You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 05 Dec 2016 07:38 PM by  Rosi
ජනකවියෙන් සුවඳ හමන ගැමි දිවියේ යථාර්ථය..........
 5 Replies
Sort:
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
26 Nov 2016 10:49 AM
  •  Quote
  •  Reply


සි ංහලකමත්, ගැමි දිවියත් එකට යාවුණු පුරුකකි ජන කවිය. සිංහල ජන කවියේ ආරම්භය කවදා කෙසේ සිදුවීදැයි කිව නොහැකි නමුදු ශාස්‌ත්‍රීය නොහොත් පණ්‌ඩිත කවියට වඩා එය පැරණි වන්නේය. බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත "සාරත්ථප්පකාසිනී" ග්‍රන්ථයෙහි "ඇල් ගෙවිලියක විසින් ජාති, ජරා, මරණ යන ත්‍රිලක්‍ෂණය ප්‍රකාශ කරන ලද ගීයක්‌ ගායනා කරනු අසා සිටි සැටනමක්‌ භික්‍ෂූන් රහත්වූ බව කියෑවෙයි. එමෙන්ම බොහෝ විචාරකයන්ගේ පිළිගැනීම වන්නේ "උගත් සාහිත්‍යයක්‌ බිහිවීමට පෙරාතුව ජනකවි පහළවීම ස්‌වභාවික බවයි." මේ තුළින් ජනකවියේ ඉතිහාසය දුරාතීතයට දිවෙන බැව් පැහැදිලිය.

ජන කවිය ගැමි දිවිය සමග අත්‍යන්තයෙන් බැඳී පවත්නා ගැමි කලාංගයකි. තත් කවි වෙසෙස ගැමියා ගයන ලද්දේ හුදෙක්‌ දිළිඳුකමත්, සිත, කය වෙහෙසීමටත් කටුක දිවිපෙවෙත කරණකොටගෙන ලබන දුක්‌පීඩා අමතක කරලනු පිණිසය. ඔවුන්ගේ කවි අධික දුක්‌ පීඩාවන්ගෙන් වෙහෙසුණුවුන්ගේ හදින් නැගී පිටවූ දොම්නස්‌ සුසුම් හා සොම්නස්‌ සුසුම් වැන්න. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමි ජීවන යථාර්ථය යනු ගැමි ජනයාගේ ජීවිතයේ සැබෑ තත්ත්වයයි. ජන කවිය ජනහිත දිනූ කලා මාධ්‍යයක්‌ වන්නේ ගැමියන්ගේ ආධ්‍යාත්මයන් තුළින් උපත ලද අව්‍යාජ අත්දැකීම් එමගින් ප්‍රකටවීම නිසාය. ලේඛකයකුට ස්‌වකීය අදහස්‌ සන්නිවේදනය කිරීමට එකී ස්‌ථානය හෝ වේලාව බලනොපායි. ගැමි ජන දිවිය සුවිශාලය. බෙහෙවින්ම සංවේදීවූ අත්දැකීමක්‌ ගැමි කවියා ස්‌වකීය නිර්මාණයට විෂය කර ගනියි.

උපත, වැඩිවියට පත්වීම, විවාහය, මරණය යන මිනිස්‌ ජීවිතයේ ප්‍රධාන අවස්‌ථාවන් හෙළි පෙහෙළි කරන ජනකවි තුළින් ගැමිජන ජීවන යථාර්ථය පිළිබිඹු වෙයි. බිළිඳකු බිහිවීමෙන් අනතුරුව එළඹෙන සුවිශේෂ ස්‌ථානයක රන්කිරි කටගෑම, දරුවා සුවඳ පැනින් නහවා පිරිසිදුකොට රන්කිරිකට ගානු ලබයි. තනකිරි බැමිතිරිය යුෂ සමඟින් රත්රනින් ගලගා... රන්කිරි කටගෑමෙන් අනතුරුව දරුවාගේ වස්‌දොස්‌ දුරුකොට ආයුවර්ධනය සඳහා ආශීර්වාද කරයි.

කළු කපුටා සුදුවන තුරු

ඇසල කණුව ලියලන තුරු

ඉදිබුවාට ලොම් එන තුරු

ආයුබෝවන්න ළදරු

අනතුරුව දරුවාගේ උපන් නැකැත් අනුව නමක්‌ දීම සිදුකෙරෙයි.

නෙළුම් කවි, පැල් කවි, කරත්ත කවි, පතල් කවි, දඩයම් කවි යනාදිය ආර්ථිකමය ජීවනෝපායයන් මුලික කොටගෙන බිහිවූ කවි සඳහා උදාහරණය. මේ තුළින් ද ඔප්නැංවෙන්නේ ගැමි ජීවන යථාර්ථයයි. කුඹුර පවුළ පසුවද ඉක්‌බිතිව ගොයමෙහි කරල් නැගුණු පසුවද කෙත වනසතුන්ගෙන් රැකගනු පිණිස ගොවීන් දැරූ ප්‍රයත්නය පූජාවලියෙහිද විස්‌තර වෙයි.

කැලේ ගොසින් ලී කැපුවා කැත්ත දනී

වෙලේ ගොසින් වැට බැන්දා නියර දනී

පැලේ ගොසින් පැල් රැක්‌කා පැදුර දනී

මෙදා යලේ වී නැතුවා අටුව දනී

මේ තුළින් ඔප්නැංවෙයි. කෙතෙහි තැනූ පැලක දිවා රෑ කල් යවමින් වනසතුන්ගෙන් වගාව රැකගැන්මට ඔවුන්ට සිදුවිය. ගැමි දිවියේ යථාර්ථය පතල් කර්මාන්තය තුළින්ද නෙතුගැටෙයි. පතල් කනින්නන්ගේ දුක්‌ගැනවිලි සිත් තුළ කි¹බැස ඇති ආකාරය පාලුව සහ දොම්නස මුසු මෙකී සීපද තුළින් ගම්‍ය වේ.

වඳුරා ගොඩට අපි ඇවිදින් විදින දුකා

ගැටිය නැති මුට්‌ටි පොඩියේ උයන් කකා

පණම් විස්‌ස ණය වෙනකොට හිතට දුකා

මීට වැඩිය නරකද ගම හිඟා කකා

ගමෙහි ජීවත්ව ස්‌වකීය ආර්ථික තත්ත්වය දියුණු කර ගැන්මට නොහැකි යෑයි අවබෝධ වූ විට ඈත පළාත්වල පිහිටි මෙම පතල් වෙත ගැමියන් ඇදී ගියේ කාන්තාරයක ජලය දක්‌නට ලැබෙන ස්‌ථානයකට ඇදී යන පිපාසිතයන් ලෙසිනි. කෙසේ නමුදු ඔවුන්ගේ ආර්ථික පිපාසාව සංසිඳවන්නට තරම් ඵලයක්‌ පතල් වලින් ලැබූ බවක්‌ නොපෙනේ.

කෙත, වැව හා දාගැබ ඇසුරින් වැඩුණු සංස්‌කෘතිය සිංහල සංස්‌කෘතියකි. බෞද්ධ රටක්‌ වූ ශ්‍රී ලාංකික ගැමියෝ ආගමික කටයුතු සඳහා ප්‍රධාන ස්‌ථානයක්‌ දෙමින් ක්‍රියාකළ බවට අපේ වෙහෙර විහාර සාක්‍ෂි දරයි. සෑම ගමකම පාහේ පන්සලක්‌ දැකිය හැකිය.

දම්බරා මැද්ද මග හිමය මැද යමු

කඩා පලු වීර කාලා වතුර බොමු

අඬන ළමයි මඟ සිටුවා කිරි පොවමු

මයියන්ගනේ වැඳ බැහැදැක යන්ට යමු

විවිධ ඇදහිලි හා විශ්වාස මුල්කොටගත් ජනකවි තුළින්ද ගැමි ජන ජීවන යථාර්ථය දෘෂ්‍යමානිතය. ඇදහිලි යනු විශ්වාසය පදනම් කොටගෙන පහලවන්නකි. සමාජයේ ප්‍රථමයෙන් විශ්වාස ඇතිවී දෙවනුව ඇදහිල්ල ආරම්භ වූ බව පැවැසෙයි. ගැමියෝ ජීවිතයේ සෑම අවස්‌ථාවකදීම ජනකවි කීහ. තමන් ගමන් කරන කටයුත්ත සඳහා විවිධ කරදර, බාධක, පැමිණිවිට එම කරදර දුක්‌කම්කටොලු නිරාවරණය කර ගැනීමට විවිධ දෙවිවරුන් හා විශ්වාසයන්ගේ පිහිට පැතූහ. ජන සාහිත්‍යයේ සඳහන් දෙවිවරුන් ප්‍රධාන කොටස්‌ තුනකි. විෂ්ණු, විභීෂණ, ස්‌කන්ධ කුමාර, වැනි හින්දු දෙවිවරු එක්‌ කොටසකි. අයියනායක, පත්තිනි වැනි ඉන්දියාවේ සිටි මෙහිදී ස්‌වදේශික වූ දෙවිවරු තවත් කොටසකි. ගලේ බණ්‌ඩාර, මහසෙන්, මොරටු, රන්වල වැනි ලක්‌දිව එක්‌ එක්‌ ප්‍රදේශවල උපත ලැබූ මනුෂ්‍යත්වය දේවත්වයට උසස්‌ කරනු ලැබූ දෙවිවරු තුන්වැනි කොටස වේ. ඒ ඒ ප්‍රදේශවලට අධිපති දෙවිවරුද වෙති. දෙවිනුවර ප්‍රදේශයට උපුල්වන්ද, කැලණියට විභීෂණ ද, සබරගමුවට සමන් ද, කතරගමට ස්‌කන්ද කුමාර ද ආදී දෙවිවරු එකී ප්‍රදේශවලට අධිපති වූහ. එක්‌ අවධියකදී තත් දෙවිවරුන් සතරදෙනා සතර වරම් දෙවියන් ලෙස සැලකූ බව දැකිය හැකිය.

අහසට හිමි ඉරහඳ දෙවියන් නේ

පොළොවට හිමි මිහිකත් දෙවියන් නේ

දෙලොවට තෙද ඇති සක්‌දෙවියන් නේ

මෙලොවට වැඩි දෙවි අවසර දෙන් නේ

ඉර, හඳ, දෙවියන් ලෙස සැලකීම සිංහල ගැමි සංස්‌කෘතියේ ලක්‍ෂණයකි. ආලෝකය ලබාදෙන සූර්යයාටත්, රාත්‍රිය ඒකාලෝක කරන චන්ද්‍රයාටත් පය තබාගෙන සිටින මහ පොළොවටත් ගැමියා ස්‌තූතිවන්ත වූයේ එම වස්‌තූන්ට වන්දනා කිරීමෙනි. ගැමියන් අතර පවත්නා ඇදහිලි අතර "යකුන් ඇදහීමද" සුවිශේෂය යකුන් බොහෝ සිටියද ගැමියන් අදහන යකුන් ස්‌වල්පයකි. ඒ අතර සූනියම්, මහසෝන්, සන්නි, රීරි, ඔඩ්ඩි යන යකුන් ප්‍රධාන වෙයි. යාග කම_වලදී මෙම එක්‌ එක්‌ යක්‍ෂයාගේ උත්පත්ති කතාවද විස්‌තර වේ. කළුකුමාර යක්‍ෂයා පිළිබඳ ජනකවියක මෙසේ සඳහන් වේ.

මල්වර වෙලා ඉස්‌නානෙට යන ගම නේ

මනකල්වෙලා හඬතලමින් නාන තැ නේ

මල්වර තරුණ අඟනන් දැක අල්ලමි නේ

ඇල්නොව රකින් ආතුර කළු කුමරුව නේ

කළුකුමාර යක්‍ෂයා කාන්තාවන් රෝගී කරන බැව් ජන සම්මත මතයකි. මොහු තරුණ කතුන් මල්වර වූ විට දිෂ්ටි හෙළන බව මෙකී කවියෙන් විෂද වෙයි.

විනෝදය සහ ශෘංගාරය ආශ්‍රිතව බිහිවූ කවිද දක්‌නට ලැබේ. එදා ජන සමාජයේ විවිධ දුක්‌කම්කටොලු පැවතිය නිසා මිනිසුන් ජනකවි තුළින් යම් ආස්‌වාදයක්‌ ලැබුවේය. නන් රැකියාවන්හි නිරත වෙමින් ස්‌වකීය වෙහෙස නිවාගන්නා අතරම ඔවුන්ගේ සිත් ආදරයටත්, ශෘංගාර රසයටත්, නිතැනින්ම ඇදී ගිය බව පෙනේ. එහෙත් මෙය ගැමියාගේ අහිංසක විනෝදයක්‌ වූ බවද පැවැසිය හැකිය. අසන්නා කෙරෙහි හැඟීම් දැනවෙන පරිදි මෙන්ම සංයමය රැකෙන පරිදි කීමට ජනකවියා සමත්කම් දක්‌වයි.

තනිමඟ තරුණියක යනු දුටු තරුණයකුගේ සිතෙහි රාගය මෝදු වෙයි. ඔහු ඇය අමතා සංයමයෙන් යුතුව ව්‍යංගයෙන් යමක්‌ පවසයි.

"අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ

වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ

හිමියෙක්‌ නැති ගමන් තනිමග කිම්ද නගෝ

අම්බලමේ ඉඳලා අපි යම්ද නගෝ"

ඒ රසවත් කවිය ඇසූ තරුණිය ඔහුගේ සිත නොරිදවා තවත් කවකින් පිළිතුරු දෙයි.

අල්ලාගෙන නෙරිය මඩතැවරෙන හින්දා

වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි හින්දා

බාල මස්‌සිනා පස්‌සෙන් එන හින්දා

යඤ්ඤං අයියන්ඩි ගමරට දුර හින්දා

කවියක ආත්මය රසයයි. එම රසය මතුකිරීමේ උල්පත වන්නේ නිර්ව්‍යාජත්වයයි. අවංකකම තීව්‍ර වූ තරමට නිර්ව්‍යාජත්වයට මඟ පෑදෙයි.

ඉරට මුවාවෙන් ඉඳගෙන ඉස පීරනවා

සඳට මුවාවෙන් ඉඳගෙන සලු පළඳිනවා

මලට මුවාවෙන් ඉඳගෙන මල් පළඳිනවා

අපට මුවාවෙන් ඉඳගෙන ඔමරි කරනවා

ඔමරියකගේ ලලිතාභිනයෙන් හෝ නෙතඟ බැල්මෙකින් හෝ ඇය කෙරෙහි ඇදී ගිය ඇස්‌ ඇතියකු ඇගේ රූපකායෙන් ලත් චමත්කාරය විමසිය යුත්තේ තර්කඥනයෙන් නොවේ. එහි පිරී ඇති භාවිකවදන්වලට බලය දීමෙනි. මෙයින් ජනකවියේ අව්‍යාජත්වය, යථාර්ථය ගම්‍ය වෙයි. එහි රස විඳින්නාද අව්‍යාජ විය යුතුය.

ජනකවිය ජන දිවිය හා අත්‍යන්තයෙන් බැඳී පවතින්නකි. තමාගේ අභිරුචිය මත අවශ්‍ය වේලාවට මුහුණදුන් දේ අනුව නේකවිධ කවි නිර්මාණය කළේය. බඩගින්න දුප්පත්කම හා බැඳී පවතී. නැති බැරිකම කරණකොටගෙන බඩගින්නේ හිඳීමට සිදුවේ.

බඹේකට ඈත මගෙ කුඹුර පෙනි පෙනී

සබේ බැන්ද ජයසක්‌ සේම පෙනි පෙනී

ඔබේ පිහිට ඇත්නම් මෙමට පුළුවනී

ඉබේ කෙඳිරි ගෑවෙන ලෙඩකි බඩගිනී

බඩගින්නෙන් පෙළෙන කෙනකුට වෙනත් දෙයක්‌ කළ නොහැකිය. පළමුව බඩගින්න නිවාගත යුතුය. දේශනාවකට පෙර හාමත තුරන් කළ යුතු බව බුදුන්වහන්සේ දේශනා කළහ. ලිය බඩගිනි වූ විට දරුවා ඉවත දමන බවත් නැයිනිය සිය බිජු බුදින බවත් ඕනෑම පවකට නැමෙන බවත් පඤ්චතන්ත්‍රයේ සඳහන් එක්‌ අදහසකි. බඩගින්න එදා මෙදාතුර සමාජයේ තදින් බලපැවැත්වෙන්නකි.

ජනකවිය අතුරින් ගැමි ජීවිතය දෙස බලා අපට මහත් මිහිරක්‌ සන්තෝෂයක්‌ ලැබිය හැකි බව සත්‍යයකි. ජීවිතයේ කොතෙකුත් කරදර, කම්කටොලු අමතක කරමින් සතුට, විනෝදය ලබන ගැමියන්ගේ මුවින් නිකුත් වන රසවත් ගීත මාලාවෝ විස්‌මයාවහ හැඟීම් දනවති. ජීවිතයක ඇතිවන කටුක බව අමතක කොට සන්තෝෂය ලබාගැන්මට හැකි බලයක්‌ පැවැතීමයි. කලා නිර්මාණයෙහිලා ගැනෙන කවරක හෝ පරමාර්ථය වනුයේ උපදේශාත්මක, සංවාද, පවුල් ජීවිතය සම්බන්ධ කවි තුළින් ද ගැමි ජීවන යථාර්ථය හෙළි පෙහෙළි කරන්නාවූ ජන කවිය ගැමියාගේ හදවතෙහි වූ හැඟීම් එළිගන්වන ගීතාංගයකි
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
05 Dec 2016 03:41 AM
  •  Quote
  •  Reply
මෙහි සඳහන් කවි රාශියක් ළමා කාලයේදී අසා තිබුණා වගේ මතකයක් තියෙනනවා..
අතීත මතකය නැවත සිහිපත් කලාට ගොඩක් ස්තූතියි ගාමිණි අයියේ...
1

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12928






--
05 Dec 2016 05:19 AM
  •  Quote
  •  Reply
ගොඩක් වටින ලිපියක් ගාමිනි අය්යෙ ....ඔන්න මම වෙනම කොපි කරගත්තා ..ලමයින්ට ඔන වෙයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Dec 2016 08:53 AM
  •  Quote
  •  Reply
ගොඩක් ස්තූතියි ගාමිණි අයියේ ඔයාගෙ ලිපියට.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
05 Dec 2016 09:47 AM
  •  Quote
  •  Reply
අපි ඉගෙන ගන්න කාලයේ නම් අපිට පාසැල් වල මේවා ඉගැන්වූවා.. අපි ලවා ගායනා කෙරෙව්වා.. එහෙත් කණගාටුවට කරණය අද පරම්පරාව මේවා දන්නවාද කියන එකයි. ඉස්සර ගුවන් විදුලියේ පවා ජනගී වැඩසටහන් ප්‍රචාරය වුණා. බොහොමත්ම ස්තූතියි ගාමිණී මේ වටිනා ලිපියට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Dec 2016 07:38 PM
  •  Quote
  •  Reply
පාසල් යනකාලේ ජන කවි ගැන පොතක් හැදුවා කවි එකතුවකින් ..මතක් වුනා මේ ලිපිය කියවද්දී .
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below