You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Nov 2018 07:20 AM by  chamaramind
සිංහල ආයුර්වේද -ගෙවුණු කාටිලේජ වර්ධනයට මේ දේවල් පාවිච්චි කරන්න
 15 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
04 Nov 2018 06:55 AM

    legආතරයිටිස්‌ රෝගීන්ගේ පාද ඇද ගහන්නේ ඇයි?

    වැඩිහිටි අයගේ පාද ඇදවීමට බොහෝවිට බලපාන්නේ ඔස්‌ටියෝ ආතරයිටිස්‌ නමැති රෝගී තත්ත්වයයි. අද බහුලව පීඩාකාරී වේදනාකාරී විඳවන ආතරයිටිස්‌ වර්ගයක්‌ ලෙස ඔස්‌ටියෝ ආතරයිටිස්‌ හඳුන්වන්න පුළුවන්.

    ඔස්‌ටියෝ ආතරයිටිස්‌ තුළින් පාද ඇද වෙන්නේ කොහොමද?

    බොහෝ දෙනෙක්‌ පුරුදු වෙලා තියෙන්නේ වේදනාවට බෙහෙත් ඉල්ලන්න. ඖෂධ ලබාදෙන්නෙත් රෝගියාව සුවපත් කරන්නයි. වෛද්‍යවරයා වැරදි නැත. මෙතැනදී ඇතුලාන්ත රෝගී තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීමට පටන් ගන්නවා. මුලින් කාටිලේජ ගෙවීයැම 5% කින් පටන් ගන්නා වේදනාවට ඖෂධ වලින් ලැබෙන සැනසීම ඇතුළත රෝගී තත්ත්වය වර්ධනය නොදැනීම 80% දක්‌වා වර්ධනය වන විට එම සැනසීම නොදැනී යනවා. බෙහෙත් ගත්තත් මට දැන් හරි වේදනාවයි පවසනවා. මෙයින් 60% ක වගේ ගෙවීමේ වර්ධනය සමග පාද ඇද ගැසීමත් ක්‍රම ක්‍රමයෙන් පටන් ගන්නවා. එය දැනෙන්නේ කොර ගැසී ඇවිදින විටයි. මෙය මහත් වේදනාකාරී තත්ත්වයක්‌ වෙනවා. ප්‍රතිශක්‌තිය දුර්වල වූ විට ව්‍යqහාත්මක වෙනස්‌කම් ඇතිවෙන්න පටන්ගන්නවා. එතනදී දිරායැම, ගෙවීයැම, තදවීම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය ඉතා පීඩාකාරී වෙනවා.

    පාද ඇද ගැසී ඇවිදින විට වෙනත් එන රෝග ලක්‍ෂණ මොනවාද?

    පැත්තට බර වෙලා ගමන් කිරීම, කොරගැසීම, කොන්ද කැක්‌කුම, කොන්දේ එක පැත්තක සිට පාදයන් දිගේ එන වේදනාව, පාද හිරි වැටීම, ඇවිදින විට ක්‍රම ක්‍රමයෙන් සමබරතාවය නැතිව යැම, වැටෙන්න යැම, ක්‍රම ක්‍රමයෙන් වේදනාව දණහිස මෙන්ම කොන්දේ වැඩිවීම, මන්ද පසුවට ස්‌නායු තෙරපීම දක්‌වාම මේ පාද ඇදය බලපෑමක්‌ ඇති කරනවා රෝගියා විඳවීම නිසා ගෙදර උදවියගේ පවා මානසිකත්වය බිඳ වැටෙනවා.

    මෙවැනි තත්ත්වයන් කොහොමද හෝමියෝපති ප්‍රතිකාර මගින් සුවපත් කරන්නේ?

    කෙනෙක්‌ රෝගී වන්නේ ඔවුනොවුන්ගේ ශරීර ගත ජීව ශක්‌තිය දුර්වල වීමක්‌ නිසා.එය පිටතට පෙන්නුම් කරන ලක්‍ෂණ අපි කියනවා රෝග ලක්‍ෂණ ලෙස. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේදී මේ ප්‍රතිශක්‌ති කරන පද්ධතියටත් රෝග ලක්‍ෂණවලටත් ප්‍රධාන තැනක්‌ හිමි වෙනවා.

    රෝගියාගේ රෝග ලක්‍ෂණ ඔහුගේ දුර්වල වූ ජීව ශක්‌තිය ගොඩනැඟීමට සුදුසු ඖෂධය තෝරාගැනීම උදව් කරනවා. එනම් රෝග ලක්‍ෂණය අනතුරක සංඥා මාර්ගයක්‌ වෙනවා. අප එය එකපාරටම නිවා දමා සැනසීම ලබන්න යැම තුළ රෝගී තත්ත්වය ඇතුලාන්තයෙන් වර්ධනය වෙනවා, වේදනාව දරන්න බැරිව ජීවිතය පවා එපා වෙනවා. ශල්‍යකර්මයට භාජනය වන අවස්‌ථාව උදාකර ගන්නවා.

    හෝමියෝපති ප්‍රතිකාර මගින් රෝගයේ රෝග ලක්‍ෂණය වන සංඥාව නිවා නොදමා රෝග ලක්‍ෂණ ඔස්‌සේ අනතුර අඟවන සංඥා මාර්ගය ඔස්‌සේ ගොස්‌ රෝග මුලයම නැති කර දමනවා. එනම් රෝගයට හේතුව නැති කරනවා. රෝග ලක්‍ෂණයට සමාන වූ ඖෂධය ශරීරගත කිරීම තුළ මෙයින් රෝගියාගේ එනම් සිදුවන ව්‍යqහාත්මක වෙනස්‌කම්, ඒවගේම රසායනික වෙනස්‌කම් නැවත යථා තත්ත්වයට ක්‍රම ක්‍රමයෙන් ගෙන එනවා. ඒ තුළ රෝගියාගේ වේදනාව නැතිව යනවා. ශරීරයේ ඇතුලාන්තයේ ගෙවුණු කාටිලේජ වර්ධනය වීම, දිරා යන අස්‌ථි පටක ගොඩනැගීම හා ප්‍රතිශක්‌තිකරණය ගොඩනැඟීම නිසා ඇදවුනු පාද ක්‍රම ක්‍රමයෙන් යළි යථා තත්ත්වයට ගෙන ඒම මේ තුළින් සිද්ධවෙනවා.

    ඒ වගේම වෙනස්‌ වූ රසානික වෙනස්‌කම් ESR ,FBC ,Rumatoid factor නිරෝගිමත් මට්‌ටමකට ගෙන දෙනවා. ඒ වගේම දුර්වල වී තිබුණා නම් වකුගඩු ක්‍රියාකාරිත්වය, අක්‌මා ක්‍රියාකාරිත්වය ඒවා පවා නිරෝගී ක්‍රියාකාරිත්වය ගෙන දෙන්නේ පාද ඇදය පමණක්‌ නොව ආතරයිටිස්‌ රෝගයද ශරීරයෙන් ඉවත් කරමින් අතුරු ආබාධ නොමැතිව රෝගියාගේ කායික හා මානසික සතුට ගෙන දෙමින් රෝගියාට සම්පූර්ණ සුවය ලබා දෙමින්ය.

    මෙහිදී මම මතක්‌ කරන්න කැමතියි. මා ළඟට පැමිණෙන සියළුම රෝගීන් ඖෂධ නියම කිරීමට පෙර මෙම අවශ්‍ය රසායනික පරීක්‍ෂණ සියල්ලම සිදු කරනවා.

    නොමිලේ විස්‌තර සඳහා

    011-2731695 හෝ 0718250716/17

    සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

    leg1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    04 Nov 2018 06:56 AM

    neckප්‍රශ්නය - ගෙල ඇටය දිරා යැම නිසා අකර්මණ්‍ය වූ තරුණ සොයුරියන් දෙදෙනකු ගැන අප ඔබ සමඟ කතා කළා. අද අප ඔබෙන් අසන්නට බලාපොරොත්තු වන්නේ ඔවුන් සුවපත් කළ ආකාරයයි.

    වෛද්‍ය එම්. ඒ. මදනායක - ගෙල ඇටය හෙවත් ග්‍රීව අස්‌ථිය කියන්නේ ශරීරයේ වැදගත්ම කොටසක්‌ බව මෙහිදී සිහිපත් කළ යුතුයි. ග්‍රීව අස්‌ථිය කොඳුඇටය සමඟ සම්බන්ධ එහිම කොටසක්‌. මෙය දිරා යැම, කැඩීම, කාටිලේජ දියවීම නිසා හානි වීම වැනි අර්බුදවලට ලක්‌විය හැකියි. එහෙම වුණාම අධික වේදනාවක්‌ හටගන්නවා. වේදනාවෙන් නොනැවතී මුළු ශරීරයම අකර්මණ්‍ය වන අවස්‌ථා තිබෙනවා. ග්‍රීව අස්‌ථිය දිරා යැම වෙනම ලෙඩක්‌. එය Degenerative neck bone disease කියලා හඳුන්වනවා. ලොව කිසිම දෙයක්‌ සදාකාලිකව නොපවතිනවා වාගේ මනුෂ්‍ය ශරීරයත් සදාකාලික නැහැ. දශක ගණනාවක්‌ පුරා දිග හැරෙමින්, කැඩෙමින් භ්‍රමණය වෙමින් බර උසුලමින් කල් ගත කරන අපේ අස්‌ථි පCඳ්ජරය දිරා යැම පුදුමයට කරුණක්‌ නොවෙයි. ලොකුම ප්‍රශ්නය හට ගන්නේ මෙම අස්‌ථි දිරා යැම රෝගියා මියගිය පසුව නොව ඔහු/ ඇය පණපිටින් සිටින විට සිදු වුණාමයි.

    ප්‍රශ්නය - මෙවැනි දිරායැම් වලදී ඔබ කරන්නේ කුමක්‌ද?

    වෛද්‍ය එම්. ඒ. මදනායක - අපි මේ සඳහා උදාහරණ ලෙස ග්‍රීව අස්‌ථිය දිරාගිය සොයුරියන් දෙදෙනා පිළිබඳ උදාහරණයට ගනිමු. ඇට දිරා යන්නේ ඇයි? එම ඇටවලට අවශ්‍ය පෝෂණ ගුණය නැති වීම නිසයි. පෝෂ්‍ය ගුණය නැති වන්නේ ඇයි? එම අස්‌ථි ප්‍රදේශයට රුධිරය සැපයෙන නහර සහ ස්‌නායු අඩපණ වීම නිසයි. එවිට අප කරන්නේ රුධිර නාළ සහ ස්‌නායු පණ ගැන්වීම සඳහා ප්‍රතිකාර පටන් ගැනීමයි. මෙයට පෙරත් කියා ඇති පරිදි අපේ ප්‍රතිකාරය තෙල් ගා තැවීම, බෙහෙත් පොට්‌ටනි යොදා තැවීම සහ කසායවලින් සමන්විත වෙනවා. අප ඉහතින් සඳහන් සොයුරියන් දෙදෙනාට ඉහත සඳහන් ක්‍රමවලට ප්‍රතිකාර කළා. දෙසතියක්‌ ගත වන විට ඔවුන් යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත් වුණා. අද වන විට ඔවුන් තනිව ඇවිද යැමට සහ තමන්ගේ වැඩ තනිව කර ගැනීමට හැකි තත්ත්වයක සිටිනවා. ඉදිරි දෙසතියේ ප්‍රතිකාරවලින් පසු ඔවුන් 100% ක්‌ ම සුවපත් වෙනවා.

    නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836

    සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

    neck1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    04 Nov 2018 06:56 AM

    skinò වා, පිත්, සෙම් දූෂණය වීම තුළින් සමේ රෝග හට ගන්නවාද?

    ò ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක

    සිරුරේ පිත් දොaෂය, අධික වීම නිසා ශරීරයේ උෂ්ණත්වය වැඩිවෙනවා. ඒ අනුව අධික උෂ්ණාධික බව නිසා සිරුරේ සම පැසවීම සිදුවිය හැකියි. වා, සෙම් බලපෑම තුළින් සම වියළීම, ඉරිතැලීම ඇතිවී කැසීම් තත්ත්වය හටගන්නා අතර මේ තත්ත්වයන් සමේ රෝග ලෙස හැඳින්විය හැකියි.

    ò සමේ රෝග විවිධාකාරයෙන් හටගන්නවා නේද?

    ò ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා

    සමේ රෝග වර්ග දෙකක්‌ ලෙස කොටස්‌ කළ හැකියි. බෝනොවන හා බෝවන ඒ දෙආකාරයයි. බෝවන රෝග ස්‌පර්ශයත්, ලිංගික ක්‍රියාකාරකම් හා අපිරිසිදුකම මගින් හටගැනීම සිදුවන අතර බෝනොවන සමේ රෝග හට ගන්නා ප්‍රධාන හේතුවක්‌ ලෙස රක්‌තය දූෂ්‍ය වීම හැඳින්විය හැකියි.

    ò සමේ මෙම රෝග හටගන්නේ කුමනාකාරයෙන්ද?

    ò ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක

    ප්‍රධානම රෝගය පලු දැමීමයි. එය සිරුර පුරාම පැතිරී ගොස්‌ දැඩි පීඩාවට පත්වීම සිදුවෙනවා. කුඩා බිබිලි හට ගැනීම සිදුව ඒවා කැසීම නිසා එයද සිරුර පුරාම පැතිරිය හැකියි. දෙපා ආශ්‍රිතව, ඇඟිලිකරු ආශ්‍රිතව මේ තත්ත්වය බහුලවම ඇතිවිය හැකියි.

    සමේ රෝගවල භයානකම තත්ත්වය කුෂ්ඨ රෝගයයි. මේ රෝගී තත්ත්වය ඉතා පීඩාකාරී මෙන්ම බොහෝ අවදානම් තත්ත්වයේද පවතිනවා.

    ò ආයුර්වේදයේ සමේ රෝග සුව කිරීමේ ප්‍රතිකාර තිබෙනවාද?

    ò ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක

    ශරීරයේ වා, පිත්, සෙම් දොaෂ නිවැරදිව හඳුනාගෙන ඒවා සමනය කිරීම සඳහා නිවැරදිම ඖෂධ ලබාදීම තුළින් මෙම සමේ රෝග නිට්‌ටාවටම සුව කිරීමට ආයුර්වේදයට හැකියාව තිබෙනවා.

    නොමිලේ විස්තර සඳහා 071-3007000 / 071 300 9088

    skin1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    04 Nov 2018 06:57 AM

    anshabagaආයුර්වේද මතානුකූලව පක්‍ෂාඝාත රෝගයෙහි විවිධ අවස්‌ථා පවතී. මෙම අවස්‌ථා විභේදනය වන්නේ රෝගියාගේ සිරුරේ පවතින දෝෂ තත්ත්වය හා එම දෝෂ රෝගයට සම්බන්ධ වන ස්‌වභාවය අනුවයි. එසේ දෝෂ සම්බන්ධ වීමේදී දෝෂයන්ගේ උල්භනත්වය හෙවත් අධික බව මූලික සාධකයක්‌ සේ ක්‍රියා කරයි.

    පක්‍ෂාඝාතයේ අවස්‌ථ:-

    1. ශුද්ධවාත පක්‍ෂාඝාතය

    2. පිත්ත අනුබන්ධ පක්‍ෂාඝාතය

    3. කඵ අනුබන්ධ පක්‍ෂාඝාතය

    1. ශුද්ධ වාත අවස්‌ථාව - මෙම අවස්‌ථාවේදී ප්‍රබලව බල පවත්වන දෝෂය වාතය නිසා රෝගියා විෂයෙහි වෙව්ලීම් ගතිය, අත් පා වල තද ගතිය, පේශි තද ගතිය, හිරිය යන ලක්‍ෂණ බලපවත්වයි. මෙම රෝග අවස්‌ථාව පාලනය තරමක්‌ අපහසු අවස්‌ථාවකි. මෙම අවස්‌ථාව වාත ප්‍රකෘති අයෙකුට ඇතිවූයේ නම් රෝග තත්ත්වය වඩාත් ප්‍රබල වනු ඇත.

    2. පිත්ත අනුබන්ධ අවස්‌ථාව - මෙහිදී රෝගියාට ඡ්වරය හෙවත් උණ ඇතිවේ. අධික හිසරදය, සිහිමඳ ගතිය ඇතිවේ. බොහෝ විට මොළයේ රුධිර නාලයක්‌ පිපිරීම නිසා පක්‍ෂාඝාතය ඇතිවූ විට මේ තත්ත්වය දැකිය හැක. රුධිර වහනය ප්‍රබල නම් ක්‍රම ක්‍රමයෙන් සිහිමඳ බව වැඩිවී සම්පූර්ණයෙන් සිහිය නැතිව යා හැක. මෙය රෝගියා රෝහල්ගත කර මුලින් පාලනය කළ යුතුවේ. රෝගියා සිහි මූර්ජාවෙන් පසුවන නිසා ඖෂධ මුඛය මාර්ගයෙන් යෙදීම අපහසු වේ. දේශීය වෛද්‍යවරු මේ අවස්‌ථාවේදී තීක්‍ෂණ ඖෂධ චූර්ණ නාසයට පිඹ සිහිය යළිත් ලබාගනියි. ඉන් අනතුරුව ඖෂධ යොදයි.

    3. කඵ අනුබද්ධ අවස්‌ථාව

    මෙම අවස්‌ථාවේදී කඵ දෝෂ ප්‍රබල වන නිසා අත් පා වල බර ගතිය, ඇඟේ බරගතිය, කම්මැලිබව, කෙළ වැගිරීම, අත් පා සීතල ගතිය, කැස්‌ස යනාදී ලක්‍ෂණ ඇතිවේ. මෙහිදී බොහෝවිට ලේ නාළයක ලේ කැටියක්‌ හිරවීමෙන් හටගන්නා පක්‍ෂාඝාත තත්ත්වයට සමාන ලක්‍ෂණ පහළ වේ.

    ඉහත සඳහන් මෙම අවස්‌ථාවන්හිදී කෘතහස්‌ත දේශීය වෛද්‍යවරයා නිසි පරිදි ඖෂධ වර්ග, තැවිලි පොට්‌ටනි, රස ඖෂධ, නස්‌න වර්ග ආදිය යොදාගෙන ප්‍රතිකාර කරයි. කල් නොයවා ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

    anshabaga1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    04 Nov 2018 06:58 AM

    earප්‍රශ්නය - කර්ණ රෝගවලට කරන ආයුර්වේද ප්‍රතිකාර ගැන අප පසුගිය සතියේදී කතා කළා. කන පිරිසිදු කිරීම සඳහා උපකරණ ඇත්තේ බටහිර වෛද්‍ය ක්‍රමය තුළ පමණක්‌ බව අප මෙතෙක්‌ උපකල්පනය කළත්, ආයුර්වේදය තුළත් එවැනි උපකරණ තිබෙන බව ඔබ සඳහන් කළා.

    ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීපරිස්‌ - සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද ග්‍රන්ථවල මේ උපකරණ ගැන සඳහන් වෙනවා. උපකරණයේ අග පුළුන් දවටා කනට ඇතුළු කර ප්‍රවේශමෙන් පිරිසිදු කිරීම කළ හැකියි. ඉන් පස්‌සේ ධූපන ප්‍රතිකාරය කියලා දෙයක්‌ කරනවා. ධූපන ප්‍රතිකාරයේදී කෙරෙන්නේ ආයුර්වේද ප්‍රතිජීවක ඖෂධ වර්ග දැවෙන පොල්කටු අඟුරු සහිත භාජනයකට දමලා ඒ දුම් කනට යන්නට සැලැස්‌වීමයි. බටහිර වෙදකම් ඇන්ටි බයටික්‌ ඖෂධවලින්, ඇන්ටි බයටික්‌ ෙඩ්‍රාප්ස්‌වලින් කෙරෙන කාර්යය මේ ශාකසාර ඖෂධවලිනුත් ඒ විදියටම කෙරෙනවා.

    ප්‍රශ්නය - ඔබ ඔය කියන පොල්කටු අඟුරු සහිත උපකරණය කොයි වගේද?

    ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - එය කුඩා මුට්‌ටියක්‌. ඒ මුට්‌ටියේ තිබෙනවා දිග නලයක්‌ සම්බන්ධ පියනක්‌. ඒ මුට්‌ටියට පොල්කටු ගිනි අඟුරු දමලා පෙර කී ඖෂධ දමලා පියන වහනවා. ඉන් පසු අර බටය කනට අල්ලනවා. එවිට ඖෂධීය දුව කන තුළට ගමන් කරනවා. එම දුමට කන ඇතුළත තිබෙන තුවාල වියෑලෙනවා. එසේ වන්නේ ප්‍රතිජීවක ඖෂධ නිසයි.

    ප්‍රශ්නය - මේ සඳහා යොදන ඖෂධ මොනවද?

    ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - වළඟසාල්, නිකකොල, ගුගුල්, වෙනිවැල්ගැට, සුවඳ කොට්‌ටන් යනාදී ඖෂධ කුඩු බවට පත් කරලා පාවිච්චි කරනවා. මේ සියල්ලම ප්‍රතිජීවක ඖෂධ. ආසාදන, ප්‍රදාහ තත්ත්වයක්‌ නැසීමේ හැකියාව මේවාට තිබෙනවා. උදාහරණයක්‌ ලෙස ගනිමු වළඟසහල්. මෙය නාසය ආශ්‍රිත රෝගයක්‌ වන පීනසට ඉතා ගුණ දෙන ඖෂධයක්‌. නික කියන්නේ කෘමි නාශකයක්‌. ඒ වගේම ක්‍රිමි නාශකයක්‌. මෙය දද - කුෂ්ට, චර්ම රෝග, අක්‌මා රෝග. ප්ලීහාව, ඉදිමීම, රූමටික උණ, ඔක්‌කාරය, කොන්දෙ වේදනාව යන රෝග තත්ත්වයන් සමනය කරන්නට යොදා ගන්නවා. ගුගුල් කියන්නේ වසර 2500 කට වැඩි කලක්‌ තිස්‌සේ ඉන්දියාවේ පරිහරණය කරලා අත්දුටු ඖෂධීය ශාකයක්‌. කෘඛ නමැති හිතකර කොලෙස්‌ටරෝල් වර්ගය මර්දනය කිරීමටත් ගුගුල් යොදා ගන්නවා. වෙනිවැල්ගැට ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. එය විශබීජ නාශකයක්‌ වගේම පිටගැස්‌මට එරෙහිව සටන් කරන ප්‍රතිජීවක ඖෂධයක්‌. සුවඳ කොට්‌ටන්වලින් මොළය වර්ධනය වෙනවා. හෘද රෝග පාලනය වෙනවා. අස්‌ථි ශක්‌තිමත් කරනවා. ප්‍රතිශක්‌තිකරනය ඉහළ නංවනවා. මේ ඖෂධ මිශ්‍රකර කරන ධුපන ප්‍රතිකාරය ඉතාම සාර්ථකයි.

    ධූපන ප්‍රතිකාරය කියන්නේ උගුර, කන, නාසය ආශ්‍රිත රෝගවලට කරන ප්‍රතිකාර පන්තියකින් එකක්‌ පමණයි. මෙයට අමතරව උගුර හෝදන්න ඖෂධීය ශාක සාරමය ජලය නිර්දේශ කරනවා. ඊට අමතරව කසාය දෙනවා. ඉහතින් අපි විස්‌තර කළේ කනේ රෝග ගැනයි. නාසයේ රෝගයක්‌ හට ගත්තාම එයට සරිලන ධූපන ආයුර්වේදයේ එනවා.

    සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

    ear1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    04 Nov 2018 06:58 AM

    atharaiticeප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගීන් වෙනුවෙන් අද ඔබ දෙන කසාය කුමක්‌ද?

    වෛද්‍ය වසන්ත උදයජීව - ඉතාම පැරැණි ආයුර්වේද කසායක්‌ මා පාඨකයන්ට දෙනවා. තොටිල මුල්, දියමිත්ත, කොහොඹ පොතු, පාවට්‌ටා මුල්, අරළු, බුලු, නෙල්ලි, කටුකරෝසන, ඇහැල පොතු, බෝදි ඇට, මුරුවා මුල්, රසකිඳ යනාදිය කලං 1 බැගින් ගෙන වතුර කෝප්ප 8 ට දමා ළිප තබා 1 කෝප්පයට සිඳ සීනි මී පැණි යොදා පානය කරන්න. මෙය දින 12 ක්‌ උදේ සවස කෝප්ප භාගය බැගින් පානය කළ යුතුයි.

    ප්‍රශ්නය - මේ කසායේ විශේෂත්වය කුමක්‌ද?

    වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදයේ හැම කසායක්‌ම එකකට එකක්‌ වෙනස්‌. සුදුසු පුද්ගලයාට සුදුසු කසාය වගේම සුදුසු කාලයට සුදුසු කසාය යනුවෙන් සංකල්පයකුත් ආයුර්වේදයේ තිබෙනවා. මා පසුගිය මාස කිහිපය තුළ දුන් කසාය සියල්ලම කාලයට ගැළපෙන විදියට තමයි දුන්නේ. මේ දිනවල ඉතාම වියළි සිසිල් කාලගුණයක්‌ පවතිනවා. යුරෝපයේ වඩාත්ම දරුණු සීත කාලයක්‌ මෑතකදී ආවා නම් ඒ තමයි මේ සීත කාලය. ශීත කාලයක්‌ කියන්නේ අස්‌ථි සම්බන්ධ රෝග තිබෙන කෙනෙකුට ඉතාම නරක කාලයක්‌. ඒ නිසා මේ කාලයේදී අප දෙන්නේ කාලයට අනුරූප කසාය. එම කසාය මගින් ආත්‍රයිටිස්‌ රෝගය විතරක්‌ නෙවෙයි ශීත කාලයට වැළඳෙන සෙසු රෝග පවා සුව වෙනවා.

    ඉහත සඳහන් කසායේ අඩංගු ඖෂධ වර්ග ශරීරයේ සම සීතෝෂ්ණ ගුණය සමාන්තරව පවත්වා ගෙන යනවා. ඒ විතරක්‌ නෙවෙයි ශරීර අභ්‍යන්තරය ශෝධනය කිරීමත් මේ ඖෂධ මගින් සිදුවෙනවා.

    නොමිලේ විස්‌තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න

    සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

    atharaitice1

    atharaitice2

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    04 Nov 2018 06:59 AM

    grayප්‍රශ්නය - පසුගිය දිනවල අප අර්ශස්‌ රෝගය ගැන කතා කළා. පාඨකයන් අපෙන් ඉල්ලනවා ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ගැන අලුත්ම ආයුර්වේද දත්ත, ප්‍රශ්න සහ ලිපි පෙළක්‌ පළ කරන ලෙස.

    වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඔබ දන්නවා අප කරන්නේ දේශීය වෙදකම සහ ආයුර්වේද වෙදකම යන දෙකම ආශ්‍රයෙන් සකසා ගත් ප්‍රතිකාර ක්‍රමයක්‌. ඒ අතර ගැස්‌ට්‍රයිටිස්‌ හෙවත් අම්ල පිත්ත රෝගයට අප ප්‍රතිකාර කරන්නේ ස්‌ථිර වශයෙන් ම දේශීය වෛද්‍ය ක්‍රමයට අනුකූලවයි.

    ප්‍රශ්නය - ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයට ඇසිඩ් සම්බන්ධ වන්නේ කොහොමද?

    වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - උදරයේ තිබෙන හයිෙඩ්‍රාක්‌ලෝරික්‌ අම්ල ප්‍රමාණය වැඩි වීමෙන් ආමාශය සහ මහාන්ත්‍රය මුලික කරගෙන පීඩනයක්‌ හට ගන්නවා. මල බද්ධය හා අර්ශස්‌ නිසා මේ පීඩනය හට ගන්නා අවස්‌ථා තිබෙනවා. ඒ වගේම එසේ නැතිව නිකම්ම ගැස්‌ට්‍රයිටිස්‌ හටගන්නා අවස්‌ථාවනුත් තිබෙනවා.

    ප්‍රශ්නය - මේ රෝගයේ ස්‌වභාවය සහ එයට මුල්වන හේතු ගැන මේ පුවත්පත අවස්‌ථා ගණනාවකදී ම කරුණු පැහැදිලි කර තිබෙනවා. ගැස්‌ට්‍රයිටිස්‌ සඳහා තාවකාලිකව ලබාගත හැකි ප්‍රතිකාර තිබෙනවාද?

    වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයට තාවකාලික ප්‍රතිකාර නැතිව රෝගය නිට්‌ටාවටම සුව කර ගන්නට ප්‍රතිකාර ලබා ගැනීම තමයි වඩාත් සුදුසු. මන්ද යත් එක්‌ අවස්‌ථාවක්‌ එනවා තාවකාලික බෙහෙත් තවදුරටත් අහන්නේ නැති. කොහොම වුණත් පාඨකයාගේ පහසුව තකා අත් බෙහෙත් ස්‌වල්පයක්‌ කියන්නම්.

    1. මිරිස්‌ කුඩු ග්‍රෑම් භාගයක්‌ මී පැණි හැන්දක්‌ සමඟ කලවම් කර උදේ සවස පානය කරන්න. උදේට හැන්දයි. හවසට හැන්දයි. මෙය ගෑස්‌ ගතිය අඩු කිරීම සඳහා ඉතා සුදුසු අත්බෙහෙතක්‌.

    2. ගැස්‌ට්‍රයිටිස්‌ නිසා හට ගන්නා වමනය නැතිකර ගැනීමට ලෙමන් යුෂ ඉතා සුදුසුයි. මෙහිදී දෙහි නොව ලෙමන්ම තෝරා ගත යුතුයි.

    3. කැබලිවලට කපා තම්බන ලද අළු පුහුල් හකුරු සමඟ අනුභව කරන්න. පුහුල් ග්‍රෑම් 100 ක්‌ පමණ අනුභව කළ යුතුයි. බඩ පිපුම සහ උදර දහය මේ මගින් නැතිවී යනවා.

    4. අරළු බුලු නෙල්ලි කුඩු තේ හැන්දක්‌ වතුර වීදුරුවක ප්‍රමාණයට දමා හොඳින් උතුරුවා වීදුරු භාගයකට හිඳ ගන්න. මෙය මද උණුසුම් තත්ත්වයේ තිබියදී මී පැණි හැන්දක්‌ හෝ එළඟිතෙල් හැන්දක්‌ යොදා පානය කරන්න.

    ප්‍රශ්නය - ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය සුව කළ හැකි පාරිම්පරික ඖෂධ ඔබ සතුද?

    වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඔව්. ඒවා වසර 400 ක්‌ විතර පැරැණි ඖෂධ වට්‌ටෝරු. ඒවා මගින් ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය සුව කරන ක්‍රමය ගැන ලබන සතියේ කතා කරමු.

    නොමිලේ විස්‌තර සඳහා 0713464276/ 0759061771

    අංකයට කතා කරන්න

    සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

    gray1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    05 Nov 2018 01:07 AM
    ගැස්ට්‍රයිටිස් නම් නෑ, ඒ උනාට හකුරු නම් කන්නම්
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    05 Nov 2018 07:08 AM
    බලන් ගියහම පුහුල් කියන්නේ කොයි තරම් නම් ගුන කැමක් ද
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    05 Nov 2018 05:20 PM
    ගැස්‌ට්‍රයිටිස්‌ කියන්නෙනං මහ දරැනු වේදනාවක්.
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    05 Nov 2018 05:23 PM
    බොහොම ස්තුතියි මේ පිළිබද අපිව දැනුවත් කලාට .......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    11 Nov 2018 07:18 AM

    purasthiප්‍රශ්නය - පුරස්‌ථි ග්‍රන්ථිය ඉදිමීම නැත්නම් විශාල වීම (Prostate Enlargement Benign Prostatic Hyperplasia) මෑත කාලයේදී ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වුණා. මොකක්‌ද මේ රෝග තත්ත්වය.

    වෛද්‍ය පුෂ්පකුමාර - පුරස්‌ථි ග්‍රන්ථිය ඉදිමීමත් එය පිළිකා තත්ත්වයක්‌ දක්‌වා වර්ධනය නොවීමත් තමයි මේ රෝගය මගින් සිදුවන්නේ. පිරිමි ළමයකු වැඩිමහලු මනුෂ්‍යයකුගේ තත්ත්වයට පත් වන කාල සීමාව තුළදී පුරස්‌ථි ග්‍රන්ථිය වර්ධනය වන අවස්‌ථා දෙකක්‌ තිබෙනවා. මෙයින් පළමු අවස්‌ථාවේදී එනම් පිරිමි ළමයකු වැඩිවිය පත්වීමට පෙර පුරස්‌ථි ග්‍රන්ථිය ප්‍රමාණයෙන් දෙගුණ වෙනවා. දෙවැනි වර්ධනය අවුරුදු 25 දී පමණ ආරම්භ වන අතර, ඉතිරි ජීවිත කාලය පුරාම වර්ධනය වෙමින් පවතිනවා. පුරස්‌ථි ග්‍රන්ථිය ඉදිමීම සිදුවන්නේ මෙන්න මේ දෙවැනි අවස්‌ථාවේදී. මෙසේ ඉදිමීමේදී මුත්‍රවාහිනිය පීඩනයකට, තෙරපීමකට ලක්‌ වෙනවා. මුත්‍රා බොක්‌ක ඝන තත්ත්වයට පත් වෙනවා. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මුත්‍රා බොක්‌ක දුර්වල වන අතර මුත්‍රා කිරීමේදී එහි පිරී පවතින සම්පූර්ණ මුත්‍රා ප්‍රමාණය බැහැර කර ගැනීමට බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා කිසියම් මුත්‍රා ප්‍රමාණයක්‌ නිතරම එහි ඉතිරි වනවා. පීඩනය නිසා මුත්‍රා මාර්ගය අවහිර වීම, මුත්‍රා බොක්‌ක සම්පූර්ණ වශයෙන් හිස්‌ නොවීම යන කාරණා තමයි පුරස්‌ථි ඉදිමුම නිසා ඇතිවන ප්‍රධාන ගැටලු.

    ප්‍රශ්නය - පුරස්‌ථිතිය කියන්නේ මොකක්‌ද?

    වෛද්‍ය පුෂ්පකුමාර - මෙය පුරුෂ ප්‍රජනක පද්ධතියට අයත් කොටසක්‌. මෙහි ප්‍රධානතම කාර්යය වන්නේ ශුක්‍රාණු අඩංගු ශුක්‍ර තරලය නිෂ්පාදනය කිරීමයි. පිරිමියකුගේ සරුභාවයට බලපාන ප්‍රධානතම අංගයක්‌ ලෙස පුරස්‌ථිති ශ්‍රාවය හෙවත් තරලය සැලකිය හැකියි. මුත්‍රා බොක්‌ක මුල, මුත්‍රවාහිනිය අසල තමයි මෙය පිහිටා තිබෙන්නේ. පුරස්‌ථිති ග්‍රන්ථියට කොටස්‌ දෙකක්‌ හෝ වැඩි ගණනක්‌ තිබෙනවා. මුත්‍ර වාහිනියේ පහළ කොටසට අයත් ග්‍රන්ථි දෙකක්‌ ලෙස මුත්‍රා බොක්‌ක සහ පුරස්‌ථිතිය හඳුන්වන්න පුළුවන්.

    ප්‍රශ්නය - පුරස්‌ථිති ග්‍රන්ථිය ඉදිමෙන්නේ ඇයි?

    වෛද්‍ය පුෂ්පකුමාර - මෙය හරියටම අර්ථකථනය කර ගැනීමට බැරි තත්ත්වයක්‌. එහෙත් මෙය වැඩිපුරම හටගන්නේ වයසින් වැඩි පුද්ගලයන් තුළයි. යොවුන් වියට එළඹීමට පෙර විවිධ හේතු මත වෘෂණ කෝෂ ඉවත් කරන්නට සිදුවන පිරිමින්ට මේ රෝගය හටගන්නේ නැහැ. ඒ අනුව පර්යේෂකයන් කියන්නේ පුරස්‌ථිති ඉදිමුම සහ වෘෂණ කෝෂ අතර සම්බන්ධයක්‌ තිබෙන බවයි. ඒ අතර මහලු විය ද මේ රෝගයට හේතුවක්‌ වන බව ඔවුන් කියනවා.

    පිරිමියකුගේ ශරීරය තුළ පිරිමි හෝමෝනයක්‌ වන ටෙස්‌ටොස්‌ටෙරෝන් සහ ස්‌ත්‍රී හෝමෝනයක්‌ වන ඊස්‌ට්‍රජන් ස්‌වල්පයක්‌ නිෂ්පාදනය වෙනවා. කෙනෙකු ක්‍රමයෙන් වියපත් වන විට රුධිරයේ තිබෙන ටෙස්‌ටොස්‌ටෙරෝන් හෝමෝන ප්‍රමාණය පහළ බහිනවා. මෙවිට රුධිරයේ තිබෙන ඊස්‌ට්‍රජන් හෝමෝන ප්‍රමාණය ඉහළ යනවා. පර්යේෂකයන්ගේ මතයට අනුව ඊස්‌ට්‍රජන් හෝමෝන වර්ධනයත් සමඟම පුරස්‌ථිති ග්‍රන්ථියේ සෛල වර්ධනය වෙනවා. ඒවා ඉදිමීමට හේතුවක්‌ ලෙසත් ඔවුන් මෙම තත්ත්වය දකිනවා. ඒ සමඟම DHT නමැති පිරිමි හෝමෝනයේ වර්ධනය ද මෙම ඉදිමුමට බලපාන බව පර්යේෂකයන් කියනවා.

    ප්‍රශ්නය - පුරස්‌ථිති ඉදිමුම වැඩි වශයෙන් ඇතිවන්නේ කා තුළද?

    වෛද්‍ය පුෂ්පකුමාර -වයස 40 සිට ඉහළට යන වයස්‌ කාණ්‌ඩවල අයටත් මේ රෝගය පවුලේ සෙසු පිරිමින්ට තිබෙන අයටත්, දියවැඩියාව, ස්‌ථුලභාවය වැනි තත්ත්වයන් තිබෙන අයටත්, ව්‍යායාම නොකරන අයටත්, ලිංගික අප්‍රාණිකත්වය ඇති අයටත් මේ රෝග හටගැනීමේ අවදානම වැඩියි.

    ලබන සතියට

    නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    11 Nov 2018 07:18 AM

    anshabagaවසර 3000 ටත් වඩා දීර්ඝ ඉතිහාසයක්‌ ඇති ආයුර්වේදය ලොවට දායාද කරන ලද මා හැඟි වෛද්‍ය ක්‍රමයකි. හිමාල පර්වතය පාමුල පැවැති ලොව ප්‍රථම සෘෂි සම්මේලනය මිනිසාගේ සෞඛ්‍ය ප්‍රශ්න සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලය ලෙස බිහිවූ ආයුර්වේදය පූර්ණ වෛද්‍ය ශාස්‌ත්‍රයක්‌.

    පසුගිය ලිපියෙහි අප මිනිසාට වැළඳෙන වාත රෝග හෙවත් ස්‌නායු රෝග අතරින් ප්‍රබල රෝගයක්‌ වන අංශභාග රෝගය පිළිබඳ හැඳින්වීමක්‌ කළා. ආයුර්වේද මතානුකූලව සියලු රෝග හටගන්නේ වා, පිත්, සෙම් යන ත්‍රිදොaෂයෙහි කෝපතාවය පදනම් කරගෙනයි. ඒ අතරිනුත් වාත දොaෂය ප්‍රබලම දොaෂයයි. එනිසාම වාත කෝපයෙන් ජනිත වන රෝග රැසකි. ඉතා ප්‍රබල රෝගයක්‌ වන අංශභාග රෝගය හෙවත් පක්‍ෂාඝාත රෝගය අද වන විට සමාජයේ විරල රෝගයක්‌ නොවන තත්ත්වයට පත්ව ඇත.

    වාත කෝපය යන්න පොදු වදනක්‌ බවට පත්ව ඇතත් එය ආයුර්වේදයට අනුව බෙහෙවින් සංකීර්ණ ක්‍රියාවලියක්‌ හඟවන වදනක්‌. වා, පිත්, සෙම් යන තුන් දොaෂ ඒ ඒ පුද්ගලයාගේ සිරුරේ පිහිටන්නේ එක්‌ එක්‌ ආකාරයටයි. යම් අයෙක්‌ උපතින් හිමිකරගත් තුන් දොස්‌ තත්ත්වය ඔහුට හෝ ඇයට සාතම්‍ය වේ. එම තත්ත්වයේ පිහිටි තුන්දොස සාම්‍ය අවස්‌ථාවෙන් හෙවත් සමබරව පිහිsටිවිට රෝග රහිත වේ. ඉදින් අපගේ ආහාර, විහරණ ආදිය නිසා මේ දොaෂ සමබරතාවය බිඳී රෝග හටගනී. වාත කෝප කරන, පිත් කෝප කරන හා කඵ හෙවත් සෙම් කෝපකරන හේතු වෙන වෙනම දක්‌වා තියෙනවා.

    වාත කෝප කරන හේතු අතර නිදි වැරීම, අධික ගමනාගමනය, රළු ආහාර විහරණ සේවනය, වැටීම්, තැලීම්, අස්‌ථි බිඳීම්, ධාතු ක්‍ෂය, මල මුත්‍රා වේග ධාරණය, බිය වීම, මානසික කැළඹීම, අධික චින්තනය, ශෝක කිරීම ආදිය ප්‍රමුඛ ස්‌ථානයක්‌ ගනියි. කුපිත තත්ත්වයට පත් වාතය සප්ත ධාතු විකෘතිකර රෝග ජනිත කරයි. කුපිත වාතය මුල් කරගෙනම හටගන්නා රෝග වාත රෝගයි.

    ඉදින් එබඳු රෝගයක්‌ තමයි මේ අංශභාග රෝගය. සිරුරේ එක්‌ පසෙක අත හා පාදය අකර්මණ්‍ය වීම රෝගියාගේ සමාජ ජීවිතයට ප්‍රබල අයුරින් අහිතකර තත්ත්වයක්‌ උදාකරයි. ඇතැම් විට සුවවන අතර විටෙක දිවිය පුරා පවතින ආබාධ ජනිත කරයි.

    නව්‍ය ශරීර විද්‍යානුකූලව මොළය ස්‌නායු මධ්‍යස්‌ථානයයි. ස්‌නායු මාර්ග හරහා දිවෙන ආවේග වාත දොaෂය මගින් ක්‍රියාත්මක වේ. කුපිත වූ වාතය මෙම ස්‌නායු ආවේග පැවැත්ම විකෘති කරයි. දැනීම් හා අත්පා ආදිය ක්‍රියාකිරීම් එවිට විකෘති වේ. අංශභාග රෝගයේදී වන්නේද එබඳු විකෘතියකි.

    කුපිත වාතය මොළයේ සෛල වලට රස රක්‌තාදී ධාතූන් වහනය කිsරීම නිසි පරිදි නොකරයි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස මොළයේ ස්‌නායු සෛල අකර්මණ්‍ය වේ. අත්පා දෙකට ස්‌නායු සපයන සෛලවල අකර්මණ්‍යතාවය නිසා අත හා පාදයේ ක්‍රියා හානිය ඇතිවේ. මෙය අංශභාග හෙවත් පක්‍ෂාඝාතයයි.

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    11 Nov 2018 07:19 AM

    iruwaප්‍රශ්නය - පසුගිය සතියේදී ඔබ අපට දුන්නා ඉරුවාරදය නමැති රෝගයට ප්‍රත්‍යක්‍ෂ ගුණ දෙන කසායක්‌. අද අප බලාපොරොත්තු වන්නේ ඒ කසායේ අඩංගු ශාකමය ඖෂධවල ගුණ දොස්‌ ගැන සාකච්ඡා කිරීමටයි.

    ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - මේ කසායට බෙලි, මිදි, තොටිල, ඇත්දෙමට, පළොල් යන ශාකවල මුල් වගේම අස්‌වැන්න, පොල්පලා, කටුවැල්බටු, එළබටු, හීන් නෙරංචි යනාදියෙහි මුල් අපි එකතු කරගන්නවා. දැන් අපි බලමු මේ ශාකවල ගුණය කුමක්‌ද කියලා.

    1. බෙලි - (Aegle marmelos) මේ ශාකය සම්පූර්ණයෙන් ම ආයුර්වේදීය ගුණ දෙනවා. මෙහි මුල්වල xanthotoxin, umbeli ferone, marmesin, marmin, skimming යන ද්‍රව්‍ය අඩංගු වෙනවා. බෙලි මුල ඉතා පහසුවෙන් ජීර්ණය වන දෙයක්‌. බෙලි ගසට අයත් පෝෂ්‍ය පදාර්ථ වැඩියෙන්ම පිහිටි කොටස ලෙස මුල් හැඳින්විය හැකියි. එය ඉතා මිහිරි රසයෙන් යුක්‌තයි. ඒ වගේම මනුෂ්‍ය ශරීරයේ හටගන්නා ප්‍රදාහ තත්ත්වයන් සමනය කිරීමේ අපූරු හැකියාවක්‌ එම මුල් තුළ තිබෙනවා. උදරයේ හට ගන්නා මස්‌ පෙරළීම, බඩවැලේ හටගන්නා තුවාල සුවපත් කිරීමේ බලය බෙලි මුල්වල තිබෙනවා.

    2. මිදි - මෙය අප කවුරුත් දන්නා Grapes හෙවත් මිදි සෑදෙන වැල් වර්ගයේ මුල් නොව කුඩා ගස්‌ වශයෙන් සෑදෙන ලංකාවට ආවේණික ශාකයකි. ශරීරයේ උෂ්ණ දාහය සමනය කිරීමට යොදා ගනු ලැබේ.

    3. තොටිල - (oroxilum indicum) තිත්ත රසය ඇති රුක්‍ෂ ගුණය සහිත ශීත විර්යයෙන් සමන්විත තොටිල ශාකය අධික වේදනා ඇති කරන ප්‍රදාහ තත්ත්වයන් සමනය කළ හැකි ශාකයක්‌. ත්‍රිදොaෂ සමනය කිරීමේ බලය තොටිල සතුයි.

    3. ඇත්දෙමට - ඇත්දෙමට මුල් ප්‍රධාන වශයෙන් ගනු ලබන්නේ දශමූලාරිශ්ටය සෑදීමටය. රක්‌තාතීසාරය සමහන් කිරීමේ බලය ඇති ඇත්දෙමට මුල් කසායට යෙදූ විට ආහාර අරුචිය නැති කරයි. මෙය ආම වාත රෝග සුව කිරීමට ඉතා සුදුසුය. මළ බද්ධය, අර්ශස්‌ යනාදියට බෙහෙවින් ගුණදායකය.

    4. පලොල් (Stereospermum chelonoides) වඳ වී යැමේ තර්ජනයට මුහුණ පා ඇති දුර්ලභ ශාකයක්‌ වන පලොල් ශ්‍රී ලංකාවට ආවේණිකය. ශීර්ෂ රෝග සඳහා ඉතා ගුණදායකය.

    5. අස්‌වැන්න (Alysicarpus vaginalis) ස්‌වදේශික ශාකයක්‌ වන මෙය මුත්‍ර වාහිනී පද්ධතියේ ආබාධ, මැලේරියාව, උණ රෝග, ක්‍රිමි රෝග, අතීසාරය, ඉදිමුම්, ගොනෝරියා, සමාජ රෝගය යනාදියට ඖෂධ සෑදීමට යොදා ගනු ලැබේ. ශරීරයේ රුධිරය පිරිසිදු කිරීමේ හැකියාව ඇත.

    පොල්පලා (Aerva Javanica) මෙම පැළෑටිය ශරීරයේ හටගන්නා ඉදිමුම්, කැස්‌ස, හිසේ වේදනාව, මුත්‍ර රෝග, මුත්‍ර බොක්‌කේ ගල් හට ගැනීම යන රෝග සුවපත් කරනු ඇත.

    කටුවැල්බටු (Solanum Virginianum) කැස්‌ස, ඇදුම, උණ, පපුවේ වේදනාව, අත්වල වේදනාව, ගොනෝරියා, පීනස, ක්‍රිමි රෝග, ශ්වේත ප්‍රදරය, ලිංගික දුර්වලතා, හිසකෙස්‌ යැම (alopecia areatra) වමනය, මුත්‍රා ආබාධ, ආහාර අරුචිය, වකුගඩු රෝග, ක්‍ෂය රෝගය, උදර රෝග, හිසේ වේදනාව යනාදියට සුව දෙයි.

    එලබටු (solanum melongena) සිරුරේ වේදනාව, හෘදයාබාධ, ඇදුම, කැස්‌ස, අර්ශස්‌ රෝගය, උණ, මුහුණේ පේෂීන්, අංශභාග රෝගයට ලක්‌වීම, ශ්‍රොaණික රක්‌තය, ශෝථය යන රෝගවලට ගුණ දෙයි.

    නෙරෙංචි (Tribulus terrestis) වකුගඩු ආබාධ, මුත්‍ර රෝග, මුඛ රෝග, ඔසප් ආබාධ යනාදියට අත් දුටු ඔසුවකි.

    සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    11 Nov 2018 07:20 AM

    heartප්‍රශ්නය - හෘද රෝගීනට ගිතෙල් වලින් ලබාගත හැකි ප්‍රයෝජන පිළිබඳව පසුගිය සතියේ අප ඔබ සමග සාකච්ඡා කළා. එවැනි තවත් ඖෂධීය ශාක වර්ග තිබෙනවද?

    වෛද්‍ය චාන්දනී වික්‍රමආරච්චි - -සුදුලූනු දොඩම්, නිවිති, සුපිරි වෙළඳසල්වල තිබෙන Broccoli බතල, නැවුම් පළතුරු, නැවුම් එළවළු, රතු ලූනු සහ ලොකු ලූනු, කොකෝවා සහ චොකලට්‌ හෘදයාබාධ නිවාරණයට ඉතාම සුදුසුයි.

    ප්‍රශ්නය - ඒවා ඉතාම සුදුසු ආහාර ලෙස හඳුනාගෙන තිබෙනවාද?

    වෛද්‍ය චාන්දනී වික්‍රමආරච්චි - Coronoary artery රෝගය කියල හෘද රෝගයක්‌ තිබෙනවා. මෙයට සිංහලෙන් කියන්නෙ කිරීට ධමනි රෝගය කියලයි. මෙහිදී හෘදයේ කිරීට ධමනිය අවහිර වෙනවා.

    එවිට හෘදය තුළට ප්‍රමාණවත් තරම් රුධිරය සහ ඔක්‌සිජන් ගමන් කරන්නෙ නැහැ. ඊළඟට තිබෙනවා රුධිරයේ ස්‌පන්දන රිද්මය වෙනස්‌ වීමේ රෝගයක්‌. හෘදයේ ක්‍රියාවලිය අත්හිටුවීම, හෘද කපාට රෝගය, හෘද පේෂී රෝගය උපතේ සිටම හෘදය දුර්වල වීම යන රෝග තිබෙනවා. මේ රෝග සියල්ලටම වඩාත් හොඳ ප්‍රතිකාරය තමයි ඉහත සඳහන් කළ ශාක අතරින් සුදුලූනු.

    ප්‍රශ්නය - සුදුලූනුවල තිබෙන සුවිශේෂ ගුණය විස්‌තර කළ හැකිද?

    වෛද්‍ය චාන්දනී වික්‍රමආරච්චි - Allium sativum ලෙස හැඳින්වෙන සුදුලූණු දියුණු ලෝකය විසින් හඳුන්වනු ලබන්නේ සුපිරි ආහාරයක්‌ ලෙසයි. නවීන විද්‍යාඥයන්ගේ පොදු මතයක්‌ තමයි ලොව වැඩිම ඖෂධීය ගුණය කහවලින් ලැබෙන බව. දෙවැනි තැන හිමිවන්නේ සුදුලූනුවලටයි. සුදුලූනු තරම් පර්යේෂණවලට ලක්‌වූ වෙනත් ශාකයක්‌ නැති තරම්. මේ මොහොතවන විට සුදුලූනු ගැන පර්යේෂණ 5100 ක්‌ පමණ යුරෝපීයයන් සිදුකර තිබෙනවා. ආඝාතය, පිළිකාව, ආසාදන ඇතුළු රෝග ගණනාවක්‌ සුව කරන්නට අවශ්‍ය ද්‍රව්‍ය සුදුලූනුවල තිබෙනවා. ඇමරිකාවේ ජාතික පිළිකා පර්යේෂණ ආයතනය පසුගිය දශක ගණනාව පුරාම පිළිකාව ගැන පර්යේෂණ කළා. පිළිකා රෝගීන් විසින් පරිභෝජනය කළ යුතු බවට ඔවුන් නිල වශයෙන් නිර්දේශ කළ එකම ආහාරය තමයි සුදුලූනු. හෘදයාබාධයක්‌ හට ගැනීමට රුධිර නාල අවහිර වීම ක්‍රම කිහිපයක්‌ මගින් සිදුවෙනවා. පළමුවෙන්ම නාලවල කොලෙස්‌ටරෝල් බැඳෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් කැල්සියම් බැඳෙන්න පුලුවන්. රුධිර කැටියක්‌ හිරවෙන්න පුලුවන්. මේ කොයි ක්‍රියාවේදිත් හදවත බේරාගන්න පුලුවන් ඖෂධ සුදුලූනු යොදාගෙන නිපදවන්න පුලුවන්. එය බටහිර විද්‍යාව පවා පිළිගන්නා සත්‍යයක්‌.

    නොමිලේ විස්‌තර සඳහා 0713464276/ 0759061771

    අංකයට කතා කරන්න

    සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    11 Nov 2018 07:20 AM

    katilageප්‍රශ්නය - පසුගිය සතියේ අප කතා කළේ ගෙවුණු කාටිලේජ නැවත වර්ධනය කරන ආකාරය ගැනයි.

    වෛද්‍ය වසන්ත උදයජීව - ඒ සඳහා සුදුසු විස්‌කම් ඖෂධයක්‌ ගැන අපි අද කතා කරමු. සන්ධියක තිබෙන කාටිලේජ ගෙවෙන ආකාරය ගැන පසුගිය සතියේ අප ඔබ සමඟ සාකච්ඡා කළා. එහිදී සිදු වන්නේ කුමක්‌ද කියලා ඔබ දන්නවා.

    ප්‍රශ්නය - ඔබ නිපදවා ඇති ඖෂධයේ සංයුතිය කුමක්‌ද?

    වෛද්‍ය වසන්ත උදයජීව - කුරුඳු පොතු, ගම්මිරිස්‌, නිල් මානෙල් අල, ගොකටු ඇතුළු ඖෂධ 84 ක්‌ මේ මිශ්‍රණයට යොදනවා. මෙය පදම් කරන්නේ තනිකරම මී පැණි සහ ගිතෙල්වලින්.

    ප්‍රශ්නය - මෙය ඕනෑම වයසක ඕනෑම කෙනකුට සුදුසුද?

    වෛද්‍ය වසන්ත උදයජීව - වයසේ කිසි ප්‍රශ්නයක්‌ නැහැ. කාටිලේජ දියවීම නිසා තරුණ මහලු වැඩි දෙනාගේ සන්ධි වලින් කර කර ශබ්දයත්, එහෙමත් නැත්නම් සන්ධි බිඳෙන ශබ්දයක්‌ එනවා. මේ ඖෂධය පාවිච්චි කරන්න පටන් ගත් විට ක්‍රමානුකූලව ඒ කර කර ශබ්දය නැතිව යනවා. එයින් කියෑවෙන්නේ කාටිලේජ වර්ධනය නැවත හටගෙන තිබෙන බවයි. හැබැයි ඉතාම වැදගත් දෙයක්‌ කිව යුතුයි. ඒ තමයි කාටිලේජ වර්ධනයට තිබෙන එන්නත ගහගෙන එන අයට මේ ප්‍රතිකාරය කිරීම සුදුසු නැති බව. ඒ කියන්නේ ප්‍රතිකාරය කොහොමටවත් අහන්නේ නැහැ.

    ප්‍රශ්නය - මේ ක්‍රමයට කාටිලේජ වර්ධනය කරන්න කොපමණ කාලයක්‌ ගතවෙනවද?

    වෛද්‍ය වසන්ත උදයජීව - සාමාන්‍යයෙන් මාස 3 යි. එයට ටිකක්‌ වැඩිවෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්.

    නොමිලේ විස්‌තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න

    සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0
    You are not authorized to post a reply.