You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 Feb 2017 05:51 PM by  Udeshika Herath
අහිමි වස්සානය.
 59 Replies
Sort:
Page 2 of 3 << < 123 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
28 Nov 2016 04:56 PM
  •  Quote
  •  Reply
ලස්සන කතාවක්........අක්කා කෙනෙකුට නේද ලයින් එක දාන්නේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
1

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
28 Nov 2016 07:25 PM
  •  Quote
  •  Reply
කොච්චර සුන්දරද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Nov 2016 09:08 PM
  •  Quote
  •  Reply
හී අක්කෙට්ට තමා ලයින් දාන්නේ
දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Nov 2016 01:18 AM
  •  Quote
  •  Reply
මම වගේ පොරක්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
29 Nov 2016 11:20 AM
  •  Quote
  •  Reply
තවත් ලස්සන කතාවක් පටන් අරගෙන තියෙන්නේ

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Nov 2016 12:40 AM
  •  Quote
  •  Reply
මේකත් ලස්සනයිද. වෙලාවක් තිබුනොත් කියවන්න ගන්නංකෝ
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
30 Nov 2016 06:52 AM
  •  Quote
  •  Reply
කෝ කෝ තව කොටසක් දාමුකෝ බලන්න

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Dec 2016 04:20 AM
  •  Quote
  •  Reply
මේකත් මේ ලියන ගමන් වෙන්ටෑ දාන්නේ. හදිස්සි වෙන්න එපෝ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
01 Dec 2016 12:14 PM
  •  Quote
  •  Reply

***අහිමි වස්සානය***
<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->


08. වන කොටස.

''අනේ සෙව්මී උබව දැක්ක කල්. ඔබලා නම් තාම ස්කොලේ යනවා නේද?''

''අනේ සුරෝ ඔයා මේ කොහේ යන ගමන්ද?''

''පොඩි ජොබ් එකක් කරනවා බන් කඩේක.''

''එහෙමද ? කොහොමද ඉතින්.

''මම හොදින් බන්. ඒ සෙව් මේ කවුද බන්.''

      ඇය රහසින් මෙන් ඇසුවේ මා පෙන්වමින්. ඒ කියන්නේ මේ සුරෝටත් පෙන්නේ මම සෙව්මී අක්කගේ කොල්ලා වගේ. ශික් මේ සෙව්මී අක්කට එහෙම හිතෙන්නේ නැහැනේ. මම ඔවුන් දෙදෙනා දෙස බලා සිනා සෙමින් සිතුවා.

''ආ මේ අපේ ගෙවල් පැත්තේ  මල්ලි කෙනෙක්.''

     ශික් මාව අදුන්නලා දුන්න කැත විතරක්. මගේ මල්ලිවත් කියන්න තරම් මාව වටින්නේ නැද්ද මෙයාට. මම ඔවුන් අසලම රැදී ඔවුන්ගේ කතාවට සවන් දුන්න.

''අනේ සුරෝ අපිට ස්කෝලෙට යන්න පරක්කු වෙනවා පස්සේ දවසක අපේ ගෙවල් පැත්තේ එන්නකෝ.''

''මට උබේ නම්බර් එක දීපන්කො.''

''හ්ම්ම්ම් 075....... ''

       සෙව්මී අක්කා එයාගේ යාලුවට සේව් කට ගන්න  කීප වතාවක් නම්බර් එක දෙද්දී මම කට පාඩම් කර ගත්තා. ඔන්න ඒ වැඩේ නම් හරි. දෙනෙ දෙයියෝ පස්සෙන් පන්න පන්න දෙනවා කියන්නේ මේකට  තමා. ගොඩක් පින් සුරෝ අක්කේ. අර බෝම්බෙට වඩා ඔයා කොච්චර හොදයිද. මම ඇයට හිතෙන පින් දුන්න.

''සුරෝ ඔය නම්බරේ ගෙදර එක හොදද අපිට ඉතින් පොන් නෑනේ තව.''

    ඒ නම් සෙව්මී අක්කා මටද කොහෙද කිව්වේ. නම්බර් එක මතක තියා ගත්තට මම ඔයාට කෝල් කරන්නේ නෑ. වැඩේමයි මට.ඇයට සමු දුන් අපි පාසැල දෙසට ඇදුනා. සුපුරුදු අයුරින් මම පසිඳු එනකන් පුංචි කඩේ ළග නතර වෙද්දී ,සෙව්මී අක්කා ඇස් හීන් කරලා හිනා වෙලා මගේ දිහා  බලලා ගේට්ටුවෙන් ඇතුලට ගියා.

       එදා මම ගෙදර ගිය ගමන් අක්කා අලුත් පොන් එකක් ගත්තු නිසා මට දීලා තිබුන පුංචි පොනේ එකත් අරන් ඇදේ ඇළ වුණා. මගේ මතකයේ තිබුන නම්බර් එකට මිස් කෝල් එකක් ගැහුවා. ගෙදර එක කිව්වනේ.අම්මෝ සෙව්මී අක්කගේ අම්මා ඒම ආන්සර් කලොත්. මම මොනා කියන්නද? අනාගත බෑනා කියන්නද. මම ම මිස් කෝල් ගහලා මැසේජ් එකකුත් දැම්මා.**''aii mata miss  call karanne.''** මම ම අරන් මම ම අහනවා ඇයි කියලා .

''දන් ඇටේ මොකද ආපු ගමන් ඇදේ.''

'' නිකන් අක්කේ කම්මැලි''

        මම පොන් එක සගවා ගනිමින් කිව්වා.

''මොකුත් නැති නිසාද තනියම හිනා වෙන්නේ.''

   මේ තාරාව එක්ක නම් මොකුත් කරන්න බෑ.

'' මල්ලි හොදට ඉගෙන ගෙන ඉන්න. පෙනවනේ තාත්තා පව් අපි එයාලට උදව් කරන්න ඕනේ.''

''හරි අක්කේ මම වරදක් කලේ නෑනේ.''

''හ්ම්ම්ම් අද කෑම එපාද?''

         මම නොඉවසීමෙන් බලන් හිටියේ  සෙව්මී අක්කා මාව දුර ගනීද කියලා. අක්කගේ උගුසු ඇස් දෙකෙන් බේරෙන්නත් ඕනෙනේ, ඒක නිසා කුස්සියට ගිහින්  කෑම ගත්තා. පොන් එකත් සරමේ ගැටේ අස්සේ ගහගෙන මම ජම්බු ගහ යටට ගිහින් වාඩී වුණා. එතකොටම ටීක්.... ටීක්... මගේ පොනේ එකට මැසේජ් එකක් ආවා. පුදුමයි එයා මට රිප්ලයි කරලා. මම ඉක්මනට මැසේජ් එක බැලුවා.

**''OYA MOKADA MATA MSG KARANNE .NAPURA''**

     ඒ කියන්නේ සෙව්මී අක්කා මාව අදුරගෙන. මට උඩ පැනලා හැමෝටම ඇහෙන්න කෑ ගහන්න හිතුනා.

     සතියක් විතර හිතේ හිර වුණා ඒ සොදුරු සිදුවීම් එක්ක ගෙවිලා ගියා. කලින් වගේම ආයෙත් දවසක් සෙව්මී අක්කා මට නොකියම ස්කොලේ ආවේ නෑ. විස්තරයක් දැන ගන්න විදියකුත් නැහැ. ගෙදරට කතා කරන්නත් බයයි.මම අමාරුවෙන් දවස ගෙවා ගත්තා. ඒ විදියට එක දිගට දවස් තුනක් ස්කොලේ නෑවිත් ඉද්දි මට පිස්සු වගේ වුණා. මම හිතුවේ සෙව්මී අක්කා ස්කොලේ එන්නේ නැත්තේ මම නිසා කියලා.බැරි තැන මම වෙනදෙයක් වෙයන් කියලා සෙව්මී අක්කගේ නම්බර් එකට කෝල් එකක් ගත්තා .

''හෙලොව් මට සෙව්මී අක්කට කතා කරන්න පුලුවන්ද ?මම එයාගේ යාලුවෙක්.''

''පොඩ්ඩක් ඉන්න.''

      ඒ පැත්තෙන් කතා කලේ සෙව්මී අක්කගේ අක්කලා දෙන්නාගෙන් එක්කෙනෙක් වෙන්න ඇති කියලා මම අනුමාන කළා. ටික මොහොතකට පස්සේ සෙව්මී අක්කගේ කට හඩ අනිත් පසින් ඇහුනා.

'' හෙලොව්''

''සෙව්මී අක්කේ.''

''නිම්සර මල්ලි ඇයි මේ.''

''ඔයා අයි ස්කොලේ එන්නේ නැත්තේ.මම නිසාද .''

''නැහැ නැහැ මට උන මල්ලියෝ.''

''සෙව්මී අක්කේ.''

''හ්ම්ම්ම්ම්''

''ඔයා මොන තත්වෙන් මගේ ලගට ආවත් මම ඔයාව බරා ගන්නවා.''

''ඔයාට පිස්සුද නිම්සර මල්ලි. මම ජරා කෙල්ලෙක් කියලද ඔයා හිතන්නේ.''

        එක පාරටම මට එහෙම දෙයක් කියවුනේ ඇයි කියලා මම වත් දන්නේ නැහැ. මම හුගක් දුකින් හිටිය නිසා, මගේ හදවත පතන දේවල් වචන වෙලා මුවින් පිට වෙන්න ඇති..

''අනේ මම එහෙම හිතුවේ නෑ සෙව්මී අක්කේ.''

'' මේක හරියන වැඩක් නෙමෙයි. මට බෑ ප්‍රශ්න වලට මුන දෙන්න. හැමෝම මට බනිනනවනේ.''

''අනේ මට ඉන්න බෑ සෙව්මී අක්කේ.''

''ඔයාට මාව ඕනෙද කියන්න.''

''ඔව් මට ඔයාව ඕනේ.''

        මට තේරුනා සෙව්මී අක්කා අඩනවා. එයාගේ සුසුම් වල හඩ මට හොදටම ඇහුනා. මගේ ඇස දෙකත් කදුලින් බොද වෙලා. මටත් කදුළු නවත්ත ගන්න බැරි වුණා.

'' ඔයා අඩනවද සෙව්මී අක්කේ.''

''ඔයත් අඩනවානේ බබා.''

'' ම්ම්ම් .''

''ඔයා මාව තනි කරන්නේ නෑ නේද බබා.''

''කවදාවත්ම නෑ සෙව්මී අක්කේ.''

''මට වඩා හොද කෙල්ලෙක් හම්බුනාම.''

''එහෙම වෙන්නේ නෑ.''

''එහෙනම් මගේ එග්සෑම් එක ඉවර වෙනකන් ඉවසනවද? ඔයත් හොදට පාඩම් කරලා විභාගේ කරන්න බබා.''

''හරි මම බලන් ඉන්නම් සේව්මී අක්කේ''

''එතකන් කාටවත්ම මේ ගැන දැන ගන්න තියන්න එපා. මගේ ලගට එන්නත් එපා.''

''ම්ම්ම්ම්ම්ම්''

''බුදු සරණයි බබා. පරිස්සමින් ඉන්න. අඩන්න එපා.''

''ඔයත් අඩන්න එපා සෙව්මී අක්කේ. පරිස්සමින් ඉන්න. බුදු සරණයි .ඉමනට ස්කොලේ එන්න.''

''හ්ම්ම් බායි.''

      මම මුළු ලෝකෙම දිනුවා. මම කාමරේට වෙලා ඔලුවේ ඉදන් බෙඩ් සීට් එක පොරවාගෙන කදුළු අතාරි හිනා වුනා. මගේ සෙව්මී අක්කා,මගේ චුටි බබා,මගේ සුරංගනාවී  මට ආදරෙයි. මගේ චුටි බබා ඔයා මගේ. මගේ විතරයි . කාටවත්ම දෙන්නේ නැහැ. මට ඕනේ ඔයාගේ ලගටම වෙලා ඉන්න.

***************

''නෙත් යුග වලටත් වඩා''

''වටී නුබ මට''

''මගේ පුංචි සුරන්ගනාවියී''

'' මගේ පනටත් වඩා ආදරේ''

''මා ඔබ රැක ගනනම්.''

'' සදා කල්''

***************

      හිතේ ලියවුන හැගීම් පෙල මහා රෑ හොරෙන්ම ඇහැරලා නිසැදැස් පොතේ සටහන් කලේ හෙට සෙව්මී අක්කට දෙනවා කියලා හිතාගෙන. මොනතරම් නිදා ගන්න හිතුවත් නෙත් පියන්න මගේ චුටි බබා  මට ඉඩ දුන්නේ නැහැ.

හමුවන්නයි පැතුම ..

සිතුවිලි ගැලපුම සඳු

දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
01 Dec 2016 08:15 PM
  •  Quote
  •  Reply
මට කතාවේ මුල් ටික මග ඇරුණා නංගී..
ඒ නිසා මේ ටික සේව් කරගත්තා..
හෙට කියවන්න ඕන..
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
01 Dec 2016 10:07 PM
  •  Quote
  •  Reply
කොටස් 8 ටම කියෙව්වා මම... පලවෙනි කොටස කියවද්දිම දිගටම කියවන්න ආස හිතුණා ... ඒ තරම් ලස්සනයි ..

ඉක්මනට දාන්න ඉතින් අනිත් කොටස් ටිකත් 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Dec 2016 04:21 PM
  •  Quote
  •  Reply

***අහිමි වස්සානය***


09. වන කොටස.


         සතියකට විතර පස්සේ මගේ සෙව්මී අක්කා ආයෙත් ස්කොලේ එන්න පටන් ගත්තා. දැන් එයා සෙව්මී අක්කා නෙමෙයි මගේ පන ,මගේ චුටි බබා. එයාගෙන් ඈත් වෙලා හිටිය දවස් කීපයට මම හිතුවටත් වඩා එයාට ලං වුණා. මගේ හිතට දැන් නම් පොඩි බයක් වත් දැනුනේ නෑ, එයා මට නැති වෙයි කියලා .මොකද මම හොදටම දන්නවා එයත් මන් වගේම මට හුගක් ආදරේ බව. මගේ චුටි බබා ස්කොලේ නාව සතියම මම එයාලගේ පාර ගාවට වෙලා ඇස් රිදෙනකන් මග බලන් හිටියා. ගෙදර ආව වෙලේ ඉදන් පොන් එක දිහා බලන් හිටියේ මගේ චුටී බබා කෝල් එකක් ගනීද කියලා. මගේ නිසදැස් පොත පුරාම මගේ ඇත රිදෙනකන් හිත සැනසෙනකන් අපේ ආදරේ ගැන ලිව්වා.

        අනේ මගේ චුටි අද නම් ස්කොලේ එනවා. සෙව්මී අක්කා ගුරුපාර දිගේ මගේ දිහාවට පා නගද්දී මට කෑගහලා කියන්න හිතුනා. අනේ මගේ චුටි බබා ඔයා කොහොමට මේ තරම් දවස් මාව නොදක හිටියේ කියලා.

''ගුඩ් මෝර්නින් නිම්සර මල්ලියෝ .''

''ගුඩ් මෝර්නින් චුටි....... අක්කේ''

      මම චුටි බබා කියන්න යද්දී සෙව්මී අක්කා මට එයා ලගින් හිටිය පුංචි නංගිව ඇහෙන ඉගිකරලා පෙන්නුවා. ශික් ඇත්තටම අමතක වුනානේ මේ පොඩි එකී මෙතන ඉන්න බව. පුදනකොටම කාපී යකා කිව්වලු. මගේ චුටි බබාට මම පොරොන්දු වුනානේ විභාගේ ලියනකන් රහසක් හැටියට තියා ගන්නවා කියලා. අනේ සොරි මගේ පන. මම ඇස් දෙක හීන් කරලා සමාව ගන්න වගේ චුටි බබා දිහා බලද්දී ,එයා හරියට ඒක තේරුනා වගේ හිස සලලා ඉගි කළේ එකට කමක් නෑ කියලා.

      සති කීපයක් සගවාගෙන හිටියත් අපි දෙදෙනගේ හැසිරීම කලින්ට වඩා හුගක් වෙනස් වුණා. අපේ ආදරේ හැමෝටම රහසක්. චුටි බබාට පොරොන්දු වුන නිසා, මම නොකියම බැරි කමට පසිඳුවට විතරක් කිව්වා. ඒක  නිසාම අපි කතා බහ කලේ හොරෙන් වෙනදා වගේ හැමෝම ඉස්සරහා සෙව්මී අක්කේ කියලා කතා කරන්න මට බැරුව ගියා. ඉස්සර වගේ අපිට අපේ මුණු දිහා හැමෝම ඉන්න තැනදී බලන්න බැරුව ගිය. ඒ අපේ ආදරේ අනිත් අයට දැනෙයි කියලා තිබුන බිය නිසා. අපිට අපි නොදැක ඉන්න බැරුව ගිය නිසා නොයෙක් හේතු හදාගෙන පන්තියෙන් එලියට පැනපු මම මගේ චුටි බබාව බලන්න ගියා. එයාටත් එහෙමමයි මාව දකින්න එන්නේ කොයිවෙලේද කියලා වගේ හොරෙන් හොරෙන් මගේ ලගට ආවා. හැමෝටම රහසක් කර ගන්න උස්සහා කරපු දෙ ටික ටික හැමෝටම තේරෙන්න ගත්තා. ආදරෙයි කැස්සයි හංගන්න බැහැ කියනවනේ.

       දවසක් මම පන්තියේ උගන්වන වෙලේ පන්තියෙන් එලියට පැන ගත්තේ සෙව්මී අක්කා ඔපිස් එක පැත්තට යනවා දැකලා. එයා එළියේ නම් ඉතින් මාත් එලියේ තමා.

'' ඒ පසිඳුවා .අර චුටි බබා එළියේ මම පයිනවා එලියට.''

''පිස්සුද බන් අර බෝම්බෙත් ඉන්නවා සෙව්මී අක්කා එක්ක. ඔබ නම් වැඩි කල් යන්න කලින් මේක මුළු ස්කොලේම පතුර ගන්නවා.''

''ඔබ ඉදහන්කෝ පොඩ්ඩක් මම ගිහින් එන්නම්.''

       මම පංතියෙන් එලියට පැනලා සෙව්මී අක්කට පේනමානයට ආවා. චුටි බබා පොඩ්ඩක් මේ පැත්ත බලන්නකෝ කියලා මම අසල වූ ටැප් එක අසලට ගියා.  අන්න අර බොම්බේ මේ පැත්තට එනවා. මම ටැප් එකට නැබුරු වුනා.

'' නිම්සර මල්ලි මොකද මේ ඇවිදින්නේ පන්තියේ මිස් කෙනෙක් ඉන්නවනේ.''

          චුටි බබාත් මෙතන විකාරයක් කතා කරනවා. මම මිස්ගේ මොනවා බලන්නද . අමාරුවෙන් පන්තියෙන් පැනලා ආවම මෙයා මිස්ගේ ලස්සන කියනවා. චුටි බබා එයාගේ යාලුවන්ව මගාරලා ටැප් එක ලගට ඇවිත් තිබුනා.

'' චුටි බබා මම ඔයා බලන්න ආවේ,''

'' ස්ස්ස්ස්ස්ස් චුටි බබා කියන්න එපා මේ ස්කොලේ.''

''අනේ චුටි බබා,''

'' හරි බබා ඉවසන්න වෙනවා. මම යනවා එහෙනම් චතුමීයා එහෙම මාව හොයනවා ඇති.''

       මට එහෙම කියලා චුටි බබා යාළුවො අතරට ගියා. මම හැංගිලා බලන් හිටියේ චුටි බබා හිනා වන විට දිලිසුන ලස්සන ඇස් දිහා. කාලය හරිම වේගයෙන් ගෙවිලා ගිහින් වෙසක් පෝය ලගා වුනා. දැන් හැමෝම වගේ වටින් ගොඩින් දන්නවා අවේ ආදරේ ගැන. ඇත්තට මුන්ටත් ඕනේ නැති මගුලක් නැහැනේ. අපිට නිදහසේ වචනයක් කතා කර ගන්න දෙන්නේ නැහැ . අර චතුමි නම් බෝම්බයක්ම තමා. චුටි බබා මොකට ඔවුන්ව ආශ්‍රය කරනවද මන්දා. මම නිතරම හිතින් දොස් නැගුවේ තාමත් චුටි බබාගේ යාළුවො මට පොඩ්ඩක් වත්ම කැමති නැති නිසා.

     වෙසක් පෝය වෙනුවෙන් ස්කොලේ සිලසමාදාන වැඩසටහනක් පිළියෙළ කරලා තිබුනා. පොඩි පන්ති වල ළමයි සිල් ගද්දි අපි සිල් නොගෙන හිටියේ දානේ පිලි ගැන්වීම, ගිලන්පස පිලිගැන්වීම වගේ වැඩ කරන්න කියලා. කොහොම හරි දවල් දානෙන් පස්සේ දර්ම දේශනාවක් පැවත්තුනා. ගුරුවරුයි ළමයිනුයි ධර්ම දේශනාවට සවන් දෙද්දී  අපේ කොල්ලෝ සෙට් එක්ක එකතු වෙලා දවල් කෑම ගන්න සුදානම් වුනා.

 '' දිගා අර බලපන් උබේ  කිරිල්ලි තනියම කනවා,''

         අම්මට සිරි සෙට් එක එක්ක දානේ වේලට වැඩේ දෙනවා නේද.  චුටි බබයි එයාගේ යාළුවොයි වෙන හෝල් එකක කොනක වටවෙලා කෑම ගන්නවා. මුන් කනවද? කෑ ගහනවද? හරියට වවුලෝ වගේ. කනවට වඩා කෑ ගහනවා. මගේ චුටි බබාගේ කටත් හරි සද්දෙයි. පෙනේද යාළුවො එක්ක පිස්සු නටන හැටි. මටත් ඔයා ලගින්ම ඉන්න තිබුනා නම්.

'' ඒ දිගා ඔබ කොහෙද බන් යන්නේ.''

'' මගේ චුටි බබා ලගට.''

''ඔබට පෙන්නේ නැද්ද යකෝ එතන අර බොම්බේ ඉන්නවා.''

'' ඔහේ වෙන දෙයක් වෙයි.''

      අපේ සෙට් එක මගේ ගමන හරස් කලත් මම නැවතුනේ නැහැ. මගේ හිතට ආපු හැගීමත් එක්ක මගේ චුටි බබා ලගට ඇදිලා ගියා. වෙලාවකට හිතෙනව මට පිස්සුද කියලා. ඔව් ඔව් මට පිස්සු .මම පිස්සුවෙන් වගේ මගේ චුටි බබාට ආදරේ කරනවා .ඔබට මොකද. හිත මට පිස්සා කියලා බනිද්දි මමත් හිතට හොදටම බැන්ණා. මම චුටි බබාට මොන තරම් ආදරේද කියලා මේ හිත තේරුම්  ගන්නේ නැහැනේ.

''චුටි බබා.''

''ඇයි  නිම්සර මල්ලි''

'' කෝ මට කෑම''

''කෑවේ නැද්ද තාම.''

''කන්න දුන්නේ නැහැනේ''

''ඉන්න මම බෙදලා දෙන්න.''

''දැන් බෙදලා දීලා බැහැ ඔයාගේ බත් එකෙන් කවන්න.''

     වව්ල්ලු ටික වගේ පොර කකා හිටිය සෙට් එක මැද්දට පැනලා මම එහෙම කියද්දී ඔක්කොමලා ගොළු වෙලා. මම රජා වගේ ඉදිරියට යද්දී මගේ කුයින් පසු බැස්සේ නැහැ. බැහැ නොකියා කමින් සිටිය බත් එකෙන් කටක් මට කැව්වා. කට්ටිය තවත් හොල්මන්. හොද වැඩේ බෝම්බෙට. බොම්බේ කටත් ඇරගෙන කන්න වගේ බලන් ඉන්නවා. අනිත් උනුත් මුනට මුණ බලාගෙන. මම උන්ව ගානකටවත් ගත්තේ නෑ චුටි බබා ලග තිබුන ඩේස් එක උඩින් ඉගෙන චුටි බබාට කියලා බත් කවා ගත්තා. චුටි බබාගේ ඇස දෙක තරු කට දෙකක් වගේ දිලිසෙනවා. එයත් ඉන්නේ ලොකු සතුටකින් ආඩම්බරෙකින්. මගේ චුටි බබා මට දැන් කන්න ඕනේ නෑ. ඔයාගේ ආදරෙත් පිරෙන්න පුළුවන් හැම තැනම උපරිමෙන් පිරිලා. මගේ මැණික මට ආදරෙන් කවද්දී මම කොහොම එපා කියන්නද. කිරි කාපු අන්දරේ වගේ ඉස්මුරුත්තා වෙනකන්ම කෑවා. කළා ඉවර වෙලා මගේ චුටි බබා අයිස් ක්‍රීම් එකක් මගේ අතේ තියද්දි අපේ සෙට් එකත් එතනට පාත් වෙලා.

''උබට අපිව අමතක වුනා නේද සුරංගනාවී දැක්කම.''

'' මල්ලිලා කෑවද?''

''අක්කිලට දැන් තමා අපි මතක් වෙන්නේ.''

''අපි කෑවා සෙව්මි අක්කේ.''

    රිද්මයා වාචාලකමට කියවද්දී පසිඳුවා තවත් මගේ කෙල්ලව අපහසු තාවයට පත් නොකරා ශේප් කළා. මම හොරෙන් බැලුවේ බොම්බේ දිහා, අම්මෝ ඔන්න පුපුරන්න මෙන්න පුරන්න. මටනම් මාර හැපී ඉතින් මට දාපු පාර්ට් වල හැටියට තව සෑහෙන්න රිටන් දෙන්න වෙනවා. අනේ සෝ සොරි බොම්බේ.

    එදා දවසම ගෙව්වේ මගේ චුටි බබා ලග තමා. මම කොහොමත් එකෙකුටවත් යටත් වෙන ජාතියේ එකෙක් නෙමේ. අම්මා, තාත්තා වුනත් ඒක දන්නවා. මගේ පනත් දන්නවා ඉතින් මගේ දාදබ්බරකම ගැන. අද කට්ටිය මැදට පැනලා කවන්න කියද්දී කවන්නේ නැතුව හිටියා නම්, මොකක් හරි මරුසියක් කරලා සේරම විනාස කරන බව එයා දන්නවා. මගේ චුටි බබා මට වැඩියෙන්ම ආදරේ මගේ ඒ දගකාර දඩබ්බරකමට. ඒක නිසාම මම එයා ඉස්සර තව තවත් දඩබ්බර වුනේ ආදරේ දිනා ගන්න. මම මුළු ලෝකෙම දිනාලා ඉන්නේ, මම චුටි බබාගේ ආදරෙන් පිස්සු වැටිලා ඉන්නේ.

    සිල්පවාරණය කරලා පොඩි වුන් ටික යන්න ගියා. අපිත් එහෙන් මෙහෙන් හෝල් ටික සුද්ද කරලා දාලා ගෙදර එන්න පිටත් වුනා. අපි සුද්ද කරන්න හිටිය නිසා පොඩිවුන් සේරම ගිහින්. චුටි බබාගේ මුරකාරිත් ගිහින්. අද ඉතින් මගේ එක්ක තනියෙන් තමා යන්න වෙන්නේ. ඕක මොකද්ද පන්ති ඇරිලා ගෙදර යන්නේ අපි දෙන්න හැමදාම තනියෙමනේ. එකසීට් එකේ ඉගෙන කුරුළු ජෝඩුව වගේ. මගේ ජීවිතේ ලස්සනම කාලේ. මම ඉන්නේ අනිත් හැමදේම අමතක කරලා, මගේ චුටි බබාව විතරක් හිතේ තියාගෙන.

     පාර දිගේ ඉදිරිය ඇදුන අපි රේල් පාර දිගේ ඇවිදගෙන ගියා. හරිම ලස්සනයි මගේ සුරංගනාවී දනිස්සට කොට සුදු ගවුම ඇදලා, එතරම් දිගු නොවූ කොන්ඩේ කරල් දෙකකට ගොතලා, සුදු සපත්තු ජෝඩුවකුත් දාලා, ඒ මදිවට පොත් මිටිය පපුවට තුරුළු කරන රේල්පාර දිගේ ඉදිරියට ඇදෙද්දී මැවුනේ වෙනමම අලංකාර  රූපයක්.මමත් පොත් කීපයක් අතේ අරන් ඇය සමග හිනා වෙමින් ඉදිරියට ඇදුනා.

     එක පාරටම මම චුටි බබාගේ අතින් අල්ල ගද්දි එයා පොඩ්ඩක්වත් කලබල නිවුණේ පෙනෙනමානෙක කවුරුත් නැති නිසා වෙන්නැති. ගමන නවත්තලා එයාගේ ඇස් දෙක දිහාම බලලා සිනිදු අත මගේ අත්ලෙන් පිරි මද්දි, චුටි බබත් වශී වෙලා මගේ දිහා බලන් හිටියා.

''තරහද මගේ චුටි බබා,''

''ඒ මොකටද බබා.''

''ඔයාගේ යාළුවො ඉස්සරහදි කවන්න කිව්වවට.''

''නැහැ නැහැ''

'' සොරි චුටි බබා. මට ඔයාගේ අතින් කන්න ඕනේ වුනා.''

''අනේ සොරි කියන්නේ ඇයි ඔයා එහෙම කරපු එක හොදයි.''

''ඇයි''

''අපි එයාලට බයේ කවදා වෙනකන් හැංගිලා ඉන්නද.''

''මට ආදරෙයි නේද චුටි බබා.''

''අනේ ඔව් බබා .''

'' කොච්චරක්''

''ඒක මනින්න බැහැ.''

''මමත් ගොඩාක් ගොඩාක් ආදරෙයි.''

''මගේ නපුරා''

     අපි දෙන්න සතුටින් අත්වැල් බදාගෙන තව ටිකක් ඉදිරියට ඇදුනා. මම චුටි බබාව අයෙත් මගේ පැත්තට හරවාගෙන ඒ හිනි අහිංසක ඇස් දෙකට එබුනා.

''චුටි බබා  තෑග්ගක් තියේ ඔයාට දෙන්න.''

''ඒ මොනවද බබා.''

''ඇස දෙක පියා ගන්න පොඩ්ඩක්.''

           චුටි බබා හිනා මුසු මුහුනින්ම දෑස් පියා ගත්තා,

'' හොරෙන් බලන්න ඔට්ටු නැහැ ඔන්.''

       ඇය දෑස්  පියාගෙනම හිස සැලුවා. මම ටිකෙන් ටික චුටි බබාගේ මුහුනට ලං වුනා. එයාගේ දෙතොලත මගේ දෙතොල් ස්පර්ශ වෙන්න ඔන්න මෙන්න තියෙද්දී චුටි බබා ඇස් දෙක විවර කළා.

හමුවන්නයි පැතුම ..

සිතුවිලි ගැලපුම සඳු 

දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
04 Dec 2016 07:41 PM
  •  Quote
  •  Reply
චුටි බබාගෙ පින්තුරයකුත් දාන්න
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
04 Dec 2016 09:50 PM
  •  Quote
  •  Reply
අයියෝ ඇස් ඇරියෙ ඇයි ..
Business, you know, may bring money, But friendship hardly ever does.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Dec 2016 05:20 AM
  •  Quote
  •  Reply
ass ariye nathnm maru neda
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
05 Dec 2016 05:34 AM
  •  Quote
  •  Reply
චූටි බබා හරි නෝටියි නේ...
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
05 Dec 2016 10:43 AM
  •  Quote
  •  Reply
අපරාදෙනේ චුටි බබා ඇස් ඇරියේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Dec 2016 11:16 AM
  •  Quote
  •  Reply
යාලු වෙලා ටික කාලෙනේ අනේ අම්මේ මෙයාලා නම්.
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Dec 2016 11:18 AM
  •  Quote
  •  Reply

***අහිමි වස්සානය***


10. වන කොටස.


            මගේ සුසුම් ඇගේ මුහුණේ වදිද්දී හොදටම කලබල වුනා. මගේන් ඉවත් වුන චුටි බබා ඉක්මන් පියවර තබමින් ඉදිරියට ඇදුනා. ශික් මොකද්ද මේ මම කරන්න ගියේ. මගේ චුටි බබා මාත් එක්ක තරහා වුනාද මන්දා. මම චුටි බබාගේ පස්සෙන් දුවගෙන ගියා.

''චුටි බබා සොරි .. අනේ සොරි  ''

''හරි හරි බබා.''

''ඔයා තරහද චුටි බබා.''

''නැහැ නැහැ තරහා නැහැ.''

''කෝ මගේ දිහා බලන්න.''

           මම චුටි බබාගේ අත් දෙකෙන් අල්ලලා මගේ පැත්තට හරවා ගත්තා.

''මන් ගැන වැරදියට හිතන්න එපා චුටි බබා,''

''නැහැ මම එහෙම හිතුවේ නැහැ.''

''අනේ සොරි ''

''හරි හරි බබා.''

      සෙව්මී අක්කා යන්තම් මගේ දිහා බලලා හිනා වුනත් මගේ හිතට දැනුනේ ලොකු අපහසුතාවයක්. චුටි බබා ගෙදරට හැරෙන තැනට එනකන්ම කිව්වේ සොරි කියලා විතරයි. එදා මම ගෙදර ඇවිල්ලත් මුඩ් ගහලා පැත්තකට වෙලා කල්පනා කලේ චුටි බබා මන් ගැන වැරදියට හිතයිද කියලා.

       ඒ සිදු වීම ඉක්මනින්ම අමතක වෙලා ගියා.මම චුටි බබා එක්ක හැමදාම එකට  ස්කොලේ ආවා ගියා. පන්ති ඇරිලා එක බස් එකේ ,එක සීට් එකේ ඉගෙන ආවා.කොතනදීත් චුටි බබා මාත් එක්ක කතා කලේ කිසිමැ බයක් නැතුව. හොද වැඩේ බෝම්බෙට, මගේ චුටි බබා මට කැමති වුනා නිසා ,දැන් කටඋත්තර නෑ. අපිට උදව් නොකෙරුවට වචනයක් වත් කියන්න ආවේ නෑ.

     දවසක් හවස මම පුරුදු විදියට පොඩි අයගේ ක්ලාස් එක කලින් ඉවර කරලා පැනලා ආවේ, මගේ චුටි බබා එන බස් එක අල්ල ගන්න. මම ආපු ගමන් බස් එකට ඔලුව පොවලා බැලුවේ චුටි බබා ඉන්නවද කියලා. හිතුවා වගේම මේ ඉන්නේ, බස් එකේ කවුළුවෙන්  ස්ටෑන්ඩ් එකේ ඉන්න මිස්සු ගැන ගැන. මම ගිහින් එයාගේ ලගින් වාඩී වෙද්දී, චුටි බබා ගැස්සිලා මගේ දිහා බැලුවා.

''මොකද චුටි බබා බය වුනාද?''

''අම්මෝ ඔව් .ලගට එනකන් දැක්කේ නැහැ.''

''කොහේ පේන්නද වෙන කොල්ලෙක් දිහා බලන් හිටියා නේද,''

''මොනවද බබා ඔය කියන්නේ.''

''ඕන් ඉතින් කේන්ති ගියාද?''

       චුටි බබා මට පොඩ්ඩක් රවලා බස් එකේ කවුළුවෙන් ඉවත බලා ගත්තා. මගේ චුටි බබා හොදටම තරහා වෙලා වගේ මම චුටි බබාගේ අතක් අල්ලලා අතගිලි අතරට තද කරගෙන මුනට එබුනා.

''අනේ චුටි බබා තරහා වුනාද මම විහිළුවක්නේ කලේ.''

''නැහැ මගේ රන්.''

      මගේ උරහිසට ඔලුව තියාගෙන මගේ අත එයාගේ අත් දෙකට මැදි කර ගත්තා. බස් එකේ වෙන සෙනග ඉන්න බවක් අපිට මතක නැහැ. මගේ ලග එහෙම හැසිරෙන්න චුටි බබා බය වුනේ නැත්තේ ඇයි කියලා මට තේරුම් ගන්නත් බැහැ. ගෙදරට ආරංචි වෙලා ප්‍රශ්න ඇති වෙයි කියන බය අපි දෙන්නටම දැනුනේම නැහැ.

     වැඩේ කියන්නේ එදා මම ගෙදර එනකොට මටත් කලින් ආරංචිය ගෙදරට ඇවිත්. මම ගෙට ඇතුල් වෙද්දීම අම්මා මගේ ඉස්සරහට ආවා.

'' චුටි පුතා මොනවද මේ මිනිස්සු කියන කතා.''

''මොන කතාද අම්මේ.''

''බස් එකේ අර සුභාගේ දුවත් එක්ක තුරුල් වෙලා ආවා කියලා. ලැජ්ජා නැද්ද ළමයෝ.''

''මොකට ලැජ්ජා වෙන්නේ.''

''දැන් ඉගෙන ගෙන ඉවරද ? මගුලක් ලැහැත්ති කර ගත්තේ,''

'' අම්මගේ යාළුවගේ දුවෙනේ සෙව්මී අක්කා.''

''ඒක නේන්නම් ඒ ළමයා උබට වඩා වැඩිමාළුත් එක්ක නේද?''

''ඒක මට ප්‍රශ්නයක් නෙමේ.''

   එතනින් එහාට ගෙදර කවුරුත්ම ඒ ගැන කතා කලේ නැහැ. අපේ අක්කා නම් ඒ බවක් දන්නා බවක් වත් ඇගෙව්වේ නැහැ. තාත්තා හැසිරුනේ මොකුත්ම ආරංචි නොවුන ගානට. ඇත්තටම මම දෙයක් හිතුවොත් කරලා මිසක් නවතින්නේ නැහැ කියලා ගෙදර හැමෝම දැනන් හිටියා. ඒක නිසාද කොහෙද මට ඒ ගැන මොකුත්ම කියන්න ආවේ නැහැ.

    චුටි බබාගේ අම්මයි අපේ අම්මයි ස්කොලේ කාලේ යාළුවො කියලා මම මුල ඉදන්ම දැනන් හිටියා. ඒ දෙන්නා යාළුවො නිසා අපිට ඉක්මනටම කැමති වෙයි කියලා අපි හිතුවා. අපි දෙන්නගේ සම්බන්දෙ ගෙදරට ආරංචි වුනාම මම හිතුවේ අම්මලා දෙන්නා යාළුවො නිසා අපි ගැන කතා වෙයි කියලා. මොන පිස්සුද ඒ දෙන්නා මුළු ගමේම තියෙන ඕපාදුප කියෙව්වා මිසක් අපි ගැන වචනයක් වත් කතා කලේ නැහැ.

      වෙනදා වගේම මම චුටි බබා එනකන් ගුරු පාර දිහා බලාගෙන හිටියා. වෙනදට එන වෙලාවත් පහු වෙලා. අද මොකක් හරි නිසා පරක්කු ඇති කියලා හිතලා මම තවත් මග බලන් හිටියා. කෝ අනේ මගේ පන තාම නැහැනේ. මම ඇස් රිදෙනකන් මග බලන් ඉදලා හතයි තින බස් එකේ එල්ලිලා ස්කොලේ ලගින් බැහැලා තාප්පෙන් පැන්නා .පරණ පුරුදු කොහේ අතාරින්නද සර්ලා මට දඩුවම් දුන්නට වැඩක් නෑ. මම තවමත් ස්කොලේට යන්නේ ගොඩක් දාට තාප්පෙන් පැනලා තමා.

''ඒ දිගා මොකද උබ පරක්කු වුනේ.''

''බලහන්කො සෙව්මී අක්කා ස්කොලේ ආවේ නැහැනේ.''

''ඒක ගැන තමා යකෝ අපිත් කියන්න යන්නේ.''

    මම පුල් අප්සට් මුඩ් දාන් කියද්දී මගේ යාළුවො සෙට් එකත් හිටියේ අවුලෙන්.''

''මොකද වේලා තියෙන්නේ කියහල්ලකෝ.''

''සෙව්මී අක්කා..''

''ඇයි මගේ චුටි බබාට මක් වෙලාද.''

''දිගා පොඩ්ඩක් ඉඩහන්කෝ කලබල නොකර. උබේ චුටි බබාට තාම මොකුත් වෙලා නැහැ.''

''අනේ කියහල්ලකෝ.''

'' ඔබ කියන්න දෙනවද ඉතින්.''

''සෙව්මී අක්කලාගේ ගෙදරට ආරංචි වෙලාලු උබලගේ සම්බන්දෙ ගැන.''

''මොනවා. උබලා කොහොමද දන්නේ.''

''බොම්බේ උදෙන්ම ඇවිත් අපිට සද්දයක් දාලා ගියා.''

''දැන් උබට සතුටුයිද අහන්න කිව්වේ.''

''උබලු සෙව්මී අක්කට ඉස්කෝලේ එන්න නැති කලේ.''

''විභාගේ ලියා ගන්න එහෙම බැරි වුනොත් උබලු වග කියන්න ඕනේ.''

''අන්න එදාට උබව අල්ල ගනාවා කිව්වේ.''

       මගේ යාළුවො චතුමි අක්කා කියපුවා මාරුවෙන් මාරුවට කියද්දී මම ගල් ගැහිලා නිහඩව හිටියේ, මොකද්ද මේ පාත් වුන හෙන ගෙඩිය කියලා කල්පනා කරමින්.

     සතියක්ම ගෙවිලා ගියා. චුටි බබා ස්කොලේ ආවේම නැහැ. මම හිටියේ පිස්සෙක් වගේ .මම ඒ සතියම පොඩි අයට ක්ලාස් කලත් නැහැ. යන්තම් හරි මගේ චුටි බබාගේ මුණ බලා ගන්න කියලා තාත්තා වැඩිය පදින්නේ නැතුව අයින් කරලා තිබුන බයිසිකලේ නැගලා චුටි බබාලාගේ ගේ ඉස්සරහින් එහෙ මෙහෙ ගියා.

    බයිසිකලේ මොනතරම් කබල්ද කිව්වොත් මලකඩ ගොඩක් විතරයි .රෝද කැරකෙද්දී ක්රාස් කරාස්... ගලා සද්දයක් එනවා. මේ කබලට පයින් පාරක් දුන්නා නම් දෙකට කැඩෙනවා. මොනවා කරාන්නද මේ අවස්ථාවේ හැටියට මට කබල් බයිසිකලය අනිත් හැම දේටම වඩා වටිනවා. ඒ කට්ටවත් නොතිබුනා නම් මට දෙපයේ පිහිට තමා පතන්න වෙන්නේ.

     මම එහෙම චුටි බබාගේ ගේ ඉස්සරහින් යද්දී චුටි බබාලාගේ අක්කලා දෙන්නා මට ඇහෙන්නම බැන්නා. මට තේරුනා අම්මලා යාළුවො වුනත් අපි දුප්පත් නිසා එයාලා අපිට අකමැති බව. මම හිටියේ කරකියා ගන්න දෙයක් නැතුව. මගේ චුටි බබා කොහොම ඉන්නවද කියලා මට නිතරම මතක් වුනා. අද එයි  හෙට එයි කියලා මම ස්කොලේ ගියත් මගේ චුටි බබා ස්කොලේ ආවේම නැහැ. සාමානය පෙළ විභාගයටත් වැඩි කාලයක් තිබුනේ නැහැ. හැමදාම චුටි බබාලගේ පොන් එකට කෝල්ස් ගතත් ඒකත් ඕප්. මම දවස ගානෙම අර කබල් බයිසිකලෙන් චුටි බබාලාගේ ගෙවල් පැත්තේ කරකුනත්, චුටි බබා දකින්නවත් ලැබුනේ නැහැ.

      මගේ පොන් එක රින් වෙනවා. චුටි බබාද දන්නේ නැහැ. මම ඉක්මනට නම්බර් එක බැලුවා. චුටි බබාගේ තමා. එත් එයාලගේ ගෙදර කවුරු හරිද දන්නේ නැහැ ගන්නේ. වෙන මගුලක් වෙයි කියලා මම කෝල් එක අන්ස්ර් කළා.

''හෙලොව් රන්.''

''අනේ මගේ චුටි බබා ඔයා හොදින් නේද ? අනේ මොකද වුනේ මැණික.''

''අපි ගැන ගෙදරට ආරංචි වෙලා. මට පොන් එක දෙන්නේ නැහැ හංගලා. මම මේ හොරෙන් ගත්තේ.''

''අනේ මැණික ආයි ඉස්කෝලේ එන්නේ නැද්ද?''

''මම දන්නේ නැහැ අපි බලමු. මම කවදාවත් ඔයාව දාලා යන්නේ නැහැ රන්. මම ඔයාට ගොඩක් ආදරෙයි රන්. උම්ම්ම්ම්ම්මා. මම තියනවා. කවුද එනවා වගේ.''



හමුවන්නයි පැතුම ..


සිතුවිලි ගැලපුම සඳු 

දිනයක වැටහේවී...........
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
05 Dec 2016 09:24 PM
  •  Quote
  •  Reply
හොඳට අත්දැකීම් තියෙනව වගේ ලස්සනට ලියල තියෙනවා..   ස්තූතියි 
Business, you know, may bring money, But friendship hardly ever does.
0
Add Reply
Page 2 of 3 << < 123 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below