You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Mar 2018 01:05 PM by  maduranga001
ඩීසල් හයිඩ්‍රොලික් යතුරු යතුරු පැදිය
 117 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 6 << < 23456 > >>
Author Messages

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
21 Jun 2016 09:51 PM
ස්තුති අයියේ මේ මැෂින් එක බලාගන්න ඉඩ ලබා දුන්නට
මාර වැඩ ටිකක් වෙනවනේ මේකෙන් බලන් ගියාම
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Jun 2016 09:03 AM
පිස්සු හැදෙයි.....මේක නම් මාරයි.අපේ රටේ කොහෙද මේවා.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Oct 2016 09:38 AM

Posted By indika76 on 16 May 2016 07:50 PM
ගාල්ල කියන්නේ රේල් පාරේ අන්තිම .. එතනින් පස්සේ කෝච්චි එන්ජිම හරවාගෙන ඇවිත් අනිත් පැත්තට සවිකරනවා...
එන්ජින් එක ඇවිල්ලා කෝච්චියේ හැප්පෙනකම් අපි බලාගෙන ඉන්නවා ...


අම්මෝ මම .....නම් කෝච්චියේ එකම එක පාරයි ගියෙ.... බයේ බෑ
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Oct 2016 10:13 AM
ලංකාවටනං මේ වගේ එකක් ගේන්න බැරිවෙයි. ගේන්නෙත් නැතිවෙයි
මොකද කොමිස් කාරයන්ගෙ කොමිස් පාර නැති වෙනවනේ
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
25 Jan 2017 09:57 PM

රිය පදවන ඔබ දතයුතු කරුණු හයක්


මාර්ග අනතුරු කියපු ගමන්ම ඇග සීතල වෙලා යනවා නේද? ඔව් ඒ තරම්ම මාර්ග අනතුරු වලින් මාරක විපත් ගෙන එනවා. පසුගිය වසරේ පොලිස් සංඛ්‍යා ලේඛන දෙස බලන විට දිනකට මාරක අනතුරුවල සාමාන්‍යය 6ක් පමණ වෙනවා. එය බොහොම බරපතළ තත්වයක් බව හදුන්වන්නට පුළුවන්. පසුගිය වසරේ රිය අනතුරු වලින් මිය ගිය සංඛ්‍යාව 2800ක්ද, බරපතළ තුවාල ලැබුවන් ගණන 7719ක්ද, සුළු තුවාල ලැබුවන් ගණන 13,095ක් හා පොදුවේ වසරකට රුපියල් බිලියන 130ක මුදල් අලාභ හානියක් වන බව වාර්තා වල සටහන් වෙනවා.

තව දුරටත් සංඛ්‍යා වාර්තා නිරීක්ෂණය කිරීමේදී ලෝකයේ වසරකට රථ වාහන අනතුරු නිසා ජීවිත ලක්ෂ 12ක් හා තවත් ලක්ෂ 40ක් බරපතළ තුවාල ලබන බවත් එය යුද්ධ වලින් මිය යන ප්‍රමාණයට වඩා වැඩි බවත් ලෝක සෞඛය සංවිධානය ප්‍රකාශ කරනවා. මෙම රිය අනතුරු වලින් 80%කට හේතුව රියදුරන්ගේ වැරදි ලෙස සටහන්.

ලෝකයේ මෙම තත්වය ශ්‍රී ලංකාවටත් ඒ ලෙසම බලපාන බව එදිනෙදා අනතුරු වලින් අපට පෙනී යනවා. ඉතින් අද අපි ලිපිය තුළින් ගෙන එන්නට හිතුවේ වාහනය පැදවීමට පෙර සිතා බැලිය යුතු කාරණා කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. තවත් වැදගත් කරුණු තියනවනම් අපට comment එකකින් ඒ බව කියලා යන්නත් ඔබට පුළුවන්.

01. වැරදි කරන්නේ දැන-දැනමද?

හදීස්සියේ ප්‍රතිඵල (Los Angeles Times)
හදීස්සියේ ප්‍රතිඵල (Los Angeles Times)

රියදුරන් මාර්ග නීති කඩ කරමින් වැරදි කරන්නේ දැන දැනමද යන්න සාධාරණ සැකයක් බොහෝ වෙලාවට අපේ හිත් වලට නැගෙනවා. ඒ බව ත්‍රීවීලර් හා බස් රථ පිටුපස ලියා තිබෙන වැකි හෙවත් ත්‍රිවිල් හා බස් වදන් වලින් පැහැදිලි වෙනවා.

“වරදක් කළත් හිතකින් නොවේ”

“අපි කරන වැරදි වලට ගෙදර අම්මට බනින්න එපා”

“වමෙන් ගියත් අපි දකුණේ කොල්ලෝ”

“වැරදි කරන්නේ නොකර බැරි නිසයි”

මේ ආකාරයට දැන දැනම වැරදි කරන රියදුරන්ට අමතරව තමන්ගේ තත්වය හා රාජ්‍ය බලය අතට ගෙන ක්‍රියා කරන පුද්ගලයන් මාර්ග නීති තඹයකටවත් මායිම් නොකර කඩ කරන එක විලාසිතාවක් බවට පත් කරගෙන අවසන්.

මෙහි උග්‍ර අවස්ථාවක් ලෙස රාජ්‍ය රථ වාහන වල යම් යම් ලාංජන ඉදිරිපස අලවා අදාළ නිලධාරීන් නැතුව පවා ඉතාමත් පැහැදිළිව මාර්ග නීති කඩකරන රියදුරන්ව හදුන්වන්නට පුළුවන්. ඔවුන් විසින් වැරදි කිරීම වීර ක්‍රියාවක් ලෙස සලකනවා. තවත් රියදුරන් තමන්ගේ වරප්‍රසාද සියල්ලම නීතිය අතට ගැනීම උදෙසා යොදවනු ලබනවා.

මාර්ගයේ පවතින නොයෙක් අඩුපාඩුද, රියදුරන් අතර පවතින තරඟකාරීත්වය, රියදුරන්ගේ අධිමානය හා අවමානය හා රූපවාහිනී මාධ්‍ය තුළින් විකාශය කෙරෙන බොහොමයක් වැඩ සටහන්ද රියදුරන්ගේ මාර්ග නීති උල්ලංඝණය කිරීම් සඳහා යම් දායකත්වයක් ලබා දෙනවා යන්න පැවසීම ඉතා නිවැරදියි.

02. ඉස්සර කරන්නේ බලාගෙන

වැරදි ඉස්සර කිරීම් (Qatar Living)
වැරදි ඉස්සර කිරීම් (Qatar Living)

වාර්තා වෙන අනතුරු ප්‍රමාණයෙන් වැඩිම අනතුරු සංඛ්‍යාවකට හේතුව වන්නේ අපරික්ෂාකාරීව වාහන ඉස්සර කිරීමයි.

ඉස්සර කරන්නෝ වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. හදීසි රාජකාරි සඳහා යන ගිලන් රථ හා ගිනි නිවන රථ පළමු කාණ්ඩය වන අතර ඒ සඳහා ඔවුන්ට වෙනම අවසරපත් තිබෙනවා. තමන්ගේ පුද්ගලික අරමුණ සඳහා වේගයෙන් අපරික්ෂාකාරීව ඉස්සර කරන්නන් දෙවන කාණ්ඩයට ඇතුල් වෙනවා.

හේතුවක් ඇතත් නැතත් පුරුද්දට මෙන් අන් වාහන ඉස්සර කර යා යුතුයි යන අධිමානසික මතයේ සිටින රියදුරන් මින් ප්‍රධාන තැනක් ගන්නවා. තමන්ගේ වාහනයට වඩා හොද තත්වයේ වාහනයක් දුටු විට එය ඉස්සර කර යාමේ රෝගයෙන් පෙලෙන රියදුරන් මෙන්ම තමන්ගේ වාහනයට වඩා තත්වයෙන් අඩු වාහන තමන්ව ඉස්සර කිරීම වැළක්වීම සඳහා ක්‍රියා කරන රියදුරන්ද දැක ගන්නට පුළුවන්. ඒ වගේම ඉස්සර කිරීම තමන්ගේ ගරුත්වයට හේතු වන බව හිතන අයත් ඉන්නවා. තවත් විටෙක අපරික්ෂාකාරීව වාහන ඉස්සර කිරීමට රියදුරන්ට බලපෑම් ලැබෙන්නේ වාහන තුළ ගමන් කරන අයගෙන්මයි.

කවුරු කෙසේ මාර්ග නීති කඩ කරමින් ඉස්සර කළත් කිලෝමීටරයක් දුරකදී ඔවුන් ඉස්සර වී ඇත්තේ තත්පර කිහිපයකට පමණයි. තවත් අය මෙහෙම ඉස්සර කරලා ගිහින් ඉදිරියේ තැනක නවත්වා තේ පානය කරන හෝ වෙනත් කරුණකට නැවතී ඉන්නවා ඔබ දැක තිබේද? ඇත්තෙන්ම ඉස්සර කරන්නන්ගෙන් 90% කට කිසිදු හේතුවක් නෑ ඔවුන් කරන දේ කරන්නට . බලාගෙන ගියාම ඔවුන්ට තිබෙන්නේ ඉස්සර කිරීමේ මේනියාව පමණයි.

03. රථය ගැන පුර්ණ විශ්වාසය

කොතරම් නවීන රථයක් වූවත් අනතුරකදී ගිනි ගැනීමට පුළුවන් (Bloomberg)
කොතරම් නවීන රථයක් වූවත් අනතුරකදී ගිනි ගැනීමට පුළුවන් (Bloomberg)

තමන්ගේ රථය පිළිබඳව පුර්ණ විශ්වාසයක් තබා ධාවනය කිරීමද අද රියදුරන්ගේ ලක්ෂණයක්. වාහනයේ නවීනත්වය මත අනතුරු වීමේ සම්භාවිතාව අඩු වේයැයි ඔවුන් සිතනවා. එසේනම් නවීන තාක්ෂණයෙන් යුතු වාහන කොතෙක් පැමිණියත් අනතුරු අඩු නොවන්නේ ඇයි?

තමන්ගේ වාහනයේ සීට් බෙල්ට්, එයාර් බෑග් පිළිබඳව 100%ක් විශ්වාසය තැබීම නුවණට හුරු නෑ. ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන නවීන වාහන වල එයාර් බෑග් ක්‍රියාත්මක වන්නේ සීට් බෙල්ට් පැළද සිටියොත් පමණයි.

එනම් නවීන තාක්ෂණය පිළිබඳව නිවැරදි අවබෝධයකින් සිටිය යුතු වෙනවා. කොතරම් අති නවීන වූවත් අධික වේගය හමුවේ ආරක්ෂාකාරී නෑ, අනතුරකට ලක් වූ විට ගිනි ගැනීමේ හැකියාව තියනවා. ඒවගේම ඩෑෂ් බෝර්ඩ් එක මත කිසිදු දෙයක් නොතැබීමට වග බලා ගත යුතු වෙනවා.එයට හේතුව වන්නේ එයාර් බෑග් පිම්බෙන විට ඩෑෂ් බෝර්ඩ් එකේ තිබෙන දේවල් වේගයෙන් මුහුණේ වදින්නට පුළුවන්. ගමන පිටත් වීමට පෙර රිය පන ගන්වා තැබීම එන්ජිමටත් හොදයි. උදේ 7-8 හා සවස 4-5 අතර ධාවනයේදී අව් කන්නාඩි පැළදීම ඉතා වැදගත් වෙනවා.

ටයර් නිවැරදිව යෙදීම ඒ කියන්නෙ Front Wheel වාහන වල එන්ජිමෙන් කරකවා දෙන්නේ ඉදිරිපස රෝද දෙක පමණයි. එවිට පිටුපස රෝද සඳහා බොහෝ දෙනෙක් යොදන්නේ ගෙවී ගිය ටයර්. නමුත් අනතුරකදී සුක්කානමෙන් ඉදිරිපස රෝද පමණක් පාලනය කරන බැවින් පසුපස රෝද ලිස්සීම වැළක්වීමට හොද තත්වයේ ටයර් යෙදිය යුතු වෙනවා.

04. රිය අනතුරු වලට බය නෑ

රක්ෂණ සමාගම් නිසා අනතුරු වලට බය නෑ (www.epravda.com)
රක්ෂණ සමාගම් නිසා අනතුරු වලට බය නෑ (www.epravda.com)

වසර 2002න් පසුව රිය අනතුරු වාර්තා වීම අඩු වීමක් දකින්නට ලැබෙනවා. නමුත් සත්‍ය තත්වය වන්නේ ඒ පිළිබඳව පොලිසිය දැනුවත් නොකිරීමයි. විවධ රක්ෂණ නියෝජිත සමාගම් තරඟයට මෙන් අනතුරු සඳහා වන්දි ගෙවීම කාර්යක්ෂම කර තිබෙන බැවින් බොහෝ රියදුරන් දැන් අනතුරු වලට බය නෑ. ඕනෑම නීති විරෝධී අනතුරක් වූවත් ජායාරූපයකින් හානි පුර්ණය කර ගන්න පුළුවන්නේ.

පවතින නීතිය අනුව රිය අනතුරක් සිදු වූ විට වෙනත් තැනැත්තෙක් රිය පැදවූ බවට ඉදිරිපත් කළ හැකි වීමත්, අනතුරකට පසු ලැබෙන දඩුවම හෝ ගෙවිය යුතු දඩය අඩු වීම හා නීතිය ක්‍රියාත්මක කරන්නනන්ට බලපෑම් කිරීමට ඇති හැකියාවත් රිය අනතුරු වලට බිය නොවීමට තවත් හේතූන් වෙනවා.

05. නිවැරදිව පාර්ක් කරමු

බොහෝ දෙනෙක් මෙසේ දැන්වීම් යොදන්නේ නිත්‍යානුකූල අවසරයක් නොමැතිවයි. (www.signsnow.com)
බොහෝ දෙනෙක් මෙසේ දැන්වීම් යොදන්නේ නිත්‍යානුකූල අවසරයක් නොමැතිවයි. (www.signsnow.com)

අක්‍රමවත් ලෙස වාහන ගාල් කිරීම තදබදයට මුලික හේතුවක්. ඒ සමඟම ඇති වන පරිසර දුෂණය හා කාලය අපතේ යැවීම රටේ සංවර්ධනයට ඉමහත් සේ බලපානු ලබනවා. බොහෝ තැන් වල රථ ගාල් කිරීමට ඉඩ නැති වීමට හේතුව වන්නේ ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ගැනීමේදී රථ ගාල් කිරීමට ඇති ඉඩ ප්‍රදේශයක් නම් කර තිබුනත් පසුව පුද්ගලික සමාගම් විසින් එම කොටසේත් ඉදිකිරීම් කටයුතු සිදු කිරීමයි. බොහෝ පුද්ගලික කාර්යාල ඉදිරිපිට මහා මාර්ගයේ Parking Only Customers ලෙස දැන්වීම් යොදා වෙන් කරගෙන තිබෙනවා. නමුත් මේවායින් බොහෝමයක් ඔවුන්ගේ අවශ්‍යතාවය මත එල්ලාගත් බෝර්ඩ් ලෙස හදුන්වන්නට පුළුවන්.

ඔවුන් හරියාකාරව ඒ බිම වෙන් කරගෙන සිටීනම් ඒ සඳහා ප්‍රාදේශීය සභා සභාපතිවරයා, නාගරික කොමසාරිස්වරයා හෝ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා නිකුත් කළ ලිඛිත ලියවිල්ලක් තිබිය යුතුයි.

06. දරුවන් ඉදිරිපස අසුනේ

ආරක්ෂිතව දරුවා රැගෙන යෑමට භාවිතා කරන Booster Seat  (www.thecarcrashdetective.com)
ආරක්ෂිතව දරුවා රැගෙන යෑමට භාවිතා කරන Booster Seat (www.thecarcrashdetective.com)

විශේෂයෙන් මෝටර් රථ වල රියදුරු අසුනට යාබද අසුනේ කුඩා දරුවන් ගමන් කරනවා දකින්නට පුළුවන්. බොහෝ වෙලාවට ඔවුන් අසුන මත හෝ ඉදිරියේ හිටගෙන ක්‍රීඩා කරමින් තමයි යන්නේ. මෙවැනි අවස්ථාවක වාහනය අනතුරකට පත් වුවහොත් කුඩා දරුවාට වන හානිය ඉතාමත්ම වැඩියි. සංවර්ධිත රටවලනම් වයස අවුරුදු 14ට අඩු දරුවන් ඉදිරිපස අසුනේ තබාගෙන යාම තහනම් වෙනවා. වයස අවුරුදු 14න් පසු වුවත් නියමිත බර හා උස ඇත්නම් පමණයි ඔවුන්ව ඉදිරිපස අසුනේ වාඩි කරවිය හැක්කේ. තවත් සුලභ වැරදි ක්‍රියාවක් ලෙස දරුවන් ඉදිරිපස අසුනේ මවගේ හෝ වැඩිහිටියකුගේ උකුල මත ගමන් කිරීම හදුන්වන්නට පුළුවන්. කුඩා ළමුන් වාඩි කරවීමේ වඩා නිවැරදි ක්‍රමය වන්නේ පිටුපස අසුනට සවි කළ හැකි කුඩා ආරක්‍ෂිත අසුනක් (booster seat) ඒ සඳහා භාවිතා කිරීමයි.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Jan 2017 10:12 PM
සමන්ත අයියා මේක වැදගත් විස්තරයක්. දැනට වාහනයක් නැතත් ඉස්සරහට එකක් ගන්න හිතන් ඉන්නවා ඉතිං එදාට හරි වැදගත් වෙයිනෙ ස්තුති,
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jan 2017 01:14 AM
හොද වැදගත් කරැණු ටිකක්.
මටත් මේ කියන විදියේ ඉස්සර කිරීමේ මේනියාවක් තියෙනවා.
නමුත් මම ඒකෙන් දකින්නේ ඇස් දෙකට නිදහසක්.
වාහනයක් පිටිපස්සෙ යනකොට අවධානය ‍ගොඩක් යොමු කරන්න ඔනේ.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
26 Jan 2017 02:02 AM
ස්තුතියි මේ කරුණු ටිකට.වාහනයක් ගන්න ඉන්නේ.ඒත් අවුරුදු 2ක්වත් යාවී
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
26 Jan 2017 03:08 AM
ඊට කලින් කසාදයක් කරගන්න මලයො
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jan 2017 03:52 AM
Posted By Ind007ka on 26 Jan 2017 03:08 AM
ඊට කලින් කසාදයක් කරගන්න මලයො

මම මේක අනුමත කරන්නෙ නැහැ. මුලින් වාහනයක් ගනිං ගේ දොර හදාගනිං

විවාහය ඉබේ සිද්දවෙයි


0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
26 Jan 2017 07:45 AM
වැදගත් ලිපියක්
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Jan 2017 08:09 AM
ඔව් වාහන පදවන එක නම් හරිම සිහි නුවනින් කරන්න ඕන තමා ..අපි කොච්චර හරියට ගියාන් අනිත් ය කරන වැරදි වලින් කි දෙනෙන්ක් අමාරුවේ වැටෙනවද
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Jan 2017 05:42 AM
සෑහෙන වැදගත් ලිපියක් අයියේ.
ඔය මොනවා කිව්වත් වැඩක් නෑ පිස්සො එක්ක පාරෙ යද්දි.
විශේෂයෙන්ම ත්‍රී වීල් අය.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Jan 2017 02:50 PM
දැන් කාලේ වාහන වල නෙමේ පයිනුත් පාරේ යන්න බයයි. කානුවෙන් ගියත් හප්පන් යන සයිස් එකක් තියෙන්නේ
දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
27 Jan 2017 06:12 PM
අපේ රටෙ වැඩියම මාරග නීති කඩන්නෙ පුද්ගලික බස් කාරය් ඔ..ඊලගට ත්‍රිවිල් ....
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
27 Jan 2017 10:44 PM
රියදුරු බලපත්‍රය ගන්න කම් විනය හොඳින් පවත්වා ගෙන යනවා. ඊට මාස 2කට විතර පස්සේ විනයට මොකද වෙන්නේ...
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Jan 2017 09:30 PM
අනේ මන්ද අයියේ සමහර වෙලාවට පාරේ පයින් යන්නත් බයයි..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Feb 2017 04:23 AM
Posted By samantha on 27 Jan 2017 10:44 PM
රියදුරු බලපත්‍රය ගන්න කම් විනය හොඳින් පවත්වා ගෙන යනවා. ඊට මාස 2කට විතර පස්සේ විනයට මොකද වෙන්නේ...

ඒකනං හරි අයියේ.
අත පය දාගෙන පුරැදු වෙලා. විභාග පරීක්ෂක ඉස්සරහත් පූස් පැටිය වගේ වාහනේ පැදල.ලයිසන් එක අතට ආපුගමන් ඉතින් කුලු හරක කුලප්පු උනා වගේ

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
02 Feb 2017 06:37 AM
Posted By Ind007ka on 26 Jan 2017 03:08 AM
ඊට කලින් කසාදයක් කරගන්න මලයො


ඒක නම් කවදා හරි කරගන්න පුළුවන්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
02 Feb 2017 11:15 PM
අර ඉස්සර ගේනවා කිව්ව ලකුණු ක්‍රමය ගෙනවා නම් හරි, ලකුණු ටික ඉවර වුනාම ඉබේම රියදුරු බලපත්‍රය අහෝසි වෙන්න. නැත්තම් හැම දාම දඩ ගෙව ගෙව එකම වැරැද්ද කරන අය ඉන්නවා.
0
You are not authorized to post a reply.
Page 5 of 6 << < 23456 > >>