Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Jun 2017 06:35 AM by hasithad කොටන්න පෙර සිතා බලමු 10 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages RosiSuper Senior MemberPosts:5335 07 Jun 2017 11:15 AM කොටන්න පෙර සිතා බලමු – ටැටූ ගැන ඇත්ත නැත්ත සහ මිත්‍යා මත සමහරු ටැටූ ගහගෙන ඉන්නව. සමහරු ටැටූ ගහන්න කැමති නැහැ. තවත් සමහරු ටැටූ ගහන්න ආස වුනාට බයයි. ඉතිං එහෙම බයේ ඉන්න අයට තියෙනව ඔය හිත ඇතුළෙ කැකෑරෙන පොඩි පොඩි අවුල් සහගත තැන්. අපි මේ කියන්න යන්නෙ ටැටූ ගහන එක ගැන සමාජයේ තියෙන දුර්මත සහ ඒවායේ ඇත්ත නැත්තයි. සමහරු කැමතියි තමුන් ආස දේ තමුන්ගෙ ඇඟේ තමුන් එක්ක සදාකාලිකව තියාගන්න. තවත් සමහරු කැමතියි ලස්සන ටැටූ ගහන්න. ඒ කොහොම වුනත් මේ කතාව ටැටූ ගහපු සහ ගහන හැමෝටම අදාලයි. 1. ඒඩ්ස් හැදෙයිද? Source – teakdoor.com බාර් එකක් යට සූට් කේස් එකේ බඩු දාගෙන ඉන්න ඩයල් එකකගෙන් ටැටූ ගහද්දි මනුස්සයගෙන් මනුස්සයට අලුතෙන් කටු මාරු කරයිද, එයා පාවිච්චි කරන තීන්ත සහ උපකරණ සෞඛ්‍යාරක්ෂිතද කියල අපිට හිතන්න අමාරුයි. ඉතින් එහෙම බුවාලාගෙන් ලාබෙට ටැටූ ගහද්දි නම් ලෙඩක් සංසරණය වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා හැමවිටම විශ්වාසදායී තැනකින් තමුන්ගේ ටැටූ එක කරගන්න එක හොඳයි. HIV අසාධිත පුද්ගලයෙක්ට ටැටූ ගහපු කටුවකින්ම තවත් කෙනෙක්ට ටැටූ එකක් කිරීමේදී HIV ආසාදනය වෙන්න පුලුවන්. HIV ආසාධිත නොවුනත්, අපිරිසිදු උපකරණ සහ සෞඛ්‍යයට අහිතකර තීන්ත වර්ග නිසා සමේ පිළිකා වගේ භයානක රෝග වලට මුහුණ දෙන්නටත් ඉඩ තිබෙනවා. ඒ නිසා වැඩේ පිරිසිදුවට කරන, පිරිසිදුවට ඉන්න, නිශ්චිත ප්ලේස් එකක් සහ නමක් තියෙන කෙනෙක්ගෙන් මේ වැඩේ කරගන්නවනං හොඳයි. 2. වයසට යද්දි අවුලක් වෙයිද? Source – earthporm.com ඔන්න අනිත් ප්‍රශ්නෙ. තරුණ කාලෙ කරන වැඩවල හොඳ නරක කොහොමත් තේරෙන්නෙ වයස්ගත වුනාම තමයි. එහෙමයි කියලා තරුණ කාලෙ අපි සතුටු වෙන දේවල් නොකර හිටියොත් පස්සෙ වයසට ගියාම තමුන් ගැනම දුකක් හිතෙන්නත් පුළුවන්. කොහොම වුනත් තමුන්ගෙ වයස්ගත කාලෙදිත් ආත්මාභිමානයට ප්‍රශ්නයක් නොවෙන්න ටැටූ එකක් ගහගන්න එක තමුන්ගෙ වැඩක්. මොකද වයසට ගියාට ඇඟ මාරු වෙන්නෙ නැහැනෙ. ඒ වගේම පස්සෙ කාලෙක හම රැළි වැටෙන නිසා මුල් කාලෙ ගහපු සිංහයො පස්සෙ කාලෙක නකුටු බල්ලො වගේ වෙන්න පුළුවන්. ඒ ගැනත් හිතලම කරන දෙයක් කරගන්න. 3. ලේ දෙන්න බැරිද? Source – bhbr.info සමහර අයට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ඕක. ටැටූ ගහද්දි රිදෙනවට බය සමහරුත් ඕක හේතුවක් කරගෙන ඒක කිය කිය ඉන්නව. ඒ ඒ රටේ නීතියට අනුව යම් කාලයකින් පස්සෙ ටෙස්ට් කරලා ලේ දෙන්න පුළුවන්. ඒකෙ බය තියෙන්නෙ ඉඳිකටු තුඩෙන් රෝග බෝවෙලාද කියන සැකය නිසායි. ඉස්සරනං ලංකාවෙ ටැටූ ගහපු අයගෙන් ලේ ගත්තෙ නෑ. ඒ පර්යේෂණ කිරීමේ තිබ්බ අපහසුතා නිසායි. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. ටැටූ එකක් ගහලා අවුරුද්දක් ගියාට පස්සෙ ලේ දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඉක්මනින් පර්යේෂණ කිරීමේ හැකියාව ඇති නිසා ඒක අර්බුදයක් නෙමෙයි. හැබැයි තාමත් ලංකාවෙ ජංගම ලේ දන්දීම් කඳවුරුවල නම් සමහර වෙලාවට ටැටූ ගහපු අයගෙන් ලේ ගන්න බෑ කියල කියනවලු. එංගලන්තෙ පළවෙනි මාස හතර ලේ දෙන්න බෑ. ඇමරිකාවෙ පළවෙනි මාස දොළහ ලේ දෙන්න බැහැ. 4. කල් යනකොට අවුල් වෙයිද? Source – gotattooremoval.com කල් යනකොට ටැටූ එක ෆේඩ් වෙන්න පුළුවන්කම සහ පාට අඩුවෙන්න පුළුවන්කමත් හොඳින්ම තියෙනවා. ඒ වගේ හේතු නිසා කට්ටියට කල් යද්දි පොඩි පොඩි අවුල් තමුන්ගෙ ටැටූ එක ගැන එන්න පුළුවන්. ඒ වගේම ඇඟ කෙට්ටු වෙද්දි, මහත්වෙද්දි, රැළි වැටෙද්දි වගේ සීන්වලදිත් ටැටූ එකේ තියෙන කොලිටිය නැතිවෙලා යනවා. ඒ වගේ අවස්ථාවලදි ඒ තත්ත්වයන්ට ගැලපෙන්න තමුන්ගෙ පරණ ටැටූ එක අලුත්වැඩියා කරල, ලස්සන කරගන්නත් හැකියාව තියෙන නිසා දැන් අවුලක් නැහැ. 5. ටැටූ ගහන්නෙනං! Source – 813magazine.com ටැටූ ගැහිල්ලත් වතුර බිවිල්ල වගේ තමයි. හොඳ මිනිස්සුත් වතුර බොනව. නරක මිනිස්සුත් වතුර බොනව. ටැටූ ගහපු එකා අවුල් ඩයල් එකක් වෙන්නෙත් නෑ. ටැටූ ගහපු නැති එකා හොඳ වෙන්නෙත් නෑ. ඒ වුනාට සමාජෙ තියෙන සමහර දුර්මත අරින්න හරිම අමාරුයි. කොණ්ඩෙ කපලා බෝල දාපං කියපු කැප්ටන්ලා ඉන්න කාලෙක ටැටූ කියන්නෙ අවුලක්. හෝටල් ක්ෂේත්‍රයටනං බාහිරට නිරාවරණය වෙන තැන්වල ටැටූ ගහන එකේ පොඩි අවුලක් තියෙනවා. ඒ හැරෙන්නට බොහෝ රැකියාවලට දැන් ටැටූවල ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම සමාජයේ මුල් බැහැගත්තු පුහු මතත් ටැටූ ගහල ඉන්න පිරිස වැඩි වෙලා නිසා එන්න එන්නම අඩුවෙමින් යනවා. 6. ලොකුවට පරිස්සම් කරන්න වෙනවද? Source – th-ink.co.uk ටැටූ එක ගහපු මුල් කාලෙ පරිස්සම වැදගත්. ටැටූ එක ඕනෑවට වඩා වතුරෙ පෙඟෙන්න අරින්න, සබන් ගෑවෙන්න දෙන්න හොඳ නැහැ. ඒ වගේම ගඟවල් වල, පූල් වල බහින්න යන එකෙනුත් මුල් සතිය දෙක වැළකිලා ඉන්න එක හොඳයි. ටැටූ එක ඉර එළියට නිරාවරණය වෙනකොටත් සොෆ්‍රමයිසීන් සහ වැස්ලීන් ආලේපනයන් භාවිතා කරන්න ඕන. ඒ පරිස්සම අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. 7. රිදෙනවද? Source – lovetoknow.com ඔන්න සමහරු අහන ප්‍රධානම ප්‍රශ්නෙ. රිදෙනවද? ලාවට රිදෙනව තමයි. හීනියට කට්ටකින් අනිනව වගේ. හැබැයි ඒක දැනෙන්නෙවත් නැති රිදීමක්. ටික වෙලාවක් යද්දි ඒ ලා රිදිල්ලට අපි හුරු වෙනවා. සමහර මස් බුරුල් තැන්වල සහ ඇට කටු උඩින් ඉඳිකටු පාර යද්දි රිදෙන්න පුළුවන්. ටැටූ එකක් ගහපු දාට පහුවදාත් ටිකක් ඇදුම් කෑමක් දැනෙන්න පුළුවන්. සමහරු වේදනාව යන්න කියලා බීලා ආවට, බිව්වට පස්සෙ ලේ ගමනාගමනය වේගවත් වෙන නිසා ටැටූ එක නිර්මාණය කෙරෙන අතරතුර ලේ එන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි පේන් කිලර්ස් ගත්තා කියලා වැඩක් වෙන්නෙත් නෑ. 0 maduranga001Most Senior MemberPosts:14123 07 Jun 2017 12:15 PM සමහරු ටැටූ ගහගෙන ඉන්නව. සමහරු ටැටූ ගහන්න කැමති නැහැ. තවත් සමහරු ටැටූ ගහන්න ආස වුනාට බයයි. ඔන්න ටැටූ ගහගෙන ඉන්න අයියල මල්ලිලට අක්කල නංගිලාට වගේම ටැටුවක් ගහගන්න හිතාගෙන ඉන්න අයට වැදගත් ලිපියක්. 0 chamaramindMost Senior MemberPosts:13471 07 Jun 2017 06:09 PM Posted By Rosi on 07 Jun 2017 11:15 AM කොටන්න පෙර සිතා බලමු – ටැටූ ගැන ඇත්ත නැත්ත සහ මිත්‍යා මත සමහරු ටැටූ ගහගෙන ඉන්නව. සමහරු ටැටූ ගහන්න කැමති නැහැ. තවත් සමහරු ටැටූ ගහන්න ආස වුනාට බයයි. ඉතිං එහෙම බයේ ඉන්න අයට තියෙනව ඔය හිත ඇතුළෙ කැකෑරෙන පොඩි පොඩි අවුල් සහගත තැන්. අපි මේ කියන්න යන්නෙ ටැටූ ගහන එක ගැන සමාජයේ තියෙන දුර්මත සහ ඒවායේ ඇත්ත නැත්තයි. සමහරු කැමතියි තමුන් ආස දේ තමුන්ගෙ ඇඟේ තමුන් එක්ක සදාකාලිකව තියාගන්න. තවත් සමහරු කැමතියි ලස්සන ටැටූ ගහන්න. ඒ කොහොම වුනත් මේ කතාව ටැටූ ගහපු සහ ගහන හැමෝටම අදාලයි. 1. ඒඩ්ස් හැදෙයිද? Source – teakdoor.com බාර් එකක් යට සූට් කේස් එකේ බඩු දාගෙන ඉන්න ඩයල් එකකගෙන් ටැටූ ගහද්දි මනුස්සයගෙන් මනුස්සයට අලුතෙන් කටු මාරු කරයිද, එයා පාවිච්චි කරන තීන්ත සහ උපකරණ සෞඛ්‍යාරක්ෂිතද කියල අපිට හිතන්න අමාරුයි. ඉතින් එහෙම බුවාලාගෙන් ලාබෙට ටැටූ ගහද්දි නම් ලෙඩක් සංසරණය වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා හැමවිටම විශ්වාසදායී තැනකින් තමුන්ගේ ටැටූ එක කරගන්න එක හොඳයි. HIV අසාධිත පුද්ගලයෙක්ට ටැටූ ගහපු කටුවකින්ම තවත් කෙනෙක්ට ටැටූ එකක් කිරීමේදී HIV ආසාදනය වෙන්න පුලුවන්. HIV ආසාධිත නොවුනත්, අපිරිසිදු උපකරණ සහ සෞඛ්‍යයට අහිතකර තීන්ත වර්ග නිසා සමේ පිළිකා වගේ භයානක රෝග වලට මුහුණ දෙන්නටත් ඉඩ තිබෙනවා. ඒ නිසා වැඩේ පිරිසිදුවට කරන, පිරිසිදුවට ඉන්න, නිශ්චිත ප්ලේස් එකක් සහ නමක් තියෙන කෙනෙක්ගෙන් මේ වැඩේ කරගන්නවනං හොඳයි. 2. වයසට යද්දි අවුලක් වෙයිද? Source – earthporm.com ඔන්න අනිත් ප්‍රශ්නෙ. තරුණ කාලෙ කරන වැඩවල හොඳ නරක කොහොමත් තේරෙන්නෙ වයස්ගත වුනාම තමයි. එහෙමයි කියලා තරුණ කාලෙ අපි සතුටු වෙන දේවල් නොකර හිටියොත් පස්සෙ වයසට ගියාම තමුන් ගැනම දුකක් හිතෙන්නත් පුළුවන්. කොහොම වුනත් තමුන්ගෙ වයස්ගත කාලෙදිත් ආත්මාභිමානයට ප්‍රශ්නයක් නොවෙන්න ටැටූ එකක් ගහගන්න එක තමුන්ගෙ වැඩක්. මොකද වයසට ගියාට ඇඟ මාරු වෙන්නෙ නැහැනෙ. ඒ වගේම පස්සෙ කාලෙක හම රැළි වැටෙන නිසා මුල් කාලෙ ගහපු සිංහයො පස්සෙ කාලෙක නකුටු බල්ලො වගේ වෙන්න පුළුවන්. ඒ ගැනත් හිතලම කරන දෙයක් කරගන්න. 3. ලේ දෙන්න බැරිද? Source – bhbr.info සමහර අයට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ඕක. ටැටූ ගහද්දි රිදෙනවට බය සමහරුත් ඕක හේතුවක් කරගෙන ඒක කිය කිය ඉන්නව. ඒ ඒ රටේ නීතියට අනුව යම් කාලයකින් පස්සෙ ටෙස්ට් කරලා ලේ දෙන්න පුළුවන්. ඒකෙ බය තියෙන්නෙ ඉඳිකටු තුඩෙන් රෝග බෝවෙලාද කියන සැකය නිසායි. ඉස්සරනං ලංකාවෙ ටැටූ ගහපු අයගෙන් ලේ ගත්තෙ නෑ. ඒ පර්යේෂණ කිරීමේ තිබ්බ අපහසුතා නිසායි. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. ටැටූ එකක් ගහලා අවුරුද්දක් ගියාට පස්සෙ ලේ දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඉක්මනින් පර්යේෂණ කිරීමේ හැකියාව ඇති නිසා ඒක අර්බුදයක් නෙමෙයි. හැබැයි තාමත් ලංකාවෙ ජංගම ලේ දන්දීම් කඳවුරුවල නම් සමහර වෙලාවට ටැටූ ගහපු අයගෙන් ලේ ගන්න බෑ කියල කියනවලු. එංගලන්තෙ පළවෙනි මාස හතර ලේ දෙන්න බෑ. ඇමරිකාවෙ පළවෙනි මාස දොළහ ලේ දෙන්න බැහැ. 4. කල් යනකොට අවුල් වෙයිද? Source – gotattooremoval.com කල් යනකොට ටැටූ එක ෆේඩ් වෙන්න පුළුවන්කම සහ පාට අඩුවෙන්න පුළුවන්කමත් හොඳින්ම තියෙනවා. ඒ වගේ හේතු නිසා කට්ටියට කල් යද්දි පොඩි පොඩි අවුල් තමුන්ගෙ ටැටූ එක ගැන එන්න පුළුවන්. ඒ වගේම ඇඟ කෙට්ටු වෙද්දි, මහත්වෙද්දි, රැළි වැටෙද්දි වගේ සීන්වලදිත් ටැටූ එකේ තියෙන කොලිටිය නැතිවෙලා යනවා. ඒ වගේ අවස්ථාවලදි ඒ තත්ත්වයන්ට ගැලපෙන්න තමුන්ගෙ පරණ ටැටූ එක අලුත්වැඩියා කරල, ලස්සන කරගන්නත් හැකියාව තියෙන නිසා දැන් අවුලක් නැහැ. 5. ටැටූ ගහන්නෙනං! Source – 813magazine.com ටැටූ ගැහිල්ලත් වතුර බිවිල්ල වගේ තමයි. හොඳ මිනිස්සුත් වතුර බොනව. නරක මිනිස්සුත් වතුර බොනව. ටැටූ ගහපු එකා අවුල් ඩයල් එකක් වෙන්නෙත් නෑ. ටැටූ ගහපු නැති එකා හොඳ වෙන්නෙත් නෑ. ඒ වුනාට සමාජෙ තියෙන සමහර දුර්මත අරින්න හරිම අමාරුයි. කොණ්ඩෙ කපලා බෝල දාපං කියපු කැප්ටන්ලා ඉන්න කාලෙක ටැටූ කියන්නෙ අවුලක්. හෝටල් ක්ෂේත්‍රයටනං බාහිරට නිරාවරණය වෙන තැන්වල ටැටූ ගහන එකේ පොඩි අවුලක් තියෙනවා. ඒ හැරෙන්නට බොහෝ රැකියාවලට දැන් ටැටූවල ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම සමාජයේ මුල් බැහැගත්තු පුහු මතත් ටැටූ ගහල ඉන්න පිරිස වැඩි වෙලා නිසා එන්න එන්නම අඩුවෙමින් යනවා. 6. ලොකුවට පරිස්සම් කරන්න වෙනවද? Source – th-ink.co.uk ටැටූ එක ගහපු මුල් කාලෙ පරිස්සම වැදගත්. ටැටූ එක ඕනෑවට වඩා වතුරෙ පෙඟෙන්න අරින්න, සබන් ගෑවෙන්න දෙන්න හොඳ නැහැ. ඒ වගේම ගඟවල් වල, පූල් වල බහින්න යන එකෙනුත් මුල් සතිය දෙක වැළකිලා ඉන්න එක හොඳයි. ටැටූ එක ඉර එළියට නිරාවරණය වෙනකොටත් සොෆ්‍රමයිසීන් සහ වැස්ලීන් ආලේපනයන් භාවිතා කරන්න ඕන. ඒ පරිස්සම අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. 7. රිදෙනවද? Source – lovetoknow.com ඔන්න සමහරු අහන ප්‍රධානම ප්‍රශ්නෙ. රිදෙනවද? ලාවට රිදෙනව තමයි. හීනියට කට්ටකින් අනිනව වගේ. හැබැයි ඒක දැනෙන්නෙවත් නැති රිදීමක්. ටික වෙලාවක් යද්දි ඒ ලා රිදිල්ලට අපි හුරු වෙනවා. සමහර මස් බුරුල් තැන්වල සහ ඇට කටු උඩින් ඉඳිකටු පාර යද්දි රිදෙන්න පුළුවන්. ටැටූ එකක් ගහපු දාට පහුවදාත් ටිකක් ඇදුම් කෑමක් දැනෙන්න පුළුවන්. සමහරු වේදනාව යන්න කියලා බීලා ආවට, බිව්වට පස්සෙ ලේ ගමනාගමනය වේගවත් වෙන නිසා ටැටූ එක නිර්මාණය කෙරෙන අතරතුර ලේ එන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි පේන් කිලර්ස් ගත්තා කියලා වැඩක් වෙන්නෙත් නෑ. එතකොට මකන්න ගියාම සෑහෙන ගාණක් යයි.. 0 indika76Most Senior MemberPosts:10457 07 Jun 2017 06:23 PM අපේ යාලුවෙකුත් ටැටූ එකක් ගහලා ගෙදරින් අම්බානකට බැනුම් ඇහුවා.. එයා මේ ස්ටන් එකෙත් ඉන්නවා... 0 smt90Veteran MemberPosts:1736 07 Jun 2017 06:39 PM වැදගත් ලිපියක් අක්කේ.... 0 samanthaMost Senior MemberPosts:13194 07 Jun 2017 09:10 PM ටැටූ කියන්නේ දැන් මෝස්තර කලාවක්. මේ රට වලනම් ගැහැණු පිරිමි භේදයකින් තොරව කොටනවා. කොටන්නේ නැතිව අඳින පිරිසකුත් ඉන්නවා. 0 gaminiVeteran MemberPosts:4475 07 Jun 2017 10:36 PM ඔය කෙටිල්ල නිසා මමත් ගෙදරින් ගුටි කළා තියෙනවා .............. යන්තම් අවුරුදු 17 වෙනකොට නිකන් ඉන්න බැරි කමට මමත් අතේ කුරුලෙක් කෙටුවා, අද එකා කුරුල්ලෙක්ද කිරිල්ලියෙක්ද කියලවත් හොයා ගන්නට බැහැ , තැනින් තැන මකන්නට ගිහින් කරගත් දේවල් නිසා ............ දන්නා කියන කෙනෙකුට කියන්නේ ඔය කෙටිල්ල නම් කර ගන්නට එපා ශත 50දීලා කොටාගෙන මම දැන් පසුතැවෙනවා 0 maduranga001Most Senior MemberPosts:14123 07 Jun 2017 11:39 PM Posted By gamini on 07 Jun 2017 10:36 PM ඔය කෙටිල්ල නිසා මමත් ගෙදරින් ගුටි කළා තියෙනවා .............. යන්තම් අවුරුදු 17 වෙනකොට නිකන් ඉන්න බැරි කමට මමත් අතේ කුරුලෙක් කෙටුවා, අද එකා කුරුල්ලෙක්ද කිරිල්ලියෙක්ද කියලවත් හොයා ගන්නට බැහැ , තැනින් තැන මකන්නට ගිහින් කරගත් දේවල් නිසා ............ දන්නා කියන කෙනෙකුට කියන්නේ ඔය කෙටිල්ල නම් කර ගන්නට එපා ශත 50දීලා කොටාගෙන මම දැන් පසුතැවෙනවා දැන් වගේ නම් ශත පනහක් දුන්නොත් දීපු කෙනාට අනිවා කොටනවා සෙනිකව. ඔව්. ඔව්. අපෙත් ස්ටන් එකේ ඉන්නවා මේ ලඟදි ටැටුවක් කොටාගෙන ගෙදරින් දෙහි කපා ගත්ත මලයෙක්. 0 indika76Most Senior MemberPosts:10457 08 Jun 2017 12:39 AM ඒ ගැන තමයි මමත් කලින් කියුවේ... පොරට නම් උණත් ගත්තා... 0 RosiSuper Senior MemberPosts:5335 08 Jun 2017 04:46 AM ඔව් මේ රටවල නම් ඕක තවත් ෆැෂන් එකක්,,ටැටූ එකක් නැති කෙනෙක් හොයා ගන්න අපහසුයි පොඩි ළමයි හැරෙන්න ,එහෙම කියලා ටැටූ එකෙකින් මිනිස්සු මනින්නේ නැ මෙහෙ ,, හැබැයි ඕනෑ වට වඩා ඇග පුරා කොට ගත්තොත් නම් තොරණක් වගේ පෙන්නේ එත් හරි ලස්සන ටැටූ තියෙනවා , ආසවටම මාත් එකක් ගත්ත මිට අවුරුදු 6 කට විතර උඩදී ,එකත් හරි සුන්දර අත්දැකීමක් 0 hasithadSuper Senior MemberPosts:5795 08 Jun 2017 06:35 AM පිස්සු නැත්නම් ෂෝක් කියන්නේ මේවට තමයි. 0 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Your Beauty