Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Mar 2016 07:41 PM by Indika Kandanaarachchi බිග් මැච් ආතල් එක ගැන මුල සිට අග දක්වා මෙන්න ප්‍රෝග්රෑම් එකක් 32 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 212 > >> Author Messages Samantha AbayasekaraMost Senior MemberPosts:13196 14 Dec 2015 10:09 PM පටළැවුණු වැඩ.. මේ ලිපියෙන් ගෙන එන්නේ යම් යම් ආකාරයෙන් සිදු වූ පටළැවිලි සහගත සඳහන් කිරීම් පෙළකි. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 14 Dec 2015 10:09 PM 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 14 Dec 2015 10:40 PM වැරදීම මනුෂ්‍ය ගතියක්.. සමාව දීම දේව ගතියක්.. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 15 Dec 2015 07:49 AM හරි එහෙනම් මේවා බලලා අපි සමාව දෙමු ..... මාරු වැඩ තමා 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 Jan 2016 09:34 PM නොනවත්වා සිනහසීමට අවශ්‍යද? නරඹන්න මේ රූපරාමු.. සිනහව හොඳ ඔසුවකි. නමුත් කෙනෙකු සිනහගැන්වීම එතරම් පහසු කාර්යයක් නොවේ. නමුත් මේ රූපරාමු තුලින් දැක්වෙන්නේ සාමාන්‍ය ජීවිතයේදී සිදුවන හාස්‍යජනක සිදුවීම් දාමයකි. පරිස්සමෙන්. ඔබට සිනහව නතර කරගැනීමට නොහැකි වේවි. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 17 Jan 2016 10:15 PM මෙ මොඩ්ලින් එක නම් මාරයි 0 Imalka HewageVeteran MemberPosts:4533 17 Jan 2016 10:32 PM සුපිරියි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 18 Jan 2016 05:51 AM අර එක්සයිස් මැෂින් එකේ එකා නම් අත පය හතර කඩාගෙන අවුරුද්දක් වත් ගෙදර ලගින්න ඇති.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 18 Jan 2016 06:12 AM ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ පිරැලත් මෙතන තියෙන්නේ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 18 Jan 2016 06:13 AM අපොයි ... හිනාම තම මේවා නම් . 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 12 Mar 2016 10:51 PM බිග් මැච් ආතල් එක ගැන මුල සිට අග දක්වා මෙන්න ප්‍රෝග්රෑම් එකක් බිග් මැච් සීසන් එක කියන්නේ ඔබ පාසල් සිසුවෙක් එහෙමත් නැතිනම් ආදී සිසුවෙක් නම් කිසිදා අමතක නොවෙන කාලයක්. සහෝදර පාසල් අතර වන බිග් මැච්වල අපි කරන කියන දේවල් ඉතින් එමටයි. මේ ලියන්නෙ අවුරුද්දකට පුන පුන බලා සිටි ඒ කාලෙ ආවම මුල සිට අග දක්වා සිද්ධ වෙන වැඩ කිහිපයක් ගැනයි. 1. කොඩි පෙන්නීම සහ කොඩි ඉස්සීම. Source – dailynews.lk බිග් මැච් කාලෙ ලං වී ඇතැයි ඉස් ඉස්සෙල්ලාම අඟවන දෙයයි මේ. පාසලේ කොඩිය තමන්ගේ ස්කුල් වෑන් එකේ බස් එකේ එහෙම ප්‍රදර්ශනය කරගෙන යෑම තරම් සතුටක් වෙන නැහැ. ඒ වගේම අනෙක් පාසල් වල අයත් තමන්ගේ පාසලේ කොඩිය එලියට දාගෙන යනකොට එලියට අත දාලා ඒක ඇදලා ගන්න එකත් සැරටම වෙනවානේ. රන්ඩු වලට මුල පිරීමක් වෙන්නේ නැත්තේ බොහෝ වෙලාවට මේ කොඩි උස්සන්නේ කවුද කියලා කිසිවෙක් හරි හැටි නොපෙනෙන නිසයි. බිග් මැච් සීසන් එක ඔන්න පටන් ගත්ත විතරයි! 2. කාර් පැරේඩ් Source – youtube.com ඉස්සර කාලෙම සිසුන් ස්කුල් වෑන්, ස්කුල් බස් වලින් කොඩි එලියට දාගෙන කෑ ගහ ගහ ගියාට කාලේ තාලෙත් එක්ක අලුත් දේවල් කරලියට ඇවිත් අතමිට යහමින් තියෙන අය වාහන තමන්ට රිසි ආකාරයට වාහන වර්ණ ගන්වාගෙන ස්ටිකර් කරගෙන තමන්ගේ පාසලේ පුරාජේරුව පෙන්නන්න පාරවල් වල යනවා. බොහෝ වෙලාවට මේක ක්‍රීඩා රසිකයින්ට සතුටක් වුනත් එදිනෙදා කටයුතු වලට පාරට බැහැල ඉන්න සාමාන්‍ය ජනයාට නම් එතරම් මනාපයක් දක්වන්නේ නැහැ. හේතුව ඔබ දන්නවා නේ?? 3. හැට් කලෙක්ෂන් දැමීම Source – primera.e-sim.org, colourbox.com බිග් මැච් කාලේ වෙන තව දෙයක් තමා විසිතුරු ඇඳුමින් සැරසිලා සරසපු ට්‍රක් එකක පපරේ ගහ ගහ යන ගමන් පාරේ දෙපැත්තේ ඉන්න අයගෙන් තොප්පි වලට සල්ලි එකතු කිරීම. හැට් කලෙක්ෂන් දානවා කියන්නෙත් මේකටම තමා. ක්‍රීඩාවට ප්‍රිය බොහෝ දෙනා රුපියල දෙක පහේ ඉඳන් දාහ පන්දාහේ කොළ වෙනකම් හැට් එකට දමන්නට නම් ලෝබ වෙන්නේ නැහැ. බොහෝ මිතුරු කල්ලි වල මැච් එක දවසට වියදම සපිරෙන්නේ මේ හැට් කලෙක්ෂන් ආදායමෙන් තමයි. 4. තාප්ප උඩින් හයි ජම්ප් දාලා කරන බාලිකා විදුහල් ආක්‍රමණ. Source – watoday.com.au කෙල්ලන් ගේ ඉස්කෝල වලට පැනලා ඉස්කෝලේ නම් බිත්ති වල ස්ප්‍රේ කරන ගමන්ම තමන්ගේ හිතේ ක්‍රෂ් එකක් තියෙන කෙල්ලගේ නමත් බිත්තිය කොනකින් ලියන එක ඒ දවස් වල ශිෂ්‍යයින්ගේ හොඳම විනෝදාංශයක්. ඒත් ඉතින් මේවා ආරංචි උනාම ඒ කාන්තා ඉස්කෝල වල ප්‍රින්සිපල්ලා අනෙක් ඉස්කෝල වලට කතා කරලා චෝදනා කරනවා. කරුමෙට හරි එක්කෙනෙක් හරි මාට්ටු උනොත් එයා සතියක් විතර ගෙදර (හරි කොල්ලුපිටිය ස්ටේෂන් එකේ කූඩුවෙ හරි)තමා. 5. දින්නත් පැරදුනත් ස්ටෙලා වෙලා ගී ගයමු අපී Source – youtube.com බිග් මැච් එක දවසට මැච් එක බැලුවේ නැතත් අපේ යාළුවො යන්නේ කාලෙකට පස්සේ ඔක්කොම යාළුවො එක්ක ස්ටෙලා වෙලා කාලෙකට අමතක නොවෙන ආතල් එකක් දාන්න. එක මැච් එක දින්නද පරදුනාද කියන එක වැදගත් වෙන්නේ නැහැ.. “ෂොට් එක අතේ, සින්දුව කටේ” කියලා පපරේ ටියුන් එකට තාලේ අල්ලාගෙන එක සීරුවට නටනකොට බලන් ඉන්න විතරක් වුනත් හරිම විනෝද ජනකයි. 6. අම්පයර් ගේ දෙමාපියන්ට පිං දීම Source – Facebook/TheNation සෙට් වීම මොනා උනත් මැච් එක යන්නේ අපේ පැත්තට අවාසිව නම් බොහෝ වෙලාවට අපේ දෝෂාරෝපණයට ලක්වෙන්නේ අම්පයර්ම තමා. වැඩිපුර රන් එකක් ගියත්, කැච් එකක් ගත්තම ඒක අවුට් නැහැ කිව්වොත් එහෙම අපේ තරඟ තීරකයා වසලා හමාරයි. ඒ නිසා මේ සියල්ලටම අපේ නිරන්තරයෙන් තැලෙන මුව හම වෙන්නේ අම්පයර්ම තමා. 7. මැච් එක කාගෙන එනවා නම් වැහි දෙවියන් සිහි කිරීම. Source – poetreecreations.wordpress.com මැච් එක පටන් ගන්නකොට පපපේ ගහගෙන සද්දේ දැම්මට මොකෝ බැරි වෙලාවත් අනිත් පිලෙන් අපිට දිගට හරහට නෙලනවා නම් අපේ තියෙන භක්තිය වැහි දෙවියන්ට පුදනවා. “අනේ ඉක්මනට වැහැපන්” “පැරදුනොත් එහෙම ඔෆිස් ගිහින් හමාරයි. අනේ වැස්සක්වත් එන්නේ නැති හැටි” 8. ශිහ්! දැන් ඉතින් තව අවුරුද්දක් හිටපන්කෝ ඊළඟ සීසන් එක එනකං Source – bbc.co.uk දිනුම පැරදුම මොනා උනත් මැච් එක ඉවර උනාම අපිව ආපහු සාමාන්‍ය ලෝකෙට එන්න වෙනවා. ආපහු සුපුරුදු අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙන එක මතක් වෙනකොට අනේ ආපහු මැච් සීසන් එක පටන් ගන්නවා නම් කොච්චර හොඳද කියලා හිතෙන්න ගන්නවා. ග්‍රවුන්ඩ් එකෙන් එලියට එන්නේ තව අවුරුද්දකින් එන මැච් සීසන් එක ගැන පුංචි බලාපොරොත්තුවකුත් එක්ක වගේම මේ පාර මැච් සීසන් එකේ ගන්න බැරි වුනු ආතල් ටික ඊළඟ එකෙන් කවර් කරන පුංචි පහේ ටාගට් එකකුත් එක්කම කිව්වොත් වැරදි නැහැ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Mar 2016 11:08 PM මේක ලියල තියෙන්නෙ අපේ ඉස්කෝලෙ එකෙක්ද දන්නේ නැහැ. මොකද අපේ ඉස්කෝලේ කොල්ලන්ගේ ෆොටෝ තමයි තියෙන්නෙ. ඊයේ තිබුණු අපේ බිග් මැච් එකත් අපි පරදින්න ගිහින් තිබුණු එක නොහිතපු විදියට කණපිට පෙරලලා අන්තිම මොහොතේ දිනුම ගත්තා. බිග් මැච් එක සඳහා දින තුනක් ලබා දෙන ලංකාවේ පාසල් කිහිපය අතරින් එකක් අපි. කාර් පැරේඩ් කියල මේකේ කියල තිබුනට ඒකට කියන්නෙ සයිකල් පැරේඩ් කියල. අදටත් ඒ නමම තමයි භාවිතා කරන්නෙ. නමුත් දැන් සයිකල් වලට අමතරව කාර් ලොරි ට්‍රක් වෑන් වගේම පයිනුත් හුරේ දදා යනව. හැට් කලෙක්ෂන් කරන්නේ බිග් මැච් එකට කියල කිව්වට කවදාවත් සතයක් වත් ඉස්කෝලෙට දෙන්නේ නැහැ. හවසට ආතල් ගන්නවා ඒකෙන්. කාන්තා පාසල් වලට හයි ජම්ප් දාන එක වැරදි දෙයක් තමයි. ඒ වුනාට කෙල්ලෝ බලන් ඉන්නෙ ඒකට පනිනකන් තමයි. කෙල්ලෝ හැට් වලට සල්ලි දාන්නෙ පොර කකා. මේකේ අන්තිම පින්තූරේ ටිකක් විතර පරණ එකක් වගේ. දැන් මේ හරිය ටිකක් වෙනස්. දශක ගණනාවක්ම පැරණි මේ යෝධ සියඹලා ගහ යට තියෙන සිසිලස වෙන කොහේවත් නැහැ කියල මට නම් හිතෙන්නෙ. 0 Imalka HewageVeteran MemberPosts:4533 12 Mar 2016 11:17 PM මේකත් රෝයල් වැඩක් කියලා අන්තර් ජා ලේ තියෙන්නේ https://www.facebook.com/photo.php?fbid=516075645231326&set=gm.1154593901231305&type=3&theater 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Mar 2016 11:35 PM ඕව ඔය ආතල් එකට කරන වැඩ බන්. හැමෝම ඔය පහල පින්තූරේ ඉන්න කෙනා වගේ කියල මනින්න බැහැ. එහෙම අයත් මේ සමාජේ ඇති. අනෙක ඔය ගැහැණු ළමයි විදියට අඳින එක පිරිමි පාසල් වල යම් යම් අවස්ථාවල් වල කරනවා. විශේහයෙන්ම අවුරුදු උත්සව වල විකට ඇඳුම් තරග වල, අවුරුදු කුමාරි තේරීමේ තරග වල එහෙම. ඒවා ආතල් එකට ගුරුවරුත් ඉන්න තැන කරන වැඩ. අවුරුද්දකට දවසක් දෙකක් එහෙම ෆන් එකට ඔහොම දේවල් කළාට එදාට පස්සේ ඒ දේවල් ඉවරයි. නැවතත් සුපුරුදු ලෙස. මට මතකයි එක දවසක් අපේ පන්තියේ එකෙකුත් අපි ලස්සනට ඇන්දුවා කෙල්ලෙක් විදියට අවුරුදු උත්සවේට. ඌ නම් දින්නේ නැහැ. ඒ වගේම මමත් ඉස්සර නාට්‍යකරණයේ යෙදෙද්දී එක චරිතයක් කළා ගැහැණු චරිතයක්. හාස්‍යජනක නාට්‍යක නිසා ආපු එවුන් හොඳට හිනා උනා ඒ චරිතයට. මමත් ඒක අභියෝගයක් විදියට බාර අරගෙන කළා. මෙහෙම ආතල් එකක් ඉඳ හිට ගත්තට මම නම් ලොකු වැරද්දක් දකින්නේ නැහැ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Mar 2016 04:53 AM ඇයි මේකෙ මැච් එක ඉවර වෙලා යන සුපුරැදු වලිය ගැන නැහැනේ ඒකත් සාමානයයයෙන් පොදු දෙයක් වෙලානේ දැන් දැන් තියෙන්නේ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 13 Mar 2016 08:50 AM අවසානෙට වෙඩි මුර වගේ ගුටි මුර........ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 13 Mar 2016 09:43 AM මේවා මේ අහිංසක ආතල් පමණයි.. දැන් දැන් මීට වඩා දරුණු ආතල.. ඉදිරි අනාගතයේදී මීටත් වඩා භයානක දේවල් අහන්න දකින්න ලැබේවි. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Mar 2016 07:17 PM Posted By sha733 on 13 Mar 2016 04:53 AM ඇයි මේකෙ මැච් එක ඉවර වෙලා යන සුපුරැදු වලිය ගැන නැහැනේ ඒකත් සාමානයයයෙන් පොදු දෙයක් වෙලානේ දැන් දැන් තියෙන්නේඅපේ බිග් මැච් එකේ නම් බෝයිස් ටෙන්ට් වල සහ ඉන් පිටත දැන් එහෙම වලි යන්නේ නැහැ. කොහොමත් අනෙත් පාසලත් එච්චර වලි වලට එන පාසලකුත් නෙවෙයි. ඉස්සර එහෙම ට්‍රෙන්ඩ් එකක් තිබුනා. අපි කුඩාම කාලේ ඔය වලිය හරිම ජනප්‍රියයි. ඉවර වෙලා අනිවා නෙලා ගන්නවා. මේ සැරෙත් එහෙම වලි ගිහින් තියෙනවද කියල හොයල බලන්න ඕන. ඔය සම්ප්‍රදාය වෙනස් කල යුතුයි කියල 96 දී විතර පාසල් දෙකේම බෝයිස් ටෙන්ට් දෙක එක ලග හදලා සහෝදර කමින් යුතුව වැඩේ ගෙනිච්චා. ලගලග තිබුණු නිසා වලි දා ගන්න උවමනාවත් නැතිව ගියා. දැන් යනවා නම් යන්නෙ කොහොමත් පරණ කෝන්තර තියෙන කල්ලි වල වලි. ඒ වලි වලට බිග් මැච් තිබුණත් එකයි. නැතත් එකයි. 90%ක්ම වලි වල පිටු පස තියෙන්නෙ චීත්ත කේස් එකක් තමයි ඉතින්. ඒ වලි හැමදාම තියෙන ඒවා. එදාට විතරක් මොකෝ වෙනසක් කියල එදාටත් අඩු බඬු තලා ගන්නවා. කාපු බීපුව දිරව ගන්නත් වැඩක් තියෙන්න එපැයි. හැබැයි තවමත් අර බෝතල් පාර්ටි දාන උන්දලා නම් ඉතිං තැන නොතැන බලලා දා ගන්න වලිය දා ගන්නෙ නැතුවත් නෙවෙයි. ඒවා ඉතින් සමහර අතලොස්සක් මොට්ට ආදී ශිෂ්‍යයන්ගේ වැඩ. එහෙම එවුන් කොහෙත් ඉන්නවනෙ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Mar 2016 10:26 PM වලිය පටන් ගන්නේ වෙනමම හේතුවකින් ඒක ඉවර කරන්නේ වෙනමම හේතුවකින් කොහොම කිවුවත් අපික් වලි වලට ගිහින් තියෙනවා වෙන එකෙක් අපිත් එක්ක ඉන්න කාට හරි මොනව හරි කිවුවම නිකන් ඉන්න බෑනේ හරි තදියම තියෙන්නේ ඒ කාලේ අපිට. එහෙම කියනකංම තමයි බලාගෙන ඉන්නෙත් වලියක් දාගන්න ඊට පස්සෙ තමා හොදම කෙලිය තියෙන්නේ අපේ එකෙක්ට එහෙට යන්න බෑ එහෙ එකෙක්ට මෙහෙට එන්න බෑ ගුටි තමා. සමහර පොරවල් උන් ගුටි කාපු හේතුවවත් දන්නෙ නැහැ අනේ පව් ඕකයි අපේ අන්තිම බිග් මැච් ආතල් එක. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 14 Mar 2016 02:33 AM අපේ පාසැල් කාලයේ ආනන්ද- නාලන්දා ක්‍රිකට් සංග්‍රාමයේදී නම් දරුණු විදිහට වළි ගියේ නම් නැහැ. ඒත් තර්ස්ටන් - ඉසිපතන ගැටුමේදී නම් වලියක් අනිවාර්යෙන්ම තිබුණා. 0 You are not authorized to post a reply. Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor