You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 27 Feb 2017 06:07 PM by  Prasad Maduranga
කෝමාරිකා , දිනපතා , මුහුණ මත ආලේප කරන්න
 41 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 3123 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Nov 2016 12:21 AM

    ටයි එක සහ ටයි බාර් එක ගැන මේ කාරණා දැනගෙන හිටියේ නැතිනම් වැඩක් නැහැ

     

    ටයි අඳින්න අපිට විවිධාකාර අවස්තාවන් උදාවෙනවා. ඒ වගේම ඒ ඒ අවස්ථාවන්ට උචිත විවිධ ටයි වර්ග තිබෙනවා. ගොඩක් වෙලාවට අපි යම් සමාගමක සේවය කරනවා නම් අපිට ඇඳිය යුතු නියමිත ඇඳුම අතරේ ටයි පටිය ඇඳීමත් විශේෂ තැනක් ගන්නවා. ඒ වගේම මාකටින් වගේ ක්ෂේත්‍ර වල වෘත්තිකයින් මේ ටයි පටිය වැඩිපුර අඳින නිසා මේකට විහිලුවට “වංචාපටිය” කියලත් කියනවා. ඉතින් මේ ටයි පටිය ගැන දන්නා දේට වඩා නොදන්නා දේවල් වැඩියි කියලයි අපිට නම් හිතෙන්නේ. ඒ නිසා කාගේ කාගේත් හිත සුව පිණිස අපි ටයි පටිය ගැන නොදන්නා කාරණා ටිකක් දැනගෙන සිටිමු.

     

    1. කොටස්

    ටයි එකේ විවිධාකාර කොටස් තිබෙනවා ඒ වගේම ටයි පටියක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා කිහිපයකුත් තියෙනවා. අපි එකින් එක දැනගමු.
     

    i. ලයිනින්
    Ties and tie bar

    Source – reddit.com

    ටයි එකක් අතට ගත්තම මුලින්ම ටයි එකේ ලයිනින් එක ගැන සැලකිල්ලක් දක්වන්න. මේකට හේතුව තමා ටයි එකේ ලයිනින් එක නිසා ටයි පටිය අඳින්නට පහසු වෙනවා වගේම ටයි පටිය හැකිලිමෙන් වලකිනවා. සාමාන්‍යෙන් ටයි පටියක ලයිනින් එක නිමවෙන්නේ 100% ම වූල් වලින්.

     

    ii. පෙනුම (ෆැබ්රික් එක)
    Ties and tie bar

    Source – redaslaoui.com

    ස්පර්ශ කර අතගා බැලීමෙන් ඔබට ටයි පටියේ ෆැබ්රික් එක ගැන අදහසක් ගත හැකියි. ටයි පටිය බොහොම පහසුවෙන් ගැට දැමීමට මේ සිල්කි ගතිය අපිට උදව් වෙනවා.

     

    iii. රෝල් කරන්නට හැකි බව
    Ties and tie bar

    Source – reachingkayo.com

    ටයි පටියක් අතට ගත්තම එය රෝල් කරන්නට හැකිද කියා බලන්න. එසේ හැකි නම් එය අපි පැලඳු විට නියමිත හැඩයෙන් තිබෙන්නට මේ රෝල් කරන්නට හැකි බව උදව් වේවි.

     

    2. ප්‍රමාණය අනුව ටයි පටිය

    Ties and tie bar

    Source – reddit.com

    ටයි එක පැළඳුවාට පසු එය ඔබේ කලිසමේ පටියේ ස්පර්ශ වෙනවා නම් තමයි ඔබ නියමිත අයුරින් එය පළඳා ඇති බව දැනෙන්නේ. ඒ වගේම ඔබ සාම්ප්‍රදායික ලෙසින් ටයිපටිය අඳිනවා නම් ඔබ අඳින කබායේ කබා පටි දෙක හමුවන තැන ගැලපෙන ආකාරයට ටයි පටියේ පළල නියමිත වෙන ලෙස සකසා ගත යුතු වෙනවා.

     

    3. තැන අනුව ඩිසයින් එක

    Ties and tie bar

    Source – fashionstork.com, pinterest.com

    ඔබ සතුව වුල් ටයි පටි තිබේනම් ඒවා සාමාන්‍ය කැෂුවල් ඇඳුමකට හෝ ට්වීඩ් පැළඳුමකට සෑහෙනවා. එහෙත් ඔබ සතුව තියෙන්නේ සිල්ක් වලින් වියමන් කල ටයි පටියක් නම් එයින් හැඟවෙන්නේ එය පළඳින්නට හොඳම ස්ථාන වන්නේ රාජකාරි මට්ටමේ වැඩ කටයුතු සඳහා පමණක් බවයි.

    මේ වර්ග දෙකම මාරු කරලා පැළඳුවා කියලා කිසිම වරදක් නැහැ. එහෙම වුනොත් ඔබ fashion sensation එකක් වෙනවට වඩා fashion disaster එකක් ලෙස අවට සමාජයට පෙනෙන්න තිබෙන ඉඩ වැඩියි.

     

    4. ඇඳුමේ වර්ණය අනුව ටයි පටිය

    Ties and tie bar

    Source – youtube.com

    වර්ණ ගලපන්න කියලා කිව්වට වෙළඳපොලේ දහස් ගණනක වර්ණ වලින් යුතු ටයි පටි තිබෙනවා. ඒ වගේම ඒ වර්ණ වලින් ඔබේ ප්‍රතිරූපය ඔප් නැංවෙනවා කියන කාරණයත් සැලකිල්ලට ගන්න ඕනේ. ඔබ සහභාගී වෙන උත්සවය සහ අවස්තාව එහෙමත් නැතිනම් ඉසව්ව සම්බන්ධයෙන් මේ ටයි පටියේ වර්ණය වෙනස් වීම ඉතාම වැදගත් වෙනවා. ඔබේ කමිසය සහ කලිසමේ පාටට ගැලපෙන ටයි පටියේ වර්ණය ගලපා ගත යුතු වීම නම් අනිවා ෆැක්ට් එකක්.සාමාන්‍ය අවස්ථාවට අඳින ටයි පටියකට ඇති රීතිය වෙන්නේ ඔබේ කමිසයේ වර්ණයට වඩා තද පැහැති විය යුතු බවයි.

     

    5. සමේ වර්ණය අනුව ටයි පටිය

    Ties and tie bar

    Source – pinterest.com, pinterest.com

    ඒ වගේම ඔබට තියෙන්නේ තලෙළු පැහැති සමක් නම් දීප්තිමත් වර්ණයක ටයි පටියක් පැළඳීම සුදුසුයි. ඔබට තියෙන්නේ පැහැපත් සමක් නම් ඔබ තෝරාගන්න ඕනේ මඳක් තද පැහැති ටයි පටියකුයි.

     

    6. ටයි ගැට

    Ties and tie bar

    Source – youtube.com, ties.com, ties.com

    ටයි ගැට එහෙමත් නැතිනම් සිංහලෙන් කියනවා නම් tie knots එකකට එකක් වෙනස් වර්ග රාශියක් තියෙනවා. එහෙත් අපේ බහුතරය භාවිතා කරන්නේ ප්‍රධාන ධාරාවේ ටයි ගැට තුනක් තමයි. ඒ තමා Four In Hand Knot, Full Windsor knot සහ Half Windsor knot කියන ටයි ගැට ත්‍රිත්වය. අනික් වැදගත් ම දේ තමා මේ ටයි ගැට සියල්ලම ප්‍රධාන වශයෙන් සුදුසු වෙන්නේ එකකට වෙනස් ප්‍රධාන හේතු තුනකට වීම.

     

    Four In Hand Knot : ප්‍රිය සාදයකට හෝ සුහද හමුවකට

    Ties and tie bar

    Source – gents-guide.com

     

    Full Windsor knot : සම්මුඛ සාකච්ඡා හෝ ව්‍යාපාරික හමුවලට

    Ties and tie bar

    Source- atailoredsuit.com

     

    Half Windsor knot : විවාහ උත්සව හෝ ප්‍රියසාදයන් වලට

    Ties and tie bar

    Source- gents-guide.com

     

    මේවාට අමතරව තව අතිරේක ටයි ගැට වර්ග 18ක් තියෙනවා. ඒ සෙට් එකම මේ ලින්ක් එක හරහා කියවන්න පුළුවන්.

     

    7. ටයි බාර් එක

     

    i. මොකද්ද මේ ටයි බාර් එක කියන්නේ?
    Source - vuhoops.com

    Source – vuhoops.com

    ටයි බාර් එක කියන්නේ ඔබ ටයි පටිය ඇන්දාට පස්සේ ටයි පටිය වෙනස් නොවී තියෙන්නට කමිසයට ටයි පටිය තබා පළඳින පුංචි ක්ලිප් එකටයි.

     

    ii. කොතැනද පළඳින්නේ ටයි බාර් ?
    Ties and tie bar

    Source – buzzle.com

    දැන් මෙහෙම කියනකොට මේ ටයි බාර් එක පළඳින්න උවමනා කොතනටද කියලා අපේ යාළුවො බලනවා ඇති. ඒක මෙහෙමයි. සාමාන්යෙන් ටයි බාර් එක පළඳින්නේ කමිසයේ 3වැනි සහ 4 වැනි බොත්තම් අතරට වෙන්නයි. මීට උඩින් හෝ පහලින් ටයි බාර් එක පළඳින්න පුළුවන්. එහෙත් සම්මතය තමයි මේක. අනික ඔබ ටයි බාර් එක පළඳින හැම වෙලාවකම එය කමිසයත් ටයි එකත් එකතුවන විදියට තමා පළඳින්න ඕනේ. නිකම්ම ටයි බාර් එක ටයි එකේ පළඳින එක වැරදි විදිහක්.  තවත් කාරණයක් තියනවා. ඒ තමයි ටයි බාර් එකක් මිලදී ගනිද්දි කිසිම වෙලාවක ටයි එකේ පළලට සමාන හෝ ඊට වැඩි දිගකින් යුතු ටයි බාර් එකක් නොගන්න එක. ටයි බාර් එකේ දිග ටයි පටියේ පළලින් භාගයක් හෝ 3න් 2ක පමණ ප්‍රමාණයක් වීම තමයි වඩාත් සුදුසු වන්නේ.

     

    iii. කමිසයේ ටයි එකේ වර්ණය අනුව ටයි බාර්
    Ties and tie bar

    Source – dailyherald.com

    කමිසයේ වර්ණය, ටයි පටියේ වර්ණය අනුව ටයි බාර් එකේ වර්ණයත් ඔබ තෝරා ගත යුතු වෙනවා. බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් පළඳින්නේ රන් පැහැති හෝ රිදී පැහැති ටයි බාර් වුනත් අද වෙනකොට කෆ්ලින්ක්ස් එක්ක ටයි බාර් එකකුත් මිලදී ගන්නට හැකි නිසා ඔබට පහසුවෙන්ම ඔබේ විලාසිතාවට ගැලපෙන ටයි බාර් එක වෙළඳ පොලෙන් පහසුවෙන් ම සොයා ගන්නට පුළුවන්.

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    20 Nov 2016 11:03 PM
    කවුද දැන් ටයි දාන්නේ..
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    21 Nov 2016 02:35 AM
    තියෙන එකක් එල්ලන් යනවා ..ඔවා බල බල ඉන්න වෙලාවක් කොහෙද අප්පා ..අනික ටික වෙලාවකින් ඉහෙන් කනින් දාඩිය බෙරෙනකොට ලොකෙම එපා වෙනවා
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    21 Nov 2016 02:42 AM
    මේක නම් හරිම වැදගත් අයියේ
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    21 Nov 2016 04:14 AM
    ඉතා වැදගත් කරුණු ටිකක්...
    ටයි බාර් එකට අපි කියන්නේ ටයි පින් එක කියලා..
    සමත්ත අයියි පැවසූ ස්ථානයේ පුරුද්දට වගේ සවි කලත් එය නිවැරදිව සවිවන ස්ථානය නම් දැනගත්තේ අදයි..
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    21 Nov 2016 07:42 AM
    හොද කරුණු ටිකක් ...දැනන් ඉන්න එක වටිනවා කවදට හරි .....ඉස්සර පාසල් නිල ඇදුමට ටයි එකක් තිබ්බ නිසා ඒ ගැටේ නම් මතකයි ,,දැන් එකත් මතක නැ
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    21 Nov 2016 08:59 AM
    මටත් ඔය ටයි කතන්දරේ වාතයක් තමයි.
    හැබැයි මේකෙ තියෙන විදියට අවුලක් නැතුව වැඩේ කරගන්න පුලුවන්.
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    28 Nov 2016 03:06 AM
    තාම මේ වදේනං මගේ ඇගට ගොඩවෙලා නැහැ.පැලදුවේ නැතත් වදයක් කියලනං කේරෙනවා
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    28 Nov 2016 09:10 AM
    එක පාරක් හරි ගැට ගහගෙන බලන්න කොහොමද කියලා......
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    29 Nov 2016 05:50 AM
    ඉදල හිටල ඔය ගැටේ ගහල තියෙනවා අයියේ
    මම කිවුවේ දිනපතා දාන්න ඔනෙ ැහැ කියල
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    29 Nov 2016 10:06 AM
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    01 Dec 2016 05:16 AM
    කරුණු ටික නම් ගොඩක් වටිනවා...ස්තූතියි පොස්ට් කලාට අයියේ...

    මෙච්චර කල් ගහල තියෙන්නෙ ගෑණු ගැටේද කොහෙද ..බොලව් 

    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    01 Dec 2016 05:34 AM
    Posted By kingD on 01 Dec 2016 05:16 AM
    කරුණු ටික නම් ගොඩක් වටිනවා...ස්තූතියි පොස්ට් කලාට අයියේ...

    මෙච්චර කල් ගහල තියෙන්නෙ ගෑණු ගැටේද කොහෙද ..බොලව් 


    කොච්චර පිරිමි ගැට තිබුණත් හැමෝම වගේ හදිස්සියට ලේසියට ගහන්නේ ඔය ගෑණු ගැටේ තමා
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    02 Dec 2016 06:03 AM
    ටයි ගැන විස්තරේ වැදගත්.ඒත් මන් ටයි දාගෙන යන්න ලැජ්ජයි
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    04 Dec 2016 09:32 PM
    Posted By chamaramind on 02 Dec 2016 06:03 AM
    ටයි ගැන විස්තරේ වැදගත්.ඒත් මන් ටයි දාගෙන යන්න ලැජ්ජයි
    මට හිනා ඕයි තනියම මේක ඇහුවහම ..

    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    05 Dec 2016 03:42 AM
    මට නං ලැජ්ජාවක් නැහැ පොඩි ගතියක් තියෙනවා ඒකේ. ඒත් ඉතින් බෙල්ලෙ වැල දාත්ත වගේ තමයි දැනෙන්නේ
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    20 Feb 2017 10:02 PM

    දිනපතා කෝමාරිකා මුහුණ මත ආලේප කර දින 7ක් ගිය පසු වෙන්නේ මොනවද දැන ගන්න !


    කෝමාරිකා වල ඇති විවිධාකාර ඖෂධීය ගුණ හා සෞඛ්ය ප්‍රතිලාභ හේතුවෙන් රූපලාවන්‍ය නිපැයුම් සඳහා වඩාත්ම භාවිතා කරන අමුද්‍රවය වලට මෙය එක් වෙනවා. කෙසේ වෙතත්, ඔබට  සෞඛ්ය සම්පන්න සහ දිලිසෙන සමක් ඇති කර ගැනීමට මිල අධික රූපලාවන්‍ය  නිපැයුම් වලට මුදල් වැය කිරීමට අවශය වෙන්නේ නැහැ. එනම්, ඔබ කල යුත්තේ සරල ක්‍රියාදාමයක්. කෝමාරිකා ඔබේ සමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කටයුතු කරනවා.
    එංගලන්තයේ වෙසෙන එක්තරා කාන්තාවක් දිනපතා ඇගේ මුහුණ මත කෝමාරිකා ආලේප කලා. 7 වැනි දිනට පසු ඇගේ මුහුණේ සිදූ වී ඇති  විශාල වැඩි දියුණු වීමක් ඇය දුටුවා. දින 7 කට  පසු ඇගේ සම මෘදු හා පැහැපත් බවකින් දිස්වුනා.



    මෙම ක්‍රමය අතිශය සරල සහ පහසු වන අතර ඇත්තෙන්ම, ඔබට භාවිතා කිරීමට අවශය වන්නේ කෝමාරිකා පමණක් වේ. කෙසේ වෙතත්, මෙම බලපෑමෙන්  ඔබේ සම දීප්තිමත් වනු ඇත!



    පහත දැක්වෙන්නේ සෞඛ්ය සම්පන්න සමක් ලබා ගැනීමට කෝමාරිකා භාවිතා කරන ආකාරය වේ:



    1. ශාකය හොඳින්  සෝදන්න. 


    කෝමාරිකා  මනා ලෙස සෝදා එහි සියලු කොළ පිරිසිදු කර ගන්න.



    2. කෝමාරිකා කොළ මෘදු කරන්න.


    එය මෘදු කර ගැනීම සඳහා සෙමින් පත්‍ර වලට තෙරපීමක් ලබා දෙන්න.



    3. කෝමාරිකා කොළය දෙකට මැද්දෙන් කපා ගන්න.


    කොළය කුඩා කොටස් ලෙස හෝ දෙකට මැද්දෙන් කපා ගන්න.



    4. කොළ වල දාර කපා ගන්න.


    කෝමාරිකා කොළ වල දෙපැත්තෙම දාර පිහියකින් කපා ගන්න. එය විවෘත කිරීමට හා ඉතා පහසුවෙන් එය ගා ගැනීම සඳහා  දාර  කපා ඉවත් කරන්න.



    5. කොළයේ ඇති ජෙල් කොටස වෙන් කර ගන්න.


    ඔබගේ අතින් මෙය කිරීමට අපහසු නම් පිහියක් භාවිතා කර  වෙන් කරන්න. 



    6.යුෂ වෙන් කර ගන්න.


    එහි යුෂ ගැනීමට අවශය නම් වැඩි වෙලාවක් ගත නොකර  හැන්දක් භාවිතා කර යුෂ වෙන් කර ගත හැකියි.



    7. ඔබේ මුළු මුහණේම මෙය ආලේප කරන්න.


    ඔබේ මුහුනේ කෝමාරිකා යුෂ ආලේප කිරීමට ඇඟිලි තුඩු භාවිත කරන්න. මුහුණ සම්බාහනය කිරීම සඳහා කෝමාරිකා කොළයම  භාවිතා කරන්න.ආලේප කර විනාඩි 20 ක් පමණ මුහුණ මත වියළීමට තබන්න.



    8. සෝදා ඉවත් කරන්න.


    පිරිසිදු ජලයෙන් මෙය සෝදා ඉවත් කරන්න. මේ සඳහා සබන් හෝ රසායනික නිෂ්පාදන භාවිතා නොකරන්න. එවිට කෝමාරිකා වල බලපෑම අඩු විය හැකියි.



    9. සෞඛ්ය සම්පන්න සහ දිලිසෙන සමක්.

    පිරිසිදු තුවායකින් මුහණේ තෙත ඉවත් කර ගන්න.ඔබේ වියළී ගිය මුහුණ හුදෙක් බබළන, මෘදු සහ සෞඛ්ය සම්පන්න වනු ඇත!

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    20 Feb 2017 10:07 PM
    කතාව හරි මමත් අහලා තියෙනවා
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    20 Feb 2017 10:08 PM
    ඉස්සර මම ඔය ටික කරා මට හරි ගියේ නැහැනේ
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    20 Feb 2017 10:12 PM
    මේක නම් මාත් අහල තියෙනවා බොහොම වැදගත් ලිපියක්
    0
    You are not authorized to post a reply.
    Page 1 of 3123 > >>