You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 05 Nov 2018 09:36 PM by  hasitha dhananjaya
රෙස්ලිං වීරයෝ
 70 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 4 << < 1234
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Sep 2018 10:33 PM
සමහර අය කියනවා මේ දේවල් බොරු කියලත්...................
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Sep 2018 10:43 PM
අනේ මන්දා ....මම නම් ඔය අහුවෙච්ච වෙලාවට බලනවා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Sep 2018 02:27 PM
Posted By isurusam on 14 Sep 2018 10:33 PM
සමහර අය කියනවා මේ දේවල් බොරු කියලත්...................
සීයට 90 ක් බොරැ

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Oct 2018 06:50 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Oct 2018 07:34 AM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Oct 2018 09:18 AM
දුක හිතෙන අවස්ථාවක්...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Oct 2018 10:51 AM
රෝමන් රේගින්ට කැන්සර් එකක්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
25 Oct 2018 02:37 PM
අයියෝහ්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Nov 2018 07:48 AM

රෝමන් රෙයින්ස් දෙවැනි වරටත් ලියුකේමියාවට එරෙහි සටනේ

ඇමෙරිකානු වෘත්තීයමය මල්ලවපොර (රෙස්ලිං) ක්‍රීඩාව අද ලොව ඉතා ජනප්‍රියය. එම ක්‍රීඩාව ජනප්‍රිය රටවල් අතරට ශ්‍රී ලංකාවත් අයත්ය. මේ වන විට ඇමෙරිකානු වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාවේ ප්‍රධානතම තරගාවලි පවත්වනු ලබන‍්නේ ඩබ්.ඩබ්.ඊ. හෙවත් වර්ල්ඩ් රෙස්ලිං එන්ටර්ටේන්මන්ට් ආයතනය විසිනුයි.

ඉකුත් ඔක්තෝබර් මස 22 වැනිදා ඉහත ආයතනය මගින් සිය සුපුරුදු වැඩසටහනක් සජීවීව විකාශය කරමින් තිබිණි. ඊට සහභාගි වෙමින් වත්මන් යුනිවර්සල් (විශ්ව) ශුරයා වන රෝමන් රෙයින්ස් විශේෂ ප්‍රකාශයක් කළේය. එය බොහෝ දෙනා විමතියට පත් කිරීමට තරම් ප්‍රබල විය.

“මම විශ්ව ශුරතාව අත්හැර දැමීමට තීරණය කළා. ඒ මට වැලදී ඇති ලියුකේමීයා රෝගය නිසා” 33 හැවිරිදි රෝමන් පැවසීය.

එමෙන්ම ලියුකේමියාව තමන්ව බිලි ගැනීමට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කළේය. “මට මේ රෝගය මුලින්ම වැලදෙන විට මගේ වයස අවුරුදු 22 ක් වෙනවා. ඒ කියන්නේ මීට වසර 11 කට පමණ පෙර තමයි. එවිට මේ රෝගය හඳුනාගැනීමට හැකි වුණා. එම නිසා එය බලවත් වීමේ වේගය පාලනය කර ගැනීමටත් හැකි වුණා.” රෝමන් වැඩි දුරටත් හෙළි කළේය.

මෙම ප්‍රකාශය අවසානයේ දී රෝමන්ව ඔහුගේ ෂීල්ඩ් නැමැති කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වූ ඩීන් ඇම්බ්‍රෝස් සහ සෙත් රෝලින්ස් විසින් වැළඳ ගත්හ. එය ඉතාම හැඟුම්බර අවස්ථාවක් බවට පත් විය. එමෙන්ම එය තවත් වැඩි වුයේ රෝලින්ස් හඬන්නට වූ නිසාය.

මෙම ඇමෙරිකානු වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩාව යනු සැබෑවක් නොවන නමුත් සැබෑවක් මෙන් දක්නට ලැබෙන අපුරු ක්‍රීඩාවකි. එය සජීවි චිත්‍රපටියක් ලෙසටත් හැඳින්වීමට හැකිය. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලුම දෙනාටම අන්වර්ත නාමයන් තිබේ. එමෙන්ම එහිදී ඔවුනට තිර පිටපත් ලබා දෙයි. ඔවුන් දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලින් ඉදිරියේ හැසිරෙන්නේ එම පිටපතට අනුවයි.

එවැනි වාතාවරණයක් අනුව වුවත් රෝමන් රොයින්ස්ගේ ඉහත ප්‍රකාශය සත්‍යයක් බවට පිළිගැනිමට ක්‍රීඩා ලෝලීන්ට සිදු විය. ඒ එය සැබැවින්ම සත්‍යයක් වු බැවිනි.

“බොහෝ දෙනා මාව දන්නේ සටන්කාමි ශූරයෙක් ලෙසටයි. එහෙත් මෙම රෝගය නැවත හිස එසවීම නිසා තවදුරටත් එම සටන්කාමි ශුරයා ලෙස සිටීමට නොහැකියි. ඒ නිසයි මම විශ්ව ශූරතාව අත්හැරීමට තීරණය කළේ”. රෝමන් වැඩිදුරටත් පැවසීය.

රෝමන්ට මල්ලවපොර ක්‍රීඩාවේදී තවත් අපුරු නමක් පටබැඳී තිබිණි. ඒ ‘බිග් ඩෝග්ය’. ක්‍රීඩාලෝලින් අතර ඔහුට විශාල ජනප්‍රියතාවයක් තිබුණේය. එමෙන්ම ඇතැමුන් ඔහුට කැමැත්තක් දැක්වුයේත් නැත. ඒ බව යළිත් වතාවක් හෙතෙම සිහිපත් කළේත් ඉහත කතාවේදීමයි.

“ඔබ සියලු දෙනාම මගේ හීන සැබෑ කළා. ඔබ මා වෙනුවෙන් ජය ඝෝෂා කළා. මාව ප්‍රතික්ෂේප කළා. ඒ වුවත් එය වැදගත් නැහැ. ඔබ හැම විටම මා වෙත ප්‍රතිචාර දැක්වුවා. එය තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ වෙන‍ුවෙන් ස්තුතියි. ‍රෝමන්ගේ රෝගය පිළිබඳ දැනගත් ‍බොහෝ දෙනා ඔහුට ඉක්මන් සුවයත් පතමින් සහ දිරිමත් කරමින් පණිවිඩ නිකුත් කළහ. ඒ අතර සෙසු මල්ලවපොර සුපිරි තරු සහ ක්‍රීඩාලෝලිහු ද සිටිති.

“ඔබ සැබෑ රණශූරයෙක්. ඔබේ සම්පුර්ණ ඩබ්.ඩබ්. ඊ පවුලම ඔබ සමඟ සිටිනවා.” ඩබ්.ඩබ්.ඊ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වින්ස් මැක්මැන් එසේ පැවසීය.

යුසෙ‍ාස් නිවුන් සොහොයුරන් රෝමන් වෙනුවෙන් මෙසේ අදහස් දැක්වුහ. “අපි ඔබ වෙනුවෙන් මෙහි සිටිනවා. අපි ඔබට ආදරෙයි.”

“මෙවැනි වේදනාබර අවස්ථාවකදී ඔබේ ශක්තිය ධෛර්යය බව පෙන්වුවා. ඔබේ හැම දෙයක්ම ඔබ අපිට ලබා දුන්නා. අවදානම් අවස්ථාවක පවා ඔබේ දිරියවන්තකම දුටුවා. ඔබේ ඩබ්.ඩබ්.ඊ. පවුල අපේ මුළු ආදරය සහ සහාය ඔබට ලබා දෙනවා. රෝමන් අත්හරින්න එපා.” මෙසේ රෝමන්ව දිරිමත් කළේ මෑත යුගයේ ලොව අතීශයින්ම ජනප්‍රිය මල්ලවපොර තරුව වන ජෝන් සීනා ය.

හිටපු සුපිරි ශූරයෙකු වන රික් ෆ්ලෙයාර්ත් රෝමන්ට සහාය දැක්වීමට ඉදිරිපත් වුයේ මේ ආකාරයටයි. “මගේ පවුලත් මමත් ඔබ ගැන සිතනවා. අපි මෙහි සිටින්නේ ඔබ වෙනුවෙන්.”

රෝමන් රෙයින්ස්ගේ සත්‍ය නම වනුයේ ලියාටි ජෝශප් අනොආයි වේ. හෙතෙම 1985 වසරේ මැයි මස 25 වැනි දා උපත ලැබීය. ඒ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පෙන්සකෝලා නුවරදීය. ඇමෙරිකාවේ උපත ලැබුවත් ඔහුගේ පවුල ඇමෙරිකානු සැමෝවා සම්භවයකින් යුක්තය.

එමෙන්ම රෝමන්ගේ පවුල ඇමෙරිකානු වෘත්තීමය මල්ලව පොර ක්‍රීඩාවටත් සම්බන්ධය. ඔහුගේ පියා වන සීකා සහ වැඩිමහල් සොහොයුරු රොසි (1970 -2017) හිටපු මල්ලවපොර ක්‍රීඩකයෝය. රොසි අද ජීවතුන් අතර නැත. ඒ හෘද රෝගයකට ලක්ව මිය ගිය බැවිනි.

මීට අමතරව රෝමන්ගේ ඥාති සොහොයුරන් වන ජේ සහ ජිමී යුසොස් ද ජනප්‍රිය මල්ලවපොර ක්‍රීඩකයෝ වෙති. මෙම නිවුන් සොහොයුරන්ගේ පියා වන රිකිෂිත් හිටපු මල්ලවපොර ක්‍රීඩකයෙකි.

රෝමන් අඩි 6 අඟල් 03 ක් උසැතිය. ඔහුගේ බර කිලෝග්‍රෑම් 120 ක් පමණය. හෙතෙම මුලින්ම ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩකයෙකි. ඔහු වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාවට යොමු වූයේ 2010 වසරේදීය. මේ වන විට විශ්ව ශූරතාවට අමතරව ලෝක හෙවිවේට් ශූරතාව සිවු වතාවකුත් ඔහු හිමිකර ගෙන සිටියි.

රෝමන් 2014 වසරේදී විවාහ විය. ඒ ගැලිනා බෙකර් සමඟින්ය. මේ යුවළ දූදරුවන් තිදෙනකුගේ දයාබර මවුපියන්ය. වැඩිමහල් දියණිය ජොයෙල්ය. තවද නිවුන් පුතුන් දෙදෙ‍ෙනකුත් සිටිති. ඔහුගේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳවත් රෝමන් සිය අදහස් දක්වා තිබේ.

“මගේ රෝගය පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කරන්න මම තීරණය කළේ සමාජය තවදුරටත් දැනුවත් කරන්නයි. එමෙන්ම රෝගය ගැන පරීක්ෂණ කිරීමටත් ඊට උසස් මට්ටමේ බෙහෙත් සොයා ගැනීමටත් අරමුදල් අවශ්‍ය වෙනවා. මටත් ඊට දායක වෙන්න අවස්ථාව ලැබෙනවා.”

අනාගත දී නැවත වතාවක් ක්‍රීඩා කිරීමටත් රෝමන් සුදානමින් සිටියි. “මෙය මගේ විශ්‍රාම ගැනීමේ කතාව නොවේ. මම මේ රෝගය පරාජය කර ආපසු එනවා. ඉතින් ඉක්මනින්ම ඔබට මාව දැකගන්න පුළුවන්.”

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Nov 2018 07:31 PM
අපි දන්නෙ නෑ බං මේව
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Nov 2018 09:36 PM
මෙයත් සුපිරි පොරක් තමයි....මේ නිව්ස් එක මමත් කලින් පෝස්ට් එකක කියෙව්වා.
0
You are not authorized to post a reply.
Page 4 of 4 << < 1234