You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Jul 2018 09:20 PM by  isuru sampath
විෂ බිජයක් මුත්‍රා මාර්ගයට ඇතුළු වන්නේ කෙසේද?
 5 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Sujeewa Kamburugamuwa
Basic Member
Basic Member
Posts:125






--
28 Jul 2018 11:10 PM

    විෂ බිජයක් මුත්‍රා මාර්ගයට ඇතුළු වන්නේ කෙසේද?

    https://postimages.org/]

    කිසියම් දිනයක ඔබ මුත්‍රා දැවිල්ලෙන් පීඩා විඳ තිබේද? එහෙත් එම තත්ත්වය එදා ඔබ එතරම් බරපතළ ආකාරයෙන් නොසිතන්නට ඇත. බොහෝ අය එලෙස සුළු කොට සිතන මුත්‍රා දැවිල්ල ජීවිත හානියක් දක්වා බරපතළ විය හැකි රෝගී තත්ත්වයක මූලාරම්භය වන්නටද හැකියාව ඇති බව මොහොතකටවත් නොසිතනු ඇත.

    ඒ ආකාරයට මුත්‍රා දැවිල්ලක් ලෙසින් අපට දන්වන්නේ මුත්‍රා මාර්ගයට ඇතුළු වූ විෂබිජයක් වන්නට බොහෝ විට හැකියාව තිබේ. එලෙස නිතර දෙවේ‍ලේ අපේ මුවින් පිටවන විෂබිජ යනු කුමක්දැයි දැන් අපි විමසා බලමු.

    විෂබිජයක් යනු අපේ පියවි ඇසට නොපෙනෙන ඉතාම කුඩා ජීවියෙකි. කොතරම් සියුම් ජීවියෙකු වුවද එම ජීවියාද ‍පෝෂණය ලබමින්  වැඩෙයි. තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලියේද නිරත වෙයි. එහෙත් විෂ සහිත මෙම ජීවීන් නිසා අපට කරදර වීමටද ඕනෑ තරම් හැකියාව තිබේ.

    මුලින්ම අපේ ශරීරයට ඇතුල් වන්නේ එකම එක විෂ බිජයක් විය හැකිය. එහෙත් එම එක විෂ බිජය තම වර්ගයා බෝ කරමින් විෂබිජ ගොන්නක් ආකාරයට වර්ධනය වන වේගය පුදුමසහගතය. මිනිසුන් වන අප වසර විස්සක් හෝ තිහක් ගතවනතුරුද බිහි කරන්නේ දරුවන්  දෙදෙනකු හෝ තුන් දෙනෙකු විය හැකිය. එහෙත් විෂබිජයක් ඉපදී විනාඩි විස්සක් ගතවනවිට තවත් විෂ බිජයක් ඊළඟ විනාඩි විස්සේදී එවැනිම වූ විෂබිජ හතරක්ද බිහි කරනු ලබයි. පැයක් ගතවන විටදී එය විෂබිජ හැටහතරක් බවටත් තුන්වන පැය ගත වෙද්දී දාහක් දක්වාත් ඒ එකටම එක විෂ බිජය විකසනය වන ආකාරය ඔබට ඇදහිය නොහැකි තරම් වනු ඇත. මේ ආකාරයට දින කිහිපයක් ගත වන විටදී ලෝක ජනගහනය ඉක්මවා යන තරමේ  විෂබිජ කන්දරාවක් බිහිවන ආකාරය ඔබට සිතා ගන්නට  අසීරුවන්නේ නැත.

    මේ ආකාරයේ විෂබිජයක් මුත්‍රා මාර්ගයට ඇතුළු වන්නේ කෙසේද? අප මුත්‍රා ඉතා අපිරිසිදු දෙයක් ආකාරයට සැලකුවද මුත්‍රා මාර්ගය ඉතාමත් පිරිසිදු බවෙන් යුතු ප්‍රදේශයකි. ඒ නිසාම මුත්‍රා මාර්ගයේ කිසිදු විෂබිජයක් රැදෙන්නේ නැත. එහෙත්  අපේ සම, දත් ආදිය විෂබිජවලින් ගහණ ජීවන ලෝකයට  නිරන්තරයෙන්  නිරාවරණය වී පවතී. මුත්‍රා විවරයද පවතින්නේ පිටතට නිරාවරණය වූ ආකාරයටය.

    මෙවැනි පසුබිමක් තුළ ඉතා පහසුවෙන් මුත්‍රා මාර්ගයටද විෂබිජ පිවිසීමට හැකියාවක් පැවැතියද උපන්දා සිට නිතිපතා මුත්‍රා පිටකරන වාරයක් වාරයක් පාසා පිරිසිදු මුත්‍රාවලින් සේදී සේදී එවැනි විෂබිජ ඇත්නම් ඒවා පිටතට බැහැර කිරීම සිදු කරයි. ඒ ආකාරයට මුත්‍රා මාර්ගයේ යම් විෂබිජ ප්‍රමාණයක් ඇත්නම් ඒ සියල්ල ඉන් පසුව ලැඟුම් ගන්නේ අපේ  ශරීරයෙන් පිටත ප්‍රදේශයේ බව දැන් ඔබට පැහැදිලි වනවා ඇත. ඒ අනුව මුත්‍රා මාර්ගය සාමාන්‍යයෙන් විෂබිජවලින් තෙත් වූ කලාපයක් බවට පත්වේ.

    විෂබිජයකට මුත්‍රාමාර්ගයට පිවිසීම ඒ ආකාරයට එතරම් පහසු නොවූවද යම් හිඬැසක් ප්‍රයෝජනයට ගනිමින් මුත්‍රා මාර්ගය දිගේ ශරීරය තුළට විෂබිජ පැමිණෙන අවස්ථා තිබේ.  එලෙස පැමිණෙන විෂබිජයක් මුලින්ම  නතර වන්නේ බැලුමක ආකාරය ගත් මුත්‍රාශයටය. අපේ ශරීරයේ යටි බඩ ප්‍රදේශයේ ඇති මුත්‍රාශයට  මුත්‍රා එකතු වීම සිදුවේ. එම මුත්‍රා ප්‍රමාණය   මුත්‍රාශයට දරා ගන්න  නොහැකිතරම් වූ විට මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාව අපට දැනෙන්නට  පටන් ගනී. මුත්‍රාශය  මිරිකීමත් සමග මුත්‍රාශයේ ඇති මුත්‍රා යම් ප්‍රමාණයක් බැහැර වීම සිදුවේ.

    මුත්‍රාශය එකවරකදී මිරිකීමේදී නැතිනම් මුත්‍රා පහ කිරීමේදී මුත්‍රාශයේ ඇති සියලුම මුත්‍රා බැහැර කරන්නට හැකි වන්නේ නැත. මුත්‍රා පහකරන වාරයක් වාරයක් පාසා මුත්‍රා ස්වල්පය බැගින් මුත්‍රාශයේ ඉතිරි  වන්නේ තේ කෝප්පයක ඉතිරි වී ඇති තේ විසි කළද බිංදු කිහිපයක් හෝ කෝප්පයේ අඩියේ ඉතිරිවන ආකාරයටය. මුත්‍රා පිරුණු මුත්‍රාශයක් කිසිවිට සහමුලින්ම හිස් නොවීමේ මෙම ස්වභාවය මුත්‍රා මාර්ගයට ඇතුළු වූ විෂබිජයකට රජ මඟුලක් බවට පත් වන්නකි. ඒ ආකාරයට   බැරිවීමකින් හෝ මුත්‍රා මාර්ගය දිගේ මුත්‍රාශයට පිවිසෙන විෂබිජයක් 'මීට වඩා තවත් හොඳ තැනක් මට නැතැයි' එහිම ලැඟුම් ගන්නට උත්සාහ  දරනු ඇත.

    මුත්‍රාශයට මුත්‍රා ගලා එන්නේ ඊට ඉහළින් මුත්‍රාශය දෙපසින් පිහිටා ඇති නාල දෙකක් ඔස්සේය. ඉන්පසුව එම විෂබිජය නාල තුළටද ගමන් කළ හැකිය. ඊටත් ඉහළට වන්නට ඇත්තේ වකුගඩුය. වකුගඩු තුළ ඇති මුත්‍රා එකතුවන කුහර තුළටද විෂබිජය ගමන් කළ හැකිය.  එවිට එම වකුගඩුව ඇති පැත්ත වේදනා ගෙන දෙයි. ‍ලේ වලට විෂබිජය ගමන් කරන්නට පටන් ගන්නේ එවිටය. එලෙස විෂබිජය ‍ලේ වලට ගමන්  කිරීම වේවලා වෙව්ලා උණ හට ගනිමින් මුළු ශරීරයම කඩා වැටීමකට ලක් කරවන බරපතළ තත්ත්වයකි. එහි  අවසානය මරණයෙන් කෙළවර වන්නටද ඕනෑ තරම් හැකියාව තිබේ.

    තමන්ට ඉතා සුදුසු පරිසරයක සීඝ්‍රයෙන් වර්ධනය වන විෂබිජය මෙම වකුගඩු තුළ යම් ප්‍රදේශයක තමන්ගේම රාජධානියක් ගොඩනංවා ගන්නා අවස්ථාද තිබේ. වකුගඩුව තුළ තමන්ට හිමි එම ප්‍රදේශය බළකොටුවක් බවට පත් කර ගනිමින්  ඒ තුළ විෂබිජවලට පමණක්ම රැඳෙන්නට හැකි පරිසරයක් නිර්මාණය කර ගනී. දැන් එය එකම  සැරව ගෙඩියකි. ඊට කිසිදු ඖෂධයක් ක්‍රියාකාරී වන්නේද නැත. අවසානයේ කරන්නට ඉතිරි වන්නේ ශල්‍ය කර්මයක් පමණක්ම විය හැකිය.

    මේ තරම් බරපතළ  තත්ත්වයකට පත් වන්නට පෙර අපට එය ගොඩින් බේරා ගන්නට අපහසු නැත. මුත්‍රා අමාරුවක් වැලඳුනු වහාම වෛද්‍යවරයෙකු වෙත යෑම මෙහි මුල්ම පියවරයි. එවිට  වෛද්‍යවරයා රෝගියා සඳහා UFR ( urine full Report) සහ කල්චර් (culture) පරීක්ෂණ නිර්දේශ කරනු ලබයි. UFR  යනු මුත්‍රාවල සැරව පවතී දැයි හඳුනා ගන්නට කරන පරීක්ෂණයයි.

    කල්චර් පරීක්ෂණයක් යනු විෂබිජ, ‍පෝෂණ මාධ්‍යක් තුළ  වීදුරුවක වැඩෙන්නට සලස්වා කරන  පරීක්ෂණයකි. දින තුනක් ගත වන විට වීදුරුව මත විෂබිජය වර්ධන වී ඇති ආකාරයක් දැකිය හැකිය. ඒ මත විසිරුවා ඇති බෙහෙත් පෙති දෙස අවධාරණය  යොමු  කළවිට කුමන පෙත්ත වටා ඇති විෂබිජය වඩා වැඩිපුර විනාශ වී ඇතිද යන්න වෛද්‍යවරයා වටහා ගනී. ඒ ආකාරයට විෂබිජය විනාශ කිරීමේ ප්‍රබලත්වයෙන් වඩා වැඩි ඖෂධය රෝගියාට නිර්දේශ කිරීම සිදු කරයි.

    එහෙත් හිතුමතේ ඖෂධ ගන්නට පුරුදු වී සිටින සමහර රෝගීන්  ෆාමසියකට ගොස් යම් ප්‍රතිජීවක ඖෂධයක් ගෙන අත්හදා බැලීම් සිදු කරන අවස්ථා තිබේ. අහම්බෙන් එවැනි ප්‍රතිජීවක ඖෂධයක් වැඩ කරන අවස්ථාද තිබිය හැකිය. එහෙත් එසේ නොවී අත්හදා බැලීම වැරදී ගියහොත් යළි කල්චර් පරීක්ෂණයකින්වත් කිසිවක් හසුකර ගත නොහැකි සංකීර්ණ තත්ත්වයක් උදාවිය හැකිය.  එය  ඔබට වටහා ගන්නට පහසු සරල උදාහරණයකින් මෙසේ  පැවැසිය හැකිය.

    රෑ මැදියමේ පිටතින් ඇසෙන හඬකින් සොරුන් පැමිණ ඇතැයි සිතන අයෙකු ‍පොලීසියට ඒ බව දැන්විය හැකිය. එහෙත් ‍පොලීසිය පැමිණෙනතුරු ඉවසා සිටින්නේ නැති  මෙම පුද්ගලයා තමන්ට වෙඩි තියන්නට හුරු නැති වුවද හොරු සිටින දිශාවට හතර අතේ වෙඩි තැබුවහොත් කුමක් සිදුවේද? අහම්බෙන් සොරෙකුට වෙඩිල්ලක් වඳින්නටද හැකියාවක් තිබේ. එහෙත් වැඩි හැකියාවක් ඇත්තේ හොරුන්ට  වහං වීමටය. ‍පොලීසියට ඉතා පහසුවෙන් යටත් කර ගන්නට හැකියාව තිබූ හොරුන්ට සැඟව යන්නට අවස්ථාව ලබා දෙන්නේ එලෙස  ගෙහිමියාමය. මුත්‍රා අමාරුවකට හිතුමතේ ප්‍රතිජීවික ඖෂධ ලබා ගැනීමක්ද එවැනි තත්ත්වයකට දවෛනි වන්නේ නැත.

    සමහර රෝගීන් මුත්‍රා දැවිල්ල හෝ උණ පහව ගිය වහාම වේදනා නාශක පෙති ගැනීම නතර කර දමන ආකාරයට ප්‍රතිජීවක ඖෂධද නවතා දමති. වේදනාව නතර වුවද විෂබිජවලින් කොටසක් ශරීරය තුළ වර්ධනය වෙමින් පවතින පසුබිමක ප්‍රතිජීවක ඖෂධ බාගෙට ගෙන නතර කිරීම නයාට ගසා ‍පොල්ල වරද්දා ගැනීමකි.

    ඊළඟ අවස්ථාවේදී විෂබිජය දෙතුන් ගුණයකින් වර්ධනය වී ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත් විට තත්ත්වය වඩාත් බරපතළය. නිශ්චිත දින ගණනකට  වෛද්‍යවරයකු යම් ප්‍රතිජීවක ඖෂධයක් නියම කරන්නේ එම විෂබිජය සමූල ඝාතනය වන ආකාරයටය. එය අතරමග නතර කිරීමේ අවදානම බොහෝ අය හිතනවාට වඩා අතිශය බරපතළ විය හැකිය.

    පුරුෂ පාර්ශ්වයට නම් හේතුවක් නැතිව මුත්‍රා අමාරුවක් වැලඳෙන්නට වැඩි හැකියාවක් නැත. මුත්‍රා මාර්ගයේ ගලක් වෙනත් අවහිරතාවයක් නිසා මෙන්ම මුත්‍රා මාර්ගය කෙළවර පෙරසම පසුපසට නොයෑම හේතුවෙන්ද මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මුත්‍රා කරන ස්ථානයේ පෙරසම පසුපසට නොයෑම, තමන්ට පමණක් ඇති ගැටලුවක් බව එම තත්ත්වයෙන් පෙළෙන සමහරුන්  නොදන්නා අතර එය සාමාන්‍ය තත්ත්වයක් යැයි සිතා සිටින අවස්ථා තිබේ.

    එවැනි තත්ත්වයන් හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් නැවත නැවත මුත්‍රා පැසවීම සිදුවිය හැකිය.

    කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය පුරුෂ පාර්ශ්වයේ මෙන් දිගින් වැඩි නැත. මුත්‍රා මාර්ගයේ මෙම කෙටි බව නිසා ඉතා ඉක්මනින් කාන්තාවන්ගේ මුත්‍රාශයට විෂබිජ ඇතුළු වන්නට වැඩි හැකියාවක් පවතී.

    දියවැඩියාවෙන් පෙළෙන අයෙකුට හට ගන්නා මුත්‍රා පැසවීමක් කරදර ගණනාවකට මං හදන්නක් විය හැකි නිසා විශේෂයෙන්  දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් මුත්‍රා අමාරු සුළුවෙන් තැකිය යුතු නොවන්නකි.

    ශරීරයකට ඇතුළුවන විෂබිජයක් දියත් කරන සටන සුළුපටු නොවේ.  විෂබිජයක් දිනෙන් දින වෙනස් වෙමින් වර්ධනය වන ස්වභාවය නිසා  වෛද්‍යවරුන්ටද නිශ්චිත ප්‍රතිකාරයකට පිවිසීමට එකවරම කළ හැකි දෙයක් නොවේ. ඒ නිසාම මුල් දිනවලදී වෛද්‍යවරයෙකු විෂබිජයකට ඖෂධ ලබා දෙන්නේ සැකය පදනම් කරගෙනය.

    වෛද්‍යවරයාටද යමක් කරන්නට යම් කාලයක් අවශ්‍යයි. රෝගීන්ගේ පැත්තෙන් කරන්නට ඇති හොඳම දෙය නම් වෛද්‍යවරයාට යමක් කරන්නට ඒ කාලය ලබා දෙමින් හැකි ඉක්මනින් ප්‍රතිකාර කරා යොමු වීමයි.

    කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ කායික රෝග විශේෂඥ  වෛද්‍ය උපුල්ද සිල්වා 

    උත්පලා සුභාෂිනී  ජයසේකර.........www.lakbima.lk

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    28 Jul 2018 11:23 PM
    දැනගැනීමට වැදගත් සෞඛ්‍ය කාරණාවක්.
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    28 Jul 2018 11:25 PM
    ලේසියෙන් බේරෙන්න පුළුවන් ලෙඩවලුත් අපේ නොසලකිල්ල නිසා දුරදිග යනවනේ.......

    ස්තුතියි අය්ය මේ වටිනා ලිපියට
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    29 Jul 2018 07:03 PM
    අනිවා වැදගත්
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    29 Jul 2018 09:12 PM
    ගොඩක් වටිනවා මේ ලිපිය... ස්තූතියි අයියේ අපිටත් බලන්න සැලස්සුවට 
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    29 Jul 2018 09:20 PM
    වැදගත් ලිපියක් .......
    0
    You are not authorized to post a reply.