You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 Feb 2017 05:51 PM by  Udeshika Herath
අහිමි වස්සානය.
 59 Replies
Sort:
Page 1 of 3123 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 02:56 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 02:56 PM
  •  Quote
  •  Reply

දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
25 Nov 2016 07:19 PM
  •  Quote
  •  Reply
ඔන්න එහෙනම් එක් වුනා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 10:36 PM
  •  Quote
  •  Reply

අහිමි වස්සානය..

01. වන කොටස.


*චූටී පුතා.... චූටී පුතා..... අැහැරපන් අද උබ ඉස්කෝලේ යන්නේ නැද්ද?*

මම තවත් බෙඩ් සීට් ඒකට ගුලි වුනේ අම්මා කාමරයේ දොර ළගට අැවිත් මට අැහැරන්න 

කතා කරද්දී.

*චූටී පුතා නැගිටිනවා.. පුදුම කම්මැලියෙක් තමා. හැමදාම ඉස්කොලේ යන්නේ පරක්කු වෙලා
 .ඉස්කොලේන් බනින් නැද්ද ළමයෝ.*

      අම්මා මගේ ළට අැවිත් මම පොරවගෙන හිටිය බෙඩ් සීට් ඒක අැදලා ගත්තා. මම ඒ පාර 
අැදන් හිටි සරම ඔලුවෙ ඉදන් පොරව ගෙන අායෙත් ගුලි වුනා.

*අනේ අම්මේ නිදා ගන්න දෙන්නකෝ*

*වෙදට හතට වත් අැහැරැනවා අද හතත් පහුවෙලා නැගිටිනවා ඒක පාරක් කිව්වම . අද හොරට
 ගෙදර ඉන්න නේද හදන්නේ.*

*මොන කරදරයක්ද මට නිදා ගන්න දෙන්නෑනේ*

    අම්මා ටිකක් තදින් කියද්දි මම අම්මා දිහා බලලා අමාරුවෙන් අැස් දෙක අරින්න උත්සහ
 කලා.

*අම්මේ වතුර කෝප්පයක් ගේන්නද බබාව අැහැරවන්න.*

    මගේ ඒකම සහෝදරිය වු නමින් නිම්මි අයේෂා වු අැය ගේ අැතුලෙන් කතා කරන හඩ මට
 අැහුනා .

*අනේ මන්දා ලොකු දූ මේ ළමය නම් කවදා හැදෙයිද මන්දා. නැගිටලා ලෑස්ති වෙනවා
 හොදටම පරක්කු වෙලා.*

      මම අැග මැලිකඩමින් අැදේ වාඩී වුනේ අක්කා මෙතනට අාවොත් මාව අැදේම නාවයි 
කියලා. මට වඩා අවුරුදු හතකින් වැඩිමහල් වුන අැය පාසල් අධ්‍යාපනය නිමා කරලා අම්මාට
 ගෙදර වැඩ වලට උදව් වෙමින් නිවසට වී සිටියා.
මගේ කාමරයෙන් කම්මැලියෙක් වගේ ඒළියට ආපු මම අැස් ලොකු කරලා ඔරලෝසුව දිහා
 බැලුවේ තවමත් නිදි මත අැස් දෙකේ තිබුන නිසා. 

*අනේ අම්මෝ හතත් පහු වෙලා . අද මං ඉවරයි.*

මම මටම කියා ගනිමින් පස්ස කැඩිච්ච කඩියා වගේ ටැප් ඒක ළගට දුවන් ගිහින් ටක් ගාලා දත්
 ටික මදින්න පටන් ගත්තා. කුස්සියේ දොර ළගට අාපි අක්කා දොර උළු අස්සට හේත්තු වුනේ 
හිනා වෙමින්.

*ඔය වයින් වෙලා තියෙන්නේ දං අැටේ.*

*යනවා යන්න තාරාවා.*

*ඔව් ඉතිං තාත්තා අැදුම මැදලා , සපත්තු පොලිස් කරලා තියන නිසා. මෙයා හොදට පරක්කු 
වෙලා අැහැරලා මහත්තයා වගේ යනවා.*

*අැයි මොකො*

*නෑ කිසි අවුලක් නෑ. තාත්තගේ අලි බබා.*

*මමනේ පොඩි ඒකා ගෙදර.*

මම මුණ හොදගෙන, මුහුණේ තිබුන වතුර බිදු ටික අැගිලි තුඩුවලට අරන් අක්කගේ මූනට 
ඉහගෙන දොර ලග හිටිය අක්කවත් තල්ලුකරගෙන ගේ අැතුලට ගියා.

*බලන්නකෝ අම්මේ මේ කොල්ලට තියෙන විසයක්. ශෙක්*

    මගෙ අැගේ හැප්පිලා වැටෙන්න ගිය අක්කා උළුවහු කනුවේ ඒල්ලී බෙරෙන ගමන් කිව්වා.

*චූටී පුතා මේ තේ ඒක බීලා යනවා.*

*මට ඒපා. මට ඒපා බොන්න බැහැ දැන්*

මම තාත්තා මැදලා තිබුන අැදුම් ටික අැදගත්තේ හරිම හදිස්සියෙන්. සපත්තු දෙකත් දාගෙන 
කණ්ණාඩිය ඉස්සරහට ගිහින කොන්ඩේ පොඩ්ඩක් අතින් හැදුවා.මම අච්චු පොත් ගෙනියන්න 
හරිම කම්මැලී , ලියන පොත් කීපයත් අතට අරන් පැන් ටික කලිසම් සාක්කුවට දාගෙන මම 
කාමරෙන් ඒලියට අාවේ, හතයී තිහ බස් ඒක අල්ල ගන්න ඔනේ නිසා. ඉක්මනට කුස්සියට
 ගියේ අම්මාට වැදලා අාශිර්වාද ගන්න. මොන තරම් පමා වෙලා තිබුනත් මම අම්මගෙ දෙපා 
නැමදලා මිස ගෙදරින් පිට වුනේ නැහැ.

*කෝ මේ තේ ටික බිලා යන්න චූටි පුතා.*

     අම්මගෙන් බේරෙන්නම බැරි නිසා මම තේ ඒක උගුරට දෙකට බීලා දැම්මා. කෝප්පය ළග
 මේසේ උඩින් තියලා .මම අම්මට බාගෙට නැමිලා වැන්දේ සුදු කලිසමේ කුණු ගෑවෙයි කියලා. 
ඒත් ඉස්කෝලෙදී කොල්ලෝ ඒකක වලි දාගෙන කාර්යාලය ඉස්සරහා දණගහන් ඉද්දී කුණු
 ගෑවෙන බව මට අමතක කරන්න වෙනවා. අම්මා දුන්න මාරු සල්ලි ටිකත් සාක්කුවෙ දාගෙන
 මම ගෙරින් ඒළියට බැස්සා.

*මම යනෝ ..*

*පරිස්සමින් යන්න දං අැටයා*

*යනවා යන්න තාරාවා.*

       මම පාරට යනකොටම වගේ බස් ඒක අාවා. දුවලා ගිහින් බස් ඒකේ ඒල්ලුනා. ඉස්කෝලේ
 පටන් ගන්නෙත් හතහමාරට, මම ගෙදරින් යන්නෙත් ඒ වෙලාවට හැමදාම මම යනකොට පන්සිල් 
අරගෙනත් ඉවරයි. ගේට්ටුවත් වහාලා. හුගක් දාට පළවෙනි පීරියඩ් ඒකට උගන් වන්න ටීචර්ලත් 
පංතියට අැවිත් ඉවරයි. ඒක නිසා මම හැම දාම හොරා වගේ තාප්පෙන් පැන්නා. හැමදාම වගේ 
තාප්පෙන් පැනලා අහු වෙලා අවවාද කලත් මවා නවත්තන්න ටීචර්ලට, සර්ලට බැරි වුනා.

     මට පරක්කු වෙලා එන්න හේතුවක් තිබුනා. හැමදාම උදේට ස්කෝලේ ව්‍යායාම කරනවා .මම ඒක 
මගාරින්න පරක්කු වෙලා අැවිත් තාප්පෙන් පයින්නේ. මට ලැජ්ජයි පොඩි පංතිවල ළමයි ඉස්සරහා
 ව්‍යායාම කරන්න පොඩි උන් මට කිව්වේ සර් කියලා. මම තවම ඒකොළහ වසරේ වුනාට , 
හවසට මම ඒක වසර, දෙක වසර ළමයින්ට අමතර පංති කලා. ඒ ළමයි අාන් අපේ සර් අයියා 
යනෝ කියලා කෑ ගහද්දි මම කොහොද ඒ අය ඉස්සරහා ව්‍යායාම කරන්නේ.

      වෙනදා වගේම මම ඉස්කොලේ ලගින් බහිද්දී හොදටම පරක්කු වෙලා, මම ගියා තාප්පෙන් 
පනින්න. පොත් ටික තාප්පය උඩින් තියලා මම තාප්පෙට නැගලා පොත් ටිකත් අරන් පොඩි අයගේ
 ටොයිලට් ඒකේ වහලය දිගේ අාවා. අැවි පාත තැනකින් බිමට පනිද්දිම, විනය කමුටුවේ ටීචර්ලා, 
සර්ලා සේරම ඒතන. අනේ අම්මෝ මං ඉවරයි. මා කෙලින්ම විදුල්පති තුමා ලගට අරන් ගියා.
 හැමදාම පනිනවා අද පනින්න විදිහක් නෑ, අතටම අහු වුනානේ . මම දැන් අහිංසකයා වගේ 
බිම බලාන ඉන්නවා විදුහලපති තුමා ඉස්සරහා.

*මට ඔය ළමයා ගැන හැමදාම පැමිණිලි ලැබෙනවා. හැසිරීම නම බොහාෙම සව්ත්තුයි. ලොකු ළමයි
 ඔහොම හැසිරෙද්දි පොඩි ළමයිනගේ විනේ හදන්නේ කොහොමද?*

* සර් මගුලක් කතා කරනවා. මම මේ පොඩි වුනගෙන් බෙරන්නේ කොහොමද බලනවා.* මම මටම
 කියා ගත්තා.

*සර් මේ ළමයා හැමදාම ඔය වැඩේ කරන්වා මොන තරම් දඩුවම් කරත් වැඩක් නෑ. කී දවසක් නම 
දැන් ඉස්සකොල වත්ත සුද්ද කරලා අැතිද?.*

*ඒක අැත්ත සර් කවදාවත් හදන්න බෑ මේ ළමයා බැන්නට කනකට වත් ගන්නේ නෑ*

    හැමෝම මං ගැන කේළම් කියනවා. අැත්තටම ඒවා කේලම් නෙමේ මගේ අැත්ත තත්ත්වය. 
දැන් ඉතිං වෙන්නේ මොකද කියලා බලන් ඉන්නයි තියෙන්නේ.


* ඒහෙමද ඔය ළමයට අද පංති තහනම් . තේරුනාද?*

* අනේ ලොකු සර් හෙට ඉදන් වෙලාවට ඒන්නම්*

* නෑ . නෑ. ඔය ළමයා හෙට අම්මා ඒක්කන් ඒන්න ඔනේ. තේරැනාද?*

*හොදයි සර්* 

*අම්මා ඒක්ක ඒනකන් පොත් ටික මෙහෙ තිබුන දෙන්. අම්මා අාවම අම්මටම පොත් ටික

 දෙන්නම්*

මම කාරයාලයෙන් ඒළයට අාවේ හිතින් බැන බැන. මම අපේ පංතිය ළගින් යද්දි. පසිදු මං 

දැකලා දුවන් අාවා.


* ඒ මචං මොකද වුනේ*

*බලපං පිනා පංති තහනම් කලානේ*

*නෑ*

*නෑ නෙමයි බං ඔව්*

*හැමදාම ඔහොමයිනේ මතකද දවසක් අපි හයදෙනා ඒකම විදිහට කොන්ඩේ කපලා සතියක්ම 

පංති තහනම් කලා*

*අම්මා ඒක්කං ඒන්න කිව්වා බං*

* මගුලයි... දැං උබ යන්නද යන්නේ*



හමුවෙන්නයි පැතුම.

දිනයක වැටහේවී...........
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 10:53 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Nov 2016 10:55 PM
  •  Quote
  •  Reply
Mamanan kiyawanne naha. Me kawuda iyanakan
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 11:03 PM
  •  Quote
  •  Reply

අහිමි වස්සානය.......

02. වන කොටස.

* ඔව් පොත් ටික ගත්තනේ . ශෙක්*

*ඔහොම ඉදහන් නිම්සරයා මාත් ඒනවා*

*උබ ඉදහන් . උබටත් කේස් වැටෙයි*

*පිස්සුද දිගා මම ඒනවා . උබ අපායට ගියෙත් මාත් ඒතන තමා. ඔබ දන්නවනේ මගේ හැටි.*

     පසිදු කියන්නේ මගේ අතිජාත මිත්‍රයා මගේ සියලුම ජල්තර වැඩවල කොනක හරි උෟත් අනිවාරෙන් හිටියා. පංතියෙ යාලුවෝ සෙට් ඒක මට දිගා කිව්වේ මම සෑහෙන්න උස නිසා.  පසිදුවා පොත් බෑග් ඒකත් හන්ගගෙන මම ඉන්න තැනට අාවා. අාපු විදියටම දෙන්නා ඒක්ක තාප්පෙන් පැනලා ඉස්කෝලෙන් ඒළියට අාවා. ඉතිං සර් කොහෙද මාව හදන්නේ ජම්මෙට වඩා ලොකුයි කියනවනේ පුරුද්ද. ගෙදර ගියෙත් අම්මලෙන් ප්‍රශ්න කොටියයී. ඉස්කොලේ ඇරෙන වෙලාවටම ගෙදර යනවා කියලා , පසිදුලගේ ගෙවල් පැත්තට ගියා.

*මේ දිගා උබ දැන් හෙට අම්මව ඒක්කන් ඒනවද?*

*ඒක්ක ඒන්න වෙනවා පසිදුවා . පොත් ටික ගන්න විදියක් නෑනේ.*

*දැන් උබ අම්මට අැත්තම කියනවද?*

*පිස්සුද බං. වෙන මොකක් හරි කියනවා.*

       ඉස්සකෝලේ අැරෙනකන්ම පසිදුලාගේ ගෙදරට වෙලා හිටිය මම පයින්ම ගෙදර ගියා. හොද වෙලාවට මම යනකොට කවුරුත්ම පේන හරියක හිටියේ නෑ. මම හොරා වගේ සද්ද නැතුව කාමරයට රිංගලා අැදුම මාරු කර ගත්තා. සුදු අැදුමත් ඉස්සරහා පුටුක් උඩට දාපු මම කුස්සියට ගියා.

*අම්මේ මොනවද කන්න තියෙන්නේ.*

*කොයි වෙලේද චූටි පුතා අාවේ මම දැක්කේ වත් නෑනේ ඒනවා.*

*මම දැන් අාවනේ ඉතින්.*

        මම කුස්සියට වෙලාම අම්මා බෙදලා දුන් කෑම ඒක කන්න වුනා. දැන් ඉතිං අම්මව හෙට ඉස්කෝලෙට ඒක්ක යන්නත් ඔනෙනේ. නැත්තම් ඉස්කොලේ යන්න වෙන්නෑනේ . නොගියොත් සෙව්මී අක්කාව බලන්න වෙන්නේ නැහැ. කෝම ඉන්නද මම ගෙදර. අදත් කරන්නම දෙයක් නැති කමට අාවේ.

*චූටී පුතා මොකද බත් ඒක අත ගාන්නේ . මම කවන්නද?*

*හා මම අම්මගේ  පොඩි ඒකානේ.*

    පොඩි ඒකාගේ වැඩ දන්නවා නම් අම්මා බත් කැවීම කෙසේ වෙතත් හොදට කෝට්ටක් අරගෙන ගුටි දෙයි. දැන් ඉතිං අම්මා කියන්න ඒපෑ ඒහෙට ඉස්කොලෙට ඒන්න කියලා.

*අම්මේ...*

*අැයි චූටි පුතා.*

*අපේ පංති භාර සර් කිව්වා  අම්මාට හෙට ස්කෝලෙට ඒන්න කියලා.*

*අැයි චූටි පුතා. ඕනේ නැත් වැඩක් වත් කලාද?.*

*අම්මාගේ චූටි පුතා කවද්ද නරක වැඩ කරන්නේ. ඔය කොල්ලෙක් ඒකක ගහ ගත්තොත් මිසක්.*

*හේතුව කියමුකෝ නැත්තම් මම ඉස්කොලෙට ඒන්නේ නෑ.*

*අනේ අම්මේ. පොඩ්ඩක් අැවිත් බලන්නකෝ. නැත්තම් ඔන්න මම අායි ස්කොලේ යන්නේ නැහැ.*

   ඒහෙම කිව්වට මම කොහොම ඉස්කොලේ නොයා ඉන්නද. සෙව්මී අක්කා. කොහොම හරි අම්මා කැමති කර ගන්න ඔනේ.

*අනේ අම්මේ ඒනවා නේද?*

* හා හා යමුකෝ බලන්න පුතන්ඩියගේ වැඩ.*

      කෑම කලා ඉවර වෙලා මම මිදුල දිහාවට ගියා. මිදුලේ කොණක ජම්බු ගහක් තිබුනා . මම ඒ ගහ යට හදලා තිබුන ලැලී බංකුවේ ඉදගෙන අද සෙව්මී අක්කා මම හෙව්වද දන්නේ නෑ කියලා කල්පනා කලා.

    සෙව්මී අක්කා..... සෙව්මී අක්කා...... සෙව්මී අක්කා මගේ මුළු හිත පුරාම සැරි සැරුවේ සෙව්මී අක්කා තමා.

* අා දං අැටේ මොකද බර කල්පනාවක.*

*නැහැ නැහැ ඒහෙම විශේෂයක් නෑ.*

*මූනෙන් නම් පෙන්නේ විශේෂයි කියලා.*

* අනේ යනවා යන්න තාරාවා.*

      මම අක්කව මගෑරලා ගෙට රිංග ගත්තා. දැන් ඉතිං ටීවී ඒකවත් බලමු දවස ගෙවෙන්නෙම නෑ. ශෙක් යන්න හිතෙනවා සෙව්මී අක්කා බලන්න. අද ක්ලාස්ද කියලා වත් අහයන්න බැරි වුනානේ. මම ටීවී ඒක දිහා බලාගෙන හීන බැලුවා කිව්වොත් හරියටම හරි. අමාරුවෙන් දවස ගෙවිලා ගියා. පහුවෙනිදා උදේ කාගේ වත් උදව්වක් නැතුව මම පාන්දරම අැහැරුනා. මම කුස්සියට ගියේ අැස් දෙක පොඩි කරමින්. දවසක්ම ගෙව්නා සෙව්මී අක්කව නොදැක. මගේ නිදි මතට වඩා ඒයාව දකින ඒක ලොකුයි.

*මෙන්න දං අැටේ උදෙන්ම අැහැරලා. අද නම් හොදටම වහිනවා.*

       ලිප ළග මාලුවක් හැදි ගාමින් සිටි අක්කා මට පාන්දරම විහිලු කරන්න ගත්තා. තාත්තාට නම් පුදුමයි මම ජීවිතේට කලින් අැහැරෙන මනුස්සයෙක් නෙමේ හින්දා.

*චූටී පුතා මොකද කලින්ම අැහැරගෙන. *

*අද ඉක්මනට ඉස්කෝලේ යන්න ඔනේ තාත්තේ. අද අම්මත් ඒනවනේ ඉස්කෝලෙට. පරක්කු වෙලා යන ඒක හරි නැහැනේ.*

      මම නිදහසට කරුනු කිව්වා. මම නම් අැහැරියේ අම්මා එන නිසා නෙමෙයි. සෙව්මී අක්කව බලන්න යන්න.

*අැයි චූටී පුතා අම්මාට ඉස්කෝලෙට ඒන්න කිව්වේ.  කවුරු හරි ඒක්ක වලියක් වත් දා ගත්තද?*

*නැහැ නැහැ තාත්තේ. මගේ ඉගනීම ගැන මොනවා හරි කියන්න වෙන්න අැති. මම ඉතිං වලි දා ගත්තාට ඒවා ලොකු සර් ළගට යන්නේ අහම්බෙන්නේ.*

     තාත්තටත් මම කියපු කතාවට හිනා ගියා. නිතරම මමයි මගේ යාලුවෝ සෙට් ඒකේ තවුරු හරි ඒක්ක වලියක් දා ගත්තා කියලා ගෙරට පනිවිඩ අාවා. කොල්ලෙක් වුනාම වලියක් දා ගත්තේ නැත්තම් කිසි ගතියක් නෑ. පොඩි වචනයටත් ගේමම තමා ඉල්ලන්නේ. ඒක නිසා රංඩු වලින් නම් අඩුවක් තිබුනේ නෑ.

     දැන් අද ඉස්කෝලේට ගියාම අපේ ලෝකු සර්කාරය අම්මට මොනවා කියයිද දන්නේ නැහැ. රෑට අම්මා මට හොදට දෙස්ස කපයි. මොනවා කරන්නද. ඒ අද රෑටනේ. ඉස්සරලා හැමදාම ඉස්කෝලේ යන්න විදියක් හදා ගන්න ඔනේ.

      මම ඉක්මනින් සුදානම් වෙලා  හයයි හතලිස් පහ වෙද්දි ගෙදරන් පිට වෙන්න අම්මට වදින්න අාවා. ඒ වෙනකොට තාත්තා වැඩට ගිහින්තිබුනා. තාත්තා වැඩ කලේ හොටල් ඒකක. ගෙදර තරමක අාර්ථික ප්‍රශ්නත් නොතිබුනාම නෙමෙයි. ඉස්සර නම් අපිට හොදට අාදායම් තිබුනා තාත්තා රට වුන්න කාලේ.  අපිට ගල් මොළවල් දෙකකුත් තිබුනා. කාලයක් යද්දී තාත්තා ඒවා සේරම විකුණලා දැම්මා. දැන්නම් ඉතින් තාත්තාගේ මාසේ පඩිය විතරයි. අම්මා ඒක බොහොම අරපරස්සමට පාව්ච්චී කලා.

*මොකද ළමයෝ අද මේ හැටි උදෙන් බස් ඒකේ නෙමේද යන්නේ.*

*නැහැ නැහැ අම්මේ  අප පසිදුවත් ඒක්ක පයින් යන්න හදන්නේ.*

     මම අම්මට වැදලා නැගිටින ගමන් කිව්වා.

*අම්මේ දං අැටේ ගේ මොකක් හරි වෙනසක් තියෙනවා නේද.*

*මොන වෙනසක්ද තාරාවා.*

ඊ ළග කොටසින් හමු වෙමු........

දිනයක වැටහේවී...........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 Nov 2016 12:08 AM
  •  Quote
  •  Reply
සත්‍ය සිදුවීම සඳුනිගේ අත්දැකීමක්ද? බොහොම හොඳයි මේ කථාව.. දිගටම ලියන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Nov 2016 04:56 AM
  •  Quote
  •  Reply
එහෙනං අනං මනං දාන්නෙ නැතුව කෙලින්ම කථාව දාන්න එපැයි. අපි දන්නෙ අදුනන්නෙ නැත්තං වැඩක්ම නැහැ අපිට
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Nov 2016 05:00 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 26 Nov 2016 12:08 AM
සත්‍ය සිදුවීම සඳුනිගේ අත්දැකීමක්ද? බොහොම හොඳයි මේ කථාව.. දිගටම ලියන්න.

මේ කතාවේ කතානායකයා පිරිමි ළමෙක් මගේ අත්දැකීම වෙන්නේ කොහොමද?

මම කොල්ලෙක්ගේ චරිතය රග පාන්න යන්නේ

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Nov 2016 05:23 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Nov 2016 05:43 AM
  •  Quote
  •  Reply

අහිමි වස්සානය..

03. වන කොටස.


* හරී අපි බලමුකෝ.*

*මම යනවා අම්මා. ස්කොලෙට ඒනවා නේද උදෙන්ම .*

*හරි හරි මම ඒන්නම්කෝ. පරිස්සමින් යන්න චූටී පුතා.*

*මම යනවා තාරාවා.*

          මම ගෙදරින් ඒළියට අැවිත් ප්‍රධාන පාරට අාවා. සෙව්මී අක්කා ඒන්නේ මේ පාරෙන් ඒයා ඒනකන් මෙතනට වෙලා ඉන්නවා . මම මග බළාගෙන හිටියා.  ඒතරම වෙලා බලන් නොහිටයත් පැය ගානක් තිස්සේ මග බලන් ඉන්නවා වගේ මට දැනුනේ. මට මගහැරුනාවත්ද කියලා මට හිතුනා. මම වෙනදට කවදාවත් පයින් යන්නේ නෑ. ඊයේ දවසත් සෙව්මී අක්කාව නොදැක අමාරුවෙන් ගෙවා ගත්ත නිසා, මට ඒයාව උදෙන්ම දැක ගන්න ඔනේ වුනා.

        සෙව්මී අක්කා අෑතින් ඒනවා මම අහම්බෙන් වගේ දැක්කා. මගේ හිත සතුටින් පිරිලා ගියා. සෙව්මී අක්කා ළගට ඒනකන්ම මම අැහිපිය නෙගහා ඒයා දිහාම බලන් හියේ හීනයෙන් වගේ. ලස්සන හිනාවක් මවාගෙන සෙව්මී අක්කා මගේ ළගට අාවා. සෙව්මී අක්කත් ඒකක්  තව පොඩි නංගි කෙනෙතුත් හිටියා.

*ගුඩ් මොර්නිං නිම්සර මල්ලියා.*

*ගුඩ් මොර්නිං අක්කේ.*

*මොකද අද පයින්. මම දැකලා නෑහැනේ ඔයා කවදාවත් පයින් යනවා.*

*නිකමට වගේ ඒනන් හිතුනා*

    අැත්තට මම අාවේ සෙව්මී අක්කා බලන්නමයි. මට ඒක කියන්න බෑ. මොකද මගේ හිතේ තියෙන දේ සෙව්මී අක්කා ඒක්ක කියන්න බයයි. ඒයා මට වඩා අවුරුද්දක් වැඩිමාල් නිසා ඒයාගේ යාලුවො මට නොයක් දේවල් කිව්වා. ඒක නිසා සෙව්මී අක්කා ගැන මොන තරම් හිතුවත් ඒ බව කියන්න මම උත්සහ කලේ නෑ. සෙව්මී අක්කා මොන දේ වුනත් මගෙත් ඒක්ක කතා කරන ඒක වත්, යාළුකමවත් අත් අැරියේ නැහැ.

*ඊයේ ඉස්කොලේ අාවේ නැත්තේ අැයි නිම්සර මල්ලී.*

*සෙව්මී අක්කා මාව හෙව්වද?*

      මගේ හිතට අාවේ පුදුම සතුටක්. ඒ කියන්නේ සෙව්මී අක්කටත් මගේ අඩුව දැනිලා.

*ඔව් ඔයාගේ නිසදැස් පොත දෙන්න ඔයා හෙව්වා.*

*හ්ම් ඒහෙමද?

       මගෙයි සෙව්මී අක්කයි අතර යාලුකම අැති වෙලා දැන් මාස තුනක් විතර අැති. මට අද වගේ ඒ දවස.දවසක් ක්‍රීඩා උත්තසයට වොලිබොල් පැක්ටික්ස්  කරද්දී බෝලේ වැදිලා අැගිලක් උළුක් වුනා. සෙව්මි අක්කත් අපේ නිවාසේ නිසා මගේ අතේ බාම් ගාන්න ආවේ එයා. ඒතරම් ලොකු යාළුකමක් නොතිබුන අපි දෙදෙනා අතර යාළු කම වැඩිදිවුනු වුනේ ඒදා. සෙව්මී අක්කා මගේ අැගිල්ලේ උළුක්කුව අැදලා බාම් ගාන ගමන් මගෙන් විස්තර අැහුවා. ඒදා ගෙදර අාපු වෙලාවේ ඉදලම මට මතක් වුනේ සෙව්මී අක්කාව. මගේ හිතට අාවෙම සෙව්මී අක්කාගේ අහිංසක හිනාව විතරයි.

   

     දවසින් දවස ගෙවිලා යද්දී මට සෙව්මී අක්කාව නොදැක ඉන්න බැරි වුනා. මම නිතරම ඒයා ඒක්ක කතා කරන්න අවස්තාව හදා ගත්තා. මට පිලිගන්න වුනා මම සෙව්මී අක්කාට අාදරේ කරන බව. සෙව්මී අක්කා මට වඩා වැඩිමාල් බව මට කිසිම ගැටළුක් වුනේ නැහැ. මගේ හිත හිතන්නේම සෙව්මී අක්කත් මං ගැන හිතනවා. සෙව්මී අක්කගේ යාළුවන්ට තේරිලා තිබුණා මම සෙව්මී අක්කා ගැන හිතන බව . මම මල්ලී කෙනෙක් නිසා ඒයාලා  මගේ මූණටම දොස් කිව්වා.  ඒත් මං සෙව්මී අක්කාගෙන් අෑත් වුනේ නැහැ. ඒයා මට ඒයාගේ ජීවිතේ හැමදේම කිව්වා. සෙව්මී අක්කගේ තාත්තා ජීවතුන් අතර හිටියේ නැහැ. දේශපාලන අාරවුලක් නිසා පාතාලකල්ලියක් සෙව්මී අක්කාගේ තාත්තාව මරළා දාලා තිබුනා. ඒයා නිතරම තාත්තා මතක් කර කර මාත් ඒක්ක දුක කිව්වා. සෙව්මී අක්කා ඒයාට බෝයි ප්‍රෙර්න්ඩ් කෙනෙක් හිටිය බවත් මට කිව්වා.  ඒ සම්බන්ධය නතර වුන විදියත් ඒයා මාත් ඒක්ක කිව්වා.දැන් අම්මයි අක්කලා දෙන්නයි එක්ක අමාරුවෙන් ජීවිත වෙන බවත් මට කිව්වා.

      ටික දවසක් යද්දී සෙව්මී අක්කාගේ යාළුවෝ කියන දේවල් නිසා  මම සෙව්මී  අක්කා දකින්න ඒයාගේ පංති පැත්තට යන ඒක නැවැත්තුවා.ඒකයි මම මම ලියන නිසදැස් පොත සෙව්මී අක්කට දෙන්න ගත්තා. මම දවසින් දවස ඒයාගේ හිතට දැනෙන්න නිසදැස් ලිව්වා. ඒත් මම ඒයාට අාදරේ බව කිව්වේ නෑ. ඒයත් මට ඒහෙම කිව්වේ නෑ. මම නිසදැස් පොතේ ඒයාට පණිවිඩ ලියන්න පටන් ගත්තා. මම ඒ හැම ඒකකම වගේ ලිව්වේ. * සෙව්මී අක්කේ ඔයාගේ යාලුවෝ කියන ඒවා ගනන් ගන්න ඒපා මගේ හිතේ ඒහෙම අදහසක් නැහැ* කියලා.

     ඒත් හැමදාමත් මම ඒයා දිහා බලාගෙන හිතින්  අාදරය කලා. ඒයා පංති අැරෙන වෙලාවට ටවුන් ඒකට ගියේ බොරු හේතු හදාගෙන. ඒ දේවල් සෙව්මී අක්කාට නොතේරුනාද කියන්න මම දන්නේ නැහැ.  ඒයා මට අාදරේ කරත් නැතත් මම ඒයාට අාදරේ කලා.

*ඊයේ ඉස්කෝලේ අාවේ නැත්තේ අැයි කියන්නකෝ නිම්සර මල්ලී.*

*මම ඉස්කෝලේ අාවා  සෙව්මී අක්කේ. තාප්පෙන් පනිද්දී විනය කමිටුවෙන් අැල්ලුවනේ.*

      මම සෙව්මි අක්කා ඒක්ක වුන සිද්දිය කිව්වා. ඒයාට ඒක අහලා හොදටම හිනා.  මම ඒ අහිංසක හිනාව දිහා බලාන හිටියේ හරිම සතුටින්.

*හොද වැඩේ . මමත් දැන් ඔයාට කීපරක් කියලා තියෙද ඔය තාප්පෙන් පයින ඒක නවත්තලා කලින් ඒන්න කියලා.*

*ඒතකොට කිසි ගතියක් නෑනේ අප්පා. මම එහෙනම් අක්කා ඒක්ක පයින් ඒන්න ඒන්නද හැමදාම.*

*මට මොකද මම පාර බදු අරන් නැහැ‍නේ

      මම කොහොමත් හැමදාම පයින් සෙව්මී අක්කා ඒක්ක ස්කෝලේ යන්න කලින්ම තීරණය කරන් හිටියේ. ඒයාගේ හිතේ තියෙන දේ අහගන්න ඔනේ නිසා වචනයක් දාලා බැලුවේ. ඒ කියන්නේ කෙල්ලගෙත් අකමැත්තක් නෑ. මගේ හිතට අාවේ කියා ගන්න බැරි සතුටක්. කතාවෙන් කතාව අපි ඉස්කෝලේ ළගටම අැවිත් තිබුනා.

*සෙව්මී අක්කේ ඔයා යන්න ඒහෙනම්.. මම පසිදුවත් ඒක්කම ඒන්නම්.*

* අද අම්මත් ඒනවා කිව්වා නේද යමු යමු .*

*සෙව්මී අක්කා යන්න මම ඒන්නම්. අාවා කියලා මට සෙව්මී අක්කලාගේ පංතිය පැත්තටවත් ඒන්න බැහැනේ.. ඔයාගේ යාලුවෝ නිසා.*

       ඒ කාවට පොඩි හිනාවකුත් ඒක්ක මගේ දිහා බලපු සෙව්මී අක්කා නිසදැස් පොත මගේ අතට දීලා ස්කෝලේ පැත්තට ගියා. මම නිකමට වගේ නිසදැස් පොත දිගෑරලා බැලුවා. පිටුවේ කෙලවරට වෙන්න නිල් පෑනින් ලියවුන රවුම් අකුරු පේලී කිහිපය දැක්කම මට කියවනකන් ඉවසුමක් නැතුව ගියා.

හිරු කුමරුනේ...
හිමිදිරයේ සුපිපෙන්නට
පෙති විදා...
පෙර මග බැලු 
මල් කැකුළිගේ
දෙනෙත් රිදවා
සැගවුණිද ළහිරු රැස්
අහස් කුස
කළු වළාවන් මවාලා...

       ඒ වදන් පෙළ සිත පත්ලටම වැදුනා. මට හොදටම විශ්වාසයි කියාගන්නට බැරිව ළතවුනත් ඒයත් මට අාදරෙයි.

*දිගා. මචං මොර්නිං අෑ. මොකද බං අද උදේම. පාඩම් කරනවා වගේ.*

*ගුඩ් මොර්නිං පසිදුවා. මේක පාඩම් කරන්න වටිනවා බං.*

*මොකද්ද බං දීපං බලන්න.*

        මගෙන් පොත උදුර ගත් පසිදුවා නිසදැස කිවන්න ගත්තා.

*පට්ටනේ දිගා. කෙල්ලත් උබට ලව් වගේ අෑ . දිගාටත් හරි යන්න ඒන්නේ ඒහෙනම්.*

*අනේ මංදා ඉතිං බලමු බලමු.*

       අපි දෙන්නා අද තාප්පෙන් පනින ඒක හරි නැහැ කියගා ගේට්ටුවෙන් ඉස්කෝලෙට අැතුල් වුනා.   පළවෙනී පීරියඩ් ඒක තිබුනේ අපේ පංති භාර සර්ට. සර් පංතියට ඒද්දී මම මූන හංග ගත්තේ තාම පොත් ටික ගන්න වුනේ නැති නිසා.  පංතිය ඉස්සරහට ගිහින් මගේ දිහා බලපු සර්.

* නිම්සර මොකද අද ස්කෝලේ අාවේ. අම්මා ඒක්කගෙන ඒන්න කිව්වා නේද?*

*අම්මා ඒනවා කිව්වා සර්.*

*පොත් නැතුව පංතියේ ඉදලා වැඩක් නැහැනේ . අම්මා ඒනකන් පංතියේ ඉස්සරහට අැවිත් හිටන් ඉන්නවා . *


යළී හමුවන්නයි පැතුම..

සිතුවිලි ගැලපුම සදූ

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Nov 2016 05:55 AM
  •  Quote
  •  Reply
අහිමි වස්සානය...

 

04. වන කොටස.

 

 

    දැන් ඉතින් වෙන මොනවා කරන්නද? සද්දයක් දාන්න ගියොත් අදත් ගෙදර යන්න තමා 

වෙන්නේ. මම අසුනෙන් නැගිටලා පංතියේ ඉස්සරහට යන්න සැරසුනා.

*සමා වෙන්න සර්. මම පංතියට ඒන්නද?*

       දෙයියෝ ඒව්වා වගේ ඔය අැවිත් ඉන්නේ අම්මා. අම්මාගේ කටහඩ අැහැනෙවත් ඒක්කම

 මම අපහු හැරුණා.

*මේ නිම්සරගේ අම්මා නේද?*



*ඔව් සර්. අපේ පුතා මට කිව්වා. මට ස්කෝලෙට ඒන්න කිව්වා කියලා.*

       ශික්.. විතරක් මෙහෙමත් නොන්ඩියක් නම් මම කවදාවත් කාලා නෑ. මම පසිදුවට මුවා වෙලා

 බලන් හිටියේ අම්මා දැන් සීන් ඒක දැන ගත්තම මාව මෙතනම හම ගහයි කියලා හිතමින්.

*නිම්සර අම්මට කිව්වේ නැද්ද හේතුව*

       දැන් ඉතිං කරබාගෙන ඉන්නවා අැර වෙන මොනවා කරන්නද. මම සද්ද නැතුව බිම බලන්

 වුන්නා. අම්මත් සැකෙන් වගේ මගේ දිහා බලන් ඉන්නවා. අද නම් ගෙදර ගිහින් ඉවරයි. අර තාරාව

 ඒ කිව්වේ අපේ අක්කත් මාව හොදට විහිළුට ගනී . සද්දේ වහන් තමා අද ඉදන් ගෙදර ඉන්න වෙන්නේ.

*නිම්සරලගේ අම්මා දන්නවද නිම්සර ඉස්කෝලෙට අැතුල් වෙන්නේ කොහෙන්ද කියලා.*

*ඒ කිව්වේ සර්*

*අන්න අතන තාප්පෙන්.*

*මොනවා අැත්තද ළමයෝ මේ කියන්නේ*

     මම ඉතිං තව මොනවා කියන්නද සර් ඔය සේරම කිව්වේ කියලා කියන්නත් හදලා මම 

සද්ද නැතුව හිටියා.



*නිම්සරලගේ අම්මා යමුකෝ ඔපිස් ඒකට. පින්සිපල් සර් මෙයාගේ පොත් ටිකත් අරන් තියෙන්නේ.*

       මගේ දිහා රවලා බලපු අම්මා ඔපිස් ඒක පැත්තට යන්න වුනා. ඒ පසු පස්සෙන්ම වගේ සර්රුත් 

පංතියෙන් පිට වෙලා ඔපිස් ඒක පැත්තට ගියා .දැන් ඉතිං ගින්නට තවත් පිදුරු දායි. මට අායි ගෙදර

 ඉන්න නම් තියන ඒකක් නෑ. සර් පංතියෙන් පිට වුනා කියන්නේ අපේ කට්ටියට රජ මගුල්.

*දිගා ඔබගේ නම් අවසානේ අද.*

*මොනවා කරන්නද බං . මොනවා කරන්නද.. මට ඉස්සකෝලේ නෑවිත් ඉන්නත් බෑනේ.*

*හ්ම් හ්ම්.. අපි දන්වා .පැණි කෑල්ල නොදැක කොහොම ඉන්නද?*

*කටවල් වහගෙන හිටහල්ලකෝ . ඔබලා මාව තවත් අමාරුවක දාන්නද හදන්නේ.*

*අනේ නෑ. උබනේ අර සේ.. සේ... කියන්නද අා*

*කට වහන් හිටපන්කෝ රිද්මයා.*

    අපේ කොල්ලන්ගේ කට වහන ඒක ලේසි නෑ. වචාල කටවල් ටික පංතියම දෙවනක් කලා.

*පසිදු ඒ කියන්නේ අපේ දිගාටත් මල්සරා විදලද?*

*ළග ළග විදිනවා නදියෝ.*

      කොල්ලගේ කෑගැහිල්ල අහන් හිටිය නදියත් කතාවට හොට දැම්මා. දැන් ඉතිං ඉවරයි . කෙනා 

කවුද දැන ගත්තොත් ඉස්කොලෙට ගිනිතියාවි.

*අැයි අැයි නදී . අවුල්ද .. දැන් පරක්කු වැඩී හරිද?. ඔනෙම නම් අපි දිහා පොඩ්ඩක් බලපන්.*

*අනේ පළයන් යන්න කොටා.*

*අපි දිගා වගේ උස නැති හින්දද දැන් පාට් දාන්නේ.*

      ඒපාර නදියයි ගිහානයයි කියව ගන්නවා. මම මේ රත් වෙලා ඉන්නවා ගෙදර යන්නේ කොහොමද 

? සර්ලා අම්මට මොනවා කියයිද කියලා. මුං මෙතන කෙල්ලෝ ජොඩු කරනවා.

        පැය භාගයකට විතර පස්සේ අම්මා පංති කාමරය පැත්තට ඒනවා මම දැක්කා. දැන් මෙතන

 ගුටි කාලා චොර වෙනවට වඩා හොදා කන ගුටියක් ගෙදර ගිහින්ම කනවා.

*පසිදුවා අම්මා ඒනවා. මම මාරු වෙනවා. මොකක් හරි කියලා යවපං අෑ.*



       පසිදුට ඒහෙම කියපු මම පංතියේ කොට බිත්තියෙන් ඒහා පැත්තට පැනලා හැංගුනා. අඩුපඩු දිග

 හිංදා හොදා පට ගාලා මේ වයි පනින්න.

*පුතේ කෝ අපේ කොල්ලා.*

*දැන් මෙතන හිටිලනේ නැන්නදේ.*

*මේ පොත් ටික දෙන්නකෝ අාවම. දැං කට්ටි පැන්නට රෑට ගෙදර ඒන්න වෙනවා කියලා

 කිව්වා කියන්න.*

      වටපිටාව හොදින් බලපු අම්මා පාසලේ ප්‍රධාන ගේට්ටුව පැත්තට පිය මැන්නා.

*ඒ දිගා වරෙන් ඉක්මණට පංතියට . අං සර් කාරයා ඒනවා. *

        රිද්ම මම මුවා වෙලා වුන්න බිත්තිය අයිනට අැවි මගේ හිසට අතින් තට්ටුවක් දාමින් කිව්වා. 

සර් ඒන්න කලින් ඒ බිත්තියෙන්ම පැණලා අපු මම පංතියේ වාඩි වුනා. *මොකට මේ ගොඩනැගිලිවලට

 දොරවල් තිබ්බද මන්දා බං* කියලා කෙල්ලෝ වෙලාවකට මට විහිළු කලේ මම බිත්ති උඩින් පනිනවා

 දැකලා.

       ඊට පස්සේ බලං හිටියේ ඉන්ටවල් ඒක ඒනකන්. පැය ගානකින් මගේ සෙව්මි අක්කාගේ මුණ

 දැක්කේ නෑ. මට දැං නිකං සාංකාව වගේ. මිස් කෙනෙක් පංතියේ උගන්වනවා මගේ හිත කියන්නෙම

 පංතියෙන් ඒළියට පනින්න.

*ඒ.. ඒ.. පසිදුවා.*

*මොකෝ දිගා.*

*මම පොඩ්ඩක් අර පැත්තේ රවුමක් ගහලා ඒන්නම්.*

*තව පොඩ්ඩනේ බං ඉන්ටල් ඒකට ඉදහන්. උබට ඔය තරං ලව් සික්ද?*

*කෑ නොගහා ඉදහං බං. ඔබත් කෙල්ලෙක්ට ලව් කරලා බලහංකෝ.*

*හා හා. ඔබ කියනකං වුන්නේ. මමත් ලව් කරන්නම් . හැබැයි උබ වගේ නොලැබෙන අක්කෙකුට 

නෙමේ.*

*මං යනවා.*

     මිස් කළු ලෑල්ල පැත්තට හැරෙනකන් ඉදලා මම පංතියෙන් ඒළියට පැන්නා. මේන්න මම සෙව්මී 

අක්කලාගේ පංතිය පැත්තට යන්න හැදුවා විතරයි. පසිදුවත් මගේ ළග. මූ නම් මට තනියෙන් 

මැරෙන්න වත් දෙන ඒකක් නෑ. මම තනියම හිතුවා.


       සෙව්මී අක්කා හොදින් පෙනෙන තැනකට ගිය මම අැය දෙස බලා සිටියා. මා සිටින තැන ඒයාට 

පෙන්නේ නැති බව දන්න නිසා ඒක ඒල්ලෙම ඒයා දිහා බලන් හිටියා. සෙව්මී අක්කා මට වඩා අවුරුද්දක්

 වැඩිමහල් අැය සිටියේ දොළහා වසරේ. මම නම් ඉතිං තාම ඒකොළහ වසරෙනේ. සෙව්මී අක්කා දන්නේ 

නෑ මම ඒයා දිහා බලන් ඉන්න බව. ඒයා පාඩමට අවදානය දීගෙන හිටියේ . ඒ අහංසක මුණේ මද 

සිණාවකුත් නැගිලා තිබුනා. ඒතකොටම මගේ කණේ තිබ්බා වගේ ඉන්ටවල් ඒකට බෙල් ඒක වැදුනා. 

සික් අාවා විතරයි මේ බෙල් ඒක ගැහුවනේ.





හමුවෙන්නයි පැතුම.

සිතුවිලි ගැලපුම සඳු

 

දිනයක වැටහේවී...........
1

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
26 Nov 2016 06:10 AM
  •  Quote
  •  Reply
ලස්සන කතාවක් සඳුනි කාගේද ඇත්තටම මේ කතාව
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Nov 2016 06:26 AM
  •  Quote
  •  Reply
කිව්වා නේ කාගේද අහන්න එපා කියලා.
මේ කතාව කතානායකගේ හී
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Nov 2016 09:07 AM
  •  Quote
  •  Reply
මම කියවන්නෙ නැහැනේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Nov 2016 11:10 AM
  •  Quote
  •  Reply

***අහිමි වස්සානය***


05. වන කොටස.


''මොනවද බන් උබ තනියම කියවන්නේ.''

     ඇත්තටම පසිදු මන් ළග බවත් මට අමතකයි. සෙව්මි අක්කගේ පන්තියේ

 මිස් පන්තියෙන්  පිට වෙලා යද්දී ළමයි සේරම නැගිටලා පොත් ටික අකුලා

 ඩේක්ස් එකේ යට කෑල්ලට දැම්මා. මම නිනව්වක් නැතුව සෙව්මී අක්කා 

දිහාම බලන් හිටියා මිසක් වටපිටාවේ මොකද වෙන්නේ කියලා බලන්න

 කල්පනා වුනේ නෑ.

''ඒ දිගා යමන් උබට හෙන ගෙඩියක් පාත වෙන්න එන්නේ. ආන් චුතුමී 

අක්කා ඔබව දැක්කා. ''

      මලකෙලියයි අන්න අරකි යකින්න වගේ මගේ දිහා බලන් ඉන්නවා.

 මගේ සෙව්මී අක්කා නම් තාම මාව දැක්කේ නැහැ. එයාගේ ඒ අහිංසක හිනා 

පොදක් ළග මට මුළු ලෝකෙම අමතක වෙනවා.

''දිගා වරෙන් උබ කෙල්ලන්ගෙන් ගුටි කන්නද බන් හදන්නේ .ආන් අරකි තව

 කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක මෙහෙට එනවා.''

       එතකොට තමා මම දැක්කේ චතුමී අක්කා තව කෙල්ලෝ දෙතුන් දෙනෙක් 

එක්ක මේ පැත්තට එනවා. යකෝ මගේ සෙව්මී අක්කට වත් නැති 

අමාරුවක්නේ මුන්ට තියෙන්නේ. දැන් මෙතනින් ගියොත් සේරම චෝර 

වෙනවා. ඔහේ ඕනේ එකක් කියපුදෙන්. ඕක මට හැමදාම පුරුදු බනෙනේ.

 මම දැන් සෙව්මී අක්කා දිහා බලන එක නවත්තලා කෝප වුන කුළු 

වැස්සියෝ ටික දිහා ඇනූම් කාලා මැරෙන්න බලන් ඉන්නවා.

''අඩෝ දිගා.. ඔබ මෙතනට එන්නද හොරෙන් පැනලා ආවේ.''

''බලහල්ලකෝ පොඩ්ඩක් අර පැත්ත .''

''අඩෝ දිගා අපි මෙතනින් මාරු වෙමු. උවුන්ට අහු වුනොත් අපේ කෑලිවත්

 හොයා ගන්න හම්බෙන්නේ නැහැ.''

''උබලා බය නම් පලයල්ලා.''

     අපේ සෙට් එකේ හය දෙනාම එතනට සෙට් වෙලා මට යන්න අඩගහද්දි 

මම එහෙම කිව්වේ, මගේ මිත්‍රයෝ ටික මාව දාලා යන්නේ නැති බව දන්නා 

නිසා.

''ඔබට ඔය පරිප්පුව කන්න ඕනේ නම් අපිත් ඉතින් කන්නම්. උබ බය වෙන්න

 එපා දිගා. අපි උබව මොන දෙකදී වත් තනි කරන්නේ නෑ.''

       ගිහාන් මගේ මගේ කරවටා අතක් ගෙන කිව්වා.

''නිම්සර මල්ලි මොකද මෙතන''

''ඇයි අක්කිලා. අක්කිලට මෙතනල ලියලා දීලද? එනම් අක්කිලා මෙතන 

ගෙදර අරන් යන්න. අපි යන්නන්කෝ ඇ.''

        මගේ යාළුවො සෙට් එක චතුමි අක්කලා විහිලුවට ගද්දි මම සද්ද නැතුව

 බලන් වුන්නා.

'' දැන් කවුද මෙතන නිම්සර . මම කතා කරන්නේ නිම්සර එක්ක.''

''නිම්සර කියන්නේ අපේ එළකිරි බොක්ක. නිම්සර මොකද අපි මොකද 

අක්කිලාට මොකද වෙන්න ඕනේ කියන්නකෝ.''

''ආ ඒකත එහෙමද. ඔයාලගේ බොක්කට කියන්නකෝ අපේ සේව්ට පැණි

 හලන එක නවත්තන්න කියලා.''

''අප්පෝ කවුද ඔය අක්කිලට පැණි හැලුවේ. ෂෝයි නංගි බබාලා ඉද්දි.''

''ඒක තමා ඔයාලගේ බොක්කටත් ඒක කියලා දුන්නා නම් හොදයි.''

     චතුමී අක්කා හිටියේ හුගක් තරහින් . අපේ එවුන් කියන ඒවාට කාටද ඉතින් 

මල පනින්නේ නැත්තේ.

''මොනවද චතුමී අක්කේ කියන්නේ. මගේ හිතේ එහෙම දෙයක් නෑ. සෙව්මී 

අක්කා මගේ යාලුවෙක් විතරයි.''

      එක පාරටම වැරැද්ද බාර ගන්න ගියොත් සෙව්මී අක්කා මාත් එක්ක කතා

 කරන එකත් ඇත අරිවී  .මම පොඩ්ඩක් චතුමී අක්කව ශේප් කර ගන්න ට්‍රයි

 කළා.

''නිම්සර මල්ලි ඔයාට මන් දැන් කීප දවක්ම කිව්වාද. බොරු වැඩ නොකර 

පාඩුවේ ඉන්නවා. දැන් ඉන්ටවල් දෙන්න කලින් ඉදන් මෙතන ඉදන් බලන් 

හිටියේ නෑ කියලද කියන්නේ.''

     යකෝ මේකිගේ නම් තියෙන්නේ උගුසු ඇස් දෙකද්ද කොහෙද

''කෝ කට. ඒවට උත්තර නෑ නේද?''

''ඒ බන් චතුවා මොකද්ද අවුල.''

''මොකද බන් ඔය පොඩි එකෙක් අල්ලන් කරන්නේ.''

     සෙව්මී අක්කගේ පන්තියේ කොල්ලෝ ටිකත් එතනට එකතු වුණා. අද 

නම් මගේ අවසානේ තමා. මට සෙව්මී අක්කා එක්ක කතා කරන්න අවස්ථාව 

තියෙන වචනෙත් මුන් නැති කරන්න යන්නේ.

''මු පොඩි වුනාට වැඩ ලොකුයි නීරෝ. එකයි අවුල.''

''ඇයි පොඩ්ඩා මොකද කියන්නේ.''

''නිම්සර මල්ලි අපේ සෙව්ගේ පස්සෙන් එනවා.''

''මේ උස කොල්ලද?''

      නීරෝ අයියා මගේ ලගට ඇවිත් අමුතු බැල්මක් දාද්දී අපේ සෙට් එක 

පුල් සයිලන්ට්. එක අතකින් උන් එහෙම ඉන්න එක හොදා. වාචාල කමට 

උන් කියවන්න ගත්තොත් තවත් ප්‍රශ්නේ දුරදිග යනවා. අයියලා කියලා නෑ 

දෙන්න පුළුවන් හොම්බ ෆෑලැට්  වෙන්න එන කේන්තියට. අනුන්ගේ මගුල් 

හොයන්න එනවා. මම මේ තරම් ඉවසන්නේ සෙව්මී අක්කා වෙනුවෙන්.

 වලියක් දාගෙන පන්ති තහනම් වුනාම මටමනේ පාඩු. නීරෝ කියන්නේ

 උසස් වෙලා පන්තියට අලුතින් ආපු උන් අපිට උවුන් මොක්කුද .නිකන් 

කොක්කු වගේ තමා.

''කොල්ලා උබද නිම්සර කියන්නේ.''

''ඔව් අයියේ''

''කෙල්ලෝ පස්සේ ගියාට නම් කමක් නෑ බං. අපේ සෙව් අකමැති නම් උබ 

පරිස්සමින් ඉදහන්.''

''අනේ එහෙම එකක් නෑ අයියේ. සෙව්මී අක්කා මගේ යාලුවෙක් විතරයි.''

''අරි අපි බල.මු උබ මොකාටද එන්න හදන්නේ කියලා.''

       නිරෝ අයියා මගේ කොලර් එකෙන් අල්ලලා එහෙම කියලා .ආයෙත් 

උරිස්සෙන් අල්ලලා ෂර්ට් එක හදමින් කිව්වා. දැන් මටත් ඉවසුම් නැහැ. වෙන 

දෙයක් වෙන්න කියලා දෙන්න හිතෙනවා මුගේ ආඩම්බර බහින්න.

''අනේ චතු උබලා මේකටද මාවත් දාලා ආවේ. නීරෝ ඕක නවත්තන්න. 

නිම්සර මල්ලි මගේ යාලුවෙක් . මොකද ඔය කරන්නේ . මොකද්ද අවුල.''

'' මේ චතු කියන්නේ මු උබට ඇනයක් වෙලා කියලා.''

''මොන විකාර කතාවක්ද ඒක. නිම්සර මල්ලි ඔයා යන්න.''

     සේව්මී අක්කා එයාගේ හීනි ඇස දෙක තවත් හීන් කරලා මට එහෙම කියද්දී 

මම පිස්ස්වෙන් වගේ බලන් හිටියා.

'' උබ මොකද බන් ඌව බෙරන්නේ.''

''එහෙම එකක් නෑ බං. ඒ මල්ලි හරි හොදයි. මගේ හොද යාලුවෙක්.''

''මම උබට කිව්වා කියලා මතක තියා ගනින්. ඌ උබට වඩා බාලයි''

''මම උබලට කීපාරක් කිව්වද ? ඒ මල්ලි මගේ යාලුවෙක් විතරයි.''

      සෙව්මි අක්කා මගේ දිහා බලලා පොඩි හිනාවකුත් එක්ක ඇස්

 දෙකෙන් 

පෙන්නුවේ කැන්ටිම. මම දන්නවා මට දැන් මෙතනින් යන්න තමා මේ

 කියන්නේ කියලා.

'' යමන් දිගා යන්න මේ අක්කිලා සේරටම පිස්සු.''

     ගිහාන් එහෙම කියද්දී චතුමී අක්කා අයෙත් රවලා බැලුවා. දැන් නම් මට 

කන්නත් බැහැ මම පන්තිය පැත්තට යන්න හැරුනා.

''ඒ දිගා කන්නේ නැද්ද? ලන්ච් එකත් ඉවර වෙන්න ලගයි.''

''ආ උබලා කාපල්ලා. මට කන්න බැහැ බන්.''

        මම සාක්කුවෙන් ගත්ත මාරු සල්ලි ටික රිද්මයාගේ අතේ තියලා 

පන්තියට ඇතුල් වුණා.

''උබලා කෑම අරන් වරෙල්ලා මාත් දිගා එක්ක ඇතුලට යනවා මචංලා''

          එදා හවස ගෙදර ගියාම අම්මා හොදටම දෙහි කපන්න ගත්තා. මේ 

සිද්දිය තාත්තාට කියන්නේ නැතුව නවත්ත ගත්තේ අයි කවදාවත් පරක්කු 

වෙලා ස්කොලේ යන්නේ නෑ කියලා අම්මට පොර්න්දුවක් දීලා. මම 

තාප්පෙන් පනින එක ගැන දොස් කියලා තිබුනත්, ඉගෙනීම ගැන නම් 

හොදයි කියලා තිබුනා.ඒක නිසා මට පන්තිභාර සර් ගැන පොඩි පැහැදීමක් 

ඇති වුණා.

       පසු දින මම කලින්දා වගේම උදේම නිවසින් පිට වුනේ සෙව්මී අක්කා 

මගහැරෙයි කියලා තිබුන බය හින්දා. මම සෙව්මී අක්කා එන අතුරු පාර දිහා 

බලන් හිටියා. ඊයේ වුන සිදුවීම නිසා සෙව්මී අක්කා මාත් එක්ක තරහද 

දන්නෙත් නැහැ. මම හතයි කාල වෙනකනම එතනට වෙලා බලන් හිටියත් 

සෙව්මී අක්කා ආවේ නැහැ. වෙනදා යන බස් එකේ එල්ලිලා ගිහින් පුරුදු 

විදියටම තාප්පෙන් පැනලා පාසල ඇතුලට ගියේ. සෙව්මී අක්කා මට මග 

හැරෙන්න ඇති කියලා හිතමින්.

        මම පන්තියට යන්න කලින් සෙව්මී අක්කලාගේ පන්තිය පැත්තට ගියා. 

අද සෙව්මීගේ පුංචි පොත් මේසය හිස්. ඒ කියන්නේ අද සෙව්මී අක්කා 

ඉස්කෝලේ ඇවිත් නැහැ.  මගේ සෙව්මී අක්කට මොකද වුනේ. මම දහසක් 

දේ පිළිබද අනුමාන කරමින්  පන්තියට ඇතුල් වුණා.

'' ඒ දිගා මොකද මුණ එල්ලන්.''

'' පසිදුවා සෙව්මී අක්කා ඉස්කෝලේ ඇවිත් නැහැනේ.''

''මමත් දැක්කේ නම් නැහැ.''

''ඔව් බන් මම මග බලන් ඉදලා ආවේ .වෙනදට එයා එක්ක එන නංගිවත් අද 

අවේ නැහැ. ඊයේ වුන සිද්දිය නිසා මාව මගාරින්න ඇති කියලා මම හිතුවේ .

ස්කෝලෙත් නැහැනේ.''

''දැන් මොකද කරන්නේ අර බෝම්බෙන් මම අහන්නද අද සෙව්මී අක්කා 

අවේ නැත්තේ ඇයි කියලා.''

''අනේ පුළුවන් නම් ලොකු දෙයක් රිද්මයා.''

''පරිස්සමින් රිද්මයා. මතකනේ ඊයේ ඒ අක්කාව අපි විහිලුවට ගත්තා. අනික

 අපි ඕක අහන්න ගියාම එයාගේ කතාව ඇත්ත වෙනවනේ දිගා.''

       පසිඳු කියන එකත් ඇත්ත. ඒත් මට වෙන විකල්පයක් නැහැ.

''කමක් නැහැ රිද්මයා උන් උහේ ඕනේ එකක් කියපුදෙන් ඔබට පුලුවන්නම් 

ගිහින් අහන වරෙන්.''

'' යමං මාත් එන්නම්.''

        උදෙ පීරියඩ් එක භාර මිස් පන්තියට ආවේ නැති නිසා රිද්ම ගිහාන් එක්ක 

පන්තියෙන් පිටත් වුණා. මම නොවිසිල්ලෙන් මග බලන් හිටියේ මොකද වුනේ

 කියලා දන ගන්න..

'' ඒ බං ඒකි දන්නෙත් නැහැ වගේ.''

''ඇයි මොකද කිව්වේ.''

''මොනවද විකාර ටිකක් කියවලා බැනගෙන බැනගෙන ගියා බන්. මිස් 

කෙනෙක් පන්තියට ආව නිසා අපි මාරු වෙලා ආවා.''

''ඒකිගෙන් නම් අපිට මොකුත් අහගන්න බැහැ බං. උබ එක්ක මාර තරහක්නේ 

ඒකිට තියෙන්නේ.''

      ගිහනුත් රිද්මගේ අදහසට එකග වෙද්දී මම හිතුවේ දැන් මොකද කරන්නේ 

කියලා.

''ඕක ඒ හැටි හිතන්න එපා දිගා. අසනීපයක් වෙන්න ඇති.''

''මට බය එයා එක්ක ඉස්කෝලේ එන නංගිත් අද අපු නැති එකනේ. ''

හමුවන්නයි පැතුම ..

සිතුවිලි ගැලපුම සඳු 

දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
26 Nov 2016 10:39 PM
  •  Quote
  •  Reply
lassana kathaawak sanduni niyamayi kathawa nam kiyewwa me kathawa nam kiyawanawa
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Nov 2016 04:45 AM
  •  Quote
  •  Reply

***අහිමි වස්සානය***


06. වන කොටස.

       එදා දවසම මගේ රූපය මගේ පන්ති කාමරේ පුටුව මත හිදගෙන පුංචි 

පොත් මේසයට බර වෙලා තිබුනත් , හිතනම් තිබුනේ සෙව්මී අක්කා ළග. 

අනේ මගේ සෙව්මී අක්කට මොකද වුනේ. දවසම මුඩ් ගහලා හිටිය නිසා 

මගේ යාළුවො සෙට් එකටත් මාර අවුල්. එවුන් පන්තියේ කෙල්ලෙක්වත්

 අවුසන්න ගියේ නැහැ .පුල් සයිලන්ට් එකේ හිටියා.

''දිගා මොකද කරන්නේ අපි දැන්.''

''අනේ මන්දා බං ''

       හවස් වෙලා සෙව්මී අක්කගේ ක්ලාස් එක පැත්තේ යන්න ඕනේ.

 ස්කොලේ ආවේ නැතුවට කලාස් යන්න ඇති. මම සමාව ගන්න ඕනේ,මාත් 

එක්ක තරහා ඇති නැත්තම් මට නොකියම ඉස්කෝලේ නෑවිත් ඉන්නේ. 

ඇත්තම අර චතුමි බෝම්බෙට නම් මොකක් හරි කරන්න වෙනවා. එකී තමා

 මගේ සෙව්මී අක්කගේත් හිත අවුල් කරන්නේ. ආත්මෙන් ආත්මෙට පතන එන

 තරහද්ද මන්දා. ඒකිට මාව නයාට අඳු කොළ වගේ.

  ''දිගා යමන්.''

''ඔබලා පලයල්ලා අද මට පොඩි උන්ට ක්ලාස් එකක් කරන්න තියේ බං''

''ජය වේවා ඉංග්‍රීසි සර්රයා  අපි කැපුනා එහෙනම්.''

      රිද්මයාගේ කට ඔහොන්මමයි .නෝන්ඩියටමයි කතාව.මම පොඩි පන්තිවල

 ළමයිනට ඉංග්‍රීස් ක්ලාස් කරන නිසා මට ඔය ඉංග්‍රීසි සර්රයා  කිව්වේ. මම තාම 

එකොළහා වසරේ තමයි, එත් අනිත් යට උගන්වන්න මට හැකියාව තිබුනා. 

මොන දේ කලත් මම මගේ අම්මට පන වගේ ආදරෙයි ඒක නිසා මගේ වියදම් 

ටිකවත් මම කවර් කරගන්න හිතන් තමා මේ ක්ලාස් කලේ.

''එහෙනම් දිගා මාත් යනවා. මම ඉතින් ඕවා උගන්වන්න දන්නේ නැහැනේ ''

     එහෙම කියලා මට තට්ටුවක් දාපු මගේ අතිජාත් මිත්‍රය පසිදු අනිත් එවුන්

 එක්කම පිට වෙලා ගියා. මම බර කල්පනාවකට වැටිලා පොඩි අයට ක්ලාස්

 එක කරන පැත්තට ගියා. මම හැමදාම පහට ඉවරකරන්න තියෙන ක්ලාස් එක

 හතරයි තිහ වෙද්දී ඉවර කරන්නේ සෙව්මී අක්කා කලාස් ඇරෙන වෙලාව 

අල්ල ගන්න. අදනම් පනින්න ලේසි වෙන එකක් නෑ. පොඩි උන්ගේ අම්මලා

 කීපදෙනෙක්ම ක්ලාස් එකෙන් පිටතට වෙලා මන් දිහා බලන් ඉන්නවා කන්න 

වගේ. මම සද්ද නැතුව කලාස් එක ඇතුලට රිංග ගත්තා. කතාවට අහුවුනොත්

 මගේ ඔලුව තවත් අවුල් කරයි.

       අදනම් මට කීයටවත් සෙව්ව්මී අක්කව මිස් කරගන්න බැහැ.මම හතරයි තිහ

 වෙද්දී කලාස් එක ඉවර කළා, එලියට ආවා.

''මල්ලි දැන් මොකද ඔයා කලින් ක්ලාස් එක ඉවර කරන්නේ. මේ ටිකේම අපි

 බලන් හිටියේ හැමදාම පැය භාගයක් කලින් ක්ලාස් එක ඉවර කරනවනේ.''

''අනේ අදට විතරයි . අනිත් දවසේ ඉදන් පහ වෙනකන්ම තියන්නම්.''

       මේ සෙව්මී අක්කා නිසා මට ක්ලාස් එකේ පොඩ්ඩන්ගේ අම්මලාගෙන් 

පැමිණිලි ගොඩයි. ඔයා වෙනුවෙන් ඕනේ එකක් සෙව්මී අක්කේ. ඔන්න මම 

එනවා ඔයා බලන්න. මම ඉක්මනින් ටවුන් එකට ගියා.  ස්ටෑන්ඩ් එකට වෙලා 

පුරුදු විදියට මග බලන් හිටියේ සෙව්මී අක්කා ක්ලාස් ඇරිලා එනකන්. සෙව්මී 

අක්කගේ ක්ලාස් එකේ ළමයි එක්කෙනා දෙන්නා ස්ටෑන්ඩ් එක පැත්තට ඇදෙනවා.

      අයියෝ සෙව්මී අක්කා ක්ලාස් ඇවිත් නැහැ වගේ. මම කොහොද මගේ සේව්මී

 අක්කට මොකද වුනේ කියලා දැන ගන්නේ.මම කොහොමද මගේ සෙව්මී 

අක්කේ හෙට වෙනකන් ඉවසන්නේ. ඇයි ඔයා මට මෙහෙම රිද්දන්නේ. ඔයාගේ 

වරදක් නැහැ සෙව්මී අක්කේ, මට කියලා හැමදේම කරන්න ඕනේ නැහැනේ .මම 

ඔයාගේ කවුද?. සියලු බලාපොරොත්තු සුන් වුන සිතින් මම බස් එක පැත්තට

 එන්න හැරුනා. මෙන්න මගේ සුරංගනාවී බස් එක පැත්තට එනවා. මගේ දිහා 

බැලුවත් හිනා වුනේ නැහැ. නාදුනන කෙනෙක් වගේ බස් එකට නගින්න 

සුදානම් වුණා. කමක් නෑ ඔයා මාව නාදුනනවා වගේ ගියාට මට දැන් ඔයාව 

දකින්න වත් ලැබුනානේ. මම දුවලා ගිහින් එයාටත් කලින් බස් එකට නැගලා 

පිටිපස්සටම ගියා.

      බස් එකේ වැඩි සෙනගක් නොසිටියත් ඉදගන්න සීට් හිස් වෙලා තිබුනේ නැහැ. 

සෙව්මී අක්ක පොත් බෑග් එකත් එක්කගෙන සීට් දෙකක් අල්ලාගෙන ඉස්සරහම

 හිටගෙන ඉන්නවා. අද මට නොකියා ස්කොලේ නාවා මදිවට මගේ දිහා බලන්නේ 

වත් නැහැ. අදුරන්නේ නැහැ වගේ ඉන්නවා නපුරි. මම සැරින් සැරේ සෙව්මී අක්කා

 දිහාම බලන් හිටියත් එයා නිකමටවත් මන් දිහා බැලුවේ නැහැ.මට හිතා ගන්න

 බැහැ එහෙම වෙන්න හේතුව මොකද්ද කියලා. වෙලාවට අද චතුමි බොන්බෙයි

 අනිත් යාළුවයි නැත්තේ. හිටියානම් මට හොරෙන් බලනත් නැහැ , මට රව

 රවා ඉදි.

       එන්න එන්නම බස් එකේ සෙනග වැඩි වුණා. දැන් සෙව්මී අක්කා ටිකෙන් 

 ටික බස් එකේ පිටිපස්සට තල්ලු වෙලා ආවා. දැන් නම් බස් එකේ ඉන්න බැරි 

තරම් සෙනග. සෙව්මී අක්කා දැන් මගේ ඇඟට තද වෙලා. එත් එයා ඉන්නේ 

මට පිටු පාලා. බස් එක යන්න කිට්ටු වෙද්දී මම වෙනදෙයක් වෙයන් කියලා 

සෙව්මී අක්කාගේ පැත්තට හැරුනා. මම හිතුවේ සෙව්මී අක්කා ආයෙත් අනිත්

 පැත්ත හැරෙයි කියලා. සෙව්මී අක්කා මගේ ලගටම වෙලා එහෙමම හිටියා. මට 

දැන් නම් මාරම සතුටක් තියෙන්නේ. කොහොම හරි මගේ ලගටම ආවනේ.

       කොච්චර අදුරනවා වුනත් සෙව්මී අක්කා මගේ දිහා බලන්නේවත් නැහැ.

 ඒකට නම් මට හුගක් දුකයි. කමක් නැහැ මම සද්ද නැතුව එයාගේ ලගට වෙලා 

ඉන්නවා මට ඒකත් ඇති.

    බස් එක යන්න පටන් ගද්දි මම හිටියේ සෙව්මී අක්කවා අනිත් සෙනග අතර

 තෙරපෙන්න නොදී ආවරණය කරගෙන. මම හිටියේ එයාගේ පිටිපස්සෙන් 

හිටගෙන එයා අල්ලන් හිටි තැන වලින්ම අල්ලාගෙන. ඒත් සෙව්මී අක්කා 

මොකුත් කිව්වේ නැහැ .මගේ දෑත් වලට මැදි වෙලා අහක බලාගෙන ඉන්නවා.

'' ඇයි අද ස්කොලේ ආවේ නැත්තේ සෙව්මී අක්කේ .මම නිසාද. මොකද්ද අවුල.''

''නැහැ''

      මම සෙව්මී අක්කගේ පිටුපසින් ඉදන් මහුනට එබෙමින් ඇහුවම කෙටි 

පිළිතුරක් දුන්න ඇය ආයෙත් නිහඩවම බලන් ඉන්නවා . අපි දෙන්න මේ තරම 

ලං වෙලා ඉන්නවා මයි. අපි දෙන්නා අද ඇත්තම ආදරවන්තයෝ වගේ . මගේ 

හිත අමුතුම සතුටකින් පිරිලා. සෙනග ගොඩේ තෙරපුනත් ඒ විඩාවට වඩා මට

 දැනේනේ කියා ගන්න බැරි සතුටක්. මගේ සෙව්මී අක්කේ හැමදාමත් මගේ

 ලගින් ඉන්න. මගේ ජීවිතේ හිතා ගන්නවත් බැරි තරම ලස්සන වෙයි. මම 

දන්නවා ඒක කරන්න පුළුවන් ඔයාට විතරයි.

'' මට බෑග් එක දෙන්න මම එල්ල ගන්නම්.''

''පිස්සුද ඔයාට.''

     සෙව්මී අක්කා වටපිටාව බලමින් කිව්වේ අදුරන ය බස් එකේ ඉන්න නිසා 

වෙන්න ඇති.

''සෙව්මී අක්කේ ඔයා චතුමී අක්කා කියන ඒවා ඒ හැටි හිතන්න එපා.''

'' ඔයත් හිතන්න එපා නිම්සර මල්ලි. ඒ එයාගේ හැටි.''

'' මගේ හිතේ එයා කියන විදියේ දෙයක් නැහැ සෙව්මී අක්කේ.''

'' හ්ම්ම්ම්''

       මම එහෙම කිව්වේ හිතකින් නෙමෙයි . මට මගේ සෙව්මී අක්කව ඕනේ.

 ඒත් මට බයයි මම ආදරෙයි කිව්වම එයා මගෙන් ඈත් වෙයි කියලා.

'' අද අපි චතුමී අක්කාගෙන් ඔයා කෝ ඇහුවා.''

'' මොකද කිව්වේ.''

''වෙනදා වගේම බැනුම් තමා. ඇත්තටම චතුමී අක්කා ඇයි මාත් එක්ක

 ඒ හැටි තරහා''

''අද මට පොලිටිකල් ක්ලාස්. ඒකයි මම ස්කොලේ අවේ නැත්තේ.''

''මම හිතුවා මම නිසා කියලා.''

''නැහැ නැහැ.''

''චතුමී අක්කා දවසක් මට කිව්වා.'' මම දන්නවා මල්ලියේ උබ සැරසෙන්නේ 

පොල් පැලේ කන්න බව'' කියලා.''

        ඒ කතාවට නම් සෙව්මී අක්කගේ මුහුණට ලස්සන හිනහාවක් මැවුනා. 

මම එයාගේ පිටු පසින් හිටියට මහුනට එබීගෙනමයි හිටියේ.

'' එයාට පිස්සු අනේ.''

''හ්ම්ම්''

     අපි දෙන්නම හිටියේ අමුතුම සතුටකින්. ඒ හැගීම ගැන අපි කතා නොකලට

 දෙන්නගේ හිත්  දෙක ඒක දැනන් හිටියා. නොයෙකුත් දේ කතා කරමින් 

සිනාසෙමින් සෙව්මී අක්ක බහින තැනටම ආවා.

'' බුදු සරණයි නිම්සර මල්ලියෝ . පරිස්සමින් ගෙදර යන්න . මම බහිනවා.''

      මේ තරම් වෙලා කාටවත්ම එයා ලගට එන්න බැරි වෙන්න සෙව්මී අක්කාව

 වට කරන්. මට කවදාවත් නැතුව බුදු සරණයි කියලා බහින්න හදද්දී එතන

 හිටිය අවුරුදු හතලිස් පහක් විතර මිනිහෙක් සෙව්මී අක්කගේ ඉනෙන් ඇල්ලුවා.

 සෙනග පිරිලා නිසා සෙව්මී අක්කට නම් ඒක වැඩිය දැනුනේ නැහැ. එත් මට 

එක හොදට පෙනුනා. ඌත් දැක්කා මම ඒ සිද්දිය දැක්ක බව. පොර හොරෙන්

 මගේ දිහා බලලා අහක බලා ගත්තා.

'' බුදු සරණයි  සෙව්මී අක්කේ. ඔයත් පරිස්සමින් යන්න.''

        මම සෙව්මී අක්කා බහිනකන් සද්ද නැතුව ඉවසන් හිටියේ මේක කතා

 කරන්න ගියහම එයාටමයි ලැජ්ජාව නිසා. සෙව්මී අක්කා බස් එකෙන් බැහැලා 

ගිය ගමන් මම අර මිනිහගේ පැත්තට හැරුනා.

'' මොකද්ද මොනිහෝ ඒ කරපු බලු වැඩේ.''

'' මොකද්ද?''

''උබයි මමයි දන්නවනේ මොකද්ද කියලා.''

        මම මගේ හිතේ හැටියට ඌට කීපයක් ඇනලා ඉස්සරහා හෝල්ඩ් එකෙන් 

බැහැ ගත්තා. බස් එකේ සෙනගට හිතා ගන්නවත් වෙලාවක් නැහැ මොකද 

වුනේ කියලා.

      එදා මම ගෙදර ගියේ කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන්. මගේ සෙව්මී අක්කාගේ 

ලගින් හිටිය ඒ මොහොත මට හීනයක් වගේ.මට ඒ මොහොත ජීවිත කාලෙටම 

අමතක කරන්න බැරි වෙයි කියලා මගේ හිත කෑ මොර දුන්නා.

''ආ දන් ඇටේ . මොකද අද අමුතු සතුටකින්.''

     මම තනියම හිනා වෙවී එනවා දැකලද කොහෙද අපේ අක්කා අහන්න වුණා. 

මේ තාරාවටත් ඉව තියේද කොහෙද.

''මොන සතුටක්ද්ද? තාරාවෝ ''


  හමුවන්නයි පැතුම ..

සිතුවිලි ගැලපුම සඳු 

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Nov 2016 10:48 AM
  •  Quote
  •  Reply

***අහිමි වස්සානය***


07. වන කොටස.


'' මොකක් හරි අමුත්තක් තියෙනවා.''

'' එහෙම එකක් නැහැ තාරාවා.''

''දන් ඇටේ''

           මම අක්කාගෙන් බේරිලා මගේ කාමරයට වැදුනා. මේ අක්කත් 

වෙලාවකට.... කොහොම මේවා හිතෙනවද මන්දා මෙයාට. මම ඇදුම් 

ටික ගලවලා සුපුරුදු සරම දාගෙන කුස්සිය පැත්තට ගියා. කන්න නම් මට 

බඩගිනක් නැහැ. එත් අද දවසම මම කෑවෙත් නැහැ නේද කියලා මට 

මතක් වුණා. සෙව්මී අක්කගේ මතකයන් වලින් මගේ හිත උමතු වෙලා. 

අද සිද්ද වුනේ හැබෑවකද , මායාවක්ද කියලා හිතා ගන්න බැරුව මම ඒ 

ගැනම කල්පනා කළා. මට මැවී මැවී පෙනුනේ ඒ අහිංසක මුහුණේ ඇඳුනු

 ලස්සන හිනාව විතරයි.

''චුටි පුතා මොනවද කල්පනා කරන්නේ. අදත් සර් මොනවා හරි කිව්වවද?''

''අනේ නැහැ අම්මේ මට හොදටම බඩගිනි. අනේ මගේ හොද අම්මනේ

 බත් ටිකක් කවන්නකෝ.''

        මම පොඩි ළමයෙක් වගේ අම්මගේ උනුහුමට තුරුල් වෙලා කිව්වා.

 මමනේ ඉතින් පොඩි එකා, වෙන කවුරු මේවා කරන්නද.තවමත් මට පාලු 

හිතුනම අම්මගේ තුරුලේ නිදා ගන්න යනවා. පුංචි දරුවෙක් වගේ මම 

අම්මගේ තුරුල්ලේ හුරතල් වෙද්දී අම්මා ඇස් වලට අමුතු ආලෝකයක් 

එනවා, ඒ අම්මගේ සෙනෙහස බව මම දන්නවා .

'' ඉන්න චුටි පුතා මම බෙදාගෙන එන්නම්.''

       මොනතරම් වැඩ තිබුනත් අම්මා මම බඩගිනි කිව්වොත් එවෙලේම කෑම

 කවනවා. අම්මගේ අතින් කන ඒ බත් කටක් මගේ මුළු බඩගින්නම නිමන්න

 තරම් රසවත්.

         කරුවල වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී  එළියේ සවිකරලා තිබුන

 සවර් එකෙන් නාගත්තේ කාක්කා වගේ, එහෙට මෙහෙට පනිමින්. එතරමට

 ඒකේ  වතුර සීතලයි. මම නාගෙන ගෙට එද්දී තාත්තත් ගෙදර ඇවිත් තේ 

බොනවා.

''අම්මේ මට තේ එපා. කෝපී එකක්''

''පුතේ අම්මා කිව්වා ඉගෙනීම් කටයතු හොදින් කරන් යනවා කිව්වා කියලා

 පන්ති භාර සර්.''

''මම තාත්තගේ පොඩි එකානේ.''

      එහෙම කියලා මම අම්මා දිහා බලද්දී මන් දිහා රවාගෙන බලන් ඉන්නවා. 

අම්මා තාත්තට ඇත්ත කියලා නැහැනේ ඉතින්.''

'' මම ඇත්තනේ කිව්වේ අම්මේ.''

''කොහොම හරි කමක් නැහැ හොදට ඉගෙනීම් කටයුතු ටික කර ගන්න චුටි

 පුතා.''

       තාත්තා සුසුමක් හෙලලා එහෙම කියද්දී මටත් මොකද්දෝ දුකක් දැනුනා.

 ඒක නිසා තවත් විහිළු කරන්නේ නැතුව අම්මා හදලා දුන්න කෝපී එකත් බීලා

 මම කාමරේට වැදුනේ පාඩම් කරන්න කියලා.

පාඩම් කරන්න ඕනේ කියලා මම පොතක් දිගහැර ගත්තත් මට ඒක කරන්න

 මේ සෙව්මී අක්කා ඉඩ දෙන්නේ නැහැනේ. එයා මගේ හිත තවත් මොකුත් 

දාන්න බැරි තරමටම පුරවලා දාලා.

     පොත ත මත වුනත් හිත කොහේදෝ ගිහින්. මට මැවී මැවී පෙනුනේ ඒ

 අහිංසක මුහුණේ දැවටුන ලස්සන හිනාව විතරයි. මගේ සවනේ රැව් දෙන්නේ

 ඒ ආදරනීය  හඩ විතරයි. සිහින ලෝකයක් හිත අතරමන් වෙද්දී ඉබේටම

 අතට ආපු පෑන මගේ සිතුවිලි කොලයක් මත අකුරු කළා.

*************

'' නෙතු නොපියා ඔබේ නෙතේම රැදී ඉන්නට ඇත්නම්''

''මඳ පවනක් වී ඔබේ කෙහෙරැලි තුල දැවටෙන්නට ඇත්නම්''

''සුමුදු මලක් වී ඔබේ කොපුල පිරි මදින්නට ඇත්නම්''

''පන්හිදක් වී ඔබේ අතගිලි නැත සිර වන්නට ඇත්නම්.''

''ඔබේ දෙතොලතරින් ආදරෙයි කියා අසන්නට ඇත්නම්.''

''මුළු ලෝකයම දිනුවා සේ දැනේවී ''

''සත්තයි මට හුස්ම ගන්නටත් අමතක වේවී''

.....නිම්....

*************

     මගේ සිතේ ඇඳුන සිතුවිල්ල පද ගලපලා නිසදැස් පොතේ සටහන් කළා.

 ඒ පිටුවෙම කොනක මගේ සුපුරුදු වදන් පෙළ සටහන් කළා.

************

''අනේ සෙව්මී අක්කේ මන් ගැන වැරදියට හිතන්න එපා. මගේ හිතේ මොකුත්ම

 නැහැ ඔයා මගේ අක්කා එච්චරයි''

************

         දැන් නම් කොහොමවත්ම පොතක් දිහා බලන්න වත බැහැ. පොත් ටික 

අකුලලා දාපු මම දත් මැදගෙන මුණ සෝදන් ඇවිත් කලින්ම ඇදට වැටුනා.. 

හවස අම්මගේ අතින්ම බත් කාපු නිසා මට බඩගින්නක් දැනුනෙත් නැහැ. මම 

සෙව්මී අක්කව හිතේ මවාගෙන දෑස් තද කර ගත්තේ බෙඩ් ශීට් එක ඔලුවේ 

ඉදන් පොරව ගනිමින්.

''ඒ මල්ලි නිදිද. මෙන්න එක්කෙන් පාඩම් කරන හැටි.ඇහැරෙන්නකෝ දන්

 ඇටේ .''

      මම ලස්සන හීනයක් දැක දැක ඉද්දි මේ තාරාවා මට ඇහැරෙව්වනේ.

මම මලා වගේ නිදාගෙනම හිටියා.

''අම්මේ මෙන් ඔයාගේ  චුටි පුතා දොයි.''

''අනේ ඔහේ නිදිය ගත්තදෙන් දුවේ. අද හවස පොඩි එවුන්ට පන්තිත් කරලා

 හොදටම හවස් වෙලා ගෙදර  ආවේ.''

''හොර නින්ද අහු වෙන්නකෝ මට.''

      අක්කා කවදාවත් මට වරෙන් පලයන් කියන භාෂාවෙන් කතා කරන්නේ 

නැහැ. මම මොනවා කරත් මට කතා කරේ හරිම ආදරෙන්. හොර නින්ද අතෑරලා 

ඇහැරෙන්න හිතුවත් ,ඔන්න ඔහේ කමක් නැහැ කියලා තව ටිකක් ඇස් තද කර 

ගත්තා.

      පහුවදා උදෙන්ම මම ලැස්ති වෙලා පාර දිගේ පියමැන්නේ සෙව්මී අක්කව

 දැක ගන්න.මෙන්න අදනම් මගේ සුරංගනාවී වැඩිය පරක්කු නොකරම මගේ 

ලගට එනවා.අපි කතා කර කර පාසල ලගටම යනකන් ගියා. පොත් ගොඩේ 

උඩම තිබුන නිසදැස් පොත සෙව්මී අක්කට දීලා මම කඩේ ළග නවතුනේ 

පසින්දුවා එනකන්. මට දැන් ඉවසුන් නැහැ නිසදෑසට සෙව්මී අක්ක මොකද

 කියන්නේ කියලා දැන ගන්නකන්.

'' ඒ දිගා දැන් උබ හැමදාම උදෙන් එනවා නේද . ඔබේ සෙව් ගැන මොනවා 

හරි තොරතුරක් හම්බුනාද.''


''ඔව් ඔව් බන් සෙව්මී අක්කට ඊයේ දවසම ක්ලාස් දවසක් ''

      මම පසිදුවා එක්ක ඊයේ බස් එකේ වුන දේවල් කිව්වේ අමුතුම හැගීමකුත් 

එක්ක. පසිඳුත් රහ කර කර අහන ඉන්නවා.

''කෙල්ල උබට ලව් කියන එකනම් සුවර් . බලන් ඉන්නේ  නැතුව කෙල්ලගෙන් 

කෙලින්ම අහපන්කෝ.''

''උබට පිස්සුද බං ඔය කතා කරන වචනේ දෙකත් නැති වෙයි.''

''දැන් උබ කවදා වෙනකන් ඔහොම බලන් ඉන්නද?''

''පුළුවන් තරම් කල්''

''උබට පිස්සු''

''මේ මට උදව්වක් කරපන්කෝ?''

''මොකද්ද දිගා.''

''මට සෙව්මී අක්කගේ නම්බර් එක හොයලා දීපන්කො.''

''ඒක කොහොමද කරන්නේ. අර චතුමී ලග නම් ඇති. ඒ බොම්බේ පුපුරයි ඕක 

 අහන්න ගියොත්. උබ ඉල්ලපන්කෝ සෙව්මී අක්කාගෙන්ම''

      මට එයාගෙන් නම්බර්  එක ඉල්ලන්න බැහැ . දවස කෙමෙන් ගෙවිලා ගියා 

මම ස්කොලේ ඇරිලා ගෙදර එන්න ගේට්ටුවෙන් එලියට ආවේ සෙව්මී අක්කා 

කොහෙද කියලා විපරම් කරමින්. අපේ පාර  දිගේ මම හෙමින් හෙමින් පිය මැන්නා.

''මොකද නිම්සර මල්ලි හොරගල් ඇහිදින්නේ.''

       මගේ පිටුපසින් ඇසුනේ  සෙව්මී අක්කගේ හඩ .මම මග බලන් හිටිය මගේ

 සුරගනාවිගේ හඬ. මගේ හිත අමුතුම සතුටකින් පිරිලා ගියා.

''මම මේ ඔයා එයිද කියලා බැලුවේ.''

''ඒ මොකද?''

''තනියම යන්න කම්මැලි නිසානේ.''

''ආ ඔයාගේ පොත.''

       අපි දෙන්න පාලුවට ගිය පාර දිගේ ඉදිරියට ඇදුනා. අපි කිව්වේ මමයි සෙව්මී

 අක්කයි, අර වෙනදට සෙව්මී අක්කා එක්ක එන නංගී. අපි දෙන්න උදේ හවා 

එකට පාසල් යන්නත් ගෙදර එන්නත් අවස්තාව හදා ගත්තා.මගේ හිත කිව්වෙම

 ඉතින් සෙව්මී අක්කා නිහඩව හිටියට එයාටත් මගේ විශේෂත්වයක් තියෙයි 

කියලා. සෙව්මී අක්කා එයාලගේ ගෙවල් පැත්තට හැරෙන පාර ලං වෙද්දී මට

 හිතුනේ මේ පාර තව හුගක් දිග වුනානම් කියලා. කලින් දා වගේම මට 

බුදු සරණයි කියලා ලස්සන හිනහාවක් දාලා එයා ගුරු පාර දිගේ නොපෙනී

 ගියා. ආඩම්බරකාරි නිකමටවත් අපහු හැරිලා බලන්නේ නැහැ. ඇය

 නොපෙනී යනකන් බලන් හිටිය මම නිසදෑස් පත දිගහැරලා බැලුවා. මම හිතුවා

 වගේම එයත් පද කීපයක් ගලපලා තිබුනා. මම ආසාවෙන් පද පෙළ දිගේ 

නෙත් යැව්වා.

************

''ආත්මයෙන් ආත්මයට හබා එන ''

''සහෝදරත්වයේ සංසාර සෙවනැල්ල''

''ඔබ දැයි මා සිත විමසයි.''

''කිසි දා බිදලිය නොහැකි''

''බැමි බැඳ ලං වන්න ''

''මා දිවියට''

*************

      මොනවද මගේ සෙව්මී අක්කේ ඔයා මේ කියන්නේ මම සහෝදරයෙක්ද

 ඔයාට. මම සහෝදරයෙක් විතරද ඔයාට. නැහැ නැහැ මට ඔයාගේ ඇස් 

දෙනන් ඔයාගේ ආදරේ පේනවා ඔයා මට ආදරෙයි. ඔයා දවසක ඒ ඇත්ත 

පිලි ගනී. මට බලන් ඉන්න පුළුවන් මගේ නපුරිය.

    මම පොත අකුලලා පොත් මිටියට එකතු කරගෙන නිවාස බලා ආවා. දවස්

 කීපයක් ගෙවිලා ගියත් චතුමී අක්කට තිබුන බය නිසාම සෙව්මී අක්කගේ 

නම්බර් එක හොයා ගන්න මට බැරි වුණා.

   දවසක් අපි උදේ පාසල වෙත පිය නගමින් හිටියා. පාසල කිට්ට්ටු වෙද්දී 

අපි වෙතට ආවේ සෙව්මී අක්කගේ එකොළහ වසරේ යාලුවෙක්.



හමුවන්නයි පැතුම ..


සිතුවිලි ගැලපුම සඳු 

දිනයක වැටහේවී...........
0
Add Reply
Page 1 of 3123 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below