You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Apr 2017 09:11 PM by  indika76
පුංචි කතා එකතුවක්..
 53 Replies
Sort:
Page 3 of 3 << < 123
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Feb 2017 05:29 AM
  •  Quote
  •  Reply

.....සුපෙම් හැගුම්....

                                        කෙටි කතාව.


        ඇයි රත්තරං ඔයා අද පරක්කූ.. මම හිතුවා ඔයා අද වත් කලින් එයි කියලා. අපි දෙන්නා මැරි කරලා

 තාම මාස කියද? ඔය තරම් ඉක්මණින් ඔයා වෙනස් වුනේ කොහොමද? ඔයා දැන් හරිම අමුතුයි දිලුම්.. 

මැරි කරන්න කලින් මට ආදරේ කරපු ඔයාමද මේ... කියලා මට වෙලාවකට හිතෙනවා. මට මතකයි මැරි

 කරන්න කලින් හැම අවුරුද්දෙම අපි වැටන්ටයින් සැමරවා.. අපි දෙන්නම ඒ දවස විතරක් විශේෂ කර

 ගත්තේ නැතුවට ඔයා මගේ සතුට වෙනුවෙන් විශේෂ දෙයක් කලා.. විශේෂ තෑග්ගක් දුන්නා...අද කලින් 

ඕප් වෙනවා කිව්වා නේද?මට තෑගි නම් එපා රත්තරං කලින් ගෙදර එන්නකෝ....

         යාන්තමට සවස හතර පසු වුණ මොහොතේ සිට ගීත්මාගේ නෙත් දෙක නැවතී තිබුනේ.. පොල් 

රුප්පාව අතරන් වැටී තිබුණු පාර වෙතය.. ගීත්මාගේ නැන්දම්මා වූ.. රම්‍යා කීපවරක්ම ආලින්දියට පැමිණ

 සිය අළුත ගෙනා ලේලියගේ නොවිසිලි බාවය දෙස බලා තනිවම සිනාසුනාය. ඇගේ ක්‍රියාවට චූටී

 සද්දයකින් වත් බාදා නොකරපු රම්‍යත් මග බලන් සිටියේ.. තම පුතු දිලුම් නිවසට පැමිනෙන තුරුය.

     තද හිරු රශ්මිය මියෙදෙමින් තිබු මොහොතේ පරිසරය තුල වුයේ සංසුන් බවකී. වරන් වර හමා ආ සුළං

 රුල්ල සමග නිවසට පැමිනෙන්නට තිබු පටු පාරට මායිම් වූ පොල් ගස්වල අතු එහෙ මෙහෙ සැලුණේ 

ලතාවකටය. පෙර මග බලා ඉද වෙහෙස වු නෙත් පුල්රුප්පාවේ  පොල් අතු අතර රදවා ගත් ඇය කල්පනා 

ලොවකට කිමිදුනාය.

       ඔයාට මතකද දිලුම් ඒ සුන්දර දවස්... ඔයයි මමයි හිත යටින් ආදරේ කරපු දවස්.. මතකද අපේ ආදරේ 

පටන් ගත්තු හැටි... මද සිනහවකුත් සමග සියුම් සුසුමක් පිට කළ ඇය ස්තෝප්වේ ඇති අසුනකට බර වුනේය.

ඒක හරිම අපුරූ සිද්දියක්.. අපි හරිම පුංචී එතකොට.. ශිෂත්‍යවය පාස් වෙලා තමා ඔයයි මමයි දෙන්නම එක

 ස්කොලෙට ආවේ.. ඒ කලේ අපි දෙන්නම හරිම රංඩු කෙකි දෙකක්.. මතකද දිලුම් දවසක් අපි හය වසරේ 

ඉද්දී.. අපි සෙල්ලම්ක් දැම්මා.. වන් ටූ ත්‍රී බම්බල පී... කියලා.. හිහි.. ඇය තනිව සිනාසුනාය.

        එදා අපි දෙන්නම  ඒ සෙල්ලමට හිටියා.. මතකද හිස් පීරීයඩ් එකක අපි ඒ සෙල්ලම කලේ .. ටීචර්ලට

 හොරෙන් කලේ.. මගේ යාළුවා හිරූ.. එයා ඇස් පියාන අර වැකිය කියද්දී ඔයයි මායි.. ..තව පංතියේ 

යාළුවොයි පිටි පස්සේ හුණ කූරකන් ඇද ගත්තු ඉරේ ඉදන් දුවගෙන ආවා.. හිරූ ආපහු බලද්දී.. අපි ගල් 

වෙලා හිටියා.. මතකද.. හෙල්ලුනොත් හරි හිනා වුනොත් හරි අපි පරාදයි...නේ.. කොහොම හරි කළබලේට

 දුවන් යද්දී.. කකුල් පැටලලි අපි දෙන්නම වැටුණා.. මාට තාමත් ලැජ්ජයි.. ඔයා වැටුනේ මගේ ඇග උඩට..

 මාව බේරන්න ගිහින් ඔයාගේ වැලමිට තුවාල වුණා.. මට පොඩ්ඩක් වත් රිදුනේ නෑ.. ඒත් මම හයියෙන් 

ඇඩුවා.. තුවාල වුණ ඔයා එදා බය වෙලා බලන් හිටියා.. තුවාලෙන් ලේ ගලන බව ඔයාට මතක නෑ.. මගේ 

කෑ ගැහිල්ලට පංතියට දුවන් ආපු ටීචර්ත් බැන්නේ ඔයාට.. අඩපු නිසා ටීචර් මට ගැහැවේ නෑ.. ඔයාගේ තුවලෙට

 බෙහෙත් දාගෙන ආවට පස්සේ පංතියේ සේරම ළමයින්ට වේවැලෙන් පාර ගානේ දුන්නා.. ඔයත් ගුටි කෑවා.. 

එදා ඉදන් ඔයා මාත් එක්ක තරහා වුණා නේද දිලුම්.. අයියෝ පව් ඔයා.. ඇය මුහුණ අත්ලෙන් වහගෙන 

තනියෙම සිනා සෙන්නට වුවාය.. ළග තිබු කෝර්ටන් ගසකින් කොළයක් කඩා ගත් ඇය එය කුඩා කැබලි වලට

 ඉරන්නට පටන් ගත්තාය.

   ඔයාට හරියට කේන්ති යනවා.. අපේ පංතියේ යාළුවෝ ඔයාට මගේ නම කියලා ඔච්චම් කරද්දී.. ගීත්..... මා..

 කියද්දි ඔයා යාළුවන්ට ගහන්න පන්නනවා.. එයාලා මටත් කිව්වේ.. දිලුම් කියලා.. මටත් කේන්ති.. මොකද

 මමත් එතකොට ඔයා එක්ක තරහයි.. එදා ඔයා මගේ ඇගට වැටුණ දවසේ ඉදන්ම අපේ යාළුවෝ අපිට විහිළු 

කලා.. මතකද අපි දෙන්න කොච්චර රණ්ඩු කර ගත්තත්  යාළුවෝ විහිළු කරද්දී එක පැත්තේ.. අපිත් එයාලට

 එක එක නම් කියලා විහිළු කලා. ඒ කාලේ හැගීමක් තිබුනේ නෑ.. යාළුවෝ විහිළු කලත් එවෙලේ රණ්ඩු 

වුණා.. පස්සේ ඒක අමතකයි..

   අපි නමය දහය පංතිවලට  එද්දී.. මට මතකයි ඔයාට මගේ නම කියලා විහිළු කරද්දී ඔයා හිණා වෙනවා.. 

වෙලාවකට හිනා වෙවී හොරෙන්ම මගේ දිහා බලනවත් මම දැකලා තියෙයි.. එහෙම කාලයක් යද්දී.. මමත් 

ආස වුණා.. යාළුවෝ ඔයාගේ නම කියලා මට ඔච්චම් කරනවට. ඔයත් මාත් එක්ක කතා නොකර මගාරින 

නිසා.. මමත් ඔයා එක්ක කතාවට ආවේ නෑ.. ඒත් අපේ යාළුවෝ නම් අපි දෙන්නව අල්ලගෙන විකාර 

කියවලා හුගක් සතුටු වුණා.. මට හිතෙන්නේ ඔයාත් ඒවට කැමැත්තෙන් හිටියේ.. හැමෝම දිහා රවලා 

බැලුවත් හැංගුන සතුටක් හිතේ තියෙයි කියලා මගේ හිත ඔයාගේ මූන දකින හැම වෙලාවෙම කිව්වා. 

අසුනින් නැගිට දුරකථනය අතට ගත් ඇය දිලුම්ට ඇමතුමක් ගැනීමට උත්සහ ගනිමින් පොල් ගස් සෙවන

 වෙත ඇවිද ගියාය. කීපවරක්ම ගත්තත් දිලුම්ගේ දුරකථනයට සම්බන්ධ වීමට ඇයට නොහැකී විය. පාරට

 යාබද ගලක් මත වාඩී වුණ ඇය නැවතත් පාර දෙස නෙත් යොමා ගත්තාය.

     එකොළහ වසරෙදී.. ඔයා පුදුම විදිහට වෙනස් වුණා.. මාත් එක්ක කතා කරන්න ලැජ්ජා වුණත්..  ඔයා

 නිතරම මගේ දිහා බලන් හිටියා.. මම දන්නවනේ.. ඔයා හෙන ලැජ්ජාකාරයා.. හී... මම ඉතිං ඔයාට හපන්.. 

ඔයා ඒ වෙද්දී, මම ස්කොලේ ඇරිලා ගෙදර එන්න පුරුදු වෙලා හිටිය අක්කාගේ යාළුවෙක් වෙලා හිටියා..

ඔයාත් ඉද හිට අපි එක්ක ස්කොලේ ඇරිලා පයින් ආවා.. මට මතකයි.. මග දිගට ඔයා අඹ ගස් වලට පොලු 

ගහනවා.. අනුන්ගේ වතු වලට පැනලා යාළුවෝ එක්ක ජම්බු ගස් වෙරලු ගස් සුද්ද කරනවා.. ඇයි එරමිණියා

 ගෙඩී.. අපිට කලින් ඒ තැන වලින් ගෙඩි කඩා ගන්න ඔයා අපි එනකන් මග බලන් ඉන්නවා.. මම දන්නවා

 ඔයාට ඕනේ මට දෙන්න.. ඒත් ඔයා දෙන්නේ.. අර අක්කට.. අක්කත් දන්නවා දෙන්නගේ ලව් ස්ටෝරිය..

 එයා අපි දෙන්නගේම මුණු රතු වෙන කතා කියද්දී.. ඔයා අහක බලාගෙන හිනා වෙනවා..

   මම බලන් හිටියේ ඔයා මට ආදරෙයි කියනකන්... මොකද මම තේරුම් අරන් හිටියේ මගේ හිතෙත් ඔයා

 ඉන්න බව.. මමත් හිත යටින් ඔයාට ආදරේ කළා.... ඒ ලස්සන දවස.. ජීවිතේ කවදාවත්ම අමතක කරන්න

 බැරි ඒ අපුරූ දවස.. ඔයා මම ස්කෝලේ ආපු නැති එක දවසක අර අක්කා එක්ක කියලා තිබුණ කතාව...

 මට විශ්වාස කරන්න බැරි වුණා.. හැබැයි මම ඒ දවස බලාපොරොත්තුවෙන් මයි හිටියේ.. සත්තයි.. මට 

දැනුනා ඔයා මට ආදරේ කරන බව..

     ඒ අක්කා අපේ ගෙදරට ඇවිත් මාව තනිකරගේන මට කිව්වා.. ‘‘ මේ ගී... ආන්න ඔයාගේ කුමාරයා 

ආදරේ ප්‍රකාශ කරන්න කිව්වා කියලා.‘‘ මම හිතුවේ විහිළු කියලා.. මොකද ඔයා මගෙත් එකක් කතා 

කරන්නත් ලැජ්ජ නිසා. මම ඒකට මොකුත් ම නොකියා ඉද්දී..  දවසක් ඉන්ටවල් එකකදී ඔයා මගේ 

ළගට ආවා.. හිරුත් මගේ ළග හිටියා.. ඔයා කිව්වා.‘‘ ගීත්මා... මට ඔයා එක්ක කතා කරන්න ඕනේ‘‘ 

කියලා.. මගේ හදවත එතනම නතර වුණා.. මම ගල් ගැහිලා ඔයා දිහාම බලන් හිටියා.. එතකොට 

තමා හිරූ මගේ උරහිස්සට අත තියලා යන්න ලෑස්ති වුනේ.. මම මොනවා හිතිලද මන්දා හිරූගේ අතේ 

එල්ලුනා.. මට දැනුනා... මගේ හදවත හරි වේගෙන් ගැහුණා.. සියොලගම උණුසුම් වෙලා.. මගේ ඇගට 

හීන් දාඩියක් ඉනුවා කියලා.

‘‘ඔයාත් ඉන්න හිරූ..... ටිචර් කෙනෙක් එහෙම දැක්කොත් හරි නෑනේ.‘‘ මගේ හිත තේරුම් අරන්ද

 ඔයා හිරූට එහෙම කිව්වේ.. හිරූ ආයෙත් මගේ ළගින් වාඩී වුණා.

‘‘ගිත්මා... මම දෙයක් අර අක්කා එක්ක කිව්වා..‘‘

‘‘මොකද්ද?‘‘

‘‘මගේ හිතේ ඔයාට ආදරයක් තියෙයි කියලා...‘‘ මම නොහිතපු විදියට මගේ ඇස් දෙකටම එබිලා.. 

ඔයා ආදරෙයි කිව්වා.. මේ තරම් දවස්.. ලැජ්ජාවෙන් හිටපු කොල්ලාට මොකද වුනේ කියලා තමා මට 

එක පාරට හිතුනේ.. මම බිම බලාන හිනා වෙද්දී. හිරූ මගේ උරහිසින් අල්ලලා කිනිත්තුවා.

‘‘කෙලින්ම ඔයාගේ අදහස කියන්න ගීත්මා... අකමැති නම්.. අමතක කරලා දාන්න.‘‘ අනේ එහෙම හිතන්න 

වත් එපා දිලුම්.. කියන්න වගේ දුක තැවරුණු මුහුණකින් මම ඔයා දිහා බැලුවා.. ඔයාත් හිටියේ.. දුකෙන් වගේ..

‘‘මෙයා ඔයාට කැමතී දිලුම්..‘‘ හිරු කිව්වේ.. මම ගොළුවෙලා බලන් ඉද්දී. ඒ විදියට පටන් ගත්තු ආදරේ නිසා

 අපි දෙන්නා කොහොම හරි එකතු වුණා.. අම්මලා ඔයාට අකමැති වෙද්දී.. මම හිතුවා ඔයාව මට නැති 

වෙයි කියලා.. ඔයා කොහොම හරි මාව ඔයාගේ කර ගත්තා.

              සොදුරු සිහිවටනයන් අතර සැරි සරන ඇගේ සිත සතුටින් ඉපිලුනත් දිලුම්ගේ රුව හොයන ඇගේ

 නෙත් දෙක නම් හොදටම විඩා බර වී තිබුණි. එක වරම දුරකථනය නද දෙද්දී... ඇය සතුටින් දුරකථනය

 දෙස බැලුවේ දිලුම් වන්නට ඇතැයි සිතාය. මොහොතින් ඇගේ මුහුණ වෙනස් වුවාය.

‘‘කියපං හිරූ.‘‘ ඇය කතා කලේ දුකින්ය.

‘‘කොහොමද අළුත් කපල් එකගේ වැලන්ටයන් එක.. ආව් ආ...ව්.. අද සුපිරි සැමරිල්ලක් සමරයි නේද?.‘‘

 පාසල් කල මිතුරියගේ ඉගි බස් නිසා ඇයට දැනුනේ වේදනාවක් පමණකි.

‘‘හ්ම්ම්ම්.‘‘

‘‘මොකද බං.. කෝ දිලුමා...‘‘ ඇයි ඇසුවේ පුදුමයෙන් බව ගීත්මටත් වැටහුනාය.

‘‘එයා වැඩ බං.. කලින් එනව කිව්වා.. තව නෑ.. ‘‘

‘‘බැන්දම ඔහොම තමා බං.. කොයි වෙලේ ආවම මොකද වයිප් ගෙදරනේ.‘‘ දිලුම්ගේ පමා වීමෙන් දුකින් 

වුන්නත් ඇය හිරූගේ කතාවට එකග වන්නට අකමැති වුවාය.

‘‘නෑ.. නෑ... බං... දිලුම් ඒ කාලේ ඉදන් අමුතුයිනේ .. උබට මතකනේ... එයා ආදරේ කරන හැටි වෙනස්.‘‘

 ලොකු සුසුමකුත් සමග ගීත්මා සිය මිතුරිය සමග පැවසුවාය.

‘‘මොකද්ද බං.. ඉන්න කාලේ සතුටින් ඉන්න ඕකේ.. බලපං අපි දෙන්නා අද බීච් ගියා.. මම නම් දැම්ම

 බදින්නේ නෑ.. අපෝ බැන්දම දිලුම් වගේම වෙයි.‘‘ ඇය සැහැල්ලුවෙන් පැවසුවාය. තවත් ටික 

වෙලාවක් කතා කරමින් සිටි ඇය ඇමතුමට සමු දුන්නාය.

      දිලුම්... මොකද්ද මේ වෙන්නේ.. බලන්න.. ඔයාට මම හුගක් ආදරේ කළා.. මට ඒ කලේ ඔයාගේ 

වෙනස තේරුනේ නැද්ද ඒ නිසා.. අනිත් අය අත්පටලන් තැන් තැන් වල කතා කරද්දී.. ඔයා මට ඒ විදිහට 

කතා කරන්න අඩ ගැහුවේ නෑ.. ඔයා කිව්වේ.. ඒ මගේ ආරක්ෂාවට කියලා.. අනිත් අය යාළුවෝ ඉස්සරහා

 ... තමන්ගේ කෙල්ල ගැන කියවද්දී.. ඔයා මං ගැන කාටවත්ම කිව්වේ නෑ.. මටත් කියන්න එපා කිව්වා... 

මම ඒත් ඒ ගැන හිතුවේ නෑ.. ඉදලා හිටිලා දවසක ඔයා මුණ ගැහෙද්දී.. මගේ හිතට දැනුන සතුට නිසා මම

 ඔය දේවල් අමතක කලා.. අපේ අනිත් යාළුවෝ.. බීච් යද්දී.. මල් වතුවල යද්දී...තව තව තැන් වල ඇවිදිද්දී...

 ඔයා මාව එක්ක ගියේ නෑ.. මම හිතුවේ ඔයා මාව හුගක් ආරක්ෂා කරන නිසා කියලා... හුගක් ආදරය 

කරන නිසා කියලා..අනිත් අය සුදු ,රත්තරං, පැටියෝ, වස්තු .. කියලා කතා කරද්දී.. ඔයා කවදාවත් මට 

ඒ නම් කියලා කතා කලේ නෑ.. මම හිතුවේ ඒවා සෝබන කතා කියලා ඔයා හිතන නිසා වෙන්න ඇති 

කියලා.. කොච්චර ආදරේ කළත් ඔයා කවදාවත් මට වචනයෙන් ආදරෙයි කියලා කිව්වේ නෑ.. මම ඒකටත්

 දුක් වුනේ නෑ... මම හිතුවේ ඔයා වචනින් නොකිව්වත් හිතේ ලොකු ආදරයක් තියෙයි කියලා.. මම හිතපු 

විදිය වැරදිද?.. ඔයාට මාව විශේෂ නැද්ද රත්තරං. හිරූගේ කතාවත්, දිලුම්ගේ ප්‍රමාධයත් සමග ගීත්මාගේ 

සිත කැළඹී තිබුණී. තවත් මග බලා සිටීමෙන් දුක වැඩි වේ යැයි සිතු ඇය නිවස තුළට පිවිසියාය.

‘‘ගීත්මා... ‘‘ පිටුපසින් පැමිණි යමෙක් ඇය තදින් අල්ලා ගත් විට ඇයට මදක් බිය දැනුනාය. කෑ ගසන්නට

 සිතුවත් කට හඩත් ,දැනුන සුවදත් සමග  ඇය නිහඩ විය.. ඒ දිලුම් බව ඇය දනී.

‘‘දිලුම් ... ඇයි පරක්කු වුණේ...‘‘

‘‘මග බලන් හිටපු බව දන්නවා.. දැන් දුකින් කියලත් මම දන්නවා.‘‘ ඔහු මගේ සිත කියවන්න විය. 

මොහොතකට හෝ වැරදියට සිතුවේ .. මගේ සිත මෙතරම් හදුනන සිත ගැන දැයි ඇයට ලොකු දුකක් 

දැනුනාය. මොහොතින් ඔහුගේ පැත්තට හැරුණු ඇය  ඔහුගේ උරතලයේ හිස හොවා ගත්තාය.. සිහින් 

ඉකි බිදුම් පිට වෙද්දී.‘‘ ඇයි මේ... ‘‘ දිලුම් ඇගේ හිස පිරිමදිමින් විමසුවේය.

‘‘මොකුත් නෑ.. දිලුම්...‘‘

‘‘මොකුත් නැත්තම් අඩන්නේ..‘‘ ඔහු ගීත්මාව දෑතට වාරු කරගෙන මුහුණට එඹුනේය.

‘‘ම..ට දුක හිතු..නා ඔයා..ට මාව එ..පා වෙ..ලා කිය...ලා.‘‘  ඉකි බිදුම් අතරනි ඇය අමාරුවෙන් පැවසුවාය.

‘‘මගේ පිස්සු කෙල්ල... මට ඔයාව කවදාවත් එපා වෙන්නේ නෑ.. එපා වෙනවා නම් .. මේ තරම් පෙරුම්

 පුරලා ඔයාව ළං කර ගන්නවද ළමයෝ.‘‘ ඇය තදින් තුරුළු කරගෙන නළළ මත හාදුවක් තැබූ ඔහු පැවසුවේය.

‘‘සොරී.. දිලුම්... මම ආදරෙයි.. රත්තරං...‘‘

‘‘මමත් මගේ කෙල්ලට මටත් වඩා ආදරෙයි.. මේ බලන්න..මම තෑග්ගක් ගෙනාවා...‘‘ ඔහු අලංකාර

 කොළයකින් ඔතා සකස් කළ ත්‍යාගය ගීත්මා අත තැබුවේය.

  

......සමාප්තයි.......

මගේ යාළුවො හිතුවද මට ඔයාලව අමතක වුණා කියලා.. අමතක නෑ අනේ.. මෙන්න 

ආදරවන්තයින්ගේ 

දිනය වෙනුවෙන් මගේන් ඔයාලට.. හැමදාම මට චෝදනා කරනවනේ දුක් දෙනවා කියලා... ඔන්න..

 ආදරණිය දිනයක ආදරණිය කතාවක්.. හුගාක් ආදරෙන්..

2017.02.14

බුදු සරණයි...

සිතුවිලි ගැලපුම සදූ..

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Feb 2017 06:23 AM
  •  Quote
  •  Reply
ඒක ඇත්ත දුකක් නෑ හරිම ලස්සනයි
ඒක පාර්ශවයෙන්ම ගලාගෙන අවසානය ලස්සනට ඉවර කරල
කියවන්නත් ආස හිතුනා
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Feb 2017 02:11 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Feb 2017 02:15 AM
  •  Quote
  •  Reply

වෙනසකට ගතු කියන නීල වර්ණැති අම්බරය වසා ගත් සුදු සේද සලු වන් මේඝ කෙමෙන් අඳුරු වන්නට පටන් ගත්හ. හරිත වර්ණ වූ තණ බිස්ස දිළිසෙන්නට අරැඹුනේ පිනි කුඩු ආභරණ කරගනිමිණි. 
සප්ත ස්වරයෙන් සවන් කිති කැවුනේ කොහේදෝ හිඳ පාව ආ වස්දඬුරාවයකිනි. ගත මත නලියූ සීතල ඕප් නැංවුනේ ඒ මිහිරි හඬටයි.. 

කාගේද ඒ මියුරු ස්වරය
කා වෙතද ඒ සොඳුරු පණිවුඩය. කුමක් නමුත් එය සිහිකලේ නුඹව .. ආයෙමත් නුඹව ..
නුඹයි මගේ සංසාර සිහිනය.. 

ඈතකින් පාව ආ ඒ මියුරු හඬත් සමඟම මගේ සිත ඇදී ගියේ ජීවිතයේ සොඳුරුම කාලපරාසයක තවත් එක් ආරම්භයක් වෙත.

සාමාණ්‍ය කොල්ලෙක්ගේ ජීවිතය පිටින් නිදහස් නමුත් අභ්‍යන්තරය වගකීම් වලින් පිරී ඇත. අනාගත අරමුණු, ඉලක්ක ,පරමාර්ථ, බලාපොරොත්තු, මේ සියල්ල එකිනෙක නිරන්තරයෙන් ගැටෙයි. 

සාමාණ්‍ය කොල්ලෙක් වෙච්ච මගේ ජීවිතෙත් ඒ වගේ..නිතරම අනාගතය වර්ථමානයත් එක්ක ගැටෙන තැන මගේ දුර්වලථා මාව අඩපන කරවනවා.මම ඉන් බැහැර වන්නට නිතරම උත්සහ කලේ විනෝදය සොයා යෑමක්. ඒ නිසාමද මන්දා ප්රශ්ණ දාහක් ආවත් මූනේ හිනාව ඉතුරු වුනේ.. 

ජීවිතය පුදුමාකරයි. මං ලගට ආව අය ඊටත් වඩා පුදුමාකාරයි. සමහරු කියලා ගියා. තවත් සමහරු නොකියා ගියා. සමහරු හේතුවක් නැතුවම මාව එලවගත්තා. 
ජීවිතේ හැටි එහෙමයි කියලා මං ඉවස ගත්තා. 

කෙනෙක් ගියාම ඒ හිස්තැන පුරවන්න තව කෙනෙක් කොහෙන් හරි එනවා. ඒත් සමහරු ඉතිරි කරපු හිස්තැන් පුරවන්න කාටවත්ම බැරි වෙන අවස්තාත් නැතිවම නෙවේ. ඒ සිතිවිල්ලත් වෙනස් කල කෙනෙක් මට මුන ගැහුනානම් ඒ ඔයයි.

අරුනෝදය චමත්කාර කරවන සූර්යාවලෝකනය වාගේ ඔය ඇස් මගේ ඇස් මත පතිතවූ මොහොතේ සිටම මේ හිත ඔය හිත හොයන්න පටන් ගත්තේ අන්න ඒ හේතුවටම වෙන්න ඇති. 

රෝස කුසුමක් වගේ ඔය සිරියාවන්ත මූහුණු පොඩ්ඩ හැඩ කරන ඒ දිලිසෙන නෙතු යුගල තප්පරේකට මගේ ලඟ නැවතෙද්දි මම වින්දේ කල්ප ගනනක ආශ්වාදයක්. ජිවිතයේ කවදා හෝ දවසක මට මේ ශරීරය අත හැර යන්න වේවී.. නමුත් ඔය ඇස් පිහාටු යට එ් දවස වෙනකම් මගේමයි කියලා අයිතියක් එක්ක ජීවත් වෙන්න තිබුණා නම්.. 
ඒ තප්පරේ ඇතුලෙදිත් ඊට පසුවත් සිය දහස් වතාවක් මට හිතුනේ අහම්බයක් නිසා නම් නොවෙයි.
යන්තමට ඔයා පහුරු ගෑව ඒ මගේ හිත ඔයාටම පුදන්නට හිතුනේ දැකපු පලවෙනි වතාවෙමයි. හීනයක් වගේ ඇස් මානෙට ආව ඔයා මීදුමක් වගේ බොඳවෙලා යයි කියලා හිතිලා බය නොහිතුනාමත් නෙවෙයි. ඒත් ඒ බය ඔයා පහ කරලා හැරියේ වෙරළ සිඹින සයුරු රළ වගේ නිතරම මා ලඟට ඇවිත්.. 

හීතල වෙච්චි හිතක් ආදරණීය උනුහුමක් හෙව්වේ මිතුරියක්ගෙන් නම් නෙවෙයි .. ඒත් ඔයා මිතුරියක් වෙලා මැලවිච්ච හිතට ආයෙමත් බලාපොරොත්තුවක් ඇති කලා අලුත් ආරම්භයක් එක්ක අලුතින්ම ජීවිතය පටන් ගන්න . ඉතිං හරි දුකෙන් වගේ සමාප්තිය සනිටුහන් කරන්නට වුනා ඒ මිතුදමට. කනගාටුයි මටත් එවන් මිතුදමක් අහිමිවීම ගැන. ඒත් ඒ දුක පෑල දොරින්ම පැනලා දුවනවා ඔය තොල් පෙති මගෙ නමින් ආදරෙයි කියලා මතුරනකොට. 

සම කල හැකි කිසිවක් නොවෙන තරමටම මම ආදරය කරන ඒ හිතත් මට ඊටත් වඩා ආදරය කරනකොට හිත පෑරවෙන දුකක් දැනෙනවා කූළුඳුලේම මේ හිත නුඹට පුදන්නට බැරී වීම ගැන.. කුළුඳුලේම ඒ ආදරේ විදින්නට බැරි වීම ගැන. ඒත් ඒ නැව්ම් ආදරය හැමදාමත් නැව්ම් පිරිසිදු හිතින්ම ආදරය කරනකොට. 
පමා වී නමුත් සැබෑ සෙනෙහස හමු වීම හීනයක් වගෙයි තාමත් මට .. 

චූටී චූටි ප්රශ්න එනවා තමයි හිත් හඳුනගනිද්දි නොදැනුවත් කමට. ඒ ප්රශ්නවලට හිත රිදෙනවා තමයි තියන ආදරේට. එ්ත් ලස්සන ඔය ඇස් කඳුලින් බර වෙනකොට ඔයා මහ කලු ගලක් කියන මේ හිත උණු වෙන්නෙත් ආදරේට. ඉතිං අපේ ඒ චූටි චූටි ප්රෂ්න විසඳුන්නැතත් නිමවෙනවලු හරිම ඉක්මනට. 

පෙම්බර සඳකැන් පායනවා අමාවක අහස වගේ මේ හිතටත් ඔයා හින්දා .ඔයා දන්නවද මියුරු සප්ත ස්වර නාද රටා මවපු ඒ වස්දඬු රාවයත් එක්ක සිහිවුනේම ඔයාගේ තොල්පෙති වලින් මුමුණන හඬ. 
සාමාණ්‍ය කොල්ලෙක්ගේ සාමාන්‍ය ජීවිතය විනාසයි තමයි සුභ නැකතින් හෙට ඔයා මගේ ආදරණීය බාර්‍යාව වෙනකොට.. ඒත් ඒ සාමාණ්‍ය ජීවිතයට වඩා මම දැන් කැමති ඔයාගෙි ඇස් පිහාටු යට ඉන්න හීන දැකපු මගේ ඇස් පිහාටු යට තියන් ඔයාව පරිස්සම් කරන වගකීම ගන්න. හෙට අපි දෙන්නාගේ ජීවිත වල එක ගමනක අවසානය සනිටුහන් කරන එතන ඉඳන් අලුත් කතාවක් අලුත් විදියට පටන් ගන්න ලස්සනම ලස්සන දවස. ඒත් බාර්‍යව වුනත් හැමදාමත් මගේ ආදරවන්තියම වෙලා ඉන්න. මොකද මම ගොඩක්ම ආදරේ ඒ අහිංසක පෙම්වතීට. ඔයා දන්නවද ඔයා තමයි මට මගේ ජීවිතේටම ලැබුණු හොඳම වැලන්ටයින් තෑග්ග. 

තප්පරෙන් තප්පරේ ගෙවිලා යද්දි හිත ඔච්චම් කරනවා හෙට දවස ගැන ඉඟි කරලා මට. යන්තමට ලැජ්ජාවක් සේන්දු නොවෙනවාමත් නොවෙයි මුහුනට. ඒත් ඉවසුමකුත් නැති තරම් හෙට වෙනකම් මට. අනේ මේ වස්දඬු රාවය නැවතුනානම් මට හෙට දවසට සූධානම් වෙන්න.. 

-
නිමි-

ආදරයට ආදරය කරන ඔය හැමෝටම සුභම සූභ ආදරවන්තයින්ගේ දිනයක් වේවා කියලා ආදරකතා පව්ලෙන් ඔයාලාට සුභ පැතුම් එකතු කරනවා.

මේක හදිස්සියෙන්ම ලියපු චුටිම චුටි මනස්කල්පිත නිර්මාණයක්.. කියවපු ඔයාලාගේ අදහස් ඕනේ.. 

ගයාන් ධනූ

 —

<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->

දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
03 Mar 2017 09:04 PM
  •  Quote
  •  Reply
හදිසියෙන් ලියුව නිසාද මන්දා වෙනදා තරම් කථාව එතරම් සුන්දර නෑ..
තුන් වතාවක්ම කියවූවා.. ගලපගන්න ටිකක් අමාරුයි..
වෙනදා ලියන කතානම් මෙයට වඩා රසවත්...
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Mar 2017 02:36 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Mar 2017 02:39 AM
  •  Quote
  •  Reply

෴සැළකුම්෴


කෙටි කතාව.

"අම්මේ මම ගිහින් ඉක්මනටම එනවා.. අම්මට ඒ හැටි ආමාරුවක් නෑ නේද?"

"අනේ.. නෑ කෙල්ලේ... මට ඒ හැ..ටි අමාරුව...ක් නෑ."ඇදේ රෙදි කඩ මල්ලක ගුලී වී අමාරුවන් හුස්ම ඉහල පහල දමමින්.. වරින් වර පපුව පිරිමැද ගනිමින් සිටි සුමනා කිව්වාය..

සුමනාට සිටියේ එකම දියනියකී.. ඇය නමින් ඉමල්කා නම් විය.. ඇයගේ ජීවිතයට ළං වූ වංචාකාර තරුණයෙක් නිසා අවුරුදු විසි තුන පසු කළ ඇයට පියෙකු නැති දියණියක් සිටී. පියාගේ අභාවයෙන් පසු.. අම්මාගේත් දරුවාගෙත් ජීවීත ඇගේ දෑත මත රැදී ඇත..මහා මෙරක් තරමට දුක් උසුලන ඇය දෑතේ පයේ දිරියෙන් එදා වේල සරි කර ගනියි.

අම්මා සනීපයෙන් සිටි කාලයේ ඇගේ දියණිය ගැන ඉමල්කාට කිසිම බියක් තිබුණේ නැත.. රැකීයාවට ගිය පසු ඇය රැකුමට අම්මා සිටි බව ඇය දැන සිටියාය. තමාට උරුම සෝසුසුම් පිරි ජීවිතය තම දරුවාට උදා වන්නට ඉඩ නොදීම ඇගේ එකම අභිප්‍රාය විය. වසර සතරක් සපිරිණු සිඟිත්තිය දැන් පෙර පාසල් වියේ පසු වෙයි. අම්මා රෝගාතුර වෙද්දි දියණියගේ ආරක්ෂාව ගැන සිතා, ඇයව දිවා සුරැකුම් ආයතනයකට ඇතුල් කළාය. ඇයට පියෙකුගේ රැකවරණය අවශ්‍ය බවද ඇය දැන වුන්නාය. තවමත් තරුණ වියේ පසුවන ඇයට විවාහා යෝජනා නම් එමට ය. නමුත් සමාජය තුළ අසන්නට දකින්නට ලැබෙන දේ තුල කිසිවෙකු පිළිගැනීමට ඇය කැමතී නොවීය.

ජීවිතේ දුෂ්කර අවස්ථාවන් හිදී පිළිසරනට සිටින යම් කෙනෙක් වේද ඒ මාපියන් පමණක් බව පාඩම් ලද්දේ ඈ ඒ අයුරිණී. නමුත් ඇය බොහෝ පමා වී තිබුණී. යතාර්ථවාදීව ලොව දෙස බලන්නට පන්නරය ලද ඇය, පියෙකු නැති දියණියත්, අසනීප මෑණියනුත් රක්ෂා කරන්නට වෙහෙසුනාය.

නිසි කල නිසි දෙය නොකිරීමේ වරද ඇයට එතැනදීද ඉදිරියට පැමිණයාය. නිසි අධ්‍යාපනයක් නොලද ඇයට රැකියවක් සොයා ගැනීම අසීරු වුවාය. අවසානයේ ඇඟළුම් නිශ්පාදන ආයතනයක සොච්චම් වැටුපකට දහඩිය හලන්නට ඇයට සිදු විය .

"ගුඩ් මොර්නිං ඉමල්කා.. මොකද මුණත් එක්ක තඩිස්සී වෙලා."ඇය සමග එකම අංශයේ සේවය කල විශාඛා කලබලයෙන් ඇවිද ආ ඉමල්කාගෙන් විමසුවාය.

"මම පස්සේ කියන්නම් බං."යැයි පැවසූ ඉමල්කා, හනිකට කාර්යාලය දෙසට යන්න වුවාය.

"මේකිට අවුලක් වගේ දරුවට වත් අසනීපයක්ද?" අනෙක් යෙහෙළියන් සමග කතා වු ඇය මහණ යන්ත්‍රය ක්‍රියාත්මක කර දවසේ වැඩ ඇරඹුවාය.

"හා... හා.. මදැයි ඔය කියෙව්වා... වැඩ පටන් ගනිල්ලා.. මම චුට්ටක් එහා මෙහා වුනොත් ඉවරයි නේද?" ඒ සුපරික්ෂක අරවින්දගේ හඩයි. ඔහුගේ හඩින් මුහුණු බිමට නැඹුරු කර ගත් සේවක පිරිස කඩිනමින් සිය කාර්ය ඉටු කරන්න වූහ.

‘‘කෝ මේ ඉමල්කා‘‘ ඉමල්කාගේ මහණ යන්ත්‍රය ළග නතර වුණ අරවින්ද විමසන්නට වුවේය. ඒ වන විටත් ඉමල්කාගේ මහණ යන්ත්‍රය මත අඩක් නිම කළ ඇගළුම් කන්දක් ගොඩ ගැසි තිබුණි.

‘‘විශාඛා කෝ ඉමල්කා‘‘ කිසිවෙකු පිළිතුරු නොදෙද්දී අරවින්ද විශාඛාගේ ඇගට කඩා පැන්නේ මහ හඩින් කෑ ගසමිණී.

‘‘ඒ.. එ..යා එච් .ආර් එක පැත්තට ගියා සර්...‘‘අරවින්දගේ නපුරු බැල්ම මගහරින්ට උත්සහ ගත් විශාඛා හොරැහින් ඔහු දෙස බැලුවාය.

‘‘බලනවා මෙතන ස්ටොක් එක...මට කියන්නෙත් නැතුව එච් ආර් ගිහින්... ඒ මදිවට.. මම උඹලගේ ඕනඑපාකම් බලන්නෑ වගේනේ...යනවා.. යනවා... ගිහින් අඩගහන් එනවා..‘‘ විශාඛාගේ උරහිසට තට්ටුවක් දැමු අරවින්ද සන්සුව පැවසුවේය.අප්පේ කියලා වැඩක් නෑ... ඕනඑපා කම් සපුරන මිනිහා.. ඉමල්කා දැන්  කී දවසක් නිවාඩුක් ඉල්ලුවද අම්මා කිලිනික් එක්ක යන්න.. හොද වැඩේ ඕකී එච්. ආර් ගිය එකමයි හොද?. අරවින්දට සිතින් බනිමින් ඇය ඉමල්කා සොයා ගියාය.

     ඉමල්කා අද වැඩක පැමිණියේ නෑවිදින්ම බැරි කමටය. අම්මා පපුවේ වේදනාව වැඩි වී මුළු රැය ම කෙදිරි ගෑ නිසා ඇයව රෝහල  වෙත ගෙන යාමට ඇයට අවැසිව තිබුණි. නමුත් නිවාඩු නොගෙන දිනක් සේවය වාර්තා කිරිමේ වරද ඇය දැන සිටියාය. ඉන් ප්‍රතිඵල ලැබෙන්නේ මාසික වැටුප අතට ලැබුණ දිනටය. දිනක නොපැමිණිම සියලු දීමට කපා දැමීට හේතු වු නිසා ඇය අමාරුවෙන් හෝ නිවාඩුවක් අනුමත කර ගැනීමට සිතුවාය.

‘‘ඉමල්කා මොකද මේ උදේම අඩාගෙන..‘‘ නිවාඩු ඉල්ලුම් පත්‍රයද  දික් කරගෙන ඉමල්කා අරවින්දට කිට්ටු වුනේ දෙකට නැමීගෙනය.

‘‘මොකද්ද මේ... මොකද නිවාඩු.‘‘

‘‘අනේ සර්.. දැන් දවස් ගානක ඉදන් අම්මට අමාරුයි.. මම සර්ට කිව්වේ..‘‘ ඇය ඉකි බිදුම් පාලනය කර ගන්නට උත්සහ ගත්තාය.

‘‘පිස්සුද තම්සෙට.... ඉමල්කා.. බලනවා  තමුසෙට සෑහෙන්න ස්ටොක්.. ඕන් ඕක මෙහාට දීලා ගිහින් මහන්න පටන් ගන්නවා. ඉල්ලන ඉල්ලන පාරට නිවාඩු දෙන්න ගියොත් හොදට තියෙයි. තමුසේ ගියාම මමද ඔතන මහන්නේ...‘‘නිවාඩු ඉල්ලුම් පතද උදුරා ගත් අරවින්ද ඇයට බැන වැදුනේය. ඔහුගේ මහ හඩින් දොස් නැගුම්  හමුවේ වුව ඇය වැද වැටෙමින් නිවාඩු ඉල්ලුවාය. ඔහුගෙන් නිවාඩු නොලැබෙන බව දැන වුන් නිසා කාර්යාලයෙන් නිවාඩු  ඉල්ලුවත් ඉන් කීවේද සුපවයිසර්ගෙන් අවසර ඕන යනුවෙනී.

‘‘හරි මුලින් ස්ටොක් එක කඩනවා... ඔය හිටියා වගේ අම්මා තව ටිකක් ඉදී.. පොඩ්ඩක් තේරුම් ගන්නවා තමුසේ ගියාම මම කොහොමද අද ටාගර්ට් එක කවර් කරන්නේ.. තමුසේ නිසා අනිත් ළමයින්ගේ ඉන්සෙන්ටිව් එකත් නැති කරන්නද තමුසේ කියන්නේ..‘‘ තවත් කියන්නට දෙයක් නොමැති වු කළ ඉමල්කා කදුළු සලමින් තම අසුන මත හිද ගත්තාය. අරවින්දත් ඉමල්කා සිටි තැනින් සෙලවුනේ නැත. ඒ ඇය නැවත කාර්යාලයට දන්වාවී කියා දැනුන බිය නිසා විය හැකිය. ඇයට මද ඇසිල්ලකදු නොදුන් ඔහු ඇගෙන් දිගින් දිගට වැඩ ගත්තේය.

‘‘සර්... දැං වත් මට යන්න දෙන්නකෝ..‘‘ පස් වන වතාවටත් ඇය අරවින්දගෙන් අයැද සිටියාය. ඇයගේ කය මෙහෙ තිබුණත් සිත තිබුණේ මව සහ දියණිය ළග  විය.. අම්මට අමාරුද දන්නෑ.. මම අද කොහොම හරි ගෙදර යන්න හිතන් ආපු නිසා දෝණිව ඩේ ක්යාර් දැම්මෙත් නෑ.. අනේ මොනවා වෙනවද දන්නෑ... මුන්ට නම් හෙනම වදින්න ඕන.. වැඩ.. වැඩ.. වැඩ විතරයි.. අපිට හෙන ගැහුවත් කමක් නෑ.. ඉමල්කාගේ සිත කෝපයෙන් පුපුරු ගැසුවාය.

‘‘මහනවා ... මහනවා... මට වද නොදී... තමුසේ ගියහම මට ඔතෙන්ට දාන්න ළමෙක් නෑ.‘‘ දහවල් විවේකයෙන් පසුවද ඔහුගේ ප්‍රතිචාරය මෙලෙස විය. දැන් නම් ඉමල්කාට ඔහුගෙන් නිවාඩු ඉල්ලා වැද වැටීමද අප්‍රිය විය තිබුණි. මව් වෙනුවෙන් හිත සංසුන් කර ගත් ඇය උත්සහය අත් නොහැරියාය. කෙමෙන් තේ විවේකය පැමිණියත් ඇය ඊට අසුනින් නැගිට්ටේ නැත. පෞද්ගලික වෛද්‍යමධ්‍යස්ථනයකින් හෝ අම්මාට බෙහෙත් ටිකක් අරන් දේනට සිතු ඇය පැයක් කලින් සේවය නිම කරන්නට සිතා වුන්නාය. ඒ වෙනුවෙන් ඇය තේ විවේකය කැප කර සියල්ල ඉක්මණින් නිම කරන්න සිතුවාය.

‘‘සර්... මට අද කලින් යන්න ඕන...‘‘ එතනට පැමිණියේ රූපිකාය. ඇගේ හැසිරීම කෙසේද යන්න මුළු ආයතනයම දැන වුන්නාය. සල්ලිකාර පුද්ගලයින්ගේ අතින් අත යන ඇය, හැටහතර මායම් හොදින් ප්‍රගුණ කර සිටියාය.  ඇගේ ඇඹ්රිලි, පැද්දිලි. හුරතල්විලි හමුවේ, අරවින්ද ඉමල්කට නොදුරු අසුනක වාඩී වී රූපිකා වෙතට හැරුණේය.විවේකය අවසන් වීමට තිබුණේ තවත් පොඩි කාලයක් පමණි.

‘‘හරි හරි කෙල්ලේ කවුද බෑ කිව්වේ.. කෝ... පුරවන් එනවකේ ගේට් පාස් එකක්.‘‘ඒ වචන පෙළ ක්ෂණිකවම හීයක් මෙන් ඉමල්කාගේ හදවතට කිදා බැස්සාය.නෙත් අගට නැවතත් කදුළු කැට මෝදු වුයේ උදේ සිට ඇය ඉල්ලු නිවාඩුව දීමට අකමැති වූ පුද්ගලයා , හේතුවක් නොවිමසාම රූපිකාගේ නිවාඩු දීමට සූදානම් විමයි. ඉමල්කා බොදවී ගිය දෑසින් ඔවුන් දෙස බැලුවාය.

අනේ.. තෑන්ක්ස් සර්... අද මම බර්ත්ඩේ පාර්ටියි එකකට යන්න. ඇය තවත් අගර දගර පාන්නට විය. සුරතල් වන්නට විය.

‘‘ආ... එහෙනම් අද නියමෙට තියෙයි නේ.. අපිටත් චාර්න්ස් එකක් දෙන්න ඉතිං.‘‘ ඔහුගේ මුහුණේද ඇදී තිබුනේ මණමාල සිනහවකී.

‘‘කවුද සර්.. බෑ කිව්වේ... සර්ටනේ ඕන කමක් නැත්තේ..‘‘ ඔවුන් සිතා සිටින්නට ඇත්තේ ඉමල්කාට මේ කිසිත් නෑසෙන බවයි. තවත් ඉවසා සිටිය නොහැකි වු තැන ඉමල්කා අසුනින් නැගිට නැවත කාර්යායලයට යන්නට  සැරසුණාය.

‘‘කොහෙද තමුසේ යන්නේ... ඉමල්කා..‘‘ අරවින්ද කොපයෙන් විමසුවේය.

‘‘සර් මට දැන් වත් නිවාඩුව දෙන්න..‘‘ ඇය සංසුන් වන්නට  විශාල උත්සහයක් ගත්තාය.ඇගේ හද තුළ වෛරයෙන් පිරි තිබුණි. සිත වේදනාවෙන් රිදුම් දෙයි.

‘‘තමුසෙට පිස්සුද ඕයි... බලනවා ස්ටොක් එක දිහා..‘‘ අරවින්ද නැගිට තවත් ඇගළුම් තොගයක් ඇය දෙසට විසි කළේය.

‘‘සර්ට අර උඩැක්කියට නිවාඩු දෙන්න පුළුවන් පාර්ටි වලට යන්න... මට මගේ අම්මට බෙහෙත් ටිකක් අරන් දෙන්න නිවාඩු ඉල්ලුවම තමා ස්ටොක් මතන් වෙන්නේ.‘‘ තවත් ඉවසිය නොහැකි තැන ඉමල්කා පැවසුවේ, අවශ්‍ය විට පිළිසරණක් නැති මේ රැකියාව අහිමි වුවත් කම් නැත යන හැගීමෙනි. එවර අරවින්දට කට උත්තර නැති විය. මුහුණද අදුරු වී ගියේය. මද වේලවකින් රූපිකා ගස්සාගෙන එතැනින්  පිට වෙද්දී.. අරවින්ද ඉමල්කාට කිට්ටු වුවේය.

‘‘අපට සළකන විදියට තමා අපිත් සළකන්නේ...‘‘

  ඉමල්කාගේ සියෝලගම දැවි ගියාය. දිනක් ඇයට කළ ඇරයමු එක වරම මතකයට නැගෙද්දී, ඇය අමාරුවෙන් හුස්ම පහලට හෙලා ගත්තාය. එදයින් පසු ඔහු නිහඩව ඉද්දී ඉමල්කා හිතුනේ අරවින්ද එය අමතක කර ඇතැයි කියාය. නමුත් දැන් ඇයට වැටහී ඇත  . මෙය නිවාඩු දිමේ ගැටළුවක් නොවේය .වාඩු පිරිමැසීමකී. සැළකුමට සැළකුමකී.

   වෙනත් රැකියාවක් ලැබෙන තුරු ඇයට මේ රැකියාව අහිමි කර ගත නොහැකිය. තවත් රැකියාවක් ලැබුණත් ය මිටත් වඩා නරක විය හැකි ය. තවත් කිසිත් කතා කිරීමට නොසිතු ඇය.. මුහුණේ රූරා වැටෙමින් තිබූ කුදළු බිදු පිටඅත්ලෙන් පිසගෙන නැවතත් මහන යන්ත්‍රය  ඉදිරිපිට වාඩී වුවාය.


....සමාප්තයි....

සිතුවිලි ගැළපුම සදූ...

දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
17 Mar 2017 04:33 AM
  •  Quote
  •  Reply
ඉතාමත් සංවේදී කතාවක්...
මෙය කතාවක් වුවත් නූතන සමාජයේ සත්‍ය වශයෙන්ම මෙවැනි සිදුවීම් වනවා....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Apr 2017 05:19 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Apr 2017 05:21 AM
  •  Quote
  •  Reply

මියෙන බව නොදනී..

කෙටි කතාව

    මමත් මගේ කුඩා දියණියත් ,ස්වාමියත් සමඟ අළුත් නිවසට පදිංචියට පැමිණ දින කිපයකී.  මෙතරම් කල්තාවකාලික නවාතැන් වල ජීවත් වූ අපි  මේ නිවස මිළට ගත්තේ අපගේ මිතුරෙකුගේ උදව් උපකාර ඇතිවය. තවමත් අපි අසල්වාසින් සමඟ වැඩි ඇසුරක් නොවු නිසා වටා ගෙවල් වල කවුරුන් සිටීදැයි නොදනිමු.

‘‘චූටී දෝණි... මොකද පුතේ හැම තිස්සෙම ඔතනට වෙලා කරන්නේ..‘‘නිවසට පැමිණි දිනයේ සිට මගේ වසර පහක් වියැති පුංචි දියනිය කම්බි වැට අසලට ගොස් යාබද නිවස දෙක බලා හිදිනු මම නිතර දැක ඇත්තෙමි. උදෙන්ම එම නිවසෙහි වෙසෙන ස්ත්‍රියක් රැකියාවකට යන අයුරු මා දැක ඇත. නිවෙසේ දොර ජනෙල්ද වසා දමා තිබු නිසා මා අනුමාන කලේ නිවසෙහි කිසිවෙකු නොසිටින බවයි.

‘‘අම්මේ.. මට ඒ ගේ ඇතුළින් කවුද අඩනවා ඇහෙනවා.‘‘ මාගේ ළගට පැමිණි දියණිය පැවසුවාය. ඇය මීට ප්‍රථමත් මා සමග එවැනි දේ පවසා ඇත. මමත් කීපවරක්ම වැට අසලට ගොස් බැලුවත් එවැන්නක් මට අසන්නට නොලැබිණි.

‘‘අනේ.. ඒ ගෙදර කව්රුත් නෑ පැටියෝ.. ඒ ගෙදර නැන්දී උදේම වැඩට යනවා ..දූ දැකලා නැද්ද?‘‘

‘‘අනේ නෑ අම්මේ යමුකෝ.. මම බොරු නෙමෙයි කියන්නේ..‘‘ ඇය ඇවිටිලි කරන්න විය. නමුත් එලෙස නාදුනන නිවසකට යාමට අපිට නොහැකිය. එනිසා මම ගමන ප්‍රතික්ෂේප කලෙමී.

‘‘අපි ඒ නැන්දී ඉන්න වෙලේක යමු.. තාම අපි එයාලව අදුරන්නෙත් නෑනේ.‘‘ දියණිය සැනසු මම එදෙසට නොගියෙමී.

තවත් දිනෙක දියනිය මා වෙත දිව ආවේ බියෙන් තැතිගෙනය.

‘‘අම්..මේ... අම්..මේ...‘‘ ඇය වට පිට බලමින් හති හරිමින් යමක් කියන්නට උත්සහ ගත්තේ යාබද නිවස පෙන්වමිණි.

‘‘ඇයි මගේ දෝණි.. මම කියලා තියෙනේ මගේ පැටියට ඒ පැත්තට යන්න එපා කියලා.‘‘ මම ඇය තුරුළු කර ගත්තේ ඇගේ තැති ගැන්ම වැලැක්වීම සදහාය.

‘‘අම්..මේ... අර ගේ ඇතුලේ.. කවුද ඉන්නවා.. හෙළුවෙන්..‘‘ මගේ හිතට දැනුනේ කෝපයකී. මා යන්නට එපා යැයි පවසද්දී ඇය නිවස තුළට එඹී බලා ඇති බව මට වැටහුණි.

‘‘චූටී දෝණි.. ඔයා කියන දෙයක් අහන්නෙම නෑ නේද?.‘‘

‘‘අනේ අම්මේ යමුකෝ බලන්න... ‘‘ ඇයි නැවතත් මට ඇවිටිලිකරන්න විය. වසා තිබෙන නිවසක් තුළ නිරුවත් අයෙක්. මගේ සිත තුළට කුකුසක් ඇතුල්වී තිබුණි. සිටින පුද්ගලයා නිරුවතින් සිටින්නේ මන්ද?.. දොර ජනෙල් වසාගෙන ඉන්නේ මන්ද ?දහසකුත් ගැටළු මා සිත තුල පෙළ ගැසෙන්නට විය.

‘‘හරි දෝණී ඔයා ගෙදරම ඉන්න මම බලලා එන්ම්...‘‘සිටින පුද්ගලා නිරුවතින් සිටිණම් දියණියට නැවත දකින්නට ඉඩ නොදිය යුතුය. නමුත් මේ කියන දෙය මා සත්‍යක් දැයි දැන ගත යුතුය. දියණියට නොපැමිනෙන ලෙස පොරොන්දු කරවාගෙන මම යාබද නිවසේ මිදුළට ඇතුල් වුනෙමී. මගේ සිතට නැගෙන්නේද බියෙකි. මොකාද මේ පාළු ගේ අස්සේ ඇත්තේ .. මම ජනේලයේ සිදුරකින් ඇතුල බැලුවෙමි. කවුරුන් හෝ අයෙක් බිම නිදාගෙන සිටි. ගෙබිම පුරා පියන් කොප්ප , කොට්ට, රෙදි තැන තැන විසි කර දමා තිබුණි. මා දුටුවේ සිටින අයෙකුගේ පිටු පසින් වුවත් ඒ ගැහැණියකගේ සිරුරක් බව මට හරියටම වටහා ගත හැකිවිය. පව් අසනීපෙන් ඉන්න කෙනෙක්ද මන්දා   මොකද දැන් මම කරන්නේ.. අනවශ්‍ය වැඩක්ද මම මේ කරන්නේ.. මම නැවත වරක් මගේ සිතින් විමසුවෙමි.

‘‘හො...ඕ....හෝ...ඕ... ආහා.. ආහා... ‘‘ මට පිටු පා වැතිර සිටි ඇය අත් දිගු කරමින් මොනවදෝ කියන්නට උත්සහ ගත්තාය. මඳ වෙලාවකින් හඬන්නටත් ගොළු භාෂාවකින් මොනවදෝ කියන්නටත් විය. නැවතත් සංසුන් වු ඇය කෙදිරි ගාමින් වැතිරි වුන්නාය.

  තවත් ඉවසිය නොහැකිය ඇයට කුමක් හෝ අපහසුතාවයක් දැනෙනවා විය හැකිය. මම ඉදිරිපස දොර වෙතට පිය නැගුවෙමි. මා සිතුවේ දොර අඟුල දමා ඇති බවකි . නමුත් මා අත තබනවාත් සමගම නිවසේ දොර විවර විය. පුදුමයකි . මම වටපිට පරික්ෂාවෙන් බලා නිවසට ඇතුල් වුනෙමි. දොර හැරීම සමඟ නිවසට ඇතුල් වු ආලෝකය නිසා මට පිටුපා සිටි ඇය මා දෙසට හැරුණි. නමුත් මා දුටු විගස ඇය වකුටු වී බියෙන් මුහුණ සඟවා ගන්න වුවාය.

   ඇය තවමත් එතරම් වයස නැති ගැහැණු ළමයෙකි. ඉනෙන් පහලට පමණක් පරන කොට කලිසමක් අන්දවා සිටි ඇය වුන්නේ අඩුකය  නිරුවත්වය.අවුල් වි ගිය කෙටි කෙස් වැටියත් ඉදිරියට නෙරා ආ දත් පෙළත්,තරමක් විකෘති මුහුණත් ඇය විශේෂ අවශ්‍යතා  සහිත ආභාදිත දරුවෙක් බව මම හැදින ගත්තෙමි. නමුත් වයස අවුරුදු දාහතරක පහළොවක පෙනුමක් තිබු ඇගේ සිරුර නව යොවුන් වියට හැඩ ගැසෙමින් තිබුනේ. මීට ප්‍රතම කීපදිනකම බීගත් මිනිසුන් කසිප්පු තිප්පොලේ සිට මේ මිදුළ මැදිනි යනු අයුරුද මම දැක තිබුණෙමි. කුමක් හෝ ලොකු වරදක් මෙතන ඇති බව මට හොදින් වැටහුණි. මට ඈ ගැන දැනුනේ වේදනාවකී.

‘‘දරුවෝ...‘‘ මම ඇය වෙත නැඹුරු වී හිස පිරිමැද්දෙමි. හොරැහින් කීපවරක් මා දෙස බැලු ඇය මුහුණ සඟවා ගත්තාය.‘‘

‘‘කෝ මෙහෙ බලන්න ... මම ඔයාට කරදරයක් කරන්නෑ.‘‘ මම කිපවරක් ඇවිටිලි කරන විට ඇය හිමින් සීරුවේ මා දෙසට අවධානය යොමු කළාය. මම ඇයට සුහද සිනහවක් පැවෙමි. මා සමඟ සිනහා වු ඇය අත දැගු කර නිවස කොණක බිම පෙරළි තිබු වතුර ජෝගුවක් පෙන්නුවාය. ඇයට වතුර අවශ්‍යව ඇති බව මම වටහා ගත්තෙමි.  මම වතුර ටිකක් රැගෙන විත් ඇයට පෙව්වෙමී.හොදටම පිපාසවෙන් සිටි ඇය අමෘත්තය ලැබුනා මෙන් එක හුස්සමට පානය කරන්න විය. පවු දෙයියනේ මොන තරම් තිබහෙන්ද ඉන්න ඇත්තේ. නිවස තුළ සිටින්නට අපසු තරමට මළ මුත්‍රා දුර්ගන්දය පැතිර තිබුණි. ඉන් පැහැදිලි වන්නේ ඇවිද්න තියා වාඩිවන්නටත් නොහැකි ඈ හට උපකාර කරන්නට කිසිවෙක් මෙහි නැති බවයි.

   නාදුනන අයෙකුගේ නිවසට ඇතුල් වීම වරදී. නමුත් මාද දියණියක් සිටින මවකී.මැයද  මා මෙන්ම තවත් ස්ත්‍රියකි. ඒ හැම දේටත් වඩා අපි සියල්ලන් සතුන්ට වාඩි මනස උසස් යැයි කියන මනුස්සයින්ය. ඉදිරියට වන දෙයක් නොසිතු මම ඇය ට හැකි අයුරින් උපකාර කලෙමි. ඇයට වෙනත් ඇදුමක් අන්දවා වට පිටාවද පිරිසිදු කළ මම දියණය සමඟම පැමිණ ඇයට බත් ටිකද්ද කැව්වෙමි. ඇය ඒ වන විට මා සමග හොදින් කුළුපගව සිටියාය. ඇයට කතා කරන්නද නොහැකිය. යාන්නම පුංචී සද්දයක් පිට වෙනවා පමණකි. ඇය ඉගි භාෂාවලින් අපි සමග පැවසු දේවල් අපි තරමක් වටහා ගත්තෙමු. මා හට දැන් මේ පිළිබද විමසීමට කෙනෙකු අවශ්‍යය .ගමේ කිසිවෙකු නාදුනන නිසා විමසන්නටද කෙනෙකු නොමැත.

   අවසානයේ මම ඊට මදක් එහාට වන්නට තිබු නිවසට ගොඩවැදුණේ.. ඇය මෙලෙස  ආරක්වක් අවධානයක් නැතිව දාමා ඉන්නේ මන්දැයි දැන ගැනීමට වෙමි. ඔව්න් පැවසු අයුරින් ඇයගේ පියා අපගේ නිවෙස් වලට පිටුපසින් තිබුණ රක්ෂිතයේ කසිප්පු තිප්පලේ හිමිකරවා බවයි. අම්මාගේ චරියාව ගැන වුවත් ඔවුන් පැවසුවේ එතරම් සුභ දෙයක් නොව. ඇයද අයාලේ යන ස්ත්‍රියක් බවයි. ඒ සියල්ලම ගමේ මිනිසුන්ද දන්නා බවයි. නමුත් මා විමසුවේ මේ බවක් පොළිසියට හෝ නොදැන්වුයේ මන්ද යනුවෙනි. එවිට ඔවුන් කියා සිටියේ.. ඔය මිනිස්සු ගමේ මිනිස්සු එක්ක වැඩි ඇයි හොදැයියක් නෑ.. අබ්භොත කෙල්ල ගැන මොකකෙක් හරි අනුකම්පා කරලා දෙයක් කිව්වොත්. මහ එකා හවසට යනවා රෙද්ද උස්සගෙන ඒ ගෙදෙට්ට. කට ගොන්නක් බීලා බීලා ගම දෙවනක් කරලා තමා නවතින්නේ.

   ඔවුන් එසේ කීවත් මම අසරන දරුවා වෙනුවෙන් දෙයක් කිරීමට සිතුවෙමි. සැන්දාවේ  මම අර ගැහැනිය මුණ ගැසෙන්නට ගියෙමි.

‘‘නංගියේ... නංගියේ...‘‘

‘‘ආ... කව්ද මේ.. දැකලා නම් පුරුද්දක් නෑ..‘‘ නිවස තුළ සිට පැමිණි ඇය සිණා මුහුණෙන් මා ඇමතුවාය.

‘‘අපි මේ අල්ලපු ගෙදරට ළගදි පදිංචියට ආවේ.‘‘

‘‘ආ.. එහෙමද?.. මම ගෙදර ඉන්න එකක් වෑ.. ඉතිං කොහේ දකින්නද?.‘‘

‘‘සමා වෙන්න ඕනේ.. මම මෙහෙම කිව්වට...‘‘ මම කතාවට මුලපිරු වෙමි. මා හට සිදු වුයේ ඇගේ දුක් ගැනවිල්ලට සවන් දීමටයි. ඇය පැවසුවේ ඔවුන් දරුවා සුවපත් කර  ගැනීමට ඇය කුඩා කළ සිට සියලු ගේ දොර ඉඩ කඩම් විකුණා වෙහෙස වු බවයි. , මුදුල් වියදම් වි සියල්ලම අහිමි වී ගියත්, ඇය සුවපත් නොවු බවයි. ඔවුන් දැන් සිටින්නේ කුලියට නිසාවෙන් ඇය දුක් මහන්සියෙන් ඇඟළුම් කම්හලක සේවය කරන බවත් තව දුරටත් පඅවසුවාය. මේ දුක් කරදර හෝතුවෙන් ජීවිතය අතහැර සිටින දරුවාගේ පියා ඔවුන් ගන නොබලන බවත්. හොදටම බිමට පුරුදුව ඇති බවත් ඇය පැවසුවේ කදුළු අතුරිනි.

   කවුරුන් පවසන දේ නිවැරදි දැයි මට වටහා ගත නොහැකිය. ගමේ මිනිසුන් කිය දෙයිද ඇත්තක් තිබිය යුතුය. නමුත් තුවාලයේ වේදනාව දන්නේ තුවාලය තිබෙන පුද්ගලයාය. පිට සිට හුල්ලන්නන්ට එහි වේදනාව කිසිදා නොදැනෙයි. අනිත් මිනිසුන්ගේ වැරදිම දැකීම මිනිසුන්ගේ පුරුද්දයි. එනිසා මම ඇගේ වේදනාට මදක් ඇහුම්කම් දුන්නෙමි.

     දිගින් දිගට මම ඒ දියණිය ගැන සොයා බැලුවෙමි.  මට හැකි අයුරින් දහවල් කාලයේ මම ඇයට උවටැන් කළෙමි. ඇයද දැන් මගේ පැමිණීම බලා පොරොත්තුවෙන් සිටියාය. මාසයක් පමණ නිසොල්මනේ ගෙවි ගියහ. ඇන් ඇය පිළිබදව නිවසියන් පෙරට වඩා සොයා බලන බවක් මට හැගුණි. නමුත් දිනක මා දුටු දෙයින් සිත හොදටම බිදුණි. ඉස්තරම් වර්ගයේ කාර් රථයකින් නිවස අසලට පැමිණි ඇය උකුළු මුකුළු පාමින් හැරලන්න ආ පුද්ගලයාට සමු දුන්නාය. ඇය කී දෙවල් බොරු ලෙස සිතුනත් ඇගේ පෞද්ගලික ජීවිතය මට අදාල නැතැයි මම සිතුවෙමි. මා හට දිනෙන් දිනම දකින්නට ලැබුනේ එවැනි සිදු වීමිමය. මා හට හැඟුනේ ඔවුන් මා රවටාගෙන දරුවාට උවටැන් කර ගන්නා බවකි. නමුත් මා සිත හදාගෙන දියණිය ගැන උපන් අනුකම්පාවෙන් කටයුතු කලෙමි.

  දිනක් මම ඇගෙන් නිකමට මෙන් හවසට හවසට පැමිණෙන වාහන ගැන විමසුවේ ඇය මා සමග හොදින් මිතුරු වි සිටි නිසාය. නමුත් ඇගේ මුහුණ වෙනස් විය. ඒ පිළිබඳ මා විමසනවාට ඇය අකමැති බව මම වටහා ගත්තෙමි. ඉන් ඉදිරියට ඒ ගැන නොවිමසා ඉටින්නට මම සිතා ගත්තෙමි.ඇගේ ක්‍රියාව නිවැරදි යැයි මම නොපවසමි. නමුදු ඇයව යහමගට ගැනිමට මා හට අපහසු දෙයකි.

   මම නොසිතු අයුරින් දිනක සැදෑවේ බීගත් දරුවාගේ පිය අප නිවස  ඉදිරිපිටට පැමිණ මට හොද හැටි බැන අඬගස්නට විය.  ඔවුන් මගෙන් උදව් ඉල්ලුවේ නැති බවත් , උදව්වට පැමින තම බිරිදට පද සාදන බවත් කියමින් ඔහු මුළු ගමම දෙවනක් කලේය.  සියල්ල ගැනම කළකිරුණු මා දින කීපයක් දරුවාට උවටැන් කරන්නට නොගිහින් වුන්නේ අපහසුවෙනී. දවස තිස්සේ.. ඇගේ අහිංසක ලොකු ඇස් දෙක මට මැවී පෙනුනි. කුස ගින්නේ පිපාසයෙන් දුක් විදින්නේ මගේ දියනිය මෙන්න තවත් දරුවෙකු නොවදැයි මගේ හඳ පුපුරු ගසන්නට විය. නමුත් ඒ නිවසට ගොඩ වදින්නට මා හට නොහැකිය. මගේ දියණියගෙන්ද බේරුමක් නොවුවේ.. අක්කා බඩගින්නේ ඇති අම්මේ අපි යමුකෝ.. ඒ මාමා බැන්නට කමක් නෑ යනුවෙනී. ඉවසා සිටිය නොහැකි තැන මම හොරෙන්ම නිවස දෙසට ගියෙමි. සිතු අයුරන්ම ඇය පෙර සිටි ජරා වලටම වැටී වුන්නාය. ඇය වෙනුවෙන් හඳවතට එකඟව නීතිමය පියවරක් ගන්නට මම සිතුවෙමි. දුරකථන අක්කයක් මගේ මිතුරියකගේ ආධාරයෙන් සොයා ගත් මම ළමා රක්ෂන දෙපාර්තුමේන්තුවට ඇමතුවෙමි. එදින හැදැ වෙන්නට පෙර දරුවා පරිවාස භාරයට ගත්තාය.. ඇය ආයෙත් දකින්නට වත් නොලැබේවී යැයි දැනුනත් . ඇයට වන යහපත ගැන සිතා මම සිත සනසා ගත්තෙමි.

  එදින රාත්‍රියද ඉතා බියකරු විය. හවස නිවසටම පැමිණී දරුවාගේ අම්මා මට හොඳ හැටි දොස් නැගුවේ මට නැති අමාරුවක්නේ මේ ගෑනිට මගේ ළමයා ගැන තියෙන්නේ යනුවෙනි. රාත්‍රියේ බීනෙ සහචරයින් සමඟ එකතු වු දරුවගේ පියා බැන අඬ ගසමින් වහලයට හා දොර ජනෙල් වලට ගල් ගසන්නට විය. පොළිසියෙන් පැමින ඔහුව අත්අඩංගුවට ගන්නා තුර අප හට හිරිහැර වලින් නිමාවකි නොවීය. ඔවුන්ට එරෙහිව උසාවියේ නිඩුවක් ගොනුකර තිබු නිසා සාක්ෂිකාරියක් ලෙසද ඉදිරිපත් වීමට මට සිදු විය. අවසානයේ සිදු වුයේ මාසික වන්දියක් ගෙවන ලෙස දෙමාපියන්ට නියෝග දී.. දියනිය විශේෂ අවශ්‍යතා සහිත දරුවන් රැක බලා ගන්නා නේවාසික පාසලකට යොමු කිරිමයි.

   තව දුරටත් මෙම ගමෙහිවත් නොසිටි ඔවුන් ගමෙනුත් නික්ම ගියේ ඒ සිද්දියෙන් පසු ගම්මුන්ගේ කටවල් නතර කරන්නට ඔවුන්ට නොහැකී වු නිසාය. වසර ගණනාවක් ගෙවි ගියේය. මම කීපවරක්ම දරුවා බැලිමට පාසලට ගියෙමි. දැන් ඇයට ඇවිදන්නට නොහැකි වුවත් වාඩී වී, රෝධ පුටුවක ගමන් කරමින් තම කටයුතු කර ගැනීමට හැකි ව තිබුණි. ඇයට දකින අය එතරම් සිහියේ නොතිබුනත් මා දුටු විගස ඇය මා හදුන ගත්තාය. මාසික වියදම් පවා හරි හැටි නොගෙවන ඇගේ දෙමාපියන් ඇය බලන්නටවත් නොපැමිනෙන බව මට එම පාසලෙන් දැන ගන්න ලැබුණි. කෙසේ නමුත් දැන් ඇය හොදින් හිදුනු දැකීම මගේ සිතට මහත් සහනයක් විය.

     මම මාස ගණනාවකට පසු දිනක් ඇය බැලීමට ගියෙම්. දැන් ඇය අවුරුදු විසි දෙකක පමණ තරුණීයකී.  ඒ දිනයේ කාර්ය මණ්ඩලයේ අයෙක් මට පැවසුවේ ඇගේ මව් කීපදිනකට ප්‍රතම පැමිණ දියනිය බලා ගිය බවයි. තවත් දුරට විස්තර  සොයා බැලු පසු දැන ගන්නට  ලැබුනේ  ඇය ගරභාශ්යේ පිළිකාවක් හේතුවෙන් මරණාසන්නව රෝහල් ගත කර ඇති බවයි.  මම දරුවා වෙත ගියෙමී

‘‘දුවේ... අම්මා ආවද ඔයා බලන්න...‘‘

‘‘ආ... ආ.. හෝ... ඕ... ආ... ‘‘ ඇය මොනවාද කියවාගෙන ගියේ සිනාසෙමිනි. ඇය අම්මා කියන වචනය ගැන වත් අරුතක් නොදැනුන බවක් මට හැඟුනෙමි.

  එදිනම දවාලේ මම ඇගේ මැණියන් සිටින රෝහලද සොයාගෙන ඒ වෙත ගියෙමි. මුළු සිරුරම ඉදිමි . සිරුර පුරාම බට සවිකර සිටි ඇය කතා කර ගැනීමට පවා අසීරු තත්වයක වුන්නාය. මා දුටු විගස හදුනා ගත් ඇගේ දෙකම්බුල් දිග කදුළු කැට දෙකක් රෑරා යන්නට විය. ඇය කිසිත් පැවසුවේ නැත. මා දෙස බලමින් හුල්ලමින් හැඩුවාය. නමුත් ඒ කදුළු පිරුණු ඇස් මගේන දහස් වතාවක් සමාව අයදින බවක් කීවාය. ඇයට දැන් සියල්ල අවබෝධ වී ඇති බව වැටහුණි. ඇගේ කඳුළු හමුවේ දොම්නසින් පිරුණු මගේ සිත මේ අවස්ථාවේ ඈ ඉදිරියට පැමිණ ඇගේ සිතට වේදනාවක් වීම ගැන මා ගැනම කණගාටු වුණෙමී. කිසිවෙක් ඇය බලන්නට පැමිණියේ නැති දැයි මම ළග වනු අයෙකුගෙන් විමසුවෙමි. ඔවුන් පැයවසුවේ.. මෙයාට කවුරුත් නැහැලු මිස්.. හස්බනුත්  බිලා ම බඩ ඉදිමිලා අවුරුද්දකට කලින් මැරුනලු යනුවෙනි.

     ඇය එදා අද මෙන්... දිනක අපි මියෙන බව දැන තම අසරණ දියනියට නිසි සැලකුම් කළේ නම් ඒ පිනින් මෙතරම් දුක්ඛිත තත්වයකට පත් නොවන්නට ඉඩ තිබුණි. එදා ඈ වටා පිරි වරා ඇගේ සිරුරෙන් සුව විදි කිසිවෙන් අද ඈ හමුවේ නැත. අද ඇය ඉන්නේ තනිවම ගිලන් ඇදකය.එදින් දිනක මෙලෙස සිදුවේ යැයි ඇයට සිතන්නට ශක්තියක් තිබුණා නම්.. මම සිතුවෙමි.ශරීර  සවි ශක්තිය ඇති කළ ...දිනෙක අප රෝගී වී... දුර්වල වී ..මියෙදෙන බව.. සිහි තබා ගත යුතුය..වගකීම් වලින් මිදිමට මං නොසයමින් අසරණ වුවන්ට උපකාර කළ යුතුය. දිනෙක අපටද මෙවැනී තත්වයක් උදා වුව හොත් යැයි සිතා ඔවුන්ගේ සිතින් අප ඔවුන් දෙස බැලිය යුතුය.

සමාප්තයි..

සිතුවිලි ගැළපුම... සඳු.

දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
10 Apr 2017 06:35 AM
  •  Quote
  •  Reply
ඉතාමත් ආදර්ශවත් කතාවක්...
පින් පව් එනවා අපි පසු පස්සේ‍...
ස්තූතියි සදුනි නංගී...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
10 Apr 2017 06:25 PM
  •  Quote
  •  Reply
නියමයි සදුනි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
20 Apr 2017 08:46 PM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 16 Mar 2017 02:39 AM

෴සැළකුම්෴


කෙටි කතාව.

"අම්මේ මම ගිහින් ඉක්මනටම එනවා.. අම්මට ඒ හැටි ආමාරුවක් නෑ නේද?"

"අනේ.. නෑ කෙල්ලේ... මට ඒ හැ..ටි අමාරුව...ක් නෑ."ඇදේ රෙදි කඩ මල්ලක ගුලී වී අමාරුවන් හුස්ම ඉහල පහල දමමින්.. වරින් වර පපුව පිරිමැද ගනිමින් සිටි සුමනා කිව්වාය..

සුමනාට සිටියේ එකම දියනියකී.. ඇය නමින් ඉමල්කා නම් විය.. ඇයගේ ජීවිතයට ළං වූ වංචාකාර තරුණයෙක් නිසා අවුරුදු විසි තුන පසු කළ ඇයට පියෙකු නැති දියණියක් සිටී. පියාගේ අභාවයෙන් පසු.. අම්මාගේත් දරුවාගෙත් ජීවීත ඇගේ දෑත මත රැදී ඇත..මහා මෙරක් තරමට දුක් උසුලන ඇය දෑතේ පයේ දිරියෙන් එදා වේල සරි කර ගනියි.

අම්මා සනීපයෙන් සිටි කාලයේ ඇගේ දියණිය ගැන ඉමල්කාට කිසිම බියක් තිබුණේ නැත.. රැකීයාවට ගිය පසු ඇය රැකුමට අම්මා සිටි බව ඇය දැන සිටියාය. තමාට උරුම සෝසුසුම් පිරි ජීවිතය තම දරුවාට උදා වන්නට ඉඩ නොදීම ඇගේ එකම අභිප්‍රාය විය. වසර සතරක් සපිරිණු සිඟිත්තිය දැන් පෙර පාසල් වියේ පසු වෙයි. අම්මා රෝගාතුර වෙද්දි දියණියගේ ආරක්ෂාව ගැන සිතා, ඇයව දිවා සුරැකුම් ආයතනයකට ඇතුල් කළාය. ඇයට පියෙකුගේ රැකවරණය අවශ්‍ය බවද ඇය දැන වුන්නාය. තවමත් තරුණ වියේ පසුවන ඇයට විවාහා යෝජනා නම් එමට ය. නමුත් සමාජය තුළ අසන්නට දකින්නට ලැබෙන දේ තුල කිසිවෙකු පිළිගැනීමට ඇය කැමතී නොවීය.

ජීවිතේ දුෂ්කර අවස්ථාවන් හිදී පිළිසරනට සිටින යම් කෙනෙක් වේද ඒ මාපියන් පමණක් බව පාඩම් ලද්දේ ඈ ඒ අයුරිණී. නමුත් ඇය බොහෝ පමා වී තිබුණී. යතාර්ථවාදීව ලොව දෙස බලන්නට පන්නරය ලද ඇය, පියෙකු නැති දියණියත්, අසනීප මෑණියනුත් රක්ෂා කරන්නට වෙහෙසුනාය.

නිසි කල නිසි දෙය නොකිරීමේ වරද ඇයට එතැනදීද ඉදිරියට පැමිණයාය. නිසි අධ්‍යාපනයක් නොලද ඇයට රැකියවක් සොයා ගැනීම අසීරු වුවාය. අවසානයේ ඇඟළුම් නිශ්පාදන ආයතනයක සොච්චම් වැටුපකට දහඩිය හලන්නට ඇයට සිදු විය .

"ගුඩ් මොර්නිං ඉමල්කා.. මොකද මුණත් එක්ක තඩිස්සී වෙලා."ඇය සමග එකම අංශයේ සේවය කල විශාඛා කලබලයෙන් ඇවිද ආ ඉමල්කාගෙන් විමසුවාය.

"මම පස්සේ කියන්නම් බං."යැයි පැවසූ ඉමල්කා, හනිකට කාර්යාලය දෙසට යන්න වුවාය.

"මේකිට අවුලක් වගේ දරුවට වත් අසනීපයක්ද?" අනෙක් යෙහෙළියන් සමග කතා වු ඇය මහණ යන්ත්‍රය ක්‍රියාත්මක කර දවසේ වැඩ ඇරඹුවාය.

"හා... හා.. මදැයි ඔය කියෙව්වා... වැඩ පටන් ගනිල්ලා.. මම චුට්ටක් එහා මෙහා වුනොත් ඉවරයි නේද?" ඒ සුපරික්ෂක අරවින්දගේ හඩයි. ඔහුගේ හඩින් මුහුණු බිමට නැඹුරු කර ගත් සේවක පිරිස කඩිනමින් සිය කාර්ය ඉටු කරන්න වූහ.

‘‘කෝ මේ ඉමල්කා‘‘ ඉමල්කාගේ මහණ යන්ත්‍රය ළග නතර වුණ අරවින්ද විමසන්නට වුවේය. ඒ වන විටත් ඉමල්කාගේ මහණ යන්ත්‍රය මත අඩක් නිම කළ ඇගළුම් කන්දක් ගොඩ ගැසි තිබුණි.

‘‘විශාඛා කෝ ඉමල්කා‘‘ කිසිවෙකු පිළිතුරු නොදෙද්දී අරවින්ද විශාඛාගේ ඇගට කඩා පැන්නේ මහ හඩින් කෑ ගසමිණී.

‘‘ඒ.. එ..යා එච් .ආර් එක පැත්තට ගියා සර්...‘‘අරවින්දගේ නපුරු බැල්ම මගහරින්ට උත්සහ ගත් විශාඛා හොරැහින් ඔහු දෙස බැලුවාය.

‘‘බලනවා මෙතන ස්ටොක් එක...මට කියන්නෙත් නැතුව එච් ආර් ගිහින්... ඒ මදිවට.. මම උඹලගේ ඕනඑපාකම් බලන්නෑ වගේනේ...යනවා.. යනවා... ගිහින් අඩගහන් එනවා..‘‘ විශාඛාගේ උරහිසට තට්ටුවක් දැමු අරවින්ද සන්සුව පැවසුවේය.අප්පේ කියලා වැඩක් නෑ... ඕනඑපා කම් සපුරන මිනිහා.. ඉමල්කා දැන්  කී දවසක් නිවාඩුක් ඉල්ලුවද අම්මා කිලිනික් එක්ක යන්න.. හොද වැඩේ ඕකී එච්. ආර් ගිය එකමයි හොද?. අරවින්දට සිතින් බනිමින් ඇය ඉමල්කා සොයා ගියාය.

     ඉමල්කා අද වැඩක පැමිණියේ නෑවිදින්ම බැරි කමටය. අම්මා පපුවේ වේදනාව වැඩි වී මුළු රැය ම කෙදිරි ගෑ නිසා ඇයව රෝහල  වෙත ගෙන යාමට ඇයට අවැසිව තිබුණි. නමුත් නිවාඩු නොගෙන දිනක් සේවය වාර්තා කිරිමේ වරද ඇය දැන සිටියාය. ඉන් ප්‍රතිඵල ලැබෙන්නේ මාසික වැටුප අතට ලැබුණ දිනටය. දිනක නොපැමිණිම සියලු දීමට කපා දැමීට හේතු වු නිසා ඇය අමාරුවෙන් හෝ නිවාඩුවක් අනුමත කර ගැනීමට සිතුවාය.

‘‘ඉමල්කා මොකද මේ උදේම අඩාගෙන..‘‘ නිවාඩු ඉල්ලුම් පත්‍රයද  දික් කරගෙන ඉමල්කා අරවින්දට කිට්ටු වුනේ දෙකට නැමීගෙනය.

‘‘මොකද්ද මේ... මොකද නිවාඩු.‘‘

‘‘අනේ සර්.. දැන් දවස් ගානක ඉදන් අම්මට අමාරුයි.. මම සර්ට කිව්වේ..‘‘ ඇය ඉකි බිදුම් පාලනය කර ගන්නට උත්සහ ගත්තාය.

‘‘පිස්සුද තම්සෙට.... ඉමල්කා.. බලනවා  තමුසෙට සෑහෙන්න ස්ටොක්.. ඕන් ඕක මෙහාට දීලා ගිහින් මහන්න පටන් ගන්නවා. ඉල්ලන ඉල්ලන පාරට නිවාඩු දෙන්න ගියොත් හොදට තියෙයි. තමුසේ ගියාම මමද ඔතන මහන්නේ...‘‘නිවාඩු ඉල්ලුම් පතද උදුරා ගත් අරවින්ද ඇයට බැන වැදුනේය. ඔහුගේ මහ හඩින් දොස් නැගුම්  හමුවේ වුව ඇය වැද වැටෙමින් නිවාඩු ඉල්ලුවාය. ඔහුගෙන් නිවාඩු නොලැබෙන බව දැන වුන් නිසා කාර්යාලයෙන් නිවාඩු  ඉල්ලුවත් ඉන් කීවේද සුපවයිසර්ගෙන් අවසර ඕන යනුවෙනී.

‘‘හරි මුලින් ස්ටොක් එක කඩනවා... ඔය හිටියා වගේ අම්මා තව ටිකක් ඉදී.. පොඩ්ඩක් තේරුම් ගන්නවා තමුසේ ගියාම මම කොහොමද අද ටාගර්ට් එක කවර් කරන්නේ.. තමුසේ නිසා අනිත් ළමයින්ගේ ඉන්සෙන්ටිව් එකත් නැති කරන්නද තමුසේ කියන්නේ..‘‘ තවත් කියන්නට දෙයක් නොමැති වු කළ ඉමල්කා කදුළු සලමින් තම අසුන මත හිද ගත්තාය. අරවින්දත් ඉමල්කා සිටි තැනින් සෙලවුනේ නැත. ඒ ඇය නැවත කාර්යාලයට දන්වාවී කියා දැනුන බිය නිසා විය හැකිය. ඇයට මද ඇසිල්ලකදු නොදුන් ඔහු ඇගෙන් දිගින් දිගට වැඩ ගත්තේය.

‘‘සර්... දැං වත් මට යන්න දෙන්නකෝ..‘‘ පස් වන වතාවටත් ඇය අරවින්දගෙන් අයැද සිටියාය. ඇයගේ කය මෙහෙ තිබුණත් සිත තිබුණේ මව සහ දියණිය ළග  විය.. අම්මට අමාරුද දන්නෑ.. මම අද කොහොම හරි ගෙදර යන්න හිතන් ආපු නිසා දෝණිව ඩේ ක්යාර් දැම්මෙත් නෑ.. අනේ මොනවා වෙනවද දන්නෑ... මුන්ට නම් හෙනම වදින්න ඕන.. වැඩ.. වැඩ.. වැඩ විතරයි.. අපිට හෙන ගැහුවත් කමක් නෑ.. ඉමල්කාගේ සිත කෝපයෙන් පුපුරු ගැසුවාය.

‘‘මහනවා ... මහනවා... මට වද නොදී... තමුසේ ගියහම මට ඔතෙන්ට දාන්න ළමෙක් නෑ.‘‘ දහවල් විවේකයෙන් පසුවද ඔහුගේ ප්‍රතිචාරය මෙලෙස විය. දැන් නම් ඉමල්කාට ඔහුගෙන් නිවාඩු ඉල්ලා වැද වැටීමද අප්‍රිය විය තිබුණි. මව් වෙනුවෙන් හිත සංසුන් කර ගත් ඇය උත්සහය අත් නොහැරියාය. කෙමෙන් තේ විවේකය පැමිණියත් ඇය ඊට අසුනින් නැගිට්ටේ නැත. පෞද්ගලික වෛද්‍යමධ්‍යස්ථනයකින් හෝ අම්මාට බෙහෙත් ටිකක් අරන් දේනට සිතු ඇය පැයක් කලින් සේවය නිම කරන්නට සිතා වුන්නාය. ඒ වෙනුවෙන් ඇය තේ විවේකය කැප කර සියල්ල ඉක්මණින් නිම කරන්න සිතුවාය.

‘‘සර්... මට අද කලින් යන්න ඕන...‘‘ එතනට පැමිණියේ රූපිකාය. ඇගේ හැසිරීම කෙසේද යන්න මුළු ආයතනයම දැන වුන්නාය. සල්ලිකාර පුද්ගලයින්ගේ අතින් අත යන ඇය, හැටහතර මායම් හොදින් ප්‍රගුණ කර සිටියාය.  ඇගේ ඇඹ්රිලි, පැද්දිලි. හුරතල්විලි හමුවේ, අරවින්ද ඉමල්කට නොදුරු අසුනක වාඩී වී රූපිකා වෙතට හැරුණේය.විවේකය අවසන් වීමට තිබුණේ තවත් පොඩි කාලයක් පමණි.

‘‘හරි හරි කෙල්ලේ කවුද බෑ කිව්වේ.. කෝ... පුරවන් එනවකේ ගේට් පාස් එකක්.‘‘ඒ වචන පෙළ ක්ෂණිකවම හීයක් මෙන් ඉමල්කාගේ හදවතට කිදා බැස්සාය.නෙත් අගට නැවතත් කදුළු කැට මෝදු වුයේ උදේ සිට ඇය ඉල්ලු නිවාඩුව දීමට අකමැති වූ පුද්ගලයා , හේතුවක් නොවිමසාම රූපිකාගේ නිවාඩු දීමට සූදානම් විමයි. ඉමල්කා බොදවී ගිය දෑසින් ඔවුන් දෙස බැලුවාය.

අනේ.. තෑන්ක්ස් සර්... අද මම බර්ත්ඩේ පාර්ටියි එකකට යන්න. ඇය තවත් අගර දගර පාන්නට විය. සුරතල් වන්නට විය.

‘‘ආ... එහෙනම් අද නියමෙට තියෙයි නේ.. අපිටත් චාර්න්ස් එකක් දෙන්න ඉතිං.‘‘ ඔහුගේ මුහුණේද ඇදී තිබුනේ මණමාල සිනහවකී.

‘‘කවුද සර්.. බෑ කිව්වේ... සර්ටනේ ඕන කමක් නැත්තේ..‘‘ ඔවුන් සිතා සිටින්නට ඇත්තේ ඉමල්කාට මේ කිසිත් නෑසෙන බවයි. තවත් ඉවසා සිටිය නොහැකි වු තැන ඉමල්කා අසුනින් නැගිට නැවත කාර්යායලයට යන්නට  සැරසුණාය.

‘‘කොහෙද තමුසේ යන්නේ... ඉමල්කා..‘‘ අරවින්ද කොපයෙන් විමසුවේය.

‘‘සර් මට දැන් වත් නිවාඩුව දෙන්න..‘‘ ඇය සංසුන් වන්නට  විශාල උත්සහයක් ගත්තාය.ඇගේ හද තුළ වෛරයෙන් පිරි තිබුණි. සිත වේදනාවෙන් රිදුම් දෙයි.

‘‘තමුසෙට පිස්සුද ඕයි... බලනවා ස්ටොක් එක දිහා..‘‘ අරවින්ද නැගිට තවත් ඇගළුම් තොගයක් ඇය දෙසට විසි කළේය.

‘‘සර්ට අර උඩැක්කියට නිවාඩු දෙන්න පුළුවන් පාර්ටි වලට යන්න... මට මගේ අම්මට බෙහෙත් ටිකක් අරන් දෙන්න නිවාඩු ඉල්ලුවම තමා ස්ටොක් මතන් වෙන්නේ.‘‘ තවත් ඉවසිය නොහැකි තැන ඉමල්කා පැවසුවේ, අවශ්‍ය විට පිළිසරණක් නැති මේ රැකියාව අහිමි වුවත් කම් නැත යන හැගීමෙනි. එවර අරවින්දට කට උත්තර නැති විය. මුහුණද අදුරු වී ගියේය. මද වේලවකින් රූපිකා ගස්සාගෙන එතැනින්  පිට වෙද්දී.. අරවින්ද ඉමල්කාට කිට්ටු වුවේය.

‘‘අපට සළකන විදියට තමා අපිත් සළකන්නේ...‘‘

  ඉමල්කාගේ සියෝලගම දැවි ගියාය. දිනක් ඇයට කළ ඇරයමු එක වරම මතකයට නැගෙද්දී, ඇය අමාරුවෙන් හුස්ම පහලට හෙලා ගත්තාය. එදයින් පසු ඔහු නිහඩව ඉද්දී ඉමල්කා හිතුනේ අරවින්ද එය අමතක කර ඇතැයි කියාය. නමුත් දැන් ඇයට වැටහී ඇත  . මෙය නිවාඩු දිමේ ගැටළුවක් නොවේය .වාඩු පිරිමැසීමකී. සැළකුමට සැළකුමකී.

   වෙනත් රැකියාවක් ලැබෙන තුරු ඇයට මේ රැකියාව අහිමි කර ගත නොහැකිය. තවත් රැකියාවක් ලැබුණත් ය මිටත් වඩා නරක විය හැකි ය. තවත් කිසිත් කතා කිරීමට නොසිතු ඇය.. මුහුණේ රූරා වැටෙමින් තිබූ කුදළු බිදු පිටඅත්ලෙන් පිසගෙන නැවතත් මහන යන්ත්‍රය  ඉදිරිපිට වාඩී වුවාය.


....සමාප්තයි....

සිතුවිලි ගැළපුම සදූ...

අද සමාජයේ සිදුවන මෙවැනි ක්‍රියා කෙටි කතාවක් ඇසුරින් සාර්ථකව ඉදිරිපත් කර තියෙනවා.. හරිම සංවේදී කතාවක්..ස්තූතියි නංගි 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
21 Apr 2017 09:11 PM
  •  Quote
  •  Reply
සදුනි නංගී කාලෙකින් කෙටි කතාවක් දැම්මෙත් නෑ නේද?
දාමද අලුත් කතාවක්...
0
Add Reply
Page 3 of 3 << < 123


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below