You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Nov 2018 12:20 PM by  Poddi
දියවැඩියාව
 21 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
22 Jul 2018 07:16 PM


     
     blood
     රුධිර සීනි මට්‌ටම ක්‍ෂණිකව පහත දමා දියවැඩියාව සුව කිරීම
     
    දියවැඩියාව රෝගයට ගොදුරුව සිටින පිරිස වර්තමානයේ කැපී පෙනෙන වර්ධනයක්‌ දක්‌නට ලැබේ. එනිසා එම රෝගය පාලනය සඳහා භාවිත කරන ප්‍රතිකාර ක්‍රමද දිනෙන් දින දියුණු වෙමින් පවතී. ඒ අනුව දියවැඩියාව රෝග පාලනය සඳහා අතිනවීන ප්‍රතිකාර ක්‍රම රැසක්‌ මේ වන විට හඳුන්වාදී ඇත. එම ප්‍රතිකාර බොහොමයක්‌ අප රටේද වෛද්‍යවරු භාවිත කරති. එම අති නවීන ප්‍රතිකාර පිළිබඳව අපි දැනුවත්වෙමු.
     
     වෛද්‍යතුමනි, දියවැඩියා රෝගය පාලනය සඳහා වර්තමානයේ භාවිත කරන නවීන ප්‍රතිකාර ක්‍රම මොනවද?
     
     ෂෂ වැනි කාණ්‌ඩයේ දියවැඩියාව හෙවත් මැදිවියට පත්වනවිට හටගන්නා දියවැඩියාව, රෝගය පාලනය සඳහා මෙතෙක්‌ අපි අනුගමනය කළේ රෝගය උත්සන්න වීම අනුව ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමයක්‌ය.
     
     එනම් පළමුව ආහාර පාලනය සහ ව්‍යායාම මගින් රුධිර සීනි ඉහළ යැම පාලනය කිරීම සඳහා උත්සාහ ගන්නවා. එය ප්‍රමාණවත් නොවන විට මෙට්ෆෙමින් වැනි ඖෂධ වර්ග ලබාදෙනවා එවැනි ඖෂධ මගිනුත් රුධිර සීනි පාලනය නොවන විට ඉන්සියුලින් එන්නත් කිරීම සිදු කරනවා.
     
     මෙලෙස රෝගය උත්සන්න වීම අනුව ප්‍රතිකාර සිදු කිරීම නිසා රෝගියාට මතුවන සංකූලතා හෙවත් වෙනත් රෝගවලට ගොදුරුවීමේ හැකියාව සහ වකුගඩු වැනි වැදගත් ඉන්ද්‍රියන් වෙත සිදුවන හානියද ඉහළ යනවා.
     
     එනිසා වර්තමානයේ දියුණු රටවල දියවැඩියාව සඳහා අති නවීන ප්‍රතිකාර ක්‍රම කිහිපයක්‌ යොදා ගන්නවා. එම ප්‍රතිකාර බොහෝමයක්‌ ලංකාවෙන් මේ වනවිට භාවිත කරනවා.
     
     රුධිර සීනි මට්‌ටම ක්‍ෂණිකව අඩු කිරීම
     
     මෙම ප්‍රතිකාර ක්‍රමයේදී සිදු කරන්නේ දියවැඩියාව රෝග මතුවී වසරක්‌ පමණ වූ රෝගියකුට ඉන්සියුලින් ප්‍රතිකාරය ලබාදීමයි. මෙසේ ඉන්සියුලින් යම් කාලයක්‌ ලබාදෙන අතර දියවැඩියාව පාලනය සඳහා වෙනත් ඖෂධ වර්ගත් රෝගියාට ලබාදෙනවා.
     
     මෙම ප්‍රතිකාර ක්‍රමය මගින් සිදු කරන්නේ ඉහළ ගොස්‌ ඇති රුධිර සීනි මට්‌ටම ඉතා ඉක්‌මනින් පහළ දැමීමයි. මෙමගින් රෝගියාගේ රුධිර සීනි මට්‌ටම ඉහළ යැම නිසා ඇතිවූ අග්න්‍යාසයේ ඉන්සියුලින් නිපදවීම අඩපණ වීම (Glucotoxicity) නැති කරනවා. එවිට රෝගියාගේ අග්න්‍යාසයේ ක්‍රියාකාරිත්වය යළි යථා තත්ත්වයට පත්වෙනවා.
     
     මෙලෙස රෝගියාගේ අග්න්‍යාසය යළි යථා තත්ත්වයට පත්වූ විට වසර ගණනාවක්‌ ඖෂධ ප්‍රතිකාරවලින් තොරව දියවැඩියාව පාලනය කළ හැකියි. (Diabetes Regression)
     
     මෙලෙස මෙම ප්‍රතිකාර මගින් රුධිර සීනි මට්‌ටම පාලනය කළ පසු ආහාර පාලනය සහ ශරීරයේ බරපාලනය ඉතා සමීපව සිදුකරනු ලබනවා. එවිට සිරුරේ මතුව තිබූ පරිවෘත්තිය ක්‍රියාවේ වෙනස්‌වීම්ද යළි යථා තත්ත්වයට පත් කළ හැකියි.
     
     මුත්‍රා මගින් සීනි පිටකිරීම
     
     දියවැඩියා රෝගයේදී ලබාදෙන ඖෂධ ප්‍රතිකාර මගින් සාමාන්‍යයෙන් සිදුකරනු ලබන්නේ මුත්‍රා මගින් පිටවන රුධිර සීනි ප්‍රමාණය පාලනය කිරීමයි.
     
     නමුත් නව ඖෂධ ප්‍රතිකාර මගින් සිදු කරන්නේ රුධිරයේ අධිකව පවතින සීනි ප්‍රමාණය මුත්‍රාමගින් පිටකර හැරීමයි.
     
     මෙලෙස මූත්‍රා මගින් සීනි පිටකරයවා රුධිර සීනි මට්‌ටම පාලනය කරනවිට සිරුර මගින් රුධිර සීනි මට්‌ටම ඉතා පහළ මට්‌ටමට අඩුවීම පාලනය කිරීම සඳහා සිරුරේ ඇති මේද පටක බිඳදමමින් ශරීරයට අවශ්‍ය ග්ලුකෝස්‌ ප්‍රමාණය වැඩිකර ගැනීමට ක්‍රියාකරනවා.
     
     මෙලෙස සිරුරේ මේද පටක බිඳ හෙළීම නිසා සිරුරේ තරබාරු බවත් අඩුවෙනවා.
     
     එනිසා මෙම ප්‍රතිකාරය මගින් රෝගියාට වාසි රැසක්‌ හිමිවෙනවා. එනම් රුධිර සීනි මට්‌ටම පාලනය වීම, ශරීරයේ ස්‌ථුල බව අඩුවීම, අධික රුධිර පීඩනය පාලනය, හෘදයාබාධ ඇතිවීම පාලනය, හෘද අකර්මණ්‍යතා සිදුවීමේ අවදානම අඩුවීම, වකුගඩුවලට සිදුවන හානි අවම වීම ආදී වාසි රැසක්‌ හිමිවෙනවා.
     
     මෙම ප්‍රතිකාරය සඳහා යොදාගන්නා ඖෂධ SGLT-2 Inhibitoro කාණ්‌ඩයේ ඖෂධ ලෙස හඳුන්වනවා.
     
     
     
     කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
     
     ප්‍රසාද් කටුලන්ද

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    22 Jul 2018 09:10 PM
    දැන් දියවැඩියාව හරියට තියෙන පොශ් ලෙඩක් වෙලා
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    22 Jul 2018 09:24 PM
    Posted By Udari on 22 Jul 2018 09:10 PM
    දැන් දියවැඩියාව හරියට තියෙන පොශ් ලෙඩක් වෙලා

    ඒක නම් ඇත්ත. ඉස්සර කාටද මෙහෙම ලෙඩ තිබුණනෙ දැන් අහන අහන කෙනාට තියනව
    Udeshika Herath
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    22 Jul 2018 09:25 PM
    මට තියෙන්නෙ වැඩියාව නෙවේ අඩුයාව හෙ හේ
    Udeshika Herath
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    23 Jul 2018 06:47 PM


     


     අරුණ බෝගහවත්ත
     
    riceදියවැඩියාව වැළැක්‌වීම සඳහා ඉවහල්වන නව වී ප්‍රභේදයක්‌ හඳුන්වා දීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය පියවර ගෙන ඇත.
     
    "නිරෝගා" නමින් හැඳින්වෙන මෙම වී වර්ගය සකස්‌ කෙරෙන සහල්වල අඩංගු වන අවම කාබෝහයිඩේ්‍රට්‌ නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අවම කර ගැනීමට හැකි බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.
     
     අම්බලන්තොට වී පර්යේෂණායතනයේ දැනට පර්යේෂණ සිදු කෙරෙන මෙම වී ප්‍රභේදය පසුගියදා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා විසින් නිරීක්‍ෂණය කළ අතර ඉතා ඉක්‌මනින් එම සහල් මෙරට වෙළෙඳපොළට සහ විදේශයට අපනයනය කිරීමට හැකිවන පරිදි වගාකිරීමට පියවර ගන්නා ලෙස ඇමැතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.
     
     නව වී ප්‍රභේදය නිරීක්‍ෂණය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම් බී. විඡේරත්න, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්. එම්. එම්. වීරකෝන් මහතා ඇතුළු පිරිසක්‌ සහභාගී වූහ.
     
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    23 Jul 2018 10:30 PM
    ඒක නම් හරි වටින සොයාගැනීමක්
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    28 Jul 2018 06:00 PM
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    31 Jul 2018 11:42 AM

    http://www.mediafire.com/convkey/4d7f/8b96kfcqu5fmdiozg.jpg?size_id=b

    http://www.mediafire.com/convkey/2c40/u8lb8jum4xa2nlszg.jpg?size_id=b

    http://www.mediafire.com/convkey/7e6a/swrha93gswcabarzg.jpg?size_id=b

    http://www.mediafire.com/convkey/4536/5s9qghb1123bp84zg.jpg?size_id=b

    http://www.mediafire.com/convkey/6885/40llm7j38sn73gkzg.jpg?size_id=b

    http://www.mediafire.com/convkey/1478/lt5g9q707we4ac9zg.jpg?size_id=b

    http://www.mediafire.com/convkey/0a7d/4fvwmbdtqb93er6zg.jpg?size_id=b

    http://www.mediafire.com/convkey/6916/iht3p8p45qz8o9pzg.jpg?size_id=b

    http://www.mediafire.com/convkey/6276/pa0zfwvswx45jwczg.jpg?size_id=b

    http://www.mediafire.com/convkey/877b/oco32anpa1tycsvzg.jpg?size_id=b

    http://www.mediafire.com/convkey/a310/r2esgab6de9i72azg.jpg?size_id=b

    http://www.mediafire.com/convkey/c113/eo0wqgczkozt9oezg.jpg?size_id=b

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    31 Jul 2018 11:45 AM

    http://www.mediafire.com/convkey/393b/543tnwj824n8ym1zg.jpg?size_id=b

    http://www.mediafire.com/convkey/cbc2/vt4q0jquk47b06qzg.jpg?size_id=b

    http://www.mediafire.com/convkey/a4e7/a4xkek8kn54555azg.jpg?size_id=b

    http://www.mediafire.com/convkey/f334/b95urjuc2t6wotjzg.jpg?size_id=b

    http://www.mediafire.com/convkey/eb9b/66kuxy5o1i3i7j0zg.jpg?size_id=b

    http://www.mediafire.com/convkey/c102/9fhxjegg1ad3g50zg.jpg?size_id=b

    http://www.mediafire.com/convkey/b307/1jf291qil8lq3v9zg.jpg?size_id=b

    http://www.mediafire.com/convkey/96c4/46eq4t3jxxzodfzzg.jpg?size_id=b

    http://www.mediafire.com/convkey/aecf/jy46g9ushrtht16zg.jpg?size_id=b

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    31 Jul 2018 09:04 PM
    කන්සල්ටන්ට් කෙනෙක් ලඟට ගියා වගේ තමයි ....ස්තුතියි අය්ය
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    03 Aug 2018 07:27 PM

    දියවැඩියා රෝගීන් කරන්නම ඕනෑ ඇල්බියුමින් පරීක්ෂාව

    දිගටම පවතින දියවැඩියාව සහිත වූ විට නිර්දේශ කරන පරීක්ෂාවක් තමයි මුත්‍රාවල ඇල්බියුමින් පරීක්ෂාව. ඇල්බියුමින් යනු රුධිර ප්ලාස්මාවේ තිබෙන ප්‍රෝටීනයකි. නිරෝගී සිරුරකින් වුවද මුත්‍රා සමඟ ඇල්බියුමින් ඉතා සුළු ප්‍රමාණයක් පිටවීම සිදුවිය හැකිය. නමුත් මේ ප්‍රමාණය කැපීපෙනෙන මට්ටමකින් ඉහළ ගොස් ඇතිනම්, එයින් හැඟවෙන්නෙ දරුණු රෝගී තත්ත්වයක් ගැනයි. 

    වකුගඩු ආසාදිත අයගෙන් බොහෝ දෙනකුගේ ප්‍රධාන රෝග ලක්ෂණයක් බවට පත් වී ඇත්තේ මුත්‍රා සමඟ ඇල්බියුමින් පිටවීමයි. මේ අයගේ වකුගඩු අකර්මණ්‍ය වීමේ ප්‍රවණතාවය ද වැඩිය. දියවැඩියාව නිසි පාලනයකින් තොරවීම හේතුකොට මේ තත්ත්වය උදාවීම වැළැක්විය නොහැකිය.

    රුධිර ප්ලාස්මාවේ තිබෙන මෙම ප්‍රෝටීනය (ඇල්බියුමින්) මුත්‍රා සමඟ පිටවන ප්‍රමාණය කොතරම් අල්ප ද කිවහොත් UFR හෙවත් යූරින් ෆුල් රිපෝට් එකට පවා හසුනොවන තත්ත්වයක පවතී. විශේෂයෙන් මුත්‍රා සමඟ ඇල්බියුමින් පිටවීම සනාථ වන්නට UFR පරීක්ෂණයේදී ඇල්බියුමින් මිලිග්‍රෑම් 300කට වඩා වැඩි ප්‍රමාණයක් පිටවිය යුතුය. ඊට වඩා අඩු ප්‍රමාණයක් පිටවෙනවා නම් UFR පරීක්ෂණයට හසු නොවේ.

    සාමාන්‍යයෙන් සිරුරකින් මිලිග්‍රෑම් 30ට වඩා අඩු ප්‍රමාණයක් ඇල්බියුමින් පිටවීම රෝගී තත්ත්වයක් නොවේ. නමුත් මිලිග්‍රෑම් 30 – 300 දක්වා ප්‍රමාණයක් පිටවීම රෝගයක මූලාරම්භයකි. මේ ප්‍රමාණය ප්‍රමාණාත්මකව නිවැරදිව සොයා බැලිය හැකි පරීක්ෂණයක් තිබේ. එම පරීක්ෂණය හඳුන්වන්නේ මයික්‍රෝ ඇල්බියුමින් යූරියා පරීක්ෂණය ලෙසය. මෙම පරීක්ෂණයෙන් මුත්‍රාවල ඇල්බියුමින් මිලිග්‍රෑම් 30 - 300 අතර යම්කිසි ප්‍රමාණයක් තිබේ නම් එය ප්‍රමාණාත්මකව සොයාගත හැක. 

    මෙම මයික්‍රෝ ඇල්බියුමින් පරීක්ෂණයේ මුත්‍රා සමඟ ඇල්බියුමින් පිටවන ඉතා කුඩා ප්‍රමාණයක් පවා නිවැරදිව හඳුනාගත හැකිය. ඇතැම් විට තද උණ තත්ත්වයකින් පෙළෙන විට, අධික ලෙස ව්‍යායාම් කිරීම වැනි තත්ත්ව වලදී ද ඇල්බියුමින් මිලිග්‍රෑම් 30ට ආසන්නව ප්‍රමාණයක් පිටවීමක් සිදුවේ. ඒවා දීර්ඝකාලීනව බලපාන සාධක වන්නේ නැත.

    එපමණක් නොව අධිරුධිර පීඩනය ඇති රෝගීන් ද මෙම පරීක්ෂණය කරගත යුතු අතර මුත්‍රාවල ඇල්බියුමින් වැඩිවීම මෙම රෝගීන්ට හෘදයාබාධ ඇතිවීමට හේතු සාධකයක් ද වේ.

    එම රුධිර පීඩනය ඉහළ යාමටද දියවැඩියාව ප්‍රධාන හේතුවකි. අනෙක් අතට ඉහළ පීඩනය වකුගඩුවලට මෙන්ම හෘදය සහ රැධිර වාහිනී පද්ධතියට හානි කරයි. එබැවින් විශේෂයෙන් දීර්ඝකාලීනව දියවැඩියා වැළඳුණ රෝගීන් අවම වශයෙන් මාස 6කට වරක්වත් මෙම මයික්‍රෝ ඇල්බියුමින් පරීක්ෂණය කරගත යුතුය.

    http://www.deshaya.lk/

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    04 Aug 2018 05:33 PM
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    04 Aug 2018 05:42 PM

    diabiticeවර්තමාන සමාජයේ මිනිසාගේ කාර්යබහුලත්වය ආතතිය හා වැරදි ආහාර රටාවන් නිසා මිනිසා නොයෙකුත් රෝගාබාධයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවක්‌ දැකිය හැකිය. එමෙන්ම බෝ නොවන රෝග සේ සැලකෙන දියවැඩියාව හෙවත් මධුමේහය පිළිබඳ අද අප සාකච්ඡා කරනුයේ පෑලියගොඩ නුවර පාරේ රන්පත වෙද මැදුරේ අධිපති ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා සමඟය.

    ප්‍රශ්නයඃ- මොකක්‌ද මේ දියවැඩියාව රෝගය කියන්නේ. ඇයි සමාජයේ පිරිස්‌ මෙතරම් මේ රෝගය සඳහා බියක්‌ දක්‌වන්නේ.

    ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - ඇත්තටම දියවැඩියාව ලෙස හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන්ම සිරුරේ සීනි මට්‌ටම ඉහළ යැමයි. මෙම සීනි ප්‍රමාණය ඉහළ යැමත් සමගම ශරීරයට ඇති වන විවිධ සංකූලතා තමයි මෙම රෝග ලක්‍ෂණ ලෙස පෙන්වා දිය හැක්‌කේ. බොහෝ විට මෙම රෝගී තත්ත්වය ජාන ඇසුරින්ද ඇති විය හැකි අතර වැඩිම පිරිසක්‌ මෙම රෝගයට ගොදුරු වන්නේ නිසි ලෙස තම දේහ පාලනයකින් තොරව කටයුතු කිරීමෙන් බවද පැවැසිය යුතුමය.

    විශේෂයෙන් වර්තමානයේ බොහෝ පිරිසක්‌ මෙම රෝගී තත්ත්වයට ගොදුරු වන්නේ නිවැරදි ආහාර රටාවක්‌ අනුගමනය නොකිරීම සහ ක්‍ෂණික ආහාරවලට වැඩිපුර යොමුවීම තුළිනුයි.

    මෙම රෝගය වැළඳුණු විට එය ඉතා අහිතකර ලෙස ශරීරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරනු ලබන අතර මෙම රෝගී තත්ත්වය නිසැකවම මිනිසාගේ සිරුර තුළට කරනු ලබන හානිදායක තත්ත්වය නිසා බොහෝ දෙනා මෙම රෝගය නිහඬ මාරයා යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන්නේ මෙහි ඇති දැඩි බරපතළ තත්ත්වය නිසාය. එම නිසා මෙම රෝගයේ සංකූලතාව හඳුනා ගැනීම සහ මේ සඳහා කඩිනමින් ප්‍රතිකාර ගැනීමද ඉතා වැදගත්ය.

    ප්‍රශ්නය - මෙන්න මේ රෝගය නිසා බොහෝ පිරිස්‌ දියවැඩියාව රෝගයට ඉතාම බියක්‌ දක්‌වයි. දියවැඩියාව සමඟම එන තවත් රෝගී තත්ත්වයක්‌ තමයි අතපය හිරිවැටීම. ඇයි මෙවැනි තත්ත්වයක්‌ ඇති වන්නේ

    ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - මෙම රෝගයෙන් පීඩා විඳින රෝගීන් ගොදුරු වන තවත් රෝගී තත්ත්වයක්‌ තමයි ඔවුන්ගේ අතපය හිරිවැටීමේ රෝගී තත්ත්වය. මෙම රෝගීන් බහුතරය පවසන්නේ ඔවුන් ඇවිදින විට යටිපතුල් කොට්‌ට උඩ ඇවිදිනවා වැනි ආකාරයෙන් දැනෙන බවය. ඒ වගේම පාවහන් පැළැඳ සිටියත් ඒ බවක්‌ ඔවුන්ට නොතේරෙන බවත් පවසනවා.

    diabitice1මීට අමතරව දණහිස්‌, උරහිස්‌ මෙන්ම වැලමිට ඇතුළු විශාල සන්ධි ආශ්‍රිතව ඇති වන අධික වේදනා තත්ත්වයක්‌ ගැන රෝගීන් අප සමඟ නිතරම පවසනවා. සමහරුන්ට මෙම වේදනාකාරී බව උදෑසන කාලයේදී ඇතිවන අතර තවත් සමහරුන්ට මෙම වේදනාකාරී බව දිවා කාලයේදීත් තවත් සමරුන්ට රාත්‍රියේදීත් ඇතිවීමට හැකියාව පවතිනවා.

    යම් ලෙසකින් දියවැඩියා රෝගීන්ට මෙම අත්පා හිරිය සහ වේදනාව ඇතිවනවා නම් ඊට හේතු ලෙස අදාළ රෝගියාගේ ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවන් නිසා මෙම තත්ත්වයට ගොදුරු වීමේ හැකියාව පවතිනවා.

    මන්ද දියවැඩියාව තත්ත්වය නිසා ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය නිසි පෝෂණ තත්ත්වය නොලැබීම නිසා එම පද්ධතියේ ඇතිවන අඩුපාඩුකම් නිසා මෙම තත්ත්වය ඇතිවිය හැකියි. දියවැඩියා රෝග ලක්‍ෂණවලින් පෙළෙන අයකුට ආතරයිටීස්‌ රෝගය වැළඳුනොත් මෙම වේදනාවන් දෙගුණ තෙගුණ විය හැකිය. එම නිසා එම රෝගයට ප්‍රතිකාර ලබා දීමේදී නිසි විමසීමක්‌ පරීක්‍ෂාවකින් පමණක්‌ ප්‍රතිකාර කළ යුතු වෙනවා.

    ප්‍රශ්නය - මෙම රෝග ලක්‍ෂණයන්ට අමතරව දියවැඩියා රෝගීන්ට බලපාන වෙනත් රෝග තිබෙනවාද? ඒවායේ රෝග ලක්‍ෂණ මොනවාද?

    ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - විශේෂයෙන්ම මොවුන් අතර දැකිය හැකි තවත් රෝග ලක්‍ෂණයක්‌ තමයි මළ බද්ධය ඇතිවීම, ඒවාගේම මළ බුරුලට යැම, මළ බද්ධය සමඟම සම මත ඇතිවන කැසීම් තත්ත්වය සහ පළු දැමීම වැනි දේද ඇතිවිය හැකියි. හිස කැක්‌කුමද රෝගීන්ට ඇතිවීමේ හැකියාවක්‌ පවතිනවා.

    නින්ද නොයැම, අධික ලෙස මුඛයෙන් දුර්ගන්ධයක්‌ පිටවීම, කේන්ති යැම, පීනස්‌ රෝග උග්‍රවීම මුඛයේ තුවාල හටගැනීම ඇස්‌වලින් කඳුළු ගැලීම හා ඇස්‌ වියළීම වැනි රෝගාබාධයන්ද ඇතිවිය හැකියි.

    ප්‍රශ්නය - දියවැඩියාව රෝගයට ආයුර්වේද ප්‍රතිකාර තුළින් සුවයක්‌ ලැබිය හැකිද?

    ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - අනිවාර්යයෙන්ම ආයුර්වේද ප්‍රතිකාරවලින් මෙම රෝගය සුවකර ගත හැකියි.

    විශේෂයෙන්ම මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී ඔවුන් නිවැරදි පරීක්‍ෂාවකින් පසු වැළැඳී ඇත්තේ කුමන රෝගී තත්ත්වයක්‌ දැයි නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි.

    ඉතාමත් කාර්යබහුල අයට පවා ඉතා පහසුවෙන් පාවිච්චි කළ හැකි ලෙස පර්යේෂණාත්මකව දියුණු ක්‍රමවලට සැකසූ ප්‍රතිකාර ක්‍රම අප සතුව පවතින නිසා ඕනෑම පුද්ගලයකුට අප කරා පැමිණ ඉතා පහසුවෙන් තම රෝග සුව කරගැනීමට හැකියාව තිබෙන බවද මෙහිදී කිව යුතුමයි.

    ලබන සතියට

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    04 Nov 2018 07:02 AM

    diabiticeප‍්‍රයිමරි කෙයාර් ඩයබෙටික් ගෘප් (primary care diabetic group) හෙවත් P. C. D. G. ආයතනය ලංකාවේ ප‍්‍රාථමික සුවසේවාවන්හි නියැළෙන වෛද්‍යවරුන්ගේ එකමුතුවකින් සැදුම්ලත් ආයතනයක් ලෙස හඳුනාගත හැකිය. ශ‍්‍රී ලංකාවේ පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥවරුන්ගේ විධායක සභාව ලෙසද සැලකෙන මෙම සංගමයේ වත්මන් සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද පෙරේරා හමුවන්නට අප ගියේ දියවැඩියා රෝගය පාලනය කිරීම හා ප‍්‍රතිකාර ක‍්‍රම සම්බන්ධයෙන් අද ලෝකයේ පවතින නව ප‍්‍රවණතා ගැන සාකච්ඡා කරන්නටය.

    ‘මට පැණි රස ජාති කන්න හොඳ නෑ. ඒත් ඉතිං පැණි රස ජාතියක් දැක්කම කන්නමයි හිතෙන්නේ.. ඔන්න ඔහේ ඕන එකක් වෙද්දෙං කියලා මං නං කාලා දානවා.’

    ඔන්න ඔහොම කියන අය අපිට ඕන තරම් හමුවෙලා තියෙනවා. සමහර විට ඔබත් එහෙම කියන කෙනෙක්ද දන්නේ නෑ.

    සීනි අමාරුව නැත්නම් දියවැඩියාව තියෙන අයට කෑම බීම විශාල ප‍්‍රශ්නයක්. පරළු පාන්, කුරක්කන්, කරවිල වගේ සාමාන්‍යයෙන් කන්න ආශාවක් නොහිතෙන දේවල් තමයි වැඩිපුර ම කන්න ලැබෙන්නේ. සීනි දාපු තේ එකක්, කේක් කෑල්ලක්, අයිස් කී‍්‍රම් ටිකක් කන්න ලැබෙන්නෙම නෑ. ඉතිං සමහරු ගෙවල්වලට හොරෙන් මේ කෑම ජාති කන හැටි අපි දැකලා තියෙනවා. එහෙම වෙලාවට ටිකක් වැඩිපුරත් එක්ක පැණිරස කන්න පෙළැඹෙනවා.

    ඇත්තටම දියවැඩියාව තියෙන අයට පැණි රස කන්න තහනම් ද?

    පැණි රස කෑම නැවැත්තුවාම දියවැඩියාව හොඳ වෙනවාද?

    මෙන්න මේ වගේ ප‍්‍රශ්න ගණනාවක් සමාජයේ තැනතැන කතාබහ වෙනවා අපි අහලා තියෙනවා. එක එක අය තම තමන්ගේ දැනුම් මට්ටම් අනුව මේ ප‍්‍රශ්නවලට උත්තර සපයනවා.

    අපි මේ ඔබට කියලා දෙන්න යන්නේ අලූත් කතාවක්.

    ඒ තමයි දියවැඩියාව පාලනය කරන ක‍්‍රමය.

    අපි මේ කියන කතාව හොඳින් අවබෝධ කරගත්තොත් ඔබට දියවැඩියාව පාලනය කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. පරළු පාන්, කුරක්කන් වගේ රළු ආහාරවලට සීමා වෙන්නේ නැතුව සාමාන්‍ය විදියට කෑම බීම පාවිච්චි කරන්නත් පුළුවන්.

    ඉතින් ඔබ කැමැතිද මේ අලූත් කතාව දැනගන්න?

    ඒ, මේ කතාවයි.....

    සීනි

    දියවැඩියාවට සීනි හොඳ නෑ. ඒ නිසා සීනි දාපු තේ නොබී හිටියාම, පැණිරස කෑම නොකා හිටියාම දියවැඩියාව හොඳ වෙනවා කියලා හුඟක් අය හිතනවා.

    මේ කතාව ඇත්තක්ද?

    ‘අනේ බලන්නකෝ. මම පැණි රස දැනෙන කිසිම දෙයක් කටේ තියන්නෙ නෑ... ඒත් සීනි ලෙඬේ හොඳ වෙන්නෙ නෑනේ.’’

    එහෙම මැසිවිලි නගන’ අයත් අපට හමුවෙලා තියෙනවා.

    ඇත්තටම මොකක්ද මේ දියවැඩියාව කියන්නේ?

    diabitice1ලෙඩක් ද?

    නිට්ටාවටම සනීප කරන්න පුළුවන් ලෙඩක්ද?

    දියවැඩියාව නිට්ටාවටම සනීප කරනවා කියලා පත්තරවල දාන දැන්වීම් අපි දැකලා තියෙනවා. හැබැයි දියවැඩියාව නිට්ටාවටම සනීප වෙච්චි කෙනෙක් නම් අපි දැකලා නැහැ. අපිට හම්බු වෙලත් නැහැ.

    අපට නිතරම හම්බ වෙන්නේ දියවැඩියාව නිසා අමාරුවේ වැටුණු අයවයි.

    ඇඟ කෙට්ටුවෙච්ච අය. තුවාල හොඳ කරගන්න බැරි අය. වකුගඩු නරක් කරගත් අය. ඇස් පෙනීම දුර්වල කරගත්ත අය. අන්ධභාවයට පත්වෙච්ච අය. කකුල් කපා දැමූ අය. අංශභාගය හැදුණු අය, හෘදයාබාධ වැළඳුණු අය.

    මේවා අපි දන්නවා. අපිට පෙනෙනවා. ඒත් දියවැඩියාව වැළඳෙන අයත් දියවැඩියාවෙන් අමාරුවේ වැටෙන අයත් දවසින් දවස වැඩි වෙනවා.

    සීනි අමාරුව

    ඇඟ කෙට්ටුවේගෙන කෙට්ටුවේගෙන යද්දි මග තොටදී හමුවෙන අය අහන්නෙ ‘‘මොකද යකා ගහලද’ කියලයි. ඒක අපේ සමාජයේ දියවැඩියාව හඟවන යෙදුමක්. හැබැයි හුඟක් අය පාවිච්චිකරන වචනෙ තමයි සීනි අමාරුව.

    මොන වචනෙ පාවිච්චි කළත් දියවැඩියාව කියන්නෙ ගණන් ගන්නෙ නැතුව ඉන්න සුදුසු තත්ත්වයක් නෙවෙයි.

    ඕනෑම ලෙඩක් ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකමයි. ලෙඩක් හැදුනාම ගණන් ගන්නෙ නැතුව ඉන්න නරකයි.

    ඒත් දියවැඩියාව ගැන ඊට වඩා දෙයක් කියන්නත් තියෙනවා. දියවැඩියාව කියන්නෙ තවත් ලෙඩ ගණනාවකට මුල පාදන ලෙඩක්. එතකොට දියවැඩියාව ගණන් නොගෙන හිටියොත් තවත් ලෙඩ ගණනාවකට මග පෑදෙනවා. එසේ මෙසේ ලෙඩ නෙවෙයි. මාරාන්තික ලෙඩ.

    මාරාන්තික ලෙඩ ගණනාවකට මග පාදන දියවැඩියාව ගැන ඔබ දන්නේ මොනවාද?

    කොහොමද දියවැඩියාව හැදෙන්නෙ?

    සමහරු හිතන්නෙ වැඩිපුර පැණි රස කෑවාම දියවැඩියාව හැදෙනවා කියලයි. ඒ නිසාම තමයි පැණි රස නොකා හිටියාම දියවැඩියාව හොඳ වෙනවා කියලත් හිතන්නෙ.

    මේ මත දෙකම වැරදියි.

    වැරදි අදහස් හා වැරදි මත දරාගෙන අපිට නිවැරැදි ගමනක් යනන බැහැ.

    ඒ නිසා අපි මුලින්ම නිවැරැදි වෙමු. දියවැඩියාව ගැන ඇත්ත සොයා ගනිමු. ඔන්න ඊට පස්සෙ අපිට පුළුවන් දියවැඩියාව මට්ටු කරන්න.

    දියවැඩියාව

    අපි කන බොනදේවලින් තමයි ශරීරයට පෝෂණය සහ ශක්තිය ලැබෙන්නේ. එය ආහාර වර්ග කීපයකට බෙදන්න පුළුවන්.

    කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, මේදය, ඛනිජ, විටමින්, තන්තු හෙවත් කෙඳි ශාක රසායනික ලෙස.

    ශරීරයට ශක්තිය ලබා ගැනීම සඳහා සීනි අවශ්‍යයි. සීනි පාවිච්චියෙන් කෙළින්ම ශරීරයට සීනි ලැබෙනවා. ඒවගේම අප ගන්නා සමහර ආහාර වර්ග ජීර්ණයවෙද්දී ග්ලූකෝස් හෙවත් සීනි බවට පත්වෙනවා. රුධිර සංසරණය ඔස්සේ මේ සීනි ශරීරයේ ෙසෙල වෙත ලැබෙනවා. හැබැයි මේ කි‍්‍රයාවලිය සිද්ධ වෙන්නේ පාලනයකට යටත්වයි. මේ පාලනය සිදු කරන්නේ අග්න්‍යාසය මගින් නිපදවන ඉන්සියුලින් නමින් හැඳින්වෙන හෝමෝනයක් මගිනුයි. ඉන්සියුලින් නිසා අනවශ්‍ය සීනි ප‍්‍රමාණයක් ෙසෙලවලට ලැබීම වැළකෙනවා.

    සමහර අවස්ථාවල අවශ්‍ය තරම් ඉන්සියුලින් අග්න්‍යාසය මගින් නිපදවෙන්නේ නෑ. තවත් සමහර අවස්ථාවල නිපදවෙන ඉන්සියුලින්වලට ප‍්‍රතිරෝධ තත්ත්වයක් ශරීරය තුළම මතු වෙනවා.

    අන්න එතකොට රුධිරයේ සීනි මට්ටම ඉහළ නඟිනවා. ලේවල සීනි වැඩි වුණත් ෙසෙලවලට අවශ්‍ය සීනි නොලැබී යන අවස්ථා ද තියෙනවා. මෙන්න මේකට තමයි සීනි අමාරුව එහෙම නැත්නම් දියවැඩියාව කියලා කියන්නේ.

    ලෙඬේ හැදිලද? නැද්ද?

    දියවැඩියා වර්ග තුනක් තියෙනවා.

    diabitice2පළමු වර්ගයේ දියවැඩියාව ළමා කාලයේදීම වැළඳෙන්නත් පුළුවන්. අග්න්‍යාසයේ ෙසෙල හානි වීම නිසා එහි කි‍්‍රයාකාරීත්වය අඩපණ වීමෙන් මෙම තත්ත්වය හට ගන්නවා. ජාන හා ප‍්‍රවේණී තත්ත්වයන් මේ සඳහා බලපානවා.

    පළමු වර්ගයේ දියවැඩියාව හඳුනා ගැනීමේ ලක්‍ෂණ ලෙස නිතර නිතර මුත‍්‍රා කිරීමට අවශ්‍ය වීම. අසාමාන්‍ය තිබහ, දැඩි බඩගින්න, අසාමාන්‍ය ලෙස බර අඩුවීම, අධික වෙහෙස හා කිපෙන සුළු බව දක්වන්න පුළුවන්.

    දෙවන දියවැඩියාව සඳහාත් බලපාන්නේ ජාන හා ප‍්‍රවේණී තත්ත්වයන්මයි. හැබැයි මේ දියවැඩියා වැඩි වශයෙන් ම මතුවෙන්නේ එදිනෙදා ජීවන රටාවන් පදනම් කරගෙනයි.

    ලබන සතියට

    සාකච්ඡා කළේ - බුලිත ප‍්‍රදීප් කුමාර

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    05 Nov 2018 05:45 PM
    තවම ෂුවර් නැහැ තියේද නැද්ද කියල
    බලපු කිසිම වෙලාවක ලොකුවට සීනි තිබිලා නෑ
    ස්තූතියි
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    10 Nov 2018 07:47 AM
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    11 Nov 2018 07:21 AM

    sugar

    සත්තයි පුළුවන් මට්ටු කරන්නට දියවැඩියාව... 03

     

    ප‍්‍රයිමරි කෙයාර් ඩයබෙටික් ගෘප් (primary care diabetic group) හෙවත් P. C. D. G. ආයතනය ලංකාවේ ප‍්‍රාථමික සුවසේවාවන්හි නියැළෙන වෛද්‍යවරුන්ගේ එකමුතුවකින් සැදුම්ලත් ආයතනයක් ලෙස හඳුනාගත හැකිය. ශ‍්‍රී ලංකාවේ පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥවරුන්ගේ විධායක සභාව ලෙසද සැලකෙන මෙම සංගමයේ වත්මන් සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද පෙරේරා හමුවන්නට අප ගියේ දියවැඩියා රෝගය පාලනය කිරීම හා ප‍්‍රතිකාර ක‍්‍රම සම්බන්ධයෙන් අද ලෝකයේ පවතින නව ප‍්‍රවණතා ගැන සාකච්ඡා කරන්නටය.

    දෙවැනි වර්ගයේ දියවැඩියාව හඳුනා ගැනීමේ ලක්‍ෂණ පළමු වර්ගයේ දියවැඩියා ලක්‍ෂණයන්ට අමතරව.

    1.නිතර නිතර ආසාදනයන්ට ලක්වීම

    2. පෙනීම අපැහැදිලිවීම

    3. තුවාල සුවවීම පමාවීම

    4. අතපය හිරිවැටීම හෝ පුපුරු ගැසීම

    5. හමේ, විදුරු මහේ සහ මුත‍්‍රාශයේ නිතර නිතර ඇතිවන ආසාදන

    sugar1දෙවන වර්ගයේ දියවැඩියාව සමහර අවස්ථාවල මේ ලක්‍ෂණ කිසිවක් පෙන්නුම් නොකර ‘පෙර දියවැඩියා. තත්ත්වයෙන් ඔබේ ශරීරය තුළ සැඟවී තියෙන්නට පුළුවන්. ඒ ‘පෙරදියවැඩියා. තත්ත්වය නිසි කලට හඳුනා ගත්තොත් ජීවන රටා පාලනය ඔස්සේ වළක්වා ගැනීමට ඉඩකඩ තියෙනවා. යහපත් ආහාර රටා, ව්‍යායාම සහ ශරීරයේ බර අඩු කර ගැනීම ඔස්සේ ‘පෙර දියවැඩියා. මට්ටමේදී සාර්ථක ලෙස දියවැඩියාව වළක්වා ගත් බොහෝ පිරිසක් ඉන්නවා.

    නමුත් නිසි කලට හඳුනා නොගත්තොත් එය ක‍්‍රමයෙන් ශරීරය තුළ වර්ධනය වෙනවා. ඒ විතරක් නෙවෙයි. හදවත, රුධිර සංසරණ පද්ධතිය ඇතුළුව ශරීරයේ අවයව ගණනාවකට දීර්ඝ කාලීන හානි සිදු කරනවා.

    තුන්වන දියවැඩියාව ගර්භණී දියවැඩියාවයි.

    මේ දියවැඩියාව දරු ප‍්‍රසූතියට පෙර ඇතිවන්නක්. එහි මට්ටම අනුව වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දියයුතු වෙනවා. සාමාන්‍යයෙන් දරු ප‍්‍රසූතියෙන් පසු මේ දියවැඩියාව පහව යනවා.

    ගර්භණී වන්නට පෙර සිටම අධික ලෙස තරබාරු වීම, කලින් ප‍්‍රසූතියේදීත් ගර්භණී දියවැඩියාව වැළඳීම හා පවුලේ ලේ ඥාතීන්ට දියවැඩියාව තිබීම ආදී හේතු මත ගර්භණී දියවැඩියාව අවදානම වැඩි වෙන්නට පුළුවන්.

    මතක තියාගන්න දියවැඩියාව කියන්නේ වර්ධනය වෙන රෝගයක්.

    ‘මට නම් ලාවට සීනි තියෙන්නේ. ඒ නිසා ප‍්‍රශ්නයක් නෑ. කියන අය ඔබට හමුවෙලා ඇති.

    මෙය ඉතාම වැරදි වැටහීමක්. දියවැඩියාව කියන්නේ සංකූලතා පිරුණු ලෙඩක්. ඒ වගේම දිනෙන් දින වර්ධනය වන ලෙඩක්. ශරීරයේ තියෙන සෑම ඉන්ද්‍රියකටම වින කරන්න පුළුවන් ලෙඩක්.

    ඒ නිසා වර්ධනයේ මුල්ම අවස්ථාවල දී රෝගය හඳුනා ගෙන නිසි ප‍්‍රතිකාර හා පාලනය සිදු කළොත් රෝග වර්ධනය නවතාලන්නට පුළුවන්. ඒ වගේම ලේවල සීනි සාමාන්‍ය මට්ටමක පවත්වා ගන්නත් පුළුවන්. නමුත් දියවැඩියාව වර්ධනය වුණොත්, ඕනෑවට වඩා කල් ගිය තත්ත්වයකට පත් වුණොත් එය පාලනය කිරීම අසීරු වෙනවා. සංකූලතා රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා.

    බොහෝ අවස්ථාවල දියවැඩියාව හඳුනා ගන්නා විට එය ශරීරය තුළ වසර කීපයක් වර්ධනය වී හමාරයි. ඒ නිසයි හැම විටම දියවැඩියාව ගැන සැලකිලිමත් වන ලෙසත්, මුල්ම අවස්ථාවන්හි දී හඳුනා ගන්නා ලෙසත් අප ඔබට කියන්නේ.

    සීනි කිරීම

    අනුන්ගේ සීනි කිරන්න එපා කියලා කතාවක් තියෙනවා. ඒ වගේම තවත් කතාවක් තියෙනවා හැම දෙයක්ම කිරලා මැනලා බලලා කරන්න ඕනෙ කියලා. දියවැඩියාව ගැනත් ඒ දේම කියන්න පුළුවන්. දියවැඩියා තත්ත්වය ගැන ඔබ අවබෝධ කර ගන්න ඕනේ. ලේවල සීනි මැන ගන්නා හැටිත්, මිනුම් අගයන් ඔස්සේ ඔබ ඉන්නා තත්ත්වය ගැන අවබෝධයක් ලබා ගන්නා හැටිත් ඔබ ඉගෙන ගන්න ඕනේ.

    ලේවල සීනි මැනීම සඳහා උපයෝගී කර ගන්නා අවස්ථා ගණනාවක් තියෙනවා. ලංකාවේ බහුල වශයෙන් දකින්නට පුළුවන් අවස්ථාව වන්නේ නිරාහාරව සිට ලේවල සීනි අගය මැනීමයි. සාමාන්‍යයෙන් පැය 8 ක පමණ කාලයක් නිරාහාරව සිටීමෙන් පසු ලේවල සීනි මනිනවා. ෆාස්ටින් බ්ලඞ් ෂුගර් හෙවත් එෆ්බීඑස් යනුවෙන් මෙය හඳුන්වනවා.

    ලේවල සීනි අගය mg/dl 99 ට අඩු නිරෝගී 100 - 125 පූර්ව දියවැඩියාව 126 ට වැඩි දියවැඩියාව අනෙක් අවස්ථාව ප‍්‍රධාන ආහාර වේලක් ගෙන පැය දෙකකට පසු ලේවල සීනි අගය මැනීමයි. හුඟක් අවස්ථාවල දහවල් කෑම වේලෙන් පැය දෙකකට පසු මේ පරීක්ෂණය කරනවා. ඒ නිසා පෝස්ට් ලන්ච් බ්ලඞ් ෂුගර් හෙවත් පීඑල්බීඑස් කියාත් මේ පරීක්ෂණය හැඳින්වෙනවා. මෙය පෝස්ට් ප‍්‍රැන්ඩියල් බ්ලඞ් ෂුගර් (පී. පී. බී. එස්.) යන නමිනුත් හැඳින්වෙනවා.

    ලේවල සීනි අගය mg/dl 140 ට අඩු නිරෝගී 140-200 පූර්ව දියවැඩියාව 200 ට වැඩි දියවැඩියාව තුන්වැනි අවස්ථාව අහඹු පරීක්ෂණයයි. එය ආර්බීඑස් හෙවත් රැන්ඩම් බ්ලඞ් ෂුගර් යනුවෙන් හැඳින්වෙනවා. අහඹු පරීක්ෂණයේදී ලේවල සීනි අගය mg/dl 200 ට වැඩි නම් එය දියවැඩියා තත්ත්වයක් ලෙස සැලකෙනවා.

    මීට අමතරව නිශ්චිත ග්ලූකෝස් ප‍්‍රමාණයක් පානය කිරීමෙන් අනතුරුව ලේවල සීනි අගය මැන දියවැඩියා තත්ත්වයක් තිබේදැයි සොයා ගැනීමේ පරීක්ෂණයක් ද තියෙනවා.

    දැන් දැන් භාවිත කෙරෙන තවත් ක‍්‍රමයක් වන්නේ එච්බීඒ1සී HBAIC පරීක්ෂාවයි. මේ පරීක්ෂාව මගින් ගෙවී ගිය මාස තුනක කාලය තුළ ඔබේ ලේවල සීනි මට්ටමේ සාමාන්‍යය මැන ගන්නට පුළුවන්. මේ නිසා වඩාත් නිවැරදි පරීක්ෂාවක් සේ මෙය සැලකෙනවා. නමුත් මේ පරීක්ෂණ පහසුකම ඇත්තේ සීමිත පරීක්ෂණාගාරවල පමණයි.

    දියවැඩියාව මුලින්ම හඳුනා ගැනීමේදී එච්බීඒ1සී අගය 6.5% සමාන හෝ වැඩි නම් හෝ දියවැඩියාව ඇතැයි තීරණය කෙරෙනවා. එච්බීඒ1සී අගය 5.7% සිට 6.4% දක්වා නම් එය පූර්ව දියවැඩියා තත්ත්වයක්.

    සමහරු හිතන් ඉන්නේ නිරාහාර ලේ පරීක්ෂණයේ ප‍්‍රතිඵල අනුව ලේවල සීනි මට්ටම සාමාන්‍ය නම් අවුලක් නැති බවයි. නිරාහාර ලේ පරීක්ෂණයේ ප‍්‍රතිඵලවලින් විතරක් දියවැඩියාව ගැන තීරණයකට එළැඹෙන්නට බැහැ. සමහර අවස්්ථාවලදී දියවැඩියාව ගැන නිසි තීරණයකට එළැඹෙන්නට පුළුවන් වෙන්නේ නිරාහාර පරීක්ෂණය, ආහාරයෙන් පසු පරීක්ෂණය හා ඒ1සී පරීක්ෂණය යන තුනෙහිම ප‍්‍රතිඵල සලකා බැලීමෙන් පසුවයි.

    ගර්භණී දියවැඩියාව හඳුනා ගැනීම

    සියලූම ගැබිනි මවුවරුන්ගේ පළමු සායනයේදී දියවැඩියාව සඳහා ලේ පරීක්ෂාවක් සිදු කරනවා. දියවැඩියා අවදානම වැඩි නම් සති 24 - 28 කාලයේදී ග්ලූකෝස් ග‍්‍රෑම් 75 ක් පොවා ඉන්පසු ලේ පරීක්ෂා කර බලනවා.

    හිස් බඩ පරීක්ෂාවේදී සීනි මිලිග‍්‍රෑම් 92 ට වඩා වැඩි නම්, ග්ලූකෝස් පානය කර පැය එකකට පසු මිලිග‍්‍රෑම් 180 ට වඩා වැඩි නම්, ග්ලූකෝස් පානය කර පැය දෙකකට පසු මිලිග‍්‍රෑම් 153 ට වඩා වැඩි නම් ගර්භණී දියවැඩියාව ඇති බව සැලකෙනවා.

    ග්ලූකෝමීටරය

    ඉස්සර කාලේ නම් ලේවල සීනි ප‍්‍රමාණය මැන ගන්න වෛද්‍ය පරීක්ෂණාගාරයකටම යන්නට ඕනෑ. නමුත් දැන් තත්ත්වය වෙනස්. ඔබට ගෙදරදීම ලේවල සීනි පරීක්ෂාව කර ගන්න පුළුවන් සරල උපකරණ දැන් හඳුන්වලා දීලා තියෙනවා. ඒවායේ මිල ගණනුත් දරන්න පුළුවන් මට්ටමේ තියෙනවා.

    මේ උපකරණය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ග්ලූකොමීටරය කියලයි.

    විවිධ වර්ගයේ ග්ලූකොමීටර වෙළෙඳපොළේ තියෙනවා. මේ හැම මීටරයකම මූලික ලක්ෂණ එක හා සමානයි. මීටරයට ඇතුළු කළ පරීක්ෂණ තීරු පටියේ කෙළවරකට සිරුරෙන් ලබා ගන්නා ලේ බිඳුවක් ඇතුළු කිරීමෙන් ලේවල ඇති සීනි ප‍්‍රමාණය මැන ගත හැකියි.

    සාමාන්‍ය සම්මතය අනුව ලේවල සීනි ප‍්‍රමාණය මනින්නේ මිලිග‍්‍රෑම්වලින්. ඒත් මිලිමෝල්වලින් මනින ග්ලූකොමීටරත් තියෙනවා. සමහර ග්ලූකොමීටරවල මේ දෙවිදියටම මනින්න පුළුවන්.

    මිලිමෝල් එකක් මිලිග‍්‍රෑම් 18 යි. ඒ කියන්නේ මිලිමෝල් අගය 18 න් වැඩි කිරීමෙන් මිලිග‍්‍රෑම් අගයත්, මිලිග‍්‍රෑම් අගය 18 න් බෙදපුවාම මිලිමෝල් අගයත් ලබා ගන්න පුළුවන්.

    ග්ලූකොමීටරයක් පාවිච්චි කළ යුතු අන්දම ගැන විස්තර පති‍්‍රකාවක් උපකරණය සමගින්ම ලැබෙනවා. ඒ උපදෙස් පිළිපදින්න. අපැහැදිලි තැනක් ඇතොත් මිලදී ගත් වෙළෙඳසලෙන් හරි, දන්නා කියන කෙනෙකුගෙන් හරි ඔබේ වෛද්‍යවරයාගෙන් හරි විමසලා පැහැදිලි කරගන්න.

    ලබන සතියට

    සාකච්ඡා කළේ - බුලිත ප‍්‍රදීප් කුමාර

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    12 Nov 2018 06:01 PM

    දියවැඩියාව පවුලේම සුව සම්පත අහිමි කරනවා

    ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
    කාන්තා පක්ෂය ඇඳුම් පැලඳුම්වලට මොනතරම් කැමැති ද? වටිනාම ඇඳුමක් ඉහළම ගාණකට මිල දී ගෙන අල්මාරියේ දාන්නේ ඇඳුමේ අරක්ෂාව, කල් පැවැත්ම ගැන දැඩි හිතේ විශ්වාසයකිනුයි.

     

    එහෙත් මාස කීපයකින් අල්මාරිය විවෘත කළ විට ඇඳුම වේයන් විසින් පස් ගොඩක් බවට පත්කර තිබුණොත් . . . ආදරය කරන ප්‍රියතම ඇඳුමට පමණක් නොව ජීවිතයටත් එසේ නොසිතිය හැකි විනාශයක් වෙන්න පුළුවන්. සියලුම රෝගවලට මුල්වන දියවැඩියාව වැලඳුණොත් නිහඬවම මාරයා අප වෙත එන්න වැඩි කාලයක් ගත වෙන්නේ නෑ.

    නිවෙසේ සෞඛ්‍ය අංශයේ ගෘහ මූලිකයා වන්නේ කාන්තාවයි. තමන්ගේත්, දූ දරුවන්ගේත්, සැමියාගේත් සෞඛ්‍යයට පදනම වැටෙන්නේ මුළුතැන්ගෙයිදී ඇය අතට ගන්නා හැන්දෙන්. බත්, ව්‍යාංජන, මැල්ලුම් මෙන්ම සීනි, ලුණු දමන හැන්දටත් කෙනකුගේ ශරීර සෞඛ්‍යයේ මොනතරම් පෙරළියක් කළ හැකි ද? පෝෂ්‍යජනක කෑම බීම ගැනීමට මෙන්ම ඇවිදීමට පවුලේ සාමාජිකයන් උනන්දු කරවීමේ වගකීමත් ගෘහණිය සතුව තිබෙනවා.

    විශාල උදරයක්, තර සිරුරක් තියෙන නිතර වෛද්‍ය පරීක්ෂණ වාර්තා මිටි රැගෙන විශේෂඥ වෛද්‍ය වන්දනාවේ යන සාමාජිකයන් පවුලේ සිටිනවා නම් ඒ තත්ත්වයට ගෘහණිය ද වගකිව යුතුයි. බොහෝ විට ගෘහණිය ද රෝගයේ ගොදුරක් වන අවස්ථා තිබෙනවා.

    මෙවර නොවැම්බර් 14 වැනිදාට යෙදී ඇති ලෝක දියවැඩියා දිනයේ තේමාව පවුල හා දියවැඩියාවයි. පවුල යනු අන් කිසිවෙක් නොව මුළුතැන්ගෙයි රැජන වන පවුලේ සුවසෙතේ ගෘහ මූලිකාව වන කාන්තාවමයි. එනිසා රෝගයේ භයානකකම වටහාගෙන වහ වහාම පිළියම් යෙදීමට මුල් පියවර ගත යුත්තේ ඇයමයි.

    අපේ වැඩිහිටියන්ගෙන් 12 න් 1 ක් දියවැඩියාවෙන් පීඩා විඳිනවා. ගැටවරයන්ගෙන් 6 න් 1 කට දියවැඩියා අවදානම තිබෙනවා. එයින්ම අදම පවුලේ සාමාජිකයන් රෝගයෙන් ගලවා ගැනීමේ වැදගත්කම වටහාගත හැකි නේද? මේ දියවැඩියාව අපේ ශරීරයට වින කරන අන්දමයි..

    මුඛ සෞඛ්‍යට බලපාන අන්දම

    දියවැඩියාව ඇත්නම් දත් ටික පරෙස්සම් කරගන්න ඕන බව අපි දන්නවා. ඒ දියවැඩියාව නිසා අපේ මුඛය ප්‍රදාහයන්ට ලක්වීමේ වැඩි ඉඩක් පවතින නිසයි. ඒ නිසා දත් හා විදුරුමස් රෝග වැලඳීමේ ඉඩ වැඩි වෙනවා.

    දියවැඩියාව නිසා ප්‍රදාහයන් වැඩි වී ප්‍රතිශක්තිය දුබල වෙනවා. සිරුරේ ප්‍රදාහයක් ඇති වූ විට ප්‍රදාහයට පත් වූ තැන වේදනාවක්, උණුසුමක්, රතුවීමක් දක්වනවා. එවිට සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවදුරටත් ප්‍රදාහය පැතිරීම වළක්වනවා. එහෙත් දිගටම ප්‍රදාහ තත්ත්වය පවතිද්දී තදබල සෞඛ්‍ය ගැටලු ඇති වී මුළු සෞඛ්‍යම පිරිහෙනවා.

    හෘද රෝගවලින් මිය යාමේ අවදානම දියවැඩියාව නිසා වැඩි වන බව නොරහසක්. එහෙත් විදුරුමස් රෝග ඇත්නම් අවදානම දෙගුණයකින් ඉහළ යනවා. වකුගඩු රෝගයක් වැලඳීමේ ඉඩ නව ගුණයකට ආසන්නව ඉහළ යනවා. විදුරුමස් රෝග පාලනය නොකළොත් රුධිරයේ සීනි මට්ටම පාලනය

    වැඩි වී රෝගය වඩාත් උග්‍ර වෙනවා.

     

    * ඇස්වලට වන විනාශය

    රුධිරයේ සීනි මට්ටම වැඩිවීම ඇස්වලට හානි කරයි. එය තාවකාලිකව හෝ ස්ථිරවම අපේ ඇස් දෙකේ පෙනීමට අහිතකරව බලපානවා. දියවැඩියාවේ අහිතකර ප්‍රතිඵල මුලින්ම බලපාන ඉන්ද්‍රිය, අවයව අතරේ අපේ ඇස් දෙකත් තිබෙනවා. රුධිරයේ සීනි වැඩි බවට ඇතිවන මුල්ම ලකුණක් පෙනීම බොඳ වී පෙනීම, ඇස් ඉදිමීම, ඇහේ සුද, ග්ලෝකෝමා වැනි ඇසට වින කරන බොහෝ තත්ත්වයන්ට රුධිරයේ වැඩි සීනි මට්ටමින් මඟ පෑදෙනවා.

    * සම වියපත් කරයි

    දියවැඩියා රෝගීන්ගෙන් හතරෙන් එකක් ජීවිත කාලයේදී කිසියම්ම වූ සමේ රෝගයකින් පීඩා විඳිනවා. මේ රෝගීන්ට සමේ දිලීර හෝ බැක්ටීරියා ආසාදන ඇතිවීමේ ඉඩ වැඩියි. නිය ආසාදන ඇති විය හැකි තවත් සුලබ තත්ත්වයක්.

    සිරුරේ තෙතමනය ඇති තැන්වල පලු ඇතිවීමට තිබෙන ඉඩ ද වැඩියි. පාදයේ, අතේ ඇඟිලි අතර, පියයුරු යට, මුවේ දෙකෙළවර පලු ඇතිවීමේ ඉඩ වැඩියි.

    * වකුගඩු රෝගවලට මුලක්

    රුධිරගත වැඩි සීනි වකුගඩු ක්‍රියාකාරිත්වයට බාධා සිදු කර විශාල හානියකට මඟ පාදනවා. මුත්‍රාවල ප්‍රෝටීන් එක්වීම වැඩි වෙනවා. එමෙන්ම මේ අයට මුත්‍රා මාර්ගයේ ආසාදන ඇතිවීමේ ඉඩ ද වැඩියි.

    * උදරයට බලපෑම

    අග්න්‍යාශයෙන් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවුණේ නැති විට මේදය ශක්තිය බවට පරිවර්තනය වීම හරිහැටි සිදු වන්නේ නැහැ. එවිට සිරුරේ විස එකතු වෙනවා. විස මට්ටම වැඩි වෙනවා. වෙහෙස, විජලනය, වැඩිපුර මුත්‍රා පිටවීම වැනි ලකුණු ඇති වෙනවා. වමනය, ඔක්කාරය, මල බුරුලට යාම, පපුවේ දැවිල්ල වැනි ලකුණු ද රුධිරයේ සීනි මට්ටම වැඩි වූ විට ඇති වෙනවා.

    * මධ්‍යම ස්නායු පද්ධතියට දැඩි අවදානමක්

    දියවැඩියා රෝගය නිසා ස්නායු පද්ධතිය නිසි ලෙස ක්‍රියා නොකළ විට අධික ලෙස දහදිය දමනවා. සීතලක්, සිරුරේ වේදනාවක් ඇති වෙනවා .

    * හදවත් රෝගවලට මඟක්

    රෝගීන්ගේ හදවතේ සහ රුධිර නාලවල අභ්‍යන්තර බිත්තිවල අහිතකර පථ තැන්පත් වීම වැඩි වී ප්‍රදාහයන් ඇති වෙනවා. මෙසේ වීම රුධිර ගමනාගමනයට බාධාවක්. අහිතකර මේදය, කැල්සියම් වැනි රුධිරයේ ඇති ද්‍රව්‍ය පථ ලෙස තැන්පත් විය හැකියි. මේ තත්ත්වය හදවත් මරණවලට මුල්වන හේතු අතර අංක එකේ තැන හිමි කරගෙන සිටිනවා. අමෙරිකානුවන් වැඩි දෙනෙක් මිය යන්නේ මේ තත්ත්වයෙන්.

    * ස්නායු පද්ධතියට වින කරයි

    සිරුරේම ස්නායු පද්ධතියට දියවැඩියාව බලපානවා. එනම් ආහාර ජීර්ණයට, ශරීරය ක්‍රියාකරවීමට, ප්‍රජනක සෞඛ්‍යයට සියල්ලටම මෙය බලපානවා.

    * මවු පදවියේදී ගැටලු ඇති කරයි

    ගැබිනි සමයේදී ස්වාභාවිකවම සිදුවන හෝර්මෝන පෙරළිය ගර්භණී සමයේ දියවැඩියාවට මඟ පාදනවා. ගර්භණී සමයේදී ප්‍රී එක්ලැම්සියා තත්ත්වයට පත්වීම ද දියවැඩියා අවදානම ඉහළ නංවන සාධකයක්. එලෙසම ගැබිනි වියේ දියවැඩියාව ද, ගැබිනි වියේ දියවැඩියාව හා ප්‍රීඑක්ලැම්සියා ඇති දෙපිරිසම ද දියවැඩියා රෝගයේ අවදානම වැඩි කරනවා.

    අන්ධවීමට මඟපාදන, හෘදයාබාධයකින්, වකුගඩු අකර්මණ්‍යවීමකින්, ආඝාතයෙන් ජීවිතය කෙටි කරන දියවැඩියාව, පති පතිනියන්ගෙන් යුග දිවියේ සතුට උදුරා ගන්නා, දෙපා තබා ඇවිදීමේ උපතින් ලද වාසනාව, දන්ත කල්‍යාණය, අහිමි කරන දියවැඩියාව, නිරෝගී කිරිකැටියකු නිවෙසට කැන්දාගෙන යාමේ පින නැති කරන දියවැඩියාව ගැන පුද්ගලයන් පුද්ගලයන් වශයෙන් නොව පවුලක් පවුලක් වශයෙනුත් සමාජයක්, රටක් වශයෙනුත් සිතීමට කාලය ඇවිත්. එවන් වකවානුවකදී නිවෙසේ ගෘහණියට දියවැඩියාව පවුලෙන් තුරන් කිරීමේ මුල් වෙඩි මුරය දැල්වීමේ වගකීම පැවරී තිබෙනවා..

     

     

    උපදෙස් - මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න

    කායික රෝග විශේෂඥ වෛද්‍ය

    පි‍්‍රයංකර ජයවර්ධන

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    13 Nov 2018 05:50 AM
    දියවැඩියාව නිසා වෙන හානි බොහොමයි.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    14 Nov 2018 07:09 AM


    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>