් පසු වෙනවා. එහෙත් තරු පහේ හෝටලයක ඔබ සිංහලෙන් ඔබේ අවශ්‍යතාවය පවසා සේවය ලබාගත හැකියි. ඒ වගේම අතින් ආහාර ගැනීමටද හැකියි. එයට පසුබට වෙන්න අවශ්‍ය නැහැ.

    තරු පහේ හෝටලේක කෑම මේසයක් පිළිවෙල කරන ක්‍රමයක් තියෙනව. ඒ ඒ දේට අදාල හැඳි ගෑරප්පු විතරක් නෙවෙයි වීදුරු පවා වෙනස්. ඉතින් මේ දේවල් හරි විදියට පාවිච්චි කරන්න දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයිනෙ. හැඳි ගෑරප්පු භාවිතය විතරක් නෙවෙයි අතින් කෑම ගන්න කොට පවා අනුගමනය කරන්න ඕන සිරිත් විරිත් තියෙනව. ඒ දේවල් ගැනත් අපි දැනුවත් වෙමු.

    මේසය මත ඇති දේ හඳුනා ගැනීම

    Source – sdsu.edu

    Source – sdsu.edu

    බෝජන සංග්‍රහයකදී අනුගමනය කල යුතු සිරිත් විරිත් ගැන කතා කිරීමට පෙර මුලින්ම අපි හැඳි, ගෑරප්පු සහ පිහි හඳුනාගමු.

    • ඔබ මේසයට වාඩි වූ පසු ඔබේ වම් පසින් තියෙන්නෙ ගෑරප්පු 2ක්. එළිය පැත්තේ සිට පිඟාන දෙසට පිළිවෙලින් සැලඩ් සඳහා බාවිතා කරන ගෑරප්පුව සහ ප්‍රධාන ආහාර වේල සඳහා බාවිතා කරන ගෑරප්පුව වශයෙන්.
    • වම් පස ඉදිරියෙන් බටර් පිහියක් සහ සුප් පිළිගැන්වීමේදී දෙනු ලබන පාන් සහ බනිස් වර්ග තබා ගැනීමට කුඩා පිඟානක් තබා තිබෙනව.
    • පිඟානට ඉදිරියෙන් ඇත්තේ අතුරුපස සඳහා භාවිතා කරන හැන්ද සහ ගෑරප්පුවයි. අතුරුපස පිලිගැන්වූ පසු ගෑරප්පුව වම් අතටත් හැන්ද දකුණු අතටත් ලෙස ගත යුතුයි.
    • ඔබේ දකුණු පසින් ඇත්තේ එළිය පැත්තේ සිට පිඟාන දෙසට පිළිවෙලින් සුප් සඳහා බාවිතා කරන හැන්ද, ප්‍රධාන ආහාර වේල සඳහා බාවිතා කරන හැන්ද සහ ප්‍රධාන ආහාර වේල සඳහා බාවිතා කරන පිහියයි.
    • තේ හෝ කෝපි පානය සඳහා පීරිසිය සහ කෝප්පයද දකුණු පසින් ඇති අතර එයට ඉදිරියෙන් ඇත්තේ වීදුරු වර්ග 4ක්. මහත බඳ සහිත තරමක් ලොකු වීදුරුව වතුර සඳහාද, සිහින් උස වීදුරුව ශැම්පේන් සඳහාද, සිහින් දිගු අන්ඩක් සහිත තරමක් කට කුඩා වීදුරුව සුදු වයින් සඳහාද, කොට මහත කට පළල් වීදුරුව රතු වයින් සඳහාද ලෙස වෙන් වෙනවා.

    අනුගමනය කල යුතු සිරිත් විරිත්

    1. වාඩි වූ විගස
    Source – protocolo.org

    Source – protocolo.org

    ඔබ භෝජන සංග්‍රහය සඳහා වාඩි වූ විගස අත්පිස්නාව ගෙන ඔබේ කකුල් මත දිගහැරගන්න. ඔබ මේසයෙන් නැගිට යන්නේ නම් අත්පිස්නාව පුටුව උඩින් තබා නැගිටින්න.

    2. ආහාර ගන්නා අතර තුර
    Source – etsy.com

    Source – etsy.com

    • ඔබ අතින් කෑම බිම වැටුනහොත් එය එසේ තියෙන්නට හරින්න. ඒ වගෙම ඔබ අතින් හැඳි, ගෑරප්පු බිමට වැටුනහොත් එය කෙනෙකුට අවහිරයක් නොවෙන අයුරින් නම් ඇත්තේ එය තියෙන්නට හරින්න. වෙනත් හැන්දක් හෝ ගෑරප්පුවක් ඉල්ලා ගන්න.
    • කවුරුන් හෝ ඔබෙන් ලුණු හෝ ගම්මිරිස් කුඩු සහිත කුඩා බාජන අවශ්‍ය බව පැවසුවොත් ඒ දෙකම එකට ලබාදෙන්න. එයින් එකක් පමණක් දීමෙන් වලකින්න. එමෙන්ම ආහාර රස බැලීමට පෙර ලුණු හෝ ගම්මිරිස් ඉස ගැනීම නොකරන්න.
    • ආහාර ගන්නා අතර තුර මේසය මත වැලමිට තබා සිටීමෙන් වලකින්න. ඔබ ආහාර නොගෙන කතාබහක නිරත වනවා නම් පමණක් වැලමිට තබා ගන්න නැතහොත් දෑත් උකුල මත තබා ගන්න. ආහාර ගන්නා අතර තුර කතා බහේ දී ඔබේ මැණික් කටුව මේසයේ කෙලවරට සිටින ලෙස තබා ගන්න.
    • ආහාර ගන්න අතර තුර විරාමයකදී ඔබේ හැඳි ගෑරප්පු වල හිස පෙදෙස එකිනෙකට ලං වන සේ V අකුරක හැඩයට පිඟාන මත තබන්න. ඔබ ආහාර ගෙන අවසන් නැති බව එයින් ඇඟේවි.

    3. වයින් වීදුරු අල්ල ගැනීම
    Source - fanpop.com

    Source – fanpop.com

    • සුදු වයින් වර්ග සාමාන්යෙන් පිළිගන්වන්නේ ශීත කර බැවින් එය බීමට ගන්නා විට වීදුරුවේ සිහින් දිග අන්ඩෙන් අල්ලා පානය කරන්න. පෙර පැවති සිරිත අනුව රතු වයින් වීදුරුව අල්ලන්නේ එහෙ බඳ කොටසින් වුවත්, වයින් වල උශ්නත්වය වෙනස් විය හැකි නිසා නව ක්‍රමය අනුව එයද වීදුරුවේ දිගු අන්ඩෙන් අල්ලා පානය කරන්න.
    • ඔබට වයින් හෝ පිළිගන්වනු ලබන යම් දෙයක් අවශ්‍ය නැති නම් පිළිගන්වන අවස්ථාවේ කාරුණිකව ඒ බව පවසන්න.

    4. සුප් පානය
    Source – tripadvisor.ie, rakuten.com

    Source – tripadvisor.ie, rakuten.com

    • සුප් පානයේ දී පිළිගන්වන පාන් හෝ බනිස් වල බටර් තවරා එය කුඩා කොටස් වලට අතින් කඩා කෑමට ගන්න. සුප් පානය කිරීමේදී හැන්දෙන් ඔබේ පැත්තට සුප් පුරවා නොගෙන ඔරලෝසුවේ 12 අංකය ඇති පැත්තට පුරවා ගන්න.
    • එසේම ඔබේ සුප් කෝප්පයේ ඇති අවසාන සුප් ටික ගැනීමේදී සුප් කෝප්පය ඔබේ පැත්තට නොව ඔබෙන් ඉවතට ඇල කරන්න. හැන්දෙන් 3/4ක් පුරවා සුප් ගැනීමෙන් ඉහිරී යාම වලක්වා ගත හැකියි.
    • එසේම සුප් එකේ උණුසුම වැඩි නම් එය කෝප්පයේම නිවෙන්නට හරින්න. පිඹීමෙන් නිවන්න එපා. සුප් පානය කර අවසන් වූ පසු හැන්ද කෝප්පය තුලම ඔරලෝසුවේ අංක 4 දෙසට මිට සිටින ලෙස තබන්න.

    5. අතින් ආහාර ගැනීම
    Source – chibichi.com

    Source – chibichi.com

    • ඔබ අතින් ආහාර ගන්නේ නම් අත සෝදා ගැනීමට වතුර බෝල් එකක් අවශ්‍ය බව පවසන්න. (ෆින්ගර් බෝල්)
    • එයට ඇඟිලි පමනක් දමා සෝදාගන්න. එක වරකට එක් අතක් පමනක් දමන්න. එහි දෙහි හෝ ලෙමන් පෙත්තක් ඇත්නම් එය මිරිකන්න එපා. සෝදා ගත් අත උකුල මත ඇති අත්පිස්නාව මත තබා වතුර තෙතමාත්තු කරන්න. අත්පිස්නාව මේසය මතට ගැනීමෙන් වලකින්න. ආහාර ගෙන අවසන් වූ පසුද මේ ක්‍රමය අනුගමනය කරන්න.

    6. අවසන් කිරීම
    Source – wikihow.com

    Source – wikihow.com

    • ආහාර ගෙන අවසාන නම් හැඳි ගෑරප්පු දෙකම මිට පැත්ත ඔරලෝසුවේ 4 ඉලක්කම දෙසටත් හිස පැත්ත ඔරලෝසුවේ 10 ඉලක්කම දෙසටත් වන ලෙස පිඟානේ දකුණු පස එක ලඟින් තබන්න ඔබ ආහාර ගෙන අවසන් බව එයින් ඇඟවේවි.
    • අත්පිස්නාවෙන් ඔබේ මුව වට තෙතමාත්තු කරන්න. අතුල්ලා පිස දැමීම නොකරන්න. නැගිටීමට පෙර අත්පිස්නාව පිඟානේ වම් පසින් සාමාන්‍ය ලෙස නවා තබන්න.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536

    --
    29 Sep 2016 01:01 AM
    මේ ටික නම් බොහොම වැදගත් කරුණු ටිකක්

    ස්තුති අයියේ
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    29 Sep 2016 03:39 AM
    ඉතාමත් පලදායි ලිපියක් .......සමන්ත ගෙනාවොත් ඉතින් ගෙන්නෙ අපිට හරබර ලිපිනෙ
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    29 Sep 2016 04:17 AM
    ගොඩක් වැදගත් ලිපියක් තමා අයියේ
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    29 Sep 2016 04:18 AM
    මට නම් මෙවා සැහෙන්න වටිනවා ..යන්නෙම තරු පහෙ ඒවටනෙ අනේ ......කොහොම හරි ඉගෙන ගන්න ඔන්බෙ වැදගත් විදියට කන්න
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    29 Sep 2016 06:19 AM
    ත්‍රෙඩ් එකේ නමත් වෙනස් කලානම් හොදයි
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    29 Sep 2016 10:22 AM
    ඕවට නොයන හින්දා මට නම් අවුලක් නැ.
    යන අයට වැදගත්.
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100

    --
    29 Sep 2016 07:12 PM
    රසම රස තේ එකක් හදාගෙන බීලා හැදි ගෑරැප්පු අරන් හබුන් ටිකකුත් කෑව ඔන්න මමත්

    ස්තුතියි සමන්ත මාමේ...

    මම දැන් ගමිමිරිස්. කුරැදු දාලා තේකක් හදන්න යනෝ
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    29 Sep 2016 08:49 PM
    ඉතා වැදගත් කරුණු ටිකක්. අපි හැමෝටම වැදගත්.

    වැඩේ කියන්නෙ මේ ටික පුරුදු වෙන්නත් ඉතිං තරු පහෙන්ම කන්න යන්න එපැයි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    29 Sep 2016 09:18 PM
    Posted By samantha on 29 Sep 2016 12:40 AM

    තරු පහේ හෝටලේකට ගිහින් හැඳි ගෑරප්පු වරද්දගන්නෙ නැතුව කෑම කන්න මෙන්න මේ සිරිත් දැනගන්න

    බොහෝ දෙනෙක් සිතන්නේ තරු පහේ හෝටලයකට ගිය විට හැඳි ගෑරප්පු බාවිතය සේම ඉංග්‍රීසියෙන් කතා කිරීම අනිවාර්ය දෙයක් ලෙසටයි. මේ නිසාම බොහෝ දෙනෙක් අපහසුවෙන් පසු වෙනවා. එහෙත් තරු පහේ හෝටලයක ඔබ සිංහලෙන් ඔබේ අවශ්‍යතාවය පවසා සේවය ලබාගත හැකියි. ඒ වගේම අතින් ආහාර ගැනීමටද හැකියි. එයට පසුබට වෙන්න අවශ්‍ය නැහැ.

    තරු පහේ හෝටලේක කෑම මේසයක් පිළිවෙල කරන ක්‍රමයක් තියෙනව. ඒ ඒ දේට අදාල හැඳි ගෑරප්පු විතරක් නෙවෙයි වීදුරු පවා වෙනස්. ඉතින් මේ දේවල් හරි විදියට පාවිච්චි කරන්න දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයිනෙ. හැඳි ගෑරප්පු භාවිතය විතරක් නෙවෙයි අතින් කෑම ගන්න කොට පවා අනුගමනය කරන්න ඕන සිරිත් විරිත් තියෙනව. ඒ දේවල් ගැනත් අපි දැනුවත් වෙමු.

    මේසය මත ඇති දේ හඳුනා ගැනීම

    Source – sdsu.edu

    Source – sdsu.edu

    බෝජන සංග්‍රහයකදී අනුගමනය කල යුතු සිරිත් විරිත් ගැන කතා කිරීමට පෙර මුලින්ම අපි හැඳි, ගෑරප්පු සහ පිහි හඳුනාගමු.

    • ඔබ මේසයට වාඩි වූ පසු ඔබේ වම් පසින් තියෙන්නෙ ගෑරප්පු 2ක්. එළිය පැත්තේ සිට පිඟාන දෙසට පිළිවෙලින් සැලඩ් සඳහා බාවිතා කරන ගෑරප්පුව සහ ප්‍රධාන ආහාර වේල සඳහා බාවිතා කරන ගෑරප්පුව වශයෙන්.
    • වම් පස ඉදිරියෙන් බටර් පිහියක් සහ සුප් පිළිගැන්වීමේදී දෙනු ලබන පාන් සහ බනිස් වර්ග තබා ගැනීමට කුඩා පිඟානක් තබා තිබෙනව.
    • පිඟානට ඉදිරියෙන් ඇත්තේ අතුරුපස සඳහා භාවිතා කරන හැන්ද සහ ගෑරප්පුවයි. අතුරුපස පිලිගැන්වූ පසු ගෑරප්පුව වම් අතටත් හැන්ද දකුණු අතටත් ලෙස ගත යුතුයි.
    • ඔබේ දකුණු පසින් ඇත්තේ එළිය පැත්තේ සිට පිඟාන දෙසට පිළිවෙලින් සුප් සඳහා බාවිතා කරන හැන්ද, ප්‍රධාන ආහාර වේල සඳහා බාවිතා කරන හැන්ද සහ ප්‍රධාන ආහාර වේල සඳහා බාවිතා කරන පිහියයි.
    • තේ හෝ කෝපි පානය සඳහා පීරිසිය සහ කෝප්පයද දකුණු පසින් ඇති අතර එයට ඉදිරියෙන් ඇත්තේ වීදුරු වර්ග 4ක්. මහත බඳ සහිත තරමක් ලොකු වීදුරුව වතුර සඳහාද, සිහින් උස වීදුරුව ශැම්පේන් සඳහාද, සිහින් දිගු අන්ඩක් සහිත තරමක් කට කුඩා වීදුරුව සුදු වයින් සඳහාද, කොට මහත කට පළල් වීදුරුව රතු වයින් සඳහාද ලෙස වෙන් වෙනවා.

    අනුගමනය කල යුතු සිරිත් විරිත්

    1. වාඩි වූ විගස
    Source – protocolo.org

    Source – protocolo.org

    ඔබ භෝජන සංග්‍රහය සඳහා වාඩි වූ විගස අත්පිස්නාව ගෙන ඔබේ කකුල් මත දිගහැරගන්න. ඔබ මේසයෙන් නැගිට යන්නේ නම් අත්පිස්නාව පුටුව උඩින් තබා නැගිටින්න.

    2. ආහාර ගන්නා අතර තුර
    Source – etsy.com

    Source – etsy.com

    • ඔබ අතින් කෑම බිම වැටුනහොත් එය එසේ තියෙන්නට හරින්න. ඒ වගෙම ඔබ අතින් හැඳි, ගෑරප්පු බිමට වැටුනහොත් එය කෙනෙකුට අවහිරයක් නොවෙන අයුරින් නම් ඇත්තේ එය තියෙන්නට හරින්න. වෙනත් හැන්දක් හෝ ගෑරප්පුවක් ඉල්ලා ගන්න.
    • කවුරුන් හෝ ඔබෙන් ලුණු හෝ ගම්මිරිස් කුඩු සහිත කුඩා බාජන අවශ්‍ය බව පැවසුවොත් ඒ දෙකම එකට ලබාදෙන්න. එයින් එකක් පමණක් දීමෙන් වලකින්න. එමෙන්ම ආහාර රස බැලීමට පෙර ලුණු හෝ ගම්මිරිස් ඉස ගැනීම නොකරන්න.
    • ආහාර ගන්නා අතර තුර මේසය මත වැලමිට තබා සිටීමෙන් වලකින්න. ඔබ ආහාර නොගෙන කතාබහක නිරත වනවා නම් පමණක් වැලමිට තබා ගන්න නැතහොත් දෑත් උකුල මත තබා ගන්න. ආහාර ගන්නා අතර තුර කතා බහේ දී ඔබේ මැණික් කටුව මේසයේ කෙලවරට සිටින ලෙස තබා ගන්න.
    • ආහාර ගන්න අතර තුර විරාමයකදී ඔබේ හැඳි ගෑරප්පු වල හිස පෙදෙස එකිනෙකට ලං වන සේ V අකුරක හැඩයට පිඟාන මත තබන්න. ඔබ ආහාර ගෙන අවසන් නැති බව එයින් ඇඟේවි.

    3. වයින් වීදුරු අල්ල ගැනීම
    Source - fanpop.com

    Source – fanpop.com

    • සුදු වයින් වර්ග සාමාන්යෙන් පිළිගන්වන්නේ ශීත කර බැවින් එය බීමට ගන්නා විට වීදුරුවේ සිහින් දිග අන්ඩෙන් අල්ලා පානය කරන්න. පෙර පැවති සිරිත අනුව රතු වයින් වීදුරුව අල්ලන්නේ එහෙ බඳ කොටසින් වුවත්, වයින් වල උශ්නත්වය වෙනස් විය හැකි නිසා නව ක්‍රමය අනුව එයද වීදුරුවේ දිගු අන්ඩෙන් අල්ලා පානය කරන්න.
    • ඔබට වයින් හෝ පිළිගන්වනු ලබන යම් දෙයක් අවශ්‍ය නැති නම් පිළිගන්වන අවස්ථාවේ කාරුණිකව ඒ බව පවසන්න.

    4. සුප් පානය
    Source – tripadvisor.ie, rakuten.com

    Source – tripadvisor.ie, rakuten.com

    • සුප් පානයේ දී පිළිගන්වන පාන් හෝ බනිස් වල බටර් තවරා එය කුඩා කොටස් වලට අතින් කඩා කෑමට ගන්න. සුප් පානය කිරීමේදී හැන්දෙන් ඔබේ පැත්තට සුප් පුරවා නොගෙන ඔරලෝසුවේ 12 අංකය ඇති පැත්තට පුරවා ගන්න.
    • එසේම ඔබේ සුප් කෝප්පයේ ඇති අවසාන සුප් ටික ගැනීමේදී සුප් කෝප්පය ඔබේ පැත්තට නොව ඔබෙන් ඉවතට ඇල කරන්න. හැන්දෙන් 3/4ක් පුරවා සුප් ගැනීමෙන් ඉහිරී යාම වලක්වා ගත හැකියි.
    • එසේම සුප් එකේ උණුසුම වැඩි නම් එය කෝප්පයේම නිවෙන්නට හරින්න. පිඹීමෙන් නිවන්න එපා. සුප් පානය කර අවසන් වූ පසු හැන්ද කෝප්පය තුලම ඔරලෝසුවේ අංක 4 දෙසට මිට සිටින ලෙස තබන්න.

    5. අතින් ආහාර ගැනීම
    Source – chibichi.com

    Source – chibichi.com

    • ඔබ අතින් ආහාර ගන්නේ නම් අත සෝදා ගැනීමට වතුර බෝල් එකක් අවශ්‍ය බව පවසන්න. (ෆින්ගර් බෝල්)
    • එයට ඇඟිලි පමනක් දමා සෝදාගන්න. එක වරකට එක් අතක් පමනක් දමන්න. එහි දෙහි හෝ ලෙමන් පෙත්තක් ඇත්නම් එය මිරිකන්න එපා. සෝදා ගත් අත උකුල මත ඇති අත්පිස්නාව මත තබා වතුර තෙතමාත්තු කරන්න. අත්පිස්නාව මේසය මතට ගැනීමෙන් වලකින්න. ආහාර ගෙන අවසන් වූ පසුද මේ ක්‍රමය අනුගමනය කරන්න.

    6. අවසන් කිරීම
    Source – wikihow.com

    Source – wikihow.com

    • ආහාර ගෙන අවසාන නම් හැඳි ගෑරප්පු දෙකම මිට පැත්ත ඔරලෝසුවේ 4 ඉලක්කම දෙසටත් හිස පැත්ත ඔරලෝසුවේ 10 ඉලක්කම දෙසටත් වන ලෙස පිඟානේ දකුණු පස එක ලඟින් තබන්න ඔබ ආහාර ගෙන අවසන් බව එයින් ඇඟවේවි.
    • අත්පිස්නාවෙන් ඔබේ මුව වට තෙතමාත්තු කරන්න. අතුල්ලා පිස දැමීම නොකරන්න. නැගිටීමට පෙර අත්පිස්නාව පිඟානේ වම් පසින් සාමාන්‍ය ලෙස නවා තබන්න.
    මේක ඉතා වටිනා ලිපියක්..

    නොදන්න කරුණු මෙන්ම අපි වැරදියට සිදුකරනු ලබන කරුණු රාශියක්  ඉගෙන ගත්තා...

    ස්තූතියි අයියේ...

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    30 Sep 2016 08:59 AM
    මෙහෙ ඉතින් තරු පහේ තැන් නෑනෙ.
    තියෙන එකකින් හදිසියේ හරි කාලා ආවම පැයකින් දෙකකින් තරු පේනවා කොදු ඇටත් එක්ක යන්න ගත්තම.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    30 Sep 2016 09:54 AM
    තරැ පහේ යන්නම ඕනෙ නැහැ අයියේ හැබැයි මේ සිරිත් ටික දැන ගත්තොත් නෑ ගෙදරක උනත් කරන්න පුලුවන්
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    30 Sep 2016 12:57 PM
    හොදම හොද කරුණු කාරණා ටික ,,කාටත් උපකාරී වෙනවා .ස්තුති අයියේ .
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    30 Sep 2016 03:28 PM
    me gatalu walata mama nam muhuna panawa hotel skul yaddi apita kanna une me widiyata. danuth wine ekak taste karaddi mewa wedagath wenawa apata
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    01 Oct 2016 09:35 AM
    ආර්මි එකේ ඉන්නවනං කෙනෙක් එයා දන්නවා මේකේ මොන තරම වැදගත් කමක් තියෙනවද කියල. ඒක නීතියක් විදියට ක්‍රියාත්මක වෙන දෙයක්
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736

    --
    03 Oct 2016 11:15 AM
    ගොඩක් වටිනා විස්තර ටිකක්නේ දලා තියෙනේ............
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    11 Oct 2016 04:45 AM

    ඔබත් Meat lover කෙනෙක්ද? එහෙනම් මේ රසවත් මාංශ රෙසිපි ට්‍රයි කරන්නම වෙනවා

    එක එක මස් වර්ග නොයෙක් විදියට රස බලන්න කැමති අපේ අනිවා හිතවතුන්ට අපි අද ගේන්නෙ රෑ කෑමකට ගැලපෙන්න සකස ගන්න පුළුවන් රෙසිපි 5ක්. රෑ කෑමකට කිව්වට දවාලකට හරි බයිට් එකට හරි මේ දේවල් හදාගන්න ආසයි නම් කාගෙන් තහනමක්ද

    මේ රෙසිපි වලට ඔබ කැමති ඕනෑම මස් වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. වඩාත්ම ගැලපෙන මස් වර්ගය රෙසිපි එකේ සඳහන් කරල තියෙනව.

    1. Mexican Spice Rubbed Meat with Lime Butter
    Source - pinterest.com

    Source – pinterest.com

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. කැමති මස් වර්ගයකින් 750ක මස් කැබැල්ලක් (ලෑම්බ් සහ බීෆ් වඩාත් සුදුසුයි.)
    2. දිය කරගත් බටර් මේස හැඳි 4
    3. තලාගත් සුදු ලූනු බික් 2ක්
    4. ගා ගත් දෙහි ලෙලි තේ හැඳි 1\4
    5. දෙහි යුශ තේ හැඳි 1
    6. ලුණු
    7. පැප්රිකා තේ හැඳි 1 1\2 (සුපර් මාකට් වල ඇත.)
    8. සූදුරු කුඩු හැඳි 1 1\2
    9. මිරිස් කුඩු හැඳි 1 1\2

    • පෑන් එකක් හෝ ග්‍රිල් එකක් රත් වෙන්න තියන්න. පොඩි බෝල් එකකට සුදු ලූනු, බටර්, දෙහි ලෙලි සහ දෙහි යුශ දමා එයට ලුණු පින්ච් එකක් දමා මිශ්‍ර කරගන්න.
    • වෙනම බෝල් එකක් ගෙන එයට පැප්රිකා, මිරිස් කුඩු, සූදුරු කුඩු වලට ලුණු තේ හැඳි 1 1\4ක් දමා මිශ්‍ර කරගන්න.
    • පැප්රිකා මිශ්‍රණය මස් කැබැල්ලේ හොඳින් තවරාගන්න. රත් වෙන්න තැබූ පෑන් එකට තෙල් මේස හැඳි 2ක් පමණ ඉස ගන්න. ඒ මත මස් කැබැල්ල තබා විටින් විට දෙපැත්ත හරවමින් හොඳින් ග්‍රිල් කරගන්න.
    • පෑන් එකෙන් ඉවතට ගත් විගසම සාදාගත් දෙහි සහ බටර් මිශ්‍රණය ඒ මත දමා විනාඩි 4ක් 5ක් තියෙන්නට හැර පිළිගන්වන්න.

    2. Brown Sugar Meat Loaf
    Source - fortheloveofcooking.net

    Source – fortheloveofcooking.net

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. අඹරාගත් මස් 700 (බීෆ් හෝ චිකන් වඩාත් ගැලපෙනව.)
    2. දුඹුරු සීනි කප් 1\2
    3. කෙචප් හෝ තක්කලි සෝස් කප් 1\2
    4. කිරි කප් 3\4
    5. බිත්තර 2
    6. ලුණු තේ හැඳි 1 1\2
    7. ගම්මිරිස් කුඩු තේ හැඳි 1\4
    8. තලාගත් ඉඟුරු තේ හැඳි 1\4
    9. චොප් කරගත් ලූනු
    10. පාන් කුඩු කප් 3\4 (බ්‍රෙඩ් ක්‍රම්බ්ස්)

    • ලෝෆ් පෑන් එකක් නැත්නම් පාන් පුළුස්සන උස ට්‍රේ එකක් ගෙන එහි බ්ටර් හෝ තෙල් ටිකක් තවරා ගන්න. එහි අඩියට සීනි ටික දමා ගන්න. එයට උඩින් කෙචප් ටික දමාගන්න.
    • ඉතිරි සියළුම ද්‍රව්‍ය හොඳින් අනා කෙචප් උඩින් තරමක් අතින් තද කරමින් අතුරා ගන්න.
    • සෙල්සියස් 175ට පෙර රත් කරන ලද උඳුනක දමා පැයක් පුළුස්සා ගන්න.

    3. Chicken Cordon Bleu
    Source – http://www.bettycrocker.com/

    Source – http://www.bettycrocker.com/

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. චිකන් බ්‍රෙස්ට් එකක් (අඹරාගත් වෙනත් මස් වර්ගයක් උනත් ගන්න පුළුවන්)
    2. චීස් ස්ලයිස් 4
    3. හැම් ස්ලයිස් 4 (කැමති හැම් වර්ගයක් ගන්න පුළුවන්)
    4. පාන් පිටි මේස හැඳි 3
    5. බටර් මේස හැඳි 6
    6. කෝන් පිටි මේස හැඳි 1
    7. කිරි කප් 1/2
    8. ලුණු
    9. ගම්මිරිස් කුඩු

    • චිකන් බ්‍රෙස්ට් එකේ කටු ඉවත් අර වෙන් නොවන සේ දෙකට පලා මදක් තලාගන්න. දැන් එය මැදට චීස් ස්ලයිස් 2ක් අතුරා ඒ මත හැම් පෙති තබා ඊටත් උඩින් නැවත ඉතිරි චීස් අතුරා චිකන් බ්‍රෙස්ට් එක දෙකට නවා තද කර ටූත් පික්ස් වලින් රඳවා ගන්න.
    • බටර් ටික පෑන් එකක දමා රත් වෙන්න හරින්න. එයට කිරි, පාන් පිටි, කෝන් පිටි, ලුණු සහ ගම්මිරිස් එක් කර උකු වන තුරු හැඳි ගාමින් අඩු ගින්දරේ උතුරුවා ගන්න.
    • තෙල් තවරා ගත් ට්‍රේ එකක චිකන් බ්‍රෙස්ට් එක තබා ඒ මත සාදාගත් සෝස් එක තවරා ගන්න. එයට උඩින් පාන් කුඩු දවටා සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උදුනක දමා විනාඩි 25-30ක් බේක් කරගන්න.

    4. Baked Teriyaki Meat
    Source - youtube.com

    Source – youtube.com

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. කැමති මස් වර්ගයක් (චිකන් සහ පෝක් වඩාත් සුදුසුයි.)
    2. කෝන් පිටි මේස හැඳි 1
    3. අයිස් වතුර මේස හැඳි1
    4. විනාකිරි කප් 1\2 (වයිට් වෙනිගර්)
    5. සෝයා සෝස් කප් 1\2
    6. තලාගත් සුදු ලූනු බික් 1
    7. තලාගත් ඉඟුරු තේ හැඳි 1\2
    8. ගම්මිරිස් කුඩු තේ හැඳි 1\2

    මේ ප්‍රමාණ ස්කින්ලස් චිකන් ඩ්‍රම්ස්ටික් 10කට ප්‍රමාණවත්.

    • පෑන් එකක් ලිප තබා එයට මස් හැර අනෙක් සියල්ල එක් කර උකු වන තුරු මද ගින්නෙ උතුරුවා ගන්න.
    • සෝදා වතුර හොඳින් පිසදාගත් මස් වල සෝස් එක හොඳින් තවරා හොඳින් බටර් තවරාගත් තැටියක තබා සෙල්සියස් 200ට පෙර රත් කරගත් උඳුනක විනාඩි 25ක් බේක් කර අනෙක් පස හරවා නැවත විනාඩි 20ක් බේක් කරගන්න. බේක් වන අතර තුර විනාඩි 10කට වරක් සෝස් එක නැවත නැවත තවරා ගන්න.

    5. Honey Mustard Meat
    Source - paleoaholic.com

    Source – paleoaholic.com

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. කැමති මස් වර්ගයකින් 500 (චිකන් හෝ පෝක් වඩාත් ගැලපෙනව.)
    2. මී පැණි කප් 1\2
    3. පැප් රිකා හෝ මිරිස් කුඩු තේ හැඳි 1
    4. අබ කුඩු මේස හැඳි 2
    5. විනාකිරි 2
    6. සීනි මේස හැඳි 1
    7. ලුණු
    8. ගම්මිරිස් කුඩු
    9. වියලි ඔරිගානෝ තේ හැඳි 1

    • අබ කුඩු වලට සීනි විනාකිරි සහ ලුණු, ගම්මිරිස් එක් කර හොඳින් කලවම් කරගන්න. එයට මී පැණි සහ ඔරිගානෝ එක් කරගන්න.
    • මස් කැබැල්ල මත ලුණු ගම්මිරිස් ටිකක් ඉස හොඳින් තවරා ගන්න. එය විනාඩි 5ක් පමන පසෙකින් තබා ඒ මත මී පැණි මිශ්‍රණයෙන් බාගයක් හොඳින් තවරන්න.
    • සෙල්සියස් 180ට පෙර රත් කරගත් උඳුනක තබා විනාඩි 20ක් බේක් කරගන්න. එය අනෙක් පස හරව ඉතිරි පැණි මිශ්‍රණය තවරා නැවත විනාඩි 20ක් බෙක් කරගන්න.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    11 Oct 2016 04:47 AM

    මෙන්න කොල්ලන්ටත් තනියම හදාගන්න පුලුවන් මරු බයිට් 5ක්

    පහුගිය ටිකේම කාන්තාවන්ට හදන්න පුළුවන් කෑමම දැම්ම හන්දා පුරුෂ පාර්ශවයෙන් අපිට ඉල්ලීම් ටිකක් ආවා. ඔන්න අපි ඒකට ප්‍රතිචාර දක්වන්නයි හදන්නෙ. යාළුවෙක් දෙන්නෙක් එක්ක පොඩියට සෙට් වෙද්දි අම්මලගෙයි බිරිඳගෙයි ගෑස් නම් අනිවා බලන්න වෙනවමයි නේද? එයාලට පේන්නත් එක්ක ලේසියෙන් හදාගන්න පුළුවන් බයිට් ටිකක් තමයි මේ කියල දෙන්න යන්නෙ. මීට පස්සෙ සෙට් වෙන කොට යාළුවන්ට වැඩ පෙන්නන්නත් එක්ක මේ බයිට් වලින් එකක් දෙකක් හදල බලන්නකො.
    Sinhala Read Redirect

    1. Fried chicken
    Source - wagjag.com

    Source – wagjag.com

    • හම නැති චිකන් බ්‍රෙස්ට් එකක් අරගෙන හොඳට සෝදල කටුව ඉවත් කරගෙන මස් ටික පොඩි තීරු කපාගෙන, දෙහි ඇඹුල් ටිකක් අතගාගන්න. ( කටුව නැතුවත් මස් කඩවලින් චිකන් බ්‍රෙස්ට් එකක් ගන්න පුළුවන්.)
    • බෝල් එකකට පාන් පිටි කප් 2ක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 2ක්, මිරිස් කුඩු තේ හැන්දක්, ලුණු තේ හැඳි 1 1\2ක් දාලා කලවම් කරගන්න.
    • කපාගත්ත චිකන් ටික මේ පිටි එකට දාල හොඳින් පිටි ටික දවටගන්න.
    • ගැඹුරු තෙලේ බැදගන්න තරම් තෙල් තාච්චියකට දාලා රත් වෙන්න තියාගෙන වැඩිපුර පිටි යන්තම් ගසල ඉවත් කරගත්ත චිකන් ටික දාල රන්වන් පාට වෙනකම් බැදගන්න. ලිපේ ගින්දර සාමාන්‍ය ගානට තියාගන්න. (Medium Heat)
    • මෙහෙමම බයිට් එකට ගන්නත් පුළුවන් තක්කලි සෝස් ටිකක් එක්ක. සැරට කැමති නම් වෙනම නන්ස්ටික් පෑන් එකක් රත් කරන් ඒකට බටර් මේස හැන්දක් දාගෙන ඒකට කෑලි මිරිස් මේස හැන්දක්, ලොකුවට කපාගත්ත ලූනු ගෙඩියක්, ලුනු තේ හැඳි බාගයක් දාල බැදගත්තු චිකන් ටික දාලා කලවම් කරල ලිප නිවාගන්න.

    2. Onion Rings
    Source - mccainfoodservice.com.au

    Source – mccainfoodservice.com.au

    • ලොකු ලූනු ගෙඩි දෙකක් අරන් දෙපැත්ත කපල පොත්ත සුද්ද කරල සෝදල රවුමට අඟල් බාගයක් විතර මහතට පෙති කපාගන්න. ලූණු කපනකොට අඬන්නේ නැතුව කපාගන්න නම් බයිට් එක හදන්න ගන්න විනාඩි 15කට කලින් ලූනු ගෙඩි ටික ෆ්‍රීසර් එකේ දාල තියල ගන්න. මේක නම් අපේ හුඟක් නෝනලා දන්නෙත් නැතුව ඇති. (ඔන්න ඔයාලගෙ නෝනලට වැඩ පෙන්නන්න ටිප් එකක්)
    • දැන් බෝල් එකක් අරගෙන ඒකට පාන්පිටි කප් 1\2, කෝන් පිටි (corn flour) කප් 1\4, ලුනු තේ හැඳි 1\2, මිරිස් කුඩු තේ හැන්දක්, බේකින් සෝඩා තේ හැඳි 1\2ක්, (ආප්ප සෝඩා කියන්නෙත් මේවමයි) හොඳට මික්ස් කරගන්න.
    • සැන්ඩි වලට ගෙනාව සෝඩා ටිකක් අරගෙන මේ පිටි මික්ස් එකට ටික ටික දාගෙන ඝනකම බැටර් එකක් හදාගන්න. (බැටර් එකට අත දැම්මම ඇඟිලි වල දැවටෙන තරම් ඝනකමට)
    • කපාගත්තු ලූනු ටික හෙමීට රවුම් ගලවගෙන හදාගත්ත බැටර් එකේ දවටගෙන පාන් කුඩු තවරලා රත් කරගත් ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගෙන ටිශූ එකකට දාල තෙල් බේරගන්න. ලිපේ ගින්දර සාමාන්‍ය ගානට තියාගන්න. (Medium Heat)

    3. Sausage & Cheese Omelet
    Source - mrbreakfast.com

    Source – mrbreakfast.com

    • බිත්තර 4ක් අරගෙන බෝල් එහෙකට කඩල දාගෙන ලුණු තේ හැඳි 1\2ක්, කෑලි මිරිස් තේ හැන්දක් දාල ගෑරප්පුවකින් හොඳට ගහගන්න(beat කරගන්න).
    • නන්ස්ටික් පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට තෙල් මේස හැන්දක් දාල රත් කරන් ඒකට පොඩියට කපාගත්ත සොසේජස් 4ක් 5ක්, පොඩියට කපපු තක්කලි ගෙඩියක්, ලූනු ගෙඩියක්, අමුමිරිස් ටිකක් දාලා බැදගන්න.
    • සොසේජස්, ලූනු මිශ්‍රනය පෑන් එක පුරාම විසිරෙන්න ඇරලා ඒකට උඩින් අර ගසාගත්ත බිත්තර ටික පෑන් එක වැහෙන්න දාගන්න.
    • ලිප අඩුම කරල පියනකින් වහල විනාඩි 3ක් තියෙන්න අරින්න.
    • හැපීකව් චීස් වෙජස් 4ක් අරගෙන පොඩියට කඩල හදාගත්ත ඔම්ලට් එකේ තැනින් තැන දාගෙන ඔම්ලට් එක එක පැත්තකින් පැතලි හැන්දකින් උස්සල දෙකට නවාගන්න.
    • ලිප ටිකක් වැඩි කරල විනාඩියක් තියාගෙන ලිප නිවල ඔම්ලට් එක බාගන්න.

    4. Potato Wedges
    Source - homecookingadventure.com

    Source – homecookingadventure.com

    • අල ගෙඩි 4ක් අරගෙන පොත්ත ඇරලා සෝදලා ගෙඩියක් කෑලි 8කට වගේ කපලා ආයෙත් සෝදන්න. (දෙකට කපල එක කොටසක් 3ට 4ට කපන්න)
    • පාන් පිටි කප් එකකට ලුනු තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක්, මිරිස් කුඩු තේ හැන්දක් දාගෙන හොඳින් කලවම් කරගන්න.
    • බිත්තර දෙකක් බෝල් එහෙකට කඩලා දාගෙන ගෑරප්පුවකින් ගසාගන්න (beat කරගන්න).
    • කපාගත් අල ටිකේ බිත්තර සාරු ගාගෙන පිටි වල දවටලා රත් කරගත්ත තෙල්වලට දාගෙන ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න.
    • මේක තක්කලි සෝස් එක්ක කන්නත් පුළුවන් එහෙමත් නැත්නම් මෙන්න මේ පහත තියනව වගේ ඩිපින් එකක් ලේසියෙන් හදාගන්නත් පුළුවන්.
    • මයොනිස් සෝස් කප් එකකට හැපී කව් චීස් කෑල්ලක් දාගෙන ඒකට ගම්මිරිස් කුඩු ටිකක් දාල ගෑරප්පුවකින් හොඳින් මික්ස් කරල ගත්තම පොටෑටො වෙජස් වලට හොඳටම ගැලපෙනවා.

    5. Garlic Bite
    Source - chicagoreader.com

    Source – chicagoreader.com

    • සුදු ලූනු ගෙඩි දෙකක් විතර අරන් බික් ටික වෙනම ගලවගන්න.
    • පොත්ත පිටින්ම හොඳට සෝදල වතුර ටික රෙද්දකින් පිහිදලා අරගෙන මේ සුදු ලූනු බික් ටික යන්තම් තලා ගන්න.
    • තාච්චියක් ලිපෙන් තියල ලිප ඔන් කරගෙන ඒකට සුදු ලූනු ටික ගැඹුරු තෙලේ බැදගන්න ඕන තරම් තෙල් දාගෙන රත් වෙන්න තියන්න. ලිපේ ගින්දර සාමාන්‍ය ගානට තියාගන්න. (Medium Heat)
    • තෙල් ටික බුබුළු දාල රත් වෙද්දි සුදු ලූනු ටික දාලා රන් වන් පාට වෙනකම් බැදගෙන ටිශූ එහෙකට දාලා තෙල් බේරගන්න.
    • නොන්ස්ටික් පෑන් එකක් රත්වෙන්න තියල ඒකට බටර් තේ හැන්දක් සෝයා සෝස් මේස හැන්දක්, මිරිස් කුඩු තේ හැඳි බාගයක් දාලා බැදගත්ත සුදු ලූනු ටික දාල මික්ස් කරල විනාඩියක් විතර ලිපේ තියල බාගන්න. සුදු ලූනු බයිට් එක රෙඩී.

    6. Devilled Sausages
    Source - foodcnr.com

    Source – foodcnr.com

    • සොසේජස් 6 පැකට් එකක් අයිස් යන්න එළියෙන් තියන්න. ඒ අතර තුර ලූනු ගෙඩියක්,මාලුමිරිස් කරලක්, තක්කලි ගෙඩියක් ටිකක් ලොකුවට කපාගන්න. (ලොකු සොසේජස් පැකට් එකක් ගන්නවනම් ප්‍රමාණ වැඩි කරල ගන්න)
    • ලිපේ තියාගත්ත නන්ස්ටික් පෑන් එහෙකට තෙල් මේස හැන්දක් විතර දාලා අයිස් ඇරගත්ත සොසේජස් ටික දාල හොඳින් බැදගන්න. තෙල් බේරෙන්න ටිශූ එකක් උඩට දාලා රස්නෙ අඩු උනාම මේකත් ලොකු කෑලි කපාගන්න. (සොසේජ් එකක් කෑලි 4කට වගේ)
    • වෙනම බාජනයක් ලිපේ තියල බටර් හෝ ඇස්ට්‍රා මේස හැන්දක් දාගෙන ඒකට චිලි පේස්ට් මේස හැන්දක් දාලා කපාගත්ත ලූනු,මාළු මිරිස්, තක්කලි ටික දාල කලවම් කරන් විනාඩියක් වහල තියන්න.
    • ඊට පස්සේ තක්කලි සෝස් මේස හැඳි 3ක් විතර දාලා බැදලා කපාගත්තු සොසේජස් ටික දාල කලවම් කරල ලිප නිවාගන්න.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    11 Oct 2016 05:20 AM

    කොල්ලන්ටම තනියෙන් හදන් කන්න කියමු නේද?

    දිනයක වැටහේවී...........
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    11 Oct 2016 05:38 AM
    Posted By සඳුනි on 11 Oct 2016 05:20 AM

    කොල්ලන්ටම තනියෙන් හදන් කන්න කියමු නේද?

    කෙල්ලන්ට වඩා හොදට අපට උයන්න පුළුවන්...

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    11 Oct 2016 05:43 AM
    බයවෙන්න දෙයක් නැහ බයිට් පැකට් තියෙන කල්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    11 Oct 2016 05:45 AM
    සොසේජස් එකනං ගොඩක් ලේසියි. අනික බයිට් එකට මරැ
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100

    --
    11 Oct 2016 05:58 AM
    මස් කන එක නවත්තන්න කලින් කියලා , දැන් මස් වලින් කෑම හදන හැටි දානවා .....
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    11 Oct 2016 06:16 AM
    niyama recipy tikak thiynwa neda
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    11 Oct 2016 10:38 AM
    ෂා මරුනෙ.
    0

    ගීත්
    New Member
    New Member
    Posts:55

    --
    11 Oct 2016 11:41 AM
    නියමයි ලොකු ලොකු හෝටල් වලට යන්න ඕනෙ නෑ නෙ දැන් ගෙදරම හදාගන්න පුළුවන්නෙ
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    11 Oct 2016 11:52 AM
    Posted By indika76 on 11 Oct 2016 05:38 AM
    Posted By සඳුනි on 11 Oct 2016 05:20 AM

    කොල්ලන්ටම තනියෙන් හදන් කන්න කියමු නේද?

    කෙල්ලන්ට වඩා හොදට අපට උයන්න පුළුවන්...

    අනේ ඔයාගේ වයිප්ට කතා කරන්න පුළුවන් නම්බර් ඒකක් දෙන්නකෝ

    මම බෑ කිව්වේ නෑනේ ඉතිං..

    දිනයක වැටහේවී...........
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    12 Oct 2016 05:55 AM
    කැමති නම් එන්නකො උයලා බලමු ඔන කෑමක් කියන්නකො
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    12 Oct 2016 08:15 AM
    ඇත්තට....ධනු මල්ලිටත් cook වැඩේ එහෙමත් පුලුවන් ඇතිනෙ.
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    12 Oct 2016 08:39 AM
    ආයෙත් අහලා අයියේ උයන්න නම් පුලුවන්. ඒත් උයන්නේ නැහැ නේ ඒක නිසා අමතක වෙලා යනවා.
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    13 Oct 2016 06:28 PM

    ධනු අයියා මටද අඩ ගැහුවේ උයන්න.

    හා හා මම ඒන්නම්කෝ.

    දිනයක වැටහේවී...........
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    14 Oct 2016 05:41 AM
    ඔව් ඔව් අපේ ගෙදර මම කුකරි ක්ලාස් එකක් කරනවා. එන්න.
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    23 Oct 2016 12:16 AM

    රටට කරවල රස බෙදන පිටකොටුවේ
    කරවල මුඩුක්‌කුව

    රුවන් ජයවර්ධන
    ඡායාරූප - දිමුතු ප්‍රේමරත්න

    * තායිලන්තයෙන් විතරක්‌ මාසෙකට
       හාල්මැස්‌සෝ ටොන් 1500 ක්‌ ගේනව.
    * "කට්‌ට" කරවල කිලෝ 1000 ක්‌ ගත්තොත්
        ලංකාවෙ "කට්‌ට" ඉන්නෙ කිලෝ 10 යි.
    * රටින් මාළු ගේනවා මෙහේ වේලනවා කරවල කියල විකුණනවා
    * ලෝකයෙන් වැඩිපුරම කරවල කන්නේ අපේ මිනිස්‌සු
    * අපි කරවල වේලනවා අඩුයි හැබැයි රසයයි, ගුණයයි ඉස්‌තරම්

    අපි......හාල්මැස්‌සන්ගෙන් පටන් ගමු.......සාමාන්‍යයෙන් එක මාසයක ලංකාවට තායිලන්තයෙන් විතරක්‌ හාල්මැස්‌සෝ කරවල ටොන් එක්‌දහස්‌ පන්සීයක්‌ විතර ගෙන්වනව. සමහර කාලවලට ඊටත් වැඩි ප්‍රමාණ ගෙන්වන අවස්‌ථා තිබෙනව. ලංකාවට හාල්මැස්‌සෝ කරවල ගෙන්වන ප්‍රධානම රට තායිලන්තය. ඊට අමතරව මාලදිවයින පකිස්‌තානය ඩුබායි කියන රටවල් යම් තැනක්‌ ගන්නව. අපේ වෙළෙඳපොළට හාල්මැස්‌ස ආනයනය කරන තවත් රටක්‌ තමයි වියට්‌නාමය. ඔය.....සමහරු තායිවාන් හාල්මැස්‌ස කියල හාල්මැස්‌සො කරවල විකුණුවට තායිවානයෙන් අපේ රටට හාල්මැස්‌සො ආනයනය කරන්නෙ නෑ.....ඒක බොරුවක්‌.

    ලංකාවේ බත්පත රසකරන "කරවල හොද්ද" පිළිබඳ රසවත් තොරතුරු රැසක්‌ අනාවරණය කරමින් පිටකොටුව බංගසාල වීදියට යාබද ඕල්ඩ් බුචර් පටුමගෙහි පිහිටි විල්සන් ස්‌ටෝර්ස්‌හි අධිපති විල්සන් මහතා විසින් හාල්මැස්‌සන්ගෙන් ආරම්භ කළ හෙළිදරව්ව තෝරු, මෝරු දක්‌වා ඇදීගිය දිග කතාබහක්‌ විය. අපගේ හමුව සිදුවූයේ සතියේ දිනක බැවින් එවෙලෙහි ද බංගසාල වීදියත් එකල ඕල්ඩ් බුචර් මාවත ලෙසින් හැඳින්වූ අයි. එක්‌ස්‌. පෙරේරා මාවතත් රටේ නන් දෙසින් පැමිණි වෙළෙඳුන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී පැවති බැවින් විල්සන් ස්‌ටෝර්ස්‌ අධිපති විල්සන් මහතා සහ මා අතර සිදුවූ කතාබහ ද වරින්වර අතරමග නතර කරමින් ඉදිරියට ඇදීගිය එකක්‌ විය. එයට හේතු වී තිබුණේ එවෙලෙහි ද මහල් කීපයකින් යුත් විල්සන් ස්‌ටෝර්ස්‌හි තොග මිල ගණන් යටතේ කරවල මිලයට ගැනීම පිණිස විශාල පාරිභෝගික පිරිසක්‌ පැමිණ සිටීමය.

    පිටකොටුව ගෑස්‌පහ වීදිය පසුකොට මද දුරක්‌ ගියතැන "හෙට්‌ටි වීදිය" මුණගැසෙන අතර ඊට පෙර වම් අතට ඇති මාවත නම් කොට ඇත්තේ
    bankshall වීදිය නමින්ය. එය රටේ බොහෝ දෙනෙක්‌ තුළ ප්‍රකටව ඇත්තේ 'බංගසාල වීදිය' නමින්ය. රටට කරවල සපයන ප්‍රධානම තොග වෙළෙඳපළ පිහිටුවා ඇත්තේ බංගසාල වීදිය ආශ්‍රිතව වන අතර 'කරවල මුඩුක්‌කුව' නමින් ප්‍රකට ඕල්ඩ් බුචර් මාවත හෙවත් අයි. එක්‌ස්‌ පෙරේරා මාවත පිහිටා ඇත්තේ ද බංගසාල වීදියත්, පිටකොටුව ප්‍රධාන වීදියත් එකිනෙකට මුණගැසෙන අතුරු මාවතක්‌ පරිදිය. මේ සියලු තැන්හි බැලූ බැලූ අත දක්‌නට ලැබෙන්නේ විවිධ කරවල වර්ගවලින් පිරි වෙළෙඳසල් සමූහයක්‌ වන අතර අවටින් හමන සුළඟෙහි ද ඇත්තේ පිලීකාරම මුසු අමුතු සුවඳක්‌ය.

    අපි මුලින් කතා කළේ හාල්මැස්‌සන් ගැන හින්ද ඒක ඉවරකරලා ඉමු....යෑයි පවසමින් යළිත් විල්සන් මහතා කතා බහට එක්‌වන්නට වූයෙන් මම එයට බාධා කරමින් ඔහුගෙන් අතුරු පැනයක්‌ විමසීය. එහි අරමුණ වූයේ ඔහු පිළිබඳව පළමුව යම් වටහාගැනීමක්‌ ලබා ගැනීමය.

    "මම....මේ බිස්‌නස්‌ එකට එන්නෙ 1981 වර්ෂයේදී. මගේ ව්‍යාපාරයේ ආරම්භය මෙතන නොවෙයි. ඒ කාලේ මමත් මේ අද බඩුගන්න මෙතනට ඇවිත් ඉන්න මුදලාලිල වගේ පුංචි පහේ මිනිහෙක්‌. එහෙම පටන් ගත්ත ගමනක ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ.....අපේ රටේ කවදත් කරවලවලට හොඳ ඉල්ලුමක්‌ තියෙනව. අද වෙනකොට මම කරවල පිටරටින් ගෙන්වන ව්‍යාපාරිකයෙක්‌ නිසා ලෝක මට්‌ටමින් ගත්විට කරවල පරිභෝජනය අතින් අපේ රට අංක එක බවට පත්වෙලයි තියෙන්නේ. මේක මම කියන කතාවක්‌ නොවෙයි. ජාත්‍යන්තර කරවල ව්‍යාපාරිකයන් ඉන්නෙත් ඒ මතයෙ. මම කරවල පිට රටින් ගෙන්වන බිස්‌නස්‌ එකට අත ගහන්නේ 1991 දී. ඒ වෙද්දී මට බංගසාල වීදියෙ කඩ තිබුණේ නෑ. එතනදී මම ගෙන්වන බඩුටික ගබඩාකරගන්න බිස්‌නස්‌ එක ඉදිරියට කරගෙන යන්න උදව් උපකාර කළේ අර.....එහා පැත්තෙ තියෙන නෙල්සන් ස්‌ටෝර්ස්‌ එකේ ප්‍රීමස්‌ අංකල් - මොකද? එදත් අදත් වැඩිපුරම මේ බිස්‌නස්‌ එක කරන්නෙ ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයෝ. අද වුණත් මේ කඩ අසූව සීය ගත්තත් සිංහල ව්‍යාපාරිකයන් ඉන්නෙ හතර පස්‌ දෙනයි.

    අපි ආපහු පටන් ගත්ත තැනට යමු...මම කිය කිය හිටියේ හාල්මැස්‌සො කරවල ගැනනෙ. මුලින් කිව්ව වගේ රටවල් කීපයකින් ප්‍රධාන වශයෙන් අපේ රටට හාල් මැස්‌සෝ ගෙන්වද්දී අපේ රටවටා ඇති මුහුදින් අල්ලන හාල්මැස්‌සන් වෙළෙඳපොළට එනව. විශේෂයෙන් අපේ රටේ හාල්මැස්‌සන් මාළු බහුලව පවතින මුහුදු ප්‍රදේශ තමයි මීගමුව, හලාවත, මොරටුව, පානදුර සහ මුලතිව්, එරාවුර් කියන ප්‍රදේශ. ඔය අතරින් රසින් වැඩි හොඳම තත්ත්වයෙන් යුත් හාල්මැස්‌සන් කරවලවලට ප්‍රසිද්ධම ස්‌ථාන දෙක තමයි මුලතිව් සහ එරාවුර් කියන ප්‍රදේශ දෙක. ඊළඟට පිට රටින් මෙරටට හාල්මැස්‌ස කරවල ගෙන්වද්දී අංක එක ගන්නෙ තායිලන්තය, ඊළඟට ඩුබායිවලින් එන හාල්මැස්‌ස, පකිස්‌තානය, ඉන්දියාව ඉන්නෙ ඊට පහළින්. කොහොමහරි ලංකාවෙ වෙළෙඳපොළේ තිබෙන කරවල වර්ග හතළිහක්‌ පනහක්‌ අතරින් එදත් අදත් වැඩිම ඉල්ලුමක්‌ තියෙන්නෙ හාල්මැස්‌සට.

    ඊළඟට අපිට එන කරවල අතර කට්‌ට, අඟුළුව, මෝර, බලයා කියන කරවල බහුලව එන්නෙ පකිස්‌තානයෙන්, ඉන්දුනීසියාවෙන් මෝර, හුරුල්ල ගෙන්වනව. ඊට අමතරව මාලදිවයිනෙන් බලය සහ කෙලවල්ල කරවල ගෙන්වනව. මාලදිවයිනේ කරවල කවදත් රසින් හොඳයි හැබැයි මිලෙන් වැඩියි. බල කරවල අපේ රටට බහුලව ගෙන්වන තවත් රටක්‌ තමයි පකිස්‌තානය. කරච්චියෙන් ගෙන්වන බලය රසින් අඩුයි. ඉන්දියාව ගත්තොත් ගුජරාට්‌, බොම්බෙ කියන පළාත්වලින් මෙරටට ගෙන්වන කරවලවලට හොඳ ඉල්ලුමක්‌ පවතිනව. මොකද ඒ කරවල රසින් හොඳ හින්ද. ඊට අමතරව තූත්තුකුඩියෙනුත් අපේ රටට කරවල එනව. මොන දීපංකරෙන් ආවත් ඔය සෑම කරවල වර්ගයක්‌ම මෙරට පාරිභෝගිකය අතට පත්වෙන්නේ බංගසාල වීදියයි 'කරවල වාඩිය' කියල හඳුන්වන මේ අවට ප්‍රදේශයයි හරහා විතරයි.

    විල්සන් මහතා මෙතෙක්‌ කරගෙන ආ කතාව මදක්‌ නතර කළ අතර එය අතුරු ප්‍රශ්නයක්‌ නැඟීමට හොඳම අවස්‌ථාව විය. මා නැගූ පැනය වූයේ දේශීය වශයෙන් බහුලව නිපදවන කරවල වර්ග කවරේ ද යන්නයි.

    මෙහෙමයි......ලංකාවෙ කරවල කර්මාන්තය නැතුව නෙවෙයි. මම මුලින් කිව්වනේ හාල්මැස්‌ස කරවල බහුලව ලැබෙන ප්‍රදේශ මොනවද කියල. ඒ වගේම තමයි හලාවත, මීගමුව ගත්තොත් හුරුල්ල, සාලය, ලින්න, මුහුදු කුකුළා වැනි කරවලවලට ප්‍රසිද්ධයි. ඊට අමතරව දින විස්‌ස තිහ මුහුදු ගිහිල්ල අල්ලන බලයට ලුණු ගහල මුහුදෙම වේලල ගෙනවිත් බෝට්‌ටු බලය කියල වෙළෙඳපොළට එවනව. ඊට අමතරව මාළු කඩෙන් බල මාළු අරන් ගිහින් ඒවාට ලුණු ගහල වේලල වෙළෙඳපොළට එවන පිරිසකුත් ඔය අතරේ ඉන්නව. ඒ හින්ද බිස්‌නස්‌ එකේදී පාරිභෝගික විශ්වාසය රැක ගන්නනම් මේ හැම දෙයක්‌ පිළිබඳව හොඳ අවබෝධයක්‌ තියෙන්නම ඕන. මීගමුව, හලාවත පැත්තෙන් එන සාලය හුරුල්ල වගේ කරවල ගත්තත් මේවයෙ වර්ග කීපයක්‌ තියෙනව. කොහොම වුණත් ලාභෙට තිබෙන කරවල රසින් අඩුයි. රසින් වැඩි කරවල හොද්දක රහ බලන්න නම් තත්ත්වයෙන් උසස්‌ දේ මිලට ගන්නම වෙනව.

    වෙළෙන්ඳගෙන් වෙළෙන්ඳට බිස්‌නස්‌ එක වෙනස්‌නෙ. සමහරු බලන්නේ වැඩි ලාභය, තවත් පිරිසක්‌ අඩු ලාභය වැඩි වෙළෙඳම. ඒ ඕනම දේකට හරියන කොලිටිය මෙහේ තියෙනව. උදාහරණයක්‌ කියන්නම් කට්‌ට කරවල කියමුකෝ, ලංකාවෙන් හම්බවෙන කට්‌ට කරවල රසින් ඉතාමත් ඉහළයි. හැබැයි ලංකාවෙ 'කට්‌ට' කියල විකුණන කරවල කිලෝ දාහක්‌ ගත්තොත් එතන ඇත්තටම ලංකාවෙ මුහුදෙන් හම්බවෙන කට්‌ට කරවල කිලෝ දහයක්‌වත් නෑ. පිටරටින් කට්‌ට මාළු ගෙන්වල ඒවා මීගමුව වගේ ප්‍රදේශවලට යවල ඒවා වේලල තමයි ලංකාවෙ කට්‌ට කියලා විකුණන්නේ. ඉස්‌සර වගේ නෙවෙයි ඇතැම් ව්‍යාපාරිකයෝ මහා පරිමාණයෙන් පිටරටින් මාළු ගෙන්වල ලංකාවේදි ඒවා කරවල බවට පත් කරල විකුණනව. ඒක හඳුනගන්න පුළුවන් එකම ක්‍රමය තමයි රසවත් බවින් අඩුවීම. ඒකෙන් වෙන හානිය තමයි තරමක්‌ දුරට හෝ කරවල වෙළෙඳපොළ බිඳවැටීම. සමහර ව්‍යාපාරිකයන් එහෙම කරන්න පෙළඹිල තියෙන එක හේතුවක්‌ තමයි මොනවහරි විකුණලා තමන්ගේ ලාභය වැඩිකර ගැනීම. අද වෙනකොට පිටරටින් කරවලවලටත් වඩා බහුල ලෙස කට්‌ට, මෝර, අඟුළු, බලය, තලපත් කියන මාළු වර්ග ගෙන්වල ඒවා ලංකාවේදී කරවල බවට පත්කරනව. ඇත්තම කියනවනම් ඒක වරදක්‌. මොකද ඔය හේතුන් නිසා කරවල පිළිබඳ පාරිභෝගිකයන්ගේ තිබුණු විශ්වාසය අඩුවෙලයි තියෙන්නේ.

    හැබැයි මෙහෙම දෙයක්‌ තියෙනව, අවුරුදු තිහ හතළිහක්‌ තිස්‌සේ මේ බිස්‌නස්‌ එකේ ඉන්න කිසි කෙනෙක්‌ තත්ත්වයෙන් අඩු කරවල පාරිභෝගිකයන් අතට පත් කරන්නෙ නැහැ. ඒ අය එදත් අදත් තමන්ගෙ නම කැත කරගන්නෙ නැතුව හරිදේ අලෙවි කරල මිනිස්‌සුන්ගේ විශ්වාසය දිනාගත්ත පිරිසක්‌.

    ඔය කොයි ආකාරයට ආවත් මෙතනදී සිද්ධ වෙන්නෙ එහෙම එන කරවල රට පුරා බෙදාහැරීමනෙ. මෙතැන තොග සහ සිල්ලර කියන දෙවිදියටම බිස්‌නස්‌ එක වෙනව. හැබැයි තොග වෙළෙඳම තමයි බහුලව සිද්ධ වෙන්නෙ. එතනදී මතක්‌ කළ යුතු විශේෂ කරුණක්‌ තමයි ලංකාවේ ඒ ඒ පළාත්වල බහුලව විකිණෙන කරවල වර්ග තියෙනව.

    උදාහරණයක්‌ විදියට බස්‌නාහිර පළාත ගත්තොත් කට්‌ට, තලපත්, තෝර, පරව් විශේෂයි. මේ පළාතෙ වැඩිපුර අලෙවියක්‌ තියෙන්නෙ ඔය කියන කරවල වර්ගවලට. යාපනය පැත්ත ගත්තොත් කොළඹින් ඒ පැත්තට වැඩිපුරම යන්නෙ හාල්මැස්‌ස, පරව්, කට්‌ට වගේ කරවල වර්ග. ඒ වගේම තමයි රජරට පැත්තෙ වැඩිම ඉල්ලුම තියෙන්නෙ මෝර, අඟුළුව, බලය, හුරුල්ල. වයඹ පැත්ත ගත්තොත් බස්‌නාහිරට සමාන වර්ගවලට ඒ පැත්තත් ප්‍රසිද්ධයි. ඔය වගේ පළාතෙන් පළාතට ඒ අයට අවේණික රස තියෙනව. මාතර පැත්ත ගත්තොත් කට්‌ට, තලපත්වලට ඉල්ලුම අඩුයි. ඒ පැත්තෙ වැඩිපුරම ඉල්ලුම තියෙන්නෙ කෙලවල්ල, බලය, ලින්න, බොම්බිලි වැනි කරවල වර්ගවලට. ඔය වගේ පළාතෙන් පළාතට ආවේණික රසයන් තියෙනව.

    රටේ කොතැන මොන වර්ගයේ කරවල විකුණුවත් ඒවා ඒ ඒ පළාතට යන්නෙ මෙතනින්. ඒ හින්ද තමයි රත්තරන්වලට හෙට්‌ටි වීදිය ප්‍රසිද්ධ වෙලා තියෙනව වගේම කරවලවලට බංගසාල වීදිය ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙත්.......

    ව්‍යාපාර ආරම්භයේදී 'හාල්මැස්‌සකු' තරමේ කුඩාවට ඇරඹි තම ව්‍යාපාරය මේ වන විට දැවැන්ත ව්‍යාපාරික ජාලයක්‌ දක්‌වා ව්‍යාප්ත කොට ඇතත් විල්සන් ස්‌ටෝර්ස්‌ අධිපති විල්සන් මහතාගේ කතා බහ තුළත්, ඇඳුම පැළඳුම ආදියේත් දක්‌නට ලැබුණේ ඔහු ඉතාමත් සරල ජීවිතයක්‌ ගතකරන සුහදශීලී පුද්ගලයකු බවය.

    අපේ රස නහරවලට එකතු වී ඇති "කරවල සුවඳ" සොයාගිය ගමනේදී තවත් ව්‍යාපාරිකයන් රැසක්‌ රටේ නන්දෙසින් පැමිණි තොග වෙළෙඳුන් පමණක්‌ නොව එදිනෙදා පරිභෝජනය සඳහා තම නිවෙස්‌ වෙත කරවල ටිකක්‌ රැගෙන යැම ආදිය සඳහා පැමිණි බොහෝ දෙනෙක්‌ සමගින් අපි කතාබහ කළ අතර ඒ සෑම මුවකින්ම පිටවූ පොදු ප්‍රකාශයක්‌ වූයේ දුගී පැලේ පටන් රජමැති ඇමැති සිටුවරු වෙසෙන තැන්වල පවා පදමට ලුණු ඇඹුල් තුනපහ ගොරක සමඟ මුසුවී 'කරවල හොද්ද' ඉදෙන බවත් එය දේශීය බත්පත රසවත් කිරීම පිණිස ඇති ප්‍රධානම රසයක්‌ බවත්ය.

    සොබාදහමට රහස්‌ ගනුදෙනු ඇත. සාගරයත් ගොඩබිමත් එකිනෙකට මුණගැසෙන වෙරළ මත සයුර ඉතිරිකර යන්නේ සුදු පෙන පිඩුම පමණක්‌ නොව රහස්‌ කෙඳිරුම් ද එහි තබා යනවා විය හැක. සයුර මහපොළොවට තම ලෙහිහොවා වැඩූ මත්ස්‍ය සම්පත දන්දෙන්නෙත් එය මාළු කරවල බවට පත්කරමින් කෝටි සංඛ්‍යාත මිනිසුන්ගේ බත්පත රස කරන්නෙත් මහ සයුරත් ඉන් තුනෙන් එකක්‌ වූ ගොඩබිමත් සමඟ ඇතිකරගත් රහස්‌ ගනුදෙනුවක්‌ නිසාවෙන් විය හැක. සොබාදහමට කතා කළ හැකිනම් ඒ රහස්‌ අපටද මුමුනනු ඇත.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    23 Oct 2016 12:21 AM
    ඔය පැත්තේ නම් කරවල සුවද.යන්න බෑ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736

    --
    23 Oct 2016 12:37 AM
    මම නම් කරවල කන්නේ නැ පොස්ට් එකට ස්තුතියි
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    23 Oct 2016 01:00 AM

    නිවසේ ආහාර නාස්තියට මේ පිළියම් යෙදුවොත් පර්ස් එකටත් සෑහෙන වාසි වෙයි

    කෑම කියන්නෙ අපිට අත්‍යවශ්‍යම සාධකයක්. ලෝකෙ විනාස වෙන දවසෙ උනත් අපි අපේ කෑම වේල් නම් මිස් කරන එකක් නෑ. කෑම ඒ තරමටම අපේ ජීවිතවලට සම්බන්ධයි. අපි කෑමට ගන්නා ආහාර ගැන අපි නොයෙක් විදිහට හිතනවා. රසට කෑම හදන හැටි,පෝෂණය ලබාගන්න සහ නොයෙක් රෝගාබාධ වලට හොඳ කෑම ගන්න හැටි ගැන අපි අන්තර්ජාලය පවා පීරල හොයනව.

    මේ සියල්ලක්ම ගැන හිතුවත් ආහාර සම්බන්ධයෙන් අපි අඩුවෙන්ම අවධානය යොමු කරන එක් කරුණක් තියනව. ඒ තමයි ආහාර නාස්තිය ( food wastage )  අවම කරගැනීම. මේක ඉතාම වැදගත් කරුණක්. විශේෂයෙන්ම ඔබේ ආර්ථිකයට ඔබ හිතනවාට වඩා බලපාන කරුණක් තමයි මේ ආහාර නාස්තිය.

    අපි අද ඔබට ගෙන එන්නේ ඔබේ නිවසේ ආහාර නාස්තිය අවම කරගන්න පොඩි උපදෙස් ටිකකුයි. මේ දේවල් මේ විදිහට පිළිපැදලා මාසෙ අන්තිමට බලන්නකො. අනිවා ඔබේ ආර්ථිකයට දැනෙන වෙනසක් වෙලා තියේවි.

    1. ආහාර මිලදී ගැනීමේ ලැයිස්තුවක් හදන්න
    food wastage

    Source – lifeinyellow.com

    නිවසේ ආහාර නාස්තිය අවම කරගන්න වැඩේ පටන් ගන්න වෙන්නෙ නිවසෙන් නම් නෙමෙයි. ඒ ස්ථානය තමයි ඔබ ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා වෙළදසැල. ඔහේ හිතුමතේ ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න යන්නෙ නැතිව ඒ තැනට සැලසුමක් ඇතිව යන එක තමයි වැදගත් වෙන්නෙ.

    ඕනෑවට වඩා ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න යන්න එපා. ඔබ ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න යන්නේ සතියකටනම් ඒ සතිය තුළ ගෙදර පිළියෙල වෙන ආහාර වේල් ගැන සිතින් පොඩ්ඩක් ගණන් හදලා පොඩි ලැයිස්තුවක් හදාගන්න.  මස් මාලු, එළවලු වගේ ඉක්මනින් නරක් විය හැකි ආහාර අවශ්‍ය ප්‍රමාණයට විතරක් ගන්න.

    2. කඩේ යාම
    food wastage

    Source – independent.co.uk

    ආහාර ද්‍රව්‍ය මිලට ගන්න වෙළඳ සැලකට යන්න කලින් අවධානය යොමු කල යුතු ප්‍රධාන දෙයක් තියනවා. ඒ තමයි ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න යද්දි කිසිම වෙලාවක බඩගින්නෙ නම් යන්න එපා කියන එක. මොකද කුසගින්නේ පසුවෙද්දි අනවශ්‍ය විදිහට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනෙන්න තිබෙන ඉඩ බොහොම වැඩියි.

    ආහාර මිලදී ගැනීමේදී නිතරම කල් ඉකුත්වීමේ දිනය පරික්ෂාවට ලක් කරන්න මතක තියාගන්න. ඒ වගේම තමයි එළවලු මිලට ගැනීමේදී ලැජ්ජා වෙන්නෙ නැතිව තමන්ට අවශ්‍ය ප්‍රමාණ විතරක් ගන්න. උදාහරණෙකට තනි පුද්ගලයෙක් ලොකු ග්‍රෑම් ගානක එළවලු ගන්න එක තේරුමක් නෑ.

    පැකට් ගණන් ගන්න ඒවා පාචිච්චියට ප්‍රමාණෙන් වැඩිනම් ලූස් ගන්න පුලුවන්

    3. ආහාර ඇසිරීම සහ ගබඩාකිරීම
    food wastage

    Source – pinterest.com

    ආහාර වර්ග ඇසිරීමේ වැරදි නිසාත් හුඟක් වෙලාවට අහාර නාස්ති වෙනවා. මස්, මාළු වගේ දේවල් ගෙදරට ගෙනාව හැටියෙම ඔබට වේලකට අවශ්‍ය ප්‍රමාණ වලට වෙන් කරල වෙන වෙනම ඇසුරුම් කරල අධිශීතකරණයේ තැන්පත් කරන්න.

    කිරි, බිත්තර වගේ දේවල් ශීතකරණයේ දොරෙහි නිසි තැන තැන්පත් කරන්න. එළවළු වර්ග වෙන වෙනම මලු වල අසුරා එළවළු සඳහා ඇති කොටසේ තැන්පත් කරන්න. ඉක්මණින් තැලෙන තක්කලි, සලාද කොළ වගේ දේවල් එහි උඩින්ම තබන්න.

    හුළං නොවදින්න ඇසුරුම් කළ යුතු දේවල් එයා ටයිට් බෑග් වල හෝ බෝතල් වල අසුරන්න. සීනි, බිස්කට් ආදී පැණි රස ද්‍රව්‍ය කූඹින් වැනි සතුන්ගෙන් ප්‍රවේසම් වන ලෙස අසුරන්න.

    4. වැඩිපුර ඉතිරි වෙන කෑම වලින් ලෙෆ්ටෝවර් හදාගැනීම
    food wastage

    Source – foodnetwork.com

    ඉස්සර නම් ගෙදරකට කෙනෙක් ගොඩ වෙන්නෙ කලින් දැනුම් දෙන්නෙ නැතුවමයි. එහෙම ආවත් දෙතුන් දෙනෙක්ට කන්න ඇති තරම් වැඩිපුර කෑම හුඟක් වෙලාවට අම්මලා ගෙදර හදල තියෙනවා. නමුත් කාර්යබහුලකම එක්ක මේ සිරිත් දැන් වෙනස් වෙලා. ගෙදරකට ගොඩ වෙන්න කලින් කෝල් එකක් දීලයි ඕනම කෙනෙක් එන්නෙ. ඉතින් එහෙම එකේ වැඩිපුර උයලා අහක දාන්න එපා. ගෙදර ඉන්න ප්‍රමාණෙට උයන්න හුරු වෙන්න. එහෙම උයලත් ඉතිරි වෙන කෑම වලින් වෙනත් කෑමක් හදාගෙන රස බලන්න.

    5. ආහාර කල්තබා ගැනීමේ ක්‍රම
    food wastage

    Source – recipeshubs.com, salkkaaram.com

    සමහර ආහාර නිකම්ම තිබ්බම වැඩි කාලයක් තියාගන්න බෑ. එහෙම දේවල් අසුරන්න සහ කල් තියාගන්න අපිට වෙන විදියකට සකස ගන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් කරපිංචා හොඳට සෝදලා පවනේ වේලලා වීදුරු බෝතලේක දාල ශීතකරණයේ දැමීමෙන් වෙනදට වඩා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.

    කෙසෙල් ගෙඩි ගෙනාවම කාලා ඉවර වෙන්න කලින් කලු වෙලා ඉක්මණින් නරක් වෙනවා නේද? මීට පස්සෙ කෙසෙල් ගෙනාවම කෙසෙල් වල නැට්ට පැත්ත විතරක් Clear Wrap වලින් එහෙමත් නැත්නම් තුනී පොලිතින් එකකින් හොඳින් ආවරණය කරල තියන්න. වැඩි කලක් තියාගන්න පුළුවන්.

    ඒ වගේම සුදු ලූනු, අමු මිරිස්, තක්කලි වගේ ආහාර අච්චාරු වගේ දේවල් දාලා කල් තියාගන්න පුළුවන්. ඒ ගැන අපි ඉදිරි ලිපියකින් වඩා පැහැදිලිව කියන්නම්.

    6. නිතර ඉතිරි වෙන දේවල් ගැන සටහනක්
    food wastage

    Source – mashable.com

    සතියකට අවශ්‍ය එළවළු, මස්, මාළු ගෙනාවට පස්සෙ සමහර එළවළු, මාළු වර්ග ගෙදර අය ඒ තරම් ප්‍රිය නොකිරීම නිසා ඒ වගේ දේවල් වැඩිපුර අහක දාන්න උනා හෝ ඉතුරු උනා නම් ඒ ගැන සටහනක් තියාගන්න. නැවත ඒ දේවල් මිලදී ගන්න කොට ඔබට අවශ්‍ය ප්‍රමාණය විතරක් ගන්න හෝ ඒ දේ නොගෙනම ඉන්න මතක තබාගන්න පුළුවන්.

    7. ආහාර පුරුදු
    food wastage

    Source – abcnews.go.com

    කෑම ගනිද්දි තමන්ට ප්‍රමාණවත් පමණට විතරක් බෙදාගන්න. ඒ ගැන සැකයක් තියනවනම් ටිකක් අඩුවෙන් කෑම බෙදාගෙන ආහාරයට ගන්න. මදි උනොත් විතරක් නැවත වරක් බෙදාගන්න. කන්න බැරි තරම් පිඟානට බත් බෙදාගෙන අනල ඉතිරි කිරීමෙන් ඒ ආහාර එහෙමම යන්නෙ කුණු කූඩෙට. මොකද Leftovers වලින් ආහාර හදන්නවත් පසුව ආහාරයට ගැනීමට ශීතකරණයේ දාලා පාවිච්චි කරන්නටත් ඒ කෑම සුදුසු නොවන නිසා.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    23 Oct 2016 01:01 AM

    පොඩ්ඩන්ටම කියාපු මේ ස්නැක්ස් 6 හැදුවොත් පොඩ්ඩෝ කෑමට වැඩ්ඩෝ වෙනවා නිසැකයි

    පොඩ්ඩොන්ට කෑමක් කවා ගන්න එක යුද්ධයක් කරනව වගේ. හැබැයි ඉතින් එක එක විදියට එයාලටම අතට අරන් කන්න පුළුවන් තාලෙට මොනා හරි හදල දුන්නොත් නොකා ඉන්නෙත් නෑ. බත් කවා ගන්නම බැරි පොඩ්ඩෙක්ට මොන හරි කමක් නෑ කනවනම් කියලයි හුඟක් අම්මල කියන්නෙ. එහෙම හදන්න පුළුවන් පොඩි පොඩි ස්නැක්ස් රෙසිපි ටිකක් තමයි අද මේ කියන්න හදන්නෙ.

    1. Buttermilk Hush Puppies
    Source - wideopencountry.com

    Source – wideopencountry.com

    මේ විදියට හදලා සෝස් ටිකක් එක්ක හරි නැතුව හරි දීල බලන්නකො කන්නෙ නැද්ද කියල 😉

    අවශ්‍ය ද්‍රව්‍ය

    • ෆ්‍රෙශ් මිල්ක් කප් 1
    • දෙහි යුශ මේස හැඳි 1
    • පිටි කප් 2
    • බේකින්ග් සෝඩා තේ හැඳි 1\2
    • ලුණු තේ හැඳි 1\2
    • සිහින්ව කපාගත් එලවළු වර්ග කීපයක් කප් 1\2ක්
      (පොඩ්ඩො වැඩිය කන්න අකමැති ඒත් එයාලට ගුණ පලා වර්ගයක් එහෙමත් එකතු කරන්න පුළුවන්)

    1. ෆ්‍රෙශ් මිල්ක් වලින් මේස හැන්දක් ඉවත් කර එයට දෙහි යුශ මේස හැන්දක් එක කර පැය භාගයක් පමණ තියන්න. (බටර්මිල්ක් ගෙදරදීම හදාගන්නෙ මෙහෙමයි)
    2. පසුව එයට අනෙක් සියළු ද්‍රව්‍ය එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. මේ මිශ්‍රණයෙන් මේස හැන්දක පමණ ප්‍රමාණයක් හොඳින් රත් වූ තෙල් වලට දමා රන්වන් පැහැ වන තුරු ගැඹුරු තෙලේ බැදගන්න.

    2. Easy Mini Pizza
    Source - foodnetwork.com

    Source – foodnetwork.com

    පීසා එපා කියන්නෙ මොන පොඩ්ඩද? ඕනෙම එළවළුවක් දාලා දීල බලන්න මේ වගේ මිනි පීසා එකකට, බැහැයි නොකිය කයි.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • පිටි කප් 1
    • බේකින්ග් පව්ඩර් මේස හැඳි 1\2
    • යෝගට් කප් 1 (මෙශරින් කප්)
    • තක්කලි සෝස්
    • කැමති මස් වර්ගයක් හෝ සැමන්
    • නිවිති කොල ටිකක්
    • සිහින්ව කපාගත් කැරට්, ලීක්ස් සහ ලූණු
    • මොසරැල්ලා චීස්

    1. පිටි, බේකින්ග් පව්ඩර් සහ යෝගට් එකට මිශ්‍ර කර ඩෝ එක සාදාගන්න. එය තෙත රෙද්දකින් වසා පසෙකින් තබා ගන්න. (අවම විනාඩි 15ක්)
    2. මස් හෝ සැමන් ටික ලූනු, කැරට්, ලීක්ස් සහ නිවිති සමඟ ලුණු ටිකක් එක් කර තෙම්පරාදු කරගන්න. (කැමති ඕනෑම එළවළු වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්)
    3. සාදාගත් ඩෝ එකෙන් කුඩා කොටසක් ගෙන එය අල්ලක පමණ ප්‍රමාණයට පැතලි කර රොටියක් ආකාරයට සාදා ඒ මත තක්කලි සෝස් තවරාගන්න.
    4. එයට උඩින් සාදාගත් තෙම්පරාදුව දමා මොසරැල්ලා චීස් උඩින් දමා සෙල්සියස් 180ට රත් කරගත් උඳුනක දමා විනාඩි 20ක් පුළුස්සා කරගන්න.

    3. Fried Bread and Cheese Balls
    Source - sophnstuff.wordpress.com

    Source – sophnstuff.wordpress.com

    සැන්ඩ්විචස් හදල දීලත් කන්න බෑ කියන පොඩ්ඩන්ට මේ විදියට රෑ කෑමක් හදල දුන්නොත් එයාලගෙ බඩත් පිරෙනව අම්මලගෙ හිතත් පිරෙනව.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • පාන් පෙති කීපයක්
    • චීස් වෙජස්
    • තම්බා පොඩි කරගත් අල
    • තම්බා පොඩි කරගත් චිකන්
    • සිහින්ව කපාගත් පාස්ලි කොල ටිකක්
    • ලුණු සහ ගම්මිරිස් කුඩු ටිකක්
    • බිත්තරයක්
    • පාන් කුඩු

    1. චීස්, අල සහ මස් ටික බෝල් එකකට දමා එයට රස අනුව ලුණු සහ ගම්මිරිස් එක කර හොඳින් මිශ්‍ර කරගන්න.
    2. එයට කුඩාවට කඩාගත් පාන් එක් කර කට්ලට් මෙන් බෝල සාදාගන්න.
    3. සාදාගත් බෝල බිත්තර සාරු වල දවටා පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගන්න.

    4. Honey and banana Pita Bread
    Source- yummly.co.uk

    Source- yummly.co.uk

    මේ වෙනුවට ඕනෙම පිරවුමක් එකතු කරගන්න පුළුවන්. කැමති පලතුරක් හෝ එලවළුවක් එහෙමත් නැත්නම් මස් හෝ මාළු වර්ගයකින් ගැලපෙන්න පීටා බ්‍රෙඩ් එක පුරවල හදන්න.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • පීටා බ්‍රෙඩ්
    • ඉදුණු කෙසෙල්
    • මී පැණි
    • බටර්

    1. මෙන්න මේ රෙසිපියේ ඇති අන්දමට කුඩා ප්‍රමාණයේ පීටා බ්‍රේඩ් සාදාගන්න.
    2. එය දෙකට කපා මැදින් ඇති පොකට් එක තුලට බටර් තවරා පෙති කපාගත් කෙසෙල් පුරවා එයට මී පැණි එක් කර ගන්න.

    5. Pineapple and Honey muffins
    Source - ahintofhoney.com

    Source – ahintofhoney.com

    පැණි රස කෑමකට පොඩ්ඩො ඕනෙම වෙලාවක හා කියනව. හවසකට එහෙමත් නැත්නම් පොඩ්ඩන්ගෙ පොඩි පහෙ උත්සවයකට මේ වගේ දෙයක් හදල දෙන්න එච්චරම අමාරු නැහැ.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • බිත්තර 2
    • බටර් කප් 1\2
    • පාන් පිටි කප් 1 1\2
    • කුඩාවට කපාගත් අන්නාසි කප් 3\4 (කැමති පලතුරු වර්ගයක් ගන්න පුළුවන්)
    • සීනි කප් 1\2
    • බේකින්ග් පව්ඩර් තේ හැඳි 1
    • බේකින්ග් සෝඩා තේ හැඳි 1\4
    • කුඩාවට කපාගත් කජු ස්වල්පයක්

    1. බටර්, සීනි සහ බිත්තර හොඳින් බීට් කරගන්න. එයට පිටි, බේකින්ග් පව්ඩර් සහ බේකින් සෝඩා එක් කර හැන්දකින් කලවම් කරගන්න.
    2. කපාගත් කජු සහ පලතුරු එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
    3. බටර් තවරාගත් මෆින් ට්‍රේ එකකට මිශ්‍රනය දමා සෙල්සියස් 170ට පේර රත් කරගත් උඳුනක විනාඩි 20-25ක් බේක් කරගන්න. නිවුණු පසු මී පැණි උඩින් වත් කරගන්න.

    6. පැණි දෙල්
    Source - upcscavenger.com

    Source – upcscavenger.com

    උඩින් කියපු අළුත් අළුත් කෑම එක්කම අපි පොඩි කාලෙ කාපු කෑමකුත් පොඩ්ඩොන්ට හදල දෙමුද? හවසකට මෙහෙම දෙයක් හදල දුන්නොත් පොඩ්ඩො ආසවෙන් කයි අපේ පුංචි කාලෙ අපි කෑවා වගේම.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • තීරු කපා ගත් දෙල්
    • සීනි කප් 1
    • ලුණු චුට්ටක්
    • කහ චුට්ටක්

    1. තීරු කපා ගත් දෙල් වලට ලුණුයි කහයි ටිකක් දාල මිශ්‍ර කරගෙන රන් වන් පාට එනකම් ගැඹුරු තෙලේ බැදගන්න.
    2. සීනි කප් එකට වතුර කප් 1\4ක් එකතු කරල සාමාන්‍ය ගින්දරේ උණු කරගන්න. හැන්දෙන් උඩට උස්සද්දි නූලක් වගේ වැක්කෙරෙන පදමට ආවම තවත් විනාඩි දෙකක් විතර තියෙන්න ඇරල ඒකට බැදගත්තු දෙල් ටික දාල කලවම් කරගන්න. නිවෙන්න තියල කෑමට ගන්න.
    3. කැමති නම් සීනි උණු කරල දානව වෙනුවට ලුණු කුඩු මිරිස් කුඩු ටිකක් බැදපු දෙල් වලට දාල ටිකක් සැරට කන්න ගන්නත් පුළුවන්. මේක නම් ලොක්කොත් එපා නොකියා කන කෑමක්.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    23 Oct 2016 01:36 AM
    owayn godak ewa kaala thiyenawa
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    23 Oct 2016 08:26 AM
    මේවා පොඩ්ඩන්ට විතරක් නෙමෙයි අපටත් කන්න හිතෙනවා දැක්කම.
    මොසරැල්ලා චීස් මෙහෙ තියෙනවද දන්නෑ......
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    24 Oct 2016 01:39 PM
    Posted By hasithad on 23 Oct 2016 08:26 AM
    මේවා පොඩ්ඩන්ට විතරක් නෙමෙයි අපටත් කන්න හිතෙනවා දැක්කම.
    මොසරැල්ලා චීස් මෙහෙ තියෙනවද දන්නෑ......

    ඔව්ව්ව් දැක්කම කෙලත් එනවා කටට ,,

    මොසරැල්ලා චීස් නම් ඇති මල්ලි ඔහේ .

    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    24 Oct 2016 02:20 PM
    Posted By samantha on 23 Oct 2016 01:00 AM

    නිවසේ ආහාර නාස්තියට මේ පිළියම් යෙදුවොත් පර්ස් එකටත් සෑහෙන වාසි වෙයි

    කෑම කියන්නෙ අපිට අත්‍යවශ්‍යම සාධකයක්. ලෝකෙ විනාස වෙන දවසෙ උනත් අපි අපේ කෑම වේල් නම් මිස් කරන එකක් නෑ. කෑම ඒ තරමටම අපේ ජීවිතවලට සම්බන්ධයි. අපි කෑමට ගන්නා ආහාර ගැන අපි නොයෙක් විදිහට හිතනවා. රසට කෑම හදන හැටි,පෝෂණය ලබාගන්න සහ නොයෙක් රෝගාබාධ වලට හොඳ කෑම ගන්න හැටි ගැන අපි අන්තර්ජාලය පවා පීරල හොයනව.

    මේ සියල්ලක්ම ගැන හිතුවත් ආහාර සම්බන්ධයෙන් අපි අඩුවෙන්ම අවධානය යොමු කරන එක් කරුණක් තියනව. ඒ තමයි ආහාර නාස්තිය ( food wastage )  අවම කරගැනීම. මේක ඉතාම වැදගත් කරුණක්. විශේෂයෙන්ම ඔබේ ආර්ථිකයට ඔබ හිතනවාට වඩා බලපාන කරුණක් තමයි මේ ආහාර නාස්තිය.

    අපි අද ඔබට ගෙන එන්නේ ඔබේ නිවසේ ආහාර නාස්තිය අවම කරගන්න පොඩි උපදෙස් ටිකකුයි. මේ දේවල් මේ විදිහට පිළිපැදලා මාසෙ අන්තිමට බලන්නකො. අනිවා ඔබේ ආර්ථිකයට දැනෙන වෙනසක් වෙලා තියේවි.

    1. ආහාර මිලදී ගැනීමේ ලැයිස්තුවක් හදන්න
    food wastage

    Source – lifeinyellow.com

    නිවසේ ආහාර නාස්තිය අවම කරගන්න වැඩේ පටන් ගන්න වෙන්නෙ නිවසෙන් නම් නෙමෙයි. ඒ ස්ථානය තමයි ඔබ ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා වෙළදසැල. ඔහේ හිතුමතේ ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න යන්නෙ නැතිව ඒ තැනට සැලසුමක් ඇතිව යන එක තමයි වැදගත් වෙන්නෙ.

    ඕනෑවට වඩා ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න යන්න එපා. ඔබ ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න යන්නේ සතියකටනම් ඒ සතිය තුළ ගෙදර පිළියෙල වෙන ආහාර වේල් ගැන සිතින් පොඩ්ඩක් ගණන් හදලා පොඩි ලැයිස්තුවක් හදාගන්න.  මස් මාලු, එළවලු වගේ ඉක්මනින් නරක් විය හැකි ආහාර අවශ්‍ය ප්‍රමාණයට විතරක් ගන්න.

    2. කඩේ යාම
    food wastage

    Source – independent.co.uk

    ආහාර ද්‍රව්‍ය මිලට ගන්න වෙළඳ සැලකට යන්න කලින් අවධානය යොමු කල යුතු ප්‍රධාන දෙයක් තියනවා. ඒ තමයි ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න යද්දි කිසිම වෙලාවක බඩගින්නෙ නම් යන්න එපා කියන එක. මොකද කුසගින්නේ පසුවෙද්දි අනවශ්‍ය විදිහට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනෙන්න තිබෙන ඉඩ බොහොම වැඩියි.

    ආහාර මිලදී ගැනීමේදී නිතරම කල් ඉකුත්වීමේ දිනය පරික්ෂාවට ලක් කරන්න මතක තියාගන්න. ඒ වගේම තමයි එළවලු මිලට ගැනීමේදී ලැජ්ජා වෙන්නෙ නැතිව තමන්ට අවශ්‍ය ප්‍රමාණ විතරක් ගන්න. උදාහරණෙකට තනි පුද්ගලයෙක් ලොකු ග්‍රෑම් ගානක එළවලු ගන්න එක තේරුමක් නෑ.

    පැකට් ගණන් ගන්න ඒවා පාචිච්චියට ප්‍රමාණෙන් වැඩිනම් ලූස් ගන්න පුලුවන්

    3. ආහාර ඇසිරීම සහ ගබඩාකිරීම
    food wastage

    Source – pinterest.com

    ආහාර වර්ග ඇසිරීමේ වැරදි නිසාත් හුඟක් වෙලාවට අහාර නාස්ති වෙනවා. මස්, මාළු වගේ දේවල් ගෙදරට ගෙනාව හැටියෙම ඔබට වේලකට අවශ්‍ය ප්‍රමාණ වලට වෙන් කරල වෙන වෙනම ඇසුරුම් කරල අධිශීතකරණයේ තැන්පත් කරන්න.

    කිරි, බිත්තර වගේ දේවල් ශීතකරණයේ දොරෙහි නිසි තැන තැන්පත් කරන්න. එළවළු වර්ග වෙන වෙනම මලු වල අසුරා එළවළු සඳහා ඇති කොටසේ තැන්පත් කරන්න. ඉක්මණින් තැලෙන තක්කලි, සලාද කොළ වගේ දේවල් එහි උඩින්ම තබන්න.

    හුළං නොවදින්න ඇසුරුම් කළ යුතු දේවල් එයා ටයිට් බෑග් වල හෝ බෝතල් වල අසුරන්න. සීනි, බිස්කට් ආදී පැණි රස ද්‍රව්‍ය කූඹින් වැනි සතුන්ගෙන් ප්‍රවේසම් වන ලෙස අසුරන්න.

    4. වැඩිපුර ඉතිරි වෙන කෑම වලින් ලෙෆ්ටෝවර් හදාගැනීම
    food wastage

    Source – foodnetwork.com

    ඉස්සර නම් ගෙදරකට කෙනෙක් ගොඩ වෙන්නෙ කලින් දැනුම් දෙන්නෙ නැතුවමයි. එහෙම ආවත් දෙතුන් දෙනෙක්ට කන්න ඇති තරම් වැඩිපුර කෑම හුඟක් වෙලාවට අම්මලා ගෙදර හදල තියෙනවා. නමුත් කාර්යබහුලකම එක්ක මේ සිරිත් දැන් වෙනස් වෙලා. ගෙදරකට ගොඩ වෙන්න කලින් කෝල් එකක් දීලයි ඕනම කෙනෙක් එන්නෙ. ඉතින් එහෙම එකේ වැඩිපුර උයලා අහක දාන්න එපා. ගෙදර ඉන්න ප්‍රමාණෙට උයන්න හුරු වෙන්න. එහෙම උයලත් ඉතිරි වෙන කෑම වලින් වෙනත් කෑමක් හදාගෙන රස බලන්න.

    5. ආහාර කල්තබා ගැනීමේ ක්‍රම
    food wastage

    Source – recipeshubs.com, salkkaaram.com

    සමහර ආහාර නිකම්ම තිබ්බම වැඩි කාලයක් තියාගන්න බෑ. එහෙම දේවල් අසුරන්න සහ කල් තියාගන්න අපිට වෙන විදියකට සකස ගන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් කරපිංචා හොඳට සෝදලා පවනේ වේලලා වීදුරු බෝතලේක දාල ශීතකරණයේ දැමීමෙන් වෙනදට වඩා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.

    කෙසෙල් ගෙඩි ගෙනාවම කාලා ඉවර වෙන්න කලින් කලු වෙලා ඉක්මණින් නරක් වෙනවා නේද? මීට පස්සෙ කෙසෙල් ගෙනාවම කෙසෙල් වල නැට්ට පැත්ත විතරක් Clear Wrap වලින් එහෙමත් නැත්නම් තුනී පොලිතින් එකකින් හොඳින් ආවරණය කරල තියන්න. වැඩි කලක් තියාගන්න පුළුවන්.

    ඒ වගේම සුදු ලූනු, අමු මිරිස්, තක්කලි වගේ ආහාර අච්චාරු වගේ දේවල් දාලා කල් තියාගන්න පුළුවන්. ඒ ගැන අපි ඉදිරි ලිපියකින් වඩා පැහැදිලිව කියන්නම්.

    6. නිතර ඉතිරි වෙන දේවල් ගැන සටහනක්
    food wastage

    Source – mashable.com

    සතියකට අවශ්‍ය එළවළු, මස්, මාළු ගෙනාවට පස්සෙ සමහර එළවළු, මාළු වර්ග ගෙදර අය ඒ තරම් ප්‍රිය නොකිරීම නිසා ඒ වගේ දේවල් වැඩිපුර අහක දාන්න උනා හෝ ඉතුරු උනා නම් ඒ ගැන සටහනක් තියාගන්න. නැවත ඒ දේවල් මිලදී ගන්න කොට ඔබට අවශ්‍ය ප්‍රමාණය විතරක් ගන්න හෝ ඒ දේ නොගෙනම ඉන්න මතක තබාගන්න පුළුවන්.

    7. ආහාර පුරුදු
    food wastage

    Source – abcnews.go.com

    කෑම ගනිද්දි තමන්ට ප්‍රමාණවත් පමණට විතරක් බෙදාගන්න. ඒ ගැන සැකයක් තියනවනම් ටිකක් අඩුවෙන් කෑම බෙදාගෙන ආහාරයට ගන්න. මදි උනොත් විතරක් නැවත වරක් බෙදාගන්න. කන්න බැරි තරම් පිඟානට බත් බෙදාගෙන අනල ඉතිරි කිරීමෙන් ඒ ආහාර එහෙමම යන්නෙ කුණු කූඩෙට. මොකද Leftovers වලින් ආහාර හදන්නවත් පසුව ආහාරයට ගැනීමට ශීතකරණයේ දාලා පාවිච්චි කරන්නටත් ඒ කෑම සුදුසු නොවන නිසා.

    වටින උපදෙස් රැසක් .

    ස්තූතියි සමන්ත මාමේ මම කියෙව්වා.

    දිනයක වැටහේවී...........
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    24 Oct 2016 09:04 PM
    කටට කෙල එනවා දැක්කම
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    27 Oct 2016 06:06 AM
    Posted By hasithad on 23 Oct 2016 08:26 AM
    මේවා පොඩ්ඩන්ට විතරක් නෙමෙයි අපටත් කන්න හිතෙනවා දැක්කම.
    මොසරැල්ලා චීස් මෙහෙ තියෙනවද දන්නෑ......

    අපෝ කියෙනවා අයියේ කාර්ගිල්ස් ෆුඩ්සිටි එකේ මොසරැල්ලා චීස් තියෙනවා. මුදල පිලිබදව නම් එතරම් දැනීමක් නැහැ
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    27 Oct 2016 08:05 AM
    මොසරැල්ල වැඩිපුර පාවිච්චි කරන්නේ පිසා හදන්න තමා
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    27 Oct 2016 11:24 AM
    තුශානුත් ඉතින් මේ දේවල් ගැන දන්නවානෙ.
    ඉන්නෙත් හෝටලයක හින්දා.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    28 Oct 2016 10:01 AM
    කරවල කථාව චීස් වලට හැරිල වගේ නේද දැන්
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100

    --
    29 Oct 2016 11:54 PM
    watinawa wagema rasawath thorathuru tikak
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    01 Nov 2016 12:41 AM

    ඒ කාලේ බේකරියේ මාමා හදපු, මතක් වුණත් රස දැනෙන පාන්, බනිස් වර්ග

    මේ වෙනකොට නං පාං ගෙඩියක ගාණ ඇහුවම පාං කියාගන්න බැරි තත්වෙකට පත් වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. එක කාලෙක, ඒ කියන්නේ අවුරුදු විස්සකට එහා පැත්තේ විතර අපි රුපියල් තුනයි පණහට ගත්තු ‘පාන් රාත්තල’ මේ වෙනකොට ඒ වගේ දහගුණයක් විතර වෙලා විතරක් නෙවෙයි, බරෙනුත් අඩු වෙලා ගිහින්. මේ වෙනකොට නං පාන් රාත්තල කියල කීමට කිව්වට ඒකේ ඇති රාත්තලක් නෑ.

    1. ක්ලැසික් පාං ගෙඩිය: කඩේ පාන්
    Breads and buns types

    Source – sundaytimes.lk

    මේ වෙනකොට නං කඩේ පාන් කියන්නේ පොෂ් පාන් විකුණන තැනක තියෙන අපිට හුරු පුරුදු පාන් වලට කියන පොෂ් නමක් වෙලා. ඒකේ අවුලක් නෑ. කොහොම වුනත් අපිට කඩේ පාන් කිව්ව ගමන් මතක් වෙන්නේ බේකරියේ මාමා හදන පාන් තමයි. තාමත් සූටි සුපියල් පනස් පහකට ගමේ කඩේ බේකරියෙන් ගන්න පුලුවන් ‘කඩේ පාන්’ ගෙඩියක් පොෂ් පාන් කඩේකින් ගන්නකොට ඒ වගේ දෙගුණයක් විතර වෙනවා. හැබැයි ඒ වගේ සුපිරි ෆයින් ඩයිනින්ග් පොට් එකකින් කකුළුවෝ කරියක් එක්ක කඩේ පාන් කියනකොට ගතියක් නැත්තෙමත් නෑ!

    හැබැයි එදා නං පාන් කාලක් එක්ක පරිප්පු දීසියක් සහ ප්ලේන්ටියක් කියන්නේ දුප්පතාගේ ආහාරය කියලා තමයි සැලකුනේ.

    2.තැටි පාං බැරිනං කාපං අච්චු පාං
    Breads and buns types

    Source – paanpaan.com

    බේකරියේ පාන් ගැන කතා කරනකොට එතන පොඩි කල්චර් එකක් තියෙනවා. තැටි පාන් සහ අච්චු පාන් ගත්තහම ඔය එක එක වර්ගෙට වැඩි මනාපයක් තියෙන අය ඉන්නවනේ. අච්චු පාන් සාපේක්ෂව ගත්තහම බොහොම මෘදු ගතියයි. හැබැයි කර කර ගාලා හැපෙන්න නං ගන්න ඕන තැටි පාන්. ගොඩක් වෙලාවට තාමත් ගම් වල තියෙන බේකරි වල ක්‍රමයක් තියෙනවා අච්චු පාන් ඕන්නං පොඩ්ඩක් වේලපහින් එන්න ඕන. මොකද කලින් දාන්නේ අච්චු පාන් ටික නිසා අච්චු පාන් ලෝලියෝ ඇවිත් ඒ ටික උස්සගෙන යනවා. ඉන් පස්සේ තියෙන්නේ එක්කෝ අයින්කෑලි නැත්තං තැටි පාන්. හැබැයි තැටි පාන් වලට ආස කට්ටියට අවුලක් නෑ. ඉස්සර තිබුණු තැටි පාන් පෙත්තක් එක්ක පරිප්පු වඩේ එකක් කියන්නේ දිව බොජුනක් තමා! එකම දේ කර නොවුණු ගාණට බේක් වුණු පාන් රාත්තලක් ගන්න එක තමයි.

    අච්චු පාන් ගැන කියනකොට තව මතක් වෙන දෙයක් තමයි මැටි පාන්. මැටිවලින් හදපු පාන් ගැන නෙවෙයි මේ කියන්නේ. අච්චු පාන් ගෙඩියක් හදන්නේ දෙපාරක් පෝරණුවේ දාලා පුළුස්සලා. පළවෙනි පාර පුළුස්සලා පෝරණුවෙන් බාපු අච්චු පාන් හරිම සොෆ්ට්, කිරි රහක් එන්නේ. මේ මැටිපාන් වලට අපි හෙන ආසයි ඒකෙ තියෙන අමුතු රහ නිසාම. හැබැයි අම්මලා අපිට ඒ පාන් කන්න දුන්නෙ නෑ, බඩේ අමාරු හැදෙනවා කියලා. ඒක හරි. මොකද එක පාරක් පෝරණුවෙ දැම්මා කියලා හොඳටම පාන් ගෙඩිය බේක් වෙන්නෙ නෑ. මැද අමු වෙන්න පුලුවන්.

    තව එකක්. ඉස්සර පාන් කනකොට බේකරියෙ මාමා එක්ක ගේම ඉල්ලන්න වෙන්නේ ගාණට නෙවෙයි. බැරිවෙලාවත් ගුල්ලෙක් දෙන්නෙක් හිටියොත්. සමහරු කියනවා ගුල්ලො එක්ක කෑවත් අදට වඩා එදා බේකරියෙ පාන් රසයි කියලා.

    3.බේකරියේ තියෙන සැන්ඩ්විච් පාන්
    Breads and buns types

    Source – michealdebarra.com

    මේ කියන්නේ ඕනම සුපර් මාකට් එකකින් ගන්න තියෙන පෙති කපලා, පොලිතින් බෑග් එකේ සීල් කරලා එන සැන්ඩ්චිච් පාන් ගැන නෙවෙයි. ගමේ බේකරියේ හදන්න ගත්තු සැන්ඩ්විච් පාන් ගෙඩිය ගැන. මේක ඇත්තටම  ඔය පෙති කපපු වැඩි ගණන් සැන්ඩ්විච් පාන් ගෙඩියක් තරම් සොෆ්ට් නෑ. හැබැයි මේ පාන් ගෙඩියේ හැම පැත්තම එක වගේ. ආයි වැඩිපුර කරවුණු ඔළුවක් නෑ. ඒ වගේම මැද්දේ පොඩි කිරි රසයකුත් තියෙනවා. ගාණ හැබැයි නිකම් අච්චු පාන් ගෙඩියකට වඩා රුපියල් පහක් දහයක් වැඩියි. මේ පාන් වලටත් මනාප අය සෑහෙන්න ඉන්නවා. මොකද බටර්, ජෑම් එක්ක කන්න මේ පාන් වල තියෙන කියාපු රසය නිසා. හැබැයි මේ පාන් තියෙන බේකරි වලත් බේකරිය ඇරපු ගමන් සැන්ඩ්විච් පාන් ටික ඉවරයි. සමහර බේකරි මාමලා මේ කඩේ සැන්ඩ්විච් පාන් ගෙඩියටම මුද්දරස්පලම් ටිකක් එහෙම දාලා පොඩි පොඩි වැඩ කෑලි දාලා රස පාන් එක්ස්පෙරිමන්ට් එහෙමත් කරල බලනවා.

    4. නයි කයිද රෝස් පාන්
    Breads and buns types

    Source – paanpaan.com

    රෝස් පාන් එක්ක බැඳුණු මතකයක් ඕනම ලංකාවේ මනුස්සයෙක්ට තියෙනවා කිව්වොත් වැරදි නෑ. ලොකු පොඩි භේදයක් නැතුව හැමදෙනාම කැමති රෝස් පාන් කියන්නේ සාමාන්‍ය තැටි පාන් ගෙඩියෙන් බාගයක් සයිස් එකේ තියෙන, හොඳට බේක් කරලා තිබුණත් වළ ගොඩැලි තියෙන තැටි පාන් ගෙඩියකට වඩා මෘදු මතුපිටක් තියෙන පාන් ගෙඩියක්. කතාවට කියන්නේ නං පාන් රාත්තල ඉකොනොමිකල් වුනේ රෝස් පාන් හැටියට කියලා තමයි. හැබැයි ගොඩක් අය රෝස් පාන් ගන්නේ ඉකොනොමිකල් වැලියු එක ගැන හිතලා නං නෙවෙයි. ඊට වඩා ඒකේ තියෙන රසය නිසයි. ඉස්සර රෝස් පාන් වල හොඳ තෙල් ගතියක් තිබුණා. දැන් වගේ නෙමෙයි නිකන් වුනත් කන්න පුලුවන්. ඇත්තටම කියනවා නං ඉස්සර රෝස් පාන් ගෙඩියක් අරගෙන කෑවේ නිකම් තමයි.

    5. දොස්තරගේ කීමට කන පරළු පාන්
    Breads and buns types

    Source – livestrong.com

    පරළු පාන් කියන්නේ ඇඟට ගුණ විදියට පාන් කන්න ක්‍රමේ කියලා කොයි තරම් කිවුවත් අපි ඉතින් පරළු පාන් කන්නේ දියවැඩියාව තියෙනවා කියලා දොස්තර කිව්වට පස්සෙ තමයි. ඇත්තටම සාමාන්‍ය පාන් වල තියෙන රසය සහ මෘදු බව පරළු පාන් වල නැති නිසාමයි ගොඩක් දෙනා කැමති නැත්තේ. පාන් කියන වචනේ පෘතුගීසි හාදයන්ගෙන් ආව වගේ පරළු කියන එකත් ආවේ පෘතුගීසි Farelo කියන එකෙන් කියලයි දන්නෝ කියන්නේ. මේ එක්කම කියවෙන තවත් පාන් ජාතියක් තමයි කුරක්කන් පාන්. ඉතිහාසේ කියවෙන විදියට කුරක්කන් පාන් මුලින්ම හදලා තියෙන්නේ ලංකාවේ හිටපු සිරා බක්කරේ මාමා කෙනෙක් තමයි.

    6.මාළුවාව පෙන්නලා හදන පාන්
    Breads and buns types

    Source – gossiplankanews.com

    මාළු පාන් කියලා කිව්වට ඇත්තටම ඕක බනිස් ගෙඩියක්නේ. ඉස්සර මාළු පාන් ගහන්නෙත් බේකරියේ තමයි. ඒ කාලේ ඇත්තම මාළු පාන් තිබුණත් දැන් තියෙන්නේ මාළුවාව අත ගාලා ඒ අතින් පිටි ටික අනලා හදන පාන් තමයි. ඊට අමතරව සීනි සම්බෝල පාන් වගේ දේවල් පස්සෙ පස්සෙ නිර්මාණය වෙනවා. හැබැයි ඉස්සර තිබුණු මාළු පාන් රසය නං දැන් හොයාගන්න නෑ.

    7. පුංචි රවුං සීනි බනිස්, දිගට හැඩට කිඹුලා බනිස් සහ ගල් වගේ ගල් බනිස්
    Breads and buns types

    Source – exploresrilanka.lk

    මේ ගැන කතා කරනකොට තියෙන ප්‍රධාන පැමිණිල්ලක් තියෙනවා. ඉස්සර බේකරියේ මාමා හදන සීනි බනිස් ගෙඩිය සහ කිඹුලා බනිස් ගෙඩිය එක්ක බලනකොට දැන් තියෙන සීනි බනිස්, කිඹුලා බනිස් අය්යෝ සල්ලි කියලා හිතෙන එක වළක්වන්න බෑ. ඉස්සර කිඹුලා බනිස් ගෙඩිය සෑහෙන ලොකුයි වගේම හොඳ බරට පිරිලා තියෙනවා. එක කිඹුලෙක් කෑවහම බඩ ෆුල්. සීනි බනිස් වුනත් බේකරියේ හදන එව්වා හොඳ ලොකුවට, ලෝබ නැතුව සීනි උඩින් ඉහලා තමයි හදන්නේ. ඒත් දැන් ඒ කොලිටිය හොයන්න නෑ, ඔය ගමේ බේකරියක අහම්බෙන් හම්බුණොත් මිසක්. එතකොට ගල් බනිස් නං දැන් හොයන්නම නෑ. ඉස්සර තිබුණු ගල් බනිසකින් ගහලා ඕන්නං එකෙක් මරන්නත් පුළුවන්. දැන් මරදානේ සල්ගාදු බේකරියේ, කොහුවල සුමනදිසි බේකරිය වගේ තැනක, එහෙම නැත්තං තාම පරණ සිස්ටම් එකට දුවන ගමේ බේකරියක ඇරෙන්න ගල් බනිස් හොයනවා බොරු.

    දැන් ගොඩක් බේකරි වල කරන තව ආතල් වැඩක් තියෙනවා. හදනවා අල්ලක් සයිස් සීනි බනිස් සහ කිඹුලා බනිස්. කථාවට නෙවෙයි, ඇත්තටම මේවල සයිස් එක අල්ලක් තරමට ඇති. හැබැයි ගාණ වෙන්නේ අර ලොකු බනිසකින් බාගයක් විතර. කොහොමද ඉකොනොමිකල් ටිකිරි මොලේ!

    8. තාම තියෙන දඟර බනිස්
    Breads and buns types

    Source – frudahls.blogspot.com

    සාමාන්‍යයෙන් අපි දකින බනිස් ගෙඩියක් වගේ කීප ගුණයක් ලොකු මේ බනිස් ගෙඩිය දඟර දඟර රටාවකට තියෙන්නේ. පැණි රසක් තියෙන මෘදු බනිස් ජාතියක් වෙන මේවලින් එකක් ගොඩක් වෙලාවට හතර දෙනෙක් ඉන්න පවුලක හවස තේ එකට වැඩිත් එක්ක. මේ වලට සමහර වෙලාවට මුද්දරස්පලම් එහෙමත් දාලා හදලා තියෙනවා. දැන් වුනත් බේකරියකින් මේ බනිස් හොයාගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, දැන් සුපර් මාකට් වලටත් මේ සයිස් එකේ, මේ ක්‍රමයේ දඟර නැති බනිස් එක ඇවිත් තියෙනවා පැකට් කරලා.

    තිරිඟු පිටි වලින් හදන පාන් ලංකාවේ ක්‍රමේට බඩ ඉරිඟු පිටි වලින්, ඕළු ඇට වලින් හදන්න පුලුවන් කියලා කියපු ලංකාවේ සුපිරි පොරවලුත් කාලෙන් කාලෙට මතුවෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ වැඩකට අත හිත දෙන්න කෙනෙක් නැති නිසා ඒවා එහෙම්මම නැති වෙලා යනවා.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    01 Nov 2016 02:09 AM
    දර පොරනුවේ පාන් උනත් ඉස්සර වගේ රසයක් සුවදක් නැහැ
    ඒ කාලේ පාන් පෝරණුවක් අහලකින් යන්න බැහැ සුවදට විතරක් බඩ දලනවා. ඒත් දැන් ලගින් ගියා කියල දැනෙන්නෙවත් නැහැ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    01 Nov 2016 03:06 AM
    Posted By sha733 on 01 Nov 2016 02:09 AM
    දර පොරනුවේ පාන් උනත් ඉස්සර වගේ රසයක් සුවදක් නැහැ
    ඒ කාලේ පාන් පෝරණුවක් අහලකින් යන්න බැහැ සුවදට විතරක් බඩ දලනවා. ඒත් දැන් ලගින් ගියා කියල දැනෙන්නෙවත් නැහැ
    ඒක නම් ඇත්ත තමයි මල්ලී .. ඉස්සර අපේ ගෙදරට  අල්ලපු වත්තේ තිබුණේ පාන් බේකරියක්. දවසට දෙපාරක් පාන්  බනිස් පුච්චනවා. ඒ කාලේ මම පොඩියි.  හැමදාම  බනිස් බාන කොට ගිහින් උණු උණුවෙම තමයි කන්නේ.. ඒ සුවඳ නම්  තාමත් මට දැනෙනවා..

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    01 Nov 2016 06:08 AM
    මේ රූප ටික දකින කොට රස නහර පිනා යනවා..
    දැන් උණු උණුවේ පාන් කෑල්ලක් කන්න තියෙනවානම්...
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    01 Nov 2016 11:27 AM
    දැන් මේ ඔක්කොම චූං පාන් එකේ යනවානෙ හවසට අපේ පැති වල.
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    01 Nov 2016 04:46 PM
    මාළු පාන් නෙමෙයි දැන් අල පාන් කියන්න වෙන්නේ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736

    --
    01 Nov 2016 08:56 PM
    මරූ පාන් බනිස් ටික..
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    02 Nov 2016 03:10 AM
    රෝස් පාන් වලටනං මම ගොඩක් කැමතියි ඒකනං තාමත් පරන ගතියට ලගින් යනවා
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3295

    --
    02 Nov 2016 04:31 AM
    කිඹුලා බනිසක් කන්න තිබුණා නම් ආසයි ... කරුමේ කියන්නෙ කාපු වෙලේ ඉදන් බඩ පපුව දනවනේ ...
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536

    --
    02 Nov 2016 05:36 AM
    කෝ ජෑම් බනිස් එහෙම නැද්ද?
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3295

    --
    02 Nov 2016 05:39 AM
    Posted By Dushan on 02 Nov 2016 05:36 AM
    කෝ ජෑම් බනිස් එහෙම නැද්ද?
    ජෑම් බනිස් කාල හුරුයි වගේ හොඳට කොල්ලට  

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536

    --
    02 Nov 2016 06:14 AM
    Posted By kingD on 02 Nov 2016 05:39 AM
    Posted By Dushan on 02 Nov 2016 05:36 AM
    කෝ ජෑම් බනිස් එහෙම නැද්ද?
    ජෑම් බනිස් කාල හුරුයි වගේ හොඳට කොල්ලට  

    හි හි නැතුව නැතුව 
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    13 Nov 2016 12:38 AM

    පිටින් ගන්න ගාණින් බාගයක්ම අඩුවෙන් ගෙදරදීම රසට හදාගත හැකි බයිට් 5ක්

    සෙට් වෙන කොට ඉතින් බයිට් එකක් නැතුව සෙට් වෙන්නෙ නෑනෙ. හොටේල් එකකට ගියත් ගෙදර සෙට් උනත් බයිට් නම් අනිවාර්යයි. හැබැයි ඉතින් හොටේල් එකකට ගිහින් ගන්න පෙපර් පෝක්, හොට් බටර් කට්ල්ෆිශ්, කංකුං බීෆ් වගේ බයිට් ඩිශ් එකක් නෙවෙයි ගෙදර සෙට් වෙද්දි ගන්නෙ. සොසේජස් ටිකක්, මික්ස්චර් පැකට් එකක් වැඩිම උනොත් චිකන් ඩෙවල් එකක්. ඇයි ගෙදර සෙට් වෙද්දි හොටේල් එකකදි වගේ බයිට් එකක් නැත්තෙ? ඒකට හේතු දෙකයි. එකක් තමා වියදම. ගෙදර සෙට් වෙන්නත් හොටේල් එකකින් බයිට් එකක් ගෙන්න ගන්න එක ටිකක් සැර වියදම් වැඩක්. අනික තමා අඩු වියදමට ගෙදර හදගන්න ඕන උනත් හදන්න දන්නෙ නැතිකම.

    අනිවා අපි ඔය අන්තිම ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නම්. හොටේල් එකකින් ගන්න බයිට්ස් කොහොමද ගෙදර හදාගන්නෙ කියල. කඩෙන් ගන්නවට වඩා ගෙදරම හදාගනිද්දි ගාණත් අඩුයි වගේම ඒ ගාණට වටින තරම් ලොකු පෝශන් එකක් හදාගන්නත් පුළුවන්. මේ ඔයාල සෙට් වෙද්දි ගන්න කැමතිම බයිට්ස් ටික ගෙදරම හදාගන්න රෙසිපි. ට්‍රයි කලොත් නෝනා ගෙදර නැති වෙලාවක ඔයාලටම හදාගන්නත් බැරි නෑ 😉 . නෝනා නැතුව තනියම මේ දේවල් හදන්න බෑ වගේ හිතෙනවනම් කොල්ලොන්ටත් තනියම හදාගන්න පුළුවන් ලේසිම බයිට්ස් වර්ග 5ක් මේ ලින්ක් එකට ගිහින් බලන්න.

    1. Kangkung Beef
    Bites recipes

    Source – whimsicalchef.com

    • සිහින් පෙති කපාගත් බීෆ් 400g (පෝක් හෝ මට්න් බීෆ් වෙනුවට ගන්නත් පුළුවන්)
    • සුද්ද කරගත් කංකුං මිටි බාගයක් (මේරූ නටු ඉවත් කරගන්න.)
    • සිහින්ව පෙති කපාගත් සුදු ලූනු බික් 4ක්
    • ඔයිස්ටර් සෝස් මේස හැන්දක්
    • සෝයා සෝස් මේස හැඳි 2
    • රස අනුව ලුණු
    • චිලි පේස්ට් මේස හැන්දක්
    • කෑලි මිරිස් සැර අනුව

    1. කංකුං සෝදා පිරිසිදු කර වතුර බේරෙන්නට තබාගන්න. බීෆ් වලට කෑලි මිරිස්, සෝස් සහ ලුණු එක් කර විනාඩි 15ක් පමණ වසා තබන්න.
    2. තෙල් මේස හැඳි 2ක් පමණ රත් වෙන්න තබා එයට පෙති කපාගත් සුදු ලූනු එක් කරන්න. එයට බීෆ් ටික එක් කර තරමක් අඩු ගින්දරේ හැන්දකින් පෙරලමින් බීෆ් ටික බැදෙන තුරු පිසගන්න.
    3. බීෆ් ටික පිසුනු පසු එයට චිලි පේස්ට් සහ කංකුං මිශ්‍ර කර කංකුං ටික මැලවේගෙන එන විටම ලිපෙන් ඉවත් කරගන්න. අවශ්‍ය නම් දෙහි ඇඹුල් ටිකක් උඩින් ඉස ගන්න.

    2. Hot Butter Cuttlefish
    Bites recipes

    Source – youtube.com

    • පිරිසිදු කරගත් දැල්ලො 200g
    • කෝන් පිටි 200g
    • ලුණු තේ හැඳි 1\2
    • කහ ස්වල්පයක්
    • බිත්තර සුදු මද
    • චොප් කරගත් සුදු ලූනු තේ හැඳි 1
    • බටර් මේස හැඳි 1
    • සීනි තේ හැඳි 1\2
    • චිලි පේස්ට් මේස හැඳි 1
    • තෙල් තේ හැඳි 1
    • කපාගත් මාළු මිරිස් කරලක්
    • අඟල් 2ක දිගට කපාගත් ලූණු කොල ටිකක් (ලූනු කොටසත් සමඟ)
    • කපාගත් වියලි මිරිස් කරල් 2ක්

    1. දැල්ලන් වල තෙත පිරිසිදු රෙද්දකින් පිසදා වෙන් නොවෙන සේ යන්තම් පිහි තුඩින් ඇතුළු ඇත්තේ ඉරි ඇඳ කුඩා කොටු කපා ගන්න. කඩදාසියක රැලි කපනව වගේ ඒ කොටු වල එක පැත්තක් හීනි තීරු කපාගන්න. (දැල්ලාගේ හිස පැත්තේ සිට පහලට මේ විදියට රැලි කපාගන්න එක පහසුයි.)
    2. කෝන් පිටි වලට ලුණු තේ හැඳි 1\2 සහ කහ ඇඟිලි තුඩින් ගන්න තරම් ප්‍රමාණ දෙකක් විතර දාල මික්ස් කරගන්න.
    3. කපා ගත් දැල්ලන්ට බිත්තර සුදු මදය එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. කෝන් පිටි වල දැල්ලන් දවටා රත් වූ ගැඹුරු තෙලේ විනාඩි 2,3ක් පමණ බැදගන්න.
    4. වෙනම පෑන් එකක් රත් වෙන්න තබා එයට තෙල් තේ හැන්දක් එක් කර එයට සුදු ලූනු, බටර්, චිලි පේස්ට්, තෙල්, සීනි එක් කර මිශ්‍ර කරගන්න.
    5. එයට බැදගත් දැල්ලන්, මාලු මිරිස්, වියලි මිරිස් සහ ලූනු කොල එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.

    3. Black Pepper Pork
    Bites recipes

    Source – camemberu.com

    • කුඩාවට කපාගත් පෝක් 500g
    • ගම්මිරිස් ඇට තේ හැඳි 2
    • ඔයිස්ටර් සෝස් මේස හැඳි 2
    • සෝයා සෝස් තේ හැඳි 2
    • චොප් කරගත් සුදු ලූනු බික් 2
    • කොටු කපාගත් මාළු මිරිස් කරලක්
    • කොටු කපාගත් බී ලූනු ගෙඩියක්
    • කෝන් පිටි තේ හැඳි 1\2
    • ලුණු

    1. ගම්මිරිස් ඇට ටික කුඩු කරගන්න. කලින් කුඩු කරපු ගම්මිරිස් ගන්නවට වඩා එවෙලෙම කුඩු කරල ගන්න එක තමා වඩා හොඳ.
    2. පෝක් ටික සෝදා එයට ගම්මිරිස් වලින් 3\4ක් පමණ එක් කරගන්න.සෝස් වර්ග දෙක සමඟ රස අනුව ලුණු එක් කර හොඳින් මිශ්‍ර කර විනාඩි 15ක් හෝ පැය භාගයක් පමණ වසා තබන්න.
    3. තෙල් මේස හැඳි 2ක් පමණ රත් වෙන්න තබා එයට පෝක් ටික එකතු කරගන්න. කලවම් නොකර විනාඩි 2, 3ක් බැදෙන්න හරින්න.
    4. බාජනයේ ඉතිරිව ඇති සෝස් වලට වතුර මේස හැඳි 3ක් එක් කර එයට කෝන් පිටි තේ හැඳි 1\2ක් දිය කර පෝක් එකට දමා මිශ්‍ර කරන්න.
    5. විටින් විට හැඳි ගාමින් විනාඩි 10ක් පමණ පිස ගෙන කපාගත් මාලු මිරිස්, ලූනු සහ සුදු ලූනු එක් කර කලවම් කර තවත් විනාඩි 10ක් පමණ අඩුම ගින්දරේ පිසගෙන ඩිශ් එකකට දමා ඉතිරි ගම්මිරිස් කුඩු ටික උඩින් ඉසගන්න.

    4. Butter Prawns
    Bites recipes

    Source – healthandbeautyteam.com

    • සුද්ද කරගත් ඉස්සන් 400g
    • චොප් කරගත් සුදු ලූනු බික් 15ක් පමණ
    • තෙල් තේ හැඳි 2
    • බටර් මේස හැඳි 2
    • ලුණු රස අනුව
    • අළුතෙන් කුඩු කරගත් ගම්මිරිස් තේ හැඳි 2
    • දෙහි යුශ තේ හැඳි 1

    1. සෝදාගත් ඉස්සන්ට ලුණු සහ දෙහි ඉස්ම ටික ඉස පසෙකින් තබාගන්න. තෙල් තේ හැඳි 2ක් රත් වෙන්න තබා එයට බටර් එක් කර එයට චොප් කරගත් සුදු ලූනු දමා විනාඩියක් පමන තෙම්පරාදු කරගන්න. එයටම ගම්මිරිස් කුඩු එක් කර ඉස්සන්ද එක් කරගන්න.
    2. අඩු ගින්දරේ විටින් විට හැඳි ගාමින් විනාඩි 2, 3ක් වසා තබන්න. ඉස්සන් හොඳින් පිසුණු පසු දෙහි ඉස්ම ටිකක් උඩින් ඉසගන්න.

    5. Lemon Chicken
    Bites recipes

    Source – picturetherecipe.com

    • කුඩාවට කපාගත් කටු රහිත චිකන් බ්‍රෙස්ට් 1
    • බිත්තර සුදු මද 1
    • කෝන් පිටි කප් 1\4
    • පාන් පිටි කප් 1\4
    • සෝයා සෝස් තේ හැඳි 1\2
    • දෙහි හෝ ලෙමන් යුශ තේ හැඳි 3
    • සීනි තේ හැඳි 1
    • වතුර මේස හැඳි 5
    • කෝන් පිටි තේ හැන්දක්
    • ලුණු රස අනුව

    1. චිකන් වලට සෝයා සෝස් එක් කර මිශ්‍ර කර විනාඩි 15ක් පමණ වසා තබන්න.
    2. දෙහි හෝ ලෙමන් යුශ, සීනි, වතුර, ලුණු සහ කෝන් පිටි තේ හැන්ද එකට මිශ්‍ර කර පසෙකින් තබාගන්න
    3. කෝන් පිටි වලට ලුණු ස්වල්පයක් සහ පාන් පිටි එක් කර හොඳින් මිශ්‍ර කර බිත්තර සුදුමද තවරාගත් චිකන් කැබලි එහි දවටා රත් වූ ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැදගෙන තෙල් බේරෙන්නට තබාගන්න.
    4. මිශ්‍ර කරගත් ලෙමන් මිශ්‍රණය නන්ස්ටික් පෑන් එකකට දමා බුබුළු දමන තුරු රත් කර බැදගත් චිකන් උඩින් දමා මිශ්‍ර කරගන්න.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    13 Nov 2016 01:11 AM
    21 wenida mewagen moonawada danne naha denne
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    13 Nov 2016 01:44 AM
    දැක්කාම කන්නම හිතනවා.හදල බලන්න ඕන
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    13 Nov 2016 09:47 AM
    හදලා කෑවා වගේම පස්සෙන් එන ලෙඩ ගැනත් බලා ගන්න වෙයි.
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    13 Nov 2016 12:15 PM
    සමන්ත මාමා බයිට්ම දෙන්නේ මොකෝ
    කට්ටිය නරක කරන්න එපා හී
    දිනයක වැටහේවී...........
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    13 Nov 2016 12:33 PM
    සමන්ත අයිය මේ දවස් වල බයිට් හදනවා වැඩි වගේ
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    malki
    Basic Member
    Basic Member
    Posts:216

    --
    13 Nov 2016 12:41 PM

    WOW....I want to try kankung with beef....

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    13 Nov 2016 12:53 PM
    Posted By සඳුනි on 13 Nov 2016 12:15 PM
    සමන්ත මාමා බයිට්ම දෙන්නේ මොකෝ
    කට්ටිය නරක කරන්න එපා හී
    get together එකට  කස්ටියට  try  කරන්න තමයි දැම්මේ..

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    13 Nov 2016 05:39 PM
    එක එක්කෙනාට හදන් එන්න කිවුවා නම් හරි එදාට ....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    19 Nov 2016 12:10 AM

    හාඩ් ලිකර් යොදාගෙන හදන මේ රසවත්ම රෙසිපි 5 පරක්කු නොවී හදමුද?

    අපි මීට කලින් බියර් වලින් හදන්න පුළුවන් කෑම වර්ග ගැන කිව්ව. මේ කියන්න හදන්නෙ අරක්කු වලින් එහෙමත් නැත්නම් හාර්ඩ් ලිකර් එකතු කරල හදාගන්න පුළුවන් කෑම වර්ග ගැන. බොන්න තියෙන එක මොකටද කෑමකට දාන්නෙ කියල හිතුන නේද? එහෙම බෝතල් ගණන් මේ කෑම වලට දාන්නෙ නැහැ. බොහොම පොඩි ප්‍රමාණයක් තමා එකතු කරන්නෙ. ඒකෙන් හදන කෑම එකට විශේෂ රසක් වගේම සුවඳක් එකතු කරනව. විශේෂයෙන් මස් වර්ග පිලියෙල කිරීමේදී අපි භාවිතා කරන හැම රසකාරකයක්ම මස් වලට හොඳින් උරා ගැනීමට ඇල්කොහොල් උපකාර වෙනව.

    මේ සඳහා ඕනෑම මත්පැන් වර්ගයක් ඔබට භාවිතා කරන්න පුළුවන්. කුකින් වයින් වගේ ඉවීමටම විශේෂ වූ වයින් වර්ග හෝ බ්‍රැන්ඩි අවශ්‍ය නැහැ. හැබැයි මෙහෙම හදන කෑම වලින් මත් බවක් ඇති වෙන්නෙ නැති බව මතක් කරලම කියන්න ඕනෙ. මත්පැන් වල ඇති ඇල්කොහොල් පිසීමේදී වාෂ්ප වෙන නිසා එයින් ආහාරයට එක් වන රසය හැරුණු කොට මත් බවක් ඇති වෙන්නෙ නෑ.

    1. Chocolate Brownies
    Recipes that use arrack

    Source – allrecipes.com

    • කුකින් චොකලට් 100g
    • බටර් කප් 1\2
    • දුඹුරු සීනි කප් 3\4
    • සුදු සීනි කප් 3\4
    • බිත්තර 2
    • බ්‍රැන්ඩි මේස හැඳි 4
    • වැනිලා තේ හැඳි 1
    • ගාගත් දොඩම් ලෙලි තේ හැඳි 1
    • පාන් පිටි කප් 3\4
    • ලුණු පින්ච් එකක්

    1. බටර් සහ චොකල්ට් වලින් භාගයක් ඉතාම අඩු ගින්දරේ ලිප තබා උණු කරගන්න. වෙනම බඳුනක බිත්තර සහ සීනි මෘදු වන තුරු හොඳින් බීට් කරගන්න.
    2. එයට මෙල්ට් කරගත් චොකලට් සියල්ල, බ්‍රැන්ඩි වලින් මේස හැඳි 3ක්, වැනිලා සහ දොඩම් ලෙලි එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. එයට පිටි, ලුණු සහ ඉතිරි චොකලට් කුඩාවට කපා එක් කර නැවත මිශ්‍ර කරගන්න.
      අඟල් 8 දිග සහ පළල ඇති තැටියක හොඳින් බටර් තවරා උඩින් යන්තමට පිටි ඉස සකස් කරගත් මිශ්‍රණය දමා ගන්න.
    3. සෙල්සියස් 175ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 30ත් 35ත් අතර කාලයක් බේක් කරගන්න.
    4. බේක් කර පිටතට ගත් පසු ඉතිරි බ්‍රැන්ඩි මේස හැන්ද උඩින් තවරාගන්න. ෆොයිල් එකකින් හෝ පොලිතින් එකකින් සම්පූර්ණයෙන් ආවරණය කර හොඳින් නිවෙන්නට තබා අඟල් 2ක කොටු කපාගන්න. භාවිතයට ගන්නා තුරු හොඳින් ආවරණය කර තබාගන්න.

    2. Christmas Cake
    Recipes that use arrack

    Source – annabel-langbein.com

    • වියලි පලතුරු කප් 3\4
    • රෙඩ් රම් කප් 1\2
    • බටර් කප් 1\2
    • පිටි කප් 1\2
    • කිරි මේස හැඳි 2
    • ගෝල්ඩන් සිරප් කප් 1\4
    • ලුණු තේ හැඳි 1\4
    • බේකින් සෝඩා 1\8
    • බිත්තර 1ක්
    • කුරුඳු කුඩු තේ හැඳි 1\4
    • චොප් කරගත් කජු කප් 1\4
    • කිරි මේස හැඳි 2

    1. වියලි පලතුරු රම් කප් 1\4ක දමා පැය 24ක් කාමර උෂ්ණත්වයේ වසා තබාගන්න.
    2. වෙනම බඳුනක් ගෙන එයා බටර් සහ සීනි එක් කර ක්‍රීම් වන තුරු බීට් කරගන්න. එයට බිත්තරය එක් කර නැවත බීට් කරන්න.
    3. පිටි, බේකින් සෝඩා, ලුණු සහ කුරුඳු කුඩු එකට හලා ගෙන බිත්තර සහ බටර් මිශ්‍රණයට තුන් වරකට එකතු කරමින් ලී හැන්දකින් මිශ්‍ර කරගන්න. එයටම ගෝල්ඩන් සිරප් සහ කිරිත් එක් කරගන්න.
    4. පොඟවා ගත් පලතුරු සහ කජුත් එක් කර සාදාගත් මිශ්‍රණය අඟල් 6×3 හොඳින් බටර් තවරාගත් පාන් පුළුස්සන තැටියකට දමා ගන්න.
    5. සෙල්සියස් 165ට පෙර රත් කරගත් උඳුනක විනාඩි 40ත් 45ත් අතර වේලාවක් බේක් කරගන්න. විනාඩි 10ක් නිවෙන්න හැර රම් මේස හැඳි 2ක් උඩින් ඉස ගන්න.
    6. තෙල් කඩදාසියක් ගෙන ඒ මත රම් මේස හැන්දකින් පොඟවා ගත් තුනී රෙදි කැබැල්ලක් ඒ මත එලා සාදාගත් කේක් එක ඒ මැදින් තබා හොඳින් ඔතාගන්න. හුලන් නොවදින සේ හොඳින් වැසුනු බඳුනක දමා දින 7කට පසු රස බලන්න ගන්න. ඊට වඩා කාලයක් උනත් තියන තරමට මෙහි රස වැඩි බව කියන්න කැමතියි.

    3. Frozen Margarita Pie
    Recipes that use arrack

    Source – scatteredthoughtsofacraftymom.com

    ක්‍රස්ට් එක සඳහා

    • හොඳින් කුඩු කරගත් බිස්කට් කප් 1 (ක්‍රීම් ක්‍රැකර් වැනි පැණි රස රහිත බිස්කට් වර්ගයක්)
    • සුදු සීනි කප් 1\4
    • මාගරින් කප් 1\3

    ෆිලින්ග් එක සඳහා

    • මිල්ක්මේඩ් 115g
    • බීමට හැකි ලෙස සාදාගත් දෙහි යුෂ කප් 1\3 (අයිස් වන තුරු ෆ්‍රීස් කරගන්න)
    • ලෙමන් ජින් මේස හැඳි 2
    • දොඩම් යුෂ මේස හැන්දක්
    • කොල පාට ෆුඩ් කලරින් බින්දු දෙකක්
    • විප් ක්‍රීම් කප් 1
    • පෙති කපාගත් කොල පාට දෙහි ගෙඩියක්

    1. බිස්කට් කුඩු සහ සීනි හොඳින් කලවම් කරගන්න. එයට මාගරින් එක් කර හොඳින් අනාගන්න. අඟල් 9ක පයි ප්ලේට් එකක් ගෙන එයට සාදාගත් බිස්කට් මිශ්‍රණය දමා හොඳින් තද කරන්න. සෙල්සියස් 190ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 5ක් බේක් කරගෙන නිවෙන්නට තබා ගන්න.
    2. මිල්ක්මේඩ්, දෙහි යුෂ, දොඩම් යුෂ, ජින් සහ කලරින් වෙනම බෝල් එකක හොඳින් මිශ්‍ර කරගන්න.
    3. වෙනම බඳුනක විප් ක්‍රීම් ඝණ වනතුරු හොඳින් බීට් කරගන්න. එය සාදාගත් මිල්ක්මේඩ් මිශ්‍රණයට හැන්දකින් එක් කරමින් කලවම් කරගන්න.
    4. සාදාගත් ෆිලින්ග් එක නිවා ගත් ක්‍රස්ට් එකට පුරවා හොඳින් ආවරණය කර පැය 4ක් ෆ්‍රීස් කරගන්න. පිලිගැන්වීමට විනාඩි 10කට පෙර පිටතින් තබාගන්න.

    4. Chicken Marinated with Vodka
    Recipes that use arrack

    Source – thekitchenprescription.com

    • කටු රහිත චිකන් 500g
    • ගාගත් දෙහි ලෙලි තේ හැඳි 1\2
    • දෙහි බෑයක යුෂ
    • එළවලු තෙල් මේස හැන්දක්
    • චොප් කරගත් මින්චි කොල මේස හැන්දක්
    • වොඩ්කා හෝ වයිට් රම් කප් 1\4
    • සීනි මේස හැඳි 1
    • ලුනු තේ හැඳි 1\4

    1. අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල හොඳින් එකට මිශ්‍ර කර චිකන් මත තවරාගන්න.
    2. විටින් විට දෙපැත්ත හරවමින් පැය දෙක තුනක් ශීතකරණයේ තබා ගන්න.
    3. තෙල් තවරාගත් තැටියක චිකන් ටික තබා සෙල්සියස් 170ට පෙර රත් කරන ලද උඳුනක පැයක් හෝ චිකන් ටික හොඳින් රන්වන් පැහැවී මැද පිසෙන තුරු බේක් කරගන්න.
    4. එහෙමත් නැත්නම් මේ විදියට මැරිනේට් කරපු චිකන් එක ඔයාලට කැමති නම් ග්‍රිල් කරගන්නත් පුළුවන්.

    5. Beef Stroganoff
    Recipes that use arrack

    Source – epicurious.com

    • 500g බීෆ්, පෝක් හෝ චිකන් බ්‍රෙස්ට් 1ක්
    • චොප් කරගත් ලූනු ගෙඩියක්
    • චොප් කරගත් සුදු ලූනු බික් 2
    • දෙහි ගෙඩියක්
    • හීනියට ලියාගත් හතු මිටක්
    • පාස්ලි කොල මිටක්
    • පැප්රිකා හෝ මිරිස් කුඩු තේ හැන්දක්
    • ලුණුම්මිරිස් කුඩු
    • ඔලිව් තෙල් ටිකක්
    • බ්‍රැන්ඩි කප් 1\2
    • යෝගට් එකක්

    1. මස් කොටස රෝලින් පින් එකකින් තරමක් තලා ඇඟිල්ලක් තරම් මහත කොටස් වලට කපාගන්න.
    2. පැප්රිකා, ලුණු, ගම්මිරිස් කුඩු සහ ගාගත් දෙහි ලෙලි එකට මිශ්‍ර කර මස් වලට එක් කර හොඳින් කලවම් කරන්න.
    3. තෙල් ටිකක් පෑන් එකකට දමා රත් වෙන්න හැර එයට ලූනු සහ සුදු ලූනු එක් කර අඩුම ගින්දරේ තෙම්පරාදු කරගන්න. ගින්දර තරමක් වැඩි කර එයටම හතු සහ බටර් එක් කර මිශ්‍ර කරගන්න. හතු ටික රන් වන් පැහැ වන තුරු බැදගෙන පෑන් එකෙන් ඉවත් කරගන්න.
    4. ඒ පෑන් එකටම තව තෙල් ස්වල්පයක් එක් කර තෙල් රත් වූ පසු මස් ටික එයට දමා මස් තරමක් පිසෙන තුරු විනාඩි 2ක් පමන තෙම්පරාදු කරගන්න.
    5. එයට හතු මිශ්‍රණය එක් කර එයටම බ්‍රැන්ඩි සහ යෝගට් එක් කර මද ගින්නේ හිඳෙන තුරු පිස ගන්න.
     
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    19 Nov 2016 07:06 AM
    සුපිරි තමා. හදාගෙන කන්න කෝ වෙලාවක්......?
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    19 Nov 2016 07:07 AM
    පෙනුම නම් රස වැහෙනවා . ලග එන නත්තලට අපුරු කෑම
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    20 Nov 2016 01:21 AM
    Posted By samantha on 19 Nov 2016 12:10 AM

    වටිනා කෑම වට්ටෝරු ටිකක්.බොහෝම ස්තුතියි
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    malki
    Basic Member
    Basic Member
    Posts:216

    --
    20 Nov 2016 02:46 PM
    christmas cake recipe එක නම් බොහොම පහසු එකක්(මම නම් Brandy තම ඩන්නේ) ...බොහොම ස්තුති
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    20 Nov 2016 07:24 PM
    පට්ට නේ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    malki
    Basic Member
    Basic Member
    Posts:216

    --
    21 Nov 2016 05:00 AM
    බොහොම ස්තුති ...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    27 Nov 2016 12:42 AM

    දකුණේ කෙනෙක් නම් මේ කෑම වර්ග 5 හදන හැටි දැනන් ඉන්නම ඕනෙ

    ආහාර කියන්නෙ විවිධ ජාතීන්, පලාත් සංස්කෘතීන් ලෝබ නැතුව බෙදා හදාගන්න දෙයක්. මොන මොන දේවල් වලින් පිල් බෙදුනත් අපේ ආහාර සංස්කෘතීන් එකිනෙකා හා මිශ්‍ර වෙලා කාලාන්තරයක් තිස්සෙ  අපේ දිව පිනවනව. අනිවා අපි මීට කලිනුත් එක එක පලාත් වගේම ජාතීන්ගෙන් අපේ ආහාර ලොවට දායාද වෙච්ච කෑම ගැන කතා කලා. අද අපි මේ කතා කරන්න යන්නෙ දකුණු පලාතේ කෑම වර්ග ගැන.

    දකුණු පලාත කිව්වම වෙනමම ආහාර සංස්කෘතියක් බිහි කරපු පලාතක්. මී කිරි එක්ක බත්, මාළු ඇඹුල් තියල්, ජාඩි වගේ දකුණටම ආවේණික වෙච්ච ලංකාව පුරා හැමෝම බොහොම ආසාවෙන් රස බලන කෑම වර්ග බොහොමයි. දකුණෙන් රට පුරාම විසිරුණු මේ වගේ කෑම වර්ග 5ක් හදන හැටි අපි අද අරගෙන ආව. හදමුද දකුණේ තාලෙට කෑමක් එහෙනම්.

    1. ජාඩි හොද්ද
    Deep South Recipes from Sri Lanka

    Source – srigedara.com

    ජාඩි කියන්නෙ ඉතින් දකුණෙ මූදූබඩ පලාත් වල ජනප්‍රියම කෑමක්. දැන් දැන්  ටිකෙන් ටික නැත්තටම නැති වෙලා යන කෑමක් කිව්වත් හරි. කුම්බලා මාළු, බල මාළු වගේ ලොකු මාළු වර්ග වගේම හුරුල්ලො වගේ පොඩි මාළු වලින් තමයි වැඩිහරියක් ජාඩි දාන්නෙ. ජාඩි කියන්නෙ මාළු කල් තියාගන්න ක්‍රමයක්. අළුත් මාළු ඔලු සහ බඩවැල් ඉවත් කරල ඇල් වතුර පොඩ්ඩක්වත් ගාවන්නෙ නැතුව තනිකර ලුණු වතුරෙන්ම සෝදල පිරිසිදු කරගෙන ලුණු කැට සහ ගොරකා එක්ක අතුරල මාසයක් විතර හොඳින් වහල තියල තමා ජාඩි හදාගන්නෙ. එහෙම හදාගත්තු ජාඩි වලින් දකුණේ තාලෙට හොද්දක් හදන හැටි තමයි මේ.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • සිහින්ව ලියාගත් රතු ලූනු
    • තලාගත් සුදු ලූනු
    • රම්පෙ/කරපිංචා
    • කොච්චි කරල් කීපයක් (මේ වෙනුවට අමු මිරිස් ගන්නත් පුළුවන් කොච්චි තමා රස)
    • මිරිස් කුඩු
    • ගම්මිරිස් කුඩු
    • රස අනුව ලුණු ( ජාඩි වල ලුණු රස කොහොමත් තියෙන නිසා ලුණු පදම බලා පාවිච්චි කරන්න)
    • දිය කිරි
    • මිටි කිරි

    1. ජාඩි වලට කොච්චි ටික දෙකට පලා දාගෙන මිටි කිරි හැර අනෙක් සියල්ල එක් කර මිශ්‍ර කර ලිප තබා ගන්න.
    2. හොද්ද උතුරා තැම්බීගෙන එන විට මිටි කිරි එක් කර යන්තමින් හැඳි ගාමින් හොඳි ගතිය තියෙද්දීම ලිපෙන් ඉවත් කරගන්න.

    2. දෙහි ආනම
    Deep South Recipes from Sri Lanka

    Source – facebook.com/Shikifood

    බොහෝ දෙනෙක් නොදන්න දකුණේ කෑමක්. ටිකෙන් ටික වියැකිලා යන පාරම්පරික ආහාර වර්ග අතරට මේ දෙහි ආනමත් එකතු වෙනව.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • ඉදුණු දෙහි ගෙඩි 3ක්4ක්
    • කපාගත් ලූනු, සුදු ලූනු, අමු මිරිස්
    • රම්පෙ, කරපිංචා
    • සේර කැබැල්ලක්
    • කුරුඳු
    • අබ ඇට
    • උළුහාල්
    • සූදුරු ඇට
    • කපාගත් වියලි මිරිස් කරල් දෙක තුනක්
    • අමු තුන පහ, කහ සහ මිරිස් කුඩු
    • ලුණු
    • මිටි කිරි

    1. දෙහි සිහින් තීරු වලට කපා ගන්න. එයට ලුණු සහ වතුර ටිකක් එක් කර දෙහි ලෙල්ල මෙලෙක් වන තුරු තම්බා ගන්න.
    2. වෙනත් බඳුනක් ලිප තබා එයට තෙල් දමා අබ එක් කර පුපුරන්න හරින්න. එයට සීනි හැර අනෙක් පහේ සියල්ල එක් කර තෙම්පරාදු කරගන්න.
    3. ඒ තෙම්පරාදුවට තම්බාගත් දෙහි එක් කර මිශ්‍ර කරගෙන මිටි කිරි දමා ලුණු සහ සීනි රස අනුව එක් කර  හින්දගන්න.

    3. මාළු ඇඹුල් තියල්
    Deep South Recipes from Sri Lanka

    Source – facebook.com/Shikifood

    ඇඹුල් තියල් කරපු මාළු කෑල්ලක්, ගා ගත්තු පොල් ටිකක් එක්ක කැකුළු හාලෙ බත් කියන්නෙ තනිකරම දකුණෙ කෑමක්. ඒ රස දන්නෝ දනිති. එක එක ක්‍රම වලට මේ ඇඹුල් තියල හදනව. මීට වඩා වෙනස් ක්‍රමත් ඔයාල දන්නවා ඇති. කොහොම හැදුවත් මේ ඇඹුල් තියල් එකට ගොරකා වලින් එන ඇඹුල් රස තමා ඉස්මතු වෙන්න ඕනෙ. බල මාලු හෝ කෙලවල්ලන් වගේ උෂ්ණ මාළු වර්ගයකින් හදන මාළු ඇඹුල් තියල් එක්ක පොල් ටිකක් කන කොට අර මාළු වල සැර මැකෙනව. පැරැණ්නෝ ආහාර සමබර කලේ එහෙමයි.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • කෙලවල්ලන් හෝ බල මාළු 1kg (තලපත් උනත් ගන්න පුළුවන්)
    • ගොරකා කැබලි 8ක්
    • ගම්මිරිස් ඇට මේස හැඳි 3
    • මිරිස් කුඩු තේ හැන්දක්
    • සුදු ලූනු බික් 3ක්
    • කරපිංචා ඉත්තක්
    • ඉඟුරු කෑල්ලක්
    • ලුණු
    • තෙල් මේස හැඳි 1ක්

    1. ගොරකා ටික මෙලෙක් වන තුරු තම්බා අඹරා ගන්න. ගම්මිරිස් ඇට, ඉඟුරු, සුදු ලූනු, කරපිංචා පේස්ට් එකක් වන තුරු හොඳින් අඹරාගන්න. එයට මිරිස්, තෙල් සහ ලුණු එක් කර අඹරාගත් ගොරකා ටිකද සමඟ මිශ්‍ර කරගන්න.
    2. සෝදා පිරිසිදු කරගත් මාළු වලට මේ මිශ්‍රණය හොඳින් අත ගා පැය බාගයක් පමණ වසා තබාගන්න. පසුව එයට කරදමුංගු, කරාබු නැටි කීපයක් එක් කර මාළු වැසෙන ගානට වතුර දමා හිඳෙන තුරු අඩු ගින්දරේ පිසගන්න.

    4. රුහුණු අච්චාරු
    Deep South Recipes from Sri Lanka

    Source – facebook.com/Shikifood

    නමින්ම මේක දකුණේ කෑමක්. අච්චාරුවක් එක්ක පරිප්පු ටිකක් තිබ්බත් ඇති බත් කන්න. මේ වගේ රස අච්චාරුවක් හදල තියාගන්න එක කාර්යබහුල ගෘහණියකට පහසුවක්.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • පිරිසිදු කරගත් හාල් වියලි හාල් මැස්සන් 100
    • රතු ලූනු කෝප්පයක්
    • අමු මිරිස් කරල් 10
    • අඹරාගත් අබ මේස හැඳි 1
    • කෑලි මිරිස්, කහ, ගම්මිරිස් කුඩු ස්වල්පයක්
    • රස අනුව ලුණු සහ සීනි
    • විනාකිරි කප් 1\4

    1. හාල් මැස්සන් ගැඹුරු තෙලේ බැදගන්න. ඒ රත් වු තෙලටම දමා රතු ලූනු ටිකද විනාඩි 2ක් පමණ බැදගන්න.
    2. ලිප නිවා තෙල් වල රස්නය තිබියදීම අමු මිරිස් ටික තෙලට දමා යන්තම් බැදගන්න.
    3. මැටි හට්ටියක් ගෙන එයට විනාකිරි ටික එකතු කරගෙන එය උතුරන විට එයට පහේ ටික, ලුණු සහ සීනි එක් කර මිශ්‍ර කරගන්න.
    4. එයට බැදගත් ලූනු, හාල් මැස්සන් සහ අමු මිරිස් එක් කර විනාකිරි සිඳෙන තුරු අඩු ගින්දරේ ලිප තබා නිවෙන්නට තබන්න. නිවුනු පසු බෝතලයකට දමා කල් තබා ගන්න පුළුවන්.

    5. දකුණේ තාලෙට මාළු කරියක්
    Deep South Recipes from Sri Lanka

    Source – facebook.com

    මේ දකුණේ තාලෙට මාළු කරියක් හදාගන්න හැටි. දකුණු ලක මුහුදුබඩ කලාපයේ කාන්තාවන්ට මාළු හොද්දක් රසට හදාගන්න එක ඒ හැටි දෙයක් නෙවෙයි. එහෙම රසට දකුණේ තාලෙට මාළු කරියක් හදන හැටියි මේ. මෙහි විශේෂත්වය නම් ලූනු එක් නොකර පිස ගැනීමයි.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • කෑලි කපාගත් කැමති මාළු වර්ගයකින් 500g
    • පොල් මේස හැන්දක්
    • හාල් මේස හැන්දක්
    • තලාගත් ඉඟුරු, සුදු ලූනු
    • ගොරකා කැබලි 2, 3ක්
    • කපාගත් තක්කලි ගෙඩියක්
    • රම්පෙ, කරපිංචා, සේර
    • කුරුඳු පොතු
    • අමු මිරිස්
    • උළුහාල්
    • මිරිස් කුඩු
    • ගම්මිරිස්
    • අමු තුනපහ ටිකක්
    • කහ
    • ලුණු

    1. මාළු වලට මිරිස්,ගම්මිරිස්,ලුණු, කහ, තුනපහ සහ තලාගත් ඉඟුරු සුදු ලූනු යන සියල්ලෙන්ම කොටසක් එක් කර හොඳින් අතගා පසෙකින් තබාගන්න.
    2. හාල් පොල් රන් වන් පැහැ වන තුරු බැද අඹරාගන්න. මැටි ඇතිලියක් ලිප තබා එයට තෙල් ටිකක් රත් වෙන්න දමා ගන්න. රත් වූ තෙලට ඉතිරි කරගත් ඉඟුරු සුදු ලූනු, රම්පෙ, කරපිංචා, සේර, උලුහාල්, අඹරාගත් හාල්, පොල්, තක්කලි, ගොරකා සහ කුරුඳු පොතු දමා තෙම්පරාදු කරගන්න.
    3. එයට ඉතිරි කරගත් පහේ සියල්ලද එක් කර මිශ්‍ර කරගෙන මාලු ටිකද එක් කරගන්න. වැසෙන ගාණට වතුර දමා පිස ගන්න.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    27 Nov 2016 04:44 AM
    ඔය වර්ග ටික නම් අපේ දිහා හදනවා.එකක් හැරෙන්න.ඒ තමයි ජාඩී
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    27 Nov 2016 09:47 AM
    හදන විදිය දාලා තියෙන හින්දා වයඹ අපටත් මේවා ඔට්ටුයි.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    27 Nov 2016 02:42 PM
    mmmmmm me tika nam save kara ganna one ...appa katata kelath aawa. sthuthi ayiye
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    27 Nov 2016 04:31 PM
    කියනත් දුකයි අප්පා මමත් දකුණේ වෙන්න ඕනේ එත් මම දකුණට අයිති නැති උනානේ. උපත් ඔහේ වුනාට ඉන්න පින නැහැ ඉතින්.
    අයියෝ සමන්ත මාමේ දකුණේ කෑම රසයිලු නේද?
    මම කාලා නෑ ඉතින්.
    දිනයක වැටහේවී...........
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    27 Nov 2016 07:36 PM
    දෙහි ආනම කාලා නැහැ නේ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    27 Nov 2016 08:35 PM
    Posted By samantha on 27 Nov 2016 12:42 AM

    දකුණේ කෙනෙක් නම් මේ කෑම වර්ග 5 හදන හැටි දැනන් ඉන්නම ඕනෙ

    ආහාර කියන්නෙ විවිධ ජාතීන්, පලාත් සංස්කෘතීන් ලෝබ නැතුව බෙදා හදාගන්න දෙයක්. මොන මොන දේවල් වලින් පිල් බෙදුනත් අපේ ආහාර සංස්කෘතීන් එකිනෙකා හා මිශ්‍ර වෙලා කාලාන්තරයක් තිස්සෙ  අපේ දිව පිනවනව. අනිවා අපි මීට කලිනුත් එක එක පලාත් වගේම ජාතීන්ගෙන් අපේ ආහාර ලොවට දායාද වෙච්ච කෑම ගැන කතා කලා. අද අපි මේ කතා කරන්න යන්නෙ දකුණු පලාතේ කෑම වර්ග ගැන.

    දකුණු පලාත කිව්වම වෙනමම ආහාර සංස්කෘතියක් බිහි කරපු පලාතක්. මී කිරි එක්ක බත්, මාළු ඇඹුල් තියල්, ජාඩි වගේ දකුණටම ආවේණික වෙච්ච ලංකාව පුරා හැමෝම බොහොම ආසාවෙන් රස බලන කෑම වර්ග බොහොමයි. දකුණෙන් රට පුරාම විසිරුණු මේ වගේ කෑම වර්ග 5ක් හදන හැටි අපි අද අරගෙන ආව. හදමුද දකුණේ තාලෙට කෑමක් එහෙනම්.

    1. ජාඩි හොද්ද
    Deep South Recipes from Sri Lanka

    Source – srigedara.com

    ජාඩි කියන්නෙ ඉතින් දකුණෙ මූදූබඩ පලාත් වල ජනප්‍රියම කෑමක්. දැන් දැන්  ටිකෙන් ටික නැත්තටම නැති වෙලා යන කෑමක් කිව්වත් හරි. කුම්බලා මාළු, බල මාළු වගේ ලොකු මාළු වර්ග වගේම හුරුල්ලො වගේ පොඩි මාළු වලින් තමයි වැඩිහරියක් ජාඩි දාන්නෙ. ජාඩි කියන්නෙ මාළු කල් තියාගන්න ක්‍රමයක්. අළුත් මාළු ඔලු සහ බඩවැල් ඉවත් කරල ඇල් වතුර පොඩ්ඩක්වත් ගාවන්නෙ නැතුව තනිකර ලුණු වතුරෙන්ම සෝදල පිරිසිදු කරගෙන ලුණු කැට සහ ගොරකා එක්ක අතුරල මාසයක් විතර හොඳින් වහල තියල තමා ජාඩි හදාගන්නෙ. එහෙම හදාගත්තු ජාඩි වලින් දකුණේ තාලෙට හොද්දක් හදන හැටි තමයි මේ.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • සිහින්ව ලියාගත් රතු ලූනු
    • තලාගත් සුදු ලූනු
    • රම්පෙ/කරපිංචා
    • කොච්චි කරල් කීපයක් (මේ වෙනුවට අමු මිරිස් ගන්නත් පුළුවන් කොච්චි තමා රස)
    • මිරිස් කුඩු
    • ගම්මිරිස් කුඩු
    • රස අනුව ලුණු ( ජාඩි වල ලුණු රස කොහොමත් තියෙන නිසා ලුණු පදම බලා පාවිච්චි කරන්න)
    • දිය කිරි
    • මිටි කිරි

    1. ජාඩි වලට කොච්චි ටික දෙකට පලා දාගෙන මිටි කිරි හැර අනෙක් සියල්ල එක් කර මිශ්‍ර කර ලිප තබා ගන්න.
    2. හොද්ද උතුරා තැම්බීගෙන එන විට මිටි කිරි එක් කර යන්තමින් හැඳි ගාමින් හොඳි ගතිය තියෙද්දීම ලිපෙන් ඉවත් කරගන්න.

    2. දෙහි ආනම
    Deep South Recipes from Sri Lanka

    Source – facebook.com/Shikifood

    බොහෝ දෙනෙක් නොදන්න දකුණේ කෑමක්. ටිකෙන් ටික වියැකිලා යන පාරම්පරික ආහාර වර්ග අතරට මේ දෙහි ආනමත් එකතු වෙනව.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • ඉදුණු දෙහි ගෙඩි 3ක්4ක්
    • කපාගත් ලූනු, සුදු ලූනු, අමු මිරිස්
    • රම්පෙ, කරපිංචා
    • සේර කැබැල්ලක්
    • කුරුඳු
    • අබ ඇට
    • උළුහාල්
    • සූදුරු ඇට
    • කපාගත් වියලි මිරිස් කරල් දෙක තුනක්
    • අමු තුන පහ, කහ සහ මිරිස් කුඩු
    • ලුණු
    • මිටි කිරි

    1. දෙහි සිහින් තීරු වලට කපා ගන්න. එයට ලුණු සහ වතුර ටිකක් එක් කර දෙහි ලෙල්ල මෙලෙක් වන තුරු තම්බා ගන්න.
    2. වෙනත් බඳුනක් ලිප තබා එයට තෙල් දමා අබ එක් කර පුපුරන්න හරින්න. එයට සීනි හැර අනෙක් පහේ සියල්ල එක් කර තෙම්පරාදු කරගන්න.
    3. ඒ තෙම්පරාදුවට තම්බාගත් දෙහි එක් කර මිශ්‍ර කරගෙන මිටි කිරි දමා ලුණු සහ සීනි රස අනුව එක් කර  හින්දගන්න.

    3. මාළු ඇඹුල් තියල්
    Deep South Recipes from Sri Lanka

    Source – facebook.com/Shikifood

    ඇඹුල් තියල් කරපු මාළු කෑල්ලක්, ගා ගත්තු පොල් ටිකක් එක්ක කැකුළු හාලෙ බත් කියන්නෙ තනිකරම දකුණෙ කෑමක්. ඒ රස දන්නෝ දනිති. එක එක ක්‍රම වලට මේ ඇඹුල් තියල හදනව. මීට වඩා වෙනස් ක්‍රමත් ඔයාල දන්නවා ඇති. කොහොම හැදුවත් මේ ඇඹුල් තියල් එකට ගොරකා වලින් එන ඇඹුල් රස තමා ඉස්මතු වෙන්න ඕනෙ. බල මාලු හෝ කෙලවල්ලන් වගේ උෂ්ණ මාළු වර්ගයකින් හදන මාළු ඇඹුල් තියල් එක්ක පොල් ටිකක් කන කොට අර මාළු වල සැර මැකෙනව. පැරැණ්නෝ ආහාර සමබර කලේ එහෙමයි.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • කෙලවල්ලන් හෝ බල මාළු 1kg (තලපත් උනත් ගන්න පුළුවන්)
    • ගොරකා කැබලි 8ක්
    • ගම්මිරිස් ඇට මේස හැඳි 3
    • මිරිස් කුඩු තේ හැන්දක්
    • සුදු ලූනු බික් 3ක්
    • කරපිංචා ඉත්තක්
    • ඉඟුරු කෑල්ලක්
    • ලුණු
    • තෙල් මේස හැඳි 1ක්

    1. ගොරකා ටික මෙලෙක් වන තුරු තම්බා අඹරා ගන්න. ගම්මිරිස් ඇට, ඉඟුරු, සුදු ලූනු, කරපිංචා පේස්ට් එකක් වන තුරු හොඳින් අඹරාගන්න. එයට මිරිස්, තෙල් සහ ලුණු එක් කර අඹරාගත් ගොරකා ටිකද සමඟ මිශ්‍ර කරගන්න.
    2. සෝදා පිරිසිදු කරගත් මාළු වලට මේ මිශ්‍රණය හොඳින් අත ගා පැය බාගයක් පමණ වසා තබාගන්න. පසුව එයට කරදමුංගු, කරාබු නැටි කීපයක් එක් කර මාළු වැසෙන ගානට වතුර දමා හිඳෙන තුරු අඩු ගින්දරේ පිසගන්න.

    4. රුහුණු අච්චාරු
    Deep South Recipes from Sri Lanka

    Source – facebook.com/Shikifood

    නමින්ම මේක දකුණේ කෑමක්. අච්චාරුවක් එක්ක පරිප්පු ටිකක් තිබ්බත් ඇති බත් කන්න. මේ වගේ රස අච්චාරුවක් හදල තියාගන්න එක කාර්යබහුල ගෘහණියකට පහසුවක්.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • පිරිසිදු කරගත් හාල් වියලි හාල් මැස්සන් 100
    • රතු ලූනු කෝප්පයක්
    • අමු මිරිස් කරල් 10
    • අඹරාගත් අබ මේස හැඳි 1
    • කෑලි මිරිස්, කහ, ගම්මිරිස් කුඩු ස්වල්පයක්
    • රස අනුව ලුණු සහ සීනි
    • විනාකිරි කප් 1\4

    1. හාල් මැස්සන් ගැඹුරු තෙලේ බැදගන්න. ඒ රත් වු තෙලටම දමා රතු ලූනු ටිකද විනාඩි 2ක් පමණ බැදගන්න.
    2. ලිප නිවා තෙල් වල රස්නය තිබියදීම අමු මිරිස් ටික තෙලට දමා යන්තම් බැදගන්න.
    3. මැටි හට්ටියක් ගෙන එයට විනාකිරි ටික එකතු කරගෙන එය උතුරන විට එයට පහේ ටික, ලුණු සහ සීනි එක් කර මිශ්‍ර කරගන්න.
    4. එයට බැදගත් ලූනු, හාල් මැස්සන් සහ අමු මිරිස් එක් කර විනාකිරි සිඳෙන තුරු අඩු ගින්දරේ ලිප තබා නිවෙන්නට තබන්න. නිවුනු පසු බෝතලයකට දමා කල් තබා ගන්න පුළුවන්.

    5. දකුණේ තාලෙට මාළු කරියක්
    Deep South Recipes from Sri Lanka

    Source – facebook.com

    මේ දකුණේ තාලෙට මාළු කරියක් හදාගන්න හැටි. දකුණු ලක මුහුදුබඩ කලාපයේ කාන්තාවන්ට මාළු හොද්දක් රසට හදාගන්න එක ඒ හැටි දෙයක් නෙවෙයි. එහෙම රසට දකුණේ තාලෙට මාළු කරියක් හදන හැටියි මේ. මෙහි විශේෂත්වය නම් ලූනු එක් නොකර පිස ගැනීමයි.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • කෑලි කපාගත් කැමති මාළු වර්ගයකින් 500g
    • පොල් මේස හැන්දක්
    • හාල් මේස හැන්දක්
    • තලාගත් ඉඟුරු, සුදු ලූනු
    • ගොරකා කැබලි 2, 3ක්
    • කපාගත් තක්කලි ගෙඩියක්
    • රම්පෙ, කරපිංචා, සේර
    • කුරුඳු පොතු
    • අමු මිරිස්
    • උළුහාල්
    • මිරිස් කුඩු
    • ගම්මිරිස්
    • අමු තුනපහ ටිකක්
    • කහ
    • ලුණු

    1. මාළු වලට මිරිස්,ගම්මිරිස්,ලුණු, කහ, තුනපහ සහ තලාගත් ඉඟුරු සුදු ලූනු යන සියල්ලෙන්ම කොටසක් එක් කර හොඳින් අතගා පසෙකින් තබාගන්න.
    2. හාල් පොල් රන් වන් පැහැ වන තුරු බැද අඹරාගන්න. මැටි ඇතිලියක් ලිප තබා එයට තෙල් ටිකක් රත් වෙන්න දමා ගන්න. රත් වූ තෙලට ඉතිරි කරගත් ඉඟුරු සුදු ලූනු, රම්පෙ, කරපිංචා, සේර, උලුහාල්, අඹරාගත් හාල්, පොල්, තක්කලි, ගොරකා සහ කුරුඳු පොතු දමා තෙම්පරාදු කරගන්න.
    3. එයට ඉතිරි කරගත් පහේ සියල්ලද එක් කර මිශ්‍ර කරගෙන මාලු ටිකද එක් කරගන්න. වැසෙන ගාණට වතුර දමා පිස ගන්න.

    මේ කෑම දකින කොට කටට කෙළත් උනනවා...

    ස්තූතියි සමන්ත අයියේ...

    0

    malki
    Basic Member
    Basic Member
    Posts:216

    --
    28 Nov 2016 04:43 AM
    කරවල නම් මගෙ පියතම කෑමක් ...වටින කියන යමක් මෙ ලිපෙ වල තියනව ...බොහොම ස්තුති Samantha.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    28 Nov 2016 05:42 AM
    මටනං ගාල්ලේ ගියා කියන්නේ මාලු ඇඹල් තියල් පාරක්නං අනිවා තමයි.
    ඒ වගේම අපේ මාතර ඉන්න සීයලා දඹුල්ලේ එනවා කියන්නේ අපිට ඉතින් නානප්‍රකාර කෑම ටිකක් එනවා කියන එක තමයි
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    28 Nov 2016 06:40 AM
    එත් මන් අහලා තියෙන මාළු ඇඹුල් තියල් වලට ගොරකා ,ගම්ම්මිරිස් , ලුනු මිරිස් කුඩු ස්වල්පයක් විතරක් දාලා හදන්නේ . එක කළු පාටට එන්නේ .
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    28 Nov 2016 08:57 AM
    මාළු ඇඹුල් තියල් වල රස වැඩි වෙන්නේ පහු වෙන තරමටයි.
    එතකොටනෙ හොදට ලුනු ඇඹුල් අහන්නේ....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    29 Nov 2016 05:54 AM
    මාලු ඇඹුල් කියල් දාන්නෙත් ගෙඩක් දුරට කල් තියා ගන්නනේ.................
    ඒක හින්ද වෙන්න ඇති
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    02 Jan 2017 10:23 PM

    ආහාර රස කරන
    වස විස නැති රස කාරක

    කෘත්‍රිම රසකාරක වර්ග ශරීරයට අහිතකරයි. ඇතැම් ඒවායේ පිළිකා කාරක තිබෙනවා. තවත් රසකාරක ශරීරගත වූ විට අපගේ අස්‌ථි දිරා යනවා. ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය ඇතිවෙනවා. කාන්තාවන්ගේ හෝමෝන ගැටලු මතු වී වඳ භාවයට පත්වෙනවා.

    කෑම ටිකනම් හරිම රසයි... මෙච්චර රසට හදන්න කෑමවලට දැම්මේ මොනවාද?

    මෙසේ විමසන විට බොහෝ දෙනාගේ මුවින් නිතැතින්ම කියෑවෙන්නේ රසකාරක යෑයි කියාය.

    වර්තමානයේ අප බොහෝ දෙනා ආහාරපාන රස ගැන්වීම සඳහා බහුලවම රසකාරක වර්ග භාවිතා කරති. ඒ නිසා රසට සුවඳට ඇති කෑම වේලක්‌ දුටුවිට අපට සිහිපත් වන්නේ රසකාරක වර්ගය.

    රසකාරක වර්ග ලෙස වර්තමානයේ බොහෝ දෙනා භාවිතා කරනුයේ කෘත්‍රිමව සකස්‌ කළ ඒවාය, මේවා වස විස සහිත රසකාරක වර්ග බවට වෛද්‍ය පර්යේෂණ අනුව අනාවරණය වී ඇත.

    වෛද්‍යතුමනි, කෘත්‍රිම රසකාරක වර්ග වලින් තොර ශරීරයට ගුණදායි රස කාරක වර්ග සාදාගත නොහැකිද?

    එය ඉතාමත් හොඳ ප්‍රශ්නයකි. වර්තමානයේ බටහිරටත් නැති අපේ කමටත් නැති සංකර කාන්තාවන් සහ ඉවුම් පිහුම් කටයුතුවල යෙදෙන පිරිමින් ආහාර පානවල රසය ඇති කිරීම සඳහා බටහිර රටවල නිෂ්පාදනය කරන කෘත්‍රිම රසකාරක වර්ග භාවිතා කරනවා.

    මෙම රසකාරක වර්ග ශරීරයට අහිතකරයි. ඇතැම් ඒවායේ පිළිකා කාරක තිබෙනවා. තවත් රසකාරක ශරීරගත වූ විට අපගේ අස්‌ථි දිරා යනවා. ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය ඇතිවෙනවා. කාන්තාවන්ගේ හෝමෝන ගැටලු මතු වී වඳ භාවයට පත්වෙනවා.

    වසර දෙදහසකට අධික කාලයක්‌ තිස්‌සේ අප වැනි ආසියානු රටවල ජනතාව කටට රහට පමණක්‌ නොව ඇඟට ගුණදායී රසකාරක වර්ග යොදා ආහාර සකස්‌ කළා. මෙම රසකාරක වර්ග වස විසවලින් තොරයි.

    වස විස නැති රස කාරක සාදා ගන්නා අයුරු,

    කුරුඳු පොතු, එනසාල්, කරාබු නැටි, වලඟසාල්, තිප්පිලි, අබ, උලුහාල්, කොත්තමල්ලි, සූදුරු, මහදුරු, අමුක්‌කරා පිටි, අව්වේ වේලාගත් ලුණුවිල පිටි තම්බා දිය හැරගත් අරලියමල් තම්බා දිය හැරගත් සේපාලිකා මල්, අව්වේ වේලාගත් වදමල්, කඩල පිටි, කොල්ලුපිටි, උඳුපිටි, කුරක්‌කන් පිටි, මුං ඇට පිටි මේ සියල්ල හෝ ඉන් පහකට වැඩි ප්‍රමාණයක්‌ සමව ගෙන හොඳින් කොටා ගන්න.

    ඊට වියළි ගම්මිරිස්‌ කුඩු තේ හැඳි 05 ක්‌ පිටිකරගත් කිතුල්හකුරු මේස හැඳි 05 ක්‌ මිශ්‍රකර හොඳින් කලවම් කර ගන්න.

    අවශ්‍යනම් දූරියන් ඇට පිටි තේ හැඳි 05 ක්‌ සහ රතු බතල පිටි තේ හැඳි 05 ක්‌ ද මිශ්‍ර කර ගත හැකිය.

    මෙලෙස සාදාගත් ආහාර රස කාරකය එදිනෙදා පිසගනු ලබන ඕනෑම වෑංජනයක්‌ සඳහා යොදාගත හැකිය.

    රසකාරක කල් තබා ගැනීම

    ඉහත වට්‌ටෝරුවට අනුව සාදාගත් වස විස නැති රසකාරකය මැටි භාජනයක හෝ වීදුරු බෝතලයක දමා සතියක්‌ පමණ භාවිතයට ගත හැකිය.

    මෙම රසකාරක නරක්‌ නොවී තබා ගැනීමට එය බහා ඇති භාජනය තුළට අබ මේස හැඳි දෙකක්‌ හෝ වියළි ගම්මිරස්‌ මේස හැඳි දෙකක්‌ හෝ කොහොඹ ඇට මේස හැඳි දෙකක්‌ පිරිසිදු සුදු රෙදි කඩකින් ඔතා දැමීම තුළින් පිළිවන.

    මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට දුරකථන අංක 0776500677 මගින් වෛද්‍යතුමන් ඇමැතිය හැකිය.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    03 Jan 2017 06:49 AM
    ඔය කියන තරම් දේවල් ඕනෙ නැහැ හරියට උයන්න දන්න කෙනාට

    කුරුඳු පොතු, එනසාල්, කරාබු නැටි,අබ, උලුහාල්, කොත්තමල්ලි, සූදුරු, මහදුරු, සුදුළුැණු, කරපිංචා ටික තිබුණනං ඕක එකක් කටට රසට හදයි

    මෙතන හැබැයි කුලුබඩු වෙනුවට භාවිත කරන අද දැනගත්ත ඒව සමූහයකුත් තියෙනවා

    ස්තූතියි අයියේ ලිපියට

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    03 Jan 2017 06:53 AM
    "කුරුඳු පොතු, එනසාල්, කරාබු නැටි, වලඟසාල්, තිප්පිලි, අබ, උලුහාල්, කොත්තමල්ලි, සූදුරු, මහදුරු, අමුක්‌කරා පිටි, අව්වේ වේලාගත් ලුණුවිල පිටි තම්බා දිය හැරගත් අරලියමල් තම්බා දිය හැරගත් සේපාලිකා මල්, අව්වේ වේලාගත් වදමල්, කඩල පිටි, කොල්ලුපිටි, උඳුපිටි, කුරක්‌කන් පිටි, මුං ඇට පිටි " මේ සේරම වෙනුවට අපේ අය දාන්නේ MSG. ඉතින් පිළිකා හැදෙන්නේ නැතිද .....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    03 Jan 2017 05:20 PM
    දැන් ඉන්න අය මෙවා ප්‍රයොජනයට ගන්නෙ නැහ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    03 Jan 2017 10:48 PM
    දැන් කට්ටය පුරුදු වෙලා තියෙන්නේ ක්ෂණික ආහාර වලට.. ඒ නිසා මේවා ගැන උනන්දුවක් නැහැ. නමුත් මේවායේ රසය දන්න අය තවම මේ ක්‍රම අනුගමනය කරනවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    04 Jan 2017 01:02 AM
    අපිනං ගෙදර කන්නෙ කුලුබඩු ටික එකතු කරලම තමයි
    අජිනොමොටෝ මැගී කැට එහෙම ගෙදරට ගේන්නෙම නැහැ
    සෝයා මීට් පැකට් එකේ ඒවවත් දාන්නෙ නැහැ ගෙදර කෑමට
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    16 Feb 2017 02:39 AM

    ගෙදරදි ක්‍රිස්පි චිකන් කමූ

    හම සහිත කුකුල් මස් කකුල් 4ක්
    පාන් පිටි කෝප්ප 1ක්
    කෝන් පිටි මේස හැදි 1ක්
    ලුනු
    ගම්මිරිස් තේ හැදි 1
    සුදු ළූණූ තේ හැදි 1
    සිහින්ව කපාගත් ළූණූ ගෙඩි 1ක්
    අඹරා ගත් ඉගුරු තේ හැදි 1
    බිත්තර 2ක්
    කිරි මේස හැදි 4ක්
    තෙල් බෝතල් 1/2ක්

    මුලින්ම ළූණූ, ඉගුරු, සුදු ළූණූ, ලුනු සමග මස් හොදින් කවලම් කර පැය 1/2ක් පමන තියන්න. බිත්තරය හා කිරි හොදින් එකිනෙකට කවලම් කර එහි මස් හොදින් ගිල්වා ගන්න. පසුව පාන් පිටි, කෝන් පිටි, ගම්මිරිස් කුඩු, ලුනු ස්වල්පයක් එක්කර වෙනම කවලම් කරගන්න. දැන් ගිල්වාගත් මස් හොදින් පිටි මත තවරන්න. නැවත බිත්තර මත තවරන්න. යලිත් පිටි මත තවරන්න. මොකද එවිට හොද crispy ගතියක් ලබා ගැනීමට හැක. දැන් ගැඹුරු තෙලේ බැදගන්න. මතක තියාගන්න රන් වන් පැහැ වුන පසුව ලිපෙන් ඉවත් කරන්න.

    * ඔබට හැකි නම් සුදු ළූණූ කුඩු, ළූණූ කුඩු, ඉගුරු කුඩු, origano, paprika powder වගේ යොදාගන්න. මේ සියල්ල සුපිරි වෙළදසැල් වලින් ලබාගත හැක. එයින් තේ හැදි 1ක් දැමීමෙන් වඩා රසවත් කරගත හැක.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    16 Feb 2017 04:00 AM
    කේ එෆ් සී එකේ විදියටම එනවද අයියේ.
    හදලම තමා බලන්න වෙන්නෙ නේද. ස්තූතියි සමන්ත අයියේ
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    16 Feb 2017 04:40 AM
    ම්ම්ම් හදන්න නම් ලේසි තමා ...බලන්න ඕනේ ..ස්තුති අයියේ .
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    16 Feb 2017 08:09 AM
    අතන මෙතන ගිහින් පණුවෝ ගහපුවා කනවට වඩා දැන් ගෙදරදීම හදා ගන්න පුලුවන්.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    16 Feb 2017 08:10 AM
    සමන්ත අයිය ගෙදර ඉඳන් කෑම එක්ක හැම සෙල්ලමම දානවා වගේ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    malki
    Basic Member
    Basic Member
    Posts:216

    --
    16 Feb 2017 01:07 PM
    me batter ekata mama nam samahara welawata cornflakes kudu karalath ekatu karanawa.......ethakota cripy gathiya wagema gunaii.......very good post samantha tnx...
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    16 Feb 2017 04:50 PM
    Posted By samantha on 16 Feb 2017 02:39 AM

    ගෙදරදි ක්‍රිස්පි චිකන් කමූ

    හම සහිත කුකුල් මස් කකුල් 4ක්
    පාන් පිටි කෝප්ප 1ක්
    කෝන් පිටි මේස හැදි 1ක්
    ලුනු
    ගම්මිරිස් තේ හැදි 1
    සුදු ළූණූ තේ හැදි 1
    සිහින්ව කපාගත් ළූණූ ගෙඩි 1ක්
    අඹරා ගත් ඉගුරු තේ හැදි 1
    බිත්තර 2ක්
    කිරි මේස හැදි 4ක්
    තෙල් බෝතල් 1/2ක්

    මුලින්ම ළූණූ, ඉගුරු, සුදු ළූණූ, ලුනු සමග මස් හොදින් කවලම් කර පැය 1/2ක් පමන තියන්න. බිත්තරය හා කිරි හොදින් එකිනෙකට කවලම් කර එහි මස් හොදින් ගිල්වා ගන්න. පසුව පාන් පිටි, කෝන් පිටි, ගම්මිරිස් කුඩු, ලුනු ස්වල්පයක් එක්කර වෙනම කවලම් කරගන්න. දැන් ගිල්වාගත් මස් හොදින් පිටි මත තවරන්න. නැවත බිත්තර මත තවරන්න. යලිත් පිටි මත තවරන්න. මොකද එවිට හොද crispy ගතියක් ලබා ගැනීමට හැක. දැන් ගැඹුරු තෙලේ බැදගන්න. මතක තියාගන්න රන් වන් පැහැ වුන පසුව ලිපෙන් ඉවත් කරන්න.

    * ඔබට හැකි නම් සුදු ළූණූ කුඩු, ළූණූ කුඩු, ඉගුරු කුඩු, origano, paprika powder වගේ යොදාගන්න. මේ සියල්ල සුපිරි වෙළදසැල් වලින් ලබාගත හැක. එයින් තේ හැදි 1ක් දැමීමෙන් වඩා රසවත් කරගත හැක.

    ස්තුතියි අයියේ මේ කෑම වට්ටෝරුවට.මමත් සෙව් කරගත්තා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    16 Feb 2017 06:24 PM
    එතකොට හමත් එක්කද මේක කන්න වෙන්නේ..
    අපි කුකුල් මස් කනකොට හම අයින් කරනවානේ.
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973

    --
    16 Feb 2017 08:31 PM
    නියමයිනේ අයියේ, ගොඩක් ස්තූතියි රෙසිපියට, මේ සති අන්තයේම ගෙදර හඳල බලන්න ඕන.
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    16 Feb 2017 09:05 PM
    පට්ට කෑමක් තමයි එත් මස් මාළු වලට එහෙම කියන්න හොඳ නැහැ. ස්තුති
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    05 May 2017 01:51 AM

    අපි ආහාර පිසින විට අනුගමය කරන පුංචි උපක්‍රම කීපයක්

    cooking_tips

    (01) බතක් බෙරි හෙවත් ඇට එකටෙක නොඇලන විදිහට පිස ගැනීමට නම් පිසින විට දෙහි යුෂ ස්වල්පයක් එක් කරන්න. ඒ වගේම ලුණු ස්වල්පයක් එක් කලොත් බතේ දිය රස ගතිය දැනේනේ නැහැ. බත රොස් වුනොත් පොල් බෑයක් මුනින් නවන්න. එහෙම නැත්නම් වියලි මිරිස් කරලක් බත් මුට්ටියේ ගසන්න. බත පිලුනු නොවී තබා ගැනීමට නම් බතට විනාකිරි බින්දුවක් පිසින විට එක් කරන්න. බත නිවෙන තෙක් ඔතන්න එපා.

    (02) මැල්ලුමක කොළ පැහැය ඒ විදිහටම ආරක්ෂා වීමට නම් මැල්ලුම බිමට බා ගත් පසු දෙහි යුෂ එක් කරන්න.

    (03) සීනි පැණි උනු කරන විට දුඹුරු පැහැය සඳහා තේ කහට ටිකක් එක් කරන්න. ආස්මි පිලියෙල කරන විට කැරමල් කර ගත් සීනි වලින් ස්වභාවික වර්ණකයකින් ලැබෙන ආරක්ෂාව ලැබෙනවා.

    (04) කේක් වැනි දේ පිලියෙල කරද්දී බිත්තර එක එක කඩමින් මිශ්‍ර කරන්න. එවිට නරක් වුන බිත්තරයක් තිබුනොත් එයින් මුලු මිශ්‍රණයටම ඇති වෙන බලපෑම නැති වේ. බිත්තරයක් කල් තබාම නරක් වී ඇත්දැයි දැනගැනීමට නම් මේ විදිහට බලන්න පුලුවනි.

    • වතුර බදුනකට දැමූ විට උඩ පාවේ.

    • කහමදය සහ සුදු මදය එකට එක් වී තිබීම.

    • දුර්ගන්ධයක් දැනේ.

    (05) පාන් සිහින්ව පෙති කපා ගැනීමට අවශ්‍ය නම් පිහිය උණුවතුරේ දමා රෙදි කැබැල්ලකින් පිසගන්න. පාන් නොකැඩී කපා ගත හැකියි.

    (06) ලූණු කපන විට ඇති වෙන ඇස් දැවිල්ලෙන් සහනයක් ලබා ගැනීමට නම් එය කපන්න විනාඩි 15 කට පෙරාතුව ශිතකරනයේ තබන්න. එවිට  ඇස් දැවිල්ලෙන් නිදහස් විය හැකියි.

    (07) අල, බිත්තර වගේ දේවල් තම්බන විට ඒ වතුරට ලුනු ස්වල්පයක් එක් කර ගැනීමෙන් ඉතා පහසුවෙන් පොතු ගලවා ගත හැකියි. ඒ වගේම කඩල තම්බා ගන්න පෙරාතුව පෙගෙන්න දමන්න. එහම නැත්නම් පොල්තෙල් ටිකක් එක් කරන්න. ඉක්මනින් තම්බා ගත හැකියි. පරිප්පු තැම්බීමට පෙරාතුව ලුණු එක්කරන්න එපා.

    (08) පොළොස් ඇඹුල් පිසින විට විටට කන හුණු ස්වල්පයක් එක් කිරීටමන් රතු වර්ණයක් ඇති වේ. එයින් පොලොස් ඇඹුලේ ආහාරයට ඇති රුචිය වර්ධනය වේ.

    (09) කරවල සහ හාල්මැස්සන් වැනි දේ තෙතමනයේ තැබූ විට පුස් අල්ලන්න තිබෙන ප්‍රවනතාවය ඉතා ඉහලයි. ඒත් මේවා අධිශීතකරනයේ තබා ගැනීමෙන් පුස් ගතියෙන් බේරා ගත හැකියි. බත් වුනත් අධිශීතකරනයේ තබා ගැනීමෙන ඉතා හොඳ තත්වයෙන් තබා ගත හැකියි.

    (10) සලාද කොළ සහ වෙනත් පලා වර්ගත් සුදු කඩදාසියක ඔතා ශීතකරනයේ තබන්න. අලුත් ගතියෙන් තබා ගත හැකියි. කිසිම විටෙක මුද්‍රිත අකුරු සහිත කඩදාසියක පලා වර්ග දවටන්න එපා. එහි තිබෙන කාබන් සංයෝගයන් විෂ සහිත විය හැකියි.

    (11) මස් මාලු සහ සැමන් වැනි දේ අත ගෑමෙන් ඇති වෙන දුගඳට පිලියමක් ලෙසින් අත් දෙහි ඇඹුල් ගා සෝදන්න. පිලි ගතිය නැති  වේවි. කේක් මොනතරම් රස වුනත් එයින් නික්මෙන බිත්තර ගන්ධයට බොහෝ දෙනෙක් මනාප නොවන නිසා බිත්තරයේ කහමදයේ ඇති සුදු කොටස ඉවත් කරන්න.

    (12) බොහෝ දෙනෙක් කොස් පොළොස් වෙනුවෙන් කැමැත්තක් තිබුනත් ඒවා කැපීමෙන් ඇති වෙන කොහොල්ලෑ ඉවත් කර ගැනීමට පිහිය රත් කොට රෙදි කැබැල්ලකින් කොහොල්ලෑ පිසගන්න.

    (13) කට්ලට් බදින විට ඒවා පිපිරීම නිසා තෙල් නාස්ති නෙවා. කට්ලට් නොකැඩී බැද ගන්න නම් තෙලට ලුනු ටිකක් එක් කරන්න. කොකිස් බදින විට බිත්තරයක් එක් කර ගත් විට රසය වගේම නොකැඩී බැදගන්න පුළුවන්. ආප්ප නොකැඩී සකස් කර ගැනීමට නම් ආප්ප තාච්චියේ බිත්තරයක් පිස ගෙන එය පදම් කරගන්න.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    05 May 2017 01:57 AM
    කාලා වරෙන්කො ..ගත්තා ප්‍රින්ට් එකක් ගෙදර උන්දැට පෙන්වන්න
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536

    --
    05 May 2017 03:27 AM
    මේක නම් ගොඩක් වටිනා ලිපියක් ස්තුති
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    05 May 2017 03:57 AM
    මේ කරුණු ටික නම් වැදගත්.මමත් සෙව් කරගත්තා.ස්තුතියි අයියේ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736

    --
    05 May 2017 05:15 AM
    වටිනා ලිපියක්.
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    05 May 2017 09:10 AM
    නියම දේවල් ටිකක්නෙ. මමත් කියෙව්වා ලිපිය.
    0

    santhaa
    Basic Member
    Basic Member
    Posts:249

    --
    05 May 2017 10:47 AM
    අපේ කෙනාටත් දෙන්න ඕනේ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    06 May 2017 09:26 PM

    රාජසිංහ රජ්ජුරුවොත් සොසේජස්‌ කෑවා
    පබ්ලිස්‌ සිල්වා මෙතෙක්‌ නොකී රහස්‌ වට්‌ටෝරු...

    ගැට පොළොස්‌වලින් සොසේජස්‌ හදන හැටි

    රුවන් ජයවර්ධන

    පබිලිස්‌ සිල්වා මහතා විසින් රචිත "සූපවංශය" ප්‍රථම පිටපත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගැන්වූ අයුරු. කථානායක කරු ජයසූරිය, ගල්කිස්‌ස මහ හෝටලයේ සභාපති සනත් උක්‌වත්ත යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.

    ඡායාරූපය - ධර්මසේන වැලිපිටිය

    ඉකුත් 24 වන දින ආචාර්ය දේශබන්දු පබිලිස්‌ සිල්වා මහතාගේ ජීවිතයේ සුවිශේෂී දිනයක්‌ විය. ඔහු විසින් වසර 41 ක්‌ පුරා මහත් වෙහෙසක්‌ දරා සොයාගත් රසවත් තතු විත්ති ඇතුළත් 'මහා සූපවංසය' නම් ග්‍රන්ථය දොරට වැඩුම එදිනට යෙදී තිබූ අතර ඒ සඳහා සහභාග sවීමට බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට පැමිණි ආරාධිත අමුත්තන් අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද විය. මහානායක ස්‌වාමීන් වහන්සේලා ප්‍රධාන ගරුතර මහා සංඝරත්නය අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු පූජකතුමන්ලා අන්‍යාගමික පූජකවරුන් ඇතුළු වියත් මිනිසුන්ගේ සහභාගිත්වයෙන් පැවැති එම උත්සවයේදී පබිලිස්‌ සිල්වා විසින් තම ග්‍රන්ථයේ පළමු පිටපත ජනාධිපතිවරයාට පිළිගන්වන ලද අතර එහිදී ඔහු තම අදහස්‌ ප්‍රකාශ කරමින් කියා සිටියේද එදින තම ජීවිතයට සුවිශේෂී ස්‌මරණයක්‌ එක්‌වූ දිනයක්‌ ලෙසින් ඉතිහාසයට එකතුවන බවය.

    ඉන් දින කීපයකට අනතුරුව තෙවන වතාවටද ගල්කිස්‌ස මහ හෝටලයේ සූප හා ආහාර ප්‍රවර්ධන අධ්‍යක්‍ෂ පබිලිස්‌ සිල්වා මුණගැසීමේ අවස්‌ථාව 'දිවයින ඉරිදා සංග්‍රහය' ට හිමි විය. එහිදී දේශීයව නිපදවා ගත හැකි රසවත් ආහාර වර්ග කීපයක්‌ පිළිබඳව පබිලිස්‌ සිල්වා විසින් පළමු වරට අනාවරණය කිරීමක්‌ සිදුවිය.

    සිය කතාබහ ආරම්භ කිරීම සඳහා සූපවංශය ග්‍රන්ථය දොරට වැඩීම නිමිත්තෙන් විශේෂයෙන් සූදානම් කර තිබූ ආහාර මේසයේ දකින්නට ලැබුණු විශේෂ රොටි වර්ගයක්‌ පිළිබඳ හැඳින්වීමක්‌ කරමින් ඔහු මා සමඟ කතාබහ ආරම්භ කළේය.

    මගේ පොත 'සූපවංශය' එළිදක්‌වපු දවසින්ම මම මේ කථාව ආරම්භ කරන්නම්.

    එදා මම ලංකාවෙ පළමු වරට දන්දිල අලවලින් (රාජඅල) රොටි හැදුවා. ඒ රොටිය හදන තාක්‌ෂණය මම ගත්තෙ ජපානයෙන්. මොකද ජපන් රටේ විවිධ අලවර්ග භාවිත කරලා ඉතා රසවත් ලෙස රොටි වර්ග සකසනවා. ඒ ආභාසය ලබාගෙන මම අපේ රටේ තිබෙන දන්දිල අල රොටිය හදනවා. එදා මගේ 'සූපවංශය' පොත දොරට වැඩීමේ උත්සවය වෙනුවෙන් සූදානම් කළ කෑම මේසයට තමයි ප්‍රථම වතාවට මම ඒක එක්‌ කරන්නෙ.

    දන්දිල අල කියන්නෙ සූරලා පොත්ත අරින්න බැරි අල වර්ගයක්‌. මේ අල වර්ගය අපේ රටේ උතුරු ප්‍රදේශයේ දමිළ ජනතාව පුඩිමක්‌ හදන්න පාවිච්චි කරනවා. ඒ අයගෙ විශ්වාසයක්‌ තියෙනවා, මේක බොහොම ශක්‌තිමත් ආහාරයක්‌ කියලා. දන්දිල අලයක්‌ ගත්තොත් ඒකෙ ඇතුළෙ තියෙන්න නානු වගේ සෙවල ද්‍රව්‍යයක්‌. දන්දිල අලය කෑලි කපන්න බැහැ. අර මම කිව්ව "නානු" වලින් තමයි මේ රොටිය හදන්නෙ. ඒක හදන්නෙ මෙහෙමයි. දන්දිල අල කිලෝ එකකට පිටි මේස හැඳි දෙකයි බිත්තර කහමද දෙකයි අවශ්‍ය ලුණු ප්‍රමාණය දාල මේක හොඳින් හැඳිගානවා. ඊට පස්‌සේ වක්‌කරන්න තියන්නෙ හරියටම කිව්වොත් බිත්තර ඔම්ලට්‌ එකක්‌ දාන්නේ අන්න ඒ විදිහට සකසා ගන්න එකයි තියන්නෙ. ඊට පස්‌සෙ ඒක හයි වෙනවා. තව එදා තිබුණ අලුත් ආහාරයක්‌ තමයි ගැටපොළොස්‌ ලැවරිය. ඒකත් කෑම මේසයට අලුතින් එකතු කළ ආහාරයක්‌. ඒක ආහාරයට ගන්න කම් හුඟ දෙනක්‌ හිතුවෙ පොල් පැණිවලින් හදපු ලැවරිය කියලා. නමුත් ඒක හැදුවෙ ගැටපොළොස්‌වලින්. හැබැයි ගැට පොලොස්‌ කරියක්‌ හදලා ඒකට ඇතුළු කළා නම් ලැවරිය එකක තිබෙන මතුපිට පැහැය වෙනස්‌ වෙනව. එදා හුඟ දෙනෙක්‌ මගෙන් අහපු පැනයක්‌ තමයි මොනවද මේ ලැවරිය එක ඇතුළට දාල තියෙන්නෙ කියන එක. ඒක කොහොමද හදන්නෙ කියන එක මම ඉදිරියෙදි පැහැදිලි කරන්නම්. මම මේ කියන්න උත්සාහ කරන්නෙ මේ දේවල් අපි අත්හදා බැලීම් කළ යුතුයි කියන එකයි.

    මම මීට පෙරත් පුවත්පතකට කිව්වා පොල් ගෙඩියක පොල්කට්‌ට හැර මදය සහ මතුපිට ආවරණය. ආහාරයට ගන්න පුළුවන් විවිධ අවස්‌ථා කීපයක්‌ සම්බන්ධව. පොල් මලක හටගන්න. සියුම් පලයක්‌නෙ අවසානයේ පොල් ගෙඩියක්‌ වෙන්නෙ. අන්න ඒ එක්‌ එක්‌ අවස්‌ථාවන් තුළ උදාහරණයක්‌ විදිහට ගත්තොත් කුරුම්බැට්‌ටියෙන් සලාදයක්‌ එහෙමත් නැත්නම් පරිප්පුවලට බොහෝ සෙයින් සමාන වෑංජනයක්‌ හදන්න පුළුවන්. ඒ ගෙඩිය තව ටිකක්‌ මෝරල කුරුම්බ බවට පත්උනහම එතෙන අතුරුපස හදන්න පුළුවන්. අපට පොල් වර්ග අටක්‌ තිබෙනවා. ඒ අතරින් එකක්‌ තමයි "නැවැසි" එහෙමත් නැත්නම් ඇතැමුන් කියන පරිදි 'නවසි' පොල් ගෙඩියෙ පොල් ලෙල්ල කහට ගතියක්‌ නැහැ. ඒ ලෙල්ලෙ ළපටි කාලෙ පැණි රසක්‌ තියෙනවා. කොළ පාට පොත්ත ඇරල ගත්විට කන්න පුළුවන්. ඒකෙනුත් හුඟක්‌ දේ කරන්න පුළුවන්. රසවත් කරියක්‌, සලාදයක්‌ විදිහට නවසි පොල් ගෙඩියෙ ලෙල්ල පාවිච්චි කරන්න පුළුවන්. ඔය වගේ අප අවට තියෙන බොහෝ දේ මේ වෙද්දි අපි ඉවත දැම්මට ඔය බොහෝ දේ තුළ විශේෂයෙන්ම ආහාර සම්බන්ධව ගත් කල ඒව ඉවත නොදැමිය යුතු දේවල්. මම හිතනව ඒ සම්බන්ධව රට දැනුවත් කරන්න මාධ්‍ය මගිනුත් විශාල වැඩ කොටසක්‌ සිදුකළ යුතුයි කියලා."

    "දැන්.... සති දෙක තුනකට පෙර 'දිවයින' පුවත්පතට අදහස්‌ දක්‌වමින් මම ප්‍රකාශ කරපු දෙයක්‌නෙ තිරිවානා ගල්වලින් කරියක්‌ හදන්න පුළුවන් කියන එක. ඔව් රජවරු පවා තමන්ගෙ ආහාරවේලට තිරුවාන ගල් අරන් තිබෙනවා. කෙනෙක්‌ හිතන්න පුළුවන් කොහොමද තිරුවානාගල් කන්නෙ කියලා. සූප ශාස්‌ත්‍රය කියන්නෙ අන්න ඒකට. ගල් කන්නෙ නැහැ. නමුත් ගලේ යම් සාරයක්‌ තිබෙනවා නම් අන්න ඒක තිරුවානාගල්වලට එකතු කරන අනෙකුත් අඩුම කුඩුමවලට උරාගන්නව. ඒ හින්ද තමයි පෙර රජ දරුවො තමන්ගේ රාජභෝජනවලට මේක එකතුකර ගත්තෙ.

    දැනට වසර දෙකකට විතර පෙර අපේ ගල්කිස්‌සෙ මහ හෝටලයේ මහා සංඝරත්නය වෙනුවෙන් දානයක්‌ පිළියෙල කරනවා. ඒක සියක්‌ නමකට සූදානම් කළ පුණ්‍යකර්මයක්‌. අන්න ඒ දානය වෙලාවේ මම මේ තිරිවානා ගල් මිශ්‍ර වෑංජනය සකස්‌ කරනවා.

    ඒක කරන්නෙ මෙහෙමයි. අපි හිතමුකෝ තිරිවානා ගල් කිලෝ එකක්‌ කියල ඒ කිලෝ එක තනි ගලක්‌ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගල් කීපයක්‌ කියමුකෝ. මේකට රතුලූනු ග්‍රෑම් පනහක්‌ තමන් කැමැතිනම් උම්බලකඩ එකතුකරන්න පුළුවන්. එහෙම කරනව නම් උම්බලකඩ කුඩු මේස හැඳි එකයි කහ තේ හැඳි භාගයයි, රම්පෙ අඟලක දෙකක කෑල්ලක්‌, කුරුඳු පොතු අඟලක කෑල්ලක්‌ කුඩුකරගත් කරපිංච මේස හැන්දක්‌ බැදගත් උළුහාල් තේ හැඳි භාගයක්‌ ලුණු ස්‌වල්පයක්‌ හොඳ මිටිකිරි අඬු කෝප්පයක්‌ දියකිරි හෝ වතුර අඬුq කෝප්ප පහක්‌ ළංකර ගන්නව ඉන් අනතුරුව අර තුනපහ වර්ග ටික දියකිරේ හොඳට කලවම්කර ගන්නවා. එහෙම කරලා පැය භාගයක්‌ පමණ තියාගන්න ඕන. ඊට පස්‌සෙ අර මිටි කිරි ටික දාල හැඳි ගානවා. ඕකට දෙහි අවශ්‍ය ප්‍රමාණය එකතු කර ගන්නව.

    ඒ අතරතුරේ.... හොඳ තිරුවාන කිලෝ එකක්‌ විතර අරගෙන හොඳට පිරිසිදු කරනවා. ඒ කියන්නෙ උණු වතුරින් හෝදනව. එහෙම කරලා මී කිරි මුට්‌ටියක්‌ අරගෙන ඒ මී කිරි ටික අරගෙන රෙදි කඩක දාල ගැට ගහල වතුර බේරෙන්න උඩක එල්ලනවා. එතකොට මී කිරිවල තිබෙන ජලය ටික බේරෙනවා. දැන් ඔන්න ඔය විදිහට හදාගත්ත මී කිරි මිශ්‍රණයට අර තිරුවානා ගල් දාල හොඳින් ගල වටා දැවටෙන ආකාරයට ආලේප කර ගන්නවා. එහෙම දවටපු ගල හෝ ගල් කීපය ගිනිගොඩක්‌ ගහල ඒ ගින්දරේ රත්කරනවා. එහෙම පුච්චගෙන දැන් අපි අර හදල තිබෙන හොද්ද තියෙනවනෙ. ඒක ලිපේ තිබ්බෙ නැහැනෙ. අර හොඳට පිච්චුන ගල හෝ ගල් කීපය හොදි මිශ්‍රණයට දානවා. ඒක දාපු ගමන් ගලේ තිබෙන රස්‌නෙට අර හොද්ද උතුරන්න ගන්නව. එතනදි අර ගල් පුපුරනවා. මේ හොද්ද ඉදෙන්නෙ අර ගලේ රස්‌නෙට. එහෙම නැතුව මේකට ගින්දර දාන්නෙ නැහැ. ටික වෙලාවක්‌ යද්දි මේ හොද්ද ආහාරයට ගන්න පුළුවන් ප්‍රමාණයට හොඳින් කැටි ගැහෙනවා. ඔන්න ඔය සිදුවීම් ටික හරියට සිද්ධ කරන විට අර ගලේ තියෙන වාජීකරණ ශක්‌තිය හොද්දට එකතු වෙනවා.

    අප දන්න දෙයක්‌නෙ කල අපල උදාවෙන කොට විවිධ ගල් වර්ග ඇඟේ පළඳින එක. එතකොට එහෙම විශ්වාස පවතිනව නම් ඒ හරහා යම් යම් ලෙඩ රෝග සුව වෙනව නම් මේ තිරුවානාගලේ තිබෙන බලය කෙළින්ම මේ හරහා ශරීරයට ඇතුළුවීමක්‌ සිද්ධ වෙනව නේද? මේව මේ විදිහට සිද්ධ වෙන්නෙ පැරැන්නන්ගෙ විශ්වාස හින්ද වෙන්න ඇති. මම මේක කරන්නෙ විවිධ පර්යේෂණ රාශියක්‌ සිද්ධ කිරීමෙන් අනතුරුවයි. ඒකට හේතුව තමයි මේ වෑංජනය ගැන පෙර රජ දවස පුස්‌කොළ පොත්වල සඳහන්ව තිබීම. හැබැයි එදා හිටපු අය මේව ලේඛනගත කරද්දි ගුරු මුෂ්ටිය තියාගෙන තමයි ඒ දේ කරල තියෙන්නෙ. දැන් මම කරන්නෙ කොහොමහරි ඒ රහස්‌ සොයාගෙන තවදුරටත් ඒව රහස්‌ බවට පත් නොකර සමාජගත කරන එක.

    ඒ විතරක්‌ද? අපේ අන්තිම රඡ්ජුරුවො සොසේජස්‌ කෑව. මේව අපට ඔප්පු කරන්න පුළුවන්. මේ දේවල් ලේඛනගතව තියෙනවා. ඒව ඒ කාලෙ වෙන වෙන නම්වලින් නම් කරන්න ඇති. නමුත් අද ඔය අපි සොසේජස්‌ කියන නමින් ආහාරයට ගන්න දෙය ඒ කාලෙත් තිබිල තියෙනවා. සමහර විට ඒ වෙද්දි අපේ රට විදේශීය ජාතීන් තුනකට යටත් වෙලා කාලයක්‌ පැවැති හින්ද මේක මුලින්ම අපේ රටට ගේන්නෙ ඒ අය වෙන්න ඇති.

    දැන් මමත් නිර්මාංශ සොසේජස්‌ හදනව. ඒක හැදුවට පස්‌සෙ මොනවායින්ද කියල හොයන්න බැහැ. ඒක හදන්නෙ මෙහෙමය. පොළොස්‌ ටිකයි ගන්නව. ඒක හොඳට තම්බල පොඩිකර ගන්නවා. එයින් කිලෝ එකයි. ඊළඟට කඩල පිටි ග්‍රෑම් තුන්සීයයි බිත්තර දෙකයි. ඊට අවශ්‍ය ලුණු, ගම්මිරිස්‌, මිරිස්‌ කුඩු කහ, රම්පෙ කරපිංච අවශ්‍ය ප්‍රමාණයට හොඳට අඹරල අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍ර කරනවා. එතකොට අපි කට්‌ලට්‌ හදන්න ගන්න මිශ්‍රණය වගේ මිශ්‍රණයක්‌ හැදෙනවා. ඊට පස්‌සෙ දුහුල් රෙදි කෑල්ලක්‌ අරන් හොඳට මිරිකල අර මිශ්‍රණය අවශ්‍ය ප්‍රමාණයට සාමාන්‍යයෙන් ගත්තොත් අපේ ඇඟිල්ලක්‌ තරමට වෙන්න රෝල් කරල අර රෙදි කඩ මත අතුරනවා. ඊට පස්‌සෙ රෙදි කැබැල්ල එය වටා ඔතල දෙපැත්ත බඳිනවා. ඊළඟට මේක හුමාලයෙන් තම්බ ගන්නවා. එහෙම කරල නිවුනට පස්‌සෙ ශීතකරණයට දානවා. එහෙම තියල දවසකට පස්‌සෙ මේක එළියට අරන් අර රෙදිකඩ ලිහල ගත්තට පස්‌සෙ ඔය දැන් වෙළෙඳපොළේ තිබෙන සොසේජස්‌ ආකාරයේ සොසේජස්‌ එකක්‌ බවට මේ පොළොස්‌ මිශ්‍රණය පත්වෙලා තියෙනවා දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ මිශ්‍රණයම පොඩි කෑලිවලට කපලා එවලෙම ගැඹුරු තෙලේ බැදල රසවත් ආහාරයක්‌ ලෙස අනුභව කරන්නත් පුළුවන්. කොහිල අල පාවිච්චි කරලත් ඔය මම කිව්ව දෙයාකාරයටම ආහාරයට ගන්න පුළුවන්. මම මුලින් කිව්ව පොළොස්‌ සොසේජස්‌ ඩෙවල් එකක්‌ ලෙස හදාගන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ හුඟක්‌ දේවල් මම දැනට අත්හදා බලල ඉන් අනතුරුව රටට ඉදිරිපත් කරලා තියෙනවා.

    එහෙම කරපු නව සොයා ගැනීමක්‌ තමයි මඤ්ඤොක්‌කා රොටිය. මඤ්ඤොක්‌ක රොටිය කියන්නෙ අමුවෙන් මඤ්ඤොක්‌ක අරගෙන ඒක තුනීයට ගා ගන්නවා. ඊට පස්‌සෙ වතුර ස්‌වල්පයක්‌ ඒකට කලවම් කරලා මිරිකල ගන්නවා. එතකොට ඒක තරමක්‌ ඝනකම දියරක්‌ බවට පත්වෙනවා. එයින් කිලෝ එකකට පොල් සම්බල් ග්‍රෑම් හාරසියයක්‌ දානවා. ඒකට බිත්තරයක්‌ දාලා හොඳට මිශ්‍ර කරනවා. ඊට පස්‌සෙ අපි සාමාන්‍යයෙන් පොල් රොටි හදන්නෙ. අන්න ඒ ආකාරයටම තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ රොටි පුච්ච ගන්නවා.

    මම පුළුවන් තරම් මේ වගේ දේවල් කරන්න පෙළඹෙන්නෙ කාරණා කීපයක්‌ හින්දයි. ඒකෙ පළමුවැනි කාරණාව තමයි අපේ රටේ බෝ නොවන රෝග රාශියක්‌ සීග්‍රයෙන් පැතිර යැම. දියවැඩියාව, කොලෙස්‌ට්‌රෝල්. අධි රුධිර පීඩනය මේ කොයික ගත්තත් ඒවට මූලිකම හේතුව තමයි අපි ගන්න ආහාරයේ තිබෙන වස විස, මේවා අපිට හඳුන්වලා දෙන්නේ බහු ජාතික සමාගම්. දැන් මේ අය කරන්නේ අපේ රට විතරක්‌ නොවෙයි අපේ මුළුමහත් ජාතියම විනාශ කරන එකනේ. කෘත්‍රිම රසකාරක, කෘත්‍රිම තෙල් වර්ණකාරක දාල මේ අය මුලින්ම කරන්නෙ ආහාර හදලා අපේ රටට එවන එක. දෙවනුව ඒ වස විස දාල ආහාර පිළියෙල කරන්නත් අපව පොළඹවනවා. අද වෙලා තියෙන්නෙ. ඒක. මේවායින් වෙන්නෙ බෝ නොවන රෝග රාශියකට රටේ ජනතාව ගොදුරුවෙන එක. අද පිළිකාව ගත්තොත් ඒක වසංගතයක්‌ තත්ත්වයට ඇවිත් තියෙන්නෙ. මෙන්න මේකෙන් රට ගලවාගන්න එක තමයි, මගේ උත්සාහය වෙන්නෙ. මේක අභියෝගයක්‌. ජීවිතය පරදුවට තබල මම භාර ගත්ත අභියෝගයක්‌ මේක මොකද මම හොයාගත්ත අලුත් අලුත් දේ මම විකුණන්නෙ නෑනෙ. මම කරන්නෙ ඒ පණිවිඩය මුළු මහත් සමාජයටම දෙන එක විතරයි.

    හැබැයි මේ වැඩේට අධ්‍යාපනයෙන් උදව් කරන්න ඕන. සෞඛ්‍යයෙන් උදව් කරන්න ඕන. ඊට අමතරව ජනමාධ්‍යයෙන් මේව පිළිබඳ දැනුවත් කරන්න ඕන. ඔය කියන ටික මේ කාර්යයට හවුල් වෙනව නම් අපට පුළුවන් වේවි අනාගත පරපුර හරි මේ වැරදි ආහාර සංස්‌කෘතියෙන් ගලව ගන්න. මෙතනදි අධ්‍යාපන අමාත්‍යාංශය 'සූපවේදය' කියල වෙනම විෂයක්‌ විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු වෙනවා. අද පාසල් ළමුන්ට ගෘහ විද්‍යාව කියල විෂයයක්‌ තිබුණත් ඒක කප්පාදු කරල අද තියෙන්න ගෘහ විද්‍යාව කියල කේක්‌ එකක්‌ හදන හැටි ළමයින්ට කියාදෙන එක පමණයි. ඒකෙන් වෙන්නෙ මොකක්‌ද අර බෝ නොවන රෝගවලට නොකියා අත වැනීමක්‌ මොකද ඒක හදන්නෙත් කෘත්‍රිමව සකසා ගත්ත දෙයින්.

    ඒකයි මම එදා සූපවංශය එළිදක්‌වන උත්සවයෙදීත් කිව්වෙ සූපවේදියයි. මාධ්‍යවේදියයි අධ්‍යාපනවේදියයි සෞඛ්‍යවේදියයි හරියට එකතු වුණොත් නැවත මේ රට ස්‌වර්ණමය තැනකට රැගෙන යා හැකියි කියල. ආහාරයෙන් තමයි· මනුෂ්‍යය සුගතියට හෝ නරකාදියට යවන්න පුළුවන් වෙන්නෙ. දැන් තියෙන්නෙ නරකාදිය. දොස්‌තර වර්ජනය කළොත් එක දවසකට කී දෙනෙක්‌ දුක්‌ විඳිනවද, විලාප තියනවද? රෝහලක බෙහෙත් පෝළිම කොච්චරවත් නම් දික්‌වෙනවද මෙන්න මෙතනින් රට ගලව ගන්න තමයි නිවැරදි ආහාර සහ ආහාර පිසීමේ කලාව වැදගත් බවක්‌ ගන්නෙ. ඒ හින්ද මේ කතාබහ අවසානයෙත් මම ඉල්ලා සිටින්නෙ ශරීරයට හිතකර දේ පමණක්‌ පුළුවන් තරම්වත් හෝ ආහාරයට ගමු. ඒ ගැන රටවැසියන් දැනුවත් කරන්න ඕන තරම් අය මේ ක්‍ෂේත්‍රයේ ඉන්නවා. තවත් මට පුළුවන් හැම දේම රට ජාතිය වෙනුවෙන් කරන්න ඉදිරිපත් වෙනවා. අපි අපේ අනාගත පරපුර වෙනුවෙන් යමක්‌ කරමු. මම විශ්වාස කරනව. ඒක තමයි, සූපවේදීන් ලෙස අපට කළ හැකි ලොකුම දෙය...
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    07 May 2017 05:35 AM
    මට නම් ෂුවර් නෑ.
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    07 May 2017 08:31 AM
    තිරිවානා ගල්වලින් කරි....පිස්සු හැදෙයි අප්පා.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    07 May 2017 05:48 PM
    තිරිවානා ගල් හොද්දේ රස බලන්න ආස හිතුනා මටත් ...ස්තුති අයියේ මේ ලිපියට .
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    07 May 2017 06:20 PM
    පිස්සු හඩෙනවා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    07 May 2017 07:14 PM
    තිරුවනා ගල් නම් බත් එක්ක අහුවෙනවා...
    රස කෙසේ වෙතත් දත් ටිකට බුදු සරණයි...
    (මේ හොද්දෙත් තිරුවානා ගල කුඩු වෙන නිසා ගල් කෑලි ඇති)
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    07 May 2017 09:33 PM

    කොස්ගැට වලින් සොසේජස් හදන හැටි සොයා ගැනේ.ෆට්ට ඒ විදිහමයි පබ්ලිස් සිල්වාගේ අලුත්ම වට්ටෝරුව මෙන්න.

    මගේ පොත ‘සූපවංශය’ එළිදක්‌වපු දවසින්ම මම මේ කථාව ආරම්භ කරන්නම්.

    එදා මම ලංකාවෙ පළමු වරට දන්දිල අලවලින් (රාජඅල) රොටි හැදුවා. ඒ රොටිය හදන තාක්‌ෂණය මම ගත්තෙ ජපානයෙන්. මොකද ජපන් රටේ විවිධ අලවර්ග භාවිත කරලා ඉතා රසවත් ලෙස රොටි වර්ග සකසනවා. ඒ ආභාසය ලබාගෙන මම අපේ රටේ තිබෙන දන්දිල අල රොටිය හදනවා. එදා මගේ ‘සූපවංශය’ පොත දොරට වැඩීමේ උත්සවය වෙනුවෙන් සූදානම් කළ කෑම මේසයට තමයි ප්‍රථම වතාවට මම ඒක එක්‌ කරන්නෙ.

    දන්දිල අල කියන්නෙ සූරලා පොත්ත අරින්න බැරි අල වර්ගයක්‌. මේ අල වර්ගය අපේ රටේ උතුරු ප්‍රදේශයේ දමිළ ජනතාව පුඩිමක්‌ හදන්න පාවිච්චි කරනවා. ඒ අයගෙ විශ්වාසයක්‌ තියෙනවා, මේක බොහොම ශක්‌තිමත් ආහාරයක්‌ කියලා. දන්දිල අලයක්‌ ගත්තොත් ඒකෙ ඇතුළෙ තියෙන්න නානු වගේ සෙවල ද්‍රව්‍යයක්‌. දන්දිල අලය කෑලි කපන්න බැහැ. අර මම කිව්ව “නානු” වලින් තමයි මේ රොටිය හදන්නෙ. ඒක හදන්නෙ මෙහෙමයි. දන්දිල අල කිලෝ එකකට පිටි මේස හැඳි දෙකයි බිත්තර කහමද දෙකයි අවශ්‍ය ලුණු ප්‍රමාණය දාල මේක හොඳින් හැඳිගානවා. ඊට පස්‌සේ වක්‌කරන්න තියන්නෙ හරියටම කිව්වොත් බිත්තර ඔම්ලට්‌ එකක්‌ දාන්නේ අන්න ඒ විදිහට සකසා ගන්න එකයි තියන්නෙ. ඊට පස්‌සෙ ඒක හයි වෙනවා. තව එදා තිබුණ අලුත් ආහාරයක්‌ තමයි ගැටපොළොස්‌ ලැවරිය. ඒකත් කෑම මේසයට අලුතින් එකතු කළ ආහාරයක්‌. ඒක ආහාරයට ගන්න කම් හුඟ දෙනක්‌ හිතුවෙ පොල් පැණිවලින් හදපු ලැවරිය කියලා. නමුත් ඒක හැදුවෙ ගැටපොළොස්‌වලින්. හැබැයි ගැට පොලොස්‌ කරියක්‌ හදලා ඒකට ඇතුළු කළා නම් ලැවරිය එකක තිබෙන මතුපිට පැහැය වෙනස්‌ වෙනව. එදා හුඟ දෙනෙක්‌ මගෙන් අහපු පැනයක්‌ තමයි මොනවද මේ ලැවරිය එක ඇතුළට දාල තියෙන්නෙ කියන එක. ඒක කොහොමද හදන්නෙ කියන එක මම ඉදිරියෙදි පැහැදිලි කරන්නම්. මම මේ කියන්න උත්සාහ කරන්නෙ මේ දේවල් අපි අත්හදා බැලීම් කළ යුතුයි කියන එකයි.

    මම මීට පෙරත් පුවත්පතකට කිව්වා පොල් ගෙඩියක පොල්කට්‌ට හැර මදය සහ මතුපිට ආවරණය. ආහාරයට ගන්න පුළුවන් විවිධ අවස්‌ථා කීපයක්‌ සම්බන්ධව. පොල් මලක හටගන්න. සියුම් පලයක්‌නෙ අවසානයේ පොල් ගෙඩියක්‌ වෙන්නෙ. අන්න ඒ එක්‌ එක්‌ අවස්‌ථාවන් තුළ උදාහරණයක්‌ විදිහට ගත්තොත් කුරුම්බැට්‌ටියෙන් සලාදයක්‌ එහෙමත් නැත්නම් පරිප්පුවලට බොහෝ සෙයින් සමාන වෑංජනයක්‌ හදන්න පුළුවන්. ඒ ගෙඩිය තව ටිකක්‌ මෝරල කුරුම්බ බවට පත්උනහම එතෙන අතුරුපස හදන්න පුළුවන්. අපට පොල් වර්ග අටක්‌ තිබෙනවා. ඒ අතරින් එකක්‌ තමයි “නැවැසි” එහෙමත් නැත්නම් ඇතැමුන් කියන පරිදි ‘නවසි’ පොල් ගෙඩියෙ පොල් ලෙල්ල කහට ගතියක්‌ නැහැ. ඒ ලෙල්ලෙ ළපටි කාලෙ පැණි රසක්‌ තියෙනවා. කොළ පාට පොත්ත ඇරල ගත්විට කන්න පුළුවන්. ඒකෙනුත් හුඟක්‌ දේ කරන්න පුළුවන්. රසවත් කරියක්‌, සලාදයක්‌ විදිහට නවසි පොල් ගෙඩියෙ ලෙල්ල පාවිච්චි කරන්න පුළුවන්. ඔය වගේ අප අවට තියෙන බොහෝ දේ මේ වෙද්දි අපි ඉවත දැම්මට ඔය බොහෝ දේ තුළ විශේෂයෙන්ම ආහාර සම්බන්ධව ගත් කල ඒව ඉවත නොදැමිය යුතු දේවල්. මම හිතනව ඒ සම්බන්ධව රට දැනුවත් කරන්න මාධ්‍ය මගිනුත් විශාල වැඩ කොටසක්‌ සිදුකළ යුතුයි කියලා.”

    “දැන්…. සති දෙක තුනකට පෙර ‘දිවයින’ පුවත්පතට අදහස්‌ දක්‌වමින් මම ප්‍රකාශ කරපු දෙයක්‌නෙ තිරිවානා ගල්වලින් කරියක්‌ හදන්න පුළුවන් කියන එක. ඔව් රජවරු පවා තමන්ගෙ ආහාරවේලට තිරුවාන ගල් අරන් තිබෙනවා. කෙනෙක්‌ හිතන්න පුළුවන් කොහොමද තිරුවානාගල් කන්නෙ කියලා. සූප ශාස්‌ත්‍රය කියන්නෙ අන්න ඒකට. ගල් කන්නෙ නැහැ. නමුත් ගලේ යම් සාරයක්‌ තිබෙනවා නම් අන්න ඒක තිරුවානාගල්වලට එකතු කරන අනෙකුත් අඩුම කුඩුමවලට උරාගන්නව. ඒ හින්ද තමයි පෙර රජ දරුවො තමන්ගේ රාජභෝජනවලට මේක එකතුකර ගත්තෙ.

    දැනට වසර දෙකකට විතර පෙර අපේ ගල්කිස්‌සෙ මහ හෝටලයේ මහා සංඝරත්නය වෙනුවෙන් දානයක්‌ පිළියෙල කරනවා. ඒක සියක්‌ නමකට සූදානම් කළ පුණ්‍යකර්මයක්‌. අන්න ඒ දානය වෙලාවේ මම මේ තිරිවානා ගල් මිශ්‍ර වෑංජනය සකස්‌ කරනවා.

    ඒක කරන්නෙ මෙහෙමයි. අපි හිතමුකෝ තිරිවානා ගල් කිලෝ එකක්‌ කියල ඒ කිලෝ එක තනි ගලක්‌ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගල් කීපයක්‌ කියමුකෝ. මේකට රතුලූනු ග්‍රෑම් පනහක්‌ තමන් කැමැතිනම් උම්බලකඩ එකතුකරන්න පුළුවන්. එහෙම කරනව නම් උම්බලකඩ කුඩු මේස හැඳි එකයි කහ තේ හැඳි භාගයයි, රම්පෙ අඟලක දෙකක කෑල්ලක්‌, කුරුඳු පොතු අඟලක කෑල්ලක්‌ කුඩුකරගත් කරපිංච මේස හැන්දක්‌ බැදගත් උළුහාල් තේ හැඳි භාගයක්‌ ලුණු ස්‌වල්පයක්‌ හොඳ මිටිකිරි අඬු කෝප්පයක්‌ දියකිරි හෝ වතුර අඬුq කෝප්ප පහක්‌ ළංකර ගන්නව ඉන් අනතුරුව අර තුනපහ වර්ග ටික දියකිරේ හොඳට කලවම්කර ගන්නවා. එහෙම කරලා පැය භාගයක්‌ පමණ තියාගන්න ඕන. ඊට පස්‌සෙ අර මිටි කිරි ටික දාල හැඳි ගානවා. ඕකට දෙහි අවශ්‍ය ප්‍රමාණය එකතු කර ගන්නව.

    ඒ අතරතුරේ…. හොඳ තිරුවාන කිලෝ එකක්‌ විතර අරගෙන හොඳට පිරිසිදු කරනවා. ඒ කියන්නෙ උණු වතුරින් හෝදනව. එහෙම කරලා මී කිරි මුට්‌ටියක්‌ අරගෙන ඒ මී කිරි ටික අරගෙන රෙදි කඩක දාල ගැට ගහල වතුර බේරෙන්න උඩක එල්ලනවා. එතකොට මී කිරිවල තිබෙන ජලය ටික බේරෙනවා. දැන් ඔන්න ඔය විදිහට හදාගත්ත මී කිරි මිශ්‍රණයට අර තිරුවානා ගල් දාල හොඳින් ගල වටා දැවටෙන ආකාරයට ආලේප කර ගන්නවා. එහෙම දවටපු ගල හෝ ගල් කීපය ගිනිගොඩක්‌ ගහල ඒ ගින්දරේ රත්කරනවා. එහෙම පුච්චගෙන දැන් අපි අර හදල තිබෙන හොද්ද තියෙනවනෙ. ඒක ලිපේ තිබ්බෙ නැහැනෙ. අර හොඳට පිච්චුන ගල හෝ ගල් කීපය හොදි මිශ්‍රණයට දානවා. ඒක දාපු ගමන් ගලේ තිබෙන රස්‌නෙට අර හොද්ද උතුරන්න ගන්නව. එතනදි අර ගල් පුපුරනවා. මේ හොද්ද ඉදෙන්නෙ අර ගලේ රස්‌නෙට. එහෙම නැතුව මේකට ගින්දර දාන්නෙ නැහැ. ටික වෙලාවක්‌ යද්දි මේ හොද්ද ආහාරයට ගන්න පුළුවන් ප්‍රමාණයට හොඳින් කැටි ගැහෙනවා. ඔන්න ඔය සිදුවීම් ටික හරියට සිද්ධ කරන විට අර ගලේ තියෙන වාජීකරණ ශක්‌තිය හොද්දට එකතු වෙනවා.

    අප දන්න දෙයක්‌නෙ කල අපල උදාවෙන කොට විවිධ ගල් වර්ග ඇඟේ පළඳින එක. එතකොට එහෙම විශ්වාස පවතිනව නම් ඒ හරහා යම් යම් ලෙඩ රෝග සුව වෙනව නම් මේ තිරුවානාගලේ තිබෙන බලය කෙළින්ම මේ හරහා ශරීරයට ඇතුළුවීමක්‌ සිද්ධ වෙනව නේද? මේව මේ විදිහට සිද්ධ වෙන්නෙ පැරැන්නන්ගෙ විශ්වාස හින්ද වෙන්න ඇති. මම මේක කරන්නෙ විවිධ පර්යේෂණ රාශියක්‌ සිද්ධ කිරීමෙන් අනතුරුවයි. ඒකට හේතුව තමයි මේ වෑංජනය ගැන පෙර රජ දවස පුස්‌කොළ පොත්වල සඳහන්ව තිබීම. හැබැයි එදා හිටපු අය මේව ලේඛනගත කරද්දි ගුරු මුෂ්ටිය තියාගෙන තමයි ඒ දේ කරල තියෙන්නෙ. දැන් මම කරන්නෙ කොහොමහරි ඒ රහස්‌ සොයාගෙන තවදුරටත් ඒව රහස්‌ බවට පත් නොකර සමාජගත කරන එක.

    ඒ විතරක්‌ද? අපේ අන්තිම රඡ්ජුරුවො සොසේජස්‌ කෑව. මේව අපට ඔප්පු කරන්න පුළුවන්. මේ දේවල් ලේඛනගතව තියෙනවා. ඒව ඒ කාලෙ වෙන වෙන නම්වලින් නම් කරන්න ඇති. නමුත් අද ඔය අපි සොසේජස්‌ කියන නමින් ආහාරයට ගන්න දෙය ඒ කාලෙත් තිබිල තියෙනවා. සමහර විට ඒ වෙද්දි අපේ රට විදේශීය ජාතීන් තුනකට යටත් වෙලා කාලයක්‌ පැවැති හින්ද මේක මුලින්ම අපේ රටට ගේන්නෙ ඒ අය වෙන්න ඇති.

    දැන් මමත් නිර්මාංශ සොසේජස්‌ හදනව. ඒක හැදුවට පස්‌සෙ මොනවායින්ද කියල හොයන්න බැහැ. ඒක හදන්නෙ මෙහෙමය. පොළොස්‌ ටිකයි ගන්නව. ඒක හොඳට තම්බල පොඩිකර ගන්නවා. එයින් කිලෝ එකයි. ඊළඟට කඩල පිටි ග්‍රෑම් තුන්සීයයි බිත්තර දෙකයි. ඊට අවශ්‍ය ලුණු, ගම්මිරිස්‌, මිරිස්‌ කුඩු කහ, රම්පෙ කරපිංච අවශ්‍ය ප්‍රමාණයට හොඳට අඹරල අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍ර කරනවා. එතකොට අපි කට්‌ලට්‌ හදන්න ගන්න මිශ්‍රණය වගේ මිශ්‍රණයක්‌ හැදෙනවා. ඊට පස්‌සෙ දුහුල් රෙදි කෑල්ලක්‌ අරන් හොඳට මිරිකල අර මිශ්‍රණය අවශ්‍ය ප්‍රමාණයට සාමාන්‍යයෙන් ගත්තොත් අපේ ඇඟිල්ලක්‌ තරමට වෙන්න රෝල් කරල අර රෙදි කඩ මත අතුරනවා. ඊට පස්‌සෙ රෙදි කැබැල්ල එය වටා ඔතල දෙපැත්ත බඳිනවා. ඊළඟට මේක හුමාලයෙන් තම්බ ගන්නවා. එහෙම කරල නිවුනට පස්‌සෙ ශීතකරණයට දානවා. එහෙම තියල දවසකට පස්‌සෙ මේක එළියට අරන් අර රෙදිකඩ ලිහල ගත්තට පස්‌සෙ ඔය දැන් වෙළෙඳපොළේ තිබෙන සොසේජස්‌ ආකාරයේ සොසේජස්‌ එකක්‌ බවට මේ පොළොස්‌ මිශ්‍රණය පත්වෙලා තියෙනවා දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ මිශ්‍රණයම පොඩි කෑලිවලට කපලා එවලෙම ගැඹුරු තෙලේ බැදල රසවත් ආහාරයක්‌ ලෙස අනුභව කරන්නත් පුළුවන්. කොහිල අල පාවිච්චි කරලත් ඔය මම කිව්ව දෙයාකාරයටම ආහාරයට ගන්න පුළුවන්. මම මුලින් කිව්ව පොළොස්‌ සොසේජස්‌ ඩෙවල් එකක්‌ ලෙස හදාගන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ හුඟක්‌ දේවල් මම දැනට අත්හදා බලල ඉන් අනතුරුව රටට ඉදිරිපත් කරලා තියෙනවා.

    එහෙම කරපු නව සොයා ගැනීමක්‌ තමයි මඤ්ඤොක්‌කා රොටිය. මඤ්ඤොක්‌ක රොටිය කියන්නෙ අමුවෙන් මඤ්ඤොක්‌ක අරගෙන ඒක තුනීයට ගා ගන්නවා. ඊට පස්‌සෙ වතුර ස්‌වල්පයක්‌ ඒකට කලවම් කරලා මිරිකල ගන්නවා. එතකොට ඒක තරමක්‌ ඝනකම දියරක්‌ බවට පත්වෙනවා. එයින් කිලෝ එකකට පොල් සම්බල් ග්‍රෑම් හාරසියයක්‌ දානවා. ඒකට බිත්තරයක්‌ දාලා හොඳට මිශ්‍ර කරනවා. ඊට පස්‌සෙ අපි සාමාන්‍යයෙන් පොල් රොටි හදන්නෙ. අන්න ඒ ආකාරයටම තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ රොටි පුච්ච ගන්නවා.

    මම පුළුවන් තරම් මේ වගේ දේවල් කරන්න පෙළඹෙන්නෙ කාරණා කීපයක්‌ හින්දයි. ඒකෙ පළමුවැනි කාරණාව තමයි අපේ රටේ බෝ නොවන රෝග රාශියක්‌ සීග්‍රයෙන් පැතිර යැම. දියවැඩියාව, කොලෙස්‌ට්‌රෝල්. අධි රුධිර පීඩනය මේ කොයික ගත්තත් ඒවට මූලිකම හේතුව තමයි අපි ගන්න ආහාරයේ තිබෙන වස විස, මේවා අපිට හඳුන්වලා දෙන්නේ බහු ජාතික සමාගම්. දැන් මේ අය කරන්නේ අපේ රට විතරක්‌ නොවෙයි අපේ මුළුමහත් ජාතියම විනාශ කරන එකනේ. කෘත්‍රිම රසකාරක, කෘත්‍රිම තෙල් වර්ණකාරක දාල මේ අය මුලින්ම කරන්නෙ ආහාර හදලා අපේ රටට එවන එක. දෙවනුව ඒ වස විස දාල ආහාර පිළියෙල කරන්නත් අපව පොළඹවනවා. අද වෙලා තියෙන්නෙ. ඒක. මේවායින් වෙන්නෙ බෝ නොවන රෝග රාශියකට රටේ ජනතාව ගොදුරුවෙන එක. අද පිළිකාව ගත්තොත් ඒක වසංගතයක්‌ තත්ත්වයට ඇවිත් තියෙන්නෙ. මෙන්න මේකෙන් රට ගලවාගන්න එක තමයි, මගේ උත්සාහය වෙන්නෙ. මේක අභියෝගයක්‌. ජීවිතය පරදුවට තබල මම භාර ගත්ත අභියෝගයක්‌ මේක මොකද මම හොයාගත්ත අලුත් අලුත් දේ මම විකුණන්නෙ නෑනෙ. මම කරන්නෙ ඒ පණිවිඩය මුළු මහත් සමාජයටම දෙන එක විතරයි.

    හැබැයි මේ වැඩේට අධ්‍යාපනයෙන් උදව් කරන්න ඕන. සෞඛ්‍යයෙන් උදව් කරන්න ඕන. ඊට අමතරව ජනමාධ්‍යයෙන් මේව පිළිබඳ දැනුවත් කරන්න ඕන. ඔය කියන ටික මේ කාර්යයට හවුල් වෙනව නම් අපට පුළුවන් වේවි අනාගත පරපුර හරි මේ වැරදි ආහාර සංස්‌කෘතියෙන් ගලව ගන්න. මෙතනදි අධ්‍යාපන අමාත්‍යාංශය ‘සූපවේදය’ කියල වෙනම විෂයක්‌ විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු වෙනවා. අද පාසල් ළමුන්ට ගෘහ විද්‍යාව කියල විෂයයක්‌ තිබුණත් ඒක කප්පාදු කරල අද තියෙන්න ගෘහ විද්‍යාව කියල කේක්‌ එකක්‌ හදන හැටි ළමයින්ට කියාදෙන එක පමණයි. ඒකෙන් වෙන්නෙ මොකක්‌ද අර බෝ නොවන රෝගවලට නොකියා අත වැනීමක්‌ මොකද ඒක හදන්නෙත් කෘත්‍රිමව සකසා ගත්ත දෙයින්.

    ඒකයි මම එදා සූපවංශය එළිදක්‌වන උත්සවයෙදීත් කිව්වෙ සූපවේදියයි. මාධ්‍යවේදියයි අධ්‍යාපනවේදියයි සෞඛ්‍යවේදියයි හරියට එකතු වුණොත් නැවත මේ රට ස්‌වර්ණමය තැනකට රැගෙන යා හැකියි කියල. ආහාරයෙන් තමයි· මනුෂ්‍යය සුගතියට හෝ නරකාදියට යවන්න පුළුවන් වෙන්නෙ. දැන් තියෙන්නෙ නරකාදිය. දොස්‌තර වර්ජනය කළොත් එක දවසකට කී දෙනෙක්‌ දුක්‌ විඳිනවද, විලාප තියනවද? රෝහලක බෙහෙත් පෝළිම කොච්චරවත් නම් දික්‌වෙනවද මෙන්න මෙතනින් රට ගලව ගන්න තමයි නිවැරදි ආහාර සහ ආහාර පිසීමේ කලාව වැදගත් බවක්‌ ගන්නෙ. ඒ හින්ද මේ කතාබහ අවසානයෙත් මම ඉල්ලා සිටින්නෙ ශරීරයට හිතකර දේ පමණක්‌ පුළුවන් තරම්වත් හෝ ආහාරයට ගමු. ඒ ගැන රටවැසියන් දැනුවත් කරන්න ඕන තරම් අය මේ ක්‍ෂේත්‍රයේ ඉන්නවා. තවත් මට පුළුවන් හැම දේම රට ජාතිය වෙනුවෙන් කරන්න ඉදිරිපත් වෙනවා. අපි අපේ අනාගත පරපුර වෙනුවෙන් යමක්‌ කරමු. මම විශ්වාස කරනව. ඒක තමයි, සූපවේදීන් ලෙස අපට කළ හැකි ලොකුම දෙය…

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    07 May 2017 10:11 PM
    ඔන්න නිර්මන්ස අයට හොද පනිවිඩයක්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536

    --
    08 May 2017 02:28 AM
    මරුනේ මේ විදිහත්

    ස්තුති ලිපියට
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    14 May 2017 09:30 PM

    පාට හතයි රස හතයි
    හත් මාළුව හදන්නේ මෙහෙමයි...

    ආචාර්ය පබිලිස්‌ සිල්වා කියයි

    ආහාරවල රසය කනටත් දැනෙනවා

    කරවිල, වට්‌ටක්‌කා, පුහුල්, පිපිඤ්Æ ඇට කියන්නෙ ඖෂධ

    ජාතියේ මහා සූපවේදී ආචාර්ය පබිලිස්‌ සිල්වා සමඟ කරගෙන යන කතා බහ ඔහු විසින් රචිත "සූපවංශය" කෘතිය තරමටම පුළුල් ගැඹුරකින් අර්ථයෙන් යුක්‌තය. ගත වූ සති තුනක්‌ තුළ ඔහු විසින් මෙරට ආහාර සංස්‌කෘතිය පිළිබඳ දක්‌වන ලද අදහස්‌ ලිපි මාලාවක්‌ ලෙස "දිවයින ඉරිදා සංග්‍රහයේ" පළවූ අතර මෙම ලිපිය ද එහි දිගුවක්‌ වන්නේය.

    පළමුව "සූපවංශය" එළිදැක්‌වීමේ උළෙලට සහභාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ග්‍රන්ථයේ ඇති වැදගත්කම අවබෝධ කර ගැනීමෙන් අනතුරුව එය ඉංගී්‍රසි බසට පරිවර්තනය කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී ඇති බැවින් නුදුරේදී එය ජාත්‍යන්තර වටිනාකමකින් යුත් ග්‍රන්ථයක්‌ බවට පත්කිරීමට හැකියාව ලැබෙන බවත් එහි පූර්ණ ගෞරවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමි විය යුතු බවත්, පළමුව සඳහන් කරමින් පබිලිස්‌ සිල්වා මහතා මෙවර කතා බහ හත්මාළුවෙන් ආරම්භ කළේය.

    "හත්මාළුව කියන්නේ එළවළු සහ අල වර්ග හතක්‌ එකට මිශ්‍ර කරල හදන ආහාරයක්‌. මේක ලෝකයේ බොහෝ රටවල තිබෙන ක්‍රමයක්‌. දැන් ඉන්දියාව ගත්තොත් ඒ රටේ මේ සඳහා වර්ග නමයක්‌ එකතු කරනව. සාමාන්‍යයෙන් නවරත්න කිව්වහම අපේ මතකයට නැඟෙන්නේ මැණික්‌ වර්ග නමයක්‌නෙ. නමුත් අපි හත්මාළුව කියන එක ඉන්දියාවෙ හඳුන්වන්නෙ නවරත්න නමින්. දැන් අපේ රටේ ගත්විට අපි හත්මාළුව කියල හඳුන්වන ආහාරය පළාතෙන් පළාතට වෙනස්‌ වෙන්න පුළුවන්. ඒක වෙන්නෙ මෙහෙමයි. කොතැනකවත් සඳහන් වෙලා නැහැ හත්මාළුවට අහවල් දේම පමණක දාන්න කියල. මේ සඳහා ඒ ඒ පළාත්වලට ආවේණික එළවළු වර්ග, අල වර්ග භාවිත කරන්න පුළුවන්. ඒ හින්ද අපට වර්ග කරල කියන්න පුළුවන් කමක්‌ නැහැ. හත්මාළුවට මේ මේ වර්ග යොදා ගන්න කියල. හැබැයි මේකෙ තියෙන වැදගත්කම තමයි හත්මාළුව හැදුවට පස්‌සෙ ඒකට පාවිච්චි කළ එළවළු වර්ග වෙන්න පුළුවන් අල වර්ග වෙන්න පුළුවන් අන්න ඒ ටික වෙන වෙනම හඳුනගන්න පුළුවන්කම තිබෙන්න ඕන. අන්න එතකොට තමයි මේක හත්මාළුව වෙන්නෙ."

    "එහෙම නැතුව මේකෙ පාට වෙනස්‌ වෙලා තැම්බිල වැඩිවෙලා අනවශ්‍ය රසකාරක දාල මේකෙ තියෙන්නෙ මොනවද කියල හොයාගන්න බැරි නම් ඒක හත්මාළුවක්‌ වෙන්නෙ නැහැ. හත්මාළුවක්‌ හදා ගැනීමේදී ඕනෑම පළාතකදී කජු විශේෂ වෙනව. මෙතැනදීත් කජු කිව්වම පැහුණුq ගෙඩියෙන් ලබාගන්න කජු මදය මේ සඳහා යොදා ගැනීමක්‌ සිද්ධ වෙන්නෙ නැහැ. ඒ සඳහා ගත යුත්තේ නාඹර වයසෙ කජු මදය පමණයි. ඒ කියන්නෙ ළපටි කජු මද. ළපටි කජු මදය සුදු පාටයි. ඊළඟට අපි කොළපාට එළවළුවක්‌ ගන්න ඕන. රතුපාට එළවළුවක්‌ ගන්න ඕන. ඔය වගේ වර්ණ හතකින් කජු මාළුව සමන්විත වෙන්න ඕන. එතකොට උදාහරණයක්‌ විදිහට අපට දුඹුරු පැහැති එළවළුවක්‌ අල වර්ගයක්‌ නැහැනේ. ඒකට කරන්නෙ අළු කෙසෙල් අරන් කපල බදිනව. අන්න දුඹුරු පැහැය එනව. හැබැයි මේ බැදගත් අළු කෙසෙල් හත් මාළුවට මිශ්‍ර කරන්න ඕන අනෙක්‌ හය වර්ගයම යොදල හොද්ද හදාගත්තට පස්‌සෙ. එතකොට අර දාන අළු කෙසෙල් කෑලිවල පැහැය වෙනස්‌ වෙන්නෙ නැහැ. දියවෙලා නොපෙනී යන්නේ නැහැ. හත්මාළුවට කළු වර්ණය ලබාගන්න ඕන නම් "ඉඳලොළු" දාන්න පුළුවන්. රතුපාට ගත්තොත් ඒ සඳහා අපට රතු නිවිති දාගන්න පුළුවන්."

    "එතකොට බීට්‌රූට්‌ ගන්න බැරි ඇයි කියල කෙනකුට ප්‍රශ්නයක්‌ එන්න පුළුවන්. බීට්‌රූට්‌ ගත්තොත් එයාගෙ අණසක සෑම තැනකම පැතිරෙන්න ගන්නව. හැමදේම රතුපාට වෙන්න ගන්නව. මෙතැනදී මට අමතක වුණ කාරණයක්‌ තමයි හත්මාළුවක්‌ හදද්දී ඒ සඳහා ගන්න එළවළු අල වර්ග එක සමාන ප්‍රමාණයට කපාගත යුතු වෙනව. මොකද මේකෙ කලාවක්‌ තියෙනව. මම කියාගෙන ආපු කාරණයට නැවත ගියොත් බීට්‌රූට්‌ ගන්නව නම් හත්මාළුවට ඒක මුලින්ම තම්බගන්න ඕන. අන්න එතකොට එයාගෙ තිබෙන රතුපාට බලය බිඳෙනවා. ඔන්න ඔය වගේ යම් යම් උපක්‍රම අපි දැනගන්න ඕන ආහාර පිළියෙළ කිරීමේදී විශේෂයෙන් හත්මාළුව ගැන සඳහන් කළොත් ඒක පිළියෙළ කරල ආහාරයට ගන්න වෙලාවේදී එය වර්ණ හතකින් සමන්විත වෙන්න ඕන."

    "ආහාරයෙන් අපි ඉන්ද්‍රියයන් පහක්‌ පිනවනව. ඒව තමයි ඇස, කන, නාසය, මුඛය, ස්‌පර්ශය මේ ඉන්ද්‍රියයන් පහ ආගමානුකූල පැත්තෙන් ගත්තත් වැදගත් වෙනවනෙ. එතැනදී මේක වැදගත් වෙන්නෙ පව් සහ පින කියන කාරණා දෙක සම්බන්ධයෙන්නෙ. කෙනෙක්‌ දිව්‍ය ලෝකයේ හෝ නරකාදියේ යන්නෙ. මේ ඉන්ද්‍රියයන් පහ පිනවන ආකාරයෙන්aනෙ. හැබැයි ආහාරවලින් මේ ඉන්ද්‍රියයන් පිනවන්න යන්න එපා. මොකද අධික රසයට ඕනම කෙනෙක්‌ කැමැත්ත දක්‌වනව. හැබැයි අද මේ අධික රසය ගන්න බහුල වශයෙන් දාන්නෙ රස කාරක. ඒ හින්ද මම දෙන උපදෙස තමයි අධික රසයට ලොල් වෙන්න එපා කියන එක. දැන් යම් ආහාරයක්‌ සැකසීමේදී ඕනෑවට වඩා ඒ දෙය තෙලෙන් බදිනව නම් වැඩිපුර තම්බනවනම් ඒකට හේතුවක්‌ තියෙන්න ඕන. දැන් මම ඉස්‌සෙල්ල කිව්වෙ හත් මාළුවට අළු කෙසෙල් ගෙඩිය බදින්න ඕන කියල. අන්න ඒක අවශ්‍ය වර්ණය එනකම් බැද්දට ගැටලුවක්‌ නැහැ. ඒකට හේතුවක්‌ තියෙනවනෙ. මොකද ඒක බාගෙට බැදල දැම්මොත් දියවෙලා යනව. ඒ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන.

    එතකොට ආහාර සමඟ ඉන්ද්‍රියයන් පහක්‌ සම්බන්ධ වෙන ආකාරය ගැන නැවත කතා කළොත් ආහාරයක්‌ වේවා බීමක්‌ හෝ වේවා මුලින්ම අපි ඒකෙ රස බලන්නෙ නාසයෙන්. නාසයට ඒ සුවඳ දැනිල තත්පර ගණනකින් අපේ ශරීරය වෙනස්‌ වෙනව. කටට කෙළ උනනව. ආශාව ඇති වෙනව මේ කාල රස බලල නොවෙයි. එතකොට අපි මුලින්ම ආහාරය භුක්‌ති විඳින්නෙ නාසයෙන්. දෙවැනි එක තමයි ඇස. එතැනදී සුවඳ එන පැත්ත දෙස අපි හැරිල බලනව. අන්න එතකොට අපි මේක දකිනව. අන්න අපි දෙවැනි වර දැසින් ආහාරයක්‌ භුක්‌ති විඳිනව. ඊළඟට අපි ස්‌පර්ශය බලනව. මේක ඉදිලද, තැම්බිල ද, මෙළෙක්‌ ගතියෙන් යුක්‌තද සෙවෙල ගතියක්‌ තියෙනවද කියල. බලන්නෙ ස්‌පර්ශයෙන්. ඊළඟට තමයි අපි ඒක ආහාරයක්‌ හෝ පාන වර්ගය වේවා භූක්‌ති විඳින්නෙ. ඒ හතරවැනි අවස්‌ථාව. තව එකක්‌ ඉතිරි වෙනවානේ. ඒ තමයි පස්‌වැනි අවස්‌ථාව. අපි ආහාරයක්‌ දත් දෙපළෙ ආධාරයෙන් හපල කනකොට ශබ්දය උපදිනව. ඒක කනට නෑසුණොත් එතකොටත් අපි ආහාරය පිළිකුල් කරනව. ඒ හින්ද දෙසවන් කියන්නෙත් ආහාර රසවිඳින ඉන්ද්‍රියයක්‌. දැන් උදාහරණයක්‌ විදිහට පිපිඤ්Æ කෑල්ලක්‌, පපඩමක්‌ ධාන්‍ය වර්ගයක්‌ ආහාරයට ගනිද්දි යම් ශබ්දයක්‌ ඇහෙන්නෙ නැත්නම් අපි දෙපාරක්‌ කල්පනා කරනව. පෙඟුණ පපඩමක්‌ අපි කන්නෙ නැහැනේ. ඒ හින්ද ආහාරයක තිබෙන රසය කනටත් දැනෙනව. එතකොට කෙනකුට ඕන නම් මේ ඉන්ද්‍රියයන් පහම පිනවන්න පුළුවන්. හැබැයි ඒක එච්චර හොඳ දෙයක්‌ නොවෙයි.

    මේ දෙය කෘත්‍රිමව කරන්නත් පුළුවන්. ඒ කොහොමද කියනව නම් නාසය පිනවන්න පුළුවන් කෘත්‍රිම සුවඳ කාරක ආධාරයෙන් කට පිනවන්න රස කාරක තිබෙනව. ඇස පිනවන්න වර්ණ කාරක තිබෙනව සවණ පිනවන්න විවිධ තෙල් වර්ගවලින් බැද ගන්න පුළුවන්. ස්‌පර්ශය සඳහාත් ඒ ක්‍රමයම අනුගමනය කරන්න පුළුවන්. හැබැයි මේකෙ තියෙන අනතුර තමයි. මම අර කිව්ව ඉන්ද්‍රියයන් පිනවීමට යැමේදී අප නොදැනුවත්වම අපට හානි සිද්ධ වීම. ඒකයි මම කිව්වෙ ආහාරවලින් ඉන්ද්‍රියයන් පහක්‌ පිනවන්න පුළුවන් හැබැයි අනතුරුදායකයි කියල.

    මොකද ඔය ඕනවට වඩා රස සොයන්න ගියොත් ඒක බෝ නොවන රෝගවලට අතවැනීමක්‌. ඒ හින්ද අර මම මුලින් කිව්ව අපාය හා දිව්‍ය ලෝකය කියල දෙකක්‌ තිබෙනවානේ. ඒ හින්ද ඕනවට වඩා රසය සොයාගෙන යැම ඒ දෙකෙන් අපායට යනව වගේ වැඩක්‌. මොකද මම එහෙම කියන්නෙ ආහාර එක්‌ක සෙල්ලම් කරනව කියන්නේ ජීවිත එක්‌ක සෙල්ලම් කරනව වගේ වැඩක්‌.

    ආහාර ගැන ඉතිහාසය සොයා ගෙන යන කොට ආහාර පිළියෙළ කිරීමේ නිරතව ඉන්න අයට ඒ ගැන උනන්දුවක්‌ තියෙනව නම් පොළොව යටින් වටිනා ඉල්ලම් මතු වෙනව වගේම ඒ අයගේ මනසටත් ආහාර සම්බන්ධව අලුත් සිතුවිලි පහළ වෙන්න ඕන. අපි කොහොමද රසවත් මෙන්ම ගුණවත් දෙයක්‌a හොයාගන්නෙ කියල. සමහරවිට අත් වැරැද්දකින් අලුත් දෙයක්‌ අලුත් රසයක්‌ හොයාගන්න පුළුවන් වන අවස්‌ථා තිබෙනව.

    මං අපේ රටින් උදාහරණයක්‌ කියන්නම්.. දැන් කාලෙකට ඉස්‌සර අපේ රටේ "බුල්ටෝ" කියල දෙයක්‌ තිබුණ. මං හිතන්නෙ දැන් ඒක වෙළෙඳපොළේ නැහැ. ඔය බුල්ටෝ එක හැදුණේa අත්වැරැදීමකින්. කවුරු හරි කෙනෙක්‌ කියමුකො. එයා කිරිටෆී හදන්න ගියා වැරදීමකින් පමණට වැඩිය මේ මිශ්‍රණය රත් වුණා. එහෙම නැත්නම් අධික උෂ්ණත්වයකට පත් වුණා. මේක අහක දාන්න බැරිකමට රවුම් කලා කෑලි කපල කොලේක එතුව වෙළෙඳපොළට දැම්ම.

    අපි මොනතරම් ඇබ්බැහිවීමක්‌ වුණාද ඒකට. ඒක හොයාගෙන ගිහින් මිලදී ගන්න තත්ත්වයට ආව. ඒ වගේ යම් යම් අත්වැරදීම් හේතුවෙන් ආහාර සංස්‌කෘතියට අලුතින් එකතු වූ දේත් තිබෙනව.

    මම කියාගෙන එන්නෙ අලුත් අත්හදා බැලීම් කළ යුතුයි කියලනෙ. දැන් උදාහරණයක්‌ විදිහට ගත්තොත් ආහාර රසවත් කරන්න විවිධ සෝස්‌ වර්ග යොදාගන්නව. මේව බොහොමයක තියෙන්නෙ කෘත්‍රිම රස කාරක හා වර්ණ කාරක හැබැයි ඒ කෘත්‍රිම දේ භාවිත නොකර සෝස්‌ වර්ග හදාගන්න පුළුවන්. තමන්ගෙ ගෙදර පාවිච්චියට කියමු. ඒ දේ තමන්ට කරගන්න පුළුවන්නෙ. ඕනෑම පළතුරකින් සෝස්‌ හදන්න පුළුවන්. මම ඒක මුලින්ම හඳුන්වල දීල තිබෙනව. දිවුල්, කාමරංක, බෙලි මෙන්ම මේ වගේ පළතුරුවලින් අපට ඒ දෙය කරගන්න පුළුවන්. විනාකිරි ටික ගත්තත් එහෙමයි. මේ වෙද්දී ලෝකයේ බොහෝ රටවල් රසය පැත්තකින් තියල ගුණය ගැන සැලකිලිමත් වෙන්න පටන් අරන් තියෙනව. ඒ කියන්නෙ ආහාර සඳහා පුළුවන් තරම් ස්‌වාභාවික දේ භාවිත කරන්න පටන් අරන් තියෙනව. රටක්‌ ලෙස ගත් විට අපි ඒ තත්ත්වයට තවමත් යන්න හිතල නැහැ. මොකද ඔය කෘත්‍රිමව නිපදවන ලද ආහාර අපේ රටට එන්න ගත්තෙ දැනට දශක තුන හතරකට එපිට ඉඳල. ඒ කියන්නෙ තවමත් ඒක අපට අලුත්. ඒ හින්ද ඒකෙන් මිදෙන්න අපට තව කාලයක්‌ ගත වෙනව.

    අපේ රටේ දැනට කාලයකට පෙර ආහාර රසවත් කරන්න භාවිත කළේ පොල් විනාකිරි. ඒක සියයට සියයක්‌ ස්‌වාභාවිකයි. ගෙදර හදා ගත්තෙ. අද ඉන්න ගෘහණිය ඒක හදාගන්නෙ නෑ. හදන්න දන්නෙත් නෑ. ඒ අය මොකද කරන්නෙ කඩේට ගිහින් කෘත්‍රිමව හදන විනාකිරි ගෙනත් ආහාරයට දානව. ඒක හදන්නෙ ඇසිඩ් වර්ග භාවිත කරල. දැන් අපි ඇසිඩ් තමයි කන්නෙ විනාකිරි කියල. හැබැයි අපි පොල්ගෙඩිය බිඳල විසි කරල දාන වතුරෙන් ගෙදරදීම ඔය විනාකිරි ටික හදාගන්න පුළුවන්. ඒක ස්‌වාභාවිකයි. කොහොමද ඒක කරන්නෙ. ගෙදර බිඳින පොල් ගෙඩියෙ වතුර ටික අරගෙන ඒක පෙරළා අරගන්න. එහෙම ගන්න පොල්වතුර ලීටරයකට සීනි තේ හැන්දක්‌ දාන්න ඕන. හොඳින් වහල පල්වෙන්න තියන්න. සති දෙක තුනක්‌ යද්දී ඒක විනාකිරි බවට පත් වෙනව. ඉතින් අපි මේ දේවල් කරන්නෙ ආහාරය ඖෂධයක්‌ බවට පත් කරන්නෙ කොහොමද කියල රටට කියන්න.

    විදේශවලට ගියාට පස්‌සේ මම දැකල තියෙන දෙයක්‌ තමයි කරවිල ඇටය , පිපිඤ්Æ ඇටය, වට්‌ටක්‌කා ඇටය ඔය කොයික ගත්තත් ඒව මිල අධික ආහාර ලෙස වෙළෙඳපොළේ අලෙවි වෙනව. ඒක මිරිස්‌ හෝ සීනි මිශ්‍ර කරල රසවත් ආහාරයක්‌ බවට පත් කරගෙන තිබෙනවා. අපේ රටේ මේ දේවල් දාන්නෙ කුණු කූඩේට. මේ වගේ පුංචි පුංචි දේවල් ගැන අපි නොහිතුවට ඒව තුළ විශාල වටිනාකමක්‌ පවතිනවා. අපේ රටේ තිබෙන අඩුපාඩුව තමයි මේ දේවල් ගැන සැලකිලිමත් නොවීම.

    ඔය හින්දම තමයි මම "සූපවංසය" කියන පොත ලියල මේ ගැන රට දැනුවත් කරන්න තීරණය කළේ මොකද මට මගේ රටේ යම් වටිනාකමක්‌ හිමිවෙලා තිබෙනවා නම් රටට මගෙන් යම් යුතුකමක්‌ ඉටු කළ යුතුයි. ඒ හින්ද අඩුම තරමින් අපේ අනාගත පරම්පරාව මේ ආහාර භීෂණයෙන් තරමක්‌ හරි මුදවගන්න පුළුවන් නම් ඒක මම ලබන ලොකුම සැනසීමක්‌ වෙනව."

    ආචාර්ය පබිලිස්‌ සිල්වා එසේ පවසමින් කතා බහ හමාර කළ අතර ඔහුගේ කතාබහ ගත් විට එහි හරය වී ඇත්තේ ආහාරය ඖෂධයක්‌ විය යුතු බවත් තවමත් එය එසේ යෑයි සිතීමට රට්‌ටුන් ලෙස බොහෝ දෙනෙක්‌ මැලිකමක්‌ දක්‌වන බවත් ය. එබැවින් ඔහු පවසන ආකාරයට කවුරු කවුරුත් තේරුම් ගත යුතුව ඇති කරුණක්‌ වන්නේ ජීවත් වන්නේ ආහාර ගැනීම පිණිස නොව ආහාර ගන්නේ ජීවත්වීම පිණිසය යන්න වගය.

    රුවන් ජයවර්ධන

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    14 May 2017 10:04 PM
    ඔන්න කනවා නම් කැම
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    14 May 2017 10:57 PM
    අපි හැදුවොත් කලර් එක වෙනස් වෙනවානේ ------ ඕකනේ ප්‍රශ්නේ
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    15 May 2017 03:28 AM
    හත්මාළුව මාර රසයි.කන්නම ආස කෑමක්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536

    --
    15 May 2017 03:31 AM
    නියම කෑමක් තමයි ඔන්න
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    15 May 2017 04:18 AM
    ගොඩක් ගරු කරන ආස කරන පුද්ගලයෙක් තමයි පබිලිස් සිල්වා මහතා. දක්ෂතාවය වගේම දේශීය දේ අගයන්න දන්නා නිහතමානී සුපවේදියෙක්.

    හත්මාළුව සබරගමු පලාතට ආවේනික ලෙස සකසන ආකාරය පසුගිය දිනෙක රුපවාහිනී වැඩසටහනකට පෙන්නුව. එකම පළාතේ උනත් මේ හදන එක වෙනස් තමයි. දකුණේ හදන විදිහට ඉස්සර අපේ අම්මත් හදල තියෙනව හත්මාලුව.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736

    --
    15 May 2017 06:34 AM
    රසවත් කෑමක් නේ ...
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    15 May 2017 08:48 AM
    මේ විස්තර කියවනකොට නම් බඩ වගේම හිතත් පිරෙනවා ..
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    16 May 2017 09:03 AM
    හත් මාලුව පලාත් අනුවත් වෙනස්.මම කාලා තියෙන එක මෙහෙම නෙමෙයි.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    29 May 2017 12:58 AM

    සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස්

    අවශ්‍ය ද්‍රව්‍ය,

    • බාස්මතී හාල් කෝප්ප 02
    • වතුර කෝප්ප 03
    • කජු ග්‍රෑම් 100
    • මුද්දරප්පලම් ග්‍රෑම් 50
    • ග්‍රීන් පීස් ග්‍රෑම් 50
    • ඉස්සන් ග්‍රෑම් 250
    • කොටු කපා ගත ළූණු ගෙඩි 02
    • කරාබු නැටි 02
    • කුරුඳු අඟලේ කැබලි 01
    • සේර අඟලේ කැබලි 01
    • කහකුඩු තේ හැඳි ½
    • ලුණු
    • මාගරින් ග්‍රෑම් 100

    sea-food_compressed
    සාදන ක්‍රමය,

    • භාජනයකට මාගරින් ග්‍රෑම් 50ක් දමා අඩු ගින්දරේ රත්කර එයට හාල්, ලුණු කුඩු,කහ කුඩු, කුරුඳු පොතු, කරාබු නැටි හා වතුර දමා බත හොඳින් පිස ගන්න.
    • වෙනත් භාජනයක් ලිප තබා එයට ඉතිරි මාගරින් ග්‍රෑම් 50 දමා ළූණු, සේර දමා බැදෙන විට ඉස්සන් දමා තරමක් බැද ගන්න
    • එයට කජු, ග්‍රීන් පීස්, මුද්දරප්පලම් දමා බැද පිසගත් බතට එකතු කරගන්න

    විකී බාස්කට්

    අවශ්‍ය ද්‍රව්‍ය,

    • තම්බා ගත්  බිත්තර 05
    • චීස් ග්‍රෑම් 100
    • බටර් ග්‍රෑම් 50
    • කලරින්
    • තම්බා ගත අල ගෙඩි 01
    • ලුණු හා ගම්මිරිස්
    • කැරට් තීරු ස්වල්පයක්
    • පාස්ලි ස්වල්පයක්

    සාදන ක්‍රමය,

    • බිත්තර තම්බා දෙකට පලා එහි කහ මදයට චීස්, බටර්, ලුණු, ගම්මිරිස් දමා මිශ්‍රකර කුඩා බෝල සාදා ගන්න
    • අල පොඩි කර එයටද චීස්, බටර්, ලුණු හා කහපාට කලරින් ස්වල්පයක් දමා ගන්න
    • බිත්තර පලු ගෙන සාදා ගත් බෝල ඒ මත තබා හොට ලෙස කැරට් කැබැල්ලක්, ඇස්  දෙක ලෙස කුඩා කැරට් කැබලි දෙකක් තබාගන්න
    • අල මිශ්‍රණය ස්ටා නොසලයෙන් මල් ආකාරයට තබා පාස්ලි කැබැල්ලක් ගසන්න

    චිකන් කුරුමා

    අවශ්‍ය ද්‍රව්‍ය,

    • කුකුළු මස් කිලෝ 01
    • සුදු ළූණු බික් 05
    • වියලි මිරිස් කරල් 10
    • ඉඟුරු අඟලේ කැබලි 01
    • කුරුඳු අඟලේ කැබලි 01
    • කරදමුංගු කරල් 01
    • කහ කුඩු, මාගරින් මේස හැඳි 05
    • සේර අඟලේ කැබලි 01
    • කජු මේස හැඳි 03
    • බී ළූණු ගෙඩි 04
    • කෝන්පිටි තේ හැඳි 01
    • මුදවාපු කිරි ග්‍රෑම් 150
    • කොත්තමල්ලි කොළ තේ හැඳි 01
    • බැදපු තුනපහ කුඩු තේ හැඳි 02
    • සීනි තේ හැඳි 01

    chicken-korma-recipe
    සාදන ක්‍රමය,

    • භාජනයකට කුකුළු මස් දමා එයට අඹරාගත් සුදු ළූණු, වියළි මිරිස්,කොත්තමල්ලි කොළ,ඉඟුරු,සේර,කුරුඳු,කරදමුංගු, කහකුඩු,ලුණු දමා පදම් වීමට අරින්න
    • වෙනත් බඳුනකට මාගරින් දමා ලිප තබා ළූණු දමා රන්වන් වන තුරු බැද ගන්න
    • මෙයට පදම් කරගත් කුකුල් මස් ද එකතු කර හොඳින් මිශ්‍ර කර ගනිමින් බැද ගන්න
    • දැන් මෙයට මුදවාපු කිරි, කජු,කෝන්පිටි, බැදපු තුනපහ කුඩු, සීනි එකතු කර හොඳින් කලවම් කර මස් තම්බුණ පසු ලිපෙන් ඉවතට ගන්න

    මැලේ අච්චාරු

    අවශ්‍ය ද්‍රව්‍ය,

    • මාළු මිරිස් ග්රෑම් 100
    • බොම්බයි ළූණු ග්‍රෑම් 100
    • කැරට් ග්‍රෑම් 50
    • රට ඉඳී ග්‍රෑම් 200
    • ලුණු දෙහි ගෙඩි 02
    • ඉදුණු අන්නාසි ගෙඩි 1/4
    • විනාකිරි
    • අඹරා ගත් අබ තේ හැඳි 01
    • ඉඟුරු කැබැල්ලක් හා සුදු ළූණු බික් 05
    • මිරිස් කුඩු මේස හැඳි 01
    • රස අනුව ලුණු හා සීනි

    malay-pickle-sri-lankan-style_compressedසාදන ක්‍රමය,

    • කැරට්  තීරු ලෙසද මාළු මිරිස් අඟලේ රවුම් ලෙසද, බොම්බයි ළූණු ගෙඩි 04ටද ලුණු දෙහි දිග තීරු ලෙසද කපන්න
    • භාජනයක් ගෙන එයට විනාකිරි දමා අඹරාගත් අබ,සුදු ළූණු,ඉඟුරු,වියළි මිරිස් කුඩු, ලුණු දමා සීනිද එකතු කර හැඳි ගාන්න
    • උතුරන විට කැරට්, ගම්මිරිස්, රට ඉඳි, අන්නාසි,ලුණු දෙහි දමා කලවම් කර ලිපෙන් ඉවතට ගන්න

    සලාද කොළ සලාදය,

    අවශ්‍ය ද්‍රව්‍ය,

    • සලාද කොළ ග්‍රෑම් 100
    • අමු මිරිස් කරල් 02
    • යෝගට් මේස හැඳි 02
    • කොටු කපන ලද බී ළූණු 02
    • සිහින්ව කැපූ පාස්ලි කොළ මේස හැඳි 02
    • කොත්තමල්ලි කොළ මේස හැඳි 02
    • මෙයෝනේස් සෝස් මේස හැඳි 03
    • ලුණු තේ හැඳි 1 1/2
    • සීනි තේ හැඳි 01
    • ගම්මිරිස් කුඩු තේ හැඳි 01
    • කොටු කපන ලද තක්කාලි ගෙඩි 03

    garden-salad

    සාදන ක්‍රමය,

    • සලාද කොළ ලොකුවට කපන්න
    • එයට සිහින්ව කපා ගත අමුමිරිස්, බී ළූණු, තක්කාලි සහ ඉතිරි සියල්ල දමා කලවම් කරගන්න
    • රවුම් කපා ගත තක්කාලි මේසය වටේ අතුරා සාදාගත් සලාදය මැදින් තබා ගන්න
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    07 Jun 2017 11:40 AM
    ස්තුති අයියේ ,,බඩගිනිත් එනවා අනේ මේවා දක්නා කොට
    0

    ---