You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2019 09:56 PM by  maduranga001
මුද්දර විනෝදාංශය
 216 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 11 << < 12345 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
27 Aug 2016 02:46 AM
මමත් ළමා කාලයේ මුද්දර එකතුවට නැබුරුව හිටියා ...............මා ලග තිබු මුද්දර collation එක දැන් කොහෙද කියලවත් දන්නේ නැහැ.
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
27 Aug 2016 02:53 AM
Posted By gamini on 27 Aug 2016 02:46 AM
මමත් ළමා කාලයේ මුද්දර එකතුවට නැබුරුව හිටියා ...............මා ලග තිබු මුද්දර collation එක දැන් කොහෙද කියලවත් දන්නේ නැහැ.
අපරාදේ.. තිබුණානම් වටිනාකම කියලා වැඩක් නැහැ...

0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
27 Aug 2016 03:20 AM
Posted By indika76 on 27 Aug 2016 02:53 AM
Posted By gamini on 27 Aug 2016 02:46 AM
මමත් ළමා කාලයේ මුද්දර එකතුවට නැබුරුව හිටියා ...............මා ලග තිබු මුද්දර collation එක දැන් කොහෙද කියලවත් දන්නේ නැහැ.
අපරාදේ.. තිබුණානම් වටිනාකම කියලා වැඩක් නැහැ...



සමහර විට ලොකුදුවා ලග තියෙන්නත් පුළුවනි අහලා බලන්නට ඕන 
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
27 Aug 2016 05:22 AM
4. සිහිවටන පත්‍රිකා එකතු කිරීම

මුද්දර කාණ්ඩ නිකුත් කරන සමහර අවස්ථාවලදී එසේ නිකුත් කරනු ලබන සියළුම මුද්දර ඇතුලත්වන සේ දර්ශනීය පසුබිමක් සහිත සිහිවටන පත්‍රිකාවක් නිකුත් කරනවා.
සෑම වෙසක් හා නත්තල් මුද්දර සමඟ මෙය දකින්න පුළුවන්. වෙනත් විශේෂ අවස්ථාවලදීද සිහිවටන පත්‍රිකා නිකුත් කරනු ලබනවා...

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
27 Aug 2016 05:27 AM
මේක පලවෙනි එක නෙවෙයි නේද? පලවෙනි ප්‍රදර්ශනය වෙන්න ඇති නේද?

කොහොම නමුත් මොනරා කියල ලියල තියෙනවා වැරදිද මන්ද. මොණරා නේද හරි වචනෙ?

මම දන්නව ඉන්දික අයිය ළඟ හෙන කලෙක්ෂන් එකක් තියෙනවා කියල මේව.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
27 Aug 2016 05:30 AM
මොනරා කියලා තමයි ලියන්නේ.. මූර්ධජ ණ යන්න භාවිතා කරන්නේ නැහැ..
පළවෙනි මුද්දර ප්‍රදර්ශනය වෙනුවෙන් තමයි මෙය නිකුත් කලේ..
ඒ වගේම මා දන්නා විදියට පළවෙනි සිහිවටන පත්‍රිකාවත් මෙය විය යුතුයි...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
27 Aug 2016 05:40 AM
හැබැයි ර යන්න සමග බොහෝ විට යොදන්නේ මුර්ධජ ෂ යන්න සහ ණ යන්න නේද? අනේ මන්ද.

ඔයා ළඟ මේකේ කොපි එකක් තියෙනවද? මම කිව්වෙ මේ සිහිවටන පත්‍රිකාවේ? හරිම වටිනවා මේව දකින්න මෙහෙම හරි ලැබෙන එකත්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Aug 2016 05:42 AM
මොන තරම් වැදගත් තොරතුරැද මේවා හරිම වටිනවා බොහොමත්ම ස්තූතියි අයියේ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
27 Aug 2016 05:49 AM
Posted By maduranga001 on 27 Aug 2016 05:40 AM
හැබැයි ර යන්න සමග බොහෝ විට යොදන්නේ මුර්ධජ ෂ යන්න සහ ණ යන්න නේද? අනේ මන්ද.

ඔයා ළඟ මේකේ කොපි එකක් තියෙනවද? මම කිව්වෙ මේ සිහිවටන පත්‍රිකාවේ? හරිම වටිනවා මේව දකින්න මෙහෙම හරි ලැබෙන එකත්.

දැන් මගේ ළග එකයි තියෙන්නේ..

තව දෙකක් කලින් තිබුණා. මම ඒවා මුද්දර වගයකට හුවමාරු කලා...

(මුද්දර එකතුව වැඩි කරගන්න අපි කරන දෙයක් තමයි මුද්දර හුවමාරු කර ගැනීම. එමගින් විවිධ වර්ගයේ මුද්දර වැඩි කර ගන්න පුළුවන්)


0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
27 Aug 2016 07:29 AM
මුද්දර හුවමාරුව ගැන මටත් හොඳටම අත්දැකීම් තියෙනවා. හොඳ මුද්දරයකට වෙනත් වර්ගයේ මුද්දර කිහිපයක් උනත් ලැබෙනවා. දුර්ලභ වගේම වැඩිය හොයාගන්න අපහසු රටවල මුද්දර වලට වැඩි ඉල්ලුමක් තියෙනවා. ඒ මුද්දර වල වටිනාකම තීරණය කරන්න වෙන්නේ ඒ සඳහා ඇති ඉල්ලුමත් එක්ක තමයි. ඔය මුද්දර හුවමාරුව හරිම අමුතු සාස්තරයක්.

ඒ වගේම මුද්දර හුවමාරු කරන මුවාවෙන් මුද්දර ගල් කරන නොහොත් සාමාන්‍ය භාෂාවෙන් මුද්දර උස්සන කපටි යක්කුත් ඉන්නවා. ඒවා ප්‍රගුණ කල එවුන් මම දැකල තියෙනවා. උස්සන්නේ කොහොමද කියල හිතා ගන්න බැහැ. මගෙත් වටිනා මුද්දර ගොඩක් ඒ විදියට ගල් වුනා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
27 Aug 2016 07:57 AM
මුද්දර හුවමාරු කරන්න ගොස් හොද පරිප්පු මමත් කාලා තියෙනවා..
මට පේන්නේ මධුරංග මල්ලිටත් ඒ අත්දැකීම් ලැබිලා වගෙයි...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
27 Aug 2016 08:21 AM
මුද්දර පෙළ ගැස්විය යුතු ආකාරය

මුද්දර රැස් කිරීම විවිධ ක්‍රම අනුව සිදුකල හැකියි.
රටවල් අනුව, තේමාවන් අනුව සහ කාල වකවානු අනුව යන ක්‍රම මෙයින් ප්‍රධාන වේ.

රටවල් අනුව එකතු කිරීම මුද්දර වෙන් කිරීමේදී ඉතා පහසු ක්‍රමයකි. ගැටළුවකට ඇත්තේ මුද්දර සොයා ගැනීමේ අපහසුතාවයයි.

තේමාවන් අනුව මුද්දර එකතු කිරීම ජනප්‍රියම ක්‍රමයයි. මෙහිදී ක්ෂීරපායින්, පක්ෂීන්, මල්වර්ග, වාහන ආදී වශයෙන් වෙන් කිරීම සිදුවේ.

කාල වකවානු අනුව එකතු කරන්නන් බොහෝ විට මවු ‍‍රටේ මුද්දර බිහිවූ කාලය අනුව වෙන් කරයි.
මුද්දරය නිකුත් කිරීමේදී යොදනු ලබන බුලටින් අංකය අනුව පෙළ ගස්වා ගැනිම මෙහිදී වඩාත් පහසු ක්‍රමයයි.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
27 Aug 2016 08:56 AM

රටේ නම මුද්දරයෙහි සඳහන් වන අයුරු

ලොව පුරා මුද්දර නිකුත් කරනු ලබන රටවල් අතරින් ඇතැම් රටවල නාමය මුද්දරවල දක්වා ඇත්තේජාත්‍යන්තරව රටේ නම ලියවෙන ආකාරයට වඩා වෙනස් අයුරින්ය. එවැනි රටවල් කිහිපයක මුද්දරයෙහි දැක්වෙන නම සහ  ‍රටේ නම පහත දැක්වේ.

Afghan or Afghans - Afghanistan

Belgie or Belgique -Belgium

Brasil -Brazil

CCCP (Union of Soviet Socialist Republics) Russia

Ceskoslovensko -Czechoslovakia

Danmark - Denmark

Deutsche Bundespost  - West Germany

Deutsche Demokratische Republic - East Germany

Eire - Ireland

Espana - Spain

Francaise - France

Gronland - Greenland

Haute-volta - Upper Volta

Hellas - Greece

Helvetia -  Switzerland

Hrvatska -  Croatia or Yugoslavia

Island - Iceland

Italia or Italiane - Italy

Liban or Libanaise -  lebanon

Lietuva or Lietvos - Lithuania

Magyar - Hungary

Maroc - French Morocco

Nations Unies - United Nations

Nederland - Netherlands

Nippon - Japan

Norge - Norway

Osterreich - Austria

Philipinas - Philippines

Polska - Poland

Romana?Romina -Romania

Vaticane - Vatican City

Shqipenia - Albania

Suomi - Finland

Sverige - Sweden

Turkiye -  Turkey

U.A.R. - United Arab Republic

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
27 Aug 2016 12:50 PM
ඔය magyar මුද්දර නම් තියෙන්නේ magyar posta කියල මම හිතන්නෙ. magyar කියල විතරක් තියෙන ඒවා නම් මම දැකල නැහැ හැබැයි. මතක නැහැ.

ඒ වගේම රට සඳහන් නොවන මුද්දර ඇති රටකුත් ඇති බව අමතක නොකළ යුතුයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
27 Aug 2016 08:42 PM
Posted By maduranga001 on 27 Aug 2016 12:50 PM
ඔය magyar මුද්දර නම් තියෙන්නේ magyar posta කියල මම හිතන්නෙ. magyar කියල විතරක් තියෙන ඒවා නම් මම දැකල නැහැ හැබැයි. මතක නැහැ.

ඒ වගේම රට සඳහන් නොවන මුද්දර ඇති රටකුත් ඇති බව අමතක නොකළ යුතුයි.

මධුර මල්ලී නිවැරදියි.

 හංගේරියාවේ මුද්දරවල සඳහන් වන්නේ magyar posta කියලා..

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
27 Aug 2016 10:27 PM
ඒ වගේම UAE ලෙස සඳහන් වෙනවා ඔය UAR වෙනුවට මගේ මතකේ හැටියට.
United of Arab Emirates.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
27 Aug 2016 10:42 PM
මේ වැඩෙන් නොදන්න කරුණු ගොඩක් දැනගන්න පුලුවන් ....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
31 Aug 2016 09:47 PM
ආසියාවේ මුද්දර රජා



රෝලන්ඩ් හිල්ගෙන් ආරම්භ වූ මුද්දරය පිළිබඳව මෙරට මුද්දර එකතු කරන අයගේ අවධානය යොමු කරවූ ශ්‍රී ලංකාවේ මුද්දර විශාරදයා ප්‍රැන්සිස් පී.ගුණසේකර ය. “ආසියාවේ මුද්දර රජා” යන විරුදාවලියෙන් කීර්තියට පත් ගුණසේකර මහතා මුද්දර විනෝදාංශය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ “පිනි බිඳු” මුද්දර ළමා සමාජය නමින් සංවිධානයක් බිහි කෙළේය. ශ්‍රී ලංකාවේ මුද්දර ගැන කතා කරන විට ඕනෑම අයකුට මුලින්ම මතකයට නැඟෙන තරමට ඔහු මුද්දර කලාව හා බැඳී සිටියේය. 2010.06.24 වැනිදා වසර 87ක් ආයු වළඳා දිවියෙන් සමුගත් ප්‍රවීණ ලේඛක මාධ්‍යවේදී ෆ‍්‍රැන්සිස් පී.ගුණසේකර මහතා ඥානාර්ථ ප්‍රදීපයෙන් ලේඛන කලාවට පන්නරය ලැබ, ලොව මුද්දර සම්බන්ධව සිළුමිණ, දිනමිණ, මිහිර, ඩේලිනිවුස්, සන්ඩේ ඔබ්සර්වර්, වැනි පුවත්පත්වලට නිතරම හරබර ලිපි සැපයුවේය. 1923 ජූනි මස 16 වැනිදා උපත ලැබූ ගුණසේකර මහතා විගනකාධිපති දෙපාර්තමේන්තුවේ ගණන් පරීක්ෂකයකු ලෙසින් සේවය කර විශ්‍රාම ලබා සිටියේය.

සාම විනිසකරුවකු වූ ගුණසේකර මහතා, වර්ෂ 1991 මැයි මස 29 වැනිදා මුද්දර විනෝදාංශය වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් ආර්.ප්‍රේමදාස දිවංගත ජනාධිපතිතුමා අතින් උපහාර ලැබීය. පාසල් දරු දැරියන් වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් දේශබන්ධු ඉඩිත් ඇම්.ඒ.ප්‍රනාන්දු මැතිනිය වෙතින් 1992 වසරේදී වත්තල පෙගාසස් රීෆ් හෝටලයේ පැවැති විශේෂ උපහාර උලෙළකදී ‘ශ්‍රී ලංකා මුද්දර විශාරද’ යන ගෞරව නාමයෙන් ද පිදුම් ලැබීය. 1991 වසරේ කඳාන සාන්ත සෙබස්තියන් බාලිකා විදුහලේ දී පැවැති ජා-ඇල ප්‍රාදේශීය රාජ්‍ය සංස්ථා සේවක සුබසාධක සමිතිය මෙහෙයවූ කුසලතා සම්මාන උළෙලේදී සම්පත් ලේඛන කලා ගෞරව අධි සම්මානයෙන් පිදුම් ලැබීය. ගුණසේකර මහතා ඥානාර්ථ ප්‍රදීපය හොඳම ලිවිසුරු සම්මානය ද හිමිකර ගත්තේය.

ගුණසේකර මහතා ලේඛන කලාවේ මහ මෙහෙයක් ඉටුකළ ලංකා පුත්‍රයෙකි. එකම තේමාවක් පිළිබඳව නොකඩවා අවුරුදු 40කට වැඩි කාලයක් සතිපතාම, සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්ම පුවත්පත් සඟරා ආදියට ලිපි 5000 ක් පමණ සැපැයූ ඔහු අපේ රටට ආඩම්බරයකි.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
31 Aug 2016 10:17 PM
පිනිබිඳු මුද්දර සමාජය මටත් මතකයි. මේක තවමත් තියෙනවද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Sep 2016 10:11 AM
මුද්දර ගැන ඉන්දික අයියාගෙන් සෑහෙන වටින තොරතුරු රැසක්...
0
You are not authorized to post a reply.
Page 2 of 11 << < 12345 > >>