You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Sep 2021 09:25 AM by  Reggie
ආදරණීය නේරංජනා
 8 Replies
Sort:
Author Messages

lilman
New Member
New Member
Posts:46






--
27 Apr 2021 08:04 PM
  •  Quote
  •  Reply

ආදරණීය නේරංජනා :love:

 

මම ආසම ගීතයක්.මුල්ම රේකොඩින් එක හම්බ උනා.ඔරිගීනල්  CD රිප් එකක් දන්න යද්දී යුටියුබ් සෙට් උනා. අහල බලන්න කොච්චර ලස්සනද , ඒ වගේම රුප රචනයක් නැතුව අහද්දී සිතේ කෙතරම් ලස්සනට චිත්ත රුප මැවෙනවද කියල.... ප්‍රේමකීර්ති ද අල්විස් ගේ මැජික් එකක් :love:

 

https://www.youtube.com/watch?v=P941IJ90GUk

 

ආදරණීය නේරංජනා

ආදරණීය නේරංජනා 

ආදරණීය නේරංජනා

ආදරණීය නේරංජනා 

ආදරණීය නේරංජනා 

ආදරණීය නේරංජනා  

 

ඔබ මුදු මදහස් රැළි මාලාවේ 

වෙලී බැදුණු දින රඟ ශාලාවේ 

තුන් හිතකින්වත් නොසිතූ විලසින් 

යළි ඔබ දැකුමට ආ වේලාවේ 

අප හමු වූ ගෙවුයන් සීමාවේ 

එක මොහොතක් පමණකි තනි වූයේ 

මටම ම පුදුමයි අදහන්නට බෑ 

මම ම නොවේ යළි ඉන් පිට වූයේ  

 

කවුදෝ මා පසු පස එනු දැනුණා 

පාළු වීදියේ තනිකම මැකුණා 

ජීවමාන කිසිවකු සිටියේ නෑ 

එනමුදු කවුදෝ ඇති බව වැකුණා 

නිදියහනේ මා නින්දට වැටුණා 

ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා 

එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ 

මගේ සිතම මට මුමුණනු ඇසුනා  

 

ආදරණීය නේරංජනා //  

 

පසුබිම් කතාව 

සෙනසුරාදා දවසක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සහ ප්‍රියා සූරියසේන මහතා කොල්ලුපිටියේ මුහුදු වෙරළට වෙලා කාලය ගත කරමින් ඉන්නවා. මුහුද දෙස බලා සිටි ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට ගීතයක් ලියන්න ඕනේ කියා අදහසක් එනවා.  "මොකක් හරි තනුවක් කියපන්" කියූ විට ප්‍රියා සූරියසේනයන්, මේ ගීතයේ අද අපි අහන විදියට ම එවේලේ හිතට නැගුණ තනුව ලා..ලලලා...ලා....ලා...... වශයෙන් මුමුණනවා. ඒ තනුවට සාවධානව කන් දුන් ප්‍රේමකීර්ති මහතා "හෝව්! හෝව්!! හිටහං!!! හිටහං!!! මං ලියන්නං" කියා "ආදරණීය නේරංජනා.." යනුවෙන් ක්ෂණිකව කඩදාසි කැබැල්ලක ලියනවා. "ඔව් අපි දැන්ම මේක ගෙනිහින් Record කරමු". "අනේ ප්‍රේමකීර්ති අයියේ? අද සෙනසුරාදානේ. අද වාදක මණ්ඩලයෙත් ගොඩක් අය නෑනේ." "ආ ඒ ඕන නෑ මට මොකක් හරි එක භාණ්ඩයක් තිබුණොත් හොඳටම ඇති." එසේ කියූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා, ප්‍රියා සූරියසේනවත් ඇදගෙන මොරිස් මයිනර් ටැක්සියක නැගී කොල්ලුපිටියේ සිට ටොරින්ටන් හි පිහිටි ගුවන්විදුලි සංස්ථාවට එනවා. ඒ කාලයේ ඒ දුරට ටැක්සි මීටර ගාස්තුව රුපියල් 25/- ක් පමණයි.  ගුවන් විදුලි සංස්ථාවට යනවිට ඔවුන් දෙදෙනාට හමුවෙනවා, අද අපි අතර නැති සැක්සෆෝන් සහ බොක්ස් ගිටාර් වාදක රංජිත් පෙරේරා මහතා. "රංජි අයියා, මේ පොඩී ගීතයක් තියෙනවා. බැරිද ගිටාර් එක පොඩ්ඩක් ගහන්න එන්න?" යැයි ප්‍රේමකීර්ති මහතා අසනවා. මේ අතරේම එවකට ගුවන් විදුලියේ, ශබ්ද පරිපාලකයෙක් ලෙස කටයුතු කල, ප්‍රවීණ නළු යූ. ආරියවිමල් මහතාත් 12:301:00 ට වැඩ අවසන් කරලා යන්න හදන්න ඉන්නේ. "විමල්, පොඩි ගීතයක් තියෙනවා Record කරගන්න බැරිද?" කියලා ඔහුගෙනුත් ප්‍රේමකීර්ති මහතා අහනවා. "හරි හරි, අපි කරමු."  කොහෙන්දෝ පොඩි ටේප් කැබැල්ලක් අරගෙන විත් දැන් පටිගත කරන්නට සූදානම් වුණා. "ප්‍රියා, හරි දැන් උඹ අර තනුව කියපන්" කිව්වාම, ප්‍රියා සූරියසේන මහතාත් මුමුණනවා. රංජිත් පෙරේරා මහතාත් බොක්ස් ගිටාරයෙන් වයනවා. ඒ අතරේ ප්‍රේමකීර්ති මහතාත් ඉතිරි පද වැල සම්පූර්ණ කරනවා. "හරි! හරි!! උඹ ආදරණීය නේරංජනා කියන එක හතර පස් සැරයක් කියපන්" ඉතින් ඒ වචන ටික එහෙම්ම Chorus එක බවට පත්වුණා. ඒ අතරේම අනික් පද ටිකත් ලියවුණා. යූ. ආරියවිමල් මහතාත් මේ අතරේ පටිගත කරගත්තා. ප්‍රේමකීර්ති මහතාත් ගිහින් අහලා බැලුවාම අපූරුවට ගීතය පටිගත වෙලා තියෙනවා.  ඒක නෙමෙයි ප්‍රේමකීර්ති අයියේ, දැන් පරීක්ෂක මණ්ඩලයෙන් අනුමත කරලා නෑනේ මේ ගීතය? කොහොමද ප්‍රචාරයට දාන්නේ?" යනුවෙන් ප්‍රියා සූරියසේනයන් අසනවා. "හරි හරි ප්‍රශ්නයක් නෑ. අපි සංගීත පාලකතුමාට මේක දාලා බලමු. අපි කියමු මේක අවසරයෙන් තොර එකක්. මේ නිකං පටිගත කරා විතරයි කියලා කියමු." එවකට ගුවන් විදුලියේ සංගීත පාලකව සිටියේ, පී. ඩන්ස්ටන් ද සිල්වා මහතායි. එතුමාගේ අවසරය නැතිව එකල ගීතයක් ගුවන්විදුලියේ ප්‍රචාරය කරන්න බෑ.  වහා දිවගොස් එතුමාට මේ බව සැලකරන ප්‍රේමකීර්ති මහතා, ගීත පටිගත කර ඇති පටිගබඩාවට එතුමාව කැඳවාගෙන එනවා. "සර් මේක පොඩ්ඩක් අහලා බලන්න." "හ්ම්!!! දාන්න බලන්න". ගීතය ඇසූ එතුමා "හරි හරි මේක වාදනය කරන්න" කියා අනුමැතිය දෙනවා. දින 4ක් විතර මේ ගීතය ප්‍රචාරය වෙනවා. අවසානයේ අදටත් ඉල්ලුමක් ඇති අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත්වී තිබෙනවා.

 

(Copied මාධව විජේසේකර)

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
30 Apr 2021 10:59 PM
  •  Quote
  •  Reply
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා

මේ ගීතය මෙතුමාගේ මමත් ආසම කරන ගීතයක්....!
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 May 2021 07:21 PM
  •  Quote
  •  Reply
මෙතුමාගේ මමත් ආස ගීතයක් ..
0

dosthi83
Veteran Member
Veteran Member
Posts:1540






--
02 May 2021 06:08 AM
  •  Quote
  •  Reply
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
බුදු සරණයි
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Aug 2021 03:00 PM
  •  Quote
  •  Reply
Posted By Gayan Vidyarathna on 27 Apr 2021 08:04 PM

ආදරණීය නේරංජනා :love:

 

මම ආසම ගීතයක්.මුල්ම රේකොඩින් එක හම්බ උනා.ඔරිගීනල්  CD රිප් එකක් දන්න යද්දී යුටියුබ් සෙට් උනා. අහල බලන්න කොච්චර ලස්සනද , ඒ වගේම රුප රචනයක් නැතුව අහද්දී සිතේ කෙතරම් ලස්සනට චිත්ත රුප මැවෙනවද කියල.... ප්‍රේමකීර්ති ද අල්විස් ගේ මැජික් එකක් :love:

 

https://www.youtube.com/watch?v=P941IJ90GUk

 

ආදරණීය නේරංජනා

ආදරණීය නේරංජනා 

ආදරණීය නේරංජනා

ආදරණීය නේරංජනා 

ආදරණීය නේරංජනා 

ආදරණීය නේරංජනා  

 

ඔබ මුදු මදහස් රැළි මාලාවේ 

වෙලී බැදුණු දින රඟ ශාලාවේ 

තුන් හිතකින්වත් නොසිතූ විලසින් 

යළි ඔබ දැකුමට ආ වේලාවේ 

අප හමු වූ ගෙවුයන් සීමාවේ 

එක මොහොතක් පමණකි තනි වූයේ 

මටම ම පුදුමයි අදහන්නට බෑ 

මම ම නොවේ යළි ඉන් පිට වූයේ  

 

කවුදෝ මා පසු පස එනු දැනුණා 

පාළු වීදියේ තනිකම මැකුණා 

ජීවමාන කිසිවකු සිටියේ නෑ 

එනමුදු කවුදෝ ඇති බව වැකුණා 

නිදියහනේ මා නින්දට වැටුණා 

ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා 

එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ 

මගේ සිතම මට මුමුණනු ඇසුනා  

 

ආදරණීය නේරංජනා //  

 

පසුබිම් කතාව 

සෙනසුරාදා දවසක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සහ ප්‍රියා සූරියසේන මහතා කොල්ලුපිටියේ මුහුදු වෙරළට වෙලා කාලය ගත කරමින් ඉන්නවා. මුහුද දෙස බලා සිටි ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට ගීතයක් ලියන්න ඕනේ කියා අදහසක් එනවා.  "මොකක් හරි තනුවක් කියපන්" කියූ විට ප්‍රියා සූරියසේනයන්, මේ ගීතයේ අද අපි අහන විදියට ම එවේලේ හිතට නැගුණ තනුව ලා..ලලලා...ලා....ලා...... වශයෙන් මුමුණනවා. ඒ තනුවට සාවධානව කන් දුන් ප්‍රේමකීර්ති මහතා "හෝව්! හෝව්!! හිටහං!!! හිටහං!!! මං ලියන්නං" කියා "ආදරණීය නේරංජනා.." යනුවෙන් ක්ෂණිකව කඩදාසි කැබැල්ලක ලියනවා. "ඔව් අපි දැන්ම මේක ගෙනිහින් Record කරමු". "අනේ ප්‍රේමකීර්ති අයියේ? අද සෙනසුරාදානේ. අද වාදක මණ්ඩලයෙත් ගොඩක් අය නෑනේ." "ආ ඒ ඕන නෑ මට මොකක් හරි එක භාණ්ඩයක් තිබුණොත් හොඳටම ඇති." එසේ කියූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා, ප්‍රියා සූරියසේනවත් ඇදගෙන මොරිස් මයිනර් ටැක්සියක නැගී කොල්ලුපිටියේ සිට ටොරින්ටන් හි පිහිටි ගුවන්විදුලි සංස්ථාවට එනවා. ඒ කාලයේ ඒ දුරට ටැක්සි මීටර ගාස්තුව රුපියල් 25/- ක් පමණයි.  ගුවන් විදුලි සංස්ථාවට යනවිට ඔවුන් දෙදෙනාට හමුවෙනවා, අද අපි අතර නැති සැක්සෆෝන් සහ බොක්ස් ගිටාර් වාදක රංජිත් පෙරේරා මහතා. "රංජි අයියා, මේ පොඩී ගීතයක් තියෙනවා. බැරිද ගිටාර් එක පොඩ්ඩක් ගහන්න එන්න?" යැයි ප්‍රේමකීර්ති මහතා අසනවා. මේ අතරේම එවකට ගුවන් විදුලියේ, ශබ්ද පරිපාලකයෙක් ලෙස කටයුතු කල, ප්‍රවීණ නළු යූ. ආරියවිමල් මහතාත් 12:301:00 ට වැඩ අවසන් කරලා යන්න හදන්න ඉන්නේ. "විමල්, පොඩි ගීතයක් තියෙනවා Record කරගන්න බැරිද?" කියලා ඔහුගෙනුත් ප්‍රේමකීර්ති මහතා අහනවා. "හරි හරි, අපි කරමු."  කොහෙන්දෝ පොඩි ටේප් කැබැල්ලක් අරගෙන විත් දැන් පටිගත කරන්නට සූදානම් වුණා. "ප්‍රියා, හරි දැන් උඹ අර තනුව කියපන්" කිව්වාම, ප්‍රියා සූරියසේන මහතාත් මුමුණනවා. රංජිත් පෙරේරා මහතාත් බොක්ස් ගිටාරයෙන් වයනවා. ඒ අතරේ ප්‍රේමකීර්ති මහතාත් ඉතිරි පද වැල සම්පූර්ණ කරනවා. "හරි! හරි!! උඹ ආදරණීය නේරංජනා කියන එක හතර පස් සැරයක් කියපන්" ඉතින් ඒ වචන ටික එහෙම්ම Chorus එක බවට පත්වුණා. ඒ අතරේම අනික් පද ටිකත් ලියවුණා. යූ. ආරියවිමල් මහතාත් මේ අතරේ පටිගත කරගත්තා. ප්‍රේමකීර්ති මහතාත් ගිහින් අහලා බැලුවාම අපූරුවට ගීතය පටිගත වෙලා තියෙනවා.  ඒක නෙමෙයි ප්‍රේමකීර්ති අයියේ, දැන් පරීක්ෂක මණ්ඩලයෙන් අනුමත කරලා නෑනේ මේ ගීතය? කොහොමද ප්‍රචාරයට දාන්නේ?" යනුවෙන් ප්‍රියා සූරියසේනයන් අසනවා. "හරි හරි ප්‍රශ්නයක් නෑ. අපි සංගීත පාලකතුමාට මේක දාලා බලමු. අපි කියමු මේක අවසරයෙන් තොර එකක්. මේ නිකං පටිගත කරා විතරයි කියලා කියමු." එවකට ගුවන් විදුලියේ සංගීත පාලකව සිටියේ, පී. ඩන්ස්ටන් ද සිල්වා මහතායි. එතුමාගේ අවසරය නැතිව එකල ගීතයක් ගුවන්විදුලියේ ප්‍රචාරය කරන්න බෑ.  වහා දිවගොස් එතුමාට මේ බව සැලකරන ප්‍රේමකීර්ති මහතා, ගීත පටිගත කර ඇති පටිගබඩාවට එතුමාව කැඳවාගෙන එනවා. "සර් මේක පොඩ්ඩක් අහලා බලන්න." "හ්ම්!!! දාන්න බලන්න". ගීතය ඇසූ එතුමා "හරි හරි මේක වාදනය කරන්න" කියා අනුමැතිය දෙනවා. දින 4ක් විතර මේ ගීතය ප්‍රචාරය වෙනවා. අවසානයේ අදටත් ඉල්ලුමක් ඇති අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත්වී තිබෙනවා.

 

(Copied මාධව විජේසේකර)

මේ අන්තර්ගතය මම කලින් අහල තිබුනා

බෙදා ගැනීම පිලිබද ස්තූතියි

 

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
11 Sep 2021 12:59 PM
  •  Quote
  •  Reply
තවත් මෙවැනි සුන්දර ගීත ගැන සත්‍ය කතා දැනගන්නට කැමතියි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
17 Sep 2021 11:03 AM
  •  Quote
  •  Reply
මේ කතාව නම් මම දැනගෙන හිටියේ නෑ..
ස්තූතියි මිත්‍රයා...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
17 Sep 2021 03:54 PM
  •  Quote
  •  Reply
පට්ටම සින්දුව
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Reggie
Basic Member
Basic Member
Posts:226






--
20 Sep 2021 09:25 AM
  •  Quote
  •  Reply
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below