Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 13 Jan 2017 04:25 AM by Imalka Hewage ඒඩ්ස් ගැන ලංකාවේ කට්ටිය හිතාගෙන ඉන්න වැරදි කාරණා 10 ක් 10 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages nilshani de silvaBasic MemberPosts:216 10 Jan 2017 01:39 PM ඒඩ්ස් කියන්නේ ලෝකේ මිනිස්සු වැඩියෙන්ම බයවෙන ලෙඩක් කියලා කිව්වට වැරදි නෑ. විශේෂයෙන්ම ඒඩ්ස් රෝගයට තියෙන භයානක කමත්, ඒඩ්ස් රෝගය සුව කිරීමට කිසිම වෛද්‍ය ක්‍රමයක් හෝ ඖෂධයක් තවමත් හොයාගෙන නැති වීමත් ඒ බය ඇතිවෙන්න හේතු. වැඩි දෙනෙක් ඒඩ්ස් ගැන දන්නවයි කියලා හිතාගෙන ඉන්නෙ ‘සෙක්ස් කළහම බෝවෙන ලෙඩක්’ කියලා තමයි. ඒ ඇරෙන්න ඒඩ්ස් ගැන මිත්‍යා මත දහසකුත් එකක් තියෙනවා. 1. හුළඟෙනුත් ඒඩ්ස් බෝවෙනවා බ්‍රෝ! මේන්න මේක තමයි ජනප්‍රියම මතය. වෙන එකක් තියා ලංකාවෙ අධ්‍යාපන ඇමති කෙනෙකුත් ඔහොම හිතාගෙන හිටියනේ. ඇත්ත කතන්දරේ මේකයි. සමට සම ස්පර්ෂ වුනා කියලා ඒඩ්ස් බෝවෙන්නෙ නෑ. අතට අත දුන්නා කියලා, වැළඳ ගත්තා කියලා, සිපගත්තා කියලා ඒඩ්ස් බෝවෙන්නෙ නෑ. ඒ වගේම තමයි එකම වැසිකිළියක් පාවිච්චි කළා කියලා, ඒ විතරක් නෙවෙයි එකම වීදුරුවෙන් වතුර බිව්වත් ඒඩ්ස් බෝවෙන්නෙ නෑ. ආසාදිත පුද්ගලයෙක් ඔබ ඉන්න තැන කැස්සා කියලා, කිවිසුමක් ඇරියා කියලා ඒඩ්ස් බෝවෙන්නෙත් නෑ. දැන් තේරෙනවනේ සීන් එක. ඒ හින්දා ඉස්කෝලේ හරි, වැඩ කරන තැන හරි ඒඩ්ස් තියෙන කෙනෙක්ව කොන් කරන්න අවශ්‍ය නෑ. 2. මදුරුවෝ කාලත් ඒඩ්ස් බෝ වෙන්න පුලුවන්! මේකත් සම්පූර්ණයෙන්ම මිත්‍යා මතයක්. HIV ආසාදිතයෙක්ගෙ ලේ උරා බීපු මදුරුවෙක් පියඹලා ඇවිත් ඔබට දෂ්ඨ කලා කියලා කිසිසේත්ම ඒඩ්ස් බෝවෙන්නෙ නෑ. ඒ කියන්නේ මදුරුවාට ඒඩ්ස් වෛරසය ලැබුණත් එතනින් එහාට මදුරුවා දෂ්ඨ කරන තව කෙනෙක්ට වෛරසය ලැබෙන්නෙ නෑ. ඇයි බං මදුරුවාට ඒඩ්ස් හැදෙන්නෙ නෑනේ! 3. වෙන ලෙඩක් තියේ නං ඒඩ්ස් අවුලක් නෑ බ්‍රෝ! මෙහෙමත් මිනිස්සු හිතාගෙන ඉන්නවා කියහංකෝ! ඒ කිව්වේ ඔය ලිංගිකව සම්ප්‍රේෂණය වෙන ආසාදනයන් තියෙනවනේ. සමහරු හිතාගෙන ඉන්නවා තමන්ට එක සමාජ රෝගයක් තියේ නං ආයෙ පරිස්සං වෙන්න දෙයක් නෑ, ඒඩ්ස් හැදෙන්නෙ නෑ කියලා. එහෙම වෙන්න ඒඩ්ස් කියන්නේ දෙය්යො තෝර තෝර දෙන ලෙඩක් නෙවෙයිනේ. හැදෙනවනං හැදෙනවා. ආයි තව සමාජ රෝග කීයක් තියෙනවද කියන එක අදාළ නෑ. 4. දැක්ක ගමං කියන්න පුලුවන් ඒඩ්ස් කියලා! දැක්ක ගමන් ඒඩ්ස් හැදිලා කියන්නේ මොකේ බලෙන්ද කියලා තමයි අහන්න වෙන්නේ. ඇත්තටම ඔය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා බඩ පිට පොත්තට ඇලිලා ඉන්න කෙසඟ බුවාලව එහෙමත් ඒඩ්ස් හැදිලා කියලා හඳුන්වනවා අපිට අහන්න ලැබිලා තියෙනවා. හැබැයි මේක කණගාටුදායක තත්වයක් වගේම මිත්‍යාවක්. කිසිම කෙනෙක්ට බාහිර පෙනුමෙන් ඒඩ්ස් තියෙනවාද නැද්ද කියන්න බෑ. ඒඩ්ස් තියෙන කෙනෙක්ට බොහොම නිරෝගී පෙනුමක් තියෙන්න පුලුවන්. ඒඩ්ස් ගැන දැනගන්න තියෙන එකම හරි විදිය වෙන්නේ රුධිර පරීක්ෂාවක් විතරයි. 5. ඒඩ්ස් හැදුනා කියන්නේ HIV ආසාදිතයි කියන එකම තමයි! මෙන්න මේක ගොඩක් දෙනා ලේසියෙන්ම පටලවා ගන්න දෙයක්. මොකක්ද HIV කියන්නේ, මොකක්ද ඒඩ්ස් කියන්නේ කියන එක. සරලවම කියනවා නං HIV කියන්නේ වෛරසයක්. ඒඩ්ස් කියන්නේ රෝගී තත්වයක්. හැබැයි HIV වෛරසය නිසා තමයි ඒඩ්ස් කියන රෝගී තත්වය ඇතිවෙන්නේ. වෙනත් විදියකට කියනවා නං HIV ආසාදනය වුනාට පස්සේ ඒකේ අන්තිම ස්ටේජ් එක තමයි ඒඩ්ස් කියන්නේ. හැබැයි මෙහෙම දෙයක්. HIV වෛරසය ආසාදනය වෙනවා කියන්නේ ආයි ඒක නැතිවෙන්නෙ නෑ. මොකද ඇත්තටම HIV වෛරසය නැතිකරන්න තවම බෙහෙත් හොයාගෙන නැති හින්දා. 6. HIV Positive කියලා රිපෝට් එක ආවොත් කෝච්චියට පනින්න තමා වෙන්නේ! මේකත් ජනප්‍රිය මිත්‍යා මතයක්. HIV ආසාදනය වුනා කියලා මාසෙන් මැරෙන්නෙ නෑ. දැන් විද්‍යාව සෑහෙන්න දියුණුයි වගේම HIV සම්බන්ධයෙන් කෙරිලා තියෙන වැඩකොටසත් විශාලයි. අන්න ඒ නිසා HIV ආසාදිතයෙක්ට ඒඩ්ස් දක්වා තත්වය වර්ධනය වෙන්නේ නැතුව සෑහෙන අවුරුදු ගාණක් ඵලදායී විදියට ගෙවන්න මේ වෙනකොට අවස්ථාව තියෙනවා. ඒ නිසා HIV ආසාදනය වුනු කෙනෙක්ට කවදාවත් ඒඩ්ස් දක්වා නොයා ඉන්නත් හැකියාව තියෙනවා. 7. ඒඩ්ස් හැදෙන්නෙ සමලිංගිකයින්ටයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන්ටයි විතරයි! එහෙම එකක් නෑ. සමලිංගිකයෙක්ට විතරක් නෙවෙයි, විෂම ලිංගිකයෙක්ට වුනත් HIV ආසාදනය වෙන්න පුලුවන්. අවශ්‍ය වෙන්නේ HIV ආසාදිතයෙක් එක්ක රුධිරය හෝ ශරීරයේ යම් යම් තරල හුවමාරු වීම විතරයි. සමලිංගිකයින් අතර තියෙන සමහර ලිංගික භාවිතාවන් නිසා වැඩි HIV අවදානමක් තියෙන්න පුලුවන්. හැබැයි විෂම ලිංගිකයින් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි කියලා එකක් නෑ. හොඳම දේ තමයි තමන් ආරක්ෂා වීම. ඒ කියන්නේ එකම කටු භාවිතයෙන් මත්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීමෙන් වැළකීම. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා වලට නොයාම. ඒ වගේම හැකිනම් රුධිර පරීක්ෂාවක් කරවාගෙන සිටීම. 8. දැන් තාක්ෂණේ දියුණුයිනේ බ්‍රෝ. ඒඩ්ස් වුනත් ගේමක් නෑ! දැන් මෙච්චර වෙලා කරුණු කාරණා කිව්වේ මේක ලිහිලෙට ගන්න කියන්න නෙවෙයි. මතක තියාගන්න. විද්‍යාව දියුණු වෙලා HIV ආසාදිතයෙක්ට ඒඩ්ස් දක්වා යන්නෙ නැතුව, නැතිනම් ඒඩ්ස් දක්වා යන එක හැකිතරම් පමා කරලා සාමාන්‍ය විදියට ජීවත් වෙන්න ඉඩ ලැබිලා තියෙනවා තමයි. හැබැයි HIV තවමත් කියන්නේ සම්පූර්ණයෙන් මර්දනය කරන්න මිනිසාගේ කිසිම ඖෂධයකට නොහැකි වුණු වෛරසයක්. ආන්න ඒ නිසා කරුණාකරලා මේක සරල දෙයක් කියලා සලකන්නෙ නැතුව අදාළ ආරක්ෂා විධිවිධාන පිළිපදින එක වැදගත්. 9. ලැජ්ජ නැතුව මොන දොස්තරද හම්බෙන්න පුලුවන් මේක අහන්න මෙන්න මේකත් බොහොම වැරදි අදහසක්. ලංකාවේ ඉන්න ඕන කෙනෙක්ට තමන්ට HIV වෛරසය වැළඳිලා කියලා සැකයක් තියේ නං යන්න පුලුවන් කොළඹ මහ රෝහලට අනුබද්ධ ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන, නැත්තං හැමෝම කියන විදියට 33 කාමරේට. එතනින් නොමිලේම සහ වෙනත් ලිංගාශ්‍රිත බෝවන රෝග සම්බන්ධයෙන් පරීක්ෂාවක් කරගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, ඒඩ්ස් රෝගය වළක්වා ගැනීම ගැන බොහොම හොඳ උපදෙස් මාලාවක් ලබාගන්නත් පුලුවන්. එතන ඉන්න කවුරුවත් එතනට එන කාවවත් කොන් කරන්නෙ නෑ. ඊට සම්පූර්ණයෙන්ම වෙනස් විදියට ඒ කට්ටිය බොහෝම සුහදව ඔබත් එක්ක කටයුතු කරන්න සූදානම්. ඒ නිසා තව දුරටත් ලැජ්ජ වෙවී ඉන්න දෙයක් නෑ. ඒඩ්ස් රෝගයට ගොදුරු වෙන හැම කෙනෙක්ම හොරෙන් කොටු පැනලා නෑ. තව ක්‍රම තියෙනවා HIV ආසාදනය වෙන්න පුලුවන්. වෛද්‍ය කාමලිකා අබේරත්න මහත්මිය HIV ආසාදිතයෙක් වෙන්නේ රුධිර පාරවිලයනයකින්. හැබැයි ඈ එතනින් පස්සේ තමන් වගේම HIV ආසාදනය වූවන් වෙනුවෙන් සටන් කරනවා. අවුරුදු 70 දී මිය යන්නේ ලෝකෙට උතුම් ආදර්ශයක් දීලා. ඒ වගේ අය තවත් ඉන්නවා. මේ සිහිපත් කිරීම HIV ආසාදිතයින් වෙනුවෙන් වැඩ කරපු, තමන්ගේ ජීවිතේ විසි කරන්නේ නැතුව ලෝකෙට පලක් ඇති දෙයක් කරලා මියගිය සියලුම ඒඩ්ස් රෝගීන් වෙනුවෙන්. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Jan 2017 06:01 PM Very important information about common doubts. Thank you very much. 0 Danu LiyanageVeteran MemberPosts:3457 11 Jan 2017 07:03 PM ගොඩක් වටිනා විස්තරයක් මල්කි අක්කේ ස්තුති අපි එක්ක මේ විස්තර බෙදා ගත්තට ඔයත් අපිට හැමදාම වටිනා විස්තර ගෙනත් දෙනවා. ඔයාගේ මහන්සියට ස්තුති 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 11 Jan 2017 08:59 PM ස්තූතියි මේ වැදගත් තොරතුරු මඟින් අපිව දැනුවත් කළාට. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 12 Jan 2017 02:52 AM හරි ලස්සනට ලියා තියෙනවා හොඳ වැදගත් විස්තරයක් ස්තුතියි 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 12 Jan 2017 04:40 AM හොදට පැහැදිලි කරලා තියෙනවා ,,ස්තුති මල්කි . 0 chamara duleepMost Senior MemberPosts:13471 12 Jan 2017 04:54 AM Posted By malki on 10 Jan 2017 01:39 PM ඒඩ්ස් කියන්නේ ලෝකේ මිනිස්සු වැඩියෙන්ම බයවෙන ලෙඩක් කියලා කිව්වට වැරදි නෑ. විශේෂයෙන්ම ඒඩ්ස් රෝගයට තියෙන භයානක කමත්, ඒඩ්ස් රෝගය සුව කිරීමට කිසිම වෛද්‍ය ක්‍රමයක් හෝ ඖෂධයක් තවමත් හොයාගෙන නැති වීමත් ඒ බය ඇතිවෙන්න හේතු. වැඩි දෙනෙක් ඒඩ්ස් ගැන දන්නවයි කියලා හිතාගෙන ඉන්නෙ ‘සෙක්ස් කළහම බෝවෙන ලෙඩක්’ කියලා තමයි. ඒ ඇරෙන්න ඒඩ්ස් ගැන මිත්‍යා මත දහසකුත් එකක් තියෙනවා. 1. හුළඟෙනුත් ඒඩ්ස් බෝවෙනවා බ්‍රෝ! මේන්න මේක තමයි ජනප්‍රියම මතය. වෙන එකක් තියා ලංකාවෙ අධ්‍යාපන ඇමති කෙනෙකුත් ඔහොම හිතාගෙන හිටියනේ. ඇත්ත කතන්දරේ මේකයි. සමට සම ස්පර්ෂ වුනා කියලා ඒඩ්ස් බෝවෙන්නෙ නෑ. අතට අත දුන්නා කියලා, වැළඳ ගත්තා කියලා, සිපගත්තා කියලා ඒඩ්ස් බෝවෙන්නෙ නෑ. ඒ වගේම තමයි එකම වැසිකිළියක් පාවිච්චි කළා කියලා, ඒ විතරක් නෙවෙයි එකම වීදුරුවෙන් වතුර බිව්වත් ඒඩ්ස් බෝවෙන්නෙ නෑ. ආසාදිත පුද්ගලයෙක් ඔබ ඉන්න තැන කැස්සා කියලා, කිවිසුමක් ඇරියා කියලා ඒඩ්ස් බෝවෙන්නෙත් නෑ. දැන් තේරෙනවනේ සීන් එක. ඒ හින්දා ඉස්කෝලේ හරි, වැඩ කරන තැන හරි ඒඩ්ස් තියෙන කෙනෙක්ව කොන් කරන්න අවශ්‍ය නෑ. 2. මදුරුවෝ කාලත් ඒඩ්ස් බෝ වෙන්න පුලුවන්! මේකත් සම්පූර්ණයෙන්ම මිත්‍යා මතයක්. HIV ආසාදිතයෙක්ගෙ ලේ උරා බීපු මදුරුවෙක් පියඹලා ඇවිත් ඔබට දෂ්ඨ කලා කියලා කිසිසේත්ම ඒඩ්ස් බෝවෙන්නෙ නෑ. ඒ කියන්නේ මදුරුවාට ඒඩ්ස් වෛරසය ලැබුණත් එතනින් එහාට මදුරුවා දෂ්ඨ කරන තව කෙනෙක්ට වෛරසය ලැබෙන්නෙ නෑ. ඇයි බං මදුරුවාට ඒඩ්ස් හැදෙන්නෙ නෑනේ! 3. වෙන ලෙඩක් තියේ නං ඒඩ්ස් අවුලක් නෑ බ්‍රෝ! මෙහෙමත් මිනිස්සු හිතාගෙන ඉන්නවා කියහංකෝ! ඒ කිව්වේ ඔය ලිංගිකව සම්ප්‍රේෂණය වෙන ආසාදනයන් තියෙනවනේ. සමහරු හිතාගෙන ඉන්නවා තමන්ට එක සමාජ රෝගයක් තියේ නං ආයෙ පරිස්සං වෙන්න දෙයක් නෑ, ඒඩ්ස් හැදෙන්නෙ නෑ කියලා. එහෙම වෙන්න ඒඩ්ස් කියන්නේ දෙය්යො තෝර තෝර දෙන ලෙඩක් නෙවෙයිනේ. හැදෙනවනං හැදෙනවා. ආයි තව සමාජ රෝග කීයක් තියෙනවද කියන එක අදාළ නෑ. 4. දැක්ක ගමං කියන්න පුලුවන් ඒඩ්ස් කියලා! දැක්ක ගමන් ඒඩ්ස් හැදිලා කියන්නේ මොකේ බලෙන්ද කියලා තමයි අහන්න වෙන්නේ. ඇත්තටම ඔය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා බඩ පිට පොත්තට ඇලිලා ඉන්න කෙසඟ බුවාලව එහෙමත් ඒඩ්ස් හැදිලා කියලා හඳුන්වනවා අපිට අහන්න ලැබිලා තියෙනවා. හැබැයි මේක කණගාටුදායක තත්වයක් වගේම මිත්‍යාවක්. කිසිම කෙනෙක්ට බාහිර පෙනුමෙන් ඒඩ්ස් තියෙනවාද නැද්ද කියන්න බෑ. ඒඩ්ස් තියෙන කෙනෙක්ට බොහොම නිරෝගී පෙනුමක් තියෙන්න පුලුවන්. ඒඩ්ස් ගැන දැනගන්න තියෙන එකම හරි විදිය වෙන්නේ රුධිර පරීක්ෂාවක් විතරයි. 5. ඒඩ්ස් හැදුනා කියන්නේ HIV ආසාදිතයි කියන එකම තමයි! මෙන්න මේක ගොඩක් දෙනා ලේසියෙන්ම පටලවා ගන්න දෙයක්. මොකක්ද HIV කියන්නේ, මොකක්ද ඒඩ්ස් කියන්නේ කියන එක. සරලවම කියනවා නං HIV කියන්නේ වෛරසයක්. ඒඩ්ස් කියන්නේ රෝගී තත්වයක්. හැබැයි HIV වෛරසය නිසා තමයි ඒඩ්ස් කියන රෝගී තත්වය ඇතිවෙන්නේ. වෙනත් විදියකට කියනවා නං HIV ආසාදනය වුනාට පස්සේ ඒකේ අන්තිම ස්ටේජ් එක තමයි ඒඩ්ස් කියන්නේ. හැබැයි මෙහෙම දෙයක්. HIV වෛරසය ආසාදනය වෙනවා කියන්නේ ආයි ඒක නැතිවෙන්නෙ නෑ. මොකද ඇත්තටම HIV වෛරසය නැතිකරන්න තවම බෙහෙත් හොයාගෙන නැති හින්දා. 6. HIV Positive කියලා රිපෝට් එක ආවොත් කෝච්චියට පනින්න තමා වෙන්නේ! මේකත් ජනප්‍රිය මිත්‍යා මතයක්. HIV ආසාදනය වුනා කියලා මාසෙන් මැරෙන්නෙ නෑ. දැන් විද්‍යාව සෑහෙන්න දියුණුයි වගේම HIV සම්බන්ධයෙන් කෙරිලා තියෙන වැඩකොටසත් විශාලයි. අන්න ඒ නිසා HIV ආසාදිතයෙක්ට ඒඩ්ස් දක්වා තත්වය වර්ධනය වෙන්නේ නැතුව සෑහෙන අවුරුදු ගාණක් ඵලදායී විදියට ගෙවන්න මේ වෙනකොට අවස්ථාව තියෙනවා. ඒ නිසා HIV ආසාදනය වුනු කෙනෙක්ට කවදාවත් ඒඩ්ස් දක්වා නොයා ඉන්නත් හැකියාව තියෙනවා. 7. ඒඩ්ස් හැදෙන්නෙ සමලිංගිකයින්ටයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන්ටයි විතරයි! එහෙම එකක් නෑ. සමලිංගිකයෙක්ට විතරක් නෙවෙයි, විෂම ලිංගිකයෙක්ට වුනත් HIV ආසාදනය වෙන්න පුලුවන්. අවශ්‍ය වෙන්නේ HIV ආසාදිතයෙක් එක්ක රුධිරය හෝ ශරීරයේ යම් යම් තරල හුවමාරු වීම විතරයි. සමලිංගිකයින් අතර තියෙන සමහර ලිංගික භාවිතාවන් නිසා වැඩි HIV අවදානමක් තියෙන්න පුලුවන්. හැබැයි විෂම ලිංගිකයින් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි කියලා එකක් නෑ. හොඳම දේ තමයි තමන් ආරක්ෂා වීම. ඒ කියන්නේ එකම කටු භාවිතයෙන් මත්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීමෙන් වැළකීම. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා වලට නොයාම. ඒ වගේම හැකිනම් රුධිර පරීක්ෂාවක් කරවාගෙන සිටීම. 8. දැන් තාක්ෂණේ දියුණුයිනේ බ්‍රෝ. ඒඩ්ස් වුනත් ගේමක් නෑ! දැන් මෙච්චර වෙලා කරුණු කාරණා කිව්වේ මේක ලිහිලෙට ගන්න කියන්න නෙවෙයි. මතක තියාගන්න. විද්‍යාව දියුණු වෙලා HIV ආසාදිතයෙක්ට ඒඩ්ස් දක්වා යන්නෙ නැතුව, නැතිනම් ඒඩ්ස් දක්වා යන එක හැකිතරම් පමා කරලා සාමාන්‍ය විදියට ජීවත් වෙන්න ඉඩ ලැබිලා තියෙනවා තමයි. හැබැයි HIV තවමත් කියන්නේ සම්පූර්ණයෙන් මර්දනය කරන්න මිනිසාගේ කිසිම ඖෂධයකට නොහැකි වුණු වෛරසයක්. ආන්න ඒ නිසා කරුණාකරලා මේක සරල දෙයක් කියලා සලකන්නෙ නැතුව අදාළ ආරක්ෂා විධිවිධාන පිළිපදින එක වැදගත්. 9. ලැජ්ජ නැතුව මොන දොස්තරද හම්බෙන්න පුලුවන් මේක අහන්න මෙන්න මේකත් බොහොම වැරදි අදහසක්. ලංකාවේ ඉන්න ඕන කෙනෙක්ට තමන්ට HIV වෛරසය වැළඳිලා කියලා සැකයක් තියේ නං යන්න පුලුවන් කොළඹ මහ රෝහලට අනුබද්ධ ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන, නැත්තං හැමෝම කියන විදියට 33 කාමරේට. එතනින් නොමිලේම සහ වෙනත් ලිංගාශ්‍රිත බෝවන රෝග සම්බන්ධයෙන් පරීක්ෂාවක් කරගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, ඒඩ්ස් රෝගය වළක්වා ගැනීම ගැන බොහොම හොඳ උපදෙස් මාලාවක් ලබාගන්නත් පුලුවන්. එතන ඉන්න කවුරුවත් එතනට එන කාවවත් කොන් කරන්නෙ නෑ. ඊට සම්පූර්ණයෙන්ම වෙනස් විදියට ඒ කට්ටිය බොහෝම සුහදව ඔබත් එක්ක කටයුතු කරන්න සූදානම්. ඒ නිසා තව දුරටත් ලැජ්ජ වෙවී ඉන්න දෙයක් නෑ. ඒඩ්ස් රෝගයට ගොදුරු වෙන හැම කෙනෙක්ම හොරෙන් කොටු පැනලා නෑ. තව ක්‍රම තියෙනවා HIV ආසාදනය වෙන්න පුලුවන්. වෛද්‍ය කාමලිකා අබේරත්න මහත්මිය HIV ආසාදිතයෙක් වෙන්නේ රුධිර පාරවිලයනයකින්. හැබැයි ඈ එතනින් පස්සේ තමන් වගේම HIV ආසාදනය වූවන් වෙනුවෙන් සටන් කරනවා. අවුරුදු 70 දී මිය යන්නේ ලෝකෙට උතුම් ආදර්ශයක් දීලා. ඒ වගේ අය තවත් ඉන්නවා. මේ සිහිපත් කිරීම HIV ආසාදිතයින් වෙනුවෙන් වැඩ කරපු, තමන්ගේ ජීවිතේ විසි කරන්නේ නැතුව ලෝකෙට පලක් ඇති දෙයක් කරලා මියගිය සියලුම ඒඩ්ස් රෝගීන් වෙනුවෙන්. හොද පැහැදිලි කරලා තියනවා.බොහෝම ස්තුතියි ඩොක්ටර් මල්කි 0 Suresh WanigasekaraBasic MemberPosts:170 12 Jan 2017 06:46 AM සරලයි නමුත් දැනුම්වත් වන්නන් සදහා අනගියි. බොහොම ස්තුතියි. කාලයක් තිබ්බ HIV හැදෙන්නෙ විදේශිකයින් සමඟ ලිංගිකව හැසිරීම මගින් පමණයි කියල. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 12 Jan 2017 07:29 AM ස්තූතියි ලිපියට.හොද දැනුවත් කිරීමක්. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 12 Jan 2017 05:28 PM වටිනා විස්තර ටිකක් 0 Imalka HewageVeteran MemberPosts:4533 13 Jan 2017 04:25 AM බොහොම ස්තුතියි මේ ලිපියට 0 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner