You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Oct 2018 04:28 PM by  Udeshika Herath
ඔයාටත් තරහ යනවද
 20 Replies
Sort:
Page 1 of 212 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
05 Oct 2018 08:30 PM
  •  Quote
  •  Reply

 ඔයාටත් තරහ යනවද

 

 

උණුවතුර බෝතල් පාවිච්චි කරනවාද.... එහෙනම් මේක ටිකක් කියවලා බලන්නකෝ... පොඩියට හරි වැදගත් වෙයි....

හිතට ලොකු දුකක් කේන්තියක් දැණුනාම කරන්න පුළුවන් ලොකුම දේ.... කේන්තිය හරි දුක හරි ඉවර වෙනකල්ම භාජන හෝදන එක.... හෝදපු එව්වා හරි කමක් නෑ ඇදලා අරං... හයියෙන් එහෙට මෙහෙට හප්ප හප්ප හෝදන කොට පුදුම විදියට අර මානසික ආතතිය අඩු වෙලා යනවා.. මේ ඇත්තමයි කියන්නේ... ඉතිං ඒ වෙලාවට හෝදන්න හොඳම දේ තමයි උණුවතුර බෝතලේ.... හැබැයි ඉතිං හප්ප හප්ප හේදුවොත් නම් ඊළඟට වෙන දේ මං කියන්න ඕන නෑනේ... බොහෝම කල්පනාවෙන් සීග්ගරේට කරන්න ඕනා වැඩක් මේක.....

ඊට කළිං මේකත් අහන්නකෝ.... ඔය උණුවතුර බෝතලේ කියන එක හැම දෙනාමත් පාවිච්චි කරන්නේ නෑ... හැබැයි වැඩි දෙනෙකුට මේක නැතුවත් බෑ.... ඒ නිසා උනුවතුර බෝතලයක් ගන්න කොට හොඳම
බ්‍රෑන්ඩ් එකකින් ගන්නම ඕනේ.. මොකද උණුවතුර බෝතයක් කියන්නේ හරියට පාවිච්චි කරනවා නම් ජීවිත කාලෙටම එකක් වෙන්නත් පුළුවන්... මගේ මේ 14 වසරක විවාහ ජීවිත කාලෙට මං මේ පාවිච්චි කරන්නේ 2නි බෝතලේ.... ඔය බ්‍රෑන්ඩ් එක බලන්න... මට නම් බොහෝම විශ්වාසවන්ත එකක්.. ගත්තේ ආර්පිකෝ එකෙන්.... එක එක ප්‍ර‍මාණ වලින් තියෙනවානේ.... ඉතිං පුංචිම බෝතලේකුයි ලොකු බෝතලේකුයි 2ක් ගන්නවා.. ඒ මොකද දන්නවද.... සාමාන්‍යයෙන් උණුවතුර දාන බෝතලේටම තේ, කෝපි දැම්මාම කරදරයි....ලොකු බෝතලෙට නිතරම උණුවතුර එකක් පුරවලා තියාගන්න පුළුවන්.. නිතර නිතර තේ කෝපි බොන කෙනෙක් නම් පොඩි බෝතලේකට ටිකක් තදට කහට හදලා දාලා තියාගන්න පුළුවන්... අවශ්‍ය වෙලාවට කහටයි උණුවතුරයි කලවමට දාලා තේ කෝපි හදාගන්න පුළුවන්... ඒ වගේම තමයි නිතරම බෝතලේකට උණුවතුර දාලා තියාගන්න එක හරිම වටිනවා.. හදිස්සියකට උණු වතුර ටිකක් ඕන උනාම අමුතුවෙන් රත් කර කර ඉන්න ඕන නෑනේ.... සමහරු නම් උණුවතුර බෝතලේ දාලා තියලා තේ බොන්න කැමති නෑ... ඒක වෙනමම කතාවක් .. මං මේ කියන්නේ නිතර උණුවතුර බෝතල් පාවිච්චි කරන අයට හොඳේ.... සමහරු උණුවතුර බෝතලයක් හොයන්නේ කෙනෙක් අසනීප වෙලා ඉස්පිරිතාලේ නතර කළාම... ඉතිං රට වටේ දුවනවා හොය හොයා... අල්ලපු ගෙදර බෝතලේ පිනට ඉල්ලගෙන එනවා.. ඒකේ තියෙන කහට ඇරලා හෝදලා ලස්සන කරලා ඉස්පිරිතාලේ යන කොට ලෙඩා මැරිලා... හා නැද්ද මං අහන්නේ...

ඊළඟ වැදගත්ම කතාව බෝතලේ පිරිසිදු කරන එක.... හරි ඔන්න ඔතනට එන්න තමයි මේ වටින් ගොඩින් ආවේ... දැන් බලන්නකෝ ඔයාලගේ උණුවතුර බෝතලේ ඇරලා... හුඟක් වෙලාවට බෝතලේ ඇතුලේ තදට කහට බැඳිලා ඇති....කට වටේ පවා... එහෙම නේද... කොහොමද ඔයාලා
මේක පිරිසිදු කරන්නේ.. දන්නේ නැති අය ඉන්නවා නම් අහගන්න හොඳේ.... උණුවතුර බෝතලේ උණුවතුර අහක්කරපු ගමන් ඇල්වතුර දාන්න එපා... ටිකක් වෙලා තියන්න.. රස්නේ ගියාම පත්තර කරදහියක්  හරි පරණ ඇස්සයිස් පොතක පිටු දෙක තුනක් හරි පොඩි කෑලි වලට ඉරලා  දාන්න බෝතලේ ඇතුලට..... කැමති නම් පුංචි සබන් කෑල්ලකුත් දාන්න.... වතුර කෝප්පයක් දාලා මුඩිය වහලා හොඳට හොලවන්න.. විනාඩියක් දෙකක් හොලවලා මුඩිය ඇරලා වතුර ටික අහක්ක කරලා බලන්නකෝ... ඔයාගෙම මුණ බෝතලේ ඇතුලේ තියෙනවා දැකලා බය වෙන්න එපා ඕං.. හොඳේ.... දැන් ඉතිං ආයේ වතුර දාලා හොඳට පිරිසිදු කරලා ගන්න... ඊළඟට පරිස්සමින් බෝතලේ යට මුඩිය වගේ කොටස ගලවලා කෑලි ටික වෙන් කර ගන්න... ඔය උණුවතුර දාන කොටස පරිස්සමට පැත්තකින් තියලා කවරේ ගන්නකෝ අතට.... අප්පේ ඒකේ තියෙන ජාති නේද.... ගන්න හොඳ ස්පොන්ජ් එකක්.... ඒ වගේම ගන්න බේබි සබන් කැල්ලක්... (සුදු පාට බේබි සබන්ගන්නවා නම් වඩා හොඳයි.. මොකද තද සුවඳ තියෙන ඒවා භාජන හෝදන්න ගන්න එපා..) හොඳට ස්පොන්ජ් එකේ බේබි සබන් ගාලා ප්ලාස්ටික කවරේ සියලු කොටස් හොඳට අතුල්ලලා සෝදන්න... දාර සහිත තැන් බ්‍ර‍ෂ් එකකට බේබි සබන් ගාලා  හොඳට අතුල්ලලා හෝදන්න... දැන් පිරිසිදු වතුරෙන් හෝදලා බලන්නකෝ... අද ගෙනාවා වගේ නැද්ද කියලා.... මේක මං දන්න රහසක් හොඳේ... සියලුම ප්ලාස්ටික් භාජන හෝදන කොට බේබි සබන් පාවිච්චි කරලා බලන්න... කොහොමද වෙනස කියලා... සමහර විට ඔයාලා පුදුම වෙයි.... ඒ වගේම මං වීදුරු කෝප්ප, පිඟන් සෝදන්න පාවිච්චි කරන්නෙත් බේබි සබන්... බොහෝ වෙලාවට තේ බොන කෝප්ප වල කට වටේට තදට අල්ලන කහට පැල්ලම් හරිම පහසුවෙන් ඉවත් කර ගන්න පුළුවන්... මෙතනට අදාල නැති උනත් තව රහසක් කියන්නම්... දරුවන්ගේ සුදු ඇඳුම් බේබි සබන් ගාලා හෝදලා බලන්නකෝ... කොලර් වල.. අත් කටවල් වල.. කිහිලි කටවල් වල මෙච්චර කල් ඔයාලට යවා ගන්න බැරි වෙච්චි පැල්ලම් හොයාගන්න බැරි විදියට හෝදගන්න පුළුවන්.... මේ විදියට හෝදගත්ත භාජන... උනු වතුර බෝතලේ එහෙම අව්වේ තියලා වේලලා ගන්නත් පුළුවන් නම් තවත් හොඳයි..... කරලා බලමු නේද....

Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
05 Oct 2018 08:31 PM
  •  Quote
  •  Reply
අදහස් කියාගෙනම යමු
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Oct 2018 09:08 PM
  •  Quote
  •  Reply
හම්මේ මට නම් ටක් ගාල තරහ එනව වගේම ඉක්මනින්ම තරහ නිමෙනව, තරහ යන තරමට උණු වතුර බෝතල් කීපයක්ම ගෙදර ගෙනත් තියන් ඉන්න වෙනව ........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
06 Oct 2018 05:29 AM
  •  Quote
  •  Reply
තරහා යෑම හොඳ නෑ...ලේ අපිරිසිදුව වෙනවා...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
06 Oct 2018 05:59 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 05 Oct 2018 09:08 PM
හම්මේ මට නම් ටක් ගාල තරහ එනව වගේම ඉක්මනින්ම තරහ නිමෙනව, තරහ යන තරමට උණු වතුර බෝතල් කීපයක්ම ගෙදර ගෙනත් තියන් ඉන්න වෙනව ........


එහෙනම් ඉතිම් ඒක හරියන්නෑ...
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
06 Oct 2018 06:02 AM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 06 Oct 2018 05:29 AM
තරහා යෑම හොඳ නෑ...ලේ අපිරිසිදුව වෙනවා...


ඔව්....
Udeshika Herath
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
06 Oct 2018 06:46 AM
  •  Quote
  •  Reply
තරහා යන එක නවත් වන්න බැහැ මේ වෙන දෙවල් එක්ක මේ විශම ලොකෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
06 Oct 2018 10:35 AM
  •  Quote
  •  Reply
උණුවතුර බෝතලය පිරිසිදු කර ගන්නා ආකාරය නම් අපූරුයි..
අපේ ගෙදර බෝතලයත් කහට දාපු නිසා සවුත්තු වෙලා තියෙන්නේ. මේ ක්‍රමයට හොදලා බලන්න ඕන..
ස්තූතියි දැනුවත් කිරීමට...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
06 Oct 2018 01:30 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 06 Oct 2018 06:46 AM
තරහා යන එක නවත් වන්න බැහැ මේ වෙන දෙවල් එක්ක මේ විශම ලොකෙ


හූම් ඒක නම් එහෙම තමා...
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
06 Oct 2018 01:31 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 06 Oct 2018 10:35 AM
උණුවතුර බෝතලය පිරිසිදු කර ගන්නා ආකාරය නම් අපූරුයි..
අපේ ගෙදර බෝතලයත් කහට දාපු නිසා සවුත්තු වෙලා තියෙන්නේ. මේ ක්‍රමයට හොදලා බලන්න ඕන..
ස්තූතියි දැනුවත් කිරීමට...


මේම කරල බලන්නකො හරියාවි. ස්තූතියි අයියේ...
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Oct 2018 05:43 PM
  •  Quote
  •  Reply
කේන්තිය ඇරියෙ එතකොට උණු වතුර බෝතලෙන්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
06 Oct 2018 11:43 PM
  •  Quote
  •  Reply
ඔයාටත් තරහ යනවද
නෑ ඕයි.. තරහ යන්නෙ නැහැ.
...
...
..
මල පනිනව මෙව්ව දැක්කම. :
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
06 Oct 2018 11:43 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 06 Oct 2018 05:43 PM
කේන්තිය ඇරියෙ එතකොට උණු වතුර බෝතලෙන්
ඕක ඔලුවේ හලා ගත්තනම් කේන්තිය කොහෙන් ගියාද නැහැ.


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
06 Oct 2018 11:44 PM
  •  Quote
  •  Reply
ඔය කියන ක්‍රමේට කහට ගියේ නැත්නම් තමයි ඉතිං මල පනින්නෙ.
...
...
...
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Oct 2018 07:13 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 06 Oct 2018 05:43 PM
කේන්තිය ඇරියෙ එතකොට උණු වතුර බෝතලෙන්


ඒකත් නරකම නෑ නේද... 😂
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Oct 2018 07:14 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 06 Oct 2018 11:43 PM
ඔයාටත් තරහ යනවද
නෑ ඕයි.. තරහ යන්නෙ නැහැ.
...
...
..
මල පනිනව මෙව්ව දැක්කම. :

හපොයි ඒමද...
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Oct 2018 07:19 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 06 Oct 2018 11:43 PM
Posted By sha733 on 06 Oct 2018 05:43 PM
කේන්තිය ඇරියෙ එතකොට උණු වතුර බෝතලෙන්
ඕක ඔලුවේ හලා ගත්තනම් කේන්තිය කොහෙන් ගියාද නැහැ.



ඇත්තමද.. ඒක කරලම බලන්න ඕන
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Oct 2018 07:20 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 06 Oct 2018 11:44 PM
ඔය කියන ක්‍රමේට කහට ගියේ නැත්නම් තමයි ඉතිං මල පනින්නෙ.
...
...
...

සේප් එකේ මාරු වෙන්න ඕන
Udeshika Herath
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
09 Oct 2018 04:09 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 05 Oct 2018 08:30 PM

 ඔයාටත් තරහ යනවද

 

 

උණුවතුර බෝතල් පාවිච්චි කරනවාද.... එහෙනම් මේක ටිකක් කියවලා බලන්නකෝ... පොඩියට හරි වැදගත් වෙයි....

හිතට ලොකු දුකක් කේන්තියක් දැණුනාම කරන්න පුළුවන් ලොකුම දේ.... කේන්තිය හරි දුක හරි ඉවර වෙනකල්ම භාජන හෝදන එක.... හෝදපු එව්වා හරි කමක් නෑ ඇදලා අරං... හයියෙන් එහෙට මෙහෙට හප්ප හප්ප හෝදන කොට පුදුම විදියට අර මානසික ආතතිය අඩු වෙලා යනවා.. මේ ඇත්තමයි කියන්නේ... ඉතිං ඒ වෙලාවට හෝදන්න හොඳම දේ තමයි උණුවතුර බෝතලේ.... හැබැයි ඉතිං හප්ප හප්ප හේදුවොත් නම් ඊළඟට වෙන දේ මං කියන්න ඕන නෑනේ... බොහෝම කල්පනාවෙන් සීග්ගරේට කරන්න ඕනා වැඩක් මේක.....

ඊට කළිං මේකත් අහන්නකෝ.... ඔය උණුවතුර බෝතලේ කියන එක හැම දෙනාමත් පාවිච්චි කරන්නේ නෑ... හැබැයි වැඩි දෙනෙකුට මේක නැතුවත් බෑ.... ඒ නිසා උනුවතුර බෝතලයක් ගන්න කොට හොඳම
බ්‍රෑන්ඩ් එකකින් ගන්නම ඕනේ.. මොකද උණුවතුර බෝතයක් කියන්නේ හරියට පාවිච්චි කරනවා නම් ජීවිත කාලෙටම එකක් වෙන්නත් පුළුවන්... මගේ මේ 14 වසරක විවාහ ජීවිත කාලෙට මං මේ පාවිච්චි කරන්නේ 2නි බෝතලේ.... ඔය බ්‍රෑන්ඩ් එක බලන්න... මට නම් බොහෝම විශ්වාසවන්ත එකක්.. ගත්තේ ආර්පිකෝ එකෙන්.... එක එක ප්‍ර‍මාණ වලින් තියෙනවානේ.... ඉතිං පුංචිම බෝතලේකුයි ලොකු බෝතලේකුයි 2ක් ගන්නවා.. ඒ මොකද දන්නවද.... සාමාන්‍යයෙන් උණුවතුර දාන බෝතලේටම තේ, කෝපි දැම්මාම කරදරයි....ලොකු බෝතලෙට නිතරම උණුවතුර එකක් පුරවලා තියාගන්න පුළුවන්.. නිතර නිතර තේ කෝපි බොන කෙනෙක් නම් පොඩි බෝතලේකට ටිකක් තදට කහට හදලා දාලා තියාගන්න පුළුවන්... අවශ්‍ය වෙලාවට කහටයි උණුවතුරයි කලවමට දාලා තේ කෝපි හදාගන්න පුළුවන්... ඒ වගේම තමයි නිතරම බෝතලේකට උණුවතුර දාලා තියාගන්න එක හරිම වටිනවා.. හදිස්සියකට උණු වතුර ටිකක් ඕන උනාම අමුතුවෙන් රත් කර කර ඉන්න ඕන නෑනේ.... සමහරු නම් උණුවතුර බෝතලේ දාලා තියලා තේ බොන්න කැමති නෑ... ඒක වෙනමම කතාවක් .. මං මේ කියන්නේ නිතර උණුවතුර බෝතල් පාවිච්චි කරන අයට හොඳේ.... සමහරු උණුවතුර බෝතලයක් හොයන්නේ කෙනෙක් අසනීප වෙලා ඉස්පිරිතාලේ නතර කළාම... ඉතිං රට වටේ දුවනවා හොය හොයා... අල්ලපු ගෙදර බෝතලේ පිනට ඉල්ලගෙන එනවා.. ඒකේ තියෙන කහට ඇරලා හෝදලා ලස්සන කරලා ඉස්පිරිතාලේ යන කොට ලෙඩා මැරිලා... හා නැද්ද මං අහන්නේ...

ඊළඟ වැදගත්ම කතාව බෝතලේ පිරිසිදු කරන එක.... හරි ඔන්න ඔතනට එන්න තමයි මේ වටින් ගොඩින් ආවේ... දැන් බලන්නකෝ ඔයාලගේ උණුවතුර බෝතලේ ඇරලා... හුඟක් වෙලාවට බෝතලේ ඇතුලේ තදට කහට බැඳිලා ඇති....කට වටේ පවා... එහෙම නේද... කොහොමද ඔයාලා
මේක පිරිසිදු කරන්නේ.. දන්නේ නැති අය ඉන්නවා නම් අහගන්න හොඳේ.... උණුවතුර බෝතලේ උණුවතුර අහක්කරපු ගමන් ඇල්වතුර දාන්න එපා... ටිකක් වෙලා තියන්න.. රස්නේ ගියාම පත්තර කරදහියක්  හරි පරණ ඇස්සයිස් පොතක පිටු දෙක තුනක් හරි පොඩි කෑලි වලට ඉරලා  දාන්න බෝතලේ ඇතුලට..... කැමති නම් පුංචි සබන් කෑල්ලකුත් දාන්න.... වතුර කෝප්පයක් දාලා මුඩිය වහලා හොඳට හොලවන්න.. විනාඩියක් දෙකක් හොලවලා මුඩිය ඇරලා වතුර ටික අහක්ක කරලා බලන්නකෝ... ඔයාගෙම මුණ බෝතලේ ඇතුලේ තියෙනවා දැකලා බය වෙන්න එපා ඕං.. හොඳේ.... දැන් ඉතිං ආයේ වතුර දාලා හොඳට පිරිසිදු කරලා ගන්න... ඊළඟට පරිස්සමින් බෝතලේ යට මුඩිය වගේ කොටස ගලවලා කෑලි ටික වෙන් කර ගන්න... ඔය උණුවතුර දාන කොටස පරිස්සමට පැත්තකින් තියලා කවරේ ගන්නකෝ අතට.... අප්පේ ඒකේ තියෙන ජාති නේද.... ගන්න හොඳ ස්පොන්ජ් එකක්.... ඒ වගේම ගන්න බේබි සබන් කැල්ලක්... (සුදු පාට බේබි සබන්ගන්නවා නම් වඩා හොඳයි.. මොකද තද සුවඳ තියෙන ඒවා භාජන හෝදන්න ගන්න එපා..) හොඳට ස්පොන්ජ් එකේ බේබි සබන් ගාලා ප්ලාස්ටික කවරේ සියලු කොටස් හොඳට අතුල්ලලා සෝදන්න... දාර සහිත තැන් බ්‍ර‍ෂ් එකකට බේබි සබන් ගාලා  හොඳට අතුල්ලලා හෝදන්න... දැන් පිරිසිදු වතුරෙන් හෝදලා බලන්නකෝ... අද ගෙනාවා වගේ නැද්ද කියලා.... මේක මං දන්න රහසක් හොඳේ... සියලුම ප්ලාස්ටික් භාජන හෝදන කොට බේබි සබන් පාවිච්චි කරලා බලන්න... කොහොමද වෙනස කියලා... සමහර විට ඔයාලා පුදුම වෙයි.... ඒ වගේම මං වීදුරු කෝප්ප, පිඟන් සෝදන්න පාවිච්චි කරන්නෙත් බේබි සබන්... බොහෝ වෙලාවට තේ බොන කෝප්ප වල කට වටේට තදට අල්ලන කහට පැල්ලම් හරිම පහසුවෙන් ඉවත් කර ගන්න පුළුවන්... මෙතනට අදාල නැති උනත් තව රහසක් කියන්නම්... දරුවන්ගේ සුදු ඇඳුම් බේබි සබන් ගාලා හෝදලා බලන්නකෝ... කොලර් වල.. අත් කටවල් වල.. කිහිලි කටවල් වල මෙච්චර කල් ඔයාලට යවා ගන්න බැරි වෙච්චි පැල්ලම් හොයාගන්න බැරි විදියට හෝදගන්න පුළුවන්.... මේ විදියට හෝදගත්ත භාජන... උනු වතුර බෝතලේ එහෙම අව්වේ තියලා වේලලා ගන්නත් පුළුවන් නම් තවත් හොඳයි..... කරලා බලමු නේද....

   
මට නම් තරහා යන්නේ නැහැ අවශ්‍ය තැනදී අවශ්‍ය මාත්‍රාවෙන් තරහා ගන්නවා.......... හිටං  

මේ ලිපිය කියෙව්වම උණු වතුර බෝතලේ උඩ වීසි කරලා ඔලුව අල්ලන්න හිතෙනවා හිටං 


0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Oct 2018 05:10 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 06 Oct 2018 11:43 PM
Posted By sha733 on 06 Oct 2018 05:43 PM
කේන්තිය ඇරියෙ එතකොට උණු වතුර බෝතලෙන්
ඕක ඔලුවේ හලා ගත්තනම් කේන්තිය කොහෙන් ගියාද නැහැ.

 

ඒකත් එහෙමද


0
Add Reply
Page 1 of 212 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below