Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Nov 2016 04:56 AM by nilshani de silva ආහාරයක ගුණ අගුණ 19 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages Sithara GodewattaSuper Senior MemberPosts:5335 17 Dec 2015 07:42 AM උඳුවප් මාසයේ උදාවත් සමඟ ලෝකයේ සෑම රටකම පාහේ උත්සව සමය ඇරැඹෙනවා. මෙය අපේ රටටත් පොදුයි. මේ කාලයට රසවත් ආහාර වර්ග පිළියෙල කිරීමත් සාමාන්‍ය දෙයක්. රස මසවුලෙන් යුතු ආහාර පිළියෙල කරන නමුත් ලෝකයේ සෑම රටකටම පාහේ ජාතික ආහාරයක් තිබෙනවා. අපේ රටේ ජාතික ආහාරය වන්නේ බත්. පරිප්පු හොද්දක්, කුකුළු මස් ව්‍යාංජනයක්, මැල්ලුමක් හා පපඩමක් සහිත බත් පිඟානක් සරල ශ්‍රී ලාංකීය ජාතික ආහාරය නියෝජනය කරනවා. අද අප ඉදිරිපත් කර තිබෙන්නේ ලොව පුරා රටවල ජාතික ආහාරවලින් හොඳම ජාතික ආහාර කිහිපයක්. 1. හැම්බර්ගර් - ඇමෙරිකා එක්සත් ජනපදය (Hambergar) පි හැමෝම දන්න ආහාරයක් තමයි හැම්බර්ගර්. ඒත් හැම්බර්ගර් ඇමෙරිකාවේ ජාතික ආහාරය කියල ගොඩක් අය දන්නෙ නැතුව ඇති. කෙසේ වෙතත් මෙම ආහාරයේ උපත හරියටම සඳහනක් නැති වුණත් හැම්බර්ගර්වලට මෙම නම ලැබී ඇත්තේ ජර්මනියේ හැම්බර්ග් නගරයෙන් බව පිළිගැනෙනවා. විවිධ ප්‍රදේශවල ආකාරයට මෙම ආහාරයේ රස, සාදන ආකාරය යොදන අමුද්‍රව්‍ය ආදිය විශාල ලෙස වෙනස් වෙනවා. ලොව පුරාම හැම්බර්ගර් ප්‍රසිද්ධියක් උසුලන්නේ දවසේ ඕනම මොහොතක ආහාරයට ගත හැකි ප්‍රණීත ආහාරයක් ලෙසයි. . ඇකී සහ ලුණු දැමු මාළු - ජැමෙයිකාව (Ackee and Saltfish) බටර් වැනි රසයක් ඇති ‘ඇකී’ යනු පලතුරකි. සැබැවින්ම ඇකී වහලුන් සඳහා වෙන්වී තිබු ආහාරයක් වුවත් පසුව එය ජැමෙයිකානු ජාතික ආහාරයේ කොටසක් වුණා. ‘ඇකී’ පලතුර තැම්බු විට, තම්බා පොඩි කරන ලද බිත්තර වැනි ස්වරූපයක් ලැබෙන අතර ලුණු දමා සකස් කරන ලද මාළු, ලූණු, තක්කාලි එයට එක්කර මෙම ආහාරය පිළියෙල කරනවා. පිළිගැන්වීමේදී තෙලෙහි බැද ගත් මඤ්ඤොක්කා පෙති හා කෙසෙල් පෙතිවලින් සැරසුමත් මේ ආහාරයේ අංගයක්. 3. කූ කූ සහ පියාමැස්සන් - බාර්බඩෝස් (Coo - Coo and Flying Fish) තිරිඟු පිටිවලින් සෑදූ කැඳ වැනි දියරයක පියාමැස්සන් ව්‍යාංජනයක් මිශ්‍ර කළ විට මෙම අපූර්ව ආහාරය සෑදිය හැකියි. දෙහි යුෂ, කුළුබඩු හා එළවළු ස්වල්ප ලෙස මිශ්‍ර කර ආහාරය තවත් රසවත් කරනවා. 4. බුල්ගොගි - කොරියාව (Bulgogi) හරක් මස් ආශ්‍රයෙන් මෙම ආහාරය බොහෝ විට පිළියෙල කරනවා. සිහින්ව කපාගත් හරක් මස් සෝයා සෝස්, තල තෙල්, සුදු ලූනු, ඉඟුරු, සීනි හා වයින් සමඟ සකස් කර එම මස් සලාද කොළ, නිවිති කොළ හා එළවළු අච්චාරු (Kimchi) සමඟ පිළිගන්වනවා. 5. කිබේ - ලෙබනනය / සිරියාව (Kibbeh) තිරිඟු පිටි සමඟ අඹරා ගත් බැටළු මස් තෝරාගත් කුළුබඩු සමඟ මිශ්‍ර කර සාදාගන්නා ආහාරයක් වන මෙය බේක් කර, තෙලෙහි බැද හෝ පිසීමකින් තොරව ආහාරයට ගත හැකියි. 6. ගොලාෂ් - හන්ගේරියාව (Goalash) හරක් මස් ඉස්ටුවක් සමඟ එළවළු, රතු ලූනු සහ කුළුබඩු මිශ්‍ර කර සාදාගන්නා ආහාරයක් වන මෙය ක්‍රි. ව. 1800 තරම් ඈත අතීතයේ සිටම හන්ගේරියාවේ ජාතික ආහාරය ලෙස සැලකෙනවා. 7. වීනර් ශ්නිට්සෙල් - ඕස්ට්‍රියාව (Wiener Schnitzel) ඉතාමත් සිහින්ව කපා ගත් හරක් මස් පෙති (ඇත්තෙන්ම හරක් පැටවුන්ගේ) පාන් පිටි, බිත්තර හා බිස්කට් කුඩුවල තවරා බැද ගැනීමෙන් මෙම ආහාරය සකස් කරනවා. 8. පොට් ඇව් ෆෙන් - ප්‍රංශය (Pot au Fen) එළවළු, මස් හා කුළුබඩු එක්කර හැළියක රත් කරනා මෙම ආහාරය ශීත කාලයට ආහාරයට ගන්නා රසවත්, සුවඳවත් හා විශේෂයෙන්ම උණුසුම් ආහාරයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා. 9. රෝස්ට් කරන ලද හරක් මස් සමඟ යෝක්ෂයර් පුඩින් - එංගලන්තය (Roast beef and Yorkshire Pudding) ඇත්තෙන්ම මෙය එංගලන්තයේ ජාතික ආහාරය වන අතර එක්සත් රාජධානියේ ජාතික ආහාරය Chicken tikka masala හෙවත් කුකුළු මස් ව්‍යාංජනයක්. රෝස්ට් කරන ලද හරක් මස් පෙති සමඟ එළවළු ස්වල්පයක් හා යෝක්ෂයර් පුඩින් සමඟ එකට ආහාරයට ගන්නවා. 10. අයිරිෂ් ඉස්ටුව - අයර්ලන්තය (Irish Ista) ඉතා සෙමින් පිසින ලද ඝනකම් හොද්දක් සහිත එළු මස් ඉස්ටුවක් අයර්ලන්ත ජාතිකයන්ගේ ජාතික ආහාරයයි. ලූනු, අර්තාපල් හා පාර්ස්ලි එක්කර සාදන මෙයට වර්තමානය වන විට කැරට් පවා එකතු කරනවා. අපේ අසල්වැසි ඉන්දියාවෙ ජාතික ආහාරයක් ලෙස විශේෂ ආහාරයක් නම් කර නැහැ. ජපානයේ ජාතික ආහාරය වන්නේ සුෂී. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 17 Dec 2015 07:44 AM ethakota ape sri lankawe jathika aharaya mokadda hariyatama ? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 Dec 2015 09:15 AM මම මේ ආහාර වලින් කොරියානු සහ ලෙබනන් කෑම රස බලලා තියෙනවා.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 21 Dec 2015 12:58 AM එක එක රටවල තියෙන්නේ අමුතුම විදියේ වට්ටෝරැ තමා ස්තූතියි අක්කේ මේ වගේ දේවල් වලින් අපේ දැනම වැඩි කරනවට 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Dec 2015 01:14 AM මමත් රටවල් කිපයක රස බලලා තියෙනවා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Dec 2015 01:36 AM බොහොම ස්තුතියි රට රට වල ආහාර වර්ග ගෙනාවට.. ලංකාවේ කෑමක් දානවා නම් හොදට හදපු පොලොස් ඇඹුලත් එක්ක මඤඤොක්ක වෑන්ජනයි පොල් සම්බෝලයකුයි තමයි දාන්න ඕනේ.. ගොටුකොල සම්බෝල ටිකකුත් තිබුන නම් කෑම වෙලා සර්ව සම්පුර්ණයි.. මේක කොටනකොටත් කෙල උනනවා බොලව්. එහෙම කෑම වේලක රහ ගුණ කිසිම දෙයක් අඩු නැහැ.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Dec 2015 02:51 AM Posted By Rosi on 17 Dec 2015 07:44 AM ethakota ape sri lankawe jathika aharaya mokadda hariyatama ? අපේ ජාතික ආහාරය පොල්සම්බල් සමග බත් (බත් උණුවෙන් තියෙන්න ඕන.. එතකොට පිගන් දෙකක්ම කන්න පුළුවන්...) 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Dec 2015 02:52 AM මේ දත්ත වලින් පෙනෙන්නේ ගොඩක් රටවල්වල මාංස සම්බන්ධ කරගෙන තියෙන බවක්... 0 Indika DampahalaVeteran MemberPosts:3410 21 Dec 2015 02:57 AM හැම රටකම වගේ උන් හරක් මස් නෙ කන්නෙ බැලුවහම ........ 0 Imalka HewageVeteran MemberPosts:4533 21 Dec 2015 06:50 AM Posted By indika76 on 21 Dec 2015 02:51 AM Posted By Rosi on 17 Dec 2015 07:44 AM ethakota ape sri lankawe jathika aharaya mokadda hariyatama ? අපේ ජාතික ආහාරය පොල්සම්බල් සමග බත් (බත් උණුවෙන් තියෙන්න ඕන.. එතකොට පිගන් දෙකක්ම කන්න පුළුවන්...) හරියට හරි 76 මචන්.......බැදපු පරිස් කරල් 2-3 කුත් තිබ්බා නම් මල් හතයි.....සරලයි..අහිංසකයි......හිතත් බඩත් පිරිසිදුයි.......දීර්ඝායුෂ විඳින්නත් පුළුවන්.. 0 Imalka HewageVeteran MemberPosts:4533 21 Dec 2015 06:52 AM Posted By kingD on 21 Dec 2015 02:57 AM හැම රටකම වගේ උන් හරක් මස් නෙ කන්නෙ බැලුවහම ........ ඔව් බන්...ඕව කාල තමයි ඔය රටවල එවුන් හරක් වගේ හැසි-රෙන්නේ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 04 Nov 2016 10:42 AM 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 05 Nov 2016 10:31 AM පැනි කාමරංගා නම් අවුලක් නෑ.අනිත් එක නම් ගොරකා කනවා වගෙයි. ඒ වගේද ගුණ. 0 Sanda ApsaraNew MemberPosts:69 08 Nov 2016 03:13 AM කාමරංකා නම් ගොඞක් ගුණ දෙයක්.... මන් නම් නිකන් කන්නත් හරිම ආසයි 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 08 Nov 2016 05:05 AM කාමරංගා මරුනේ. හසිත අයියාගෙ නම් දකිද්දිම දත් හිරි වැටිලා වගේ හී.. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 08 Nov 2016 07:16 AM වැඩක් නෑ කියලා නංගි. දෙයියනේ කියලා මුලින්ම කෑවෙත් ඇඹුල්ම කාමරංගා වර්ගෙ එකක්. එකෙන්ම ඇති වුනා. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 27 Nov 2016 03:12 PM 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 27 Nov 2016 11:57 PM ඉස්සර කාමරංකා දැකලා තිබුණාට ආහාරයට ගන්නා බව දැනගෙන හිටියේ නැහැ. ඒත් වියට්නාමයේ ඉන්නකොට තමයි මේවා කන බව දැන ගත්තේ.. එහේ හරියට තියෙනවා. රසපත් ප්ළතුරක් හැටියට තමයි කන්නේ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 28 Nov 2016 04:46 AM මේ රටේ ඉන්න සීනි කාරයෝ හින්ද නිකං වගේ කන්න තිබුණ කාමරංගාත් දැන් පට්ට ගණන් බොලව් 0 nilshani de silvaBasic MemberPosts:216 28 Nov 2016 04:56 AM මමත් මෙ කෑම 10 / හයක් විතර රහ බලල තියනව.....ඔව පෙනුම විතරඉ ....එවගෙඩ ... අපෙ සුඩු කෑකුලු බත් වලට, කරවල ,පොලොස්, පරිපුඉ හින්ඩල හඩල ගත්තම... 0 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes