You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 Aug 2018 01:23 PM by  Udeshika Herath
නියුරෝපති රෝගය
 9 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
11 Aug 2018 06:56 PM

    neuroප්‍රශ්නය - පසුගිය සතියේ අප ඔබ සමග කතා කළේ ස්‌නායු රෝග ගැනයි. ඒ අනුව අප නියුරෝපති නමැති රෝගය ගැන සාකච්ඡා කළා. ශරීරයේ පර්යන්ත ස්‌නායු හානියට පත් වීම නිසා මෙය හට ගන්නා බවයි ඔබ පැහැදිලි කළේ. මේ මගින් ශරීරය දුර්වල වන බවත් හිරිගතිය සහ වේදනාව ඇති වන බවත්, ඔබ කිව්වා. මේ වේදනා සහගත තත්ත්වයන් ඇති වන්නේ අත් සහ පාදවල බව තවදුරටත් සඳහන් වුණා. මෙම වේදනාව ශරීරයේ සෙසු කොටස්‌වලටත් පැතිරී යන්නට පුළුවන්. පර්යන්ත ස්‌නායු පද්ධතිය අපට වැදගත් වන්නේ මොළය මගින් නිකුත් කරන සංඥා සුෂුම්නාව ඔස්‌සේ ශරීරයේ සෙසු කොටස්‌වලට බෙදා හැරෙන්නේ එමගින් නිසයි.

    වෛද්‍ය අමිල බණ්‌ඩාර - හැබැයි මේ ස්‌නායු රෝගය සුවපත් කරන්න පුළුවන් බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. දැනට බටහිර ලෝකය තුළ මේ රෝගය සුව කිරීම සඳහා පර්යේෂණ පැවැත්වෙනවා. මෙය සුව කරන්න නම් කළ හැකි එකම දෙය තමයි හානියට පත් වූ ස්‌නායු නැවත වරක්‌ ප්‍රතිසංස්‌කරණය කිරීම බටහිර විද්‍යාව තුළ තවමත් කරන්නේ මේ රෝගය කළමනාකරණය කිරීම පමණයි. ස්‌නායුවල තිබෙනවා ඉතා කුඩා තන්තු. දුරකථන සහ අන්තර්ජාල සංඥා එහා මෙහා ගෙන යන Optic Fiber වැනි මේ තන්තු හානි වූ විට ක්‍රමයෙන් සුවපත් කළ හැකි ආයුර්වේද කසාය වර්ග තිබෙනවා. ඒ අතර ස්‌නායු හානි වීමට හේතුව සොයාගත යුතුයි. එම සාධකය වළක්‌වාගත් විට රෝගය නැවත හටගන්නේ නැහැ.

    ප්‍රශ්නය - නියුරෝපති රෝගය මාරාන්තිකද?

    neuro1වෛද්‍ය අමිල බණ්‌ඩාර - මෙය නිදන්ගත වෙන්නටත් පුළුවන්. උග්‍ර වෙන්නටත් පුළුවන්. හැබැයි මාරාන්තික වන අවස්‌ථා අඩුයි. දියවැඩියා රෝගීන්ට හැදෙන නියුරෝපති වර්ගයක්‌ තිබෙනවා. මෙය ඉතා බහුල රෝගයක්‌. මෙය දියවැඩියාව හා සමාන්තරව නරක්‌ කර ගත්තොත් එක්‌තරා මාරාන්තික අවදානමක්‌ හටගන්නවා.

    ප්‍රශ්නය - නියුරෝපති රෝගියකු නොගත යුතු ආහාර ලෙස ඔබ දකින්නේ මොනවාද?

    වෛද්‍ය අමිල බණ්‌ඩාර - නිසි පෝෂණ ගුණය නැති වුණාම නියුරෝපති රෝගය ඉතාම නරක විදියට ශරීරය පුරා පැතිර යනවා. මේ නිසා පලතුරු, එළවළු, නිවුඩ්ඩ සහිත සහල්, ශරීරයට හිතකර මේද ආහාරයට ගත යුතුයි. ඒ වගේම මේද සහිත මස්‌ වර්ග සහ කිරි ආහාරවලින් වැළකිය යුතුයි. නියුරෝපති රෝගය තිබෙන විට නොසැලකිලිමත් ලෙස ආහාර ගත්තාම Type 2 වර්ගයේ දියවැඩියාව ඇති වෙනවා.

    ප්‍රශ්නය - මේ සඳහා සුදුසු ප්‍රතිකාර මොනවද?

    වෛද්‍ය අමිල බණ්‌ඩාර - ආයුර්වේදයේ තිබෙනවා වේදනා නාශක ආලේපන සහ කසාය. උදාහරණයක්‌ ලෙස සුදුලුනු සහ උළුහාල් ගනිමු. මේ දෙක ඉතාම වටිනා වේදනා නාශක දෙකක්‌. වෛද්‍යවරයා නියම කරන ආයුර්වේද වේදනා නාශකයකට යා යුතුයි. එසේම අපස්‌මාර තත්ත්වය නැති කරන ආතතිය නැති කරන ඖෂධ වර්ගවලටත් යොමුවිය යුතුයි.

    ලබන සතියට

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Aug 2018 07:30 PM
    මේ රෝගය ගැන නම් කලින් දැනගෙන හිටියේ නැහැ..
    ස්තූතියි අපව දැනුවත් කලාට...
    0

    SK1967
    Basic Member
    Basic Member
    Posts:125






    --
    11 Aug 2018 08:15 PM

    ස්තුතියි.........දැනුවත් කලාට
    SK1967
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    12 Aug 2018 01:50 AM
    ස්නායු රෝගත් දැන් හරියට වැඩිවෙලා
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    18 Aug 2018 01:46 AM
    සමහර රෝගවල නම් අහන්නෙත් අදමයි
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    18 Aug 2018 06:27 PM

    diabitice

    ප්‍රශ්නය - පසුගිය දෙසතිය තුළ අප සාකච්ඡා කළේ නියුරෝපති හෙවත් පර්යන්ත ස්‌නායු රෝගය ගැනයි. මේ රෝගය නිසා ස්‌නායු හානි වීම බරපතළ ආබාධයක්‌ ද?

    වෛද්‍ය අමිල බණ්‌ඩාර - දියවැඩියා නියුරෝපති යනුවෙන් රෝගයක්‌ තිබෙන අතර එය ඉතාම නරක සංකූලතා ඇති කිරීමට හේතුවිය හැකියි. ශරීරයේ තිබෙන ප්‍රධාන ස්‌නායු වර්ග සියල්ලම ඒ මගින් විනාශ වෙනවා. විශේෂයෙන්ම ශරීරයේ සංවේදනය දනවන ස්‌නායු ඒ මගින් විනාශ වෙනවා. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ස්‌නායු හානියට පත්වූ ප්‍රදේශය දැවෙන ගතියක්‌ ඇති වෙනවා. ඒ වගේම බරපතළ විදියට හිරිවැටෙන අවස්‌ථා තිබෙනවා. ඔබ දියවැඩියා රෝගියෙක්‌ නම් සහ ඔබේ ශරීරයේ ඇතැම් තැන් දැවිල්ලක්‌ හෝ දීර්ඝ වශයෙන් හිරි වැටී තිබෙනවා නම් ඔබ වහාම වෛද්‍ය උපදෙස්‌ ගත යුතුයි.

    ප්‍රශ්නය - ස්‌නායු වේදනාව නැතිකර ගැනීමට සුදුසු ආයුර්වේද ඖෂධ තිබෙනවා ද?

    වෛද්‍ය අමිල බණ්‌ඩාර - එවැනි වේදනා නාශක තෙල් වර්ග ඕනෑ තරම් තිබෙනවා. ඒ තෙල් උණුකර ශරීරයේ වේදනාව තිබෙන තැන්වල ආලේප කළ යුතුයි. දින 21 ක්‌ මෙය කළ හැකි නම් තමයි වඩාත් හොඳ ප්‍රතිඵල දෙන්නේ. මෙය ආයුර්වේදයේ හැඳින්වෙන්නේ තෛල අභ්‍යංගය හැටියටයි. සාමාන්‍යයෙන් බටහිර වෙදකමේදී මෙවැනි අධික වේදනාකාරී තත්ත්වයක්‌ සමනය කිරීම සඳහා NSAID (Nonsteroidal anti inflammatory drugs (ස්‌ටිරොයිඩ නොවන ප්‍රදාහ නාශක ඖෂධ) ලබා දෙනවා. එහෙමත් නැත්නම් ස්‌ටිරොයිඩ් වන ප්‍රදාහ නාශක ඖෂධ ලබා දෙනවා. Dexamethazone සහ prednisolone මේ ආකාරයේ ඖෂධ වර්ග දෙකක්‌. පෙර කී තෛල අභ්‍යංගය මේ සියල්ලටම වඩා බලවත්. පෙති වර්ග ගැනීමෙන් ශරීරයට සිදුවන හානිය තෙල් වර්ග ගෑමෙන් සිදු වන්නේ නැහැ. තෙල් ආලේපයට පෙර උණුසුම් බෙහෙත් පොට්‌ටනි මගින් ශරීරය තැවීම සිදු කරනවා. ආයුර්වේදය ස්‌වේද කර්මය ලෙස හඳුන් වන්නේ මේ තැවිල්ලයි.

    ප්‍රශ්නය - මීට අමතරව කරන ප්‍රතිකාර මොනවාද?

    වෛද්‍ය අමිල බණ්‌ඩාර - විටමින් වර්ග අඩංගු ආහාර වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනවා. ඒ අතර රෝගියාට සුදුසු ආහාර වර්ග සමූහයකුත් නියම කරනවා. රට මිරිස්‌ ලෙස හැඳින්වෙන මිරිස්‌ වර්ගය මේ රෝගය සඳහා ඉතාම සුදුසුයි.

    ප්‍රශ්නය - මේ අතර Neurolgia‌ නමැති රෝගයන් ගැනත් අපට දැන ගන්නට ලැබුණා. මෙය කුමක්‌ ද?

    වෛද්‍ය අමිල බණ්‌ඩාර - ඒ ගැන ලබන සතියේ කතා කරමු.

    (ලබන සතියේ තව කොටසක්&zwnj

    diabitice1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    20 Aug 2018 06:01 PM
    දියවැඩියාව නිසා ස්නායු රෝගත් එනාව කියල දැනගත්තෙ දැන්
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    20 Aug 2018 06:26 PM
    එනවා ස්නායු ලෙඩේත්..දියවැඩියාව පාලනය කරා නම් ඔය ලෙඩේ එන්නේ නැහැ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    20 Aug 2018 06:33 PM
    ස්තුත්යි ලිපියට
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    24 Aug 2018 01:23 PM
    හෑ එහෙමත් වෙනවද
    Udeshika Herath
    0
    You are not authorized to post a reply.