You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Dec 2016 11:52 PM by  samantha
මියෙදෙන තුරා..........
 254 Replies
Sort:
Page 5 of 13 << < 34567 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Oct 2016 04:52 AM
  •  Quote
  •  Reply
මාරාන්තික පපුවේ වේදනාවක්
දිනයක වැටහේවී...........
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
27 Oct 2016 06:23 AM
  •  Quote
  •  Reply
මට නම් හිතෙන්නෙ ලොකු බේබිට සුමේධ අයිය සෙට් වෙයි වගේ... හ්හ් ..හ්හ ..
Business, you know, may bring money, But friendship hardly ever does.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Oct 2016 07:21 AM
  •  Quote
  •  Reply
බලමු බලමු
දිනයක වැටහේවී...........
0

Nipuni
New Member
New Member
Posts:30






--
27 Oct 2016 07:27 AM
  •  Quote
  •  Reply
දැන් නම් සදුගේ කතාව කියවන්න පුළුවන්. හිමින් මුල ඉදන් කියවන් ඒන්නම්කෝ සදූ.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Oct 2016 07:52 AM
  •  Quote
  •  Reply
කියවන් වරෙන්කෝ
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Oct 2016 10:22 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 26 Oct 2016 04:26 AM
කතගාටුවෙන් දැනුම් දෙන්න වෙනවා.
අද සිට ක්‍රියාත්මක වන පරිදි දිනකට කොටස් දෙකක් දැමීමට සිදුවි තිබෙනවා.
ඒෆ් බී ගෘප් ඒකේ දමන කොටස හා සයිට් ඒකේ යන කොටස සමාන කර ගැනිමට මට අවශ්‍ය වී තිබෙනවා.
ගෘප් ඒකේ යන්නේ 28 වන කොටස..
ඒහෙනං අඩේ ඔය 28 ම එකපාර අතඇරල දාන්නෝ.............................

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Oct 2016 10:30 AM
  •  Quote
  •  Reply
කියව ගන්න බෑනේ ඒහෙම. හිමින් දාන්නම්. දවසට ඒක කොටසක් දාලා බේරෙන්න බෑ ඒෆ් බී ඒකට. දෙක සමාන කරන්න බෑ ඒක නිසා කවදාවත්ම.
දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
27 Oct 2016 02:28 PM
  •  Quote
  •  Reply
mata nam kathawa mis una kiyawanna une naha
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Oct 2016 03:37 PM
  •  Quote
  •  Reply
අනේ ධනු අයියේ කියවන්නකෝ
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Oct 2016 04:14 PM
  •  Quote
  •  Reply

 

13. වන කොටස.



මියෙදෙන තුරා.



*ෂයිනී... අනේ ලස්සන නමක්නේ චූටි දූට තියෙන්නේ.*

*මගේ නම ෂයිනී නෙමෙයි චූටී දූ අනේ.*

        ෂයිනි නම් කුඩා දියනිය මම ඒයාට ෂයිනි කියවට අකමැති වුනා. මම පුදුම හිතුනේ කවදාත් නොදැකපු මට මේ දරුවා මේ තරම් ළං වුනේ කොහොමද කියලා. කිසිදා දරුවන් පිළිබද වැඩි අවධානයක් නොදක්වපු මම ඒ කුඩා දරුවගේ වචනයට හැසිරීමට වශී වුනා.

*නැන්දිගේ නම මොකද්ද?*

*මම නිල්මිණී. ඒතකොට මේ ඉන්නේ නිලූෂා නැන්දි.*

*මම ඒ නැනදි ඒකක තරහයි*

*ඒ අැයි චූටි දූ. ඒ නැන්දිත් මම වගේම හොදයි.*

*නෑ .. නෑ.. මට හොද නිල්මිණී නැන්දි විතරයි*

         අැය මගේ ගෙළ වටා අත්දෙක යාවා තුරුලු කර මගේ උරහිසේ හිස හොවා ගත්තා.

*චූටී දූ නෙමේ, නොටී දූ ,මාත් තරහයි දූත් ඒක්ක.*

*මට කමක් නා ඉතිං. චූටි දූට නිල්මිණී නැන්දි ඉන්නේ.*

          අැය නැවතත් මගේ ගෙළෙහි වූ දෑත් තවත් තද කර ගත්තා.

* දූ ඒන්න ලොකු සාධුට වදින්න යන්න.*

         සුමේධ අයියා දරුවා වෙත දෑත් පාමින් කියා සිටියා.
.
*චූටී දූට ඒන්න බා තාත්ති. අම්මි නැන්දි ටත් ඒන්න කියන්කෝ.*

*අම්මී නැන්දි... ඒහෙම කියන්නේ අැයි චූටි දූ මේ දූගේ අම්මා නෙමේ.. ශාලින්නද මාමිගේ අක්කා පැටියෝ.*

          ඒ වචනය මගේ හිතේ විශාල වියසනයක් අැති කලා. කිසි දා මව් පදවියක් ලබන්නට වරම් නැති මා සිත තුළ අාශාවක් අැති කළා. අනේ දෙවියනේ මම තව අවුරුද්දයි ජීවත් වෙන්නේ . මට මේ අාත්මෙදි මගෙම දරුවෙක්ගේ මුවෙන් අම්මා කියලා අහන්න තරම් පිනක් නෑ. අැයි මට මේ දරුවා ලවා අම්මා කියන වචනය අහන්න සැලැස්සුවේ. මම හිටත අැතුල් වුනේ සතුටක් වගේම දුකක්. සුමේධ අයියගෙත් මූණ අදුරු වෙලා ගියේ ඒයාගේ බිරිද මතක් වී දුක අලුත් වූ නිසා වෙන්න පුළුවන්.

*අනේ අම්මී නැන්දි . ඔයත් යමුකෝ ලොකු සාධු ගාවට.*

*චූටී දු කිව්වම මෙහෙ ඒන්න. කෝ මොනවද ඔය කියන්නේ. නැන්දිට කරදර කරන්න ඒපා.*

      සුමේධ අයියා තදින් කතා කරද්දි චූටි දූගේ ලස්සන මූණ මැලවලා ගියා. ඒ මූන දැක්කම මගේ හිතට අමුත්තක් දැනුනා.

* හරි මමත් ඒන්නම්. යමු චූටී දූ..*

*මගේ හොද අම්මි නැන්දි.*

        අැය මා ගේ බෙල්ල බදාගෙන සිගිති මුවින් මා සිප ගත්තා. මට හිතා ගන්නත් අපහසුයි කුඩා දැරිය මටත් නොදැනිම මගේ ජීවිතයට අැතුල් වෙලා. මමත් අැගේ රෝස පැහැත් කොපුල මත හාදුවක් තැබුවේ සිහිනයකින් වගේ. මේ සිදු වීම දෙස බලා සිටි සුමේධ අයියාගේ දෙනකට කදුලු පුරා අා හැටි මම හොදින්ම දැක්කා. ඔහු කලිසම් ලාක්කුවෙන් අැද ගත් සුදු පැහැති ලේන්සුවකින් දෙනතට නැගුණු කදුළු සගවා ගන්නට උත්සහ ගත්තා.

* අැයි චූටී දූ... අැයි නිල්මිණී නැන්දිට අම්මි කියන්නේ.*

*ඒයා මගේ අම්මි වගේ මයිනේ තාත්ති.*


       දිග සුසුමක් හෙළපු ඔහු. ශාලින්ද මල්ලි දිහා බැලුවා.

*ඒ හෙනම් කට්ටියම යමුද . ලොකු හාමුදුරුවෝ ගාවට.*

* යමු සුමේධ අයියේ.*

      ශාලින්ද මල්ලී සුමේධ අයියාගේ වචනයට ඒකග වෙමින් කියා සිටියා. සියලු දෙනා අාවාස ගෙය ඉදිරි පස හාන්සි පුටුවක වාඩී වී සිටි ලොකු හාමුදුරුවන් වහන්සේට වැද නමස්කාර කලා. මමත් දියනිය බිමින් තබා ලොකු හාමුදුරුවන් වහන්සේගේ දෙපා නැමද සිටියා.

*චූටී දූ කෝ සාධු කියන්න.*

       සිගිති දරුවා දන නමා ලොකු හාමුදුරුවන්ට වදින හැටි මම හරිම අාසාවෙන් බලා හිටියා.

*සුමේධ මහත්තයා හුග දවසකින්. ලොකු කට්ටියකුත ඒක්ක . කට්ටියම ඔතනින් ටිකක් වාඩි ගත්තා නම්.*

*ඒහෙමයි ලොකු හාමුදුරුවනේ*

       අපි සියලු දෙනා ලොකු හාමුදුරැවන් ඉදිරිපස බිම හිද ගත්තා. සියල්ල ඉද ගත් පසු සියලු දෙනා දෙස දෑස් යොමා බැලු සිගිති දියනිය මගේ උකුලට අැවිත් වාඩී වුනා. ලොකු හාමුදුරුවන් අවුරුද්දේ දානය ගැන සුමේධ අයියා සමග කතා කරනු ලැබුවා.

*ඒහෙනම් ලොකු හාමුදුරුවනේ අපිට ගිහින් ඒන්න අවසර.*

     කියමින් සුමේධ අයියා නැවත් ලොකු හාමුදුරුවන්ගේ දෙපා නැමැද පිරිකර පිලි ගන්නවනු ලැබුවා.

* ඔහොම පෙඩ්ඩක් හිටියා නම්. .*

          ලොකු හාමුදුරුවන් අාවාස ගෙට අැතුල් වුනා. මොහොකින් පිරිත් නූල් පන්දුවක්ද රැගෙන විත් නැවත්ත අසුනෙහි හිද ගත්තා.


* මුලින් ම චූටි දූ ඒන්න කෝ*

      සිගිති දියනිය ලොකු හාමුදුරුවන් අභියසට ගියා. 

*කෝ දෙන්න බලන්න අත.*

*අනිත් අත දෙන්න. කොහොමද දැන් චූටි දූට.*

* චූටි දූ නම් හොදින් සාධු. මගේ අම්මා නැන්දි ගෙත් නූලක් ගැට ගානවද සාධු. *

*කව්ද දූගේ අම්මි නැන්දා.*

* ඒන්නකෝ අම්මි නැන්දී.*

       අැය මට සුරතල් ලෙසින් අත වනමින් කිව්වා. මගේ හිතට දැනුනේ අපහසුතාවයක්. සූමේධ අයියගේ මූනේ තිබුනේ නොසන්සුන් බවක්. ගාථාවක් කියමින් පිරිත් නූල ගැට ගසා නිම කල හාමුදුරුන් වහන්සේ තව නූලක් කඩමින් සුමේධ අයියා දෙස බැලුවා.

*හොද තීරණයක් සුමේධ මහත්තයා අරන් තියෙන්නේ. ලෝක ස්භාවය ඔක තමා මහත්තයෝ ඉපදුන කෙනෙක් අනිවාර්යෙන් මිය යනවා.හැම දේම සිද්ද වෙන්නේ කර්ම ශක්තිය මත. මේ දරු දෙන්න වෙනුවෙන් ගත්තු තීරණය ගැන බොහොම සතුටුයි. මේ දරුවගේ මුහුනෙන්ම පේනවා අනිත් අය ගැන බොහොම හොදට හිතන කෙනෙක් කියා. බොහොම පිං අැති වැඩක්. දරුවෝ දෙන්නා හොදට බලා ගන්න ඔනේ.*

         ලොකු හාමුදුරුදුවන්වහන්සේ පිරිත් නුල මගේ අතේ බදින්නට සූදානම් වෙමින් කිව්වා. මට කියන්නට අවශ්‍ය දෙයක් සිහියට අාවේ නැහැ . මම සුමේධ අයියා දිහා බැලුවේ මේ මොකද්ද වෙන්නේ අහන්න වගේ.

*ලොකු හාමුදුරුවනේ. අපේ චූටී දූ කියන ඒවා ඒතරම් හිතන්න ඒපා. මේ නංගි ශාලින්ද මල්ලි බදින්න ඉන්න කෙනාගේ අක්කා. අද මයි අපි හම්බුනේ.*


         ඒ කතාවෙන් ලොකු හාමුදුරුන්ගේ මූනටත් හිනාවක් නැගුනා.

*අනේ ඒහෙම නම් මට සමා වෙන්න ඔනේ මේ දැරිවි.*

*ඒකට මොකද ලොකු හාමුදුරුවනේ . මේ පොඩි දරුවට තේරෙන දෙයක් නෑ*

          පිරිත් නූල් බැදලා අහවර වුනායින් පස්සේ අපි අාවස ගෙයි ඒළියට බැස්සේ ගෙදර ඒන්න.

* අම්මි නැන්දි මාව වඩන්නකෝ.*

ෂයිනී දූ මගේ ළගට දුවගෙන අැවිත් කිව්වා . ඒ හුරතල් මූණ දැක්කම මට කිසිම දෙයක් ප්‍රතිප්ශේප කරන්න හිත් වුනේ නෑ. මම අායෙත් දරුවව වඩා ගත්තා. වහන නවතා අැති තැනට ඒනකන් අපි අාවේ නිහඩව මයි.

*ඒහෙනම් අපි යමු. ඒන්න චූටී දූ.*

*චූටී දුට බා. *

*අනේ නැන්දී ගෙදර යන්න ඔනේ.*

*තාත්ති .. අපි අම්මි නැන්දිව අපේ ගෙදේ ඒක්ක යමුද?.*

*අනේ ඒම බෑ චූටි දූ. නැන්දි අද ගෙදර නොගියොත් නැන්දිගේ අම්මා අඩයි. නැන්දි ගියදෙන් අපි පස්සේ දාක නැන්දි බලන්න යමු.*

*චූටී දූට නැන්දී අම්මිලා දිහා යන්න ඔනේ අද.*

*අනේ අනේ චූටි දූ. අක්කි දැන ගෙදර අැවිත් අඩනවා අැති චූටි නංගී නැ කියලා.*

සුමේධ අයියා බලෙන්ම වගේ ෂයිනී දූව මගේ අතින් ගත්තා. දරුවා මුණ අැඹුල් කරගෙන අඩන්න පටන් ගත්තා. 

*අනේ අැයි චූටි දූ.. නැන්දිත් ඒක්ක අපි ඒන්නම්කෝ හෙට දූව බලන්න.*

ශාලින්ද මල්ලි ඒහෙම කිව්වම ෂයිනි දූ අායෙත් අඩන්න වුනා. ලස්ස අැස් දෙකේ කදුලු කැට දිලිසුනා. මම අායෙමත් ෂයිනි දූව වඩා ගත්තේ දුක හිතුන නිසයි.

*චූටි දූ මම ඔයාව බලන්න ඒනවමයි හෙට. අඩන්නැතුව තාත්ති ඒක්ක යන්න. නැත්තම් ඔයාගේ අක්කිත් අඩාවී.*

*චූටී දූ බලන්න අම්මි නැන්දි ඒනවද?*

* ඒනවා පැටියෝ දැන් හවස් වෙලානේ තාත්ති ඒක්ක යන්න.*

මම අැගේ කොපුලක් සිප ගත්තේ හදේ අැති වුන අාදරේ නිසාමයි. ෂයිනී දුවත් මගෙ මුහුණ සිපගෙන කාර් ඒකට නැග්ගේ අකමැත්තෙන්. මම කාර් ඒක නොපෙනී යනකන් බලාන හිටියා. ෂයිනී දූ නොපෙනී යනකන්ම මට අත වැනුවා.

අපි තුන් දෙනත් කාර් ඒකට නැග්ගේ ගෙදර ඒන්න. ගේ කිට්ටුවටම ඒනකන් මම වචනයක් වත් කතා නොකර ෂයිනී දූ ගැන කල්පනා කලා. හුරතල් වදන් දෙසවනේ රැවු දුන්නා. අැගේ රූපය නෙත් මානයේ මැවී පෙනුනා. ජීවිතේ මුල්ම වතාවට අපි මුන ගැසුනත් අාත්මෙන් අාත්මෙට මගේ ළගම උන් කෙනෙක් වගේ මට දැනුනා.

*ලොකු අක්කී අැයි සද්ද නැත්තේ.*

*මම මේ කල්පනා කලේ චූටී දූ ගැන . පුදුම දරුවෙක් තමා. හරියට මාව අදුරන කෙනෙක් වගෙ දාලා යන්නත් බෑ කියලා අැඩුවා.*

මම නංගි අහුපු දෙට උත්තරය ලෙස ඒහෙම කිව්වා.

*අක්කා චූටී දූගේ අම්මගේ පොටෝ ඒකක් වත් දැක්කා නම් ඔය විදියට කියන්නේ නෑ. ඒ අක්කත් අක්කා වගේමයි.*

ඊ ළග කොටසින් හමු වෙමු.

 
දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
27 Oct 2016 10:57 PM
  •  Quote
  •  Reply
ස්තුති මේ කොටස් ටිකටත්

දැන් නම් කතාව නියමයි
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
27 Oct 2016 11:11 PM
  •  Quote
  •  Reply
දැන් නම් නියමයි කතාව... ඉක්මනට දාන්න තවත් කොටසක් ඉතින්
Business, you know, may bring money, But friendship hardly ever does.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Oct 2016 02:04 AM
  •  Quote
  •  Reply
කෝ 0කිවුවට 2ක් දාලා නැහැනේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Oct 2016 02:44 AM
  •  Quote
  •  Reply
හෙමින් දාන්නම් ඔයාලට කියව ගන්න බෑනේ නේද දෙක ගානේ දැම්මම
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Oct 2016 05:52 AM
  •  Quote
  •  Reply





14. වන කොටස.

 



මියෙදෙන තුරා..



*මොකක්ම හරි හේතුවක් අැති ශාලින්ද මල්ලී ඒ ළමයා නැත්තම් ඔය තරමටම මට කැමතී වෙන්නේ නෑනේ*

* නිලූ මේ පොන් ඒකේ සුමේධ අයියලගේ පොටෝ වගයක් අැති. පොඩ්ඩක් අරන් පෙන්නන්න.*

         ශාලින්ද මල්ලී වාහනය පදවන ගමන්ම පොන් ඒක අරන් පුංචි නංගිගේ අතට දුන්නා. නංගි පොන් ඒක අරගෙන චායාරූප හොයන්න ගත්තා.මම ඉස්සරහා අසුනට ඒබුනේ බලන්න තිබුන හදිස්සිය නිසාමයි. මුලින්ම සුමේද අයියලගේ මංගල චායා රෑපයක් විවෘත වුනා.

*අක්කේ මේ ඔයාමයිනේ.*

*ඒකනේ මම කිව්වේ*

     ශාලින්ද මල්ලිත් පුංචි නංගිගේ වචනය ස්තීර කලා. අපි තවත් චායා රූප රැසක් බැලුවා සැබැවින්ම අැය මම වගේ. මට වඩා තරමක් මහත පෙනුමක් තිබුනත් මුහුනු දෙක ඒක වර දුටුව හොත් හදුනා ගන්නටම බැරි තරම්. මට දැස් අදහා ගන්නට බැරි වුනා. 

*පව් පුංචි කෙල්ල. මට අම්මි කිව්වේ මේකයි ඒහෙනම්.*

              මම අායෙත් ෂයිනී දූව මතක් වෙන්න ගත්තා. 

*ශාලින්ද මල්ලී*

*අැයි අක්කේ.*

*සුමේධ අයියාගේ වයිෆ් මොනවා වෙලාද නැති වුනේ.*

*පිලිකාවක්ලු ලොකු අක්කී. කාලයක් තිස්සේ බෙහෙත් කරලා. දරුවෝ දෙන්නා අතර ලොකු වයස් පරතරයක් තියෙන්නේ ඒකයි. චූටී දු හම්බෙද්දී හුගක් අමාරු වුනාලු. දරුවෝ හදන්න ඒපා කියද්දි තමා . ජීවතය ගැනවත් නොහිතා චූටි දූව හදාන තියෙන්නේ . ඒයා අන්තිමට හැමෝම දාලා ගියා.*

*අනේ පව් ශාලින්ද අයියේ.*

       පුංචි නංගි දුක් වෙද්දී ,ළගදිම මමත් මේ හැමෝටම සමු දෙයිනේ කියලා මට මතක් වුනා. කාර් ඒක ඉදිරිපස කොරිඩේවෙහි නතරවුනා. අපි කාර් ඒකෙන් බහින කොට අම්මයි, අප්පච්චී දෙන්නම දොර ළග බලාන ඉන්නවා.

*මම මේ බැලුවේ කට්ටිය මොකද පරක්කු කියලා. ශාලින්ද පුතා ඒන්න ගෙට*

අප්පච්චී සාලින්ද අයියට අාරාධනා කලා. ශාලින්ද මල්ලිත් ගේ අැතුලට ගිහින් අාලින්දයේ වූ සෙටියේ වාඩි වුනා.

*වීරසිංහ අංකල් මාර වැඩක්නේ වුනේ.*

* ඒ මොකද්ද ශාලින්ද පුතා.*

         ශාලින්ද මල්ලී සුමේධ අයියලා අමුවුන සිදු වීම කියන්න ගත්තා. ටිකක් වෙලා ඔවුන් අතරට වී සිටි මම ඉහළ මහළ වෙත ගියා. අැද මත හාන්සි වු මා සිදුවීම් මාලාව ඒකින් ඒක සිහිපත් කලා. අායේ කවදාක චූටී දු දකින්නට ලැබේදැයි සිතමින් සුසුමි ලෑවා.

*ලොකු බේබී අැයි මේ.*

*අනේ කිසිම අවුලක් නෑ ලීලම්මේ මහන්සී.*

*නිදන් ඉදලා හරි යන්නේ නෑ නේ. මූණ අත පය හොදන් අැදුමක් මාරු කර ගන්න ළමයෝ.*

*හරි හරි ලීලම්මේ. ඒක නෙමේ අද මාර වැඩක් වුනානේ.*

*ඒ පාර මොකද්ද ලොකු බේබී*

         මම සිදු වූ සියල්ල ලීලම්මා සමග කියා සිටියා. මම කතාව කියා ඉවර වන තුරාම ලීලම්මා වචනයකුදු කතා නොකර නිසොල්මන්ව හිටියා. මම කතාව අවසන් කරන කොට ලීලම්මගේ දෑසේ කදුලු වැටෙන්නට ඔන්න මෙන්න වෙලා තිබුනා. අැය අැද සිටි හැට්ටයේ කොනකින් කදුලු පිස දැමුවා.

*අැයි ලීලම්මේ අඩන්නේ.*

*නෑ නෑ.. මොකුත් නෑ පොඩි වුන් දෙන්නා ගැන දුක හිතුනා.*

*අනේ ඉතිං අඩන්න ඒපා. ඒයාලා හොදින් ඉන්නේ සුමේධ අයියත් පන වගේ අාදරෙයිනේ.*

*සුමේධ ළමයගේ අම්මා කොහොම දරුවෝ දෙන්නා බලා ගන්නවද දන්නේ නෑ.*

*ලීලම්මා සුමේධ අයියව දන්නවද?*

*නෑ නෑ.. මේ .. දන්නවා.*

*ඒ කොහොමද?*

*අර වික්‍රමසිංහ මහත්තයගේ දූ බැදලා ඉන්න ළමයනේ.*

*අනේ මම නම් කාගේ කවුද දන්නේ නෑ ලීලම්මේ.*

       මම නොදන්නවා වුනාට හැමෝම සුමේධ අයියාලා ගැන දන්නවා වගේ. ඒ ගැන වැඩිය කතා කරන්න අකමැති වුන ලීලම්මා කෑම කන්න ශාලින්ද මල්ලිත් ඉන්නවා, පහළට ඒන්න කියලා කාමරෙන් යන්න ගියා. මම ඉක්මනින් මූන අතපය සොදාගෙන , කෑම ගන්න පහළට ගියා. කට්ටිය කළින්ම කෑම මේසයට ඉදගෙන හිටියා.

*ඒ කියන්නේ වීරසිංහ අංකල්ලා පරන යාලුවෝ.*

*ඔව් ඔව් ශාලින්ද පුතේ වික්‍රමසිංහලයි අපී ඉස්සර බොහොම ළගින් අාශ්‍රය කලා. ඒත් ඒයාලා රට ගියායින් පස්සේ අපෙන් අෑත් වුනා.*

*ලොකු අක්කී අපි මේ ඔයා ඒනකන් මයි හිටියේ කෑම කන්න ඒන්න. ඒන්න.*

        ශාලින්ද මල්ලීලා සුමේධ අයියලා ගැන කතා වෙන බව මට වැටහුනේ ලීලම්මා කිව්ව වික්‍රමසිංහ නම නිසා. මම ඔවුන් අතරට ගිහින් පුටුවක් අැදගෙන වාඩී වුනා. ඒදා කෑම වෙල ඉවර වෙනකන්ම කට්ටිය කතා වුනේ චූටි දූ ගැන. මට අායෙමත් අැය දැකීමට තිබූ අාසාව තවක් ඉස්මතු වුනා. කොහොම වුනත් මිය ගිය චූටි දූගේ අම්මාගේ පවුල ගැන අප්පච්චී ,අම්මයි හොදට දන්න බව මට කතාවෙන්ම තේරුනා.

       රාත්‍රී අාහාරයෙන් පස්සේ ශාලින්ද මල්ලී අපෙන් සමු අරන් ගෙදර යන්න පිටත් වුනා. රෑ වුන නිසා ලොකු මල්ලි ඉන්නම කියලා අැවිටිලි කළත්. මනමාලිගේ ගෙදර නවතින ඒක හොද පුරුද්දක් නෙමේ කියලා විහිළු කරලා ශාලින්ද මල්ලී යන්න ගියා. කලින්ම නිදා ගන්නවා කියලා මම කාමරයට වැදිලා නිදා ගන්න උත්සහ කලත් නින්ද අහලකටවත් අාවේ නෑ. මම අැදේ ඒ මේ අත පෙරළමින් කාලය ගෙවා දැමුවා. චූටි දූ මගේ හිතම අාවරනය කරගෙන තිබුනා. මරණය ගැන වු බිය හෝ දුක මට මතකයටවත් නැගුනේ නෑ.

     මට හදිස්සියෙම සිහිපත් වුනා  පුස්තකාලයෙදී හමු වු පොත ගැන. අැද අසලම වූ කුඩා මේසය උඩ තිබූ පොත අතට ගත් මම මුල් පිටුව පෙරලා ගත්තා. ඒහි තිබුනේ මේ පොතෙහි මුල් කොටස වූ ''සිටු විමන'' පිලිබද මතක අාවර්ජනයක්. මට නම් මතක් කරන්නට දෙයක් තිබුනේ නැහැ ,කතාව ගැන වූ අාසාව නිසා'' සිටු විමන'' පොත මම කීපවරක්ම කියවා කටපාඩමින් කීමේ හැකියාක් තිබු නිසා. ඒ පොතේ තිබුනේ මම වගේම ධනවත් පවුලක උපන් තරුනයෙක් තමන් ධනවත් වීම පිලිබද කනගාටු වීම පිලිබද කතාවක්. ඔහුගේ පියා කුමන අාකාරයෙන් හෝ මුදල් ඉපයීමටම කැප වී සිටි නිසා දරුවන් පිලිබද කිසිම තැකීමක් සිදු නොකරන බවත්, කුඩා අවදියේදී මවද අහිමි වූ ඔහු අායා කෙනෙක් ළග අැති දැඩි වූ අාකාරයයි. සියලු දේ ඒපා වූ ඔහු ඉගනීම් කටයුතු හමාර වූ පසු නිවසින් පැනගොස් තමා කැමති අයුරින් ජීවත් වීමට තීරනය කළ බවයි. ඒතැන් පටන් ඉදිරියට ''නිල්ල පිරුනු මිටියාවත'' කතාව දිවෙන බව අවසන් වශයෙන් ලියා තිබුනා. මම ඉතිං අාසාවෙන් කතාව කියවීම අාරම්භ කලා.

      ඒ පොතේ තිබුනේ ඔහු අලංකාර වන අරණක ජීවත් වන අයුරුයි. මා සිත තුලද ඒවැනි නිදහස් ජීවතයක් අැත්නම් කියා සිතුවිලි පොදි බැදුනා. මමත් මේ සැප අැති මාළියාවක හිර වෙලා ජීවත් වෙනවට වඩා, මොන තරම් කටුක වුනත් ඒ ජීවතයට කැමති වුනා.

*ලොකු බේබී. තව නිදි නැද්ද ළමයෝ.*

       මම කාමරයේ විදුලි පහන තවමත් නිමා නැති නිසාදෝ ලීලම්මා කාරයට අැවිත් මගෙන් විමසා සිටියා.

*මම පොතක් කියවනවා ලීලම්මේ.*

*අනේ දවාලට ඔනේ තරම් වෙලා තියෙන්නේ දැන් නිදා ගන්න ළමයෝ.*

*අනේ ලීලම්මේ මට නිදි මත නෑ*

*ඔයාට ඉතිං කියවන්න ගියාම නිදි මත ඒන ඒකක් වෑ. මම ලයිට් නිවනවා නිදා ගන්න හොදද?*

        ලීලම්මා කාමරේ ලයිට් නිවලා පිටවෙලා ගියා. මමත් පොත වහලා තියලා අැස් පියා ගත්තා. පාන්දර මම අවදි වුනේ කතාවෙහි වූ තරුනයා නැවති සිටි පැල්පත අාසන්නයේ වූ අලංකාර දිය අැල්ල ළග චූටී දූ සමග වාඩි වී සුරතල් වෙමින් සිටියදී. දෑස් හැර බලන විට මගේ දෑසට පෙනුනේ සුදු පැහැති විශාල මල් ඉහිරුන සිවිලිමත් ඒ මත ඒල්ලෙමින් තිබූ සිවිලින් විදුපලි පංකාවත් පමණයි. ඒය දුටු විට වැටහුනා මම දැක අැත්තේ සිහිනයක් බව. ඒක දවසට මේ දරුවා මගේ හීන වලටත් රිංගලා. මගේ සිතට දැනුනේ සිවුම් සතුටක්. මම ඒ සිහිනයම යලිත් දකින්නට උත්සහා ගනිමින් කීපවරක්ම දෑස් පියාගෙන සිහිපත් කලා. මට ඒ සිහිනය අායි නොපෙනුන නිසා මම අැද මත වාඩි වී කල්පනා කරන්න වුනා.
මම අර දරුවට පොරොන්දු වුනා ඒයාව බලන්න අද ඒනවා කියලා. පව් දැන් මම ඒනකම් මගබලාගෙන ඉදීවී. අැය මගේ සිත තුල නිතර සක්මන් කලා. කරන්න දෙයක් නෑ. පොඩි ඒකීට ටික දවසින් මාව අමතක වෙලා යයි. අම්මා නැතුව පාලුවෙන් ඉන්න දරුවගේ ජීවිතයට මම යන්න හොද නෑ. මමත් තව මාස කීපයකින් ඒයාගේ අම්මා ගිය ලෝකයටම ගියාම, පුංචි හිතට ඒක දරා ගන්න බැරුව යාවී. මම හිත හදා ගන්න උතසහ කලා.

          සුපුරුදු විදියට සීතල ජලයෙන් උදෙන්ම නා ගත් මම අලුත් අැදුමකින් සැරසී ජනෙල් කවුළුව අසලට ගියේ පුරුද්දට වගේ. තවමත් ඉහළට කර තුවයක් ඔතා තිබූ හිසකේ වලින් සීතල ජල බිදු ගෙල දිගේ රූරා අාවා. වෙනදා වගේම හිරු ඒළිය රූස්ස ගස් පෙළ අතරින් රිංගා මා දෙසට ඒන්නට උත්සහා කලා. විශාල සද්දයක් නගාගෙන් අා විජී අයියා අපේ නිවස පහු කරන් ගියේ, කීපවරක් ගේට්ටුව අසල රේස් කරමුනුයි. උදේ පාන්දර මේ මනුස්සයා මොන රාජකාරියකට යනවද මන්දා. මගේ හිත තනියම නොක්කාඩු කිව්වා. සුළු මොහොතකින් අාපසු පැමිනි ඔහු ගේට්ටු අසල නතර කර නලාව හඩවන්නත් රේස් කරන්නත් වුනා.

      මුරකරු ඔහුව පිටත් කරන්න උත්සහා කළත් ඔහු යන පාටක් පෙන්න තිබුනේ නෑ. ලොකු මල්ලී ගේට්ටුව දෙසට යන අයුරු මම ඉහළ මහලට වී බලන් හිටියා. සුදු පැහැති අත් දිග කම්සයක් හා කලු කමිසයක් හැද වුන් ලොකු මල්ලි රාජකාරි වැඩකට යන්න සුදානම්න බව මට වැටහුනා.

*අා ... මන්ත්‍රී බේබී මහත්තයා. සුභ උදෑසනයක් කිව්වා. බොහොම කනගාටු ඔබ තුමාට උදේම මෙහෙම වචනයක් දාන්න වුනාට.*

      ලොකු මල්ලි වටපිට බලමින් හෙමින් කී කිසිවක් මට අැහුනේ නැහැ. ඒක වරම මහ හඩින් හිනා වූ විජී අයියා. අායෙමත් කතා කරන්න වුනා.

*මහත්තයට බොහොම ලැජ්ජයි නේද අැත්ත කියද්දි. මේ මහත්තයට ඔනේ දෙයක් කර ගන්න. ඔය වැඩ වලට මාව කොටු කරන්න ගියොත් නම් අමාරුවේ වැටෙයි. ඒක කියලා යන්නයි මම අාවේ. අායි ඔය අදාල නැති ඒවට මං සැකයි කියලා පොළිසිට කියලා තිබුනොත් අාන් ඒදාට බලා ගමු*



ඊ ළග කොටසින් හමු වෙමු..........

 

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Oct 2016 06:05 AM
  •  Quote
  •  Reply





15. වන කොටස.



මියෙදෙන තුරා.



     නැවතත් මහ හයියෙන් සිනාසුනු විජී අයියා රූස්ස ගස් පෙළ අතරින් නොපෙනී ගියා. 

*ලොකු බේබී අද උදෙන්ම අැහැරලනේ. මම මේ අැහැරවන්න අාවේ.*

*මට ඉබේම අැහැරුනා ලීලම්මේ.*

* යමු ඒහෙනම් කෑම කන්න. පුංචි බේබිත් ගියා උදේම විභාගයක වැඩකට ගියලා.*

*ඒහෙමද? මට කෑම ටිකක් ගෙනත් දෙනවද ලීලම්මේ. ඔයා ඊයේ රෑත් මට කියවන්න දුන්නේ නෑනේ අදවත් පොත කියවන්න ඔනේ.*

*අනේ අනේ මේ ළමයා. හරි ලොකු බේබී මම ගෙන්නම්.*

       අාදරය පිරි සිනහවක් මුව දවටා ගත් ලීලම්මා කාමරෙන් පිටවී ගියා. කුඩා මේසය මත රදවා තිබූ පොත දිගහැර ගත් මා ජනෙල් කවුළුව අසල වූ සුවපහසු අසුනට බර වුනා. සුළු මොහොතින් මා කතා ලොවට පිවිසුනා. ස්වභාව දර්මය හා බැදුනු වර්ණනා නිසා ඒ දර්ශන සිත තුළ චිත්‍රනය වුනා. ඒක වරම මට රාත්‍රියේ දුටු සිහිනය මතකයට අාවේ කතාවෙහි තරුනයා නැවති සිටි පැල්පත අසල වූ දිය අැල්ලේහි උදා අසිරිය පිළිබද වර්ණනාවක් හේතුවෙන්.මගේ සිතට, මම චූටි දූ සමග ඒතන සිටිනා අයුරු සිහිනයෙන් දැකපු අාකරය සිහි පත් වීම නිසා, කතා ලොකයෙන් චූටි දූගේ ලෝකයට අාවා.

      අනේ පවු අහිංසක දරුවා මම ඒනකන් මග බලනවා අැති. මගේ හිත හඩා වැටුනා. කියවමින් සිටි පොත උකුල මත තබා ගනිමින් මම අෑතක නෙත රදවාගෙන කල්පනා කරන්න වුනා.

*ලොකු බේබී.*

*ලීලම්මේ*

       මම, කෑම රැගෙන කාමරයට පැමිනි ලීලම්මා දෙස බලමින් විමසුවා.

*පොත කියවනවද ? කල්පනා කරනවද?*

*මට චූටි දූ මතක් වුනා ලීලම්මේ. මම ඊයේ රෑ හීනෙනුත් චූටි දූ දැක්කා. පව් මම ඒයි කියලා මග බලන් අැති.*

    ලීලම්මාගේ මුහුන අදුරු වුනේ බලන් ඉද්දී මයි.

*පව් තමයි ඒ දරුවෝ දෙන්නා.*

*මම නොදන්න මොකක් හරි දෙයක් ලීලම්මා දන්නවා.*

*අනේ නෑ ලොකු බේබී. මම කොහොමත් දරුවන්ට අාදරෙයිනේ. මම ලොකු බේබීලාව උනත් හදා ගත්තේ මගෙම දරුවෝ වගේ. ඒක ලොකු බේබී දන්නවනේ.*

      ලීලම්මාගේ දෙකපුල් දිගේ කදුලු බිදුවක් රූරා අාවා. කෑම ටික කුඩා මේසය මත තැබූ ලීලම්මා අැදේ කොනක වාඩි වුනා.

*අනේ මම දුක හිතන්න දෙයක් කිව්වා නම් සමා වෙන්න ලීලම්මේ. මම දන්නවා ලීලම්මා මට මොන තරම් අාදරේද කියලා. මගෙ අම්මා තාත්තාටත් වඩා ලීලම්මා මට අාරෙයි.*

*ලොකු මහත්තයා ඒහෙම, කැමති වෙන ඒකක් නෑ . ලොකු බේබි ඒ දරුවා බලන්න යනවට.*

*අැයි ඒ ලීලම්මේ*

*ඉස්සර ඔය සුමේධ ළමයා බැදලා හිටිය වික්‍රමසිංහ වලව්වේ තමා මම වැඩ කලේ. මම තරුණ කෙල්ල ඒ කාලේ. මට මතකයි වික්‍රමසිංහ මහත්තයයි. අපේ ලොකු මහත්තයගේ මල්ලියෙක් හිටියා .ඒ දෙන්නා ගජ යාලුවෝ*

*මට මාමා කෙනෙක් හිටියද*

*අා මට අමතක වුනා... ලොකු බේබීට ඒවා කියන්න බෑ මට.*

*අනේ ලීලම්මේ කියන්නකෝ . මම දැන් පොඩි ළමෙක්ද?.*

*ලොකු දෙයක් නෙමෙ ලොකු බේබී. ලොකු මහත්තයා ළග නම් ඒ මාමා ගැන කතා කරන්න ඒපා.*

*අැයි ඒ*

*චූටි මල්ලී වගේම පුංචි මහත්තයත් නොඒන්නම රට ගියා. ඒ තරහට ලොකු මහත්තයලා ඒයා මැරුනා කියලා හිතාන දානයකුත් දුන්නා. දැන් මතක් කරනවටත් අකමැති.*

*මම දන්නේ නෑ ලීලම්මා කියනකන් මට මාමෙක් හිටිය බවක් වත්.*

*ඒ ගැන කතා කරන්න තහනම්. ලොකු බේබී මට පොරොන්දු වෙන්න කා ඒක්ක වත් ඒ ගැන කතා කරන්නේ නෑ කියලා.*

*නෑ නෑ ලීලම්මා බය වෙන්න ඒපා. අැයි දැන් වික්‍රමසිංහ පවුලේ අයත් ඒක්ක අපේ ගෙදර අය තරහා.*

*ලොකු මහත්තයලා හිතන් ඉන්නේ ලොකු මහත්තයගේ මල්ලි නාරද වීරසිංහ මහත්තයා නරක් කලේ වික්‍රමසිංහ මහත්තයා කියලා.*

*අනේ මන්දා ලීලම්මේ. මම නොදන්න ලොකු දෙයක් මෙතන හැංගිලා තියේ.*

*ඒහෙම නෑ ලොකු බේබී. ඔවා කල්පනා කරන්න ඒපා. කෑම ටික කන්න. මට වැඩ ගොඩ වෙලා මම යන්නම්.*

    ලීලම්මා පිට වෙලා ගියා. මම නොදැන හිටියට වික්‍රමසිංහ පවුලත් ඒක්ක ලේ නෑ කමක් වත් අැති. නැත්තම් නැති වුන චූටී දූගේ අම්මා මම වගේ වෙන්නේ කොහොමද. මේ ගොල්ලෝ තරහා වෙන්නත් ලොකු හේතුවක් අැති. මම කෑම ගන්න ගමන් කල්පනා කලේ මේකේ අග මුල හොයා ගන්න විදියක් .සිගිතිත් ලීලම්මගේ නෑයෝ වෙන දරුවෙක්ලුනේ සිගිති දන්නවා අැති මොනවා හරි. මම සිගිති ඒක්ක කතා කරන්න තීරනය කලා. කෑම කලා මම මිදුල පැත්තට ගියේ සිගිති වත්තේ වැඩ කරනවා අැති කියලා හිතුන නිසා. මම හිතපු විදියටම සිගිති පාතියක් ලග නැමීගෙන හිටියේ බර වැඩක.

*සිගිතියෝ... වැඩ වැඩීද?*

* නෑ ලොකු බේබීට කර ගන්න වැඩක් තියෙනම් කියන්න.හ්හ්*

       සිගිති මා ඉදිරිපස හිට ගනිමින කිව්වා.

*වැඩක් නෙමේ සිගිති මට දෙයක් අහන්න තියෙයි.*

*අහන්න ලොකු බේබී .හ්හ් මොකද්ද?හ්හ්*

*සිගිති දන්නවද වික්‍රමසිංහ වලව්ව.*

*වික්‍රමසිංහ වලව්ව. ඒ කොහෙද අහලා නම් පුරුදුයි. හ්හ්*

*අැයි සිගිති ඒක්ක ලීලම්මා ඒ ගැන කියලා නැද්ද?*

*මොකද්ද ලොකු බේබී. හ්හ්*

*කෝ ටිකක් අරෙහෙට යමු.*

       මම වට පිට විමසිලිමත් වුනේ කවුරු හරි අහන් ඉදීද කියලා. අපි දෙන්නා අඹ ගසේ සෙවන යටට ගියා.

*ලීලම්මා කලින් වැඩ කලේ ඒහෙලු තරුණ කාලේ.*


*හරි හරි ඒහෙම ඒකක් නම් කිව්වා තමයි.හ්හ්*

         මම ලීලම්මා කිව් සේරම විස්තර සිගිති ඒක්ක කියා සිටියා. ඒ වගෙම වික්‍රමසිංහ පවුලේ ඒකම දරුවා මං වගේමයි. ඒයා දැන් මිය ගිහින් කියලත් මම සිගිති ඒක්ක කිව්වා. සිගිති මුව අයාගෙන අහන් හිටියේ කිසිදා නොදන්නා කතාවක් වගෙයි.

*මම දන්නේ නෑ ලොකු බේබී ඔය වගේ කතාවක්. මට ලීලම්මගෙන්ම මේ කතාව අහන්න වෙනවා.*

*අහලා මටත් කියන්න සිගිතියෝ ලීලම්මා මාත් ඒක්ක කියන්න කැමති නෑ.*

*හරි . හරි ලොකු බේබී.*

        සිගිති කුස්සිය පැත්තට ගියේ ලීලම්මගෙන් මේ ගැන අහන්න. මම සිගිති අාපහු ඒනකන් බලන් හිටියේ නොයිවසිල්ලෙන්. පැය භාගයක් පමන බලා සිටියත් සිගිති නොඅාපු නිසා මම කුස්සිය පැත්තට යන්න හිතුවා. සිගිති දර වගයක් අසුරමින් සිටියා.

*සිගිතියෝ පොඩ්ඩක් මෙහාට ඒනවද?*

       මම කුස්සියේ දොර ළගට වෙලා කතා කලා.

*මොකද්ද වැඩේ ලොකු බේබී . මට නම් වැඩ වැඩී. ලීලම්මාට කියන්නකෝ.*

*අනේ සිගිතියෝ ඒන්නකෝ කිව්වම.*

*අැයි ලොකු බේබී . මොකද්ද කරන්න ඔනේ.*

       ලීලම්මා මා අසලට පැමිණෙමින් අසා සිටියා. මගේ හිතට සිගිති ගැන අාවේ කේන්තියක්. මට හොදටම දැනුනා සිගිති මාව මගාරිනවා කියලා.

*මොකුත් නෑ.*


        මම කේන්තියෙන් කාමරය පැත්තට අාවා . සේරම ඒකයි හැමෝම මට මොනවා හරි හංගනවා. මම කාමරයට ගිහින් දොර අගුලු දා ගත්තා. දවස් කීපයක්ම ගියේ, සැකයද සිතේ දරාගෙන. සිගිති මගේ ප්‍රශ්න වලින් මගෑරලා ගියා. 

       මට නිතරම වගේ චූටී දූ මතක් වුනා. අායෙත් කවදාවත් ඒ සිගිත්තිය මට දැක ගන්නට නොලැබේවී කියලා මට හිතුනා. මම ඒ දුක නැති කර ගත්තේ මරණයට නියම වෙලා ඉන්න මට අලුත් බැදීම් හදා ගන්න බෑ කියලා හිතමින්. පුස්තකාලයෙන් ගෙන අා පොත් කිහිපය නිසා තරමක් අපහසු තාවය අඩු වුනා.

* ලොකු අක්කී *

      පුංචී නංගී කාමරයට හිස පොවමින් කිව්වා. මම ජනෙල් කවුළුව අසල වූ අසුනෙහි අසුන් ගෙන් පොතකට නෙත යොමාගෙන හිටියා.

*පුංචී නංගී.*

*මොකද ලොකු අක්කී පහළ නොඒන්නේ බලන්න අාවේ.*

*ඔයත් ගෙදර හිටියේ නෑනේ මේ ටිකේ . ඒකයි අාවෙ නැත්තේ පහළට.*

*මම ඒග්සෑම් ඒකේ වැඩ වගයකට ගියා ලොකු අක්කේ.*

*ඒන්නකෝ අැතුළට දොර ළගට වෙලා ඉන්නේ.*

        නංගී අත් දාක පිටුපසට කරගෙන කාමරයට අාවේ කුමක් හෝ දෙයක් සගවාගෙන. අැගේ මුහුනේ තිබුනෙත් හරිම අහිංසක සිනහවක්.

*මොනවද පුංචී නංගී හංගන් ඉන්නේ.*



ඊ ළග කොටසින් හමු වෙමු.....

දිනයක වැටහේවී...........
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Oct 2016 06:17 AM
  •  Quote
  •  Reply
kathawa kiyawannama beri unaa... niwaduwa okkoma tika eka husmatama kiyawannamko nago
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Oct 2016 06:19 AM
  •  Quote
  •  Reply




16. වන කොටස.



මියෙදෙන තුරා..



*බඩුවක්. ලොකු අක්කිට දෙන්නයි ගෙනාවේ.*.

*මට මොනවද අනේ.*

*අක්කට අද විශේෂ දවසක් බව අමතකද?*

*අද මොකද්ද*

      අැයගේ නෙත් තුල තිබුනේ පුදුමයක්. අැත්තටම අද දවසේ විශේෂය මොකද්ද මම කල්පනා කරන්න වුනා. පුංචි නංගී මගේ ගෙල වටා දෑත් යවා මාව තුරුල් කර ගත්තා.

*හැපී බර්ත්ඩේ මගේ අක්කිට. මගේ අක්කාගේ අනාගතේ අනිවාර්යෙන්ම ලස්සන වෙයි. මගේ අක්කි හරිම හොද කෙනෙක් නිසා ඒක ඒහෙම වෙන්නම ඔනේ.*

          මොනවා අද මගේ උපන් දිනේ. දෙවියනේ ....හිතේ තියෙන දුක් කරදරත් ඒක්ක දවස් ගෙවුනා මිසක් අද දිනේ කවදද කියලවත් මට මතක නැති හැටි. මම මටම දොස් කියා ගත්තා. නංගි මගේ දෙකොපුල් අාදරයෙන් සිප ගනිමින් මගෙන් මිදුනා. 

*මෙන්න මේක ගෙනාවේ ලොකු අක්කිට ඒ වෙනුවෙන්. බලන්න දිගෑරලා.*

       අලංකාර නිල් පැහිති කවරය මම දිග හැරලා බැලුවා. ඒක අැතුලේ වුනේ කලු පැහැති දිලිසෙන් අැදුමක්. මම අැදුම ඒළියට අරන් අැගට තියලා බැලුවා. ඒය ලේස් රෙද්දකින් නිමවපු අත් දිග. දෙපතුළට දිග ලස්සන ගවුමක්.

*අනේ තෑක්ස් පුංචි නංගී. ඒත් මෙච්චර හොද අැදුමක් අැයි. මේ අැදුම සාමාන්‍ය ගමනක් අදින්න බෑනේ.*

*මේක ගෙනාවේ රෑ පාටියට අදින්න. අනික ඔක තේරුවේ ඔයාගේ මස්සිනා පොඩ්ඩ අදින්නම වෙනවා ඒක නිසා.*

*අද පාටියකුත් තියෙද?*

*පාටියක් තියෙද අහනවා . ඔයාගේ බර්ත්ඩේ පාටිය.* 

*ඒ හෙම ඒකක් නෑනේ.*

*ඔයා ඉතිං පහළට අාවේ නෑනේ තාම . ඒවා සේරම මමයි ශාලින්ද අයියයි පෑලෑන් කරලා ඉවරයි. අනික ඉතිං අපි අපේ උපන් දින වලට අනිවාර්යෙන් පාටි දානවමනේ.*

*අනේ මන්දා.*

*අැයි ලොකු අක්කී ඔයා දුකින් වගේ ඉන්නේ. ඔයාට උපන් දිනෙත් අමතකයි. මගෙන් ලොකු අක්කිට වැරදි වුනා මම ඒවා පිලි ගන්නවා. මට දැන් මගේ අක්කිගේ අගේ තේරෙනවා. මම අක්කි මැරි කරනකන් මැරි කරන්නෙත් නෑ. ශාලින්ද අයියත් කැමති නෑ අක්කි මැරි කරන්න කලින් අපේ වෙඩින් ඒක ගන්න.*

        නංගි ලොකු විස්තරයක් කියාගෙන ගියා. මම ජීවත් වෙන්නේ ජීවත් වෙනවට. මම දැන් දන්නවා මට තව ජීවත් වෙන්න ඉතුරුවෙලා තියෙන්නේ අවුරුද්දයි. ඒකෙනුත් දවසින් දවස ගෙවිලා මම මරණයට ළගා වෙනවා. ලබන අවුරුද්දේ උපන්දිනේ සමරන්න වත් මම ඉන්න ඒකක් නෑ. ඒ දවස් වෙනකොට මේ ගෙදර දුකින් නිහඩ බවින් පිරිලා තියෙවි. අනෙ නංගියේ, මම රෑ වෙනවට නිදියනවා, ඒළිවෙනවට අැහැරෙනවා, ලීලම්මා ගෙනත් දෙන නිසා කනවා මිසක් කිසි අරමුණක් වත් බලාපොරොත්තුවක් වත් අැතිව ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. මම බදිනකන් ඉන්න ඒකෙන් වෙන්නේ ඔයා මනමාලියක් වෙලා ඉන්නවා දකින්නත් මට නැති වෙන ඒක. මගේ මංගල්‍යයෙන් පස්සේ නෙමෙයි මගේ අවමංගල්‍යයෙන් පස්සේ තමා ඔයාට . ඔයාගේ මංගල්‍යය ගන්න වෙන්නේ.

*ඔය අායි කල්පනා කරනවා.*

*පිස්සුද ඔය දෙන්නා දැන් ඔය ලෑස්ති කරන් තියෙන් විදියට වෙඩින් ඒක කරන්න. මට මැරි කරන්න අදහසක් නෑ. පිනක් දහමක් කරන් නිදහසේ ඉන්න ලැබුනම අැති.*

*අනේ පිස්සි ඒහෙනම් මහන වෙන්න.*

*මම ඒකට නම් අැත්තටම කැමතී*

*මේ මේ .. ලස්සන දවසේ විකාර කියවන්නේ නැතුව යමු පහළට. කට්ටිය බලන් ඉන්නවා. ලොකු අයියත් තාම ගියෙ නෑ. යමු.*

*පොඩ්ඩක් ඉන්න.*

     මම කණ්ණාඩියට ඒබිලා පනාවකින් , අවුල් වී තිබුන කේස් රොද සැකසුවා. ඒ පැත්ත මේ පැත්ත හැරිලා අැදුම හොදද බැලුවා.

* ඔහොම හොදයි යමු. දැන් ගෙදර කට්ටිය විතරයි ඉන්නේ. තාම මනමාලයෙක් අැවිත් නෑ.*

      දොර ළගට වෙලා මගේ දිහා බලන් හිටිය පුංචී නංගී මට විහිලු කලා.දෙන්නා ඒක්ක පහළ මාලයට අාවා.කට්ටිය කෑම මේසය ළග වට වෙලා අපි ඒන දිහා බලාගෙන හිනා වුනා. හැමෝගෙම අැස් වල පෙනෙනුනේ උතුරා යන සතුට අාදරය. අැයි දෙවියනේ මීට කලින් මට මේ මිනිස්සුන්ගේ අාදරේ නොපෙනුනේ. මගේ හිතට අවේ මං ගැනම තරහාකාරී හැගීමක්. අපි දෙන්නා ඔවුන් අතරට ඒකතු වුනා. ලස්සන කෑම මේසයක් ලෑස්තිකරලා තිබුනා. කිරි බත් මම අාසම කෑමක්. කෑම මේසය මැද්දේ කැට කැපු විශාල කිරි බත් පලගානක්. කේක් ,කෙසෙල් ගෙඩී ,තල කැරළි, අාස්මී. මම අාස ගොඩක් කෑම, කිරිබත් පලගාන වටා තබා තිබුනා. වෙනදත් මේ චාරිත්‍ර මේ විදියට සිද්ද වුනත් මම මගේ උපන් දින සාදයටත් සහභාගී වුනේ අකමැත්තෙන්. ඒ නිසාවෙන් කිසිම දේක වටිනා කමක් මට දැනුනේ නෑ. 

*සුභ උපන් දිනයක් මගේ ලොකු දූට. *

        අම්මා මාව වැළදගෙන් මට සුභ පැතුවා. පවුලේ හැමෝම මට සුභ පැතුවා. ලොකු මල්ලිගේ පුංචී දූ මගේ ළගට දුවන් අාවා. මම ඉබේටම දනගැහුවේ ෂයිනී දූ මක් වුන නිසා.ෂයිනී දූට වඩා පුංචී දූ පොඩ්ඩයි ලොකු අැය ඒක ශ්‍රේණියේ ඉගනුම ලැබුවා.

*ලොකු නැන්දී හැපි බර්ත්ඩේ.*

       අැයට මා ඒතරම් හුරු නැති නිසා. මගේ පොපුල මත හාද්දක් තබා සේනාධී නංගි ළගට පැන දිව්වා. මට තව තවත් ෂයිනී දුව මතක් වුනා. ඒයත් අද මෙතන හිටියා නම්. හැම ළමයම හරිම හුරතල් මගේ හිත කිව්වා. ලොකු මල්ලිගේ ලොකු පුතා මගේ ලගට අාවේ ලැජ්ජාවෙන් අැබරෙමින්.

*හැපි බර්ත් ඩේ ලොකු නැන්දී.*

       කියපු ඔහු යන්න හැරුනා. මම ඔහුගේ දෙඅත් වලින් අල්ලා ගත්තා. 

*අැයි ලොකු නැන්දී.*

*කෝ ලොකු නැන්දිගේ බර්ත්ඩේ කිස් ඒක.*

      පුංචී දරුවගේ මුන රතු වුනා. වයස අවුරුදු නමයක් වූ ඔහු තරමක ලැජ්ජ කාරයෙක් වුනා. කිසි දා නොකිය දෙයක්  නිසා දෝ ලොකු පුතාගේ ලැජ්ජා ගතිය තවත් වැඩි වුනා. තවමත් දණ ගසා වුන් මගේ කොපුලට ළං වු ඔහු හාදුවක් තැබුවා. ඒ දෙස බලන් හිටිය හැමෝම කෑ ගහලා සතුටින් හිනා වුණා. ඒ හැමොම දන්න නිසා ලොකු පුතා හරිම ලැජ්ජා කාරයා බව.

        හරිම සන්තෝෂයෙන් හැමෝම උදේ අහාරය ගත්තා. මේ හැම සිදු වීමක් දිහා ලීලම්මා හරිම අාදරයෙන් බලන් හිටියා. උදේ අාහාරය අරන් මම කුස්සිය පැත්තට පිය නැගුවේ අත සොද ගන්න.මම කුස්සිය යනකොට ලීලම්මා පුංචී බංකුවක හිදගෙන කදුළු පිසිමින් හඩනවා.

*අැයි ලීලම්මේ. මොකද වුනේ.*

      මගේ කට හඩ අැසුන විගස බංකුවෙන් නැගිට ගත් ලීලම්මා. මාව තුරුළු කර ගත්තා. මට වැටහුනා ඒයා අඩන්න හේතුව මම කියලා. මගේ අම්මාගෙන් ලැබෙනවඩා වඩා අාදරයක් මට ලීලම්මාගෙන් ලැබුනා. මමත් ලීලම්මගේ උණුසුමට තුරුළු වුනා.

*අැයි මගේ ලීලම්මා අඩන්නේ.*

*මට ලොකු බේබීගේ පුංචී කාලේ මතක් වුනා. මම වඩාගෙන් හුරතල් කරලා හදා ගත් දරුවා දැන් හුගක් ලොකුයි කියලා දැනුනම මට සතුට වැඩි කමට කදුළු අාවා.*

*මම දැන් ලොකු කියලා අඩලා හරියනවද?. අැත්තටම දරුවන්ට මේ තරම් අාදරේ ලීලම්මා අැයි කසාද බැදලා දරුවෙක් හදා නොගත්තේ.*

*ඒක දිග කතාවක් ලොකු බේබී. මට ඔයාලව දාලා යන්න බැරි වුනා.*

*සිගිති කෝ ලීලම්මේ.*

*ඒයි අද රෑ උත්සවයට උයන්න ඔනේ කලමනා වගයක් ගෙන්න කඩේට ගියා.* 

*සිගිති මාත් ඒක්ක කතා කරන්නෙ වත් නෑනේ දැන්.*

*ඒ ළමයට වැඩ වැඩී ලොකු බේබී. ලොකු බේබී දැන් යන්න .අද මටත් වැඩ වැඩී.*

    මම අත සොදගෙන් අාලින්දය පැත්තට අාවා. ඒදා දවස හරිම කාර්යබහුලයි. හැමොම කලබලයට වැඩ. පාටිය වෙනුවෙන් සුදානම් වුනා. නංගී ගේ සරසනවා මමත් ඒවට උදව් වෙන්න ගියා. ලොකු මල්ලිගේ දරුවෝ දෙන්නා ඒ වැඩ වලට හරිම හපන්නු. ඒයාලා කියන විදියට තමයි ගේ සැරසුවේ. දවසින් වැඩි හරියක් දරුවෝ දෙන්නා ඒක්ක ගෙවුන නිසා ඒයාලා මට ඉක්මනින්ම ළං වුනා. පුංචී දූ මගේ ළග දැවටෙද්දි මට ෂයිනී දූ නිතරම සිහිපත් වුනා. මට නොතේරෙන මොකද්ද බැදීමක් ෂයිනී දූට තියෙනවා කියලා මගේ හිත නිතරම කිව්වා.

        ඒළි මහනේ මිදුල පුරා සැරසිලි වැඩ වලට මූලික වුනේ සිගිති. මිදුල පුලා අලංකාර කබානා සවි කරමින් තිබුවා. මගේ කලින් උපන්දින සැමටම වඩා මෙවර උපන්දින සාදය ජයටම පැවැත්වෙන බව මට වැටහුනා. 

*ලොකු අක්කී. තාම මෙතනද දැන් හයත් පහුවෙලා. ශාලින්ද අයියාලාගේ ගෙදර කට්ටිය මග ඒනවත් අැති. ගිහින් ලැහැත්ති වෙන්නකෝ.* 

*මම යනවා ඒහෙනම්.*.

        මම ඉහළ මහලේ මගේ කාමරයට පිවිසුනා. නාන කාරයට ගෝස් අැග සොදා පිරිසුදු වුන මම, පුංචි නංගී ගෙනවිත් දුන්න ගව්ම අැද ගත්තා. තරමත් අැදෙන සුළු අැදුමක් නිසා මගේ අැගේ සිහින් බව වඩා කැපීපෙනෙන බව කණ්ණාඩියෙන් මගේ රුව දකිද්දී මට හිතුණා. 

*ලොකු අක්කී මම කාමරයට ඒන්නද?*

     දොර අභියස සිට පුංචි නංගී කතා කරනවා අැහුනා. මම දොර අැරියේ අැයට කාමරයට අැරයුමු කරමින්.

*අනේ ඒ අැදුම ලොකු අක්කිට හරිම ලස්සනයි.*

      අැය කාමරයට අාවේ තවත් කවරයක් අතින් අරන් ඒය අැද මතින් තැබූ අැය මගේ උරහිස් දෙක මත දෑත් තබා හැඩ බැලුවා. නංගි හැද හිටියේ කහ පැහැති දනහිසින් පහළට දිගු ගවුමක්. 

*ඔයත් අද හරිම ලස්සනයි.*

*මේකත් තේරුවෙත් ඔයාගේ මස්සිනාම තමා.*

*මල්ලිට හොදට අැදුම් තෝරන්න පුළුවන් වගේ නේද?

               කණ්ණාඩී මේසය අසල වූ කුඩා අසුන අැද ගත් අැය, මට ඒහි වාඩි වන ලෙස ඉල්ලා සිටියා. 



ඊ ළග කොටසින් හමු වෙමු.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Oct 2016 06:20 AM
  •  Quote
  •  Reply
හරි පොඩ්ඩී අක්කී පුළුවන් වෙලේක කිවන්නකෝ.
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Oct 2016 06:22 AM
  •  Quote
  •  Reply
අනේ ඔන්න මට උදව් කරන්න මට කතා දෙක සමාන කර ගන්න. දවසට දෙක ගානේ දානව හොදද?
තව කොටස් 14 ක පරතරයක් තියේ...
දිනයක වැටහේවී...........
0
Add Reply
Page 5 of 13 << < 34567 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below