You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Jul 2018 08:16 AM by  Udari Jayasekara
ගැස්‌ට්‍රයිටීස්‌
 5 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Jul 2018 07:34 PM

    gasප්‍රශ්නය - ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය ඇති වන්නේ කොහොමද?

    වෛද්‍ය රන්පත රුවන් රත්නායක - අධික උෂ්ණාධික ශරීර ඇති අයගේ විදග්ධ වූ පිතෙන් ඇති වන උෂ්ණ ගතිය සහ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වන යම් යම් ගැටලුකාරී තත්ත්ව නිසා නිසි පරිදි ජීර්ණය නොවූ ආහාර කොටස්‌ විෂක්‌ ලෙස රුධිරයට එක්‌වීම සිදු වන අතර මෙන්න මේ ක්‍රියාවලි නිසා සිරුරේ ඇති වන රෝගයක්‌ ලෙස ගැස්‌ට්‍රයිටීස්‌ හඳුන්වා දිය හැකියි.

    ප්‍රශ්නය - ගැස්‌ට්‍රයිටීස්‌ වලින් සිරුරට ඇති කරන බලපෑම් මොනවාද?

    වෛද්‍ය රන්පත රුවන් රත්නායක - ආහාර ජීර්ණය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා සිරුරේ සෛලවලට නිසි පරිදි පෝෂණය නොලැබීම සිදුවීම ඇරඹේ. මෙම ක්‍රියාවලිය සිරුරේ ආම රසය වැඩි වීම තුළින් තව තවත් තීව්‍ර වීම සිදු වේ. ඒ අනුව මෙම ගැස්‌ට්‍රයිටීස්‌ තත්ත්වය නිසා සිරුරේ සාන්ද්‍රව සෛලවලට නිසි පරිදි පෝෂණය නොලැබීම නිසා විවිධ ආබාධ ඇති වීම ඇරඹේ. ඒ අනුව එම විෂ කොටස්‌ වැඩි වීම තුළින් එම විෂ කොටස්‌a තෝරා ගත් පද්ධති හා අවයව ආක්‍රමණය කළ විට ඒවායෙන් විවිධ රෝගාබාධ ඇති වීම සිදු වේ. ඒ අනුව එම විෂ මුත්‍රා පද්ධතිය ආක්‍රමණය කළේ නම් වකුගඩු, මුත්‍රා රෝග, සිරුරේ අධෝභාගය නම් මළ පිටවීම අක්‍රමවත් වීම අර්ශස්‌ තත්ත්ව ලෙස ඒ ඒ පද්ධති ආශ්‍රිතව විවිධ රෝග ඇති විය හැකියි.

    ප්‍රශ්නය - මෙම රෝගය වැළඳුණු අයෙක්‌ ඒ බව දැනගන්නේ කෙසේද?

    වෛද්‍ය රන්පත රුවන් රත්නායක -පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝග ලක්‌ෂණ වෙනස්‌ විය හැකියි. ඒ අතරිනුත් බඩ පපුව දැවිල්ල, උගුරට ඒම, කැරකිල්ල, වමන ගතිය, ක්‌ලාන්තය, දහදිය දැමීම, ඇඟපත අමාරුව, හන්දි වේදනාව, හිස කැක්‌කුම, කොන්ද කැක්‌කුම, පපු පෙදෙසේ ඇති වන වේදනාව, උදරයේ හිස්‌ බවක්‌ දැනීම, අලස බව, අධිකව කේන්ති යැම, නිදිමත ගතිය, මළ පිට වීමේ අක්‍රමවත් බව ආදීයෙන් රෝග ලක්‌ෂණ දැනගත හැකියි.

    ප්‍රශ්නය - ආයුර්වේද ප්‍රතිකාර මගින් මේ රෝගය සුව කළ හැකිද?

    වෛද්‍ය රන්පත රුවන් රත්නායක - නිසි ආයුර්වේද වෛද්‍යවරයකු කරා ගොස්‌ ඔවුන් ලබාදෙන ඖෂධ නිවැරදි ලෙස පාවිච්චි කළොත් මේ රෝගය නිට්‌ටාවටම සුව කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා සැකසූ සුදුසුම ප්‍රතිකාර විදි ආයුර්වේදය සතුව තිබෙනවා. නිවැරදි ලෙස රෝග ලක්‌ෂණ හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීම තුළින් ගැස්‌ට්‍රයිටීස්‌ සුව කර ඒ නිසාම ඇති වූ අනිකුත් රෝගාබාධයන්ද සුව කර ගත හැකියි.

    ලෙඩ ගොඩකට මුල්වන

    * විශේෂයෙන්ම කිව යුත්තේ සිරුරේ ඇතිවන ආම රසය රක්‌ත ධාතුව හරහා කුමන හෝ ඉන්ද්‍රිය පද්ධතියකට ඇතුළු වූයේද එම පද්ධතිය ආශ්‍රිතව කුමක්‌ හෝ රෝග ලක්‌ෂණයක්‌ පහළ වීම සිදු වේ.

    * මෙම රෝගීන් වැළකිය යුතු ආහාර හෝ වෙන යම් දේවල් තිබෙනවාද?

    * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ නියමිත පරිදි ආහාර වේල් නිසි පරිදි ගත යුතු වීමයි. අධික වේලාවක්‌ කුසගින්නේ නොසිටිය යුතු අතර හැකි තරම් විෂ සහිත ආහාරවලින් (ක්‌ෂණික) වැළකිය යුතුයි. එළවළු, පළතුරු වැඩි වැඩියෙන් ආහාර සඳහා එකතු කරගත යුතු අතර මස්‌ මාංශ වැඩිපුර ගැනීමෙන් ද වැළකිය යුතුයි. උෂ්ණාධික ආහාර වර්ගවලින් හැකි සැම විටම ඈත්ව සිටිය යුතු අතර දුම්පානය, මත්පැන් පානයද මෙම රෝගීන්ට බොහෝ අකැපය.

    gas1

    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    21 Jul 2018 08:54 PM
    අපි දැන් කන දේවල් තමයි මේවට මුල
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    21 Jul 2018 10:40 PM
    Posted By Udari on 21 Jul 2018 08:54 PM
    අපි දැන් කන දේවල් තමයි මේවට මුල
    මට හිතෙනව ස්ට්‍රෙස් එක සහ නින්ද අඩුකම යන හේතූන් වඩා හේතු වෙනව  කියල අද කාලෙ.

    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960






    --
    22 Jul 2018 09:40 AM
    අම්බෝ මටත් හැදුන මුල් කාලෙම බේත් ගත්ත නිසා ගොඩ ගියා..
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    28 Jul 2018 06:06 PM

    gasප්‍රශ්නය - පසුගිය දෙසතිය තුළ ඔබ සමග අප සාකච්ඡා කළේ සාමාන්‍ය ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ගැනයි. අද ඔබ අපට විස්‌තර කර දෙන්නට ඕනෑ නිදන්ගත ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ගැන.

    වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙහිදී නැවත වරක්‌ ගැස්‌ට්‍රයිටිස්‌ හඳුන්වා දිය යුතුයි. මේ පිළිබඳ සරල අර්ථකතනය මෙයයි. උදරයේ, ආමාශයේ අන්ත්‍රවල තිබෙනවා ශ්ලේෂ්මල ආවරණයක්‌. මෙය හඳුන්වන්නේ Mucus lining කියලයි. මේ ශ්ලේෂ්මල ආවරණය ආසාදනය වීම තමයි ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයට හෙවත් අම්ල පිත්ත රෝගයට මුල. සාමාන්‍ය ගැස්‌ට්‍රයිටිස්‌ රෝගියා එයින් නිතර පීඩා විඳින්නෙ නැහැ. තෙල්, මිරිස්‌ බහුල ආහාරයක්‌ ගත් විට ඔහුගේ අම්ල පිත්ත තත්ත්වය ඇවිස්‌සෙන්නට පුළුවන්. එහෙම නැත්නම් රාත්‍රි ආහාර ගත් පසු ඔහුගේ උදරයට අපහසුවක්‌ දැනෙන්නට පුළුවන්. තවත් විටෙක දීර්ඝ වශයෙන් නිදි වැරුවාමත් ඔහුගේ බඩ පුරවා දමන ගතියක්‌ එනවා. සාමාන්‍ය ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය රෝගියාගෙන් රෝගියාට වෙනස්‌ වෙනවා. එහෙත් නිදන්ගත අම්ල පිත්ත රෝගියා මෙම රෝගය නිසා මුළු දවස පුරාම පීඩා විඳිනවා. ඒ නිසා ඔහු දුර්වල වෙනවා. තවත් විටෙක ඔහුට හිතෙනුත් දැනෙනවා තමා බෙහෙවින් දුර්වල බව.

    ප්‍රශ්නය - ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය නිදන්ගත වන්නේ කොහොමද?

    වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මද්‍යසාර පාවිච්චිය, සිගරැට්‌ හෝ සුරුට්‌ටු දුම් උරන්නට ඇබ්බැහි වීම, කෝපි පානයට ඇබ්බැහි වීම, මිරිස්‌, කුළුබඩු, විනාකිරි වැනි අම්ල සහිත ආහාරවලට ඕනෑවට වඩා පුරුදු වීම, ප්‍රධාන හේතු ලෙස ගන්නට පුළුවන්. ඒ අතරම රෝගය පාලනය කරගන්නට බැරි තරමට මානසික ශක්‌තිය හීනවීම, අධික ලෙස විඩාපත් වීම, අධික උණුසුමට නිරාවරණය වීම යනාදියත් නිදන්ගත ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයට හේතු වෙනවා. සාමාන්‍ය ගැස්‌ට්‍රයිටිස්‌ වලින් නිදන්ගත ගැස්‌ට්‍රයිටිස්‌ වෙනස්‌ වන්නේ පහත සඳහන් රෝග ලක්‍ෂණවලිනි.

    1. ආහාර ජීරණය දිගින් දිගටම දුර්වල වීම

    2. උදරයේ නොනවතින වේදනාව

    3. නිතර ඉක්‌කාව හටගැනීම

    4. ආහාර අරුචිය සහ පිළිකුල් ගතියක්‌ නිතර දැනීම

    5. නිතර වමනය යැම

    6. මළවල වර්ණය අවපැහැ වීම

    7. පපුවේ දැවිල්ල

    8. ආහාර රුචිය ක්‍රම ක්‍රමයෙන් අඩුවී යැම

    ලබන සතියේ මාසයකින් ගැස්‌ට්‍රයිටිස්‌ සුව කරන ක්‍රමවේදය සහ නිදන්ගත ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර

    නොමිලේ විස්‌තර සඳහා

    0713464276/ 0759061771

    අංකයට කතා කරන්න

    සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

    gas1

    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    29 Jul 2018 08:16 AM
    එහෙනම් ලබන සතියෙ බලමුකො මාසෙකින් සුව කරන ක්‍රමේ...
    0
    You are not authorized to post a reply.