You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Oct 2018 07:50 AM by  maduranga001
❤️ Coc ආදරේ ❤️
 10 Replies
Sort:
Author Messages

Senudi02
New Member
New Member
Posts:11






--
13 Oct 2018 04:24 PM
  •  Quote
  •  Reply



" අනේ අප්පච්චි මට බෑ අප්පච්චි මට බෑ මැරි කරන්න මන් මෙහෙට වෙලා ඉන්නම් අප්පච්චි "

" දෝණි අහන්න පුතේ ඔයාට අවුරුදු 6ක්ම නිදහසේ ඉන්න දුන්නා අපි කවුරුත් ඔයාට බලපෑම් කලේ නෑ ඒත් දෝණි දැන් ඔයාට 26ක් වයස ඉතින් පුතේ ඔයා කසාදයක් කර ගන්න කාලේ මේ ඔයත් එකලාසයක් වෙනවා දකින්න ආසයි මැණික මායි දෝණිලාගේ අම්මයි අපි දෙන්නගේ ඇස් පියවෙන්න කලින් ඔයාගෙත් දරුවෙක් දකින්න ආසයි අපි "

මෙච්චර වෙලා ඇස් වල හිර කරන් ඉදිය කදුලු ටික මටත් නොදැනි කම්මුල් දිගේ ගලාගෙන ගියේ අප්පච්චි ඒ කිවුව අවසාන වචන ටිකටයි " අපි දෙන්නගේ ඇස් පියවෙන්න කලින් ඔයාගෙත් දරුවෙක් දකින්න ආසයි අපි "

" චූටි දෝණි මගේ පුතේ "

අප්පච්චි කතා කරත් මගෙන් සද්දයක්වත් නැති තැනද කොහෙද අම්මට ෆෝන් එක දීලා තියෙන්නේ

" කියන්න අම්මා "

ඇස් වල තිබ්බ කදුලු එහෙම්ම දිගට ගලාගෙන යද්දි මන් කතා කලේ කිසි වෙනසක් පෙන්නන්නේ නැතුවයි

" දැන්වත් ඔය මනස්ගාත හිතින් අතෑරගන්න මගේ පුතේ ඔයා ඔය දේවල් නිකන් හිතින් මවන් ඉන්න දේවල් මායි අප්පච්චි ගැන හිතන්න දුවේ අපි දෙන්නා දැන් ගොඩක් වයසයි තව ටික කාලෙකින් අපි දෙන්නත් මේ ලෝකෙන් යයි සදහටම ඊට කලින් මගේ දෝණි පිළිවෙළක් වෙනවා දකින්න ආසයි රත්තරනේ අප්පච්චි හාර්ට් පේශන් කෙනෙක් කියලා දෝණි දන්නවනේ මුරණ්ඩු වෙන්න එපා මගේ පුතේ අපි කියන දේවල් අහන්න "

අම්මා අවසාන ටිකනම් කිවුවේ බිදුනු හඩින් ඔව් ඇත්ත අප්පච්චිට දුකක් දෙන්න බෑ ඒත් අම්මා කියනවා වගේ ඒවා මනස්ගාත නෙවෙයි ඒත් දැන් මේ වෙලේ අම්මලාගේ හිත රිද්දන්න බැරි නිසා මන් කට පියන් අම්මලා කියන දේවල් අහන් හිටියා

" දෝණි අඩන්න එපා රත්තරන් පුතාලගේ අප්පච්චි හොයලා තියන ඒ ළමයා හරි හොදයි පුතේ ඔයාටත් තේරෙයි ඒ දරුවත් එක්ක කතා කලාම "

අම්මා කියාගෙන යනවා ඒත් අම්මා කියනවා වගේ කොහොමද මන් ඒ දේවල් ගැන හිතන්නේ නැතුව ඉන්නේ අනික වෙන කෙනෙක් ගැන හිතන්නේ කෝමද මන් වෙන කෙනෙක්ට ආදරේ කරන්නේ කෝමද මන්

" හරි අම්මා අප්පච්චිටත් කියන්න මන් කැමති ඔයාලා කියන දේකට මන් ලංකාවට එන්නම් ඉක්මනට හැබැයි එතකන් මන් මේ විදිහට ඉන්නම් ඔයාලා හොයපු කෙනාව මන් ලංකාවට ආවාම මීට් වෙන්නම් එතකන් මගේ නම්බර් එකක්වත් එයාට දෙන්න එපා අම්මා "

මන් කියාගෙන ගිහින් ෆෝන් එක කට් කරලා කොට්ටෙත් බදාගෙන ඇති තරම් ඇඩුවේ හිතේ තිබ්බ දුක හේදිලා යන්න වගෙයි

මුලු රෑම කල්පනා කරලා මන් තීරණයක් ගත්තේ අම්මගෙයි අප්පච්චිගෙයි හිත රිද්දන්න බැරි කමටයි අවුරුදු 6ක් කිසි බලපෑමක් නොකරපු අම්මයි අප්පච්චි මගෙන් ඉල්ලුවේ මේ දේ විතරයි ඒක නිසාම මන් උදෙන්ම චූටි මාමවයි නැන්දවයි හම්බ වෙලා කිවුවේ මට ලංකාවට යන්න ටිකට් රෙඩි කරලා දෙන්න කියලයි

සතියකින් මට ලංකාවට යන්න ටිකට් එක ලැබුනා මන් මේ ඉතාලි රටේ ඉන්න අවසාන දවස අද හෙට උදෙන්ම තියන ෆ්ලයිට් එකේ ලංකාවට යනවා

අවුරුදු 06කට කලින් ලංකාවට සමු දුන්නේ ජීවිතේ අමිහිරිම මතක ටික විතරක් නෙවෙයි ජීවිතේ සුන්දරම මතකයන් ටිකත් වලලලා දාලයි
ඒත් දැන් ආපහු ඒ මතකයන් පිරුණු තැනට යන්න වෙලා අවුරුදු 06 කට පස්සෙ..

" දෝණි එහෙනම් පරිස්සමෙන් පුතේ ලංකාවට ගිය ගමන් කෝල් එකක් දාන්න මැණික හොදද "

උදෙන්ම එයාර්පෝර්ට් එකට ගියේ චූටි මාමටයි චූටි නැන්දටයි වැදලයි චූටි නැන්දගේ ඇස් වලට කදුලු ආවේ මේ අවුරුදු හයේ ඒ දෙන්නගේ දරුවා වගේ හිටිය මාව යවන්න ඇති උනු ලෝභකමටයි එයාලට දරුවෙක් හිටියෙ නැති නිසා එයාලා මට ආදරේ කලේ එයාලගේ දරුවෙකුට වගේ

චූටි මාමත් එක්ක කාර් එකේ එයාර්පෝර්ට් එකට ආවේ චූටි නැන්දට වැඩ තියන නිසා එන්න බැරි නිසයි චූටි නැන්දට එන්න ඕනා උනත් එන්න බැරි උනේ වැඩට නොයා ඉන්න බැරි කමටයි

" දෝණි එහෙනම් පරිස්සමෙන් පුතේ ලංකාවට ගිය ගමන් කෝල් එකක් දාන්න මැණික හොදද "

චූටි මාමා එහෙම කියලා යන්න ගියේ මගේ බල කිරීමටයි ඇත්තටම මේ දෙන්නා නිසයි අද මන් ජීවත් වෙන්නේ එහෙම එකේ කොහොමද මන් මෙයාලව දාලා යන්නේ එයාලව දකිද්දි ලංකාවට යන්න කියලා හදා ගත්තු හිත ආපහු කැඩෙයි කියලා තිබ්බ බයටම මන් චූටි මාමට එයාර්පෝර්ට් එක ඇතුලට එන්න එපා කිවුවා

එයාර්පෝර්ට් එකට ඇවිත් එතන වැඩ සේරම ඉවර කරලා මන් හිතේ බලාපොරොත්තු කිසි දෙයක් නැති වෙද්දි මන් ෆ්ලයිට් එකට නැග්ගේ හරියට නිකන් ඇවිදින මල මිනියක් වගෙයි කිසිම බලාපොරොත්තුවක් නෑ දුකක් දෙන්න බැරි නිසා මන් මේ දේ කරනවා හැම වෙලේම හිත කඩා ගෙන වැටෙන්න යද්දි මොළෙන් හිතට තරවටු කරනවා

ෆ්ලයිට් එකට ගිහින් ඉදගෙන මන් හෙඩ්සෙට් දෙකත් කනේ ගහගෙන කල්පනා කලේ මේ උනු දේවල් ගැනයි මටත් නොදැනිම මගේ හිත අවුරුදු 8ක් ආපස්සට ගියා

...අවුරුදු 08 කට පෙර...

මන් සෙනුරි ශාක්‍යා දෙව්නදී වීරතුන්ග o/l රිසාල්ට් එනකන් ඕන්න ඔහේ ගෙදරට වෙලා හිටියා ඔය කාලෙදි තමා මට හා හා පුරා කියලා ෆෝන් එකක් ලැබුනේ නිකන් එකක් නෙවෙයි ස්මාර්ට් ෆෝන් එකක්

ෆෝන එක ලැබුනත් හරි තිබ්බ හැම සෝශල් මීඩියා එකක්ම මන් ෆෝන් එකට දා ගත්තා ඒ විතරක් නෙවෙයි ඒ කාලේ කොල්ලෝ පිස්සු වැටිලා හිටිය ගේම් එක ක්ලෑශ් ඔෆ් ක්ලෑන් මාත් ඒ කාලේ ඒ ගේම් එක ප්ලේ කලේ පිස්සුවෙන් වගේ

" අඩෝ ශාකි වරෙන්කෝ බන් යන්න සෙද්ද "

මගේ බෙස්ටියෝ දෙන්නගෙන් එක්කෙනෙක් උනු පහන්දි නිම්සදී නොහොත් නිම් කෑ ගැහුවේ මන් කිසි ගානක් නැතුව ගේම් එක ප්ලේ කර කර හිටිය නිසයි

" මේකිගේ ආච්චිට හෑන්ඩ්බ්‍රේක් ගහන්න යකූ ඕකට ඔලුව ඔබන් ඉදියා ඇති වරකෝ යන්න "

ඒ පාර අනිත් එක ලදුනිකා දම්සාරි නොහොත් ලදූ කෑ ගැහුවේ මගේ ඉස්සරහට ඇවිත් අත් දෙකත් ඉනට තියාගෙනයි

ඒත් මට නෙවෙයි ගානක් උනේ මන් හිටියේ බර වැඩක වෙන මොකුත් නෙවෙයි මන් හිටියේ ඇටෑක් එකක් ගහන ගමන් ගේම් එකට ගිහාම ඉතින් මට වටේ පිටේ දේවල් මතක නෑ

" තොගේ මම දීපිය ඔය මගුල මෙහාට යකෝ අපි කතා කරනවා මේකි ඉදන් අහවල් එකක් කොරනවා "

ඒ පාරනම් නිම්ට අසූහාරදට නැගලා හිටියේ ඒක නිසාම මගේ අතින් ෆෝන් එක උදුරලා ගත්තේ මගේ දිහා යකෙක් වගේ බලාගෙනයි

" *#*@%* නේ ඉදගෙන යකෝ කෑවා කෑවා තෝ බලකෝ අපරාදේ මගේ කප් ටික 😭"

මන් සුද්ද සිංහල වචකුත් කියලා නිම්ට බැනගෙන ගියේ ඇටෑක් එක ලොස් උනොත් මගේ බේස් එකේ කප් ටික අඩු වෙන නිසයි

" ආ ඇයි බොට දුකද අනේ මේ මගෙ යක්සයා අවුස්ස ගන්න එපා ඈ කොයි වෙලේ හරි උබට වෙන්නේ ෆෝන් එකත් අතේ තියන් පිස්සන් කොටු ලගින්න මේ මගුල ගහලා "

නිම් ඒක කියපු විදිහට මට බකස් ගාලා හිනා ගියත් ආපහු මන් රවාගෙන නිම් දිහා බැලුවේ මගේ ෆෝන් එක උදුරලා ගන්න ගමනුයි

" අම්මාහ්හ් මගේ සන් කැටේ උම්මි බෝලේ සුදු මැණික සත්තලම් බැල්ලි ආහ්හ් නෑ නෑ සත්තලම් කෑල්ල "

මන් කියාගෙන කියාගෙන ගිහින් අර බැල්ලි සීන් එකනම් කිවුවේ නිම්ව අවුස්සන්නමයි පුංචි කාලේ ඉදන්ම මං ගොඩාක් දගයි හැමෝම මට කිවුවේ කොලු කෙල්ල කියලා ඇයි ඉතින් කරන්නෙම කොල්ලො කරන වැඩනේ 😂

" මොකක්ද තෝ කිවුවේ උබ ඉදින් අපි යනවා යන්න ගිහින් හොදට කාලා බීලා චැටක් දාලා එනවා "

නිම්ට මල පැනලා මටත් බැන බැන මේ යන්න සැරසෙන්නේ අපේ යාලුවෙක්ගේ ගෙදර මන් කියපු දේට සොරි කියලා මන් නිම්ට තෑන්ක් කලේ ඒකි ෆෝන් එක ගත්තට මගේ කප් එකක්වත් අඩු වෙලා නැති නිසයි කප් 25 ක්ම මට ඇවිත් තියන එකේ සතුට සමරන්නත් එක්ක මන් නිම්ලත් එක්ක ගියේ අපේ අක්කිගේ අහිම්සක දඩුමොණරෙ නැගලයි 😂

මේ දඩු මොණරේ කිවුවට ඒක ඩියෝ එකක් ඈ 😂 අලිපැටියෝ ඔයයි මමයි වගේ මායි මගේ අපාය සහයිකාවෝ දෙන්නයි ආපහු ගෙදර එද්දි 5ත් පහුවෙලා

අම්මෝ හොද වෙලාවට ඒ වෙලාවේ අප්පච්චි හිටියේ නැත්තේ හිටියනම් මට ගෙදරින් එළියට බහින්න දෙන්නේ නෑ ආය අම්මනම් ඉතිම් සූට්ටක් විතර බැන්නට මට ආදරෙයි කියලා දන්න නිසා මන් කියන සේරම අහන් හිටියා ඔලුව පාත් කරන් 😇

ඔහොම ටික කාලයක් ගියේ මගේ coc බේස් එකත් දියුණුවෙන් දියුණුවට පත් වෙද්දී අම්මොහ්හ් ඉතිම් ඊරිසියාකාරියෝ ගොඩක් මැද්දේ මගේ බේස් එක මේ තරම් දුරට ගෙනාපු එකත් ලොකු දෙයක් වෙන කවුරුත් නෙවෙයි ඒ ඊරිසියාකාරියෝ මගේ බෙස්ටියෝ දෙන්නා තමා 😂

දවසක් මට අහම්බෙන් හම්බ උනු ක්ලෑන් එකකට ගිහින් ඒකේ අය එක්ක චැට් කර කර හිටියා ඒකේ හිටිය අක්කා මාත් එක්ක ගොඩාක් ෆිට් උනා ඒ විතරක් නෙවෙයි තව අයියා කෙනෙකුත් මාත් එක්ක මාර විදිහට ෆිට් උනා ඒත් ඒ ක්ලෑන් එකේ හිටිය එක අයියා කෙනෙක්නම් හායි කියලවත් කිවුවේ නෑ මට

මන් ඉතින් හිතින් බැන බැන හිටියේ එයාගේ බේස් එක 9 මැක්ස් එකක් හින්දා ලොකුකමට එහෙම ඉන්නවා කියලා හිතලයි

ටික කාලයක් යද්දී ඒ අයියගේ ක්ලෑන් එකට මන් ගියා එයාගේ නේම් එක දාලා තිබ්බේ විකූ කියලයි එයා මන් හිතුවා වගේ කෙනෙක් නෙවෙයි ගොඩාක් හොද කෙනෙක් එයා එක්ක මන් ගොඩාක් ෆිට් උනා ඒ කොච්චරක්ද කියනවනම් එයා එක්ක මන් වට්ස්ඇප් එකෙන් පවා මැසේජ් කලා

එයාගේ ඇත්තම නම නිතූශ් ආශිංශන සමරකෝන් ලස්සනයි ගොඩාක් එයානම් ෆොටොස් වලින් මන් දැක්ක විදිහට හැන්ඩි කොල්ලෙක්

වැඩි කාලයක් යන්න හම්බ උනේ නෑ එයා ගැන මගේ හිතේ ලොකු ආදරයක් පැහැදීමක් ඇති උනා මොකද එයා මන් ගැන ගොඩාක් හොයලා බැලුවා හැම වෙලේම

එයාගේ හැසිරීමෙන් මන් හිතුවා එයත් මට ආදරෙයි කියලා ඔව් මන් හිතුවා හරි එයත් මට ආදරේ කරලා එයා ටික කාලයක් යද්දි මගෙන් කැමැත්ත ඇහුවාම මන් ගොඩාක් සතුටු උනා කිවුවට විශ්වාස කරනවද ඒ තමා මගේ ෆර්ස්ට් ලව් එක

ගොඩාක් සතුටින් හිටියේ අපි මගේ යාලුවොත් එක්කත් එයා ගොඩාක් ෆිට් උනා මාත් එයාගේ යාලුවෝ එක්ක ගොඩාක් ෆිට් උනා හැබැයි අපි දෙන්නට දෙන්නා දැකලා තිබ්බේ නෑ හැබැහින් එකම එක පාරයි මාව එයා මීට් උනේ ඒ අපි යාලු වෙලා හරියටම අවුරුද්දකට පස්සෙයි ඊට පස්සේ ආය අපි මීට් උනේම නෑ ඒත් එයා හැම වෙලේම මා ලග ඉන්නවා වගේ හැගීමක් මට දැනුනේ

ඩේටා බැදීමක් ගොඩාක් සුන්දර අනිත් ආදර කතා වගේම නෑ ඊටත් වඩා සුන්දරයි ඔය කාලෙම මගේ o/l රිසාල්ට් ආවා අපේ ගෙදර හැමෝම ගොඩාක් සතුටු උනා මොකද හොද රිසාල්ට් එකක් මට ඇවිත් තිබ්බා ඒක නිසාම මට ප්‍රසිද්ධ පාසලක a/l කරන්න යන්නත් අවස්ථාවක් ලැබුනා

යාලුවන්ගෙන්නම් කිසි අඩුවක් තිබ්බේ නෑ මට ඇත්තටම මගේ ජීවිතේ ගොඩාක් ලස්සන උනා එයා මගේ ජීවිතේ සම්පූර්ණ කලා වගේ මට දැනුනේ

එක පාරට මන් කල්පනා ලෝකෙන් මිදුනේ එයාර්හොස්ටර් කෙනෙක් ඇවිත් මට කතා කරපු නිසයි කතානියා වලින් ආපු ෆ්ලයිට් එක ඩුබායි වලටත් ඇවිත් දැන් ඩුබායි වලින් කෙලින්ම නගින්නේ මගේ මව් රට ශ්‍රී ලංකාවට යන එමිරස්ට් ෆ්ලයිට් එකකට

ෆ්‍රී වයිෆයි නිසා මන් වට්ස්ඇප් එකෙන් චූටි මාමට කතා කරලා කිවුවේ මන් ඩුබායි වලට ආවා කියලයි ඊට පස්සේ කෝල් එකක් ගත්තේ මගේ පාප මිතුරියෝ දෙන්නට මන් කෝල් එක ගත්තා විතරයි නිම් හලෝ කියන්නත් කලින්ම මට බැනගෙන බැනගෙන ගියා

" මොන රෙද්දක්ද ශාකියෝ තෝ අපිලට සැප සේ දොයියන්න දෙන්නේ නැද්ද ඈ "

මට එක පාරට හිනා ගියේ නිම්ගේ ඇඩියාවට ඇත්තටම මට අමතක උනා ලංකාවේ වෙලාව අනුව දැන් එහෙට පාන්දර 2ට විතර කිට්ටු වෙලා කියලා නිම් කෑ ගැහුවට ලදූනම් හූම් සද්දයක් නෑ මටත් පුදුමයි

" අඩෝ සොරි සොරි බම් මන් දැන් ඩුබායි වල තොපිලට ඕනා කරන රෙද්දවල් කියපන් ආය ඔන්න ගෙනාවේ නෑ කියලා කියන්න එපා මන් තොපිලට මොකුත් "

මන් එහෙන් බඩු වැඩිය ගත්තේ නැත්තේ මේ ගමන මට එන්න උනේ හදිස්සියේ නිසයි ඒක නිසාම ඩුබායි එයාර්පෝර්ට් එකේන් නිම්ටයි ලදූටයි දෙන්නට ඕනා දේවල් ගන්නවා කියලා හිතුවා

" ම්...ම්...මො..මොකක් ශාකි උබ ලංකාවට එනවද ආහ්හ් කියපන් උබ ඒ කියන්නේ හෙට වෙද්දි ලංකාවේද ඈ "

ඒ පාර ලදූ ශොක් වෙලා වගේ කියාගෙන කියාගෙන යද්දි තමා මටත් මීටර් උනේ මන් මුන් දෙන්නට කිවුවේ නෑනේ කලින් ලංකාවට එනවයි කියලා හයියූ මන් කර ගත්තු ගොන් කමක මහත දැන් ඉතිම් මන් වසලා හමාරයි මුන් දෙන්නා මාව ෆෝන් එකෙන්ම එල්ලයි කියලයි මට හිතුනේ ඒත් උනේ හීනෙකින්වත් නොහිතපු දෙයක්

" යකෝ නොකියම ආවනම් කෝමද අපිට ඕනා බඩු අපි ගෙන්න ගන්නේ හොද වෙලාවට උබ කෝල් එකක් ගත්තේ නේද නිම් දැන් ඉතින් අපේ ලිස්ට් එක ලියාගෙන එකක් නෑර අරන් වරෙන් ආහ්හ් අනික අපි එයාර්පෝර්ට් එනවා උබව ගන්න "

ලදූ ඒ වෙනකන්ම නින්දත් නොනින්දත් අතර ඉදලා එක පාරට මන් කියපු දේවල් නිසා තමා පියවු සිහියට ආවේ 😂 මුන් දෙන්නට කතා කරපු එක මගේ මෝඩකම කියලා තේරුනේ උන් දෙන්නගේ ලිස්ට් එකේ තිබ්බ දේවල් දකිද්දි හොද වෙලාවට මන් ඉතාලියෙදි බඩු අඩුවෙන් ගත්තේ නැත්තම් මේවා අරන් එන්න වෙන්නේ නෑ මට

ෆ්ලයිට් එකට යන්න ටිකකට කලින් තමා මන් ඒ දෙන්නගේ කෝල් එක කට් කලේ හිතේ දුක සතුට දෙකම නලියද්දි මම ෆ්ලයිට් එකට නැගලා ටිකක් ඇස් පියා ගත්තේ ඊට පස්සේ මම යන්නේ මගේ උපන් බිමට නිසයි

පැය කිහිපයක ගමනකින් පස්සේ මන් මගේ උපන්බිමට අඩිය තිබ්බේ ඇස් වල නලියන කදුලු වලට ගලාගෙන යන්න ඉඩදීලයි එයාර්පෝර්ට් එකේ වැඩ ඉවර වෙලා මගේ බැගේජ් ටිකත් අරන් එළියට එද්දි මන් එනකන් බලන් හිටිය ලදූ නිම් දෙන්නා දුවගෙන ඇවිත් මාව බදා ගත්තේ අවුරුදු හයකට පස්සේ තුන් දෙනාම එක තැනකදි හම්බ උනු ඒ සතුටටයි

" ශාකි අනේ උබ ලස්සන වෙලා මැණික මේ ඇත්තමයි "

" අනේ ඔව් බන් සුදු බෝලයක් වගේ කොණ්ඩෙත් වැවිලා කෙල්ල ගොඩාක් ලස්සනයි "

නිම් ලදූ දෙන්නා ඇස් වල කදුලුත් පුරවන් කියාගෙන කියාගෙන ගියේ අපේ යාලුකමේ වටිනාකම කියන්න වගෙයි බැගේජ් ටිකත් නිම්ලා ආපූ වෑන් එකට දාලා මාත් වෑන් එකට නැග්ගේ අවුරුදු 6 උනු දේවල් සේරම පැය දෙක තුනෙන් දෙන්නා කියාගෙන යද්දී

මට මොහොතකටවත් නිතූශ් අයියව මතක් නොකරන්න මේ දෙන්නා වග බලා ගත්තා ගෙදරට ඇවිත් අම්මයි අප්පච්චි දෙන්නව තුරුලු කරා ගත්තේ හරිම ලෝභකමකිනුයි

අම්මා හදලා තිබ්බ කෑම ආසාවෙන් කෑවේ ගොඩාක් කාලෙකට පස්සේ අම්මගේ අතින් හදපු කෑම වේලක් කන්න ලැබුනු නිසයි එදා මාත් එක්ක අපේ ගෙදර නිම් ලදූ දෙන්නා නැවතුනේ පහුවදාට මට කතා කරපු මනමාලයගේ ගෙදරින් එනවා කිවුව නිසයි ඒ හැම දෙයක්ම හරි ඉක්මනට ලෑස්ති කරලා තිබුනා මගේ කැමැත්තවත් අහන්නේ නැතුව මාත් හැම දේම ඉවසන් හිටියේ එන දේකට මූණ දෙනවා කියලා හිතලයි

එදා රෑ නිදා ගත්තට වඩා කලේ නිම් ලදූ එක්ක කියව කියව හිටිය එකයි ඒ දෙන්නට ගෙනාපු සේරම බෙදලා දුන්නේ දෙන්නගේ මූණු ලස්සන හිනාවකින් පිරෙද්දී පහුවදා උදෙන්ම නැගිටලා මේ දෙන්නා මට සාරියක් ඇන්දුවේ පළවෙනි පාරට මාව මනමාලයගේ ගෙදරින් බලන්න එන නිසයි මනමාලයත් එයාලා එක්ක එන නිසා මූණට මේකප් දාන්න හැදුවත් මන් එපා කිවුවේ මන් මේ සරල කමට ආස නිසයි

උදේ දහය විතර වෙද්දි මනමාලයගේ ගෙදරින් ආවේ අපේ ගෙදර අයගේ මූණු සතුටින් පිරෙද්දී මන් එයාලගේ ඉස්සරහට ගියත් මනමාලයගේ මූණවත් බැලුවේ බෑ අම්මලා එයත් එක්ක තනියම කතා කරන්න කියලා මාව ගාර්ඩ්න් එකට යැව්වත් මන් එයාගේ මූණවත් බැලුවේ නෑ

" කොහොමද තමුසේ මාව දාලා ගියේ අවුරුදු හයක් කොහොමද මාත් එක්ක කතා නොකර හිටියේ ආහ්හ් කියනවා ශාකි "

ඒ ඇහුනු හඩත් එක්ක මන් ගැස්සිලා ගියේ අවුරුදු හයකට කලින් මන් දාලා ගිය මගේ නිතූශ් මන් ඉස්සරහා මගේ මනමාලයා වෙන්න ඇවිත් ඉන්නවා කියලා දැන ගද්දී

" නි...නි...නිතුශ් අයියා ඔ..ඔ.. ඔයා "

වචන පැටලි පැටලි මන් අමාරුවෙන් වචන ගැට ගහන් කතා කලේ මන් මේ දකින්නේ හීනයක්ද කියලා හිතන ගමනුයි

" ඔව් මන් තමා තමුසෙගෙ බොරු මනස්ගාත නිසා දාලා ගිය නිතූශ් අවුරුදු දෙකක් යනකන් තමුසෙව පණ වගේ බලාගත්තු නිතූශ් "

නිතූශ් මගේ උරහිසින් අල්ලන් ඒ පැත්තට හරවගෙන මගේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන කියාගෙන ගියා ඒ ඇස් ඔව් අදටත් මගේ නමින් ආදරයක් ඒ ඇස් වල තියනවා

" මට සමාවෙන්න අයියේ ඔයාට මාව ගැළපෙන්නේ නෑ මන් වද ගෑණියෙක් මට ළමයෙක් හදන්න බෑ කවදාවත් ඔයාට කවදාවත් ලස්සන පුතු පැටියෙක් ගෙනත් දෙන්න බෑ මට ඒකයි මන් ඔයාගෙන් ඈතට ගියේ අනේ මට සමාවෙන්න මන් මහා පවු කාරියක් "

ඒ ඇස් දෙක දිහා බලන් ඉද්දි මට වටේ පිටේ දේවල් පවා අමතක වෙලා අවුරුදු හයක් තිස්සේ හිතේ තියන දුක් වින්ද දේ කියලා දැම්මේ හිත නිදහස් කර ගන්නයි

" මන් දන්නවා තමුසෙට පිස්සු මගේ දෝණි තමුසේ හිතන් ඉන්නවා වගේ දෙයක් නෑ එදා ඩොක්ටර් කියලා තිබ්බේ තමුසෙට දරුවෙක් හදන්න බෑ කියලා නෙවේනේ දරුවෙක් හදන්න පුලුවන් මොකක් හරි අවුලක් තිබ්බොත් බෙහෙත් වලින් හොද කරන්න පුලුවන් කියලයි එදා තමුසෙව ඩොක්ටර් ගාවට එක්ක යන්නේ නැතුව ඉන්න තිබ්බේ අම්මට "

නිතූශ් මාව එයාගෙ පපුවට හේත්තු කරන් කිවුවේ මගේ ඔලුව අත ගාන ගමනුයි ඔව් ඇත්ත එදා ඩොක්ටර්ව හම්බ වෙන්න ගිය වෙලෙව් ඩොක්ටර් එච්චරයි කිවුවේ ඒත් මගේ හිතේ බයට මන් එදා නිතූශ්ව දාලා ගියා ඒත් නිතූශ් මාව අමතක කරලා තිබ්බේ නෑ

එදා නිතූශ්ලා අපේ ගෙදර ඇවිත් ආපහු ගියේ වෙඩින් එක තව මාස 3කින් කරමු කියලා දිනත් දාගෙනයි එහෙම දින දා ගත්තේ නිතූශ්ගේ බලකිරීමටයි

කාලය හරි වේගෙන් ගලාගෙන ගියේ අපේ වෙඩින් එකේ දිනයත් උදා කරමිනුයි එදා උඩරට විදිහට සැරසිලා ලස්සන උත්සවයකින් පස්සේ මන් නීතියෙනුත් සදහටම නිතූශ්ගේ උනා

අපි දෙන්නා ෆන්ශන් එක ඉවර වෙලා හොටෙල් එකට ගියේ ගොඩාක් සතුටින් එදා රෑ ඔව් එදා රෑ මන් නීතියෙන් විතරක් නෙවෙයි ගතිනුත් සදහටම නිතූශ්ගේ උනේ මගේ පිවිතුරු බවේ සංකේතේ තිළිණයක් විදිහට නිතූශ්ට ලබා දෙමිනුයි

....අවුරුදු 2 කට පසු....

" ඒයි මැට්ටි පරිස්සමෙන් හිමින් යමු "

හත් මසක් පිරුණු වගේ කුසට අත තියමින් නිතූශ් එහෙම කිවුවේ හරි පරිස්සමට මාව පන්සලේ තිබ්බ පඩි වලින් බස්සන ගමනුයි හිතේ හැටියට බුදුන් වැදලා මන් බුදුන්ට පින් දුන්නේ වදයි කියලා හිතන් හිටිය මට නිවුන් දරු දෙදෙනෙක්ගේ අම්මා කෙනෙක් කලාටයි

ඔව් මගේ මේ මාස 7 බණ්ඩියගේ චූටි පැටව් දෙන්නෙක්ම ඉන්නවා මගෙයි නිතූශ්ගෙයි ආදරේ සංකේතේ

" ගොඩාක් ස්තූතී මහත්තයෝ ඔයාට මාට මේ සතුට දුන්නට ඔයාට පින් රත්තරන් "

කාර් එකට නැගලා මම නිතූශ්ගේ අතින් අල්ලලා එහෙම කිවුවේ ඇහැට කදුලක් නැගෙද්දී

" මැට්ටී නිකන් බොරු මනස්ගාත නිසා තව ටිකෙන් මාව හැමදාටම තනි කරනවා නේ මගේ පිස්සු කෙල්ල ආදරෙයි මාත් හැමදාටම ඔයාට මේ හුස්ම තියනකම්ම "

නිතූශ් මගේ හිස සිපගෙන එහෙම කිවුවේ හරි ආදරෙන් මාත් නිතූශ්ගේ අත අරන් සිප ගත්තේ හැමදාටම නිතූශ් එක්ක ඉන්නවයි කියලා පොරොන්දු වෙමිනුයි

නිමි.....



ඔයාලට coc ගේම් එක ගැනනම් විස්තර කරන්න අමාරුයි ළමයි ඒක ප්ලේ කරලම බලන්න ඕනා මාත් ගොඩාක් ආස ගේම් එකක් මේ කතාව ලිවුවේ ගොඩාක් ආසාවෙන් මන් මොකද මේක මගේ ජීවිතේට ගොඩාක් සමීප කතාවක් ඔව් ඔව් සමහර සිද්ධි ඇත්ත සිද්ධි

ඉතින් වස්තුලා කතාව කියවලා නිකන් යන්න එපා ලයික් එකක් කමෙන්ට් එකක් දාලම යන්න

මන් සෙනුදි ගීත්මා 😇👌
1

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Oct 2018 04:31 PM
  •  Quote
  •  Reply
දැන් නම් ටිකක් වැඩ වැඩ්යි ..........රෑ වෙලා කියවලා අදහස් දාන්නම්කෝ .
1

Senudi02
New Member
New Member
Posts:11






--
13 Oct 2018 04:34 PM
  •  Quote
  •  Reply
හ්ම්ම් 😇
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
13 Oct 2018 05:50 PM
  •  Quote
  •  Reply
ලස්සනයි කතාව....
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
1

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Oct 2018 08:11 PM
  •  Quote
  •  Reply
හා...කොහොම හරි තමන් ආදරේ කර කෙනා අන්තිමේදි ලැබුනනේ .......

සෙනුදි නංගි ඉතාලියෙ හිටියද......ඔයාට ලස්සන ට ගලාගෙන යන්න ලියන්න පුළුවන් ....
දිගටම ලියන්න
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
13 Oct 2018 09:14 PM
  •  Quote
  •  Reply
සුන්දර අවසානයක් තියෙන ලස්සන කතාවක්..
අවසානයේ තමන් ආදරය කල කෙනාවම ලැබුනා...
1

Senudi02
New Member
New Member
Posts:11






--
15 Oct 2018 05:31 AM
  •  Quote
  •  Reply
ගොඩාක් ස්තූතී
0

Senudi02
New Member
New Member
Posts:11






--
15 Oct 2018 05:32 AM
  •  Quote
  •  Reply
ගොඩාක් ස්තූතී
0

Senudi02
New Member
New Member
Posts:11






--
15 Oct 2018 05:35 AM
  •  Quote
  •  Reply
ගොඩාක් ස්තූතී අක්කේ තාමනම් ඉතාලියට ගියෙ නෑ ළගදිම යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
15 Oct 2018 05:37 AM
  •  Quote
  •  Reply
හොඳ කතාවක්.. දිගටම ලියන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
15 Oct 2018 07:50 AM
  •  Quote
  •  Reply
කෙටි කතාවකින් ස්ටන් එක හැඩ කල ඔබට ගොඩක් ස්තුතියි.

සුභ සිහින කෙදිනක හෝ ඉටු වේ..!
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below