You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Aug 2018 06:59 PM by  chamaramind
ආඝාතය
 3 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
21 Jul 2018 07:33 PM

    agathaප්‍රශ්නය - Stroke යන සරල නමින් හැඳින්වෙන ආඝාතය නමැති රෝගයේ මූලික තත්ත්වයන් ගැන පසුගිය සතියේදී අප සාකච්ඡා කළා. අද අප ඔබෙන් මුලින්ම විමසන්නේ ආඝාතයේ රෝග ලක්‍ෂණ ගැනයි.

    වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ආඝාතයේ මූලික ලක්‍ෂණ මොනවාද කියන එක හැමෝම දැන ගත යුතුයි. එයට හේතුව තමන්ට හෝ වෙනත් කෙනෙකුට මේ රෝගයේ මූලික ලක්‍ෂණ පහළ වෙනවා නම්, ඒ ගැන දැනුවත්ව සිටීමෙන් වහාම ක්‍රියාත්මක වී ජීවිතයක්‌ ගොඩදමා ගැනීමට අවස්‌ථාව ලැබීමයි. ආඝාතයේ මූලික රෝග ලක්‍ෂණ පහත සඳහන් වෙනවා.

    1. කතා කිරීමේ සහ අවබෝධ කරගැනීමේ දුෂ්කරතාව හට ගැනීම - රෝගියා තුළ ව්‍යාකූල තත්ත්වයක්‌ හට ගැනීම මෙහිදී සිදුවෙනවා. ඔහුගේ වචන ගොත ගැසෙනවා. එසේම තමන් කියන දේ වගේම අනුන් කියන දෙයත් වටහා ගැනීමේ දුෂ්කරතාව ඔහු තුළ හට ගන්නවා.

    2. මුහුණේ පැත්තක්‌, අතක්‌, කකුලක්‌ හෝ මේ සියල්ලම අඩපණ වී අංශභාග තත්ත්වයක්‌ ඇති වෙනවා. සමහර විට සිරුරේ පැත්තක්‌ ම පණ නැතිවන අවස්‌ථා තිබෙනවා. සිනහ වන විට කටේ පැත්තක්‌ පමණක්‌ ක්‍රියාත්මක වෙනවා නම් එය ආඝාතයක මුල් සලකුණක්‌ විය හැකියි. සාමාන්‍යයෙන් ආඝාතය ශරීරයේ දෙපැත්තටම හානි වන ලෙස ඇති වන්නේ නැහැ. එක්‌ පැත්තක්‌ විතරයි අක්‍රියාකාරී වන්නේ. එයට හේතුව මොළයේ වම් පැත්ත විසින් ශරීරයේ දකුණු පැත්ත පාලනය කිරීමත්, මොළයේ දකුණු පැත්ත විසින් ශරීරයේ වම් පැත්ත පාලනය කිරීමත් නිසයි. ආඝාතය ඇති වන්නේ මොළයේ එක්‌ පැත්තක රුධිර නාළයක්‌ අවහිර වීමෙනුයි. දෙපැත්තේම නහර එක්‌වරම අවහිර වන්නේ නැහැ.

    3. ආඝාතය හෙවත් අංශභාගය හට ගැනීමට එන විට ශරීරයේ සමබරතාව ගිලිහී යනවා. ඒ නිසා ඇවිදීමේදී රෝගියා ඇද වැටෙනවා. සමහර විට ශරීරයට අධික විඩාවක්‌ දැනෙනවා. එයට හේතුව කොලෙස්‌ටරෝල් හෝ කැල්සියම් බැඳී මොළයේ රුධිර නාල අවහිර වීමයි.

    4. ආඝාතය හට ගන්නාවිට එයට ලක්‌වන තැනැත්තාගේ පෙනීම අඩු වී යනවා. සම්පූර්ණයෙන් ම අන්ධ භාවයට පත් නොවුණත් දෘශ්‍ය ශක්‌තිය (දැකීමට තිබෙන හැකියාව) 25% කින් හෝ 50% කින් අඩු වෙනවා. ඔබේ පෙනීම හදිසියේම අඩුව ගියොත් එය ආඝාතයේ මුල් අවස්‌ථාව විය හැකියි.

    5. කරකැවිල්ල හටගැනීම සාමාන්‍ය රෝග තත්ත්වයක්‌. සමහරුන්ට මෙය නිතර හට ගන්නවා. අධික විඩාව, දරන්න බැරි තරම් වැඩ ගොඩක්‌ කිරීම, ආතතිය, රෝගී භාවය නිසා ඇඟ දුර්වල වීම, දිගින් දිගටම බෙහෙත් ගැනීම යනාදියේ දී කරකැවිලි තත්ත්වයක්‌ හට ගන්නවා.

    එහෙත් කෙනෙකු හදිසියේ කතා කර ගැනීමට බැරිව ගොස්‌, ඇවිද ගැනීමට අපහසු වී ශරීරයේ සමබරතාව ගිලීහී ගොස්‌ කරකැවිල්ල හැදුනොත් එය ආඝාතය නිසා හටගන්නක්‌ වන්නට පුළුවන්.

    6. හදිසියේම අස්‌වාභාවික ලෙස හිස වේදනා දෙන්නට පටන් ගත්තොත් එය වේදනා නාශකයකින් සමනය කරගන්න උත්සාහ කරන්න එපා. හේතුව එය ආඝාතයේ රෝග ලක්‍ෂණයක්‌ වීමට ඉඩ තිබීමයි. මොළයේ නහරයක්‌ පුපුරා රුධිරය ගැලීමට පටන් ගන්නා විටත් මෙවැනි ක්‍ෂණික හිසරද හට ගන්නවා. මේ වේදනාව ටික වේලාවක්‌ තිබී වමනය හට ගන්නවා. එය ආඝාතයේ ලක්‍ෂණයක්‌.

    7. මහන්සිය කියන එක හැමෝටම දැනෙනවා. දවස පුරා විවේකයක්‌ නැතිව වැඩ කළාම අප මහන්සියට පත් වෙනවා. ඒත් හිටි ගමන් ක්‍ෂණිකව, කිසිදු හේතුවක්‌ නැතිව මහන්සියක්‌ දැනෙන්නට පටන් ගත්තොත් එය ආඝාතයේ රෝග ලක්‍ෂණයක්‌ විය හැකියි.

    8. කෙනෙකුට හදිසියේම ආහාර ගිලින්නට බැරි බවක්‌ දැනෙනවා නම් සහ එය දිගින් දිගටම පවතිනවා නම් එයත් ආඝාතයේ ලකුණක්‌.

    9. සමේ සංවේදීතාව හදිසියේ ම නැතිව යැමත් ආඝාතයේ රෝගලක්‍ෂණයක්‌ විය හැකියි. ආඝාතය හට ගන්නා විට එහි බලපෑමට යටත්වන ශරීරයේ අංගෝපාංගවල හටගන්නා උණුසුම, පීඩනය, ස්‌පර්ශය, කරන විට හටගන්නා දැනීම යනාදියට අදාළ සංඥා ලබා ගැනීමට මොළය සමත් වන්නේ නැහැ.

    නොමිලේ විස්‌තර සඳහා

    0713464276/ 0759061771

    අංකයට කතා කරන්න

    සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

    agatha1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    21 Jul 2018 08:52 PM
    හරිම වැදගත් ලිපියක් ...ස්තුතියි
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    22 Jul 2018 09:38 AM
    හම්මේ බයේ බෑ. ස්තූතියි ලිපියට
    Udeshika Herath
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    11 Aug 2018 06:59 PM

    pakshagathaආයුර්වේද මතානුකූලව පක්‍ෂාඝාත රෝගයෙහි විවිධ අවස්‌ථා පවතී. මෙම අවස්‌ථා විභේදනය වන්නේ රෝගියාගේ සිරුරේ පවතින දෝෂ තත්ත්වය හා එම දෝෂ රෝගයට සම්බන්ධ වන ස්‌වභාවය අනුවයි. එසේ දෝෂ සම්බන්ධ වීමේදී දෝෂයන්ගේ උල්භනත්වය හෙවත් අධික බව මූලික සාධකයක්‌ සේ ක්‍රියා කරයි.

    පක්‍ෂාඝාතයේ අවස්‌ථා:-

    1. ශුද්ධවාත පක්‍ෂාඝාතය

    2. පිත්ත අනුබන්ධ පක්‍ෂාඝාතය

    3. කඵ අනුබන්ධ පක්‍ෂාඝාතය

    1. ශුද්ධ වාත අවස්‌ථාව - මෙම අවස්‌ථාවේදී ප්‍රබලව බල පවත්වන දෝෂය වාතය නිසා රෝගියා විෂයෙහි වෙව්ලීම් ගතිය, අත් පා වල තද ගතිය, පේශි තද ගතිය, හිරිය යන ලක්‍ෂණ බලපවත්වයි. මෙම රෝග අවස්‌ථාව පාලනය තරමක්‌ අපහසු අවස්‌ථාවකි. මෙම අවස්‌ථාව වාත ප්‍රකෘති අයෙකුට ඇතිවූයේ නම් රෝග තත්ත්වය වඩාත් ප්‍රබල වනු ඇත.

    2. පිත්ත අනුබන්ධ අවස්‌ථාව - මෙහිදී රෝගියාට ඡ්වරය හෙවත් උණ ඇතිවේ. අධික හිසරදය, සිහිමඳ ගතිය ඇතිවේ. බොහෝ විට මොළයේ රුධිර නාලයක්‌ පිපිරීම නිසා පක්‍ෂාඝාතය ඇතිවූ විට මේ තත්ත්වය දැකිය හැක. රුධිර වහනය ප්‍රබල නම් ක්‍රම ක්‍රමයෙන් සිහිමඳ බව වැඩිවී සම්පූර්ණයෙන් සිහිය නැතිව යා හැක. මෙය රෝගියා රෝහල්ගත කර මුලින් පාලනය කළ යුතුවේ. රෝගියා සිහි මූර්ජාවෙන් පසුවන නිසා ඖෂධ මුඛය මාර්ගයෙන් යෙදීම අපහසු වේ. දේශීය වෛද්‍යවරු මේ අවස්‌ථාවේදී තීක්‍ෂණ ඖෂධ චූර්ණ නාසයට පිඹ සිහිය යළිත් ලබාගනියි. ඉන් අනතුරුව ඖෂධ යොදයි.

    3. කඵ අනුබද්ධ අවස්‌ථාව

    මෙම අවස්‌ථාවේදී කඵ දෝෂ ප්‍රබල වන නිසා අත් පා වල බර ගතිය, ඇඟේ බරගතිය, කම්මැලිබව, කෙළ වැගිරීම, අත් පා සීතල ගතිය, කැස්‌ස යනාදී ලක්‍ෂණ ඇතිවේ. මෙහිදී බොහෝවිට ලේ නාළයක ලේ කැටියක්‌ හිරවීමෙන් හටගන්නා පක්‍ෂාඝාත තත්ත්වයට සමාන ලක්‍ෂණ පහළ වේ.

    ඉහත සඳහන් මෙම අවස්‌ථාවන්හිදී කෘතහස්‌ත දේශීය වෛද්‍යවරයා නිසි පරිදි ඖෂධ වර්ග, තැවිලි පොට්‌ටනි, රස ඖෂධ, නස්‌න වර්ග ආදිය යොදාගෙන ප්‍රතිකාර කරයි. කල් නොයවා ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

    (ලබන සතියට)

    pakshagatha1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0
    You are not authorized to post a reply.