You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Feb 2016 07:19 AM by  isurusam
අඹ ගෙඩියකින් කරන්න පුලුවන් දේවල් 5ක්.
 21 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

gayanfernando
New Member
New Member
Posts:66

--
11 Mar 2015 07:28 AM

    හෑමදාම ගල් පොල් හල්මිල්ල ඕල්ඩ් වයිට් ඩයමන්ඩ් ලේබල් ත්‍රීස්ටාර් කටුකම්බි ගෑරඩි ගහ ගහ ඉන්නේ එකේ පොඩි චේන්ජ් එකකටත් එක්ක මේක ට්‍රයි කරලා බලපල්ලා.. Coffee Liqueur සමහර ආර්පිකෝ වල තියෙනවා, හන්දියේ බාර් එකේ නම් නෑ.. ආර්පිකෝ එකේ තියෙන එකේත් නියම කොෆී ඈරෝමා එක එන්නේ නෑ.. කෙමිකල් සුවදයි. මේක සරලව ගෙදරදී හදාගන්න පුලුවන් බීමක්.

    එහෙනම් පටන් ගමු...මෙන්න අඩුම කුඩුම ටික..

    වතුර කෝප්ප භාගයයි
    සීනි කෝප්ප භාගයයි
    කෝපි කුඩු (කෑලි) කාලයි (හොද සුවද අලුත් කෝපි හොයාගන්න )
    වොඩ්කා කෝප්ප භාගයයි (ප්ලේන් non flavored වොඩ්කා පමනක් පාවිච්චි කරන්න )
    වෑනිලා තේ හෑදි දෙකයි.

    දෑන් හදමු..

    මද ගින්නේ සීනි සහ වතුර එකට උනු කරන්න සීනි සම්පූර්නයෙන්ම වතුරේ දියවෙනකම්
    එයට කෝපි කුඩු (කෑලි ) එකතු කොට හොදින් හෑදිගාන්න
    කෝපි හොදින් දිය වූ පසු ලිපෙන් බාගන්න
    මිශ්‍රනයට වොඩ්කා සහ වෑනිලා එකතු කර දිය කරන්න
    පිරිසිදු බෝතලයකට වත් කර වසා සිසිල් වන්නට තබන්න

    ඕක හෑදුනාම කොෆී සහ වෑනිලා එක්ක පට්ට සුවදයි..

    Coffee Liqueur කියන්නේ ගොඩාක් වෙලාවට කොක්ටේල්ස් වලට ගන්න (Kahlua වගේ) ලිකර් එකක්.. ඒ හින්දා කෙලින්ම බොනවට වඩා ආතල් මික්ස් කරලා බොන එක.. කොක්ටේල් රෙසිපීස් ඕනෑ තරම් ඔන්ලයින් තියෙනවා.. මේකෙන් ගන්න පුලුවන්.
    http://www.webtender.com/

    බීමට හොදම වේලාව; රාත්‍රී දෙවන ප්‍රහරය (මහ රෑට)
    හපන්න හොදම; තඩි චොකලට් කෑල්ලක්

    වෙරි වෙත්වා.

    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296

    --
    11 Mar 2015 10:42 PM

    මල්ලි...මේක හදන්න කලින් හදපු එකක් බීල බලන්න බැරිද හොද ද කියලා .... 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    gayanfernando
    New Member
    New Member
    Posts:66

    --
    13 Mar 2015 07:28 AM

    CHILI PASTE  හදමුද?

    අවශ්‍ය දේවල්  

    *සෝදා සිහින්ව අඹරාගත් වියළි ඉස්සෝ හෝ කූනිස්සෝ මේස හැදි 2ක් පමණ
    *කෑලි මිරිස් මේස හැදි 4-5ක්
    *කුඩාවට කපාගත් ඉගුරු සුදුලූනු තේ හැන්ද බැගින්
    *ලුනු සහ ගම්මිරිස් තේ හැන්ද බැගින්
    *සීනි මේස හැදි 2ක් පමණ
    *සෝයා සෝස් හා තක්කාලි සෝස් මේස හැන්ද බැගින්
    *විනාකිරි හෝ දෙහි තේ හැදි 2ක්
    *‍කුකින් ඔයිල් මේස හැදි 3ක්

    හදන හැටි.

    1  .තෙල් ලිපතබා ඉගුරු සුදුලූනු සහ අඹරාගත් ඉස්සන් දමා දුඹුරු පාට වන තෙක් බැදගන්න

    2  .කෑලි මිරිස් , ගම්මිරිස්, එක්කර විනාඩියක් බැදගන්න. ලුණු. සෝයාසෝස්, තක්කාලි සෝස්, විනාකිරි හෝ දෙහි එක්කරන්න.

    3  .ලිපේ ගින්දර අඩුකර සීනි එක්කර සීනි දියවීමට පෙර ඩිනාඩියක් පමණ පිසගෙන ලිප නිවා වහාම වෙනත් භාජනයකට මාරු කරන්න.
       නැතිනම් සීනි දියවී චිලි පේස්ට් එක ගල් වෙයි.

    දැන් කන්න 

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    13 Mar 2015 07:31 AM
    බොහොම ස්තුතියි චිලි පේස්ට් රෙසිපියට ගයාන්..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    13 Mar 2015 07:53 AM
    Posted By gayanfernando on 13 Mar 2015 07:28 AM

    CHILI PASTE  හදමුද?

    අවශ්‍ය දේවල්  

    *සෝදා සිහින්ව අඹරාගත් වියළි ඉස්සෝ හෝ කූනිස්සෝ මේස හැදි 2ක් පමණ
    *කෑලි මිරිස් මේස හැදි 4-5ක්
    *කුඩාවට කපාගත් ඉගුරු සුදුලූනු තේ හැන්ද බැගින්
    *ලුනු සහ ගම්මිරිස් තේ හැන්ද බැගින්
    *සීනි මේස හැදි 2ක් පමණ
    *සෝයා සෝස් හා තක්කාලි සෝස් මේස හැන්ද බැගින්
    *විනාකිරි හෝ දෙහි තේ හැදි 2ක්
    *‍කුකින් ඔයිල් මේස හැදි 3ක්

    හදන හැටි.

    1  .තෙල් ලිපතබා ඉගුරු සුදුලූනු සහ අඹරාගත් ඉස්සන් දමා දුඹුරු පාට වන තෙක් බැදගන්න

    2  .කෑලි මිරිස් , ගම්මිරිස්, එක්කර විනාඩියක් බැදගන්න. ලුණු. සෝයාසෝස්, තක්කාලි සෝස්, විනාකිරි හෝ දෙහි එක්කරන්න.

    3  .ලිපේ ගින්දර අඩුකර සීනි එක්කර සීනි දියවීමට පෙර ඩිනාඩියක් පමණ පිසගෙන ලිප නිවා වහාම වෙනත් භාජනයකට මාරු කරන්න.
       නැතිනම් සීනි දියවී චිලි පේස්ට් එක ගල් වෙයි.

    දැන් කන්න 

    ah meka nam dena gannama watina ekak....sthuthi gayan .

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    13 Mar 2015 06:27 PM
    Posted By Rosi on 13 Mar 2015 07:53 AM

    mechchara kal dananan unne nadda?

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    13 Mar 2015 07:03 PM
    Posted By Ind007ka on 13 Mar 2015 06:27 PM
    Posted By Rosi on 13 Mar 2015 07:53 AM
    Posted By gayanfernando on 13 Mar 2015 07:28 AM

    CHILI PASTE  හදමුද?

    අවශ්‍ය දේවල්  

    *සෝදා සිහින්ව අඹරාගත් වියළි ඉස්සෝ හෝ කූනිස්සෝ මේස හැදි 2ක් පමණ
    *කෑලි මිරිස් මේස හැදි 4-5ක්
    *කුඩාවට කපාගත් ඉගුරු සුදුලූනු තේ හැන්ද බැගින්
    *ලුනු සහ ගම්මිරිස් තේ හැන්ද බැගින්
    *සීනි මේස හැදි 2ක් පමණ
    *සෝයා සෝස් හා තක්කාලි සෝස් මේස හැන්ද බැගින්
    *විනාකිරි හෝ දෙහි තේ හැදි 2ක්
    *‍කුකින් ඔයිල් මේස හැදි 3ක්

    හදන හැටි.

    1  .තෙල් ලිපතබා ඉගුරු සුදුලූනු සහ අඹරාගත් ඉස්සන් දමා දුඹුරු පාට වන තෙක් බැදගන්න

    2  .කෑලි මිරිස් , ගම්මිරිස්, එක්කර විනාඩියක් බැදගන්න. ලුණු. සෝයාසෝස්, තක්කාලි සෝස්, විනාකිරි හෝ දෙහි එක්කරන්න.

    3  .ලිපේ ගින්දර අඩුකර සීනි එක්කර සීනි දියවීමට පෙර ඩිනාඩියක් පමණ පිසගෙන ලිප නිවා වහාම වෙනත් භාජනයකට මාරු කරන්න.    නැතිනම් සීනි දියවී චිලි පේස්ට් එක ගල් වෙයි. දැන් කන්න         

    ah meka nam dena gannama watina ekak....sthuthi gayan .

    mechchara kal dananan unne nadda?

    ahen mahen denagena hitiyata hariyatama danne ne aiyya,,

    welaweta ehen mehen danagathe.............

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    13 Mar 2015 07:21 PM

    ehen mehen danagena oya hadana ewa madayi

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    13 Mar 2015 07:37 PM
    welaweta neea indika aiye ehen mhen danagathe......oya hadana ewa gdara aya kannath one ne.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    31 Jan 2016 12:21 AM

    අඹ ගෙඩියකින් කරන්න පුලුවන් දේවල් 5ක්.

    අඹ! අඹ වලට කවුද අකමැති? අඹ කියන්නෙ ඉතාම රසවත් පළතුරක්. කොච්චර රසවත්ද කියනවනම් සුවිශේෂී යාලු කමක් හඳුන්වන්නත් අඹ යාලුවෝ කියල කියනවනෙ. හින්දු වේද ග්‍රන්ථ වල දෙවියන්ගේ ආහාරය (Food for the gods) හැටියටත් අඹ හැදින්වෙනව.

    අඹ කියන්නෙ වෙනස් වෙනස් රස මවන්න සමත් පළතුරක් බාගෙට පැහීගෙන එද්දි දත් හිරිවට්ටන ඇඹුල් රහටත් හොඳට ඉදුනම මී පැණි වගේ පැණි රහටත් කන්න පුලුවන් පළතුරක්. විවිධ රසයන්ගෙන් යුතු විවිධ අඹ වර්ග බොහොමයක් අපිට එදිනෙදා පොළේදි, සුපර් මාර්කට් එකේදි මිලදී ගන්න පුලුවන්කම තියනවා. විලාඩ්, මී අඹ, කර්තකොලොම්බන්, අල්පොන්සො, ගිරා අඹ… හිතල බලන්න මේ වගේ අඹ වර්ග කීයක් ඔයාලත් රස විඳල තියනවද කියල.

    අද අපි කියන්න යන්නෙ මේ රසවත් පළතුරෙන් අපි හැමෝටම කරන්න පුලුවන් දේවල් පහක් ගැන. මේ ලැයිස්තුවේ එන 5වෙනි කරුණ ඔයාලව පුදුමයට පත් කරන්නත් ඉඩ තියනව කියල කලින්ම කියන්න ඕන.

    1. අඹ අච්චාරු

    Mango අච්චාරු

    කටට කෙල වගුරව‍න අඹ අච්චාරුව
    Source – pinterest.com

    අච්චාරු නම ඇහුවමත් ලුණු, මිරිස්, සීනි,විනාකිරි සුවද දැනෙනව වගේ නේද?

    අච්චාරුවක් හදන්න මහ ලොකු සූපවේදී දැනුමක් තියෙන්න ඕනෙ නෑ. ඉස්සර පොඩි කාලෙ සෙල්ලම් කරද්දි පොඩි විවේකයක් ලැබුණම අහල පහලක අඹ ගහකට ගලකින්, පොල්ලකින් ගහල අඹ ගෙඩි දෙක තුනක් බිම වට්ටගෙන ඔයාලත් ඕන තරම් අච්චාරු හදල ඇති නේද?

    හරි, හදල නැති අය ඔන්න අහගන්න.

    ගන්න  අඹ ගෙඩි දෙක තුනක්. බාගෙට ඉදිච්ච නම් වඩාත් හොඳයි. සෝදල සුද්ද කරල පොඩි තීරු වලට කපා ගන්න. ඊට පස්සෙ යන්න කුස්සියට. ගිහින් ලුණු, සීනි තේ හැන්දක් බැගින් , විනාකිරි තේ හැන්දක්, මිරිස් ගම්මිරිස් මේස හැඳි දෙක තුනක් බැගින් භාජනයකට දා ගන්න. දැන් මේව ඔක්කොම කපාගත් අඹ කැබලිත් එක්ක මිශ්‍ර කරගන්න. පොඩි වංගෙඩියක් තියනවනම් මේ මිශ්‍රණය ටිකක් තලාගන්න. එතකොට තවත් රසවත්.

    දැන් ඉතින් සූස් සූස් ගගා කන්න තමයි තියෙන්නෙ.

    2. අඹ ස්මූති

    Mango Smoothie

    රස කර කර බොන්න අඹ බීමක්
    Source – pinterest.com

    ස්මූති හදන්නත් පුලුවන්. තිබහට වගේම පොඩි බඩගින්නටත් කියාපු දෙයක් තමයි මැන්ගෝ ස්මූති කියන්නෙ. කිරි, අයිස්ක්‍රීම් සහ කපාගත් ඉදුණු​ අඹ කැබලි බ්ලෙන්ඩ් කරගෙන අපි කාටත් පහසුවෙන්ම ගෙදරදී මේ පානයක් හදාගෙන රස බලන්න පුලුවන්. රසයට වඩා ශරීර සුවතාවයට මුල් තැන දෙනවනම් කිරි සහ අයිස්ක්‍රීම්  ඉවත්කොට ඒ වෙනුවට මේද රහිත කිරි හෝ ආමන්ඩ් කිරි වගේ දෙයක් ආදේශ කරගන්නත් පුලුවන්.

    විටමින් A,B,C තියන නිසා රසවත් විතරක් නෙමෙයි ගුණයෙනුත් පිරිපුන් පානයක්.

    3. අඹ චට්නි

    Gihan's World Famous Mango Chutney

    ගිහාන්ගේ ලෝක ප්‍රසිද්ධ අඹ චට්නිය
    Source – https://www.facebook.com/1suru

    අඹ චට්නි ටිකක් තියනවනම් කෑම මේසෙට උත්සව සිරියක් එනවා. පොඩි පැණි රසක් සහ පුංචි සැරක් ගෙනදෙමින් එදිනෙදා කෑම වේල තවත් රසවත් කරන කල්තබාගතහැකි නියම කෑමක් තමයි අඹ චට්නි කියන්නෙ. ටිකක් අන්තර්ජාලය විමසල බැලුවොත් ගෙදරදීම පහසුවෙන් පිළියෙල කරගතහැකි අඹ චට්නි රෙසිපියක් සොයාගන්න අපහසු වෙන එකක් නෑ.

    4. අඹ මාලුව

    Mango Curry

    බත් එක්ක නියමෙට ගැලපෙන අඹ මාලුව
    Source – sailusfood.com

    රැයක් අඟුරු උඩ හිදෙන්න තියල ඉස්සර ආච්චිලා හදන අඹ මාලුව කොච්චර රසද? දැන් එහෙම නැති උනත් ගෙවත්තෙන් හෝ මාකට් එකෙන් ගන්න අඹ ගෙඩි කිහිපයකින් ගෑස් ලිපෙන් උනත් රසවත් අඹ මාලුවක් සාදා ගන්න ඔයාලටත් හැකියාව තිබෙනවා.

    මස් මාලු නැති බත් පතක් උනත් රසවත් කරන්න පුලුවන් තරම් රසවත් කරියක් තමයි මේ අඹ මාලුව. ඒ විතරක් නෙමෙයි උණු උණු රෝස්පාන් එක්ක රස විඳල බලන්න. හරිම රසවත් අත්දැකීමක් වෙනවා සත්තයි.

    එහෙත් මේ මොන දේ හැදුවත් අඹ ඇටේ අහක දාන්න එපා!

    5. හිසකෙස් රකින්නට ඔබටම සාදා ගත හැකි අඹ තෙලක්

    Mango seed in oil

    අකාලෙට කෙස් හැලීම හෝ පැසීමට පිළිතුර
    Source – edibletropicalplants.com, 965malls.com

    කාල විසි කලා නේද අඹ ඇටේ? අයියෝ! යන්න යන්න ගිහින් ආපහු ඇහිඳන් එන්න.

    අඹ ඇටය හොඳින් වියලවා ගන්න. ඊට පස්සෙ ඒකෙ පිට පොත්ත ඉවත් කරල මදය අරගන්න. ඔලිව් හෝ පොල් තෙල් ටිකක් වීදුරු භාජනයකට දාන්න. ඉන්පස්සේ අඹ ඇටය එයට දමා සතියක් විතර ඉර එළියට නිරාවරණය වෙන තැනක තියන්න.

    සතියකට පස්සෙ ඔයාලට හම්බවෙන්නෙ නියම අඹ ඔයිල් එකක්. ඒක හිස් කබලේ ඇතිල්ලීමෙන් හිස්හොරි, අකලට කෙස් පැසීම කෙස් හැලීම ගොඩක් අඩු කරගන්න පුලුවන්.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    31 Jan 2016 12:50 AM
    අඹ මාළුවා සහ අඹ චට්නිය නම් මාරු කෑම දෙකක්. හැබැයි බොහොම සුළු ප්‍රමාණයක් තමයි මම නම් ගන්නෙ.
    කෑම වට්ටෝරුවේ නිෂේධක කියල අපි ඒලෙවෙල් කරන කාලෙ කිව්වේ මේවට.
    කෙම්ස්ට්‍රි කරපු අය දන්නව ඇති ඒ කියන්නෙ මොකක්ද කියල.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    31 Jan 2016 02:00 AM
    මේ අනුව බැලුවම අඹ ගෙඩියෙත් ලොකු ‍වැදගත්කමක් තියෙනවානේ...
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    31 Jan 2016 06:59 AM
    5. හිසකෙස් රකින්නට ඔබටම සාදා ගත හැකි අඹ තෙලක්
    Mango seed in oil

    අකාලෙට කෙස් හැලීම හෝ පැසීමට පිළිතුර
    Source – edibletropicalplants.com, 965malls.com

    කාල විසි කලා නේද අඹ ඇටේ? අයියෝ! යන්න යන්න ගිහින් ආපහු ඇහිඳන් එන්න.

    අඹ ඇටය හොඳින් වියලවා ගන්න. ඊට පස්සෙ ඒකෙ පිට පොත්ත ඉවත් කරල මදය අරගන්න. ඔලිව් හෝ පොල් තෙල් ටිකක් වීදුරු භාජනයකට දාන්න. ඉන්පස්සේ අඹ ඇටය එයට දමා සතියක් විතර ඉර එළියට නිරාවරණය වෙන තැනක තියන්න.

    සතියකට පස්සෙ ඔයාලට හම්බවෙන්නෙ නියම අඹ ඔයිල් එකක්. ඒක හිස් කබලේ ඇතිල්ලීමෙන් හිස්හොරි, අකලට කෙස් පැසීම කෙස් හැලීම ගොඩක් අඩු කරගන්න පුලුවන්.

    මේකනං මට ගොඩක් වැදගත් වෙයි
    අනිත්ව දකිනකොට කෙල උණනවා
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    31 Jan 2016 07:14 AM
    අපේ කළු (හිස කෙස් ඇති) මල්ලි ගේ හිසකෙස් ටිකත් සුදු වී ගෙන හැලි ගෙනද එන්නෙ අයියෝ..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    31 Jan 2016 07:31 AM
    Posted By maduranga001 on 31 Jan 2016 07:14 AM
    අපේ කළු (හිස කෙස් ඇති) මල්ලි ගේ හිසකෙස් ටිකත් සුදු වී ගෙන හැලි ගෙනද එන්නෙ අයියෝ..

    හරියටම කිවුවා අයියේ . තට්ටෙ ගාන්න වෙයි වගේ
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    31 Jan 2016 11:49 AM
    ආසම පළතුරක් .... හොද තොරතුරු ටිකක් අයියේ ....කටට කෙලත් ආවා
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    31 Jan 2016 05:19 PM
    දැන් තියෙන්නෙ බෙහෙත් ගහපු අබ නෙ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296

    --
    31 Jan 2016 07:59 PM
    අඹ ඔයිල් එක හදන්න නම් අමාරු නෑ හැබැයි ,...
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    31 Jan 2016 10:38 PM
    ඇයි ඉල්ලලා අඹ ගන්න කට්ටිය නැද්ද?
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    31 Jan 2016 10:50 PM
    ඇයි ඉල්ලලා අඹ ගන්න කට්ටිය නැද්ද?

    ඔව්.. ඔව්.. ඉන්නාව. එයාල මේ වෙලාවේ ඉල්ලල අඹ ගන්න ඕෆ්ලයින් ගිහින්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>