You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Sep 2018 07:53 PM by  Udeshika Herath
දුර ගමනක් ගියාම ඔබේ කකුල ඉදිමෙනවාද?
 7 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

santhaa
Basic Member
Basic Member
Posts:249






--
09 Sep 2018 11:10 AM

     

    දුර ගමනක් ගිහිල්ලා ගෙදර එද්දී ඇතැමෙකුගේ කකුල් දෙක හොඳටම ඉදිමිලා තිබෙනවා ඔබ දැක ඇතුවාට කිසිදු සැකයක් නෑ.

    ඇතැම් විට ඒ අත්දැකීම ඔබත් විඳලත් ඇති. විශේෂයෙන්ම මැදිවියේ වෙසෙන ගැහැණු පිරිමි බොහෝ දෙනා මේ ගැටලුවට මුහුණ පානවා.

    ඇත්තටම මෙය රෝගී තත්ත්වයක් ද?

    එක දිගට පැය 6ක් 8ක් පමණ වාහනයක් තුළ ඉඳගෙන දුර ගමනක් ගියාම කකුලේ ඉදිමීමක් සිදුවෙනවා නම් ඒ ගැන වැඩිදුර පරීක්ෂණ මඟින් තීරණය වනවා මෙය DVT හෙවත් Deep Vein Thrombosis ලෙස හඳුන්වන රෝග තත්ත්වයක් බව.

    අපගේ ශරීරය තුළ රුධිර සංසරණය කිරීමට රුධිර නාල වර්ග 2ක් ප්‍රධාන කොට උපකාරී වෙනවා.

    එයින් එකක් තමයි හෘදය වස්තුවෙන් ඉවතට රුධිරය අරගෙන යන ධමනි අනික් වර්ගය තමයි හෘදය වස්තුවට ආපසු රුධිරය රැගෙන එන ශිරා. හෘදය තුළ ඇතිවෙන හෘද ස්පන්දනය හෙවත් ගැස්ම නිසා ධමනි තුළ වේගයෙන් රුධිරය ගමන් කරනවා. අපට නාඩි ලෙස දැනෙන්නේ මේ ආකාරයේ රුධිර ගමනයයි.

    නමුත් ශිරාව තුළ ආපසු ගමනේදී මේ ආකාරයට වේගවත් රුධිර ගමනක් සිද්ධ වෙන්නේ නැහැ. එකදිගට ඉඳගෙන ගමනක් යාම වැනි ඉරියව්වකදී අපගේ පාදවල ඇති මේ ශිරාවල රුධිර ගමනය තවදුරටත් අවහිර වීමක් සමඟ එකතැන රැඳීමක් සිදුවෙනවා.

    ප්‍රතිඵලය වන්නේ පාදවල විශේෂයෙන් අපි බත් කෙණ්ඩ ලෙස හඳුන්වන (Calf) ප්‍රදේශයේ ගැඹුරින් ඇති ශිරාවල මේ ආකාරයට ගමනාගමනය අවහිර වූ රුධිරය කැටි ගැසීමට ලක්විය හැකි වෙනවා. මෙලෙස ශිරාවක් තුළ රුධිර කැටියක් ඇතිවීම DVT ලෙස හඳුන්වනු ලබනවා.

    මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ වන්නේ එම ප්‍රදේශයේ ඇතිවන වේදනාව, ඉදිමීම, රස්නය, තරමක් රතු පැහැවීම, මතුපිට පේන්න ඇති නහර ගැටගැසීම හෙවත් නහර පිරී නෙරා තිබීම ආදී ලක්ෂණයි. නමුත් ඉතා වැදගත් කරුණක් වන්නේ රෝගීන් 50%ක පමණ පිරිසකට සමහර විට මේ ආකාරයේ රෝග ලක්ෂණයක් නොදැනීමයි. මේ නිසා මේ රෝග තත්ත්වය තීරණය කිරීමට ඉහත රෝග ලක්ෂණ ඇතිවීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ.

    ඒ වගේම තව අනිකුත් රෝග කිහිපයක් නිසාත් මෙවැනි ලක්ෂණ දැකිය හැකි වන බවත් මතක තබා ගත යුතු වෙනවා. විශේෂයෙන් එම ප්‍රදේශයට විෂ බීජයක් ඇතුළු වූ විට, ආසාදන සහ මස්පිඬුවල ඇති වන අනතුරු ආබාධ, වසා පද්ධතිය (කුද්දෙටි) අවහිරවීම් නිසා ඇතිවන ඉදිමීම ආදී රෝගත් හේතුවක් විය හැකියි.

    මේ ආකාරයට ශිරාවක් තුළ රුධිර තුළ රුධිර කැටියක් ඇතිවීම භයානක වන්නේ කොහොමද? ශිරාවෙන් කෙරෙන්නේ නැවත හෘදය වස්තුව වෙත රුධිරය රැගෙන යාමයි. එලෙස රැගෙන යන්නේ ශරීරයේ පාවිච්චි ලද අපිරිසුදු රුධිරය නිසා එම රුධිරය හෘදය වස්තුව මඟින් පෙනහලු වෙත පිරිසුදු කිරීම සඳහා (ඔක්සිජන් ලබාගැනීම සඳහා) දෙනවා.

    ප්‍රශ්නය වන්නේ ශිරාව තුළ ඇති වුණු රුධිර කැටිය එතනින් ගැලවී හෘදය වෙතට කඩාගෙන ගියහොත් ඇතිවන විනාශයයි. එවිට හෘදය වෙත කැඩීයන රුධිර කැටිය හෘදය මඟින් පෙනහලු වෙත පොම්ප කරනු ලබනවා.

    මේ ආකාරයට පොම්ප කරපු රුධිර කැටිය පෙනහල්ල තුළ කුඩා නහරයක් හෝ රුධිර කැටිය විශාල එකක් නම් ප්‍රධාන නහර අවහිර කරනු ලබනවා. ප්‍රතිඵලය වන්නේ පෙනහල්ලේ ප්‍රධාන කොටසකට හෝ රුධිර කැටිය කුඩා එකක් නම් කුඩා කොටසකට රුධිර ගමනය අවහිර වී අක්‍රීය වීමයි.

    මේ තත්ත්වය සමහරවිට මාරාන්තික එකක් වෙන්න පුළුවන්. පෙනහලු ක්‍රියාකාරීත්වයට බලපෑමෙන් රෝගියා මිය යන්නට හෝ දැඩි සත්කාරකයක ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයක් උද්ගත වන්න පුළුවන්.

    එක දිගට ඉඳගෙන පැය ගණනක් ගමන් කිරීම විශේෂයෙන් ගුවන් ගමන්වලදී ඇතිවන අවදානමට අමතරව, ශරීරය තුළ ඇති රෝග පීඩාත්, රෝගියා ලබාගන්නා සමහර ඖෂධත් මේ සඳහා බලපානවා.

    ඒවා අතර ඇඟපත තරබාරු වීම, ප්‍රධාන ශල්‍යකර්මයකට භාජනය වීම, ගර්භණී භාවය, උපත් පාලන පෙති ගැනීම, හෝර්මෝන පෙති ගැනීම, සමහර පිළිකා වර්ග විෂබීජ ආසාදන, නිදන් ගත රුධිර ආබාධ අවදානම් කරුණු ලෙස සඳහන් කළ හැකි වෙනවා.

    එක දිගට වාහනයක් තුළ ගමනක් යාමේදී පැය 2 – 3කට වරක්වත් ඇවිදීම, සිටගෙන සිටීම වැනි ඉරියව්වල වෙනසක් සිදුකිරීම, වැදගත් වෙනවා.

    කෙසේ වෙතත් දිගින් දිගටම දක්නට ලැබෙන මේ ගැන වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතුයි. රෝගයට ප්‍රතිකාර ලෙස රෝහල් ගත කර රුධිර කැටිය දියවීමට බෙහෙත් එන්නත් කිරීමක් සමහර විට අවශ්‍ය වෙනවා.

    සියල්ල සිදුවුනහම වේදනා විදිනවට වඩා මෙවැනි අවස්ථා ගැන කලින් දැනසිටීම ඉතාමත් වැදගත්. වේදනාවක් විදීමට පෙර ඉන් ආරක්ෂා වීමට ඉන් හැකිවනු ඇත.

    1

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    09 Sep 2018 08:17 PM
    වැදගත් කරුණක් අවධානය යොමු කලාට ඔබට ස්තූතියි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    10 Sep 2018 05:38 AM
    දිගු ගුවන් ගමන් වලදී මගෙත් පිටි පතුල ඉදිමෙනවා..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    10 Sep 2018 06:45 AM
    ස්තුතියි ඔබට...වැදගත් කරුණු...
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    10 Sep 2018 05:50 PM
    අන්න ඒ නිසා තමයි මම නම් පොඩි දුරක් යනකොට නවත්තල මොනව හරි කාල යමු කියන්නෙ ....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Sep 2018 05:59 PM
    Posted By Udari on 10 Sep 2018 05:50 PM
    අන්න ඒ නිසා තමයි මම නම් පොඩි දුරක් යනකොට නවත්තල මොනව හරි කාල යමු කියන්නෙ ....
    ඔහොම කෑවහම ඉතින් කොහොමත් ඉදිමෙන්න ගනීවි.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    10 Sep 2018 07:46 PM
    කකුල් ඉදිමෙන්නෙ නෑ හොද හැටි රිදෙනවා
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    10 Sep 2018 07:53 PM
    ස්තූතියි මේ දේවලට.
    Udeshika Herath
    0
    You are not authorized to post a reply.