You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 05 Apr 2017 06:56 PM by  Supun Max
සිංහල අලුත් අවුරුද්ද ජීවිතය සැලසුම් කිරීමේ පෙරහුරුවක්‌
 7 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
04 Apr 2016 03:51 AM
    සිංහල අලුත් අවුරුද්ද 
    ජීවිතය සැලසුම් කිරීමේ පෙරහුරුවක්‌
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    04 Apr 2016 03:52 AM

    සිංහල අලුත් අවුරුද්ද

    ජීවිතය සැලසුම් කිරීමේ පෙරහුරුවක්‌



    දොළොස්‌ මසක්‌ ගෙවී තවත් දොළොස්‌ මසක්‌ ඇරැඹෙන සිංහල අලුත් අවුරුදු උදාවට ඇත්තේ තව දින කිහිපයකි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සංකේතවත් කරන මේ ජාතික උත්සවය වසරක්‌ පාසා අපට සිහිපත් කර දෙන්නේ මානව වර්ගයාගේ පැවැත්මට සාමය සමගිය සුහදතාව රැඳි සමාජයක අවශ්‍යතාවයි. සොබාදහමේ රිද්මය රැඳි සිංහල අලුත් අවුරුද්ද අපට පසක්‌ කරන්නේ සෞභාග්‍යවත් ජීවිතයකට සොබාදහම සහ අප අතර තිබිය යුතු සබඳතාවයි.

    සිංහල අලුත් අවුරුද්ද තුළ රැඳි මේ පණිවිඩය පිළිබඳ මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාසයන් කරන විග්‍රහයකි මේ.

    නවීන ශිෂ්ටාචාරය සමග කඩිනම් ගමනක නිරතවෙලා සිටින වර්තමාන සමාජයට සිංහල අලුත් අවුරුද්ද කෙබඳු මඟපෙන්වීමක්‌ද කරන්නේ?

    සිංහල අලුත් අවුරුද්ද කියන්නෙ අපටම අනන්‍ය වූ සිරිත් විරිත් වලින් යුතු උත්සවයක්‌. සිංහල හා දෙමළ ජනතාව ඔවුන්ගේ සංස්‌කෘතීන් තුළ සිට මේ උත්සවය සැමරුවත් ජාතික උත්සවයක්‌ හැටියට රටේ සියලුම ජනතාවට මෙහි බලපෑමක්‌ තිබෙනව. වැඩිහිටියන් හැටියට අපි ආපහු හැරිල බැලුවොත් අපේ ළමා කාලයේ අවුරුදු උත්සවය පැවැත්වූ විදිහට නෙමෙයි අද අවුරුදු උත්සවය පැවැත් වෙන්නෙ. කාලයේ ගමන්මඟ සමග චාරිත්‍ර වාරිත්‍රවලත් යම් යම් වෙනස්‌වීම් සිදුවෙනව. එය ස්‌වාභාවිකයි.

    රටේ ආර්ථික, අධ්‍යාපන හා ජනමාධ්‍යයන්හි වෙනස්‌වීම් දෙස බලනවිට මේ සියල්ලම අලුත් අවුරුද්දේ චාරිත්‍ර කෙරෙහි බලපාල තියෙනව. විශේෂයෙන් ජනමාධ්‍යයන්හි ක්‍රියාකාරිත්වය මේ සඳහා සාධනීය ලෙස බලපාල තියෙනව. සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ චාරිත්‍රවාරිත්‍ර පිළිබඳ ජනතාව තුළ අවදිකිරීමක්‌ ජනමාධ්‍ය හරහා සිදුවෙනව. ජාතික සංස්‌කෘතිය සංරක්‍ෂණය සඳහා විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළින් විශාල දායකත්වයක්‌ සැපයෙනවා. මේ නිසාම අද සිංහල අලුත් අවුරුද්ද අපේ මුළු සමාජයටම ජාතික සංස්‌කෘතිය පිළිබඳ හැඟීමක්‌ ලබාදෙන උත්සවයක්‌ බවට පත්වෙලා තිබෙනව.

    නමුත් අප සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වල ඇති හරය හා නිවැරැදි භාවිතය ඉන් බැහැර වීම නිසා තරුණ පරපුර අතරේ අවුරුදු චාරිත්‍ර යම් අවතක්‌සේරුවකට ලක්‌වෙමින් තිබෙනවා. සිංහල අලුත් අවුරුද්ද අපට කියාදෙන සැලසුම් සහගත ජීවිතයක අගය ඔබ කොහොමද දකින්නේ?

    අලුත් අවුරුදු චාරිත්‍ර තුළින් විශේෂයෙන් සමාජය හුරුකරවන්නේ කිසියම් කාර්යයක්‌ නියමිත වෙලාවට සැලසුම්ව කරන ආකාරය, වැඩ අත්හැරීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය වැනි චාරිත්‍රවල පදනම නියමිත වේලාවකට සැලසුම් කර කිසියම් කාර්යයක්‌ කිරීමයි. වෙලාවට වැඩක්‌ කරන්නෙ නැහැ කියන එක අද සමස්‌ත සමාජයටම තිබෙන චෝදනාවක්‌. අලුත් අවුරුද්ද කියන්නෙ එක්‌තරා ආකාරයකට තමන්ගෙ ජීවිතය සැලසුම් කිරීම පිළිබඳ වසරකට වරක්‌ කරන පෙරහුරුවක්‌. ජීවිතය ක්‍රමානුකූලව සැලසුම් කිරීමේ අවශ්‍යතාව වසරකට වතාවක්‌ හෝ සමාජයට සිහිගැන්වීම ඉතාමත් වැදගත් කාරණයක්‌. සමාජය තුළ සංස්‌කෘතික පුනර්ජීවනයක්‌ ඇති කිරීම සඳහා එයින් ඇතිකරන බලපෑම විශාලයි. අලුත් අවුරුදු උත්සවය තුළින් වෙලාවට වැඩ කිරීම පිළිබඳ සමාජයට දෙන පණිවිඩය අද කාලීන අවශ්‍යතාවක්‌.

    නවීන තාක්‍ෂණය හරහා මුළු ලෝකයම අද එකම ගම්මානයක්‌ බවට පත්වෙලා තිබෙනවා. මේ නිසා බටහිර යම් යම් අංග සිංහල අලුත් අවුරුද්ද හා සම්බන්ධ වීමේ ප්‍රවණතාවක්‌ දකින්නට පුළුවන්. මේ නිසා සිංහල අලුත් අවුරුද්දේ සිංහලකම රැකගැනීමේ අවශ්‍යතාවක්‌ අද මතුවෙලා තිබෙනවා නේද?

    සිංහල අලුත් අවුරුද්ද තුළ අපට ආවේණික සිරිත් විරිත් කෑම් බීම්, කෙළි සෙල්ලම් තිබෙනවා. මෙවැනි දේ නොතිබුණා නම් මේ ජාතික උත්සවය අභාවයට යන්නත් තිබුණා. අතීතයේ ගම්වල කැවුම් පිසීමේදී කොණ්‌ඩය ගැනීමට දක්‍ෂ අය බොහෝ හිටියා "කොණ්‌ඩය ගැනීම" කැවුම් පිසීමේදී විශේෂ කලාවක්‌. අද එවැනි දේ කළ හැකි පිරිස එතරම් බහුල නැහැ. නමුත් මෙහි වටිනාකම දන්න සමහර තරුණ අය අද මෙය ඉගෙන ගෙන තිබෙනවා. මේවා අපේ ජාතික සංස්‌කෘතියට අයිති දේවල්. කැවුම්, ආස්‌මී වැනි කෑම වර්ග සෑදීමේ පාරම්පරික කලාවක්‌ තිබෙනවා. අද අවුරුද්ද පුරාම මේ කෑම වර්ග හදා විකුණන අලෙවි සල් බිහිවෙලා තිබෙනවා. ඒ නිසා එක පැත්තකින් වාණිජමය වටිනාකමක්‌ මේ දේවලට ඇතිවුණහම ඒ සඳහා පුරුදු පුහුණු වන පිරිසකුත් බිහිවෙනවා. මා දකින්නේ එය හොඳ ප්‍රවණතාවක්‌ විදිහටයි. සිංහල අලුත් අවුරුද්දේ සිංහලකම රැකෙන්නේ අලුත් අවුරුද්ද හා බැඳුණු සිරිත් විරිත් කෑම බීම කෙළි සෙල්ලම් ආදිය සමාජය තුළ පැවතුන හොත් පමණයි.

    සිංහල අලුත් අවුරුද්ද බෞද්ධයන්ගේ හා හින්දුන්ගේ ප්‍රධාන උත්සවයක්‌ වුවත් එය කිසිම ආගමකට සීමා වූවක්‌ නෙමෙයි. මේ නිසාම මේ උත්සවයට රටේ සියලුම ජනතාවට සම්බන්ධ විය හැකියි. මේ කාරණය සැලකුවොත් අද අපේ රටට අත්‍යවශ්‍යව ඇති ජාතික එකමුතුව සඳහා සිංහල අලුත් අවුරුද්ද ඇතිකරන පෙළඹවීම ඔබ දකින්නෙ කොහොමද?

    ජාතික සමගිය වර්ධනය කරගැනීම සඳහා මේ මතුවී තිබෙන්නේ සුදුසුම අවස්‌ථාවක්‌. අපි අපේ අසල්වැසියන් සමග ජාතිය ආගම කුලය නොසලකා සිංහල අලුත් අවුරුද්දේදී ආහාර පාන බෙදාහදා ගන්නවා. සුළු සුළු තරහ මරහ අමතක කරල සුහදතාව මිත්‍රත්වය වර්ධනය කර ගන්න වසරකට වරක්‌ එළැඹෙන මේ අවස්‌ථාව ඉතාමත්ම වැදගත්. අලුත් අවුරුදු දිනවලට සෑම කෙනෙක්‌ම තම තමන්ගේ නිවෙස්‌වල රැඳෙන නිසා එය මේ සුහදතාව වර්ධනය කරගැනීමට රුකුලක්‌. සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ අප හැම දෙනෙක්‌ තුළම පොදු විශ්වාසයක්‌ තිබෙනවා. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් අලුත් අවුරුද්දක්‌ උදාවෙන බව සියලු දෙනාම විශ්වාස කරන දෙයක්‌. මේ පොදු විශ්වාසයත් එකිනෙකා අතර මිත්‍රත්වය සුහදතාව ඇතිවීමට හේතුවක්‌ වී තිබෙනවා. පුණ්‍ය කාලය තුළ සියලු දෙනා සියලු වැඩ අතහැර ආගමානුකූල ක්‍රියාවන්හි යෙදීම වැනි සාමුහික වශයෙන් සිදු කෙරෙන පොදු ක්‍රියාවන් තුළින් ද එවැනි බැඳීමක්‌ මුළු සමාජය පුරා ඇතිවෙනවා. ප්‍රධාන වශයෙන් සිංහල දෙමළ ජනතාව පවත්වන උත්සවයක්‌ වුවත් මේ උත්සවය තුළින් ඇතිවන සාමුහිකත්වය තුළින් සුහදතාව පිළිබඳ පණිවිඩය සමාජය පුරාම පැතිරෙනවා. සිංහල අලුත් අවුරුද්ද වැනි ප්‍රධාන උත්සවයක බලපෑම මුළුමහත් සමාජයටම දැනෙනවා. ඒ නිසා අපේ රටේ සියලුම ජාතීන් සමග මිත්‍රත්වය ගොඩනඟා ගන්න මේ ඉතාම හොඳ අවස්‌ථාවක්‌.

    සිංහල අලුත් අවුරුද්ද හා සොබාදහම අතර තිබෙන්නේ දැඩි බැඳීමක්‌. බක්‌ මාසය හඳුන්වන්නේ භාග්‍යවන්ත මාසය විදිහටයි. අලුත් අවුරුදු චාරිත්‍රත් කෙළින්ම සොබාදහම හා සම්බන්ධයි. සිංහල අලුත් අවුරුද්ද තුළින් පිළිබිඹු කෙරෙන සොබාදහමේ රිද්මය ඔබ විස්‌තර කරන්නේ කොහොමද?

    සිංහල අලුත් අවුරුද්ද සූර්යයාගේ ගමන්මඟ හා සම්බන්ධයි. අද ලෝකයේ දේශගුණ තත්ත්වයන්හි වෙනස්‌කම් පෙනෙන්නට තිබුණත් සිංහල අලුත් අවුරුද්ද උදාවෙන අප්‍රේල් මාසයේ ගහ කොළ මල් පල වලින් පිරෙනවා. මුළු පරිසරයේම අමුතු පිබිදීමක්‌ තිබෙනවා. මිනිසාගේ ක්‍රියාකාරකම් තුළින් දේශගුණ තත්ත්වයන් අද වෙනස්‌ වී ඇතත් සිංහල අලුත් අවුරුද්ද සමග තිබෙන සොබාදහමේ බැඳීම තවමත් නොවෙනස්‌ව පවතිනවා.

    සිංහල අලුත් අවුරුද්ද එක්‌තරා ආකාරයකට පරිසරය විනාශ කරන මිනිසාට ඒ ගැන සිතා බලන්නටත් එළැඹෙන හොඳ අවස්‌ථාවක්‌. පරිසරයේ නව පිබිදීමක්‌ තුළින් එළැඹෙන මෙම උත්සව සමය තුළ මහපොළොව ගහ කොළ සුරැකීමේ වටිනාකමත් ඉන් ලබන ඵල ප්‍රයෝජන තුළින් සැලසුම් සහගතව ජීවිතය සාර්ථක කර ගත හැකිය යන පණිවුඩයත් ප්‍රකාශ වෙනවා. නූතන යුගයට ගමන් කරන විට චර්යාවන් හැඩගසා ගත යුත්තේ සොබාදහමට එකඟව පරිසරය සුරැකෙන පරිද්දෙන් යන්න අවබෝධ කරගැනීමට වසරක්‌ පාසා මේ සිදුකරන්නේ සිහි කැඳවීමක්‌. එය වටහා නොගත්තොත් විශේෂයෙන්ම අද ලෝකය ජල අර්බුදයකට මුහුණදී සිටිනවා. විදුලි අර්බුදයකට මුහුණදී සිටිනවා. සොබාදහමට හා පරිසරයට සැලකිය යුතු ආකාරය කෙබඳුද යන්න අවබෝධ කර ගැනීමට සිංහල අලුත් අවුරුද්ද හා සොබා දහම අතර ඇති බැඳීම ආදර්ශයක්‌.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    04 Apr 2016 08:39 AM
    කතාව ඇත්ත....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    04 Apr 2016 06:20 PM
    තොරතුරු වලට ස්තුත්යි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    05 Apr 2016 11:48 PM
    මම නම් සැලසුම යොදන්නේ අවුරුද්දෙන් පස්සේ..
    අප්‍රේල් පඩියත් අවුරුද්දට වියදම් කරනවා..
    ඊලගට තියෙන මැයිමාසේ පඩිය ලැබෙන්නේ මැයි 25 ට.. එතකං ලොකු සැලසුමක් යන්න වෙනවා..
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    06 Apr 2016 01:32 AM
    Posted By indika76 on 05 Apr 2016 11:48 PM
    මම නම් සැලසුම යොදන්නේ අවුරුද්දෙන් පස්සේ..
    අප්‍රේල් පඩියත් අවුරුද්දට වියදම් කරනවා..
    ඊලගට තියෙන මැයිමාසේ පඩිය ලැබෙන්නේ මැයි 25 ට.. එතකං ලොකු සැලසුමක් යන්න වෙනවා..

    හරියට හරි අයිය එන්න ඒක තමා අවුරැදද පහු වෙලා අතේ සතේ නැතුව කරන අමුතුම සැලැස්ම
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    04 Apr 2017 03:08 AM
    අපේ කස්ටියට වැඩිපුරම තියෙන්නෙ ඉතින් ලෝන් සැලසුම් නේ. රටේ මහා තැන වල ඉඳලම ලොකු පොඩි හැමෝම ඉතින් ණය සැලසුම් තමා.

    වෙන සැලසුම ඇත්තෙම නැද්ද අපෙ සෙට් එකට?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    05 Apr 2017 06:56 PM
    Niyamai e
    0
    You are not authorized to post a reply.