You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Jun 2019 04:00 PM by  Sam
ගුවන් යානා ආලෝක සංඥා පද්ධති
 23 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
08 May 2019 04:12 PM

    ඔන්න අපේ පහුගිය හමු වීමකදී කතිකා කරගත් පරිදි වෙනස් ම ආරක ලිපි පෙළක ආරම්භය 

    ගුවන් යානා ආශ්‍රිත  විදුලි පහන් හා ආලෝක සංඥා  

    ඔබ කොපමණ වාරගණනක් ගුවන් යානා වල ගමන් කර ඇතිද ? අපේ සමහර අයියන්ඩිලාට නම් ඇත්තටම මතක නැතුවත් ඇති, කොපමණ දුරක් එක දිගට දිගට ගමන් කර ඇතිද ? ප්ලේන් එකක නොගියත් රාත්‍රී අහසේ ගමන්කරන ගුවන්කො යානාවල ආලෝක පහන් දැක තිබේ නම් ඔබ දකින්නට ඇත්තේ එක ම ආකාරයක ආලෝක සංඥා පද්ධතියක් විය යුතුය.

    Image and video hosting by TinyPic

    සාමාන්‍යයෙන් වාහන  නිෂ්පාදනය කරන ආයතන තමන්ගේ අභිමතය පරිදි බොහෝ අංග උපාංග දේවල් වෙන් වෙන් වශයෙන් නිපදවූවාත් ගුවන් යානා නිර්මාණය සහ නිෂ්පාදනය කරන ආයතන මේ. කාරණාවේදී එක සමූහ ප්‍රතිපත්තියක් හා නියාමනයක් යටතේ එකම ආකාරයකට එම නිර්මානකනයේ යෙදෙයි. 

    එ අනුව මා ගවේෂණය කල හා අන්තර්ජංජාල පරිශීලනය කිරීම තුලින් එකතු කරගත් දැනුම ආශ්‍රයෙන් ඔබට එක්තරා මට්ටමක පැහැදිලි කිරීමක් සිදු කිරීමයි අරමුණ.

    මොනවද මේ ගුවන් යානා ආශ්‍රිත විදුලි පහන් හා ආලෝක සංඥා ? ඔබ කොපමණ වාර ගණනක්  ගුවන් යානා වල ගමන් කර තිබේද ? කොච්චර දුරක් ගමන් කර ඇතිද ?

    බලන්න හොඳින් මතක් කර විවිධ විවිධ ආකාරයේ ආලෝක පහන් හා ආලෝක සංඥා ඔබට නිරීක්ෂණය වෙන්න ඇති.

    අපි හෙමීට බලමු  මොනවාද ඒ කියලා 

     

     

    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    08 May 2019 05:34 PM

    1. Landing and Taxi Lights  ලෑන්ඩින් සහ ටැක්සි ලයිට් 

    පහදන්න ඉතා අපහසු ආලෝක පද්ධතියක්. ඊට හේතුව එක් එක් ගුවන් යානා වර්ග වල මෙම පහන් විවිධ ස්ථාන වල පිහිටීමයි. සැහැල්ලු ගුවන් යානා වල ඉදිරිපස බඳේ පහළිනුත් විශාල ජෙට් ගුවන් යානා වල යාන්ත්‍රිකව උස පහත කරනා රෝද පද්ධතිය මතත් මම පහන් දක්නට ලැබීමය. සමහර විට මේ ආලෝක පද්ධති දෙක වෙන් වෙන්ව හඳුනාගතනොහැකි අවස්ථා ද ඇත 

    manually එනම් නියමුවන් විසින් ස්විච් මගින් ක්රියාත්ම කරවන ආලෝක පද්ධතියකි නොනිවී දැල්වී තිබෙන සුදු ආලෝකය සහිත කදම්භයක් මෙන් එල්ලවන පහන් විශේෂයකි 

    ඇතැම් විට නියමුවන් විසින් ගුවන් ගත වීමේදීත් landing  ලයිට් පද්ධතිය ක්‍රියාත්ම කරනු දක්නට ලැබීමයි   

    ගුවන් යානා  සහ හෙලිකොප්ටර් යානා දෙවර්ගයේම ඇති පොදු විදුලි පහන් වර්ගයකි 

    ගුවන් ගත වීමේදී සහ ගොඩ බැමේදී දිවා රැයේ වෙනසකින් තොරව භාවිතා කර හැකිවේ 

    (ඇතැම් මේවා අනිවාර්යද නැතිද හෝ රෑ මෙන්ම දවල් ද භාවිත කල යුතුද යන්න ගැන පැහැදිලි මතයක් මාසතු නොවේ)

    Taxi Lights  - ගුවන් යානාවක් ගුවන් ගතවෙන්නේ සහ ගොඩ බාන්නේ ධාවන පථය  (Runway) ධාවන පථය මතට ගුවන් යානය තල්ලු කරගෙන යන මෙහෙයුම් වාහනය එනම් Taxi යන්ත්‍රය මගින් ගුවන් යානය ධාවනය පථය වෙත ක්‍රමානුකූලව තල්ලු කරගෙන යාමේ දී ප්‍රයෝජනවත් වන ගුවන් යානාවකම ඉදිරි පස රෝදයේ මඳක් ඉහලින් සවිකර ඇත. ඉතා තීව්ර ආලෝක කදම්භයක් ඇති විදුලි පහනකි නවීන ගුවන් යානා වල HID / LED  තාක්ෂනය භාවිතා වේ 

    මෙහි ප්‍රධාන ප්‍රයෝජනය නම් ගුවන් යානයේ නියමුවන්ට taxi  කිරීමේදී හෝ ස්ව එන්ජින් බලයෙන් ධාවන පථය දක්වා ගමන් කිරීමේදී විශේෂයෙන් රාත්‍රීයෙදී  ඉදිරිය හොඳින් නිරීක්ෂණය කිරීමත් taxi මෙහෙයුම් කාර්යය මණ්ඩලයට පහසුවක් වීමත් ය 

    Image and video hosting by TinyPic

    ඇතැම් විශාල මගී සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා වල පහන් එකකට වැඩි ප්‍රමාණයක් ඇති අවස්ථා ඇත 

    බලන්න සමීප රූපයක් .

    Image and video hosting by TinyPic 

    Landing Lights - ලෑන්ඩින් ලයිට් කිහිපයකින් යුත් දුවන් යානාවක් 

    manually එනම් නියමුවන් විසින් ස්විච් මගින් ක්රියාත්ම කරවන ආලෝක පද්ධතියකි නොනිවී දැල්වී තිබෙන සුදු ආලෝකය සහිත කදම්භයක් මෙන් එල්ලවන පහන් විශේෂයකි 

    Image and video hosting by TinyPic

    බොහෝ විශාල මගී ගුවන් යානා වල landing ලයිට් රෝද පද්ධතියේ විශාලව කෙලින් විහිදෙන ආලෝක කදම්භයක් නිකුත් වෙන ආකාරයත්. මඳක් දෙපසට විහිදෙන ආකාරයට taxi  ලයිට් දෙකක් එහි ම ස්ථාපනය කර ඇත. තවත් අවස්ථාවන්හි landing ලයිට් පද්ධතිය ඉදිරි රෝදයේඇති පහන් වලට අමතරව තටු දෙක ට යටින් බඳට සවි කර ඇත, ධාවන පථය මෙන්ම ඒ අවට ගමන් මාර්ගය ඇතුළුව විශාල ප්‍රදේශයක් රාත්‍රියේදී නිරීක්ෂණයට එය පහසුවක් වනු ඇත.

    Image and video hosting by TinyPic

    නමේ සඳහන් පරිදි ගුවන් යානය ගොඩ බැමේදී භාවිත කෙරෙයි. දහවල් කාලයේදී පවා මේ පහන් දල්වා මෙහෙයුම් සිදු කිරීම බහුලව දක්නට ලැබේ, ගුවන් යානාවක් ඉහල අහසේ සිට ගුවන් තොටුපොල දක්වා පිවිසීමේදී බිම සිට  හඳුනාගැනීමට මේ පහන් ආලෝකය පිටුවහලකි  

    නියමු කුටියේ සිට පෙනෙන ආකාරය 

    Image and video hosting by TinyPic

     

    හෙලිකොප්ටර වල landing  පහන් භාවිත වන ආකාරය එතරම් සංකීර්ණ නොවන අතර පහත පරිදි වෙයි 

    සහායක කාර්ය මණ්ඩල හා සංඥා කරුවන් රාත්‍රියේ දී පැහැදිලිව දැකීමට හා හෙලිපෑඩ් එක හෝ ගොඩ බාන ස්ථානය නිරීක්ෂණය කිරීම අනිත් පහසුකම වේ  

    Image and video hosting by TinyPic Image and video hosting by TinyPic Image and video hosting by TinyPic

    භූමියේ භූ විෂමතා සහ ගොඩබස්වන ස්ථාන අවට පැහැදිලිව නිරීක්ෂණය බාධක නදුනා ගැනීම ද ඒ අතර වෙයි 

    මේ ගැන වැඩිදුර තොරතුරු  වීඩියෝවෙන් නරබන්න 



    වැරදි ඇතොත් නිවැරදි කරන්න 

    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    08 May 2019 08:50 PM
    හරි සන්කීර්ණයි නේ අය්ය ......මට නම් මඤ්ඤන් වගේ

    ආයි දෙසැරයක් කියවල බලමු
    0

    Dilki
    Advanced Member
    Advanced Member
    Posts:955






    --
    08 May 2019 09:40 PM
    හම්මේ ෆ්ලයිට් එකට වඩා බරයි නේ ඒ ලයිට්ස් විස්තරේ
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    08 May 2019 10:04 PM
    Posted By Dilki on 08 May 2019 09:40 PM
    හම්මේ ෆ්ලයිට් එකට වඩා බරයි නේ ඒ ලයිට්ස් විස්තරේ
       ඔව් ඔව් ටිකක් බරට තියෙන්න ඕනා,

        නැත්නම් හුළඟට යනවනේ 


    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    08 May 2019 10:06 PM
    Posted By Udari on 08 May 2019 08:50 PM
    හරි සන්කීර්ණයි නේ අය්ය ......මට නම් මඤ්ඤන් වගේ

    ආයි දෙසැරයක් කියවල බලමු
       දැන් ඉතින් ලයිට් පේයි කියලා  උඩ බලන් යනවා එහෙම නෙමෙයි මේ ළමයා 

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    08 May 2019 10:29 PM
    බොහොම ස්තුතියි මේ විස්තර වලට මචෝ ....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    09 May 2019 06:47 AM
    ස්තූතියි ඉමල්ක මල්ලී දැනුවත් කළාට
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    22 May 2019 02:11 PM
    ඔන්න සෑහෙන කාලෙකින් දෙවෙනි චැප්ටරේට බහින්න හිතුනා.
    පහුගිය ආටිකල් එකෙන් මම කිව්වේ 
    1. ලෑන්ඩින් සහ ටැක්සි ලයිට් ගැන නේ.
    ලෑන්ඩින් ලයිට් :- සරලව කිව්වොත්  රාත්‍රී කාලයේ හෝ අඳුරු සහිත වෙලාවක ගුවන් යානාවක් ධාවන පථයට ගොඩ බස්වන මොහොතේ සිට පර්යන්ත ගොඩනැගිලි සංකීර්ණය දක්වා ගමන් කිරීමට නියමුවන්ට ධාවන පථය හොඳින් දර්ශය වීමට මෙන්ම ඈත අහසේ සිට ධාවන පථයට එන යානාවක් සංඥා කරුවන් හට හොඳින් නිරීක්ෂණය කරගැනීමට ත් රෑ දහවල් වෙනසක් නොමැතිව ජාත්‍යන්තර නීති සම්ප්‍රදායට අනුකූලව උපයෝගී වේ.
    ටැක්සි ලයිට් :- ගුවන් යානය ධාවන පථය වෙත ඇදගෙන යාමේදී අදාළ යන්ත්‍රය සහ කාර්යය මණ්ඩලයට ආලෝකය හොඳින් වදීට්මට මෙම විදුලි පහන් භාවිත වේ. 

    අද එහෙනම් කතා කරමු ගුවන් යානාවක දිශානතිය පෙන්වන සංඥා පද්දතිය ගැන 

    2. පොසිෂන් ලයිට්ස් Position Lights  

    Image and video hosting by TinyPic

    ඕනෑම ගුවන් යානාවක ඉතාම පොදුවේ දැකගත හැකි විදුලි පහන් තුනකින් මෙම පද්ධතිය සමන්විතවේ 

    කොළ - යානාවේ දකුණු පැත්ත - ස්ටාබෝඩ් 
    රතු  - යානාවේ වම් පැත්ත - පෝට් (දොරටු  ඇති නිසා විය යුතුය)
    සුදු - පිටු පස 

    මේවා නොනිවී දැල්වී පවතින අතර නියමුවන් විසින් ඔවුන්ගේ ගුවන් ගතවීමේ පිළිවෙතේ එක අංගයක් ලෙස ක්‍රියාත්මක කරයි 

    ඔබ කවුරුත් දන්නා පරිදි ගුවන් යාන ගමන්ගන්නේ පාලක මධ්‍යස්ථානයෙන් ලබා දෙන තොරතුරු ගුවන් නියමුවන් විසින් ක්‍රියාත්මක කරවීමෙනි, නමුත් යම් තාක්ෂණික දෝෂයක් හෝ වැරදි තොරතුරක් නිසා යානාවක් තවත් යානාවක ගමන් මාර්ගයට පිවිසීමක් හෝ ආසන්නවීමක් නිසා ඇති වියහැකි අනතුරක් වලක්වාගැනීමේ උපක්‍රමයක් ලෙස මේ  රතු,කොළ,සුදු  යුතු බල්බ සංඥා පද්ධතිය සවිකර ඇත.

    ගුවන් යානාවක් ඉහල අහසේ ගමන් කරද්දී  අනෙකුත් ගුවන් යානා වලට සහ උඩු ගුවනේ සැරිසරන වෙනත් යානා (හෙලිකොප්ටර්, වායු බැලුන, ආදී  සියල්ලේ  විටිනා නියමුවන්ට පමණක් නොව මහා මුහුදේ නාවික කටයුතු වල නියැලෙන්නන්ට හා පොදුවේ ගුවන් යානය නිරීක්ෂණය කරනා සැමට  එය කුමන දිශාවකට ද ගමන් කරන්නේ  යන්න සියැසින් දැක නිරීක්ෂණය කර වටහා ගැනීමට ජාත්‍යන්තරව හඳුන්වාදුන් පිළිවෙතකි මේ වර්ණ තුනකින් යුතු බල්බ තුන,

    Image and video hosting by TinyPic

     
    එබ බල්බ තුනෙන් පහත ආකාරයට අංශක 120 ක කෝණයක් ආවරණය කෙරෙනා නිසා කුමන දිශාවෙන් නිරීක්ෂණය කලද යානාවක් ගමන් කරන දිශාව දැනගත හැකිවේ Image and video hosting by TinyPic

    රූපයේ පරිදි ඉදිරියෙන් නිරීක්ෂණය වන ගුවන් යානාවකක් දනින්න මේ ආකාරයට....නිගමනය කරන්න එහි ධාවන පරාසය

     

    Image and video hosting by TinyPic

     

    ඔබ හෙලිකොප්ටරයක් පදවන කෙනක් නම් නම් ඔබ ඉදිරියෙන් දර්ශනය වන ගුවන් යානාවක් ඔබ මග හැර යන්නේද නැතිනම් ඔබ ඔවුන් මග හැර යා යුතුද යන්න ක්ෂණයෙන් තීරණය කරගන්නට පහසුවක් වනු ඇත

    මන්ද යත් පාලක මැදිරිය අමතා කරුණු විමසීමට හෝ රේඩාර් තිර නිරීක්ෂණය කර තීරණ ගැනීමට  තරම් වෙලාවක් නැති විය හැකි නිසා

     
    Image and video hosting by TinyPic
    කොළ - යානාවේ දකුණු පැත්ත - ස්ටාබෝඩ් 
    රතු  - යානාවේ වම් පැත්ත - පෝට් (දොරටු  ඇති නිසා විය යුතුය)
    සුදු - පිටු පස 

    මේවා නොනිවී දැල්වී පවතින අතර නියමුවන් විසින් ඔවුන්ගේ ගුවන් ගතවීමේ පිළිවෙතේ එක අංගයක් ලෙස ක්‍රියාත්මක කරයි 

    Image and video hosting by TinyPic

    බලන්න ඔබේ මතකය අවධි කර ඔබට මේවා ගැන ඇති මතකය කොපමණද කියා,...ගැටළු ඇතොත් අහන්න....වැරදි ඇතොත් නිවැරදි කරන්න  

    ඊගාව දවසේ හමුවෙමු 

     


    0

    Dilki
    Advanced Member
    Advanced Member
    Posts:955






    --
    22 May 2019 06:42 PM
    ගැටළු ඇතොත් අහන්න කීවට ඔක්කොම ගැටළු තමයි මට නම්
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    22 May 2019 07:05 PM
    Posted By Dilki on 22 May 2019 06:42 PM
    ගැටළු ඇතොත් අහන්න කීවට ඔක්කොම ගැටළු තමයි මට නම්

           සෑ....හ්හ්, ඊගාව පාර ප්ලේන්ස් එකක් පදිද්දී   ෆෝඩ්ඩක් වට පිට නිරීක්ෂණය කරලා නිගමන වලට එළබෙන්න පීස් 

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    22 May 2019 09:32 PM
    කළින් සුහද හමුවකදී කල ඉල්ලීමක් තමයි මේ ත්‍රෙඩ් එක. ඒ සඳහා ඉදිරිපත් වී, වටිනා තොරතුරු එකතු කළ ත්‍රෙඩ් එකක් ගෙන ඒමට කටයුතු කරන ඉමල්කට මගේ විශේෂ ස්තූතිය.

    ඉහා කැමති මාතෘකාවක්. ගුවන් යානා පිලිඹද අපි නොදත් තොරතුරු රාශියක් දැන ගැනීමට ඉදිරියේදී හැකි වෙතැයි බලාපොරොත්තු වෙනවා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    22 May 2019 10:47 PM
    හම්මේහ් ......ඒ ආ ඔලුවෙ බරට ප්ලේන් එකෙන් පනින්න හිතුන...

    ඉමල්ක අයියට සිරා ටෙක්නිකල් නොලේජ් එකක් නේ තීන්නෙ
    තැන්කූ අයිය ඒ දැනුමමේම බෙදුවට
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    23 May 2019 05:28 AM
    හරිම වටිනවා අයියේ මේ ටෙක්නොලොජි එක...
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    26 May 2019 08:15 AM
    ඊළඟ කොටසත් ගෙනෙන්කෝ.. මේක කියවන්න බලං ආවෙ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    wasangaama
    Basic Member
    Basic Member
    Posts:199






    --
    01 Jun 2019 07:03 PM
    එක වෙන්න ඇති drone වලත් රතු කොළ එන්නේ. කොළ ඒවා මම නිල් කරා.
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    01 Jun 2019 07:57 PM
    Posted By wasangaama on 01 Jun 2019 07:03 PM
    එක වෙන්න ඇති drone වලත් රතු කොළ එන්නේ. කොළ ඒවා මම නිල් කරා.
       ඔව්....ඒ හිනදා තමයි. මේක ජාතන්තර සම්මත ක්‍රමය නිසා ගුවන්ගත වන හැම යානවකම.

         

    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    07 Jun 2019 07:33 PM

    මේ දක්වා ලියවුනු මාතෘකා කෙටියෙන් 

    1. ලෑන්ඩින් සහ ටැක්සි ලයිට් Landing & Taxi Lights

    2. පොසිෂන් ලයිට්ස් Position Lights

    අද ඔබට ගේන්නේ ස්ට්‍රොබ් ලයිට්ස් ගැන 

    3. ස්ට්‍රොබ් ලයිට්ස්  Strobe Lights

    ගුවන් යානාවක් රාත්‍රී අහසේ ගමන් කරද්දී යම්  චමත්කාරයක් එකතු කරනා එක් සුවිශේෂී අංගයකි මේ ස්ට්‍රොබ් ලියිට්. ඉතා වේගයෙන් නිවී නිවී දැල්වෙන විදුලි පහන් 3කින් සමන්විත මේ ස්ට්‍රොබ් ලයිට්ස් සුදු පැහැයෙන් දැල්වේ. පොසිෂන් ලයිට් හා සමානව තටු කෙලවරේ එක බැගින් ද පසුපස බදෙහි සවිකර ඇත.

    ඩබල් ෆ්ලෑෂීන් එනම් දෙවක් නිවී නිවී දැල්වෙන සේ මේවා ක්‍රියාත්මක වේ.

    Image and video hosting by TinyPic

    Image and video hosting by TinyPic

     

    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    07 Jun 2019 09:19 PM
    ඩබල් ෆ්ලෑශින් උනා කියන්නකු මේක කියෝනකොට.....

    හම්මේහ් ......අපිට නොතේරුනාට ස්තුතියි අය්ය කරන මෙහයට
    0

    Dilki
    Advanced Member
    Advanced Member
    Posts:955






    --
    08 Jun 2019 12:47 AM
    රූප දැක්කහම ඒව නම් මතක් උනා, ස්තුතියි අය්යෙ
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>