You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jan 2016 08:09 AM by  gamini
ඔබගේ දෑත් කෙතරම් පිරිසිඳුද? බලන්න අපි දෑත් සෝදන ක්‍රමය නිවැරදිද කියා.
 14 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

gayanfernando
New Member
New Member
Posts:66






--
03 Mar 2015 08:37 PM

    ඔබට මතක ඇති ඔබ අවසාන වරට අයිස් ක්‍රීම් එකක් රස විදපු දිනය. අයිස් ක්‍රීම් ටිකක් කටට ගන්නකොටම දත් වල ඇතිවුන ඇඟකිලිපොලා යන වේදනාව නිසා ඉතාමත් අපහසුවෙන් අයිස් ක්‍රීම් ටික ගිලගත්ත ආකාරයත් මතක ඇති. සමහරවිට මෙහෙම වෙන්නට හේතුවත් ඔබ දන්නවා ඇති. ඔබේ දත් ගැන ඔබ සැබවින්ම සැලකිලිමත්ද?

    ඉහත ආකාරයේ සිදුවීමකට ඔබ මුහුණ දී ඇත්නම් ඔබේ දත් පිළිබඳව ඔබ නොසැලකිලිමත් වීම ආරම්භ කොට ඇත්තේ අද ඊයේ නොවෙයි. දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කොට, හඳුනාගන්න අවස්ථාව වන විටත් ඔබේ දතෙහි සැලකියයුතු ප්‍රමාණයක් දිරාපත්වී තිබීමට ඉඩ තිබෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී දත් පණුවෝ කෑම ලෙස හැදින්වූවත් ඇත්තටම මෙයට වගකිව යුත්තෝ පණුවන් නම් නොවෙයි. එහෙනම් කවුද?

    ඔබ දන්නවා ඇති ඔබේ මුඛයේ බැක්ටීරියා සියගණනක් පමණ වෙසෙන බව. නමුත් මොවුන් අතුරින් බැක්ටීරියාවන් දෙයාකාරයක් හැරුණු කොට අනෙක් සියල්ලම අපට හිතකර බැක්ටීරියාවන්. කැමතිද දැනගන්න මේ දෙයාකාරයේ බැක්ටීරියාවන් කවුද කියලා ? Streptococcus mutans හා Lactobacilli ලෙස හැඳින්වෙන මෙම බැක්ටීරියාවන් තමයි ඔබේ දත්වල ඇතිවන කුහරවලට සැබෑම වගකිවයුත්තෝ. මොවුන් ඔබේ මුඛයේ ඉතිරි වී පවතින කාබෝහයිඩ්‍රේට හා සංශුද්ධ සීනි කොටස් ,දත්වල එනමලයට හානිකර වන අම්ලයන් බවට පත් කරනවා.

    ඔබ නියමිත අවස්ථාවන්හිදී ඔබේ දත් මැද පිරිසුදු නොකළහොත්, ඔබේ මුඛයේ ඉතිරිවන කුඩා ආහාර හා සීනි කොටස් මගින් එහි සිටින බැක්ටීරියාවන් හට තවදුරටත් වර්ධනය වීමට කදිම නවාතැනක් සකසනවා.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බැක්ටීරියා, තම ගහනයේ සීඝ්‍ර වැඩිකිරීමක් සිදු කරගනු ලබනවා. මෙතැනින් තමයි ඔබේ දත් වල කුහර ඇතිවීමට මග පෑදෙන්නේ.

    ක්‍රමයෙන් බැක්ටීරියා සංඛ්‍යාව ඉහළ යන විට ඉහත ක්‍රියාවලිය බහුලව සිදු වන අතර ඇතිවන ආම්ලිකතාවය නිසා ඔබේ දත් වල එනමල තවදුරත් දිරායනවා. ක්‍රමයෙන් දතෙහි එනමලය දිරාගිය පසු දතෙහි සිදුරක් ඇති වෙනවා ( මෙය සිදු වීමට මාස කිහිපයක සිට අවුරුද්දක පමණ කාලයක් ගත වේ ) . මේ තරම් දුරක් ආපසු තමයි ඔබට දතේ කුහරයක් තිබෙන බව දැනෙන්නට පටන් ගන්නේ.නමුත් මේ වෙනකොට ඔබේ දත සිසිල් හා උණුසුම් ආහාරවලට තරමක් සංවේදී වීමටත් සමහර ආහාර සපන විට වේදනාවක් ගෙන දෙන තත්වයටත් පත් වී තිබීමට ඉඩ තිබෙනවා.

    මෙවැනි තත්වයකට පත් වූ දතක් තවදුරටත් ප්‍රතිකාරයකින් තොරව පැවතියහොත් යම් කාලයක් ඇතුලත එය මුළුමනින්ම දිරාපත්වී යනවා.එනම් එනමලයට හානි වූ පසුව ක්‍රමයෙන් ඊට ඇතුලතින් පවතින ස්තරය වන දන්තීනය තෙක්ද කුහරය පැතිරී යනවා.දන්තීනය තෙක් කුහරය පැතිරුණු පසුව එය ක්‍රමයෙන් දතෙහි සම්බන්ධක පටක හා රුධිර වාහිනී අඩංගු වන කල්ක කුහරය වෙත ගමන් කරනවා . කල්ක කුහරයත් දිරාපත් වූ පසුව නම් ඔබේ දත ඔබට අහිමිවීමට ඉතාමත් ආසන්නයි .

    නමුත් ඔබේ දත් ගැන ඔබ සැලකිලිමත් නිසා ඔබේ දතෙහි පවතින කුහරයක් මෙතරම් අභාග්‍යසම්පන්න අවස්ථාවකට පත්වීමට පෙර ඔබ දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් හමුවී නිසි ප්‍රතිකාර ගනු නොඅනුමානයි. නමුත් ඔබ වඩාත් කැමති ඇති වෛද්‍යවරයෙකු හමුවට නොයාම දතක පවතින කුහරයකට ප්‍රතිකාර ගැනීමට.

    අපි කලින් සඳහන් කළා දතක කුහරයක් ඇතිවීමේ මූල්ම පියවර වන්නේ, දතෙහි පිටතම ස්තරය සෑදී පවතින කැල්සියම් හා ෆොස්ෆේට් ස්ඵටික, බැක්ටීරියා ක්‍රියාකාරිත්වය හේතුවෙන් ඇතිවන ආම්ලික බව නිසා ඛාදනයට ලක්වීම බව. මෙසේ හානිවුනු එනමලය නිසා දතෙහි මතුපිට සුදු පැහැති තිත් ඇති වෙනවා .මෙවන් අවස්ථාවකදී ඔබට වෛද්‍යවරයෙකුගේ පිහිට වෙනුවට ෆ්ලෝරයිඩ් වල පිහිට පතන්නට පුළුවන්.

    බොහෝ විට දන්ත වෛද්‍යවරුන් විසින් දන්ත කුහර ඇතිවීම වැලැක්වීම සඳහා ෆ්ලොරයිඩ් යොදා ගන්නවා. ෆ්ලෝරයිඩ් මගින්, දිරාපත් වීම ආරම්භ වූ ,එනම් සුදු පැහැ ලප ඇති වීම ආරම්භ වූ දතක ,ඉවත් වූ ඛනිජ කොටස් ප්‍රතිස්ථාපනය කරනු ලබනවා . නමුත් එනමලය සිදුරුවීමට තරම් හානි සිදුව තිබුණහොත්, ෆ්ලෝරයිඩ් වලට එය සවිමත් කිරීමට මිස දිරාපත් වී ගිය කොටස් ප්‍රතිස්ථාපනය කිරීමට හැකියාවක් නැහැ.

    -- ඔබේ එනමලයේ කුහරයක් සෑදී ඇත්නම් ඔබට එය වඩාත් දරුණු අවස්ථාවකට පත්වීම වැලක්වීමට සිදු කල හැක්කේ දන්ත වෛද්‍යවරයෙකු හමු වී එය නියමිත ලෙස පුරවා ගැනීමයි. කොහොමද මේ පිරවීමක් සිදු කරනු ලබන්නේ ?

    මෙහිදී සිදු කරනුයේ පළමුවෙන්ම දත නිර්වින්දනය කොට ඉන්පසුව කුහරය තුලින් සිදුරු කොට එය පිරිසිදු කිරීමයි . ඉන්පසුව කුහරය zinc oxide හෝ වෙනත් මිශ්‍රිත රෙසින වලින් ආස්තරණය කොට පිරවීම සඳහා සකස්කරනු ලබනවා. අවසාන වශයෙන් පිරවීම සඳහා භාවිත කරන ද්‍රව්‍ය යොදා ,මෙය පුරවා දතට සම්බන්ධ කරනු ලබනවා . සාමාන්‍යයෙන් දතක සිදුකරන ලද පිරවීමක් වසර දොළහක් පමණ පවතිනවා.

    ඒ මොනවා වුනත් කරන්නට තිබෙන හොඳම දේ තමයි කුහර ඇතිවෙන්නට ඉඩ නොදී තම දත් දෙපෙළ ආරක්ෂා කර ගැනීම. මේ සදහා ප්‍රධාන ආහාර වේල් වලින් අනතුරුව දත් නියමිත පරිදි මැද පිරිසිදු කිරීම , පැණිරස රස ආහාර ගැනීම හැකි තාක් අඩු කර ගැනීම මෙන්ම , නියමිත ලෙස දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු හමුවී ඔබේ දත් පරීක්ෂා කරවා ගැනීමද ඉතාමත් වැදගත්. ඔබට දත් මැදීම කරදරයක් වන්නට පුළුවන්, නමුත් දත් නොමැද සිටීම ඊටත් වඩා කරදරයක් වන බව හොදින් මතක තබා ගන්න.

     

     
     
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    03 Mar 2015 09:10 PM


    බොහොම ස්තුතියි දත් රැක ගැනීම පිළිඹදව වැදගත් කරුණු ටිකක් ගෙනාවට..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Himali
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    03 Mar 2015 09:15 PM
    bohoma sthuti gayan me vadagath lipiyatah. mage nam dath tika thama hondai. as deka piyagena hari retath dath madinava
    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    03 Mar 2015 09:19 PM

    දත් පිළිබඳ වැදගත් කරුණු ටිකක් ගෙනාවට ස්තුතියි ගයාන් මල්ලි 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    03 Mar 2015 09:40 PM
    හොඳ ලිපියක්....බොහොම ස්තුතියි
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    03 Mar 2015 10:05 PM
    wadagath lipiyak.thanks.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    04 Mar 2015 12:01 AM
    bohoma sthuthi apiwa danuwath kalata
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    05 Mar 2015 07:45 AM
    sthuthi gayan me lipiyata,,,dath kekkuma mathak weddi nam ammo
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    11 Jan 2016 10:26 PM

    ඔබගේ දෑත් කෙතරම් පිරිසිඳුද? බලන්න අපි දෑත් සෝදන ක්‍රමය නිවැරදිද කියා.

    අපි කුඩා කල පටන්ම  ඉගෙන ගන්නවා කෑමට පෙර, කෑමට පසු හා වැසිකිළි ගිය පසු සබන් දමා දෑත් සේදිය යුතු බව. මන්ද පිරිසිඳු දෑතක් සනීපාරක්ෂාවට බෙහෙවින් බලපාන බැවින්. නමුත් ඔබ කෙදිනකවත් සොයා බැලුවාද සබන් ගා දෑත් පිරිසිඳු කිරීමෙන් පසු ඇත්තෙන්ම විශබීජ ඉවත් වනවාද කියා? පිළිතුර තරමක් පුදුම සහගතයි.

    Daily Mail වෙනුවෙන් Jennie Agg විසින් සම්පූර්ණයෙන් දෑත් පිරිසිදු කරගන්නේ කෙසේද යන්න සොයා බැලීමට සිදුකරන ලද අත්හදා බැලීමක් සිදුකරන ලදී. මෙහිදී ඇය විශබීජ හොදින් අනාවරණය කරන විශේෂිත ජෙල් වර්ගයක් දෑත් වල ආලේප කොට දෑත්  UV කිරණට නිරාවරණය කිරීම සිදුකරා. පහතින් දැක්වෙන්නේ එහිදී ලබාගත් ඡායාරූපයි. සුදු පැහැයෙන් දක්වන්නේ දෑත් සේදීමෙන් පසු ඉතිරි වූ බැක්ටීරියායි.

    සේදීමට පෙර

    handwash2

    සෝදා හා ගැසීමෙන් පසු

    handwash3

    සබන් වලින් තොරව මි. 6ක් සෝදා

    handwash4

    සබන් යොදා මි. 6ක් සෝදා

    handwash5

    සබන් යොදා මි.15ක් සෝදා

    handwash6

    සබන් යොදා මි. 30ක් සෝදා

    handwash7

    ඇමෙරිකාවේ The Centres For Disease Control and Prevention යෝජනා කරන ආකාරයට මි. 15ත් 30ත් අතර කාලයක් අත් සේදීම හානිකර බැක්ටීරියා ඉවත් කිරීමට ප්‍රමාණවත් බවයි. නමුත් සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ 37%ක් පිරිමින් හා 61% කාන්තාවන් වැසිකිළි යාමෙන් පසු දෑත් නොසෝදන බවය.

    කෙසේ වෙතත් මේ හොඳ පුරුද්ද ඇති කරගැනීම ඔබගේ සනීපාරක්ෂාවට ඉතා යහපත් වේ.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    12 Jan 2016 07:21 AM
    හරිම වැදගත් දැනුවත් කිරීමක් ...happy birthday සින්දුව කියන්න කියනවා නේද අත් හොදද්දී ,,මන් අහලා තියෙනවා එහෙම හෙමින් ඒ සින්දුව කියලා අත් හොදද්දී අතත් හොදට හේදිලා ලු .
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    12 Jan 2016 07:38 AM
    විනාඩි 30ක් අත් සෝදන්න..? ඔයාගේ සබන් එක හරිම ස්ලෝව් නෙහ්..?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    12 Jan 2016 05:10 PM
    සබන් කාරයන්ට හොදයි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    15 Jan 2016 06:19 AM
    මගෙ අම්මෝ විනාඩි 30 ක්
    එතකොට අර ඇඩ් එකේ තත්පර 10 න් කොහොමද පිරිසුදු වෙන්නේ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    15 Jan 2016 06:22 AM
    Posted By sha733 on 15 Jan 2016 06:19 AM
    මගෙ අම්මෝ විනාඩි 30 ක්
    එතකොට අර ඇඩ් එකේ තත්පර 10 න් කොහොමද පිරිසුදු වෙන්නේ
    ඒකනේ  මල්ලී ඇඩ් කියන්නේ.. ඒ කියන්නේ ඒ වෙලාවට තව ඇඩ් කරගන්න වෙනවා..

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    15 Jan 2016 08:09 AM
    Posted By samantha on 11 Jan 2016 10:26 PM

    ඔබගේ දෑත් කෙතරම් පිරිසිඳුද? බලන්න අපි දෑත් සෝදන ක්‍රමය නිවැරදිද කියා.

    අපි කුඩා කල පටන්ම  ඉගෙන ගන්නවා කෑමට පෙර, කෑමට පසු හා වැසිකිළි ගිය පසු සබන් දමා දෑත් සේදිය යුතු බව. මන්ද පිරිසිඳු දෑතක් සනීපාරක්ෂාවට බෙහෙවින් බලපාන බැවින්. නමුත් ඔබ කෙදිනකවත් සොයා බැලුවාද සබන් ගා දෑත් පිරිසිඳු කිරීමෙන් පසු ඇත්තෙන්ම විශබීජ ඉවත් වනවාද කියා? පිළිතුර තරමක් පුදුම සහගතයි.

    Daily Mail වෙනුවෙන් Jennie Agg විසින් සම්පූර්ණයෙන් දෑත් පිරිසිදු කරගන්නේ කෙසේද යන්න සොයා බැලීමට සිදුකරන ලද අත්හදා බැලීමක් සිදුකරන ලදී. මෙහිදී ඇය විශබීජ හොදින් අනාවරණය කරන විශේෂිත ජෙල් වර්ගයක් දෑත් වල ආලේප කොට දෑත්  UV කිරණට නිරාවරණය කිරීම සිදුකරා. පහතින් දැක්වෙන්නේ එහිදී ලබාගත් ඡායාරූපයි. සුදු පැහැයෙන් දක්වන්නේ දෑත් සේදීමෙන් පසු ඉතිරි වූ බැක්ටීරියායි.

    සේදීමට පෙර

    handwash2

    සෝදා හා ගැසීමෙන් පසු

    handwash3

    සබන් වලින් තොරව මි. 6ක් සෝදා

    handwash4

    සබන් යොදා මි. 6ක් සෝදා

    handwash5

    සබන් යොදා මි.15ක් සෝදා

    handwash6

    සබන් යොදා මි. 30ක් සෝදා

    handwash7

    ඇමෙරිකාවේ The Centres For Disease Control and Prevention යෝජනා කරන ආකාරයට මි. 15ත් 30ත් අතර කාලයක් අත් සේදීම හානිකර බැක්ටීරියා ඉවත් කිරීමට ප්‍රමාණවත් බවයි. නමුත් සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ 37%ක් පිරිමින් හා 61% කාන්තාවන් වැසිකිළි යාමෙන් පසු දෑත් නොසෝදන බවය.

    කෙසේ වෙතත් මේ හොඳ පුරුද්ද ඇති කරගැනීම ඔබගේ සනීපාරක්ෂාවට ඉතා යහපත් වේ.



    කොහොමද ඇත සේදුවාට පසු hand sanitize එකක් පාවිචිචි කරා නම්  .............
    ආදරයේ උල්පත අම්මා ......................
    0
    You are not authorized to post a reply.