Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: මියෙදෙන තුරා.......... Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: මියෙදෙන තුරා.......... Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review samanthaMost Senior MemberPosts:13196 02 Dec 2016 11:52 PM බොහොමත්ම ස්තූතියි සඳුනිVeteran MemberPosts:2462 02 Dec 2016 06:40 PM සඳුනිVeteran MemberPosts:2462 02 Dec 2016 06:35 PM මේ කතාව කියවමින් මාව දිරි ගන්වපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි . අලුත් කතාව ඔයාලා දන්නවනේ. ''අහිමි වස්සානය.'' කියන්න දෙයක් නෑ . එක් වෙලානේ ඉන්නේ . ඔබ සැමට හද පිරි ප්‍රණාමය. තෙරුවන් සරණයි !!!!!!!!! sha733Super Senior MemberPosts:7332 02 Dec 2016 09:20 AM දැන් කේන්තිය බැහැල ඇති නගාගේ kingDVeteran MemberPosts:3405 01 Dec 2016 05:41 AM අයියෝ මන් මේ කතාව දාපු දවසෙම කියෙව්වා... මට පොස්ට් දාන්න බැරි පොඩි අවුලක් තිබුණා ..ඒකයි රිප්ලයි එකක් දාන්න බැරි උනේ... සඳුනි නගාට කේන්ති ගොහිං වගේ ඇත්තටමට හිතුවටත් වැඩිය හොඳට මේ කතාව නිම කරල තියෙනවා... හැබැයි අර අලුත් පරම්පරාවේ නෑදෑ කට්ටිය මට ටිකක් පැටලුනා ගොඩක් රසවිදපු ලස්සනම කතාවක් .... ගොඩක්ම සාර්ථකයි... ස්තූතියි අපිව වෙනමම කතා ලෝකෙකට ගෙනිච්චට නංගි ..ජය වේවා ! sha733Super Senior MemberPosts:7332 30 Nov 2016 12:38 AM සදුනිට තරහ ගිහින් ඉන්නේ අපේ රජතුමා කථාව කියවන්නෙ නැති නිසා DushanVeteran MemberPosts:2536 29 Nov 2016 10:53 AM කතාව නම් හරිම ලස්සනට නිමා වෙලා තියනවා හිතුවටත් වඩා හොදට මාත් පොඩ්ඩ පොඩ්ඩ කියෙව්වා වෙලාව ලැබුන විදිහට බොහොම ස්තුති මේක කියවන්න අවස්ථාව ලබා දුන්නට sha733Super Senior MemberPosts:7332 26 Nov 2016 09:10 AM හී....................... මම කියෙව්වනේ.ලස්සනයි ඇ.......... සඳුනිVeteran MemberPosts:2462 26 Nov 2016 05:03 AM මේ තරම් කල් මගේ කතාව කියවන්න පොරකාපු රජතුමා එහෙම කෝ .අන්තිම කොටස කියවන්න කවූරුත් නැද්ද සඳුනිVeteran MemberPosts:2462 24 Nov 2016 08:52 AM 56. වන කොටස. (අවසාන කොටස) මියෙදෙන තුරා.... '' අනේ මගේ දරුවා බේරගන්න ඩොක්ටර්.'' '' ඔය දරුවා මේ පරීක්ෂණ ටික කරගෙන ගෙදර යන්න . විස්තර ටික දීලා යන්න පරණ පයිල්එක හොයා ගන්න බලන්න.'' සතුටු වෙන්නට කරුනකුත් සමග දුක් වෙන්නට කරුණු ගොඩක් අපිට උරුම වී තිබුනා. ලීලම්මාත් හිටියේ පිස්සියක් වගේ .මම දකින දකින වාරයක් පාසා හුල්ලන්න වුණා. දැන් මුළු නිවසම කදුළු ගගක් වෙලා තිබුනා. දින කීපයකින් අම්මයි මමයි රෝහල වෙත ගියේ දෙවියන් යදිමින්. මම දෙවියන්ගෙන් ඉල්ලුවේ මගේ දරුවට ජීවත් වෙන්න අයිතිය දෙන්න කියලා විතරයි. සුළු මොහොතකින් අපි සියලු වාර්තා සමග වෙෙද්‍යවරයා වෙත යොමු වුණා. හොද කල්පනාවෙන් සියල්ල පරික්ෂා කර බැලු ඔහු රෙජිස්ටර් තැපෑලෙන් මගේ නමට ආ ලිපියක් මා ඇත තැබුවා. '' මේක කියවලා බලන්නකෝ. එතකොට සේරම විසදෙයි.'' වෙෙද්‍යවරයා සිනා සෙමින් මා අත ලිපිය තබද්දී ඔහු සමග ඇති වුනේ අමනාපයක්,මම මරණයට බියෙන් ඉද්දි සිනා වන නිසා. මම වෙව්ලන දෑතින් ලිවුම ගලවලා දිග අතට හතරට නමා තිබු ලියවිල්ල දිග හැරියා. අම්මත් හිටියේ ලිව්මට නෙත් යොමාගෙන. ලිව්ම කියවන්නට පෙර වරක් මම වෙෙද්‍යවරයා දෙස බැලුවා. '' කියවලා බලන්න'' ඔහු තවමත් සිනා සෙමින් බලා ඉන්නවා. නිල්මිණී මෙනෙවිය වෙත, පළමුව අප ආයතනය වෙනුවෙන් සමාව අයද සිටිනවා. අප අතින් සිදුව ඇති වරද සුළු පටු නොවන බව අපි හොදින්ම දන්නවා. ඔබ මේ වෙනුවෙන් නීති ක්‍රියා මාර්ග ගතහොත් වන්දි මුදලක් ගෙවීමටද අපි යුහුසුලුව ඉදිරිපත් වෙනවා. ඔබ වෙත මීට ප්‍රථම ඒවා තිබු ලිපිය ඔබට අයිති එකක් නොවන අතර. එකම දින එකම මොහොතේ අප රෝහලෙන් ප්‍රතිකාර ගත නිසාත්, ඔබ දෙදෙනාගේ නම් දෙකද සමාන වීම නිසා ලිපින පැටලවීමක් සිදු වී ඇති වී ඇත. මේ සිදු වීම වෙනුවෙන් අපගේ බලවත් කනගාටුව. ඔබට කිසිදු රෝගී තත්වයක් නොමැති බවත්. වාර්තා වලට අනුව මානසික පීඩනය මත යම් වේදනාවක් මතු වුවද නිවසේ අයගේ සහයෝගය මත එම තත්වය මගහරවා ගත හැකි. ඔබ ලක් වූ අපහසුතාවය ගැන කනගාටුයි. මම නිවසෙහි නැති දින වල මෙමෙ ලිපිය අප නිවසට ඇවිත් තිබුනත් මා සමග තිබු අමනාපය නිසාම කවුරුත් අත්සන කර ලිපිය ලබාගෙන තිබුනේ නැහැ. ඒක නිසා ලිපිය නැවත රෝහලටම ඇවිත් තිබුනා. මම ලිපිය කිහිප වරකම කියවනු ලැබුවේ හරිම හදීස්සියෙන්. මම පුදුමයෙන් වෙෙද්‍යවරයා දෙස බලද්දී ඔහු හිස සලා ඒක තමා ඇත්ත කියලා තහවුරු කළා. මම ලිවුම පපුවට තද කරන සිනාසෙමින් හදන්නට වුණා. මේ සතුට විදින්නට වීජී අයියත් මගේ ළග හිටියා නම්. ජීවිතයෙන් මරණ බිය පහව ගියත්, අද වන විට මම දරුවෙකු සමග මේ ලොව තනි වී ඇති බව හිත කිව්වා. අනේ වීජී අයියේ ඔයා දන්නේ නෑනේ අපි දෙන්නගේ චුටි පැටියා මගේ බන්ඩිය ඇතුලේ ඉදන් අපි ලගට එන්න මග බලන් ඉන්නවා කියලා. '' එහෙනම් දැන් දුක් වෙන්න හේතු නැහැනේ අම්මේ .ඔය කාලෙට බබා ගැන හිතලා අම්මා හුගක් සතුටින් ඉන්න ඕනේ.'' ''හොදයෝ ඩොක්ටර් මම සතුටින් ඉන්නම් අපේ පැටියා වෙනුවෙන්.'' සතියක් පමණ නිහඩවම ගෙවිලා ගියත් වීජී අයියා ගැනවත් පොඩ්ඩා ගැනවත් දැන ගන්න ලැබුනේ නෑ. පොඩ්ඩා වත් හිටියා නම් වීජී අයියට මේ පණිවිඩය දෙන්න තිබුනා. මගේ ලගට එන්න බැරි වුනත් එයා හුගක් සතුටු වෙයි අපි දෙමව්පියෝ වෙන්න යන එකට. මම සෙටිය මත හිදගෙන රුපවාහිනිය නරබමින් සිටියා. '' ගෙදර කවුද?'' '' කවුද?'' මම තරමක් අපහසුතාවයෙන් ඇවිදගෙන දොර ලගට ගියා. දෙවියනේ පොඩ්ඩයි වීජී අයියයි දෙන්නම ඉන්නවා. නමුත් ඔවුන්ගේ පෙනූම සම්පුර්නයෙන්ම වෙනස්. හරිම වැදගත් පෙනුමකින් ඔවුන් දෙදෙනා පැමිණ සිටියේ ,පොලිස් නිලදාරීන් කීපදෙනෙකුත් සමග. '' ඇයි ඉන්ස්පෙක්ටර් හදිස්සියේම මේ පැත්තේ.'' අප්පච්චි පඩි පෙළ බැසගෙන එනගමන් විමසුවත් වීජී අයියත් පොඩ්ඩත් දැකීමෙන් පුදුමයට පත් වී බලාවුන්නා. '' සිගිති'' '' මම සිගිති නෙමෙයි මම සී.අයි.ඩී ඔෆිසර් ශාමල් කුමාරසිරි එතකොට මේ ඉන්නේ සී.අයි.ඩී ඔෆිසර් විජිත .පී සෝමවංශ.'' '' ඉතින් මොකද? ඔයාලා මෙහෙ මොනවද හොයන්නේ.'' අප්පච්චි ඇහුවේ කැලබුන සිතින් යුතුව බව මට ඔහුගේ දෙනතින් පෙනුනා. '' ඒ කියන්නේ මිස්ටර් වීරසිංහ තවම වරද පිලි ගන්න සූදානම් නෑ.'' ''මොන වරදද.'' එතකොටම ලොකු මල්ලිත් ගෙට ගොඩ වුණා. වීජී අයියත් පොඩ්ඩත් දැක්කම ඔහුත් පුදුමයෙන් අප්පච්චි දෙස බැලුවා. '' ඔබ තුමත් ආපු එක හොදයි මෙතනට. මිස්ටර් විකුම් නිරෝෂන් රණසිංහ.'' ''සිගිති කොහෙද උබ ගිහින් හිටියේ මොකද මේ පොලිසියෙනුත් අරන්. මොකද මේ වීජී .උබ අපේ අක්කව බාර ගන්නේ නැද්ද.?'' ''හා හා කට පරිස්සමින්. පොඩ්ඩක් අපි කියන දේ අහන් හිටියා නම් හොදයි. අපි මේ මිස්ටර් රණසින්හාව ඇරෙස්ට් කරන්න ආවේ.'' '' ඒ මොකටද?'' '' ඒවා උසාවියේදී දැන ගමු.'' '' හේතුවක් නොදැන අප්පච්චි ගෙනියන්න දෙන්න බෑ.'' ''එහෙනම් මිස්ටර් රණසිංහ අපිට හැමෝටම ඇත්ත කියන්න වෙනවා.'' පොඩ්ඩා වීරයා වගේ ඉදිරියට ඇවිත් කියද්දී අප්පච්චි වේදනාවෙන් පඩි පෙලේ අවසාන පඩිය මත හිද ගත්තේ අත් වැටේ එල්ලෙමින්. අප්පච්චි හරිම අහිංසක කෙනෙක් කවදාවත්ම වරදක් කල බව මට නම් ආරංචි වෙලා තිබුනේ නෑ. කුමක් නමුත් මෙතන නම් හේතුවක් ඇති බව නම් මට පැහැදිලි තේරුම් ගියා. ලීලම්මත් ඉදිරියටම ඇවිත් බලන් හිටියේ රටක් රාජ්ජයක් දිනුවා වගේ. පොඩ්ඩා රහස් පොලිසියේ බව ලීලම්මා දැනන් හිටියද. දහසකුත් ප්‍රශ්න සිත තුල ජනිත් වෙද්දී මම නිහඩව වන්නේ කුමක්ද කියලා බලාගෙන හිටියා. '' මේ දේවල් කතා කරන්න ඕනේ උසාවියක බව අපි දන්නවා නමුත් අද අපි මෙතන හැමදේම කියන එක වැදගත් කියලා හිතනවා.'' මෙතරම් වෙලා නිහඩව හිටි වීජී අයියා ඉදිරියට ආවා. '' අනේ මහත්තයෝ මම වරද භාර ගන්නවා. මගේ දරුවෝ ඉස්සරහා ඒ දේවල් කියන්න එපා. මගේ දරුවෝ මට නැති කරන්න එපා. අවුරුදු තිස්පහක්ම මම මේ හේතුව නිසා හිතින් විදෙව්වා.'' '' නෑ නෑ අපිට දැන ගන්න ඕනේ .'' ලොකු මල්ලි සිදුවීම පැහැදිලිව තේරුම් ගන්න අවශ්‍ය නිසා රහස දන ගන්නට කැමති වුණා. ''අනේ එපා මහත්තයෝ.'' ''අප්පච්චි සද්ද නැතුව ඉන්න.'' '' ඔයාලා දන්නවද ඔයාලට නාරද වීරසිංහ කියලා මාමා කෙනෙක් හිටියා කියලා.'' වීජී අයියා කතාව ආරම්භ කළා. '' ඒ කවුද අප්පච්චි අපට මාමා කෙනෙක් හිටියද?'' අප්පච්චි අවසන් පඩිය මත හිදගෙන තනියම අඩනවා. අම්මත් ඉන්නේ හොදටම බය වෙලා. '' දන්නේ නෑ නේද මිස්ටර් වීරසිංහ ගේ එකම මල්ලි මිස්ටර් නාරද වීරසිංහ .එයාගේ හොදම යාලුවා මිස්ටර් වික්‍රමසිංහ. මම හරි නේද?'' ''ඒ කාලේ මිස්ටර් නාරද, වික්‍රමසිංහ වලව්වේ වැඩට හිටිය ගෑණු ළමයා එක්ක ආදර සම්බන්දයක් පටන් ගත්තා.'' විජේ අයියා කතාව නවත්තපු තැනින් පොඩ්ඩා කතාව පටන් ගත්තා. ''ඒකට මිස්ටර් වීරසිංහ හුගක් අකමැති වුනේ මේ වලව්වත් තවත් වටිනා ඉඩම් වගයකුත් නාරද මල්ලිට ලියලා තිබුන නිසා.'' ''ඒත් නාරද මල්ලි වැඩකාරි එක්ක ඇති කර ගත්තු ආදර සම්බන්දෙ නැවැත්තුවේ නෑ.'' '' සේරමට හොරෙන් ඒ කෙල්ලව බැදලා නාරද මල්ලි දුර පලාතක ටික කාලයක් ජීවත් වුනා.'' '' නමුත් මිස්ටර් වීරසිංහ දැනන් හිටියා දවසක නාරද මල්ලි ආපහු ආවොත් සේරම දෙන්න වෙයි කියලා. මම හරි නේද.'' '' මොනවද අප්පච්චි මේ කියන්නේ මේවා ඇත්තද?'' '' පොඩ්ඩක් නිහඩව කතාව අහන ඉන්නවා'' පොඩ්ඩා තද ස්වරයෙන් කතා කරද්දී ලොකු මල්ලි නිහඩව බලා වුන්නා. ''ඒක නිසා මිස්ටර් වීරසිංහ තමන්ගේ ගෝලබාලයෝ දම්මලා තමන්ගේ මල්ලි වුන නාරද වීරසිංහව පැහරගත්තා.'' '' මොකද ඔයා දනන් හිටියා ඒ වෙනකොට තමුන්ගේ මල්ලි තාත්තා කෙනෙක් වෙන්න යන බව.'' '' තමුන් හැදුවේ නාරද වීරසිංහ ලවා බලෙන්ම ඒ දේපල තමන්ගේ නමට ලියා ගන්න.'' ''එත් මොස්ට්ර් නාරද එකට කැමති වුනේ නෑ. මැරුවත් මේ දේවල් දෙන්නේ නැහැ කිව්වා.'' '' ඒක නිසා තමුන් නාරද මල්ලිව කන්න බොන්න නිදි හිර කරන හිටියා.'' '' දවසක් සිහි නැතිවෙලා වගේ රගපාලා නාරද මල්ලි ඔයාලා සේරටම ගහලා පැනලා යන්න උත්සහා ගද්දි තමුන් තමුන්ගේ මල්ලිට වෙඩි තිබ්බා'' '' අනේ මම මගේ මල්ලිව මරා ගත්තා. මම මරන්න හිතන් නෙමේ පිස්ටල් එක දික් කලේ . හිතට ආපු ආවේගයත් එක්ක මගේ අතින් කොකා ගැස්සිනා. අනේ මට සමාවෙයන් මගේ දරුවනේ.'' මොනවා මාමාව මැරුවේ අපේ අප්පච්චිද. ලීලම්මා කිව්වේ රට ගියා කියලනේ. මොනවද මේ වෙන්නේ. අම්මත් හෝ ගාලා අඩනවා. ''හැමෝම දැන ගන්න කැමති ඇති, ඒ නාරදගේ වයිප් කවුද එයාටයි එයාගේ දරුවටයි මොකද වුනේ කියලා.'' '' අනේ රත්තරං මහත්තයෝ ඒ ඇත්ත නම් හෙළි කරන්න එපා. මට ඒක දරා ගන්න බෑ.'' අම්මා සිගිතිගේ දෙපාමුල වැටිලා අඩද්දී මම අම්මව නැගිට්ටවලා පපුවට තුරුලකර ගත්තේ වේදනාවෙන්. ''ඔයාල කරපු වැරදි ඔයාලා විදවන්න ඔනේ. වරදක් නොකර මගේ නැන්දා අවුරුදු තිස්පහක්ම දුක් වින්දා.එයාහේ ඒ දුක ඉවර වෙන්න ඕනේ.'' පොඩ්ඩා අඩමින් සිටි ලීලම්ම ලගට ගිහින් තුරුල් කරගෙන කිව්වා. ''මේ ඉන්නේ මිස්ටර් නාරදගේ වයිප්.'' වීජී අයියා එහෙම කියද්දී මම පුදුමයෙන් ගල් ගැහුනා. එතකොට මොකද තමනේ මහත්තයා මරුපු අය ළග තාම වැඩ කරන්නේ. ''හැමෝටම පුදුම ඇති නේද මගේ නැන්දා තාමත් මේ ගෙදර වැඩ කරන්නේ ඇයි කියලා. එයා මේ ගෙදර ඉන්නේ එයාගේ දුව වෙනුවෙන් . ඒ කියන්නේ මගේ අක්කගේ අයිතිය වෙනුවෙන්.'' '' ඔව් නාරදව පහර ගත දවසේ මිස්ටර් වීරසිංහ ගියා ලීලාවතී බලන්න තෑගිබෝග අරන්. ඒ සැකේ වහ ගන්න. පස්සේ නාරද අතුරුදහන් වුනාම කිව්වා නාදුනන පිරිසක් ඔහුව පැහැරගෙන ගිහින් කියලා.'' '' මාස පහක බඩකුත් උස්සගෙන නැන්දට කරන්න පුළුවන් දෙයක් තිබුනේ නෑ. එදත් එයා තමගේ දුව වෙනුවෙන් ඉවසුවා.'' ''පස්සේ නාරද කොහේදෝ පාරක් අයිනේ මරලා දාලා ඉන්නවා කියලා මිස්ටර් වීරසිංහම අපේ නැන්දට කිව්වා. නැන්දා එතකොට හිටියේ අපේ ගෙදරලු අපේ අම්මටත් අපේ අක්කව හම්බෙන්නලු හිටියේ.'' '' පස්සේ උසාවියේ නඩු වැටුනම සල්ලි විසික් කරලා තමාගේ වැරදි යට කරගෙන වෙන මිනිහෙක්ව හිරේ යවලා තමුන් බේරුනා. එහෙම නේද?'' ''වෙන මිනිහෙක් වැරදිකාරයා වුනාම මගේ නැන්දා උබලව විශ්වාස කළා. උබලට ළමයි හිටියේ නැති නිසා ලැබෙන්න හිටිය දරුවාව බාර ගන්න උබලා කැමති වුණා. එත් ආදරේට නෙමේ උබලා දැනන් හිටියා මේ දේපලවල අයිතිය තියෙන්නේ අපේ නැන්දට කියලා. උබලා නැන්දාව එදා අතාරලා දැම්මා නම් මේ දේපල උබලට නැති වෙනවා. දරුවා හදා ගත්තේ එකයි. කරුමෙට මගේ නැන්දා දැනන් හිටියේ නෑ මේ දේපල තමන්ගේ කියලා. තමන්ගේ දරුවාගේ අයිතිය ලබා ගන්න තමයි මේ තරම් කල් උබලට බැලමෙහෙවර කලේ.'' ''අපි හිරෙන් නිදහස් වුන ඔබලාගේ බොරු මිනිමරුවැව යාලුවෙක් වගේ ආශ්‍රය කරලා සියලු අතීතය අහ ගත්තා. ශාමල් මෙහෙ ගෙදර වැඩකාරයෙක් වගේ නැවතිලා වලව්වේ රහස් හෙව්වා. මම අර කැලෑවේ ජීවත් වේවි ගමෙන මේ ගැන තොරතුරු හෙව්වා. ශාමල්ට උබලගේ ගබඩා කාමරේ තිබිලා ලියවිලි වගේකුයි පිස්ටල් එකයි හම්බුනා.'' '' මොනවා ඒ ගබඩාවේ යතුර නැති වෙලානේ.'' ලොකු මල්ලි එහෙම කියද්දී මම හිටියේ අන්දුන්කුන්දුන් වෙලා . මටනම් හිතා ගන්න බෑ මේ මොකද වෙන්නේ කියලා. කවුද දැන් ලීලම්මගේ දුව. '' ඔයාලා සේරම හිතුවේ යතුර නැති වෙලා කියලනේ ඔයාගේ අප්පච්චි ළග ඒ යතුර තිබුනා. දැන් ඒක තියෙන්නේ මගේ ළග. මේ මෝඩ සිගිතියව විස්වාස කරලා ඒ කාමරය අස්කරන්න අවස්තාවක් මේ මෝඩ හමුවා දුන්නා'' ''එන්න නිල්මී '' මම වීජී අයියගේ හඩත් සමග ඔහු ලගට ගියා. '' ඔයා වෙනුවෙන් මේ තරම් කල් වේදනා විදපු හැබෑ අම්මා තමා මේ. ඔයාට මේ ලෝකේ ඇත්තටම ආදරේ කරපු අම්මා මේ.'' වීජී අයියා ලීලම්මා පෙන්නලා එහෙම කියද්දී මම දුවලා ගිහින් ලීලම්මට තුරුළු වුණා. හැමදාමත් මගේ හදවත පිළිගත් අම්මා ඇය තමයි. අම්මා මාව තුරුළු කරන සිප ගත්තේ ඇයගේ කදුළු වලින් මගේ මුහුණම තෙත් කරමින්. '' මගේ අම්මේ .....ඇයි අම්මේ ...ඔයා මගේ අම්ම බව මට හැන්ගුවේ. මට සමාවෙන්න මගේ අම්මේ.. මම ඔයාට හුගක් රිද්දුවා.'' '' අනේ නෑ මගේ රත්තරනේ අඩන්න එපා.'' '' නිල්මී අක්කේ ඔයා නොදන්නා තව දෙයක් තියෙනවා. ඔයා හිතනවා ඇතිනේ ඔයා මගේ අක්කා බව දැන දැනත් සුමේධ අයියට ඔයාව බන්දලා දෙන්න කැමති වුනේ ඇයි කියලා. සෙව්මීණී කියන්නේ ඔයාගේ අක්කා. ඔයාගෙම නිවුන් සහෝදරි. කවුරුත්ම දැනන් හිටියේ නෑ නැන්දාට ඉපදුනේ නිව්න්නු කියලා. නැන්දා දරුවා ලැබෙනකන් හිටියේ වික්‍රමසිංහ වලව්වේ. වික්‍රමසිංහ මහත්තයලට දරුවෝ නැති නිසාත් ,ඔයාගේ අප්පච්චිගේ හොදම යාලුවා නිසාත් කාටත් රහසේ සෙව්මී අක්කව එයාලට හදා ගන්න දුන්න. දරුවත් අරගෙන වික්‍රමසිංහ මහත්තයාලා එදාම රැ රටින් පිට වුන නිසා කාටවත් ඒ ගැන සැක හිතුනේ නෑ. එයාලා අකමැති වුණා සෙව්මී අරන්හදා ගත කෙනෙක් කියලා දුක් වෙනවා දකින්න. දුලා දෙන්න ඔයාගේ අක්කගේ දරුවෝ . සුමේධ කියන්නේ ඔයාගේ මස්සිනා. කවදා හරි ඇත්ත එලි වුනාම ඔයා හුගක් සතුටු වෙයි කියලයි අපි ඒකට කැමති වුනේ.'' '' අනේ මගේ දරුවෝ දෙන්න.'' '' එහෙනම් ඉන්ස්පෙක්ටර්..... මිස්ටර් වීරසිංහට මාංචු දාන්න. '' '' විජිත පුතේ මේ ඉන්නේ වැඩදකාරිගේ දුව තමයි .පුතා මගේ දුව තනිකරන්නේ නෑ නේද?'' මගේ අම්මා ඒ කියන්නේ ලීලම්ම එහෙම අහද්දී වීජී අයියා මගේ පැත්තට හැරුනා. වටපිටාවේ ඉන්නේ කවුද නොසිතපු ඔහු මාව ඇදලා අරන් තුරුල්කරගෙන නළලත හාදුවක් තිබ්බා. '' නෑ අම්මේ මගේ කෙල්ලව මම තනිකරන්නේ නෑ. මම හිගන්නෙක් වෙලා ඉද්දිනේ මගේ කෙල්ල මට ආදරේ කලේ .මම ඔයාගේ හිගන්නම තමා මගේ කෙල්ලේ.'' වීජී අයියා මාව තව තවත් සිපගනිමින් කිව්වා. කිසි ලැජ්ජාවක් නැති මනුස්සයෙක් මම හිති හිතුවත් ඔහුගේ උණුසුම තරම් සතුටක් මට තවත් තිබුනේ නැහැ. '' මොකද මගේ කෙල්ලේ ඔහොම බලන්නේ. විහාගී මතක් වෙලාද ඒ මගේ නෑනා .මම එයාව බදින්නේ නෑ. මගේ තාත්තා ඔයාට කැමති.ඔයා දුක් වෙන්න එපා.'' '' මට දෙයක් කියන්න තියේ වීජී අයියේ.'' '' මටත් දෙයක් කියන්න තියේ'' මගෙන් මිදුණු ඔහු පොඩ්ඩා අතේ තිබුන පොත අරගෙන මා අත තැබුවා. '' මියෙදෙනා තුරා.. මා ඔබේ.... එස්. එම්. විජිත් .පී .සෝමවංශ. වීජී අයියේ ඔයාද මේ පොත් ලිව්වේ.'' '' ඔව් මගේ රත්තරන් . ඕක තමා අර රහස් කාමරේ රහස. ඔය රහස තමා එදා මම ඔයාට එලි කරන්න හිටියේ. මට සමාවෙන්න රත්තරනේ ඔයාව මේ දවස් ටිකේ දුකෙන් තිබ්බට. ඔයා එනවා නේද මගේ ජීවිතේට අපි තව කතාවක් ලියමු.'' '' මම එනවා වීජී අයියේ හැබැයි තනියම නෙමෙයි.'' ''ඒ ගැන හිතන්න එපා පැටියෝ . ඔයා ඉන්න තැනක අනිවාරෙන් ඔයාගේ අම්මත් ඉන්නවා. මම එක පොරොන්දු වෙනවා.'' '' තව කෙනෙක් ඉන්නවා.'' ''ඒ කවුද ජිමි ටිමිද'' '' නෑ අපේ චුටි පැටියා.'' මම කුස පිරිමදිමින් කියද්දී වීජී අයියා මාව වඩාගෙන කැරකෙන්න ගත්තා. එයාගේ සතුට ඉයවහා ගිහින්. '' විජිත පුතේ ඔය දරුවා බිමින් තියන්න. ඔහොම දගලන්න හෝද නෑ. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙකුට.'' ''අපේ පැටියටයි, ඔයාටයි කවදාවත්ම දුකක් දෙන්නේ නෑ සත්තයි'' * * * * * * * ***වසර දහයකට පසු *** '' බලා ඉන්නම් දෑස් පියෙනා තුරා '' ''දුක් නොවන්නම් සිහින පුදින තුරා '' ''ඉකි බිදින්නම් ඔබේ සිතටත් හොරා '' ''සිහි කරනම් මා මියෙදෙනා තුරා '''' '''' ''මගේ චුටි පැටව් මොනවද ඔය කියවනේ .'' '' නැන්දා අම්මි මේ මල්ලි නංගි පරණ පොත් කබඩ් එක ඇදලා '' නිමිනීගෙයි විජිතගයි නිවුන් දුවයි පුතයි අතීතය සිහි කරන කවිපෙළ පදෙන් පදය කියවද්දී නිල්මිණී අතීතයට පියාබා ගියා. '' චුටි අම්මේ ඇත්තම ඒ වලව්වට මොකද වුනේ චුටි බාප්පා තාම ''මියෙදෙන තුරා'' කතාවට පස්සේ පොත ලියනවනේ. මට ඉවසුමක් නෑ ඒක කියවනකන්.'' සේව්මිනීගෙයි සුමේධගෙයි දරුවෝ දෙන්නත් හිටියේ නිල්මිණී එයාලගේ ආච්චි ලීලාවති එක්ක, ඒ ගෙදරමයි. ලොකු දුට විස්සයි චුටි දුට පහලවයි . දැන් ලීලම්මා නම් හොදටම වයසයි අවුරුදු හැටපහක් විතර. '' අපි ඒ වලව්ව වික්කා ලොකු දු'' ලීලම්මාද ඔවුන් අතරට එක්වෙමින් කිව්වා. ''ඒ ඇයි ආච්චි අම්මේ.'' '' ඒ සිද්දියෙන් පස්සේ වලව්ව මට බාර දීලා ලොකු බේබී මහත්තයා වෙනම ගෙයක් අරගෙන යන්න ගියා.ලොකු මහත්තයත් අවුරුදු ගානකට හිරේ ගියා. අපට ඔයාලගේ සීයව නැති වුනේ ඔය වලව්ව නිසා ඒකනිසා අපි ඒ වලව්ව ළමා නිවාසයකට පරිත්‍යාග කළා ,සීයට පින් ලැබෙන්න කියලා.ඔයාලගේ අප්පච්චිට ලොකු බිස්නස් වැඩකට රට යන්න වුන නිසා ඔයාලා දෙන්නව අපි ළග දාලා රට ගියේ හරිම සැහැල්ලුවෙන්. දැන් ඉතින් ඔයාලා බලාගන්න චුටි අම්මා ඉන්න නිසා ඔයාලගේ අප්පච්චිට මෙහෙ නවතින්න කල්පනාවක් නෑ. ''ආච්චි අම්මේ ශාමල් මාමලා ලගදී මෙහෙ ආවේ නෑනේ.'' ''අවුරුද්දට ඒවී දු . තාම චුටි මල්ලිට තාම මාසයනේ.'' '' අනේ ආච්චි අම්මේ.. අපි සුදු මල්ලි එකක් එමුකො . මට මේ ගෑණු ළමයි එක්ක සෙල්ලම් කරලා එපා වෙලා.'' ලීලම්මා සිනහා වෙමින් නිල්මිණීගේ නම හැවරදී පුතාව උකුල මත තබාගෙන සිප ගත්තා. ලීලම්මා දන්නවා පුතා මේ කියන්නේ පොඩ්ඩාගේ පස් හැවරදී ලොකු පුතා ගැන කියලා. '' සුදු මල්ලි විතරක් නෙමේ ශාමලී නැන්දලත් අවුරුද්දට ලංකාවට එනවා කිව්ව අයියයි ,චතු නංගි එක්ක.'' කෙතරම් ගැටළු ආවත් , අද සියලු දෙනාම හුගක් සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. වලි සෝමේ මාමා මතකද? එයා නම් තාමත් අර ගමේ පුංචි ගෙදර තමා. නිතරම වගේ දරුවෝ බලලා යන්න එනවා. එයාට ඉතින් අඩියක් ගහලා සද්දයක් දාලා ඉන්න තියෙනවා නම් ඒ ඇති. *** සමාප්තයි*** තෙරුවන් සරණයි !! සඳුනි කාංචනාගේ නිර්මාණයක් .... DushanVeteran MemberPosts:2536 24 Nov 2016 05:09 AM කතාව නම් හරිම ලස්සනයි අපොයි ඊළගට අන්තිම කොටසද සඳුනිVeteran MemberPosts:2462 24 Nov 2016 03:10 AM කට්ටිය ආස නෑ වගේ කතාව ඉවර වෙනවට kingDVeteran MemberPosts:3405 23 Nov 2016 10:42 PM අවසාන කොටසටත් අපි ඇවිත්ද ..අපරාදේ ලස්සන කතාව Ind007kaMost Senior MemberPosts:12931 23 Nov 2016 07:44 PM අය්යො අවසාන කොටසද ඊලගට එන්නෙ ? සඳුනිVeteran MemberPosts:2462 23 Nov 2016 01:55 PM 55. වන කොටස. මියෙදෙන තුරා. ඔහු තමා සෝමවංශ ඉදිකිරීම් කොන්තරාත් ආයතනයේ අදිපතිතුමා. ඒ කියන්නේ ඔවුන් කොටිපතියෝ. එයාලගේ පවූල ළග අපේ පවුල හරියට හිගන්නෝ ගානයි. ඒ නිසා කවදාවත්ම මම එයාගේ ලෙලි වෙනවට අකමැති බව මම කල්පනා කළා. සැදෑ අදුර හතර වටින් එබිකම් කලත් වීජී අයියා තාමත් පැමිණියේ නැති නිසා මගේ හිතට ලොකු අමුත්තක් දැනෙන්න ගත්තා. දොළ අසල කුබුක් ගස යට වූ ගල් පතුර මත හිදගෙන හිටියා. මාව ම නොපෙනෙන තරමට අදුර වැටුනත් වීජී අයියා එන පාටක් පෙනෙන්නට තිබුනේ නැ. මම වේදනාවෙන් නිවාස තුලට වැදී දොර වසා ගත්තා. විදුලි ජනන යන්ත්‍ර ය ක්රි්යාත්මක කරන්න මම දැන නොසිටි නිසා ඉටිපන්දමක් දල්වාගෙන මම යහන මත ඇලවී බලන් වුන්නේ වීජී අයියගේ කටහඩ ඇසෙනතුරු. මහා රෑ වෙද්දී මට ඉබේටම නින්දගිහින් තිබුනා. පසුදින මම අවදි වන විටත් වීජී අයියා පැමිණ සිටියේ නෑ. මම යහන මතින් නැගිටින්නට උත්සහ ගත්තත් සිරුරේ දැනුනේ අප්රාසණික බවක්. වීජී අයියා එනතුරු මග බලා සිට රැ ආහාරයද නොගෙනම නින්දට වැටුන නිසා හාමත් වී ඇතැයි සිතු මම තව මොහොතක් යහන මතම ඇලවී සිටියා. කීපවරක්ම ඇදෙන් බහින්නට උත්සහ ගත්තත් මට ඒක කරන්නට තරම් වත් ශක්තියක් තිබුනේ නෑ. '' ලොකු බේබී... ලොකු බේබී...'' පිටතින් ඇසුනේ පොඩ්ඩාගේ හඩ මම අමාරුවෙන් නැගිටලා යහන මත ඉද ගද්දි පොඩ්ඩා පිටුපස දොරෙන් ඇතුලට ආවා. ''පො....'' ''ස්ස්ස්ස්ස්..'' මම පොඩ්ඩා කියා අමතන්න හදද්දිම පොඩ්ඩා දබර ඇගිල්ල ඔහුගේ දෙතොල මත තබාගෙන නිහඩ වන්න යයි ඉගි කළා. '' ලොකු බෙබී ඔයාව එක්ක යන්න ලොකු බේබි මහත්තයා ඇවිත්.'' '' ඒ මොකද එක පාරටම.'' ''මෙහෙ වුන දේවල් සේරමත් වලව්වට ආරංචි වුණා. සෝමවංශ මහත්තයා මහත්තයා වලව්වට ඇවිදින් සේරම කියලා ගියා. ආයෙත් වීජී අයියව මෙහෙ එවන්නේ නෑ කියලා , ලොකු බේබීව ආයෙත් වලව්වට එක්ක යන්න කිව්වා.'' මට සිදුවන කිසිවක් සිතන්නට වත් වෙලාවක් තිබුනේ නෑ. මොකද්ද මේ සිදු වන්නේ කියලා කල්පනා කරමින් මම ඇදෙන් බහින්නට උත්සහ කරද්දී සිහි නැතිවී ඇද වැටුනා. සිහි ලැබෙන විට මම වුන්නේ යහෙන මත වැතිරිලා . ලොකු මල්ලිත් ඔහුගේ ගෝල බාලයනුත් මා වටා රොක් වි සිටියා. '' ලොකු අක්කේ මොකද වුනේ. දැන් හරිද.'' ලොකු මල්ලි මට කරුණාවෙන් කතා කරද්දී මගේ හදවත කඩා වැටෙනවා වගේ මට දැනුනා. ලොකු මල්ලිට උත්තරයක් නොදීම මම අඩන්නට වුණා. '' යමු ලොකු අක්කේ ගෙදර. ඔයා දන්නවද වීජී අයියා කියන්නේ කවුද කියලා.'' '' ඔව් ලොකු මල්ලි . එයාලා මට කැමති වෙන්නේ නෑ.'' ''ඒවා පස්සේ හිතමු .අපි ගෙදර යමු. අක්කට ඇවිදන් යන්න පුලුවන්ද?'' '' පුළුවන් වෙයි . සිගිතියෝ මට බොන්න වතුර ටිකක් දෙන්න,'' '' ඉන්න ලොකු බේබී හ්හ් '' පොඩ්ඩා දුන් වතුර වීදුරුව එක පාරටම පානය කල මට වමනෙට එන්න ආවා. මම එක පාරට එලියට දුවන් යන්න ශක්තිය ආවේ කොහොමද කියලා වත් හිතන්න අපහසුයි. කෑම කන්නෙත් නැතුව මොනවා වමනෙට එනවද මන්දා. මම අමාරුවෙන් කල්පනා කළා. '' ලොකු බේබී ට අසනීපයක්ද? හ්හ්'' '' අනේ මන්දා පො... සි..ගිතියෝ..'' '' අපි ගිහින් බෙහෙත් ටිකක් ගමු ලොකු අක්කේ දැන් යමු.'' මට කිසිවක් ගෙන යන්නට සිහියක් තිබුනෙ නෑ. මම ඇදැන් හිටි ඇදුම පිටින්ම අවසිහියෙන් ඔවුන් සමග මම ,ආසාවෙන් සිටි මගේ සුරංගනා මාලිගාව අත්ඇරලා නැවතත් මට උරුම සිර ගෙදරට යන්නට පිටත් වුණා. වනයෙන් එලියට ආ පසු ලොකු මල්ලිගේ වාහනයට නැගී නිවාස කරා පැමිණියා. මම නිවසට ඇතුළු වෙද්දීම අම්මා මාව තුරුළු කරගෙන අඩන්න ගත්තේ '' මොනවද මේ මගේ දුවේ උබ කරන්නේ කියලා.'' මමත් මොකුත් නොකියම ඇඩුවා. '' අම්මේ මම ටිකක් අසනීපෙන් හරිම අමාරුයි මට.'' මම සෙටිය මත වාඩි ගෙන දිගා වුණා. පුංචි නංගිත් විවාහා වී ශාලින්ද මල්ලිගේ ගෙදර ගිහින් තිබුනා. දැන් නිවසේ සිටියේ ලොකු මල්ලිගේ පවුලත් අම්මත් අප්පච්චිත්, ලීලම්මත් පොඩ්ඩත් විතරයි. දින කීපයක්ම මම මගේ කාමරයට වී ගත කළා. ලීලම්මා මම ගැනම සොයා බලමින් මා අසලම ගැවසුනා. එන්න එන්නම මගේ රෝගී තත්වය දරුණු වුණා. නිතරම හිස කැරකෙන ගතියක් දැනෙන්න ගත්තා. දිනෙන් දිනෙන් ඇති වුන කෑම අරුචියත් සමග බලන් සිටියේදී සිරුර වැහැරී ගියා. මගේ හිත කිව්වෙම දැන් නම් මට යන්නට කාලය උදා වෙලා කියලා. රෝගී තත්වය නිසාම වීජී අයියා ගැන තවත් නොසිතා ඉන්නට තීරනය කළා. නමුත් මට දවසින් වැඩි වාරයක් සිහි වුනේ ඔහු සමග ගෙවූ ලස්සන ජීවිතය පමණයි. ජනෙල් කවුළුව අසලට ගියත් මට මැවී පෙනුනේ රූස්ස ගස් පෙළ අතරින් වීජී අයියා බයිසිකලයෙන් එන අයුරුයි. යහන මත වතිරුනත් ඔහුගේ උනුහුමේ නිදා සිටි අයුරු මට සිහි පත් වුණා. කෑම කන්නට ගියත් වීජී අයියාගේ අතින් ම මට කෑම කැවූ අයුරු මට සිහිපත් වුණා.දිනක් මම අමාරුවෙන් පඩිපෙළ බැසගෙන ආලින්දයට එනවිට අහගන්නට ලැබුනේ සිගිති ගිය අතක් නැති බවයි. ඉන් පසු සිගිතිත් මගේ ජීවිතෙන් අතුරුදහන වුණා. මම මග බලා වුන්නේ ඔවුන්ගේ ජීවිතයෙන් මම අතුරුදහන් වන්නේ කවදාද කියලා. මට දැන් ජීවත්වන්නට කිසිම ආසාවක් තිබුනේ නැ. සතියකට පමණ පසු දැනෙන පාළුව දරා ගන්න ට නොහැකි නිසා මම මිදුලට බැස පොඩ්ඩා අලංකාරව වවා තිබු තන නිල්ල මත පියමැන්නා. එවිට මම අහම්බෙන් වගේ දැක්කේ පෙර දිනක මම මුල පමණක් ඉතිරිවන තුරු කපා දැමු රෝස පැලය නැවතත් සාරවත්ව වැවී තිබෙන අයුරුයි . රෝස ගස මල් පොකුරු වලින් බරවී තිබුනා. පොඩ්ඩා ආයෙත් වෙන රෝස පැලයක් හිටවන්න ඇති කියලා හිතලා මම ඒක අමතක කර ඉදිරියට ඇදුනා. මම තනියම අඹ ගස සෙවනේ වූ ගල් බැංකුව මත හිදගෙන හැගීමකින් තොරව බලා වුන්නා. '' ලොකු බේබී ඔයා දැන් හරි අමුතුයි. රත්තරන් අසනීපෙන්ද? අපි බෙහෙත් ටිකක් ගේමුද?'' මම හුදකලාව සිටිනු දැක ලීලම්මා මා අසලට පැමිණ අසා සිටියා. '' පොඩි අසනීප ගතියක් නම් තියේ ලීලම්මේ . බෙහෙත් අරන් වැඩක් නෑ.'' '' වැඩක් නෑ කිව්වේ.'' '' ලොකු අමාරුවක් නැති නිසා.'' ''එත් මට ලොකු බේබීගේ මුනෙන්ම පේනවා මොකක් හරි ලොකු අමාරුවක් තියෙනවා කියලා.'' ''අනේ නෑ ලීලම්මේ'' නැවතත් මට කැරකෙන ස්භාවයක් දැනෙන්න ගත්තා. සිහි එන විට මම සිටියේ වාහනයක් තුල අම්මගේ උකුලේ හිස තියාගෙන. ඒ අසලම ලීලම්මත් ඉගෙන හිටියා. වට පිට විමසිල්ලෙන් බලද්දී මට වැටහුනා මම සිටින්නේ ලොකු මල්ලිගේ වාහනයේ බව. ඒ වගේම මම වෙෙද්‍ය වාරක් වෙත රැගෙන යන බව. දැන් මගේ ජීවිතේට මොනවා වුනත් එකයි මට දැන් මේ ගමන නවත්වන්න බෑ මම නිහඩවම වුන්න. ඔවුන් මාව කෙලිම රැගෙන යනු ලැබුවේ සුවාසි පුද්ගලික රෝහල වෙත. මගේ මරණය තීරණය කල තැනටම මාව නැවත රැගෙන ඇවිත්. මාව පරික්ෂා කර බැලු වෙෙද්‍යවරයා පරීක්ෂණ කීපයක් නිර්දේශ කළා. සියලු පරීක්ෂණ වල වාර්තා සමග අම්මයි මමයි නැවත වෙෙද්‍යවරයා වෙත යොමු වුණා. වාර්තා පරික්ෂා කර බැලීමෙන් පසු ලස්සන සිනහවක් මවාගෙන මා වෙතට හැරුන වෙෙද්යාවරයා . '' අම්මේ දැන් මෙයාව හුගක් පරිස්සම් කරන්න වෙයි . ඔයාගේ දුව ප්රෙයග්නට් . ඔන්න මගෙන් සුභ පැතුම්.'' මම වෙෙද්‍යවරයා දෙස බලා සිටියේ මේ මොනවද කියන්නේ කියලා. ඉබේම මගේ ඇත කුස මතට යද්දී නෙත් දෙකෙන් කදුළු කඩා වැටෙන්න ගත්තේ දුකටද සතුටටද කියල හිතා ගන්න බැරුව, මම අම්මගේ පපුවට හිස හොවාගෙන ඇඩුවා. මම අම්මෙක් කරන්න මගේ පැටියට පුළුවන් වුණා. දැන් මට ඔයාට ජීවිතේ දෙනකන් ජීවත් වෙන්න ඕනේ .මම හිතින් මගේ කුසේ වැඩෙන මගෙයි වීජී අයියාගෙයි දරුවා සමග දොඩමලු වුණා. '' මොකද මේ අම්මා අඩන්නේ. ඔයා දැන් සතුටින් ඉන්න ඕනේ කාලෙනේ.'' වෙෙද්‍යවරයා මා දෙස බලාගෙන පුදුමයෙන් කිව්වා. '' අම්මේ මට එක පොරොන්දුවක් වෙන්න . මගේ අම්මේ මට එක පොරොන්දුවක් වෙන්න.'' '' මොකද්ද මගේ රත්තරන්.'' ''මගෙයි වීජී අයියගෙයි දරුවා හැමාදාමත් හොදින් බලා ගන්නවා කියලා පොරොන්දු වෙන්න.'' දැන් මට අම්මා හැර උදවු ඉල්ලන්ට කෙනෙක් ඉතුරු වී සිටියේ නෑ. මම මොන තරම් දේවල් කලත් මගේ අම්මා මාව භාර ගත්තා නේද ? එක තමා අම්මෙක්ගේ ආදරය කියන්නේ. මම මොනතරම් රිද්දුවත් මගේ අම්මා මට තාමත් ආදරෙයි. මට සමාවෙන්න අම්මේ.මම අම්ම කෙනෙක් වෙන්න යනකොට තමයි මගේ අම්මා මම වෙනුවෙන් මොන තරම් විදවන්න ඇතිද කියලා මට හිතෙන්නේ. මම අම්මගේ උනුහුමට වෙලා තව තවත් ඇඩුවා. මම දරුවාගේ ජීවිතය ගැන හිතලා මගේ රෝගී තත්වය වෙෙද්‍යවරයා සමග පැවසුවේ කදුළු අතරින්. ඒ කතාව අහගෙන ඉදලා අම්මා මාව තුරුලු කරන හොදටම අඩන්න ගත්තේ ඇයි මේ තරම් කල් හැන්ගුවේ කියලා. '' මට නම් මේ කරපු ටෙස්ට් වලින් ඔය දරුවට වෙනත් අසනීපයක් තියෙන බවක් නම් පෙනුනේ නැහැ.'' ''මෙහෙන්ම තමා මම ඒ ටෙස්ට් ටික කලේ.'' ''දැන් කොච්චර කල්ද?'' ''හරියටන අවුරුද්දක් ඇති.'' ''රිපෝට් ගත්තද මෙහෙන්.'' '' නෑ මම රිපෝට් ගන්න ආවේ නෑ.'' '' ඔයා නම් මහා පුදුම ළමෙක් . මෙතරම් කල් ඔය රහස රැකගෙන ජීවත් වුනාද? මොකද ට්රියට්මන්ට් ගත්තේ නැත්තේ.'' ''මට ජීවත් වෙන්න ආසාවක් වත් අනිත් අය මම වෙනුවෙන් දුක් වෙනවා දකින්නවත් අකමැති නිසා. මට දැන් මේ දරුවට ජීවිතේ දෙන්න ඕනේ ඩොක්ටර් . එතකන් මාව කොහොම හරි අනේ මාව ජීවත් කරන්න ඩොක්ටෙර්.'' මම දෑත් නනලේ තබාගෙන වෙෙද්යවරයාට වදිමින් කිව්වා. '' හරි හරි දරුවෝ. අපි ආයෙත් චෙක් කරලා බලමු. ඔයාගේ ඒ අසනීප තත්වය කොහොමද කියලා'' අවසාන කොටස සමග එක වන්න. සඳුනිVeteran MemberPosts:2462 23 Nov 2016 01:52 PM 54. වන කොටස. මියෙදෙන තුරා.... '' අනේ ඇයි මේ මගේ කෙල්ල අඩන්නේ. මට අමතක නෑ අද දවස. මට මතකයි ඔයා මගේ වෙලා අදට මාස හයක් කියලා.'' '' අනේ ඒකට නෙමේ. ඉබේම කදුළු ටිකක් ආවා. මම අඩන්නේ නෑ.'' ''පිස්සු කෙල්ල. ඉන්න මම මුණ සෝදන් ඉස්සරහට එන්නම්. මගේ කෙල්ල මන් වෙනුවෙන් මොකද කරලා තියෙන්නේ බලන්න.'' '' ඉක්මනට එන්න.'' මම සාලය ලෙස වෙන් කර තිබු කොටසට ගොස් සියල්ල පිළිවෙලට ඇද්දැයි බැලුවා. වීජී අයියා මුණ සෝදන් හොද ඇදුමකුත් ඇදගෙන සාලයට ආවා. '' මගේ කෙල්ල කිරිබත් හදලා නේද. මම ආසම කෑමක් මම හිතුවේ ඔයා කිරිබත් හදන්න දන්නේ නෑ කියලා.'' '' හදලම නෑ. අදමයි හැදුවේ.'' '' බලමු හොදයිද කියලා.'' වීජී අයියා කිරිබත් කෑලක් අරගෙන මට කන්න යයි පෑවා. ''ඔයා කළා ඉන්නකෝ.'' ''කන්නකෝ ඉතින් '' මම එය කන්න කලින්, මමත් කිරි බත් කැබැල්ලක් අරගෙන වීජී අයියට කැව්වා. මුන අමුතු කරගෙන කිරිබත් වල රස බැලු වීජී අයියා. මගේ නණල මත හාදුවක් තැබුවා. ''හරිම රසයි මගේ කෙල්ලේ.'' ''බොරු කියන්න එපා අනේ.'' ''අනේ නෑ ඇත්තටම රසයි.'' '' හ්ම්ම්'' මගේ හිතේ ඇති වුන දැඩි සෙනෙහසත් සමග මම ඔහුගේ කොපුල මත හාදුවක් තැබුවා. '' හැමදාමත් මගේ කෙල්ල මගේ ලගම තියා ගන්න ලැබෙන්න කියලා මම පතනවා.'' මමත් පතන්නේ ඒකම තමයි වීජී අයියේ එත් මට ඔයා ළග ඉන්න පුළුවන් තව ටික කාලයයි. මටත් ඔයාගෙන් ඈත් වෙන්න හිතන්න වත් බෑ. මම වීජී අයියගේ උණුසුම පපුව මත හිස හොවාගෙන හිතින් හඩා වැටුනා. උදේ ආහාරයෙන් පසු වීජී අයියා කොහේදෝ යන්න සැරසුණා. '' නිල්මි යමුද ටවුන් එකට ගිහින් එන්න.'' '' ඇයි මේ උදෙන්ම.'' ''යමුකෝ.'' ''අනේ අද මම ගෙදර ඉන්නද. ඔයා ගිහින් එන්න.'' කවදාවත් නැතුව මම ගමනට අකමැති වුනේ මගේ ඇගට අමුත්තක් දැනුන නිසාත්, නිදහසේ නිදා ගන්නම සිත් ඉල්ලන නිසාත්. ''එක හොදයි වෙනසකටත් එක්ක. මම අද ටිකක් දුර ගමනක් යන්නේ. අද මම ඔයාට මගේ එක රහසක් කියනවා. මම ඉක්මනට එන්නම් කෙල්ලේ පරිස්සමින් ඉන්න. බය වෙන්න එපා. ජිමියයි ටිමියයි ඉන්නවනේ. එයාලා ඔයාව බලා ගනීවි.'' '' හරි වීජී අයියේ ඔයත් පරිස්සමින් ගිහින් එන්න. බුදු සරණයි ඔයාට.'' මිට පෙර මම නිවසේ තනියෙම් දමා ඔහු පිටවී නැති නිසා මට පොඩි අමුත්තකුත් දැනුනා. මම වීජී අයියගේ දෙපා නැමද ඔහුට සතුටින් පිටවන්නට අවස්තාව සාදා දුන්නේ. අමාරුවෙන සිනහවක් මුහුනට නගාගෙන. වීජී අයියා වන අකුල් අතර නොපෙනී යනතුරු මම බලන් සිටියා. ඉන්පසු තිර රෙද්දෙන් වෙන් කල කාමරයට වැදුණු මම සයනය මත වතිරුනා. මට දැනුන තද නිදිමත නිසාම ඉක්මනින් නින්දට වැටුනා. '' ගෙදර කවුද ? කවුද ඉන්නේ.'' '' ගෙදර කවුරුවත් ඉන්නවද?'' ජිමි ටිමි හයියෙන් බුරන හඩත් සමග තවත් පිරිමි කටහඩක් එළියෙන් ඇහෙද්දී මම ඇහැරුනා.මම ඇද මත හිද ගත්තේ වීජී අයියා ආවා නම් ජිමි ටිමි බුරන්නේ නෑනේ. අනික ඒ විජේ අයියගේ කට හඩ නෙමේ.මට හුරු කට හඩකුත් නෙමේ. මොකද කරන්නේ කවුරුත් නෑ වගේ ඉන්නවද. පොඩ්ඩක් එලියට ගිහින් බලනවද. මගේ සිත තුල තෙරපුනේ බයත් සමග දෙගිඩියාවක්. මම ඇදෙන බැහැලා කුස්සිය පැත්තෙන් එලියට ගියා. බටයක් ආධාරයෙන් කුස්සිය අසලට ගෙන තිබු දිය පීල්ලෙන් මුණ සෝදාගෙන. ගේ පිටු පසින් එබිකම් කර බැලුවේ කවුද ඇවිත් ඉන්නේ කියලා. ''ගෙදර කවුරු හරි ඉන්නවද?'' පැමිණ සිටි අමුත්තා වට පිටාව ගැන හොද හෝදිසියෙන් බලන් හිටි නිසා මම එබී බලන අයුරු ඔහු දුටුවා. '' මේ දරුවෝ මේ ගෙදරනේද විජිත කියන කෙනා ඉන්නේ.'' '' ඔයා කවුද ?'' වයස් ගත පුද්ගලයෙකු වූ ඔහු හොද පොහොසත් අයෙකු බව ඔහුගේ ඇදුමෙන් පැහැදිලි වුණා. කළු පැහැති සපත්තු යුගලක් පැලද, කොට් සහිත ඇදුමක් ඇදගෙන , තරමක් ලොකු උපැස් යුවලක් පැළදගෙන සිටි ඔහු උපැස් යුවල ගලවා පිස දමා නැවත දමාගෙන මා සමග මද සිනහවක් පෑවා. '' මම විජිත පුතාගේ තාත්තා.'' ''ඔය ඇත්තමද?'' මම මේ වන විට සිටියේ ඔහු ආසන්නයට පැමිණිලා. මගේ පැමිණීමෙන් නිහඩ වුන ටිමිත් ජිමිත් වැරන්ඩාවේ වුනු රෙදි කාපට් එක මට සුවපහසුවට ඉගෙන වුන්නා. සැබවින්ම වයස් ගත වීම නිසා තරුණ පෙනුම වියැකි තිබුනත් මොහුත් වීජී අයියා වගේමයි කියලා සිත පුදුම වුණා. '' එන්න අන්කල් ඇතුලට.'' වීජී අයියා මට දිනක් ශාමලිගේ නිවසේ ඉන්න කාලයේ විස්තරයක් කියා තිබු නිසා මොහු පියා බව මම පිලි ගත්තා. '' වාඩි වෙන්න.'' මම වේවැල් පුටුවක් අතින් පෙන්නා ඔහුට ඇරයුම් කළා. '' අන්කල් මෙහෙ එන බව වීජී අයියා දන්නවද?'' '' නෑ දරුවෝ මම මේ මගේ පුතාව හොයාගෙන එන ගමන්.'' '' කොහොමද මෙහෙ ඉන්න බව දන්නේ.'' '' ගමේ මිනිස්සුගෙන් ඇහුවම කිව්වා, අවුරුදු ගානක ඉදන් නාදුනන වීජී අයියා කියලා කෙනෙක් නම් මෙහෙ ඉන්නවා, විජිත කියලා කෙනෙක් නම් මන්දා කියලා.'' සැබවින්ම මමත් වීජී අයියාගේ නම් විජිත බව දැන ගත්තේ විවාහා සහතිකයේ පිහිටෙන්. එහෙම හරි මේ නම නොදැන හිටියා නම් අද මේ හොයන විජිත මෙහෙ නෑ කියන්න තමා මට සිද්ද වෙන්නේ. '' ඉතින් කොහොමද මේ කැලේ මැද ඉන්න බව දන ගත්තේ'' '' මම මිනිස්සු කීප දෙනෙක් එව්වා මේ පැත්ත හෝදිසියෙන් ඉන්න කියලා. ඒ මිනිස්සු තමා මේ ගැන මට විස්තර දුන්නේ.'' '' ඒත් ඇයි අන්කල් වීජී අයියව හොයන ගමන් කිව්වේ. '' '' මගේ වීජී පුතා මාව අතාරලා දාලා ගෙදරින් පැනලා ආවා. මම මේ අවුරුදු ගානම කලේ එයාව හොයන එක.'' වීජී අයියගේ තාත්තා වීජී අයියා ගැන නොයෙකුත් විස්තර රැසක් කිව්වා. නමුත් මම කාගේ කවුද ? මෙහෙ කරන්නේ මොකද්ද කියන එක වත් ඔහුට දැන ගන්න ඕනි වුනේ නැහැ. ඔහුගේ කතා වලින් මට වැටහුනේ. වීජී අයියගේ පවුල හොද පොහොසත් උදවිය බවයි. වීජී අයියා එන තුරු යයි හවස් වන තුරුම වේවැල් පුටුවට බර වී මග බලා සිටි ඔහු මම උයා දුන දවල් ආහාරය ගත්තේ හරිම කැමත්තෙන්. '' මම යනවා දරුවෝ මේ දරුවාගේ නම වත් අහ ගත්තේ නෑනේ මම මේ හැටි වෙලා ඉදලත්.'' '' මම නිල්මිණී'' '' නිල්මිණි මම යනවා, විජිත පුතා ආවම මම කිව්ව විස්තරේ කියන්න. වෙන කෙනෙක් නොයේවා මම ම මේ කැලේ මැදින් මේ ගමන ආවේ මගේ පුතාගෙන් සමාව ගන්න ඕනේ නිසා. මම දන්නවා එයා මට ආදරෙයි. එයා මට සමාව දෙනවා.'' '' හොදයි අන්කල් මම කියන්නම්.'' '' මෙන්න මගේ කාඩ් එක මට කෝල් එකක් දෙන්න කියන්න. මමයි විහගී දුවයි එනවා එයාව එක්ක යන්න.'' '' මම දන්නේ නැහැනේ අන්කල් වීජී අයියට නංගියෙක් ඉන්න බව.'' '' නංගි නෙමෙයි ඒ .විජිත පුතා බදින්න ඉන්න කෙනා. අවුරුදු පහකට විතර කලින් විජිත ගෙදරින් පැනලා ආවේ වෙඩින් එකට සේරම ලෑස්ති කරලා තියෙද්දී. තවමත් විහගී දුව විජිත පුතා එයි කියලා මග බලන් ඉන්නවා. මේ ආරංචිය ඇහුවම එයා හුගක් සතුටු වෙයි.'' මගේ හදවත පුපුරන්න තියෙන හෙන ගෙඩි සේරම පුපුරලා ගිහින් ,පිච්චිලා අළු වෙලා ගියේ ඒ වදන් පෙළත් සමග. ඒ කියන්නේ වීජී අයියා බදින්න කෙනෙක් ඉන්නවා. අවුරුදු පහක් තිස්සේ එයා මග බලන් ඉන්නවා. ඒක තමයි වීජී අයියා මට නිතරම කියන්නේ එයා මට වංචා කරන බව. අනේ ඇයි වීජී අයියේ ඔයා මට මෙහෙම කලේ. නෑ වීජී අයියගේ වරදක් නෑ. මගේ බල කිරිමටනේ එයා මාව බැන්දේ. එකත් හොදයි . මගේ අවසානේ දැන් ලගයි ඔයාට මන් නැති පාළුව දැනෙන එකක් නෑ වීජී අයියේ. ඔයාට මම මැරුණම තාත්තා ලගට ගිහින් ඔයා වෙනුවෙන් අවුරුදු ගානක් බලන් හිටපු විහගිව මැරී කරන්න පුළුවන්. එයත් මම වගේම ඔයාට ආදරේ ඇති . නැත්තම් මේ තරම් කල් මග බලන් ඉන්නේ නැහැනේ. මම නොයෙකුත් සිතුවිලි මැද අතර මන් වෙද්දී වීජී අයියගේ පියා නික්ම ගොස් තිබුනා. මේකද වීජී අයියේ මට ඔයා ගැන දන ගන්න ලැබෙනවා කියපු ඇත්ත. මේ ඇත්ත මට දරන්න බැරි තරම් දරුණුයි. මම වීජී අයියගේ තාත්තා ලබා දී ගිය කාඩ් එක කියවලා බැලුවා. ඊ ළග කොටසින් හමුවෙමු .. සඳුනිVeteran MemberPosts:2462 23 Nov 2016 01:51 PM 53. වන කොටස. මියෙදෙන තුරා පුංචී නංගි හිතේ වූ කෝපය පිට ගන්නද කොහෙද මට ගහන්න සැරසුණා ඇගේ අත කෙලින්ම ආවේ දැඩි පාරක් දරාගෙන මගේ කම්බුල දෙසට. '' තමුන්ට පිස්සුද.'' ඒ පහරට බියෙන් මම මුහුණ හංගා ගද්දි වීජී අයියා මා වෙත ආ පහර වැලක් වීමට , මා වෙතට වේගයෙන් ආ පුංචි නංගිගේ අත අල්ලා ගමින් කිව්වා. '' අතාරිනවා මගේ ඇත.'' ''තමුසේ වගේ උඩගුකමින් ඔලුව ඉදිමිච්ච එවුන් එක්ක කතා කරලා මම බොරුවට වචන නාස්ති කර ගන්න කැමති නෑ. ඒක නිසා මම නිහඩව ඉන්නේ . ඒකැ නිවටකම කියලා නම් හිතන්න එපා .'' වීජී අයියා අල්ලා සිටි පුංචි නංගිගේ ඇත ගසා දමමින් කිව්වා. '' මොකද්ද හිගන්නෝ කිව්වේ.'' '' මම හිගන්නෙක් තමා. එත් තමුසෙලගෙ ගෙදර උන් කරන බලු වැඩ මම කරන්නේ නෑ.'' '' මෙනන් මෙහෙ යමු නිලූ පිස්සු හැදිලද.?'' '' අන්න එක හොදයි සහෝදරයා. මොකද මම මිට වඩා දරුණු විදියට කතා කරන්නත් හොදටම දන්නවා.'' ''කවුද යකෝ උබේ සහෝදරයා.'' '' මෙන්න මෙහෙ එනවා යන්න.'' ශාලින්ද මල්ලි කෝපයෙන් පුංචි නංගිව බලෙන්ම ඇදගෙන එතනින් පිට වී ගියා. පුංචි නංගි පිස්සුවෙන් වගේ දැගලුවේ ශාලින්ද මල්ලිගෙ ග්රහණයෙන් මිදිලා වීජී අයියා එක්ක පැටලෙන්න එන්න. ඇය ශාලින්ද මල්ලිටත් බැන බැන ආපසු හැරි හැරී අපිට දොස් නැගුවා. මේ සිදුවීමත් නිවාස තුල ලොකු පෙරලියක් ඇති කල බව පොඩ්ඩා අපිට කිව්වා. ඉන් පසු නගරයේදී කීප වතාවක්ම ගෙදර අය මුණගැසුනත් ඔවුන් ගියේ මම කවදාවත් නොදැකපු , නොහදුනන කෙනෙක් වගේ සලකමින්. වැඩි කල් යන්නට කලින් ලිලම්මා සමග දුරකතනයෙන් කතා කරන්නට අවස්තාව මට වීජී අයියා හදලා දුන්න. කාටත් හොරා, ලිලම්ම පොඩ්ඩාගේ දුරකතනයෙන් මා සමග කතා කළා. සියල්ල හොද අතට සිදුවන නිසා. මම වීජී අයියා ළග කාලය ගෙව්වේ හුගක් සතුටින්. වීජී අයියා මට එයාගේ පනටත් වඩා මට ආදරේ බව මම ඒ වෙනකොට තේරුම් අරන් තිබුනා. මම වීජී අයියා ලගට පැමිණ මාස දෙකක් ගත වී තිබුනා. මට දැන් මම මරණයට කැපවුන රෝගියෙක් බවද අමතකයි. ඒ තරමටම මම වීජී අයියාට ලං වෙලා තිබුනා. වනය මැද වූ පුංචි නිවාස මට දැන් හොදටම හුරු තැනක් වෙලා. පසෙකින් ගලා ගිය පිටාර යන දියකඩිත්ත එතන තමා මම ආසම තැන. පුංචි කුරී කොටනවට තිබු බියත් පහව ගිහින් තිබුනා. මම ගල් ඇන්ද මත හිදගෙන දියට කකුල් දමාගෙන පුංචි කුරී කොටන හැටි බලාන ඉන්න පුරුදු වුණා. පුංචි කුරී රොත්තක්ම මගේ ලගට පිනගෙන ආවම මට එන සතුට නිසාම මම ඒ වැඩේට ගොඩක් කැමති වුණා. වීජී අයියා මට ඒ මාළුන්ගේ නමුත් කියලා දුන්නා. පිටුපස වරල ආසන්නයේ ලොකු කළු තිතක් ඇති මාළුවා පෙතියා. ඇග මත දිග අතට කළු ඉරක් තියෙන මාළුවා දන්දියා. මම අසම වුනේ බුලත් හපයට .සමහර බුලත් හපයින්ගේ කට රතු පාටයි .උන් නම් හරිම ලස්සනයි. තව කුරී හුගක් හිටියා. දවසක් මම සර්පයෙක් වගේ දිග මාලිවෙක් දැක්කා. ඒ මලුවාට නම් මම බයයි. ඌට කියන්නේ තෙලියා කියලා බව වීජී අයියා කිව්වේ සිනා සෙමින්. මම නිවසින් පිට වෙලා ගත කරපු මේ ජීවිතෙන් හුගක් දේවල් ඉගෙන ගත්තා. මට දැන් හිතෙනවා .අවුරුදු දාහතක්ම අර බිත්ති හතරට කොටු වෙලා සිටීම අපරාදේ කියලා. වීජී අයියා සමග එයාගේ පුංචි වගාවේ වැඩ කරන්නත් මම හුගක් ආස වුණා. මගේ අතින් හිටවපු කොච්චි, බටු, බණ්ඩක්කා වගේ පැල වල පුංචි ගෙඩි මෝදු වෙද්දී ඇති වුන සතුට කියලා විස්තර කරන්න බෑ. මම උදලු අරන් වැඩ කරනවට නම් වීජී අයියා අකමැති එත් , හැමදේම ඉගෙන ගන්න එක හොදයි කියලා වීජී අයියා මට හැමදේම ටික ටික හරි කරන්න ඉඩ දුන්නා ජිමි ටිමි දෙන්නත් මාත් එක්ක යාලු වෙන්න වැඩි දවසක් ගියේ නෑ. ඒ දෙන්නා දැන් වීජී අයියටත් වඩා මට ආදරේ කළා. වැරන්ඩාවේ වූ වේවැල් පුටුව මත මම අසුන් ගත විට ජිමි ටිමි මගේ දෙපයේ ගෑවී නිදා ගන්නට පොර කෑවා. වීජී අයියා කලින් කි අයුරින්ම ඔහුගේ රහස් කාමරයට වැදී සමහර දින වල මුළු දවල් කාලයම ගෙවා දැමුවා. නමුත් කිසි දිනෙක රාත්‍රියේ මට තනියෙම සිටීමට ඔහු ඉඩ නොහැරියේ මම බිය බව දන්නා නිසයි. ඔහු කාමරයට වැදුන දින වල මට දැනුන පාළුව දරන්නටත් අපහසුයි. ඒ දවස් වලට මම දවස ගෙව්වේ ජිමි ටිමි එක්ක. දොළ අසල වූ රූස්ස කුබුක් ගස යට ගල් පතුරක් මත හිද ගත් මම කුබුක් ගහට පිටදී හුරුබුහුටි නිවාස දෙසත් , මල් ගෙඩි දරා දිදුලන වගා බිම දෙසත් බලා ඉන්නට ප්‍රිය කළා. මම කොහේ සිටියත් ජිමිත් ටිමිත් සිටියේ මා ලගම තමයි. ටික කාලෙකින් පපුවේ වේදනාව ඇති නොවුන නිසා, මගේ රෝගී තත්වය නම් මට අමතක වීම ගොස් තිබුනා. වීජී අයියත් නිදහස් ජිවිතයකට බොහොම ප්‍රිය කල අයෙක්. මමත් මේ වගේ ජිවිතයක් හැමදාමත් පැතුවා. ඒක නිසාම අපි දෙන්නගේ අදහස් හොදටම ගැලපුනා. අපි දෙන්න කාලය ගෙව්වේ හරිම විනෝදෙන්. අපි නගරයට යන දාට සිනමා ශාලාවට ගොසින් චිත්‍රපට නැරබුවා. වනයේ තවත් ඇතුලට වන්න තිබු විශාල දොලකට ගොස් දවසම එතන ගත කළා. එහි යන විට හාල්, පොල්, එලවලු, වලන් වගේ දේවලුත් රැගෙන ගිය නිසා. දොළ අසලම ලිපක් බැදගෙන අපි ආහාර පිස ගත්තා. ඒ දොලේ විශාල මාළු වුන් නිසා වීජී අයියා උන්ව බිලි පැත්ත ආදාරයෙන් අල්ලා ගත්තා. උන් අල්ලන විට මට අසලට එන්න නොදුන්නේ, උන් මිය යන අයුරු දුටුවොතින් මම උන්ව ආහාරයට ගන්න එකක් නැති වෙයි කියා ඔහු සිතු නිසා වන්නට ඇති. නමුත් මම දිනක් ලොකු මාලුවෙක් රත් වුන ගලක් මත ජීවිතය බේරා ගන්නට උඩ පනිමින් දගලන තාලය දුටුවා. මම ඌව දොළට විසි කලේ, මට ඉවසන් ඉනට බැරි නිසා. නමුත් ඌ මැරෙන්නට ඇති. බිළි කොක්ක ඇනී උගුර තුවාල වී තිබුන නිසා. එදිනෙන් පසු වීජී අයියට බිලී බාන්නට මම ඉඩ දුන්නේ නැ.මම බිලී පිත්ත කඩා විසික් කර දැමුවා. දිනක් ඔහු අර රහස් කාමරයට වැදුන විට ඇති වූ පාළුව මගහරවා ගන්නට සිතා මම නිවසින් බැහැරට එනවිට රැගෙන ආ පොත් කීපයත් රැගෙන වේවැල් පුටුව මත හිද ගත්තා.මගේ ලගට දුගෙන ආපු ටිමි ජිමි මගේ දෙපා අභියස නිදාගෙන ඉද්දි මම පොතක් පෙරලාගෙන කියවන්නට පටන් ගත්තා. '' නිල්මී'' ''වීජී අයියේ අද කලින්ම එලියට ඇවිත් මම මේ හරිම පාලුවෙන් හිටියේ.'' '' ඔයා පොත් කියවනවද?'' '' ඔව් මේ මම ආසම පොත. ඒ වගේම ආසම ලේඛකයා.'' මගේ අතේ තිබු ''නිල්ල පිරුන මිටියාවත.'' පොත වීජී අයියා අත තබමින් මම කියා සිටියා. පොත දෙස බලා සිනාසුන ඔහු මා දෙස බලාද හිනා වුණා.'' '' ඔයා මේ පොතට අසද? ඇයි මේ පොතට ආස.'' ''ඔය කතාව ලියවිලා තියෙන්නේ මේ වගේම කැලෑවක ජීවත්ව වෙන පිරිමි ළමෙක් ගැන. මම ඒ ජීවිතේට හරි ආසයි.'' ''ඉතින් දැන් ඔයත් කැලෑවකනේ ජීවත් වෙන්නේ.'' '' ඔව් මම මේ ජීවිතයට හුගාක් ආසයි.'' ''මම හිතුවා ඔයාට දැන් මේ ජීවිතේ එපා වෙලා ඇති කියලා.'' '' අනේ නෑ වීජී අයියේ. ඔයා ඉන්නවා නම් මට කොහේ හිටියත් හොදයි.'' '' ඒ තරමට මට ආදරෙයිද. ඔයාට රහසක් හංගන. වංචා කරන.'' '' ඔය කතාව නවත වන්න වීජී අයියේ. ඔයා ආස නැද්ද මේ පොත කියවන්න.'' '' මම ඔය පොත කියවලා තියේ. ඔය ලේඛකයාගේ සේරම පොත් මම කියවලා තියේ.'' '' අනේ මට සමහර පොත් මගෑරුනා.'' '' මගේ ළග තියේ මම දෙන්නම්.'' '' ඔය ඇත්තමද ඔයා ළග ඒ පොත් තියේද?.'' මගේ සිත සතුටින් ඉපිල ගියා. වීජී අයියා නම් ඉස්ට දෙවතාවක්ද කොහෙද . මම ආසා හැමදේම ලබා දෙන්න එයාට පුළුවන්. අනේ ඔයාට හුගක් පින් වීජී අයියේ. පහු වෙනිදා, වීජී අයියා රහස් කාමරයට ගිහින් එද්දී ඒ පොත් රැගෙන මයි එලියට ආවේ. ඒ කියන්නේ මේ කාමරේ පොතුත් තියෙනවා. මට තාමත් තේරුම් ගන්න බෑ වීජී අයියා මොනවද හංගන්නේ කියලා. නමුත් මියෙදෙන්නට සිටින මා හට ඔය රහස් ඕනි නැ . අන්තිම කාලේ සතුටින් ඉන්න ලැබුනොත් ඇති. පොඩ්ඩාගෙන් දැන ගන්නට ලැබුනා. පුංචි නංගිගෙයි ශාලින්ද මල්ලිගෙයි විවාහය පැවැත්වෙන බව. වීජී අයියා මට කිව්වා මට ඕනි නම් උත්සවයට එක්ක යන්නම් කියලා. මමත් හුගක් ආස වුණා පුංචි නංගි මනමාලියෙක් වෙලා ඉන්නවා දකින්න.පුංචි නංගි මට මොන විදියට සැලකුවත් මම ඇයට ආදරය කළා. මම දුටුවොත් ඇගේ ලස්සන දවසේ සතුට නැති වෙයි කියා සතු මම, එහි නොයන්නට තීරණය කළා. වීජී අයියගෙත් මගෙත් විවාහා දිවියට මාස හයක් සපිරුණ දිනය උදා වුණා. වීජී අයියා ඇහැරෙන්නට කලින් මම හිමිදිරි පාන්දරම අවදි වුනේ කිරි බත් උයලා ලස්සන කෑම මේසයක් සුදානම් කරන්න හිතාගෙන. මම පුංචි කුස්සියට ගිහින් සහල් ටිකක් සෝදලා ලිප තබුලා පොල් ගානට සුදානම් වුණා. හුග කාලෙකට පසු යාන්තමින් පපුවේ වේදනාව මතුවී ගෙන ආවා. මම පපුව මත අතක් තබාගෙන වේදනාව දරා ගන්නට උත්සහා ගද්දි තද ඔලුවේ බර ගතියක් සමග සියල්ල කැරකෙන බවක් දැනුනා. වෙනදා වගේම කලන්තේ එන්න යයි සිතු මම එතනම බිම ඉගෙන බිත්තියට හේත්තු වුණා.සුළු මොහොතකින් එම තත්වය මග හැරුණත්, හිත තුල දැඩි වේදනාවක් තැම්පත් වුණා. දැන් මගේ මරණයට ලබා දී තිබු කාලයත් පසු වී තිබු නිසා මගේ ජීවිතය කොයි මොහොතේ නැති වේවි දැයි මට බියක් දැනුනා. දැන් නම් මට වීජී අයියා දාලා යන්න බෑ. වීජී අයියත් හුගක් දුක් වේවි මම නැති දාක. මම අමාරුවෙන් නැවත නැගිටලා පොල් ගානට පටන් ගත්තා. වීජී අයියට රෝගය ගැන කියන්නට මට හිත දෙන්නෙම නෑ. අදනම් කොහොමත් කියන්න බෑ. අද එයාට ලස්සන දවසක් කරන්නයි මට ඕනි.මදින් මද පපුවේ වේදනාවත් ඔලුව කැරකෙන ගතියත් ආවත් මම ඉවසාගෙන කෑම මේසය සුදානම් කළා. මුණ සෝදලා මට පොඩ්ඩා අරන් දුන්න සුදු පාට දිග ගවුම ඇද ගත්තා.එක තමයි මගේ හිතේ රැදුන එකම ඇදුම. දැන් මට ඒ ඇදුම හොදටම තදයි. ඇගට අලවලා වගේ. මම වීජී අයියා ළග ඇද මත ඉගෙන ඔහුව අවදි කළා. ඔහුට පෙනෙන්නට මුහුණෙහි සිනහවක් මවා ගත්තත් මම හිටියේ අමාරුවෙන්. '' මොකද ළමයෝ අද අලුත් ඇදුමකුත් ඇදන්. ටවුන් යන්න ඕනිද ඔයාට. කෝ අද තේ එක.'' '' ඔයා මුණ හොදන් එන්නකෝ සාලෙට.'' '' අද විශේසයක්ද්ද '' ''හ්ම් ඔව්.'' '' ඔය ඇදුම ඇන්දම ඔයා හරිම ලස්සනයි. යන්න හිතෙන්නෙම නෑ ඔයා ලගින්.'' '' කෝලන් නොකර ඉන්න අනේ.'' මාවත් තුරුළුකරගෙන යහන මත නැවතත් වැතිරුණා. ගවුමේ අත් වෙනුවට වුයේ සිහින් උර පටි දෙකක් පමණක් නිසා ,වීජී අයියා නිරුවත් උර තලය සිප ගන්නට වුණා.ඔහුගේ හාදු වැස්සට මැදි වුන මට සතුටට වඩා දැනුනේ දුකක්. මේ තරම් මට ආදරය කරන වීජී අයියා දාලා මම කොහොම යන්නද කියලා. මටත් නොදනිම මගේ ඇස දෙකට කදුළු වුනලා තිබුනා. ඊ ළග කොටසින් හමු වෙමු... සඳුනිVeteran MemberPosts:2462 23 Nov 2016 01:49 PM 52. වන කොටස . මියෙදෙන තුරා. '' නිල්මී'' ''හ්ම්ම්ම්'' '' නිදා ගමු නේද?'' ''හ්ම්ම්ම්'' මම ඔහුගේ තුරුලෙන් මිදී උකුලෙන් බසින්නට සැරසෙද්දී , වීජී අයියා මාව ඔහුගේ දෑත් මත හරයට වඩා ගත්තා. කිසිත් කියන්නට සිත් නොවූ මම ඔහුගේ ගෙල වටා දෑත් යවා තුරුළු වුණා. ජීවිතයේ සුන්දරම, ආදරණිය රාත්‍රිය නිමා වී හිරු කිරණ යහන ඉහිද්දර වූ කවුළුවෙන් ගලාගෙන එද්දී මගේ දෙනෙත් හැරුනා. මා තදින් ඔහුගේ ග්‍රහණයට නතු කරගෙන නිදා වුන් වීජී අයියට නම් දැන්ම අවදි වෙන්න කල්පනාවක් නෑ වගේ කියලා මගේ හිත කොදුරද්දී මම රැවුල කපා තිබුනත් ගොරෝසු කොපුලක් ස්පර්ශ කරමින් මම හිතුවා. මට ඔහු ගැනුනේ කියන්නටත් අපයසු තරම් හැගීමක් . මම ආදරයෙන් වීජී අයියාගේ කොපුල මත හාදුවක් තබද්දී ඔහු දෙනෙත් හැර මා දෙස බැලුවා. '' තව ටිකක් නිදා ගමු රත්තරන් .'' එහෙම කියල මාව ග්රහනයෙන් මුදවවපු ඔහු සැහැල්ලුවෙන් නිදා ගන්නට සැරසුණා. තවත් මොහොතක් ඔහුගේ සමිපයේ වුන්නේ ,පියවුන දෙනෙතින් විදි මිහිර නැවත නැවත සිහිපත් කරමින්. ඉන්පසු ඔහුට නිදා ගන්නට ඉඩ හල මම රැ අදුමද ඇග ලා ගෙන පුංචි කුස්සිය දෙසට ගමන් කළා. කේතලය ලිප මත තැබූ මම ,මගේ අතින් ඔහු වෙනුවෙන්ම උයන මුල්ම උදේ ආහාරය පිසින්නට සුදානම් වුණා. රාක්කය මත අසුරා තිබු සියලු බෝතල් හැර බැලු මට කිරි පිටි බෝතලය සොයා ගන්නට පුළුවන් වුණා. රසවත් කිරි විදුරු දෙකක් සදා ගත මම එයත් රැගෙන වීජී අයියා අසලට පැමිණියා. සැබවින් මට ඔහුට අවදි කරවන්නට දැනුනේ අපහසු තාවයක් .දැන් ඉතින් මට විහිළු කරන්න පටන් ගනීවි. ''වීජී අයියේ.'' ''වීජී අයියේ'' ''හ්ම්'' ''ඇහරෙන්නකෝ හුගක් දවල් වෙලා.'' '' ම්ම්ම් මගේ මනමාලි ඇහැරලද උදේම.'' '' මේ කිරි එක බොන්න.'' '' කෝ මෙහෙට එන්න පොඩ්ඩක්.'' ''අනේ වීජී අයියේ.'' ''මොකද ඇබරෙන්නේ.'' ''යන්න අනේ යන්න.'' ඉන්පසු ඇද මත හිදගෙන මම රැගෙන ආ වතුර වීදුරුවෙන් කට සෝදාගෙන කිරි එකෙන් උගුරක් පානය කළා. '' ශාමිලාගේ ගෙදර හිටි ටිකට රසට උයන්න පිහන්න අල්ල ගත්තා නේද?'' ''අනේ ඔව් විජේ අයියේ. ශාමි මොනවා කියයිද දන්නේ නෑ අපි ගැන දැන ගත්තම.'' ''එයා මොනවා කියන්නද.'' '' අනේ මන්දා මට හිතෙන්නෙම එයා මේකට කැමති නෑ කියලා.'' ''පිස්සි'' ''ඇයි'' ඔහු අසල වාඩිගෙන කිරි වීදුරුව පානය කරමින් සිටි මගේ ගෙල වටා අතක් යවා තුරුල් කර ගනිමින් ඔහු කිව්වා. '' ඔයාට තේරෙන්නත් කලින් එයාට තේරුනේ මහේ හැගීම.'' '' ඒ කිව්වේ.'' ''මම ඔයාට ආදරේ බව. එයා මගෙන් ඇහුවා ඔයා ගැන.'' '' ඒ කියන්නේ ඔයා මට ආදරේ කලාද?'' ''ඔව් මගේ කෙල්ලේ.'' '' හරි නරකයි වීජී අයියේ ඔයා නම්. ඇයි ඔයා ඒ බව මට කිව්වේ නැත්තේ.'' '' ඔයාට ඕනේ ජීවිතේ මට දෙන්න බැරි නිසා.'' '' මොකද්ද දැන් මම ඔයාගෙන් ඉල්ලුව , ඔයාට දෙන්න බැරි ජීවිතේ.'' කිරි බී අවසන් කර තිබු ඔහුගේ වීදුරුවත් මගේ වීදුරුවත් ඇද අසල රෙදි කාපට් එක මත තැබූ වීජී අයියා මා දෙසට හැරුනා. '' මොකද්ද දන්නවද? හරියට ඩොන් යනවනේ මෙයාට.'' '' ඔව් මොනවද?'' එකපාරම මාවත් ඇදගෙන සයනය මත පෙරළුන වීජී අයියා. ඔහුගේ සවිමත් දෑත් අතර සිරකර ගත්තා. එතැන් පටන් අරාම්භ වුනේ මගේ ජීවිතේ සුන්දරම කාලවකවානුව. වීජී අයියා මගේ ජීවිතයම වුණා. ඔහුටත් මම ඔහුගේ ජීවිතය වුණා. කිසිම දිනක වීජී අයියා වනය මැද වූ ඔහුගේ පුංචි කැදැල්ලේ මා තනිකර ගියේ නෑ. ඔහුට නගරයට යන්නට අවශ්‍යවූ සෑම විටම මාද කැටුව ගියා. අපේ නිවසට මේ ආරංචිය පැතිර ගොස් තිබුනේ බට පදුරට ඇවිලුණු ගිනි දැල් වගේ. මා නොදැන හිටියත් වීජී අයියත් සිගිති නැත්තම් පොඩ්ඩත් අතර දුරකථන පණිවිඩ හුවමාරු වන බව මට දැන ගන්නට නම් වැඩි දවසක් ගත වුනේ නෑ. නමුත් ඔවුන් දෙදෙනා අතර මොන විදියේ සම්බන්දයක් ඇද්දැයි මට සිතා ගන්නට වත් අපහසු වුණා. මේ අරන්චියත් සමග ලොකු මල්ලි මා සමග දැඩි කෝපයෙන් පසුවන බව වීජී අයියාගේ දුරකථනය හරහා පොඩ්ඩාගෙන් දැන ගන්නට ලැබුනා. වීජී අයියා විසින් නිවස ආසන්නයේ පොඩි වගා බිමක් පවත්වාගෙන ගියා. එහි වැඩ කරනවා ඇර වීජී අයියා වෙනත් රැකියාවක් කරන බවක් මට නොදැනුනේ, මා තනිකර මොහොතකටවත් නිවසින් බැහැර නොවන නිසා. නමුත් නගරයට ගිය අවස්තාවන්දි මට අවශ්‍ය ඕනි දෙයක් අරන් දෙන්නට තරම් ඔහු ළග මුදල් තිබුණා. කිසිදා සිටුවන බෝග වල අස්වැන්න නොවිකිනි අතර නිවසේ පරිභෝජනයට පමණක් යොදා ගැනුනා. ඇත්තට වීජී අයියට ආදායම් ලැබෙන්නේ කොහෙන්ද? යන ගැටලුව සිත තුළ නිතර ජනිත වුනත්. මම වීජී අයියා සමග විවාහා වුනේ යම් පොරොන්දුවක් මත මම ඒ පොරොන්දුව රකින්නට කැපවී සිටියා. විවාහයෙන් සති දෙකකට පමණ පසු මමත් විජී අයියත් නගරයට ගියේ නිවසට අවශ්‍ය දෑ රැගෙන එනන්ට. ඒ අවස්තාවේදී වීජී අයියා මගේ අකමැත්තෙන් මාව කැටුව ගියේ අලුත් ඇදුම් කීපයක් අරන් දෙන්නට. '' අනේ මට අලුත් ඇදුම් මොකටද වීජී අයියේ මම කොහෙවත් යන්නෙත් නෑනේ .මේ තියෙන ඇදුම් ඇති.'' '' මෙහෙ එන්න ළමයෝ. තාම මට ඔයාට අවශ්‍ය හැමදේම අරන් දෙන්න ශක්ත්තිය තියේ .'' '' අනේ මම එහෙම දෙයක් නෙමේ කිව්වේ.'' ''කොහොම වුනත් කමක් නෑ යමු. එන්න.'' තවත් අකමැති වෙන්නට ගියොත් වීජී අයියා දුක් වෙයි යයි සිතු මම ඔහුගේ කැමැත්තට ඉඩ දුන්නා. වීජී අයියා මගේ අතකින් ඇදගෙන ඇදුම් සාප්පු ඇති පෙදෙසට ඇදුනා.හදිසියේම ඉදිරියෙන් පැමිණි කෙනෙකුගේ ඇගේ හැපීම නිසා අපේ ගමන නතර වුණා. '' උබ.'' ''පුංචි නංගි.'' '' ඔය කටින් මට ආයි නංගි කියන්න එපා තේරුනාද තමුසෙට.'' '' නිලූ කෑ ගහන්න එපා. ලැජ්ජාවේ බෑ හතර වටේම මිනිස්සු බලන් ඉන්නවා.'' පුංචි නංගි අසල වුන් ශාලින්ද මල්ලි වටපිට බලමින් කිව්වේ රහසින් වගේ. '' ඔයා කටවහන් ඉන්න ශාලින්ද අයියේ. මෙයා අපේ පවුලට ලැජ්ජා කළා. ඒ මදිවට කොහෙද යන හිගන්නේක්ව බැදගෙන දැන් අපට ලැජ්ජා කරන්න රෝන්දේ ගහනවා.'' '' නිලූ කිව්වම අහන්න මේ ටවුන් එක.'' පුංචි නංගි හිටියේ හරිම කේන්තියෙන්. ශාලින්ද මල්ලි එයාවත් ඇදගෙන එතනින් පිට වෙන්න හැදුවත් . පුංචි නංගි ශාලින්ද මල්ලිගේ අතත් ගසලා මගේ ලගට පැන්නේ ගහන්න වගේ. ඒ ඇස් දෙක කෝපයෙන් රතු වෙලා. මේ සිදු වීම දිහා වීජී අයියය හුගක් ඉවසීමෙන් බලන් හිටියා. මම නම් වුන්නේ මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරුව. '' තමුසෙට ලජ්ජා නැත්ත ඔයි මේ අගක් මුලක් නැති හිගන්න එක්ක පවූල් කන්න.'' '' යමු නිල්මී අපි'' '' ඇත්ත කියද්දී හරියට රිදෙනවා ඇතිනේ ඒකනේ ඔය යමු කියන්නේ. පුංචි නංගි සරදමට හිනා වෙලා එහෙම කිව්වේ වීජී අයිය මගේ අතින් ඇඳන් එතනින් පිට වෙන්න හදද්දී. '' තමුසේ නම් මාර ගැනියෙක් තමා ඔයි. අර සුමේධ අයියාවයි දරුවෝ දෙන්නයි තනි කරලා දැන් හිගා නොකා හිගා කනවා.'' '' යමු යමු'' පුංචි නංගි වීජී අයියා ඉස්සරහම ,වීජී අකියව පහත හෙලලා කතා කලත් , වීජී අයියා නෑහුනා වගේ මගේ ඇති අල්ලාගෙන ආපහු හැරුනා. '' ඒයි හිගන්නි යනවද. ඔන් කවදා හරි දවසක ඩව්රි ඉල්ලන් එහෙ නම් එන්න එපා.'' '' මම කවදාවත් එන්නේ නෑ නංගි'' ''අප්පට සිරි මෙයාගේ පවර්.'' පුංචි නංගිට එහෙම කියලා යන්න හැරුන මගේ අතින් ඇදලා ආපහු ගන්න ගමන් කිව්වා. '' උබ නම් මහා බැල්ලියෙක්'' ඊ ළග කොටසින් හමු වෙමු සඳුනිVeteran MemberPosts:2462 23 Nov 2016 01:47 PM 51. වන කොටස. මියෙදෙන තුරා... '' යමු වීජී අයියේ.'' අපි දෙදෙනාම දොළ අසලට ගියා . හිතන්නට බැරි තරම් දොලේ වතුර සීතලයි. ලැජ්ජාවෙන් යුතුව වීජී අයියගේ සරමක් දිය රෙද්ද ලෙස ඇදගෙන මම දොළ පාර දෙසට ඇදුනා. දියසේවල බැදුණු ගල් මත පා තබමින් මම ගමන් කලේ පරිස්සමින්. වීජී අයියා මටත් කලින් දොළට බැහැලා මම දොළට එන අයුරු බලා වුන්නේ සිනා වෙමින්. '' පරිස්සමින් නිල්මී ලිස්සයි.'' වීජී අයියට නම් හිනා. මම මේ බයේ ඉන්නේ දිය රෙද්ද ගැලවෙයි කියලා. මට පුරුදු නැහැනේ මෙහෙම රෙදි ඇදලා නාලා. මම ගෙදරදී නෑවේ බාර්ත් රූම් එකේනේ. ශාමිලාගේ දෙදරිදීත් නෑවේ ශාමිගේ දිග සායක් ඇදගෙන අමාරුවෙන්. අද මම වීජී අයියා ඉස්සරහා මේකත් ඇදන් නාන්න ඕනෙනේ. මම උඩින් ඇද වුන් සරමත් දෑතින්ම අල්ලගෙන දොළට බැස්සා. '' මොකෝ නිල්මී රෙද්ද ගැලවෙයි කියලා බයේද දෑතින්ම අල්ලාගෙන ඉන්නේ.'' ඒ වචන පෙළ මට ගෙන් ආ අපහසුතාව මුළු සිරුරම හිරි වැටි යන්නට සමත් වුණා. '' කමක් නෑ කමක් නෑ. පුරුදු නැතුව ඇතිනේ මෙහෙම නාලා . කවදා කාපු පරිප්පුද නේද ? මම අහක බලන් ඉන්නම්කො ඉක්මනින් හොද ගන්න. ආස වුනාට වතුර ඉන්න එපා ඔයා අසනීප වෙයි.'' ඔහු මා දෙස බලනවාද බලමින් මම ඇග දෝවනය කර ගත්තා. මට පිටු පා වුන් වීජී අයියා. මොහොතකටවත් ආපසු බැලුවේ නැහැ. නමුත් ඔහු තනියම හිනා වන බවනම් මට දැනුනා. වීජී අයියා නම් මාර පිස්සෙක්. '' මොකද අනේ කරන්නේ ජීවිතේට වතුර දැකලා නෑ වගේනේ. වෙන දවසක දෙන්න එක්ක දිය කෙලි කරමුකෝ .ඉක්මන් කරන්නකෝ කරුවලත් වැටිලා.'' ''ආව්'...'' මොකෙකේ හරි අනිනවා වගේ දැනුන නිසා බිය වී මම නැවතුනේ අසල වූ විශාල ගලක් මත. '' මොකද මොකද නිල්මි.'' මගේ හඩින් කලබල වූ වීජී අයියා මා දෙසට හැරුනේ හදිස්සියෙන්. ඔහු හැරෙනවත් එක්කම මම හැද වුන් සරමේ ගැටය බුරුල් වී ගිලිහෙන්නට ගියා. මම සැනින් නැවතත් දෑතින්ම සරම ලයට තද කර ගත්තා. '' සොරී ... මොකද වුනේ.'' මම අමාරුවෙන් සරම ලයට තද කරන් ඉන්නවා දුටු ගමන්ම ඔහු ආපසු හැරුනා. මේ සිදුවීම් ඔහුගේ මුහුණේ ඇති කලේ හරිම අමුතු සිනහවක්. මම නම් වුන්නේ ලැජ්ජාවෙන් ඇබරෙමින් . '' මොකෙද්ද ඇන්නා.'' '' අපෝ ඔය පුංචි කුරියෙක් වෙන්න ඇති.'' '' නෑ මට රිදුනා.'' '' ඒ ඔයාට පුරුදු නැති නිසා. දැන් වත් ඉක්මන් කරනවද.'' '' මට බයයි ආයි බහින්න.'' ''අනේ හඩ්ඩී බාගෙටද ඇග හේදුවේ.'' '' නෑ මම හෝදලා ඉවරයි.'' '' හා ටක් ගාලා ගිහින් ඇදුමක් දා ගන්න නැත්තම් එතනත් මට අනිත් පැත්ත හැරිලා ඉන්න වෙයි.'' මම දොළ අසල ගස් දෙකක අලලා බැද තිබු වැල් පොටේ වූ තුවය ඇදගෙන නිවාස තුලට ගියේ, සරම වැල් පොට මත දිගහැර දමමින්. සතරවටින් කරුවල වී තිබුණේ රැ වීම නිසාම නොව ගස් වදුල නිසා බව මට වැටහුනා. නිවාස ඇතුලත වුනේ දැඩි අදුරක්. මම තිර රෙද්දෙන් වෙන් කර සාදා තිබු කොටසට ගියේ ගෙන ආ කවරයෙන් ඇදුමක් තෝරා ගැනීමට. ඇද අසල වූ කුඩා කවුළුව නිසා යහන මතට මද ආලෝකයක් පතිත වී තිබුනා. ඒ එළියෙන් ඇද මත වූ ඇදුම නෙත ගැටුනා. අද නම් දවසම වුනේ මම නිසිතු දේවල්. මම දැකපු හීනයට වඩා හැබෑ කතාව හුගක් ලස්සනයි. මම සයනය මත වූ තද රෝස රෝස පොකුරු වැටුන ලා රෝස පැහැ රැ අඩුම අතට ගත්තා. පව් වීජී අයියා මන් වෙනුවෙන් හුගක් දේවල් කරලා. අනේ වීජී අයියේ ඔයා නම් මට ආදරේ කරන්න එපා. මම ඔයාගේ ජීවිතේට ආවේ ටික කාලයකට විතරයි. මට ඉක්මනින්ම ඔයාගෙ ජීවිතෙන් යන්න වෙයි රත්තරනේ. මට හුගක් ලෝබයි දැන් ඔයා දාලා යන්න. ඒත් මට යන්න වෙනවා. මම හිත පුරා දැවටුන වේදනාවත් සමග රැ ඇදුම අග ලා ගත්තා. මම කිමිදී වුන් අදුර මකමින් පොඩි යන්ත්‍ර සද්දයකුත් සමග විදුලි පහනක් දැල්වුණා. '' වීජී අයියේ මෙහෙ ලයිට් තියේද? මේ කැලාව මැදට. මම හිතුවේ ලයිට් නෑ කියලා .'' මම කිව්වේ තිර රෙද්දෙන් පිටතට හිස පොවමින් . '' කරන්ට් නෑ මගේ මනමාලි . මගේ ලස්සන මනමාලි කොහොම අදුරේ තියන්නද. පොඩි ජෙනියක් ගෙනාවා නිල්මි. '' ඔහුට පෙනුනේ තිර රෙද්දට ආවරණය වී සිටි මගේ එක් උරහිසක් පමණයි. වීජී අයියා ඈත සිටම මාදෙස එබී බැලුවේ අමුතුම පෙනුමක් මුහනට අරගෙන. සැබවින්ම වීජී අයියගේ මා බිය කල නපුරු ඇස් අද පෙනුනේ හරිම අහිංසක විදියට. සිහිනෙන් පවා මාව බය කරපු ඔයාට අද මාව අයිති වුණා නේද කියලා මම මගේ දෑස ඔහුගෙන් ඉවතට ගත්තා. '' මගේ මනමාලි මන් ගෙනා අදුම ඇදලා හරිම ලස්සනයි. පොඩ්ඩක් එලියට එන්නකෝ ඔතනින්.'' '' අනේ වීජී අයියේ'' ''අනේ ගන්නේ හැමදාම හැංගිලා ඉන්නද හදන්නේ.'' '' අනේ'' ''හා හා කමක් නෑ ඉතින් '' ඔහු ආපසු හැරී වසා දමා තිබු කාමරය දෙසට පියනගන්නට වුණා. වීජී අයියට කේන්ති ගියා වගේ .කුකුල් කේන්ති කාරයෙක්ද මෙයා. මම වීජී අයියා ලගට දුවන් ගිහින් අතේ එල්ලුනේ අද නම් මේ නිවාස තුල තනියම සිටීමට බයක් දැනුන නිසා. '' අනේ කොහෙද යන්නේ.'' '' කමක් නෑ නිල්මි නගා සොරි .මම වැරදි දෙයක් කිව්වේ.'' ඔහු සිටියේ සිත් වේදනාවෙන්. '' අනේ ඒකේ වැරද්දක් නැ. මම දැන් ඔයගෙනේ.'' '' නෑ නෑ නගා . මට ඔයාට ඇත්ත කියන්න පුළුවන් කාලේ වෙනකන් මෙහෙම ඉමු .'' '' මට ඇත්ත දැන ගන්න ඕනේ නෑ වීජී අයියේ. මට ඔයාව විශ්වාසයි.'' මම ඔහුගෙන් අවසයයක් නැතුවම ඔහුගේ නිරුවත් පපුවට තුරුළු වුණා. ඔහුගේ හද ගැස්ම මා සවනත රැවූ දුන්නා. මගේ නළලත පළමු හාදුව තැබූ ඔහු මාව ආදරයෙන් තුරුළු කර ගත්තා. '' දැන් වත් මගේ මනාලිගේ ලස්සන බලන්න පුලුවන්ද?'' මගේ දෙවුරිසින් අල්ලා හිසේ සිට දෙපා තෙක් බැලු වීජී අයියා දෙනෙතින් මට ඉගි කළා. ඇතිවන අමුතු හැගීම දරා ගන්නත් තිබු එකම මග ඔහුගේ දෙනෙත් මග හැරිම පමණයි. මම බිම වූ තද නිල් රෙදි කාපට් එක සමග තනියම සිනා සුනා. '' අදනම් මට කන්න ඕනිත් නෑ වගේ කෙල්ලේ.'' ඔහුගේ දෙනෙතේ වුනේ ලොබ කමක් මම අමාරුවෙන් ඒ බැල්ම දරාගෙන වුන්නා. '' යමු මොනා හරි උයන්න. මට ඕනි අද දවස ඔයාට අමතක නොවන දවසක් කරන්න.'' ''මට මැරුණත් අද දවස නම් අමතක වෙන්නේ නෑ වීජී අයියේ.'' '' මොනවද කෙල්ලේ කියන්නේ.'' මගේ දෙතොල්මත ඔහුගේ දබරගිල්ල තබා ඔහු මාව නිහඩ කළා. ''මෙහෙ එන්න යන්න විකාර කියන්නේ නැතුව.'' විජේ අයියා මගේ උරතලය මතින් අතක් දමාගෙන කුස්සිය දෙසට පියමැන්නා. අපි දෙදෙනාම එකතු වී පිස ගත අපි දෙදෙනාගේ විවාහා ජීවිතයේ මුල්ම ආහාර වෙලා , සාලය ලෙස වෙන් කර තිබු කොටසේ වූ කුඩා මේසය දෙපස වූ අසුන් දෙක මත හිදගෙන ගනු ලැබුවා. මගේ හිතේ කවදාවත් නොතිබුන මේ සොදුරු දවස, මට හිතන්නට වත් ඉඩ නොතබාම ගලාගෙන ගියා. වීජී අයියාගේ අතින් කෑවු බත් පිඩේ රස මම ආත්මයෙන්ම විද ගත්තා. '' නිල්මී '' ''හ්ම්'' '' ටිකක් වෙලා අපි එලියට වෙලා ඉමුද.'' ''හරිම ශෝක් සීතල ඇති එලිය.'' ''මගේ කෙල්ල සීතලටද කැමති.'' '' ඔව් හුගක්ම'' ඔහු වැරන්ඩාවේ වූ වේවැල් පුටුවක වාඩි වෙද්දී ,මමත් ඒ අසලම වූ අසුනකට පහත වුණා. '' අද පුටු දෙකක නම් ඉගෙන බෑ. මෙහෙ එන්න.'' විජේ අයියා මගේ අතින් ඇදලා අරන් උකුල මත වාඩි කර ගත්තා. අපි දෙන්න සිටියේ මද අදුරේ. ආලින්දය දෙසින් ගලා ආ ආලෝකය අපේ රූපය චායාවක් සේ පෙනෙන්නට ඉඩ සැලසුවා. වීජී අයියාගේ උරතලය මත හිස හොවා ගත් මම වුන්නේ නුහුරු හැගීමක පැටලිලා. මගේ බද වටා ඔහුගේ සවිමත් දෑත් වෙලෙද්දී හමා ආ සීත මදනළයන්ගේ සිසිල වෙනුවට දැනුනේ උණුසුමක්. '' නිල්මී'' ''හ්ම්ම්'' '' මම වෙනදාටත් මෙතනට වෙලා තනියෙම ඉදගෙන ඉන්නවා. අද ඉදන් මට තනි නෑ. ඔයා හැමදාම මගේ ලගින් ඉන්නවා නේද.'' '' ඔව් වීජී අයියේ'' මුළු ලෝකයම අමතක වී, ඔහුගේ ආදරයෙන් මුසපත් වී සිටි මම වීජී අයියාගේ උණුසුම් හාදු වැස්ස මද්දේ තදින් දෑස පියා ගත්තා. ඊ ළග කොටසින් හමු වෙමු. සඳුනිVeteran MemberPosts:2462 23 Nov 2016 01:45 PM 50. වන කොටස. මියෙදෙන තුරා.... ඔහු වත්ත මැද වූ විශාල නිවස දෙසට ඇදී ගියා. මම පාර අයිනට වී මග බලා වුන්නේ ඔහු එනතුරුයි. ''යමු නිල්මී.'' මා ඔහු පස පස ඇදුනා. අපි ගලතලාව වෙත ගමන් ගත් මාර්ගය නෙවෙයි වෙනත් මාර්ගයකින් අපි වන අරණට පිවිසියා. විශාල තුරු වදුල් මැදින් වැටුන අඩි පාරක් දිගේ අපි පෙරටම ඇදුනා. ඉන්පසු අපි පිවිසියේ කොල පැහැ තනනිල්ලෙන් වැසුණු මිටියාවතකට. හරියට මුහුද මැද්දේ තියෙන දුපතක් වගේ.විශාල වන අරණ මැද පිට්ටනියක් .හරිම පුදුමයි ඒ හරියේ විශාල ගස් නැතිවීම. තන කොළ ,මාන ,ඉලුක් වැනි ශාක දණහිසට තරම් ඉහලට වැවී තිබුනා. ඊට අමතරව නිදිකුම්බා ගස් යාන් වී තිබුනා. අපි ගමන් කලේ මිටියාවත මැදින් වැටුණු අඩිපාර දිගේ. දිනපතාම ඇවිදීම නිසා අඩි පාරේ වූ සියලු පැළෑටි පෑගීම නිසා පොඩිවී මියගොස් තිබුනා. ''නිල්මී ගවුම ටිකක අකුලා ගන්න. ඔය කටු ගහක එහෙම පැටලුනෝත් ඉරිලා යාවී.'' ''හ්ම්'' ''මොකද ළමයෝ දැන්මම එපා වෙලාද.'' '' නෑ නෑ අනේ. මට ඉතින් පුරුදු නෑනේ මෙහෙ ඇවිදලා.'' ''ඉක්මනටම පුරුදු වෙයි. මට හුගක් සතුටුයි ඔයා හැමදේ ගැනම සුභවාදිව හිතන එක ගැන.'' ''තව දුරද වීජී අයියේ.'' ''නෑ අර පෙන්නේ.'' වීජී අයියා මම අතදිගු කර සරුවට වැඩුන ගස් සමුහයක් පෙන්නුවා එතන නිවසක් නම් පේන්නට තිබුනේ නැහැ. '' කෝ නැනේ.'' ''යමුකෝ තව ටික දුරනේ.'' තන පිටිය අවසාන වී අපි නැවතත් ගස් රොදක් තුලට පිවිසියා. ඒ සමගම ඇහෙන්න ගත්තේ ජල පහරක් ගලා යන හඩ.මම විමසිල්ලෙන් වටපිට බැලුවේ දිය පාරක් තියේනම් මොනතරම් හොදද කියලා හිතමින් පතමින්. '' වීජී අයියේ දොළක්.'' '' ඔව් ඔයා ආසද දොළට'' '' ඔව් අනේ ලස්සනයි.'' ''බලන්නකෝ අපේ ගේ ළග දොළ ඔයිටත් වඩා ලස්සයි.'' අපි දොළපාරට නොදුරු අඩි පාර දිගේ තවත් ඉදිරියට ගියා. දිය සිරාවට වැදුණු විශාල ගස් වර්ගයක රතු පැහැ රේණු වැනි කෙදි වළින් පිරුණු මල්වැල් එල්ලෙමින් තිබුනා. ඒ මල්වැල් අග රතු කොළ මිශ්‍ර බෝල පොහොට්ටු අගට යද්දී කෙමෙන් කුඩා වෙමින් තිබුනා. දොළ පාර දිගටම වැඩි තිබුණු ඒ ගස් දොළ පහරේ අසිරිය තවත් වැඩි කළා. දිය පහර දිගටම නිමක් නැතිව ඇසුනේ ගෙම්බන්ගේ නාදය. අපේ පැමිණීමෙන් බියවුන පිලිහිදුවන්, කොක්කුන්, කොරවක්කන් වැනි පක්ෂි පියාබා ගොස් තුරු වදුලේ සැගවුනා. ''ටිමියෝ, ජිමියෝ. ඔබලා මග බලන්ද හිටියේ මගේ මනමාලි එනකන්'' විජේ අයියා කතා කරනු ඇසි මම ඒ දෙස බලද්දී විශාල සුනඛයෝ දෙදෙනෙක් අපවෙතට දුගෙන ආවා. උන්ට බිය වී මම ගමන නතර කලත් වීජී අයියාගේ ඇගට පා තබා නගිමින් උන් කෙදිරි ගාමින් සතුට ප්‍රකාශ කළා. තම හාම්පුතා දැකීමෙන් ඇති වුන සතුට නිසා උන්ට මාව මගහැරුනත් මද වෙලාවකින් මා වෙතට දුවගෙන ආවේ බුරමින්. ''ටිමියෝ.. ජිමියෝ නවතියන්. කෑවොත් බලාගෙනයි මගේ මනමාලිව.'' මා අසලට පැමිණ නතර වුන උන් දෙදෙනා බුරමින් නැට්ට වනන්නට ගත්තේ හරියට මාව අදුර ගත්තා වගේ. උන් හිනාවද කියලා මට හිතුනේ උන්ගේ ඇස් ලස්සනට දිලිසෙද්දී. ''එන්න නිල්මි උන් හපන්නේ නෑ බිරුවට. මේ දෙන්නා තමා මගේ හොදම යාළුවො. දුබුරු පාට එක්කෙනා ටිමී , සුදු එක්කෙනා ජිමී.'' මම උන් අතරින් ඉදිරියට ඇදුනේ බියෙන්. '' මේ තියෙන්නේ මගේ පුංචි මාලිගාව.'' '' අනේ හරිම ලස්සනයි.'' සම්පූර්නයෙන්ම ලෑලි ගසා නිමවා තිබු නිවස සුරන්ගනා කතාවල තියෙන පුංචි මාලිගාවක් වගේ මට පෙනුනේ. වටේටම තිබුනේ විශාල ගස්. නිවාස තුබුණේ ඒ ගස් අතර සැගවිලා. ගේ වටා කුඩා මිදුලක් සුදු වැල්ලෙන් තැනි තිබුනා. ඒ වගේම ගේ ඉදිරි පසත් ,පැත්තකත් පල දෙකක් බා වැරෙන්ඩාවක් ලෙස සදා තිබුනා. කෑලෑව මැද්දේ මේ තරම් ලස්සන තැනක්. ඇත්තටම මම මේ සුරංගනා ලෝකෙකද ඉන්නේ කියලා මගේ හිත ප්‍රශ්න කළා. වැරන්ඩාව මත වේවැල් පුටු කිහිපයක් තබා තිබු නිසා නිවසේ බාහිර අලංකාරය තවත් වැඩි වුණා. නිවසේ බිම පොලවට වඩා තරමක් උස වන ලෙසින් ගල් තබා වටේම වැටියක් බැද තිබුනා. ඒ වැරන්ඩාව පුරා රෙදි කාපට් එලා තිබුනා.පඩිය උස්ව තිබීම නිසා වැසි කාලයටවත් නිවාස තුලට වැසි ජලය නොයෙන බව මට වැටහුනා. '' අර බලන්න.ඔයාට දැන් හැමදාමත් නාන්න වෙන්නේ මෙතනින් තමා.'' පසෙක වූ තරමක් විශාල ගල් කිහිපයක් අතරින් ඇදී විත් පහලට වැටෙන අලංකාර ජල පහරක් පෙන්වමින් ඔහු කිව්වා. එතනින් පහල වුයේ සෙමින් ගලා බසින ජාල ටැංකියක් මෙන් උතුරා යන දියකඩිත්තක්. ''අනේ හරිම ලස්සනයි ගැබුරුයිද මේක.'' '' නැහැ ළමයෝ ඉනටවත් වතුර නෑ.'' '' ඇත්තම මට නම් හීනයක් වගේ.'' ''එත් ඔයාට එපා වෙයි ටික දවසක් ඉද්දි. මෙහෙ ඉන්න එක හිතන තරම් ලේසි වෙන්නේ නෑ ඔයාට.'' ''ඒත් මම පුරුදු වෙයි වීජී අයියේ.'' ''යමුකෝ ඇතුලට දැන් රැවෙන්නත් කිට්ටුයි. රැවෙන්න කලින් කන්න දෙයක් හදා ගන්නත් ඕනිනේ.'' නිවසේ දොර හැර මම නිවාස තුලට ඇතුල් වුණා. පිටතට පොඩියට පෙනුනට ඇතුලත හොදින් ඉඩ කඩ තිබුනා. මුලින්ම මම ගමන් කලේ දොර රෙද්දකින් වසා තිබු දොර වෙතට මම හිතුවේ එක නිදන කාමරයක් කියලා. මම දොර රෙද්ද විවර කර බලන විට එම කාමරයේ දොරට විශාට ඉබ්බෙක් දමා තිබුනා. '' ඕක තමා ඔයාගේ තහනම් කාමරය.'' ''හ්ම්ම්'' මම අනෙක් දොර රෙද්ද මෑත කර බැලුවා. ඒක හරිම අපුරු කුස්සියක්. පුංචි වුනත් හරිම පිලිවලට අසුරලා තිබුනා. සැබවින්ම පුදුමයි පිරිමියෙක් තනියම ඉන්න නිවසක මෙතරම් පිළිවෙලක්. නිවාස තුල සෑම බිම් අගලකම ඝන රෙදි කාපට් අසුරා තිබුනා. ''මොකද ළමයා කල්පනා කරන්නේ. ගේ මේ තරම් පිළිවෙලට තියෙන එක ගැනද.'' ''හ්ම් ඔව්.'' ඔහුගේ මුහුණේ මැවුනේ ලස්සන හිනාවක්. ''ඇත්තටම ඔයා වෙනුවෙනුයි මම මේ තරම් පිළිවෙලට මේවා අස් කලේ .'' ''එහෙමද. ඔයා කොහොමද මේ වගේ ලස්සන ගෙයක් හදා ගත්තේ මේ කැලේ මැද්දේ. මේ බඩු මුට්ටු ගෙනාවේ කොහොමද මෙහෙට.'' ''අතීතය අහන්න එපා කිව්වා නේද?'' ''සොරි වීජී අයියේ.'' ''පිස්සි. මම මෙහෙ ඉන්නේ හුගක් කල් ඉදන් .මේ ගේ මම ටිකින් ටික හදා ගත්තේ මේ විදිහට. බඩුත් එක පාර ගෙනාපුවා නෙමේ මම එන එන වෙලාවට ගෙනාපුවා.'' ''ගේ නම් මාර ලස්සනයි . කැලේ මැද වුනත් හරිම සුන්දර තැනක් මේක. මම කියවපු පොතකත් තිබුනා මේ වගේම තැනක් ගැන විස්තරයක්. මම ඒත් හිතුවේ ඒ වගේ තැන මේ ලෝකේ ඇත්තටම නැතුව ඇති කියලා. ඇත්තටම හීනයක් වගේ. මම මේ හැබෑ ලෝකෙකද ඉන්නේ.'' ''ඔව් ඔව් ඔයා දැන් මගේ ලෝකේ ඉන්නේ. තව එක තැනක් තියේ ඔයාට බලන්න.'' '' ඒ කොහෙද.'' ''මෙන්න මෙතන'' වීජී අයියා මාව උරහිස් දෙකෙන් අල්ලලා විශාල රෙද්දකින් ආවරණය වුන ස්ථානයක් පෙන්නුවා, දුබුරු පැහැති දානකම් රෙද්දක් තිරයක් සේ ඇද තිබුනා. මම රෙද්ද මෑත් කර බැලුවේ මොකද්ද මේ තරම් වටිනා තැන කියලා. එය සාලය ලෙස තරමක් විශාලව හදා තිබු කොටසේ තිරයෙන් වෙන් කර ගත කොටසක්. '' නිදන කාමරය.'' '' මේ අපේ නිදන කාමරය. මට සමාවෙන්න නිල්මී මට මීට වඩා කරන්න පුළුවන් දෙයක් නෑ. කාමරේ තිබුන ඇද මෙතනට දලා ඊයේ මම මෙතන හරි ගැස්සුවේ ඔයා වෙනුවෙන්.මම ඔයාට රහස් හංගන්න කැමති නෑ .එත් මට දැන්ම ඔයාට ඇත්ත කියන්න බෑ. දවසක මම ඔයාට මේ හැම දේම කියනවා සත්තයි.'' වීජී අයියා කතා කලේ හරිම දුකින් ' එයා මාව එයාගේ පපුවට තුරුල් කරගෙන සුසුම් ලමින් කිව්වා. '' ඒකට කමක් නෑ වීජී අයියේ ඔයා මම වෙනුවෙන් මේ කරන දේවල් හොදටම ඇති.'' '' මට සමා වෙන්න රත්තරන් මම ඔයාට වංචාවක් කරනවා නෙමෙයි.'' ''අනේ ඒ දේවල් හිතන්න එපා වීජී අයියේ. මම ඒ දේවල් ඔයාගෙන් ඇහුවේ නෑනේ .දුක් වෙන්න එපා.'' ''ඔයා හරිම හොදයි රත්තරන් මම ඔයාව තනි කරන්නේ නෑ කවදාවත්. මම ඔයාට හංගන දේත් දවසක ඔයාට ලොකු සැනසීමක් වෙයි.'' ''අනේ දැන් ඔය කතාව ඇති වීජී අයියේ රැ වෙන්න එන්නේ.'' '' මුණ අතපය හොද ගන්න යමු. දැන් වතුර නම් පට්ට සීතල ඇති. ඔයාට හුරු නැහැනේ මේ වතුර.'' ඊ ළග කොටසින් හමුවෙමු. සඳුනිVeteran MemberPosts:2462 23 Nov 2016 01:43 PM 49. වන කොටස. මියෙදෙන තුරා. ඉන්පසු මම ගේ තුලට ගියේ වීජී අයියා මා අත තැබූ කවරයද අතැතිවයි. ඒ තුල වුනේ ලස්සන ගවුමක් . ලා නිල් සහ සුදු මිශ්‍ර අලංකාර ගවුමකි. මම ආසාවෙන් එය අග ලා බැලුවා. මටම මැහුවා වගේ මගේ මිම්මට හරියටම තිබුනා. මට යුතුකම් ඉටු කරන්න බැරී වෙයි කිවුවට ගෑනු ලමයින්ට ඇදුම් තෝරන්නත් දන්නවනේ.අල්මාරියේ කැඩපත ඉදිරියේ මම එහෙ මෙහෙ හැරෙමින් හැඩ බැලුවා. ලස්සන නම් තමා ඒත් කොහොමද මේක ඇදන් එලියට යන්නේ මේක කොටයිනේ.ඒ ගවුම දණහිසට කෙටි .මම තවම ගෙදරටවත් දණහිසට කෙටි ඇදුමක් ඇද නොතිබුන නිසා මට දැනුනේ අපහසු තාවයක්. විනිවිද පෙමෙන සුළු රෙද්දකින් නිමවා තිබු ඒ ඇදුමට යටින් තව ගනකම් රෙද්දකින් යට ගවුමක් තිබුනා. නමුත් අත දිගට තිබුනත් දිය රෙද්දක් ඇන්දා වගේ. උරස් තල දෙක විනිවිද පෙනෙන රෙද්දෙන් කැපී පෙනුනා. මම කොන්ඩයත් ලිහා දැම්මේ පිට නිරාවරණය වීම වලකා ගැනීමට සිතා ගෙන්. මගේ දිගු කොණ්ඩය ගවුමටත් වඩා දිගු බව පිටු පස හැරි බලන විට මට පෙනුනා. ඉදිරියෙන් කෙස් රොදක් අල්ලා කොන්ඩ කටුවක් ගැසූ මම ලැජ්ජවෙනේ ඉදිරියට ගියේ ගවුම කෙටි නිසා. ''ශා.. මම හිතුවටත් වඩා ඔයාට ඒ ඇදුම ලස්සනයි.'' ''එත් වීජී අයියේ.'' මම ගවුම පහලට අදිමින් කිවුවේ ගවුම කෙටිනේ ඔයා ගෙනා නිසා හිතරිද්දන්න බැරි නිසා ඇන්දා කියන්න වගේ. එකතාවට වීජී අයියට හොදටම හිනා ගියා. ඔහුගේ සිනහව මගේ ලැජ්ජාව තවත් වැඩි කළා. ''අයියෝ ඕක මොකද්ද නිල්මි නගා. දනිස්සට වෙනකන් වැහිලානේ. මම ඔයාට සාරියක් ගේන්නත් හදලා. ඔයා අදින්න දන්නේ නැතුව ඇතිනේ කියලා ගවුමක් ගෙනාවා. අපි දෙන්නා විතරනේ ඉන්නේ ඒක නිසා කමක් නෑ නේද?'' ''මම සාරි අදින්න දන්නේ නෑ වීජී අයියේ. අපි ඉතින් සාරි ඇන්දත් කාවා හරි ගෙන්නාගෙන අන්ද ගන්නවා මිස.තනියෙන් අදින්න දන්නේ නෑ.'' ''හැබැයි මට අන්දන්න තිබුනා.'' ''ඔයාට පුලුවන්ද?'' මම ඇසුවේ පුදුමයෙන්. '' බැරි කමක් නෑ.'' ''නගා අයිඩි එක තියේද ඔයා ළග.'' ''නෑනේ මම එනකොට ගෙනාවේ නෑ.'' '' එහෙනම් කොහොමද බදින්නේ අපි.'' ''අයියෝ දැන් මොකද කරන්නේ.'' මම කිව්වේ සැබෑ දුකකින් මුහුණ පුළුටු කරගෙන. '' යමු යමු හරිද?'' ''අයිඩී එක .'' ''ඒක මන් ගාව මේ.' ඔහු මට මගේ හැදුනුම්පත පෙන්වමින් කිවුවා. '' මම පරක්කු වුනාම බයවුනාද.? අදත් එන එකක් නෑ කියලා . මම රෙජිස්ටාර් කෙනෙක් හොයන්න ගියා. පොඩ්ඩා ලවුව ඔයාගේ අයිඩී එක ගන්න ගියා.'' ඒ කොට ඇදුමත් ඇදගෙන වීජී අයියාගේ බයික් එකෙන් පියාබලා ආවේ නගරය දෙසට. මම අමාරුවේ බයිසිකලයෙන් බැස දත්තේ ඔහු බහින්න කිවූ නිසා. '' නිල්මී නගා කකුලේ ඇගිල්ල මක් වෙලාද?'' ''ඊයේ ගලක හැප්පිලා.'' ''හුගක් තුවාලද? මම දැන්නේ දැක්කේ'' ''නෑ ලොකු තුවාලයක් නෑ.'' ''එහෙනම් මතක සටහනකුත් තියාගෙන නේද?'' ඉන් පසු අපි එතන තිබු ගොඩනැගිල්ලට ඇතුල් වුණා. එහි තුල සිටි තරමක් වයස් ගත ගැහැණු කෙනෙක් නිහඩවම අපේ තොරතුරු විශාල පොතක සටහන් කරන්න පටන් ගත්තා.වීජී අයියයි මමයි මේසය ඉදිරිපස වූ අසුන් මත වාඩි වී වුන්න. වරින් වර මා දෙස බැලූ වීජී අයියා මට ඉගි කරමින් සිනා සුනා. මමත් සිටියේ මුළු ලෝකයම දිනුවා වගේ සතුටකින්. ඉන් පසු අපි දෙදෙනාට අත්සන් කරන්නට ලබා දුන්න. සාක්ෂි ලෙස අත්සන් කරනු ලැබුවේ මම කිසිදා නිදුටු දෙදෙනෙක්. මට අත්සන් කරන්නට දුන් වෙලේ වීජී අයියාගේ හැබෑ නමත් උපන් දිනයත් බලා ගන්නට මම සමත් වුණා. එයා හොයන්න එපා කිවුවට මගේ මහත්තයගේ නම මම දැනන් ඉන්න ඕනිනේ. සෝමවංශ මුදියන්සේලාගේ විජිත පසන් සෝමවංශ .මට ඒ නමේ තද හුරුපුරුදු බවක් දැනුනත්, මට හේතුව මොකද්ද කියලා වැටහුනේ නැහැ. අපි දෙන්න විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු ගොඩනැගිල්ලෙන් පිටතට ආවේ විවාහා සහතිකයද අතැතිව. මට තබා ගැනීමට නොදුන් විවාහා සහතිකය රෝල් කර බයිසිකලයේ ඉදිරිපස රදවනු ලැබුවා. ''අපි දැන් කොහෙද යන්නේ නිල්මී.'' ''නිල්මී '' ''ඇයි දැන් ඔයා මගේ නගා නෙමේනේ.'' ''ඔයට නම් පිස්සු වීජී අයියේ.'' '' පිස්සු නැත්තම් වලව්වේ කුමාරිහාමිව බැදගනිද කෝච්ච්චියට බෙල්ල තියන්නේ නැතුව.'' ''යන්න වීජී අයියේ යන්න.'' මම ඔහුගේ උරහිසට තට්ටුවක් දමමින් කිව්වේ උතුරා යන සතුටකින්. ''නිල්මී පොටෝ එකක් ඕනිද ඔයාට අද දවසේ මතක සටහනක් විදියට. මට නම් වැඩි වුවමනාවක් නෑ .එත් ඉතින් දැන් මම ඔයා ගැනත් හිතන්න ඕනිනේ.'' ''මම නම් කැමති වීජී අයියේ.'' ''එහෙනම් ස්ටුඩියෝ එකකට යමු එන්න.'' ඔහු මගේ අතින් අල්ලාගෙන පයින්ම චායාරුප ගන්න ස්ථානයකට ගියා. විවිධ ඉරියව් වලින් චායාරුප කීපයක්ම ගත් චායාරූප ශිල්පියා කීපදවසකින් රැගෙන යාමට එන ලෙස කියා සිටියා.ඉන්පසු දවල් අහාරය ගැනීමට නිදහස් පරිසරයක පිහිටි අවන් හලකට රැගෙන ගියා. මා කැමතිම දේ විමසා මට අරන් දෙන්නට ඔහු වෑයම් කලත් මම මොකුත් ඉල්ලුවේ නැහැ .මගේ මුළු හිතම සන්තෝසයෙන් පිරිලා තිබු නිසා. වෙනත් කිසිම හැගීමක් මට දැනුනේ නෑ. මම පොඩි ළමයෙක් වගේ වීජී අයියගේ දිහාම බලන් හිටියා. ''මොකද අනේ ඔහොම බලන්නේ.'' වීජී අයියටත් ලැජ්ජාවක් දැනිලද කොහොහෙද මට නොක්කඩුවට වගේ කිව්වා. ''නිකන්.'' ''නිකන් වෙන්න බෑ.'' ''මම මේ කල්පනා කරන්නේ එක දවසක් ඇතුලත වුන දේවල් ගැන.'' ''අද නම් ඕවා කල්පනා කරන්න තියා ගන්න එපා හොදද. අද දවස මන් වෙනුවෙන් කැප කරන්න වෙනවා. හෙට ඉදන් කල්පනා කරන්නකෝ.'' ''ඔයා වෙනුවෙන් මම මොනවද කරන්නේ ඕනේ වීජී අයියේ.'' ''ගොඩක් දේවල් තියේ .'' ඔහු කිව්වේ සිනා සෙමින්. ඔහු කියන දේ මට වැටහුනත් මම නොතේරුන ගානට හිටියේ ලැජ්ජාව නිසා. ''නිල්මී අද ඉදන්ම මගේ ගෙදර ඉන්න ඔයා කැමති නේද?'' ''මොනවද මේ අහන්නේ වීජී අයියේ . '' ''එහෙනම් යමු නේද? මගේ පැල් කොටේ පැත්තේ. ඔයා නම් ආස වෙන එකක් නෑ.'' ''අපි ගිහින් බලමුකෝ.'' හවස තුනට පමණ කිට්ටු වී තිබු නිසා අපි වීජී අයියාගේ නිවාස කරා යන්න නගරයෙන් පිටත් වුණා. '' වීජී අයියේ '' ''හ්ම්'' ''සෝමේ මාමා මාව හොයයිද.'' '' නෑ නෑ මම එයා වැඩ කරන තැනට ගිහින් අවසර අරන් ආවේ.'' '' ඔයාගේ වැඩ නම් මට හිතා ගන්න බෑ. සෝමේ මාමා මොකද කිවුවේ'' '' එයාලගේ ගෙදර ඉන්න කිව්වා'' ''ඔයා මොකද කිව්වේ.'' ''බෑ කිව්වා. නිල්මී අකමැති නම් මගේ පැලේ ඉන්න. සෝමේ මාමලාගේ ගෙදර ඉන්න. මට නිතර එන්න නම් අමාරුයි.'' '' නෑ මම එනවා ඔයාගේ ගෙදරට යන්න. මම දැන් අයිති ඔයාට .ඔයා ඉන්න තැනක තමා මම ඉන්න ඕනේ.'' සෝමේ මාමලාගේ ගෙදරට ගොස් ශාමලී මට දී ගිය අලුත් ඇදුම් කිහිපයක් කවරයකට දමා ගත්තේ වීජී අයියා එපා කියද්දී. කොහේ ගියත් රැගෙන යන පොත් කීපයත් බෑගය තුලට දමාගෙන . දුලා දෙන්නගේ චායාරුව සහිත ඔරලෝසුව අතට අරන් මම වීජී අයියා දිහා බැලුවේ අනේ කියන්න වගේ. ''මොකෝ නිල්මී දුකින් ඔය ඔරලෝසුවත් ගන්න. ඔයාගේ කැමති ඕනි දෙයක් ගන්න මගෙන් බාධාවක් නෑ.'' ඇත්තටම වීජී අයියා හිතන්නේ අමුතුම විදියකට කියලා මගේ හිතට තවත් ඒත් ඉගැන්නුවේ ඔහුගේ ඒ හැසිරීම. ඉන්පසු නැවත බයිසිකලයට නැගුන අපි දෙදෙනා වීජී අයියාගේ නිවාස කරා යන්නට පිටත් වුණා. මම නොයිවසිල්ලේන් හිටියේ ඔහු ජීවත් වන නිවාස දකින්නට. විශාල ඉඩමක් මැද්දේ ඇතුලට වෙන්න තනා තිබු ගෙයක් අසල බයිසිකලය නවතා මට බහින්නට යයි ඔහු පැවසුවා. ''නිල්මී මම බයික් එක දාලා එන්නම්. ඔතනම ඉන්න මෙතන ඉදන් අපිට පයින් යන්න වෙන්නේ'' ඊ ළග කොටසින් හමුවෙමු. සඳුනිVeteran MemberPosts:2462 22 Nov 2016 03:37 AM 48. වන කොටස. මියෙදෙන තුරා. '' ඔව් තාම ස්ථිර නෑ.'' අනේ ඇයි වීජී අයියේ මට රිද්දන්නේ . මම කොහොමද බලාපොරොත්තු හිතේ තද කරන අද රැ ගෙවා ගන්නේ, කියලා ඔහුගේ උනුහුමට ගුලිවෙන්න හිතෙන්න තරමට මගේ හිත බොලද වෙලාද කියලා කල්පනා කරමින් ඔහුට පිටු පාලා මම එතනින් පිට වෙන්න සැරසුණා. '' ඔයාට තනියෙන් යන්න පුලුවන්ද නිල්මී නගා.'' ''පුළුවන් වීජී අයියේ. මම ආවෙත් තනියමනෙ.'' එහෙම කිව්වත් වීජී අයියා මාව ගේ ගාවටම ඇරලන්න මා සමගම ආවා. වීජී අයියා හිටියේ ලොකු කල්පනාවක ඒක නිසා ගේ ලගට එනකන්ම අවේ නිහඩව. මගේ පිටුපසින් ඇදුනු ඔහු මොහොතකටවත් මට ඉස්සර වුනේ නැහැ. මමත් ඉක්මන් ගමනින් ඉදිරියට ඇදුනේ මම කරපු යෝජනාව වැරදි කියලා හිත මාව හංවඩු ගහන නිසා. '' මම යනවා නිල්මී නගා. හෙට එහෙම මාව හොයාගෙන තනියෙම කැලේට එන්න එපා. පරක්කු වුනත් මම ගෙදරට එනකන්ම ඉන්න.'' '' හරි වීජී අයියේ.'' කියන්නට දහසක් දෙ හිත ඇතුලේ පොර කද්දී මම ඒ වචන ටික විතරක් පිට කර ගත්තේ හරිම අමාරුවෙන්. අයෙත් කඩුල්ල පැනලා මම ඒ නිවසටම ආවා. මම පිටවුනේ දුකින් කිසිම බලාපොරොත්තුවක් නැතුව. ඒ වගේම මේ නිවසට ආයේ නොයෙන්න. නිවසින් පිටවී පැය කීපයක් යන්නටත් මත්තෙන් මම නැවතත් ඒ නිවසටම ආවා. සෝමේ මාමා දොරත් වහලා දාලා කොහේදෝ පිටවී ගිහින් මම යතුර හංගන තැන දැනවුන් නිසා දොර ඇරගෙන ගෙට ඇතුල් වුනේ හෙට දවස ගැන ලොකු බලාපොත්තුවක් සිතතුළ දරාගෙන. වීජී අයියා මට රැයක් සිතන්නට දෙයක් මගේ හිතට දීලා ගියත්. මගේ යටි හිත කිවුවෙම වීජී අයියා මාව තනි කරන එකක් නෑ කියලා. දවල්ට කන්න උයලා ගිය කෑම සේරම එහෙන්ම මයි මම ආයෙතේ කෑම රත් කරලා තිබ්බේ .උයලා කන්න කෙනෙක් මේ ගෙදර නැති නිසා. පෙරේදා දවාලේ ශාමලී නිවසින් පිට වෙන්න කලින් ඇගේ පොරයෙන් බේරෙන්නට කෑවා බත් කටවල් කීපයෙන් පස්සේ මම තාම බත් ඇටයක් වට කටේ තිබ්බේ නෑ. එක නිසාම මම කෑම ටිකක් කෑවේ හරිම අමාරුවෙන්. සෝමේ මාමා අද කොයි වෙලේ ගෙදර ඒවිදැයි සිතා ගන්නාට අපහසු නිසා, දත් මැද මුණ කට සෝදන්න ගියාම තමයි මට නැවතත් තුවාලය සිහිපත් වුනේ. මුණ සොද්නන්නට ගත දිය දෝතින් දියබිදු කීපයක් තුවාලය මත වැටීමෙන් ඇති වුන වේදනාව මගේ තුවාලයක් ඇති වූ බව සිහිපත් කර දුන්නා. අමාරුවෙන් තුවාලය සෝදා ගත් මම තනියෙම බෙහෙත් ටිකකුත් දා ගත්තා. මම පසුදින උදෑසන අවදි වන විටත් සෝමේ මාමා නිවසට පැමිණ තිබුනේ නෑ. මම රැය පහන් කර තිබුනේ මේ නිවාසේ තනියම. ජීවිතේ මුල්ම වතාවට මම නොදැනුවත් කමින් හරි ගෙදරක තනියම රැයක් ගත කරලා. දැන් ඉතින් වීජී අයියාගේ කොන්දේසි වලට යටත්වුනා වගේ එයාගේ ගෙදර තනියම ඉන්න පුරුදු වෙන්න ඕනිනේ. මගේ මුවේ ඇදුනේ සිවුම් සිනාවක්. කන්නට කෙනෙකු නැති නිසා මට උයන්නට පිරියක් තිබුනේ නැ. මම ගෙවල් මිදුල් අතුගාලා සුපුරුදු විදියටම නිවසේ වැඩ අහවර කරලා මිදුල කොනක වූ ලෑලි බැංකුව මත හිදගෙන මග බලා වුන්නා. කාලය ගෙවෙනවා විතරයි මේ වීජී අයියා නැහැනේ. දැන්නම් මට මග බලන් ඉදිමත් එපා වෙලා. කරන්න දෙයක් නෑ වීජී අයියේ. මගෙ අන්තිම මාස හයම වුනත් ඔයා එනකන් මග බලන් ඉන්නම්. ඔයා එනවා කියනවා නම් මියෙදෙන තුරාම මග බලා ඉන්නම්. දැන්නම් දහයත් පහු වෙලා ඇති මගේ සුසුම් වල ප්රචණ්ඩ බව, මගේ සියලු සිහින බලාපොරොත්තු ඈතට ඈතට විසිවී යන්නට තරම් සමත්. මම දැක්ක සෝමේ මාමා කඩුල්ල පැන එන අයුරු. '' ඊයේ යනවා කියලා ගියානේ දරුවෝ. ගෙදර ගියේ නැද්ද ? '' '' මට යන්න හිත දුන්නෙම නෑ සෝමේ මාමේ.'' ''ඊයේ රැ තනියමනෙ මේ ගෙදර ඉන්න ඇත්තේ. මම දන්නේ නැනේ ඉතින්. තනියෙන් ඉද්දි උබලා දෙන්නම නැති දුක දැනෙන නිසා මම ගෙදර ආවේ නෑ.'' ''ඒකට කමක් නෑ සෝමේ මාමේ. මට හොදටම නින්ද ගියා.'' ''ඔය දරුවා ඔය තරම් අකමැති නම් ගෙදර යන්න .මෙන්න මෙහෙට වෙලා ඉන්න. අපේ කෙල්ලත් නැති එකේ මට දැනෙන දුක වේදනාව වත් ටිකක් අඩුවෙයි.'' ''මටත් යන්න හිතක් නෑ සෝමේ මාමේ ඒ ගෙදරට,'' ''මම මේ වැඩකට යන්න කියලා. ගෙවල් පැත්තට ආවේ වැඩට අදින ඇදුම අරන් යන්න. මම ගිහින් එන්නද දරුවෝ තියෙන දෙයක් උයන් කළා ඉන්න මම රෑ වෙන්න කලින් එන්නම්.'' ටික වෙලාවකින් සෝමේ මාමා නැවත පිටවී ගියා. මම ආයෙත් පුරුදු විදියට ලෑලි බැංකුව වත හිදගෙන මග බලන් ඉන්නවා. මහා හඩ නගාගෙන ආපු වීජී අයියාගේ බයිසිකලය වැට ළග නතර වෙද්දී මම හිට්යේ කඩුල්ල ගාව. හැමදාමත් වීජී අයියා ගාවදි මගේ හිත මට නවත්ත ගන්න බැරි තරමට මුරන්ඩුයි. ''කෙල්ල මග බලන් ඉදලා වගේ.'' වීජී අයියා හිස් ආවරණය හිසේන් ඉවතට ගනිමින් කිව්වා. මොනවා වීජී අයියා කොන්ඩේ කපලා. කොන්ඩේ විතරක් නම් මොකද රැවුලත් කපලා දාලා. බුස්ස වගේ වවාගෙන තිබුන මුදු මුදු කොන්ඩේ කපලා දැම්මම රස්තියාදු පාට හොදටම මැකිලා ගිහින් තිබුනා. උස මහත පිරුපුන් ඇගක් තිබුණු ඔහු තවත් කඩවසම් වෙලා කියලා මගේ හිත තනියම ආඩම්බර වුණා. ''මොකද කන්න වගේ බලන්නේ.'' වෙතටම හැබෑ වෙනසක්. මට ඇස අදහා ගන්නත් බෑ. මම පතපු වීජී අයියාගේ ආදරේ මට වීජී අයියාගේ දෙනෙතින් හොදටම දැනුනා. වීජී අයියගේ බැල්ම දරා ගන්න බැරුව මම අහක බලා ගත්තා. ''මොකද මනමාලි තාම ලෑස්ති නැත්තේ. මාත් එක්ක තරහා වෙලාද පරක්කු වුන නිසා.'' අනේ ජීවිත කාලෙම ඔයා වෙනුවෙන මග බලන් ඉන්න වුනත් මම කවදාවත්ම ඔයා එක්ක තරහා වෙන්නේ නෑ. මගේ වීජී අයියේ. මට එහෙම කියන්න ඕනේ කම තිබුනත් මම පොළවත් එක්ක හිනා වුනේ ලැජ්ජාවට. අයි දෙවියනේ මම වීජී අයියට මේ තරම් ආදරේ . මගේ හැගීම් මට තේරුම් ගන්න බැරි තැනටම ඇවිත්. '' කෝ අද මගේ මනමාලිගේ කට.'' වීජී අයියා කවරයකුත් අතින් අරගෙන කඩුල්ල පනින ගමන් කිවුවා. ඇත්තටම මේ හැබෑවක්ද්ද. ඊයේ වෙනකන් ඔයා මගේ ඉටු නොවනා පැතුම. අද ඔයා කියනවා මම ඔයාගේ මනමාලිලු. මට මුළු ලෝකෙම අමතකයි.මට අද කතා කරන්න වචනත් නෑ.මේ සතුට දරා ගන්න තරම් මගේ හිත හයියත් නෑ. ''මොකද කෙල්ලේ අඩන්නේ මම අඩන්න දෙයක් කිවූ නෑනේ.'' මම දකීවි කියලා බයෙන් ඇගිලි තුඩු වලින් හංග ගන්න උත්සහා කරපු කදුලු ගැන වීජී අයියා අහද්දී මම ඔහු දිහා බැලුවේ කදුළු මැදින් සිනා සෙමින්. මම මොකුත් නෑ කියන්න හිස සැලුවා. '' හොර කෙල්ල මගේ.'' වීජී අයියා මාව එයාගේ පපුවට ආදරෙන් තුරුළු කර ගනිමින් කිවුවා. වීජී අයියේ ඔයා මට ආදරේද. නෑ නෑ මට එක අහන්න ඕනි නෑ ඔයා මට ආදරෙයි. '' තාම තීරණේ වෙනස් වුනේ නෑ නේද.'' ''මොන තීරණයද?'' ''මගේ වෙන්න ගත්තු තීරණේ.'' '' ඒ තීරණේ වෙනස් වෙන්නේ නෑ වීජී අයියේ.'' ''ඔයාට විශ්වාසද ඒක.'' ''මටත් වඩා.'' '' හා දැන්ම ඔහොම ඉන්න හොද නෑ.'' වීජී අයියා මාව දෙවුරහිසින් අල්ලලා එයාගේ තුරුලෙන් මුදවන ගමන් කියද්දී මගේ මුණ ලජ්ජාවෙන් රතු වුණා . මම ආයෙත් එහෙන්මම මගේ මුණ එයාගේ පපුවේ හංග ගත්තා. '' නිල්මී නගා මම හුගක් හිතලා මේ තීරණය ගත්තේ, මගේ අතින් ඔයාට ඕනි හැමදේම සිදු නොවෙන්න පුළුවන් .ඔයාට විශ්වාසද ඔයාට ඒ දේවල් දරාන මාත් එක්ක ඉන්න පුළුවන් කියලා.'' ''මට පුළුවන් වෙයි විජී අයියේ.'' ''මම පොඩ්ඩටත් කිවුවා.'' '' පොඩ්ඩට කිව්වා.'' ''ඔව් ඇයි.'' ''මොකද කිවුවේ .'' ''මොකුත් නෑ.'' ''එයා කැමතිද?'' ''එයාගේ කැමැත්තෙන් මට වැඩක් නෑ.'' ''හ්ම්'' ''මොකද හ්ම් ගාන්නේ එයා කැමති,'' ''පුදුමයි.'' ''අයි මගේ ගැන කිසි විස්තරයක් නොදන්නා නිසාද?'' ''ඔව්.'' ''ඔයාටත් එක ප්‍රශ්නයක් ද.'' ''අනේ නෑ'' '' එහෙනම් මේක ඇදන් එන්න මගේ මනමාලි .නැකත පහු වෙනවා කැඳන් යන.'' '' අපි මැරී කරනවද අදම.'' '' නෑ'' '' එහෙනම්.'' ''නිකන්ම එක්ක යන්න හැදුවේ'' '' හ්ම්'' ''පිස්සු කෙල්ල අපි මැරීකරන්නේ නෑ. අද අපි දෙන්නා විවාහා වෙනවා . අද ඉදන් ඔයා මගේ.'' ඊ ළග කොටසින් හමුවෙමු. සඳුනිVeteran MemberPosts:2462 22 Nov 2016 03:34 AM 47. වන කොටස. මියෙදෙන තුරා... '' නිල්මිණි දරුවෝ උබ තනියම පයින්ද යන්න හදන්නේ .'' ''ඔව් සෝමේ මාමේ මම අපු විදියටම තනියෙම යනවා .'' ''ඔහොම හිටින් දරුවෝ මම එන්නම් ඇරලන්න.'' ''එපා සෝමේ මාමේ මට යන්න පුළුවන්.'' ''මම නම් කැමතිම නෑ දරුවෝ ඔය වලවුවට ආයි යනවට. එත් උබේ උරුමේ ගන්න උබ යන්නම ඕනේ .ගිහින් වරෙන් මගේ දුවේ . ඕනේ වෙලාවක මේ ගෙදර දොරවල් උබට ඇරලා තේරුනාද.'' මම සෝමේ මාමාට වැදලා කඩුල්ල දෙසට පිය නැගුවා. මොකද්ද මේ සෝමේ මාමා කියන උරුමේ ඇයි මම ආපහු එයා ලගටම එන්න ඕනි නම් ගෙදර නොයවා තියා ගත්තේ නැත්තේ .නොයෙක් ප්‍රශ්න හිත තුල බුර බුරා නැගුනත් , හිතේ තෙරපිලා තියෙන දුක ඒ වචන පෙළ අමතක කරන්න තරම් දරුණු වුණා. ඇයි දෙවියනේ වීජී අයියා අන්තිම මොහොතටවත් මාව දකින්න එන්නේ නැත්තේ. ශාමීව නම් ඇරලුවෙත් ඔයා . ඒ තරම්ම මගේ ගැන යාලුවෙක් කියන හැගිමවත් නැද්ද වීජී අයියේ . කඩුල්ලට ලංවෙද්දි මගේ මනස තවත් වියවුල් වුණා .මම මේ යන්න නේද යන්නේ. තම මාස හයක්වත් නෑ මට ජීවත් වෙන්න. මට සමාවෙන්න සෝමේ මාමේ මට ආයි කවදාවත් එන්න වෙන්නේ නෑ. ඔයා මාව බලන්න එන්න. මනමාලියෙකුට ඇදලා, සුදෙන් සරසපු යහනාවක සතපලා ඉද්දි, මගේ දිහා බලලා අඩලා යන්න එන්න සෝමේ මාමේ .අන්තිම වතාවට මාව බලන්න එන්න . මට හිතුනේ පිස්සියෙක් වගේ බිම පෙරලි පෙරලි අඩන්න . අනේ දෙවියෙනේ මට ගෙදර යන්න බෑ. මගේ හිත ඇතුලේ සිතුවිලි කෑ ගහද්දි දෙපා මාව ඉදිරියටම අරන් ගියා. මම කඩුල්ලෙන් පැනලා පාර දිගේ ඉදිරියට ඇදුනේ කිසිම සිහි කල්පනාවකින් තොරව. එක පාරටම පාරේ තිබුන ගලක පය හැපිලා මම වැටෙන්න ගියා . මම මේ කොහෙද යන්නේ. මෙහෙන් නෙමේනේ ගෙදර යන්නේ. ගලේ හැප්පුන මහපොට ඇගිල්ල පුපුරු ගහනවා. මම මොකද මේ තරම් රිදෙන්නේ කියල ඇගිල්ල දිහා බැලුවා. දෙවියනේ ඇගිල්ලම රතුම රතු පාටයි .මේ තරම් තදට වැදුනද? දැන් මොකද කරන්නේ තුවාලේ වේදනාවටත් වඩා මට තිබුන ප්රශ්නය මම මේ කොහෙද යන්න යන්නේ කියලා. වටපිටාව හෝදිසියෙන් බලද්දී මට තේරුනා මම මේ යන්නේ එදා ශාමී මමයි වීජී අයියා හොයන්න කැලාව ඇතුලට යන පාරේ කියලා. මම හිත තද කරන් යන්න හැදුවත්. මට වීජී අයියා අන්තිම පාරටවත් දකින්නේ නැතුව පිට වෙන්න බැරි වුණා. ඒ කැලේ අලි ඉන්නවා. එදා නම් ශාමී හරි හිටියා. කමක් නෑ වෙන්න තියන දේනේ වෙන්නේ මම වන ලැහැබ තුලට පිවිසුනා. එදා වගේම ඇති ඉති එහාට මෙහාට නමමින් මම ගල්තලාව දෙසට ඇදුනා. වීජී අයියා මේ පාරෙන් නෙමේ වගේ යන්නේ එයා ගියානම් නිතර, පාරක් හැදෙන්න ඕනිනේ කියලත් මගේ හිත කිව්වා. අමාරුවෙන් මම ගල් තලාව මතට ආවා .තදටම අවුව පයලා නිසා පිච්චෙනවා වගේ. පේන මානයක වීජී අයියගේ සේයාවක් වත් නැ.මම ගිනියම් වුන ගල්තලාව උඩින් පහලට ගමන් කල. අඩිය තියන්න බෑ. පුදම රස්සනයක් එහෙන් තුවාලය වේදනයි. මම හෙවන තිබුන තැනකින් වාඩිවුණේ. මෙතනින් එහාට මම යන්න දන්නෙත් නැති නිසා. බලන බලන තැන ඝන කැලෑව. කොහොම හරි ටික්කක් වෙලා ඉදලා හිත ටික්කක් හරි හදාගෙන අපහු යනවා කියලා මම හිතා ගත්තා. ඇගිල්ලෙන් ලේ එන එකනම් අවුවේ රස්නේ නිසාමද මන්දා වේලිලා ගිහින්. මම දණහිස් දෙක මත හිස තියාගෙන ඇඩුවේ. ඇයි දෙවියෝ මටම මෙහෙම දඩුවම් දෙන්නේ කියලා. '' නිල්මී නගා.'' මට හීන පේනවා. හිනේනේනුත් ඒ හඩ ඇහෙනවා. මම තව තවත් ඒ සිනයටම කිමිදෙන්න හිතන පියන්සිටි දෑස් තවත් තදින් පියා ගත්තා. ''නිල්මී නගා. මොකද මෙහෙ කරන්නේ.'' මහේ උරහිසින් අල්ලලා හොලවනකොට මම ඔලුව උස්සලා බැලුවේ . හීනෙන් වත් වීජී අයියා ඇවිද්ද කියලා. ''වීජී අයියේ.'' මම පිස්සුවෙන් වගේ වීජී අයියගේ දෑතේ එල්ලුනා. හෙමින් හෙමින් කාන්දු වෙමින් තිබු කදුළු මොරගෙඩි බවට පත් වුනේ මේක හීනයක් නෙමෙයි කියලා දැනුන නිසා. '' මොකද ළමයෝ අඩන්නේ. අද ගෙදර යනවා කිව්වා නේද. '' '' අනේ මට ඒ ගෙදරට යන්න බෑ වීජී අයියේ. අනේ මාව තියා ගන්න . මම තව ටික කාලයයි ජීවත් වෙන්නේ. ඒ ටික කාලේ වත් මට සැනසීමෙන් ඉන්න දෙන්න.'' '' මොනවද නිල්මී නගා මේ කියන්නේ. මට ඔයාව තියා ගන්න පුලුවන්ද. අනික ඔයා ගනු ළමෙක් .අනික මේ මහා කැලෑවේ. ඔයාට මේ ජීවිතේ හුරු නෑ නගා. අනික ඔයාව හිර වෙන්නේ නෑ දැන් වලව්වට ගියා කියලා .'' වීජී අයියා මගේ ලගින් වාඩි වෙමින් කිව්වා. මම ඔහුගේ දෑතට බුරුලක් දුන්නේම නෑ . දෑතින්ම ඔහුගේ දෑත් අල්ලාගෙන මම මගේ ජීවිතය ඉල්ලුවා. '' ඒ ගෙදර මට ඇති නිදහසක් නෑ වීජී අයියේ. මම අවුරුදු දාහතක්ම ඒ හිරගෙයි ඉදලා ආවේ. දැන් ගියොත් මාව සුමෙධ අයියාට බලෙන්ම හරි බනදලා දෙයි.'' ''ඉතින් හොදයිනේ නගා සුමේධ ඔයාට ආදරෙනේ.'' '' මගේ හිතේ කිසි හැගීමක් නැනේ වීජී අයියේ. ඔයා මාව තියා ගන්න. හිතේ නිදහසක් නැති ඒ ගෙදරට වඩා මේ කැලේ ඉදලා සතෙක් මාව මරන් කෑවත් මට සැපයි. ඔයා දන්නේ නෑ විජී අයියේ ඒ මිනිස්සුන්ගේ හැටි.'' ''මම දන්නවා ඔයාටත් වඩා එයාලා ගැන. මට ඔයාව තියා ගන්න බෑ නිල්මී නගා. සෝමේ මාමලාගේ ගෙදර හිටියා වගේ නෙමේ මගේ ළග ඉද්දි. ඇමති මල්ලි පොලිසි ගියොත් මාව හිරේ යාවි. එයා ක්‍රමයක් හොය හොයා ඉන්නේ මාව ඇතුලට දන්නා.'' '' ඉතින් ඔයා අකමැතිද මාව බදින්න.'' ඒ වචනයත් එක්ක ඔහු නිහඩව අවු රශ්මියත් එක්ක ඔට්ටු වෙමින් තිබුන ගල්තලාව දිහාම බලාන හිටියා.එක පාරට හිතට ආපු ආවේගෙට කියවුනා මිස ටික වෙලාවක් යද්දී මට මන් ගැනම ලැජ්ජාවකුත් දුකකුත් ඇති වුණා. මම හිමින් සැරේ වීජී අයියගේ දෑත් තදින් අල්ලාගෙන හිටි මගේ අතගිලි බුරුල් කරලා ඉවතට ගන්න සුදානම් වුණා. මගේ දෑත් ඔහුගේ දෑත් මතින් ඉවත්වෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඔහු මගේ දෑත් තදින් අල්ල ගත්තා. '' නිල්මී නගා ඔයා හිතනවද ඔයාට මේ ජීවිතේ හොදයි කියලා.'' මම නිහඩවම ඔලුව වැනුවේ ඔහු දිහා බලන්න තරම් ශක්තියක් මට ඉතිරිව නැති නිසා. '' ඔයා හිතනවට වඩා මගේ ජීවිතේ හුගක් වෙනස් ළමයෝ .මගේ ජීවිතේ මොනවයි මොනවා වෙයිද කියලා මම දන්නෙත් නෑ. ඒක නිසා මට තව කෙනෙක්ගේ ජීවිතේ වගකීම ගන්න බෑ.'' '' මට මොකුත්ම ඕනි නෑ වීජී අයියේ. මට ඉන්න විතරක් දෙන්න. තව ටික කාලයයි මම ඉන්නේ. ඔයා මගේ වගකීම ගන්න ඕනි නෑ. මම දන්නවා ඔයාට මන් ගැන හැගීමක් නැති බව.'' '' මගේ හැගීම් ගැන එහෙම හිතන්න ඔයාට අයිතියක් නෑ නිල්මී නගා. මොකද්ද ඔය තව ටික කාලයයි ඉන්නේ කියන්නේ නිතරම.'' ''මම ඒක ඔයාට කියන්නම්. එක තමා මගේ ජීවිතේ මේ තත්වයට ගෙනාපු හේතුව. ඔයාගේ තීරණය මට කියන්න. ඔයාගේ ඔය අතාරලා දලා තියෙන ජීවිතේ මාව තාවකාලිකව නවත්ත ගන්න. ඇත්තමයි මට ඔයාගෙන් මොකුත් එපා.'' '' ඔයා නම් මහා පුදුම ළමයෙක්. සැපෙන් රැජිණක් වගේ ජීවත් වෙන්න තිබූන ජීවිතේට පයින් ගහලා මේ හිගන්නාගෙන් ජීවිතේ ඉල්ලනවා.'' මගේ හිත කිවුවේම ජීවිතේ ගැන හැගීමක් නැති වීජී අයියාට තමා, මරණය අබියස ඉන්න මාව ගැලපෙන්නේ. මම මරුන දාක වත් වීජී අයියට ලොකු දුකක් දැනෙන එකක් නැ. ඒ තරමට ගලක් වගේ හිතක් ඔහුට තියෙන්නේ කියලා මගේ හිත කිව්වා. කෙල්ලෙක් දෙපා ලගට ඇවිත් ජීවිතේ ඉල්ලද්දී මෙහෙම නිහඩව ඉන්න පුලුවන්ද? ''සැනසීමක් නැති ජීවිතේ මොන සැප තිබුනත් වැඩක් නෑ.'' '' මට බැරි කමක් නෑ ඔයාව මැරී කරන්න. හැබැයි ඔයා මගෙන් සැමියෙක්ගෙන් වෙන්න ඕනි දේවල් බලාපොරොත්තු වෙන්න එපා. සමහර විට මම ඒ දේවල් ඉටු කරයි. එත් මට ආදරේ ගැන පවුල් ජීවිතේ ගැන කිසිම තේරුමක්, හැගීමක් නෑ.'' '' නෑ මට මොකුත්ම එපා. මට ඕනි ගෙදර නොයා ඉන්න විතරයි. මට සෝමේ මාමලාගේ ගෙදර ඉන්නත් බෑ. ලොකු මල්ලි ආයෙත් එයි මම ගෙනියන්න.'' '' හැබැයි ඔයාට මගේ ළග ඉන්නවා නම් හුගක් දේවල් ඉවසන්න වෙයි .මගේ කොන්දේසි ටිකකුත් තියෙනවා.'' '' ඒ මොනවද වීජී අයියේ.'' ''මුලින්ම මගේ අතීතය ගැන අහලා මට වැද දෙන්න බෑ. මොකද මම ආස නෑ යට ගිය දේවල් ආයි අදිනවට.'' '' මට ඔයාගේ අතීතය වැඩක් නෑ '' ''අනික මාත් එක්ක මේ කැලේ තියෙන මගේ පුංචි පැලේ තමා ජීවත් වෙන්න වෙනවා. මට ඔයාට සැප පහසුකම් දෙන්න බෑ.'' ''මට හිතේ නිදහස හොදටම ඇති වීජී අයියේ.'' ''අනික මගේ රස්සාව මොකද්ද. මම කරන්නේ මොනවද හොයන්නත් බෑ. කොටින්ම මගේ බඩු තියෙන කාමරයට ඔයාට යන්නවත් බෑ.'' ''හරි වීජී අයියේ මම තාවකාලික නවාතැන්කාරියක් විතරයි මට ඒ දේවල් මොකුත්ම හොයන්න ඕනි නෑ.'' ''අන්තිම එක තමයි සමහර රෑ වලට ඔයාට ඔයාගේ කාමරේ තනියම ඉන්න වෙයි. සමහර විට එක දිගට දවස් දෙක තුනක්.'' ''හ්ම්'' ඒ වදනට නම් ඉබේටම ලොකු සුසුනම් පිට වුනේ මේ මහා කැලේ මැද්දේ ගේක මම තනියම ඉන්නේ කොහොමද කියලා. එත් මගේ හිත මේ සියලුම කොන්දේසි වලට යටත් වෙලා හරි විජේ අයියා ළග ඉන්න හිතුවේ.මම තව ජීවත් වෙන්නේ සුළු කාලයයි නිසා. අනිත් හේතුව මම දැන් පිලි ගන්නවා. මගේ හිතට දැනුන නුහුරු හැගීම ආදරේ කියලා. මම වීජී අයියාට ආදරේ කරනවා කියලා මම පිලිගන්නවා. එයා මට ආදරේ නොකලත්, මම ආදරේ කරන කෙනෙක් ළග ඉන්න තරම් මම වාසනාවන්තයි කියලා මම හිත සැනස ගත්තා. '' ඇයි නිල්මී නගා.'' '' මටත් එක කොන්දේසියක් තියේ'' ''කියමු බලන්න'' ''මම ගෙදරින් පැනලා අවේ ඇයි අහන්න එපා. මම එන්න ඇත්තේ මගේ ඉරණම හොයාගෙන.'' ''හරි නගා දැන් ආයි සෝමේ මාමලා දිහාට යන්න. මට හෙට එලි වෙනකන් කල් දෙන්න. ටික්කක් මේ ගැන කල්පනා කරන්න'' ''ඔයාගේ තීරණය තවම ස්ථීර නැද්ද?'' ඊ ළග කොටසින් හමු වෙමු.. DushanVeteran MemberPosts:2536 21 Nov 2016 02:38 AM කොටස් දෙක තුනක්ම එක සැරේ දායි වගේ නෙහ් kingDVeteran MemberPosts:3405 20 Nov 2016 10:23 PM 47 වෙනි කොටස තාම ලිව්වෙ නැද්ද සඳුනිVeteran MemberPosts:2462 18 Nov 2016 11:12 AM බලමුකෝ kingDVeteran MemberPosts:3405 16 Nov 2016 11:31 PM මම හිතන්නෙ නම් නිල්මි නගා ගෙදර යන එක වීජී අයිය නවත්වයි කියල... සඳුනිVeteran MemberPosts:2462 13 Nov 2016 02:25 PM 46. වන කොටස. මියෙදෙන තුර. ''මොනවද නිල්මී නගා අහස දිහා බලාන කල්පනා කරන්නේ.'' '' නෑ මෙතන හරිම ලස්සනයි .'' '' නිල්මී නගාට මෙතන නවතින්න හිතිලා වගේ.'' ''අපි ටිකක් මෙතන ඉදල යමුද?'' අපි ගල්තලාව මත හිදගත්තා. ශාමලී වීජී අයියයි හේෂාන් අයියගේ සිද්දිය ගැන කතාකරන අතරේ මම හිටියේ වෙනම ලෝකෙක. මම අසාවෙන රත් පැහැවුණු වලාකුළු වලට යටින් කපුටන් , කොක්කු වැනි කුරුල්ලන් අහස පුර රටා මවමින් තම ලැගුම්හල් වෙත පියබා යන අයුරු බලා සිටියා. '' මම දැන් කොහොමද නිල්මි දාලා යන්නේ.'' ශාමලී මගේ කරවටා අතක් දමා මගේ උරහිසට වාරු වෙමින් කියන විටයි මට සිහියට අවේ මම ඔවුන් කියන කිසිවක් අහන හිටියේ නැ නේද කියලා. '' මම ගැන හිතන්න එපා ශාමී .'' ''එහෙම කියලා කොහොමද කෙල්ලේ . අපේ තාත්තා එක්ක ඉන්නවා කියන එක ලේසි වැඩක් නෙමේ .මාත් නැතුවම ආයි බොන්න පටන් ගනීවී.'' '' ඒක ඇත්ත නිල්මි නගාට තියෙන්නේ ආයි වලව්වට යන්න.'' නිහඩව කතාවට සවන් යෝමාගෙන් සිටි වීජී අයියා එහෙම කියද්දී මට ඇති වුනේ කියාගන්න බැරි තරම් දුකක්. මම හේෂාන් අයියා නැවත අපු එක ගැන හුගක් සතුටු වුණා. ඒත් දැන් මට තේරෙනවා මම ආයෙත් තනිවෙන්නයි යන්නේ. මට කෑ ගහල අඩන්න හිතුනා. කමක් නැ මම මේ මාස කීපය හරි සතුටින් හිටියනේ . කකුල් අල්ලලා වැදලා සමාව අරන් හරි ආයි ගෙදර යනවා කියලා මම හිත හදා ගත්තේ ශාමී වෙනුවෙන් . ඒකට තවත් හේතු වුනේ වීජී අයියගේ වචනය කියලා මම දන්නවා . නමුත් මම ඒක පිළිගන්න කැමති වුනේ නෑ. ''ඒත් වීජී අයියේ නිල්මිලාගේ ගෙදර කට්ටිය ආයි නිල්මිව බාර ගනීද. අනික එයාලා හිතන් ඉන්නේ ඔයා එයාව මැරී කළා කියලනේ.'' '' නෑ නෑ එක බොරුවක් බව එයාලා දන්නවා. එයාලා අද වුනත් ලෑස්තී නිල්මී නගාව ගෙදරට බාර ගන්න. අනිත් එක සුමේධ අයියාත් ආයි ලංකාවට ඇවිත්ලු.'' '' ඔයා කොහොමද ඔයතරම් දේවල දැන ගත්තේ .'' ''දැන ගත්ත විදිය වැඩක් නැනේ කතාව ඇත්ත නම්. නිල්මී නගා ආයි ගෙදර යන්න සුමේධ අයියව මැරී කරලා සතුටින් ඉන්න හැමදාම.'' ඔවුන් කියන දේවල් වලට උත්තර දෙන්න තරම් නිරවුල් මානසිකත්වයක් මට තිබුනේ නෑ. මගේ හිත ආයි ගොඩ ගන්නට බැරි තරම් ලොකු වේදනා ගොඩකට යට වෙලා තිබුනේ. නමුත් මට හිතගන්න බෑ මම දැන් මොකේටද දුක් වෙන්නේ කියල. මගේ හිත ඇහුවේ එකම එක දෙයි . නැවත නැවතත් ඇහුවේ ඒ දේම විතරයි. වීජී අයියාට මං ගැන ඇත්තටම හැගීමක් නැද්ද. නැත්තම් ඇයි එයා මගේ ජීවිතේට මේ තරම් ළංවුනේ .මොනවද මම මේ හිතන්නේ වීජී අයියා කවදාවත් මට එහෙම දෙයක් අගවලා වත් නෑ. මේ හැමදේම හිතින් හදා ගත්තුවා.මම ගැන හැගීමක් නැත්තම් ඇයි එයා මාව ටවුන් එක්ක ගියේ, එදා මම ඒ බව ශමීට හන්ගද්දී එයත් සද්ද නැතුව හිටියේ. මට අසනීප වුන වෙලේ මම ගැන ඒ තරම් හොයල බැලුවේ,ලොකු මල්ලි මාව බලෙන් අරන් යන්න ගිය වෙලේ මාව බේරා ගත්තේ. ඒ හැමදේම කලේ මනුස්ස කමටද ? නැත්තම් මම සුමේධ අයියාට මම ආදරෙයි කියල එය හිතලා මාව මගාරින්න හදනවද? නැ නැ වීජී අයියා කවදාවත් මම ගැන හිතුවේ නෑ. මට මේ මොනවද හිතෙන්නේ. හිතත් එක්ක ඔට්ටු වෙමින් මම ඔවුන් කිවූ සියල්ලටම හ්ම් කිව්වා මිස , ඔවුන් ඇසු කිසිවක් මට මතක නෑ. ''නිල්මී මට පොරොන්දු වෙන්න ආයි වලව්වට යනවා කියලා. ඔයාට අපිට වගේ දුක් විදලා පුරුදු නෑ . ඒක නිසා සුමේධ අයියට කැමැත්ත දෙන්න . එයා ඔයාට ආදරෙයි නැත්තම් මොන පිරිමියද තමන් බදින්න ඉන්න කෙල්ලට ගෙදරින් පැනල යන්න උදවු කරන්නේ.'' ''හරි හරි ශාමී මම ගෙදර යන්නම් ආයි. හැබැයි මම කවදාවත් සුමේධ අයියව නම් බදින්නේ නෑ. එකට හේතු ගොඩක් තියේ . කවදාවත්ම මම සුමේධ අයියට ආදරේ කලෙත් නෑ. දවසක මම මේ මේ හැමදේකින්ම ඈත් වෙන්න උත්සහ ගන්නේ ඇයි කියලා ඔයාලටත් දැන ගන්න ලැබෙයි.'' ''ඔය හැමදාම කතා කරන්නේ හිතේ දෙයක් හංගගෙන .ඇයි නිල්මී ඔයාට බැරි මටවත් ඒ දේ කියන්න.'' '' එක හැමෝටම දැනගන්න දවසක් එයි .'' '' අනේ නිල්මී කියන්නකෝ.'' මම වීජී අයියා දිහා හොරෙන් වගේ බැලුවා .ඔහු හිටියේ බර කල්පනාවක. '' දැන් කියන්න බෑ. ඔයා දැන් තීරණයක් ගත්තද?'' ''ඔව් ඔය ආයි වලව්වට යන්න කැමති නම් . මම ආයි වතාවක් හේෂාන් අයියව විශ්වාස කරලා බලනවා.'' '' ඒක හොදයි ශාමී මමත් ආයි ගෙදර යන්නම්. මම දැන් දන්නවා මම මේ ලෝකේ කොහේ ගියත් මට උරුම මගේ ගෙදර .අර හිර කුඩුව විතරයි කියල.'' ''අනේ නිල්මි ඇයි එහෙම කියන්නේ . මම කොහොමද හිත හදා ගන්නේ මේ ගමන යන්න.'' '' නෑ නෑ ශාමී මම පොරොන්දු වෙනවා ගෙදර යන්න. මට පුරුද්දට වගේ කියවුනා.'' ''හරි කෙල්ලේ දවසක සුමේධ අයියා ගැනත් හිතන්න.'' '' බලමු බලමු.'' මම එසේ කිවුවේ ඇගේ හිත මේ ගමනට කැමති කරවන්නට සිතාගෙනයි. නමුත් මම මොනම හේතුවක් නිසාවත් සුමේධ අයියගේ ජීවිතයට නොයන බව නම් ස්තීරයි. මම නැවත ගෙදර ගිය පසු අසනීපය ගැන කීමට සිතා ගත්තේ,නැවතත් ඔවුන් මට සුමේධ අයියා යෝජනා කිරීම නවතා ගැනීමට අවශ්‍ය නිසා. හේෂාන් අයියා සුදානම් කරතිබූ අයුරින්න සියල්ල කිසිම බාදාවක් නැතුව සිදු වුනා. මුලුන් මුලුන් සෝමේ මාමා මේ කටයුතු වලට විරුද්ද වුණත් වීජී අයියා සියල්ල පැහැදිලි කර සැම දේම හොදින් සිදු වීමට ඉඩ සැලැස්සුව. ශාමලීත් හේෂාන් අයියත් රහසේම විවාහය ලියාපදිංචි කරනු ලැබුවා. අවසානයේ ඔවුන් රටෙන් පිටව යන දවස උදා වුණා. හේෂාන් අයියාත් දරුවත් පමණක් රටින් පිටවන බව ඔහුගේ ගෙදරින් සිත සිටියා. එනිසා ඔවුන් ගුවන්තොටු පලෙන් ඇතුල් වූ පසු හමු වන්නට තීරණය කර සිටිය. ශාමලිලට ගුවන් තොටුපලට යාමට තිබුනේ දහයට පමණ. එනිසා එදින දහවලේ ගෙදර යන්න යැයි ඇය මට ඇවිටිලී කළා. නමුත් ඔවුන් පිටවන තුරු හිදින්නට අවශ්‍ය බව මම පැවසුවා. එදින දහවලේ පොඩ්ඩත් පැමිණ සිය අක්කාගේ දෙපා නැමද ආශිර්වාද ලබා ගත්තේ තව කොපමණ කාලෙකින් ඔවුන් දැක ගන්නට ලැබෙයි නොදන්නා නිසා. පොඩ්ඩා ව තුරුළු කරන් ඉකිබිදිමින් ඇය කිවේ මා නැවත වලවුවට රැගෙන යාමට කටයුතු කරන ලෙසයි. යන්න පිටත් වන මොහොතේ මාවත් සෝමේ මාමාවත තුරුළු කරන් හඩපු ශාමලී අවසාන වතාවටත් කිවුවේ හෙට උදයෙන්ම නිවසට යන ලෙසයි. මේ සිදුවීම් සියල්ල අපේ ගෙදරටත් ආරංචි වී ඇති බව පොඩ්ඩා ම සමග පැවසුවා. සුමේධ අයියත් ලංකාවට පැමිණ සිටින නිසා මා නැවත ගෙදර එනතුරු නිවැසියන් මග බලා සිටින බවත් ඔහු මට පැවසුවා. ශාමලීව ගුවන් තොටුපලට ඇරලවන්නට පිටත්ව ගියේ වීජී අයියා පමණයි . තමන්ගේ එකම දුව තමන්ගෙන් ඈත්ව යන නිසා ඇතිවුන වේදනාව නිසා සෝමේ මාමාත් කල්පනා කාරමින් කාලය ගෙවා දැමුවා. මා හට නිවාස තුල දැනුනේ විශාල තනිකමක්. වෙනදාට දෙදෙනාම නිදා ගන්න සයනයේ අද ඇගේ හිස් බව මට තදින්ම දැනුනා. තනියෙම අද මත වැතිරී මම කල්පනා කලේ හෙට දවස ගැන . මම ආයෙත් හිටපු තැනටම යනවා නේද කියල මගේ හිත හඩා වැටුනා. සොමේ මාමාට සලකමින් මෙහෙම නැවතී සිටින්න ට මට අනන්ත වාරයක් සිතුනා. ඒ තරමටම මම නැවත ගෙදර යන්නට අකමැති . එහෙත් මම කොහොමද ශාමලී නැති පලු ගෙදර තනියම ඉන්නේ. මේ මම ශාමලී නැතුව මේ ගෙදර ඉන්න මුල්ම රාත්‍රිය . ඒ වගේම මේ මම හිතේ නිදහසෙන් ඉන්න අන්තිම රාත්රියද කියලත් හිත මගෙන් ප්‍රශ්න කලේ, හෙට නැවතත් මගේ එක්ටැම් ගෙට යන්නට සිදුව ඇති නිසයි. '' නිල්මීණි දරුවෝ ඔයා නිදිද. '' '' නෑ සෝමේ මාමේ . කෑම කනවද දැන්ම.'' '' අනේ දැන් කන්න බෑ දරුවෝ . මුළු ගේම පාලුයි හරියට සොහොන් පිට්ටනිය වගේ.'' ''අනේ ඔව් සෝමේ මාමේ . මටත් හරිම පාලුයි.'' '' ඔය දරුවා කළා නිදා ගන්න. මම කඩේ පැත්තේ ගිහින් එන්නම්.'' '' මේ රැ. දැන් නාමයටත් කිට්ටුයිනේ කඩ වහලා දාලා ඇති.'' '' හරි හරි දරුවෝ මට කඩේ යන්න උවමනාවක් නෑ . මේ කාන්සියේ ඉන්න බැරි නිසා පොඩ්ඩක් එලි පහලියේ ඇවිදලා එන්නම්.'' ''හරි හරි සෝමේ මාමේ.'' '' බය වෙන්න එපා දරුවෝ මම ඈතට යන්නේ නෑ.'' ඔහු නිවසින් පිටවී ගිය. මහ රැයක් වනතුරුත් සෝමේ මාමා නොපැමිණි නිසා මට ඉබේටම නින්ද ගිහින් තිබුනේ රාත්‍රී ආහාරයත් නොගෙනමයි. පාන්දර දෙකට පමණ මම බිය වී ඇහැරුනේ සොමේ මම මහ හයියෙන් කෑගසන හඩ නිසයි. '' අනේ නිල්මිණි දුවේ මට සමාවෙයන් මගේ දරුවා මගෙන් තවත් ඈතට ගියා . මම මගේ දරුවෝ දෙන්න හැදුවේ හැම දාම මගේ ඇස මනේ තිය ගන්න . එත් මට පින නැ උන් ළග ඉන්න. '' සෝමේ මාමා කියවන්නේ වෙරි මතින් බව දැනුන නිසා මම කාමරෙන් එලියට යන්න බය වුනා. මේ මහා රැ සෝමේ මාමා කොහෙන් බිලද මන්දා. '' අනේ දුවේ උබත් මාව දාලා අර වලවුවට යනවද. එක උබේ උරුමේ තමයි කමක් නැ දුවේ .උබ උබේ උරුමේ අරන් කවදා හරි මේ සෝමේ මම ලගටම වරෙන් මගේ දුවේ.'' මොන උරුමයක් ගැනද මේ කියන්නේ. වෙරි මරගතෙන් කියවනවද කොහෙද? මම එසේ සිතා ඔහු කියන කිසිත් හිතට ගත්තේ නැ. '' නිල්මිණි දුවේ මගේ කෙල්ල ගිය.'' ඔහු එසේ කිවුවේ ඇවිද ගන්න වත් බැරුව වැනි වැනි ඇවිත් කාමරේ උළු අස්සේ එල්ලෙමින්. '' අනේ සෝමේ මාමේ දැන් හුගක් රැ වෙලා . කැ ගහන්නේ නැතුව නිදා ගන්නකො.'' '' හරි හරි මගේ දුවේ. මම මගේ කෙල්ල ගිය දුකට මම පොඩ්ඩක් බිවුවේ. ඔන්න මම යනවා. උබ කෑවද? මට නම් කෑම එපා . උබ කාලා නිදියපන්.'' ඉන් පසු නින්දට වැටුණු සෝමේ මම පසු දින දහවල් වන තුරුම එකදිගට නිදා ගත්තා. කන්නට පිරියක් නොතිබුනත් රාත්‍රියේ පිසූ ආහාර විසි කර දමා දහවල් ආහාරය පිළියෙළ කලා. මම මේ නිවසෙහි උයන අවසන් ආහාර වෙලා යයි සිහි වී සුසුම් හෙළුවා. මම නිවස ළගට ඇරලන්නට වත් වීජී අයියා පැමිණෙයි යැයි සිතුවත් ඔහු පැමිණියේ නැ. නිවසින් මෙහි පැමිණෙන විට රැගෙන ආ ඔරලෝසුවත්, පොත් කිහිපයත් රැගෙන මම එලියට බැස්සේ ආ අයුරින්ම නැවත මට උරුම නිවසට යන්නයි. ''සෝමේ මාමේ මම යනවා '' ඊ ළග කොටසින් හමු වෙමු.... sha733Super Senior MemberPosts:7332 13 Nov 2016 04:53 AM පඩිනං ඔය මොනවිදියකින් හරි ගෙවන්න බැරියැ සඳුනිVeteran MemberPosts:2462 13 Nov 2016 03:05 AM කව්ද පඩි ගෙවන්නේ sha733Super Senior MemberPosts:7332 13 Nov 2016 12:09 AM hoyamuko ithin kiya kiya inne සඳුනිVeteran MemberPosts:2462 13 Nov 2016 12:03 AM මට ටයිප් කරන්න කෙනෙක් හෙයා ගන්න වෙයි වගේ කතාව දාන පරක්කුවෙන් කියවලා ඉවරයිනේ sha733Super Senior MemberPosts:7332 12 Nov 2016 11:51 PM heeeee apu gaman onna kathawa kiyawala patan gatte සඳුනිVeteran MemberPosts:2462 12 Nov 2016 11:33 PM 45. වන කොටස. මියෙදෙන තුරා... ශාමලී ඒන්න කළින් රෑ කෑමත් සූදානම් කරන් මම මග බලන් වුන්නේ සුභ අාරංචිය කියන්න. වීජී අයියා අාවෙත් නැති නිසා මට මේ කතාව කියන්න කෙනෙකුත් නෑ. මොකද අප්පා මේ ශාමී පරක්කූ . මම පෙර මග බලන් වුන්නා. මම පෙරමග බලන් ඉන්න අයුරු දැකලා ශාමලීගේ මුහුණේ අැදුනේ ලස්සන හිනාවක්. '' මොකද අද කෙල්ල පෙර මගට වෙලා.'' අෑ මා පසු කර ගෙට අැතුල් වෙන ගමන් කිව්වා. ඒක පාරටම හේෂාන් අයියා ගැන කියන්න බියක් දැනුන නිසා මම හෙමින් කියනවා කියලා හිතලා නොඉවසිල්ල යටපත් කර ගත්තා. ''මොකුත් නෑ ශාමී''. ''වෙන්න බෑ කෙල්ලගේ මූණේ තියෙන සතුටේ හැටියට නම් මොකක් හරි විශේෂයක් තියෙනවා.'' ''හරි හරි පස්සේ කියන්නම් මූණ අත පය හෝදන් කෑම ටිකක් කාලා ඉමුකෝ. මම හිමින් සැරේ කියන්නම්.'' ''හ්ම්.'' දවසම මන්සිවෙලා වැඩ කරලා තිබුණ මහන්සිය නිසාමද කොහෙද මම කියන්න යන කතාව අහන්න අැය හදිස්සී කලේ නෑ. දිය පිල්ල ළගාට ගිහින් හවස කියලා නොබලා නාගත්තු අැයි නිවස තුළට ඒද්දී සෝමේ මාමාත් ගෙදර අාවා. තුන්දෙනාම ඒකතු වෙලා රෑ අාහාරයත් අරන් ශාමලී අැදට වැටුනා. මමත් අැය පසු පසම ගිහින් අැද කොණක වාඩි වුනා. '' අද නම් හරිම මහන්සී නිල්මී . ඉක්මණට නිදා ගන්න ඔනේ.'' ''අද කෙනෙක් අාවා ඔයා හොයාගෙන.කවුරු කියලද ඔයා හිතන්නේ.'' ''කියන්නකෝ නිල්මී අගේ නොකර.'' ''ඔයා වැඩියෙන්ම අාදරේ කරන කෙනෙක්.'' ''කවුද අපේ මල්ලිද? ඒයා ඉතිං නිතර ඒන්නේ.'' ''පොඩ්ඩා නෙමෙයි අනේ.'' ''ඒහෙනම් මගේ පුතා හරි හේෂාන් අයියා හරි . ඒත් ඒ දෙන්නම කවදාවත් මම හොයන් ඒන්නේ නෑ කියලා මම දන්නවා.'' අැගේ මූන බලන් ඉද්දීම කළු වලාවකින් වැහුණු සද වගේ අදුරු වෙලා ගියා. ''ඒත් ඒයා අාවා.'' ''කවුද.'' ''හේෂාන් අයියා.'' ''අනේ විහිළු කරන්න ඒපා නිල්මී.'' ශාමී හිතන්නේ මම බොරු කියනවා කියලා. ඒයා තාමත් විශ්වාස කරන්නේ හේෂාන් අයියා ඒයා හොයන්නේ නෑ කියලා. ඒ කියන්නේ මේ අරංචියෙන් ඒයා හුගක් සතුටු වෙයි. '' ඒ වගේ දෙවල් ගැන මම විහිළු කරනවද ශාමී.'' ''ඔය අැත්තමද නිල්මී.'' අැය මා වෙතට හැරී අැද මට වාඩි වුනේ විදිල්ල වගේ. අැගේ අැස් දැක සතුටින් දිළිසුනා. මගේ සතුටත් දොරේ ගැලුවේ ශාමලීගේ අහිංසක හිනාව දැකලා. මට නොකිව්වට ශාමී හේෂාන් අයියා ඒයි කියලා බලන් ඉදලා වගේ . මම අැය සමග සියළු විස්තරය කිව්වා. අැය ඒ කතාව අහන් හිටියේ කදුළු අතරින්. මුළු කතාවම අහලා ඉවර වුණ අැය වචනයක් නොකියා නිශ්ෂබ්ධ වුනා.මම කීපවරක්ම තීරණය අැහුවත් අැය පිළිතුරක් දුන්නේ නෑ. අවුරුදු පහක්ම අැස් අස්සේ හිර කරන් හිටිය කදුළු මගේ උරතලය මත මුදා හරින්නට පටන් ගත්තා. අැය සැනෙසෙන පාටක් පෙන්නම නෑ. මම අැයව සනසන්න උත්සහා කළත් ශාමලී දිගටම අැඩුවා. මහන්සී ඉක්මනින් නිදා ගන්නට ඔනේ යැයි පැවසු ශාමලී පාන්දර යාමය වෙනකන්ම නින්දක් නැතුව කල්පනා කලා ,ඉකි බින්දා. ශාමලී දුකින් ඉන්න නිසා මටත් නින්දක් නෑ. මට ඔනේ වුනේ අැගේ කදුළු කතාව අවසාන වෙලා ඉක්මනින් ලස්සන ජීවිතයකට මුල පුරනවා දකින්න. මම උදෑසන අවදි වන විට අැයට හොදට නින්ද ගිහින්. පාන්දරට උයන්නට අැයට අැහැරුවේ නැත්තම් මට දොස් පවරණ නිසා මම වෙනදට අැයට අැහැරවන්නේ. ඊයේ අැයට නින්දක් නෑ කියලා මම දන්නවා ඒක නිසාම මම තනියම උයන්න ගත්තා.වැඩට යන්න සුදානම් වන වෙලාව ළං වෙද්දී අැයි අවදී වෙලා කුස්සියට අාවා. '' අැයි මට අැහැරුවේ නැත්තේ නිල්මි.'' ''ඔයාට හරියට නින්ද ගියේ නෑ කියලා මම දන්නවා ඒකයි.'' ''මම අද වැඩට යන්නේ නෑ. අපරාදේ මහන්සි ෙවලා පාන්දර ඉව්වේ.'' ''කමක් නෑ ශාමී ගෙදර හිටියත් කන්න ඔ්නෙනේ.'' අැය හරි බරි ගැසිලා කුස්සියේ වු ඒකම පුටුව අැදගෙන වාඩි වුනේ විසිරී තිබු කෙටි කොන්ඩය ඒක් කර බදිමින්. ''නිල්මී..'' ''අැයි ශාමී.'' ''මම මොකද්ද ගන්න තීරණය'' ''ඔයාට හේෂාන් අයියාව විශ්වාස නම් . ඔයා ඒයා ළගට යන්න ශාමි.'' ''මට හරි තීරණයක් ගන්න බෑ විජී අයියාගෙන් අහන්න ඔනේ.'' අනේ මන්නදා මේ දෙන්නා අතරේ තියෙන්නේ මොනවගේ සම්බන්දයක්ද?. ශාමීගේ තීරණවලට මැදහත් වෙන්න තරම් මේ දෙන්නා අතරේ තියෙන බැදීම මොකද්ද?. ''ඊ යේ පොඩිඩා අාවේ නැද්ද?.'' '' නෑ නිල්මී .'' ''ඒහෙනම් අද ඒයිනේ.'' හවස දෙක තුන පසුවන තුරු බලන් වුන්නත් විජී අයියාවත් පොඩ්ඩා වත්ගෙදරට අාවේ නෑ. සෝමේ මාමා මේ කතාව අහලා මොන විදියට හැසිරෙයිද නොදන්න නිසා අපි ඔහුට කියන්නට මැලි වුනා. ''අනේ විජී අයියා මෙහෙ ඒන්නේ නෑ වගේ අද.'' හේෂාන් අයියා ගෙනත් දුන් ජංගම දුරකථනයේ තිරය මත නිතරම බලමින් නොසන්සුන් සිතින් වුන් අැයි මා හා කිව්වා. '' නිල්මී අපිට විජී අයියා හොයන් යන්න වෙනවා.'' '' ඔයා දන්නවද විජී අයියා ඉන්න තැන'' '' නෑ ඒත් ඒයා මට මුලින්ම හම්බුන තැනින් තව ටිකක් අැතුළට ගියාම අපිට ඒයාව හොයා ගන්න පුළුවන්.'' ''කොහෙදිද ඔයාට ඒයාව හම්බවුනේ. රක්ෂතය පාමුල ගල්තලාවෙදී.'' ශාමලී කිව්වේ නිවසට තරමක් අෑතින් පිහිටි රක්ෂිත වණයක් ලෙස වෙන් කර තිබූ වණ අරණ ගැනයි. මම අසා තිබුනේ නම් ඒහි බයානක සත්තු සිටින බවයි. '' අම්මෝ ඒකේ දිවියෝ , නරි, අලි ඒහෙම ඉන්නවලු නේද?'' ''ඔන් හිටපුවාවේ අපි අැතුළටම යන්න ඔනේ නෑ. යමුද?.'' මමත් අාසයි වණය බලන්න යන්න. ඒක නිසාම මම ඒක පයින්ම කැමති වුනා. අපි දෙදෙනා වන ලැහැබ අතරන් රිංගා ගියා. සරුවට වැඩුනු පදුරු සහිත ගස් වර්ග අපේ ගමනට බාධා කලා. ගස් අතු ඒහෙට මෙහෙට නමමින් අපි ගල් තලාව මතට පැමිණියා. ඒතන මා කිසිදා නොදුටු තරම් ලස්සන තැනක්. සැන්දෑ අහසේ රත් පැහැ වුණ වලාවන් ගල්තාලාව පාමුල වූ තුරු හිස් මතින් ඉහළට නැගී විත් හරිම චමත්කාර දර්ෂණයක් මැව්වා. විශාල ප්‍රදේශයක් පුරා විහිදී තිබූ ගල්තලාවෙන් වැඩි කොටසක් කටුක පතොක් ශාකයෙන් වසාගෙන තිබුනා. පතොක් ශාකගේ තැනින් තැන පිපී තිබූ කහ පාටට හුරු පතොක් මල් ඒම දර්ශෂනයේ සුන්දරත්ව තවත් වැඩි කලා. '' ශාමී මෙතන හරිම ලස්සනයි නේද?'' ''ඔව් නිල්මී මෙතනට මමත් හරිම අාසයි. ඉස්සර මම නිතරම මෙතනට ඒනවා. ඒහෙම අාපු දවසක තමා මට විජී අයියාව මුලින්ම හම්බුනේ.'' ''විජී අයියා මොනවද මේ කැලේ කරන්නේ '' ''අනේ මන්දා. ඒයා කොහේ ඉන්නවද කියන්න මම දන්නේ නෑ. කවුරුත් මේ පැත්තට ඒන්නෙත් නෑ වැඩිය අලි ඉන්න නිසා. '' ''ශාමී කවුරු හරි ඒනවා. සතෙක්ද දන්නෙත් නෑ.'' කැලෑ රොද අතරින් අැසුණු වියලී කොළ පොඩි වන සද්දයට සවන් යොමමින් මම රහසෙන් වගේ කිව්වා. '' ඒන්න පොඩ්ඩක් අර පැත්තට යමු.'' ශාමිනී මාවත් අතින් අැදගෙන ගිහින් ගස් පදුරකට මුවා වුනා. අපි දෙන්නම හොදටම බය වී සැගවිලා බලන් හිටියා. ටික වෙලාවක් කෑලෑ රොද අතරන් මතු වුනේ විජී අයියා. විජී අයියා දැක්කම අපේ හිත් වලට දැනුන සතුට කියා නිම කරන්න බැරුව ගියේ අපි අහුවෙන්න ගියේ කෑලෑ සතෙකුටවත් ,කෑලේ සැගවී සිටින හොරෙකුට වත් නෙමෙයි කියලා දැනුන නිසා. අපි දෙදෙනා සැගවී සිටි තැන් පිටතට අාවේ ඉබේටම වගේ. ''විජී අයියේ.'' ''මේ දෙන්නා කැලෑවේ කොහෙ යනවද? මහේ අලිත් ඉන්නවා.'' අපි දැකීමෙන් පුදුමයට පත් වුණ විජි අයියා කියා සිටියා. අලි සිටිනා බව නම් අැත්තකී. අපි ජීවත් වන ගමට අලියෙක් ගංවදින්නේ බොහොම කලාතුරකින් නිසා අපිට ඒගැන ඒ හැටි බයක් නැත. නමුත් රක්ෂතයේ අනෙක් පැත්තේ අැති ගම් වලට අලි නිතරම ගංවැදී හේන් ගොවිතැන් ගෙවල් දොරවල් සියල්ල විනාශ කර දමනු අසන්නට ලැබීම බිය උපදවන සුළුය. '' අපි මේ ඔයා හොයන්න මයි අාවේ. උදේ ඉදන් බලන් හිටියා අාවේ නෑනේ.'' ''මම හිතුවෙ ශාමී නගා වැඩට ගිහින් අැති කියාලා.'' ''අද ගියේ නෑ. මම මේ වැදගත් දෙයක් කතා කර ගන්න අාවේ.'' ''ගෙදර යමු මම මේ ඒහෙ යන්න කිගලා අාවේ.'' ''මොනවද විජි අයියේ මේ කැලෑවේ කරන්නේ.'' මෙතරම්නි වෙලා නිහඩව ඔවුනගේ කතාව දෙස බලා වුන් මම විමසුවේ ඔහුගේ ජීවිතයට මේ වනයේ ගැවසීම භයානක යැයි සිතුන නිසායි. නමුත් සිනාසුනා මිස ඔහු ඒ ප්‍රශ්නයට පිළිතුරු නොදිනි. සැමදා ඔහුගෙන් පුද්ගලික තොරතුරක් අැසු විට ඔහු ඒය මගහැර යාමට ඉතා දක්ෂයි. මට ඔහු සමග අැති වුනේ තරමක අමනාපයක්. ඊ ළග කොටසින් හමු වෙමු. sha733Super Senior MemberPosts:7332 12 Nov 2016 11:03 AM හොද කෙල්ල කථාවෙ කෑල්ලක් දාල. ඔන්න කියෙව්වා එහෙනං සඳුනිVeteran MemberPosts:2462 12 Nov 2016 10:33 AM 44.වන කොටස. මියෙදෙන තුරා. ''රට ගිය දා ඉදන් මම උත්සහා කලා ශාමී නංගාට කෝල් කරන්න ඒ වෙද්දි ඒයාගේ පොන් ඒක වැඩ කලෙත් නෑ. මම හැමදාම වගේ උත්සහා ගත්තත් ශාමී නංගාව සම්බන්ධ කර ගන්න බැරි වුනා. පස්සේ මම යාළුවෙක් ඒව්වා ශාමී නංගාගේ ගෙදරට.'' ''ඉතිං ඒදත් ශාමීට පණිවිඩයක් දීගන්න බැරි වුනාද?'' '' ඒදා මගේ යාළුවා කිව්වා. ශාමී වෙන කෙනෙක්ව මැරි කරලද කොහෙද කොල්ලෙක් ඒක්ක ත්‍රීවීල් ඒකක නැගලා ගියා ඒයා ගෙදරට යද්දීම කියලා.'' ''ඉතිං ඒ කව්ද කියලා හොයලා බැලුවේ නැද්ද? මට තේරුණා ඔහු මේ කියන්නේ විජී අයියා ගැන කියලා. මොකද මම දන්නවා හේෂාන් අැරුණම ශාමීගේ ජීවිතයට ළගින් වුන ඒකම පිරිමියා විජී අයියා කියලා. '' හෙව්වා. මම දන්නවා මගේ ශාමී නංගිට ඒ තරම් ඉක්මණින් මාව අමතක කරන්න බෑ කියලා. මම මගේ යාළුවට කිව්වා තව ටිකක් හොයලා බලන්න කියලා ශාමි නංගාට හොරෙන්. මොකද තාත්තාගේ බලකිරිමට හරි ශාමී නංගා වෙන කෙනෙක් මැරි කළානම් ඒයාගේ ජීවිතේ අායි අවුල් කරන්න ඔනේ නැති නිසා.'' ''ඉතින් මොනවද අාරංචී වුණේ.'' ''මගේ යාළුවා දවසක් ශාමී නංගාගේ තාත්තා හම්බවෙලා ශාමී නංගා ගැන අහලා තිබුණා. ශාමී නංගාගේ තාත්තා කියලා තිබුණේ ශාමී නංගා බැදලා දරුවෙකුත් ලැබෙන්න ඉන්නවා කියලා.'' ''ඉතිං ඔයා විස්වාස කළාද?'' ''මට පුදුම හිතුනා ඒ තරම් ඉක්මණට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කිව්වාම. මොකද මම ඒතකොට රට ගිහින් මාස දෙකයි. ශාමී නංගාගේ තාත්තාගේ කටින්ම කිව් නිසා මට විශ්වාස කරන්න වුනා.'' ''ඔයා පුදුම කෙනෙක්නේ.'' ''ඒත් මම යාළුවන්ට කිව්වා ශාමි නංගා ගැන හොයන්න කියාල. මගේ යාළුවොත් මට බැන්නා උබ රට ගිහින් මාස දෙකක් වත් යන්න කලින් ඒකි වෙන ඒකෙක් බැදලා ඔබ බෙල්ල කඩා ගන්නේ නැතුව ඉදහන් කියලා.'' '' ඉතිං අැයි ඔයා මේ තරම් කල් ලංකාවට අාවේ නැත්තේ.'' ''මටත් හොරෙන් අැග්රිමෙනට් සයින් කරන් තිබුනා මම වැඩට ගිය කොම්පැණියෙන් අවුරුදු පහකට. ඒක මම දැන ගත්තේ රට ගිහින් මාසයක් විතර ගත වුනාටත් පස්සේ.'' ''හ්ම්..'' ''පස්සේ අායිත් මගේ යාළුවෙක් පොටෝ වගයක් ඒවලා තිබුනා ශාමි නංගායි තව පිරිමි කෙනෙකුයි ඉන්න. ඒවෑ ශාමී නංගාට පුතා හම්බෙන්න හිටියේ. ලගින් වුන් පිරිමි කෙනා ශාමී නංගව පරිස්සමින් අැගට වාරු කරන් යන පොටෝ වගයක් තිබුනා. ඒවා දැක්කම මම හිතුවේ අපේ පුතා ඒ පිරිමි කෙනාගේ කියාල. මගේ යාළුවා ඒ පොටොස් අරන් තිබුනේ අෑත ඉදන් හොරෙන්.'' ''ඔයා ළග ඒ පොටෝ තියෙද?..'' '' ඔව් ඉන්න.'' ඔහු ජංගම දුරකතනය විවෘත කර මට පොටෝ රැසක් පෙන්නුවා. ඒවායේ සිටියේ විජී අයියා. සැබවින් ඒය දනින අයෙකුට සිතෙන්නේ ඔවුන් විවාහක අය ලෙසින්. මගේ හිතටත් පොඩි දුකක් කාන්දු වුනේ ඔවුන් දෙදෙනා මේතරම් ළගින් සිටියාද කියලා. '' ඔයා දන්නවද මේ කවුද කියලා.'' ''ඔව් මේ විජී අයියා. ඔයා තාමත් හිතන්නේ පුතා ඔයාගේ නෙමෙයි කියලද?.'' '' නෑ. නෑ නිල්මිණී නංගා මම දන්නවා. පුතා මගේ බව . ශාමී නංගා තාමත් මට අාදෙයි කියලත් මම දන්නවා. '' ''ඒක කොහොමද දැන ගත්තේ. '' ''පුතාට අවුරුද්දක් විතර වුනාම දවසක් අහම්බෙන් මගේ යාළුවෙක්ට ශාමී නංගාව හම්බ වෙලා තිබුණා හොස්පිටල් ඒකේදී. කතා බහ කරද්දී මගේ යාළුවා අහලා තිබුනා කාවද මැරි කලේ කියලා. ඊට පස්සේ ශාමී නංගා කියලා තිබුණා. මම තාම මැරි කරලා නෑ අයියේ. මේ ඉන්නේ මගේ හේෂාන් අයියාගෙයි පුතා මම ඒයාව හදාගෙන හැමදාමත් තනියෙම ඉන්නවා කියලා. '' ''ඒතකොටවත් ඔයාට ලංකාවට ඒන්න හිතුනේ නැද්ද?.'' ''මොකච නැත්තේ මම මොනකරම් උත්සහා කලාද ? අවුරුදු පහ ඉවර වෙනකන් ඒන්න විදියක් නෑ. මම පැනලා ඒන්නත් හිතුනා. ඒත් ඒහෙම ඒන්න ගිහින් පොළිසියට අහුවුනොත් අවුරුදු පහ අවසානයෙවත් ඒන්න ලැබෙන්නේ නෑ .මම ඉවසුවා.'' ''අැයි පුතාව ශාමිගෙන් අෑත් කලේ.'' '' අාපු කේන්තියට ගෙදර අයට කොල් කරලා බැන්නා ශාමී නංගායි මාවයි අෑත් කරපු ඒකට. අපිට දරුවෙක් ඉන්න බවත් මම ඒයාලට කිව්වා. පස්සේ ඒයාලා කිව්වා ශාමී නංගාටයි පුතාටයි බලන්නම් කියලා මම ලංකාවට ඒනකම්. '' ''ඉතිං ඒයාලා ශාමීට බලලා නෑනේ.'' ''ඔව් ඒයාලා මට කිව්වා. පුතාව බලන්න ගියාම ශාමි නංගාගේ තාත්තා අපේ ගෙදර අයට බැනලා පන්න ගත්තා කියලා. ඒදා අර පොටෝවල හිටි මනුස්සයාත් ඉදලා කිව්වාලු. ඔබලගේ දරුවෝ මෙහෙ නෑ මේ ඉන්නේ මගෙයි ශාමීගෙයි දරුවා කියලා.'' ''ඒදා ශාමී ඉදලා නැද්ද?'' '' ඉදලා ඒයා මොකුත්ම කිව්වේ නැල්ලු.'' ''ඉතිං දරුවා විජී අයියාගේ නම් අැයි ඔයාලගේ ගෙදර අය අරන් ගියේ.'' ''පුතාගේ වයසත් ඒක්ක බැලුවම මම රට යද්දිත් ශාමි නංගාට පුතා ලැබෙන්න මාස දෙකක් නැත්තම් තුනක් වෙන්න ඔනේ. ඒක නිසා මම විස්වාසෙන්ම දැනන් හිටියා දරවා මගේ කියලා. '' ''ඒහෙනම් අැයි දරුවා විතරක් අරන් ගියේ.'' '' මම හිතුවා ඒයා දරුවෙක් ඒක්ක තනි වුන නිසා .තාත්තෙක් නැති දරුවෙක් හදා ගන්න බැරි නිසාවත් වීජීව මැරි කරන්න අැති කියාලා. ඉතිං ඒයාලගේ පවුල් ජීවිතේට බාධා නොකර මම පුතාව අම්මාලා ළගට ගන්න කිව්වා. ඊට පස්සේ බලෙන්ම අම්මලා පුතාව අරන් අැවිත් තිබුනා. ශාමී නංගා පොළිසි ගියෙත් නැති නිසා ලොකු කළබලයක් අැති වුනේ නෑ.'' ''අැයි දැන් විජී අයියාගෙයි ශාමිගෙයි ජීවිතේට බාධා කරන්න අායි අාවේ.'' ''මම දන්නවා ඒයාලා අතර ඒහෙම සම්බන්ධයක් නෑ කියලා.'' '' ඒ කොහොමද දැන ගත්තේ.'' ''මේ ළගදි දවසක් මට විජී කියන කෙනා කොල් කළා .කොහෙන්දෝ නම්බර් ඒක හොයාගෙන. ඒයා මට හැම දේම කිව්වා. තාමත් ශාමී නංගා මම වෙනුවෙන් දුක් වෙන බව කිව්වා. '' ඒ කියන්නේ ශාමී විජී අයියාට අකමැති බව විජී අයියා දන්නවා. අැත්තටම විජී අයියා ශාමීට අාදරේ කරන්න අැද්ද?. මගේ හිත අායෙත් ප්‍රශ්ණ කරන්න වුනා.. '' දැන් ඔයාලගේ ගෙදරින් ශාමීට කැමතිද හේෂාන් අයියේ'' ''නෑ ඔයාලා කැමති වෙන්නේ නෑ. ඒත් දැන් මට තනි තීරණයක් ගන්න පුළුවන්. අපිට පුළුවන් පුතාවත් අරන් රට යන්න. මම ඒ හැමදේම ලෑස්තිකරලා තියෙන්නේ.'' ''අායි ගෙදරට අාරංචී වෙලා මේ බලාපොරොත්තුවත් කඩ වුනෝත් ශාමීට අායෙත් වේදනා විදින්න වෙයි.'' ''නෑ නෑ. ශාමී තාමත් මට අාදරේනම් මම අායි ඒයාට තනිවෙන්න දුක් වෙන්න දෙන්නේ නෑ. මම සේරම ලෑස්තිකරන් අාවේ. ශාමීට පාර්ස් පොට් හදන්න විතරයි තියෙන්නේ.'' ''ඔයාට ඒහෙම කරන්න පුළුවන් නම් හොදයි. ශාමී පව්. ජීවිතේ හැමදාම දුක් විදපු කෙල්ලෙක් ඒයා.'' '' ශාමීට මේ කතාව පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද නිල්මිණි නංගා ඔයාට. ඔයාට විතරයි මේ උදව්ව කරන්න පුළුවන්.'' ''මම ශාමිට කියන්නම්. ඒත් ඒයා ඔයාව අායි විශ්වාස කරන්න බය වෙයි.'' '' බය වෙන්න දෙයක් නෑ. අපේ අම්මාලා හිතන් ඉන්නේ මම රටදී මැරි කලා කියලා. අනික මම පුතාව අපි ළගට අරන් යන්න ඒන්නේ කියලා මම ලංකාවට අාවේ.'' ''අැත්තටම මැරි කලාද?'' ''පිස්සුද නිල්මිණි නංගා. ඒදා වගේ මම අදටත් ශාමි නංගා ගැන විතරයි හිතන්නේ.'' ''ශාමීගේ තාත්තා ඔයා ගැන කතා කරන්නත් අකමැතී. ඒයා මොනවා කරයිද දන්නේ නෑ.'' ''ඒයා ගැන විජී බලා ගන්නම් කිව්වා නිල්මිණි නංගා. ඔයා ශාමී නංගාව කැමති කරලා දෙන්නකෝ. මුලින්න රෙජිස්ටේෂන් ඒක කරලා පුතාට උපැන්නය හදා ගන්න ඔනේ. '' ''ඔය තරම් දෙවල් කරද්දී ගෙදරට අහු නොවී තියෙයිද හේෂාන් අයියේ.'' '' බය වෙන්න ඒපා . අම්මලා මාව සැක කරන්නේ නෑ. ඔය වැඩ වලට අනිත් අයව දාලා මම ගෙදරටම වෙලා ඉන්නවා ඒතකොට සැක වෙන්නේ නෑ. මම අදත් පුතාගේ ටිකට් ඒකේ වැඩකට යනවා කියලා අාවේ.'' ''හරි හේෂාන් අයියේ අපි උත්සහා කරලා බලමු.'' ''බය වෙන්න ඒපා විජීත් ඔනේ උදව්වක් කරයි. ඒයා හුගක් හොද කෙනෙක්.'' ''මේ තරම් වෙලා කතා කලා මිසක් වතුර ටිකක් වත් දුන්නේ නෑ. ඒන්න ගෙට මම තේ ඒකක් හදන්නම්'' ''ඒපා ඒපා නිල්මීණී නංගා. මට දැටත් පරක්කුයි. මට අායි මෙහෙ ඒන්න වෙන්නේ නෑ මොකද මගේ ගැන ගෙදරට සැක හිතුනොත් මට අායෙත් ශාමි නංගාව නැති වෙනවා. මට අායි ඒයාව නැති කර ගන්න බෑ. ඒක නිසා හුගක් පරිස්සම් වෙන්න ඔනේ.'' ''කොහොමද පණිවිඩයක් දෙන්නේ.'' ''මගෙත් ඒක්ක තරහටම ශාමී නංගා පොන් පාවිච්චිය අත් අැරලා නේද? මම අළුත් පොන් ඒකක් ගෙනාවා. හැබැයි මම කෝල් කරනකම් ඔයාලා මට ගන්න ඒපා.'' කාර්රථය වෙත ගොස් ජංගම දුරකතනය මා අත තැබූ ඔහු පිටවී ගියා. මම දැන් මග බලා ඉන්නේ ශාමී ඒන තුරු. අැත්තටම ශාමී මේක අහලා දුක් වෙයිද? සතුටු වෙයිද? දැන් ඒයා විජී අයියාට අාදරේ නිසා අතහැර යන්න අකමැති වෙයිද?. මට හිතා ගන්න බෑ. නමුත් හේෂාන් අයියාගේ පැමිණිම මට ලොකු සහනයක් ලෙස දැනෙන්න හේතු ගොඩක් තිබුනා. ඒ වගේම දුකට හේතුවකුත් තිබුනා. ශාමී ගියාම මට අායි ගෙදරයන්න වෙයිද? ඊ ළග කොටසින් හමුවෙමු.. සඳුනිVeteran MemberPosts:2462 12 Nov 2016 05:44 AM ඉවසමු ඉවසමු දෙවියෝ හැමදාම නිල්මිට දුකම දෙන ඒකක් නෑ sha733Super Senior MemberPosts:7332 12 Nov 2016 04:03 AM එහෙම වෙන්න හොදනෑ අසනීපෙ හොද වෙන් නැත්තං. ඒක විජි අයියට දුකක් සඳුනිVeteran MemberPosts:2462 11 Nov 2016 01:02 PM විජි අයියා නිල්මිට අයිති වෙයි වගේනේ sha733Super Senior MemberPosts:7332 11 Nov 2016 09:15 AM නිල්මිගේ ඇස් දිලිසෙයි නේද මේ කථාව අවසන් වෙනකොට. විජී අයිය එයාට කියල සඳුනිVeteran MemberPosts:2462 11 Nov 2016 07:11 AM 43. වන කොටස. මියෙදෙන තුරා.. '' මේ දරුවගේ වයසත් ඒක්ක තවත් දරුවෝ පරක්කු කරන ඒක නම් හොද නෑ. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් හිතන්න. ඊ ළග වතාවේ සුභ අාරංචියක් අරන් යන්න බලානම ඒන්න.'' මට වෙෙද්‍යවරයා සමග අැති වුනේ කේන්තියක්. ඔහුගේ හැසිරීම ගැන කේන්ති අරන් වැඩකුත් නෑ. හස්බන් නොවන වෙනත් පිරිමියෙක් මෙහෙම ගැහැනු කෙනාගේ ලෙඩ කියලා පොඩි දරුවෙක්ට වගේ බේත් අරන් දෙන්නෙ නෑනේ. මම තනියම හිතුවා. මෙම සිදු වීම නිසා රෝගී තත්වයද අමතක වි තනියම හිනා අැති වුනා. මම හොරෙන් බලද්දී විජි අයියාත් තනියෙම හිනා වෙනවා. ත්‍රී රෝද රතයෙන් නිවසට පැමිණී මම වෙෙද්‍යවරයා දුන් බෙහෙත් පානය කර අැදට වැටුනා. ඉන් පසු මම අැහැරුනේ හොදටම අැදිරි වැටි තිබියදී. විජී අයියා ගියාද හිටියද කියලා වත් මට මතක තිබුනේ නැ. මම අවධි වන විට නිවස පුරා විදුලි පහන් දැල්වි තිබුනා. දැන්නම් ශාමිත් අැවිත් අැති කියලා හිතාගෙන මම අැද මත වාඩී වුනා. '' නිල්මි නගා අැහැරියද?'' '' තාම ඔයා ගියේ නැද්ද විජී අයියේ.'' '' නෑ නගා .කොහොම තනියෙන් දාලා යන්නද ?මේ තරම් අමාරුවෙන් ඉද්දී.'' ''ශාමී තාම අාවේ නැද්ද?'' '' අාවා අාවා නිල්මී නගා.'' '' අනේ නිල්මී අැහැරියද? දැන් අඩුයිද කෙල්ලේ.'' මගේ කටහඩ අැහීලද කොහෙද ශාමලි මා අසලට පැමිණෙමින් කිව්වා. '' දැන් නම් අඩුයි වගේ ශාමී.'' '' කෑම ටිකක් කමු. විජී අයියා කිව්වා දවලටත් බිස්කට් දෙකක් විතරයි කෑවේ කියලා.'' ශාමලිගේ කතා බහෙන් මට වැටහුනා විජී අයියා දවල් සිද්දී සේරම කියලා කියාලා. ඒ නිසාම ශාමීගේ හැසිරීම මට ලබා දුන්නේ ලොකු සහණයක්. ''අනේ කන්න බෑ මට.'' '' අපෝ මෙයා පුංචි දරුවෙක් වගේනේ.'' කාමරයේ උළුවස්සට හේත්තු වී බලා සිටි විජී අයියා මට විහිළු කරන්න වුනා. ''අනේ යමු නිල්මී කෑම ටිකක් කන්න. ඔයා අාසම දෙයක් ඉව්වේ. නැත්තම් මම ගෙනත් කවන්නද?.'' මම ශාමිගේ උරහිසට වාරු වුනේ ඒ වදනින් ලීලම්මා සිහිපත් වීම නිසයි. කිසිදා මා අසනීපව සිටින විට මා බැලීමටවත් අම්මා කාමරයට ඒන්නේ කලාතුකින්, නමුත් ලීලම්මා මම කන්නට බෑ කිව් විට කෑම කවන්නේ පොඩි දරුවෙක් රවට්ටා කැම කවනවා වගේ අාදරයෙන්. අසනීප වූ දිනයේ සිට ලීලම්මා නිතර මතක් වන්නට ගත්තේ අැගේ අාදරය මා හද පත්ලේම තැන්පත් වී තිබෙන නිසයි. ඒනිසාම හිතට වේදනාවක් අැති වන සෑම විටම මට සිහිවන්නේ අැයයි. දවස් කිපයක් ගෙවී ගිය පසු මගේ අසනීප තත්වය හොදටම සුව වුනා. සුපුරුදු පරිදී නිවසේ සියලු වැඩ කටයුතු අවසන් කළ මම විවේකීව සිටින්නට සිතා මිදුලේ වූ ලෑලි බංකුවේ වාඩී වුනා. ස්වභාවික පරිසරයට බොහොම ප්‍රිය කල මම බංකුවට ඉහළින් අත්තේ ඔබ මොබ දුවමින් රග දෙන පුංචි කුැල්ලන් දෙස බලා වුන්නා. මේ සොදුරු දසුන් දකින විට මට සිහි වුයේ මා අාසාවෙන් කියවු ''නිල්ල පිරිණු මිටියාවත'' පොතෙහි මා සිත තුළ දර්ශන මවන්නට සමත් පරිසර වර්ණනාවන්. අහන්බෙන් වගේ මගේ නෙත ගැටුනේ අත්තක් අගිස්සේ සුළගට ඒහෙ මෙහේ වැනෙමින් තිබූ පුංචී කුරුළු කූඩුවක්. අැහෙන පුංචි පුංචී කිචි බිචි සද්දත් ඒක්ක මම ඒ දෙස තවත් විම සිල්ලෙන් බැලුවා. සුළු මොහොතකින් ඒම කැදැල්ල අසල වැසු පුංචිම පුංචී කුරුල්ලෙක් හොටෙන් ගෙන අා දෙයක් කැදැල්ල දෙසට යොමු කලා. ඒවිට මම දුටුවා කූඩුව තුළ වුන පුංචී පැටව්න්ගේ පුංචි හොටවල් පොර කනවා අම්මා ගෙනාපු කෑම කන්න. මගේ හිතට දැනුනේ සැහැල්ලු හැගිමක් මම ඒ දෙසම නෙත් යොමාගෙන හිටියේ තනියම සිනා සෙමින්. තවත් මොහොතකින් තවත් කුරුල්ලෙක් ඒතනට පියඹා අාවා. ඒ තාත්තා වෙන්න අැති කියලා මම අනුමාන කලා. මේ සිදුවිම දකිද්දි මගේ හිත කිව්වේ. ධනවත් පවුලක ඉපදුන පවට අම්මා අප්පච්චිගේ තුරුළේ අාදරේ විදින්න කාලයක් මට තිබුනේ නැනේද? කියලා. ''මේ .. දැන් ශාමලී නංගා ඒහෙම දැන් මෙහෙ නැද්ද?'' ඒක වරම මා අසලින් අැසුනු පිරිමි කටහඩින් තිගැස්සුනු මම බංකුවෙන් නැගිට්ටුනේ ඉබේටමයි. '' අනේ බය කලා නම් සමා වෙන්න මිස්. මිස් වෙන කල්පනාවකනේ හිටියේ. මම වැට ළගට වෙලා කතා කලා. මිස් කතා නොකරපු නිසා අැතුළට අාවේ.'' '' මේ ශාමලීලගේ ගෙදර තමයි. ඔයා ශාමලීගේ යාළුවෙක්ද?.'' ''ඔව් ශාමලී නංගා දැන් මෙහෙ නැද්ද?'' ''ඉන්නවා ඉන්නවා. දැන් නම් ඒයා වැඩට ගිහින්'' ''ඒතකොට ඔයා ශාමී නංගාගේ කවුද? මට මතකයක් නෑනේ ඔයාව.'' '' ඒ කියන්නේ මීට කලින් ඔයා මෙහෙ අැවිල්ලත් තියෙනවද?'' ''ඔව් ඔයා මෙහෙට අළුත් අැති . ඒකයි මාව නොදන්නේ. කෝ ශාමී නංගාගේ තාත්තා නැද්ද?'' ඔහුගේ කතා බහින් දැනුනේ ශාමලිව කාලෙක සිට දන්න හදුනන කෙනෙක් වගෙයි. මුහණත් හරිම කරුණාවන්ත පාටයි. කවුරු වුනත් හොද කෙනෙක් කියලා මගේ හිත කිව්වා. ''සෝමේ මාමාත් වැඩට ගිහින්. හවස් වෙලා හරි ඉරිදා දවසක හරි අාවනම් ඒයාලව මුණ ගැහෙන්න තිබ්බා'' '' ඒහෙමද? මට අායි කවදා ඒන්න ලැබෙයිද දන්නේ නෑ. ඒක නිසා මම මේ පණිවිඩේ අදම දෙන්න ඔනේ.'' ''කියන්න දෙයක් තියෙනම් මට කියන්න මම ශාමීට කියන්නම්.'' ''ඔයා ශාමී නංගාගේ නෑදෑ කෙනෙක්ද්ද?'' ''මම ශාමීගේ හොදම යාලුවා නිල්මිණී.'' ''ඔයාද නිල්මිණී. අදුර ගන්න ලැබුන ඒක ගැන හරිම සතුටුයි.'' මා වෙත අත පාමින් ඔහු කියද්දි මට දැනුනේ පුදුමයක්. මාර වැඩේනේ මම කවදාවත් දැකලා නැති මේ මනුස්සයා මාව අදුරනවලු. අැත්තටම මු හොරෙක් වත්ද? හොරෙක් කියන්නත් බෑ හොදට අැද පැළදගෙන කාර් ඒකකිනුත් අැවිත් තියෙන්නේ. කාර් වලින් අැවිත් මේ දුප්පත් ගම්වල මොනවා හොරකම් කරන්නද? '' නිල්මිණි නංගා මොනවද කල්පනා කරන්නේ.'' ''මම මේ ඔයා කොහොමද මාව දන්නේ කියලා හිතුවේ .මම ඔයාව කවදාවත් දැකලා නෑනේ.'' මම ඔහු මට පා තිබූ අතට අත පාමින් කියා සිටියා. '' මම හේෂාන්. දැන් දන්නවා නේද?'' ''හේෂාන් කිව්වේ අර...'' ''ඔව් ඔව් ශාමී නංගාව තනිකරලා මේ රටින් පැනලා ගිය හේෂාන් තමා.'' ශාමලී කිව් විදිහටම ඔහුගේ මුහුණෙන්ම පෙනුනේ අවංක පෙනුමක්. නමුත් ඒක වරම මා සිතට අා අාවෙගයට මම ඔහුට දොස් කියන්න ගත්තා. '' මොනවා. දැන් අායි මොකටද මෙහෙ අාවේ. අායෙත් ශාමීගේ ජීවිතේ අවුල් කරන්නද?. ඔයා දන්නවද ශාමී පුතා ගැන හිත හිත මොන තරම් දුක් වෙනවද කියලා. පුළුවන්නම් පිං සිද්ද වෙයි ශාමීගේ දරුවා අායි ශාමිට ගෙනත් දෙන්න. ''. මම ඒක දිගට කියාන ගියේ ඔහුට වචනයක් වත් කිමට ඉඩ නොතබමින්. දුකින් බර වුන මුහුණින් ඔහු මට යමක් කීමට උත්සහා දැරුවා. මට මේ වචන කොහෙන් ගලන් අාවද මන්නදා. මම මදක් නිහඩ වන තුරු බලා වුන් ඔහු කතා කරන්න පටන් ගත්තා. ''මම දන්නවා නිල්මිණි නංගා මම කරපු දේ වැරදී බව. මට කරන්න පුළුවන් මොකුත් තිබුනේ නෑ ඒ දවස් වල. අඩුම ගානේ ශාමී නංගාට පණීවිඩයක් වත් දිගන්න විදියක් තිබුනේ නෑ.'' ''හරි දැන් ඔයා අාවේ ඔය ටික කියලා යන්නද?. පිං සිද්ද වෙයි අායි නම් ශාමීට වද දෙන්න ඒපා. ඔයාගේ පොහොසත් පවුල නිසා ශාමී තාම විදවනවා. ඔයා දන්නවද ශාමී ඒකතැන් වෙලා හිටියා කියලා. ඒ දවස් වල ඒ අහිංසකිට වතුර පොදක් දෙන්න කෙනෙක් හිටියේ නෑ. '' '' පොඩ්ඩක් මම කියනදේ අහන්න නිල්මිණී නංගා. මට ඔය හැම දේම අාරංචී වුනේ ලංකාවට අාවට පස්සේ.'' '' තව මොනවා අහන්නද? වෙන්න තියෙන සේරම වෙලා ඉවරනේ. මට ශාමි කිව්වා ඔයාලට කවදාවත් ඒකතු වෙන්න ඔයාලගේ ගෙදරන් ඉඩ දෙන්නේ නෑ කියලා...'' ''අනේ නිල්මිණි නංගා . මම ශාමී නංගාව තනි කරන්නේ නෑ. අපේ පුතාත් මම ඒයාට දෙනවා. ශාමී නංගා මට සමාව දෙන්න කැමතිනම් . වුණ සියළුම වැරදී මම හරි ගස්සනවා.'' ''ඒවට ඔයාලගේ ගෙදරින් ඉඩ ලැබෙන්නේ නෑ . අායිත් බොරුවට ශාමීට බලාපොරොත්තු දෙන්න ඒපා. කොටින්ම ඔයා ශාමීගේ අැහැට දකින්න වත් ඒන්න ඒපා. සෝමේ මාමා වුන්නා නම් ගහලා පන්නන්නේ. දැන් මෙහෙන් යන්න.'' මම මොනතරම් දොස් කිව්වත් ඔහුට බිදුවක් වත් කේන්ති ගියේ නෑ. යන්නට කීවත් පිටව ගියේ නැහැ . ලොකු කතාවකට මුළ පුරන්න වගේ සුසුමක් හෙලපු ඔහු බංකුව මත හිද ගත්තා. '' හරි නිල්මිණී නංගා මම යන්නම්. මම දන්නවා ශාමී නංගා වුන්නා නම් මේ තරම් වෙලාවත් මට අැහුම් කම් දෙන්නේ නෑ. ඒයා මාත් ඒක්ක හුගක් තරහින් ඉන්නවා අැත්තේ. මම කියන කතාව අහන් ඉදලා ඔයාම තීරනය කරන්න මම කරන්න ඔනේ මොනවද කියලා. මේ කතාවෙන් පස්සෙත් ඔයා මට කියනවා නම් මට ශාමීගේ ජීවිතෙන් යන්න කියලා. මම හෙටම ලංකොවෙන් පිට වෙලා යනවා.'' ඔහු කියන දේට ටිකක් සවන් දී බලන්න කියලා මගේ හිත කිව්වා. මම ගෙයින් පුටක් රැගෙන විත් ඔහුට පෑවේ වාඩි වෙන්න කියලා. ''ඔය සිද්දිය වුන කාලේ මට පුළුවන් කමක් තිබුනේ නෑ තනි තීරණයක් ගන්න. මම රස්සාවක් කලා තමා. ගෙදර ඔනේ තරම් සල්ලි තිබුණ නිසා කිසි උවමනාවක් තිබුනේ නෑ ඉතුරු කරන්න. මගේ ළග තිබුණ හුගක් සල්ලි වියදම් වුනා ඉඩම ගන්නයි ගේ හදන්නයි. ශාමී නංගා ඔයාට ඒවා කියන්න අැති කියලා හිතනවා.'' ''ඔව් ශාමී මාත් ඒක්ක ඒ ගැන කිව්වා.'' ''ගෙදරින් දිගින් දිගටම අකමැති වෙද්දී අපි තීරණය කළා රෙජිස්ටර් වෙන්න. අන්තිම මොහොත් ඒක ගෙදරට අාරංචී වුනා. ඊට පස්සේ මට ගෙයින් ඒළියට බහින්න ලැබුනේ නෑ.පොන් ඒක පවා ගත්තා. අන්තිමට මට ගෙදෙරන් රට යන්න ටිකට් බුක් කරලා තිබුණා. මම බෑම කිව්වා යන්න. මට ශාමී නංගාට පණිවිඩයක් දිගන්න විදිහක් තිබුනෙම නෑ. මට ඔනේ වුනේ ශාමී නංගා වත් අරන් මේ රටින් යන්න. ඒත් මගේ ළග ඒකට සල්ලි තිබුනේ නෑ. අන්තිමේ මම රට ගියා. ඊ ළග කොටසින් හමු වෙමු. සඳුනිVeteran MemberPosts:2462 11 Nov 2016 01:42 AM විජී අයියා අාදරෙයි වගේ නේද? අනිත් යාලුවෝ නම් කියනවා සුමේධ අයියා පව්ලු sha733Super Senior MemberPosts:7332 10 Nov 2016 10:56 PM ලෙඩේ මාට්ටු උනොත් විජී අයිය තවත් ආදරේ කරයි නේද හොදයි ඔහොම යමුකෝ kingDVeteran MemberPosts:3405 10 Nov 2016 10:24 PM මට හිතෙන්නෙ ලොකු බේබිගේ ලෙඩේ මාට්ටු වෙලා වත්ද සඳුනිVeteran MemberPosts:2462 10 Nov 2016 01:29 PM 42. වන කොටස. මියෙදෙන තුර... '' මට හැමදාමත් ඔයාලට කරදරයක් වෙන්න බැරි නිසා.'' ''මොනවද නිල්මී ඔයා මේ කියන්නේ. කවද්ද මම ඔයා මට කරදරයක් කියලා කිව්වේ. මම නිසා ඔයයි, ඔයාගේ ලස්සන අනාගතේ නැති කර ගත්තේ. මම අසනිප බව අාරංචී නොවුනා නම් ඔයා මෙලහට සුමේධ අයියාව බැදලා.'' මම ඉබේටම වගේ විජී අයියා දිහා බැලුවා. මගේ හිත පොඩ්ඩක් වත් කැමති වුනේ නෑ මම සුමේධ අයියාට අාදරේ කලා කියලා විජී අයියා හිතනවට. මොකද මම සුමේධ අයියාට අාදරේ කලේ නැ, ඒයාගේ හොද ගති ගුණ නිසා හිත පැහැදීමෙන් හිටියා මිස. මට ශාමී ඒක්ක නොරිස්සුමක් අාවේ ඒ වචනය අැහෙද්දී විජී අයියාගේ මුණ අදුරු වුණ නිසා. '' ඔය කතාව නවත්වන්න ශාමී. මම කවදාවත්ම සුමේධ අයියාට අාදරේ කලේ නෑ. කවුද ඔයාලට ඔය බොරුව කිව්වේ.'' ''නෑ නෑ මම දන්නවා ඔයා ඒ දරුවෝ දෙන්නට මොනතරම් අාදරෙන් හිටියද කියලා.'' ''දරුවෝ දෙන්නටනම් පණ වගේ අාදරෙයි තමයි. ඒත් මම සුමේධ අයියා හොද කෙනෙක් නිසා ඒයාව ළගින් අාශ්‍රය කළා මිසක් .අපි දෙන්නා අතර අාදරයක් තිබුනේ නෑ. අපි ගෙදර අයට පෙන්න අාදරවන්තයෝ වගේ වුන්න බව නම් අැත්ත.'' ''දැන් ඔය කතාව නවත්වන්න දෙන්නම. නැත්තම් මම යනවා යන්න. වෙච්ච දේවල් වෙලා ඉවරයි. අායි ඒවා හාරා අවුස්සන්න ඒපා.'' අපි දෙන්නාගේ කියවිල්ල ඉවරක් නොවන විට විජී අයියා කතාවට මැදිහත් වුනා. මේ වන සිදු වන සියල්ලගෙන්ම මට දැනුනේ ශාමී විජී අයියා මට ළං වෙනවට අකමැති කියන ඒක පමණයි. හරි ශාමී මම කොහොමත් මැරෙන්න ඉන්න කෙනෙක් මට ඩොක්ට දුන්න කාලයත් ඉවර වීගෙනයි ඒන්නේ. තව මාස හයයි දෙවියෝ මට මේ ලෝකේ ඉන්න දීලා තියෙන්නේ. ගන්න කිව්ව බේත් නොගත්ත නිසා මට ඒ කාලය තවත් අඩු වෙවී. ඔයාගේ විජී අයියා මට ඒපා ශාමී. මම අායි කවදාත්ම ඔයාට බොරුවක් කරන්නේ නෑ. ඉන් පසු උදා වූ දවස් කීපය මම ගෙවා දැමුවේ හරිම වේදනාවෙන්. විජී අයියා දහවලට නිවෙස පැත්තට අාවත් මම කතා කලේ වැඩි උනන්දුවකින් නෙමේ .මම නිවසේ තනියෙම සිටි නිසාම වැඩි වෙලා නොරැදී ඔහු පිටවි ගියා. ඉන්පසු ඔහු අාවේ ශාමලි ඉන්න වෙලාවට විතරයි. දිනක් උදෑසන මට හරිම අපහසුතාවයක් දැනුනා. තද ඔළුවේ කැක්කුමත් සමග සිරුරට අප්‍රාණික බවක් දැනුනා. නිවසේ කිසිම වැඩක් කිරීමට හිත නොදුන් නිසා මම අැදටම වී හිටියා. දහවල උදා වුවත් හිස ඒසවිමට නොහැකි තරම් බරක් දැනුන නිසා මම අැදේ ඒ මේ අත පෙරලෙමින් අැදටම වි සිටියා. '' නිල්මී නගා... නිල්මී නගා...'' '' මම අැතු..ලේ විජී අයි..යේ.'' මම අමාරුවෙන් පිළිතුරු දුන්නා. '' පොඩ්ඩක් ඒළියට ඒන්නකෝ.'' '' අ..නේ මට අමාරු..යි විජී අයියේ..'' ''අැයි ළමයෝ මක් වෙලාද?.'' ඒවර විජී අයියා කලබලයෙන් කාමරය තුළට පැමිණියා. ''අැයි අසනිපයක්ද?.'' '' අැගට හරිම අමාරුයි විජි අයියේ. ඔළුව පුපුරන්න රිදෙනවා.'' ''කෝ බලන්න. හොදටම උණනේ අැග ගිනි කබල වගේ. පැනඩෝල් දෙකක් වත් බිව්වද?'' ඔහු මගේ නළල මත පිට අත්ල තබා බලමින් කිව්වා. මෙතරම් දිනක් ලීලම්මා නැති අඩු පාඩුව මට තදින් නොදැනුනේ ශාමලී හැමදේටම මගේ ළග වුන් නිසයි. නමුත් අද මට අැය නැති පාඩුව මට තදින්ම දැනුනා. මට මතකයි ගෙදරදී මට උණ හැදුනම ලීලම්මා පැය භාගෙන් භාගෙට මගේ ළගට දුවන් ඒනවා. කැද වර්ග හදාලා දෙනවා. කන්න බෑ කිව්වම මම ඉල්ලන් ඉල්ලන දේ මට හදලා දෙනවා. අනේ ලීලම්මේ ඔය මාලිගාවට කබුරන ඒක නවත්තලා අපි ගාවට ඒන්නකෝ. හිත හදඩද්දී නෙත් දෙකත් ඉබේටම තෙත් වෙලා තිබුනා. අැස මුළ රොක් වි තිබු කදුලු ඒක වරම නෙත් අගින් රූරා වැටුනා. '' අනේ අැයි අඩන්නේ නිල්මි නගා. අපි බෙහෙත් ටිකක් ගේන්න යමු. ශාමි නගාව ගෙදර ගෙන්න ගමුද?'' '' ඒපා විජි අයියේ මට හොද වෙයි ලොකු අමාරුවක් නෑ.'' ''අැයි ඒහෙනම් ඔය අැස් වල කදුළු.'' ''මට ලිලම්මව මතක් වුනා විජි අයියේ.'' ''ඒ කිව්වේ පොඩ්ඩාගේ නැන්දා නේද?'' ''ඔව් ඔව් . ඒයා තමා අමිමා කෙනෙක් වගේ හැමදාම මගේ ළග හිටියේ.'' ''අැත්තටම නිල්මි නගා ඔයාට අම්මා අප්පච්චි මතක් වෙන්නෙ නැද්ද?'' '' අැත්තටම මම ඒයාලට වැඩිය ළග නෑ විජි අයියේ. මට අම්මාගේ අාදරේ දුන්නේ මගේ ලිලම්මා.'' ''මට වගේ මයි.'' මම විජි අයියාව අදුර ගත් කාලය තුළ මොන තරම් දේ කතා කළත් කවදාත්ම ඒයාගේ පුද්ගලික තොරතුරු මා සමග කියලා තිබුනේ නෑ. ඒවා අසනවාටවත් ඔහු කැමති වුනේ නෑ . නමුත් අද මම නොවිමසාම ඔහු ඔහුගේ දෙමාපියන් ගැන කතා කරන්න වුනා. '' මගේ අම්මා මාව දාලා සදහටම මේ ලෝකෙන් යන්න ගියේ මට නොතේරෙන වයසෙදී. මට ඒයාගේ හැබෑ රූපයත් මතක යාන්තමට. මම දන්නේ නෑ අම්මා ගේ මැද්දේ සුදුම සුදු අැදක නිදාගෙන ඉන්නේ අැයි කියලා. මම ගෙදරට ඒකතු වෙලා හිටිය යාලුවෝ ඒක්ක දවසම කෑ ගගහා සෙල්ලම් කලා. තාත්තා මට කිව්වේ අම්මා ටිකක් අසනිපෙන් නිදි අැහැරවන්න ඒපා කියලා. ඊට පස්සේ දවසක අම්මව පෙට්ටයක දාලා ඔස්සගෙන ගියේ මාමාලා කට්ටියම ඒකතු වෙලා. පස්සේ වාහනයක් අැතුළට දාගෙන අම්මාව අරන් ගියා. තාත්තාගෙන් මම අැහුවම ඒයා කිව්වේ අම්මාව බෙහෙත් ගන්න ඒක්කන් යනවා කියලා. ඊට පස්සේ කවදාවත්ම මගේ අම්මා අායි මම බලන්න අාවේ නෑ. ඊට පස්සේ මගේ අාරක්ෂාවට හිටියේ අායා අම්මාලා විතරයි. තාත්තා නිතර ගෙදර අාවේ නෑ මම ඒයාගෙන් අම්මා ගැන අහලා කරදර කරන නිසා. අායා අම්මලා.'' මට ඉවසා ගන්නට බැරි තද කැස්සක් අා නිසා ඔහුගේ කතාවට බාදා වුනා. '' අනේ නිල්මි නගා යමු බේත් ගෙන්න. ඔයාට හුගක් අමාරුයි.'' '' අනේ මට බෑ විජී අයියේ..'' '' බෑ කියලා කොහොමද ළමයෝ. කෝ නැගිටින්න.'' '' අනේ මට බෑ විජී අයියේ.'' '' අනේ විකාර නැතුව නැගින්න ළමයෝ.'' ඔහු මා වෙතට නැඹුරු වී මට අැදේ වාඩි වන්නට උදව්කලා. '' නගාට පුළුවන්නම් වෙන අැදුමක් අැද ගන්න නැතම් ඔකට උඩින් බවුස් ඒකක් දා ගන්න මම ත්‍රීවීල් ඒකක් කතා කරන් ඒන්නම්.'' විජී අයියා මට ඒලෙස පවසා ගියේ මම තවමත් සිටින්නේ රෑ අැදුම පිටින් නිසයි. අමාරුවෙන් අැදෙන් බැස ගත් මම අැදුමක් අැදගෙන ඔළුව ටිකක් පීරගෙන අායෙත් අැදේ හාන්සි වුනේ ඔළුව උසවාගෙන හිදීම අපහසු නිසයි. '' නිල්මි නගා යමු. ත්‍රිවීල් ඒක අාවා.'' ''හ්ම්'' '' ඉන්න මම උස්සන් යන්න.'' ''ඔනේ නෑ විජී අයියේ මට පයින් යන්න පුළුවන් ඔලුව රිදෙන ඒක තමා ඉවසන්න බැරී'' මම අමාරුවෙන් අැවිදගෙන යන දෙස ටිකක් වෙලා බලා වුන් ඔහු මගේ බද වටා අතක් යවා මට අැවිදින්නට වාරු දුන්නා. ත්‍රිරෝද රථයෙන් පෞද්ගලික වෙෙද්‍ය මධ්‍යස්තානයකට ගිය අපි වෙෙද්‍යවරයා වෙත ඉක්මණින්ම යොමු කරනු ලැබුවේ විජී අයියාගේ බල කිරීම නිසාමයි. පොඩි දරුවෙකුට බෙහෙත් අරන් දෙන්න ඒක්කන් ගියා වගේ විජී අයියා මම වෙනුවෙන් මගෙ සියලු රෝග ලක්ෂණ වෙෙද්‍යවරයා සමග කියා සිටියා. සියල්ල සාවදානව අසා සිටි වෙෙද්‍යවරයාගේ මුවේ සිනාවක් අැදුනා. '' මේ දරුවා නම් හරිම වසනා වන්තයි. හස්බන් හරිම අාදරෙයිනේ ඔයාට.'' විජී අයියා මගේ හස්බන් නෙමෙයි කියන්න මම උත්සහා කලත් වෙෙද්‍යවරයාගෙන් මට ඉඩක් ලැබුනේ නෑ. '' මේ දරුවට වමනෙත් ගියාද?'' මම හිස සලා නෑ කිව්වා. '' ඔන්න ඉතින් දෙන්නට සුභ අාරංචියක්ද දන්නේ නෑ . අපි චෙක් කරලා බලමු.'' මගේ දෑස් මවිතයෙන් ඉහල යද්දී විජී අයියා කතා කරන්න වුනා. '' ඒහෙම වෙන්න විදියක් නෑ ඩොක්ටර්.'' '' අපි බලමුකෝ. මොකද මේ තරම් පරක්කු වුනේ මැරි කරන්න. තවමත් දරුවෙක් ගැන බලාපොරොත්තුවක් නැද්ද ? ඒහෙම වෙන්න බෑ කියන්නේ.'' අපිට කිසිත් කියන්නට අවස්ථාව නොදුන් වෙෙද්‍යවරයා පරික්ෂණ කීපයක් ලිවු පත්‍රිකාවක් විජී අයියා අත තැබුවා. ඉන් පසු වෙෙද්‍යවරයාගේ කාමරයෙන් අපි ඒළියට අාවා. '' ඒ මනුස්සයාට නම් පිස්සුද කොහෙද විජී අයියේ. අපි වෙන තැනකින් බෙත් ගමු.'' ''කමක් නෑ ලේ මුත්රානේ චෙක් කරන්න කිව්වේ. වෙන ලෙඩක් තිබුනත් අහු වෙනවනනේ අයි චෙක් කරලා බෙහෙත් අරන් යමු.'' ''ඔයාට පිස්සුද?'' '' ඒන්න මිස් අැතුළට ඔයාගේ පරීක්ෂණ ටික කරන්න. හැබැයි හස්බන්ට නම් ටිකක් ඒළියෙන් ඉන්න වෙනවා.'' කිසිත් කියන්නටත් ඉඩ නොදි හෙදියක් මාව අැතුල් කාමරයකට රැගෙන ගියා. පරීක්ෂන වලින් පසු අපි නැවත වෙෙද්‍යවරයා ළගට ගියේ පරීක්ෂණ වාර්තාත් අරගෙන. සියල්ල හොදින් නිරීක්ෂනය කළ ඔහු අවසන් නිගමනය දුන්නා. '' මේ වාර්තාවේ හැටියට නම් මේ දරුවට තියෙන්නේ වෙෙරස් උණක් විතරයි. මේ බේත් ටික ෆාමසියෙන් ගන්න. මේටික කවුන්ටර් ඒකෙන් ගන්න .'' කියා වෙෙද්‍යවරයා බෙහෙත් වර්ග කීපයක් පත්‍රිකා දෙකක ලියලා විජී අයියා අත තැබුවා. අපි වෙෙද්‍යවරයාගේ කාමරයෙන් පිටත් වෙන්නට සුදානම් වෙත්ම වෙෙද්‍යවරයා අපට නැවත වාඩි වෙන්නයි කීවා. ඊ ළග කොටසින් හමු වෙමු....... sha733Super Senior MemberPosts:7332 10 Nov 2016 09:12 AM Posted By සඳුනි on 10 Nov 2016 07:07 AM පොලේ යාවී වගේ තමා. අපෝ ශා අයියා මම ප්‍රේම දඩයමට අාස නෑ. හී........... එහෙං කමක් නෑ කිවුව වගේ හැමදාම පොලට යවන්න. අහුවෙනකං බලමුකෝ ශාමි කොයි වෙලේ පෙනේ පුප්පන්න ගනියිද කියලා සඳුනිVeteran MemberPosts:2462 10 Nov 2016 07:07 AM පොලේ යාවී වගේ තමා. අපෝ ශා අයියා මම ප්‍රේම දඩයමට අාස නෑ. DushanVeteran MemberPosts:2536 10 Nov 2016 06:19 AM විජි අයියා හැමදාම පොලට යයි වගේ සඳුනිVeteran MemberPosts:2462 10 Nov 2016 06:00 AM 41. වන කොටස. මියෙදෙන තුරා. '' නිල්මි නගා අැයි සුමේධ අයියා මතක් වුනාද?.'' ''අනේ නෑ. පොඩ්ඩා මොනවද සුමේධ අයියා ගැන කිව්වේ.'' ''සේරම කිව්වා. දැන් ඒක වැඩක් නෑ. ඒනවද යන්න මගේ දුප්පත් වාහනේ.'' '' ඉන්න මම අැදුමක් අැදන් ඉන්නම්.'' '' ඔය අැදුම හොදයි.'' ''අනේ මේක බෑ . පොඩ්ඩක් ඉන්න.'' මම නිවසින් පිටත් වී එන විට කිසිම අැදුමක් රැගෙන අාවේ නැ. අැදන් අා අැදුම පමණයි මට තිබුනේ. මම අදත් ඒ අැදුමම අැදගෙන කොන්ඩයත් පීරාගෙන අල්මාරියේ කැඩපතට ඒබී මගේ රූපය දෙස බැලුවා. තරමක් බුරුලට තිබූ අැදුම මට අැගේ ගානට සිරවි තිබුනා. මම මහත් වෙලා. මම තනියෙම හිනා වුනේ පුදුමයෙන්. මම විජී අයියා දෙසට යන විට ඔහු දෑස් දල්වා මා දෙසම බලා වුන්නා. මම ඔහු අසලම ගිය විට ඔහු මගේ හිසේ සිට දෙපතුල දක්වා නෙත් යැව්වා. මට දැනුනේ ලැජ්ජා සහගත හැගීමක්. ''විජී අයියේ.'' ''නිල්මී නගා ඒ අැදුමට මාර පෙනුමයිනේ.'' මම ඔහුගේ කතාවට සිනවකින් පිළිතුරු දී වැටෙන් ඒහා පැත්තට පැන්නේ සුදු පාට දිගු සාය කෙටි කර අල්ලා ගනිමින්. ''විජී අයියේ මම කොහොමද මේකට නගින්නේ. හුගක් උසයින්නේ.'' '' අැයි මාව අල්ලගෙන නගින්න '' ''අනේ මම බයික් ඒකක ගිහින්ම නෑ. මට බයයි.'' ''මුලින් මේ හෙල්මට්ඒක දාන් ඉන්න.'' ඔහු කිසිදා මේ පයිසිකලය පැදෙනව්වේ හිස් අාවරන පැළදගෙන නෙමෙයි. ඔහු අද හෙල්මට් දෙකක්ම අරන් අැවිත්. මම හිස් අාවරණය පැළද ගන්නට උත්සහ කරද්දී අහු හිස් අාවරනය පැළදගෙන මා දෙස බැලුවා. '' කෝ ඒන්න මම දාන්න.'' මම අමාරුවෙන් හිස් අාවරනය පැළද ගන්නට උත්සහ කරන අයුරු දැක ඔහු කියා සිටියා. අමරුවෙන බයිසිකලයට නැගුන මම වැඩි දුරක් යන්නටත් මත්තෙන් වීජී අයියගේ බද වට දෑත් යව තදින් අල්ල ගත්තා.මට දැනුනේ මම ඉගිල්ලෙනවා වගේ. බයිසිකලය ධාවනය වුනේ එතරම් වේගයෙන්. බයිසිකලය ධාවනය වන්නට පටන් ගත වෙලේ පියා ගත දෑස් මම විවර කළෙම නැ. '' බහිනවද කුමරිහාමී.'' වීජී අයිය එලෙස පවසන විටයි මට දැනුනේ, බයිසිකලය නතර වෙලා කියලා. මම තවමත් ඔහුගේ බද වට දෑත් යවාගත් ගමන බව සිහිවී මම ඉක්මනින් දෑත් ඉවතට ගතතා. '' එක හොද වැඩක් මොකද මේ ටවුන් එකනේ.'' මම දන්නවා ඔහු කිව්වේ මා ඔහුව බදාගෙන සිටි එක ගැන කියලා.මගේ මුණ ලජ්ජාවෙන් රතු වුනා. මම මොකුත්ම නොකිය බයිසිකලයෙන් බහින්නට උත්සහ කළා. බහින්න යාමේදී වැටෙන්න ගිය නිසා මම ඔහුගේ උරහිස අල්ල ගත්තා. '' වැටෙයි ළමයෝ මාව අල්ලාගෙන බහින්න ආඩම්බරකම් නැතුව. ටවුන් එකේ කවූරු දැක්කම මොකද? දකින්න ඕනෙම අය හිතන් ඉන්නේ ඔය මගේ වයිප් කියලානේ.'' ''මේ වීජී අයියගේ කාට නම් '' කියලා, හිත කියද්දී මට දැනුනේ සිවූම් සතුටක්. මම ඔහුගේ වරු ඇතිව බයිසිකලයෙන් බිමට බැහැ ගත්තා. '' නිල්මී නගා ඔතනම ඉන්න . මම බයික් එක අයිනකට දාලා එන්නම්.'' සුළු මොහොතකට පසු ඔහු මා අසලට පැමිණියා. '' නිල්මී නගා අපි දැන් කොහෙද යන්නේ.'' '' මන්දා.'' මම උරහිස් හකුලමින් කිව්වේ, වට පිට බලමින්. නගරය පුරා සෙනග පිරී සිටියා. කලබලයෙන් එහෙ මෙහෙ ඇවිද ගිය ඔවුන් තම කාර්යේයන් ඉක්මනින් ඉටු කර ගන්නට උනාන්දු වෙන අයුරු මා හට පෙනුනා. විශාල ගෝනියක් කරතියාගත් මහලු මිනිසෙක් යම් පටු මගකට ඇතුල් වෙනවා දැකීමෙන් මා සිතේ දුකක් ඇදුනේ ඒ මනුස්සයට එක කරන්න පුලුවන්ද කියල හිතිලා. '' වීජී අයියේ.'' ''ඇයි නිල්මි නගා.'' ''ඔය දැක්කද අර වයසක සියා උස්සගෙන ගිය ගෝනියේ ලොකු . පවූ.. එයා ඒ කොහෙද ඒවා අරන් යන්නේ.'' මගේ කතාව ඇහුණාම ඔහු හිනා වෙන්නට ගත්තා. මට ඔහු ගැන ඇති වූනේ අමනාපයක්. ''මොකද හිනා වෙන්නේ . දන්නේ නැති නිසානේ ඇහුවේ.'' '' එක තමා නිල්මී නගා මම ඔයාට ඉගෙන ගන්න හුගක් දේවල් තියේ කිවූවේ මේ ලෝකේ. ඔය දැකලා තියෙන සුරඟන ලෝකයට වඩා මේ ලෝකේ හුගක් වේදනාකාරී. වැඩි හරියක් ඉන්නේ දුක්විදින මිනිස්සු. ඒ ගිය සීය වගේ.'' ''අනේ පවු වීජී අයියේ . එයා කොහෙටද ඒවත් උස්සගෙන යන්නේ.'' '' එක තම ඒ මනුස්සයාගේ රස්සාව. ඔය දුක් විදගෙන බර අදින්නේ අහිංසක දුප්පත් පවූලක් නඩත්තු කරන්නත් වෙන්න පුළුවන් , නැත්තම් හවසට තැබාරුමට පුජා කරන්න වෙන්නත් පුළුවන්.'' ''පව් වීජී අයියේ.'' ''හ්ම් ඔය පොළ දැකලා නැ කිවුවනේ අපි අද පොළට යමු. අද ඔයා බඩු ගන්න .ආ සල්ලි.'' '' මම .. අනේ මම දන්නේ නැ . ඔයා ගන්න.'' ''දන්නේ නැති නිසානේ පුරුදු වෙන්න ගන්න කියන්නේ.'' ''මොනවද ගන්නේ.'' ''ඔය කැමති ඕනෙම දෙයක්.'' සෙනග අතර තෙරපෙමින් අපි පොළ පුර ඇවිද්දා. වීජී අයියට නම් එපා වෙලා වගේ මා පසුපස ආවා. බොහෝ හවස් වී අපි නිවසට එන විට බොහොම මහන්සියෙන් හෙම්බත් වී සිටියා. ජීවිතේ මුල්ම වතාව මම මෙහෙම අද්දැකීමක් ලබපු . ඒක නිසාම මට විඩාවට වැඩ දැනුනේ සතුටක්. ''අම්මෝ නිල්මී නගා මට නම් හොදටම මහන්සි . පුළුවන් නම් තේ එකක් හදන්න. ගෙනාපු කේක් කෑල්ලකුත් කාල බොන්න.'' ඔහු එළියේ තිබු ලෑලි බැංකුව මත හිද ගමින් කිවුවා. '' හා වීජී අයියේ මම හදන්නම්. එන්න ඇතුලට.'' '' නෑ නෑ නිල්මි නාග හදන් එන්න . මම මෙහෙන් ඉන්නම්.'' මම අමාරුවෙන් එළවලු මල්ල කුස්සියට ඔසවාගෙන ගියා. කේතලය ලිප තැබූ මම මුලින්ම ඇදුම් මාරු කරගැනීමට ගියේ දැන් ශාමලී ගෙදර එන වෙලාවත් කිට්ටු නිසා. වීජී අයියා එක්ක ගියාට මොකද මගේ හිතේ තිබුනේ ලොකු බයක් , ශමී දැන ගත්තම මට බනිවි කියලා. මම ඇදුම හෝදන ඇදුම් ගොඩට වත් නොදා සගවා තැබුවා. ශාමලීගේ ඇදුමක් ඇගලා ගත් මම කුස්සියට ගොස් එළවලු මල්ල අසුරන්න වුණා. '' අයියෝ මොකද වීජී අයියා එළියේ. එන්නකෝ ඇතුලට.'' කියමින් ගෙට ඇතුල් වන ශමිගේ කටහඩ ඇහෙද්දී මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තේ දැන් මම දැන් වීජී අයිය එක්ක පොලේ ගිය බව දැන ගත්තම හොදටම බනිවි කියලා. ''අනේ කවුද පොලේ ගියේ. මම මේ පොලට යන්න බැරි වුනානේ කියල කල්පනා කර කර ආවේ.'' ''වීජී අයියා ගෙනාවේ.'' ශාමලීගේ පිටුපසින් කුස්සියට පැමිණි වීජී අයියා දෙස ''අනේ ඇත්ත කියන්න නම් එපා'' කියන්න වගේ බලලා කිව්වේ වීජී අයියා ඒ ගැන කතා කරන්න කලින්. මම එහෙම කියද්දී වීජී අයියා හොරෙන් හිනා වෙලා නිහඩ වුනා. එයට නම් හිනා මම මෙතන බයේ ගැහෙනවා. මට ඔහු සමග පොඩි කෙන්තියකුත් ඇති වුනා. '' අනේ වීජී අයියේ ගොඩක් පින්. මම මේ කොහොමද බඩු ටිකක් ගේන්න යන්නේ කියලා හිටියේ.'' ''අනේ ඕක මොකද්ද මම අද හරිම ආසාවෙන් පොලේ ගියේ.'' වීජී අයියා මා දෙස හොරෙහින් බලමින් සිනාසී කිවුවා. මගේ හිත සිවුම් සතුටකින් වගේම ලජ්ජාවෙන් පිරි ගියා. කේතලය උණුවන හඩ ඇසුණු නිසා මම එතනින් නැගිට තේ හැදීමට ලිප අසලට ගිය. '' මෙන්න වැඩක් අසාවෙන් පොලේ ගියා. කවුද අනේ අසාවෙන් ඔය මිනිස්සු ගොඩේ තෙරපෙන්න යන්නේ.'' '' නැ මම මේ කිවුවේ. මම පොලේ ඇවිද්දේ නෑ. අදුරන වෙළෙන්දෙක් හිටිය එයාගෙන් සේරම ගත්තේ.'' හොද වැඩේ විකාර කියවනවට මම බිත්තිය සමග හිනා වෙමින් තනියම හිතුවා. ''මෙන්න තේ බොන්න.'' මම තේ විදුරු දෙක ඔවුන් දෙදෙනාට පාමින් කියා සිටියා. ඒ වන විට ගෙන ආ කේක් එක මේසය මත කෑලී කපා තබා තිබුනා. '' මොකද දන්නේ නැ අද තාත්තා පරක්කු . ගිනි වතුර ටිකක් බොන්න ගියද දන්නේ නැ.'' තේ වීදුරුව තොල ගාමින් ශාමලී කිවුවා. ''සෝමේ මාමා දැන් බොන්නේ නෑනේ.'' ''ඔයා අවේ නැනේ ගිය දවස් ටිකේම. තාත්ත බිල ඇවිත් ගමටම සද්දයක් දැම්මා.'' නොයෙක් දේ කතා කරමින් අපි කඩිමුඩියේ රාත්‍රී ආහාරය පිළියෙළ කරන්න වුනේ අද හුගක් පරක්කු වෙලා නිසා. අනෙක් දින වල මම ශාමලී නිවසට පැමිණෙන්නටත් පෙර උයා තබනවා. පව් ශාමීට බඩගිනි ඇති. මට එයට අද බෝරුවාකුත් කියන්න වුණා පව්. මම තනියම කල්පනා කරන්න වුණා. ''මොනවද නිල්මී නගා ඔය හැටි කල්පනා කරන්නේ.'' ''මම මේ හිතුවේ ශාමීත් එක්ක මත වැඩට ගියානම් හරි කියල.'' '' ඔයාට පිස්සුද නිල්මී නගා.ඔය හිතන තරම් ලේසි නැ රස්සාවක් කරනවා කියන එක.'' වීජී අයියා නම් මගේ යෝජනාවට පොඩ්ඩක් වත් කැමති වුනේ නෑ. ''නිල්මී මොකද රස්සාවක් කරන්න හිතුවේ.'' ඊ ළග කොටසින් හමු වෙමු.... sha733Super Senior MemberPosts:7332 10 Nov 2016 04:18 AM නංගි ප්රෙමදඩයමවත් බලනවද. නිකං ඒකට අනුබද්ධ වෙලා යනවා වගේ kingDVeteran MemberPosts:3405 10 Nov 2016 02:41 AM නිල්මි නගා මොකාටද එන්න හදන්නේ .... වීජී අයියත් එක්ක සෙට් වෙයිද සඳුනිVeteran MemberPosts:2462 10 Nov 2016 01:31 AM 40. වන කොටස. මියෙදෙන තුරා. '' මම බිව්වා තමා අැයි මොකද යකෝ. අපි කලා බීලා සතුටින් ඉන්න මිනිස්සු.'' '' හරි හරි තාත්තාගේ වැඩ අපට නවත්වන්න බෑ. බිව්වා නම් කෑ නොගහා ගෙට යන්න.'' '' යකෝ මම වලි සෝමේ. මොකාටද පුළුවන් මගේ කට නවත්තන්න. '' '' හරි හරි තාත්තා කෑ ගහ ගහ ඉන්න. අපි යන්නවා. ඒන්න නිල්මී අපි යමු. මගේ අතින් අතින් අල්ලා ගත් ශාමලී ගෙට අැතුල් වන්නට සැරසුනා. '' මොකද යකෝ මේ ගෙදර ලාම්පුවක් වත් පත්තු කරලා නැත්තේ. තොපි කොහෙද ගියේ.'' '' කොහේ යන්නද? ලාම්පු පත්තු කරන්නේ මොකටද ලයිට් තියෙද්දි.'' ''අෑ.. ලයිට් තියෙද?.'' '' තාත්තේ බිව්වා නම් කෑ නොගහා ඉන්න. නිල්මිණි අපේ ගෙදර ඉන්නේ කියලා තාත්තට අමතකද?'' ''මට මොන අමතකද? ඔබ නොදන්නවා වුනාට ඒකිත් අපේ ඒකියක් තමා වලව්වේ ඒකියක් නෙමේ. කුණු හැත්ත කෑවා මගේ අක්කගේ ජිවිතේ.'' ''මොනවද තාත්තේ ඔය කියවන්නේ. '' ''මම කියවන්නේද?. සම්පුර්ණ අැත්ත.'' '' විකාර කියවන්නේ නැතුව ගෙට යන්න තාත්තේ.'' ඉන් පසු ගෙට වැදුණු අපි දෙදෙනා සෝමේ මාමා මොනතරම් කියෙව්වත් එලියට අවේ නෑ. ශාමී කියා සිටියේ තාත්තා බීලා අාවම හොදම දේ තමා කතා කරන්න නොයා නෑහුනා වගේ අපි පාඩුවේ ඉන්න ඒක කියලා. කතා කරන්න ගියොත් ඒයාගේ සද්දේ තවත් වැඩි වෙනවා. ශාමලී නම් හොදට නිදා ගත්තා. සේමේ මාමා පාන්දර යාමය වෙන තෙක් තනියෙම කියවු නිසා මගේ නෙත් දෙකට නම් නිද්ද බිදක් වත් ළගාවුනේ නෑ. '' අනේ මගේ ශාමලී දුවේ. පොඩ්ඩක් මෙහෙට වරෙන්කෝ. මම බීලා කියවනවා කියලා හිතන්න ඒපා. මම බිව්වේ මේතරම් දවස් හිතේ හිර කරන් හිටි දුකක් නිසා.'' ශාමලී නම් හිටියේ බර නින්දක මට බය හිතුනේ සෝමේ මාමා ඒක පාරටම අඩන්නේ අැයි කියලා. '' අනේ නිල්මිණී දුවේ. අපේ කෙල්ලට පොඩ්ඩක් මෙහාට ඒන්න කියන්න. මට දුකයි මගේ දුවේ. මගේ දරුවන්ට මගේ ළග ඉන්න පින නෑ. මගේ දරුවෝ හැමදාම හොරු ගෙනියනවා.. ඔවුන්ට නම් හොදක් වෙන්නේ නෑ.'' ''ශාමී ශාමී..'' ''හ්ම්..'' ''නැගිටින්නකෝ.'' ''හ්ම් ..'' ''ශාමී.....'' මම ශාමලීව උරහිසෙන් සොලවා අැහැරවමින් කිව්වා. '' මො..කද නිල්මී.. නිදා ගන්...නකෝ. '' ''සෝමේ මාමා අඩනවා.'' ''අ...නේ ඒ..යා බිව්...වම ඔ...හොම තමා. සද්ද.. නැතුව නිදා.. ගන්න.'' අැය නැවතත් අනික් පසට හැරී නිදා ගත්තා. ඒවර සෝමේ මාමාටත් නින්ද ගිහින්ද කොහෙද සද්දයක් නෑ. පාන්දර දෙකට පමන මම අමාරුවෙන් නින්ද ලගා කර ගන්න පුළුවන්. පසු දින උදෑසන් සෝමේ මාමා හැසිරුනේ කිසිත් නොවුන ගානට. ඔහුට රෑ කිව් කිසිවක් මතක බවක් නම් පෙනුනේ නැ. '' තාත්තේ මම අායි වැඩට යන්න කියලා.'' '' අායි.'' උදෑසනම හුග දිනකට පසු රැවුල බාමින් සිටි සෝමේ මාමා ළගට ගොස් ශාමලී කියා සිටියා. '' ඔව් දැන් මට හොදයිනේ. අනික මගේ පුතා මගේ ළගට ගන්න මොකක් හරි දෙයක් කරන්න ඔනේ.'' ''උබේ කැමැත්තක් දුවේ. පරිස්සමින් වැඩ කරපන්. අායි රෑ වැටුන වලේ දවල් වැටෙන්නේ නැතුව.'' '' හරි තාත්තේ මම අායි මෝඩ වැඩ කරන්නේ නෑ. තාත්තාම දන්නවනේ හේෂාන් අයියා මාව රැවැට්ටුවේ නෑ.'' '' ඒක ගැන දැන් කතා කරලා වැඩක් නෑ.'' '' ඔව් තාත්තේ ඒ ගැන දැන් හිතලා වැඩක් නෑ. මම අද ඉන්ටව් යන්න කියලා.'' '' කලින් ගිය තැනමද. උබට පුළුවන්ද ඒ මිනිස්සුන්ට මුණ දෙන්න.'' '' ඊට වඩා ප්‍රශ්ණ වුන මිනිස්සු තාමත් හොදට ජීවත් වෙනවා තාත්තේ.'' ''ඒතකොට නිල්මිණි දුව.'' '' දවල්ට විතරනේ තාත්තේ මම නැත්තේ. පොඩ්ඩාත් ඒහයිනේ. විජී අයියාත් ඉන්නවානේ. තාත්තාත් මේ අහල පහළනේ ඉන්නේ. අනික වලව්වෙන් ඒන ඒකක් නෑ අායි නිල්මී හොයන්න.'' '' ඒ මොකද'' '' ඒයාලා හිතන් ඉන්නේ නිල්මී විජී අයියාව බැදලා කියලනේ.'' '' අා.. ඔව්නේ. හරි දුවේ ඒහෙනම්.'' ඒදින උදෑසනම ශාමලී උදෙන්ම පිට වි ගියා. සෝමේ මාමාත් ඉන් පසු පිට වී ගියා. මට දැනුනේ පුදුමාකාර පාළුවක්. විජී අයියා හරි පොඩ්ඩා හරි ඒයි කියලා බලන් හිටියත් කිසිවෙක් පැමිණියේ නෑ. විජී අයියා සැබවින්ම මා සමග අමනාප වී අැති බව හොදින් පැහැදිළි වුනේ පසු දිනත් නොපැමිණිම. ශාමලී දිනපතා රැකියාවට යන්න පටන් ගත්තා. මට හට නිවස තුල අැති වුනේ හරිම හුදකලා බවන්. ඉද හිට පොඩ්ඩා අැවිත් ගියත් මට දවසම නිවසේ සිටීම අපහසු වෙලා තිබුනේ. ඒක නිසාම මම නැවතත් පැරණී පොත් කීපය මුල සිට කිවන්නට පටන් ගත්තා. '' ශාමී නගා.'' ''ශාමී නගා නෑතෝ.'' විජී අයියගේ කටහඩ අැහෙද්දී මට දැනුනේ පුදුමාකාර සතුටක්. ඔහු සතියක් මෙහි නොපැමින සිටිම මට දැනුනේ හරියට අවුරුදු ගණනාවක් නොපැමිනියා වගේ. '' කෝ ශාමී නගා.'' ''ඒයා වැඩට යනවනේ දැන් . අැයි ඔයා මේ දවස් ටිකේ අාවේ නැත්තේ.''. ''මම නාදුනන කෙනෙක්නෙ. ඒකයි මම අාවෙ නැත්තේ. නිල්මී නගාට මාව විශ්වාසත් නෑනේ.'' '' අනේ ඒහෙම ඒකක් නෑ විජී අයියේ.'' '' හරි හරි නිල්මී නගා. මම රෑ වෙලා ඒන්නම් සෝමේ මාම ඒහෙම අාවම.'' '' අැයි යන්නේ. මම හරිම පාළුවෙන් ඉන්නේ මේ ගෙදර. කියවන්න පොතක් වත් නෑ පුස්තකාලයට යන්න විදියකුත් නෑ.'' ''පාළු බව දන්න නිසානේ මම ඒදා ටවුන් යන්න අඩ ගැහුවේ. දැන් ඔයා පවුලෙන් අයින් වෙලා ජීවිතේ ගැන ලොකු තීරණයක් අරන් ඉන්නේ. ඒක නිසා ඔයා තනියෙන් තමන්ගේ වැඩ කර ගන්න පුරුදු වෙන්න.'' ''තරහා වෙන්න ඒපා විජී අයියේ. ශාමී අකමැති නිසයි මම බැ කිව්වේ.'' මම කියන්න නොහිතුවත් විජී අයියා තරහා කර ගන්නට අකමැති නිසා මට ඉබේම වගේ කිය වුනා. '' ඒයා අැයි අකමැති වෙන්නේ. ඒයා ඔයාට ඒහෙම දෙයක් කිව්වද?'' ''නෑ නෑ. මොකුත් කිව්වේ නෑ. ඒත් මට තේරෙනවා ඒක.'' ''විකාර කියවන්න ඒපා නිල්මි නගා. මම යනවා.'' ඒ කතාවත් ඔහුගේ හිතේ අැති වුනේ නොරිස්සුමක්. අමනාපය හිතේ තියෙද්දිම ඔහු පිට වී ගියා. මගේ හිතේ තෙරපුනේ ලොකු දුකක්. මගේ හිත හොදටම අකිකරු වෙලා. කිසිම දෙයක් හොදක් නරකක් , යුතු නොයුත්තක් මට කල්පනා වුනේ නෑ . අඩුම තරමින් මගේ අසනිප තත්වයක් මුළුමනින්ම අමතක වී ගිහින්. මගේ හිත තුල තෙරපුනේ විජී අයියාට කේන්ති ගැනිමට මා අතින් මේතරම් සිදු වරද මොකද්ද කියලා. පසු දින දහවලේ ගස් වදුලින් සෙවන වු ලී බංකුව මත මම වඩි ගෙන වුන්නා. මහ හඩ දීගෙන අා බයිසිකලය වැට අසල නතරවුනා. මට පාලනය කර ගන්නට නොහැකි මගේ හිත මගේ දෙපා මාව වැට අසරල රැගෙන ගොස් තිබුනා. '' නිල්මී නගා අදවත් යමුද?'' ''ඔය බයික් ඒකෙද යමු කියන්නේ'' ''ඔව් අැයි හොද නැද්ද?.'' ''අනේ මන්දා.'' ''අපිට ඉතින් සැප කාර් නෑ සුමේධ අයියට වගේ..'' '' ඔයා කොහොමද සුමේධ අයියා ගැන දන්නේ.'' '' මට පොඩ්ඩා කිව්වා.'' '' ඒහෙමද?'' මට ලොකු අපහසුතාවයක් දැනුනේ පොඩ්ඩා හිතන් හිටියේ මම සුමේධ අයියාට අාදරෙයි කියලා. ඒයා නම් විජී අයියට සුමේධ අයියා ගැන කිව්වේ. අනිවාරෙන් මම සුමේධ අයියට අාදරය කලා ශාමී වෙනුවෙන් ඒ හැම දේම කැප කලා කියන්න අැති. කවදා හරි දවසක අායෙත් සුමේධ අයියායි මාවයි ඒකතු කරන්න ඔනේ කියලත් කියන්න අැති. අයියෝ මම සුමේධ අයියට අාදරේ කලේ නෑ විජී අයියේ. මට ඒහෙම කියලා කෑ ගහන්න හිතුනා. ඊ ළග කොටසින් හමු වෙමු. kingDVeteran MemberPosts:3405 09 Nov 2016 11:13 PM Posted By සඳුනි on 09 Nov 2016 09:12 AM හී හා හා. අද කරනට් තිබුනේ නෑ. රෑ දාන්නම් කොටස් දෙකක්. එක කොටසක් වත් දාල නෑ ..තාම රෑ උනේ නැද්ද ..හ්හ් ... සඳුනිVeteran MemberPosts:2462 09 Nov 2016 02:19 PM ගොඩක් ස්තූතියි සදා අක්කේ SandaNew MemberPosts:69 09 Nov 2016 09:47 AM Math me kathawa harima asawen kiyawamin yanne.....kathawa lassanata liyala thiyenawa.....Sanduni nangi 😘 සඳුනිVeteran MemberPosts:2462 09 Nov 2016 09:12 AM හී හා හා. අද කරනට් තිබුනේ නෑ. රෑ දාන්නම් කොටස් දෙකක්. sha733Super Senior MemberPosts:7332 09 Nov 2016 03:19 AM රජ අණ අනුව ක්‍රියා කරන්න 200 න් උනත් ඔන්න ඔහෙ කමක් නැහැ kingDVeteran MemberPosts:3405 09 Nov 2016 02:23 AM 50 න් බැරිනම් 100 න් හරි කමක් නෑ ඉවර කරන්න...දැන් ඊළග කොටස දාන්න ඉක්මනට ... සඳුනිVeteran MemberPosts:2462 09 Nov 2016 01:54 AM ඉක්මනට ඉවර කරනවටද කැමති. ඒ්ෆ් බී කට්ටිය කැමතා කතාව දිග්ගැස්සෙනවට. 50 න් ඉවර කරන්න ඒපාලු. sha733Super Senior MemberPosts:7332 09 Nov 2016 12:09 AM අද තමා කියවන්න පුලුවන් උනේ හරි ලස්සනයි කථාව අදින්න දන්නෙම නැහැ නේද RosiSuper Senior MemberPosts:5335 08 Nov 2016 05:31 PM අනේ මට නම් කියවන්න වෙලා මදි ...එත් ඔයාගේ මහන්සියට ගොඩාක් ස්තුති නගෝ ...අපේ කට්ටිය දාන කොමෙන්ට්ස් වලින් හිතා ගත්ත හැකි කොච්චර රසවත්ද කියලා DushanVeteran MemberPosts:2536 08 Nov 2016 08:55 AM එහෙනම් ඉක්මනටම අනිත් කොටස දාන්නකෝ බලන්න සඳුනිVeteran MemberPosts:2462 08 Nov 2016 08:48 AM බලමු..... DushanVeteran MemberPosts:2536 08 Nov 2016 08:36 AM දැන් නම් කතාව හොදට යනවා වගේ ඒ සැරේ මොකද හොදට හිටපු මනුස්සයා බීගෙන ඇවිත් තියෙන්නේ සඳුනිVeteran MemberPosts:2462 08 Nov 2016 04:59 AM මුළ ඉදන් කියවන්න. මල්කී අක්කේ මම කට්ටියව පටටලලා තියෙන්නේ. මැද ඉදන් කියෙව්වොත් ගතියක් නෑ malkiBasic MemberPosts:216 08 Nov 2016 04:57 AM Lassana katawak wage Saduni...kiyawanna deyak natuwa hitiye...tnx සඳුනිVeteran MemberPosts:2462 08 Nov 2016 04:26 AM 39. වන කොටස... මියෙදෙන තුරා.. මට මම ගැනම අැති වුයේ කේන්තියක්. මියෙදෙන්නට සිටින බව දැන දැනත් මගේ හිතේ මේ අැති වෙන්නේ වැරදි හැගීමක්. මම ඔවුනගේ දර්ශනයෙන් නෙත් අහකට ගත්තා. '' ශාමී නගා මම මේ නිල්මී නගාව රවුමක් ඒක්ක යන්න හැදුවේ හෙට. පොළ දැකලත් නෑ කිව්වනේ'' ''ඒහෙමද ඒත්. නිල්මීලගේ ගෙදර කවුරුත් දැක්කොත්'' ශාමී මේ ගමනට අකමැතී ඒ කියන්නේ ශාමීගේ හිතේ විජී අයියා ඉන්නවා. මම මේ ගමනට අකමැති වෙනවා. මට ඔනේ නෑ ශාමී දුක් වෙනවා දකින්න. කොච්චර වුණත් මම තමා ඒයාලා අතරට අා අතරමැදියා. මට පුළුවන් මම ජීවත් වෙන ටික කාලේ ඒයාලා සතුටින් ඉන්නවා දැකලා සතුටු වෙන්න. ''දකින ඒකේ නම් කිසි අවුලක් නෑ ශාමි නගා. කට්ටියම හිතන් ඉන්නේ මම කුමාරිහාමිගේ නීත්‍යානුකූල ස්වාමියා කියලනේ. '' '' ඒකත් අැත්ත.'' ශාමිගේ හිතේ ඒ ගැන කිසිම කැමැත්තක් නැහැ. විජී අයියා මට ලං වෙයි කියලා බයක් ඒයාට අැති .මම අනුමාන කලා. ''අනේ මට ඒන්න බෑ විජී අයියේ.'' ''පිස්සු නැතුව ලැස්තිවෙලා ඉන්න නිල්මී නගා. කිසි ප්‍රශ්නයක් අැති වෙන්නේ නෑ.'' ''ඒහෙම ඒකක් නෑ. මට අැවිදින්න යන්න බෑ.'' ''හරි හරි මාව විශ්වාස නැතුව අැතිනේ. කාගේ කවුද ,කොහෙන් අාවද ,කියලා වත් ඔයාලා දන්නේ නෑනේ. ඉතිං අවිස්වාස කරන ඒක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.'' ''අනේ ඒහෙම නෑ විජී අයියේ.'' '' හරි හරි මම යනවා. සුභ රාත්‍රියක් ශාමී නගා.'' ඔහු පිට වුනේ මා සමග අමනාපයෙන් බව මට වැටහුනාත් කළ යුතු දෙයක් නෑ. කමක් නෑ ඔහුට මා ඒපා වෙන ඒකත් හොදයි .නැත්තම් ඒක ශාමීට ප්‍රශ්නයක් වෙයි. '' මොනදව නිල්මී කල්පනා කරන්නේ. අැයි විජී අයියගේ හිත රිද්දුවේ.'' '' අනේ මන්දා මට යන්න අාසාවක් නෑ.'' හිතකින් රිද්දුවා නෙමෙයි. මම මොනතරම් අාසද විජී අයියා ඒක්ක ඔය ගමන යන්න. ඒත් ඔයාගේ හිත රිද්දන්න බැරි නිසයි මම ඒයාගේ හිත රිදුදවේ. කියලා කියන්නට හිත කීවත් මම ඒ හැගීම යටපත් කර ගත්තා. '' විජී අයියා කාගේ කවුරු වුනත් ඒයා ගැන අවිශ්වස කරන්න ඔනේ නෑ නිල්මී. මම ඒයාව දන්නේ මම අසනිප වෙන්නත් කලින්. මට දරුවා ලැබෙන්න ඉන්න කාලේ ඉදන්. ඒයා මම වෙනුවෙන් මොන තරම් දේවල් කරලා තියෙද? මගේ දරුවා වෙනුවෙන් මොන තරම් දේවල් කරලා තියෙද? පුතාටත් පණ වගේ අාදරෙයි. නිතර දකින්න හිටියේ විජී අයියා නිසා පුතා විජී අයියට තාත්තා කියන්නත් පටන් අරන් හිටියේ.'' අැගේ වර්ණනාව මට පැහැදිළි කලා, විජී අයියා මටත් වඩා අැයට මොන තරම් ළගද කියලා. මටත් වඩා විජි අයියා අැයට මොන තරම් වටිනවද කියලා.'' ඔයා විජී අයියට අාදරේ කරනවද ශාමි'' කියලා අහන්න මගේ මුවගට කීපවරක්ම වචන ගලන් අාවා. මම දන්නවා ඒකට ලැබෙන පිළිතුරු. අැගේ මුවින් ඒය අසා ගැනීමෙන් මට ලැබෙන්නේ තවත් වේදනාවක් පමණයි. ඒක නිසාම මම නිහඩ වුනා. '' නිල්මි... මොකද සද්ද නැත්තේ.'' ''හේෂාන්ට මොකද වුනේ ශාමී.'' ''ඒයා රට ගිහින් කියලා තමා නිල්මී අාරංචී වුනේ.'' ''අායි ලංකාවට ඒන්නේ නැද්ද?'' මම ඒ දෙවල් අහන්නේ යටි අරමුණකින් කියලා මම දන්නවා. කෙතරම් සිත පාලනය කර ගන්නට සිතුවත් , නොදැනීම මගේ හැගීම් වචන බවට පෙරළෙනවා. '' ඒයිද දන්නේ නෑ නිල්මි. පුතා අරන් යන්න ඒයි සමහර විට. පුතා තාම ඉන්නේ හේෂාන් අයියලගේ මහ ගෙදර.'' '' අැයි ඒහෙනම් දරුවව අපි ගෙන්න යන්නේ නැත්තේ.'' '' විජී අයියා කීපසැරයක්ම ගියා නිල්මී. උන් සල්ලීකාරයෝ. අපිට බෑ උන් ඒක්ක හැප්පෙන්න . ඒත් මම උසාවී ගිහින් හරි මගේ පුතාව මගේ ළගට ගන්නවා.'' '' ඒයාලට ඔයාව ඒපා නම් දරුවා ඔනේ අැයි.'' ''මම දන්නේ නෑ නිල්මී.'' ''අැයි අපි පොළිසි නොයන්නේ.'' ''ඒවට වියදම් කරන්න සල්ලි කෝ අපිට. මම තව ටික දවසකින් අායි පැක්ට්‍රියේ වැඩට යන්න ඉන්නේ. ඒත් මට ඒතන වැඩ කරන්න බෑ හේෂාන් අයියාගේ මතකයනුත් ඒක්ක.'' '' ඒ කියන්නේ හේෂාන් කියන්නේ ඔයා වැඩකරපු තැන කෙනෙක්ද?'' මම අැගේ පැත්තට හැරී විමසුවේ ඒ කතාව දැන ගන්නට මට තිබු නොඉවසිල්ල නිසයි. ''ඔව් ඒයා මම වැඩ කරපු පැක්ට්‍රියේ සර් කෙනෙක්.'' ''අනේ ඉතිං ඔය සර්ලා විශ්වාස කරන්න බෑ කියලා හිතුනේ නැද්ද ශාමී.'' ''හිතුවා හිතුවා නිල්මී. ඒයා මම වෙනුවෙන් හුගක් කල් බලන් හිටියා. ඒයා අවංකවම මට අාදරේ කළා.'' ''ඒහෙනම් අැයි ඒයා ඔයාව තනි කලේ.'' ''ඒක ඒයාගේ වරදක් නෙමෙයි නිල්මී. මට ඒයා ඒක්ක නිසිම තරහක් නෑ. මම දන්නවා කොහේ හිටියත් ඒයා මට අාදරෙයි. ඒත් ඒයාව මට කවදාවත්ම ලැබෙන්නේ නෑ කියන ඒක නම් මම ස්ථීරවම දන්නවා.'' ''මට සේරම පැටලිලා ශාමී. ඒයා අවංක නම් ඔයා තනිවෙන්න විදියක් නෑ.'' '' ඔව් ඒයා හොද කෙනෙක්. හේෂාන් අයියා මගෙන් අාදරේ ඉල්ලුවේ මම මුලින්ම වැඩට ගිය කාලේ. ඒත් මම කැමති වුනේ නෑ මම දුප්පත් කෙල්ලෙක්. මට මල්ලිට උගන්වන්නත් තිබුනා. අනිත ඔය පොහොත් මිනිස්සු විශ්වාස කරන්නත් බෑ.'' ''ඉතිං'' ''පස්සේ අවුරුදු තුනක් ගෙවුනත් ඒයා මගෙන් අෑත් වුනේ නැ .සර් වුනත් මට හේෂාන් අයියා හොදම යාළුවෙක් වෙලා හිටියා ඒ වෙනකොට. ඒයාගේ හැමදේම වගේ මාත් ඒක්ක නිතර කිව්වා. මගේ හැම දෙයක්මත් ඒයා දැනන් වුන්නා. පැක්ට්‍රිය පුරාම පැතිරිලා තිබුනේ අපි අාදරවන්තයෝ කියලා. ඒත් අපි අතර ඒහෙම බැදීමක් තිබුනේ නෑ.'' ''හ්ම්'' ''මල්ලී ඒ දවස් වල කැම්පස් යනවා. ඒයා ඒ වැඩ වලටත් සල්ලී වියදම් කලා. මට ඒයාගේ හැගීමක් නොතිබුනා නෙමෙයි. ඒත් මම ඒ හැගීම ඒයාට පෙන්නුවේ නෑ. අපි දෙන්නා අහසයි පෝළවයි වගේ නිසා.'' '' පස්සේ අැයි ඔයා කැමති වුනේ.'' '' හේෂාන් අයියා අපේ ගෙරට අැවිත් තාත්තාට යෝජනාව ගැන කිව්වා. තාත්තාත් කිව්වා. ඔය ළමයා ගෙදරින් කැමැත්ත අරන් ඒන්න මගේ අකමැත්තක් නෑ කියලා.'' ''ඉතිං ඒයාලගේ ගෙදරින් කැමති වුනාද?'' '' නෑ හේෂාන් අයියා මගෙන් කල් ඉල්ලුවා. කවුරු අකමැති වුනත් ඒයා මාව බදිනවා කියලත් ඒයා මට පොරොන්දු වුනා. හේෂාන් අයියා මාත් ඒක්කම ගිහින් මගේ නමට ඉඩමක් ගත්තා. අපි ඒකේ ගෙයක් හදන්න පටන් ගත්තා.'' ''හේෂාන්ලගේ ගෙදරට ඔවා අාරංචී වුනේ නැද්ද?'' ''මොකද නැත්තේ . ඒ මිනිස්සු නොකරපු දෙයක් නෑ මේ සම්බන්දේ නවත් වන්න. ඒත් හේෂාන් අයියා වෙනස් වුනේ නෑ. අපේ සම්බන්ධයත් ඒ වෙනකොට හොදටම දුර දිග ගිහින් තිබුනේ.'' ''ඊට පස්සේ.'' ''පස්සේ හේෂාන් අයියා ඒක පාරටම වැඩට ඒන ඒක නතර වුනා. අපි දෙන්නා හොරෙන්ම කසාදය රෙජිස්ටර්කරන්න සුදානමින් ඉද්දි ඒක ඒයාලගේ ගෙදරට අාරංචී වෙලා තිබුනා. මට ඒයාව හම්බෙන්න විදිහකුත් නෑ. අන්තිමේදි මට අාරංචි වුනා ඒයා රට ගිහින් බව.'' '' ඒය ඔයාව රවට්ටලා ශාමී.'' ''නෑ නෑ ඒයා මා රැවැට්ටුවේ නෑ. ඒක ඒයාට ගෙදරින් වුන බලපෑමක් වෙන්න අැති.'' '' පුතා හම්බුනේ කොයි කාලෙද?'' ''හේෂාන් අයියා රට ගිහින් සතියක් යද්දී මම හොදටම අසනීප වුනා. වැඩකරන තැනට මූණ දෙන්නත් බැරි නිසා මම වැඩට යන ඒකත් අත් අැරලා දැම්මා. බෙහෙත් ගන්න ගියාම තමා දැන ගත්තේ මට පුතා ලැබෙන්න කියලා. තනි ගෑණියෙක් වෙලා දරුවෙක් ලැබෙන්න යන ඒක ගැන, ලොකේ මිනිස්සු මට මොනවා කියයිද කියන ඒක ගැන මට හිතුනේ නෑ. මම හේෂාන් අයියාගෙන් මට ඉතුරු වුන ඒකම දේට අාදරේ කලා. මම මගේ පුතාව මේ ලෝකෙට ගෙනාවා. ඔය ප්‍රශ්න මැද්දේ ඉද්දි තමා මට අහම්බෙන් විජි අයියා හම්බ වුනේ.'' ''හ්ම්'' ''පස්සේ හැම දෙකදිම විජි අයියා මට උදවු කලා. හේෂාන් අයියා දැනන් හිටියේ නෑ අපේ පුතා මේ ලෝකෙට ඒනකන්ම ඒයා තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා.'' '' ඒතකොට කොහොමද පුතා ඒයාලා ළගට ගියේ.'' '' පස්සේ හේෂාන් අයියාගේ යාළුවක් මට අහම්බෙන් හම්බුනා පුතාට බෙහෙත් විදින්න ස්පිරිතාලෙට ගිය වෙලේ. ඒයා තමා හේෂාන් අයියට විස්තරය කියන්න අැතිතේ. මොන දේ තිබුණත් මම පණ වගේ අාදරේ කරපු හේෂාන් අයියව මට නැති වුන දුකින් හෙම්බත්වෙලා මම හිටියේ. මීට මාස හතරකට කලින් දවසක හේෂාන් අයියලාගේ කට්ටිය අැවිත් දරුවා අරන් ගියා.'' '' ඒක පාරටම .'' ''ඔව් හේෂින් අයියට හිටියේ අක්කෙක් විතරයි. මොන සැප සම්පත් තිබුණත් බැදලා අවුරුදු අටක් ගත වෙලත් ඒ අක්කට දර්වෝ හිටියේ නෑ. ඒක නිසා ඒයාලට හේෂාන් අයියාගේ ලෙයින් හැදුන දරුවා හුගත් වටිනවා. පුතාට නම් හැමෝම පණ වගේ අාදරෙයි. ඒත් ඒයා මගේ පුතා . මම කොහොමද ඒයා නැතුව ඉන්නේ.'' ''පුදුම මිනිස්සුනේ.'' '' අනේ මගේ පුතාව මට ඔනේ නිල්මි'' මෙතරම් වෙලා නෙතින් වෑස්සෙමින් තිබු කදුළු වේගවත් වෙද්දි අැය මගේ අැගට වාරූ වුනා. මට අැය ගැන දැනුනේ හරිම වේදනාවක්. '' කවුද යකේ ගෙදර ඉන්නේ ලාම්පුවක් පත්තු කරන්න ඒකෙක් වත් නැද්ද? මම වලි සොමේ තමයි යකෝ.'' '' තාත්තේ මොකද මේ බිලා.'' ඊ ළග කොටසින් හමුවෙමු.... සඳුනිVeteran MemberPosts:2462 08 Nov 2016 12:53 AM හී තුං කොන් අාදරයක්. සමකොණී ත්‍රිකෝණයකී. හී ශාමී නගාටද? නිල්මී නගාටද? විජී අයියා සෙට් කරන්න ඔනේ. sha733Super Senior MemberPosts:7332 08 Nov 2016 12:38 AM ඔන්න යාලුවෝ දෙන්න නයි මුගටි වෙන්න යන්නේ පුතේ Ind007kaMost Senior MemberPosts:12931 07 Nov 2016 11:17 PM පව් බන් අහින්සක විජියා kingDVeteran MemberPosts:3405 07 Nov 2016 10:45 PM Posted By Ind007ka on 07 Nov 2016 10:38 PM ශාමි යන්න දෙයිද? වීජී අයියට දෙන්නම ලව් වගේ .. නේද බන් ... Ind007kaMost Senior MemberPosts:12931 07 Nov 2016 10:38 PM ශාමි යන්න දෙයිද? kingDVeteran MemberPosts:3405 07 Nov 2016 10:35 PM මට හිතුන වීජී අයියා සීන් එකට එන්ටර් වෙන බව.. මන් ඒත් බැලුව එන්න පරක්කු ඇයි කියලා ....... සඳුනිVeteran MemberPosts:2462 07 Nov 2016 04:58 PM 38. වන කොටස. මියෙදෙන තුරා..... මට නැවත සිහි එන විට මම වුන්නේ කාගේ හරි සවිමත් දෑතක් මත. යන්තමින් බොදවු රූපයක් මට පෙනුනත් කවුද කියා අදුරා ගන්න තරම් ඒ පෙනීම සමත් වුනේ නැ. නමුත් සියල්ලන්ගේ කටහඩවල් කෑ ගැසීම් මට අෑතින් වගේ අැහුනා. '' යකෝ මූට කොහෙන් අපු හයියද්ද මේ. දාපන් ලොකු අක්කව අැතුළට.'' '' මේ අැමති බේබී මට කියලා මුළු පට්ටන්දරයම දිගෑර ගන්නේ නැතුව මෙතනින් ගියානම් හොදයි.'' '' උබට මොකද්ද තියෙන අයිතිය අපේ ඒකීව මෙහෙ තියා ගන්න.'' ''අැමති බේබී නැට්ට පාගන් වගේ.'' වදන් ඒකින් ඒක අැහෙද්දී මම දැන ගත්තා මම ඉන්නේ විජී අයියාගේ දෑත මත කියලා. තද ඔලුවේ කැක්කුමත්, සිරුරේ අප්‍රාණික බවත් නිසා මට දෑස් අරින්නට සිත් වුනේ නෑ. තවමත් තදින් දැනුන පපුවේ වේදනාව මට දරා සිටීම අපහසු වුනා. මද සිහියක් තිබු නිසා වැටේවි කියා බයෙක් දැනුන නිසා මම පොඩි දරුවෙක් වගේ විජී අයියගේ කර වටා අතක් දමා ගත්තා. '' අැයි නිල්මී නගා. ඉක්මණට යමු අැතුළට.'' '' ම..ට... අ...මාරු....යි''. විජී අයියා මාව උස්සගෙන කොහොට හරි රැගෙන යන බව මට දැනුනා. '' ඒ අඩෝ මාව කැබ් ඒකෙන් බස්සන්නේ නැතුව දාපන් ඔකිව කැබ් ඒක අැතුළට.'' ''ඔහෙලගේ කවුරුත් මෙහෙ නෑ. දැන් නිල්මී නගා අයිති මට.'' '' අප්පට සිරි කවදද නගා වුනේ.'' '' අැයි අැමති බේබී දන්නේ නෑ වගේ. මේ මගේ කසාද බිරිද?''. වෙන මොනවා නොඅැසුනත් මට ඒ වචනය නම් හොදටම අැසුනා. අැයි විජී අයියා ඒහෙම කිව්වේ. මට දැනුනේ පුදුමයක්. නමුත් යටි හිතට මට වටහා ගන්නට නොහැකි සතුටක් දැනුන බව නම් මටත් අපැහැදිලි කරුනක්. '' ඒකත් ඒහෙමද?. නැගහල්ලා වාහනේට . අපි යමන් යන්න. ඒක ඒකාගේ ගෑනු අපට ගෙනියන්න ඔනේ නෑ.'' '' අාන් ඒහෙම යන ඒක තමා හොද? පවු මේ අහිංසකයන්ට බේත් ටිකක් වත් අරන් දෙනවා. තමුසෙලා සැප පුටු වල ඉද්දී මේ අහිංසකයෝ උබලා නිසා ඒක ඒකාගෙන් ගුටි කනවා.'' විජී අයියාගේ කතාවෙන් තේරුනේ, චිත්‍රපට වල වීරයෙක් වගේ ලොකු මල්ලියේ ගෝලබාලයින්ට පහර දීලා මාව බේර ගෙන තියෙන්නේ කියලා. ''උබ ඔකිව බැද ගත්තට කමක් නෑ. අපිට නෑ කම් කියන්න වත් , දෑවැද්ද ඉල්ලන් වත් ඒන්න ඒපා. මොකද අපේ ලොකු අක්කා මැරිලා ඉවරයි . අපි අද හෙටම දානයක් දෙනවා.'' '' මගේ බල්ලාවත් ඒන්නේ නෑ උබලගේ කකුල් ලොවන්න. මට කියලා උබගේ දානේ දෙන්න ගෙදර උන්ට අවස්ථාව හදලා දෙන්න කලින් ගියා නම් තමා හොද?'' '' යමං'' ඉන් පසු මහ හඩ නගාගෙන වාහන පෙළ නික්ම ගිය බව මට අැහුනා. '' අනේ නිල්මී. අනේ වෙලාවට විජී අයියා අාවේ. නැත්තම් අර නරුමයෝ අපේ නිල්මිව අරන් යනවා. '' හරි හරි ශාමී නගා. අැද හදන්න නිල්මි නගාව තියන්න.'' '' හරි විජී අයියේ.'' ඔවුන් මාව අැද මත හාන්සි කරවා දිය බිදු කිපයක් මුහුණට ඉසිනු ලරබුවා. '' දැන් හොදයි නේද නිල්මී නගා.'' ''ප.. පුව රි..දෙන..වා.'' ''අනේ අැයි නිල්මී.'' අැදේ මා අසලින්ම ඉදගත් ශාමී මගේ පපුව අත ගාන්න ගත්තා . අැගේ මුහුනේ තිබුනේ මට දැනෙනවටත් වඩා ලොකු වේදනාවක්. මාස දෙකකට පසු මතු වූ වේදනාව මට අමතකව යමින් තිබු මරණය නැවත සිහි කැදවනු ලැබුවා. '' තවත් රිදෙනවද නිල්මී.'' '' දැ...න් ටික...ක් අඩු...යි.'' '' ශාමී නගා ඔයාගේ අත තුවාල වෙලානේ. මේ ලේ ඒනවා'' '' අරුන් තල්ලු කරපු පාරට මම වැටුණනේ. වැලමිට අැනුනා. වැඩිය රිදෙන්නේ නෑ විජී අයියේ.'' මම අමාරුවෙන් හිස උසවා අැගේ අත දෙස බැලුවා. වැළමිට අසල විශාල පෙදෙසක් සීරිලා. වැලි කැට අැණී අැති වු කුඩා කුඩා සිදුරු වලින් ලේ බිදු මතු වෙලා. මට දැනුනේ මං ගැනම කළකිරිමක්. මෙතරම් වෙලා හිතේ තද කර ගෙන වුන වේදනාව කදුළු බවට පත් වී දෙනෙක් වලින් රුරා වැටුනේ මොර ගෙඩි වගේ. '' අනේ අැයි නිල්මි අඩන්නේ.'' ''ඔයාලට මේ සේරම කරදර මම නිසා'' '' ඒහෙම කියන්න ඒපා නිල්මියෝ. ඔයාව අපිට හුගක් වටිනවා. ඔයා අපිට වදයක් නෙමෙ. ඔයා නිසා තමා මම අද දෙපයින් අැවිදින්නේ. ඔයා මං වෙනුවෙන් හැම දේම කැප නොකරන්න මම මෙලහට පොළවට පස් වෙලා.'' ''අනේ විජි අයියේ ශාමීගේ තුවාලෙට බේත් ටිකක් දාන්න.'' ''අනේ ඔනේ නෑ. මේක පොඩි සීරීමක්නේ.'' ''මෙන්න මෙහෙ ඒන්න ශාමී නගා පණ්ඩිත කම් නැතුව . තව ලේ ඒනවා.'' විජී අයියා බලෙන්ම වගේ තුවාලය පිරිසිදු කරලා, බෙහෙත් වර්ගයක් අාලේප කලා. හිසේ බර ගතිය හැරුණ කොට දැන් මට වෙන අපහසුතාවක් නොදැනුන නිසා අැද මත වාඩී වුණා. '' ඒ පාර කොහෙද නිල්මී නගා යන්න හදන්නේ.'' '' මට දැන් හොදයි අනේ''. ''සොරි නගා මට ඔයාලගේ අැමති මල්ලිට ලොකු බොරුවක් කියන්න වුනා.' ''ඒ මොකද්ද?'' මම හොදටම දන්නවා ඔහු ඔය කියන්නේ මම ඒයාගේ විවාහක බිරිද කතාව වෙන්න ඔනේ බව. මගේ හිත හුගක් අාස වුණා ඒයාගේ කටින්ම අායි අායි ඒ වචන පෙළ අහ ගන්න. මට මේ මොනවා වෙලාද කියලා . මටම මමගැන කේන්ති . '' මම ඔයාව මැරි කරා කිව්ව කතාව.'' '' ඒකට කමක් නෑ. අැයි ඒත් ඔයා ඒහෙම කිව්වේ.'' '' ඔයා වෙනුවෙන්.'' '' මම වෙනුවෙන්'' ''ඔව්. දැන් අැමති බේබී අායි කවදාවක් නිල්මී නගා හොයන් ඒන්නේ නෑ. මොකද ඒයා හිතන්නේ ඔයා හිතුවක්කාර කමට මාව බැද ගත්තා කියලා.'' '' ඒක හොදයි. නැත්තම් මාව ගෙනියන්න අායිත් ඒයි.'' ඉන් පසු උදා වු සමය නම් බොහොම සාමකාමී. ලොකු මල්ලී කියා ගිය අයුරින්ම ගෙදර මා වෙනුවෙන් දානයක් පැවැත්වු බව පොඩ්ඩා අපිත් ඒක්ක කිව්වා. සියල්ලන්ම මට බැන වදිනවලු සැපට ඉන්න තිබුනා සුමේධ ළමයව මැරි කලා නම්, දැන් කොහෙද යන හිගන්නෙක් බැදගෙන දුක් විදිනවා කියලා. සැබවින්ම මගෙ හිත තුළ කැකැරෙන්නේ අමුතුම හැගුම් පොදියක්. ඒක මට කිසිදා නොදැනුන නමුත් සුන්දරම සුන්දර හැගීමක්. ඒත් ඉතින් නිතරම මගේ හිත පුංචී ඊර්ශ්යාවකින් වැහිලා ගියේ. ඒ හැගීම මට අයිති නෑ කියලා දන්න නිසා. '' නිල්මී නගා කම්මැලි නැද්ද ගෙදරටම වෙලා ඉන්න.'' දවසක් මම සැදෑවරුවක මිදුලෙහි කොනක අටවා තිබු ලෑලි ගසා සෑදු බංකුවක් මත වාඩි ගෙන නිසොල්මන්ව ඉදිද්දි,විජී අයියා ඒතනට පැමිණ මගේ හුදකලාව බිද දැමුවා. '' කම්මැලී නම් තමා විජී අයියේ. කොහෙ කියලා යන්නද?. මට ගෙදර ඉන්නවට වඩා නම් මෙහෙ හුගක් හොදයි.'' ''හ්ම්. කෝ ශාමී නගා'' '' තේ ඒකක් හදන් ඒන්න කියලා ගියා.'' ''ගාමී නගා. මමත් ඉන්නවා හොදේ.'' ශාමලිට ඔහු අා බව හඩ ගා කිවු ඔහු. මා හිද සිටි බංකුවේම කොනක වාඩි වී මා දෙස බැලුවා. '' නිල්මී නගා.'' ''හ්ම්.'' ''ඒනවද මාත් ඒක්ක රවුමක් යන්න.'' ''මම'' ''ඔව් අකමැතිද මාත් ඒක්ක යන්න.'' '' නෑ නෑ අකමැත්තක් නෑ. කොහෙද යන්නේ.'' ''ඉබ්බා දියට දැම්මම අැන්නෑවේ කිව්වලු'' මගේ හිත ඉල්ලන්නෙත් ඒක බව මම දන්නවා . ඒ නිසා දෙවරක් නොසිතාම කැමැත්ත ප්‍රකාශ කලා. '' කොහේ හරි.'' '' ඒ කිව්වේ.'' '' ඔයා පොළේ ගිහින් නෑ කිව්වනේ . හෙට පොළ. හෙට යමු මාත් ඒක්ක.'' හදිස්සියෙම මතක් වු වැදගත් කාරනයක් සේ ඔහු මා දෙසට නැඹුරු වී රහසින් වගේ කිව්වා. අැත්තටම විජී අයියා මට අාදරේ කරනවා වත්ද? '' ශාමි යන්න දෙයිද?'' ''විජි අයියා ඔයත් අාවද?. අයියෝ මම තේ දෙකයි හැදුවේ. අවුලක් නෑ අපි දෙන්න ඒක තේ ඒක බෙදන් බොමු.'' හිත තුළ අැතිව තිබූ නැවුම් හැගුම පහව, මේ සිදු වීම ගැන අකමැත්තක් සිත පහල වුනා.ශාමී විජි අයියට අාදෙරෙයි වගේ.; ඊ ළග කොටසින් හමු වෙමු.. kingDVeteran MemberPosts:3405 07 Nov 2016 05:22 AM හෙට කියවන්න... හ්හ් හ්හ් හ්හ් .. සඳුනිVeteran MemberPosts:2462 07 Nov 2016 03:33 AM බෑ අද රෑ තමා දාන්නේ ඊ ළග කොටස හෙට කිවන්න රජ තුමනී Ind007kaMost Senior MemberPosts:12931 07 Nov 2016 02:10 AM පව් අනේ ලොකු බෙබි kingDVeteran MemberPosts:3405 07 Nov 2016 01:31 AM අයියෝ දාන්නකො ඉක්මනට ........ සඳුනිVeteran MemberPosts:2462 07 Nov 2016 01:15 AM ඊ ළග කොටසින් හමු වෙමු kingDVeteran MemberPosts:3405 07 Nov 2016 01:10 AM අනේ පව් ලොකු බේබි...ඔත්පල වෙයිද සඳුනිVeteran MemberPosts:2462 06 Nov 2016 11:45 AM 37. වන කොටස. මියෙදෙන තුරා.. ''ඔයා නිසා නෙමෙයි ශාමී. ඒක මගේ නොලැබීම. චුටි දූ දවස් ගානක් රණ්ඩු කරන්න අැති මාව ඉල්ලලා. සුමේධ අයියා කොහොම නලවා ගත්තද දන්නෑ.'' අපි දෙදෙනාම අපෙන් අැත් වූ දරුවන් පිළිබද කතා කරමින් දුක් වුනා. මගේ හිත මට දොස් නැගුවේ දැන් බොරුවට නඩා ඉන්නවා. ඔයා විහින් මයි දරුවෝ දෙන්නයි සුමේධ අයියයි නැති කර ගත්තේ කියලා. මට සමාව දෙන්න දෙවියනේ මම කරන්න දෙයක් නැති නිසාමයි ඒයාලගෙන් අෑත් වුනේ. මම අාස නෑ මගේ මරණය නිසා ඔවුන් වේදනා විදිනවා දකින්න. දැන් ඒයාලට වැඩි කල් යන්න කලින් මාව අමතක වෙයි. දැන් ඒයාලා ලංකාවෙත් නැහැනේ. මම මගේ හිතේ දොස් පැවරීම යටත් කර ගැණිමට හේතු ඉදිරිපත් කළා. ''ශාමී නගා... නිල්මී නගා....' අපි දෙදෙනාටම අමතමින් ගෙට ගොඩ වන්නේ විජී අයියා බව කටහඩින්ම අපි අදුර ගත්තා. මම මේම නිවසෙහි වෙසෙන බව ගෙදර අාරංචී වී අැති බවත් පොඩ්ඩාගෙන් දැන ගන්නට ලැබුනා. නමුත් ඔවුන් මා සොයා නොපැමිණිම මට ලොකු සහනක් වුනා. මම දැන් නිවසින් පිට වී මාස දෙකක් ගත වී තිබුනා. නිවැසියන් මා වැනි දරුවෙක් සිටිනා බවද පහසුවෙන් අමතක කර අැති බව පොඩ්ඩා කිව්වා. කාටවත්ම මගේ නමවත් කීමට ඉඩ නොදෙන බවත් ඔහු පැවසුවා. මට ඔවුන් ගැන පුදුමයක් නැහැ. පුංචී මල්ලී අමතක කර දැමු අාකාරයටම මාවත් අමතක කරන්නට අැතැයි සිතා මම සිත සනසා ගත්තා. ''කෝ මේ දෙන්නා..'' කෙලින්ම අපි සොයාගෙන් ඔහු කුස්සිය දෙසට අාවා. ශාමලිත් මමත් හිටියේ රාත්‍රියට කන්නට ඉදි අාප්ප පිසිමින්. මම ඉදි අාප්ප පිසීම දැකවත් තිබුනේ නෑ. ශාමලී මට ඉදි අාප්ප හදන අාකාරය කියා දුන්නා. දැන් මට හුගක් අාහාර වර්ග නිවැරදිව පිස ගැනිමේ හැකියා ලැබී තියෙන්නේ මෙහෙ නවතින්න අා නිසා. '' අද රෑට ඉදි අාප්පද?'' '' ඔව් අැයි අකමැතිද?'' '' අපෝ නෑ . මටත් ඒක්කද හදන්නේ.'' '' නැතුව ඔයාටත් ඒක්ක තමයි මේ ගෙදර හැම කෑමක්ම ඉදෙන්නේ.'' ශාමලී ඒ බව කිව්වේ තරමක් අමනාපයෙන්.සැමදා ඔහු අාවත් නාවක් ඔහු වෙනුවෙන් පංගුව වෙන් කර තබන අැයට ඒය වේදනාවක් වන්නට අැති. '' අපෝ කේන්ති ගන්න දෙයක් කිව්වේ නෑ . නේද නිල්මී නගා.'' ''ඔයා නම් හරි නරකයි විජී අයියේ.'' ''ඔව් මම හරි නරකයි තමයි. අා...'' ඔහු අතේ ඒල්ලාගෙන උන් ඒළවලු පිරවු මල්ලක් ශාමලී අත තබමින් කිව්වා. '' අද පොළක් නෑනේ . විජී අයියා කොහෙන්ද ඒළවලු.'' '' ගෙනාපු කැන වැඩක් නැහැනේ. ඉදි අාප්ප කන්න මොනවද මාලු හද්නේ.'' ඔහු මාතෘකාව වෙනස් කරමින් කියා සිටියා. '' තව හිතුවේ නෑ මොනවා හැදුවොද්ද හොද?'' ''හ්ම්...මම මාලු ටිකක් අරන් දෙන්නම් ටවුන් ඒකට ගිහින්. '' ''අනේ කරදර වෙන්න ඔනේ නෑ විජී අයියා.'' ''මොන කරදරයක්ද මම ගිහින් ඒන්නම්.'' කියපු ඔහු පිටවි ගියා. ශාමලීගේ මුහුණේ තිබුනේ ඔහු පිටව ගිය ඒක ගැන අකමැත්තක්. මම හිතන්නේ ශාමී විජී අයියා ඒනකන් මග බලන් ඉන්න අැත්තේ. ඒකනේ දැන් මූණ පුළුටු කරන් ඉන්නේ. මගේ සිත නැතත් අැගේ සිතුවිලි අනුමාන කරන්නට පටන් ගතත්තා. '' ශාමී විජී අයියා කොහේ කෙනෙක්ද?'' ''දන්නේ නෑ නිල්මී.'' '' දැන් ඉන්නේ කොහෙද?'' '' ඒත් දන්නේ නෑ''. '' අැත්ත නම දන්නවද?''. ''ඒත් නෑ...''. ''මොනාද දන්නේ විජී අයියා ගැන.'' '' හොද හිතක් තියෙන මාව හොදින්ම තේරුම් ගත්ත ඒකම පුද්ගලයා කියලා.'' මම හිතුවා හරී ශාමියේ හිතේ විජී අයියා ඉන්නවා වගේ. මමත් හොයන්නේ අනුන්ගේ මගුල්මනේ මම අායෙත් හිතට බැන වැදුනා. '' අැයි නිල්මී විජී අයියා ගැන අැහුවේ.'' ''නිකන් අනේ. මේ පවුලට ළං වෙලා ඉද්දී මම හිතුවේ නෑදෑ කෙනෙක් කියලා.'' '' අනේ නෑයෝ නෙමේ. ඒත් දැන් නෑදෑයෝ වගේ තමා.'' මගේ හිත නැතත් ඔවුන්ව ජොඩු කරන්නට පටන් ගත්තා. තවත් දින කීපයකට පසු. මම මිදුළ අමදිමින් සිටියා. මට හිතන්න වත් අවස්ථාක් නොමැතිව ලී දෙකක් දමා හරස් කර තිබු වැට අසල කළු වීදුරු සහිත් වැඩි වටිනාකම් සහිත වාහනයක් නතර වුනා. ඉන් දොරවල් සියල්ල හැර ඒක වරම කීපදෙනෙක්ම රථයෙන් බිමට බැස්සා. ඊට පිටු පසින් අාවේ රථ වැළක්. අද නම් මම ඉවරයි. කර කියා ගන්නට දෙයක් නැති වූ මම ගේ දෙසට දුවන්න සැරසුනා. '' ලොකු අක්කේ.'' මට ඉබේටම අාපසු බැලුනා. ඔහු අසල වුන් පිරිස ඉදිරියට ඒන්න උත්සහ ගද්දී ඔහු ඔවුන්ගේ ගමන අතින් සංඥා කර නැවැත්තුවා.ඉන් පසු ඉදිරියම අැදුනු වු ඔහු හැද සිටි ක්‍රීම් පැහිති සරම හකුලා උසවගෙන වැටෙන් පැන මා අභියසට අාවා. මම හිතුවේ දැන් ගහයි දැන් ගහයි කියලා. '' ලොකු අක්කේ වරෙන් විකාර නැතුව ගෙදර යන්න.'' ඔහු ඒක කිව්වේ හඩ පහත් කරලා වට පිට බලමින්. අසල්වාසින් ඒකා දෙන්නා වටින් ගොඩින් නිවස දෙසට අැදෙමින් සිටියා. ''මට බෑ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.'' ''මේ ගුබ්බෑයම් වල මොකට දුක් විදිනවද? කිව්වම අහලා වරෙන් ගෙදර යන්න.'' ඔහු මගේ අතකින් තදින් අල්ලා අදිමින් කිව්වා. අනේ දෙවියනේ විජී අයියා වත් නෑනේ. සෝමේ මාමා කොහේ ගිහින්ද මන්දා. මට ඔහු සමග පොර බදන්න ශක්තියක් තිබුනේ නෑ. මම ඔහුගේ ශක්තිය හමුවේ ඔහු පසු පස අැදී ගියා. ශාමලිත් අමාරුවෙන් දොර අභියසට වී කරකියා ගන්නට දෙයක් නොමැතිව බලා හුන්නා. ''ලොකු මල්ලී මාව අතාරිනවා. කවුරුත්ම දන්නේ නෑ මම තමුසෙගේ අක්කා බව. මම කෑ ගහනවා මට කරදර කරන්න හදනවා කියලා.'' ඒවර අැදන් යාම නවතා මා දෙස ගිනි ගන්නා දෑස් දල්වා බැලුවා. මගේ හිතේ තිබුණ කේන්තිය බය කියන හැගීම මුළුමනින්ම යටපත් කර තිබුනා. මම ඔහු දෙස කෝපාවිත දෑසින් යුතුව බලා හිටියා. '' කෑ ගහපන් බලන්න . උබ බේර ගන්න පුළුවන් ඒකෙක් මෙතන ඉන්නවද බලන්න.'' '' ඊ ළග පාර අැමතිකම් කරන්න ඔනේ නැද්ද?'' '' අා ඒවත් දන්නවා නේද?'' '' ඔව් දන්නවා. බලු වැඩ කරලා අැමති කමක් ගත්තා කියලා.'' ඒක් වරම අතකින් මගේ කට මිරිකා අල්ලා ගත් ඔහු තව තවත් අතැගිලි තද කලා. මම දෑතින්ම ඔහුගේ දෑතින් ගැලවීමට උත්සහ ගත්තත් ගැලවීමක් ලැබුනේ නැහැ. මගේ උදව්වට මගේ ළගට දුවගෙන අා ශාමලීද ඔහු පසෙකෙට තල්ලු කර දැමුවා. තවම හරි සුවයක් නැති නිසා ශාරිර ශක්තියක් නැති අැය විසිවී ගොස් මිදුල මත අැද වැටුනා. '' ඔය කට වහන් වරෙන් ගෙදර යන්න. අපට ලැජ්ජා කරන්නේ නැතුව.'' '' අතෑරපන් මාව. මගේ ගේ මෙක. ඔබ මගේ කවුරුවත් නෙමෙ . '' කොහොම හරි ග්රහනයෙන් මිදුන මම ඔහුට දෑතින්ම පහර දුන්නා. '' මේකිව අල්ලා වාහනේට දා ගනිල්ලා.'' ඒවර මට මැවී පෙනුන විදියට ලොකු මල්ලිගේ ගෝලබාලයෝ ටික මාව උස්සගෙන වගේ ගියා. ඒහෙත් උත්සහය අත්නොහැරිය මම කෑ ගහන්න වුනා. '' අනේ කිවුරුත් නැද්ද මාව බේර ගන්න. මේ අැමතියා මාව බලහත්කාරයෙන් අරන් යනවා. කොහේ ගෙනියන්න හදනවද දන්නේ නෑ .අනේ මාව බේර ගන්න.'' ඒතනට රැස් වි සිටි පිරිස අතර කසුකුසුවක් අැති වුනා මිස කිසිවෙකු අැමතිවරයාට විරුද්දව අභියෝග කරන්න ඉදිරිපත් වුනේ නෑ. දැන් නම් මට බේරුමක් නැ. මුන් මාව අතාරින්නෙම නෑනේ. '' අනේ මම මේ ගමට අළුත්. මම මේ අැමතියව අදුරන්නේ වත් නෑ. අනේ මාව බේර ගන්න.'' වැටෙනුත් ඒහේ පැත්තට මාව ඔසවාගෙන ගොස් සිටි ඔවුන් මාව වාහනයට දමා ගන්නට උත්සහ ගත්තා. '' උබ යමංකෝ ගෙදර .මම කවුද කියලා අදුන්නලා දෙන්න.'' සියලු දෙනාම වාහන වලට නැග පිට වන්න සැරසෙනවා. මට බේරුමක් නෑ. මට නම් බෑ ඒ හිරගෙදර ඉන්න. මම මේ ගෙදර මොන තරම් නිදහසේ වුන්නද?. මට තදට පපුවේ වේදනාව දැනෙන්න ගත්තේ ඒක වරමයි. තිබු හිතේ වේදනාවත් සමග මම පපුව අල්ලගෙන හයියෙන් කෑ ගැහුවා. ලොකු මල්ලිගේ ගෝලබාලයින් මා වට කරගෙන අල්ලාගෙන හිටියේ. '' ලොකු සර් ලොකු බේබීට අසනීපයක් වගේ.'' '' නෑ නෑ ඔය මායම්. අපි යමං.'' '' අ..නේ... මගේ... පපු..ව රිදෙන...වා. අනෙ..් ඉවස..න් ඉන්...න බෑ.....'' ''අනේ නෑ ලොකු සර් අමාරුයි. මේ අැසුත් උඩ ගිහින්.'' ''ඔය ඔකිගේ බොරු බං සද්ද නැතුව ඉදහල්ලා.'' '' අනේ නෑ ලොකු සර් මේ බලන්නකෝ'' '' කිව්වම ස්ටාට් කර ගනින් වාහනේ'' ලොකු මල්ලී රියදුරාට බැන වැදුනා. ඔලුව කැරකවීමත් සමග හතර වටින් කළුවර වු අතර ශරීරය පණ නැතිව අසුන මත අැද වැටුනා. ඊ ළග කොටසින් හමු වෙමු.. sha733Super Senior MemberPosts:7332 06 Nov 2016 04:56 AM දැන් මේ කොටස කියෙව්වා. පොඩි ආසාවක් දැනුන ටිකක් දිගට තිබුණ නිසා සඳුනිVeteran MemberPosts:2462 05 Nov 2016 04:42 PM පුළුවන් වෙලාවක කියවන්න DanuLiyanageVeteran MemberPosts:3457 05 Nov 2016 03:58 PM me para kathawe nam mul tika witharayi kiyewwe සඳුනිVeteran MemberPosts:2462 05 Nov 2016 03:23 PM 36. වන කොටස. මියෙදෙන තුරා.. ඔවුන්ගේ වදන් වලින් සැනසී තිබු මගේ සිත නැතත් අව්ල් වී ගියා. අැත්තටම ලොකු මල්ලී ගෝලබාලයෝ ටිකත් අරන් අැවිත් මාව අැදන් ගියොත්. මොන දෙවියන්ට කියන්නද?. දැන් මට මෙහෙනුත් හැංගෙන්නද වෙන්නේ. දැන් ඉතිං කොහේ කියලා යන්නද?. '' මන්ත්‍රී බේබීට අැමති පට්ටමකුත් ලැබෙන්න යනවලු. අපි ඉදලා හමාරයි.'' ''නිල්මී අක්කේ මොනවද කල්පනා කරන්නේ.'' '' ඊ ළගට මම කොහෙද යන්නේ කියලා.'' '' අනේ නිල්මී අක්කේ ඔයා අායි කොහෙ යන්නද?'' ''ඔයාලා කියන තාලෙට මට දැන් මෙහෙ ඉන්නත් බයයිනේ. දැන් ශාමිව විජී අයියට බලා ගන්නත් පුළුවන්නේ.'' මම කිසිත් නොසිතාම සිතට නැගුණ සියල්ලම කියාගෙන ගියා. මගේ හිතේ මැවුනේ ලොකු මල්ලී ගමම දෙවනක් කරලා මාව අාපහු අරන් ය හැටි. '' අනේ පිස්සී. අපි ඒහෙම ඔයාව අරන් යන්න දෙනවද? යන්න අකමැති අයව අරන් යන්න අපි දෙන්නේ නෑ.'' මගෙයි සිගිතිගෙයි සංවාදය දෙස බලන් වුන් විජී අයියා සිනා මුසු මහුණින් කිව්වා. අැත්තටම ඔවුන්ට මම ඔවුන්ගෙම කෙනෙක් වෙලා. අාගන්තුක විජී අයියත් මේ පවුලෙම කෙනෙක් වගේ ඔවුන් සැලකුවේ. ඔහුගේ සැබෑ විස්තර දැන ගැනීමට මට සිතුවත් ඔහු කියනට අකමැති බව මම දැන වුන්නා. '' මෙයා සිරීයස් ගන්නවනේ සේරම අපි මේ ඔයාව අවුස්සන්න කිව්වේ.'' '' දෙවියනේ ශාමී නගා. ඔයාට දැන් හොදයිද? දැන් ඉද ගන්නත් පුළුවන්.'' මෙතරම් වෙලා කතාවට වැටී වුන් නිසා ශාමලී ඉදන් ඉන්න බව විජී අයියා දකින්නට නැතුව අැති. අැය දැකීමෙන් මහත් සතුටට පත් වූ ඔහු කෙලින්ම අැය අසල දණ ගසා ගත්තා. '' ටිකක් හොදයි විජී අයියේ.'' '' ඉක්මණින් හොද වෙයි. අපි ඒතකොට පුතා අාපහු ගේමු ශාමී නගා. උන්ට දරුවගේ අයිතියක් නෑ. උසාවී ගියත් නගාටයි දරුවා අයිති. බය වෙන්න ඒපා මම පුතා ගෙනවා අපහු.'' ශාමලීගේ මුහුණම කදුළු වලින් පෙගී ගියේ බලන් සිටියදීමයි. ශාමලී විජී අයියායි ඒකතු වුනෝත් හොදයි මගේ හිතුවා. ඒත් මගේ හිත ඒක අකමැතී කියලා මට නිතරම දැනුනා. නමුත් මම ඒ පිළිබද කල්පනා කරන්නට උත්සහ නොකලේ ඒය මොඩ හැගීමක් කියලා හිතලා. '' අද කට්ටිය හුගයි මම තේ ටිකක් හදන්නම්.'' මම කුස්සිය දෙසට යන්න හැරුනා. ''මොනවා ලොකු බේබීට දැන් තේ හදන්නත් පුළුන්ද?'' ''අායි ලොකු බේබී කියන්න ගත්තා'' ''හරි හරි නිල්මී අක්කා.'' ''පොඩ්ඩෝ.'' ''මොකේ''. මා සමග විහිළු කරමින් සිගිතිත් මා පසු පසම කුස්සිය දෙසට අාවා. සමහර විට විජී අයියයි ශාමී අතර සම්බන්ධයක් තියෙන බව පොඩ්ඩා දන්නවා අැති. ඒකනේ ඒයාලට කතා කරන්න ඉඩ දීලා කුස්සියට අාවේ. සිතින් මෙනෙහි කරමින් කේතලයට වතුර දමා ලිප මත තැබුවා. යටින් දර කෑලි කිහිමයකුත් ලිප ළග වු දර කැබලී කීපයත් ළං කර මම ලිප අැවිලුවේ නිහඩවමයි. ''නිල්මී අක්කේ අැත්තටම ඔයාට මෙහෙ හොදයිද ? වලව්වට වඩා.'' ''ඔව් පොඩ්ඩෝ. ඒත් මට බයයි ලොකු මල්ලී මාව හොයන් ඒයිද කියලා.'' ''ඒයි ඒයි ඒත් ඔයාව ගෙනියන්න ලැබෙන්නේ නෑ ඒයාලට.'' '' ඔයා කොහොම විශ්වාසයෙන් කියන්නේ. මාව අායි අරන් ගියොත් නම් ඉවරයි.'' '' බය නොවී ඉන්න . මන්ත්‍රී බේබී මේ දවස් වල නම කැත කර ගන්න කැමති නෑ. ඔයා මහේ ඉන්න බව දැන ගත්තත් ඒයා කළබල කරන්නේ නෑ. මොකද අැමතිකමට ප්‍රශ්නයක් වෙයි කියලා. දන්නවනේ අපේ තාත්තාගේ කට , අනික විජී අයියත් ඉන්නවනේ. ඒයා මෙයාලගේ කට අැවිස්සෙනවට බයයි. නිල්මී අක්කා බය නොවී ඉන්න.'' '' අැයි අපේ මල්ලී විජී අයියට ඔය තරම් බය.'' ''විජී අයියා දන්නවා මන්ත්‍රී බේබීගේ සේරම හොර වැඩ ඒකයි. විජී අයියා කට අැරියොත් සේරම පට්ටම් ඉවරයි.'' ''ඔය හොර මන්ත්රියව අල්ලලා දෙන්න තියෙන්නේ.'' ''ඔයාගේ මල්ලිනේ කමක් නැද්ද?'' ''මල්ලී නෙමේ කවුරු වුනත් වැරදි කරොත් දඩුවම් දෙන්න ඔනේ.'' '' ඒයාට දඩුවම් ලැබෙයි ගානට.'' සිගිති මා සමග මා නිවසින් පැන අා දවසේ සිදු වූ සියල්ල මා සමග කිව්වා. ලීලම්මට හොදටම අප්පච්චී බැනලා තිබුනා. ඒයාලගේ මුල්ම සැකේ මම මෙහෙ අා බව. ඒත් ඒයාලා දෙතාවක්ම අැවිත් බැලුවත් මම මෙහෙ නොසිටිය නිසා ඒ සැකේ දුරු වෙලා තියෙනවා. මම හිතන්නේ. මම අර නාදුනන ගෑනු කෙනාගේ ගෙයි ඉද්දී ලොකු මල්ලියා අායිත් පාරක් ඒන්න අැති. ඊට පස්සේ කවුරුත්ම හිතලා නෑ මම මෙහෙ අැති කියලා. දැන්නම් ගෙදර අය මාත් ඒක්ක හුගක් තරහින්ලු ඉන්නේ. මම සුමේධ අයියට කියලා අවේ නොදන්න ගානට පහු වෙනිදා අපේ ගෙදරට අැවිත් මගේ පිට වැරුද්ද දාලා යන්න කියා. ඒත් මම අාපු දවසෙම පාන්දර සුමේධ අයියාත් දරුවෝ දෙන්නා ඒක්ක මෙරටින් පිට වී ගිහින්ලා. කට්ටිය සැක කරලා තියෙන්න ඒයාලගේ බිස්නස් ඒකට උදවු කරන්න වෙනවට මම සුමේධ අයියා ඒක්ක රටින් පැනලා කියලා. ඒයාර් පොර්ට් ඒකෙනුත් බැලුවම මම ගිහින් නැති බව දැන ගෙන. ඒත් දැන් කට්ටියට මම ඉන්න තැනක් හොයා ගන්න බැරුවලු ඉන්නේ. ඒත් ළගදිම අායි මෙහෙ ඒන්න ඉඩ තියෙනවාත මම අනුමාන කලා. '' මොකද දෙන්නගේ කයිය අපිට තේ නැද්ද?'' විජී අයියාගේ අැගට බරවී සිටන් සිටියේ ශාමලී. '' අනේ ශාමී ඔයා අැවිදිනවා. '' '' ඔව් නිල්මී මම අායි දෙපයන් හිට ගත්තා.'' ''අනේ මට ඒන සතුට කියා ගන්න බෑ.'' සියල්ලන්ගේම මුහුණේ තිබුනේ කියාගන්නට බැරි තරමේ සතුටක්. '' තාත්තා දැන ගත්තාම සතුට දරා ගන්න බැරුව යයි. මම දන්නවා තාත්තා මටත් වඩා අක්කට අාදරෙයි කියලා.'' ''අනේ විකාර නොකියා ඉන්න පොඩ්ඩෝ. තාත්තට අපි ඔක්කොම ඒකයි.'' ඒ කියන්නේ සෝමේ මාමාත් දන්නවද විජී අයියා ශාමිට අාදරේ බව. මොන මගුලකටද මම ඔවා මම මටම දොස් පවර ගත්තා. '' විජී අයියේ ශාමීව මේ පුටුවෙන් වාඩි කරන්න.'' මම කුස්සියේ තිබු ඒකම ලී පුටුව ඔවුන් අසල තබමින් කියා සිටියා. '' කට්ටිය තේ ටිකක් බොමු නේද? '' මම පළමු තේ කෝප්පය ශාමලීගේ අතට දෙමින් කිව්වා. අැයට දැන් තනියම යම් දෙයක් කර ගැනීමේ හැකියාව ලැබී තිබුනා. '' ශාමී නගා තනියෙන් බොන්න පුළුවන්ද ? මම පොවන්නද?'' '' නෑ නෑ මට පුළුවන් විජී අයියේ.'' අැය තනියම තේ කෝප්පය තොළ ගාන්න වුනා. සිගිතිත් තෝ ඒකෙන් ඒක උගුරක් පානය කර මා දෙස බැලුවා. '' මාර රසයිනේ නිල්මී අක්කේ. මේ ටික දවසට ඔයා සෑහෙන්න දේවල් ඉගෙන ගෙන වගේ. අැත්තමයි ලීලා නැන්දගේ තේ ඒක වගේම රසයි.'' ''අනේ බොරු වර්ණනා නැතුව ඉන්න පොඩ්ඩෝ.'' මම ලැජ්ජාවෙන් යුතුව කියා සිටියා. '' අනේ පව් නිල්මී මම නිසා මේ ගෙදර වැඩ සේරම තනියෙම කරනවා. මගේ වැඩත් කරණවා. මට හොද වුනාම මම නිල්මිව බලා ගන්නම්.'' ''හොද වුනාම බලාගන්නකෝ. ඉක්මනට හොද වෙන්නකෝ මුලින්.'' මුවින් ඒසේ කිව්වත් හිත කිව්වේ වෙනත් දෙයක්. කොහොමත් දවසක මම අසනීප වුනාම ඔයාට මාව බලා ගන්න වෙයි ශාමී. හිත පෙරළි කලේ ඒලෙසින්. සති දෙකක් පමණ ගෙවි ගියා. සිගිතිත් දවස ගානෙම වගේ අපි බලන්න ශාමලීලගේ ගෙදරට අාවා. සිගිති ටිකෙන් ටික මට පොඩ්ඩා බවටම පත් වී තිබුනා. පොඩ්ඩා ලීලම්මාට මම මෙහෙ බව කියා තිබුනා. ඒ අාරංචිය නිසා ලීලම්මා හුගක් සැනසීමෙන් ඉන්න බව පොඩ්ඩා මට කිව්වා. ගෙදර අනික් අය නම් මට සැහෙන්න දොස් කියන බවත් වෙෙරකරන බවත් පොඩ්ඩා මට කිව්වා. ශාලින්ද මල්ලී කාටත් හොරා පොඩ්ඩගෙන් මා ගැන අැසු බවත් පොඩ්ඩා මට කිව්වා. සමහර විට සුමේධ අයියා ශාලින්ද මල්ලිට යමක් කියා අැති මගේ හිත කිව්වා. දිනෙන් දින ශාමලි සුව අතටම හැරුනා. ශාමලී අැගේ වෙෙද්‍ය සායනයට ගියේ අැගේ දෙපයන් මයි. අැය දැන් අැවිදිමේ හැකියාවත්, තමන්ගේ වැඩ කර ගැනිමේ හැකියාවත් ලබා තිබුනා. ගෙදර වැඩ කටයුතු වලට උදව් වීමටද අැය උනන්දු වුනා. නමුත් මම අැයට ඒම වැඩ වලට ඉඩ නොදුන් නිසා අැය මා සමග අමනාප වුනා. මම හැමදාමත් දවස අවසානයේ නින්දට කලින් නිවසින් බැහැරට ඒද්දී රැගෙන අා මට ජීවිතයටත් අමතක කළ නොහැකි දරුවන් දෙදෙනාගේ චායා රුව දෙස බලා නෙතින් මොදු වන කදුළු බිදුවට කොට්ටයේ පුළුන් අතර සැගවෙන්නට ඉඩ හැරියා. මේ සිදුවීම දිනක් නෙත ගැටුණු ශාමලී මගෙන් ඔවුන් ගැන අසා සිටියා . මම අැය සමග මා හට ඔවුන් හමු වූ අයුරුත් ඔවුන් මගේ ජීවිතයෙන් මගහැරුණු හැටිත් කියා සිටියා. සියල්ල නිහඩව අසා සිටි ශාමලී අැගේ නෙතේ කදුළු පිස සගවන්නට වෑයම් කලා. '' අැයි ශාමී.'' '' මට පුතාව මතක් වුනා නිල්මී. ඒයා මාව හොයන්න අැති හුගක්. පව් මගේ අහිංසක දරුවා.'' ''දැන් ඔයාට හුගක් හොදයිනේ .මමත් ඉන්නවනේ. අපි විජී අයියට කියමුද දරුවා ගෙන්න ක්‍රමයක් යොදන්න කියලා.'' ''අනේ ඔව් පුළුවන් ඉක්මණට මගේ පුතා මගේ ළගට ගන්න ඔනේ.'' '' පුතා අාවම මගේ වේදනාවත් ටිකක් හරි අඩු වෙලා යායි ශාමී.'' ''ඔයා මම නිසාද සුමේධ අයියව නැති කර ගත්තේ. අපරාදේ. ඔයා කිව්ව විදියෙන්ම මට හිතුණා .ඒයා හුගක් හොද කෙනෙක් කියලා.'' ඊ ළග කොටසින් හමු වෙමු. සඳුනිVeteran MemberPosts:2462 05 Nov 2016 12:18 PM මම ම විසදන්නම්. තව ප්‍රශ්නේ ටිකක් වැඩි කරලාම sha733Super Senior MemberPosts:7332 05 Nov 2016 10:23 AM මම ඕක විසදන්න ගියොත් අච්චාරැවක් වෙයි සඳුනිVeteran MemberPosts:2462 05 Nov 2016 04:28 AM විසදලා දෙන්න බැයිද? sha733Super Senior MemberPosts:7332 05 Nov 2016 04:14 AM එක පදයක්නං ඔන්න විසදා ගත්ත. තව කොච්චර තියේද මෙහෙම විසදෙන්න ඒවා සඳුනිVeteran MemberPosts:2462 05 Nov 2016 01:09 AM 35. වන කොටස. මියෙදෙන තුරා.. ''කලබල වෙන්න දෙයක් නෑ. මම ටිකක් නිදා ගන්නම්.'' ''ලොකු අමාරුවක් නෑ නේද?''. '' අනේ නෑ නිල්මී.'' ඒදා දවස ගෙවිලා ගියේ හරිම වේගෙන් වෙනදා වගේම හවස් වන විට විජී අයියා නිවස වෙත පැමිණියා. '' නිල්ම්ණි නගා. නිල්ම්ණී නගා.'' ''අැයි විජි අයියේ.'' ඔහු ඉදිරි පස දොර අසලට වී මගේ නම කියමින් අමතන විට මම ඒදෙසට පිය නැගුවා. ''දැන් ඉතින් අවසර ගන්න ඒපෑ ගෙට ඒන්න.'' ''ඒ මොකටද?.'' '' ඉස්සර වගේ බැනේ. ඉස්සර ශාමලී නගාව බලා ගන්න මම විතරයි හිටියේ. දැන් ඒයාගේ හොදම යාලුවා ඉන්නවානේ ඒයා ළග.'' '' අනේ ඔයාට පිස්සු විජී අයියේ. මගෙන් අහන්නේ මොකටද.'' ''නිල්මිණි නගා දැන් ශාමලී නගාට කොහොමද?'' ''සුව අතට හැරීගෙන ඒනවා මම හිතන්නේ. අද හුගක් වෙලා මාත් ඒක්ක කතා කලා.'' ''ඔයා අාවේ හොදම වෙලාවට නිල්මිණි නගා නැත්තම් මේ අහිංසක කෙල්ලගේ ජීවිතේ මෙතනින්ම කෙලවර වෙන්න තිබුනා.'' විජී අයියා කතා කලේ සැබෑ වේදනාවකින්. සැබවින් ඔහු අාදරය කියා ගන්න බැරුව ළතවෙනවද?. නැත්තම් ශාමී පුතයි, හේෂානුයි නිසා අාදරේ පිළිගන්නේ නැතුව ළතවෙනවද? මා සිත තෙරපුනේ ප්‍රශ්න රැසක්. නමුත් ඔවුන් දෙදෙනාගෙන්ම ඒය විමසීමට සිතේ ශක්තියක් තිබුනේ නැ. පසු දින උදෙන්ම අවදී වු මම නිවසේ සියලු වැඩ ඉක්මණින්ම අවසන් කර ගැනීමට උත්සහා කලා. උදේ අාහාරය පිළියෙල කර ගැනීමට සෝම මාමා බොහෝ සෙයින් උපකාර කලා. උදේ අාහාරයෙන් පසු දිනයේ වියදම සරි කර ගැනීමට කුමක් හෝ වැඩක් සොයා ගන්න ඔනේ කියලා සෝමේ මාමාත් පිටවී ගියා. මම ශාමලී ළගට ගියේ අැයගේ කතාවට සවන් දී අැගේ දුක ටිකක් හෝ අඩු කර දෙන්නට සිතාගෙන. '' ශාමී දැන් ඔයාට සුවයක් දැනෙනවා නේද?.'' '' අනේ ඔව්. ඔයා නිසයි මම අද මෙහෙම වත් සුවෙන් ඉන්නේ.'' '' ඒහෙම කියන්න ඒපා ශාමී. ඔයා වෙනුවෙන් මම මේ තීරණය ගත් නිසයි අද මමත් ගොඩක් සැහැල්ලුවෙන් ඉන්නේ.'' ''අැත්තටම අැයි නිල්මී ඔයා වලව්වෙන් අාවේ. මම මේ අහන්නමයි හිටියේ.'' ''ඔයාට උදවු කරන්න තිබුණ උවමනාව තමා මුල්ම හේතුව. තව හේතු තියෙයි ශාමී.'' '' නිල්මී මට වාඩි වෙන්න උදව් කරන්න. මට අාසයි වාඩි වෙන්න . මේ සතියට දෙකට මම නැගිටින්න බැරි තැනටම වැටුනා. මම මගේ අවසානේ කියලා හිතන් හිත් හදන් වුනේ.'' ''මොනවද ශාමී ඔය කියන්නේ.'' මම අැයට බිත්තියට පිටදි වාඩි වන්නට උදවු කලා. සැබවින්ම අැයට ලොකු අසනීපයක් වැළදී තිබුනේ නෑ. නියම ප්‍රතිකාල නාෙගත් උණ සහ සෙම්ප්‍රතිස්සාව රෝගත්, අැගේ සිත දවා ලන නොයෙක් ප්‍රශ්න නිසා අැති වු කලකිරීමක් සමග අැති කර ගත් තත්වයක්. වෙෙද්යාවරයා නම් කියා සිටියේ අැගේ සිත සතුටින් තබන්න කියායි. '' කවුද මේ.... අක්කේ.'' පිටුසින් අැසුනේ සුපුරුදු කට හඩක, මා මග බලා වුන් කටහඩකි. හුන් තැනින් නැගිට ගත් මම ඒ දෙස හැරී බැලුවා. මගේ දෙසවනට වැරදි නැ. මම ඉක්මණින් ඔහු අසලට ගොස් වැළද ගත්තා. '' අනේ සිගිතියෝ.'' මේ සිදුවීම දෙස සතුට උතුරන දෙනයන වලින් බලා වන් ශාමලී. අැගේ නෙතග බොද කල කදුල පිස ගත්තා. ''නිල්මී ඔයා මගේ මල්ලිව අදුරනවද?'' ''ඔයාගේ මල්ලී. මේ ඔයාගේ මල්ලිද? ඒතකොට මේ සිගිතා නෙමෙයිද?'' මම ක්ෂණයකින් ඔහුගේන් මිදී පුදුමයෙන් ඔහු දෙස බලා වුන්නා. '' කවුද නිල්මී සිගිති කියන්නේ . මේ මගේ ඒකම මල්ලී ශාමල්.'' ''මොනවා වෙන්න බෑ. මෙයා සිගිති මයි. අනේ ඔයා සිගිති නේද?'' මම දෑස් පිස දා ඔහු දෙස හොද හොදින් බැලුවේ මම සිගිති ඒයි යැයි බලාපොරොත්තුවෙන් වුන් නිසා හීන පෙනවා වත්ද කියලා. නැත්තම් ශාමල්මල්ලිව සිගිති වගේ මැවිලා පේනවද කියා සිතලා. වෙනසක් නෑ ඒ රූපයමයි.මෙයා සිගිති නෙමේ නම් කොහොමද මේ තරම් ඒක වගේ වුනේ. නෑදෑයෝවුණ පලියට මෙහෙමත් කොපි ගහලා වගේ වෙනවද?. නෑ නෑ මේ සිගිතිම තමා. ශාමීට වැරදිලා අැති. ඔහුගේ නිහඩ භාවය මට තවත් පෙහේළිකාවක් වුනා. ''පොඩ්ඩෝ ඔයා දන්නවද මේ මගේ හොදම යාලුවා නිල්මිණී. ඔයාට නම් මේ අක්කව මතක නැතුව අැති. ඒයා ඒ කාලේ හුගක් පොඩී.'' කෙසේ වෙතත් ඔහු ගොළුවෙලා සියල්ලන් කියන දෙය අසා සිටිනවා විනා තවම වචනයක් වත් කතා නොකලාය. ''ලොකු බේබී අැයි වලව්වෙන් අාවේ.'' ''පොඩ්ඩෝ නිල්මිණීව දන්නවද?'' '' අනේ සිගිතියෝ මේ ඔයා නේද?'' ''ඔව් ඔව් මම සිගිති තමා. ලොකු බේබී මොකද වලව්වෙන් පැනලා අාවේ කියන්න. ඒහෙ ඒක යුද්දයයි. ලීලා නැන්දා කෑමක් බීමක් නැතුව අඩනවා.'' '' පොඩ්ඩෝ..'' මෙම කතාවේ අග මුල පටලා ගත් ශාමලී පුදුමයෙන් බලන් හිටියා. '' අැයි අක්කේ. අක්කා අැහුවනේ හැමදාම මම කොහෙද රස්සාව කරන්නේ කියලා.'' ''ඔව් ඉතිං...'' '' මම වැඩ කලේ වලව්වේ. ලීලා නැන්දා වැඩ කරපු තැන.'' ''මොනවා. මම පොඩ්ඩට මේ තරමි මහන්සියෙන් ඉගැන්නුවේ වලව්වලට මෙහෙකාර කම් කරන්නද?'' අැගේ වචනයේ ගැබ් වී තිබුනේ ශෝකයක්. තම සහොදරයා වෙනුවෙන් අැති වූ සාධාරණ වේදනාවක්. අැගේ මුහුණම අදුරු වී තිබුනා. සැබවින්ම මමත් හිටියේ ශාමලීගේ මතයේමයි. ධනවත් පවුලක දරුවෙකු වී උපන්නත් මා ඔවුන්ගේ අදහස් වලට හාත්පසින්ම වෙනස් වූ අදහස් අැත්තියක් වීම මටම පුදුම සහගත වුනා. '' තව ටික කාලයක් මට ඒහෙ වැඩ කරන්න වෙනවා අක්කේ දුක් වෙන්න ඒපා. මම ලීලා නැන්දා වෙනුවෙනුයි මේ හැමදේම කරන්නේ.'' ''අනේ ඒත් පොඩ්ඩෝ.'' ''දුක් වෙන්න ඒපා අක්කේ.'' '' ඒත් සිගිතායෝ මොකටද දුක් විදින්නේ . ලීලම්මා වත් ඒහෙන් ඒක්ක අැවිත් ඔයා හොද රස්සාවකට ගියානම් හරිනේ. මගේ අම්මා අප්පච්චී වුනත් ඒ මිනිස්සුන්ගේ උද්දච්චකම මට නම් පෙන්න බෑ.'' ''ඒහෙම කරන්න බෑ ලොකු බේබී. ඒකට හේතුවක් තියේ.'' ''ඒ හේතුව දැන් වත් මට කියන්න බැයිද?''. '' පුළුවන්.'' '' ඉතිං කියන්නකෝ.'' '' අද නෙමේ දවසක් ඒයි ඒදාට කියන්නම්.'' ''ඔය දවස කවදාවත්ම නෑවිත් තියේවිද?.'' '' නෑ නෑ දැන් ඒ දවස ළගයි ලොකු බේබී.'' ''සිගිතියෝ මට ලොකු බේබී කියන්න ඒපා දැන්. මම දැන් බේබී කෙනෙක් නෙමෙ. අායි බේබී කෙනෙක් වෙන්නෙත් නෑ.'' ''මටත් සිගිති කියන්න ඒපා ඒහෙනම්. ඒක මගේ අනුවර්තන නාමයක් විතරයි.'' සිගිති හිනා වෙමින් කිව්වා අපි සේරටම හයියෙන් හිනා ගියා. බිත්තියට වාරු වී හිදන් වුන් ශාමලී අපි දිහා බලාගෙන සතුටින් හිනා වුනා. ''පොඩ්ඩෝ කෝ ''හ්හ් ''කෑල්ල. ඒකත් අනුවර්ථන පදයක්ද?'' ''හ්හ්... ඔව් නිල්මී අක්කේ.'' ''මෙන්න මෙයාත් මට නිල්මී කියන්න අරන්.'' '' අැයි ඔයත් මට පොඩ්ඩෝ කියන්න අරන්නේ.'' අපි සියලු දෙනාට නැතත් හිනහව පාලනය කර ගන්න බැරි වුනා. '' මොකද මේ මගුල් ගෙයක්ද අා.. කට්ටියට.'' ''අම්මට සිරි විජී අයියා .'' විජී අයියා දැකීමෙන් සතුට පත් වූ සිගිති පිළිගත්තේ දෙවියෝ බුදුන් දැක්කා වගේ අාදරෙන්. '' මම මේ ඔබ අා බව අාරංචී වෙලා අාවේ. මොකද මේ ටිකේ මෙහෙ නාවේ.'' '' දන්නැද්ද වලව්වේ මහ යුද්දයයි . ලොකු බේබී පැනලා ගිහින්නේ.'' ''අම්මට සිරි කොල්ලෙක් ඒක්කද බං.'' '' නෑ නෑ බං හිටපු කොල්ලා හොද නෑ කියලා .වෙන කෙල්ලෙක් හොයන් ගිහිල්ලලු.'' සිගිතිත් විඡී අයියත් මා දෙස හොරෙන් බලමින් මට විහිළු කලා. සැබවින්ම මම මෙහෙ අා ඒකට සිගිති සතුටු වුන ඒක ගැන මට දැනුනේ සැනසීමක්. '' හිනා වුනා වගේ නෙමේ බං අර මන්ත්‍රී බේබීඋන්නාස්සෙට අාරංචී වුනෝත් මෙහෙ අැවිත් යුද්දයක් කරලා මෙතුමියව උස්සන් යයි.'' '' ඒක නම් සිරා බං. අායි ඒක්කන් ගියොත් නම් නිල්මීණී නගාට විසුමක් වෙන්නේ නෑ.'' ඊ ළග කොටසින් හමු වෙමු.. සඳුනිVeteran MemberPosts:2462 04 Nov 2016 12:06 PM Posted By සඳුනි on 03 Nov 2016 03:17 PM හ්ම් දැක්කනේ. උණු උණුවේ දැන් කතාව ලැබෙන්නේ.... ලියනවා දානවා. හි අැත්ත කිව්වේ අනේ මේ බලන්න. sha733Super Senior MemberPosts:7332 04 Nov 2016 10:04 AM ඒවගෙනං කියවන්න දේකුත් නැහැ වගේ හොරාටත් එකක් දැන් පොඩ්ඩයි වගේ දාන්නෙ කියෙව්වා ඔන්න ඔයා ලියන්න තව ලියලත් නැහැ කියල බොරැත් කියනවනේ kingDVeteran MemberPosts:3405 04 Nov 2016 04:54 AM ම් ..කියවල ඉවරයි ... අපිව කේන්ති ගස්සන්නේ නැතුව දාන්නකො තව කොටසක් ඉක්මනටම DushanVeteran MemberPosts:2536 04 Nov 2016 04:42 AM මේ කොටසත් කියෙව්වා අනිත් කොටසත් දාමුකෝ බලන්න bonus එකක් හැටියට සඳුනිVeteran MemberPosts:2462 03 Nov 2016 03:46 PM 34. වන කොටස.. මියෙදෙන තුරා... මා නොදන්න මුත් ඔවුන්ගේ පවුලේ මිතුරෙක් විය යුතුයි. නැතිනම් කිසි බයක් සැකක් නැතුව කාමරය අැතුලටම ඒන්නේ නෑනේ. මම ඔවුන්ගේ සංවාදයට බාධාකලේ නැ. කවුරු වුනත් පවුලේ නෑදෑයෙන් වෙන්නට අැතැයි සිතු මම නැවතත් කුස්සිය දෙසට ගියා. විශාල මැටි වළදක දමා තිබු සහල් වගයක් මට හමු වුනා.උයන්නට අවශ්‍ය ප්‍රමාණයක් නොදන්න මුත් ඒහි වු කෝප්පයෙන් අැයි සිතෙන තරම් සහල් කොරහට දා ගත් මම පිල්ල දෙසට යන්නට සැරසුනා.මුළු පරිසරයම අදුරු වෙලා. වැස්සක පෙර නිමිති පහළ වෙලා තිබුනා. *මේ නිල්මිණි වෙන්න ඔනේ.* පිටු පසින් අැසුනු ගොරෝසු කටහඩ නිසා මම අාපසු හැරී බැලුවා. කොහොම අදහන්නද? විජී අයියා. මම නෙත් විසල් කරගෙන පිළිමයක් සේ බලා වුන්නා. *ලොකු කුමාරිහාමිනේ මේ . අප්පේ මොකද වලව්ව අැති වුනාද?.* සිනාසෙමින් මා අසලට අා ඔහු. මගේ මුහුණට ඒබෙමින් සරදම් සිනහවක් පෑවා. *මොකද ලොකු කුමාරිහාමී මන්ත්‍රී බේබී පැන්නුවද ගෙදරින්. කෝ කට. අැත්තට කතා කරන්න බැරිද? මට මතකයි ඒදා පාරෙදි හමුබුන දවසෙත් කතා කලේ නෑ.* සැබවින් මම සිටියේ බියෙන්. දැන් ඉතිං ඉවරයි. අපේ ගේ ඉස්සරහට ගිහින් මේ මිනිහා මම මෙහෙ බව ගමම දෙවනක් කරලා කියයි. මේ නාදුනන මිනිහා මෙහෙ මක් කරනවද?. සෝමේ මාමාටත් පිස්සුද මන්දා. ගෑණු ළමෙක් ඉන්න ගෙදරට මේ පිරියෙක් ගෙන්න ගන්න. *මොකෝ මොකෝ බය වෙලාද? නිල්මිණි නගා වචනයක් දෙකක් දාන්නකෝ කට හඩවත් අහන්න.* *අනේ විජී අයියේ මම මෙහෙ බව නම් අපේ ලොකු මල්ලිට කියන්න ඒපා.* *අප්පට සිරි මගේ නමත් දන්නවා.* මේ මනුස්සයා නම් මොන ජාතියේ මිනිහෙක්ද මන්දා. හොදයිද නරකයිද කියලා වත් මට හිතා ගන්න බෑ. *හරි හරි මම නොකියා ඉන්නම්කෝ . නිල්මිණි නගා කැමති මෙහෙ ඉන්න නම් ඒක ඒ විදියට වෙයි.* මේ මනුස්සයා හරියට කතා කරන්නේ මාව උපන් දා ඉදන් දන්නා වගේනේ. මට තවත් කියන්නට දෙයක් සිහියට නොඅා නිසා ඔහු කතා කරන තුරු බලා සිටියා. *නිල්මිණී නගා මෙහෙට අාපු හේතුව නම් මට දැන ගන්න ඔනේ නෑ. මම හිතනවා ශාමලී නගා වෙනුවෙන් ඒන්න අැත්තේ කියලා . කොහොම වුනත් දැන් අපිත් ඒක්ක තමා ඉන්න වෙන්නේ.* *ඒ කිව්වේ ඔයත් මෙහෙද ඉන්නේ.* ඒ පැණය මගේ මුවින් පිටවුනේ මම සිතන්නටත් පෙරයි. ඔහුගේ සිනහව ඒ වචනයත් සමග තවත් ත්රීවර් වුනා. *ඔව් අැයි. අපි ඒක්ක ඉන්න බයද? * *නෑ නෑ ඒහෙම ඒකක් නෑ.* *නිල්මිණි නගා බය වෙන්න ඒපා. මම මෙහෙ ඉන්නේ නෑ. මම ඉන්නේ කොහෙද කියන්න කවුරුත් දන්නේ නැ.* * කොහෙද ඔයා ඉන්නේ.* *ඒක නම් කියන්න වෙන්නේ නෑ. උයන්නද යන්නේ කුමාරිහාමිට උයන්නත් පුළුවන්ද?* මට සමච්චලයට කතා කරන නිසා මම අමනාපයෙන් ඔහු දෙස බැලුවා. මගේ හැගීම තේරුම් ගත් නිසාදෝ ඔහුට මහුණෙහි සිනහවක් අැදුනා. *හරි හරි. නිල්මිණී නගා උයන්න බැරුව අැතිනේ. කෝ දෙන්න මම ඔය ටික ලිපේ තියලා දෙන්න.* *ඔයාට උයන්න පුළුවන්ද?* *මොකද බැරි මම තනි මිනිහිනේ. තනියෙන් තමා උයන් කන්නේ. නිල්මිණි නගා ශාමලී නගා වෙනුවෙන් කරන දේ නම් හුගක්ම වටිනවා. ඔනේ උදවුවක් මට කියන්න.* ඔහුගේ භාෂාවද මුළුමනින්ම වෙනස් වුනා. මුහුනෙහි වූ රසතියාදුකාර සිනහව වෙනුවට සුහද සිනහවක් අැති වුනා. කෙසේ නමුත් ඔහු ශාමලී ගැන බෙහේ සෙයින් සිතන බව නම් මට වැටහුනා. මගේ අතේ වු සහල් සහිත කොරහා අතට ගත් ඔහු පීල්ල දෙසට ගියා. නැවත කුස්සිය දෙසට පැමිණි ඔහු මුට්ටියකට සහල් දමා ලිප තැබුවා. *නිල්මිණි නගා ශාමලී නගාගේ ඉස්කෝල යාළුවලු නේද?* *ඔව් විජී අයියේ.* *නිල්මිණී නගාට වලව්ව ඒපා වුන ඒකනම් අහන්න දෙයක් නෙමේ. ශාමල් මල්ලී නිතර ඔයා ගැන කියලා තියේ මට.* *කවුද ශාමල් කියන්නේ.* මම පුදුමයෙන් ප්‍රශ්ණ කළේ ඒහෙම නමක් අැති අයෙක් නොදන්න නිසායි. *අැයි දන්නේ නැද්ද? ශාමලී නංගිගේ මල්ලීනේ.* *ඒයා කොහොමද මම ගැන දන්නේ.* සමහර විට සිගිති කියන්න අැති. මම තනියම කල්පනා කරන්න වුනා. සෝමේ මාමා ඒවිටම නිවසට පැමිණි නිසා ශාමල් ගැන කතාව යට ගියා. *විජී ළමයා කොයි වෙලේද අාවේ. මම මේ කඩේ පැත්තට ගියා .* *දැන් ටික වෙලාවක් සෝමේ මාමේ.* *මේ දරුවව අදුරනවද?* *අප්පේ ඔව් වලව්වේ ලොකු කුමාරිහාමිනේ.* *දැන් කුමාරිහාමී නෙමෙයි අපේ දරුවෙක්.* *මට ශාමලී නංගා කිව්වා සෝමේ මාමේ.* *හ්ම්.. කවුද හාල් ලිපේ තිබ්බේ.* *විජී අයියා සෝමේ මාමේ.* ඒතරම් වෙලා නිහඩව බලා උන් මම කතා කරන්න වුනා. සැබවින්ම වීජී අයියා ඒ මොහොත වන විට හොදින් දන්න හදුනන කෙනෙක් බවට පත් වෙලා තිබුනා. ඒතැන් සිට දවස් කීපයක්ම ගෙවී ගියේ හරිම සාමකාමීව. මුල්ම දවසේ ලොකු මල්ලී මම හොයන්න සෝම මාමලාගේ නිවසට අැවිත් තිබුණත් ඉන් පසු ඔහුට මම ඒහි අැතැයි සැකය තුරන් වී යන්නට අැති. කිසිවෙක් මා සොයාගෙන මෙහි පැමිනියේ නෑ. මම ශාමලීට සාත්තු සප්පායම් කරමින් හරිම සැහැල්ලුවෙන් කාලය ගෙවා දැමුවා. සෑම දිනකම වගේ විජී අයියා හවස් යාමයේ අදුරත් සමග නිවසට ගෙඩවැදී. මහ රෑ වෙන තුරා සෝමේ මාමා සමග කතා බහ කරමින් සිට පිටවී ගියා. සෝම මාමාගෙත් විජී අයියාගෙත් උදවුවෙන් මම කුස්සියේ වැඩ ටික ටික හුරු වෙමින් සිටියා. සිගිති ශාමලී බලන්න ඒයි යැයි මම මග බලන් සිටියත් තවමත් නොපැමිණිම මගේ නොවිසිල්ල තවත් වැඩි කලා. මම නිවසින් හොර රහසේම යාම නිසා අැති වු ගැටලුව නිසා සිගිතිට නිවසින් බැහැරට ඒන්නට නොහැක් වන්නට අැතැයි සිතුවා. දැන් දැන් ශාමලී වෙනදාට වඩා ප්‍රබෝධමත් බවකින් යුතුව පසු වුණා. අැගේ මලානික මුහුන දැන් ලස්සන සිහවකින් ජනිත වි තිබුනා. අැගේ ඒ සිනහවට හේතුව මම නිසා මගේ හිතට දැනුනේ තෘප්තිමත් බවක්. මෙම නිවසට අාදා සිට මා හට තවම පපුවේ වෙදනවා අැති නොවීම ගැන මම පුදුම වුනේ, නිවසින් පිට වෙන්නට තීරණය කළ දිනෙයේ සිට වරන් වර ළග ළගම පපුවේ වේදනාව අැති වු නිසායි. *නිල්මී....* මම වුන්නේ ශාමලීගේ අැදුම් නමා අල්මාරිය අස් කරමින්. ශාමලීගේ කටහඩ ප්‍රාණවත් වී අැති බව අැසීම නිසා මම අෑ ළගට ගොස් දනගසා ගත්තා. *අැයි ශාමී... මොවද ඔනේ ඔයාට.* *මට මොකුත්.... ඒපා... නිල්මී...* *දැන් ඔයාට සනීපයක් දැනෙනවද?* *ඔව් නිල්මී.... මම හුගාක් සතුටින් ඉන්නේ.. ඔයා නිසා.... මම ජීවිතේ අතෑරලා හිටියේ නිල්මී... මට දැන් අායි ජීවත් වෙන්න ඔනේ... මගේ පණ, මගේ රත්තරං, මගේ පුතා මගේ ළගට... ගන්න ඔනේ.. මට විජී අයියා ... ඒ්කට උදවු කරන්නම් කිව්වා....* මම අැයට කතා කරන්නට ඉඩ දී අෑ දෙස බලන් හිටියා. විජී අයියා නිවසට අා විට ශාමලී හිටියේ හරිම සතුටන්. මට වැටහෙන විදියට ශාමලී විජී අයියට අාදරේ කරනවා. විජී අයියත් ශාමලී ගැන හොයා බලනවා, විජී අයියත් ශාමලීට අාදරේ අැති. ඒත් මේ දරුවා කාගෙද? කෝ දැන්මේ දරුවා. *අනේ මගේ පුතා මොනවා කරනවද දන්නේ නෑ.... කනවා බොනවා නම් අැති.. මන් නැතුව අඩනවා අැති..* *පුතා කා ළගද ශාමී ඉන්නේ.* *ඒයාගේ තාත්තා ළග.* *අැයි ඒයාලා ඔයාගෙන් අෑත් වෙලා ඉන්නේ. * *හේෂාන් අයියලාගේ ගෙදරින්... මේකට මුල ඉදන්ම අකමැතී..* *ඒ අැයි ශාමි..* *ඒ ගොල්ලෝ හුගත් පෝසත් අය....* *ඒත් පුතා..... ඔයාලා කොහොද මැරි කරලා හිටියා.* *අපි මැරි කරලා හිටියේ නෑ...* *මොනවා.* *ඒක දිග කතාවක් නිල්මී.* *ඔයා පව් ශාමී.* *මම නම් පව් වුනාට කමක් නෑ.... මගේ දරුවා තමා පව්.* *ඒ කියන්නේ හේෂාන් ඔයාව රැවැට්ටුවද?* *නෑ . නෑ. ඒ කතාව... මම ඔයාට වෙලාවක කියන්නම්...* * හ්ම්....* *මට ටිකක් මහන්සී වගේ නිල්මී.* *අැයි බෙහෙත් වේලත් බිව්වනේ.* ඊ ළග කොටසින් හමු වෙමු.. සඳුනිVeteran MemberPosts:2462 03 Nov 2016 03:17 PM හ්ම් දැක්කනේ. උණු උණුවේ දැන් කතාව ලැබෙන්නේ.... ලියනවා දානවා. හි sha733Super Senior MemberPosts:7332 03 Nov 2016 07:46 AM Posted By සඳුනි on 03 Nov 2016 04:38 AM අා දැන් කට්ටියට සුවර් නෑ ඉන්නකෝ ස්ක්‍රීන් ඒකක් ගහලා දාන්න අද දවසම කරට් නෑ කොහොම ලියන්නද හරී................. විහිලුවක්වත් තේරෙන්නෙ නැහැනේ DushanVeteran MemberPosts:2536 03 Nov 2016 07:46 AM මාත් කියෙව්වා ඊලග කොටස එනකන් ඉන්නේ එහෙනම් සඳුනිVeteran MemberPosts:2462 03 Nov 2016 04:38 AM අා දැන් කට්ටියට සුවර් නෑ ඉන්නකෝ ස්ක්‍රීන් ඒකක් ගහලා දාන්න අද දවසම කරට් නෑ කොහොම ලියන්නද sha733Super Senior MemberPosts:7332 03 Nov 2016 04:09 AM ඔය කෙල්ල කියන්නේ බොරැ තමා අපේ රජතුමනි ලැප් එක පරීක්ෂා කරල දඩු කදේ ගහන්න ඕනේ kingDVeteran MemberPosts:3405 02 Nov 2016 10:57 PM ඔන්න 33 වෙනි කොටසත් කියෙව්වා... නංගි මේ බොරු නම් කියන්න එපා හරිද ලියල නෑ කියල ..හ්හ්... සඳුනිVeteran MemberPosts:2462 02 Nov 2016 10:16 AM Posted By sha733 on 02 Nov 2016 10:08 AM Posted By සඳුනි on 02 Nov 2016 08:05 AM කට්ටියට ඒක හුස්මට කතා කියව්ව හදිස්සී වගේ. ඉක්මණට ලියන්නම්කෝ හත්දෙයියනේ ඒ කියන්නෙ තව කථාව ලියලවත් නැද්ද ලියලා නෑ. දැන් ලියන ලියන කොටස දාන්නේ. සඳුනිVeteran MemberPosts:2462 02 Nov 2016 10:12 AM 33. වන කොටස. මියෙදෙන තුරා.. *කාටහරි අැහුනොත් සෝමේ මාමා මට බේබි කියනවා. හැමෝම දැන ගනී මම තමා වලව්වෙන් පැනලා අාපු බේබි කියලා.* *දැන් කියන්නකෝ බේබි වලව්වෙන් පැනලා අාපු හේතුව මොකද්ද කියලා. අපේ ලීලාවතී නංගී දන්නවද දුව මෙහෙ අාපු බව.* *ඒක පාරින්ම මට දු.. කියන්න පටන් ගත්තේ. මගේ හොද සෝමේ මාමා.* *ලොකු ෙබ්බි කොහොමත් මගෙම දරුවෙක් වගේ තමයි.* *අායි ලොකු බේබි කියනවා.* *හරි හරි දූ. * *ලීලම්මා දන්නේ නෑ සෝමේ මාමේ. මම කිව්වෙ නෑ.* *අනේ දැන් ඒකී වැළහින්නක් වගේ අඩා වැටෙනවා අැති දැන .* මම සෝමේ මාමාත් සමග සිදු වූ සියල්ල විස්තරාත්මකව කියා සිටියා. මොන දේ කිව්වත් මගේ අසනිපය ගැන නම් සෝමේ මාමාටවත් කිව්වේ නෑ. *ඉතිං අැයි දු. සුමේධ මහත්තයට අකමැතියි. ඔය කියන තාලෙට ඒ කොලුවගේ අැති වරදක් නෑනේ.* *ඒකට හේතුවක් තියෙයි සෝමේ මාමේ . දවසක හැමෝටම දැන ගන්න ලැබෙයි. සෝමේ මාමා අකමැතිද කියන්නකෝ මම මෙහෙ ඉන්නවට.* *මම කැමතී ලොකු බේබී.* *අායි ලොකු බේබී කියනවා.* අසුනෙන් හිටගත් මම වසා දාමා තිබු ජනේලය අසලට ගියා. කාලෙකින් ජනෙල් පියනේ අගුල අැරලා නෑ මළකඩක් කාලා. මම අමාරුවෙන් ජනෙල් පියන් දෙක විවෘත කලා. තවමත් පරිසරයේ වුයේ මද හිරු ඒළියක් පමණයි. මන්ද තවමක් වෙලාව උදැසන හත පසු වූවා පමණක් නිසාවෙන්. *ලොකු බේබී මම උදෙට කන්න ඉදි අාප්ප ටිකක් අරන් ඒන්නම් කඩේට ගිහින්. දැන් ඉතින් සැප නෑ. අපට තියෙන විදිහට තමා කලා ඉන්න වෙන්නේ.* *අර හිර ගෙදර ඉන්නවට වඩා මට මේ සැප නැති ජීවිතය හොදයි සෝමේ මාමේ. ලොකු මල්ලී ඒයිද අායි මෙහෙ.* *ලොකු බේබි බය නොවී ඉන්න. ඒයා අවොත් මම බලා ගන්නම්. ලොකු බේබී යන්න අකමැතිනම් මම අායි කටත් බේබිව බලෙන් අරන් යන්න දෙන්නේ නෑ.* *සෝමේ මාමා නැති වෙලාවක අාවොත්.* *බේබී බය නොවී ඉන්න. මම ගේ පෙන මානෙන් තමා දවසම ඉන්නේ. ගෙදරට මොකද ඒන්නේ මම දන්නවා.* සෝමේ මාමා අැද සිටි සරමටම කමිසයක් අැගලාගෙන නිවසින් පිට වී ගියා.ඉන් පසු මම ගියේ නිවසෙහි වු ඒකම කාමරයට. දෙවියනේ ශාමලී පැදුරු කෑල්ලක බිමි වැතිරිලා ඉන්නවා. මට අෑ අසලට යන්නටත් බය හිතුනේ අැය පුංචී ළමයෙක් වගේ අැග වැහැරිලා ගිහින්. කාමරය තුළන් අාවේ අප්රසන්ද දුගදක්. කිසිත් නොතැකු මම ශාමලි ළග දන ගහගෙන අැගේ මුහුනට ඒබුනා. *ශාමලී...* මගේ හඩ අැහෙත්ම අැය මළානික දෑස් දල්වා මා දෙස අමාරුවෙන් බැලුවා. මා දෙස ටික මොහොතක් බලා වුන් අැගේ මුහුනේ පද සිනාවක් අැදුනා. ඒ සිනහව කිව්වේ අැය මා හදුනා ගත් බව. *ශාමලී.. ඔයාට කොහොමද?* *ලො... කු.. බේ...* *අනේ මට ලොකු බේබී කියන්න ඒපා ශාමලී. මම දැන් ලොකු බේබී නෙමෙයි මම අායි කවදාවත් ලොකු බේබී වෙන්නෙත් නෑ. මම අාවේ ඔයා ළගටම වෙලා ඉන්න.* *අ...නේ... ලො..කු...* *අනේ ශාමලි මට නිල්මී කියන්න ඉස්සර ඉස්කෝලෙදී වගේ.* *නි...ල්..මී..* අැගේ නෙතින් කදුළු වෑස්සුනා. නමුත් අැගේ මුහුනේ තිබුනේ සිනහවක්. මාව දැකීමම අැයට සැනසීමක් වී බව මට දැනුනා. *ඔයාගේ නිල්මී ඔයාගේ ළගින්ම ඉන්නවා ශාමියෝ.* අැගේ කදුළු පිස දැමූ මම අෑ ළගින් නැගිට කාමරේ ජනේලයද හැර දැමුවා. උදා හිරු ඒළිය ජනෙල් කවුළුවෙන් කාමරය වෙත කාන්දු වුනා. ශාමලී අමාරුවෙන් හිස හරවා ඒ දෙස බැලුවේ හරිම අාසාවෙන්. *ඔයාට බඩ ගිනීද ශාමී. සෝමේ මාමා ගියා කෑම ගෙන්න.* අැය බඩගිනි නෑ යැයි මුහුන වනා ඉගි කලා. මා හිටි සුදු අැදුම අැදගෙන නිවස අස් කිරීම අපහසු බව තේරුම් ගත් මම ශාමලිගේ කුඩා අල්මාරය හැර බැලුවා. සේරම අවුස්සලා දාලා. ඒකෙන් අැදුමක් තෝරා ගත් මම ඒය අැද ගත්තා. ඒය දනහිසට වඩා පොඩ්ඩක් පහළට දිග කළු පසුබිමෙහි කහ මල් වැටුණ චීත්ත ගවුමක්. ඉන් පසු මම ගියේ කුස්සිය දෙසට. කුස්සිය ගෙයි අනිත් කැන් වලටත් වඩා අපිරිසිදුයි, පිළණු ගදයි. කුඩා නිවසක් වුනත් කුඩාවට පොරණුවක් බැද ලිප සකස් කර තිබුනා. නමුත් ලිපේ ගා තිබූ මැටි ගැලවි ගොසින්, පිගන් කොල්ල ගත් ගත් කැන් වල ,ඉදුල් වතුර කොරහක් පිලිණු වෙලා, පෝරණුව අසල වු කුණු භාජනය පෙරල ගෙන පුසෙක් කන්නට යමක් සොයනවා. මේ තත්වයෙන් ගොඩ ඒන්නය හුගක් මහන්සි වෙන්න වෙයි කියලා මම තනියම හිතුවා. මම මුලින්ම නිවසින් බැහැරට ගොස් බැලුවේ වතුර සපයා ගන්නේ කෙසෙද කියලා. විශාල ගල් කීපයක් අතර ගසා තිබූ පිල්ලක් දිගේ පිරිසිදු ජලය ගලා අාවා. පීල්ල යට දෙකය කපන ළද ප්ලිස්ටක් බැරලයක් ජලය රැස් විමට තබා තිබුනා. බැරලයට පිරුණු ජලය හතර වටින් උතුරා ගියා. ඉන් පසු නැවත කුස්සියට අතුළු වූ මම ඉදුල් වතුර භජනය විසි කරන්නට රැගෙන ගියේ නාසය හකුලාගෙන. මට නිවසක වැඩ කිරිම පිළිබද කිසිම අත්දැකිමක් තිබුනේ නැ. මන්ද යත් කිසිදා අප කුස්සිය දෙසටවත් යනවාට අම්මා අකමැති වූ නිසා. කෙසේ හෝ මම මේ ජිවිතයට හැඩ ගැසිය යුතුයි. මගේ අහිංසක මිතුරියට යලි දෙපයින් නැගිටන්නට වාරු දිය යුතුයි. මම හිත දැඩි කරගෙන පිගන් කොප්ප අනිකුත් භාජනද පිල්ල ලගට රැගෙන ගොස් සොදා පිරිසිදු කලා. ළිප වටේම තබා තිබු ඉදුල් වලන් පීල්ල අසලට ගොස් දැමු මම කොස්සක් ගෙන කුස්සිය අතු ගා දැමුවා. වතුර උණු කීරිමට අවශ්‍ය බව සිතු මම දැලි වලින් කළු වි තිබූ කේතලය ගෙන වතුර පුරවා ලිප මත් තැබුවා. පොරනය යට වූ දර කෑලී කිපයක් ලිපට දමා. ලීලම්මා අවුලන අාකාරය දැක අැති නිසා ඒ විදියට ලිප අවුලන්නට උත්සහා කලා. * ලොකු බේබි .. ලොකු බේබී. කෝ මේ දරුවා.* සෝමේ මාමා කුස්සිය දෙසට ඒන විට මම අාපසු හැරි බැලුවා. කුස්සිය පුරා දුමෙන් වැහිලා ගිහින්. මම දැක්ක වහාම සෝමේ මාමාට හොදම හිනා. *මොකද සොමේ මාමේ.* *පොඩ්ඩක් අල්මාරියේ කණ්නාඩියට ගිහින් බලන්නකො තේරෙයි. * *අැයි මක් වෙලාද?* *මූනේ දැලි පැල්ලම්. ඔලුව පුරා අළු ලිපට පිබලා. ඔය දරුවට ඔය වැඩ කරන්න බෑ. මම කරන්නම් ඉන්න.* * අනේ මටත් අාසයි සෝමේ මාමේ මේවා පුරුදු වෙන්න.* මම හිසේ වූ අළු ගසමින් කියා සිටියා.. *කොයි දේත් පුරුදු වෙන ඒක නම් හොදයි තමයි. බේබි හිතුවෙ නෑ කවදාවත් මේවගේ තැනක ජිවත් වෙන්න වෙයි කියලා. ජීවිතේ ඔහොම තමා හිටි ගමන් වෙනස් වෙනවා. අපිට ඒවට හැඩ ගැහෙන්න වෙනවා.* ඒක වරම ලිප අැවිල වු ඔහු සිනා සී මා දෙස බැලුවා. *ලොකු බේබි කුස්සිය සේරම අස් කරලා නේද කොප්ප පිගන් ටිකත් හොදලා. මට මේව සුද්ද කරලා තියා ගන්න අාසාවක් තිබ්බේ නෑ ළමයෝ. අපේ කොල්ලා අාවම තමා මේවා පොඩ්ඩක් පිළිවෙල කරලා. යන්නේ. උෟත් ඒන්නේ දුවන්න බලාගෙන.* *මටත් අාසයි මල්ලිව දකින්න.* *මේ දරුවා ඔය තෙත අැදුම මාරු කරන්. මුනේ දැළි ටිකත් හොදන් ඒන්න කෑම ටිකක් කාලා ඉන්න. මම උදවු වෙන්නම් මේ දරුවට ගේ පිළිවෙලක් කර ගන්න.* මුණ අතපය සොදා ගත් මම තව අැදුමක් මාරු කර ගත්තා. ඉන් පසු සෝමේ මාමා ගෙන අා ඉදි අප්ප ශාමලීටද කවා මමත් අාහාරයට ගත්තා. සොමේ මාමා මම ශාමලිට කවන දිහා බලාගෙන කදුළු සැලුවා. මම දන්නවා ඒ කාලේ ඉදන්ම සෝමේ මාමා ශාමලිට අාදරෙයි. දැන් වත් මේ මනුෂ්සයට සැනසිමක් ලැබෙයිනේ. හවස් වන විට නිවස පිළිවලට පිරිසිදු කර ගත්තේ සෝමේ මාමාගේද උදව්ව අැතුව. ඔහු ඉතා කැමැත්තෙන් ඒ වැඩවල නිරත වුනා. මිදුල පුරා පොළවට පොර වෙමින් තිබූ ඝන කොළ තට්ටුවද අතු ගා පුළුස්සා දැමුවා. දැන් නිවසම කල ඒළි වෙලා. ශාමලිද සෝම මාමාගේ උදව් අැතිව උණු දියෙන් නහවා පිරිසිදු කර අලුත් අැදුම් අළුත් රෙදි මත හාන්සි කළා. අැය අමාරුවෙන් අකුරු ඒක කර කියා සිටියේ '' ලොකු බේබී මට පව් සිද්ද වෙනවා ඔයා ලව්වා මේවා කර ගත්තම'' කියලා පමණයි. දවසම වෙහසුන නිසා මට දැනුනේ විශාල විඩාවක්. මගේ සිරුරට පුරුදුත් නෑ මෙහෙම වෙහෙසී වැඩ කරලා. මහන්සි නිවා ගන්නට සිතු මම ශාමලි ළගින් ටිකක් වාඩි වෙලා කතා කරමින් ඔන්න. අැයට කතා කරන්නට තරමක් අපහසුයි. ශරීරයේ ශක්තිය වැහැරිලා ගිහින්. මම අසන දෙවල් වළට අැය ඉගි කලා පමණයි. *ලොකු බේබි.* *අනේ සෝමේ මාමේ මට ලොකු බේබි කියන ඒක අත් අරින්නකෝ. මම දැන් ලොකු බේබි නෙමෙයි.* *හරි හරි දරුවෝ ඒක පාරට වෙනස් වෙන්න බෑනේ.* *අාන්න ඒහෙම වත් කතා කරන්න.* *මම පොඩ්ඩක් කඩේ පැත්තට ගිහින් ඒනනම් . රෑට උයන්න දේකුත් අරන්.* *හා හොදයි සෝමේ මාමා. අද නම් බොන්න ඒපා හොදද?.* *හරි හරි දරුවාේ මම බොන්නේ නෑ.* ඔහු පිට වි ගියා. සවස හයටත් කිට්ටු වි නිසා මම උයන්නට ඔනේ යැයි සිතුවා නමුත් මම උයන්නට දන්නේ නෑ. මම කුස්සිය පැත්තට ගොස් සහල් අැද්දැයි සොයා බැලුවා. ඒවිට ශාමලීගේ කාමරය දෙසින් අැසුනේ පිරිමි කටහඩක්. මම පුදුමයෙන් කාමරයේ දොර අසලට ගොස් බැලුවා. මට පිටු පා ශාමලි ළග වාඩි වි සිටි ඔහු, ශාමලි සමග කතා කරමින් සිටියා. ශාමලිත් සිනා මුසු මුහුණින් ඔහු කියන දේ වලට ඉගි කලා. ඊ ළග කොටසින් හමු වෙමු... sha733Super Senior MemberPosts:7332 02 Nov 2016 10:08 AM Posted By සඳුනි on 02 Nov 2016 08:05 AM කට්ටියට ඒක හුස්මට කතා කියව්ව හදිස්සී වගේ. ඉක්මණට ලියන්නම්කෝ හත්දෙයියනේ ඒ කියන්නෙ තව කථාව ලියලවත් නැද්ද සඳුනිVeteran MemberPosts:2462 02 Nov 2016 08:05 AM කට්ටියට ඒක හුස්මට කතා කියව්ව හදිස්සී වගේ. ඉක්මණට ලියන්නම්කෝ kingDVeteran MemberPosts:3405 02 Nov 2016 03:57 AM කෝ මේ සඳුනි නංගි ..මොනවා කරනවද මන්දා කොටස් දෙක තුනක් එකපාර දාන්නෙ නැතුව.. හ්හ් sha733Super Senior MemberPosts:7332 02 Nov 2016 03:50 AM Posted By kingD on 02 Nov 2016 12:02 AM අයියෝ..ගමේ ම ගෙදරක නැවතුනොත් අහුවෙයි නේද ඉක්මනටම සමහර විට ආයෙ එන්නෙ නැති වෙයි . එකපාරක් ඇවිල්ලනේ ගිහින් තියෙන්නේ DushanVeteran MemberPosts:2536 02 Nov 2016 02:46 AM Posted By sha733 on 02 Nov 2016 02:42 AM දැන් ඉතින් ඔන්න කප්පාදුව පටන් ගත්ත ලස්සයි මේ කථාව එක හුස්මට කියවල ඉවර කරන්න කොහෙද ඒකට චාන්ස් නැහැනේ ඒක නම් ඇත්ත අයියේ sha733Super Senior MemberPosts:7332 02 Nov 2016 02:42 AM දැන් ඉතින් ඔන්න කප්පාදුව පටන් ගත්ත ලස්සයි මේ කථාව එක හුස්මට කියවල ඉවර කරන්න කොහෙද ඒකට චාන්ස් නැහැනේ DushanVeteran MemberPosts:2536 02 Nov 2016 12:21 AM තව ටිකක් හදිස්සි නොවී හිටියා නම් වෙන විදිහක් වෙන්න තිබුනා කොහොමත් වැඩි දවසක් ඔහොම හැංගිලා ඉන්න බැරි වෙයි kingDVeteran MemberPosts:3405 02 Nov 2016 12:02 AM අයියෝ..ගමේ ම ගෙදරක නැවතුනොත් අහුවෙයි නේද ඉක්මනටම සඳුනිVeteran MemberPosts:2462 01 Nov 2016 08:53 PM 32. වන කොටස. මියෙදෙන තුරා... *ඔන්න නංගියේ මම ලොකු කෝප්පයකටම දැම්මේ ඉක්මණට නිවෙන්න ඔනේ නිසා අහිතක් නම් හිතන්න ඒපා.* *අනේ ඒකට කමක් නෑ අක්කේ.* මම අැය දුන් කැද කෝප්පය රස බලන්න වුනා. සැබවින්ම ඒය ලීලම්මා හදන කැද වලටත් වඩා රසවත් . *හරිම රසයි අක්කේ.* *අනේ තව දෙන්නද නංගියේ .රෑට කාලත් නැතුව අැතිනේ.* *අනේ මේක වැඩිත් ඒක්ක .අක්කත් බොන්නකෝ* *අනේ මගේ කොල්ලා අැහැරුනා මම බොන්නම් නංගියේ.* ගමේ දුප්පත් මිනිසුන් ළග කෙතරම් මනුස්සකම් තියෙනවා දැයි කල්පනා කරමින් මම කැද සියල්ලම පානය කලා. * නංගිට රෑ යාමේ නිදා ගන්න ලැබුනේ නැතුව අැතිනේ? ඔනේ නම් ටිකක් නිදා ගන්න.* *දැන් බෑ අක්කේ.* *මම ඒහෙනම් කොල්ලට කූද්දලා ඒන්නම්. ඉස්කොලේ යන්න පරක්කු වෙනවනේ.* විනාඩි කීපයක්ම අැහැරවලා අැහැරවලා අවසානයේ වයස අවුරුදු දොළහක් පමණ පිරිමි ළමයෙක් අැස් දෙක පොඩි කරමින් කුස්සිය දෙසට අාවා. *ඔහෙම හිටින්නකෝ නංගියේ මම මේ කොල්ලව ඉස්කොලෙ යන්න ලෑස්ති කරවලා ඒන්නම්.* *කවුද අම්මේ මේ නැන්දා* *මම අදුරන කෙනෙක් . කෝ යං මුණ හොදන්න.* අැය දරවාව අැදගෙන වගේ පීල්ල අැති පැත්තට ගියා. දාරුවා පාසල වෙත යවා අැය මා දෙසට අාවා. *නංගියේ . අද කඩේ අරන්නත් පරක්කුයි. නංගි අැරලලා අැවිත්ම කඩේ අරින්නයි හිතුවෙ. නැත්තම් කඩේ දාලා යන්න විදියක් නෑනේ. ලිපිනයක් හරි නමක් හරි කියන්න බලන්න.* *අර අක්කේ සෝමපාල කියලා කෙනෙක්. අසනිප වුන ගෑනු ළමෙක් ඉන්නේ. නෝනා මැරිලා.* *අා මේ අපේ වලි සෝමේ අයියා ගැන වෙන්න ඔනේ ඔය කියන්නේ.* *වෙන්න අැති අක්කේ ඒත් අැයි සෝමේ මාමාට'' වලි සෝමේ'' කියන්නේ.* *හවසට කටගොන්නක් බීගෙන ගම දෙවනක් කරනවනේ. කවුරුත් මොකුත් කියන්නේ නෑ . උෟ ඒක්ක පොරකාලා දිනන්න බෑ කාටවත්.* *ඒහෙට හුගක් දුරයිද අක්කේ තව.* *පාරෙන් ගියෙත් නම් දුරයි. වෙල පාරෙන් යමු.* *හ්ම්.* *ඒත් දැන් මේ නංගී අැයි හිටපු ගෙදරින් අාවේ. මම මේ ඔය නංගිට දැන ගන්න කියන්නේ . වලි සෝමේ අයියලෑ ගෙදර නම් ඔය නංගිට නවතින්න හොද තැනක් නෙමේ.* *මොනවා කරන්නද අක්කේ වෙන යන්න තැනක් නෑ.* *යමුද ඒහෙනම්.* *යමු අක්කේ .* මම නිවසින් බැහැරට ඒනවිට රැගෙන අා. පොත් කිහිපයත් ඔරලෝසුවත් අතට ගත් මම අැය පසු පසින් අැදුනා. අඩි පාරක් දිගේ අැදුණු අපි වෙල් යායාක් මැදින් වූ නියරක මතින් ඉදිරියට ගමන් කලා. *පරිස්සමින් වරෙන් නංගියේ උබට පුරුදු නෑ වගේ මෙවැයි අැවිදලා. ඔය ගවුම කොට කරලා අල්ල ගනින්. ඔය ලස්සන සුදු ගවුමේ මඩ ගෑවුනොත් යවනවා බොරු.* ඒහෙට මෙහෙට වැනෙමින් , සමබරව ගමන් කරන්නට උත්සහකරන අාකාරය දෙස බලා සිනා සෙමෙන් අැය පැවසුවා. සැබවින්ම ඒහි අැවිදීම පහසු නැහැ. උදෑසන පින්නට තෙත් වූ කණ නිල්ල දෙපා තෙත් කලා. වැඩි දුරක් යන්නටත් පෙර පිණි දිය සමග ඒක් වූ මඩ නිසා පවන් යුවල ලිස්සන සුළු ගතියක් අැති කලා. *නංගියේ ඔය සෙරෙප්පු දෙක ගලවලා අතට ගනින්. නැත්තම් ලිස්සලා වැටේවි.* මම අැය කියු දෙය පිළි ගෙන පාවහන් දෙක ගලවා දැමුවා. *කෝ දියන් මම ගන්න ඔය සෙරෙප්පු දෙක. නැත්තම් ගවුම ගන්න දෙයක නැති කර ගනීවි.* අැය මගේ පාවහන් දෙකත් රැගෙන ඉදිරියෙන් ගමන් කලා. මම ගවුමක් කෙටි කරගෙන අෑ පිටුපස ගමන් කලා. අවසානයේ පටු මාවතකට පිවිසි අපි තරමක් හුදකලා වූ නිවක් දෙසට ගමන් කලා . *නංගියේ. මෙන්න මේක තමා වලි සෝමේ අයියගේ ගේ. නංගී දැන් දිගටම මෙහෙ ඉන්නද කල්පනාව.* අැය ඉදිරියෙන් පෙනුනු කඩා නිවස පෙනවමින් කියා සිටියා. පෙනුමේ හැටිටනම් ඒ නිවසෙහි දෙදෙනෙකුටත් ජීවත් වීමට අපහසුයි. සිමෙන්ති ගලෙන් නිමවන්නට අාරම්භ කර තිබු නිවසේ වැඩි හරිය තවමක් අත්තිවාරමට පමනක් සීමා වෙලා තිබුනා.බිත්තී ඉහට නංවා ටකරං තහඩු කිහිපයක් හෙවිල්ලා තිබුනේ අත්තිවාරමෙන් තුඩා කොටසකට පමණයි. *ඔව් අක්කේ වෙන යන්න දිහාවක් නෑ. ශාමලීවත් බලාගෙන ඒයාගේ ළගට වෙලා ඉන්නවා.* *ශාමලී කෙල්ලව බලාගන්න හිතපු ඒක නම් ලොතකු දෙයක් . ඒත් නංගියේ වැඩි දවසක් යන්න කලින් දැනෙයි මෙහෙ ඉන්න ඒකේ අමාරුව.* *මොනවා කරන්නද අක්කේ.* අපි නිවසෙහි මිදුලටම පැමිණ තිබුනා. මාස ගණනාවකින් ඉදලක් නොදුටු පොළව වියලි කොළ වලින් වැසී ගොස් තුබුනා. කුඩා පැලෑටිවලින් ගහන මිදුල පුරා තිබුනේ මුසල බවක්. නිවස ඉදිරිපස වූ මල් පාත්ති වන මලින් පිරී ගොස් තිබුනා. මල් ගස් වට ඒතුනු වැල් ඒම ගස් වලටත් වඩා ඉහළට නැංවී තිබුනා. *වලි සෝමේ අයියේ... වලි සොමේ අයියේ...* *මොකාද බොල මේ උදේ පාන්දර බෙරිහන් දෙන්නේ.* *වලි සෝමේ අයියේ වරෙන්කෝ පොඩ්ඩක් ඒළියට . මේ උබගේ නෑදෑයෙක් අැවිත්.* *ලො.....* මා දුටු ගමන් ලොකු බේබී යැයි කියන්න ගියේ දෑස් ඉහලට නංවාගෙන. ඔහු කතා කරන්නට ප්‍රථම මුව මත මැදගිල්ල තබා ඒසේ නොපවසන ලෙස ඉගි කරනු ලැබුවා. *අා ... මේ ළමයනේ මොකද මේ දරුවා හදිස්සියෙම මේ පැත්තේ.* *මේ නංගි ගෙදරින් පැණලා අාවා කිව්වේ .මෙහෙ නවතින්න.* *මොනවා..* පුදුමයෙන් මුව අයා ගත් ඔහු දෑස් ලොකු කරගෙන මගේ දිහා බැලුවා. *අැයි සොමේ මාමා අකමැතිද මම මෙහෙ ඉන්නවට.* *මගේ නම් අකමැත්තක් නෑ දරුවෝ. ඒක් මෙහෙ හිටියොත් දුක් විදින්න තමා වෙන්නේ. මේ දරුවත් බලා ගන්න විදියක් නැතුව මම ඉන්නේ.* *ඔය කට ගොන්නක් බොන ඒක් නැවත්තලා කෙල්ල බලා ගත්තා නම් ඉවරනේ. ඔය හැටි කියවන්නේ.* *අනේ මේ ... රේනු නංගියේ. අනුන්ගේ කෝප්ප හොදන්නේ නැතුව ගිහින් කඩේ අැරපන්.* *අම්මද බොල මුට උදව්වක් කළාමත් අපට කතා කරන හැටි.* *පලයං පලයං යකෝ යන්න.* *යනවා තමා යකෝ. මම යනවා නංගියේ යන්න. උබට මෙහෙ ඉන්න ඒක අැති වුනොත් වරෙන් අපේ ගෙදරට.* ඒහෙම කියපු අැය සෝමේ මාමාටත් ගස්සගෙන යන්න ගියා. නිවසට ගොඩවැදුනු මොහොතේ සෝමේ මාමාගේ හැසිරීමෙන් බිරන්ත වූ මම නිහඩව බලා වුන්නා. *ලොකු බේබි මොනවද මේ කරන වැඩ. උදේ ලොකු බේබි මහත්තයත් මෙහෙ අාවා මාරාවේස වෙලා.* *මොනවා මෙහෙ අාවා. සෝමේ මාමාට බැන්නද?.* *මට බයින්න. මගේ තැනට අැවිත් මට බනින්නේ කොහොමද උන්.* *මට තවත් ඒ ගෙදර ඉන්න බෑ සෝමේ මාමේ.* *ඒ මොකද ලොකු බේබී. ලොකු බේබීට කසාදයකුත් ලෑස්ති කරලනේ තිබුනේ. * *ඒක තමා ඒහේ ඉන්න බැරි හේතුව.* * ඒ කිව්වේ. අනේ ලොකු බේබී තාම හිටගෙන ඒන්න අැතුලට.* මම ඔහුගේ අාරාධනයත් සමග ගෙට අැතුල් විය. මා හට ඉද ගන්න පුටවක් සුදානම් කර දුන් ඔහු ඉදගන්නයි අැරයුම් කලා. ඒම අසුනෙහි හිද ගත්මම වට පිටාව හොදින් බැලුවා. මකුළු දැල් වලින් වැසි ගිය නිවස හරිම අපිරිසිදුයි. සෑම පුටුවකම රෙදි, මේසය උඩ පවා රෙදි. කොනක වූ කුඩා කැබිනෙට්ටුවත් නිසේ අනිත උපකරනත් දූවිල්ලෙන් වැසි ගිහින්. මාස ගණනකින් කවුරුන් හෝ නිවසෙහි නොසිටි ගානයි. මුළු නිවසින්ම දැනුනේ පාළු පුස් ගදක්. ඒ ගද නිසාම මට හිතුනා සෑහෙන කාලෙකින් නිවස තුළට හිරු ඒළියක් වැටී නැති බව. *මොකද ලොකු බේබි වට පිට බලන්නේ. ලොකු බේබීට මේ ජීවිතේ හරියන්නේ නෑ. අාපහු වලව්වට යමු.* *නෑ නෑ මම අාවේ අායි යන්න නෙමෙයි. සොමේ මාමා අකමැතිද මම මෙහෙ ඉන්නවට.* *මම මොකට අකමැති වෙනවද? ලොකු බේබිට පුළුවන් නම් මට මොකද?* *මට දැන් වත් බේබි කියන කෑල්ල නවත්වන්න සෝමේ මාමේ.* *ඒක කොහොම නවත්වන්නද?* ඊ ළග කොටසින් හමු වෙමු... sha733Super Senior MemberPosts:7332 01 Nov 2016 01:43 AM Posted By සඳුනි on 31 Oct 2016 11:46 AM මුල අමතක කරන්න බැරියෝ මුල අමතක කරන්න බැරිද. ඇත්තද මම ඕකට හොදට කියල දෙන්නං එන්නකෝ ඔය මුලින් පටන් ගත්තා කියන තැනට චැට් බොක්ස් එකෙන් kingDVeteran MemberPosts:3405 01 Nov 2016 01:43 AM අනේ අදට ඉවරද ..දාන්නකෝ තව කොටස් දෙක තුනක් ... සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 11:46 AM මුල අමතක කරන්න බැරියෝ sha733Super Senior MemberPosts:7332 31 Oct 2016 09:48 AM ස්ටන් එකට විශේෂයක් කරන්න කැමති නැද්ද නිකං ෆේස්බුක් එකට වඩා එක කොටසක් කලින් දාල වගේ සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 07:24 AM හැබැයි කැද බීලා තමා ඉන්න වෙන්නේ හෙට වෙනකන් sha733Super Senior MemberPosts:7332 31 Oct 2016 07:16 AM හතුරු කෑල්ල එක්කම කැද බිබී ඉන්නකෝ අනිත් කෑල්ල දානකං සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 07:07 AM ඔන්න ඉවරයි දාලා. 10 තියේ කියලා හිතුවට 9 යි තිබිලා තියෙන්නේ. මම කියවලා වැරදි හද හද දැම්මේ. ඒකයි පරක්කු වුනේ. හුගක් ස්තූතියි උනන්වෙදුන් කතාව කියවනවට. දැන් ඉතින් හෙට ඉදන් දවසට ඒක කොටසයි හොදේ. කලින් කතාව අැත්ත සිදු වීමක්නේ. මේක මගේ අාකල්පයක්. වෙනසක් තියෙද? සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 07:00 AM 31. වන කොටස. මියෙදෙන තුරා... ටික වෙලාවකට පසු ස්විචය නිවන හඩ මට අැසුනා. පැය බාගයක් පමණ අැදටම වි හිටියේ මා හොදම තැතිගෙන සිටි නිසා .නැවතත් අල්මාරිය ළගට ගිය මම සද්ද අැති වීම වලක්වා ගැනීමට උත්සහා කලා. අල්මාරියේ අගුල කරකවා අලිමාරිය හැර උඩම වූ අැදුම අතට ගත්තා. අල්මාරිය වසා දමා ඒ අැදුම හැද ගත්තා. ඔරලොසුවේ සහන් අාලොකයෙන් පෙනුනා ඒක මට තිස් හතරවන උපන් දිනයට සිගිතියෙන් ලද තෑග්ග බව. ඒකත් හොදයි මම අම්මලාගේ මොකුත්ම ගෙනියන්නේ නෑ කියලා හිතලා හිත හදා ගත්තා. විදුලි රැහැන ගලව අකුලා ඔරලොසුවත් , මට නැතුවම බැරි පොත් දෙකත් අතට ගත් මම පාන්දර තුනට පමන මගේ කාමරයේ දොර වෙත අාවා. නිවස පුරා පැවතියේ දැඩි අදුරක් කොහෝ හරි හැපී සද්දයක් අැතිවේ යැයි බියෙන් මම ඉදිරියට අැදුනා. දොර හිමින් අැර ගත් විට පහත මාළයේ බුදු පහන ළග දල්වා තිබූ විදුලි බල්බයේ අාලෝකය පඩිපෙළ දෙසින් ගලා විත් තිබුනා. දෑසත් අදුරට හුරු වීදෝ මට වට පිටාවේ අැති දේ තරමක් දර්ශණය වුනා. මම ලීලම්මගේ කාමරය පසු කරගෙන පඩිපෙල දෙසට අාවා. හඩ නොනැගෙන්නට පඩිපෙල් ඒකින් ඒක බැහුපු මට අාලින්දයට ඒන්න සෑහෙන කාලයක් ගත වුනා. මගේ හදවත වේගෙන් ගැහෙනවා. ඒ හඩ පිතටඩ අැහෙනවා අැති කියලා මට හිතුනා. ඒ හඩ මාව අධෙෙර්ය කලා. මට සිතුනෙම නැවත කාමරයට යන්න. අද මම මේ ගමන නොගියොත් මට අායි අවස්ථාක් ලැබෙන්නේ නෑ. මම ප්‍රධාන දොර වෙත ගමන් කලා. හරිම පරිස්සමින් දොර හැර ගත්තා. මගේ දෑතම වෙව්ලනවා. දෑත විතරක් නෙමේ මුළු සර්වාංගයම වෙව්ලනවා. දෙපා නගන්නට වාරු නැ වගේ. මම නිවසින් පිටතට අැවිත් දොර වැහුවා. ගෙයින් නම් පිටතට පැමිණියා. දැන් ගේට්ටුවෙන් පිට වෙන ඒක තමා තිබෙන ඒකම ගැටළුව. ගේට්ටුව හැර නිවසින් බැහැර යන්නට වෙනත් මාර්ගයක් තිබිනේ නෑ. මම අනුමාන කරන් හිටියේ පාන්දර යාමය නිසා මේ වෙලා වෙනකොට මුරකරුට හොදටම නින්ද ගිහින් තියේවී කියලා. නිවසින් පිතට හරිම අන්ධකාරයි. සීතල දරන්නටත් නොහැකි තරම්. මම කවදාවත්ම රෑ අදුරේ තනිවම නිවසින් පිටතට අැවිත් නැහැ. මට හුගක් දුර තනියෙම මේ අදුර මැදින් යන්න තියෙනවා. ගමනේ බයානක බව පෙනී පෙනී මම ඉදිරියටම ගියා. මම ගේට්ටු කිට්ටු වෙද්දී මුරකව්ළුවේ බිත්තියට මුවා වුනා. මගේ අනුමානය නිවැරදි වෙලා තිබුනා . මුරකරු අසුනෙම හොදටම ගොරවමින් නිදි. ගේට්ටුව වෙත පියනැගුව මම ගේට්ටුවේ කුඩා කවුළුව විවෘත කලේ හරිම පරිස්සමින්. පොඩි හෝ සද්දයක් නැගුනොත් මුරකරු අවදි වෙන්න පුළුවන්. දැන් මම මුරකරුට අසු වුනොත් , මේ නිවස තුළ මට උදාවන තත්වය හිතා ගන්න වත් බෑ. මට කියන්න හෝතුවකුත් නැතිව යනවා. අවසානයේ මම නිවහනෙන් බයානකයි කියන, කටුකයි කියන බාහිර ලෝකයට පිවිසියා. ''සිටු මැදුරින් පලා යන කුමාරිකාව'' මගේ සිතට සිවුම් සතුටක් කාන්දු වුනා. මට සිහි ගැන්වුනේ'' සිටු විමන'' කතා මාලාව. මගේ ජීවිතේ මේ වගේ වෙනසක් වෙයි කියලා මම කවදාවත්ම හිතුවේ නෑ. මම පා ඉක්මන් කරලා පාර දිගේ ඉදිරියට අැදුනා. ඊ ළගට මට හමු වුනේ රූස්ස ගස් පෙලින් අාවරණය වූ මාර්ගය. ඒ තුළ වුනේ පුදුමාකාර අන්ධකාරයක්. රාත්‍රියේ නද දෙන කෘමි සත්තුන්ගේ නාද මගේ හිත තවත් බිය ගැන්නුවා. කිසාදා නිවසින් බැහැට නොඒන මට ඒ හඩවල් හුගක් නුහුරුයි. මට හිතුනෙම මේ කෑ ගහන්නේ මහ බයානක සත්තූ කියලා. ගස් අතර සැගවී සිටින ඔවුන් මගේ අැගට පැන මාව කා දමාවී කියලා මට හිතුනා. හදිස්සියෙම මට සිහි ගැන්වුනේ මා කියවූ භූත අාත්ම ගැන කතාවක්. කිසි දිනක මා මෙතරම් බියකට පත් වෙලා නෑ. මම මට හැකි වේගයෙන් දුවන්න වුනා. අනේ දෙවියනේ මම මේ ලෝකය ගැන දන්නේ බොහොම ටිකයි. මට හිතෙනවා දැන් මම ගත්තේ මෝඩ තීරනයක් කියලා. තවත් නම් මට ඉදිරියට යන්න බයයි. තව ඒළිය වැටෙන්නත් හුගක් වෙලා යයි ඒළියක් පෙන මානයකවත් නැහැ. මම ලොකු අමාරුවක වැටිලා වගේ මට දැනෙන්නේ. අනේ ලීලම්මේ . ඔයාලට දෙන් දුක් ගින්දර තමා මේ පල දෙන්නේ. මගේ දෑසත් කදුලින් බොද වෙලා. අවසානගේ සහන් ඒළියක් හමු වුනේ ගස් වදුල නිම වී වෙල් සහිත පෙදෙසක් හමු වූ නිසා. මිනිස් පුළුටක් වත් පේනමානයක නොමැති මාර්ගයේ මම හඩමින් ඉදිරියටම පිය මැන්නා. මම මාර්ගය දන්නේ නැහැ . මට ගම දෙසට ගිය දිනයක් වත් මතක නැහැ. මාර්ගය අසන්නත් කිසිවෙක් නෑ. මට දැනුනේ ලොකු අසරනකමක්. මගේ ලීලම්මේ ඔයා කියනවා වගේම ගෙදරින් පිට ජීවිතේ හරිම බයානකයි. නිවසින් පිට වුන මේ විනාඩි කීපයට මට හොදටම ඒක තේරුනා. දැන් මට අාපසු හැරෙන්නට බැ. කදුළුත් බයත් සමග ඉදිරියට අැදුනේ නිවැසියන්ට මා නැති බව දැනුන විට සැම තැනම මා සොයන්නට වාහන යොදවන බව දන්න නිසා. මම හිත සවිමත් කරගෙන පය ඉක්මන් කලා. නිමක් නැති වෙල් යාය මිස නිවසක් පේන මානයකවත් නැ. කෙතරම් හිත සවිමත් කර ගත්තත් වෙල් යාය තුළින් අැසෙන සත්ව නාද මාව බිය ගැන්නුවා. කළු පැහැති කුරුල්ලන් සමුහයක් හිස ළගින්ම වගේ මහ බයානක හඩක් නගාගෙන වන වදුල දෙසට පියාඹා ගියා. රෑ කාලය නිසා වවුලන් විය යුතුයි, මම අනුමාන කලා. කෙතරම් මම ස්වභාව ධර්මයෙන් අෑත් වී බිත්ති සතක් මැද සිර වී සිටියාද කියා තව තවත් පසක් වුනේ මේ සිදු වීමත් සමගයි. මම කිසි දිනෙක හැබැවින් වවුලන් දැක තිබුනේ නැහැ. මම පොත් කිපයත් ඔරලෝසුවත් ළයට තද කරන් ඉදිරියට අැදුනා. හිමිදිරියේ මිහිදුමෙත් සිතලෙත් අපහසුව මට නොදැනුනේ බිය නිසා මුළු සිරුරම බයට රත් වි තිබු නිසා විය යුතුයි. හිතට නොදැනුන සිතලත් මීදුමත් නාසයට හොදින් දැනී අැති බව පසක් වුනා. නාසයේ සිට ඉහළ අෑදී අා දැවිල්ල සිතල නිසා බව මම හිතුවා. උගුරත් තරමක් රිදුම් දුන්නා. මම පණමේන් අාදරය කළ සියල්ලන් සිහිපත් කරමින් ඉදිරියටම පිය නැගුවා. දැන් නිවෙස් ඒකින් ඒක හමු වෙනවා. මගේ බිය තරමක් පහ වුනා. නිවෙස් වල දල්වා තිබු විදුලි බුබුලු මට අාලෝකය සැපයුවා. ඒතරම් ළග ළග නොපිහිටි නිවෙස් අතර තරමක පරතරයක් තිබුනා. නිවෙස් නැති හරියේ දුවමින් ගමන් කළ මම නිවෙස් අසළදි විඩා නිවා ගත්තා .හිරු ඒළිය ටිකෙන් ටික අදුර නසමින් තිබු නිසා මගේ සිත සැනසුනත් ලොකු මල්ලිගේ වාහන මේ දෙසට ඒ යැයි බිය හද ගිනියම් කලා. නිවෙස් තුළින් මිනිස් කටහඩවල් අැසිම මට සහනයක් වුනා. මට ටික දුරක් යන විට හොදින් අැද පැළද ගත් අයෙකු මා දෙසට ඒනු පෙනුනා. කෙමෙන් ඔහු මට ළං වෙත්ම ඔහුගේ මූනේ තිබුනේ බියක් හරියට හොල්මනක් දැකලා වගේ. සමහර විට මම හොල්මනක් කියලා හිතනවා අැති. මගේ මුහුනට මද සිනහවක් නැගුනා. මා පසු කර ඔහු නගරය දෙසට අැදුනා. පරිසරය තුළ වූ බයානක හඩවල් නසමින් කුකුළන් හඩලන හඩත් , කපුටන්ගේ හඩත් අැසෙන්න වුනා. ඒ හඩවල් මා සිතට ගෙන දුන්නේ චමත්කාරයක් . නිවසේ සිටියදි මේ හඩවල් මට අැසුනේ අෑතින්. ඒ හඩවල මිහිරියාව හැබැහින් විදින්නට මම පිං කරලා තියෙයි , මගේ තීරණය ගැන වු පළමු සතුටු හැගීම සිත තුළ අැති වුනා. ලීලම්මා අද ටිකක් දවල් වෙලා මාව අැහැරවන්න කාමරයට ගියොත් හොදයි. අනිත් කවුරුත් නම් මාව හොයාගෙන කාමරයට ඒන්නේ නැනේ. සිකුරුටි අංකල් දකීද දන්නේ නෑ ගේට්ටුවේ අැතුලේ ලොග් ඒක අැරලා කියලා. ඒයා රෑ වහන්න බැරි වෙලා කියලා හිතුවොත් හොදයි. විය යුතු දේ අනුමාන කරමින් මම ඉදිරියටම අැදුනා. මම පැය ගන්නාවක් ඒක දිගටම අැවිදන් අා නිසා දෙපය අැදුම් දෙනවා. තවත් අැවිදින්න බෑ සිත කිව්වා. මට මෙහෙම අැවිදලා මට පුරුදුත් නෑ. චාරිකාවක් හරි පංසල් හරි ගියොත් මිස මම මෙහෙම අැවිදින්නේ නෑ. ජීවිතේ මුල්ම වතාවට තමා මා මෙතරම් දුරක් පයින් අාවේ. මේක නම් මගේ ජීවිතේට ලොකුම ලොකු අද්දැකීමක්. මම මැරුණත් මට අද දවස නම් අමතක නොවේවි. විඩාව නිසාම මම කුඩා කඩයක් ඉදිරි පස වු පඩියක් මත හිද ගත්තා. මම වට පිට බැලුවේ ලොකු පිපාසයක් දැනෙන නිසා. උගුර කට සියල්ල වියලිලා ගිහින්.නාසයත් උගුරත් දැවිල්ලයි. මම දුටුවේ ලි පතුරක් දිගේ විත් අැද හැලෙන දිය පහරක්. ඒ යට විශාල බාල්දියක් තබා තිබුනා. අැසට සොදුරු දසුනක් වුණ ඒය, මා කියවු පොත් පත්පත් වල වූ වතුර පිල්ලක් විය යුතුයි කියා මම අනුමාන කලා. මම සියල්ල කියවා , රෑපවාහිනියෙන් නරඹා තිබුනා මිස සියසින් දකින්නේ දැන් බව මට වැටහුනා. කුඩා වතුර පීල්ල වෙත ගිය මම දොත අැල්ලවා. ඒ වතුර අයිස් වගේ සීතලයි මම පිපාසය සන්සිදෙන තුරු ජලය පානය කලා. දැන් නම් ගම කෙලවරටම මම අැවිත් අැති. කාගෙන් හෝ පාර අසන්නට ඔනේ කියලා මම හිතුවා. ඒත් අහන්නට කිසිවෙක් නැ. මම පඩිය මත වාඩි වී බලා සිටියේ රැකියා කරා යක නිසිවෙකු හො මාර්ගයට පැමිනෙන තුරු. මෙතරම් වෙලා වාහන හඩක් වත් අසන්නට නොතිබූ පාරේ අැතින් වාහනයක හඩක් අැහෙන්න වුනා. මගෙ හිත කිව්වෙම ලොකු මල්ලි වෙන්න අැති කියලා . ඉක්මනින් හිද සිටි තැනින් නැගිට ගත් මම කඩය පිටු පසට දිව්වේ කිසිවක්ම නොසිතා.මම සැගවි බලාසිටියා. හිතුවා හරි දෙවියනේ ලොකු මල්ලී තමයි. ලීලම්මා අද උදෙන්ම මාව අැරවන්න ගිහින් වාගේ. වේගෙන් ගිය වාහනය ටික වෙලාවකින් නැවත කඩය පසු කර නගරය දෙසට ගියා. ඒහෙමම බිත්තියට වාරු වූ මම දෑස් පියා ගත්තා. *කවුද මේ.* මා දෑස් විවර කර බලන විට මා ඉදිරයෙහි කාන්තාවක් සැක මුසු මුහුණින් මා දෙස බලා සිටියා. මල් ඉහිරුන චිත්ත රෑ අැදුමක් හැද සිටි අැය වට පිට බැලුවේ කෑ ගහන්න වගේ. *අනේ අක්කේ කෑ ගහන්න නම් ඒපා. මම හොල්මනක් වත් හොරෙක් වත් නෙමෙයි.* *මොකද ඒහෙනම් මේ පාන්දර අපේ ගේ පිටිපස්සේ කරන්නේ. * *දැන් වාහන ගොඩක් අාවා ඒකපාරට .ඒවට බයේ හැංගුනේ.* *ඒ මන්ත්‍රී බේබී මහත්තයගේ වාහනනේ. මේ නංගි මේ පැත්තට අළුත් වගේ.* අැය මද සිනහවකින් මට සංග්‍රහ කරද්දී මට ලොකු සැනසිමක් දැනුනා. මේ මිනිස්සු මම ඒ මන්ත්‍රී බේබිගේ අක්කා බව අදුරන්නේ නෑ. ඒක නිසා හොදයි. *අනේ මම අදුරන්නේ නෑ අක්කේ. මම මේ ඊයේ ඉදන් මගේ නෑදෑ කෙනෙක්ගේ ගෙයක් හොයාගෙන ඒනවා. * *අනේ නංගියේ රෑ කොහෙද හිටියේ.* *බස් වලයි පාරෙයි තමා අක්කේ.* *අනේ දෙවියනේ ටවුමේ ඉදන් තනියෙම පයින් අාවද?* *ඔව් අක්කේ.* *ඔයා මාර ළමයෙක්නේ. උදේක ඒහෙන් පිට වෙන්න ඒපෑ. රෑ කියන්නේ ගෑනු ළමයින්ට අැවිදින්න පුළුවන් කාලයක් නෙමෙයි. ඔයා වගේ ලස්සන ගෑනු ළමයෙක් දැක්කම වලත්තයන්ගෙන් බේරුමක් වෙන ඒකක් නෑ. නංගී අර වාහන වලට බයේ හැංගුන ඒක හොදයි.* *ඒ අැයි අක්කේ ඒහෙම කිව්වේ. උදේ වෙනකන් ඉන්න බැරි වුනා අක්කේ මම මේ ගෙදරින් තරහා වෙලා ඒන ගමන් * *ඔය මන්ත්‍රීලා ළග වැඩ කරන වුනගේ හැටි දන්නේ නැද්ද?. තනි ගෑනු ළමෙක් පාර ඉන්නවා දැන්නම. මුව පැටියෙක් දැක්ක කොටි වගේ කඩා පනීවී. ඔය මන්ත්‍රීගේ කැරැට්ටුවත් ඒ හැටි හොද නැ.* *මම ඒහෙනම් දෙවියන්ගේ අාරක්ෂාව නිසා බේරිලා තියෙන්නේ.* *අම්මේ ඔව් . දෙවියන්ගේ පිහිටින් නංගි පරිස්සමට අාවනේ. යමුකෝ නංගියේ ගෙට . හොදටම මහන්සි නැතෑ රෑ පුරාම අැවිදලා. ටිකක් විවේක අරන් ඔයාගේ නෑදෑයගේ ගෙවල් පැත්ත හොයා ගමු.* මම නිහඩවම අෑ දැස බලන් හිටියා. *මොකද ළමයෝ බය වෙලාද ? ඒන්න ගෙට මායි දරුවයි විතරයි ඉන්නේ.* මම අෑ සමග කුස්සිය පැත්තෙන් ගෙට අැතුල් වුනා. හැරෙන්න වත් ඉඩ නැති පුංචී කුස්සියක් . ඒකත් හදලා තිබුනේ මැටියෙන් කියලා වට පිටාව බලද්දී මට තේරුනා. *මේ ළමයා හොද පොහොසත් පවුලක වගේ. අපි නම් ඉතිං බොහොම දුප්පත්. ඔන්න ඔය පුටුවෙන් ඉද ගනින්කෝ නංගියේ. මම මේ අපේ කොල්ලට කැද ටිකක් හදන්න හැදුවේ.* අැය පෙන්නු ලී පුවුව මත් හිදගෙන මම බලා සිටියා. මා සමග නොයෙක් දේ කතා කරමින් අැය කැද පිසුවා. අවසානයේ විශාල කොප්පයනට දමා මා වෙත කැද පිළගැන්නුවේ හතුරු කෑල්ලකුත් සමග. ඊ ළග කොටසින් හමු වෙමු... DushanVeteran MemberPosts:2536 31 Oct 2016 06:53 AM අපොයි කාටත් නොකියා ගෙදරින් යන්නද හදන්නේ මේ කෙල්ල මේ කතාව කොයි අතට හැරෙයිද කියල හිතාගන්න බෑ DushanVeteran MemberPosts:2536 31 Oct 2016 06:37 AM ඔන්න මාත් කියෙව්වා මේ කොටස් ඔක්කොම ටික දැන් නම් මේ කතාව නියමයි සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 06:37 AM 30. වන කොටස. මියෙදෙන තුරා. *ඔයා මගේ මල්ලිම තමයි සිගිතියෝ.* *අනේ අැයි ලොකු බේබී දුකෙන් ඉන්නේ* *මට ඔයාලව දාලා යන්න වෙනවා. මගේ මල්ලී ඒනවා නේද මාව බලන්න. මට ඔයාගෙන් ලොකු උදව්වකුත් ඔනේ.* *ඒ මොකද්ද ලොකු බේබී.* *ඒක ඔයාට හෙට අනිද්දා වෙනකොට දැන ගන්න ලැබෙයි.* මම අැද මත ඉදගනිමින් කිව්වා. මගේ හිතට දැනුන වේදනාව කොහොම ඉවසන්නද කියලා මට හිතා ගන්නත් අපහසුයි. *අනේ කියන්නකෝ ලොකු බේබී.* *කෝ හ්හ් ඒක. කොහොමද පුරුද්ද අත්අැර ගත්තේ.. .* දුක අතරෙම මගේ මුවගට යාන්තම් සිනහවක් නැගුනා. මගේ මුහුණට හැමදාමත් සිනාව ගෙනාවේ සිගිති තමයි. මට දරා ගන්න බෑ ඒයාලව දාලා යන්න වෙන ඒක. *ඒක තියෙනවා. හ්හ්* සිගිතිගේ කතාවත් ඒක්ක මගේ හිනාව තවත් වැඩි දිවුණු වුනා. සිගිති නම් සැබැවින්ම මගේ සිනහවේ අදිපතිද කෙහෙද ? මම හිත යටිනුත් තව තවත් සතුටු වුනා. *අාන් ඒහෙම හිනා වෙලා ඉන්න ලොකු බේබී.* *අායි බේබී කියනවා.* *අම්මෝ ලොකු නෝනට අැහුනොත් මාව ගෙදරම පන්නාවී.* *ඒ අැහුනොත්නේ.* මට හයියෙන් හිනාවක් අාවේ සිගිතිට අප්පච්චී පන්න පන්න ගහන හැටි මැවිලා පෙනුන නිසා. *මොකද ඒ පාර හිනා වෙන්නේ ලොකු බේබී.* *නෑ මට මැවිලා පේනවා සිගිතිට අපේ අප්පච්චී පන්න පන්න ගහන හැටි.* *මොකද සිගිති මේ මහ රෑ ලොකු දූගේ කාමරේ.* ඒක වරම අම්මාගේ කට හඩ අැහෙද්දී මගේ මුළු අැගම සීතල වෙලා ගියා. සිගිති පව් හොදටම බය වෙලා බිම බලාගෙන ඉන්නවා අහිංසකයා වගේ. මට පුදුමේ අම්මා ලේසියෙන් මගේ කාමරයට ඒන්නේ නෑ ඒක පාරටම අාවේ මොකද කියලා. *මම සිගිතිට ඒන්න කිව්වේ අම්මේ.* *ඒ මොකටද ලොකු දූ. මම ඔයාට කියලා තියෙනවා නේද? ලීලම්මයි සිගිති ඒක්ක වැඩි අැයි හොදයි ඔනේ නෑ කියලා. අනික ඔයා මේ ගෙදර වැඩිමාල් දරුවා. සිගිතිලා මේ ගෙදර කවුද?* *අැයි අම්මේ ඔයා ඔහොම කතා කරන්නේ අපි කවුරුත් මනුස්සයොනේ. අනික ලිලම්මයි සිගිති අපි වෙනුවෙන් මොන තරම් දේවල් කරනවද?* *මොකද ලොකු දූ වෙලා තියෙන්නේ . ඔයාට දැන් අපිට වඩා ගෙදර වැඩ කරන අයද වටින්නේ. මට තේරෙනවා මම ඔයාට ඒයාලට ලං වෙන්න දුන්නා වැඩී.* *අනේ ඒහෙම දෙයක් නෑ අම්මේ.* *සිගිති යනවා ගිහින් වැඩක් බලා ගන්නවා.* *හොදමයි ලොකු නෝනා. හ්හ්.* සිගිති කාමරෙන් පිට වෙලා ගියා. මගේ සතුට සැනසීමත් සිගිතිත් ඒක්කම පිට වෙලා ගියා. මගේ අැදේම කොනක හිද ගත් අම්මා මගේ හිස අත ගෑවා. මම අැගේ උරහිසට වාරු වුනා. *මම ඔයාගෙම හොදටනේ කියන්නේ ලොකු දූ. ඔයාට මම අාදරේ නිසයි කියන්නේ.* *හරි අම්මේ.* ඔවුන් හිතන පතන විදිය මට වෙනස් කරන්නට නොහැකි බව මම දන්නවා. ධනවත් කම මිනිසුන්ගේ යහපත් සිතුවිලි යට කරගෙන උඩගුකම රජ කරවනවා. මෙතරම් ධනවත් පවුලක දරුවෙක් වෙලත් මම හිතන විදිය සියයට සියයක් ම වෙනස් වුනේ කොහොද කියලා මම හිතුවා. *අැයි අම්මේ මේ මහ රෑ නින්ද යන්නේනැද්ද?* *අනේ මන්ද ලොකු දූ මට අද මහ අමුත්තක් දැනෙනවා.* *ඒ මොකද අම්මේ* මම හිස උසවා අෑ දෙස බලමින් විමසා සිටියා. අැගේ මුහුනේ තිබුනේ දුකක්. *මම නරක හීනයක් දැක්කා දරුවෝ ඔයා ගැන.* *මම ගැන* *ඔව් මට බයයි ඔයා අපෙන් අෑත් වෙයි කියලා.* *හමුවෙන හැමෝම වෙන් වෙනවා අම්මේ. ඒක අපිට වළක්වන්න බෑ.* *මොනවද ලොකු දූ ඔයා ඔය කියන කතා. කොහෙන් ඉගෙන ගන්න ඒවද?* *ඒවා අැත්තනේ අම්මේ.* *ඔයා තාමත් සුමේධ පුතාට අකමැතිද?* *අනේ නෑ අම්මේ . සුමේධ අයියා තරම් හොද කෙනෙක් මම ජීවිතේට දැකලා නෑ. මම ඒයාට හුගක් කැමතී.* *මගේ හොද දූ.* අම්මා මාව තුරුළු කර ගනිමින් කිව්වා. අැත්තටම අම්මා මට අාදරෙයි කියලා මගේ හිත හුගක් සතුටු වුනා. මම අම්මගේ උණුහුමට ගුලි වෙලා හිටියේ හරිම අාසාවෙන්. *ලොකු දූ..ඔයා සුමේධ පුතාට මල්ලිගේ බිස්නස් ඒක ගැන කිව්වද?* *මොන බිස්නස්ද අම්මේ.* *අැයි ලොකු පුතා ඔයාට පයිල් ඒකක් දුන්නා නේද?* *අා දුන්නා අම්මේ. අම්මත් ඒක දන්නවද?* *ඔව් ලොකු දූ ඒක අපි හැමෝටම හොද අාදායමක් ගන්න පුළුවන් වැඩක්.* *මම නම් ඔවා දන්නේ නෑ අම්මේ. මම හෙට සුමේධ අයියට කියන්නම්.* අැත්තෙන්ම අම්මා ගැන හිතේ තිබූ අාකල්පය ඒහෙන් පිටින්ම වෙනස් වෙන්න ගත වුනේ සුළු මොහොතයි. අැත්තටම අැය මට අාදරේද ? නැත්තම් මාව ඉත්තෙක් කරගෙනද?. අම්මා ගැන ඒහෙම හිතන ඒක පව් කියලා මම දන්නවා. ඒත් මේ අැහෙන වචන , මම කොහොමද මේ මිනුස්සුන්ව තේරුම් ගන්නේ. *අම්මේ මට හොදටම නිදි මතයි. දැන් හුගක රෑත් වෙලා මම නිදා ගන්නද?* *හරි ලොකු දූ ඒහෙනම් මම යනවා. ඔයා නිදා ගන්න. * ඒහෙම කියපු අැය පිට වී ගියා. සැබවින්ම මා හට නිද මතක් අහලකටවත් අැවිත් නොතිබුනත් අම්මා කාමරෙන් පිට කීරිමට අවශ්‍ය නිසා නිදි මත බව පැවසුවා. නාන කාමරයට ගොස් මූණ අතපය දොවනය කර පිරිසිදු වුන මම රෑ අැදුමක් අදින්නේ නැතුවම අැදේ හාන්සි වුනා. මම ගත් තීරණය ගැන මම අායෙත් කල්පනා කලේ නිසි අයුරින් ඒක කර ගන්නට ලැබේවයි දෙවියන්ගෙන් ඉල්ලීම් කරමින්. සියල්ලන් ගැනම සිහිපත් කරමින් දුක් වෙමින් සිටි මට ඉබේටම නින්ද ගියා. හිතේ කලබලය නිසාම ඒක දිගට නින්ද නොගිය මම සැරින් සැරේ නින්දෙන් අැහැරුනා. මම පාන්දර දෙකට පමණ අැහැරියේ පපුවේ වේදනාවෙන් පීඩා විදිමින්. ටික වේලාක් පැවති වේදනාව මම අායාසයෙන් දරා ගත්තා. හුග දිනකට පසු පපුවේ වේදනාව අැති වුනේ මගේ හිතට ශක්තිය දෙන්නද කියලත් මට සිතුනේ, මා ගත් තීරණ නිවැරදී බව තහවුරු කරවමින්. පපුවේ වේදනාව තරමක් අඩු වු පසු මම අැද වියලට හේත්තූ වී කල්පනා කරන්න වුනා. මගේ හිත කිව්වෙම මමගත් තීරණය හරි කියලා. මම මද වෙලාවක් අදුරේම හිද කල්පනා කලා. ඉන් පසු අදුරේම අැද අදල වූ කුඩා මේසය අත ගා සුමේධ අයියා මාස හතරකට පමණ පෙර තෑගි දුන් දරුවන් දෙදෙනාගේ චායාරුව අැති ඔරලොසුවේ අාලෝකය දැල්ලුවා. මගේ අාදරණිය දරුවෝ දෙන්නා ඒදා වගේම තාමත් අාදරෙන් හිනා වෙලා මගේ දිහා බලන් ඉන්නවා. මම ඒම චායාරුව ළගට තුරුළු කරන් අඩන්න වුනා. මට ඔයාලගේ ළගින් ඉන්න වරම් නෑ රත්තරනේ. මම අාසයි ඔයාලගේ අම්මා වෙන්න. මගේ තුරුලෙම ඔයාලා ලොකු වෙනවා බලන්න. මට ඔයාළට ළං වෙන්න බෑ. ඒකෙන් ඔයාලට කවදා හරි හෙට දැනෙන දුකට වඩා ලොකු දුකක් දැනේ වී. මම ඔරලෝසුව අැදලා ගත් නිසා විදුලි රැහැන ගැලවි ගියා. දැන් කාමරය නැවතත් අදුරෙන් වැසිලා ගිහින්. මම පුළුවන් තරම් ඉකි ගගහා හැඩුවා. අායෙත් අදුරෙම අත ගලා ඔරලොසුවේ අාලොකය දල්වා ගත් මම අැද මත වාඩි වානේ පොතකුයි පෑනකුයි අතැතිව. මම කදුලු මැදින් අකුරු අමුනන්න වුනා. අම්මා අැතුළු පවුලේ සැම වෙත, කදුලු දෑසින් රාත්‍රියේ ලියමි. මගේ අම්මේ මට සමාවෙන්න. මම සුමේධ අයියට කැමතී . දරුවෝ දෙන්නත් මගේ පණ හා සමයි. මට තව දුරටත් ඔයාලා හැමෝටම දුක් දෙන්න බෑ. මම දන්නවා මගේ තීරනය ඔයාලට මුලින් දුකක් වෙයි . ඒත් පස්සේ ඔයාලා මට වෙෙර කරන්න ගනී. ඒ වෙෙරය ඔයාලගේ දුක නැති කරලා දමාවී. දැන් ඔයාලට පොඩි මල්ලි නැතුව දුක නෑ වගේ. මගේ මේ තීරණයට ලොකු හේතුවක් තියේ .ඒක දවසක ඔයාලා හැමෝටම දැන ගන්න ලැබෙයි. ඒදාට වෙෙරය ඉවරවෙයි. මම ගැන හොයන්න ඒපා. මම හොදින් ඉන්න බව විතරක් හිතන්න. මාව හොයන්නත් ඒපා. මම ඔයාලට මොන තරම් අාදරේද කියලා දවසක ඔයාලා හැමොටම තේරේවී. මම නවතින්නම්. තෙරුවන් සරණයී. මම ලොකු දූ... මම ලිව්ව කීපවරක්ම කියවා හතරට නවලා පොත අතරටද දැමලා කුඩා මේසය මතම තැබුවා. සද්ද නොඅැසෙන්නා අැදෙන් බැස්ස මම අල්මාරිය ළගට ගියා. කරුවෙලේම ගිය නිසා මම අල්මාරියේ හැපි පොඩි සද්දයක් නැගුණා. මම හිටි තැනම ගල් වුනේ ලිලම්මා අැහැරෙයිද කියලා බියෙන්. සුළු මොහොතකට පසු හිතපු විදියටම ලිලම්මගේ කාමරයේ විදුලි පහන දැල් වුන දැන් සේරම ඉවරයි. ගෙදර හැමෝම අැහැරෙයි දැන්. මගේ හිතේ නැගුනේ දුකක්. මම ඉක්මනින් අැදට ගිහින් පොරවනය පොරවාගෙන නිදි වගේ හිටියේ මම රෑ අැදුමක් අැද නැති ඒක ලීලම්මට සැකයක් අැති කරයි කියලා. ඊ ළග මොහොතේ කාමරයට අැතුළු වූ අැය කාමරයේ විදුලි පහන දැල් වුවා. ඊ ළග කොටසින් හමු වෙමු... sha733Super Senior MemberPosts:7332 31 Oct 2016 06:37 AM ඔයා පරක්කු කරනවනේ නංගී ඔය ටික දාන්නකෝ විගහට සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 06:25 AM 29. වන කොටස. මියෙදෙන තුරා.. *මම දු ගේ අම්මී තමා රත්තරං.* *අම්මි නැන්දී බොලු කීනවා. මගේ අම්මි නම් අපි ළග ඉන්න ඔනේ. චූටී දූ බලා ගන්න ඔනේ. හබුං කවන්න ඔනේ. කතාන්දර කිලා දෙන්න ඔනේ.* මම දැනුන දුක හිතා ගන්නත් අමාරුයි .මම චුටී දුගේ පපුවට මූණ තද කරගෙන අැඩුවා. *අම්මී නැන්දී අැයි අඩන්නේ.* *මොකුත් නෑ මගේ පැටියෝ. * මම අැයවත් වඩාගෙන් ගේ අැළට ගියා. *ඒන්න ඒන්න දූ. මේ දරුවා ගැන කිව්වට මම අදම නොවේ මේ දරුවව දැක්කේ.* මාව අාදරෙන් සිප ගනිමින් මාව පිළිගත්තේ සුමේධ අයියලගේ අම්මා. මගේ උරහිස් දෙකෙන් අල්ලගෙන පුදුමගෙන් වගේ බලන් හිටි, අැය මගේ කොපුලක් අත ගෑවා. තවමත් මගේ අතට වෙලා මේ සිදු වීම දිහා බලන් හිටිය චූටී දූ හුරුතලේට කතා කරන්න ගත්තා. *කූඅම්මේ . මගේ අම්මී නැන්දී ලස්සනයි නේද?* *ඔව් මගේ චූටී දූ ඔයාගේ අම්මට පණ දීලා වගේ. ඒක වගේ හත් දෙනෙක් ඉන්නවා කිව්වට මෙහෙමත් ඒක වගේ වෙන්න පුළුවන්ද?* *ඔය වෙලා තියෙන්නේ අම්මේ.* මේ සිදු වීම දිහා නිහඩව බලන් වුන්නු සුමේධ අයියා ඔහුගේ අම්මා සමග කිව්වා. *සෙව්මිණිලගේ අම්මා දැක්කොත් ඒහෙම. ඒයත් රැවටේවී සෙව්මීණී මැරිලා නෑ කියලා.* *කූ අම්මී නැන්දී අම්මිට කුක්කු ඒකක් හදලා දෙමුකෝ...* *අනේ මට ඔයාව දැක්කම හැමදේම අමතක වුනා. මෙහෙන් ඉදගන්න නිල්මීණී දූ. මම කුසුමෙට කියලා ඒන්නම් හැමොටම හවස තේ වේල ලෑස්ති කරන්න කියලා. තව දවස් තුනකින් මේ දරුවා දිගටම මෙහෙනේ. මට හරිම සංතෝෂයි.* පැය භාගයක් පමණ ඒහි ගත කල අපි නිවස බලා ඒන්නට සුදානම් වුනා. චූටී දූගෙන් බේරුමක් නොවුන නිසා දරුවනුත් සමග අපේ නිවසට පැමිනියා. අපේ ගෙදර අයගේ බලකිරිම නිසා සුමේධ අයියලා රෑ අාහාරය ගන්න ඉන්න කැමති වුනා. සියල්ලන්ම විවාහා උත්සවය ගැන සතුටින් කතා කලා. රෑ අාහාරයෙන් පසු අපෙන් සමු ගත් සුමේධ අයියත්, දරුවන් දෙදෙනාත් පිට වි ගියා. මගේ හිතට දැනුනේ කියා ගන්න බැරි තනිකමක් පාළුවක්. මම කාමරයට වැදිලා අැදේ ඒ මේ අත පෙරලෙමින් කල්පනා කලා. මගේ තීරනයත් සමග මගේ හිත දන්නවා මම මේ පහන් කරන්න උත්සහ කරන්නේ මොන වගේ රැයද්ද කියලා. මගේ හිත කිරි ගැසුනේ අප්‍රමාන දුකකින්. *ලොකු බේබී .. ලොකු බේබී මහත්තයා කතා කරනවා.* *අැයි ලීලම්මේ.* *දන්නේ නෑ ලොකු බේබි.* ලිලම්මා දකිද්දී මගේ දුක දෙගුන තෙගුණ වුනා. මම ඒක පාරටම ලිලම්මගේ බද වටේ අත් දෙක යවලා තුරුල් වෙන ගමන්, මගේ මුහුන අැගේ ළය මත තබා ගත්තා. *අැයි මේ රත්තරනේ.* *මොකුත් නෑ ලීලම්මේ.* *මොකුත් නැත්තම් අැස් වල කදුලු.* මගේ නිකට යටින් අල්ලලා මගේ මුහුණට ඒබෙමින් ලිලම්මා අැහුවා. මගේ අැස් දෙකේ වැටෙන්න ඔන්න මෙන්නව සිර වී තිබු කදුළු කැට කම්බුල් දිගේ රූරා ගියා. *මට ඔයාලව දාලා යන්න වෙනවා. මට වෙන කරන්න දෙයක් නෑ.* *අනේ රත්තරං ලොකු බේබි . කසාද බැන්දම මහත්තයාගේ ගෙදරනේ ඉන්න ඔනේ. අනික මහ අෑතකට යන්නේ නෑනේ. සුමේධ මහත්තයා නිතර ඔයාව මෙහෙ ඒක්ක ඒවී.* *මට හුගක් දුකයි ලීලම්මේ.* *තව දින තියෙනවනේ රත්තරං. කෝ නාඩා ඉන්න.* ලීලම්මා මගේ කදුළු පිහින්න උත්සහ කලත් අැයගේ නෙතින් අා කදුලු වලක්ව ගන්න අැයටත් නොහැකි වුනා. සුළු මොහොතක් අැගේ තුරුලේ රදවාගෙන හැඩුව අැය මාව උරහිස් දෙකෙන් අල්ලා මගේ මලානික වුන මූණ දිහා බැලුවා. *ලොකු බේබි දුක් වෙන්න ඒපා. මම කොහොම හරි ලොකු බේබි ගාවට ඒනවා.* *අනේ ඉක්මණට මගේ ගාවට ඒන්න ලිලම්මේ.* කියමින් මම නැවතත් අැගේ වතට වාරු වුනා. *ලොකු බේබී දැන් පහළට යන්න. නැත්තම් ලොකු බේබි මහත්තයට කේන්ති යාවි දන්නවනේ හැටි.* *හ්ම්.* දෑතින් කදුළු පිස ගත් මම පහළ මහළට ගියා. ලොකු මල්ලී තනියෙම සෙටියේ වාඩිවි රෑපවාහිනිය නරඹමින් සිටියා. *අැයි ලොකු මල්ලි කතා කලේ.* *ඔතනින් පොඩ්ඩක් වාඩි වෙන්නකෝ ලොකු අක්කේ.* මම ඔහු ඉදිරිපස වූ අසුනේ වාඩි වෙලා ඔහු දිහා බැලුවේ මොකද්ද කියන්න යන්නේ කියලා හිතා ගන්න බැරිව. ඔහු මා වෙතට පයිල් ඒකක් පෑවා. මොකද්ද කියලා අහන්නෙත් නැතිව මම පයිල් ඒක මගේ අතට ගත්තා. *ලොකු අක්කේ මට ලොකු උදව්වක් ඔනේ.* *මොකද්ද මේ ලොකු මල්ලි* *ඔක බිස්නස් අැග්රිමර්න්ට් ඒකක්. සුමේධ මස්සිනාට කියලා ඔක අත්සන් කරලා ඔනේ මට.* මගේ හිත පිළිකුලින් පිරිලා ගියා . මොකද මම හොදටම දන්නවා. මේක සුමේධ අයියට කෙසේ වෙතත් ලොකු මල්ලිට වාසි වෙන වැඩක් බව. මොන ජාතියේ මිනිස්සුද මෙයාලා. මාව ඉත්තා කරගෙන සුමේධ අයියව සුද්ද කරන්නයි මෙයාලා හදන්නේ. මෙහෙම සල්ලි වලට කෑදර මිනිස්සු ඉන්න තැනක අැයි මම ඉපදුනේ. මම මටම චෝදනා කර ගත්තා. *ලොකු අක්කේ මොනවද කල්පනා කරන්නේ. පුළුවන් නේද?* *හා මල්ලී මම සුමේධ අයියාට දෙන්නම් මට මේවයේ තේරුමක් නෑ. සුමේධ අයියා බලලා අත්සන් කරයි.* *ඒහෙම කියලා බෑ. සුමේධ අයියව කැමති කරන ඒක ඔයාගේ අතේ තියෙන්නේ. මට කොහොම හරි වැඩේ කෙරෙන්න ඔනේ.* ඔහුගේ මුහුනේ තිබුනේ හරිම කපටි හිනාවක්. තවත් තර්ක කිරිමෙන් වැඩක් නොවන බව තිරණය කළ මම යන්න අසුනෙන් නැගිට්ටා. *ලොකු අක්කේ පුළුවන් ඉක්මණට වැඩේ කරලා දෙන්න.* *හරි මල්ලි .* මම උඩ තට්ටුවට ඒන්න ඒද්දි මට මගදි සිගිතිව හම්බ වුනා. සිගිතිට පොඩ්ඩක් කාමරය පැත්තට ඒන්න කියපු මම පයිල් ඒකකත් අරන් කාමරයට වැදුනා. පයිල් ඒක ජනෙල් කවුලු අලව වූ අසුන මතට විසි කලේ හිතේ හිර කරන් අාපු දුකත් කේන්තියත් පිට කරමින්. *ලොකු බේබි මම අැතුළට ඒන්නද?හ්හ්.* *ඒන්න සිගිතියෝ.* *අැයි අඩ ගැහුවේ ලොකු බේබී. හ්හ්.* මට හිතේ තියෙන කේන්තිය කියන්න වෙන කවුරුත්ම නැ. මම සිගිති ඒක්ක වුන සිද්දිය කිව්වේ කේන්තියෙන්. සිගිති විසික්කරලා තිබුන පියිල් ඒක පෙරළා බැලුවේ හරියට තේරෙනවා වගේ. ඉංග්‍රීසියෙන් මුද්‍රණය කර තියෙන ඒවා සිගිතිට තේරෙන්නේ කොහොමද? *අම්මෝ ලොකු බෙබී. මෙක නම් අත්සන් කරන්න දෙන්න ඒපා සුමේධ මහත්තයට. මේවා අහු වුනොත් බලු කූඩුවේ කූරු ගනින්න තමා වෙන්නේ.* *සිගිති කොහොමද ? ඔක ඒහෙම ඒකක් බව දන්නේ.* *මට නම් මේකේ තියෙන ඒවා තේරෙන්නේ නෑ.හ්හ් ඒත් ලොකු බේබී මහත්තයා කරොත් ඒ වගේ වැඩක්නේ.හ්හ් සුමේධ මහත්තයට නම් ඔවට කැමති වෙන්න දෙන්න ඒපා.හ්හ්* *හ්ම්. සිගිතියෝ..* *අැයි ලොකු බේබී.* *ශාමලිට කොහොමද දැන්.* *අක්කට නම් සුවයක් නෑ ලොකු බේබි. හ්හ් ..අපිව අදුර ගන්නෙත් අමාරුවෙන් දැන් ඒයාට.හ්හ්* *පවු නේද සිගිතියෝ.* *අනේ ඔව් ලොකු බේබි.හ්හ්* *මෙහෙ ඉදන් ශාමලීලගේ ගෙදරට ගොඩක් දුරද?* *ඔව් ලොකු බේබි ගම කෙලවරේ නේ තියෙන්නේ.හ්හ්* *සිගිතිට දුක නැද්ද මම ළගදිම මෙහෙන යන ඒක ගැන.* *ලොකු බේබී මොනවා අහනවද මන්දා.හ්හ්* *ඒ මොකද?* *මට තරම් දුකක් දැනෙන ඒකක් නෑ පුංචි බේබිටවත්.* *ඔව් ඒයාලට නම් මම නැතුව දුකක් දැනෙන ඒකක් නෑ. මට උදව්වක් කරන්නකෝ සිගිතියෝ.* *මොකද්ද ලොකු බේබී.* *ඒකම ඒක පාරක් මට අක්කේ කියලා කතා කරන්නකෝ.* *අනේ ඒ මොකද ලොකු බේබී. මම කොහොමද ලොකු බේබීට අක්කේ කියන්නේ.* *මගේ සහෝදරයන්ටත් වඩා ඔයා මට මගේම සහොදරයෙක් වගේ ඔයා දැනෙන්නේ. ඒකයි ඒහෙම කිව්වේ.* *මටත් මගේම සහොදරියක් වගේ තමා දැනෙන්නේ මගේ අක්කේ.* ඒ වචනය මගේ හදවත් පසාරු කරගෙන ගියා. මම දෙවක් නොහිතම සිගිතිව වැළද ගත්තා. අැත්තටම මට මේ ගෙදර දාලා යන්න බැරි ලීලම්මයි සිගිතී නිසා. ඊ ළග කොටසින් හමු වෙමු. sha733Super Senior MemberPosts:7332 31 Oct 2016 06:23 AM හරි 10 ම දානවා නේද අද ටක් ගාල දාන්න සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 06:15 AM 28. වන කොටස. මියෙදෙන තුරා.. *මොකද්ද? ඔයා හරි පුදුම කෙනෙක් කියන ඒකද?* *ඔව්.. ඔයාව මැරි කලොත් නම් මට සෙව්මිණී ඒක්ක ඉන්නවා වගේම දැනෙයි. ඔයාගේ පෙනුමත් ඒ වගේ හැසිරිම් කතා බහ ඒ සේරම ඒ වගේ.* *ඒ කියන්නේ සුමේධ අයියට මං ගැන බලාපොරොත්තුවක් තියෙද?* *නෑ. නෑ. ඔයාගේ තීරණය තමා අවසන් තීරණය. * *අනේ මන්දා .* *ඒක නෙමෙයි ඔයා අාස නැද්ද බීච් ඒකට යන්න.* *නියමයි ගිය කාලයක් මතක නෑ. ඒත් දුරයිනේ සුමේධ අයියේ.* *ඒ හැටි දුරක් නෑ . තව පැයක් යද්දී අපි බීජ් ඒකේ ඉදිවි.* ඉන්පසු නිහඩ වුන අපි වෙන වෙනම කල්පනා ලෝක වල කිමිදුනා. කාර් රථයේ විදුරුව තරමක් පහළට කර ගත් මම සුළං කැරලි වලට මගේ මුහුනෙහි වෙලෙන්නට ඉඩ දුන්නා. වාහනය ධාවනය වන් වේගයත් සමග අැතුළ අා සුළං මගෙ කෙහෙරැලි පිටු පසට අැදගෙන ගියා. මාර්ගය දෙපස සිරි නරඹමින් මම ගියේ පොඩි දරුවෙක් වගේ සැහැල්ලුවෙන්. මෙලෙසින් මගෙ හිත තේරුම් ගන්නට හැකි කෙනෙක් සිටින බව දැන වුන් නිසා, මගේ සිත ඒ සතුටින් උද්දාමයට පත් වෙලා තිබුනා. මම ඉද හිට සුමේධ අයියා දෙස බැලුවා. ඔහුත් වරින් වර මා දෙස බලමින් තනියම සිනා වුනා. දෙන්න ම නිහඩවම සිටියත් අපි දෙන්නම අද ඉන්නේ හරිම සැහැල්ලුවෙන් සතුටින් කියලා මට හිතුනා. වාහනය රථ ගාලකට දැමු ඔහු මට වාහනයෙන් බහින ලෙස අැරයුම් කලා. අැතීන් පෙන්නේ නිල්ම නිල් පැහැ මුහුද. සිමාවක් මායිමක් නොපෙනෙන, අහසයි පොළවයි ඒකට ඒක් කරන සිතිජය. මට දැනුනේ නිම් නැති සතුටක්. මුහුදු සුළග මගේ හිසකේ තවත් අවුල් කලා. මුහුදේ හෝ නාදයෙන් මා සවන පිරී ගියා. * නිල්මණි නංගී ඉස්සරලා අපි වෙරෙළ පැත්තට ගිහින් ඒනවද ? නැත්තම් මොනවා හරි බීලම යනවද?* මම අාසාවෙන් මුහුදේ රළ බිදෙන හැටි බලන් ඉන්න විදිය දිහා බලාගෙන සුමේධ අයියා ප්‍රශ්න කලා. අපි අැවිත් තිබුනේ වෙරළ අාසන්නයේ තිබූ අලංකාර අවන්හලකට. අවන්හලත් නෙත් පිනා යන අාකාරයෙන් නිමවලා තිබුනා . ඒත් මගේ නෙත අැදුනෙම වෙරළ දෙසට. *අපි ටිකක් වෙරළට ගිහින් ඉමුද?* *නිල්මිණී නංගි කැමකී වගේ මුහුදුට* අපි දෙන්නා වෙරළ පැත්තට ගියා. මගේ තීරණය මොකද්ද කියලා දැන ගන්නට සුමේධ අයියාට කිසිදු හදිස්සියක් තිබුනේ නැ. මට ඉක්මනින් ඒය කියන්නට අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ. මම තරමක් රැල්ල දෙපයේ වදින් හරියට ගියා. මම අපහු හැරිලා බලද්දී සුමේධ අයියා තරමක් අෑතට වෙලා බලන් ඉන්නවා. * නිල්මිණි නංගී . ඔයාගේ අැදුම් තෙමේවී. ඔය සෙරෙප්පු දෙක මෙහෙන් ගලවලා තියලා යන්න.* ඒහෙම කිව්වම මම නිකමට වගේ සුමේධ අයියගේ දෙපා දිහා බැලුවා . ඔහු පාවහන් ගලවලා වහනේම තියලා අැවිත්. මුහුද දැක්කම සේරම අමතක වුනානේ මම මටම දොස් කියා ගත්තා. *නිල්මිණි නංගී ඉක්මණට මෙහෙට දුවන්න. ඔයා නෑවෙයි. ඔන් ලොකු රැල්ලක්.* අාපසු බලන්නට සිහියක් තිබුනේ නෑ මම සුමේධ අයියා ළගට දිව්වා. ඒහෙම දුවන් ඒද්දි මගේ පාවහන් දෙක වැලි වල ඒරිළා වැටෙන්න ගියා. *ඔය වැටෙයි ළමයෝ .* වැටෙන්න ගිය මාව පැනලා අල්ල ගන්න ගමන් සුමේධ අයියා කිව්වා. මම නිහඩවම ඒයාගේ අැස් දෙක දිහා බැලුවේ අහම්බෙන් වගේ . ඒ නෙත් දෙක හරිම කාන්ති මත්ව දිලිසුනා. මම කවදාවත් සුමේධ අයියාගේ අැස් දැකෙන් ඒහෙම අාලෝකයක් දැක්කේ නැහැ. මම දන්නවා සුමේධ අයියේ ඔයා මට අාදරෙයි. මොන තරම් මං ගැන හැගීමක් නෑ කිව්වත් ඔයා මට අාදරෙයි මගේ සතුට ගැන හුගක් හිතනවා. මම දන්නවා අද වගේම ජීවිතේ මම වැටෙන්න යන හැම තැනකදිම ඔයා මාව අල්ල ගිනීවී. සමහර විටි මගෙන් ඔයාට ඔයාගේ සෙව්මිණිව පේනවා අැති. ඒ අපි දෙන්නගේ හැඩහුරු කම් ඒක නිසා. මටත් දැන් ලොබයි ඔයාව නැති කර ගන්න. *නිල්මිණි නංගි.* *හ්ම් සුමේධ අයියේ.* මම පියවි සිහියට අාවේ ඔහු කටහඩ අැහෙද්දී. මම ඔහුගේ සවිමත් බාහු දෙකෙන් අල්ල ගත් විදියටම අල්ලගෙන ඔහු දිහා බලන් ඉදලා. * රැල්ල පාගන්න කල්පනාවක් නැද්ද?* ඔහු සිනාසෙමින් කියද්දී මගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වුනා. * සුමේධ අයියේ ඔයත් යමුද රැල්ල පාගන්න.* *අැයි ගහගෙන යයි කියලා බයද?* *හ්ම්.* *අැවිදින්නත් බෑ වැටෙනවනේ. යමු.* ඒසේ කියා නැමුනු ඔහු කලිසමේ කකුල් දනිස්ස ගාවට වන්නට හකුලන්න වුනා. අපි දෙදෙනා රැල්ල පාගමින් සතුටු වුනා. දිගු සාය කොට කර ඉනේ ගසා ගත් මම මුහුද දෙසටම ගියා. කීපවරක්ම රැල්ලට පිටුපා දුවන විට මම සුමේධ අයියගේ දෑතේ ඒල්ලුනේ ඉබේටමයි. මුහුදු වෙරලේ ගෙවුණ ඒ මොහොත තරම් සුන්දර මොහොතක් මම මගේ ජීවිත කාලයටම අත්විදලා නෑ. සුමේධ අයියාත් හිටියේ හරිම සතුටින්. අපි අවන්හල දෙසට ගමන් කලේ දැඩී පිපාසයක් දැනුන නිසයී. අවන්හලට අැතුළු වූ අපි දෙදෙනා පා තබන විට ඒරී යන සිනිදු වැල්ලේ ඉදි කර තිබී කබානා ඒකක් යට වාඩී වුනා. අපිට අවශ්‍ය දේවල් මගෙන් නොවිසාම අැණවුම් කළ ඔහු මගේ දිහා බලලා හිනා වුනා. *නිල්මිණි නංගී අද හරි සතුටින් නේද?.* *ඔව් අයියේ මම හුගක් සතුටින්. දූලා දෙන්නත් හිටයා නම්.* *ඔයාටත් ඒ දෙන්නාගෙන් තොර ලොවක් නෑ නේද?* *අනේ අපරාදේ ඒයාලවත් ඒක්ක ඒන්න තිබුනේ.* *යන ගමන් මම ඔයාව දූලව බලන්න ඒක්ක යන්නම්.* අැණවුම් කල බීම හා සුළු අාහාර වර්ග කිපයත් කුඩා වටකුරු මේසය උඩ තිබුනා. කන්නට ඒතරම් පිරියක් නොතිබුනත් අව්ව නිසා අැති වූ පිපාසය නිසා බීම ඒක පානය කලා. තවත් ටික වෙලාවක් මගෙත් ඒක්ක සතුටින් කතා කරපු සුමේධ අයියා. ලොකු සුසුමක් හෙලලා මගේ දිහා බැලුවා. *නිල්මිණි නංගියෝ කියන්න බලන්න දැන් ඔයාගේ තිරනය.* *සුමේධ අයියේ මම හුගක් හිතලයි මම මේ තීරනය ගත්තේ. මට කියන්න බැරි ඒක දෙයක් තියෙනවා. ඒක දිනයක ඔයාට දැන ගන්න ලැබෙයි. ඒදාට ඔයාට හිතේවි මම හරි කියලා.* මම මගේ තිරණය පැහැදිලිව සුමේධ අයියා ඒක්ක කිව්වා. හරිම සාවධානව අහන් හිටපු ඔහු මා සමග මද සිනහවක් පෑවා. *මට හරිම සංතෝෂයි ඔයා මේ වගේ කෙලින් තීරණයක් ගත්තු ඒක ගැන. මගේ කිසි විරුද්දත්වයක් නෑ ඔයාගේ තීරණයට.* *මට වෙන කරන්න දෙයක් නෑ සුමේධ අයියේ.* *ඔයාට විශ්වාසයිද ඔයාට මේ ජීවිතේට හැඩ ගැහෙන්න පුළුවන් කියලා. * *මම හිතනවා අයියේ මට ඒකට ශක්තිය තියේ කියලා.* *හොදයි. ඔනෙම දේකට මමත් ඔයා ඒක්ක ඉන්නවා.* හවස හතරට කිට්ටු වෙන්න අැවිත් තිබුණ නිසා අපි අහපහු ඒන්න පිටත් වුනා. කෙලින්ම අපි අවේ සුමේධ අයියලාගේ ගෙදරට. විශාල නිවසක් අපේ නිවසටක් වඩා විශාලයි. සුදු වර්ණගෙන්ම සියලුම අලංකාර කිරීම් කරලා තිබුන නිසා නිවසේ බාහිර පෙනුම නම් සිත සනසාලුවා. ගෙමිදුලත් හරිම ලස්සකයි. ලස්සන මල් වර්ග ගේ වටේටස හිටවලා. ඒ ගස් වල මල් බරවෙලා හරිම සුන්දරත්වයක් පරිසරයට ඒකතු කරලා තිබුනා. වාහනය ඒන සද්දය අැහෙනවත් සමගම ඒළියට දුවගෙන අාවේ දරුවෝ දෙනන්ා. මම කාර් රථයෙන් ඒළියට බහිනවත් සමගම චූටී දූ මගේ ළගට දුවගෙන අාවා. ඒයාගේ හිතේ තිබුනේ කියා ගන්න බැරි තරම් සතුටක්. *අම්මී නැද්දී.* *අනේ මගේ පැටියෝ.* මම අැයව වඩාගෙන තුරුළු කර ගත්තා. *අම්මී නැන්දී හැමදාම මේ නවතින්නද අාවේ.* *මගේ පැටියා අාසද අම්මී නැන්දී අහැදාම මෙහෙ ඉන්නවට.* *අම්මී නැන්දී කදද චූටි දූගේ අම්මී වෙන්නේ.* ඊ ළග කොටසින් හමු වෙමු... sha733Super Senior MemberPosts:7332 31 Oct 2016 06:15 AM ඉවරද දාල ආයෙ දාන්න නැද්ද. කියවල ඉවරයි ඔන්න මේක හැබැයි මහ ගුප්ත චිත්‍රපටියක් වගේ. ඇදෙන ඇදෙන කෙනා ගැන රහසක් තියෙනවානේ සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 06:05 AM 27. වන කොටස. මියෙදෙන තුරා.. සිගිතිත් ලීලම්මත් මගෙන් අෑත් වීම මට විශාල වේදනාක් වුනේ මම වෙනුවෙන් සිතා කටයුතු කරන්නේ ඔවුන් දෙදෙනා පමණක් යැයි මට දැනුන නිසයි. මම තවමත් ජනෙල් උළුවස්සට වාරු වී නොපෙෙනන කොදෙව්වක් දිහා නෙත් යොමාගෙන කල්පනා කරන්න වුනා. මම අද මගේ තීරණය සුමේධ අයියට කියනවා. සුමේධ අයියා හොද කෙනෙක් මට මං ගැන අැත්තම ඒයාට කියන්නත් හිතෙනවා. අැත්තටම මම අැන් සුමේධ අයියට කැමතී . ඒක අාදරයක් නොවුනත් ඔහුගේ හොද ගතිගුණ වෙනුවෙන් ඔහුගේම වෙන්නට මගේ හිත කියනවා. මොකද අන් කවර දාකවත් මොතරම් කිසිදු පිරිමියෙක් මගේ ජීවිතයට ළං නොවූ නිසා. *ලොකු බේබී. හ්හ්.* *අනේ සිගිතියෝ .* *ලොකු බේබී දැන් සුමේධ මහත්තයා ගැන කල්පනා කරන්නත් පටන් අරන් නේද?.හ්හ්* *විකාර කියවන්නේ නැතුව ඉන්න සිගිතියෝ* *විකාර නෙමේ මම දැන් මෙතනට අැවිත් මොන තරම් වෙලාද?.හ්හ් ලොකු බේබී දැක්කද? නෑනේ.හ්හ් මම දොර ළගට වෙලා කතා කරලා කරලා බැරිම තැන තමා අැතුළට අාවේ.හ්හ්* ඒ වදනත් සමග මගේ හිතටත් ලැජ්ජාවක් දැනුනා. සැබවින්ම මම වුනනේ සුමේධ අයියගේ යහපත් ගතිගුණ ගැන සිතමින්නේ. *ලොකු බේබී දැන් සුමේධ මහත්තයට අැත්තටම කැමති නේද? හ්හ්..ලොකු බේබීත් මෙහෙන් ගියාම අායි අපිට හොදින් කතා කරන්න වත් කෙනෙක් නැතුව යනවා.හ්හ්.* *මොනවා කරන්නද සිගිතියෝ ජීවිතේ ඔහොම තමයි . මට යන්නම වෙනවා.* මම ගත් තීරණය සිගිතිට කියනවද නැද්ද සිතමින් ,කෙසෙ නමුත් අපි ළගදීම වෙන වන බව සිගිතිට අැගෙව්වා. *ඒකට කමක් නෑ .හ්හ්. ලොකු බේබීට මෙහෙට වඩා නිදහසේ සතුටින් සුමේධ මහත්තයා ළග ඉන්න ලැබේවී.හ්හ්.. ලොකු බේබිට හොදක් වෙනවා නම් ඒච්චරයි.* *මමත් හිතනවා මම දැන් ඉන්න තැනට වඩා, මම යන්න ඉන්න තැන මට සැනසිමක් තියෙවී කියලා.* *ලොකු බේබී මොනවා හරි හිතේ තියානද කතා කරන්නේ.හ්හ්* *අනේ නෑ සිගිතියෝ.* ඒක වරම පියවි සිහියට අා කලක මෙන් මම සිගිති දිහා බලා කියා සිටියා. සැබවින්ම ළගදිම මම යන්න ඉන්න තැන මොන වගේද කියලයි කල්පනා කරමිනුයි සිටියේ. *සිගිතියෝ සෝමේ මාමලාගේ ගෙවල් පැත්තේ ඒහෙම ගියේ නැද්ද?* *අයියෝ මම හැමදාම යනවා.හ්හ්* *හැමදාම යනවා.* *ඔව් අක්කා අසනීපෙන්නේ.හ්හ් මම ඉතිං බලන්න යනවා.හ්හ් ලොකු මහත්තයලා දන්නවා නම් මගේ රස්සාවත් නැති වෙයි.හ්හ්.. අනේ ලොකු බේබී. කියන්න නම් ඒපා හොදද? ලොකු මහත්තයට.හ්හ්* *පිස්සුද සිගිතියෝ මටත් ඔනේ ශාමලිට උදව් කරන්න. මම කියන්නේ නෑ. සිගිති දන්නේ නැද්ද ශාමලී කියන්නේ මගේ හොදම යාළුවා බව.* *මට කිව්වා අප්පච්චී ඒක.* *සිගිතිගේ අප්පච්චී නෑ කිව්වා නේද?* *ඔව් ඔව් මගේ අප්පච්චි නෑ.හ්හ් මම මේ කිව්වේ ශාමලී අක්කගේ අප්පච්චී ගැන.හ්හ්* *අාහ්.. දැන් අර ශාමලීව බලාගන්න හොයලා දුන්න ගෑනු කෙනා ශාමලිව බලා ගන්නවද?* *අනේ ඔහේ නෑ ලොකු බේබී.හ්හ් සුමේධ මහත්තයා අැඩ්වාන්ස් ඒකක් දීලා තිබුනනේ .හ්හ් දවස් දෙකයි වැඩ කලා. ඒ ගැනු කෙනා සල්ලිත් අරන් පැනලා ගිහින්.හ්හ්* *අනේ දෙවියනේ කවුද දැන් ශාමලිව බලා ගන්නේ.* *කවුරුත් නෑ ලොකු බේබී . මම පුළුවන් හැම වෙලාවකම ඒයා බලන්න යනවා.* මේකනම් මේ කෙල්ලට පෙර කළ කර්මයක් පල දෙනවද කොහෙද . පුංචි කාලේ ඉදන් අම්මා අසනීපෙන්. අම්මාගේ වැඩත් කරන් කෙල්ල අමාරුවෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ ගාර්මට් ගානේ නැහෙන්න අැති. ශාමලී බැන්දද දන්නේ නෑ. සෝමේ මාමා කිව්වේ දරුවෙක් ඉන්න කතාවක්. අනේ මන්දා. මම මේ ගේ අස්සේ හිර වෙලා සැපට ඉන්න ගමන් හිතනවා මම තරම් වෙන කවුරුත්ම වේදනා විදින්නේ නැතුව අැති කියලා. හරියකට ඉන්න තැනක් නැතුව කන්න බොන්න දෙයක් නැතුව මේ කෙල්ල මොන අපා දුකක් විදිනවා අැද්ද?. *මොනවද ලොකු බේබි කල්පනා කරන්නේ.හ්හ්* *ඔයා දන්නවද ශාමලිගේ මල්ලි කොහොද ඉන්නෙ කියලා.* *ඔව්.. ඔව්.. අැයි ලොකු බේබී. ඔයා ඒයාවත් දන්නවද?* *නෑ සිගිතියෝ පොඩි කාලේ නම් දැකලා තියේ. දැන් දැක්කත් අදුර ගන්න බැරි වෙයි.* *අනේ ලොකු බේබී . හ්හ්. මට කියන්න අා දේත් අමතක වුනා.* *මොකද්ද සිගිතියෝ කියන්න අාවේ.* *ලොකු මහත්තයා මට පලු යන්න දෙහි කපනවා අැති. හ්හ්. සුමේධ මහත්තයා අාවා .මම මේ ලොකු බේබීට පහළට ඒන්න කිව්වා කියන්න අාවේ.* මගේ මූනේ අැදුනේ ලස්සන හිනාවක්. මම සිගිතිගේ පැත්තට හැරුනේ හරිම සතුටින්. *අම්මේ ...ලොකු බේබීගේ මූණේ තියෙන සතුට. හැමදාම ඔය වගේ සතුටන් ඉන්න ලොකු බේබි.* *අැයි සුමේධ අයියා කාමරේට ඒකක් නාවේ.* මම සිගිතිව පහු කරගෙන යමින් කිව්වා. *ලොකු නොනත් කිව්වා සුමේධ මහත්තයට කාමරේට ඒන්න කියලා.හ්හ් දරුවෝ දෙන්නත් නැති නිසා බෑ කිව්වා.හ්හ්* පුදුම මනුස්සගෙක් තමා. ළමයි දෙන්න නෑ කියලා මගේ කාමරයටත් ඒන්න අකමැතිලු. අැත්තනයි දෙවියනේ සුමේධ අයියාව මගේ ජීවිතයට ඒවන්න මේ තරම් පමා වුනේ අැයි. සුමේධ අයියත් ඒක්කම මගේ ජීවිතයට මරනය ළං කලේ අැයි. ඒක්කෝ ඒයාව මට මුණ නොගස්වන්න තිබුනා. මම හිත සමග මුරන්ඩු වෙමින් පහළ මහලට ගියා. *මම හිතුවා පරක්කු වෙද්දී ලෑස්ති වෙලාම ඒයි කියලා. සුමේධ ළමයා කිව්වේ මනමාළි වෙන්න කලින් අද රවුමක් ඒක්ක යන්න ඔනේ කියලා.* මගේ රුව දකිනවත් සමගම අම්මා කියනවා මට අැහුනා. අම්මයි අප්පච්චි හිටියේ හරිම සතුටින්. තව දවස් තුනකින් ඒයාලගේ ඒකම හීනය සැබෑවෙන නිසා නොයිවසිල්ලෙන් ඉන්න බව මට දැනුනා. *දැම්මම යනවද සුමේධ අයියේ.* *යන්න කියලා තමා හැදුවේ නිල්මිණි නංගී. මේ දවස් ටිකේ මම බිසි. අායි වෙඩින් ඒක දාට තමා ඒන්න වෙන්නේ. ඒකයි අද ටිකක් කලින් අාවේ.* *ඒහෙනම් මම ටක් ගාලා අැදුමක් දාන් ඒන්නම් සුමේධ අයියේ.* මම නැවතත් ඉහළ මහලට යන්න සැරසුනා. *ලොකු අක්කි මාත් ඒන්නද ඔයාලා ඒක්ක යන්න.* දැන් මොකද කරන්නේ පුංචි නංගි අාවොත් මට මගේ තීරනය නිදහසේ කියන්න බැරුව යනවා. ඒන්න ඒපා කියන්නත් බෑ. *මට මොකද පුංචී නංගි. යනවානම් ලැස්ති වෙන්න. නේද සුමේධ අයියේ.* ඒහෙම කියලා මම සුමේධ අයියා දිහා බැලුවේ මොකද දැන් කරන්නේ අහන්න වගේ. *මගේ නම් අකමැත්තක් නෑ. නිල්මිණි නංගී.* *ඔය අයියා නගා කෑලල් නම් දැන් නවත්ත ගන්න වෙයි දෙන්නට.* පුංචි නංගි අපිට විහිළු කරන්න වුනා. *පුංචී දූ ... ඔයා කොහේ යන්නද. මේන් මෙහේ ගෙදරට වෙලා ඉන්න. ඒ දෙන්නට පාඩුවේ ගිහින් ඒන්න දිලා.* *හරි හරි අම්මේ . මම යන්නේ නෑ. මොකද කියන්නේ බලන්න අැහුවේ.* ඉහළ මහළට ගිය මම මම කැමතිම දම්පාට තට්ටු සාය අැදලා, සුදු පාට හැට්යයක් අැද ගත්තා. කණ්ණඩිය ඉදිරියට ගිහින් හැඩ බැලුවේ පුරුද්දට වගේ. මම දන්නවා මම ඒ තරම ලස්සන නෑ කියලා. මගේ අැග තවත් වැහැරිලාද කියලා මට හිතුනා. වෙනදා වගේම හකුලලා කොන්ඩයක් දා ගත්තු මම පහළ මහලට ගියා. සුමේධ අයියත් මමත් මෝටර් රථයට නැගි ටික දුරක් අාවේ නිහඩවමයි. *නිල්මිණි නංගී අපි දැන් කොහෙටද යන්නේ.* *හුගක් නිදහස් තැනකට යමු.* *තව වෙලා තියෙන නිසා අපි ටිකක් දුර තැනකට යමුද. අායි මට ඔයාව කවදාවත්ම මේ විදිහට මුණ ගැහෙන්නෙ නැති වෙන්න පුළුවන් . මේ අපේ අන්තිම හමුවීම වෙන්නත් පුළුවන්.* *ඒ මොකද සුමේධ අයියේ ඒහෙම කිව්වේ.* මම තරමක් ඔහුගේ දෙසට නැඹුරු වෙමින් අැසුවා. ඔහුගේ මුහුනේ තිබුනේ සිනහවක්. *ඔයාගේ තීරණය මාව මැරි කරන ඒක නම්. යාලුවෙක් විදියට ඔයාව හම්බෙන් අන්තිම දවසනේ. නැත්තම් මගෙන් අයින් වෙන්න තීරනය කලා නම් . මම අායි කවදාවත්ම ඔයාගේ ජීවිතය ඒන්නේ නෑ. තරහක් නිසා නෙමෙයි. ඒක ඔයාට ගෙදරින් ප්‍රශ්ණයක් අැති වෙන දෙයක් නිසා.* *ඔයා නම් හරි පුදුම කෙනෙක් සුමේධ අයියේ.* *ඔයා දන්නවද නිල්මිණි නංගී. ඔය කතාවම තමා සෙව්මිණිගේ කටෙත් නිතරම තිබුනේ.* ඊ ළග කොටසින් හමු වෙමු... සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 05:47 AM 26. වන කොටස. මියෙදෙන තුරා. *මම හැමදේම අමතක කරලා ඉවරයි. කවදාවත් ඔයා හිතට ඒකග නැති තීරණයක් නම් ගන්න ඒපා තේරුනාද. ඔයා ගන්න ඔනේ තීරණයකට මම ඒකගයි.* මම සුමේධ අයියා සමග ශාමලි ගැන සියලු විස්තර කිව්වා . ඔහු අැය ගැන බොහෝ සෙයින කණගාටු වුනා. ඔනෑම උදව්වක් කරන්නට ඔහු කැමති වුනා. *මම මොනවද නිල්මිණී නංගී දැන් කරන්න ඔනේ.* *මට තේරෙන්නේ නෑ සුමේධ අයියේ. ඒයාට අැවිදින්න වත් බැරිලු.* *මම හොයලා බලලා දෙයක් කරන්නම්.* විවාහයට තියෙන්නේ තව දවස් අටයි. මම සිත හදාගෙන හිටියේ සුමේධ අයියා සමග විවාහා වෙන්න. සුමේධ අයියා ගමේ ගෑනු කෙනෙක්ට වැටුප් දෙන්නට පොරොන්දු වී ශාමලී බලා ගන්නට යවලා තිබුනා. ඒ අාරංචිය ලැබුණම මම තව තවත් සුමේධ අයියා ගැන පැහැදුනා. මොනම හේතුව නිසාවත් මට සුමේධ අයියා ගැන යහපත් හැගිමක් මිස අාදරයක් අැති වී තිබුනේ නැ. නමුත් දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ලොකයේ හැකි කල් ඉන්නට මම සිතා ගත්තා. විවාහා උත්සවයට තව දින පහක් ඉතිරිව තිබුනා. පුංචි නංගීද පෙර මෙන් නැතත් මට ළං වී තිබුනා. නමුත් ඔවුන්ට ළං නොවු මම හුදකලාව ඉන්නට නිතර උත්සහ ගත්තා. සැන්දෑ වරුවක දරුවන් දෙදෙනාද සමග සුමේධ අයියා අප නිවසට පැමිණියා. ඔහු අා බවට ලද පණිවිඩයෙන් මම පහළ මාළයට පැමිණියා. *අම්මී නැද්දී.* චූටී දූ මා ළගට දුවගෙන අාවා. අැය වඩා ගත් මම කොපුල මත හාදුවක් තැබුවා. අැයත් ඔසවාගෙන ලොකු දූ අසට ගිය මම අැයත් අාදරයෙන් සිප ගත්තා. *නිල්මිණි නංගී පංසල පැත්තේ ගිහින් ඒන්න යමුද?* *යන්න දෙයිද දන්ෙන් නෑ.* *මම අහලා බලන්නම්. ඔයා යන්න කැමතිනේ.* *මගේ අකමැත්තක් නෑ.* විවාහා යෝජනාවත් සමග අැති වු අාරවුල මත අපගේ මිතුරු කම පවා දුරස් වූ නිසා කලෙකින් නිවසින් බැහැරට යන්නට මට ලැබුනේ නැහැ. සුමේධ අයියා අවසර ඉල්ලන පරක්කුවෙන් නිවසින් අවසර ලැබුනා. හරිම සතුටින් කාමරයට ගිය මම සුදු අැදුමකින් සැරසි පහළට අාවා. *අපි ගිහින් ඒන්නම් අප්පච්චී.* පැවසූ සුමේධ අයියා අපිවත් පෙරටු කොට ගෙන නිවසින් පිටත් වුනා. මෝටර් රථයට නැගී අපි මුලින් හමු වූ පන්සල අසල වාහනය නැවතුනා. *නිල්මිණි නංගී දන්නවද ඔයාව මේ පන්සලටම ඒකන් ඒන්න හේතුවක් තියෙනවා.* *ඒමොකද්ද සුමේධ අයියේ හේතුව. අපි මුලින්ම මුන ගැහැනු පන්සල නිසාද?* *ඒක ඒක හේතුවක් විතරයි. ඉස්සරලාම බුදුන් වැදලා ඉමුකෝ. ඔයාලා යමු මම මල් ටික ඒහෙම අරන් ඒන්නම්.* ඔහු ඒන තුරු දරු දෙදෙනාගේ සුරතල් අතගිලි අතර අත් පටලාගෙන සිහින් වැල්ල මතු පිට පන්සල දෙසට පියමැන්නා. මල් සහ අනෙක් ද්‍රවය සහිත කවරයද අතැතිව සූමේධ අයියාද අපි අතරට ඒක් වුනා. පුජා භූමියට අැතුල් වූ අපි මල් පහන් පුදා බුදුන් වැන්දා. ඉන් පසු බෝ මළුවේ කොනක හිද ගත් සුමේධ අයියා ලොකු සුසුමක් හෙළුවේ ලොකු කතාවකට මුල පුරන්නට වෙගේ. *නිල්මිණි නංගී හිත සැහැල්ලු වෙන්නත් ඒක්ක මෙතට වෙලා ටිකක් ඉදලා යමු. වැදගත් දෙයක් තියේ මට කියන්න.* ඔහු අසලින් වාඩු වුන මම, ඔහු දෙස බැලුවේ කියන්නට යනදේ අසා සිටින්නයි. චූටි දුවත් ලොකු දුවත් බෝ මළුවේ වැල්ල පුරා අැවිදිමින් දුවමින් සතුටින් හිටියා. කොනක වූ නිල් මානෙල් පිපී සුවද දුන් පොකුනේ මසුන් බලමින් ඔවුන දෙදෙනා සිනසෙන්න වුනා. *නිල්මිණි නංගී අද අපි අන්තිම තිරණය ගන්න ඔනේ.* *තව මොන තීරණයක්ද සුමේධ අයියේ.* *මම දන්නවා නිල්මිණි නංගී මේකට කැමති වුනේ කැමැත්තෙන් නෙමේ. ඒකට ඔයාට හේතුවකුත් අැති.* *කොහොම හරි දැන් මම කැමතිනේ.* *ඒ වචනයෙන්ම තේරෙනවා මේක ඔයාගේ හදවතට ඒකග තීරණයක් නෙමෙයි.* *බොරු කියන්න ඔනේ නෑනේ සුමේධ අයියේ. මගේ හිතේ තාමත් ඔයා ගැන පැහැදීමක් අැර වෙනත් හැගිමක් නෑ. ඒ දෙවල් මැරේජ් ඒකෙන් පස්සේ අැතිවෙයි කියලා හිතනවා.* *මගේ හිතෙත් නිල්මිණි නංගී ගැනත් ඒහෙම හැගීමක් නෑ. අපි බොරුවට අපේ හිත් රවට්ට ගන්න ඔනේ නෑ. ඒත් මම කැමති වගේ ඉන්නේ ඔයා වෙනුවෙන්. මම ඔයාගෙන් අෑත් වෙනවා කියන්නේ ඔයාගේ ලොකු මල්ලිගෙන් ඔයාට ප්‍රශ්න අැති වෙනවා.* *ඒකට කමක් නෑ සුමේධ අයියේ.* *මම දන්නවා ඔයාගේ මල්ලිගේ හැටි හොදටම . මේ බලන්න.* කවරයකින් ඒළියට ගත් කුඩා පොත් කිහිපයක් මා අත තැබුවා. ඒවා ඔහුගෙත් දරුවන් දෙදෙනාගෙත් ගුවන් බල පත්‍ර. *සුමේධ අයියා රට යන්නද හදන්නේ.* *අපි කොහොමත් දිගටම වගේ හිටියේ රට තමයි. අපිට ඒහේ පුරවැසිභාවය තියෙනවා සෙව්මිණිගේ අම්මලා ළගට යන්න සුදානම් වුනේ .* *මේක ශාලින්ද මල්ලී ඒහෙම දන්නවද?* *නෑ කවුරුත්ම දන්නේ නෑ. අපි ලංකාවට අාවේ දරුවෝ දෙන්නා ලංකාවේ ඉගෙන ගන්නවා දකින්න, සිංහල විදියට හැදෙනවා දකින්න සෙව්මිණි කැමති වුන නිසා. අනික සෙව්මිණී දැනන් හිටියා ඒයා ජීවිතේ ගෙවන්නේ අන්තිම කාලේ බව. ඒක නිසා අන්තිම කාලය ලංකාවේ ඉන්න ඔනේ වුනා. ඒකයි අපි ලංකාවට අාවේ.* * සුමේධ අයියා අැයි දැන ලංකාව දාලා යන්න හදන්නේ. සෙව්මිණිගේ කැමැත්ත ඉස්ඨ කරන්නේ නැද්ද?* * මම කැමති නෑ ඔයා අකමැති දෙයක් කරන් වද විදිනවි දකින්න. අනික ශාලින්ද මල්ලී ඔයා ගැන හුගක් දේවල් කියලා තියෙනවා. මොකක් හරි හේතුවක් නිසා ඔය ඔයාගේ ගෙදර හිර වෙලා ඉන්නේ කියලා ශාලින්ද මල්ලී කියලා තියෙනවා.* *මටත් ඒක කම් හිතෙනවා සුමේධ අයියේ. ඔයා ගැන මම මොන තරම් නරක විදියටද හිතුවේ. මම හිතුවේ ඔයත් මේ කසාදෙට මුල ඉදන් කැමැත්තෙන් හිටියා කියලා.* *නෑ. නෑ නිල්මිණි නංගී . ශාලින්ද මල්ලී කිව්වා ඔයා ඒයා ඒක්කත් කතා කරන්නේ නැ කියලා. මේ යොජනාව ඒයා කලේ සල්ලි වෙනුවෙන් කියලා ඔයා හිතනවා කියලත් ඒයා කිව්වා. අැත්ත ඒක ඒහෙම නෙමෙයි. ශාලින්ද මල්ලී හරිම හොද කෙනෙක් . ඔයාගේ නිදහස තමා ඒයා අරන් දෙන්න හැදුවේ. * *මට මේ සේරම පැටලිලා.* *මම දන්නවා ඔයාලගේ ගෙදරින් මට කැමති වුනේ සල්ලි වෙනුවෙන් බවත්.* ඒ වචනයත් සමග මට පොළව පලාගෙන යන්න හිතුනා. සුමේධ අයියා නම් මනුස්සයෙක් නෙමෙයි දෙවියෙක්. මනුස්සයෙක්ට පුළුවන්ද මේතරම් අනිත් මිනිස්සු ගැන හිතන්න. මම කොහොමද මේ තරම් හොද හිතක් තියෙන කෙනෙක් නැති කර ගන්නේ. ඒත් මට බෑ මේ හොද හිතට දෙවෙනි පාරටත් දුකක් දෙන්න. සෙව්මීණී වෙනුවෙන් වේදනාවෙන පුපුරු ගහපු හිතට අායෙත් නිල්මිණි වෙනුවෙනුත් පුපුරු ගහන්න සලස්වන්න බෑ . මමත් ඔයාගේ සෙව්මිණී ගිය තැනටම යන්න ඉන්නේ සුමේධ අයියේ. මගේ හිතට තවත් ජිවත් වෙන්න ලෝභ කම් අැති වුනාත් මරණය වලක් වන්න බෑ . තීරණයක් ගන්න බැරිව සිත දෙගිඩියාවෙන් ළත වුනා. *නංගි තව දවස් දවස් පහක් තියේ ඔයා තිරණයක් ගන්න. වෙඩින් ඒකට පැයක් තියා ඔයා ගන්න තිරණයට වුනත් මම ඒකගයි. හොදට හිතලා තීරනයක් ගන්න.* *මට හිතා ගන්න බෑ සුමේධ අයියේ.* දින කෙමෙන් ගෙවි ගියා සුමේධ අයියා කිව් සියලු දේ ගැන මම හොදින් කල්පනා කරන්න වුනා. නිතරම කල්පනා කිරීම නිසාදෝ වරින් වර මට පපුවේ වේදනාව මතු වුනා. ඒ වේදනාව මට කිව්වේ සුමේධ අයියාගේ ජිවිතේට යන්න ඒපා කියලා. මම සුමේධ අයියට අකමැති වෙලා සුමේධ අයියා රට ගියොත් මැරෙනකන් මට හිරකාරයක් වගේ ඉන්න වේවි. මේ ගෙදරින් නිදහස් වෙන්නටත් ඔනේ, සුමේධ අයියගේ ජිවිතේට නොයා ඉන්නත් ඔනේ . හරියට'' රෑවුලත් ඔනේ කැදත් ඔනේ'' වගේ. විවාහයට දවස් තුනක් තිබියදී මම තීරනයක් ගත්තා. සැහැල්ලු සිතින් දුරකථනය අතට ගත්මම ජනෙල් කවුළුව අසලට ගියා. ජනෙල් කවුළුවේන් බාහිර ලෝකය දකින්න උත්සහ කළ මම අදත් ඒ විදියටම රෑස්ස ගස් පෙළ අතරින් අෑත බලාගෙන් සුමේධ අයියට අැමතුමක් ගත්තා. *හෙලොව් සුමේධ අයියේ.* *හෙලොව් නිල්මිණි නංගී.* *මම තීරණයක් ගත්තා අයියේ * *මොකද්ද තීරණය.* *අන්තිම වතාවට මාව මේ ගෙදරින් ඒළියට ඒක්ක යනවද?* *හරි මම ඒන්නම් නිල්මිණි නංගී. තීරණය කියන්න.* *ඒක හම්බුනාමම කියනන්නම්.* *හොදයි මම හවස් වෙන්න අැරලා ඒන්නම්.* *හොදයි සුමේධ අයියේ බුදු සරණයි* *බුදු සරණයි!* අැමතුම විසන්ධි කළ මම ගස් අතරින් පෙනෙන පාර දෙස බැලුවා. හුග දිනකට පසු මර හඩ දීගෙන විජී අයියගේ බයික් ඒක පෙරටම අැදුනා. මටත් අන්න ඒ වගේ නිදහස ලබන්න තිබුණා කොල්ලෙක් වුනා නම්. මට නැවතත්'' නිල්ල පිරුණු මිටියවත'' පොත සිහි ගැන්වුනා. සිටු මැදුරින් පලා අාපු ඒ තරුණයාට වගේ සැහල්ලු ජිවියත් ,මගේ අවසන් කාලෙට මට ලැබෙනවා නම් මම සිහින මැව්වා. ඒදා සිදු විමෙන් පසු ලීලම්මත් මාත් අතර වූ සම්බන්ධය දුරස් වුනා. ලිලම්මා මා ළග සිටිනවාව අම්මා අකමැති වුනා. අම්මාට හොරන් මෙන් වචන කීපයක් කතා කලා. ඒ හේතුව නිසා මගේ පාළුව තවත් වැඩි වි නිසා නිවසේ සිටිම තව තවත් ඒපා වුනා. ඊ ළග කොටසින් හමු වෙමු.. සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 05:35 AM 25. වන කොටස. මියෙදෙන තුරා.. *ඒ තරම් අමාරුයිද? කවුද ඒයාව බලා ගන්නේ.* *බලාගන්න ඉන්නේ මම විතරයි. මට ඒකී දුක් විදිනවා බලන් ඉන්න බෑ ලොකු බේබී. ඒත් මට කරන්න දෙයක් නෑ. ඒකිට හරියට කෑම ටිකක්වත් ලැබෙන්නෙනෑ.* *මොනවා ..ඒ මොකද සෝමේ මාමේ.* *මට ඒකී දැක්කම දුක ඉවස ගන්න බෑ. සේරම අමතක වෙන්න මම හවසට මොනවා හරි කටේ හලාගෙන තමා යන්නේ.* පවු දෙයියනේ බඩගින්නෙන් වේදනාවෙන් තනිකමින් අැති. මගේ හොදම යාලුවා වෙලත් මට ඔයා වෙනුවෙන් දෙයක් කරන්න බෑනේ .මට මේ ගෙරින් ඒළියට යන්න විදියක් නෑනේ. මම තනියම විලාප දුන්නා. *කෝ මාමාමේ ශාමලීගේ මල්ලී ඒ කාලේ පුංචියට හිටිය.* *ඔය දරුවා දන්නේ නැද්ද මගේ කොල්ලා කවුද කියලා. වූ තමා ඉද හිටවත් ශාමලියගේ කුස ගින්න නිවන්නේ. නාවලා කරලා ඒන්නේ.* *මම කොහොම දැන ගන්නද සෝමේ මාමේ.* * උෟට නම් කෙල්ල නැහිලා නැහිලා ඉගැන්නුවා. වැඩක් නෑ උෟත් දුක් විදිනවා.* *අානේ ලොකු බේබී. අදුරනවද මෙයාව.හ්හ්* *මම ලොකු බේබීබව දන්නේ උබ අත දරුවා කාලේ ඉදන් බොල.* සේදූ පිගානද අතැතිව අප අතරට අා සිගිතිගේ පැනයට සෝමේ මාමා පිළිතුරු ලබා දුන්නේ මා දෙස බලා සිනා සෙමින්. *මේ අද දවස අැතුළත අර ටික පේන්ට් කරලා ඉවර කර ගන්න ඔනේ යමු.* සෝමේ මාමා මා අදුරන බව දැන ගත් වහා සිගිති බොහෝ සෙයින් කලබල වුනා. සෑම වදනකම අගට ඒක් වන හ්හ් පදයද අමතක කළ ඔහු සෝමේ මාමාවද රැගෙන ඒතනින් නික්ම ගියා. ශාමලී ගැන අැසීම නිසා මා සිත තුළ වුනේ විශාල කම්පනයක්. පැත්තකට වි දවස් ගණනාවක් හඩන්නට තරම් සිත් වුනා. කුස්සියේ වූ බංකුව මත හිද ගත් මම කල්පනා කරන්න වුනා. *ලොකු බේබී අැයි මේ කුස්සියේ ඉදගෙන කරන්නේ* *අනේ ලීලම්මේ ශාමලිට හුගක් අමාරුයිලු. අනේ මගේ ඒකම යාළුවා.* *කවුද ලොකු බේබීට ඔක කිව්වේ.* *සෝමේ මාමා* *සෝමේ මල්ලී ඔය ටිකට ඒකත් කිව්වද?* *අැයි ලීලම්මේ ඒහෙම කියන්නේ ලීලම්මට දුක නැද්ද?* *දුකයි ලොකු බේබී. ඒත් ලොකු මහත්තයා කැමති නෑනේ මම නෑදෑයෝ අශ්‍රය කරනවට. වෙලාවකට මේ සේරම අතෑරලා මට ඒ කෙල්ල ළගට යන්න හිතෙනවා.* *අනේ ඔයා මම වෙනුවෙන් මගේ යාළුවා ළගට යන්න ලීලම්මේ. මම සල්ලිත් දෙන්නම් ඔයාට වියදමට.* *ඒත් මම ඔයාව දාලා කොහොම යන්නද ලොකු බේබී.* *මට මොකුත් කරදරයක් නෑනේ ලීලම්මේ. ශාමලීට දැන් තනියෙම ජිවත් වෙන්න බෑ.* *ලොකු බේබීටත් මම ඔනෙම වෙලාව මේක.* *මට සුමේධ අයියා ඉන්නවනේ ලීලම්මේ.* *අනේ මන්දා ලොකු බේබී මම මේ සේරම අතෑරලා ගියොත් අායෙත් කවදාවත් මට ලොකු බේබීට ළං වෙන්න වත් ලැබෙන්නේ නෑ. මම දන්නවනේ ලොකු මහත්තයගේ හැටි.* *සුමේධ අයියා අප්පච්චී වගේ නෑ. මම ලීලම්මව කවදා හරි මගේ ළගට ගන්නම්. මම වෙනුවෙන් ශාමලි ළගට යන්න.* අසුනින් සිට ගත් මම නෙතට නැගුන කදුළ ලීලම්මාගේ උරහිසට වැටෙන්නට ඉඩ දී අෑ වැළද ගත්තා.හිතේ තිබෙන් දුක ටිකක් හෝ තුරන් වේ යැයි සිතා මම උරහිසේ හිස හොවාන අඩන්න ගත්තා. *ලොකු දූ.. මොකද මේ අඩන්නේ.* පිටු පසින් අම්මාගේ හඩ අැසිමත් සමග අපි දෙදෙනා දෙපසට විසි වුනා. ලොකු වරදක් කළ කලක මෙන් ලීලම්මා අම්මාට හිස සැලුවේ අාචාර කරන්න මෙන්. *ලීලාවතී කවුද මැරිලා තියෙන්නේ.* *කවුරුත් නෑ ලොකු නෝනා.* *මොකද ඒහෙනම් දෙන්නා ඒක්ක අඩන්නේ. මොනවද ලොකු දුවට ලීලාවතී ඒක්ක ඔය හැටි තියෙන කතාව.* අම්මා සිටියේ කේන්තියෙන්. ලිලම්මා වෙත පෑවේ නපුරු බැල්මක්. කවදාවත් නැතුව අම්මා ලීලම්මට සැර වෙනවා දුටුවාමයි. *අම්මේ ශාමලීට හුගක් අමාරුයිලු.* මම අම්මාලේ උරහිසට හිස තබාගෙන හඩමින් කිව්වා. *ඒකට දැන් ලොකු දූ මොකටද අඩන්නේ.* *ඒ මගේ යාලුවනේ අම්මේ. අම්මට අමතකද?* *නෑ . නෑ . මම මැරිලා උපන්නේ නෑ. ලීලාවතීට නම් සේරම මතක් කරලා දෙන්න වෙයි වගේ මුල ඉදන්.* *අනේ වැරදි දෙයක් කිව්වේ නෑ ලොකු නෝනා.* *මම කිව්වා සෝමපාලව ගෙන්නන්න හදද්දිම ඔක වෙයි කියලා. ලොකු දූ යන්න ගිහින් වැඩක් බලා ගන්න ඔයාගේ.* අම්මා ලිලම්මාට දොස් නගන්න වුනා. *අනේ අම්මේ අපි ශාමලීට උදව් කරමුකෝ.* *ලොකු දූ කිව්වම අහලා කාමරයට යනවා. මම ඒක ලීලාවති ඒක්ක බලා ගන්නම්.* *අනේ අම්මේ ලිලම්මට බනින්න ඒපා.* *ලොකු දු කිව්වම අහලා මෙතනින් යන්න. අායි ලීලාවතී ඒක්ක වැඩි අැයි හොදැයිකම් ඔනේ නෑ* මේ සිදුවන කිසිත් මට තේරුම් ගන්නට නොහැකි වුනා. හඩාගෙන කාමරයට ගිය මම අැදට වැටී ඉකි ගසමින් අඩන්නට වුනා. සිත ටිකක් හෝ සැහැල්ලු කර ගැනිමට වෙහෙසුනත් සැනසෙන බවක් දැනුනෙම නෑ. කදුළු පිස දා ගත් මම පහළ මහලට අාවේ සෝමේ මාමාගෙන් තව විස්තර ටිකක් අහගන්න හිතාගෙන. මම වට පිට බලමින් කුස්සිය දෙසට යන්න වුනා. *ලොකු දූ කොහෙද හොරා වගේ යන්ෙන් * *අනේ අම්මේ.* *කිව්වම අහලා කාමරේට යන්න. නැත්තම මට මේක අප්පච්චී ඒක්ක කියන්න වෙනවා. මෙතරම් කල් මම ලීලාවතිව විශ්වාස කලා. මට පේන්නේ ලීලාවති ලොකු දුවව අපෙන් අෑත් කරලා වගේ.* *අනේ ඒහෙම නෑ අම්මේ.* *හරි ලොකු දූ ඔයා ඔයාගේ වැඩක් බලා ගන්න. මම අප්පච්චී ඒකක කතා කරලා ශාමලී වෙනුවෙන් දෙයක් කරන්නම්.* තවත් අැවිටිලී කිරීමෙන් තීරන වල වෙනසක් කළ නොහැකී බව වටහා ගත් මම කාමරය දෙසට ගියේ හරිම හිත් වේදනාවෙන්. මේ සැමටමත් වඩා සුමේධ අයියා සංවෙදී අැති කියලා මගේ හිත කියන්න ගත්තේ ඒක පාරටමයි. අල්මාරිය තුල වු දුරකතනය පිටතට ගත් මම ඒය විවෘත කලා. සුමේධ අයියාගේ අංකයට තෝරා ඒයට අැමතුමක් ගන්න උත්සහ කලා. *හෙලොව් නිල්මිණි නංගි.* *අනේ සුමේධ අයියේ.* *අැයි මේ අඩන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් වුනාද?* *මට ඔයාව හම්බෙන්න ඔනේ* *අැයි ඒක පාරටම. මම ගෙදරට ඒන්නම් ඒහෙනම්.* *ඉක්මණට ඒනවද?* *හරි මම ඒන්නම් අඩන්නේ නැතුව ඉන්න. මම ඉක්මණට ඒනවා බුදු සරනයි.* *බුදු සරණයි! පරිස්සමින් ඒන්න.* මට දැන් පිහිට විය හැකි ඒකම පුද්ගලයා සුමේධ අයියා බව තේරුම් ගත් මම දෙවරක් නොසිතාම ඔහුගෙන් උදවුක් ඉල්ලනට සිතුවා. ඔහු ඒනතුරු මග බලා වුන් මට ජනෙල් කවුළුව අසල වූ අසුනේම නින්ද ගිහින් තිබුනා. *ලොකු බේබී .. ලොකු බේබී.. මේ සුමේධ මහත්තයා අැවිත්.* *කාමරයට ඒන්න කියන්න ලීලම්මේ.* කාමරයේ දොර තල්ලු කරගෙන සුමේධ අයියා කාමරය අැතුළට අාවා. නැගිට ඔහුට අසුන දුන් මම අැද කොනක හිද ගත්තා. ඔහුගේ මුහුණේ වුනේ විමතියක්. *අැයි නිල්මිණී නංගී හදිස්සියෙම.*; *ඔයා දන්නවා නේද මම ඔයාව මැරී කරන්න කැමති වුන බව.* *ඔව් මට කිව්වා. මට ඔයාව බලෙන් මැරි කරන්න ඔනේ නෑ. මම දැන් ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙලා නේද? මම මේ හැමදේම අත් අැරලා ළමයි දෙන්නත් අරන් යනවා. ඔයාගේ තීරණය මත තමා ඒක වෙන්නේ.* *ඒහෙම කරන්න ඔනේ නෑ. මගේ තීරණ වලින් අපේ ගෙදර අයට වැඩක් නෑ. * *ඒ කියන්නේ ගෙදර අය කියන නිසාද ඔයා මාව මැරි කරන්නේ.* *නෑ මම ඔයාට අකමැති නෑ . දරුවෝ දෙන්නා වෙනුවෙන් මම හැමදේම කරන්නේ.* *ඔයා හිතන්න ඒපා මම කපටි කමින් ඔයාව මගේ ළගට ගන්න හදනවා කියලා. මට මුල ඉදලම වුමනාවක් තිබුනේ නැ මේ කටයුත්ත ගැන ශාලින්ද මල්ලී යෝජනා කලාට. දරුවෝ දෙන්නට ඔයා අදරේ නිසයි මම කැමති වෙන්න හිතුවේ. අකමැති වෙන්න මට ඔයා ගැන කියන්න සාධාරන හේතුවකුත් නැති නිසා. මම දන්නවා මාව මැරි කරත් නැතත් ඔයා දරුවෝ දෙන්නට අාදරේ බව.* *ඒහෙම මොකුත් නෑ සුමේධ අයියේ . දැන් මම කැමතී .වුන දේවල් අමතක කරළා දාන්න.* ඊ ළග කොටසින් හමු වෙමු. sha733Super Senior MemberPosts:7332 31 Oct 2016 05:28 AM ඇයි 10 යේ 0 කපල දාල තියෙන්නේ සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 05:22 AM 24. වන කොටස. මියෙදෙන තුරා.. අැදුම පිළිබද අාසාක් අැති වුවද , තව නොබෝ කලකින් මෙවැනී අැදුමකින්ම ජීවිතෙන් පිටවී යනවා නේද කියලා මට හිතුනා. දැන්වත් අසනීපය ගෙදරට කියන්න ඔනේ කියලා හිතුවා. ඒතකොට හැමොටම තේරෙයිනේ මම අැයි අකමැති කියලා. මුලින්ම ලීලම්මට කියලා ඉන්නවා ඒතකොට ඒයා හැමෝටම කියයි කියලා මම කාමරෙන ඒළියට අාවේ ලීලම්මව හොයාගෙන. වෙලාව ඒකළොහට කිට්ටු නිසා මම කෙලින්ම කුස්සිය පැත්තට ගියා. ලීලම්මා දවල් අාහාරය පිළිවෙල කරමින් හිටියා. *ලීලම්මේ...* *අැයි ලොකු බේබී කවදාවත් නැතුව.* *මම ලීලම්මට දෙයක් කියන්න අාවේ.* *මොකද්ද ලොකු බේබී.* කපමින් සිටි ඒළවලු ටික ඒහෙමම තිබියදී ලීලම්මා මගේ පැත්තට හැරුනා. *මට අර නිතර පපුවේ අමාරුවක් හැදෙන්නේ.* *අනේ ලොකු බේබී හුගක් රිදෙනවද ? අමාරුයිද?* ලීලම්ම මොන තරම් කළබල වුණාද කියනවා නම් ඉක්මණින් දැත් සොදා උඩින් හැද සිටි චීත්තයේ කොළක පිස දමා. මාව අැගේ වතට බර කර ගත්තා. *අනේ දැන් අමාරුවක් නෑ ලීලම්මේ.* *ඒහෙනම් අැයි ලොකු බේබී. * මේ පපුපුවේ අමාරුව ගැන කියද්දී කළබල වෙන තාලෙට මට මැරෙන දිනයත් තීරනව වී අැති බව දැන ගත්තම මොනවයි මොනවා වෙයිද? ඒක නිසාම මම රෝගය ගැන කියන අදහස් අතහැරලා දැම්මා. ලීලම්මට මේ තරම් රිදෙනවා නම් අම්මට අප්පච්චිට මොනතරම රිදෙයිද කියලා මට සිත් වේදනා අැති වුනා. *නෑ . නෑ ලීලම්මේ අැයි දන්නේ නෑ මගේ පපුව රිදෙන්නේ.* *අැයි ලොකු බේබී ඒදා ක්ලාන්ත හැදුනට පස්සේ දවසක අායි හැදුනද ?* * නෑ . නෑ ලීලම්මේ* *ලොකු බේබීට බයක් දැනෙනවා නම් බෙහෙත් ගමු.* *නෑ ලීලම්මේ. ඒහෙම ලොකු අමාරුවක් නෑ. අායි හැදුනොත් බලමු.* *මේ ළමයා මාව බය කරනවනේ.* අාදරයෙන් මට ඒහෙම කියපු ලීලම්මා ඒළවලු කපන්න පටන් ගත්තා. සැබවින්ම ලීලම්මා මට සැළකුවේ අැගේම දරුවෙකුට වගේ . අැය කොයි දරුවටත් හරිම අාදරෙයි. *ලීලම්මේ. අද පරක්කු වෙලාද?* *ඔව් ලොකු බේබී. අද ටිකක් පරක්කු වුනා.* *මම ටිකක් මෙතනට වෙලා ඉන්නද? මටත් අාසයි උගන්න ඉගෙන ගන්න.* *අනේ ලොකු බේබී මොකට උයන්න ඉගෙන ගන්නවද? සුමේධ මහත්තයා ලොකු බේබීට උයන්න දෙන්නේ නෑ. රැජිනක් වගේ තියාවී.* මගේ සිත නැවතත් දුකින් පිරී ගියේ මම ළගදිම සුමේධ අයියලාගේ ගෙදර යනවා නේද කියලා. සිදු වන්න යන දෙයට කැමති වී වෙන දේකට මුණ දෙනවා අැර වෙන විකල්පයක් නෑ. මම හිත හදා ගන්න තීරණය කළා. * ඒත් දරුවෝ දෙන්නා අාස වෙයි මගේ අතින් උයන දෙයක් ඉදලා හිටලා හරි කන්න.* *හ්ම් .. ඒන්නකෝ ඒහෙනම් බලන් ඉන්න. ලොකු නෝනා දැක්කොත් නම් මට බනිවී.* ලීලම්මා මට උයන විදිය කියලා දෙමින් අාහාර පිසින්න වුනා. අම්මා ඒක වරම කුස්සියට අැතුල් වූනා. *ලොකු දූ ඔයා මොකද කුස්සියේ.* *ලොකු බේබිට උයන්න පුරුදු වෙන්න ඔනෙලු ලොකු නෝනා.* *ඒ මොකද හදිස්සියෙම.* *දරුවෝ දෙන්නට ඒයා අතින්ම උයලා දෙන්න ඔනේ කියන්නේ ලොකු බේබීට* ලීලම්මා කිව්වේ හරිම සන්තෝෂෙන්. ඒ වචනයත් සමග අම්මාගේ මුණට අැදුනේ ලස්සන හිනාවක්. අැය මට විහිළු කලා. *දරුවෝ දෙන්නට විතරද?* *ඒක තමයි ලොකු නෝනා.* *අන්තිම මොහොතේ හරි ලොකු දූ මේකට කැමති වුන ඒකනම් හොදයි. මම ලොකු ගින්දරක හිටියේ.* අම්මා මාව අාදරයෙන් තුරුළු කර ගනිමින් කිව්වා. ලීලම්මාගේ දෑසේ වු කදුළු කැට දිළිසෙනවා මම දුටුවා. ඔවුන් දෙදෙනාම මගේ විවාහය නිසා හුගක් සතුටු වෙන බව දැනිලා සතුටු හිතුණත්, ඒ සතුට හැමෝටම ටික කාලයයි නේද කියලා ලොකු දුකකුත් අැති වුනා. මම අම්මාගේ උණුසුමට ගුලි වෙමින් දෑස් පියා ගත්තා. *දූ අපි ඔයාට වරදක් කරනවා කියලා හිතන්න ඒපා. සුමේධ අයියා හොද ළමෙක්. මගේ දූව හොදින් බලා ගනිවී.* මා සමග විවාහා උත්සවයේ කටයුතු ගැන කතා කල අම්මා හිටියේ හරිම සතුටින්. තවත් මොකුත්ම කල්පනා නොකරන්නට සිතු මම ඉහළ මහලට ගියා. සුපුරුදු විදියටම ජනෙල් කවුළුව අසලට ගොස් දහල් අව්ව වැටී රත් වී තිබු උළුනහු කනුව අල්ලදි ඒක පාරට අතට දැඩි රස්නයක් දැනුනා.අවුව නැත් පැත්තේ බිත්තියට මුවා වූ මම රූස්ස ගස් පෙළ අතරින් පාර දෙස බැලුවා. කිසිවෙක් පාරේ සිටියේ නැ. නිවසේ පිටත බිත්තිවල තින්ත අලේප කරමින් සිටියේ සිගිති සහ තවත් පුද්ගලයෙකි. ඔවුන් වැඩ කරන අයුරු අාසාවෙන් පලා සිටි මට තීන්ත අාලේප කරන අනිත් පුද්ගලයා දැකලා පුරුදු බව සිතුනා. *ලොකු බේබී. ලොකූ නෝනා කෑම කන්න ඒන්න කිව්වා.* මම විවාහයට කැමති වූ නිසා සියලු දෙනා යථාතත්වයට පත් වි අැතැයි සිතූ නිසා මම කෑම ගන්නට පහළ මහලට ගියා. සිතු අයුරින්ම සියල්ල යථාතත්වයට අැවිත් තිබුණා. කෑම ගැනීමෙන් පසු මම කුස්සියට ගියේ අත සෝදන්න. කෑම මේසය මත අත සෝදන්නට භජන තබා තිබුනත් මම පුරුද්දක් වශයෙන් කුස්සියට ගිහින් අත සේදුවා. මම කුස්සිය දෙසට යන විට සිගිතිත් අර අනිත් පුද්ගලයත් කෑම කමින් සිටියා. මම යනවත් සමගම කෑම කා අවසන් කළ සිගිති කුස්සියෙන් ඒළයට ගියේ සුනඛයන්ට කෑම දීමට විය යුතුයි. දැක පුරුදු පුද්ගලයා දෙස විමසිල්ලෙන් බැලු මම කවුරුදැයි කල්පනා කරමින් අත සොදන්න වුනා. හිස කෙස් සහ මුහුණ පුරා වවා ගත් රැවුල තැනින් තැන සුදු පැහැ වි තිබුනා. වැහැරිලා වි ගිය සිරැරත් සමග මට ඔහු කවුදැයි අදුරා ගන්න බැරි වුනා. මා දෙස බලා මුව පුරා සිනා සුණ ඔහු මට හිස සලා අාචාර කලා. *ලොකු බේබීට මම මතකද?* *දෙවියනේ සෝමේ මාමා.* *ලොකු බේබීට මාව අමතක නෑ ඒහෙනම් තාමත්* *ඒක පාරට අදුර ගන්න බැරි වුනා සෝමේ මාමේ. මාමා හුගක් වෙනස් වෙලානේ.* *ලොකු බේබී නම් ඒදා වගේමයි තාම.* *කොහොම ඉතිං සෝමේ මාමේ .* *අනේ ලොකු බේබී මට මාමේ කියන්න ඒපා. ලොකු නෝනා දැක්කොත් මට බනීවි. මට මතකයි බේබි පොඩි කාලෙත් මට සෝමේ මාමා කියලා කතා කරනවා . ලොකු මහත්තයයි, ලොකු නෝනයි මොන තරම් බැන්නත් තාමත් ඒ පුරුද්ද ඒහෙමමයි නේද.* ඔහු අපේ අතිතය මට යලි මතක් කර දුන්නා. සෝමේ මාමා යනු මගේ හොදම මිතුරිය ශාමලිගේ පියයි. ඒ වගේම ලිලම්මාගේ ඒකම සහෝදරයයි. මොන හේතුවක් නිසාද නොදන්න මුත් ගමේ අනිත් දරුවන්ට ඒන්නට තියා සිතන්නට වත් අපහසු අපේ පාසලට ශාමලිට ඒන්නට ලැබුනේ ලීලම්මා නිසා විය යුතුයි. නිතර ලීලම්මා සමග මෙහි පැමිණියේ ශාමලීගේ මව අසණීපයෙන් සිටි නිසා අැය බලා ගැනිමට කෙනෙකු නොමැති නිසයි. ඒ දවස් වල ලීලම්මා පවුලේ අය සමග ළගින් අැසුරුකම් පැවැත්තුවත් අප්පච්චිගේ අකමැත්ත නිසා . සියල්ලන්ගෙන්ම අෑත් වෙන්න සිදු වුනා. මා සමගම පාසල් ගිය අැය මට සිටි ඒකම මිතුරියයි. ඒ කාලයේ පටන්ම යාහළුන් අැති කර ගැණීමේ හැකියාවක් මට තිබුනේ නැහැ. මම බොහොම නිහඩ ළමයෙක් නිසා මගේ යාලුවෝ මට කැමති වුනෙත් නැහැ. ඒක වසරේ ඉදන් මගේ සෙවනැල්ල වගේ සිටියේ අැයයි. පාසලේ යහළුවන් අතර වූ ගැටුම් වලදි පවා අනිත් යාළුවන්ට දොස් පවර මා බේරා ගත්තේ අැයයි.ඉගෙන ගැනිමට ඒතරම් පිය නොකළ මා හට ඉගෙන ගැනිමට දිරි ගැන්නුවේ අැයයි. ඒසේ ළං වි සිටි අපි දෙදෙනා වයසෙන් වැඩෙත්ම දෙමාපියන් විසින් වෙන් කරනු ලැබුවා. පවුලේ අය අැසුරු කරනවාට අප්පච්චී අකමැති වූ නිසාම සෝම මාමායි, ශාමලී මෙහෙ ඒන ඒක නවත්වන්නට ලිලම්මා කටයුතු කළා. ඉන් පසු ශාමලි ගැන කිසිදු අාරංචියක් නොලැබුන අතර ඉගෙන ගැනිමට අැති වු අාර්ථික අපහසුතා මැද ඉගෙනිම අත හැර නගරයේ කම්හලක රැකියාවක් කරන බව පමනක් දැන ගන්නට ලැබුනා. පාසල් අධ්‍යාපනයෙන් පසු නිවසටම කොටු වූ මට කිසිවෙක් අැසුරු කරන්නට ඉඩ ලැබුනේ නැ. අවුරුදු දාහතක්ම මම මේ නිවාස අඩස්සියේ හිටියා. අතීතය සිහි විමෙන් මට අැති වුනේ දුකක්. නමුත් මා මෙලෙස රැකවල් මැද තබන් ඉන්නේ අැයි දැයි මට තවමත් පැහැදිලි නැ. තවත් පුදුමයට කරුණක් නම් මට වන් නීති පුංචි නංගිට නොවිමයි. *මට මොකුත් අමතක නෑ සෝමේ මාමේ. කොහොමද දැන් ශාමලීට දැන් බැදළා දරුවොත් අැති නේද?* ශාමලී ගැන අහත්ම ලොකු සුසුමක් හෙළු ඔහු මා දෙස කදුළු බර දෙනෙතින් බැලුවා. *අනේ අැයි සෝමේ මාමේ. නැන්දට කොහොමද?* *උන්දෑ වලලපු තැන මහ ගසුත් අැති දැන්. උන්දෑ මැරුනේ ඒ කාලේ මයි.* *අනේ මට මොකවත්ම අාරංචී වුනේ නෑ සෝමේ මාමේ. ශාමලීට මොකද?* *ඒ දරුවා වළපයයි ගොඩපයයි ඉන්නේ. දරුවෙක් නම් ඉන්නවා .ඒ පොඩි ඒකත් ඒකී ළග නෑ දැන්.* *ඒ කිව්වේ.* මට ඔහු කිවූ දෙයි අග මුළ යා කර ගන්නට අපහසු වුනා. *ශාමලි හොදටම අසනීපෙන් ඉන්නේ නැගිටින්න වත් බෑ . දාපු තැන වැටිලා ඉන්නවා. මට ඒකී ගැන දුකයි. මට ඒකට උගන්න ගන්නත් බැරි වුනා. ඒක දවසක් වත් දුක් නොවිද ජිවත් වෙන්න හදලා දෙන්නත් බැරි වුනා.* ඊ ළග කොටසින් හමු වෙමු. සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 05:06 AM 23. වන කොටස. මියෙදෙන තුරා. කිව්වේ නම් කොහොමද සෙව්මිණීගේ තැන වෙනකාටවත් ගන්න බෑ. මම අායි කසාද බදින්න කැමති නෑ කියලා. ඒත් තමන්ගේ දරුවෝ දෙන්නගේ අම්මා මැරිලා අවුරුද්දේ දානය දෙනත් තලින් තව බිරිදක් බලන්න යනවා. *කොහොමද නිල්මිණී නංගී.* *මට නම් නිසි අවුලක් නෑ. හැමෝටම කියන්නේ. මගේ ජීවිතෙන් අයින් වෙලා ඉන්න.* මම ඒහෙම කියාගෙන ගියේ සුමේධ අයියා දකින විට මට අප්රදායක් දැනෙන නිසාවෙන්. *මොනවද ලොකු අක්කී ඔයා කියන්නේ .මොකද ඔයාට වෙලා තියෙන්නේ.* *මට නම් මොකුත්ම වෙලා නෑ. ඒත් මම දැන් කාගේ කාගෙත් හැටි හොදටම දන්නවා.* *මට පේන්නේ නිල්මිණි නංගී මං ගැන වැරදියට හිතලා වගේ.* *මම කා ගැනවත් හිතන්නෙත් නෑ. හිතන්න ඔනෙත් නෑ. මට පාඩුවේ ඉන්න දීලා සේරමලා මෙතනින් ගියානම් හොදයි.* පොරවනය හරි ගස්වා ගත් මම අනික් පසට හැරිලා නිදා ගත්තා. මට අැහුනා හැමෝම පිට වෙලා යනවා. චූටී දූ අඩද්දීම වගේ සුමේධ අයියා ඒයාව වඩන් ගිය බව අැහුනා. මේ සිදුවීම් වලින් පස්සේ මම පහළට යන ඒක හුගක් අඩු කරලා. හුදකලාව ජනෙල් කවුළුව අසලට වී ඉන්නට පටන් ගත්තා. ඉද හිට දරුවන් අාවත් මම පහළට යන්න කැමති වුනේ නෑ. දරුවෝ දෙන්නා කාමරයට ගෙන්න ගත්තේ මොන දේ සිද්ද වුනත් දරුවන් දෙදෙනාට තවමත් ඒදා මෙන් අාදරය කරන නිසයි. සති දෙකක් පමණ ගෙවී ගියේ හරිම වේදනාවෙන්. සුමේධ අයියා නිතර අැමතුන් ගත්තත් මම ඒවට සවන් දෙන්න අකමැති වුණා. දින පතා කරුණු පැහැදිලි කරමින් කෙටි පණිවිඩ අාවාත් ඒ ඒකක් වත් මට කියවන්නට අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. මම කාගේ වත් බසට සවන් දෙන්නට අකමැති වුනා.පුංචී නංගිත් ඒ දවස් කීපයට සෑහෙන්න වෙනස් වෙලා තිබුනා. අැය පෙර අාකාරයටම මට සලකන්ට පටන් ගත් නිසා මම අැගේ අැස ගැටෙන මානයටත් යන්න අකැමැති වුණා. මට තවමත් වටහා ගන්නට අපහසු මිනිසුන්ට තම වාසියට මෙලෙසින් රගපාන්නට පුළුවන්ද කියලා. පුංචී නංගී මට ළං වුනේ සැබෑ සහෝදර ප්‍රේමයෙන් කියලයි මම හිතන් හිටියේ. අැත්තටම මම රැවටිලා. ලීලම්මයි සිගිතී කාමරයට ඒන ඒකත් අඩු වුනේ මගේ ප්‍රශ්න වලට දෙන්න පිළිතුරු නොමැති වීම නිසයි. අම්මාගේ අප්පච්චිගේ හැසිරීමත් , මල්ලිගෙය නංගිගෙයි හැසිරීමත් සමග මම මේ පවුලේ දරුවෙක් නෙමෙයිද? මෙයාලගේ සහෝදරයෙක් නෙමේද කියලා මට වෙලාවකට හිතුනා. සියලු වේදනාවලින් මට ටිකක් හරි හිත නිදහස් කර ගන්න මට පිහිට වුනේ, මගේ ළග තිබුනු පොත් කිහිපය තමයි. පුංචී නංගී මා සමග මිතුරුව ඉන්න දවස් වල මම ඉතාම ප්‍රිය කළ ලේඛකයගේ පොත් කිහිපයක්ම මට තියා ගන්නම අරන් දුන්නා. ඒ කතා වලට බොහෝම අාසා කළ මම නැවත නැවත කියෙව්වා. මගේ අදහස් වලට සමාන අදහස් අැති සියලු බැදීම වලින් මිදි ස්වාධීනව ජිවත් වන පුද්ගලයෙකුගේ කතාවට මම අාදරය කලා. මමත් ප්‍රාර්තනා කලේ ඔහු මෙන් මටද මේ සිරකූඩුවෙන් පියඹා අෑතකට යන්න තිබුණා නම් කියලා. නැවතත් පොත කියවා සිත සනසා ගන්නට සතු මම ''නිල්ල පිරුණු මිටියාවත'' පොතත් රැගෙන ජනෙල් කව්ළුව අසල වූ අසුණට බර වුනා. පොතේ මැද පිටුවක් පෙරළා ගත් මම ඒතැන සිට කියවන්නට සිතුවේ ඒ කතාවේ මම කැමතිම කොටසක් වීම නිසයි. මම කතාවට පිවිසියා. මම කතාව තුළ ජීවත් වෙන්නට ගත්තා. මා කැමතිම ජිවිතය නිසාදෝ අනිත් සියලු පොත් කියවා ලබන වින්දනයට වැඩි වින්දනයක් මම මේ පොතෙන් ලැබුවා. මට පිටු පහ හයකට වඩා පෙරලන්නට ලැබුනේ නැහැ සිගිතී දොරට තට්ටු කරමින් කතා කරන්න වුනා. *මොකද සිගිතියෝ . ඔය දොර කඩන්නේ නැතුව අැතුළට ඒන්න.* *ලොකු මහත්තයා ඒන්න කිව්වා.හ්හ්.* *ඒ මොකටද සිගිතියෝ.* *මම දන්නේ නෑ ලොකු බේබී.හ්හ්* *මට යන්න බෑ සිගිතියෝ අදත් මොන වගේ හෙන ගෙඩියක්ද දන්නේ නෑ.* *ලොකු මත්තයාට කේන්ති යාවී පොඩ්ඩක් පහළට ගිහින් බලන්න ලොකු බේබී..හ්හ්.* *මම ඒන්නම් ඒහෙනම්. සිගිති යන්න.* මම පහළ මහළ ගියේ හිතේ චකිතයෙන්. මම හිතපු විදියටම අවුලක් තමා. අදත් සියලු දෙනාම වට වෙලා ඉන්නවා. මට අාපසු හැරිලා කාමරයට යන්න සිතුවත් අෑත තියාම මා දැක්ක අප්පච්චී මට අඩ ගැහුවා. *ලොකු දූ මෙහෙට ඒන්න.* මම ඔවුන් අසලට ගියත් මගේ හිත කිව්වෙම අදත් ලොකු ගැටළුවක් අැති වේවී කියලා. *මොකද ලොකු දූ හිටගෙන මෙතනින් වාඩි වෙන්නකෝ.* *කමක් නෑ අප්පච්චී කියන්නකෝ.* *අනේ මේ හලෝ විකාර නැතු ඔතනින් ඉද ගන්නවා. ඒදා වගේ ක්ලාන්ත වෙලා වැටෙයි නැත්තම්.* *පුංචී දූ කටපියා ගන්න. මට මේක අක්කට කියන්න දීලා.* මා දෙසට හැරී සිටි අප්පච්චී පුංචී නංගී දෙස බලමින් කිව්වා. *ලොකු දූ අපි වෙලා බැලෙව්වා.* *ඒ මොකටද අප්පච්චී.* *ඔයාලගේ කසාදයට.* *මම කැමති නෑ කිව්වනේ අප්පච්චී.* සියල්ලන්ම සද්ද නැතුව ඉන්නා විට මම හිතුවේ කට්ටිය බලාපොරොත්තු අත්හැරලා ඉන්නවා කියලා. තවත් කට්ටිය යටින් පෑලැන් කරනවා. මට අාවේ දරා ගන්න බැරි දුකක්. අැයි මේ මිනිස්සුන්ට මම කියන දේ තේරෙන්නේ නැත්තේ. *ඒහෙම කියලා බෑනේ ලොකු දූ. මෙච්චර ලොකු මහත් කරපු මටත් අයිතියක් තියෙනවනේ ඔයා වෙනුවෙන් තීරණයක් ගන්න. අනික මේකෙන් ඔයාට වරදක් වෙන්නේ නෑ දරුවෝ.* අප්පච්චි හරිම සාමදානයෙන් කතා කලා. මම සැරින් සැරේ ලොකු මල්ලී දිහා බැලුවා. ඔහු හිටියේ කළබලයෙන්. ඔහුට මෙවැනි සමකාමී කතා හරි ගියේ නැහැ. බලෙන් හෝ තමනට ඔනේ දේ කර ගැනිමයි ඔහුගේ පුරුද්ද. *මම දන්නේ නෑ අප්පච්චි මම මේකට කැමති නෑ. මම කවදාවත් සුමේධ අයියා ගැන ඒහෙම හිතුවෙත් නෑ.* *අනේ ලොකු දුව මං වෙනුවෙන් වත් මේකට කැමති වෙන්න.* *අනේ අප්පච්චි මොකටද මෙයාට පිංසේන්ඩු වෙන්නේ. මොළේ කියලා කළදක් නෑ .මගේ අක්කා කියලා කියන්නත් ලැජ්ජයි. මෙයාට ගැළපෙන්නේ සේවර්න්ට්ම තමා.* පුංචි නංගි නැවතත් මට බැන වදින්නට වුනා. මෙතරම් වෙලා නිහඩව බලා හුන් ලොකු මල්ලි පුටුවෙන් නැගිට මගේ අසළට අාවා. *මට ඔය හුරතල් කෙරිලි තේරෙන්නේ නෑ. මාව මේ කතාවට ගාව ගන්නේ නැතුව අප්පච්චී කියන දෙයක් කරානම් හොදයි.* ඒසේ කිවු ලොකු මල්ලී ඉක්මන් පියවර වලින් සාලයෙන් පිටවි ගියා. මේක නම් මොන විදිහේ ජීවිතයත්ද?. මෙතරම් කල් මා ගැන සොයා බැලුවේ වත් නොමැති අය බලහත්කාරයෙන්ම මාව විවාහා කර දෙන්නට සූදානම් වෙනවා. *හොද වැඩේ. අපි කියන දෙයක් පිළිගන්න අකමැතිනේ.* සිදු වු දෙයින් සතුටක් ලබපු පුංචී නංගී මට සමච්චලයට හිනා වුනා. මට තිබුනේ දුකක්. මා ගැන සිතන්නට මේ නිවෙසෙහි කිසිවෙකු නැති බව මට වැටහුනා. අනේ මගේ මරණය ඉක්මන් කරන්න දෙවියනේ මම අඩන්නට වුනා. *කවුරු කොහොම.. කිව්ව...ත් මම කැම..ති නෑ.* *ලොකු දූ මොකද පොඩි ළමෙක් වගේ අඩන්නේ. දුක් වෙන්න දෙයක් නෑ. අපි ඔයාව ඒහේ තනියෙන් යවන්නේ නෑ. ලීලම්මත් දෙනවා ඔයාට අරන් යන්න.* *දැන් ...සු...මේධ අයියා.. කැමතිද මේකට..* *ඒ ළමයගේ අකමැත්තක් නෑ.* * මම යනවා අප්පච්චී මට මේකට කැමති වෙන්න බෑ.* *මොකද දරුවෝ වෙලා තියෙන්නේ. දරුවෝ දෙන්නා ගැනවත් හිතන්න.* තවත් කිසිවක් අසන්නට සිත් නොදුන් නිසා මම ඉහළ මහළට දුවගෙන ගිහින් දොර වහ ගත්තා. ඒතැන් පටන් සියල්ල සිදු වුනේ අප්පච්චිටයි ලොකු මල්ලිටයි ඔනේ විදියට. සියලුම දෙනා යොදා ගත් දිනයේ විවාහා මංගලයට සූදානම් වුනා. මගේ කැමත්ත විමසන්න නොඅා ඔවුන් සියලු කටයුතු සූදානම් කලා. සුමේධ අයියාගේ දෙවන විවාහය නිසා සුළු උත්සවයකින් සියලු කටයුතු නිම කරන්නට ඔවුන් තීරණය කර තිබුනා. ටික දිනෙක සිට දරුවන් දෙදෙනා මෙහි නොඒවුවේ මම විවාහයට අකමැති බව දන්නා නිසා විය යුතුයි. සිදු වන දෙය බලා ඉන්නවා හැරෙන්නට කළ යුතු දෙයක් මට ඉතුරුව තිබුනේ නැ. *ලොකු අක්කි. අාන් අම්මා ඒන්න කිව්වා.* කිසිදු ප්‍රශ්ණ කිරීමෙකින් තොරව මම පහළ මහළයට ගියේ, මගේ අකමැත්ත පෙන්විමෙන් කිසිදු පලක් නැති බව වටහා ගත් නිසයි. *ලොකු දූ ඔයාගේ ජැකට් මහන්න මැෂිමෙන්ට් ගන්න මේ අාන්ටි අැවිත් ඉන්නේ.* මා හා සිනාසුන මැදි වියේ කාන්තාව මට අත පෑවා. අැය සමග මද සිනහවත් පෑ මම අැයට අැගේ කාර්යය කර ගැනීමට ඉඩ දුන්නා. හිතේ අකමැත්ත ඒසේම තිබුනත් මට ඒන දේකට මුහුණ දෙනවා අැර කරන්නට යමක් නොතිබුන නිසා. දින කෙමෙන් ගෙවී ගියා. සිදුවන දේ වලට සතුටු වෙන්නද දුක් වෙන්නද කියා මට සිතා ගන්නට අපහසුයි. මුළු නිවසම අළුත්වැඩියා වෙමින් තිබුනා. තව දින දහයකින් මම සුමේධ අයියා සමග විවාහා වෙනවා. මම තවමත් ඉන්නේ සියල්ලන් සමග කෙන්තියෙන්. සුමේධ අයියාගේ අැමතුම් වලටත් සවන් නොදුන් මම දුරකථනය ක්‍රියා විරහිත කර අල්මාරියට දැමුවා. දිනක හවස් වරුවක මාව සැලුන් ඒකකට ඒක්කරගෙන යාමට පුංචී නංගී සූධානම් වුනා. ඒ සදහා කොහෙත්ම අකමැති වු මම පුංචී නංගී සමග ගැටුම් අැති කර ගත්තා. සියලු අැදුම් මසා නිමා කර තිබුනා. අැදුම් මසන කාන්තාව මැසු අැදුම් මට අන්දවා බැලුවා. අලංකාර සුදු වර්ණයකින් යුතු සාරියට මට අාසාවක් අැති වුනා. සැබැවින්ම ඒ සාරිය මගේ සිරුරට හොදින් ගැලපුනා. ඊ ළග කොටසින් හමු වෙමු......... kingDVeteran MemberPosts:3405 31 Oct 2016 04:37 AM Posted By සඳුනි on 31 Oct 2016 04:13 AM 10 යම දාන්නද? ඉවරයක් වෙන්න හා හා දාන්න..ඕකත් අහන්න දෙයක් ද සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 04:13 AM 10 යම දාන්නද? ඉවරයක් වෙන්න sha733Super Senior MemberPosts:7332 31 Oct 2016 04:11 AM මමනං කියවලා ඉවරයි අනිත්වා දැම්මත් කමක් නැහැ මෙහෙම කොටස් 4 ගානේ දීගෙන ගිහින් ඉවර වෙලා 1 ගානේ දෙන්න ගියාම තමා මල පනින්නේ indika76Most Senior MemberPosts:10470 31 Oct 2016 04:09 AM කමක් නෑ නංගී ඔයා දාන්න... මේ දක්වා කියවපු අය ඉන්නවනේ.. ඉඩක් තියෙන වෙලාවක එක දිගට කියවාගෙන යන්නම්... සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 04:02 AM මේ ටික කියවලා ඉවර වුනාම කියන්නකෝ ඊළග කොටස දාන්න. indika76Most Senior MemberPosts:10470 31 Oct 2016 02:41 AM නංගී කොටස් ගොඩක් දාලානේ... මටත් තාම කියවන්න බැරිවුනා.. kingDVeteran MemberPosts:3405 31 Oct 2016 02:27 AM වව් ..දැන්නම් නියමයි කතාව...ඉක්මනට ඉක්මනට කියවන්න ආසයි සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 01:59 AM හෙමින් සැරේ කියවන්න මම කතාව හෙමින් දාන්නම්. දැන් හුගක් අඩුයි නේද? samanthaMost Senior MemberPosts:13196 31 Oct 2016 01:15 AM අනේ මගේ අසනීප තත්වය නිසා මේක දිගටම කියවාගෙන යන්න නම් බැරි වුණා. DushanVeteran MemberPosts:2536 31 Oct 2016 01:10 AM දැන් නම් කතාව නියමයි ඉක්මනට අනිත් කොටසත් දාන්නෝ එහෙනම් බොහොම ස්තුති සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 08:07 PM තව කොටස් 10 ක පරතරයක් තියෙනෝ සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 08:06 PM 22. වන කොටස. මියෙදෙන තුරා... * ඒපා ... ලී...ලම්මේ. මට යන්න බෑ..* දැන් රෝහල වෙත රැගෙන ගියහොත් මගේ රෝගී තත්තවය සියල්ලන්ම දැන ගනීවී යැයි මකත් වීම නිසා මම කියා සිටියා. *ඒහෙම කියලා කොහොමද ලෝකු බේබී.* ලීලම්මා මගේ පපුව පිරිමදිමින් කිව්වා. අැය සිටියේ බොහොම කළබල වෙලා. අම්මා කාමරය පැත්තටවත් අැවිත් නැති බව මට වටපිටාව බලද්දි පැහැදිළි වුනා. *ලීලම්මේ මම ඩොක්ටර් කෙනෙකුට කොල් කරන්නම්. ගෙදරට ගෙන්න ගමු . ලොකු අක්කිගේ මුණත් ඉදිමිලානේ. ස්පිරිතාලේ ඒක්ක ගියොත් හැමදේ ගැනම ප්‍රශ්ණ කරයි.* ඒහෙම කියපු පුංචී නංගි කාමරෙන්පිට වෙලා ගියා. ශාලින්ද මල්ලි අැද ළගට වෙලා හිටගෙන බලාගෙන හිටියා. ලීලම්මා මගේ මූණ අතගාමින් තව තවත් අැඩුවා. වෙලාව ගත වෙනවත් සමග පපුවේ වේදනාව ටිකෙන් ටින අඩු වෙලා යන බව මට දැනුනා. කියපු විදියටම වෙෙද්‍යවරයා නිවසට පැමිණියා. ඔහු ඒන විට කිසිදු අපහසුතාවයක් තිබුනේ නෑ. සියලු වේදනා තුරන් වී තිබුනා. මාව පරික්ෂා කර බලපු වෙෙද්‍යවරයා පුංචී නංගිලාගේ පැත්තට හැරුනා. *මට කියන්න බලන්න මේ දරුවට සිහි නැති වෙන්න කලින් මෙහේ සිද්ද වුන දේ. මොකක් හරි වෙලා තියෙනවා. මුණත් ඉදිමිලා.* ඔහු පවුලට සමීපතම වෙෙද්‍යවරයෙක් නිසා පවුලේ හුගත් දේ ගැන දැන වුන්නා. ඒක නිසාම පුංචී නංගී අැත්තම විස්තරය කියාගෙන ගියා.ඔහු කතාව සාවදානව අහන් හිටියා. අවසානේ ඔහුගේ නෙතට නැගුන සිනහවත් සමග මගේ පැත්තට හැරුනා. මම බයේ තැති අරන් හිටියේ මගේ රෝගී තත්වය පිළිබද මොනවා හෝ ඒළිවෙයිද කියලා. *මේ දරුවා මොකද දැන් විවාහයට අකමැති. මල්ලී හැසිරුනු විදියත් මම අනුමත කරන්නේ නෑ. ඒත් තරුණ ගෑනු ළමෙක්නේ .අම්මලා අප්පච්චීලා කියන දේවලුත් පොඩ්ඩක් හිතන්න. දැන් අමාරුවක් නෑ නේද?* *නෑ ඩොක්ටර්.* *බය වෙන්න දෙයක් නෑ. කළබලයට බය වුන නිසා ක්ලාන්ත ගතියක් ඒන්න අැත්තේ. හැබැයි අායෙත් ක්ලාන්ත ගතියක් අැති වුනොත් හොස්පිටල් ඒකට ඒන්න. පපුව රිදෙන්නත් අැත්තේ මානසික අාතතිය නිසා වෙන්න ඔනේ.* උපදෙස් රැසක් දුන්න වෙෙද්‍යවරයා පිට වෙලා ගියා. අනිත් හැමෝමත් කාමරෙන් පිට වෙලා ගියා. වෙෙද්‍යවරයා ලබා දුන් බෙහෙත් වලටද කොහෙද මට හොදටම නින්ද ගියා. *ලොකු බේබී .. ලොකු බේබී..හ්හ්* සිගිතිගේ කට හඩින් අවදි වුන මම අැද මත වාඩී වුනා. නින්දත් සමග සියලු අමාරුකම් තුරන් වී තිබුනා. *අැයි සිගිතියෝ ඒන්න අැතුළට.* *ලොකු බේබී අර බබාලා දෙන්නා අැවිල්ලා. ලොකු මහත්තයා කිව්වා පහළට ඒන්න කියන්න කියලා.හ්හ්* *සුමේධ අයියත් ඉන්නවද? නැත්තම් ඩ්‍රයිව ඒක්කද අැවිත් තියෙන්නේ.* *සුමේධ මහත්තයත් ඉන්නවා ලොකු බේබී. හ්හ්*. *මට බෑ සිගිතියෝ අායි ගුයි කන්න. මට අමාරුයි හොදටම නිදි කියන්න.* *අනේ අැයි ලොකු බේබී සුමේධ මහත්තයට අකමැති.හ්හ්. ඒ මහත්තයා හොදයි කියලා ලොකු බේබිමනේ කිව්වේ.හ්හ්* *හොදයි තමයි . ඒත් මගේ හිතේ ඒයා ගැන කිසි හැගීමක් නෑ. දරැවෝ දෙන්නා වෙනුවෙන් හරි මට මේකට කැමති වෙන්න තිබුනා. ඒත්* *ඒත් කිව්වේ ලොකු බේබී.හ්හ්* * නෑ. නෑ මොකුත් නෑ.* *ලොකු බේබී මොනවා හරි හන්ගනවද? හ්හ්* *මොනවා හන්ගන්නද ?ඔයාලා තමා මාව රවට්ටන්නේ. මගෙන් ලොකු දෙයක් හංගන් ඉන්නේ ඔයාලා.* මට අසනීපය ගැන කියවෙන්නයි ගියේ .ලීලම්මත් කාමරයට අැතුල් වෙනවා දැක්කම මම පියවි සිහියට අාවා. *ලොකු බේබී අාන් ලොකු මහත්තයා කතා කරනවා* *මට ඒන්න බෑ ලීලම්මේ මම තාම නිදි කියන්න.* මම පොරවනය සකසා ගනිමින් අැදේ හාන්සි වුනා. *මොකද ලොකු බේබී වෙලා තියෙන්නේ. අැයි ඔහොම හැසිරෙන්නේ.* *මටත් අහන්න තියෙන්නේ ඒ ටිකම තමා ලීලම්මේ. ඔයා වෙනදට හැමදාම මගේ පැත්තේ. දැන් අැයී ලීලම්මත් අම්මලාගේ පැත්තේ.* *ඒහෙම ඒකක් නෑ ලොකු බේබී. සූමේධ මහත්තයා හරිම හොදයිනේ. ඒ දරුවෝ දෙන්නටත් ලොකු බේබීව නැතුවම බෑ.* *ඒත් කට්ටියගේ යටි අරමුණ සුමේධ අයියාගේ සල්ලී. * *දරුවෝ දෙන්න වෙනුවෙන් වත් මේකට කැමති වෙන්න ලොකු බේබී. අායි මේ වගේ හොද මහත්තයෙක් ඔයාට හම්බෙන ඒකක් නෑ.* ලීලම්මත් මමයි සුමේධ අයියායි විවාහා වෙනවට ගොඩක් කැමති බව මට වැටහුණා. සුමේධ අයියා ගැන අදහසක් නැතත් දරුවෝ දෙන්නා වෙනුවෙන් හරි මට කැමති වෙන්න තිබුනා. ඒත් කොහොම කැමති වෙන්නද? මම මැරෙන්න ඉන්න කෙනෙක් . මට බෑ අර දරුවන්ට අායි දුකක් දෙන්න. කොහොමටත් මම මේ විවාහයට කැමති වෙන්නේ නෑ කියලා මම හිත තද කර ගත්තා. *නැන්දී අම්මී.* *අනේ චූටී දූ.* *නැන්දී අම්මිට උෟවා වෙලාද? * *ඔව් චූටී දූ නැන්දි අම්මි අසනීප වෙලා.* කාමරයට අැවිත් මගේ ළගින් වාඩී වුන, දරුවෝ දෙන්නම තුරුළු කරගෙන සිඹිමින් මම කිව්වා. අනේ මේ දරුවෝ දෙන්නා මගෙම කරන් මෙයාලගේ ළගටම වෙලා ඉන්න තියෙනම්. මම හිත යටින් හඩා වැටුණා. *අම්මී නැන්දී. ඔයා කවදාවත් අපේ ගෙදර ඒන්නේ නෑද?* *අැයි මගේ චූටී දූ ඒහෙම අහන්නේ.* *නංගී තාත්තා කිව්වා නේ නැන්දී ඒක්ක කියන්න ඒපා කියලා.* *මොකද්ද ලොකු දූ කියන්න ඒපා කිව්වේ.* *මොකුත් නෑ නැන්දී.* දරුවෝ දෙන්නා මට මොකක් හරි හංගන බව මට දැනුනා. ලොකු දූගේ මූනේ තිබුනේ බිය වුණ ස්වරූපයක්. *හැබැයි ඔන්න අම්මී නැන්දී කවදාවත්ම ඒන්නේ නෑ ඔයාලා බලන්න. දැන් මට අැත්තම නොකිව්වොත්.* *ඒත් අපි තාත්තිට පොරොන්දූ වුනානේ නැන්දී.* *මම තාත්තිට නොකියා ඉන්නම්කෝ දූලා මට කිව් බව.* මම ලොකු දූව මගේ ළගට ළං කර ගනිමින් කිව්වා. *තාත්තී කූවා. අම්මි නැන්දි අපේ ළගට ඒන්න කැමතී නෑ කීලා.* *දූට කව්වද කීවේ මම දූලගේ ගෙදර නවතින්න ඒනවා කියලා.* *ශාලින්ද මාමී* *කවදද කිව්වේ.* මම පුදුමයෙන්යුතුව ප්‍රශ්න කලේ. මේ මිනිස්සුන්ගේ මොළේ හොද නෑ. පොඩි දරුවෝ දෙන්නාගේ හිත් වලටත් මේවා දාලා කියලා. *ගොඩාලියක් කල්.* *ගොඩක් කල්* * ඔව් . ඒත් අම්මි නැන්දී අාවේ නානේ තාම.* *අැත්තද ලොකු දූ නංගී කියන කතාව. කවදද ශාලින්ද මාමා ඒ වගේ කතාවක් කිව්වේ.* මම ලොකු දූගෙන් විමසුවේ මගේ හිතට සැකයක් අාපූ නිසයි. *අපි නැන්දිව දකින්නත් කලින්.* * ඔයාලා මාව දක්න්නත් කලින් . මම ඔයාලගේ ගෙදර ඒනවා කිව්වා.* *ඔව් ඒදා පංසලේදී නංගී තාත්තියි හම්බුන දවසට කලින් දවසේ අැවිත් ශාලින්ද මාමී අපිට පංසල් ඒන්න කිව්වා. ඔයාලට ගේන අලුත් අම්මා බලන්න ඔනේ නම්.* *මොනවා. මේ මොකද්ද මේ කතාව.* *නැන්දි කැමතී නැද්ද අපේ අම්මා වෙන්න.* ලොකු දූ මගේ අැස් දෙක දිහාම බලාගෙන ඒහෙම අහද්දී මගේ පපුව පිච්චිලා ගියා. මම අකමැති නෑ දූලගේ අම්මා වෙන්න. ඒත් මම දන්නවා මම මැරෙන්න ඉන්නේ. මම කොහොද තවත් ඔයාලගේ ජීවිතේට ළං වෙන්නේ. මම නිහඩවම දරුවෝ දෙන්නා බදාගෙන අැඩුවා. ඒ කියන්නේ මුල ඉදලම මේක ශාලින්ද මල්ලියේ පෑලෑන් ඒකක්.හොදයි කියලා හිතුවට වැඩක් නෑ සේරම ඒකයිනේ බලං ගියොම. මම සුසුම් හෙළුවේ මම පුංචී නංගිලාගේ රගපෑමට අහු වෙලා කියලා දැනුනම. මම හොදටම දන්නවා මට අැති අාදරේට නෙමෙයි සල්ලි වලට තියෙන පෙරේත කමට තමා මාව සුමේධ අයියාට කැමති කරන්න හදන්නේ කියලා. පුදුම මිනිස්සු මට දැනුනේ හරිම පිළිකුලක්. *ලොකු අක්කේ* පුංචී නංගිගේ කට හඩ අැහෙනවත් ඒක්ක මම අැදේ හරි බරි ගැසිලා වාඩී වුනා. * ඒන්න පුංචී නංගී අැතුළට.* මම හිතෙහී වු පිළිකුල මැඩ ගනිමින් හොදින් කතා කළේ දරුවෝ දෙන්නා ගැන හිතලා. මම දැන් අැත්ත දන්න බව දැන ගත්තොත් දරුවෝ දෙන්නා මට අැත්ත කිව් බව හැමෝම දැන ගනිවී. පුංචී නංගිත් ඒක්ක සුමේධ අයියයි ශාලින්ද මල්ලීත් අැතුළට අාවා. මම සුමේධ අයියාගේ මූණ දකින්නත් අකමැති වුනා. මට දැන් තේරෙනවා අදහසක් නෑ කියලා මූලිච්චාවට කිව්වට ඒයත් මේ වැඩේට උඩින්ම කැමතී කියලා. ඊ ළග කොටසින් හමු වෙමු.. සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 07:42 PM 21. වන කොටස. මියෙදෙන තුරා... *පොඩ්ඩක් මෙහෙන් අැවිත් ඉද ගත්තා නම් ලොකු දූ.* *අනේ අැයි අප්පච්චී.* මගේ හද බීතියෙන් පිරී ගියේ සියල්ලන් ඒක තැනට රොක් වී සිටීම නිසයි. අප්පච්චී මා සමග නිතර කතා කරන අයෙකු නෙමෙයි, මොකක් හෝ හේතුවක් අැත්ම් පමනයි කතා කරන්නේ. විජී අයියා කියන මිනිහගෙන් ලොකු මල්ලිට අවුලක් වත් අැවිල්ලද, නෑදෑ කාට හරි කරදරයක්ද, චූටී දුට හරි ලොකු දූට හරි අසනීපයක් වත්ද, මම සුමේධ අයියගේ කෝල්ස් අාන්සර් කරන්නැති නිසා ඒ පණිවිඩය ගෙදරට කියලද? නොයෙක් සිතුවිලි දහසක් හදවතේ තෙරපෙද්දී මම සෙටියේ කොනක වාඩී වුනා. *ලොකු දූ. වැදගත් දෙයක් කියන්න කතා කලේ.* *මොකද්ද අපච්චී.* *දුව කසාද බදිනකන් නංගී ශාලින්ද ළමයයි වෙඩින් ඒක පරක්කු කරනවා කියනවා.* *ඒහෙම කරන්න ඒපා. මම මැරි කරන්න බලාපොරොත්තුවක් නෑ.* හිත තුළ වූ නොසන්සුන් බව වෙනුවට අප්‍රසාධයක් අැතිවුනේ අකමැතිම මාතෘකාව අායෙමත් මගේ ඉදිරියට අැවිත් නිසා. මට ඔනේ දැන් මෙකනින් පිට වෙලා මේ කතා නෑහෙන තැනක හැංගෙන්න. ලොකු මල්ලී අප්පච්චී දෙන්නම ඉන්න නිසා මම ඉවසන් ඉන්නට තීරනය කලා. *ඒහෙම කියලා කොහොමද ලොකු දූ. අපිත් තව ටික කාලෙකින් මැරිලා යාවී. ගැනු ළමෙක්ට හැමදාම තනියෙම ජීවත් වෙන්න බෑ.* *මම කොහොම හරි තනියෙම ඉන්නවා. මම මැරි කරන්න කැමති නෑ ඔය කතාව නවත්තලා දාන්න දැන්.* මට හිත කිව්වෙම ඔයාලා තරම් කල් මම ජීවත් වෙන්නේ නෑ .ඒකයි මැරි කරන්න අකමැති කියලා කියන්න කියලාමයි.මම ඒ හැගීම මැඩගෙන අකමැත්ත කියා සිටියා. *කෙනාවත් නොදැන ලොකු අක්කා අැයි බෑ කියන්නේ.* මගේ වදන් ඒක්ක මුන අැඹුල් කර ගත් පුංචී නංගී විමසා සිටියා. * මම දන්නවා කෙනා කවුද කියලා. ඔයාලා මෙච්චර කල් කරපු කියපු හැම දේම මම දන්නවා. සුමේධ අයියාත් මේකට කැමති නෑ.* සියල්ලන්ගේ අැස් මවිත කරමින් මම කියා සිටියා.ශාලින්ද මල්ලී නිහඩවම මගේ දිහා බලන් හිටියා. ඒයා කවදාවත් මම මෙහෙම කියයි කියලා හිතන්න නැතුව අැති. *ලොකු අක්කේ ඔයා දරුවෝ දෙන්නට අාදරෙයිනේ .ඒයාලා වෙනුවෙන් වත් මේ ගැන පොඩ්ඩක් හිතන්නකෝ.* ශාලින්ද මල්ලී අායාචනාත්මක ස්වරයෙන් කිව්වා. *දරුවෝ දෙන්නට නම් අාදරෙයි තමයි . ඒත් මට මේකට කැමති වෙන්න බෑ.* *මොන විකාරයක්ද මේක. අක්කේ ඔබ මේකය කැමති වෙන්නම ඔනේ.* නිහඩව සිදුවීම දිහා බලා වුන් ලොකු මල්ලී ඒක වරම මගේ අැගට කඩන් පැන්නා. ඒක පාරටම වුනුදේ සිතා ගන්නට නොහැකී වූ මම ගල් ගැහුනා. ලීලම්මාත් සද්දෙට බය වුන පාරද කොහෙද කෑම මේසය ළගට අැවිත් ගල් ගැසිලා වුන්නා. කුමක්ද වුනේ කියලා ටිකක් වෙලා කල්පනාවේ හුන් මම නිහඩවම අසුනෙන් නැගිට්ටා. මම පිටු පස හැරී යන්නට සැරසෙත්ම ලොකු මල්ලී අතින් අැදලා අයෙත් මාව පුටුවේ ඉන්දෙව්වා. *අක්කේ...... ඔබට ඔනේ ඔනේ විදියට මෙහෙ නටන්න බෑ. අප්පච්චිටයි මටයි ඔනදේ තමා වෙන්න ඔනේ.තේරුනාද?* *අනේ කළබල අැති කර ගන්න ඒපා ලොකු අයියේ. අපි ලොකු අක්කට ටිකක් කල් දෙමු. ඒක පාරට ගන්න පුළුවන් තීරනයක් නෙමෙනේ මේක.* ශාලින්ද මල්ලී මා දෙසට නැමැ තර්ජනාත්මක ස්වරූපයෙන් බැනවදිමින් වුන් ලොකු මල්ලිව පස්සට අදිමින් කිව්වා. සැබැවින් මා වුන්නේ'' කුසගිනි වූ සිංහදේනුවකට අසු වූ හා පැටියෙක් වගේ'' හැකිලිලා. *ශාලින්ද මල්ලී ඔබ පාඩුවේ ඉදහන්. මම හැමදාම බලන් හිටියා. ගේන ගේන මනමාලයගේ මෙකිට අැදයක් තියෙයි. දැන් මෙච්චර කල් අාශ්‍රය කරලත් සුමේධ අයියට කැමතිත් නැහැල්ලු. අක්කේ මේ මම අන්තිම පාරට කියන්නේ ඔබ මේකට කැමති වෙන්නම ඔනේ. * *මගේ ජීවිතේ ගැන තීරණ ගන්න මට අයිතියක් නැද්ද?.* *මෙච්චර කල් දීලනේ තිබුනේ ඔබ ඒක තීරනයක් වත් ගත්තද? අදම මේ දැන්ම තීරනය ඔනේ. අක්කේ ඔබ සුමේධ අයියව බදින්නම ඔනේ. උෟගේ අැති අඩු පාඩුව මොකද්ද? මේ පැත්තටම ඉන්න හොදම ව්‍යාපාරිකයා ඔබට රැජිනක් වගේ ඉන්න පුළුවන්. ඔබ කැමති වුනොත් මගේ ව්‍යාපාර වැඩ වලටත් හොදයි.* *ලොකු අයියේ. ඔක නවත් තන්නකෝ. අක්කා හිමින් මේකට කැමති වෙයි.* * අක්කේ කියපන් උබේ තිරනේ. අපි වගේ පවුල් දෙකක් ඒකතු වෙනවා කියන්නේ අපිට කරන්න බැරි දෙයක් නැතුව යනවා.* ලොකු මල්ලිගේ කතාව අැහුනම මගේ හිත කෝපයෙන් වියරු වැටුනා. ඒ කියන්නේ කට්ටිට මට අාදරේට නෙමේ මේ කසාදය කරලා දෙන්න යන්නේ .බිස්නස් ඩීල් ඒකක්. මේ ගොල්ලෝ මේ තරම් විශ්විසෙන් මට කැමති වෙන්න කියන්නේ, සුමේධ අයියාත් මේකට කැමතී වගේ. මම මට පුළුවන් ශක්තිය දාලා ලොකු මල්ලිවත් තල්ලු කරන් අසුනෙන් නැගිට්ටා. ලොකු මල්ලී අඩි කීපයක් පසු පසට වුනේ ඔහු මගෙන් බලාපොරොත්තු නොවු හැසිරීමක් වු නිසා විය යුතුයි. සැමදා ඔවුන්ගේ වදන් වලට කීකරු වී තනියම හිත යටින් හඩා වැටුනු මා අසාධාරනයට ඒරෙහිව නැගී සිටියා. * අා.. ඒක තමා කට්ටියගේ පෑලැන් ඒක. මම වෙනුවෙනුත් නෙමෙයි, දරුවෝ දෙන්නා වෙනුවෙනුත් නෙමෙයි. ඔයාලගේ මල්ල බර කරගන්නයි උවමනාව. මම මැරුවත් මම ඔකට කැමති නෑ.* * මේ අක්කේ . මට පව් පුරවන්න ලෑස්ති වෙන්න ඒපා. අක්කා කියලා බලන්නෑ කේන්ති අාවම. ඔබ දන්නවනේ මගේ හැටී.* * මන්ත්‍රී බලේ පෙන්නලා මාව බය කරන්න ද ලොකු මල්ලියේ ඔයා හිතන් ඉන්නේ. ඔයාලා පාගගෙන වැඩ ගන්න පොඩි මිනිස්සු වගේ ඔය සද්ද වලට මම බය වෙයි කියලා හිතන්න ඒපා. මං ඔයාගේ අක්කා බව මතක තියා ගන්නවා.* *අක්කාත් ඒකයි මට . සොකාත් ඒකයි.* *අනේ ලොකු අයියේ කළබල නොකර ඉන්නකෝ. මම අක්කාව කැමති කරලා දෙන්නම්* ශාලින්ද මල්ලී මැද්දට අැවිත් අපේ ගැටුම නවත්තන්න උත්සහා කලා. මම හිටියේ කෝපයෙන් වෙව්ලමින්. මම මාවම පාලනය කර ගන්න අමාරු වුනා.කෝපයත් සමග මගේ පපුවේ වේදනාවත් වැටී වීගෙන ඒන බව මට දැනුනා. *අායි මගේ තීරනයේ වෙනසක් නෑ. මම ජීවිතේට මැරි කරන්නෙත් නෑ. ළගදිම මම මැරිලා යයි .ඒතකොට සේරමලා සැනසිල්ලෙන් ඉන්නවලා.* *කට වහපිය.* ඉදිරියට පැන්න ලොකු මල්ලී මගේ කම්බුල හරහා පාරක් ගැසුවා. මම දෑතින්ම කම්බුල අල්ලන් අඩන්න ගත්තේ ජීවිත කාලයටම මම අප්පච්චිගෙන් වත් ඉරටු පාරක් වත් කාලා නැති නිසයි. අප්පච්චිත් හිටියේ ලොකු මල්ලී වගේම කේන්තියෙන්. අම්මත් ලොකු මල්ලිට ඉහළින් කතා කරන් කෙනෙක් නෙමෙයි. ශාලින්ද මල්ලි මැදිහත් වෙලා මට පහර දෙන ඒක වැලැක්වුවා. මෙතරම් වෙලා අෑතින් සිට බලා සිටි ලීලම්මා මගේ ළගට අාවේ හඩමින්. * මොනවද ලොකු මහත්තයා මේ සිද්ද වෙන්නේ. මේවා ගහලා බැනලා විසදන්න පුළුවන් ඒවා නෙමෙයි.* * මොකද්ද ගෑනියේ ඔබට මේවට කතා කරන්න තියෙන අයිතිය.* ශාලින්ද මල්ලිගේ ග්රහනයෙන් මිදෙන්නට උත්සහ කල ලොකු මල්ලී ලීලම්මටත් බැන වැදුනා. * අයිතිය. අයිතිය තමා . මම තමා ඔයාලා හැමෝම මගේ මෝ දෑතින් වඩාන උස් මහත් කලේ . හරියට මල් පෙති වගේ සිනිදුවට හදා වඩා ගත්තු අහිංසක කෙල්ලට ගහද්දී මට බලන් ඉන්න පුළුවන්ද ? * ලීලම්මා හඩමින් කියාගෙන ගියා. ලොකු මල්ලිගේ අැස් වලින් ගිනි පිට වෙනවා. මම කවදාවත් ගෙදරදී ලොකු මල්ලී මෙහෙම හැසිරෙනවා දරකලා නැහැ. * අම්මේ මේ ගෑනිට කට වහ ගන්න කියන්න.* * ලොකු මහත්තයි , නෝනයි සද්ද නැතුව ඉන්නවා නම් මට මේවට මැදි හත් වෙන්න වෙනවා.* ලීලම්මා අප්පච්චී ඉදිරියේ මෙහෙම කතා කරන්නේ කොහොමද කියලා මගේ හිත අැහුවා. ලොකු මල්ලී ශාලින්ද මල්ලිගේ ග්‍රහන්ගෙන් මිදෙන්න උත්සහ කරමින් දත්මිටි කෑවා. * අම්මද බොල මේ ගෑනිගේ පවර්. * * ලීලාවතී පලයං මෙතනින්. ප්‍රශ්න තවත් වැඩි නොකර.* මෙතරම් වෙලා පපුවේ වේදනවත් ඉවසගෙන් සිටියත් තවත් ඉවසන්න බැරි බව මට දැනුනා. ඔලුව කැරකුමක් දැනුන මට හතර වටම කලුවර වූ බව මතකයි. මට සිහි නැතිවී අැද වැටී තිබුනා. සිහි ඒන විට මා උන්නේ, මගේ අැද මත. ශාලින්ද මල්ලී මාව කාමරයට උසවාගෙන අැවිත් තිබුනා. මුහුණට වැටුන සීතල දිය බිදු කිහිපය නිසා මට අැතින් කට හඩවල් අැහෙන්නත් බොද වූ මුහුණු කිපයක් පෙන්නටත් පටන් ගත්තා. * ලොකු බේබී, ලොකු බේබී, රත්තරන් ... කෝ අැස් අරින්න. ඔයා හොදින් නේද?* මගේ අැද අසල දන ගසා ගත් ලීලම්මා කදුලු මැදින් මට සිහි ගන්නට උත්සහ කලා. *ලොකු අක්කේ ඔයා හොදින් නේද* පුංචී නංගිත්, ශාලින්ද මල්ලිත් , සිගිතිත් ඒ අසලම ඉන්න බව මට චායාව වගේ පෙනුනා. මගේ පපුවේ වේදනාව තවමත් දරා ගන්නට බැරි තරම් දරුනුයි. * ලී...ලම්මේ...* *අැයි අැයි මගේ රත්තරන්. * *ව..තු..ර ටික..ක්.* ලීලම්මා පුංචී නංගිගේද උදව් අැතුව හාන්සී වී සිටි මගේ ඔලුව ඔසවලා වතුර ටිකක් පෙව්වා. * ලී.. ලම්මේ... මට අමාරුයි.* *අැයි මගේ රත්තරං මොකද්ද අමාරුව.* *මම.. මැ..රෙන්න .. ඒන්...නේ.. ලීලම්මේ....* *මොනවද රත්තරනේ ඔය කියන්නේ. අනේ පුංචී බේබී ලොකු බේබීව ඉස්පිරිතාලෙකට ඒක්ක යමු.* ඊ ළග කොටසින් හමු වෙමු.... සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 07:41 PM 20. වන කොටස. මියෙදෙන තුරා... සුමේධ අයියා හරිම ඉක්මණට නිවසේ සියලු දෙනාගේ සිත් දිනා ගත්තා. සැබැවින්ම ඔහු දරුවන් හට අාදරය කරන අාදරණිය පියෙක්. ඔහු දරුවන්ගේ සියලු සුළු කරුනක් වුව හොද අවබෝධකින් යුතුව සොයා බලා කටයුතු කලා. ඔහුගේ මුළු දිවියම වුනේ දරුවෝ දෙන්නා. ඔහු තවමත් මිය ගිය බිරිදට අාදරය කළා .අෑ වෙනුවෙන් ජීවත් වුනා. අැයත් මොන තරම් ගුණ ගරුක බිරිදක් දැයි ඔහුගේ ශෝකනීය වදන් කියා දුන්නා. දරුවන් දෙදෙනාට මා නැතුව බැරුව ගියා. සෑමදිනකම වගේ අපේ ගෙදර අාවා. ඔවුන් සෙල්ලම් උයනට ගියත් පංසල් ගියත් මට ඔවුන් සමගයන්නට වුනේ, චූටී දූගේ අැවිටිල්ල නිසාමයි. සුමේධ අයියාගේ හමුවීමෙන් පසු මගේ ජීවිතේ හුගක් වෙනස් වුනා. ගෙදරින් පනවා තිබූ නීතී රීතී සියල්ල ඉවත් වී තිබුනා. සුමේධ අයියත් දරුවනුත් සමග යන ගමන් සදහා ගෙදරින් කිසිම බලපෑමක් අැති වුනේ නෑ. ඒසේ වන්නේ ගෙදරි මා සුමේධ අයියාට විවාහ කරදීමට සිතන නිසා දැයි වරෙක මා හට සිතුනා. නමුදු අපි අතර කිසි දිනෙක ඒබදු සංවාදයක් අැති වුයේ නෑ. මියෙදෙන්නට සිටින මා ඒවැන්නක් සිතන්නට පවා අකමැති වුනා. කෙමෙන් මාස තුනක් ගෙවී ගියා. මගේ අායූ කාලයෙනුත් මාස තුනක් අවසන් වී තිබුනා. තවත් මාස නමයකට අාන්න කාලයයි මම ජිවත් වන්නේ. සමහර විට ඊටත් වඩා අඩු වෙන්න ඉඩ තියෙනවා. මරණය ඒන තුරා මග බලන මා හට නිතරම පපුවේ වේදනාව මතු වී ඒය සිහි ගන්වා දුන්නා. දැන් මට සිහින හා බලාපොරොත්තු තිබුනා. නමුත් ධෙෙවය ඒයට හරසි වී තිබුනා. නිමෙන්න ළං වුනහම පහන් දැල්ලේ වුනත් අාලෝකය වැඩි වෙනවලුනේ. සුමේධ අයියා දැන් අප නිවසේම කෙනෙකු වි හමාරයි. ඔහුගේ පැමිනීම නිවැසියන්ගේ දිනයේ බලාපොරොත්තුවක් වෙලා තිබුනා. සැමදා පාසල නිම වූ දරුවන් දෙදෙනා අප නිවසට පැමිනියා. හවස් වන විට සුමේධ අයියා දරුවන් රැගෙන යාමට පැමිණියා. ඒම ප්‍රදේශයේ ධනවත්ම පවුලක ඒකම දරුවෙක් වූ සුමේධ අයියලට කිසිම දෙයකින් අඩුවක් තිබුනේ නැහැ. දරුවන් බලා ගැනිමට අවශ්‍ය තරම් මෙහේකාරීයන් සිටියා. නමුත් දරුවන්ගේ සතුට ගැන නිතරම සිතු ඔහු. මවගේ අඩුව දැනෙනවාට අකමැති වුනා. හැකි සෑම විටම ඔවුන් සමගම රැදුනු ඔහු දරුවන්ට අවශ්‍ය සියලු දේ ඔහු අතින් හෝ ඔහුගේ මව අතින් සිදු විමට ඉඩ සැලැස්සුවා. දිනක් මධ්‍යම රාත්‍රියෙහි මගේ ජංගම දුරකථකතනය නාද දෙන්න වුනා. අඩ නින්දෙන්ම අැමතුමට සවන් දුන් මම අනිත් පසින් කියනදේ අසා සිටියා. *හෙලෝව් නිල්මිනී නංගී.* *අැයි සුමේධ අයියේ මේ රෑ . චූට දූ ඒහෙම හොදින් නේද අසනිපයක් ඒහෙම නෑ නේද?.* නිදිමත අතුරුදහන් වී හිත තුල කලබරකාරී ස්වරූයක් අැති වුනා. අැද මත වාඩී වු මම සුමේධ අයියාගෙන් තෑගී ලෙස ලැබුන ඔරලෝසුවේ සහන් ඒලිය දැල්වුවා.චායා රූපයෙහි වුන් මා පණ මෙන් අාදරය කරන දරුවෝ දෙදෙනා සුපුරුදු සිනහාවෙන් මාගේ දිහා බලන් හිටියා. *කළබලවෙන්න දෙයක් නෑ. ඒයාලා හොදින්. හොදටම නිදි.* *ඒහෙනම් අැයි සුමේධ අයියේ මේ රෑ.* *මට පොඩි පටලැවිල්ලක නිල්මිණි නංගී ඉන්නේ. ඒක නිසා නින්ද යන්නෙත් නෑ.* *මොකද්ද සුමේධ අයියේ අවුල. මගෙත් ඒක්ක කියන්න අපි හොද යාලුවොනේ. ඔයාගේ හිතට සහනයක් දැනේවී.* *ඔයා ඒක්ක කියන්න බැරී ඒක තමා මට තියෙන ඒකම අවුල.* *අනේ කියන්න බැරි දෙයක් නම් සොරි අයියේ. අැයි කතා කළේ කියන්නකෝ.* *කියන්න නම් පුළුවන් නිල්මීණි නංගී. මට බය ඔයා මං ගැන වැරදියට හිතයිද කියලා.* ඔහු මොකක් නමුත් මගේ ජීවිතයටත් අදාල දෙයක් පිළිබද කියන්නට යන බව මට ඉවෙන් මෙන් වැටහුනා. *අනේ ඒහෙම නෑ සුමේධ අයියේ කියන්නකෝ බලන්න.* *මම නංගිගෙන් දෙයක් අහන්නද?* *අහන්න සුමේධ අයියේ.* *ඔයා මේ තරම් කාලයක් මැරි කලේ නැත්තේ අැයි.* *මොකද ඒක පාරටම ඒහෙම දෙයක් අැහුවේ සුමේධ අයියෝ.* *අනේ අනවශ්‍ය දෙයක් අැහුවා නම් සොරි.* *අනේ නෑ. අපි දෙන්නගේ යාලුකමේ හැටියට ඔක මොකද්ද?.* මම මෙතරම් කල් මා බලන්නට අා මලමාලයන් ගැන ඔහු හා කියන්න වුනා. මම කියන සමහරක් දේවල් වලට ඔහු සිනා වුනා. ඒක නිසා ඒ කතාව කියද්දි මට දුකට වඩා දැනුනේ සතුටක්. *හරි හරි. දැන් වත් ඉතින් මැරේජ් ඒකක් ගැන හිතුවන්ම් හොද නැද්ද?* *දැන්නම් මම මැරි කරන ඒක ගැන හිතන්නෙම නෑ. අැත්තටම මට දැන් මැරි කරන්න ඔනේ නෑ.* *නිල්මිණී නංගී මැරිකරකන් ශාලින්ද මල්ලී ඒයාලගේ වෙඩින් ඒක ගන්නේ නෑ කිව්වේ.* *මටත් කිව්වා . ඒත් කල් යද්දී ඔවා මගැරිලා යයි.* *නිල්මිණි නංගී.* *හ්ම්* * ඔයාට අම්මලා මොනවා හරි කිව්වද?* *මොනවා ගැනද සුමේධ අයියේ.* *මට විවාහා යෝජනාවක් අැවිත් තියෙනවා. ඒකයි මම මේ රැයක් දවලාක් නැතුව කල්පනා කරන්නේ.* *අනේ ඒක හොදයිනේ. දරු දෙන්නට අම්මෙක් ඔනෙමයි නේ අයියේ. ඒයාලා ගෑනු ළමයි නිසා හැම දේම සුමේධ අයියට තනියම කරන්න බෑ. අැයි අයියා ඒයාට අකමැතිද?* මගේ හිතට මොකද්දෝ ලොකු දුකක් කාන්දු වුනා. අැත්තටම මට දුක හිතුනේ අැයි. සුමේධ අයියා මගේ හිතේ ඉන්නවද? නෑ නෑ දරුවෝ දෙන්නා මගෙන් අෑත් වෙන නිසා. අලුත් අම්මෙක් ලැබුනම දූලා දෙන්නට ටික දවසක් යද්දී මාව අමතක වෙලා යාවී. හිතට අා ලොකු වේදනාවත් සමගම පපුවේ වේදනාවක්ද දැනෙන්න ගත්තා. *මගේ හිතේ ඒයා ගැන ඒහෙම හැගීමක් නෑ නිල්මිණී නංගී. මම දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. මගේ සෙව්මීණී මායි මොන තරම් අාදරෙන් හිටියද කියලා දන්නේ අපි විතරයි . මම හිතන්නේ නෑ ඒයාගේ තැන වෙන කාටවත් ගන්න පුළුවන් කියලා.* *ජීවිතේ හැටි ඔහොම තමයි සුමේධ අයියේ. හොදට හොයලා බලලා දරුවෝ දෙන්නා වෙනුවෙන් තීරනයක් ගන්න. හැමදාම තනියම ඉන්නත් බෑනේ.* * මගේ ජීවිතෙන් කවදාවත්ම, මගේ සෙව්මිණී යන්නේ නෑ. සෙව්මීණී අපේ ලෝකෙන් ගිය දවසෙමයි මම ඒයාට පොරොන්දු වුනේ අායි මම වෙන කෙනෙක් අපේ ජීවිතයට ගේන්නේ නෑ කියලා.* *ඒත් සුමේධ අයියේ.* *නෑ නංගී මට අායි මැරි කරන්න බෑ. ඒත් මේ යෝජනාවට මට අකමැති වෙන්නත් බෑ ඒක පාරට.* *අැයි අකමැති වෙන්න බැරි .අයියා දන්න කෙනෙක්ද?* *ඔව් නිල්මිණි නංගී මගේ දරුවෝ දෙන්නට පණ වගේ අාදරේ කරන කෙනෙක්.* අැත්තටම මම නොදන්න තවත් කෙනෙක් ඉන්නවද? මගේ හිතේ අැති වුනේ සැකයක්. මෙතරම් කාලයකට වෙනත් යාලුවෙක් ගැනවත් සුමේධ අයියා කියලත් නෑ. දරුවෝ දෙන්නා කියලත් නෑ. * කාගෙන්ද සුමේධ අයියේ යෝජනාව අාවේ.* *මම හොදට දන්න කෙනෙක්ගේ පවුලේ අයගෙන්.* *මට කියන්න බැරී කෙනෙක්ද?* සූමේධ අයියා අගේ කරමින් ඒ ගැන කියද්දී මගේ හිතට දැනුනේ කේන්තියක්. *කියන්න නම් බැරි කමක් නෑ. ඒත් නංගී මගෙත් ඒක්ක කතා කරන ඒකත් නවත්තලා දාමාවී.* *අැත්තටම කියන්නකෝ සුමේධ අයියේ.* *ඔයාලගේ ගෙදරින් තමා මට ප්‍රපෝසල් ඒක අාවේ. ඔයා ගැන. අනේ මොකුත්ම හිතන්න ඒපා. මගේ හිතේ ඒ ගැන මොකුත්ම නෑ.* *මොනවා මං ගැන.* *ඔව් නිල්මිණි නංගී.* *පිස්සුද අපේ ගෙදර අයට. මම හීනෙකින් වත් නොහිතපු දෙයක්.* *ඒ ගැන හිතන්න ඒපා. මට ඔයාගේ හැගීම දැන ගන්නයි ඔනේ වුනේ.* *මගේ හිතේ ඒහෙම බලාපොරොත්තුවක් නෑ සුමේධ අයියේ. මම කාව වත් මැරි කරන්න කැමති නෑ.* මේ සිදු වීමෙන් පසු අපි තරමක් දුරස් වුනා. දරුවන්ට වෙනදා මෙන්ම අාදරයෙන් සැලකුවත් , මම සුමේධ අයියා සමග පැවති අැසුර අඩු කරනු ලැබුවා. සැබැවින්ම මට ඔහු සමග කිසිදු අමනාපයක් නොතිබුනත්, මට මුහුණ දෙන්න අපහසුතාවක් දැනුනා. සති දෙකක් පමණ මම මගහරිමින් කාලය ගෙව්වා. සියලු සිදු වීම් අමතක කොට සිත සැහැල්ලු කරගන්නට සිතා මම දින කීපයකට කලින් පුස්තකාලයෙන් ගෙනා පොතක් කියවීමට සිතාගෙන ජනෙල් කවුලුව අසල වූ අසුනෙහි අසුන් ගත්තා. *ලොකු බේබී.. ලොකු බේබී.. හ්හ්* ඒවෙලහිම වගේ සිගිතිගේ කටහඩ අැසුනේ දොර අභියසින්. *අැයි සිගිතියෝ.* *ලොකු මහත්තයා ඒන්න කිව්වා* *මට මේ වෙලාවේ. අැයි දන්නේ නෑ නේද සිගිතියෝ.* *මම නම් දන්නේ නැහැ ලොකු බේබී. මම යනවා. මට වැඩ ගොඩයි.* සුමේධ අයියා මේ ගෙදරට ඒන්න ගත් දා සිට ලීලම්මයි සිගිතියි මගෙන් ටික ටික දුරස් වුනා. ඒ ගැළපීමක් නැති සිදුවීම් නිසා, ඒ සිදු විම් තේරුම් ගන්න ප්‍රශ්න කරන නිසයි. ඔවුන් ඒ සිදුවීම් ගැන මම නොදන්න මොනවා හෝ දැනගෙන හිටියා. නමුත් ඔවුන් මගෙන් සැමදේම සැගවුවා. අප්පච්චිගේ පණිවිඩය නිසා මම පහළ මහලට ගියා. අම්මයි, අප්පච්චී , ලොකු මල්ලී, පුංචී නංගී, ශාලින්ද මල්ලී,සේනාදී නංගී හැමෝම සෙටිය වටා ඒක් වෙලා හිටියා. *අැයි අප්පච්චී කට්ටියම ඒකතු වෙලා ඉන්නේ .* ඊ ළග කොටසින් හමුවෙමු....... සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 07:30 PM 19. වන කොටස. මියෙදෙන තුරා..... *ඊයේ නේද ලොකු බේබීට ඔය පොන් ඒක ලැබුනේ. සුමේධ මහත්තයා දන්නේ කොහොමද.* * ශාලින්ද මල්ලි ම තමා දීලා තියෙන්නේ.* *හරි හරි. ලොකු බේබී ඉක්මනට මූන සොදගෙන මේ තේ ඒක බීලා ඉන්න නිමෙන්න කලින්.* *අහන්නකෝ ලීලම්මේ. සුමේධ අයියගේ වයිප් සෙව්මිණී . ඒයාගෙත් උපන්දිනෙත් ඊයෙලු.* *ඒහෙම වෙන්න ඒපැයි.* *මොකක්. ලිලම්මා කොහොමද ඒක දන්නේ.* *මේ.. මේ..ලොකු බේබි මොකද්ද අැහුවේ. මම වෙන කල්පනාවක් හිටියේ.* මම පුදුමයෙන් ප්‍රශ්න කලා. සිහින ලොවින් පිවිසුනාක් මෙන් කළබලයට පත් වූ ලීලම්මා තමා අතින් ලොකු වරදක් වූවා ඒය නිවැරදි කර ගන්න වගේ නැවතත් මගෙන් විමසුවා. *මම අැහුවේ සෙව්මිණීගේ උපන් දිනෙත් මගේ උපන් දිනේ දවසෙමයි, කියලා ලීලම්මා දන්නේ කොහොමද කියලා.* * අනේ මම දන්නේ නැ ලොකු බේබී. වෙන කල්පනාවක හිටියේ මම. මටත් නිතරම අර පුංචී දරුවෝ දෙන්නව මතක් වෙනවා.* * නෑ . නෑ ලිලම්මලා මට මොනවා හරි හංගනවා.* *අනේ නෑ ලොකු බේබී.* *නැත්තේ මොකද? අපි දෙන්නා ඒක වගේම වෙන්නයි. ඒකම උපන්දිනේ වෙන්නත් හේතුවක් තියෙන්න ඒපෑ.* *ඒක උපන්දිනේ තියෙන අය ඉන්න පුළුවන්නේ ලොකු බේබී. අනික ඒ ළමයා බේබිට වඩා බාල අැති. වික්‍රමසිංහ මහත්තයලට දරුවෝ හිටියේ නෑ. රට රටවල් වල ගිහින් බේත් කරලා තමා ඔය දරුවා හදා ගන්න අැත්තේ. අනික ඒ දරුවා ඉපදෙද්දී. වික්‍රමසිංහ මහත්තයලා හිටියේ රට.අනික ඒක වගේ හත් දෙනෙක් ඉන්නවලුනේ. ඒවා ගැන ඒ හැටි හිතන්න ඒපා.* *දවසක මටත් දැන ගන්න ලැබෙයි.* මට හැමෝම කියන කරුනු පිළිගන්න අමාරුයි. මම කේන්තියෙන් නානකාමරයට ගිහින් දොර වහ ගත්තා. උදේම නාලා අලුත් අැදුමක් අැද ගත් මම තෑගී ටික දිගහැරලා බලන්න හිතුවා. තෑගි ගැන මට කිසිම අාසාවක් නොතිබුනත්, හැමදාම මේ තෑගී මෙහෙම තියන්න බැරි නිසා මම අැදේ කොනකින් ඉද ගත්තා. *ලොකු අක්කී. ඔයා අැහැරලා නේද ඉන්නේ* *ඒන්න පුංචි නංගී අැතුළට* මම දොර අභියස සිට මා දෙස බලා වුන් පුංචී නංගිට අැරයුම් කලා. *මොකද ලොකු අක්කී කරන්නේ. අද හරිම කම්මැලී අනේ.* *මම මේ තෑගී ටික ගලවලා බලන්න හැදුවේ. ඔයත් ඒන්නකෝ මේ ටික බලන්න.* *නියමයි. බලමු . බලමු.* තෑගී පාර්ශල් ඒකක් අතට ගනිමින් අැයත් අැද කොනක වාඩී වුනා. මම පුංචී නංගී ඒක්ක උදේ චූටි දූ කතා කරපු බව කිව්වේ හරිම සංතෝෂෙන් . මගෙන් නොයෙක් ප්‍රශ්න අසමින් සියලු විස්තරය අහගත් පුංචී නංගී තනියෙම හිනා වුනා. *මොකද පුංචී නංගී හිනා වෙන්නේ.* *නෑ. නෑ. මොකුත් නෑ.* *පිස්සු හැදීගෙන ඒනවද* *නෑ මම මේ .. කල්පනා කලේ ශාලින්ද අයියගේ තෑග්ග දැන් බොහොම වැදගත් වෙලා නේද කියලා.* *අනේ මේ විකාර නොකියා ඉන්න පුංචි නංගී* මම අැය අදහස් කල දේ තේරුම් ගත් නිසා අකමැත්ත ප්‍රකාශ කලා. *ලොකු අක්කී මේක නේද සුමේධ අයියා ගෙනාව තෑග්ග. * *මට මතක නෑ පුංචී නංගී.* සැබවින්ම ඒක සුමේධ අයියා ගෙනාපු තෑග්ග බව මගේ මතකයේ තිබුනා. ඒ පාර්ශලය වෙනස්ම කොළයකින් අාවර්නය කරලා තිබුන නිසා. ඒ තෑග්ගේ දවටනයට යොදාන තිබුනේ පුංචි දරුවෙකුට තෑගී සරසන්න යොදා ගන්න කාටුන් වලස් පැටවුන් සිහිත කොළයක් නිසා. අනිවාර්යෙන් ඒ තෑග්ග පැක් කරන්න අැත්තේ ලොකු දූ. මටත් හොරා මගේ මුනේ සිනාවක් මැවුනා. *මොකද ලොකු අක්කී තනියම හිනා වෙන්නේ* මගේ මහුනෙහි ඉරියව් පිළිබද හොද අවදානයෙන් බලා වුන් පුංචී නංගී ප්‍රශ්න කරද්දී මට දැනුනේ පොඩි නොරිස්සුමක්. නිදහසේ හිනා වෙන්නවත් නෑනේ කියලා. *මෙහෙ දෙන්න බලන්න ඔකේ මොනවද තියෙන්නේ කියලා.* *අැයි අැයි විශේෂයක් නෑනේ මම බලන්නම්.* *විශේෂයක් නෑ. ගලවන්නකෝ පුංචි නංගී කෝලම් නොකර.* *හා. හා. ඔයාම බලන්න.* පුංචී නංගී තෑග්ග මා දෙසට පෑවා .මම ගන්න හදද්දිම , පුංචී නංගී අාපහු අැදලා ගත්තා. අැය නැවතත් මා වෙත පෑවත් මම ඒ දෙස බැලුවේ වත් නෑ. *මොකද ඔය හැටි කේන්ති යන්නේ.* *මොකද පුංචි නංගී ඔයාට වෙලා තියෙන්නේ.මොනවද කරන විකාර වැඩ.* අැත්තටම තෑග්ග මොකද්ද කියලා දැන ගන්න තිබුන උවමනාව නිසාදෝ මට පුංචි නංගී කරන ඒවට කේන්තී ගියා. මට කේනති ගියත් අැගේ මුහුන සතුටින් පිරිලා තිබුනේ, මගේ නොසන්සුන් කම දැකලා වෙන්න ඔනෝ. අැයම තෑග්ග කෙමෙන් ගලවන්න වුනා. සියලු ටේප් කැබලි ගලවා ඔයාම බලන්න මුලින් කියලා තෑග්ග මගේ උකුල උඩින් තිබ්බා. මම කොළ මෑත් කරලා තෑග්ග දෝතට ගත්තා. * පුංචී නංගී මේ බලන්නකෝ හරිම ලස්සනයි. * *මොකද්ද ලොකු අක්කී. කෝ බලන්න.* අැය මා අතේ වු ත්‍යාගයට මුහුණ පොවමින් අැසුවා. ඒක මේස ඔරලෝසුවක්. ඔරලෝසුව කියන ඒක හරි නෑ රාමු කරපු චායාරෑපයක්. හාඩ් හැඩයක් ගත් ඒ ඔරලෝසුවෙහි කොනක කුඩා ඔරලෝස් කටු ටිකත් ඉලක්කම් ටිකත්. ඉතිරි පසුබිමෙහී චූටී දූගෙයි, ලොකු දූගෙයී සුරතල් සිනහව රැදි අලංකාර චායා රූපයක්. අැත්තටම ඔවුන් දෙදෙනාගේ සිනහව ජීව මානයි. මට දැනුනේ දරා ගන්න බැරි තරමේ සතුටක්. *හරිම ලස්සනයි ලොකු අක්කේ. සූමේධ අයියා ඔයා වෙනුවෙන් මයි මේක හදවන්න අැත්තේ . ඔයා ඒ දරුවන්ට අාදරේ බව ඒයටත් තේරෙනවා අැති.* පුංචී නංගිගේ වදන මා හදේ වූ අාදරය, ලෙන්ගතු කම තවත් දැඩී කලා. මම කුඩා ඔරලෝසුව අැද අසල වූ කුඩා මේසය මත තැබුවේ හරිම අාදරයෙන්.දැන් මට හැමදාම උදේ හවා දරුවෝ දෙන්නා දැක ගන්න පුළුවන් , ඔයාට ගොඩක් පින් මගේ හිත තේරුම් අරන් මෙහෙම දෙයක් කලාට. මම හිතින් පිං දුන්නේ, ඔරලෝසුව දිහා ලෝභ කමින් බලාන් ඉන්න ගමන්. *ලොකු අක්කී පොන් ඒක රිං වෙනවා නේද?* *අා.. ඔව්* මම ඒතන වූ දුරකථනය අතට ගෙන තිරය මත දැස යොමු කලා. සුමේධ අයියගේ අංකය. මට පුංචී නංගී දිහා බැලුනේ ඉබේටමයි. අැය ඉගි කරලා අැහුවේ කව්ද කියලා. *සුමේධ අයියා.* *ඉතිං මොකද බය වෙලා වගේ අාන්සර් කරන්නකෝ.* මම දුරකතනයට අැමතුමට සවන් දුන්නා. *හෙලොව් නිල්මිණී නංගී.* *හෙලෝව් සුමේධ අයියේ.* *අනේ කරදර කරනවා නම් සමාවෙන්න. මේ දූගෙන් බේරිල්ලක් නෑ. නිල්මිනි නංගී.* *මොන කරදරද අනේ.* මම නංගී දිහා බමින් කියද්දී නංගී හිනාව තද කරගෙන මගේ දිහා බලන් ඉන්නවා. *හරි. හරි ඔන් අපි යන්නවා. කට්ටියට ලැජ්ජා අැතිනේ අපි ඉද්දී කතා කරන්න.* කියලා මගේ ලිහලා දාලා තුබුන කොන්ඩෙන් අැදපු පුංචි නංගී කාමරේ දොරත් වහගෙන පිට වෙලා ගියා. *නිල්මිණි නංගී මොකද මේ වෙලාවේ කරන්නේ.* *අනේ ඔයාට ගොඩාක් පිං අයියේ.* *ඒ මොකටද නිල්මිණි නංගී.* *මට දුන්න බර්ත්ඩේ ගිෆ්ට් ඒකට.* *ඔයා දරුවන්ට අාදරේ බව දැනුන නිසා මම ඔයා වෙනුවෙන් මයි ඔක හැදෙව්වේ.* *මට දැන් දවස ගනෙම දූලා දෙන්නා දකින්න පුළුවන්. දැන් දවස ගානෙම කතා කරන්නත් පුළුවන්.* මගේ හැංගිලා තිබුන හැගීම් ඉබේම වචන වෙද්දී. ඒ හැගීම් නෙත් දෙකෙන් දෝරේ ගැලුවා. මගේ අත්මයට බැදුන ලොකු ලෙන්ගතු කමක් ඒ දරුවෝ දෙන්නා වෙනුවෙන් මට දැනුනේ, හරියට අාත්ම ගානක් මගේ දරුවෝ වෙන්න පතන් අාවා වගේ. සුමේධ අයියයි, චූටී දූයී , ලොකු දූයී මට නිතර කතා කලා. අපි තව තවත් ළං වුනා.පුංචී නංගී ශාලින්ද මල්ලී නිතර මට විහිළු කලා. දරුවන් වෙනුවෙන් මගේ හිතේ තිබුණ අාදරය කැමැත්ත නිසාම, මම ඒවා නෑසුනා වගේ හිටියා. මට සුමේධ අයියා ගැන ඒයාගේ බිරිද වෙන්න ඔනේ , දරුවන්ගේ අම්මා වෙන්න ඔනේ කියලා හැගීමක් තිබුනේ නෑ. මම දන්න තරමින් සුමේධ අයියත් මම ගැන ඒහෙම හිතන්නේ නෑ. කවදාවත්ම මට ඒ්වගේ දෙයක් සුමේධ අයියා අගවලාවත් නෑ. මම මගේම සහෝදරයන්ටත් වඩා ළගින් සුමේධ අයියව අාශ්‍රය කලා. අැත්තටම ඔහු තමා දැන් මගේ හොදම මිතුරා. සුමේධ අයියා නිතර දෙවෙලේ දරුවෝ ඒක්ක අපේ ගෙදර අාවා ගියා. මමත් ශාලින්ද මල්ලී පුංචී නංගී ඒක්ක දරුවෝ බලන්න ගියා. ඊ ළග කොටසින් හමු වෙමු... සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 06:20 PM අනේ මහ ගොඩක් ස්තූතියි ශා අයියේ. මම දෙපාරක් කියවලා කතාව සයිට් ඒකට දාන්නේ දැනුත් අායි කියෙව්වා. ඔයා කිව් වැරැද්ද හම්බුණා. ''ශාලින්ද මල්ලී වෙනුවට සුමේධ මල්ලී නේද?. ඔයා හොද අවදානෙන් කතාව කියවනවනේ. අැත්තටම ගොඩක් සතුටුයි. මොකක්ම හරි වරදක් තිබුනොත් කියන්න. මම කැමතී මගේ වැරදී පෙන්නනවට. ඒෆ් බී අයට වත් ඔක අහුවෙලා තිබුනේ නෑ. ගොඩාක් ස්තූතියි!!!! sha733Super Senior MemberPosts:7332 29 Oct 2016 09:43 AM කොටස් 2ට වඩා දාන්න කියවන්න අමාරැවක් නැහැ 18 කොටසේ පොඩි නමක් පැටලිලා තියෙනවා පුලුවන්නං හොයල හදන්න සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 12:55 AM තව කොටස් 13 ක පරතරයක් තියෙනෝ සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 12:54 AM 18. වන කොටස. මියෙදෙන තුරා.... වෙන කාවෙනුවෙන් වත් නොදැනුන සමීප බවක් ඒ දරුවෝ දෙන්නා ළගදී මට දැනුන නිසා. ලැජ්ජාබර සිනහවකින් මුව සරසා ගත් අැය මා කැවූ බත් කට පිළි ගත්තා.මේ සියල්ල දෙස බලමින් ශාලින්ද මල්ලිත් ,පුංචී නංගීත් සිනහා වූ හේතුව මට වටහා ගන්න බැරි වුනා. සුමේධ අයියා දරුවන් දෙදෙනාම මට ළං වී සිටින අයුරු දැක මූණ අදුරු කර ගත්තා. *අැයී සුමේධ අයියේ දුකෙන් වගේ.* මට විමසන්නට අවශ්‍ය වූ දෙය ශාලින්ද මල්ලී විමසා සිටියා. *මට සෙව්මීණීව මතක් වුනා මල්ලී ඒයා හිටියා නම් අද අපේ ගෙදරත් පාටියක්.* *ඒ අැයි අයියේ.* *සෙව්මිණීගේ උපන් දිනෙත් අද .* *මාර සිද්දියක්නේ. දෙන්නා ඒක වගේ ඒකම දවසේ උපන් දිනේ.* *ඒකනේ වැඩේ කියන්නේ. මම හිතන්නේ නිල්මිණී නංගිට වඩා වැඩිමාල්.* *තාත්ති දයියා. අනේ ජෝ දෙන්නකෝ.* ෂයීනි දූ සැර දෙයක් කැවිලා කෑ ගහන්න වුන නිසා මම වතුර පොවන්න ගත්තා. ඒක නිසා උපන් දිනය ඒකම දිනයක වීම ගැන කතාව යට ගියත් මගේ හිතේ තැන්පත් වුනා. මගේ හිත කිව්වේම සෙව්මිණී මමයි කියන්නේ නිවුන් සහොදරියෝ වෙන්න අැති කියලා. කුමක් හරි දෙයක් ගෙදර අයත් මට හංගන බව දැනුන නිසා, මගේ නිවුන් සහෝදරි වුන සෙව්මිණීව වික්‍රමසිංහ පවුලට හදා ගන්න දුන්නා වත්ද? මම අහගෙන ඒදා අම්මලා කතා වුනා. *වික්‍රමසිංහලට දරුවෝ හිටියේ නෑ.ඒත් රට ගිහින් අවුරුදු පහකින් විතර ඒද්දී තමා ඔය ළමයාවත් අරන් අාවේ. මම හිතන්නේ අපේ ලොකු දූට වඩා අවුරුද්දක් විතර බාල අැති ඔය නැති වුනයි කියන දරුවා. පවු. අකාලෙම මැරිලා ගිහින්. සෑහෙන කාලයක් දරුවෝ නැතුව නොගිය දේවාලයක්, පංසලක් නෑ. ඒ දරුවත් ඉක්මනට නැති වෙලා. වික්‍රමසිංහලා කොහොම ඉවසනවද මන්දා.* ඒ කතාවේ හැටියට නම් සෙව්මිණි මට නංගි වෙන්නේ . ඒ කියන්නේ ඒයා පිටරටදි ඉපදිලා තියෙන්නේ. අනේ මන්දා මට මේ අවුල තේරුම් ගන්න බෑ. අහන්න කෙනෙකුත් නෑ. අනික දරුවෙක් හදා ගන්න දුන්නා නම් තරහාකාරයෝ වෙන්න විදියකුත් නෑ. ලීලම්මා කිව් විදියට දෙගොල්ලෝ තරහයි. ඒත් සුමේධ අයියා ඒක්ක අම්මාලා හොදට කතා කරනවනේ. මම හරියට පබගාලක පැටලිලා වගේ මට දැනුනේ. *ලොකු බේබී දරුවා අඩනවනේ. කෝ දෙන්න මම නළවලා දෙන්න* ඒවෙලෙහි ඒතනට අා ලීලම්මා ෂයිනී දූට දෑත් පාමින් කිව්වා. අැය දරුවන්ට බොහෝ සෙයින් අාදරය කරන නිසාදෝ, අඩමින් සිටි ෂයිනී දූ අැඩුම නවත්වා ලීලම්මා දෙස බැලුවා. *ඒන්න චූටී පැටියෝ අයිස් ක්‍රීම් කන්න යන්න.* *මම චූටී දූ. චූටී පැටියා නෙමෙයි.* *අනේ ඉතිං මම දන්නේ නෑනේ. ඒන්න චූටී බේබී .* පුංචී නංගී දෙස හොරැහින් බලමින් ලීලම්මා බේබී යනුවෙන් කිව්වේ දොස් නගාවි යැයි සිතා විය හැකී. *අනේ අාච්චී. මගේ නම චූටී දූ.. * *අනේ ලීලම්මේ චූටි දු කියනකම් ඒයාව යාලු කර ගන්න බෑ.* මේ සිදු වීම දෙස බලා වුන් පුංචී නංගී කිව්වේ හිනා වෙමින්. *ඒන්නකෝ චූටී දු මෙහෙට බලන්න.* *තාත්තී චූටී දූ අයිස් කීම් කන්නද.* *හා චූටී දූ. ලොකු දූ ඔයත් නංගි ඒක්ක ගිහින් අරන් ඒන්න.* කියන පරක්කුවට චූටී දූ ලීලම්මගේ අතට ගියා. ලීලාම්මා ලොකු දූවත් අඩගහගෙන අතුරුපස ගන්න තැනට ඒක්කන් ගියා. මධ්‍යම රාත්‍රිය තෙක් පැවති සාදය නිමා වෙලා සියල්ලන් පිට වී ගියා. ෂයිනී දූ මගේ උකුලේම නිදන්ද ගිහින් වුන් නිසා ඒක්කගෙන යන්න අපහසු වුනේ නෑ. සාදය පුරාම ෂයිනී දු මගේ උකුලෙන් බැස්සේ ම නෑ. මම යන තැනක අැයවත් රැගෙන යන්න වුනා. අැහැරලා හිටියා නම් යන්න බෑ කියාලා අඩනබව විශ්වාසයි. සියල්ලන් නික්ම ගිය පසු විඩාව නිසාම අස් කිරීමේ කටයුතු හෙටට ඉතුරු කරලා හැමෝම නිදා ගන්න සූදානම් වුනා. මගේ කාම්බරය කොනක වුනේ මට ලැබුන උපන් දින ත්‍යාග. සිගිති විසින් සියලු තෑගී මගේ කාමරයට ගෙනත් දාලා තිබුනා. නානකාමරයට වැදී විඩාව නිවා ගැනීමට අැග පත සොදා ගත් මම රැ අැදුමක් අැගලා ගත්තා. නිදා ගන්නට සිතා අැදට අාවත් නිදිමතක් අහලකටවත් අාවේ නැහැ. මේ දවස් ටික මගේ ජීවිතේ ලස්සනම දවස් ටික කියලා මට හිතුනා. මම දෑස් පියා ගත්තේ සිහින මවන්න. ඒක පාරටම මට පරණ පපුවේ වේදනාව දැනෙන්න ගත්තා. මම සතුටු වෙනවට දෙවියෝ කැමති නෑ. කොච්චර සතුටින් හිටියත් දැන් මාරයා ඒන්න කාලය ළගයි කියන්න වගේ දින කීපයක් නොදැනෙමින් තිබූ පපුවේ වේදනාව ඒක පාරටම අැති වුනා. මුහුන කොට්ටයක හොවා ගත් මම වේදනාව සමග පොර බැදුවා. ටික මොහොතකින් ගතේ වේදනාව තුරන්වී ගියේ විශාල හිත් වේදනාවක් ඉතුරු කරලා. මරණ දන්ඩනය නියම වුන පුද්ගලයාගෙනුත් අන්තිම කැමැත්ත විමසනවලුනේ. අන්න ඒ වගේ මගේ අන්තිම කාලය නිසා හැමෝගෙම අාදරය කරුනාව මට ලැබෙනවා අැති. ඒත් ඒකෙනුත් වෙන්නේ මට තවත් ජීවත් වෙන්න අාස හිතෙන ඒක. අපි දුකින් ඉන්න කොට මැරුනා නම් හොදයි කියලා හිතුවට, මරණය අභියසට අාව කෙනෙක් තමා දන්නේ ඒතකොට ජීවත් වෙන්න මොන තරම් අාසාවක් අැති වෙනවද කියලා. මරණාසන්න කෙනෙක් කවදාවත් කියන්නේ නෑ අනේ මාව මරල දාහන් කියලා. අනේ මාව තව දවසක් හරි ජීවත් කරන්න කියලා තමා ඉල්ලන්නේ. මට දැන් ජිවත් වෙන්න අාසයි. ඒත් මරණයට ඒන්න ඒපා කියන්න මට අයිතියක් නෑ. මම ගෙනාපු අායුෂ ඉවර අැති. මාරින්තින රෝගියක් ළග ඒයා ඒක්ක දුක් වෙන්න අඩන්න, සනසන්න, බලාපොරොත්තු අැති කරන්න විශාල පිරිසක් ඉන්නවා. මට ඉන්නේ මගේ හෙවනැල්ල විතරයි. මම කැමති නෑ මම පිච්චෙන විදියට අනිත් අයගේ අාත්මයනුත් පිච්චෙනවට. මම මේ දේ ඒයාලට කිව්වෝත් මේ මුළු අවුරුද්දම ඒයාලත් හිතින් විදවාවි මගේ මළගමින් පස්සෙත් විදවාවී. දැන් සතුටින් හිටපු දෙන්. මම මැරුන දාක දුක් වුනාවේ. දැන්ම ඉදන් දුක් දෙන්න ඔනේ නැහැ. ඒකෙන් මටත් සැනසීමක් ලැබෙන්නැහැ. මගේ හිත මේ තරම්ම හයියද? උපන්දිනේ සමරන ගමන් මැරෙන දිනේ ගැන කල්පනා කරන්න තරම්. මම තනියම කල්පනා කලා. මම උදේ අැහැරුනේ මිහිරි සංගීත රාවයක් සවනෙහි වැකීමෙන්. මම හිතුවේ මට අැහෙන හැටි කියලා. මම අයෙත් පොරවනයේ උණුසුමට ගුලී වුනා. ඉවරයක් නැතිව අැසෙන නිසා මම දෙනත් හැර බැලුවා. සැබැවින්ම අැසෙනවා. කාමරේ රේඩියෝවක් වත් නැතුව කොහෙන්ද අැහෙන්නේ. අැද අසල වු කුඩා මේසය උඩ ශාලින්ද මල්ලී දුන් දුරකථනය නද දුන්නා. මම අතට අරන් තිරය දෙස බැලුවේ මගේ නම්බර් ඒක කාටවත්ම දුන්නේ නෑනේ කියලා. පුංචි නංගිගේ විහිළුවක් කියලා මම දුරකතනය සවනත තබා ගත්තා. *හෙලෝව්* පිරිමි කට හඩක්. ශාලින්ද මල්ලී වද්ද?. කතා කරන්න බයක් දැනුනත් කීප වරක් ඒහෙන් කතා කරද්දි මම කතා කලා. *හෙලෝ්ව්. කවුද මේ* *මම සුමේධ අයියා නිල්මිණි නංගී* *ගුඩ් මොර්නිං සුමේධ අයියේ. ඔයාට කොහෙන්ද නම්බර් ඒක.* *ශාලින්ද මල්ලි තමා දුන්නේ දවසක්. චූටී දූ කතා කරන්න ඔනේ කියලා කරදර කරන නිසා.* ඒ කියන්නේ ශාලින්ද මල්ලී මට පෑලෑන් කරලයි පොන් ඒක අරන් දීලා තියෙන්නේ. කට්ටියගේ හිතේ තියෙනවද දන්නේ නෑ මම අැත්තටම ෂයිනී දූගේ අම්මා කරන්න. *හා සුමේධ අයියේ කෝ චූටී දූ.* *අැහැරුන වෙලේ ඉදන් අඩනවා. ඒයාව ඒක්ක අාවා කියලා. ඔයාට කතා කරන්න නොදුන්නොත් මොන්ටි සෝරි යන්නෙත් නැහැලු.* *අනේ පව්.* *චූටී දූ ඒන්න . මේන් නිල්මිණී නැන්දී කතා කරනවා.* *අම්මී නැන්දී.* ඒ වචනය මගේ හද පතුළටම කිදා බැස්සේ ෂයිනී දූ තවමත් අඩනවා. *අැයි පැටියෝ අඩන්නේ.* * චූටී දූ අම්මී නැන්දිත් ඒක්ක තාලයි.* *අැයි මගේ චූටී දූ.* *මට දොයිය ගියාම ගෙදල ඒක්ක ඒන්න දුන්නනේ.* *පව්නේ චූටි දූ. තාත්තිටයි අක්කිටයි දොයිය යන්නේ නෑලූ දූ නැතුව.* *අම්මි නැන්දී ඒනාද අද චූටී දූ බලන්න.* *බලමුකෝ පැටියෝ . දැන් හොද පැටියා වගේ මොන්ටි සොරි යන්න ලෑස්ති වෙන්න.* *මම තාලයි. අම්මී නැන්දී චූටී දූට අාදලේ නා.* *අාදරෙයි පැටියෝ. ගොඩක් අාදරෙයි. නැන්දිත් කොයි වෙලේද දූ බලන්න ඒන්නේ කියලා ඉන්නේ. ඉක්මනටම ඒන්නම්.* *බා බා අදම ඒන්න ඔනේ. චූටී දූ තාලයි.* *දූ මොන්ටි සොරී ගිහින් අැවිත් අායිත් පොන් ඒකෙන් කතා කරමු හාද?* *හ්ම්.* *හොද බබා වගේ දැන් තාත්ති කියන දේ අහලා ලෑස්ති වෙන්නකෝ.* *හෙලෝ නිල්මිණි නංගී. අද මට හදිස්සී වැඩ වගේකටත් යන්න තියෙනවා. මම පස්සේ ගන්නම්. බොහොම ස්තූතියි මෙයාව නලවලා දුන්නට. චූටී දූ දැන් හරියට මුරණ්ඩු වෙලා.* *ඔක මොකද්ද අනේ. හොදයි පරිස්සමින් වැඩ ටික කර ගන්න බුදු සරණයි.* *බුදු සරණයි නිල්මිණී නංගී. බායී.* *බායී* මගේ හිතට උදෙන්ම ලැබුනේ සැනසිල්ලක්. සුපුරුදු පරිදි ජනෙල් කවුළුව විවර කර ගත් මා උදා හිරු රැස් විද ගත්තා. මීදුමත් සමග ජනෙල් කවුළුවෙන් අැතුල් වුනේ සීත පවන් රැල්ලක්. සීතලට බොහෝ ප්‍රිය කරන මම ඒ සුළගට මා වත දැවටෙන්නට ඉඩ දුන්නා. *ලොකු බේබී තාම ඔතනද? මම සැරයක් ඒනකොට පොන් ඒකෙන් බර කතාවක් නිසා තේ හදන්න ගියා.* *චූටී දූ කතා කලා ලීලම්මේ.* ඊ ළග කොටසින් හමු වෙමු... සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 12:44 AM 17. වන කොටස. මියෙදෙන තුරා.... * මම තමා අද ලොකු අක්කිගේ හෙයා ස්ටයිල්ස් දාන්නේ.* මගේ වරලස් මුදා හරමින් අැය කියා සිටියා. මම කැඩපතින් අැය දිහා බැලුවා. අැගේ මුහුනේ වුනේ සැබැම අාරණීය පෙනුමක්. අැය මගේ හිස පීරන්න වුනා. මම අෑ දෙසම බලන් උන්නේ හරිම සතුටින්. *ලොකු බේබී.හ්හ්.* *අැයි සිගිතියෝ.* දොර අභියසින් අැහුනේ සිගිතිගේ කට හඩ. *අර ශාලින්ද මහත්තයා ඒහෙම අැවිත්.හ්හ් . * *හරි . හරි අපි ඒනවා.* *අපි ඒනවා දැන් සිගිතියෝ.* පුංචි නංගී කලබලයෙන් කිව්වා. හිස පිරා අවන් කළ අැය , මට හොදදැයි බලන්නට කිව්වා. කොන්ඩය හකුලා දමා තිබූ කොන්ඩ මෝස්තරයයි, අැගේ මේකප් කිරීමත් නිසා මම අදුරන්නට මටම නොහැකි වුනා. *දැන් යමුද මනමාලී.* *මනමාලී* මට දැනුනේ අමුත්තක්. නංගිගේ මූනේ වුනේ ඉපිලී යන සතුටක්. *ඔයානේ මනමාලී.* *අා ඔව්නේ මමනේ මනමාලී. යමු යමු ලොකු අක්කි අපි පහළට.* අපි දෙන්නා පහළට යද්දී ,ශාලින්ද මල්ලිලා සෙටියේ වාඩි වෙලා හිටියා. *ශා දෙන්නම පට්ට ලස්සනයි. නංගී අද සැරසිලා ඉන්නේ ඒයාගේ බර්ත්ඩේ ඒක වගේනේ.* ශාලින්ද මල්ලී අෑත තියාම අපට විහිලු කලා. අපි ඔවුන් අතරට ඒක් වුනා. වැළදගෙන මට සුභ පතපු ශාලින්ද මල්ලිගේ පවුලේ සියලු දෙනා. විශාල තෑගී පාර්ශලයක් මා අත තැබුනා. තෑග්ග සෙටිය මැද වූ ස්ටූල් ඒක තමා ශාලින්ද මල්ලිගේ දිහාවට හැරුනා. සුපුරුදු පරිදි වැළදගෙන සුභ පැතූ ඔහු, මා අත කුඩා පාර්ශල් ඒකක් තැබුවා. *අැයි මේ තවත් තෑග්ගක්.* *මේක විශේෂ තෑග්ගක්* *අයියෝ අැයි. මේ තරම් කරදර වුනේ. තෑක්ස් ශාලින්ද මල්ලී.* මම කුඩා තෑග්ග ස්ටුල් ඒක මත තබන්නට පහත් වුනා. *අනේ අක්කී මෙතනම ඔක දිග හැරලා බන්නකෝ.* *හ්ම්ම්.* මම කුඩා පාර්ශල් ඒක පරිස්සමින් ගලවන්න වුනා. රතු පැහැති දිලිසෙන කොළයකින් ඒය අාවරනය කර තිබුනා. කොළය දිග හැරිය පසු වුනේ පෙට්ටියක්. ඒක ජංගම දුරකථනයක පෙට්ටියක්. ඒ කියන්නේ මේක පෝන් ඒකද්ද? මගේ දෙනෙත් විසල් වුනා. පෙට්ටියද විවර කර බැලු කල රෝස පැහැති හුරුබුහුටි ජංගම දුරකතනයක්. මෙතරම් කලකට මටම වෙන් වූ ජංගම දුරකථනයක් තිබුනේ නැහැ. මට ඒ ගැන අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ. ඒ මට කතා කිරීමට කිසිදු යහළුවෙක් නොසිටි නිසා. හුදකලාවට බොහෝ කැමතී මා මිතුරන් අැති කර ගැනීමට ඒතරම් සමත් නැතැයි මම නිතරම සිතුවා. නිවසින් බැහැරට නොයන මා හට බාහිර සමාජයේ මිනිසුන් අැසුරු කරන්නට අවස්ථාවක් හිමි වුනෙත් නැහැ. මට ජීවිත කාලයට හිටියේ ඒකම ඒක මිතුරියයි. නමින් ශාමලී වුන අැය මගේ පාසල් කල මිතුරියයි. පාසල් අධ්‍යාපනයෙන් පසු අෑ ගැන කිසිදු තොරතුරක් දැන ගැනීමට මට ඉඩක් ලැබුනේ නැහැ. අැය දුප්පත් පවුලක දැරියක් නිසා අැසුරු කරන්නට මට නිවසින් ඉඩ ලැබුනේ නැහැ. *කොහොමද ලොකු අක්කී.* *හරිම ලස්සනයි ශාලින්ද මල්ලී. ඒත් ඉතින් මට කතා කරන්න කෙනෙක් නැහැනේ.* *අයියෝ කතා කරන්න අය ලැබෙයි කලබල නෙවී ඉන්නකෝ.* *අනේ තෑන්ක්ස් ශාලින්ද මල්ලී.* *දැන්ම තෑන්ක්ස් කරන්න ඒපා. තව ඔයා කැමතිම තෑග්ගක් මගෙන් ලැබෙයි.* *තව තෑග්ගක් ඒ මොකද්ද?.* *බලන් ඉන්නකෝ * පවුලේ නෑදෑ සිත මිතුරන්ගෙන් නිවස පිරී ගියා. හරිම සුන්දර රාත්‍රියක්. පසකින් අැසුනු සංගීත රාවය සාදය තවත් රසවත් කලා. ලොකු මල්ලිගේ මිතුරු මිතුරියන් මේ සාදයට සහභාගී වී සිටියා. ලොකු මල්ලී හරිම අාඩම්බරයෙන් ඔවුන් සමග සතුටු සාමිච්චියේ යෙදී සිටියා. කුඩා දරුවන් සමග ඒක් වී සිටි ලොකු මල්ලිගේ දරුවන් දෙදෙනා සංගීත රාවයට නටමින් සිටියා. පුංචී දූගේ සුරතල් නැටුමත් සමග මගේ සිතට සිවුම් දුකක් අැති වුනේ ෂයිනී දුව සිහි වීම නිසා. *අැයි ලොකු අක්කී දුකින් වගේ.* පුංචී නංගි ශාලින්ද මල්ලී සමග මා අසලට පැමිනෙමින් අසා සිටියා. *මට ෂයිනී දූ මතක් වුනා. අර දරුවෝ දකිද්දී.* *ලොකු අක්කිත් ෂයිනී දූට අාදරෙයි වගේ.* *ඒ දාරුවගේ හුරල් පෙනුමට අකමැති වෙන්නේ කවුද ශාලින්ද මල්ලී.* මම ශාලින්ද මල්ලිගේ ප්‍රශ්නට පිළිතුරු සපයමින් කියා සිටියා. *දුක් වෙන්න ඒපා ලොකු අක්කී අායි දවසක ඒයා මුන ගැසේවී.* මම කබනා ඒකක් වටා වූ අසුනක වාඩී වි කල්පනා කරන්න වුනා. කාලය ගෙවිලා ගියත් මම හිටියේ ෂයිනී දූගේ ලෝකයේ. *ලොකු අක්කී ශාලින්ද අයියා අඩ ගහනවා.* හදිසියෙම මගේ ළගට දුවන් අාපු පුංචී නංගී ප්‍රීතියෙන් කියා සිටියා. *අැයි හදිස්සියෙම.* *අර දෙනවයි කිව්ව තෑග්ග දෙන්න වෙන්න අැති* මම පුංචි නංගිත් සමග ගෙට අැතුල් වුනා. සැබවින්ම සිහිනයක්ද? ෂයිනී දූ. මම දෑස් අදහා ගන්නට නොහැකි වුනා. මම දැකපු ගමන් ෂයිනී දූ මගේ ළගට දුවගෙන අාවා. *අම්මී නැන්දී..* *චූටී දූ ඔයා අාවද නැන්දි බලන්න.* *මම නැන්දි ඒක්ක තලයි. නැන්දි චූටී දූ බලන්න ඒනා කූවා. අාවේ නැනේ.* *දැන් මගේ චූටී දූ අාවනේ මම බලන්න.* මම අැයව වඩාගෙන සිප ගත්තේ හිතේ තිබුන සතුට උතුරා යද්දී. සැබැවින්ම අැය මටත් නොදැනිම මගේ ජීවිතය වෙලා තිබුනා. මම ෂයිනී දූත් වඩාගෙන සුමේධ අයියා අැතුළු පවුලෙ සියල්ලන් ඉන්න තැනට ගියා. *කොහොමද නිල්මිණී නංගී.* *මම හොදින් සුමේධ අයියේ.* *සුභ උපන් දිනයක් නිල්මිණී නංගී.* මට සුභ පැතුම් ඒක් කල ඔහු රැගෙන අා ත්‍යාගය මා අත තැබුවා. ඔහු අසලින් ලැජ්ජාශීලිව වුන්නේ සුමේධ අයියගේ වැඩි මහල් දියනිය විය යුතුයි. *මේ ඉන්නේ මගේ ලොක්කී. ගයනී. * *චූටී දූ වගේමයි . මට හිතුනා.* *යමු යමු ළමයිනේ කෑම කලා ඉන්න. දැන් හොදටම රෑ වෙලා .මේ දරුවන්ටත් බඩගිනි අැති.* *මේ ගොල්ලෝ හවසත් කෑවා අම්මේ.* ලොකු දූගේ ඔලුව අාදරයෙන් පිරිමදිමින් , අම්මා නැගූ පැනයට සුමේධ අයියා පිළිතුරු සැපයුවා. *ඒකට කමක් නෑ යමුකෝ කෑම ටිකක් කන්න.* *ඒන්න චූටී දූ හබුං කන්න යන්න.* මා අත වුන් දියනියට දෑත් පාමින් සුමේධ අයියා කියා සිටියා. මෙතරම් වෙලා නිහඩව බලා වුන් අැය මගේ බෙල්ල බදාගෙන අකමැත්ත ප්‍රකාශ කරන්න වුනා. *චූටී දුට බෑ තාත්තී. අම්මි නැන්දිටත් යමු කියන්න.* *මේ දරුවගේ අම්මත් අපේ ලොකු දූ වගේ මයිලු නේද?. පව් හරිම කනගාටුයි වුන දේ ගැන.* *ඒක තමා අම්මේ චූටී දූ මෙයාට අම්මී නැන්දී කියන්නේ. අැත්තටම මුලින්ම නිල්මිණී නංගිව පංසලේදී දැක්ක දවසෙදී මගේ සෙව්මිණිට පණ අැවිද්ද කියලා මට හිතුනා.* *ශාලින්ද පුතා කිව්වා සුමේධ පුතේ.* *ඒකනේ අම්මේ. දූ රැවටෙන ඒක අහන්නත් දෙයක්ද* සුමේධ අයියා අපේ අම්මට, අම්මේ කියලා කියලා කතා කරද්දී මට හිතට දැනුනේ ඔහු හරිම ගුණ ගරුක පුද්ගලයෙක් කියලා. ෂයිනී දූගෙන් බේරැමක් නැති නිසා මමත් ඔවුන් සමග කෑම ගැනීමට තීරණය කලා. කෑම බෙදා ගත් අපි ඒකම කබානා මේසයක් වට වාඩී වුනා. සුමේධ අයියා ඒන තුරුම බලා වුන්නා සේ ශාලින්ද මල්ලී පුංචී නංගීත් අපි සමග කෑම ගන්නට ඒක් වුනා.පුටුවක් අැද දුන් පසු ෂයිනී දූ මම අසලින්ම වාඩී වුනා. *අයියේ කෑමට කලින් මොනවා හරි බොනවද සැර දෙයක්* *අපෝ මම ඔවා කරන්නේ නෑ මල්ලී.* ඒ වදනින් ඔහු දරුවන් ගැන හුගක් හොයලා බලන අාදරබර පියතුමෙක් කියලා මට සිතුනා. මටත් නොදැනී මා සිත තුළ ඔහු ගැන පැහැදීමක් අැති වෙමින් තිබුනා. *චූටී දූ මගේ ළගට ඒන්න පැටියෝ තාත්ති කවන්න.* *බා තාත්තී . චුටී දු කන්නේ අම්මි නැන්දා කැව්වොත් විතලයි.* *නැන්දිට කරදර කරන්න ඒපා චූටි දූ.* *මොන කරදරයක්ද සුමේධ අයියේ මම කවන්නම්.* මම ෂයින දූට කවමින් කෑම ගන්න වුනා. ලොකු දූ කෑම ගන්න බෑ කිව් නිසා සුමේධ අයියා ලොකු දූට කෑම කැව්වා. ඊ ළග කොටසින් හමු වෙමු... sha733Super Senior MemberPosts:7332 28 Oct 2016 01:13 PM Hariveelanga kotasin hamuwenakan balagena inne සඳුනිVeteran MemberPosts:2462 28 Oct 2016 06:22 AM අනේ ඔන්න මට උදව් කරන්න මට කතා දෙක සමාන කර ගන්න. දවසට දෙක ගානේ දානව හොදද? තව කොටස් 14 ක පරතරයක් තියේ... සඳුනිVeteran MemberPosts:2462 28 Oct 2016 06:20 AM හරි පොඩ්ඩී අක්කී පුළුවන් වෙලේක කිවන්නකෝ. සඳුනිVeteran MemberPosts:2462 28 Oct 2016 06:19 AM 16. වන කොටස. මියෙදෙන තුරා.. *බඩුවක්. ලොකු අක්කිට දෙන්නයි ගෙනාවේ.*. *මට මොනවද අනේ.* *අක්කට අද විශේෂ දවසක් බව අමතකද?* *අද මොකද්ද* අැයගේ නෙත් තුල තිබුනේ පුදුමයක්. අැත්තටම අද දවසේ විශේෂය මොකද්ද මම කල්පනා කරන්න වුනා. පුංචි නංගී මගේ ගෙල වටා දෑත් යවා මාව තුරුල් කර ගත්තා. *හැපී බර්ත්ඩේ මගේ අක්කිට. මගේ අක්කාගේ අනාගතේ අනිවාර්යෙන්ම ලස්සන වෙයි. මගේ අක්කි හරිම හොද කෙනෙක් නිසා ඒක ඒහෙම වෙන්නම ඔනේ.* මොනවා අද මගේ උපන් දිනේ. දෙවියනේ ....හිතේ තියෙන දුක් කරදරත් ඒක්ක දවස් ගෙවුනා මිසක් අද දිනේ කවදද කියලවත් මට මතක නැති හැටි. මම මටම දොස් කියා ගත්තා. නංගි මගේ දෙකොපුල් අාදරයෙන් සිප ගනිමින් මගෙන් මිදුනා. *මෙන්න මේක ගෙනාවේ ලොකු අක්කිට ඒ වෙනුවෙන්. බලන්න දිගෑරලා.* අලංකාර නිල් පැහිති කවරය මම දිග හැරලා බැලුවා. ඒක අැතුලේ වුනේ කලු පැහැති දිලිසෙන් අැදුමක්. මම අැදුම ඒළියට අරන් අැගට තියලා බැලුවා. ඒය ලේස් රෙද්දකින් නිමවපු අත් දිග. දෙපතුළට දිග ලස්සන ගවුමක්. *අනේ තෑක්ස් පුංචි නංගී. ඒත් මෙච්චර හොද අැදුමක් අැයි. මේ අැදුම සාමාන්‍ය ගමනක් අදින්න බෑනේ.* *මේක ගෙනාවේ රෑ පාටියට අදින්න. අනික ඔක තේරුවේ ඔයාගේ මස්සිනා පොඩ්ඩ අදින්නම වෙනවා ඒක නිසා.* *අද පාටියකුත් තියෙද?* *පාටියක් තියෙද අහනවා . ඔයාගේ බර්ත්ඩේ පාටිය.* *ඒ හෙම ඒකක් නෑනේ.* *ඔයා ඉතිං පහළට අාවේ නෑනේ තාම . ඒවා සේරම මමයි ශාලින්ද අයියයි පෑලෑන් කරලා ඉවරයි. අනික ඉතිං අපි අපේ උපන් දින වලට අනිවාර්යෙන් පාටි දානවමනේ.* *අනේ මන්දා.* *අැයි ලොකු අක්කී ඔයා දුකින් වගේ ඉන්නේ. ඔයාට උපන් දිනෙත් අමතකයි. මගෙන් ලොකු අක්කිට වැරදි වුනා මම ඒවා පිලි ගන්නවා. මට දැන් මගේ අක්කිගේ අගේ තේරෙනවා. මම අක්කි මැරි කරනකන් මැරි කරන්නෙත් නෑ. ශාලින්ද අයියත් කැමති නෑ අක්කි මැරි කරන්න කලින් අපේ වෙඩින් ඒක ගන්න.* නංගි ලොකු විස්තරයක් කියාගෙන ගියා. මම ජීවත් වෙන්නේ ජීවත් වෙනවට. මම දැන් දන්නවා මට තව ජීවත් වෙන්න ඉතුරුවෙලා තියෙන්නේ අවුරුද්දයි. ඒකෙනුත් දවසින් දවස ගෙවිලා මම මරණයට ළගා වෙනවා. ලබන අවුරුද්දේ උපන්දිනේ සමරන්න වත් මම ඉන්න ඒකක් නෑ. ඒ දවස් වෙනකොට මේ ගෙදර දුකින් නිහඩ බවින් පිරිලා තියෙවි. අනෙ නංගියේ, මම රෑ වෙනවට නිදියනවා, ඒළිවෙනවට අැහැරෙනවා, ලීලම්මා ගෙනත් දෙන නිසා කනවා මිසක් කිසි අරමුණක් වත් බලාපොරොත්තුවක් වත් අැතිව ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. මම බදිනකන් ඉන්න ඒකෙන් වෙන්නේ ඔයා මනමාලියක් වෙලා ඉන්නවා දකින්නත් මට නැති වෙන ඒක. මගේ මංගල්‍යයෙන් පස්සේ නෙමෙයි මගේ අවමංගල්‍යයෙන් පස්සේ තමා ඔයාට . ඔයාගේ මංගල්‍යය ගන්න වෙන්නේ. *ඔය අායි කල්පනා කරනවා.* *පිස්සුද ඔය දෙන්නා දැන් ඔය ලෑස්ති කරන් තියෙන් විදියට වෙඩින් ඒක කරන්න. මට මැරි කරන්න අදහසක් නෑ. පිනක් දහමක් කරන් නිදහසේ ඉන්න ලැබුනම අැති.* *අනේ පිස්සි ඒහෙනම් මහන වෙන්න.* *මම ඒකට නම් අැත්තටම කැමතී* *මේ මේ .. ලස්සන දවසේ විකාර කියවන්නේ නැතුව යමු පහළට. කට්ටිය බලන් ඉන්නවා. ලොකු අයියත් තාම ගියෙ නෑ. යමු.* *පොඩ්ඩක් ඉන්න.* මම කණ්ණාඩියට ඒබිලා පනාවකින් , අවුල් වී තිබුන කේස් රොද සැකසුවා. ඒ පැත්ත මේ පැත්ත හැරිලා අැදුම හොදද බැලුවා. * ඔහොම හොදයි යමු. දැන් ගෙදර කට්ටිය විතරයි ඉන්නේ. තාම මනමාලයෙක් අැවිත් නෑ.* දොර ළගට වෙලා මගේ දිහා බලන් හිටිය පුංචී නංගී මට විහිලු කලා.දෙන්නා ඒක්ක පහළ මාලයට අාවා.කට්ටිය කෑම මේසය ළග වට වෙලා අපි ඒන දිහා බලාගෙන හිනා වුනා. හැමෝගෙම අැස් වල පෙනෙනුනේ උතුරා යන සතුට අාදරය. අැයි දෙවියනේ මීට කලින් මට මේ මිනිස්සුන්ගේ අාදරේ නොපෙනුනේ. මගේ හිතට අවේ මං ගැනම තරහාකාරී හැගීමක්. අපි දෙන්නා ඔවුන් අතරට ඒකතු වුනා. ලස්සන කෑම මේසයක් ලෑස්තිකරලා තිබුනා. කිරි බත් මම අාසම කෑමක්. කෑම මේසය මැද්දේ කැට කැපු විශාල කිරි බත් පලගානක්. කේක් ,කෙසෙල් ගෙඩී ,තල කැරළි, අාස්මී. මම අාස ගොඩක් කෑම, කිරිබත් පලගාන වටා තබා තිබුනා. වෙනදත් මේ චාරිත්‍ර මේ විදියට සිද්ද වුනත් මම මගේ උපන් දින සාදයටත් සහභාගී වුනේ අකමැත්තෙන්. ඒ නිසාවෙන් කිසිම දේක වටිනා කමක් මට දැනුනේ නෑ. *සුභ උපන් දිනයක් මගේ ලොකු දූට. * අම්මා මාව වැළදගෙන් මට සුභ පැතුවා. පවුලේ හැමෝම මට සුභ පැතුවා. ලොකු මල්ලිගේ පුංචී දූ මගේ ළගට දුවන් අාවා. මම ඉබේටම දනගැහුවේ ෂයිනී දූ මක් වුන නිසා.ෂයිනී දූට වඩා පුංචී දූ පොඩ්ඩයි ලොකු අැය ඒක ශ්‍රේණියේ ඉගනුම ලැබුවා. *ලොකු නැන්දී හැපි බර්ත්ඩේ.* අැයට මා ඒතරම් හුරු නැති නිසා. මගේ පොපුල මත හාද්දක් තබා සේනාධී නංගි ළගට පැන දිව්වා. මට තව තවත් ෂයිනී දුව මතක් වුනා. ඒයත් අද මෙතන හිටියා නම්. හැම ළමයම හරිම හුරතල් මගේ හිත කිව්වා. ලොකු මල්ලිගේ ලොකු පුතා මගේ ලගට අාවේ ලැජ්ජාවෙන් අැබරෙමින්. *හැපි බර්ත් ඩේ ලොකු නැන්දී.* කියපු ඔහු යන්න හැරුනා. මම ඔහුගේ දෙඅත් වලින් අල්ලා ගත්තා. *අැයි ලොකු නැන්දී.* *කෝ ලොකු නැන්දිගේ බර්ත්ඩේ කිස් ඒක.* පුංචී දරුවගේ මුන රතු වුනා. වයස අවුරුදු නමයක් වූ ඔහු තරමක ලැජ්ජ කාරයෙක් වුනා. කිසි දා නොකිය දෙයක් නිසා දෝ ලොකු පුතාගේ ලැජ්ජා ගතිය තවත් වැඩි වුනා. තවමත් දණ ගසා වුන් මගේ කොපුලට ළං වු ඔහු හාදුවක් තැබුවා. ඒ දෙස බලන් හිටිය හැමෝම කෑ ගහලා සතුටින් හිනා වුණා. ඒ හැමොම දන්න නිසා ලොකු පුතා හරිම ලැජ්ජා කාරයා බව. හරිම සන්තෝෂයෙන් හැමෝම උදේ අහාරය ගත්තා. මේ හැම සිදු වීමක් දිහා ලීලම්මා හරිම අාදරයෙන් බලන් හිටියා. උදේ අාහාරය අරන් මම කුස්සිය පැත්තට පිය නැගුවේ අත සොද ගන්න.මම කුස්සිය යනකොට ලීලම්මා පුංචී බංකුවක හිදගෙන කදුළු පිසිමින් හඩනවා. *අැයි ලීලම්මේ. මොකද වුනේ.* මගේ කට හඩ අැසුන විගස බංකුවෙන් නැගිට ගත් ලීලම්මා. මාව තුරුළු කර ගත්තා. මට වැටහුනා ඒයා අඩන්න හේතුව මම කියලා. මගේ අම්මාගෙන් ලැබෙනවඩා වඩා අාදරයක් මට ලීලම්මාගෙන් ලැබුනා. මමත් ලීලම්මගේ උණුසුමට තුරුළු වුනා. *අැයි මගේ ලීලම්මා අඩන්නේ.* *මට ලොකු බේබීගේ පුංචී කාලේ මතක් වුනා. මම වඩාගෙන් හුරතල් කරලා හදා ගත් දරුවා දැන් හුගක් ලොකුයි කියලා දැනුනම මට සතුට වැඩි කමට කදුළු අාවා.* *මම දැන් ලොකු කියලා අඩලා හරියනවද?. අැත්තටම දරුවන්ට මේ තරම් අාදරේ ලීලම්මා අැයි කසාද බැදලා දරුවෙක් හදා නොගත්තේ.* *ඒක දිග කතාවක් ලොකු බේබී. මට ඔයාලව දාලා යන්න බැරි වුනා.* *සිගිති කෝ ලීලම්මේ.* *ඒයි අද රෑ උත්සවයට උයන්න ඔනේ කලමනා වගයක් ගෙන්න කඩේට ගියා.* *සිගිති මාත් ඒක්ක කතා කරන්නෙ වත් නෑනේ දැන්.* *ඒ ළමයට වැඩ වැඩී ලොකු බේබී. ලොකු බේබී දැන් යන්න .අද මටත් වැඩ වැඩී.* මම අත සොදගෙන් අාලින්දය පැත්තට අාවා. ඒදා දවස හරිම කාර්යබහුලයි. හැමොම කලබලයට වැඩ. පාටිය වෙනුවෙන් සුදානම් වුනා. නංගී ගේ සරසනවා මමත් ඒවට උදව් වෙන්න ගියා. ලොකු මල්ලිගේ දරුවෝ දෙන්නා ඒ වැඩ වලට හරිම හපන්නු. ඒයාලා කියන විදියට තමයි ගේ සැරසුවේ. දවසින් වැඩි හරියක් දරුවෝ දෙන්නා ඒක්ක ගෙවුන නිසා ඒයාලා මට ඉක්මනින්ම ළං වුනා. පුංචී දූ මගේ ළග දැවටෙද්දි මට ෂයිනී දූ නිතරම සිහිපත් වුනා. මට නොතේරෙන මොකද්ද බැදීමක් ෂයිනී දූට තියෙනවා කියලා මගේ හිත නිතරම කිව්වා. ඒළි මහනේ මිදුල පුරා සැරසිලි වැඩ වලට මූලික වුනේ සිගිති. මිදුල පුලා අලංකාර කබානා සවි කරමින් තිබුවා. මගේ කලින් උපන්දින සැමටම වඩා මෙවර උපන්දින සාදය ජයටම පැවැත්වෙන බව මට වැටහුනා. *ලොකු අක්කී. තාම මෙතනද දැන් හයත් පහුවෙලා. ශාලින්ද අයියාලාගේ ගෙදර කට්ටිය මග ඒනවත් අැති. ගිහින් ලැහැත්ති වෙන්නකෝ.* *මම යනවා ඒහෙනම්.*. මම ඉහළ මහලේ මගේ කාමරයට පිවිසුනා. නාන කාරයට ගෝස් අැග සොදා පිරිසුදු වුන මම, පුංචි නංගී ගෙනවිත් දුන්න ගව්ම අැද ගත්තා. තරමත් අැදෙන සුළු අැදුමක් නිසා මගේ අැගේ සිහින් බව වඩා කැපීපෙනෙන බව කණ්ණාඩියෙන් මගේ රුව දකිද්දී මට හිතුණා. *ලොකු අක්කී මම කාමරයට ඒන්නද?* දොර අභියස සිට පුංචි නංගී කතා කරනවා අැහුනා. මම දොර අැරියේ අැයට කාමරයට අැරයුමු කරමින්. *අනේ ඒ අැදුම ලොකු අක්කිට හරිම ලස්සනයි.* අැය කාමරයට අාවේ තවත් කවරයක් අතින් අරන් ඒය අැද මතින් තැබූ අැය මගේ උරහිස් දෙක මත දෑත් තබා හැඩ බැලුවා. නංගි හැද හිටියේ කහ පැහැති දනහිසින් පහළට දිගු ගවුමක්. *ඔයත් අද හරිම ලස්සනයි.* *මේකත් තේරුවෙත් ඔයාගේ මස්සිනාම තමා.* *මල්ලිට හොදට අැදුම් තෝරන්න පුළුවන් වගේ නේද? කණ්ණාඩී මේසය අසල වූ කුඩා අසුන අැද ගත් අැය, මට ඒහි වාඩි වන ලෙස ඉල්ලා සිටියා. ඊ ළග කොටසින් හමු වෙමු. PoddiVeteran MemberPosts:2100 28 Oct 2016 06:17 AM kathawa kiyawannama beri unaa... niwaduwa okkoma tika eka husmatama kiyawannamko nago සඳුනිVeteran MemberPosts:2462 28 Oct 2016 06:05 AM 15. වන කොටස. මියෙදෙන තුරා. නැවතත් මහ හයියෙන් සිනාසුනු විජී අයියා රූස්ස ගස් පෙළ අතරින් නොපෙනී ගියා. *ලොකු බේබී අද උදෙන්ම අැහැරලනේ. මම මේ අැහැරවන්න අාවේ.* *මට ඉබේම අැහැරුනා ලීලම්මේ.* * යමු ඒහෙනම් කෑම කන්න. පුංචි බේබිත් ගියා උදේම විභාගයක වැඩකට ගියලා.* *ඒහෙමද? මට කෑම ටිකක් ගෙනත් දෙනවද ලීලම්මේ. ඔයා ඊයේ රෑත් මට කියවන්න දුන්නේ නෑනේ අදවත් පොත කියවන්න ඔනේ.* *අනේ අනේ මේ ළමයා. හරි ලොකු බේබී මම ගෙන්නම්.* අාදරය පිරි සිනහවක් මුව දවටා ගත් ලීලම්මා කාමරෙන් පිටවී ගියා. කුඩා මේසය මත රදවා තිබූ පොත දිගහැර ගත් මා ජනෙල් කවුළුව අසල වූ සුවපහසු අසුනට බර වුනා. සුළු මොහොතින් මා කතා ලොවට පිවිසුනා. ස්වභාව දර්මය හා බැදුනු වර්ණනා නිසා ඒ දර්ශන සිත තුළ චිත්රනය වුනා. ඒක වරම මට රාත්‍රියේ දුටු සිහිනය මතකයට අාවේ කතාවෙහි තරුනයා නැවති සිටි පැල්පත අසල වූ දිය අැල්ලේහි උදා අසිරිය පිළිබද වර්ණනාවක් හේතුවෙන්.මගේ සිතට, මම චූටි දූ සමග ඒතන සිටිනා අයුරු සිහිනයෙන් දැකපු අාකරය සිහි පත් වීම නිසා, කතා ලොකයෙන් චූටි දූගේ ලෝකයට අාවා. අනේ පවු අහිංසක දරුවා මම ඒනකන් මග බලනවා අැති. මගේ හිත හඩා වැටුනා. කියවමින් සිටි පොත උකුල මත තබා ගනිමින් මම අෑතක නෙත රදවාගෙන කල්පනා කරන්න වුනා. *ලොකු බේබී.* *ලීලම්මේ* මම, කෑම රැගෙන කාමරයට පැමිනි ලීලම්මා දෙස බලමින් විමසුවා. *පොත කියවනවද ? කල්පනා කරනවද?* *මට චූටි දූ මතක් වුනා ලීලම්මේ. මම ඊයේ රෑ හීනෙනුත් චූටි දූ දැක්කා. පව් මම ඒයි කියලා මග බලන් අැති.* ලීලම්මාගේ මුහුන අදුරු වුනේ බලන් ඉද්දී මයි. *පව් තමයි ඒ දරුවෝ දෙන්නා.* *මම නොදන්න මොකක් හරි දෙයක් ලීලම්මා දන්නවා.* *අනේ නෑ ලොකු බේබී. මම කොහොමත් දරුවන්ට අාදරෙයිනේ. මම ලොකු බේබීලාව උනත් හදා ගත්තේ මගෙම දරුවෝ වගේ. ඒක ලොකු බේබී දන්නවනේ.* ලීලම්මාගේ දෙකපුල් දිගේ කදුලු බිදුවක් රූරා අාවා. කෑම ටික කුඩා මේසය මත තැබූ ලීලම්මා අැදේ කොනක වාඩි වුනා. *අනේ මම දුක හිතන්න දෙයක් කිව්වා නම් සමා වෙන්න ලීලම්මේ. මම දන්නවා ලීලම්මා මට මොන තරම් අාදරේද කියලා. මගෙ අම්මා තාත්තාටත් වඩා ලීලම්මා මට අාරෙයි.* *ලොකු මහත්තයා ඒහෙම, කැමති වෙන ඒකක් නෑ . ලොකු බේබි ඒ දරුවා බලන්න යනවට.* *අැයි ඒ ලීලම්මේ* *ඉස්සර ඔය සුමේධ ළමයා බැදලා හිටිය වික්‍රමසිංහ වලව්වේ තමා මම වැඩ කලේ. මම තරුණ කෙල්ල ඒ කාලේ. මට මතකයි වික්‍රමසිංහ මහත්තයයි. අපේ ලොකු මහත්තයගේ මල්ලියෙක් හිටියා .ඒ දෙන්නා ගජ යාලුවෝ* *මට මාමා කෙනෙක් හිටියද* *අා මට අමතක වුනා... ලොකු බේබීට ඒවා කියන්න බෑ මට.* *අනේ ලීලම්මේ කියන්නකෝ . මම දැන් පොඩි ළමෙක්ද?.* *ලොකු දෙයක් නෙමෙ ලොකු බේබී. ලොකු මහත්තයා ළග නම් ඒ මාමා ගැන කතා කරන්න ඒපා.* *අැයි ඒ* *චූටි මල්ලී වගේම පුංචි මහත්තයත් නොඒන්නම රට ගියා. ඒ තරහට ලොකු මහත්තයලා ඒයා මැරුනා කියලා හිතාන දානයකුත් දුන්නා. දැන් මතක් කරනවටත් අකමැති.* *මම දන්නේ නෑ ලීලම්මා කියනකන් මට මාමෙක් හිටිය බවක් වත්.* *ඒ ගැන කතා කරන්න තහනම්. ලොකු බේබී මට පොරොන්දු වෙන්න කා ඒක්ක වත් ඒ ගැන කතා කරන්නේ නෑ කියලා.* *නෑ නෑ ලීලම්මා බය වෙන්න ඒපා. අැයි දැන් වික්‍රමසිංහ පවුලේ අයත් ඒක්ක අපේ ගෙදර අය තරහා.* *ලොකු මහත්තයලා හිතන් ඉන්නේ ලොකු මහත්තයගේ මල්ලි නාරද වීරසිංහ මහත්තයා නරක් කලේ වික්‍රමසිංහ මහත්තයා කියලා.* *අනේ මන්දා ලීලම්මේ. මම නොදන්න ලොකු දෙයක් මෙතන හැංගිලා තියේ.* *ඒහෙම නෑ ලොකු බේබී. ඔවා කල්පනා කරන්න ඒපා. කෑම ටික කන්න. මට වැඩ ගොඩ වෙලා මම යන්නම්.* ලීලම්මා පිට වෙලා ගියා. මම නොදැන හිටියට වික්‍රමසිංහ පවුලත් ඒක්ක ලේ නෑ කමක් වත් අැති. නැත්තම් නැති වුන චූටී දූගේ අම්මා මම වගේ වෙන්නේ කොහොමද. මේ ගොල්ලෝ තරහා වෙන්නත් ලොකු හේතුවක් අැති. මම කෑම ගන්න ගමන් කල්පනා කලේ මේකේ අග මුල හොයා ගන්න විදියක් .සිගිතිත් ලීලම්මගේ නෑයෝ වෙන දරුවෙක්ලුනේ සිගිති දන්නවා අැති මොනවා හරි. මම සිගිති ඒක්ක කතා කරන්න තීරනය කලා. කෑම කලා මම මිදුල පැත්තට ගියේ සිගිති වත්තේ වැඩ කරනවා අැති කියලා හිතුන නිසා. මම හිතපු විදියටම සිගිති පාතියක් ලග නැමීගෙන හිටියේ බර වැඩක. *සිගිතියෝ... වැඩ වැඩීද?* * නෑ ලොකු බේබීට කර ගන්න වැඩක් තියෙනම් කියන්න.හ්හ්* සිගිති මා ඉදිරිපස හිට ගනිමින කිව්වා. *වැඩක් නෙමේ සිගිති මට දෙයක් අහන්න තියෙයි.* *අහන්න ලොකු බේබී .හ්හ් මොකද්ද?හ්හ්* *සිගිති දන්නවද වික්‍රමසිංහ වලව්ව.* *වික්‍රමසිංහ වලව්ව. ඒ කොහෙද අහලා නම් පුරුදුයි. හ්හ්* *අැයි සිගිති ඒක්ක ලීලම්මා ඒ ගැන කියලා නැද්ද?* *මොකද්ද ලොකු බේබී. හ්හ්* *කෝ ටිකක් අරෙහෙට යමු.* මම වට පිට විමසිලිමත් වුනේ කවුරු හරි අහන් ඉදීද කියලා. අපි දෙන්නා අඹ ගසේ සෙවන යටට ගියා. *ලීලම්මා කලින් වැඩ කලේ ඒහෙලු තරුණ කාලේ.* *හරි හරි ඒහෙම ඒකක් නම් කිව්වා තමයි.හ්හ්* මම ලීලම්මා කිව් සේරම විස්තර සිගිති ඒක්ක කියා සිටියා. ඒ වගෙම වික්‍රමසිංහ පවුලේ ඒකම දරුවා මං වගේමයි. ඒයා දැන් මිය ගිහින් කියලත් මම සිගිති ඒක්ක කිව්වා. සිගිති මුව අයාගෙන අහන් හිටියේ කිසිදා නොදන්නා කතාවක් වගෙයි. *මම දන්නේ නෑ ලොකු බේබී ඔය වගේ කතාවක්. මට ලීලම්මගෙන්ම මේ කතාව අහන්න වෙනවා.* *අහලා මටත් කියන්න සිගිතියෝ ලීලම්මා මාත් ඒක්ක කියන්න කැමති නෑ.* *හරි . හරි ලොකු බේබී.* සිගිති කුස්සිය පැත්තට ගියේ ලීලම්මගෙන් මේ ගැන අහන්න. මම සිගිති අාපහු ඒනකන් බලන් හිටියේ නොයිවසිල්ලෙන්. පැය භාගයක් පමන බලා සිටියත් සිගිති නොඅාපු නිසා මම කුස්සිය පැත්තට යන්න හිතුවා. සිගිති දර වගයක් අසුරමින් සිටියා. *සිගිතියෝ පොඩ්ඩක් මෙහාට ඒනවද?* මම කුස්සියේ දොර ළගට වෙලා කතා කලා. *මොකද්ද වැඩේ ලොකු බේබී . මට නම් වැඩ වැඩී. ලීලම්මාට කියන්නකෝ.* *අනේ සිගිතියෝ ඒන්නකෝ කිව්වම.* *අැයි ලොකු බේබී . මොකද්ද කරන්න ඔනේ.* ලීලම්මා මා අසලට පැමිණෙමින් අසා සිටියා. මගේ හිතට සිගිති ගැන අාවේ කේන්තියක්. මට හොදටම දැනුනා සිගිති මාව මගාරිනවා කියලා. *මොකුත් නෑ.* මම කේන්තියෙන් කාමරය පැත්තට අාවා . සේරම ඒකයි හැමෝම මට මොනවා හරි හංගනවා. මම කාමරයට ගිහින් දොර අගුලු දා ගත්තා. දවස් කීපයක්ම ගියේ, සැකයද සිතේ දරාගෙන. සිගිති මගේ ප්‍රශ්න වලින් මගෑරලා ගියා. මට නිතරම වගේ චූටී දූ මතක් වුනා. අායෙත් කවදාවත් ඒ සිගිත්තිය මට දැක ගන්නට නොලැබේවී කියලා මට හිතුනා. මම ඒ දුක නැති කර ගත්තේ මරණයට නියම වෙලා ඉන්න මට අලුත් බැදීම් හදා ගන්න බෑ කියලා හිතමින්. පුස්තකාලයෙන් ගෙන අා පොත් කිහිපය නිසා තරමක් අපහසු තාවය අඩු වුනා. * ලොකු අක්කී * පුංචී නංගී කාමරයට හිස පොවමින් කිව්වා. මම ජනෙල් කවුළුව අසල වූ අසුනෙහි අසුන් ගෙන් පොතකට නෙත යොමාගෙන හිටියා. *පුංචී නංගී.* *මොකද ලොකු අක්කී පහළ නොඒන්නේ බලන්න අාවේ.* *ඔයත් ගෙදර හිටියේ නෑනේ මේ ටිකේ . ඒකයි අාවෙ නැත්තේ පහළට.* *මම ඒග්සෑම් ඒකේ වැඩ වගයකට ගියා ලොකු අක්කේ.* *ඒන්නකෝ අැතුළට දොර ළගට වෙලා ඉන්නේ.* නංගී අත් දාක පිටුපසට කරගෙන කාමරයට අාවේ කුමක් හෝ දෙයක් සගවාගෙන. අැගේ මුහුනේ තිබුනෙත් හරිම අහිංසක සිනහවක්. *මොනවද පුංචී නංගී හංගන් ඉන්නේ.* ඊ ළග කොටසින් හමු වෙමු..... සඳුනිVeteran MemberPosts:2462 28 Oct 2016 05:52 AM 14. වන කොටස. මියෙදෙන තුරා.. *මොකක්ම හරි හේතුවක් අැති ශාලින්ද මල්ලී ඒ ළමයා නැත්තම් ඔය තරමටම මට කැමතී වෙන්නේ නෑනේ* * නිලූ මේ පොන් ඒකේ සුමේධ අයියලගේ පොටෝ වගයක් අැති. පොඩ්ඩක් අරන් පෙන්නන්න.* ශාලින්ද මල්ලී වාහනය පදවන ගමන්ම පොන් ඒක අරන් පුංචි නංගිගේ අතට දුන්නා. නංගි පොන් ඒක අරගෙන චායාරූප හොයන්න ගත්තා.මම ඉස්සරහා අසුනට ඒබුනේ බලන්න තිබුන හදිස්සිය නිසාමයි. මුලින්ම සුමේද අයියලගේ මංගල චායා රෑපයක් විවෘත වුනා. *අක්කේ මේ ඔයාමයිනේ.* *ඒකනේ මම කිව්වේ* ශාලින්ද මල්ලිත් පුංචි නංගිගේ වචනය ස්තීර කලා. අපි තවත් චායා රූප රැසක් බැලුවා සැබැවින්ම අැය මම වගේ. මට වඩා තරමක් මහත පෙනුමක් තිබුනත් මුහුනු දෙක ඒක වර දුටුව හොත් හදුනා ගන්නටම බැරි තරම්. මට දැස් අදහා ගන්නට බැරි වුනා. *පව් පුංචි කෙල්ල. මට අම්මි කිව්වේ මේකයි ඒහෙනම්.* මම අායෙත් ෂයිනී දූව මතක් වෙන්න ගත්තා. *ශාලින්ද මල්ලී* *අැයි අක්කේ.* *සුමේධ අයියාගේ වයිෆ් මොනවා වෙලාද නැති වුනේ.* *පිලිකාවක්ලු ලොකු අක්කී. කාලයක් තිස්සේ බෙහෙත් කරලා. දරුවෝ දෙන්නා අතර ලොකු වයස් පරතරයක් තියෙන්නේ ඒකයි. චූටී දු හම්බෙද්දී හුගක් අමාරු වුනාලු. දරුවෝ හදන්න ඒපා කියද්දි තමා . ජීවතය ගැනවත් නොහිතා චූටි දූව හදාන තියෙන්නේ . ඒයා අන්තිමට හැමෝම දාලා ගියා.* *අනේ පව් ශාලින්ද අයියේ.* පුංචි නංගි දුක් වෙද්දී ,ළගදිම මමත් මේ හැමෝටම සමු දෙයිනේ කියලා මට මතක් වුනා. කාර් ඒක ඉදිරිපස කොරිඩේවෙහි නතරවුනා. අපි කාර් ඒකෙන් බහින කොට අම්මයි, අප්පච්චී දෙන්නම දොර ළග බලාන ඉන්නවා. *මම මේ බැලුවේ කට්ටිය මොකද පරක්කු කියලා. ශාලින්ද පුතා ඒන්න ගෙට* අප්පච්චී සාලින්ද අයියට අාරාධනා කලා. ශාලින්ද මල්ලිත් ගේ අැතුලට ගිහින් අාලින්දයේ වූ සෙටියේ වාඩි වුනා. *වීරසිංහ අංකල් මාර වැඩක්නේ වුනේ.* * ඒ මොකද්ද ශාලින්ද පුතා.* ශාලින්ද මල්ලී සුමේධ අයියලා අමුවුන සිදු වීම කියන්න ගත්තා. ටිකක් වෙලා ඔවුන් අතරට වී සිටි මම ඉහළ මහළ වෙත ගියා. අැද මත හාන්සි වු මා සිදුවීම් මාලාව ඒකින් ඒක සිහිපත් කලා. අායේ කවදාක චූටී දු දකින්නට ලැබේදැයි සිතමින් සුසුමි ලෑවා. *ලොකු බේබී අැයි මේ.* *අනේ කිසිම අවුලක් නෑ ලීලම්මේ මහන්සී.* *නිදන් ඉදලා හරි යන්නේ නෑ නේ. මූණ අත පය හොදන් අැදුමක් මාරු කර ගන්න ළමයෝ.* *හරි හරි ලීලම්මේ. ඒක නෙමේ අද මාර වැඩක් වුනානේ.* *ඒ පාර මොකද්ද ලොකු බේබී* මම සිදු වූ සියල්ල ලීලම්මා සමග කියා සිටියා. මම කතාව කියා ඉවර වන තුරාම ලීලම්මා වචනයකුදු කතා නොකර නිසොල්මන්ව හිටියා. මම කතාව අවසන් කරන කොට ලීලම්මගේ දෑසේ කදුලු වැටෙන්නට ඔන්න මෙන්න වෙලා තිබුනා. අැය අැද සිටි හැට්ටයේ කොනකින් කදුලු පිස දැමුවා. *අැයි ලීලම්මේ අඩන්නේ.* *නෑ නෑ.. මොකුත් නෑ පොඩි වුන් දෙන්නා ගැන දුක හිතුනා.* *අනේ ඉතිං අඩන්න ඒපා. ඒයාලා හොදින් ඉන්නේ සුමේධ අයියත් පන වගේ අාදරෙයිනේ.* *සුමේධ ළමයගේ අම්මා කොහොම දරුවෝ දෙන්නා බලා ගන්නවද දන්නේ නෑ.* *ලීලම්මා සුමේධ අයියව දන්නවද?* *නෑ නෑ.. මේ .. දන්නවා.* *ඒ කොහොමද?* *අර වික්‍රමසිංහ මහත්තයගේ දූ බැදලා ඉන්න ළමයනේ.* *අනේ මම නම් කාගේ කවුද දන්නේ නෑ ලීලම්මේ.* මම නොදන්නවා වුනාට හැමෝම සුමේධ අයියාලා ගැන දන්නවා වගේ. ඒ ගැන වැඩිය කතා කරන්න අකමැති වුන ලීලම්මා කෑම කන්න ශාලින්ද මල්ලිත් ඉන්නවා, පහළට ඒන්න කියලා කාමරෙන් යන්න ගියා. මම ඉක්මනින් මූන අතපය සොදාගෙන , කෑම ගන්න පහළට ගියා. කට්ටිය කළින්ම කෑම මේසයට ඉදගෙන හිටියා. *ඒ කියන්නේ වීරසිංහ අංකල්ලා පරන යාලුවෝ.* *ඔව් ඔව් ශාලින්ද පුතේ වික්රමසිංහලයි අපී ඉස්සර බොහොම ළගින් අාශ්‍රය කලා. ඒත් ඒයාලා රට ගියායින් පස්සේ අපෙන් අෑත් වුනා.* *ලොකු අක්කී අපි මේ ඔයා ඒනකන් මයි හිටියේ කෑම කන්න ඒන්න. ඒන්න.* ශාලින්ද මල්ලීලා සුමේධ අයියලා ගැන කතා වෙන බව මට වැටහුනේ ලීලම්මා කිව්ව වික්‍රමසිංහ නම නිසා. මම ඔවුන් අතරට ගිහින් පුටුවක් අැදගෙන වාඩී වුනා. ඒදා කෑම වෙල ඉවර වෙනකන්ම කට්ටිය කතා වුනේ චූටි දූ ගැන. මට අායෙමත් අැය දැකීමට තිබූ අාසාව තවක් ඉස්මතු වුනා. කොහොම වුනත් මිය ගිය චූටි දූගේ අම්මාගේ පවුල ගැන අප්පච්චී ,අම්මයි හොදට දන්න බව මට කතාවෙන්ම තේරුනා. රාත්‍රී අාහාරයෙන් පස්සේ ශාලින්ද මල්ලී අපෙන් සමු අරන් ගෙදර යන්න පිටත් වුනා. රෑ වුන නිසා ලොකු මල්ලි ඉන්නම කියලා අැවිටිලි කළත්. මනමාලිගේ ගෙදර නවතින ඒක හොද පුරුද්දක් නෙමේ කියලා විහිළු කරලා ශාලින්ද මල්ලී යන්න ගියා. කලින්ම නිදා ගන්නවා කියලා මම කාමරයට වැදිලා නිදා ගන්න උත්සහ කලත් නින්ද අහලකටවත් අාවේ නෑ. මම අැදේ ඒ මේ අත පෙරළමින් කාලය ගෙවා දැමුවා. චූටි දූ මගේ හිතම අාවරනය කරගෙන තිබුනා. මරණය ගැන වු බිය හෝ දුක මට මතකයටවත් නැගුනේ නෑ. මට හදිස්සියෙම සිහිපත් වුනා පුස්තකාලයෙදී හමු වු පොත ගැන. අැද අසලම වූ කුඩා මේසය උඩ තිබූ පොත අතට ගත් මම මුල් පිටුව පෙරලා ගත්තා. ඒහි තිබුනේ මේ පොතෙහි මුල් කොටස වූ ''සිටු විමන'' පිලිබද මතක අාවර්ජනයක්. මට නම් මතක් කරන්නට දෙයක් තිබුනේ නැහැ ,කතාව ගැන වූ අාසාව නිසා'' සිටු විමන'' පොත මම කීපවරක්ම කියවා කටපාඩමින් කීමේ හැකියාක් තිබු නිසා. ඒ පොතේ තිබුනේ මම වගේම ධනවත් පවුලක උපන් තරුනයෙක් තමන් ධනවත් වීම පිලිබද කනගාටු වීම පිලිබද කතාවක්. ඔහුගේ පියා කුමන අාකාරයෙන් හෝ මුදල් ඉපයීමටම කැප වී සිටි නිසා දරුවන් පිලිබද කිසිම තැකීමක් සිදු නොකරන බවත්, කුඩා අවදියේදී මවද අහිමි වූ ඔහු අායා කෙනෙක් ළග අැති දැඩි වූ අාකාරයයි. සියලු දේ ඒපා වූ ඔහු ඉගනීම් කටයුතු හමාර වූ පසු නිවසින් පැනගොස් තමා කැමති අයුරින් ජීවත් වීමට තීරනය කළ බවයි. ඒතැන් පටන් ඉදිරියට ''නිල්ල පිරුනු මිටියාවත'' කතාව දිවෙන බව අවසන් වශයෙන් ලියා තිබුනා. මම ඉතිං අාසාවෙන් කතාව කියවීම අාරම්භ කලා. ඒ පොතේ තිබුනේ ඔහු අලංකාර වන අරණක ජීවත් වන අයුරුයි. මා සිත තුලද ඒවැනි නිදහස් ජීවතයක් අැත්නම් කියා සිතුවිලි පොදි බැදුනා. මමත් මේ සැප අැති මාළියාවක හිර වෙලා ජීවත් වෙනවට වඩා, මොන තරම් කටුක වුනත් ඒ ජීවතයට කැමති වුනා. *ලොකු බේබී. තව නිදි නැද්ද ළමයෝ.* මම කාමරයේ විදුලි පහන තවමත් නිමා නැති නිසාදෝ ලීලම්මා කාරයට අැවිත් මගෙන් විමසා සිටියා. *මම පොතක් කියවනවා ලීලම්මේ.* *අනේ දවාලට ඔනේ තරම් වෙලා තියෙන්නේ දැන් නිදා ගන්න ළමයෝ.* *අනේ ලීලම්මේ මට නිදි මත නෑ* *ඔයාට ඉතිං කියවන්න ගියාම නිදි මත ඒන ඒකක් වෑ. මම ලයිට් නිවනවා නිදා ගන්න හොදද?* ලීලම්මා කාමරේ ලයිට් නිවලා පිටවෙලා ගියා. මමත් පොත වහලා තියලා අැස් පියා ගත්තා. පාන්දර මම අවදි වුනේ කතාවෙහි වූ තරුනයා නැවති සිටි පැල්පත අාසන්නයේ වූ අලංකාර දිය අැල්ල ළග චූටී දූ සමග වාඩි වී සුරතල් වෙමින් සිටියදී. දෑස් හැර බලන විට මගේ දෑසට පෙනුනේ සුදු පැහැති විශාල මල් ඉහිරුන සිවිලිමත් ඒ මත ඒල්ලෙමින් තිබූ සිවිලින් විදුපලි පංකාවත් පමණයි. ඒය දුටු විට වැටහුනා මම දැක අැත්තේ සිහිනයක් බව. ඒක දවසට මේ දරුවා මගේ හීන වලටත් රිංගලා. මගේ සිතට දැනුනේ සිවුම් සතුටක්. මම ඒ සිහිනයම යලිත් දකින්නට උත්සහා ගනිමින් කීපවරක්ම දෑස් පියාගෙන සිහිපත් කලා. මට ඒ සිහිනය අායි නොපෙනුන නිසා මම අැද මත වාඩි වී කල්පනා කරන්න වුනා. මම අර දරුවට පොරොන්දු වුනා ඒයාව බලන්න අද ඒනවා කියලා. පව් දැන් මම ඒනකම් මගබලාගෙන ඉදීවී. අැය මගේ සිත තුල නිතර සක්මන් කලා. කරන්න දෙයක් නෑ. පොඩි ඒකීට ටික දවසින් මාව අමතක වෙලා යයි. අම්මා නැතුව පාලුවෙන් ඉන්න දරුවගේ ජීවිතයට මම යන්න හොද නෑ. මමත් තව මාස කීපයකින් ඒයාගේ අම්මා ගිය ලෝකයටම ගියාම, පුංචි හිතට ඒක දරා ගන්න බැරුව යාවී. මම හිත හදා ගන්න උතසහ කලා. සුපුරුදු විදියට සීතල ජලයෙන් උදෙන්ම නා ගත් මම අලුත් අැදුමකින් සැරසී ජනෙල් කවුළුව අසලට ගියේ පුරුද්දට වගේ. තවමත් ඉහළට කර තුවයක් ඔතා තිබූ හිසකේ වලින් සීතල ජල බිදු ගෙල දිගේ රූරා අාවා. වෙනදා වගේම හිරු ඒළිය රූස්ස ගස් පෙළ අතරින් රිංගා මා දෙසට ඒන්නට උත්සහා කලා. විශාල සද්දයක් නගාගෙන් අා විජී අයියා අපේ නිවස පහු කරන් ගියේ, කීපවරක් ගේට්ටුව අසල රේස් කරමුනුයි. උදේ පාන්දර මේ මනුස්සයා මොන රාජකාරියකට යනවද මන්දා. මගේ හිත තනියම නොක්කාඩු කිව්වා. සුළු මොහොතකින් අාපසු පැමිනි ඔහු ගේට්ටු අසල නතර කර නලාව හඩවන්නත් රේස් කරන්නත් වුනා. මුරකරු ඔහුව පිටත් කරන්න උත්සහා කළත් ඔහු යන පාටක් පෙන්න තිබුනේ නෑ. ලොකු මල්ලී ගේට්ටුව දෙසට යන අයුරු මම ඉහළ මහලට වී බලන් හිටියා. සුදු පැහැති අත් දිග කම්සයක් හා කලු කමිසයක් හැද වුන් ලොකු මල්ලි රාජකාරි වැඩකට යන්න සුදානම්න බව මට වැටහුනා. *අා ... මන්ත්‍රී බේබී මහත්තයා. සුභ උදෑසනයක් කිව්වා. බොහොම කනගාටු ඔබ තුමාට උදේම මෙහෙම වචනයක් දාන්න වුනාට.* ලොකු මල්ලි වටපිට බලමින් හෙමින් කී කිසිවක් මට අැහුනේ නැහැ. ඒක වරම මහ හඩින් හිනා වූ විජී අයියා. අායෙමත් කතා කරන්න වුනා. *මහත්තයට බොහොම ලැජ්ජයි නේද අැත්ත කියද්දි. මේ මහත්තයට ඔනේ දෙයක් කර ගන්න. ඔය වැඩ වලට මාව කොටු කරන්න ගියොත් නම් අමාරුවේ වැටෙයි. ඒක කියලා යන්නයි මම අාවේ. අායි ඔය අදාල නැති ඒවට මං සැකයි කියලා පොළිසිට කියලා තිබුනොත් අාන් ඒදාට බලා ගමු* ඊ ළග කොටසින් හමු වෙමු.......... සඳුනිVeteran MemberPosts:2462 28 Oct 2016 02:44 AM හෙමින් දාන්නම් ඔයාලට කියව ගන්න බෑනේ නේද දෙක ගානේ දැම්මම sha733Super Senior MemberPosts:7332 28 Oct 2016 02:04 AM කෝ 0කිවුවට 2ක් දාලා නැහැනේ kingDVeteran MemberPosts:3405 27 Oct 2016 11:11 PM දැන් නම් නියමයි කතාව... ඉක්මනට දාන්න තවත් කොටසක් ඉතින් DushanVeteran MemberPosts:2536 27 Oct 2016 10:57 PM ස්තුති මේ කොටස් ටිකටත් දැන් නම් කතාව නියමයි සඳුනිVeteran MemberPosts:2462 27 Oct 2016 04:14 PM 13. වන කොටස. මියෙදෙන තුරා. *ෂයිනී... අනේ ලස්සන නමක්නේ චූටි දූට තියෙන්නේ.* *මගේ නම ෂයිනී නෙමෙයි චූටී දූ අනේ.* ෂයිනි නම් කුඩා දියනිය මම ඒයාට ෂයිනි කියවට අකමැති වුනා. මම පුදුම හිතුනේ කවදාත් නොදැකපු මට මේ දරුවා මේ තරම් ළං වුනේ කොහොමද කියලා. කිසිදා දරුවන් පිළිබද වැඩි අවධානයක් නොදක්වපු මම ඒ කුඩා දරුවගේ වචනයට හැසිරීමට වශී වුනා. *නැන්දිගේ නම මොකද්ද?* *මම නිල්මිණී. ඒතකොට මේ ඉන්නේ නිලූෂා නැන්දි.* *මම ඒ නැනදි ඒකක තරහයි* *ඒ අැයි චූටි දූ. ඒ නැන්දිත් මම වගේම හොදයි.* *නෑ .. නෑ.. මට හොද නිල්මිණී නැන්දි විතරයි* අැය මගේ ගෙළ වටා අත්දෙක යාවා තුරුලු කර මගේ උරහිසේ හිස හොවා ගත්තා. *චූටී දූ නෙමේ, නොටී දූ ,මාත් තරහයි දූත් ඒක්ක.* *මට කමක් නා ඉතිං. චූටි දූට නිල්මිණී නැන්දි ඉන්නේ.* අැය නැවතත් මගේ ගෙළෙහි වූ දෑත් තවත් තද කර ගත්තා. * දූ ඒන්න ලොකු සාධුට වදින්න යන්න.* සුමේධ අයියා දරුවා වෙත දෑත් පාමින් කියා සිටියා. . *චූටී දූට ඒන්න බා තාත්ති. අම්මි නැන්දි ටත් ඒන්න කියන්කෝ.* *අම්මී නැන්දි... ඒහෙම කියන්නේ අැයි චූටි දූ මේ දූගේ අම්මා නෙමේ.. ශාලින්නද මාමිගේ අක්කා පැටියෝ.* ඒ වචනය මගේ හිතේ විශාල වියසනයක් අැති කලා. කිසි දා මව් පදවියක් ලබන්නට වරම් නැති මා සිත තුළ අාශාවක් අැති කළා. අනේ දෙවියනේ මම තව අවුරුද්දයි ජීවත් වෙන්නේ . මට මේ අාත්මෙදි මගෙම දරුවෙක්ගේ මුවෙන් අම්මා කියලා අහන්න තරම් පිනක් නෑ. අැයි මට මේ දරුවා ලවා අම්මා කියන වචනය අහන්න සැලැස්සුවේ. මම හිටත අැතුල් වුනේ සතුටක් වගේම දුකක්. සුමේධ අයියගෙත් මූණ අදුරු වෙලා ගියේ ඒයාගේ බිරිද මතක් වී දුක අලුත් වූ නිසා වෙන්න පුළුවන්. *අනේ අම්මී නැන්දි . ඔයත් යමුකෝ ලොකු සාධු ගාවට.* *චූටී දු කිව්වම මෙහෙ ඒන්න. කෝ මොනවද ඔය කියන්නේ. නැන්දිට කරදර කරන්න ඒපා.* සුමේධ අයියා තදින් කතා කරද්දි චූටි දූගේ ලස්සන මූණ මැලවලා ගියා. ඒ මූන දැක්කම මගේ හිතට අමුත්තක් දැනුනා. * හරි මමත් ඒන්නම්. යමු චූටී දූ..* *මගේ හොද අම්මි නැන්දි.* අැය මා ගේ බෙල්ල බදාගෙන සිගිති මුවින් මා සිප ගත්තා. මට හිතා ගන්නත් අපහසුයි කුඩා දැරිය මටත් නොදැනිම මගේ ජීවිතයට අැතුල් වෙලා. මමත් අැගේ රෝස පැහැත් කොපුල මත හාදුවක් තැබුවේ සිහිනයකින් වගේ. මේ සිදු වීම දෙස බලා සිටි සුමේධ අයියාගේ දෙනකට කදුලු පුරා අා හැටි මම හොදින්ම දැක්කා. ඔහු කලිසම් ලාක්කුවෙන් අැද ගත් සුදු පැහැති ලේන්සුවකින් දෙනතට නැගුණු කදුළු සගවා ගන්නට උත්සහ ගත්තා. * අැයි චූටී දූ... අැයි නිල්මිණී නැන්දිට අම්මි කියන්නේ.* *ඒයා මගේ අම්මි වගේ මයිනේ තාත්ති.* දිග සුසුමක් හෙළපු ඔහු. ශාලින්ද මල්ලි දිහා බැලුවා. *ඒ හෙනම් කට්ටියම යමුද . ලොකු හාමුදුරුවෝ ගාවට.* * යමු සුමේධ අයියේ.* ශාලින්ද මල්ලී සුමේධ අයියාගේ වචනයට ඒකග වෙමින් කියා සිටියා. සියලු දෙනා අාවාස ගෙය ඉදිරි පස හාන්සි පුටුවක වාඩී වී සිටි ලොකු හාමුදුරුවන් වහන්සේට වැද නමස්කාර කලා. මමත් දියනිය බිමින් තබා ලොකු හාමුදුරුවන් වහන්සේගේ දෙපා නැමද සිටියා. *චූටී දූ කෝ සාධු කියන්න.* සිගිති දරුවා දන නමා ලොකු හාමුදුරුවන්ට වදින හැටි මම හරිම අාසාවෙන් බලා හිටියා. *සුමේධ මහත්තයා හුග දවසකින්. ලොකු කට්ටියකුත ඒක්ක . කට්ටියම ඔතනින් ටිකක් වාඩි ගත්තා නම්.* *ඒහෙමයි ලොකු හාමුදුරුවනේ* අපි සියලු දෙනා ලොකු හාමුදුරැවන් ඉදිරිපස බිම හිද ගත්තා. සියල්ල ඉද ගත් පසු සියලු දෙනා දෙස දෑස් යොමා බැලු සිගිති දියනිය මගේ උකුලට අැවිත් වාඩී වුනා. ලොකු හාමුදුරුවන් අවුරුද්දේ දානය ගැන සුමේධ අයියා සමග කතා කරනු ලැබුවා. *ඒහෙනම් ලොකු හාමුදුරුවනේ අපිට ගිහින් ඒන්න අවසර.* කියමින් සුමේධ අයියා නැවත් ලොකු හාමුදුරුවන්ගේ දෙපා නැමැද පිරිකර පිලි ගන්නවනු ලැබුවා. * ඔහොම පෙඩ්ඩක් හිටියා නම්. .* ලොකු හාමුදුරුවන් අාවාස ගෙට අැතුල් වුනා. මොහොකින් පිරිත් නූල් පන්දුවක්ද රැගෙන විත් නැවත්ත අසුනෙහි හිද ගත්තා. * මුලින් ම චූටි දූ ඒන්න කෝ* සිගිති දියනිය ලොකු හාමුදුරුවන් අභියසට ගියා. *කෝ දෙන්න බලන්න අත.* *අනිත් අත දෙන්න. කොහොමද දැන් චූටි දූට.* * චූටි දූ නම් හොදින් සාධු. මගේ අම්මා නැන්දි ගෙත් නූලක් ගැට ගානවද සාධු. * *කව්ද දූගේ අම්මි නැන්දා.* * ඒන්නකෝ අම්මි නැන්දී.* අැය මට සුරතල් ලෙසින් අත වනමින් කිව්වා. මගේ හිතට දැනුනේ අපහසුතාවයක්. සූමේධ අයියගේ මූනේ තිබුනේ නොසන්සුන් බවක්. ගාථාවක් කියමින් පිරිත් නූල ගැට ගසා නිම කල හාමුදුරුන් වහන්සේ තව නූලක් කඩමින් සුමේධ අයියා දෙස බැලුවා. *හොද තීරණයක් සුමේධ මහත්තයා අරන් තියෙන්නේ. ලෝක ස්භාවය ඔක තමා මහත්තයෝ ඉපදුන කෙනෙක් අනිවාර්යෙන් මිය යනවා.හැම දේම සිද්ද වෙන්නේ කර්ම ශක්තිය මත. මේ දරු දෙන්න වෙනුවෙන් ගත්තු තීරණය ගැන බොහොම සතුටුයි. මේ දරුවගේ මුහුනෙන්ම පේනවා අනිත් අය ගැන බොහොම හොදට හිතන කෙනෙක් කියා. බොහොම පිං අැති වැඩක්. දරුවෝ දෙන්නා හොදට බලා ගන්න ඔනේ.* ලොකු හාමුදුරුදුවන්වහන්සේ පිරිත් නුල මගේ අතේ බදින්නට සූදානම් වෙමින් කිව්වා. මට කියන්නට අවශ්‍ය දෙයක් සිහියට අාවේ නැහැ . මම සුමේධ අයියා දිහා බැලුවේ මේ මොකද්ද වෙන්නේ අහන්න වගේ. *ලොකු හාමුදුරුවනේ. අපේ චූටී දූ කියන ඒවා ඒතරම් හිතන්න ඒපා. මේ නංගි ශාලින්ද මල්ලි බදින්න ඉන්න කෙනාගේ අක්කා. අද මයි අපි හම්බුනේ.* ඒ කතාවෙන් ලොකු හාමුදුරුන්ගේ මූනටත් හිනාවක් නැගුනා. *අනේ ඒහෙම නම් මට සමා වෙන්න ඔනේ මේ දැරිවි.* *ඒකට මොකද ලොකු හාමුදුරුවනේ . මේ පොඩි දරුවට තේරෙන දෙයක් නෑ* පිරිත් නූල් බැදලා අහවර වුනායින් පස්සේ අපි අාවස ගෙයි ඒළියට බැස්සේ ගෙදර ඒන්න. * අම්මි නැන්දි මාව වඩන්නකෝ.* ෂයිනී දූ මගේ ළගට දුවගෙන අැවිත් කිව්වා . ඒ හුරතල් මූණ දැක්කම මට කිසිම දෙයක් ප්‍රතිප්ශේප කරන්න හිත් වුනේ නෑ. මම අායෙත් දරුවව වඩා ගත්තා. වහන නවතා අැති තැනට ඒනකන් අපි අාවේ නිහඩව මයි. *ඒහෙනම් අපි යමු. ඒන්න චූටී දූ.* *චූටී දුට බා. * *අනේ නැන්දී ගෙදර යන්න ඔනේ.* *තාත්ති .. අපි අම්මි නැන්දිව අපේ ගෙදේ ඒක්ක යමුද?.* *අනේ ඒම බෑ චූටි දූ. නැන්දි අද ගෙදර නොගියොත් නැන්දිගේ අම්මා අඩයි. නැන්දි ගියදෙන් අපි පස්සේ දාක නැන්දි බලන්න යමු.* *චූටී දූට නැන්දී අම්මිලා දිහා යන්න ඔනේ අද.* *අනේ අනේ චූටි දූ. අක්කි දැන ගෙදර අැවිත් අඩනවා අැති චූටි නංගී නැ කියලා.* සුමේධ අයියා බලෙන්ම වගේ ෂයිනී දූව මගේ අතින් ගත්තා. දරුවා මුණ අැඹුල් කරගෙන අඩන්න පටන් ගත්තා. *අනේ අැයි චූටි දූ.. නැන්දිත් ඒක්ක අපි ඒන්නම්කෝ හෙට දූව බලන්න.* ශාලින්ද මල්ලි ඒහෙම කිව්වම ෂයිනි දූ අායෙත් අඩන්න වුනා. ලස්ස අැස් දෙකේ කදුලු කැට දිලිසුනා. මම අායෙමත් ෂයිනි දූව වඩා ගත්තේ දුක හිතුන නිසයි. *චූටි දූ මම ඔයාව බලන්න ඒනවමයි හෙට. අඩන්නැතුව තාත්ති ඒක්ක යන්න. නැත්තම් ඔයාගේ අක්කිත් අඩාවී.* *චූටී දූ බලන්න අම්මි නැන්දි ඒනවද?* * ඒනවා පැටියෝ දැන් හවස් වෙලානේ තාත්ති ඒක්ක යන්න.* මම අැගේ කොපුලක් සිප ගත්තේ හදේ අැති වුන අාදරේ නිසාමයි. ෂයිනී දුවත් මගෙ මුහුණ සිපගෙන කාර් ඒකට නැග්ගේ අකමැත්තෙන්. මම කාර් ඒක නොපෙනී යනකන් බලාන හිටියා. ෂයිනී දූ නොපෙනී යනකන්ම මට අත වැනුවා. අපි තුන් දෙනත් කාර් ඒකට නැග්ගේ ගෙදර ඒන්න. ගේ කිට්ටුවටම ඒනකන් මම වචනයක් වත් කතා නොකර ෂයිනී දූ ගැන කල්පනා කලා. හුරතල් වදන් දෙසවනේ රැවු දුන්නා. අැගේ රූපය නෙත් මානයේ මැවී පෙනුනා. ජීවිතේ මුල්ම වතාවට අපි මුන ගැසුනත් අාත්මෙන් අාත්මෙට මගේ ළගම උන් කෙනෙක් වගේ මට දැනුනා. *ලොකු අක්කී අැයි සද්ද නැත්තේ.* *මම මේ කල්පනා කලේ චූටී දූ ගැන . පුදුම දරුවෙක් තමා. හරියට මාව අදුරන කෙනෙක් වගෙ දාලා යන්නත් බෑ කියලා අැඩුවා.* මම නංගි අහුපු දෙට උත්තරය ලෙස ඒහෙම කිව්වා. *අක්කා චූටී දූගේ අම්මගේ පොටෝ ඒකක් වත් දැක්කා නම් ඔය විදියට කියන්නේ නෑ. ඒ අක්කත් අක්කා වගේමයි.* ඊ ළග කොටසින් හමු වෙමු. සඳුනිVeteran MemberPosts:2462 27 Oct 2016 03:37 PM අනේ ධනු අයියේ කියවන්නකෝ DanuLiyanageVeteran MemberPosts:3457 27 Oct 2016 02:28 PM mata nam kathawa mis una kiyawanna une naha සඳුනිVeteran MemberPosts:2462 27 Oct 2016 10:30 AM කියව ගන්න බෑනේ ඒහෙම. හිමින් දාන්නම්. දවසට ඒක කොටසක් දාලා බේරෙන්න බෑ ඒෆ් බී ඒකට. දෙක සමාන කරන්න බෑ ඒක නිසා කවදාවත්ම. sha733Super Senior MemberPosts:7332 27 Oct 2016 10:22 AM Posted By සඳුනි on 26 Oct 2016 04:26 AM කතගාටුවෙන් දැනුම් දෙන්න වෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි දිනකට කොටස් දෙකක් දැමීමට සිදුවි තිබෙනවා. ඒෆ් බී ගෘප් ඒකේ දමන කොටස හා සයිට් ඒකේ යන කොටස සමාන කර ගැනිමට මට අවශ්‍ය වී තිබෙනවා. ගෘප් ඒකේ යන්නේ 28 වන කොටස.. ඒහෙනං අඩේ ඔය 28 ම එකපාර අතඇරල දාන්නෝ............................. සඳුනිVeteran MemberPosts:2462 27 Oct 2016 07:52 AM කියවන් වරෙන්කෝ NipuniNew MemberPosts:30 27 Oct 2016 07:27 AM දැන් නම් සදුගේ කතාව කියවන්න පුළුවන්. හිමින් මුල ඉදන් කියවන් ඒන්නම්කෝ සදූ. සඳුනිVeteran MemberPosts:2462 27 Oct 2016 07:21 AM බලමු බලමු kingDVeteran MemberPosts:3405 27 Oct 2016 06:23 AM මට නම් හිතෙන්නෙ ලොකු බේබිට සුමේධ අයිය සෙට් වෙයි වගේ... හ්හ් ..හ්හ .. සඳුනිVeteran MemberPosts:2462 26 Oct 2016 04:52 AM මාරාන්තික පපුවේ වේදනාවක් DushanVeteran MemberPosts:2536 26 Oct 2016 04:46 AM අපොයි බලන් ගියාම බයානක ලෙඩක් වගේ නෙහ් සඳුනිVeteran MemberPosts:2462 26 Oct 2016 04:26 AM කතගාටුවෙන් දැනුම් දෙන්න වෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි දිනකට කොටස් දෙකක් දැමීමට සිදුවි තිබෙනවා. ඒෆ් බී ගෘප් ඒකේ දමන කොටස හා සයිට් ඒකේ යන කොටස සමාන කර ගැනිමට මට අවශ්‍ය වී තිබෙනවා. ගෘප් ඒකේ යන්නේ 28 වන කොටස.. සඳුනිVeteran MemberPosts:2462 26 Oct 2016 04:20 AM 12. වන කොටස. මියෙදෙන තුරා.... * අර ඉන්නේ ශාලින්ද අයියා.* පුංචී නංගී කෙළවර අසුනක වාඩී වී සිටි ශාලින්ද මල්ලී පෙන්වමින් කිව්වා .අපි දෙන්නා කෙමෙන් ඒ පැත්තට යද්දී ශාලින්ද මල්ලිට අපිව නෙත ගැටුනා. ඔහු සිනා මුසු මුහුනින් අපිව පිලිගෙන මට අත දිගු කළා. මම සිතුවිල්ලකින් තොරව අත පෑවා. මා අතින් අල්වා දෙකොපුල් මත ඔහුගේ උණුසුමු දෙකොපුල රැදෙව්වා. මා සිතට දැනුනේ අපහසුතාවයක් වගේම ලැජ්ජා මුසු හැගීමක්. පුංචි නංගීගේ සතුට දෑසින්ම කියා පෑවා. පුංචි නංගිට වඩා සුපුරුදු මෙම සමාජ ක්‍රමය මට නුහුරු වීම නොරහසක් වුයේ මම නිවසින් ඉලියට නොයාමයි. ගෙදර පැවති සාදයකදි වුව මා හැකි තාක් මගහැර ඉන්නට උත්සහා කළ නිසා අමුත්තක් දැනුනා. නුහුරු හැගීමත් සමග අලංකාර කුඩා වීදුරු මේසයක් වට වූ අසුක් අැද වාඩී වුනා. *මම විශ්වාස කළේම නෑ අක්කා ඒයි කියලා. නිලු කිව්වට.* *මම කිව්වෝ ඒක කරනවාමයිනේ.* පුංචී නංගීද කතාවට ඒක් වුනා. මම නිහඩ සිනහවකින් පිළිතුරු දුන්නා. *ඉතිං අක්කී කොහොමද?* *මම නම් හොදින් ශාලින්ද මල්ලී.* *බලන්නකෝ ඒදා නිලූ ඔයා ගැන කිව්ව බොරුව. මට නම් හරිම කේන්තී මෙයා ඒක්ක.* *ඒක දැන් වෙලා ඉවරයින්නේ හිතන්න ඒපා.* *ඒත් අක්කී* *ඔයාට ගොඩක් ස්තූතීයි මල්ලී.* *ඒ අැයි අක්කී.* *නංගි හිතන පතන විදිය වෙනස් කලාට.* *තැනට ගැලපෙන විදියට වෙනස් වෙන්න හැමෝම පුරුදු වෙන්න ඔනේ. තමන් හිතන විදියම හැමෝටම හරි යන්නේ නෑ. සිංහල රටක ඉපදිලා රට තාලෙට හිතන පතන ඒක වැරදි.* *හ්ම්ම්ම්ම්* ඒවෙලෙහී අප අසලට අා හොටල් සංකීර්ණයේ සේවකයෙකු විසින් අපි වෙත නැවුම් පානයක් පිළිගන්වුවා. පැය භාගයක් පමන කාලයක් කතා කරමින් සිටි අපි බොහෝ සෙයින් මිතුරු වුනා. මා සිත තුල වු පැහැදීම තව තවත් තහවුරු වුනා. * නිලු අපි අද පොඩි ගමනක් යමුද?* *කොහෙද ශාලින්ද අයියේ.* *අපි තුන්දෙනා පංසල් යමුද? ලංකාවට අාවත් හරී තාම පන්සලකට යන්න ලැබුනේ නෑ.* *ඒක හොද අදහසක් . ලොකු අක්කී කැමතී නේද?* *ඒක කොච්චර දෙයක්ද. යමු.* *දෙන්නම මගේ හිත කියවලද මන්දා සුදු පාටින් දිගට අැදලා. පංසල් යන්න හිතානම වගේ අැවිත් තියෙන්නේ.* ශාලින්ද මල්ලී අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලමින් හිනා වුනා. අැත්තට හේතුව වටහා ගන්නට බෑ මගේ හිත සුදු අදින්නම කිව් නිසා මම අැන්දා විතරයි. මගේ සිත නැවතත් කල්පනා ලෝකෙට පිවිසුනා. පංසල් යන්න ලැබෙන ඒක නම් ලොකු දෙයක් . මගේ අන්තිම කාලය පංසල් ගිහින් පින් දහම් කරගෙන සැනසීමේන් ඉන්න ලැබෙනවා නම්. පෝයට විතරයිනේ මට පංසලට වත් ඒන්න ලැබෙන්නේ. මගේ හිතට අැතුල් වුනේ ඒ පිලිබදව ලොකු දුකක්. *ඒ කියන්නේ ශාලින්ද අයියා කලින්ම පංසල් යන්න පෑලැන් කරන්ද අාවේ.* *ඔව් නිලු නැත්තම් මම සුදු අදිනවද?* *හරිම කපටියෙක් තමා.* *පිං අතේ වැඩ වලදී කපටි කම් කලාට කමක් නෑ.* *ඒහෙමද?* පුංචී නංගීයි, ශාලින්ද මල්ලීයි පොඩි ළමයි දෙන්නෙක් වගේ වචන පටල ගන්නවා මම හිනා වෙවී බලාන හිටියා. *යමු යමු තව පරක්කු නොවී.* *අැයි පංසලට යන්න නැකතක් තියෙනවද?.* *නෑ.... කැන්දන් යන්න නම් නැකතක් තියෙනවා.* අපි ශාලින්ද මල්ලිගේ සැප පහසු අළුත් කාර් රථය නැගුනා. පැය කාලකින් පමන අපි නිසංසල පංසල් භුමියකට අැතුල් වුනා. ඒය තරමක් ගමක් අැතලකට වන්නට පිහිටා තිබූ පංසලක්. කොළ පැහැ ගස් වලින් සෙවන වූ සෞම්‍ය පූජා භූමියට අපි අැතුලු වුනේ පාවහන් වානය තුලම තබමින්. කාරයේ පිටුපස හැර ශාලින්ද මල්ලී කවර කීපයක් ඒළියට ගත්තා. *මෙයා නම් හරිම නරකයි ලොකු අක්කී. මෙයා පන්සල් යන්න පැලෑන් කරගෙනමයි අැවිත් තියෙන්නේ.* ශාලින්ද මල්ලිගේ අතේ වු මල් කවරය දැකීමෙන් පුංච් නංගී චෝදනා කරන්න වුනා. *මාට ඔනේ වුනේ ඔයාලව පුදුම කරන්න. ඉතිං නරකද.* අපි තිදෙනා ඒකටම පා තබමින් සෑ මළුවට පිවිසියා. පංසල් භුමිය මා සිත තුල අැති කලේ සැනසිලි සුවයක්. සෑ මළුව පුරා විසිරුන සුදු පැහැ සිහින් වැලි දෙපයට සුවය ලබා දුන්නා, හමා අා සිලිල් සුලග මල් සුවදත් , හදුන් කූරු සුවදත්, රත් වූ පොල් තෙල් සුවදත් නැහැට ගෙන දුන්නා. සියලුම ස්ථාන වැද පුදා ගත් අපි බෝ සමිදුන්ට මුහුන දී වැලි පොළව මත හිද ගත්තේ තෙරැවන්ගේ අාසිර්වාද ලබා ගන්න. අපි සිහින් හඩින් පන්සිල් සමාදන් වුනා. *අනේ සුමේධ අයියේ ඔයා මෙහේ.* *හලෝ ශාලින්ද මල්ලී හුග කාලෙකින්. කොහොමද ඉතින් සුදු වෙලා මහත් වලා. * පසකින් අැසුනු කතා බහ නිසා මම දෑස් විවර කර බැලුවා. ශාලින්ද මල්ලී අවුරුදු තුනක පමන දරුවෙකු වඩා ගත් අවුරුදු හතලිහක පමණ පෙනුමැති අයෙකු සමග කතා කරමින් ඉන්නවා. පුංචී නංගිත්, මාත් ඔවුන් අසලට ගියා. *කොල්ලා අපටත් හොරෙන් කසාදයකුත් කරගෙන වගේ.* *තාම නෑ සුමේධ අයියේ වෙඩින් ඒක ළගයි අයියටත් කියනවා අනිවාරෙන්. * *හරි. හරි ශාලින්ද මල්ලී අපි ඒනවා අනිවාර්යෙන්.* * මේ ඉන්නේ නිලූෂා මම මැරි කරන්න ඉන්න කෙනා. මේ ඉන්නේ ඒයාගේ අක්කා නිල්මිණි.* ඔහු ඒක අතකින් දරුවාද වඩාගෙන අපට අතට අත දුන්නා. * ඒතකොට මේ ඉන්නේ සුමේධ අයියා . මේ ඉන්නේ ඒයාගේ චූටි දූ..* ශාලින්ද මල්ලී සුමේධ අයියා අතේ වූ දියනියගේ කම්බුලක් සිනිදුවට මිරිකමන් කියා සිටියා. කුඩා දරුවා ලැජ්ජාවෙන් මුහුණ තම පියාගේ උරහිසේ සගවා ගත්තා. *සුමේධ අයියේ ලොකු කරදරයක් වුනා කියලා අාරංචී.* *අනේ ඔව් මල්ලී අවුරුද්දේ දානයත් කිට්ටුයි. මම මේ ඒක මතක් කරන්නත් ඒක්ක පංසලට අාවේ.* *කවුද සුමේධ අයියේ දරුවෝ බලා ගන්නේ.* * අම්මා තමා. අම්මාත් දැන් ලෙඩ ගානේ ඉන්නේ. ඒයාටත් බෑ දැන් ළමයි බලන්න.* *ලොකු දුව කෝ* *ඒයා ශිෂ්‍යත්ව පංති ගිහින් ශාලින්ද මල්ලී.* ඔවුන්ගේ කතා බහින් අපිට වැටහුනා දරුවන්ගේ මව මිය ගොසින් වසරක් ගතවී අැති බව. සුමේධ අයියාගේ අතේ වූ දරුවා මා සමග හිනා වන්නටත්, නැවත මහුණ සගවා ගන්නටත් පටන් අරන් තිබුනා. දරුවන් සුරතල් කර පුරුද්දක් නොමැති මා අැය හා සිනා සුනා. ලොකු මල්ලිගේ දරුවන් දෙදෙනා ඒ ගෙදරම හිටියත් මම ඔවුන්ව සුරතල් කරනේ නැත්තේ, පොඩි දරුවන් සමග මිතුරු වුන විට මගේ නිදහස නැති වේ යැයි මම සිතුව නිසා. *චුටි දූ නිල්මිණි නැන්දට කැමතී වගේ.* * ඒක තමා මාත් බැලුවේ.* ශාලින්ද මල්ලී සුමේධ අයියයි මගේ දිහා බලලා කතා වුනා. *නැන්දී ශොයී.* *චූටි දූ යනවද. ඒනම් නැන්දි අතට.* *චූටි දූට බා..* *අැයි ඉතිං නැන්දි ශෝයිනේ.* *නැන්දී අඩගැව්වේ නා නේ.* අැගේ සුරතල් කතාවට මගේ සිත අැදී ගියා. ලොකු මල්ලිගේ දරුවන් වුව වඩාගෙන තිබුනේ කිහිප වතාවයි. මම සිගිති දියණිය දෙසට දෑත් දික් කලා. *ඒන්න චූටි දූ.* දරුවා මා අඩගහන සැනින් මගෙ දෑතට පැන්නා. * පුදුමයි... ලේසියෙන් කෙනෙක් ළගට මෙයා යන්නේ නෑ.* අපි වන්දනා කර අවසන් නිසා සියලු දෙනා වහන නවතා තිබූ පෙදෙසට ගමන් කලා. මම දරුවාද වඩාගෙන ඔවුන් සමග ගමන් කලා. *කියන්න බලන්න චූටී දුගේ නම.* * මගේ නම... චූටි දූ නේ නැන්දී.* *අනේ ලස්සන නමක් . චූටි දූ මොන්ටි සොරි යනවද?* * යනවා. මම මේ නැන්දි ඒක්ක විතලයි කතා කලන්නේ. ඔයා නොටී නැන්දී.* නංගි ප්‍රශ්න කරද්දි චූටි දූ මගේ බෙල්ල බදා ගනිමින් කිව්වා. සුමේධ අයියයි. ශාලින්ද මල්ලී කතා කරමින් ඉස්සරහින් යනවා. *ඔයානේ නොටී බබා. ටීචර් ඔයාට කියන නම කියන්න බලන්න.* *ෂයිනී* ඊ ළග කොටසින් හමු වෙමු...... සඳුනිVeteran MemberPosts:2462 26 Oct 2016 04:08 AM 11. වන කොටස. මියෙදෙන තුරා... *හා යමුකෝ. ඔයා ඒක්ක යනවා නම්, මම ඒනවා* *නියමයි* නංගි සන්තෝෂයෙන් කෑ ගැහුවේ ඉන්න තැනිනුත් නැගිටලා. *හැබැයි ඔන් ඔයාගේ විකාර අැදුම් නම් මට අදින්න බෑ.* * අපෝ මම කැමති ඒ්වා අදින්න ඒපා. අක්කා අදින විදියට මටත් අදින්න කියලා ශාලින්ද අයියාගෙන් බේරුමක් නෑ.* *ඉතින් අදින්නකෝ.* *මගේ ළග ඒක දිග අැදුමක් වත් නෑනේ.* *මම දෙන්නම් . මගේ තාම අැදපු නැති ඒවත් තියෙනවා.* *ඔය අැත්තටමද?. අනේ අද මාත් ඔයා වගේ අදිනවා. ලොකු අක්කි යමුකෝ අැදුමක් බලන්න.* අැය මගේ අතින් අදින ගමන් අැවිටිලි කලා. මටම පුදුමයි මට මතක අැති දවසක පුංචී නංගී මගේ කාමරයට අැවිත් නෑ. මම ඒයාගේ කාමරයට යන්නෙත් නෑ. ඒ තරමට අපි දුරස් වෙලා ජීවත් වුනේ. අනේ දෙවියනේ මම සමු ගන්න ඉන්න මොහොතේ මාව මේතරම් පව්ලේ අයට ළං කරන්න ඒපා . මම නැති දාට ඒයාලට දුක දරා ගන්න බැරි වෙයි. මටත් දාලා යන්න හුගක් දුක හිතෙයි. මම හිතින් දෙවියන්ගෙන් ඉල්ලීම් කලා. මම පුංචි නංගී ඒක්ක කාමරයට යන්න නැගිට්ටා. නංගි මාව අැදගෙන වගේ ගේ පැත්තට අාවා. *අානේ මෙන්න ලොකු බේබී පුංචී බේබී යාලු වෙලා.හ්හ්* *අපි තරහා වෙලා හිටියේ නෑ .යාළු වෙන්න.* අාලින්දය මද්දදයෙන් යද්දී සිගිති කියපු කතාවට නංගිට පොඩ්ඩක් විතර කේන්ති ගිය බව මට වැහුනා. මගේ කාමරයට වැදුනු අපි, මුලු අල්මාරියෙම රෙදි අැද මතට අැද දැමුවා. නංගි දැන් නොයෙක් අැදුම් අැගට තබමින්. වඩා හොද අැදුමක් තෝරනවා. *පුංචි නංගී මට උදව්වක් කරනවද?'* * ඒ මොකද්ද අක්කේ.* *මට පුස්තකාලයට යන්න ඔනේ.* *අයියෝ පොඩි දෙයක්නේ පොඩ්ඩක් කලින් යමු. මමත් කාලෙකින් සිංහල නවල් ඒකක් කියෙව්වේ නෑ මටත් ඒකක් තෝරලා දෙන්න.* *පුදුමයි පුංචී නංගී නවල් කියවනවා.* *මමත් දැන් ඔයා වගේ වෙන්න ඔනේ. මොකද ශාලින්ද අයියා කැමති ඔයාගේ වගේ ගතිගුන තියෙන කෙල්ලෙක්ට.* *අා... ඒක තමා වෙනස. ශාලින්ද මල්ලී නැතුවම බෑ වගේ මෙයාට.* මං වගේ වෙන්න පතන්න වත් ඒපා මගේ නංගී. උඩින් හිනා වුනාට මම හිත අැතුලින් මොන තරම් පිච්චනවද දන්නේ මම විතරනේ. මගේ හිත කෑ මොර දීලා කිව්වා. * ලොකු අක්කී මේක ලස්සනයි නේද?* තැබිලි පැහැති සිහින් රැලි සහිත සාය පුරා සුදු මල් වැල් තැනින් තැන විසිරුන සායක් ඉනට තියාගෙන පුංචි නංගී සතුට පිරුනු අැස් දල්වා ගෙන මගේ දිහා බැලුවා. මට අැත්තට සතුටුයි, මගේ නංගී ශාලින්ද මල්ලී නිසා හරී වෙනස් වුන ඒක. මගේ හදවත සොම්නසෙන් පිරී ගියා. *පුංචි නංගිට කොයි ඒකත් ලස්සනයි. සුදුයි, අැගත් ගානට නිසා.* *ලොකු අක්කිත් සුදුයිනේ ඉතිං* *ඒත් බලන්නකෝ කොටු අැග.* *හොදට කනවා. විටමින් ඒකක් වත් බොන්න. * මේ මැරෙන්න ඉන්න ටික කාලෙට මොන විටමින්ද? ඒ ටික කාලය මට අද වගේම සතුටු කාලයක් වුනොත් හොදයි. මම තනියම සිහිපත් කලා. * ලොකු අක්කේ මේක මට හුගක් උසයි නේ. * *මගේ හැම අැදුමම උය ගාන උසයි. දෙපතුල වැහෙන්නම නොතිබුනොත් කැතයි අනේ.* *මේක මට හොදයි නේද?* *හොදයි ළමයෝ ඔකට සුදු බ්ලව්ස් ඒකක් අදින්න. ඒතකොට තවත් චාම් පාටයි.* *අයියෝ .. ලොකු අක්කි මගේ ළග සුදු පාට බ්ලව්ස් නෑ. ටී ෂර්ට් , ස්කිනීස් විතරයි තියෙන්නේ.* *ඉන්න මගේ තිබුනා.* මම අල්මාරිය අැදලා සුදු පාට හැට්ට කීපයක්ම නංගී අතට දුනනා. * මේවා ඔයාට නම් ගානට තියේවී මට නම් ලොකුයි.* *මේක හොදයි ලොකු අක්කි. ඉක්මණට අැදන් පහළට ඒන්න. මම අම්මිටත් කියන්නම්.* ඒහෙම කියලා පුංචි නංගී අැදුමත් අතේ දාගෙන කාමරෙන් පිට වෙලා ගියා. අැයි දෙවියනේ මට සතුට දෙන්න, දුක මං ළගට ඒනකන්ම වුන්නේ මගේ හිත දෙවියන්ට චෝදනා කලා. මම නානකාමරයට ගියේ මුන අතපය හොද ගන්න. මම අැදුමක් තෝරලා අැද ගත්තා . දම් පැහැති තට්ටු ගනනාවක් අැති සායක් මම අැද ගත්තේ. ඉන ළග ඉදන් කෙමෙන් පහලට යද්දි ලා දම් වර්ණයේ සිට තද දම් වර්ණය දක්වා, තට්ටුවෙන් තට්ටුවට වර්ණය ගලපා තිබුනා. පුංචී නංගිත් අදින නිසාදෝ සුදු පැහැ හැට්ටයක් අැදිමට මට සිත් වුනා. කෙසේ නමුත් සුදු වර්ණයට මම බොහෝ සෙයින් ප්‍රිය කලා. මා ළග වු සෑම අැදුමකම සුදු වර්ණය තිබීමට ඒය හේතුවක් වන්නට අැති. දිග කොන්ඩය හකුලා කටුවක් ගසන්නට උත්සහා කරමින් සිටියදී ලීලම්මගේ කට හඩ අැහුනා. *ලොකු බේබී්. * *අැයී ලීලම්මේ ඒන්න අැතුළට.* *අා.. ලොකු බේබී කොහේ හරි යන්නද?* ලීලම්මා කාමරය අැතුලු වෙමින් අසා සිටියා. * ඔව් ලීලම්මේ පුංචී නංගී ඒක්ක පොඩි ගමනක් යන්න.* *අා මම අහගෙන පුංචී බේබී අම්මා ඒක්ක කියනවා. පරිස්සමින් ලොකු බේබී මට නම් පුංචි බේබිගේ වෙනස අල්ලන්නෑ.* *ඒහෙම නෑ ලීලම්මේ ශාලින්ද මල්ලී නිසා පංචී නංගී හුගක් වෙනස් වෙලා.*. * හරි ලොකු බේබී පරිස්සමින් ගිහින් ඒන්නකෝ.* හිස පීරා අහවර කර ගත් මා කැඩපතට ඒබි බලා අැදුම් අල්මාරියට දමන්න වුනා. *ලොකු බේබී මොනවද ඔය කරන්නේ ඔහෙම ඉන්න. මම ඔක අස් කරන්නම් .ලොකු බේබී යන්න.* *ඒහෙම හරි නෑ ලීලම්මා පවු.* *පිස්සු කෙල්ල අනිත් අය ගැන විතරක්ම හිතන්න ඒපා.* ලීලම්මා ඒහෙම කියලා අැදුම් ටික නමන්න වුනා. *මම ගිහින් ඒන්නම් ලිලම්මේ.* මම පුස්තකාල පොත් ටිකත් අරගෙන පහළ මහළට ගියා. නංගී මම දුන්න අැදුමත් අැදගෙන පහළට වෙලා බලාන ඉන්නවා. අැත්තටම නංගිට ඒ අැදුම් ගොඩක් ලස්සනට තිබුනා. * අනේ ලොකු අක්කී මට මේවා අැදන් අැවිදින්න බෑ.පැටලෙනවනේ.* *ඔයාට පුරුදු නැති නිසා . ටිකක් වෙලා යද්දී හරියයි.* *යමු ඒහෙනම්. ඩ්‍රයිව අංකල් වහෙන් අැත්තේ දැන්.* නංගී දිග සාය අත් දෙකෙන් අල්ලා උස්සගෙන යන තාලේ දැක්කම මට හිනත් ගියා. මමත් පිටි පස්සෙන් ගිහින් කාර් ඒකට නැග්ගා. *දෙන්නම පරිස්සමින් ගිහින් ඒන්න.* අම්මා ඉස්සර දොර ළගට වෙලා අපිට අාශිර්වාද පැතුවා. මමයී නංගීයී මුලින්ම ගියේ පුස්තකාලයට ශාලින්ද මල්ලි ඒන්න තව වෙලා තියෙන නිසා නංගීයී මායී පුස්තකාලය පුරා සැරි සරමිතන් කාලය ගත කලා. * නංගී මේ අලුත් පොතක්. අනේ මම මේ පොත ඒනකන් මයි බලන් හිටියේ.* අාපු සතුටට මම පොත අරන් තුරුලු කර ගත්තා. මගේ මුනේ තිබුන සතුට දැකලද කොහෙද නංගී පුදුමයෙන් මගේ දිහා බලන් හිටියා. *මොකද්ද ලොකු අක්කේ ඔය පොත .කෝ දෙන්න බලන්න.* *.....නිල්ල පිරුනු මිටියාවත.... ඒස්. ඒම් .වී. පසන් සෝමවංශ. මේ කවුද ලොකු අක්කි අලුත් ඒක්කෙනෙක්ද?* *ඔව් නංගී නවකයෙක් .ඒත් ලියන ඒවා මාරම ලස්සනයි. තවම පොත් පහයි ලියලා තියෙන්නේ මේ පස්වෙනි පොත. මීට කලින් අාවා ....සිටු විමන.... කියලා, මේ කතාවේ මුල් කොටස.* *ලොකු අක්කී ඒයාගේ පොතක් නෑර කියවනවා වගේ.* * අනිවාරෙන් * *ලොකු අක්කි දැන් යමුද? තුන හමාරටත් කිට්ටුයි.* අපි පොත් ටික කාඩ් ඒකේ ලකුණු කරලා අරගෙන නැවතත් කාර් ඒකට නැගුනා. නගරය කරා අැදී ගිය කාරය විශාල හොටෙල් සංකීර්නයක් ඉදිරිපස නතර වුනා. * ලොකු අක්කී බහින්න.* මම කාර් ඒකන් බැහැලා නංගි ඉන්න පැත්තට ගියා. * ඩ්‍රයිව අංකල් ඔයා ගෙදර යන්න . ශාලින්ද මහත්තයා අපිව ගෙදරට අැරලයි.* *හොදමයි පුංචී බේබී .* රියදුරු මහතා කාර් ඒක හරවන් නොපෙනී ගියා. *ඒන්න යමු.* නංගී මගේ අතින් අැදගෙන් හොටෙල් ඒකේ ප්‍රධාන දොරටුව කරා ගියා. ලා නිල් පැහැති අැදුමකින් සැරසුන දොර අභිමුව වුන් පුද්ගලයා වීදුරු වලින් නිමවු දොර හැර අාචාර කරනු ලැබුවා. නංගී ගමන් කලේ මෙය අැයට හුරු පුරුදු තැනක් අයුරිනුයි. නිතර නිවසින් ඒළියට නොඒන මට නම් මෙය අලුත් අත්දැකීමක් වුනා. පසුව කෘතිමව ස්වාභාවික පරිසරයක් සෙල සෑදූ ස්ථානයකට අපි පිවිසියා. ඊ ළග කොටසින් හමු වෙමු... සඳුනිVeteran MemberPosts:2462 26 Oct 2016 12:22 AM මමද ලෙඩ කලේ. හි kingDVeteran MemberPosts:3405 25 Oct 2016 11:08 PM අනේ ලොකු බේබි ව මෙච්චර දරුණුවට ලෙඩ කලේ ඇයි ? සඳුනිVeteran MemberPosts:2462 25 Oct 2016 12:48 PM 10. වන කොටස. මියෙදෙන තුරා. *බැලුවේ නම් නෑ ලොකු බේබී* * කෝ දෙන්න මට බලන්න.* * අා ලොකු බේබී* මම ලිව්ම් ටික අතට ගෙන ලිපින ඒකින් ඒක බැලුවා. සේරම වගේ ලොකු මල්ලිගේ නමට තිබුනේ. ඒ අතර මිස් නිල්මිණි........නමින් ලිපිනය ලියැවුන ලිපියක් වුනා. කිසිදිනක මගේ නමට ලිපියක් නොඅා නිසත්. නිවැසියන්ගේ අතට ලිපිය පත් වුවොත් වන ගැටලුව අවම කර ගැනීමටත් මම නිල්මිණි යන යන නම් කොටස පමනක් ලබා දුන් බව සිහිපත් වුනා. මගේ අත වෙව්ලන්න වුනේ මගේ ඉරනම ලිවුන ලිව්ම මගේ අතට අැවිත් නිසා. මම ඒ ලිපිය ගෙන අනෙක් ලිපි මුරකරුහට නැවත ලබා දුන්නා. *හරි බොහොම ස්තූතියී.* *මොන ස්තූතියි ද? ලොකු බේබී.* *මට ලිව්ම් ටික බලන්න දුන්නට.* *අනේ ඉතින්. මේවා බේබිලගෙනේ. ලොකු බේබී විතරයි අපිට ඔහොම සලකන්නේ . අපිට ඔය ගරු සැලකිලි පුරුදු නෑ බේබී.* ඒහෙම කිපු ඔහු ගේ පැත්තට ගියා . මගේ හිත මුමුනන්න ගත්තේ, ලිව්ම බලන්නත් ඔනේ බලන්නත් බයයි කියලා. මොනවා ලියලා අැද්ද ? කවදා නමුත් මේක බලන්නම වෙනවා. මම කාමරයට යන්න ගේ පැත්තට යන්න වුනා. දිග ලිව්ම් කවරයක දමා තිබූ ලිපිය මම කුඩා වෙන්න නමලා අතේ ගුලි කර ගත්තා. මම අාලින්දය මැදින් යන කොට හිතපු විදියටම අම්මා මට කතා කලා. * ලොකු දූ....* මම ඒහෙම නැවතුනා මිසක් ඒ පැත්තට අැරුනේ නෑ. මම ලිව්මක් ගත් බව මුරකරු කියලා වගේ, මගෙ හිත් කොදුරලා කිව්වා. *ඒන්නකෝ නංගිට ලස්සන වෙඩින් ඩ්‍රස් ඒකක් තෝරන්න.* *මම ඔවා දන්නේ නෑනේ අම්මේ. මම යනවා.* *මොකද ළමයෝ ඔය හැටි මුරන්ඩු.* *මම කිව්වනේ නංගිගේ වෙඩින් ඒකට මාව ගාව ගන්න ඒපා. මම රට ගිහින්නේ ඉන්නේ...* මම කේන්තියෙන් ඒහෙම කියලා පඩිපෙළ නැගගෙන් ඉහළ මහලට අාවා. කාමරයට ගිහින් දොර අගුලු දමා ගත්තේ කාටත් හොර රහසේ ලිව්ම බලන්න ඔනේ නිසා. මම අැදේ කොනක ඉදගෙන් වෙව්ලන දෑතින් ලිව්ම විවර කරන්න වුනා. සුදු කොළයක නිල් පැහැති කටු අකුරින් යම් දෙයක් ලියා තිබුනා. නිල්මිණී මෙනවිය වෙත. බොහොම කණගාටුයි ඔබ හට මෙලෙස ලියන්නට වීම. මා හට විශ්‍රාම යාමට තව වසර පහක් තිබුනත් කලින් විශ්‍රාම ගෙන් දරුවන් ළගට යාමට මම තීරනය කලා. තවත් පැයකින් මම ගුවන් තොටුපලට යාමට නියමිත බැවින් ඔබට මෙලෙස පනිවිඩය ලබා දෙන්නට තීරනය කලා. මෙම ලිපිය ඔබ අතට පත් වන විට මම මෙරට නොසිටීවී. ඔබගේ සියලු පරීක්ෂණ වාර්තා පැමිනියා . ඒවාට අනුව ඔබට ජීවත් වීමට ඉතිරිව අැත්තේ ඉතා සුළු කාලයයි. රෝගියෙකු හට මෙසේ කීම ඉතා කණගාටු දායකයි. නමුත් කවදා හෝ ඔබ හට මෙය දැන්විය යුතුයි. ඔබගේ සියලු වෙෙද්‍යය වාර්තා රෝහලෙන් ලබා ගත හැකී. මාගේ නිගමනය පිළිබද සැකයක් අැත්නම් නැවත පරීක්ෂා කර ගන්න. ඔබගේ ජීවිතය වසරකට සීමා වී අැති නමුත් රෝග පාලනයට ඔෟෂධයක් මා නියම කර අැත . රෝහළට පැමිණ වාර්තා හා ඉදිරි ප්‍රතිකාර ලබා ගන්න. මම නවතින්නම්. අනේ දෙවියනේ මම හිතපු දේම සිද්ද වෙලා. ඒ කීයන්නේ මේ යන්නේ මගේ ජීවිතේ අවසන් අවුරුද්දද. මෙතරම් දවස් මරණය මා කරා ඒන තුරු බලා වුන්නත්, අනිත් සියලුම මිනිසුන් මෙන් මා හටද ජීවත් වීමේ අාශාවක් මතු වුනා. ලිව්ම දෑතින් ගුලි කර ගත් මා අැදෙහී වැතිරී අඩන්නට වුනා. අන් කවරදාටත් වටා මරණයේ බිය මා සොයා අාවා. ඒතැන් සිට රැය පහන් වන තුරු හැඩුවත් මා සිත සනසා ගන්නට නොහැකි වුනා. ලීලම්මා කීප වරක් පැමිණ දොර අරින්න යයි අැවිටිලි කලත් මම දොර නොඅැරියේ කදුලින් පෙගී ගිය රත් පැහැ ගැන්වුන දෙනෙත් සමග අැය ඉදිරියට යා නොහැකි නිසයි. මුළු රෑම කදුළු සමග ගත කල මම පාන්දර වන විට නින්දව වැටී තිබුනා. රෝගී තත්වයත් හිතේ වේදනාවත් නිසාදෝ දහවල් දොළහා පසු වන තුරුම නින්ද ගොස් තිබුනා. මම අවදි වී අැත මත ඉද ගෙන කල්පනා කරන්න වුනා. මට රැ අැදුමක් අැදීම පවා අමතක වී තිබුනා. ගුලි කර අැදෙහි කොනක වූ ලිපිය ගෙන මම නැවත දිගහැර බැලුවා. මගේ නෙතට වැරදීමක් වෙලාදෝ සැකයෙන් කීපවරක්ම කියවා හද පහරා ගත් මම. ලිව්මත් කවරයත් කුඩා කැබලි වලට ඉරා දැමුවා.ඒම කැබලි සියල්ල ඒක්කර රැගෙන ගොස් වැසිකිලි බදුනට දමා වතුර දැමුවා. මට ඔනේ වුනේ යලි කිසි දා කාගේවත් නෙත නොගැටෙන්නට ඒය විනාශ කර දමන්නට. ඉන් පසු සියලු පීඩා වලින් සිත සනසා ගැනීමේ අරමුනින් මම නාන්නට වුනා. මේ මගේ අන්තිම කාලයවත් ගෙදර අය ඒක්ක සතුටින් ඉන්න ලැබෙනවා නම්. මම උත්සහා ගන්න ඔනේ ඒයාලගේ සිත දිනාගෙන් ඒයාලා කැමති තාලයට හැඩ ගැහෙන්න. මට මොනවා කිව්වත් මම ඒයාලා ඒක්ක සාමාදානයෙන් ඉන්නවා. මගේ අවසාන කාලය කියලා දැන ගත්තොත් ඒයාලා හුගක් දුක් වේවී. හැමෝම මම දකින දකින පාරට මට අනුකම්පා කරාවී ටම ඒහෙම වෙන්න ඔනේ නෑ. මම කැමති නෑ ඒයාලා මගේ දිහා අනුකම්පාවෙන් බලනවට. මම නිහඩව මරණය ඒනකන් බලන් ඉන්නවා. තවත් බෙහෙත් බීලා මේ වැඩක් නැති ජීවිතය දික් කරගෙන වැඩක් නෑ. මම අැත්තට මූණ දෙනවා. මම නාලා කාමරයට අැවිත් අලුත් අැදුමක් අැද ගත්තා . කළු පැහැති දිග සාය පුරා කහ පැහැති බොල විසිරිලා තිබුනා. මම ඊට කැපෙන කහ පැහැති අලුත්ම හැට්ටයත් හැද ගත්තා. කිසිම කෙනෙකුගේ අැවටීමකින් තොරව මම පහළ මහළට ගියා. *ලොකු අක්කී කොහේ යන්නද?* මම අලුත් අැදුමක් හැද සිටි නිසා පුංචි නංගී ප්‍රශ්න කලා. *කොහෙවත් යන්න නෙමේ නිකන් අදින්න හිතුනා.* *ලොකු දූ මුරන්ඩු කම් ඉවර නම් අැවිත් මෙතන ඉදගෙන කෑම ටිකක් කන්න. කාලෙකින් ඔයා අපි ඒක්ක කෑම මේසෙට වාඩි වෙලා නෑ.* *හා අම්මේ* මම කෑම මේසයේ පුටුවක් පිටු පසට අැදලා පුංචී නංගි ළගින් වාඩී වුනා. තාත්තාගේ මුහුනේ තිබුනේ සගවා ගත් සන්තෝෂයක්. ලීලම්මගේ මූන සතුටින් ඉපිලිලා ගිහින්. මගේ අැත්ත තත්ත්වය දන්නවා නම් මේ සතුටු මුහුණු සේරම් දුක් බර වෙයි. ඒ දුක මම විතරක් වින්දම අැති මම හිතින් අදිඨන් කර ගත්තා. * කන්නකෝ ලොකු බේබී. තවත් කල්පනා කරන්නේ ඊයේ උදේට කාපු පාර ඔය ඉන්නේ. කොහොම ඉන්නවද මන්නදා හාමත් නොවී.* *කමු. හාමත් වෙන්නෑ ලීලම්මේ මට ඒක පුරුදු වෙලා.* *වෙන ළමයි කෑම නැතුව බඩගින්නේ ඉන්නවා, මේ ළමයා කෑම තිබිලත් බඩගින්නේ ඉන්නවා* අම්මාගේ වචනයත් ඒක්ක මුව ළගටම ගෙන ගිය බත් පිට නැවත පහත දැමුවා. මම සිහි වුනා දැන් මේ වෙලාවේ කී දෙනෙක් නම් බඩ ගින්නේ අැතිද කියලා. *කන්නකෝ ලොකු බේබී මොනවද අායි කල්පනා කරන්නේ.* ලීලම්මා මම කනවද කියලා අැහැ ගහන් ඉන්න බව දැනුන නිසා මම අමාරුවෙන් කෑම ටිකක් කන්න වුනා. මට ලීලම්මාගෙන් බේරුමක් නෑ පිගානට මාලු පිනි බෙදනවා. මට අද මෙතනින් නැගිටින්න දෙන ඒකක් නෑ වගේ. *අනේ හුග දවසකින් ලොකු බේබී පහලට අැවිත්..හ්හ්.* *අා සිගිතියෝ කෑම කෑවද?.* *නෑ ලොකු බේබී මේ කන්න කියලා යන්නේ..හ්හ්.* * හරි. හරි..* මම කෑම ඒකෙන් භාගයක්ම ඉතිර කලා නගිටලා සිග්ක් ඒක පැත්තට ගියේ අත හොදන්න. *ලොකු බේබී ඔය කාලා ඉවරද?* *අැති ලීලම්මේ* මම ටික වෙලාවක් යද්දි ඒළියෙ ගල් බංකුවට අාවේ හුදගලා ජීවතයට හුගක් අැලුම් කල නිසා. *ලොකු අක්කී ඔයා දුකින්ද.* කවදාවත් නැතුව පුංචී නංගී මගේ ළගට අැවිත් වාඩි වෙමින් අැහුවා. *අනේ නෑ පුංචී නංගී.* *මම ලොකු අක්කිට දෙයක් කියන්න අාවේ.* * ඒ මොකද්ද පුංචි නංගියෝ.* *මම ශාලින්දට අැත්ත කිව්වා* *මම ගැනද.* *ඔව් ලොකු අක්කී.ඒයා මට හුගක් දොස් කිව්වා. මට දැන් තමා අැත්ත තේරෙන්නේ ලොකු අක්කී.* පුංචී නංගී මගේ උහහිමට වාරූ වුනේ මුළු මූණම අදුරු කරන්. මට ඒයා දැක්කම ගොඩක් දුක හිතුනා. *හරි ළමයෝ ඒක හිතන්න ඒපා . මම ඒක ගැන දුක් වෙන්නේ නෑ.* *ඒහෙනම් ලොකු අක්කි ඒනවද මාත් ඒක්ක ගමනක් යන්න.* *කොහෙද ?* *අද හවස මම ශාලින්ද හම්බෙන්න යනවා. ලොකු අක්කිත් ඒනවද මාත් ඒක්ක යන්න.* *ඒත් මම මොකටද ඔයාගේ ප්‍රශ්න තවත් වැඩී වෙයි.* *නෑ නෑ අක්කි. ශාලින්ද අයියාට අක්කිව හම්බෙන්න ඔනේ කිව්වා. ඒයා කැමතී අක්කාගේ අදහස් වලට.* *මගේ අදහස් වලට. මම කවදාවත් ඒයා ඒක්ක කතා කරලා නෑනේ.* *ඒත් ඒදා ඔයාගේ මුණ ඉස්සරහම මම අර තරම් බොරුවක් කියලත් ඔයා සද්ද නැතුව හිටි නිසා ඒයා ඔයා ගැන හුගක් පැහැදිලා ඉන්නේ.* ඊ ළග කොටසින් හමු වෙමු.. DushanVeteran MemberPosts:2536 25 Oct 2016 06:18 AM මරු කතාව ඉක්මනට අනිත් කොටසත් දාමු එහෙනම් kingDVeteran MemberPosts:3405 25 Oct 2016 05:40 AM ඉක්මනට දාන්නකො ..හ්හ් ...හ්හ් ... සඳුනිVeteran MemberPosts:2462 24 Oct 2016 09:25 AM 09. වන කොටස. මියෙදෙන තුරා... *පුස්තකාලයට තමා අම්මේ* *මේ තරම් පරක්කු. වෙනදට මෙහෙම පරක්කු වෙන්නෑනේ.* *මම චුට්ටක් පරක්කු වුනාම තමා අම්මටත් පෙන්නේ.* කවදාවත් නැතුව මම අම්මට නොක්කාඩු කියන්න වුනා . අම්මටත් පුදුම බව මට මුනින්ම තේරුනා . * ඒ වුණාට ළමයෝ අපි බයේ හිටියේ. ලොකු දූ ගිය ගමන්ම වගේ විජී අයියා කියන ඒකා ගියා. කාර් ඒක තිබුනා නම් මම ඒවෙලෙම ඒනවා.* *ඒ මනුස්සයා මාව අදුරන් වත් නැද්ද කොහෙද බැලුවේ වත් නෑ ගියා* * හරි. හරි ලොකු දූ ඔයා දැන් ගෙදර අාවනේ. * *මම යනවා උඩට* මම ලැබුන අවස්ථාවෙන් ඒතනින් ඉවත් වෙලා ඉහළ මහලට ඒන්න පඩි පෙළ නැග්ගා. මම ඒන්නත් කලින් සිගිති කාමරයට අැවිත්. *ලොකු බේබී.හ්හ්* *මොකද සිගිතියෝ* *විජී අයියා හම්බුනා නේද? හ්හ්* *ඔව් ඔව් . සිගිති මම හිතපු තරම් ඒයා නපුරු නෑ.* *ඒකනේ ලොකු බේබි හීනෙන් බය වුනාම මම හිනා වුනේ.හ්හ්* මම සිගිති ඒකක විතරක් වුන සිද්දය කිව්වා. * ඒකනේ.. ලොකු බේබී.හ්හ්* * සිගිතියෝ..... ඔයා කොහොමද විජී අයියා ගැන ඔය හැටි දන්නේ.* *අා... මේ.. ඒහෙමට දන්නෑ. හ්හ්. හොදයි කියලා දන්නවා.හ්හ්.* ඒක අැහුවම සිගිතියි ඒතනින් මගහැරලා යන්න ගියා. ඊට පස්සේ මගේ හිතේ තිබුනේ රිපොට් වල මොනවා තියේවිද කියලා. මම නිතර ඒ ගැන කල්පනා කලා. නිතර දෙවෙලේ මිදුලේ තිබුන අඹ ගස සෙවනේ ගල් බංකුවට වෙලා මම බලාගත් අත බලන් හිටියා. සිගිති නිතරම වත්තේ පිටියේ වැඩ කල නිසා මගෙත් ඒක්ක කතා කරන්න උත්සහා කලා. මම ඒහෙම කතා කරලා හිත සනස ගන්න වත් උවමනාවක් තිබුනේ නෑ. කෙමෙන් කාලය ගෙවී ගියා. දවසක් මම උදෑසන දහයට විතර මිදුලට ඒන්න හිතාන පඩී පෙළ බැහැගෙන අාවා.. *ලොකු දූ පොඩ්ඩක් මෙහාට ඒන්න* *අැයි අම්මේ* නෑණා සේනාදීයි, පුංචී නංගී, අම්මයි, අප්පච්චී සෙටියෙ වාඩී වෙලා වට වෙලා කතා කරමින් සිටියා. මමත් ඒ කිට්ටුවට ගිහින් නතර වුනා. * නංගිගේ කටයුත්ත ශාලින්ද පුතාලගේ ගෙදරින් හදිස්සි කරනවා.* අම්මා ඒහෙම කියද්දී මගේ හිතට අාපු හැගීම මටවත් වටහා ගන්න බැරි වුනා. මම නිහඩව අහගෙන හිටියා. * අනේ සොරි ලොකු අක්කී . මම ශාලින්දට කිව්වා අක්කි රට ගියා අපේ වෙඩින් ඒකට ඒන ඒකක් නෑ කියලා.* *හ්ම්ම්ම්ම්* මම සුසුමක් හෙලලා කල්පනා කරන්න වුනේ මගේ පවුලෙම මිනිස්සු වුනත් මේ මිනිස්සු දරන අාකල්පය මට තේරුම් ගන්න බැරී අැයි කියලා.තමන්ගේ ලොකු දුව වැඩකාරියක් කියන්න මේ මිනිස්සුන්ට පුලුවන් වුනානේ. කමක් නෑ මම මැරෙන්නනේ ඉන්නේ . මම සදහටම යන්නම්. මගේ හිත හඩා වැටුනා. * අනේ ලොකු අක්කී දැන් මම කියපු බොරුව හදන්න ගියොත් ඒ මිනිස්සු මම ගැන මොනවා හිතයිද?* *හරි ඒකට කමක් නෑ පුංචි නංගී. මම කොහොමත් අාස නෑනේ උත්සව වලට ඔයාලා වෙඩින් ඒක හොටෙල් ඒකේනේ ගන්නේ. මම ගෙදරට වෙලා ඉන්නම්.* *ඔය ළමයා දැන් දීගෙක යන්නැද්ද අපිටම වදදිදී හැමදාම ඉන්නද කල්පනාව. අපි හොයන ඒක්කෙනෙකුටවත් කැමති වෙන්නෙත් නෑ.* අප්පච්චී කෙලින්ම මගේ දිහා බලාගෙන කිව්වා. මට කියන්න හුගක් දේ හිත අැතුලේ පොර කෑවත් මම නිහඩ වුනා. *අැත්තට ලොකු දූ කසාදයක් කරගන්න අදහසක් නැද්ද?* අම්මා නැවතත් ඒ ප්‍රශ්ණයම අහද්දී මට තවත් නිහඩව ඉන්න බැරි වුනා. *මම තීරණයක් අරන් ඉන්නේ . මම තවදාවත්ම මැරි කරන්නෑ. කවුරුත් මගේ ගැන හිතන්න ඒපා. පුංචි නංගිගේ වෙඩින් ඒක ගැන කතා කරන්නත් මම ඔනේ වෙන්නේ නෑ. මම යනවා.* මම කදාවත් නැතුව ගෙදර අයට මෙහෙම කතා කරන ඒක ඒයාලට ලොකු ප්‍රශ්නයක් වුනා. මට ජීවත් වෙන්න අාසාවක් නෑ මගේ හිත කිව්වෙම ළගදිම මම මැරෙයි කියලා. කල්පනා කරන නිසාද මන්දා නිතරම පපුවේ වේදනාවත් අැති වුනා. මට හිතුනෙම ඒ වගේ වෙලාවක මම ඒහෙන්මම මැරෙනාවා නම් හොදයි කියලා. *ලොකු දූ මොකද ඔය ළමයට වෙලා තියෙන්නේ.* *මොකුත් නෑ අම්මේ මම යනවා.* මම කෙළන්ම ප්‍රධාන දොරෙන් ඒළියට අාවා. සිගිති ඉදිරිපස අලංකාරයට වවා තිබූ ගස් වල අලුතින් වැවී තිබුන කොටස් ඒක මට්ටමකට වෙන්න කපනවා. මම සිගිති ළගට ගිහින් නතරවුනා. *ලොකු බේබී .. අැයි කේන්තියෙන් වගේ..හ්හ්* * සිගිතියෝ මම යනවා යන්න මෙහෙන්* *අප්පෝ ලොකු බේබී කොහේ යන්නද?හ්හ්. මොකද වුනේ කියන්නකෝ...හ්හ්* *ඒ්වා කියලා වැඩක් නෑ. මට ඔන් ඔක දෙන්න* *මේ ගස් කපන කතුර...හ්හ්* *ඔව් ප්‍රශ්න කරන්නැතුව ඔක මෙහාට දෙන්න සිගිතියෝ* *ලොකු බේබිට මොකටද මේක..හ්හ්* *අායි ප්‍රශ්න කරනවා. මල් ගස් කපන්න තමා.* *අනේ අනේ ලොකු බේබී මම කපන්නම්...හ්හ්* *මෙන් මෙහෙ දෙනවා.* මම සිගිතිගේ අතේ තිබුන මල් ගස් කපන කතුර උදුරලා ගත්තා .අරන් කෙලින්ම ගියේ මම හිටවපු රෝස ගහ ළගට. සිගිති හිටි තැනටම වෙලා බලං ඉන්නවා. මම රෝස ගහ කෑලී කෑලී වලට කපලා දැම්මේ මගේ තියෙන කේන්තියට. සිගිති ඉක්මනට මගේ ලගට දුවන් අැවිත් මාව නතර කරන්න උත්සහා කලා. *ලොකු බේබී මොකද ඔය කරන්නේ නවත්වන්න ඔක.හ්හ්* *මේ ගහ තව දුරටත් මෙතන තියෙන්න ඔනේ නෑ. මගේ ජීවිතේ වගේම මේ ගහෙත් කවදාවත් මල් පිපෙන්නෑ* *ලොකු බේබී ඔක නවත්වන්න. හ්හ් පිස්සු හැදිලද? හ්හ් කවුරු හරි මොනවා හරි කිව්වද? හ්හ්* * මට පිස්සු. මේ ගහ වගේම මමත් මේ ජීවිතෙන් විජහටම අෑත් වෙයි.* *මොනවා කියනවද මන්දා ලොකු බේබී..හ්හ්* මම කේන්තිය නිමෙනකන් ගහ පොඩි කෑලී වෙනකන් කපලා දැමුවා. මම ඔලුව උස්සලා බලද්දී අම්මයි අප්පච්චී ඉස්සරහා දොර ගාවට අැවිල්ලා හිටියා මගේ කෑගිල්ල අැහිලා. මගේ හැසීරීම හැමෝටම පෙහේළිකාවක් වුනා. මම ඊට පස්සේ කතුරත් බිම දාලා දුවගෙන මගේ කාමරයට යන්න අාවා. *ලොකු දූ මොකද වෙලා තියෙන්නේ.* *මට මොනවා වෙන්නද?* මම අම්මයි අප්පච්චී පහු කරගෙන ගියා. *ලොකු දූ ඔහොම තවතින්න කිව්වම* මම නෑහුන ගානට පඩිපෙල නැගලා ඉහළ මහලට ගියා. කාමරයට ගිහින් දොර අැතුලිනුත් අගුලු දමා ගත්තා. *ලොකු බේබී ... ලොකු බේබී... අනේ දොර අරින්නකෝ* *මට පාඩුවේ ඉන්න දෙන්න ලීලම්මේ* ලීලම්මා දොර අරින්න කියලා අැවිටිලි කරද්දී මම අැදේ අැලවෙලා කොට්ටයේ මූන හොවා ගත්තා. *අැයි ලොකු බේබී කවදාවත් නැතුව ඔහොම හැසිරෙන්නේ. කවදාවත් දොර අැතුලින් ලොක් කරන්නෙත් නෑ. මොකද වුනේ කියන්නකෝ.* *මට මොකුත් වෙලා නෑ පාඩුවේ ඉන්න දෙන්න ලීලම්මේ.* *ලීලා මොකද ඔතන. මක් වෙලාද ලොකු බේබීට.* *අනේ දන්නෑ ලොකු නෝනා.* *හිතුවක්කාර නම් ඉන්න අරින්න* අම්මා අැවිත් ලීලම්මට දොස් කියනවත් මට අැහුනා. ඒදා දවසම මම කාමරේ දොර අැරියේ නැහැ.දවස් කීපයක්ම ගෙවිලා ගියා මම කාමරයෙන් ඒළියට ගියෙ නැහැ. ලීලම්මා කෑම බීම සේරම කාමරයට ගෙනාවත් මට කන්න තරම් පිරියක් තිබුනේ නෑ. ලීලම්මයි, සිගිතියී මම මෙහෙම ඉන්න හේතුව අැහුවත් මම මොකුත්ම කිව්වේ නෑ. ගෙදර අනිත් අය නම් මම ගැන හොයලා බැලුවේ වත් නෑ. අම්මා දවසක් කාමරයට අැවිත් ප්‍රශ්න කලා. ඒ අැරෙන්න වෙන කවුරුත් මගේ ගැන හෙව්වේ නෑ. දවස් කීපයකට පස්සේ මට මිදුල පැත්තට යන්න හිතුනා. මම හිමින් සැරේ ගෙයින් ඒළියට ගිහින් පුරුදු විදියටම අඹ ගස සෙවෙනේ වූ ගල් බංකුවේ වාඩී වුනා. සිගිතිවත් පේන හරියක හිටියේ නැති නිසා ලොකු පාලුවක් දැනෙන්න ගත්තා. මම දැක්කා ගේට්ටුවේ මුරට ඉන්න මනුස්සයා ලිව්ම් වගකුත් අරගෙන ගේ පැත්තට යනවා. මට නිකමට හිතුනා රෝහලෙන් ලිපිනය ගත් නිසා ලිව්මක් ඒවලා තියේවිද කියලා. මම ඉක්මන් ගමනින් මුරකරු ඉදිරියට ගියා. *ලිවුම්ද?* *ඔව් ලොකු බේබී.* *මගේ නමට තියෙද?* ඊ ළග කොටසින් හමු වෙමු. sha733Super Senior MemberPosts:7332 24 Oct 2016 05:50 AM ඔන්න කථා කොටස් 3 ක් කියෙව්වා. එහෙම කියවනකොටත් නියමයි චිත්‍රපටියක් බලනවා වගේ එකදිගට විජී අයිය ෂෝක් පොරක්කේ හිතාගෙන හිටිය විදිය නෙවෙයිනේ DushanVeteran MemberPosts:2536 24 Oct 2016 03:40 AM ස්තුති මේ කොටසටත් මං කියෙව්වා සඳුනිVeteran MemberPosts:2462 21 Oct 2016 06:29 PM මියෙදෙන තුරා.. 08. වන කොටස. මම අඩියක් දෙකක් ඉදිරියට තිබ්බේ වචනයක් පිට කරගන්න ශක්තියක් නැති නිසා. මම ටිකක් ඉස්සරහට යනකන් බලන් හිටපු විජී අයියා මෝටර් සයිකල් ඒක පණ ගැන්නුවා. *ලොකු බේබී... නිවැරදි මිනිස්සුන්ට මගෙන් කරදරයක් නෑ. මන්ත්‍රී බේබී මහත්තයගේ වැඩ වලට ලොකු බේබී පලි නෑනේ. ලොකු බේබී වලව්වේ අනිත් අයට වඩා හිත හොද බව මට අාරංචී වුනා.* විජී අයියා ඒහෙම කියද්දී මම අාපහු හැරිලා බැලුවා. ඒත් ඒක්කම කුරුල්ලෙක් වගේ මෝටර් සයිසිකලයෙන් පියඹා ගියා. මගේ හිතේ විජී අයියා ගැන තිබුන හැගීම ටිකක් වෙනස් වුනා .කොන්ඩ රැව්ල වවාගෙන රස්තියාදු පෙනුමක් මවාගෙන ජීවත් වුනාට සාධාරනයට වැඩ කරන මනුස්සයෙක් කියලා මගේ හිත කිව්වා. පුලුවන් ඉක්මන් ගමනින ඉදිරියට ගියේ ඉක්මනට ගෙදර යන්න ඔනි නිසා. පරක්කු වුනොත් මම පුස්තකාලේ ගිහින් නෑ කියලා සැක හිතෙන්න පුලුවන්. මම ගම පැත්තෙන් අා ත්‍රීවීල් ඒකකට අත දැම්මේ බයෙන් බයෙන්. *කොහෙට යන්නද මිස්.* *ටවුන් ඒකට .* *යමු නගින්න මිස්* ත්‍රීවීල් ඒකේ හිටියේ අවුරුදු තිහක විතර පෙනුමක් තිබුන පුද්ගලයෙක් . මම නැග්ග වෙලේ ඉදන් බයේ හිටියේ මේ මනුස්සයා මගෙන් මොනවා අහයිද ගොදරට අාරංචී වෙයිද කියලා. ඒ මනුස්සයා මාව අදුර බවක් නම් තේරුනේ නෑ කන් අඩි පැලෙන්න හයියෙන් සිංදුවක් දාගෙන ඒ මදිවට ඒ මනුස්සයත් කෑ ගහලා සිංදුව කියනවා. ටවුන් ඒකට කිට්ටු වෙද්දි සද්දේ අඩු කරලා දැම්මා. *මිස් කොහෙන්ද බහින්නේ.* *මට පොඩ්ඩක් බෑන්ක් ඒකට යන්නත් ඔනේ . තව ගමනක් යන්නත් තියෙනවා . මල්ලිට වැඩක් නැත්තම් දිගටම මගේ ඒක්ක යමු.* *අපිට මොන වැඩද මිස් .මේකනේ අපේ රස්සාව අපායට යමු කිව්වත් අපි රෙඩි..* *හා ඒහෙනම් බෑන්ක් ඒක ගාවින් නවත් වන්න.* *මිස් මට පොල්ල තියන්න ඒහෙම ඒපා හරිද? දවසම මෙතනට වෙලා මිස් ඒනකන් බලන් ඉන්න වෙයි.* *නෑ නෑ බය වෙන්න ඒපා ඒ ගැන. මම ටග් ගාලා ඒනවා.* මට බැංකුවෙන් සල්ලී ගන්නවා කියන්නෙත් හරිම නුහුරු වැඩක්. මීට කලින් තුන් පාරක් විතර අැවිත් තිබුණා .ඒ හැම පාරම අාවේ අම්මත් ඒක්ක. මම සල්ලි අාපසු ගන්න ඔනේ කරන පත්‍රිකාව පුරවන්න ගත්තේ වටපිට නොබලමයි . බැංකු පොත අස්සේ පුරවපු පත්‍රිකාව රදවාගෙන මමත් පොලිමේ හිට ගත්තා. මම වැඩිය ඔලුව උස්සලා වටපිව බලන්න නොගියේ අදුර කෙනෙක් වත් ඉදීවී ද කියලා.අවශ්‍ය සල්ලිත් අරගෙන මම අහපහු ත්‍රීවිල් ඒකට අාවා. *මිස් පරක්කු වෙද්දි මම බැලුවෙ මිස් මට පොල්ල තියලා මාරු වෙලාද කියලා.* *බෑන්ක් ඒකේ සෙනග වැඩී මල්ලී. ඒකයි පරක්කු වුනේ.* *දැන් කොහෙටද යන්නේ මිස්.* *සුවාසී හොස්පිටල් ඒකට යමු.* මම ඒහෙම කියද්දි ඔහු පුදුමයෙන් අාපසු බැලුවා. *මම මෙහෙම අැහුවට සමාවෙන්න මිස්. මිස්ට බෙහෙත් ගන්නද?* *නෑ... මේ.. මගේ යාලුවෙක් හොස්පිට්ල් අැඩ්මිට් කරලා. ඒයාව බලන්න යනවා.* *හරි මිස් ඔන්න තැනට අාවා.* මම ත්‍රීවිල් ඒකෙන් බැස්සේ ගැහෙන හිතින්. මට තනියම බෙහෙත් ගන්න අැවිල්ලත් පුරුද්දක් නෑ. වෙනදා බෙහෙත් ගන්න තැනට යන්නත් බෑ ගෙදරට අාරංචී වෙන නිසා. *මල්ලී මම ඒන්න ටිකක් පරක්කු වේවී මම ඒනකන් ඉන්න පුලුවන් නේද?* *හරි හරි මිස්.* *අපු ටිකට හයර් ඒක දීලා යන්නද?* *ඔනේ නෑ මිස්. වැඩේ කරන්න ඒන්න මම ඉන්නම්* මම රෝහලට අැතුල් වුණේ චකිතයෙන් . අංක ගන්න තැනට ගියාම ඒතන හිටි තවම අවුරැදු විස්සක විතර පොඩි ගැහැනු ළමයා ලස්සන හිනාවක් මවාගෙන මගේ දිහා බැලුවා. ඒක නිසා මගේ හිතේ තිබුන බය ටිකක් අඩු වුනා . මම විස්තරය කිව්වම . *මිස් කලින් නම්බර් ඒකක් ගන්න ඔනෙන්. මිස් කියන ඩොක්ටර් මේ වෙලාවේ අැවිත් ඉන්නේ . පොඩ්ඩක් ඉන්න මම පොඩ්ඩක් අහලා බලන්නම් මිස්ට නම්බර් ඒකක් දෙන්නද කියලා.* හුරැබුහුටි ගෑනු ළමයා රිසිවරය කනට තියාගෙන් අංක කීපයක් වේගයෙන් තද කරන් ගියා. දුරකථන සංවාදයෙන් පස්සේ මගේ පැත්තට හැරුන ගැහැණු ළමයා. *මිස්ගේ වෙලාව හොදයි. නම්බර් ඒකක් දෙන්න කිව්වා.* මම අවශ්‍ය මුදල ගෙවලා අංය සහිත පත්‍රීකාව ලබා ගත්තා. *මිස් රූම් නම්බර් ඒයිට් ඒකට යන්න. උඩ තට්ටුවේ* මම පඩි පෙළ නැගගෙන ඉහළ මාළයට අාවා. කියපු කාමර අංකය ඉදිරිපිට දිගු පොලිමක් නොමැති බව දැකීමෙන් මගේ හිතට ලොකු සැනසිල්ලතක් දැනුනා. පැය භාගයකට විතර පසු වෙෙද්‍යවරයා හමුවීමට මට අවස්තාව උදා වුනා. නමින් වෙෙද්‍යවරයා දැන සිටියත් මුල්ම වතාවට දැක ගත්තේ ඒ මොහොතෝ. තරමක මහලු ස්වරූපයක් ගත් ඔහු අවුරුදු පනහකටත් වඩා වයසැතයි මට හැගුනා. සුදු පැහැ ගැන්වුන හිස කෙස් , පැලද සිටි විශාල උපැස් යුවල ඔහුගේ වයස පිලිබිබු කලා. ඉතා කරණාබර සිනහවක් මුහුනෙහි රදවාගෙන වඩි වෙන ලෙස අතින් පෙන්නුම් කලා. රෝග පිළිබද මට දැනෙන සියල්ල මම වෙෙද්‍යවරයා සමග කියා සිටියා. සාමාන්‍ය ජීවිතය පිළිබදවද ප්‍රශ්න කල ඔහු මුහුණට බැරෑරුම් ස්වරූපයක් මවා ගත්තා. *මෙහෙමයි මානසික අාතතිය නිසාත් ඔය වගේ තත්වයක් අැතිවෙන්න පුලුවන්, වෙන රෝගයක් වෙන්නත් පුලුවන්. පරික්ෂන කීපයක් නම් කරන්න වෙනවා* *හොදයි ඩොක්ටර්..* *මේ පරක්කෂණ ටික කර ගන්න. රිපොට් අවම අායත් මෙතනට ඒන්න.* *හොදමයි ඩොක්ටර්.* වෙෙද්‍යවරයා ලියා දුන් පත්‍රිකාවත් රැගෙන කාමරයෙන් ඒළියට අාවා . මගෙන් පස්සේ ප්‍රතිකාර ගන්න ඒක රෝගියෙක් දොර අභිමුව රැදී සිටියා. මම පිට වෙනවත් සමග මාවත් තල්ලු කරගෙන කාමරයට අැතුල් වුනා. මගේ හිතේ තිබුනේ අදම පරීක්ෂන කර ගන්න පුලුවන් වුනොත් හොදයි කියන හැගීම විතරයි. මම හිතපු අාකාරයටම සියලු පරීක්ෂණ ඒදිනම සිදු වුනා. මම පරීක්ෂණ හමාර වී ඒළියට ඒන විට වෙෙද්‍යවරයාගේ කාමරයට හදිස්සියෙන් අැතුල් වු කාන්තාව ඉදිරි අසුනක වාඩී වී සිටියා. *අනේ සමා වෙන්න නංගී.* මම දුටු විගස මා අසලට පැමිණි අැය කියා සිටියා. *ඒකට කමක් නෑ අක්කේ. සුලු දෙයක්නේ.* *මම මේ දවස් වල හුගක් බයෙන් ඉන්නේ නංගී මට නිතර නිතර හැදෙන පපුවේ අමාරුව නිසා. මට බයයි මගෙ දරුවෝ දෙන්නා මේ ලෝකේ තනි වෙයි කියලා. මම කරන්නේ මොනවද කියලා මටවත් මතක නෑ. මම ජීවත් වෙන්නේ මේ ලෝකේ නෙමෙයි වගේ මට දැනෙන්නේ.* *ඒච්චර හිතන්න ඒපා අක්කේ, හිතන තරම් ලොකු අසනීපයක් නැතුව අැති. පරික්ෂන කර ගන්නද මෙතනට අාවේ.* *ඔව් නංගී මම අැතුලට යනවා. සමාවෙන්න.. පරිස්සමින් යන්න.* *අක්කාත් පරිස්සමින්.. අක්කාට ඉක්මනටම සුවවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නම්.* ඒ සිදු වීමෙන් පස්සේ මගේ හිතට අාවේ අමුතුම සිතුවිල්ලක්. මගෙන් කාටත් අැති වටිනා කමක් නෑ. දරු දෙන්නට අම්මා බේරාලා මාව මේලෝකෙන් අයින් කරන්න දෙවියනේ. මට සැබෑටම ජීවත් වන්නට අාසාවක් නෑ . මම ඔන වුනේ මගේ මරණය ස්ථිර කර ගන්න. මම ත්‍රීවිල් ඒකට ඒදිදී රියදුරු මල්ලිට හොදටම නින්ද ගිහින්. *මල්ලි ... මල්ලී* *අා.. මිස් අාවද . මිස් පරක්කු නිසා මට කම්මැලි කමටම නින්ද ගියා.* *මම ටිකක් පරක්කු වුනා නේද?* *ඒක නේන් නම් අැයි මිස් පරක්කු.* *මගේ යාලුව ළග වුන් කෙනා ගෙදර ගිහින් ඒන්න ගියා . ඒයා ඒනකන් ඉන්න වුනා . දැන් මාව ගෙදරිනුත් හොයනවා අැති. ඉක්මනට යමුද?* *යමු යමු .... නගින්න මිස්* රියදුරු මල්ලී ඉදිරි අසුනිනේ වාඩි ගෙන ත්‍රීවීල් රථය පන ගන්වමින් කිව්වා. ඉන් පසු අැති වුනේ ලොකු නිහඩතාවයක්. නිවෙස් අසලට ඒනතෙක් වචනක් වත් කතා කලේ නෑ. *මල්ලී මම ඉස්සරහින් බහිනවා.* *මේ මිස්ලගේ ගෙදරද?* ඔහු ත්‍රීවීල් රථය නතර කර අසල වු නිවස අැසින් පෙන්වා අසා සිටියා. *නෑ මල්ලී තව ටිකක් ඒහා.* *අැයි ඒහෙනම් මෙතන බහින්නේ* *මට යාලුවෙක් හම්බෙන්න යන්න ඔනේ ඒහේ ගිහින්ම ගෙදර යනවා.* මම බොරුවක් කිව්වේ මම නිරෝෂන විකුම් මන්ත්‍රී තුමාගේ අක්කා බව කවුරුත් දැන ගන්නවට අකමැති නිසා. ත්‍රීවීල් ඒකෙන් බැස අදාල මුදල ගෙවූ මම ඉදිරියට ගමන් කලා. ත්‍රීවීල් රථය නොපෙනී යන තුරු සෙමින් ගමන් කල මම පසුව වේගයෙ නිවස දෙස ගමන් කලා. මුරකරු ලවා ගේට්ටුවේ කවුලුව හැර ගත් මා නිවස දෙසට පිය මැන්නා. මම ගෙට ගොඩ වෙනවාත් සමගම අම්මා මගේ ඉදිරියට අාවා. *ලොකු දූ අැයි පරක්කූ.... කොහෙද ගියේ.* අම්මාට මම ගියපු තැන් අාරංචී වෙලාවත්ද? මම තිගැස්සුනා. ඊ ළග කොටසින් හමු වෙමු... DanuLiyanageVeteran MemberPosts:3457 21 Oct 2016 07:51 AM mata nam kiyawanna une naha ada kiyawanna ona DushanVeteran MemberPosts:2536 21 Oct 2016 02:33 AM ස්තුති මාත් කියෙව්වා මේ කොටස සඳුනිVeteran MemberPosts:2462 21 Oct 2016 02:21 AM නෑ අක්කේ මම මේවා ලියලා තියෙන්නේ...... කොපි පේස්ට් විතරයි. රජ තුමාට හ්හ් ඒක අවුලද? kingDVeteran MemberPosts:3405 20 Oct 2016 10:51 PM සිගිතියා ඇයි අර හැමතිස්සෙම හ්හ් හ්හ් ගාන්නෙ RosiSuper Senior MemberPosts:5335 20 Oct 2016 07:40 PM ස්තුති නංගි අලුත් කොටස් කිහිපයටත් ,,,මහා රැ නේද ලියලා දැම්මේ සඳුනිVeteran MemberPosts:2462 20 Oct 2016 03:32 PM මියෙදෙන තුරා.... 07. වන කොටස. *අනේ ඔහොම හිතන්න ඒපා... හ්හ්. දවසක කාටත් වඩා හොදට ලොකු බේබිගේ ජීවිතේ ලස්සන වෙනවා.හ්හ් මට ඉර හද වගේ විශ්වාසයි. හ්හ් ලොකු බේබිගේ හිත හරිම හොදයි, අනුකම්පාවයී.හ්හ් ලොකු බේබිට කවදා හරි හරියනවා මයී.හ්හ්* *මම නම් ඒහෙම හිතන්නේ නෑ සිගිතියෝ.. ඔන් ඔය රෝස ගහ කපලා දාන්න. මට දකිද්දිත් කේන්ති යනවා.* *ඒ මොකටද ලොකු බේබී..හ්හ්. ඔවා හිතන්නේ නැතුව ඉන්න.* මම නිතරම කල්පනා කලේ වෙෙද්‍යවරයෙක් ලගට යන්න ගෙදරින් පිට වෙන්නේ කොහොමද කියලා. මම කල්පනා කරමින් මිදුලේ කොනක, තාප්පයට අාසන්නව තිබූ අඹ ගසේ සෙවනට යන්න වුනා. අඹ ගස වටා තරමක් උසට සිමෙන්තියෙන් බැද රවුමට සදා තිබූ පාත්තියේ ලස්සනට සීනියාස් මල් යායට පිපිලා තිබුනා. සිගිතිගේ මහන්සිය නිසාම ගෙමිදුළ නොයෙක් මල් වර්ග හා පැළෑටි වලින් අලංකාරව තිබුනා. මම ඒ අාසන්නව තිබූ ගල් බන්කුවේ ඉදගෙන කල්පනා කරන්න ගත්තා. හිතේ තිබුන දුකත් , සැකයත් නිසා මට කිසිම දෙක සුන්දරත්වයක් පෙනුනේ නැහැ. දවස් කීපයක්ම ගෙවිලා ගියෙ හිතේ විශාල අසහනයකුත් සමග. පුස්ථකාලයට යන ගමන විතරක් මම ගෙදරින් පිට වන ඒකම ක්‍රමය නිසා , ඒ ගමනෙදි වෙෙද්‍යවරයෙක් හමුවෙන්න යන්න හිතුවා. ඒ යනගමනත් පුස්තකාලය ලගට යනකන්ම මම ගියේ ගෙදර වාහනයෙ රියදුරු මහතාත් සමග. අැත්තටම පුස්තකාලයට තිබුනේ පයින් යන දුරක. ඒටික වත් මට තනියම ගෙදරින් පිට යන්න දුන්නේ නෑ. මට කේන්තිත් ඒන්නේ මේ හැම නීතියක්ම මට විතරක් නිසා. පුංචී නංගී කොහේ ගියත් මොකුත් කියන්න කවුරුත්ම හිටියේ නෑ. මම පාන්දර ඒක පාරටම අැහැරුනේ පපුවේ අැති වුන වේදනාවත් ඒක්ක. මම මුහුන කොට්ටයට තද කරන් වේදනාත නිහඩව විද ගන්න මම උත්සහා කලා. කොහොම හරී ටික වෙලාවකින් වේදනාව තුරන් වෙලා ගියා. මට හිතා ගන්න බෑ අැයි ලග ලගම මේ වේදනාව දැනෙන්නේ කියලා. කොහොම වුනත් ඉක්මනින්ම වෙෙද්‍යවරයෙක් ළගට යන්න ඔන කියලා මම හිතුවා. මම ඒළි වෙනයකන් ම අැදේ හාන්සි වෙලා කල්පනා කලා. යාන්තම් හිරු ඒළිය රූස්ස ගස් අතරින් මොදු වෙද්දී ලීලම්මා කාමරයේ දොර අැරගෙන් අැතුලට අාවා. ඒ සද්දයට ගැස්සිලා මම ලීලම්මා දිහා බැලුවා. *අානේ ලොකු බේබී අැහැරලනේ. මම හිතුවා නිදි අැති කියලා.* *මට නින්ද යන්නේ නෑ ලීලම්මේ* *මොකද අදත් උදේම මුන පුළුටු කරන් ඉන්නේ ලොකු බේබී . අදත් හිනෙන් වත් බය වුනාද?* *ඒහෙම ඒකක් නෑ ලීලම්මේ.* ලීලම්මා මගේ කාමරයේ වු ජනෙල් කවුලු කිහිපය හැර දැමුවා. මිහිදුමත් සමග කැටි වුන උදා හිරු රැස් කාමරය තුලට අැතුලු වුනා. *සිතලයී ලීලම්මේ....* ජනෙල් කවුලුවෙන් හමා අා සිහින් මද නලය අැග දැවටුන නිසා මම මගේ උණුසුම් පොරවනය ඉහේ ඉදන් පොරව ගත්තා. *මොකද මේ කවදාවත් නැතුව ලොකු බේබී . ඔයා සීතලට අාසයිනේ . මහ පාන්දරත් සිතල වතුරෙන් නාන්නේ . හා හා කම්මැලී නොවී අැහැරෙන්න . ගෑනු ළමෙක් වුනාම උදෙන් අැහැරෙන්න ඔනේ..* *මම වෙනදට අැහැරෙනවනේ ලීලම්මේ . අද හරිම සීතලයි.* *මම පොරෝනය අතරින් හිස පමණක් ඒළියට දමමින් කිව්වා. * *අැයී ලොකු බේබී උණ ගැනෙන්න වද්ද?* ලීලම්මා මගේ ලගට අැවිත් ඔලුවටයි , බෙල්ලටයි පිට අත්ල තියලා බැලුවා. *ලොකු බේබීගේ කොලම්.. මම තේ හදන් ඒන්නම්.* ලීලම්මා කාමරෙන් පිට වෙලා ගියා. මගේ හිතට තවත් බියක් අැති වුනේ ඒත් ඒක්කමයි. සිතල මා සොයා ගෙන ඒන්නේ මගේ මරණය ළං වෙලාද? මගේ අැගත් සීතලයී මම දන්නවා ළගදිම මාව මැරිලා යාවී මම මටම මුමුණ ගත්තා ඒත් ඒක්කම අායෙත් පපුවෙ වේදනාව දැනෙන්න ගත්තා. මාරයා මාව දැනුනත් කරනවද කොහෙද ? ඔව් මරනය මගේ ළගටම අැවිල්ලා. මට දැනුනේ විශාල දුකක්. *ලොකු බේබී මොනවද ළමයෝ ඔය තරම් කලපනා කරන්නේ.* *මොතුත් නෑ ලීලම්මේ* මම ලීලම්මා කාමරයට ඒනවා වත් අැහුනේ නෑ. ඒ තරමටම මම කල්පනාවේ ඉදලා තියෙන්නේ. මම ටක් ගාලා අැද මත ඉද ගත්තා. සිදු වුන අපහසුතාය සගවා ගන්නට උත්සහ කරමින් මම අැදෙන් බැහැලා නාන කාමරය පැත්තට ගියා. *ලීලම්මේ මම වොස් ඒකක් දාන් ඒන්නම්. තේ ඒක ඔතනින් තියන්න.* මම අද නම් කොහොම හරි ගෙදරින් ඒළියට යන්න ඔනේ කියලා හිතාගෙන අලුත් අැදුමක් අැද ගත්තා. තද නිල් පැහැත් දිග සාය පුරා ලා නිල් පැහැතී සිහින් මල් විසිරී තිබුනා. ඊට කැපෙන්නට සුදු පාට කුඩා අත් දෙකක් සහ කොලරයක් සහිත හැට්ටයක් අැන්දා. ඒ අැදුම අැදලා කැඩපත ඉස්සරහට ගියාම මට දැනුනේ මම තවත් කෙසෙග වෙලා කියලා. දිග කොන්ඩය හකුලලා බැද ගත්තා. පුස්තකාලයෙන් ගත් පොත් කිහිපයත් අතට අරගත්තා. අල්මාරියේ අාරක්ෂිතව තබා තිබූ බැංකු පොත අරන් පොත් අතර රදවා ගත්තා. මට ගෙදරට අාරංචි නොවන්නට වෙෙද්‍යවරයෙක් හමුවීම හුගක් වැදගත් වුනා. ඒ සදහා මුදල් අවශ්‍ය වන නිසා මම බැංකු පොතෙන් හොරෙන්ම සල්ලී ගන්න තීරනය කලා. සියලු දේ සිතේ රදවාගෙන මම පඩිපෙළ බැහැගෙන පහළට අාවේ ගැහෙන හදවතින් යුතුව. *ලොකු දූ කොහේ යන්නද? අපිට කලින් කිව්වෙත් නෑනේ.* *මම මේ.. මේ.. පුස්තකාලයට යන්න කියලා.* *හදිස්සියෙම.* *අම්මට මං ගැන සැකක් දැනිලද මන්දා පිට පිට ප්‍රශ්න අහන්න පටන් ගත්තා. * *ගොඩ දවසකින් ගියේ නෑනේ අම්මේ.* *අද යන්න විදිහක් නෑ . කාර් ඒක ලොකු පුතා අරන් ගියා.* *මම පයින් ගිහින් ඒන්නම් ටික දුරයිනේ අම්මේ. * *නෑ නෑ ඔනේ නෑ.* අම්මා තදින්ම කියා සිටියා. කාර් ඒකත් නැති නිසා අද මාව හොයන්න ඒන්නත් කවුරුත් නෑ. බලෙන් හරි යනවා කියලා මම හිත හයිය කර ගත්තා.පොඩි නංගී අාලින්දයේ රූපවිහිනිය නරබමින් හිටියා. *පව් අම්මේ ලොකු අක්කිට ගිහින් ඒන්න දෙන්නකෝ.* පුදුමයි නංගී දෙයියො බැලුවා වගේ මගේ පැත්තට කතා කරනවා. ශාලින්ද මස්සිනාට පින් සිද්ද වෙන්න නංගී ටිකක් හැදිලා වගේ . මගෙ හිතට ඒකෙනුත් ලොකු සැනසීමක් දැනුනා. *පිස්සුද පුංචී දූ .. තාත්තාත් ගෙදර නෑ කාර් ඒකත් නෑ. තනියම යවන්නේ කොහොමද? මගදි අර මිනිහා ඒහෙම හමු වුනොත්.* *මොකද අම්මේ ඔය විජී අයියා කියන මිනිහා අපේ ලොකු අයියගේ පස්සෙන් පන්නන්නේ. පුංචී නංගී අම්මගෙන් ප්ර්රශ්න කරන්න වුනා.* *අනේ කවුද දන්නේ පුංචී දූ. මට ඒකව දැක්කමත් බය හිතෙනවා කොහෙන් මේ පැත්තට පාත් වුනාද මන්දා.* අම්මා ඒහෙම කියද්දී මගේ හිතටත් ලොකු බයක් අාවා. ඒදා දැකපු හීනයත් අායී හිතේ හොල්මන් කරන්න ගත්තා. මොන දේ වුනත් මම අද නම් යන්නම ඔනේ මගෙ හිත මාව දිරිමත් කලා. *අනේ මම ගිහින් ඒන්නම් අම්මේ..* *ඒපා ඒපා ලොකු දු කිව්වම අහන්න. ඔය ගමන හෙට යන්නකෝ. *ලොකු අක්කී ගිහින් අපුදෙන් අම්මී ගේ අස්සටම වෙලා ඉදලා අැති වෙලා අැති. පුංචී නංගිත් මගෙ පැත්තට කතා කල නිසා අම්මා ටිකක් නිහඩ වුනා. මම අම්මට වැදලා මම ගේට්ටුව පැත්තට අැවිදගෙන අාවා මට දැනුනේ පුදුමාකාර නිදහසක් . අවුරුදු ගානක් සිර ගත වෙලා ඉදලා නිදහස් වුනා වගේ .මම ස්භාදහමේ සුව පහස විදිමින් හම ඒන සුගටත් වඩා සැහැල්ලවෙන් මම ඉදිරයට අැවිදන් අාවා. *ලොකු බේබී. හ්හ් අද නිදහස ලැබුව කිරිල්ලි වගේ නේද?* මම ගේට්ටුවට කිට්ටු වෙද්දී සිගිති මගේ පස්සෙන් දුවන් අාවා. අම්මායී ලීලම්මයි ප්‍රධාන දොර ලගට වෙලා බලන් ඉන්නවා. ජීවිතේ මුල්ම වතාවට මම මෙහෙම තනිතීරනයක් ගත්තේ. අනිත් හැමදාකම මම කලේ අනිත් අයට ඔනේ දේ, අනිත් අය හොදයි කියපු දේ. මගේ හිතට ලොකු බයක් දැනුනා මම කරන්න යන දේ හරිද කියලා. *අා.. සිගිතියෝ මම පුස්තකාලයට ගිහින් ඒන්න යනවා.*- *වෙන කොහෙවත් නෙමෙනේ යන්නේ.හ්හ්* *වෙන කොහේ යන්නද සිගිතියෝ.* *පරිස්සමින් ගිහින් ඒන්න ලොකු බේබී.හ්හ් *හරි සිගිතියේ...* මම සිගිති අැරලා දුන්න විශාල ගේට්ටුවේ කොනක වූ කුඩා ගේට්ටු කවුලුවෙන් ඒළියට අාවා. ලොකු සුසුමක් අරන් මම ගමන අාරම්භ කළා . ඒ හරියේ හැම ගෙයක්ම වගේ තාප්ප වලින් අාවරනය ෙවලා තිබුනා . පාරේ අැවිදන් ගිය ගමේ කීපදෙනෙක් අැරැන්නට වෙන කවුරුත්ම පාරේ හිටියේ නැහැ. කිසි කෙනෙක් මාව දැක්කට අැදුරුවේ නෑ. මම නිතර ඒළිපහලියට නොඒන නිසාත් මම නිතර දැකලා නොතිබුන නිසාත්. මම ඉදිරියට පිසමැන ගියේ බර කල්පනාවක. අම්මා කියපු විදිහටම විජී අයියාගේ මොටර් සයිකල් ඒනවා අැහුනා. මගෙ හිත බයෙන් ගැහන්න ගත්තා. අම්මා කිව්ව දේ ටිකක් අහන්න තිබුනා කියලා මගේ හිත මටම දොස් කිව්වා. මම මුන පුලුවන් තරම් බිමට නැඹුරු කරගෙන අඩි ඉක්මන් කලා. මොටර් සයිකලය ඒකපාරටම මගේ ලග බේර්ක් කලා. මම ඉබේටම ගමන නවත්වලා විජී අයියා දිහා බැලුවෙ අැස් ලොකු කරගෙන. *කවුද මේ නගා මම මීට කලින් දැකලා මතකයක් නෑනේ.* ඔහු ගොරෝසු කට හඩින් කියද්දි මට පොඩි සැනසිල්ලක් දැනුනේ මේ මනුස්සයා මාව අදුරන්නේ නැහැනේ කියලා. මම නිහඩව බිම බලා ගත්තා. *මොකද නගාගේ කට නැද්ද? අපි ඒක්ක කතා කරන්න ඒපා කිව්වද කවුරු හරි. අානේ මේ මන්ත්‍රී වලව්වේ ලොකු කුමාරිහාමිනේ . අනේ සමා වෙන්න ඔනේ නගා කිව්වට. ලොකු කුමාරි හාමි. මම අැස් ලොකු කරගෙන විජී අයියා දිහා බැලුවා. ඒයාගේ මුනේ තිබුනේ සමච්චලේට මවා ගත් හිනාවක්. අැස් ගෙඩි දෙක ඒළිපයින්න තරම් ලොකු කරගෙන ඔහු කට කොනකින් හිනා වුනා. මගේ අැග ගැහෙන්න ගත්තා බයටම. හෝව් හෝව් .. මොකද මේ ලොකු කුමාරිහාමි බය වෙලා. ඊ ළග කොටසින් හමුවෙමු. සඳුනිVeteran MemberPosts:2462 20 Oct 2016 01:00 PM තාම හරියට දන්නේ නෑ kingDVeteran MemberPosts:3405 19 Oct 2016 11:31 PM ලොකු බේබි ට දරුණු රෝගයක්ද ??? සඳුනිVeteran MemberPosts:2462 19 Oct 2016 09:03 PM මියෙදෙන තුරා..... 06. වන කොටස. *මට නම් ඒ මනුස්සයා දැක්කහමත් බයයී කොන්ඩේ රැවුල වවාගෙන.* *අනේ ඒ තරම් වස නෑ.හ්හ්* *සිගිති ඒයාව අදුරනවද?* *නෑ... නෑ .. මේ.. හ්හ්.. කතා කරලා තියේ දවසක් දෙකක්..හ්හ්* මම පුදුමයෙන් ප්‍රශ්න කරද්දී , සිගිදි අමාරුවෙන් උත්තරය ගලප ගත්තා. වැඩි වෙලා කතාවේ නොරැදුනු සිගිති ටිකකින් කාමරෙන් පිට වී ගියා. ඊට පස්සේ ඒලබුන කාලය හරිම සාමකාමී වුනේ පුංචී නංගී මට විරුද්දව මොකුත් කතා කරපු නැති නිසා. සුපුරුදු විදිහටම දවසෙන් වැඩි කාලයක් කාමරය තුලම ගෙවා දමපු මම හිටියේ හරිම සැහැල්ලුවෙන්. අද රැ කෑම වේල ගන්න බෑ කියලා හිතුන නිසා මම රාත්‍රී හත විතර වෙද්දී නාන කාමරයට ගියේ දහඩිය නිවා ගන්න, සීතලට හුගක් ප්‍රිය කල නිසා සීතල වතුරින්ම අැග දොවගෙන රැ අැදුමක් අැග ලා ගත්තා. ටෙලි නාට්‍ය බැලීමටත් ඒතරම් ප්‍රිය නොකල මම පහළ මාලයට යාමට අකමැති වුනා. මාසයකට දෙවතාවක් මට ගෙදරින් පිට යන්න දුන්නේ පුස්තකාලයට යාමට විතරයී. ඒ යන වාරයන්හිදී පොත් තුන බැගින් රැගෙන අාවේ ඒහි පාලිකාව සමග අැති කර ගත් මිතුරු කමෙහී ප්‍රතිපලයක් ලෙසයී. ඒසේ ගෙන අා පොත් දෙතුන් වතාවක් කියවන්නේ පාලුව මකා ගැනීමට වෙනත් ක්‍රමයක් නැති නිසයී. සිගිතිටයි ,ලීලම්මටයි දවසින් වැඩී කාලයක් ගෙදර වැඩ වෙනුවෙන් යොදවන්න වුන නිසා මගෙත් ඒක්ක ඉන්න තිබුන වෙලාව හුගක් අඩු වුනා. මම කරන්නම දෙයක නැති නිසා අැදට වෙලා කිවපු පොතම මුල ඉදන් කියවන්න ගත්තා. ටික වෙලාවක් ගත වෙද්දී මගේ පපුවෙ පොඩි වේදනාවක් අැති වුනා. මට මීට කලිනුත් කීප වතාවක් මේ වේදනාව අාව නිසා මම ඒගැනම කල්පනා කලා. ඒන්න ඒන්නම වේදනාව දරුණු වුනා. මට කෑ ගහලා අඩන්න හිතුනා. ටික වෙලාවකින් වේදනාව කෙමෙන් අඩුවී ගියා. නමුත් මගේ හිත සැකයකින් වැසී ගියා. මම කුමක් හෝ දරුනු රෝගයකින් පීඩා විදින්නේ දැයී සිත ප්‍රශ්න කලා. මම කියවමින් හිටියේ නවක නමුත් මම ප්‍රිය කරන ලේඛකයෙකුගේ පොතක්. වෙනස්ම අාරයකින් ලියා තිබුන වදන් අතර මගේ සිත සැගවී ගිය නිසා සැකය හා වේදනාව අමතක වී ගියා. පසුව මට පොත ලය මත තබාගෙනම නින්ද ගිහින් තිබුනා. ඒකවරම මම අවදි වුවේ විජී අයියා නිවසින් පිටදී හමු වී මහ හඩින් සිනා සෙමින් , රකුසු අැස් මවාගෙන, මුදු කොන්ඩය විහිසදුවාගෙන ටිකෙන් ටික මා දෙසට ඒනු සිහිනෙන් දැක බිය පත් වීමෙනුයී. මම අවදි වෙද්දී මුලු අැගට දහඩියෙන් තෙත් වෙලා තිබුනා. ඒ සමගම දරුනුවටම පපුවේ වේදනාව අැති වුනා. *ලීලම්මේ .. ලීලම්මේ...* මට ඒසිද්දිය හැබෑවක් වගේ දැනුන නිසා මම ලීලමිමට කතා කරන්න වුනා. ලීලම්මට වෙන් වු කාමරය වුනේ මගේ කාමරයට යාබද කුඩා කාමරය නිසා පොඩි සද්දයටත් ලීලම්මා මගේ කාමරයට දුවන් අාවා. *ලීලම්මේ....* *අැයී අැයී ලොකු බේබී.* ලීලම්මා මොහොතින් දොර අැරගෙන කාමරය අැතුලට අාවා. මගෙ අැදේ කොනක වාඩී වෙමින් , කුඩා මේසය මත තිබූ විදුරුන් වතුර ටිකක් බොන්නයි අැවිටිලි කලා. *අනේ ලීලම්මේ මට බයයි. * *අැයී රත්තරනේ බය වෙන්න ඒපා ඔයා හීනයක් දැකලා තියෙන්නේ.* *මම ලීලම්මාගේ පපුට තුරුලු වුනේ ඉබේටමයි.* *අැයි අැයී... හ්හ් ලොකු බේබී..හ්හ්* මම කෙතරම් හයියෙන් ලීලම්මාට අඩ ගැසුවාද කියතොත් පහළ මහලේ කොනේම කාමරයේ නිදා ගන්න සිගිතිටත් අැහිලා. *සිගිති නිදා ගන්න .ලොකු බේබී හිනෙන් බය වෙලා.* ලීලම්මා ඒහෙම කිව්වත් මම ලීලම්මගේ තුරුලෙන් අයින් වුනේ නෑ. මට දරුනුවටම පපුවෙ වේදනාව දැනුනා. මට ඉබේටම අැඩුම් අාවා. මම ලීලම්මගේ උණුසුමට වෙලා ඉකිබින්දේ පපුව රිදෙන් නිසා. *ලොකු බේබී හොදටම බය වෙලානේ. හ්හ්.. මොකද්ද ලොකු බේබී දැක්කේ.හ්හ්* *විජී.... අයියාව....* *අප්පෝ .. හ්හ්. ලොකු බේබී ඒයාට බය වෙලාද ඔය..හ්හ්... බබා වගේ අඩන්නේ.හ්හ්* *මේ සිගිතියෝ මේක කොලොප්පන් කරන වෙලාවක් නෙමේ .ගිහින් නිදා ගනින් කිව්වම අහලා..* *මම යනවා ඒහෙනම් ...හ්හ්* සිගිතිට හොදට හිනා. *ලීලම්මේ ..* *අැයි ලොකු බේබී...* *මගේ පපුව ටිකක් රිදෙනවා ලීලම්මේ* මම ඉවසන් ඉන්න බැරි තැන කිව්වා. *ඒක පාරට බය වුන නිසා වෙන්න අැති. දැන් හරිනේ. ලොකු බේබී නිදා ගන්න කම් මම ලගටම වෙලා ඉන්නම්. නිදා ගන්න දැන්.* ලීලම්මා මාව අැදේ හාන්සි කරලා පපුව අත ගාන්න පටන් ගත්තා. ලීලම්මගේ උකුලෙන් ඔලුව තියා ගත්තේ මට හැමදේම අත් අැරලා යන්න කාලය අැවිද්ද කියලා බයක් දැනුන නිසා. රෑ නින්ද කැඩී කැඩී නිදා ගත් නිසා අැහැරෙනකොට අව්වත් පායලා තිබුනා. මම වෙනදා වගේම ජනෙල් කවුලුව ලගට ගියා . මට මතක් වුනේ රෑ දැකපු හීනය ඒ ඒක්කම මට අැහුනා විශාල ශබ්ද නගාගෙන මොටර් සයිකලයේ විජී අයියා නැමැති පුද්ගලයා පාර දිගේ යන්න ඒනවා. අපේ ගේ ඉස්සරහින් යද්දී බයික් ඒක හයියෙන් කීපසැරයක් රේස් කලා. කරලා යන්න ගියා මට ඒ මනුස්සයා දකිද්දිත් අැති වුනේ ලොකු බයක්. මගේ අයෙත් පපුවේ වේදනාවක් දැනෙන්න ගත්තා. මට තේරුම් ගන්න බැරි වුනේ ළග ළගම මේ පපුවේ වේදනාව ඒන්නේ අැයි කියලා. මම ජනෙල් උළුවස්සට ඔලුව තියාගෙන අැස් දෙක තද කර ගත්තේ වේදනාව විදගන්න. *ලොකු බේබී...* දොරේ අගුල අැරගෙන ලීලම්මා කාමරය අැතුලට අාවා. මට කා ඒක්ක වත් පපුවේ වේදනාව ගැන කියන්න ඔනී නෑ කියලා හිතුනා. කිසිම බලාපොත්තුවකුත් නැති, අනාගතේදී කරන්න කියලා දේකතුත් නැති මාව මැරිලා ගියාට කාටවත් දුකක් වෙන ඒකක් නෑ කියලා මම හිතුවා. අනික මේක මාරන්තික ලෙඩෙක් නම් අනිත් අයගේ හිත් වලට වේදනාවක් නොදී තනියම විදගන්නවා කියලා මම හිතා ගත්තා. *අා මේ අැහැරලා ඉන්නේ මම හිතුවේ ලොකු බේබී තව නිදි අැති කියලා.* *දැන් අැහැරියේ ලීලම්මේ.* *මම වේදනාව හංග ගනිමින් කිව්වා.* *ලොකු බේබී අැයි තාමත් මුණ අැබුල කරගෙන. තවමත් හිනය අමතක කලේ නැද්ද?* *මම දැන් විජී අයියා කියන කෙනා දැක්කා.* *අනේ ඒ මනුස්සයා ගැන ඔය ඒක ඒක කතා කිව්වට . කවුරුත්ම නෑ ඒ මනුස්සයගෙන් කරදරයක් වුනා කියන කෙනෙක්.* *අනේ මන්දා.* *බය වෙන්න ඒපා ලොකු බේබී. ඉන්නකෝ මම තේ ඒකක් අරන් ඒන්නම් මුණ කට සොදන් ඒන්න. වෙනදට නාලා ඒහෙම දවස පටන් ගන්න කෙල්ල අද මොකද මැලවිලා.* *ඒහෙම නෑ ලීලම්මේ ඔලුවත් ටිකක් රිදෙනවා. අද නම් නාන්න බෑ.* *කිව්වම අහන්නෑනේ නාන්නකො ලමයො ඒතකොට සේරම හරි යයි . කල්පනා කරලයි ඔලුව රිදෙන්නේ.* *හ්ම්ම්ම්..* මම ඔනවට ඒපාවට කිව්වේ ලීලම්මගෙන් බේරුමක් නැති නිසා. මම නාන කාමරය අැතුලට ගිහින් කල්පනා කරන්න පටන් ගත්තා. මට වෙෙද්‍යවරයෙක් හම්බෙන්න යන්න ඔනේ කියලා හිතුනා . ගෙදර අයට කියලා බෙහෙත් ගන්න ගියොත් මට තියෙන අසනීපය හැමෝම දැන ගනීවී. ඒත් තනියම ගෙදරින් ඒලියට යන්න දෙන්නෙත් නෑ. මොන හරි ක්‍රමයකින් තනියෙන් වෙෙද්‍යවරයෙක් ලගට යන්න මම හිතා ගත්තා. මම කල්පනා කරමින්ම වතුර කරාමය ලගට ගිහින් කරාමය අැරියා වතුර මලෙන් සීතල ජල බිදු සිරුර පුරා විසිර ගියා. තවමත් රෑ අැදුම පිටින් සිටි නිසා ජලයෙන් තෙමී ගිය අැදුම අැගට අැලී ගියා. මම දැන් මැරෙන්න ඉන්න කෙනෙක්. මගේ හිත කෑ ගැහුවා. මොඩ වෙන්න ඒපා ඔක පොඩි ලෙඩක් වෙන්න අැති . මගේ හිත අායෙත් කෑ ගැහුවා. මම කල්පනා කරමින් සැහෙන වෙලාක් නාලා තිබුනා. *ලොකු බේබී.... ලොකු බේබී... * ලීලම්මා නාන කාමරයේ දොරට ගසමින් කතා කලා. *අැයි ලීලම්මේ....* *මම දැන් කීසෑරක් නම් කතා කලාද ? තවම නානවද?* *නාලා ඉවරයි මම ඒන්නම්. ලීලම්මා තේ ඒක තියලා යන්න.* මම නානකාමරයේ ඉදන්ම කෑ ගහලා කිව්වා. *හරි හරි වැඩිය නාන්න ඒපා ඔලුව රිදෙනවා කිව්වා නේද?* මම නාගෙන නාන කාමරයෙන් ඒළියට අාවා. අැදුමක් දාගෙන් තේ ඒකත් බිලා ගෙමිදුල දිහාවට ගියා. වෙනදට නම් මම ඒළියට යනවා අඩුයී . ගෙදර අයට මූන දෙන්න තියෙන අකමැත්ත නිසාම කාමරයට වෙලා වෙලාව ගෙවන්න තමා මම පුරුදු වෙලා තිබුනේ. මම මිදුලට යද්දී සිගිති රෝස පාත්තිය සුද්ද කරමින් සිටියා. මට මතකයී සිගිති මේ පාත්තිය හදපු දවසේ මමත් ඒ පාත්තියේ රෝස අත්තක් පැල කලා. සිගිති හිටවපු සියලු රෝස ගස්වල ලස්සනට මල් බර වෙලා තිබුනා. නමුත් මම හිටවපු රෝස පැලය සරුසාර ගසක් වෙලා තිබුනත් ඒක රෝස පොහොට්ටුවන් වත් තිබුනේ නෑ. *සිගිතීයෝ.....* *අනේ.. ලොකු බේබී... හ්හ්.* *පෝර දානවද?* *නෑ ලොකු බේබී වල් පැල හැදිලා උදුරලා දැම්මා ..හ්හ්* *මේ රෝස ගහත් මම වගේමයි නේද සිගිතියෝ...* *ඒ මොකද ලොකු බේබී.* *මම වගේම වයසින් වැඩුනත් කවදාවත් මගේ ජීවිතේ වගේම මල්බර වෙන්නේ නෑ.* ඊ ළග කොටසින් හමුවෙමු. DanuLiyanageVeteran MemberPosts:3457 19 Oct 2016 03:38 PM ikmanin anith kotasa danna සඳුනිVeteran MemberPosts:2462 19 Oct 2016 10:15 AM හී හී .. වෙන්න පුළුවන්.. sha733Super Senior MemberPosts:7332 19 Oct 2016 09:47 AM ඔය මදාවියා ප්‍රධාන චරිතයක්ද මේ කථාවේ ඇක්ෂන් ෆිල්ම් එකක්ද නරඹන්න තියෙන්නේ අපිට සඳුනිVeteran MemberPosts:2462 19 Oct 2016 09:42 AM විජී අයියා ප්‍රධාන චරිතයක්. අහම්බෙන් ජීවිතේට ඒන අය තමා ජීවිතේ නවතින්නේ. හී....... sha733Super Senior MemberPosts:7332 19 Oct 2016 09:13 AM ඔයාල අපි කොහොම දැනගන්නද ඔය විජිය ගැන. ගමේ අයවත් දන්නෙ නැති කොට DanuLiyanageVeteran MemberPosts:3457 19 Oct 2016 08:07 AM math ekamayi baluwe wijiya mokda kiyala kingDVeteran MemberPosts:3405 19 Oct 2016 06:44 AM දාන්න දාන්න ඉක්මනට... කතාව නියමයි.. අසාවෙන් කියවන්න පුළුවන් DushanVeteran MemberPosts:2536 19 Oct 2016 04:22 AM කතාව නම් හොදයි වගේ වීජී අයියා කොහෙන් පැන්නද මන්දා sha733Super Senior MemberPosts:7332 19 Oct 2016 01:44 AM මොකක්ද මේ සිගිතිගේ හ්හ් ගෑවිල්ල මට පොඩ්ඩක් කියනවද. කථාව ලස්සනයි අක්කටත් නංගිගෙන් බේරෙන්න නියම පොටක් පෑදුනේ නේද සඳුනිVeteran MemberPosts:2462 18 Oct 2016 12:38 PM මියෙදෙන තුරා.... 05. වන කොටස. *මට විස්වාස කරන්නත් බෑ ඒයා ඒහෙම හිතන කෙනෙක් කියලා.* *ඒක නේන්නම්.හ්හ්.. පුංචී බේබීවත් හදලා ගනිවී. හ්හ්* *ඒවා ඉතිං කියන්න බෑ සිගිතියෝ .මෙයා ඒයාව හදලා ගනීවිද දන්නෙ නෑ...* *ඒක තමා. හ්හ්* සිගිතිටයි මටයි දෙන්නටම ඒකවරම අා සිනහාව නවතා ගන්නට බැරි වුනා. ඒතකොටම තමා පුංචි නංගී පඩීපෙළ නැගගෙන ඉහළ මහලයට අාවේ. *අා .. මේ ඉන්නේ දෙන්නා හොදට හිනා වෙනවා . තව හයියෙන හිනා වෙනවලා.. තව හයියෙන්.* පුංචී නංගී වියරු වැටිලා , සිගිතිටයි මටයි වුන් හිටි තැන් අමතක වුනා. *මොනවද ලොකු අක්කේ ඔයාට මේ සේවන්ට්ලා ඒකක තියෙන අැයිහොදැයිය. මගේ මුලු දවසම කෑවා. දැං මෙතන කොහෙවත් යන මොඩ කොල්ලෙක් ඒක්ක ඒකතුවෙලා මට හිනා වෙනවා.* නංගී ඒ ටික කිව්වේ ටිකක් සැර බාල කරලා. කවදාවත් නෑතුව මට රිද්දපු ඒකේ පලිය පුංචී නංගිගෙන් ගන්න ඔනේ කියලා මගේ හිත නලියෑවා. *යනවා යන්න සිගිති මෙතනින්.. ඉන්නවා අප්පච්චීට කියලා මම තමුසේට හොද පාඩමක් උගන්වන්නම්.* *අනේ පුංචී බේබී .හ්හ්.. අපි බේබිට නෙමේනේ අපි හිනා වුනේ. හ්හ් ලොකු මහත්තයට නම් මොකුත් කියන්න ඒපා. මගේ අහිංසක අම්මා බඩ ගින්නෙම මැරිලා යාවී මට රස්සාව නැති වුනොත්.හ්හ්* මෙතරම් වෙලා බය වෙලා නිහඩවබලන් වුන්න සිගිති දුක කියන්න පටන් ගත්තා. මට සැනසීමක් වුන සිගිතට රිද්දීම මට තවක් ඉවසුම් නැති වුනා. *අා.. මට නෙමෙද හිනා වුනේ ... පව් කාටද දන්නෑ හිනා වුනේ.. බලන් ඉන්නවකෝ මම තමුසෙට කරන දේ.* *අනේ අනේ.. පුංචී බේබී...හ්හ් ඒහෙම කරන්න ඒපා..හ්හ්* *පුංචී නංගී ඔය කතාව නවත්තන්න.* මම තීරනාත්මක ස්වරයෙන් කියද්දී පුංචී නංගීගේ මුහුන වෙනස් වෙලා ගියේ, කවදාවත් මම මේවගේ ප්‍රශ්න වලදි වචනයක් කතා නොකරන නිසා. *අැයි නැවැත්තුවෙ නැත්තම මක් කරන්නද?* *කරන දේ කියන්න ඔනී නෑ කරලම පෙන්නන් නම්.* මම අයෙත් පහළට යන්න පඩි කිහිපයක් පහලට බැස්සා . පුංචී නංගිට තේරුනා මම කරන්න යන දෙය, නංගී හොදටම කලබල වෙලා අැවිත් මගේ අතේ ඒල්ලුනා. *අනේ ලොකු අක්කී ඔක නම් කරන්න ඒපා.* *ඉන්න. මට පල්ලෙහාට යන්න දෙන්න.* *අනේ අනේ ලොකු අක්කී.* *මම ඔයාගේ ලොකු අක්කී නෙමෙයි . මම මේ ගෙදර සේවර්න්ට් . අැයී අර හැමෝම ඉස්සරහා කිව්වේ . මොකද මේ සේවර්න්ට්ගේ අතේ ඒල්ලීලා. * මම හරිම සංසුන්ව ඒහෙම කියන ගමන් සිගිති දිහා හොරෙන් බැලුවා. සිගිති අමාරැවෙන් හිනාව තද කරගෙන බලන් ඉන්නවා. මටම පුදුමයි මේ වචන මට කොහෙන් අාවද කියලා. *අනේ ලොකු අක්කී .. සොරී සොරී පහලට නම් යන්න ඒපා. දැන් ශාලින්ද දැන ගත්තොත් මම කිව්ව බොරුව සේරම ඉවරයී.* *හරි මම මොකුත් කියන්නෙත් නෑ. පහලට ඒන්නෙත් නෑ. සිගිතිට විරුද්දව මොකුත් අප්පච්චීට කියන්න බෑ. ඒහෙම වුනොත් මම ඔයාගේ කොල්ලගේ ගෙදරටම කෝල් කරලා අැත්ත කියනවා.* *හරි හරී මගේ ලොකු අක්කී. මම අායී සිගිතිටවත් ඔයාටවත් මොකුත් කියන්නේ නෑ.* *ඒක හොදයි මට දැන් කාමරයට යන්න දෙන්න.* මම පුංචී නංගිගේ අත ගසා දාලා කාමරයට ගියා. උදේ මම හිතුවා වගේම මොන දේ සිද්ද වුනත් , අද මගේ හිත සතුටින් පිරිලා තිබුනා. මට සැරින් සැරේ ශාලින්දගේ වදන් පෙල දොන් කාර දුන්නා. මගේ ජීවිතේ ලස්සනම දවස, මම කැඩපත ඉස්සරහයින් හෙල්ලුනේ නැහැ. මගේ දිහා බලාගෙන තනියම හිනා වුනා. මේ ගවුම නිසයී මේ හැම සතුටක්ම . සිගිතිට ගොඩාක් පින් මට මේ සතුට දුන්නට. සිගිති නම් ගිය අාත්මේ මගේ සැබෑම සහොදරයෙක් වෙන්න ඔනේ. මගේ සහොදරයන්ටත් වඩා සිගිති මට අාදරෙයි මගේ සිත මටම කියා සිටියා. මගේ හිතේ සිගිති ගැන තිබුන හැගීම තවත් වැඩි දිවුණු වුනා. ටික වෙලාවකට පස්සේ මම සුපුරුදු විදිහටම ජනෙල් කවුලුව අසලට ගියා. රූස්ස ගස් පෙලට ඒහායින් තිබුනේ මාර්ගයක්. ඒ පාර දිගේ කීප දෙනෙක් අැවිදගෙන් යනවා මට ගස් අතරින් සැරින් සැරේ පෙනුනා. ටික වෙලාවකින් මම දැක්කා මර හඩ දීගෙන මොටර් සයිකලයක් ඒන හඩ. හඩින්ම මට තේරම් ගියා මේ ඒන්නේ වීජී අයියා කියන කෙනා කියලා. ඒ මනුස්සයා අත්බූත කෙනෙක් අවුරුදු පහ හයක ඉදන් මේ ගමේ ජීවත් වුනත් කවුරුත්ම දන්නේ නෑ ඒ මනුස්සයා කොහෙන් අාවද, කාගේ කවුද, මොනවද කරන්නේ ,කොහෙද ඉන්නේ කියලා වත්. අඩුම තරමින් විජී අයියා කියනවා අැරෙන්න නම වත් දන්නේ නැහැ. සමහරු කියනවා මිනි මරලා අැවිත් මෙහෙ වෙස් මාරු කරන් ජීවත් වෙන්වා කියලා. ඒත් ඒ මනුස්සයා ගමේ කටවත්ම බය අැති මනුස්සයෙක් නෙමෙයී. අඩුම තරමින් අපේ අප්පච්චිටයි , ලොකු මල්ලටයි වත් බයක් නෑ. ගමේ මිනිස්සු අපේ ගේ ලගින් යද්දී කතා කරන්නෙත් රහසින්, ඒකටත් ඒක්ක මේ මනුස්සයා මොටර් සයිකලයෙන් මෙතනින් යන්නේ මර හඩ තියාගෙන. දවසක් දෙකක්ම ගේට්ටුව ගාවට වෙලා ලොකු මල්ලට කෑගලා යනවත් මම අහගෙන. ගමේ මිනිස්සු විජී අයියාට නොසෑහෙන්න බයයි ඒක නියාම විජී අයියේ කියලා කතා කරන්නෙත් වැදගෙන වගේ කියලා මට සිගිති කියලා තියෙනවා. ඔහු පාවිච්චී කලේ රේස් පදින බයිසිකලයක් . ඒකේ නැගලා දවසට කීපවතාවත්ම ගේ ඉස්සරහින් යන්නේ අප්පච්චිගේ කේනති අවුස්සන්න වගේ.මහ සද්දෙන් අපු මොටර් සයිකලය ඒක පාරටම විශාල ගේට්ටුවට මෙහායින් නතර වුනා. තරමක් උස තාප්පයෙන් ඔහුගේ හිස විතරක් පහළ මාලයේ අයට පේනවා අැතී . මම හිටියේ ඉහල මාලයේ නිසා මට ඔහුව හොදටම පෙනුනා. *අා අද මන්ත්‍රී වලව්වට සෙට් ඒකක්ම බස්සලා වගේ. ලොකු කුමාරීහාමී කැන්දන් යන්නද පොඩී කුමාරීහාමී කැන්දන් යන්නද දන්නේ නෑ.....* විජී අයියා කියන පුද්දගලයා කෑ ගහද්දී අප්පච්චී, ලොකු මල්ලී ගෙයන් ඒළියට අාවේ විදිල්ල වගේ. ඒත් ඒක්කම ශාලින්දලාගේ ගෙදර අයත් ඒළියට අාවේ වෙන්න මොකද්ද කියලා හිතා ගන්න බැරි නිසා වෙන්න ඔනේ. *අා... ඔය සෙට් ඒකම බැස්සේ ඒළියට. ඒක හොදයි. ඒක හොදයි. මමත් මංගල සභාවට පොඩී වචනයක් දාලා යන්න අාවේ.* *මේ මිනිහට නම් පිස්සුද කොහෙද?* ලොකු මල්ලී කේන්තියෙන් කියද්දී විජී අයියා මහ ඒයියෙන් හිනා වුනා. *පිස්සු ... අා .මට පිස්සු. නියමම වචනය බැස්සුවෙ මන්ත්ර්රී බේබීමහත්තයෝ. මහත්තයට මමත් අාවේ පිස්සු හැදෙන්න වර්ඩ් ඒකක් බස්සන්න තමා.* *කියන්න තියෙන් දෙයක් කෙලින් කියහන් මිනිහෝ..* *නෑ මම මේ බැලුවෙ අද වගේ දවසක ඒ වගේ වචනයක් බස්සන ඒක හරි නෑ නේද කියලා.* *හොද නරකේ අපි බලා ගන්නම්. ඔබට කියන්න තියෙන් දෙයක් කියලා මෙතනින් පලයන් පව් නොදී.* ලොකු මල්ලී ඒහෙම කියද්දී . විජී අයියා තවත් හයියෙන් හිනා වෙන්න ගත්තා. ශාලින්දගේ නෑදෑයෝ සේරම බිරන්ත වෙලා බලන් ඉන්නවා. *අනේ අනේ මන්ත්‍රී බේබී . අපි පස්සේ මේක බේර ගමුකෝ .අද මේ සෙට් ඒකක් බැහැලා ඉන්න ඒකේ මම මෙතන වැඩ කොර කරන ඒක හරී නෑනේ. ඒහෙනම් ඔන් මං ගියා සුභ මංගලන් කිව්වා ඔන්..* මෝටර් සයිකලය කිහිප පාරක් රේස් කරපු විජී අයියා නම් වූ තැනැත්තා ඒතනින් නික්මී ගියා. ගෙයින් ඒළියට යාමට අවසර අැත්තේ මාසයටම දෙවතාවක් නිසාදෝ මට කවදාවත් විජී අයියා නැමැත්තා මුණ ගැසී නැහැ . අයෝමය පුරුසයෙකු මෙන් හැඩී දැඩී පෙනුමකින් යුත්ත වූ ඔහුගේ මුහුණ මම තවමත් හරියට දැක නැ. කිසිදාක ඔහු හෙල්මට් නොපැලදුවත් බෙල්ල දක්වා වවා ගත් මුදු මුදු කොන්ඩය, මුන පුරා වවා ගත් රැවුලත් නිසා මුහුන මතක තබා ගැනීම අපහසු වුනා. මම සද්ද නොනගා පහත මාලයට ගියේ පහළ සිදුවන දේ බලා ගැනීමේ අාසාවෙන්. මම පඩී කීපයක් බසින විට සිගිතී උඩට දුවගෙන අාවා. *ලොකු බේබී කොහෙද යන්නේ. හ්හ්* *අර විජී කියන මනුස්සයා කෑගලා ගියා නේද ?මොකද බලන්න යන්නේ.* *ලොකු බේබීට ඉතිං ඒයාලා ඉන්න තැනට යන්න බෑනේ.හ්හ්* *අැයී..* *ලොකු බේබී සේවර්න්ට් කෙනෙක් කියලනේ ඒයාලා දන්නේ.හ්හ්* *මම අෑතට වෙලා හොරෙන් අහන් ඉන්න හැදුවේ.* *යමු ලොකු බේබී උඩට යන්න මම සේරම අහන් ඒන්නම්. හ්හ්.. අර මිනිස්සු අායෙත් ලොකු බේබී දැක්කොත් ප්‍රශ්නයක් අැති වෙවී. හ්හ්...මොනවා වුනත් පුංචී බේබිත් පව්නේ .හ්හ්* මම නැවතත් කාමරයට වැදුනේ පුංචි නංගී ගැන අැති වූ දුක නිසාමයී. පැය භාගයකට විතර පස්සේ කවුද කාමරේ දොරට තට්ටු කරා . මම ඉක්මනින් දොර අැරියේ විස්තර දැන ගන්න නොවිසිල්ලෙන් වුන්නු නිසා. *සිගිතියෝ මොකද වුනේ.* *කිසි අවුලක් නෑ බේබී.හ්හ් ඒ මිනිස්සුන්ට මේවා ගානක් නෑ.හ්හ්* *ඒහෙනම් කමක් නෑ සිගිතියෝ.* මම ලොකු සුසුමක් පිට කරලා හිත ඒදා ගත්තා. *අැයි අර විජී අයියා කියන කෙනා කෑ ගැහුවේ සිගිතියෝ.* *ලොකු බේබී මහත්තයා ඒයා ගැන මොකක්දෝ ඔත්තුවක් දීලලු පොලිසියට.හ්හ් ඊයේ විජී අයියා පොළිසියෙන් අල්ලන් ගිහින් ඒකට කේන්තියෙන් තමා ඔය කෑ ගහලා තියෙන්නේ.හ්හ්* *නිදහස් වෙලා තියෙන්නේ කොහොමද? * *අනේ මන්දා.හ්හ් හ්හ් දැන් කීපරක් නම් විජී අයියා පොළිසියෙන් අරන් යන්න අැතිද? ඒත් පහුවදාට මිනිහා ඒලියේ.හ්හ්* *ඒක නම් හරි පුදුම වැඩක්නේ.* *වැරදීකලායි කිව්වට කවදාවත් ඔප්පු වෙලා නෑ. හ්හ්.. ගමේ කටවත් නම් විජී අයියගෙන් කරදරයක් වෙලා නෑ.හ්හ් ..ඒත් මිනිහා කා ඒක්කවත් උවමනාවක් නැත්තම් කතා කරන්නෑනේ.හ්හ්..* ඊ ළග කොටසින් හමුවෙමු.... සඳුනිVeteran MemberPosts:2462 18 Oct 2016 12:32 PM පුළුවන් වෙලාවට කියවලා මට අවසානෙට කලින් අවසානේ කියන්නකෝ. ශා අයියේ... sha733Super Senior MemberPosts:7332 18 Oct 2016 10:09 AM Posted By සඳුනි on 15 Oct 2016 04:04 PM ඔය මස්සිනා වගේ නෑ හැමෝම හී..... ඔය මස්සිනා කුකුලෙක් වගේ නේ කථාවනං පට්ටම ලස්සනයි. කලින් දැම්මට කියවන්න බැරි උනා අද තමයි කියවලා බැලුවේ ඇත්තටම හරිම ලස්සනයි DushanVeteran MemberPosts:2536 17 Oct 2016 01:35 AM ඔන්න මාත් කියෙව්වා මේ කොටස ස්තුති සඳුනිVeteran MemberPosts:2462 15 Oct 2016 04:04 PM ඔය මස්සිනා වගේ නෑ හැමෝම හී..... DanuLiyanageVeteran MemberPosts:3457 15 Oct 2016 03:54 PM හරි හරි මස්සිනා දැන් නෑනට තමා ලයින් එක දාන්නේ සඳුනිVeteran MemberPosts:2462 15 Oct 2016 12:36 PM මියෙදෙන තුරා... 04. වන කොටස. අැදුමට මගේ හිත අාසා කලත් මට පහලට යන්නට සිත් දුනෙන් නැහැ. මට දැනුනේ නුහුරු බවක්. *ලොකු බේබී..* මම ලීලම්මගේ කට හඩ අැහුන සැනින් දොර අැරියේ අැදුම ගැන අහන්න . මාව දැක්ක ගමන් ලීලම්මගේ අැස් පුදුමයෙනුත්, සතුටිනුත් පිරී ගිය බව මට පෙනුනා. *අනේ ලස්සනයි සුරංගනාවියක් වගේ. මගේ ලොකු බේබිට අැස්වහ කටවහක් නම් වදින්න ඒපා.* ලීලම්මගේ සතුට මොන තරම්ද කිව්වොත් අැස් අගට කදුලු අා බවත් මම දැක්කා. ලීලම්මා මට නොපෙනෙන්න වගේ ඒ කදුලු පිස ගත්තා. *අනේ බොරු කියන්න ඒපා ලීලම්මේ මේ කොටු අැගට මේක ලස්සන වෙන්නේ කොහොමද?* *විකාර කියවන්න ඒපා රත්තරං . මම හිතුවා ඔයාට ඔක ලස්සනට හිටීවී කියලා.* *අෑ.. ලීලම්මා මේක කලින් දැකලා තියෙද?* මම පුදුමයෙන් ප්‍රශ්න කලේ, මේ ගවුම මම මීට කලින් අැදලාවත් කාටවත් පෙන්නලා වත් නැති නිසා.. *ඔව්... අා .. මේ..මේ.. නෑ.. නෑ..* මට ලීලම්මගේ හැසිරීමේ අමුත්තක් දැනුනත්. කියන්න ගියදේ ලීලම්මා ගිල ගත්තා. *ඒ කිව්වේ.* *මම දවසක් ලොකු බේබිගේ අල්මාරිය අස් කරද්දී දැක්කා. ඒකයී කිව්වේ.* *ඒක මිසක්..* *කාගෙන්ද ලොකු බේබී ඔක ලැබුනේ.* *කෙනා නම් මතක නෑ ලීලම්මේ ගිය උපන්දිනේට ලැබුන තෑගී ගොඩේ තිබුනේ.* මට මේ අැදුම සිගිති දුන් බව කාටවත් කියන්න හිත දුන්නේ නැහැ . ඒක නිසා මම ලීලම්මටත් බොරුවක් කිව්වා. අනික සිගිති අපේ ගෙදරට අැවිත් වැඩී කාලයකුත් නැහැ. ලීලම්මගේ නෑදැ කෙනෙක්ගේ පුතෙක් කියලා තමා ලීලම්මා ගෙනන් ගත්තේ. සිගිතිගේ හැසිරීම නිසි පව් අහිංසක කොලුවා කියලා අප්පච්චී වැඩට තියා ගත්තේ දුක හිතිලා. තවමත් අපේ පුංචි නංගිගේ වයසේ විතර පසු වුන සිගිති ගෙදර හැමෝගෙම හිත් දිනා ගත්තේ හරිම ඉක්මනින්. *හා .. හා තේ ඒක බීලා' ඒන්න කෑම කන්න ලොකු බේබී.* ඒහෙම කියලා ලීලම්මා තේ ඒක බිස්කට් දීසිය ළගින්ම තියලා කාමරෙන් පිට වෙලා ගියා. මමත් අැද මත කකුල් දෙකත් උඩට අරන් හරිබරි ගැහිලා ඉදගෙන තේ ඒක බොන්න ගත්තා. මම දගකාර විදියට හැසිරුනේ තනියම ඉද්දී විතරයි. ගෙදර අය ඉන්න තැන මම වචනයක් වුනත් කතා කලේ හරිම පරිස්සමින්. මොකද ඒයාලා කොයි වෙලේද මගේ අඩුපාඩුවක් දකින්නේ කියලා බලන් ඉන්නේ කියලා මගේ හිත කියන නිසා. මම තේ ඒක බීලා තවමත් පොඩී තුවායෙන් ඔතලා තිබුන් හිසකේ නිසහස් කලා. දිය බේරී තිබුනත් දණහිසිනුත් පහලට දිග කොන්ඩය අැගේ ස්පරශ වන විට තෙත ගතිය දැනුනා. මම කොන්ඩය මුදා හැරගෙන ටික වෙලාවක් හිටියේ වෙලෙනකන්. ටික වෙලාවකට පස්සේ මම කොන්ඩය බුරුලට ගොතලා අගිස්සෙන් ටිකක් ඉතිරී කරලා කොන්ඩ මලක් දමා ගත්තා. *ලොකු බේබී කට්ටිය නම් අැවිල්ලා.* ලීලම්මා කාමරයට ඒබෙමින් කිව්වා. දවසින් වැඩිම වතාවක් ලීලම්මා ඒනවා අැත්තේ මගේ කාමරයට. මොන වැඩ තිබුනත් ලීලම්මා මගේ වැඩ මොකුත් මගහැරෙන්න දුන්නේ නෑ. මගේ හැමදේම අම්මටත් වඩා හොදට හොයලා බැලුවා. *අනේ මම ඒන්නේ නෑ ලීලම්මේ. නංගී කැමතී නෑනේ මම මෙහෙම පහලට ඒනවට. ඔනෙම උනොත් ඒන්නම්.* *අනේ මන්දා ඉතින්... මොකද ඔය කොන්ඩෙට කරලා තියෙන්නේ.* *අැයි හරි නැද්ද? ලීලම්මේ.* *බුරලට ගෙතුවෙ අැයි. අනික දිගට දාලා . අැවිත් ඉන්න කාගෙවත් කොන්ඩ කියලා නාමයක් නෑ හුල්ලාවී.* *තව ටිකක් තෙතයී ලීලම්මේ ඒකයී.* *ඔහොම නම් පහලට ඒන්න ඒපා හරිද?* මම හිස සලලා ඒකට කැමති වුනා. *ලොකු දූ මොකද තවමත් පහලට නාවේ .* අම්මා කාම්මරයට අාවේ තරමක් කෙන්තියෙන්. *අර මිනිස්සුන්ට උදේ කෑම වේලත් පරක්කකු වෙනවා යමු යමු.* අම්මා මගෙ අතින් අැදගෙන් පහළ ඒකන් යන්න අාවේ මට වචනයක් වත් කියන්න ඉඩ නොදියී. *අම්මේ අම්මේ .. මම ඒන්නම් අම්මා යංකෝ අැදන් යන ඒක හරි නෑනේ.* *හා මම යනවා ඉක්මනට ඒන්න.* අම්මා මාව අතහැරලා පහලට ගියා. *කෝ නංගා ලොකු දු..* *ඒයී ඒයී ඒයා අද ටික්ක අසනීපෙන් ඒකයි.* නංගිගේ මනමාලයගේ නැන්දම්මද වෙන්න ඔනේ මැදි වියේ පසුවුන ගැහැනු කෙනෙක් ප්‍රශ්න කරද්දී අම්මා පිළිතුරු දුන්නා. මම පඩිපෙළ බැහැගෙන සියලු දෙනා වට වෙලා හිටිය සෙටිය පැත්තට පිය නැගුවා.මුලින්ම මාව දැක්කේ නංගී බලන්න අාපු මනමාලයා. *මෙයාද ඔයාගේ අක්කා...* නංගිගේ මානමාලයා වුන ශාලින්ද ප්‍රනාන්දු නම් කඩවසම් කරුණයා මා දෙසම දෑස් රදවන් ප්‍රශ්න කලා. සුදු උසට සරිලන මහතකින් යුත්, අලංකාර දුබුරු අැස් යුවලක් හිමි ඔහු දුටුවන් සිත වසග කරන්නට සමත් වුනා. ඔහු අසලම වාඩී වී සිටි පුංචී නංගී හිස ඔසවලා මගේ දිහා බැලුවා.මගේ අැදුම දුටු වහා අැගේ මුහුන කේපයෙන් රතු වුනා. අයාසයෙන් මුහුනට සිනහවක් මවා ගත් අැය. *පිස්සුද අනේ. ඔයා හිතනවද මගේ අක්කා ඔය වගේ ගොඩේ පෙනුමක් තියෙන කෙනෙක් කියලා.* *කවුද ඒහෙනම් ඒ...* ශාලින්ද මා දෙසත් පුංචී නංගී දෙසත් මාරුවෙන් මාරුවට බලමින් ප්‍රශ්න කලා. ඔහුගේ මුනේ රැදිලා තිබුනේ පුදුමයක්. පැමිණ සිටි හැමෝම මා දෙස හැරී බැලුවා. ඒ සියලු නෙතු හමුවේ බිම බලා ගකන්නව හැර මට කරන්නට වෙන් කිසිවක් තිබුනේ නැහැ. මට ඒ ගැන ලොකු දුකක් දැනුනේ නැත්තේ මම මේ වගේ සිද්දියක් බලාපොරොත්තුවෙන් සිටි නිසයී. *අා.... ඒ අපේ ගෙදර වැඩට ඉන්න කෙනෙක්..* නංගිගේ කීමෙන් අම්මගෙයි අප්පච්චිගෙයි අැස් මවිතව ලොකු වුනා. ලොකු මල්ලිගේ මුනත් වෙනස් වුනේ බලන් ඉද්දීමයී. ලීලම්මට බලන් ඉන්න බැරි නිසා ඒතනින් පිටවුනා. *ෂා ඔයාලගේ ගෙදර සේවන්ට්ලා මෙච්චර ලස්සනට අදිනවනම් අනිත් අග ගැන කවර කතාද. පට්ටම ලස්සනයි අෑ සේවනට් කෙනෙක් වුනත්.* *මොකක්..* පුංචී නංගිගේ මුහුන හැකිලී ගියේ බලන් ඉද්දිමයි. හැමෝම මගේ දිහාම බලන් වුන්නේ ශාලින්දගේ කතාව නිසයි. *නිලූ මෙයාව මට දෙන්නකෝ* *ඒ මොකටද?* *මම මියුසික් වීඩීයෝ ඒකක් කරන්න ඉන්නවා ඒකට ගන්න.* *ඔයාට පිස්සුද?* *පිස්සු නෙමෙයි බලන්නකෝ ඒයාගේ පෙනුම. මම හොයපුම පෙනුම.* *ඔයාට විකාර ..දැන් මට වඩා ඔය ගොඩේ තාලෙට අැදන් ඉන්න කෙල්ල ලස්සනද?* *ඒහෙම කියන්නේ අැයී නිලූ කෙල්ලෙක් දෙපතුල ලගට අැන්දම මොනතරම් ලස්සනද? ඒයාගේ දිග කොන්ඩේ ලිහලා දැම්මා නම් සුරංගනාවියක් වගේ ඉදී.* *ඔයාට නම් අැත්තමට පිස්සු..* පුංචී නංගී කේන්තියෙන් කෑ ගැහුවා. මට පුදුමයි ශාලින්දගේ වර්ණාව ගැන. ජීවිතේ මුල්ම දවසයි කෙනෙක් මම ගැන මේ වගේ කතාවක් කිව්ව. අනික ශාලින්ද රට රටවල් වල අැවිදපු, ඔනේ තරම් කෙල්ලන්ව දැකපු කොල්ලෙක් වෙලත් ගෑනූ ළමයි ගැන මේ වගේ හැගීමක් තිබීමම පුදුමයක්. *අන්කල් ඔයත් කැමති නේද මේ ළමයාට හොදක් වෙනවට. මට මෙයාව දෙන්නකෝ.* *මේ කෙල්ලේ මොනවද බලන් ඉන්නේ යනවා යන්න මෙතනින්.* ශාලින්ද අප්පචිගෙන් මම ගැන අහද්දී පුංචී නංගිට තවත් කේන්තී ගිහින් මට නපුරු බැල්මක් හෙලමින් අැය බැන වැදුනා. මම හිමින් සැරේ ඒතනින් අයන් වෙලා අාවා. නමුත් මගේ හිතට අාවේ හිතා ගන්න බැරි තරම් සතුටක්. කෙනෙක් රිදවීමේන් සතුටු වීමේ පුරුද්දක් මට නොතිබුනත් ,පුංචී නංගිගේ මතයට ඒරෙහී වූ කෙනෙක් හමු වීම මගේ සතුට වුනා. මෙතරම් කල් ගෙදර කිසිවෙක් අැගේ මතය වෙනස් කරන්නට උනන්දු වුනේ නැහැ. *පුතේ ඔය කතාව නවත්වන්න දැන් . අපි අාවේ නිලූ දුව බලන්න මිසක් අැක්ටර් කෙනෙක් හොයන්න නෙමේනේ.* මම අාපහු හැරිලා ඒද්දී ශාලින්දගේ අම්මා කියනවා අැහුනා. මම වැඩකාරියක් කියලා කිව්වත් ශාලිනදගේ වදන්පෙල මගේ අාත්මයම සැනසුවා. මම කාමරයට යනවත් සමගම සිගිති මාව සොයාගෙන අාවා. *හොද වැඩේ පුංචී බේබීට .හ්හ්* සිගිතිගේ කතාව නිසා මම කාමරයේ දොර ළග නැවතිලා අාපහු බැලුවා. *ඒහෙම කියන්න ඒපා සිගිතියෝ.* *අනේ ලොකු බේබී.හ්හ්.. ඔයා මොකටද ඒයා ගැන හිතන්නේ. හ්හ්.. ඒයා ඔයාට සලකපු හැටී හරිම කැතයි. හ්හ්* *ඔවා හිතන්න ඒපා සිගිතියෝ .. ඔවා මට පුරුදු දේවල්නේ.* *අද ලොකු බේබී හරිම ලස්සනයි.* *බොරු නොකියා ඉන්න සිගිතියෝ.* * මම දැක්කා නේද ශාලින්ද මස්සිනාගේ වර්නණාව.* ඊ ළග කොටසින් හමු වෙමු... සඳුනිVeteran MemberPosts:2462 15 Oct 2016 01:21 AM දුෂාන් අයියා මේ කතාවටත් ඒකතු වුනා නේද? තව කියවලා බලන්නකෝ. හොදද නරකද කියලා DushanVeteran MemberPosts:2536 14 Oct 2016 11:52 PM කතාව නම් ලස්සනයි වගේ ඔන්න මාත් කියෙව්වා කොටස් තුනම ස්තුති සඳුනිVeteran MemberPosts:2462 14 Oct 2016 03:21 PM මියෙදෙන තුරා.. 03. වන කොටස. *ලොකු බේබී දොර අරින්නකෝ.* මම තවමත් අැද මත හිදගෙන සිහිපත් කෙරුවේ අද දිනය කෙසේ ගෙවන්නද කියායි. දිවියේ අන් සියලු දිනයකටම වඩා අද දින කටුක යයි මගේ හිත පෙරලි කරමින් කියන නිසා මට කිසිවක් සිතා ගැනීමත් අපහසුයි. *ලොකු බේබී කෝ ළමයෝ දොර අරින්නකෝ.* ලීලම්මාගෙන් බේරුමක් නොවු නිසා මම දොරේ අගුල හැරියා. *අා මුන කට සොදන් මේ තේ ඒක බොන්න.* *හ්ම්ම්ම්... ලීලම්මේ...* තේ සහ බිස්කට් දීසියක් මා අත තබා අාපසු යන්න හැරුන ලීලම්මාගෙන් මම ප්‍රශ්න කරන්න වුනා. *අැයි ලොකු බේබී.* *අම්මාලා ඒහෙම අැරලද?* *ඔව් ලොකු බේබී කවදාවත් නැතුව පුංවී බේබිත් අැහැරලා මොනවදෝ කෑමක් හදනවා. අපි දන්නේ නෑනේ ඉතිං ඔය සුද්දන්ගේ කෑම.* *ඒ කියන්නේ අද නංගී බලන්න ඒන්නේ සුද්දෙක්ද ලීලම්මේ.* මගේ අැස් මවිතව ඉහළ යද්දී මම අැහුවා. මගේ හිත පුදුම වුනේ අපේ පුංවී මල්ලී නිලූක විදේශික තරුණියක් විවාහා කර ගන්නවා යයි දැනුම් දුන් වෙලේ මුලු ගෙදරම දෙවනක් කල අප්පච්චී, දවස් ගනනාවක් හඩා වැටුන අම්මා , මේකට කැමතී වුනේ කොහොමද කියලා. ඒක ඒක දරුවන්ට මේ මිනිස්සුන්ගේ ඒක ඒක සැලකිලී, මගෙ සිතට ඒ ගැන දුකක් අාවා. *නෑ නෑ ලොකු බේබී . ලංකාවේ කට්ටියක්. ඒත් ඉතිං වැඩිපුර ඉදලා තියෙන්නේ රට රට වලනේ.* *ඒහෙනම් කමක් නෑ. ලීලම්මා යන්න වැඩ අැතිනේ.* *මම යනවා ඒහෙනම් ලොකු බේබී තේ ඒක බීලා පහලට ඒන්න හරි නෑනේ.* *ඒන්නම් ලීලම්මේ..* මම තේ හා බිස්කට් තබා තීබූ බන්දේසිය අැද අසලම තිබූ කුඩා මේසය උඩින් තිබ්බා . කාමරයේ දොරත් අඩවල් කරගෙන නාන කාමරයට අැතුල් වුනා. මෙම නිවසේ සැම කාමරයකමටම යාබද නාන කාමර ඉදිකර තිබුනා. හිතා ගන්නවත් බැරි තරම් සියලු සැප පහසුකම් තිබුනත් මගේ හිතට නම් කිසි සැනසීමක් තිබුනේ නැහැ. රෑ අැදුමින් නිදහස් වුන් මම දත් මැද පිරිසිදු වී උදෙන්ම නාන්න හිතුවා. මට හැමදාකම වගේ උදේම නා ගැනීම සුපුරුදු පුරුද්දක් වෙලා තිබුනා. සියලු ප්‍රශ්න සිතින් මැකෙන්න කියලා මම වතුර මලෙන් අා සීතල වතුරටම හිස පෙව්වා. ගල් ගැහෙන්නට තරම් සීතලයී, සීතල වතුර බිදු මගේ වත පුරා විසිරී ගියා. කෙමෙන් මම සීතලට පුරුදු වූ නිසා ඒ ජල බිදු වලින් මගේ ගතත් සිතත් දෙකම සිසිල් වුනා. මම නාගෙන ලා කොළ පැහැති තුවාය අැග දවටාගෙන කාමරයට ඒනකොට සිගිති අැද ළග හිටන් හිටියේ ලස්සන සිනහවක් මවාගෙන. මම දුටු වහාම ඒ හිනාව මැකී ගියා. *මම මේ... මම මේ. කාමරය. හ්හ්.* *ලස්සනට අස් කරලා තියෙන්නේ ගොඩක් ස්තූතියී සිගිතී..* මම ඒසේ කියමින් සුපුරුදු ලෙස ජනෙල් කවුලුව අසලට ගොස් මැදින් තිබූ ජනෙල් උලුවහු කදට වාරු වී රූස්ස ගස් පෙල අතරින් හිරු ඒළිය අප සොයා ඒන හැටි බලා හිටියා.තවමත් මීදුමෙන් වැසී ගිය පරිසරය හිරු කිරනත් සමග පොර බදනවද කියලා මට සිතුනේ හිරු තරමනක් පායා තිබුනත් මීදුම මැකී නොයාම නිසයි. වෙනදට වඩා ඒ දවසේ සුන්දර බවක් මට දැනුනා, ජනෙල් කවුලුව පෙන්න රූස්ස ගස් පෙල නිසා මට අැති කල බියකරු බව වෙනුවට අසිරියන් සිතේ රැදී තිබුනා. *මම මේ ...හ්හ්. ලීලම්මට වැඩ නිසා කාමරය ..හ්හ් පොඩ්ඩක් අස් කරන්න අාවේ.... හ්හ්* මම සිගිතිගේ කට හඩින් අපහු හැරී බලද්දී සිගිති තාමත් මුහුන බිමට නැබුරු කරන් ඉන්නවා. මට තේරුම් ගියා සිගිති මේ වෙලාවේ කාමරයට අැවිත් කරන්නේ වරදක් කියලා හිතලා පසු තැවෙනවා කියලා. සිගිති කීයටවත් හිතන්න නැතුව අැති මම තුවාය පිටින් මේ වෙලාවේ කාමරෙට ඒවී කියලා. *අයියෝ සිගිති මොකද මේ. ඔය කාමරේ හොදට අස් කරලා තියෙන්නේ. සිගිති දැන් යන්නකෝ මම අැදුමක් දාන් පහලට ඒන්නම්.* *හරි ලොකු බේබී ..හ්හ්. මම යනවා.හ්හ්* සිගිති කාම්මරෙන් පිට වුනේ දුකෙන් කියලා මට තේරුනා. *සිගිති ... මම ඊයේ පුංචි බේබී දුන්න අැදුම අදිනවා..* මම හිනා වෙමින් ඒහෙම කියද්දී. සිගිතිත් අාපහු බලලා හිනා වුනා. *අප්පෝ ලොකු බේබී ඔයා නම් ඒවා අදින්න ඒපා.* මම හිනා වුනා මිසක් වචනයක් නොකියා දොර අගුලු දැම්මා. මට කවදාවත්ම සිගිතිගේ නරක ගතියක් දැනිලා නෑ . සිගිතිගේ හැසිරීම් තවමත් පොඩී ළමයෙකුගේ වගේ ඒක නිසාම මම සිගිතිට අාදරේ වුනා. මම තේ ඒක බොන්න කියලා ගියා, ඒක හොදටම අැල් වෙලා දැන් ඉතින් මේක බොන්න බෑ, හිතමින් අල්මාරිය අසලට ගියා. දොර පියන් තුනේ අල්මාරියක් පුරවලා මට අැදුම් තිබුනා. මම කොහෙවත්ම අැවිදින්න නොයන් නිසා අැදපුම නැති අැදුනුත් විශාල ප්‍රමානයක් තිබුනා. මම ඊළගට කල්පනා කලේ මොකද්ද අදින්නේ කියලා . නංගිගේ කැමැත්තට අැගේ අැදුම අැදීම මට නුහුරුයි . අනික කොට අැදුම් අැදලා මට පුරුද්දක් තිබුනෙත් නෑ.මම අැදුම් කිපයක්ම අැදලා අැගට තියලා බැලුවා.මට ඒකක් තෝර ගන්න බෑ. අැද පුරාම දැන් මගේ අැදුම් විසිරිලා. *ලොකු බේබී...* *අනේ ලීලම්මේ ඔයා අාවේ හොද වෙලාවට.* මම දුවලා .ගිහින් දොර අැරියා. *මොකද මේ තවම ටවල් ඒක පිටින්... දැන් අර මිනිස්සුත් ඒවී අැදුමක් දා ගන්න. තේ ඒක බිව්වද?* ලීලම්මා තේ කොප්පය දෙස බලමින් කිව්වා. *කෝ බිලා නෑනේ. * *අනේ මම නාගෙන් ඒනකොට තේ ඒක නිමිලා ලීලම්මේ.* *පැය ගානක් නාන්න අැතිනේ ඉතිං. ඉන්න මම තව තේ ඒකක් හදන් ඒන්නම්.* *අනේ මට තේ ඒපා . මට අැදුමක්. තොරලා දෙන්නකෝ ලීලම්මේ.* *අැය පුංචී බේබී දුන්න ඒක.* *මට බෑ ඒක අදින්න ලීලම්මා කැමතිද මම ඒක අදිනවට.* *මම නම් කැමති නෑ..ඒත් ලොකු බේබිට බනීවී.* *කමක් නෑ. මැරුවත් මම ඒක නම් අදින්නෙ නෑ.* *අනේ ඔය කතා කියන්න ඒපා රත්තරනේ..* ලීලම්මගේ කට හඩ බිදී ගියා. අැයට දුක හිතෙන දෙයක් කිව්වා දැයි මට මතකයක් තිබුනේ නෑ. *අැයි ලීලම්මේ..* *මොකුත් නෑ ලොකු බේබී .ඔයා අැදුමක් තෝරන්නකෝ මම තේ ඒකක් හදන් ඒන්නම්.* ලීලම්මා නිමී ගිය තේ ඒකත් රැගෙන කාමරෙන් පිට වී ගියා. මම අායෙත් අැදුම් තෝරන්න පටන් ගත්තා. මට අල්මාරියේ උඩම තට්ටුවේ තිබී අැස ගැටුනේ තවමත් බ්‍රවුන් පේපර් කවරයෙන් ඒලියට නොගත් අැදුමකුයි. මට මතකයි මට ඒ අැදුම ලැබුනේ ගිය උපන් දවසේ, මම කිසිදා තිළිනයක් බළාපොරොත්තු නොවුන කෙනෙක් ගෙන්. මට සිහිපත් වෙනවා, මගේ උපන්දින සාදය වුනත් මගේ හිතේ කිසිම සතුටක් තිබුනේ නැහැ. මුලු නෑදෑ පිරිවරම අැවිත් හිටියත් ඔවුන් කතා කරන දේවල් මගේ හිතට අැල්ලුවෙම නෑ. සෙනග අතරට වී සිටියත් මම කා සමගවත් කතා කෙරුවෙත් නැහැ. ඒ නොරස්සුම දරා ගන්න බැරි තැන මම කාමරයට අාවා. අැදේ කොනක ඉදගෙන මම කල්පකනා කලේ අැයි මම මේ මිනිස්සුන්ට නොගැල පෙන්නේ, මොකද මෙයාලට මගේ අඩුපාඩුම පේන්නේ කියලා. *ලොකු බේබී ..හ්හ් . මොකද ඔතන තනියම කරන්නේ හ්හ්.. ඔයාගෙන පාර්ටිය.හ්හ්* මම සිගිතිගේ කට හඩින් ගැස්සීලා ගියා. සිගිතිත් මගේ කාමරයට අැවිත් අහද්දී . *අනේ මට ඔය පාර්ටී අල්ලන්නේ නෑ සිගිති.* *බලන්නකෝ පුංචී බේබී ඒහෙම නටනවා..හ්හ්* *ඔහේ නටා ගත්තාවේ මට වැඩක්නෑ.* *මං. මේ.. හ්හ්. ලොකු බේබිට බඩුවක් ගෙනාවා. හ්හ්* *මොකද්ද?* *දිගෑරලම බලන්නකෝ. හ්හ්* සිගිති ඒදා මට මේ බවුම් පේපර් කවරයට දාපු අැදුම දුන්නා. *තෑග්ගක් කාගෙන්ද?* *මගෙන් . හ්හ්* මම ඒකේ තිබුන සුදු පාට සිනිදු ගව්ම අැගට තියලා බැලුවා. මට ඒක දැක්කම පුදුම හිතුනේ ඒක වටින. ගවුමක් නිසා.. *සිගිති බර ගානක් යන්න අැතිනේ මේක ගන්න මේ පාර ගෙදරට සල්ලි යැව්වේ නැද්ද? අපරාදෙනේ සිගිති මට හම්බෙලා තියෙන තෑගී ගොඩ දැක්කා නේද?* *ඒත් මේක මට වැදගත් ලොකු බේබී.. හ්හ්.. මම ඔක ගත්තේ මගේ අක්කා මතක් කරගෙන හ්හ්. ලොකු බේබීත් මගේ අක්කා වගේ හ්හ්. ඒක නිසා වටින්නෙ නැති වුනත් ඔක බාර ගන්න . හ්හ්.* *ඉතිං අක්කට යවන්නකෝ මේක.* *දැන් වැඩක් නෑ ඒයා අපිව දාලා ගිහින් ඉවරයි.හ්හ් * *අැයි මොකද වුනේ ඒයාට.* *මම ඒවා කතා කරන්න කැමතී නෑ ලොකු බේබී. අක්කා උන්නා නම් ලොකු බේබිගේ වයසෙම වගේ ඉදී.හ්හ් . ලොකු බේබී කැමතිද ඔය අැදුමට. හ්හ්* *අනේ ඔව් මට ජීවිත කාලයටම ලැබුන හොදම තෑග්ග..* *අනේ ලොකු බේබී විහිල් කරනවා .හ්හ්* *නෑ විහිලු නෙමෙයි මම මේ ගවුමට අාසයි.* සැබැවින් ඒ අැදුම දැකුමෙන්ම මගේ සිත අැදී ගියා. කැඩපත ඉදිරියට ගොස් කිපවතාවක්ම අැගට තියලා හැඩ බැලුවෙ ලෝභ කමින්. කිරි සුදු පාට දුහුල් රෙද්දකින් නිමවා තිබුන දෙපතුල දක්වා දිගු ගවුමේ අත් දෙකට තිබුනේ සිහින් පටි දෙකක් පමනයි. අත් පටි දෙකටත් පපුව දෙපසත් පමනක් රිදී වර්ණයෙන් හැඩ ගන්වලා තිබුන ගවුම හරිම චාම් ඒකක් වුනා. අත් නැති ගවුම් අදින්නට අකැමැති වුවත් මම ඒ ගවුමට බොහො සෙයින් ප්‍රිය කලා. මේ ගවුම අදින්න හොදම දවස අද කියලා මට හිතුනේ මීට කලින් කවදාවත් අදින්න අවස්තාවක් නොලැබුන නිසා. මම ගවුම අැගෙන කණ්ණාඩිය ඉදිරයට ගියා. ගවුම තරමක් මට ලොකු වුනත් වෙනදා නොපෙනුන ලස්සනක් මටම පෙනුනා. අත් සහ කර විශාල ප්‍රමානයක් නිවාරවය වි තිබු නිසා අපහසුවක් දැනුනත් මම මගේ ස්වරූපයට කැමතී වුණා. ඊ ළග කොටසින් හමු වෙමු. සඳුනිVeteran MemberPosts:2462 14 Oct 2016 09:11 AM Posted By gamini on 14 Oct 2016 08:56 AM ඔය කතා ටික මුද්‍රණය කරමුකෝ දුවේ ............................ අදහසක් තියෙනවා. කදුලත් සැනසුමක් කතාව මුද්‍රණය කරන්න ගියේ. ඒක අැත්ත කතාවක් නිසා . අයිතිකාරයා අකමැති වුනා. මේ කතාව නම් ලියලා ඉවර වුනාම අනිවාර්යෙන් පොතක් විදිහට මුද්‍රණය කරන්න ඉන්නේ. gaminiVeteran MemberPosts:4475 14 Oct 2016 08:56 AM ඔය කතා ටික මුද්‍රණය කරමුකෝ දුවේ ............................ සඳුනිVeteran MemberPosts:2462 14 Oct 2016 07:06 AM රජ තුමත් අක්කා බලන්න ගිහින් නංගි අරන් අාවා වගේනේ කතාව. අැත්තටම ඔයාලා කැමති මේ දෙන්නගෙන් කොයි චරිතයටද? DanuLiyanageVeteran MemberPosts:3457 14 Oct 2016 04:50 AM nangi balanna awith akkawa aran yawida danna kingDVeteran MemberPosts:3405 14 Oct 2016 02:31 AM එක පවුලක උනත් අදින පළදින..සිතන පතන වෙනස් ළමයින් ඉන්නවනේ... බලමුකො අපි නංගි බලන්න එන කොල්ල අක්කව දැකල මොකද වෙන්නෙ කියල kingDVeteran MemberPosts:3405 14 Oct 2016 02:23 AM Posted By සඳුනි on 12 Oct 2016 05:21 PM මියෙදෙන තුරා.. 01. වන කොටස. මා ඒක්ටැම් ගෙයක සිරවී අැතයි සිතමි. මා සගවා තැබී මේ කිසියම් වටින්කමක් හෝ පැහැදිලි හේතුවක් අැතැයී මා නොසිතෙයී. කිමද මා පැහැර ගෙන යාමට කුමරෙක් නැත. මාමාවරුන් මරණවා යැයී අනාවැකියක්ද නැත. නමුදු මා මේ දෙමහල් විසල් මැදුරේ , සුවිසල් කාමරයක සිරකාරියක් වී අැත. අතට පයට මෙහෙකරමවන්, දෙව් ලොවක සම්පත් තිබුනද සිත තුල කිසිදු සතුටක් තිබුනේ නෑ. අදුර කෙමන් අාලෝකය ගිල ගමින් පවතින මොහොතේ මම ජනෙල් කවුලුව අසලට වී පිටත බලා සිටියා. කවුලුවෙන් පිටත ලෝකය ඉතා බියකරු ලෙස පෙනෙන්නේ මං දැයී මම දන්නේ නැහැ. නමුදු ඒ ලොකයට මා නොගැලපෙන බව හෝ නොගලපා අැති බව පමනක් මම දනී . මා හට කවුලුවෙන් පෙනුනේ සැමදා මෙන් සුපුරුදු රූස්ස ගස් කීපයත්, ඒ අතරින් ගිනි ගත් හිරු කදු අතර සැවන අයුරුත් පමනයි. *ලොකු බේබී .... මොකද තවමත් ඔය ජනෙල් අැරගෙන. ලොකු නෝනා ඒහෙම අාවොත් මටත් ඒක්ක දොස් අහන්න වේවී.* ඒය මා හට සැමදා සුපුරුදු වැකියක්. සැමදා මෙලෙස ගස් පෙල අතරින් හිරු අවරට යාම බලා සිටීම මගේ පුරුද්දක් වෙලා තිබුනා. ලීලමිමාගේ වදන සවනට වැකුනත් මම නොඅැසුනා මෙන් ජනෙල් කවුලුවෙන් තවත් ටිකක් පිටතට නැබුරු වුනා. ලීලම්මා නම් මෙම නිවසේ පැරණිම මෙහෙකාරියයි. නමින් ලීලාවතී නම් වූ අැය මා දන්නා කාලයේ සිට මෙම පවුලට ලැදිව සේවය කරයි. කුඩා අවදියේ සිට අප උකුලේ හොවා, නළවවා, කවා , පොවා රැක බලා ගත් නිසා , මවුටත් වඩා අප අැයට කිට්ටු වුනා. *මොකද ලොකු බේබී අද අමුතු විදිහක්.* වෙනදා ලීලම්මාගේ වදනින් කවුලුෙවන් ඉවත්ව ජනෙල් පිහන් වසා දැමීමට ඉඩ දෙන නිසා, අැය පුදුමව අැති බව මට තේරුනා. *අනේ මංදා ලීලම්මේ.* *ලොකු බේබී දුකකින්ද ඉන්නේ* පහලින් අප්පව්වීගේ කාරය ගරාජයට දමන හඩ අැහිලා මම ඒ දෙස බැලුවා. *අාන් ලොකු මහත්තයයී පොඩි බේබී අාවා. යමු යමු ලොකු බේබී පහලට.* යැයී පවසමින් ලීලම්ම ලහි ලහියේ ජෙනෙල් කවුලු වසන්න වුනා. *යමුකෝ ලොකු බේබී* *මට බෑ ලීලම්මේ. ලීලම්මා යන්න.* *පුංචි බේබී හෙට අදින්න අැදුම් අරන් අැවිත් අැති.* *මොකක් හරි කොට කෑල්ලක් අරන් අැවිත් අැතී.* මම අකමැත්ත ප්‍රකාශ කරමින් අැදෙහි කොනක වාඩී වුනා. *රට ගිහින් අාපු හින්දා පුංචි බේබී සංකර සිරිත් වලට පුරුදු වෙලා. අනේ මංදා ඔවා අදින්න විලිසංගයක් නැද්ද කියලා. පුංවි කාලේ වත් නොඅැදපු තරම් කොටටනේ දැන් අදින්නේ. ලොකු බේබිවත් පොඩ්ඩක් කියලා බලන්නකො.* ලීලම්මා කම්බුලේ අතක් ගසා ගනිමින්, දැඩි සිත්තැවුලෙන් කීව්වා. *ඒයා කවද්ද ලීලම්මා මං කියන ඒවා අැහුවේ. අප්පව්වී කියන දෙයක් වත් අහනවද?* *ඒක නේන්නම් ලොකු බේබී. හෙට ඔය ඒනවා කියන හාදයත් මොන ජතියෙද දන්නේ නෑ. මේ ලොකු නෝනලත් මොකුත් කල්පනා කරන්නේ නෑනේ. ලොකු බේබී ගෙදර ඉද්දී පුංවී බේබිට මනමාලයේ බලනවා.* මගේ හිත කම්පාකරවන ඒකම කරුනද මෙයයි. නමින් නිල්මීණී සුබෝදනී වීරසිංහ වන මා ජීවිතෙන් තිස් හතර වසරක් නිමා කල අවිවාහක තරුණියකි. පවුලේ වැඩිමහල් දියණිය වන මා හට ඒක් නැගණියක් හා මල්ලිලා දෙදෙනෙක් සිටී. පුංවී මල්ලී නිලූක සුනෙත් වීරසිංහ වැඩි දුර අධ්‍යාපනයට විදේශ ගත වී, හිතු මනිපයට විදේශික තරුණියක් සමග විවාහා වී සිටී.ඔහු මව් රටට නොඒන්නට තීරනය කර අැත. ලොකු මල්ලී නිරෝෂන විකුම් රණසිංහ, දෙදරු පියෙකි, පියා ගිය මගම යමින් දේශපාලනයට අවතීරනය වී සිටී. ඔහුගේ බිරිදත් දරු දෙදෙනත් ජීවත් වන්නේ මෙම නිවෙසෙමයි. බාල නැගනිය නිලුෂා නුවංගී රණසිංහය. විදෙස් ගතව වැඩිදුර අධ්‍යාපනය නිම කොට සති දෙකකට ප්‍රථම මෙරටට පැමින සිටී. විසි හතරවන වියෙහී පසුවන අෑ බෑලීමට හෙට දිනයේ මානාලෙයෙක් පැමිනීමට සියලු කටයුතු සූදානම් වෙමින් තිබේ. අැරත් මෙය අැගේ කැමැත්ත මත සිදුවන පැමීනීමකී. විදේශ ගතව සිටි සමයේ අැති කරගත් අාදර සම්බන්දතාවයක් නිසාවෙන් සිදු වෙන්නට යන විවාහායකි . මා සිත තුල අැත්තේ ඊර්ෂ්‍යාවක් නොව, මා ගැනම ලැජ්ජාවක් හා දුකකි. මට මතක අැති අයුරින් මම බැලීමට මනාලයින් තිහ හතලිහකට අාසන්න ප්‍රමානයක් පැමින අැත. ඒ ඒන හැම අයෙකුගේම මට අැදයක්, කීමට දොසක් තිබුනා. සමහරුන් මගේ කෙසග සිරුර හා මලානික මුහුන නිසා මට අකැමැත් වන්න අැතැයී මට සිතනවා. තවත් සමහරුන් ඉහලින්ම මට කැමතී වුවත් , මම වෙනුෙවන් ලැබෙන දෑවැද්දට ලෝභ කම් කරනවා යැයී මම සිතුවා. *ලොකු බේබී ..... ලොකු බේබී ....* *මොකද සිගිතීයෝ.* ගෙදර වැඩට සිටින කුඩා කොලු ගැටයා කාමරේ දොර අභියස නතර වී කෑ ගහන්න ගත්තා. *මොකද්ද ... මේ .. කියන්න අාවේ.. මේ .. මේ මතක නෑනේ හ්හ් ලොකු බේබී.* ඔහුගේ හැසිරීම දැක මගේ මලානික මුහුනේ සිනහවක් ජනිත වුනා. ඔහුට දැන් කියන දෙය දැන් අමතක වෙන සුලු නෙනෙක්. දවස පුරාම අප්පවිගෙනුත් , අම්මාගෙනුත් බැනුම් අැහුවේ ඒනිසාමයි. නමුත් අප්පචීට ඔහු නැතුවම බැරි කෙනෙකී. ඔනෑම මොහොතක සිගිතී මෙහෙ වරෙන් කියා ගත් ගමන් තමා හිටියි. මගෙ මුවට පොඩි හෝ හිනාවක් අැති වුනේ සිගිති නිසායි. *තටබන්නේ නැතුව පණිවිඩේ කිහපන් සිගිතියෝ.* *ලීලම්මා නම් කියයි හ්හ් . මම ඒපෑ මතක තියා ගන්න හ්හ්.* *අනේ ඔබ පණිවිඩේ මතක් කරද්දී නාකී මට පුලුවන් දහපාරක් පණිවිඩය අහන් ඒන්න.* *ඉතිං අහන් ඒන ඒකනේ හ්හ් මෙතනට වෙලා බලන් ඉන්නේ හ්හ්.*. ලීලම්මා සිගිතිට ගස්සා ගෙන පහත මාලහට බැස යන්නට වුනා. *මොකක්ද සිගිතියෝ පණිවිඩේ* *ඒක තමා ලොකු බේබී මාත් කල්පනා කලේ හ්හ්.. ලොකු මහත්තයා කිව්වා හ්හ් . මහත්තයා බලන්න කව්ද මනමාල මහත්තයෙක් ඒනවා කියලා හ්හ්. ලොකු බේබිට අැදුමක් තෝරගන්න ඒන්න කියලා හ්හ්.* *අා ..අැත්තද..* මම මුවට අා සිනහව තද කර ගනිමින් කීව්වා. *මොකද ලොකු බේබී හිනා වෙන්නේ හ්හ්.* *ලොකු මහත්තයා බලන්නද ? මනමාල මහත්තයා ඒනවා කිව්වේ.* *නෑ නෑ චූටි බේබී බලන්න හ්හ්. පොඩ්ඩක් අමතක වුනා හ්හ්.* *හරි හරි සිගිති යන්න මම ඒන්නම්.* *ඒන්න ඔනේ ඔන් ලොකු බේබී ..-* සිගිති පිටව යනවත් සමගම මම විශාල කැඩපත ඉදිරියට ගොස් අවුල් වූ හිසකේ අතින් සෑදුවා.දෙපතුල දක්වා දිගු සිය සාය සහ ඒයට සරිලන හැට්ටයක් අැද සිටි මගේ කෙසෙග සිරුර දෙස බලා දිගු සුසුමක් පිට කලේ මගේ පෙනුමට මම අකමැති නිසයි. උකුලෙහි අත්ල තබා බලද්දී හැට්ටයද කෙතරම් මට විශාල දැයි පෙනුනා. කිසිදා මගේ සිරුට ගැලපෙන අැදුමක් සොයා ගත නොහැකි යයි මම හිතුවා. කැඩපත තුලින් මා දැකීමෙන්, සිගිති නිසා මුවට නැගී තිබු සිනහව වියැකී ගොස් අප්‍රිය ජනක ස්වරූපක් අැති වුනා. මට මා ගැනම දුක සිතුනේ මා තව තවත් වයසට යන නිසා අවලස්සන බව වැඩි වී කිසිවෙකු මා හට කැමතී නොවන බව සිහි වීමෙනුයි. ඒනිසා තරයේ සිතා ගත්තේ නැවත විවාහයක් පිළබද නොසිතන්නයී. *ලොකු බේබී තව මෙතනද? ලොකු මහත්තයට කේන්ති යාවී.* ලීලම්මා නැවතත් කාමරයට හිස පොවමින් කිව්වා. *යමු . යමු..* මම කැඩපතින මෑත්ව පහල මාලයට යාමට අාවා . පඩි කීපයක් බැස ඒන විට අම්මා, අප්පච්චී අලින්දයේ සැප පහසු සෙටියේ වාඩී වී කතා බහ කරමින් හිටියා. නංගී තාත්තා අසල සෙටියේ අැන්ද මත වාඩී වී සිටින්නේ පොඩි ඒකියක් වගේ. *අා .. ලොකු දුව කොයි වෙලේද අඩ ගහලා මොකද මේ තරම් පරක්කූ.* අප්පච්චී මා දෙසට හැරී ප්‍රශ්න කරන්නට වුනා. *ඔය ඒන්න නැතුව අැත්තේ ඊර්ෂ්‍යාවට . මම කැමති කෙනාව මට බදින්න ලැබෙනවනේ. මෙයා ඉතිං ඒන ඒක මනමාලයෙකුට වත් කැමතී වෙනවා අෑ. ඊ ළග කොටසින් හමු වෙමු.. ඔන්න පළවෙනි කොටසින් කතාවෙ එන චරිත කිහිපය හිතේ මවා ගත්තා ... හොද කතාවක් කියවන්න පුළුවන් වෙයි වගේ සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 04:43 PM මියෙදෙන තුරා.. 02. වන කොටස. මට මෙවැනි නොක්කාඩු වචන නුහුරු දේවල් නොවුනත් තදින්ම හිත රිදී ගියේ අඩන්න ඉන්න මිනිහාගේ අැහැට අැගිල්ලෙන් අනිනවා වගේ ඒ ගැනම කියා රිදවීම නිසයි. ඒ පිළිබද තර්ක කිරීමෙන් අැති ඵලක් නොමැති නිසා මම නිහඩ හිටියා. ඒ නිහඩ කමම මට වරෙක අවාසියකැයි මට වැටහුනා. නමුත් අම්මා අප්පච්චී වුනත් මම කිියනා දේ ඒතරම් තැකීම් නොකල නිසා මම නිහටඩව සිල්ල බලා හිටියා. *ලොකු දූ හෙට නංගී බලන්න මනමාලයෙක් ඒන බව දන්නවා නේද?* *ඔව් අම්මේ* *අා මේ නංගී කියනවා හෙට ඔයාට ඔය අැදුම් අදින්න ඒපාලු.* *ඔව් ඔව්.. මේ .. ඔවා අැදන් නම් ඒ මිනිස්සු ඉස්සරහට ඒන්න ඒපා. මටත් ඒක්ක වස ලැජ්ජාව.* නංගී නිතරම මා හට අැමතුවේ, හදට පිහි තුඩින් අනිනවා වගේ. මා දෙස නොරිස්සුම් බැල්මක් හෙලමින් , අැය ඒය කීවේ සමච්චලයට හිනාවෙමින්. *මට මොකක්ද අදින්න කිහන්නේ අම්මේ. සාරියක්ද?* *මේ මේ හලෝ පිස්සුද? මනමාලි වුන මං වත් සාරී අදින්නේ නෑ. මාෙන විකාර වැඩක්ද සාරී පටලන් ඉන්නවා කියන ඒක.අනික ඒයා ඒන්නේ මාව බලන්න ඔයාව බලන්න නෙමේ.* *මම කිව්වේ නෑනේ ඒහෙම.* මම ඉතා සාවදානව කීව්වා. මට කෙතරම් දේ කිව්වත් මා කා සමග වත් ඒකට ඒක පවසා ගෙන නොයයී. බොරුවට වචන විසි කිරීම අපරාදයක් ලෙස සිතා මම නිහඩ වුවත් ,ඒය මගේ මෝඩ කමය කියා ඔවුන් හිතවනා විය හැකියී. *ඒහෙනම් සාරී අදින්න අහන්නේ.* *ඉතිං නංගී මට මොනවද අදින්න කියන්නෙ . මට නම් බෑ ඔයා අදින විකාර නම් අදින්න.* *අා දැන් මම අදින ඒවාද විකාර, ඔයා අදින ඒවා හරිම ලස්සනයි කියද හිතන්නේ , ඔිවා මහා ගොබ්බ පාටයී, හැටි විතරක්.* නංගී ලහි ලහියේ කුඩා මේසය මත වූ කවර මලූ කීපය අවුස්සන්නට වුනා.මම තවමත් සෙටිය අසල සිටගෙන බලන් ඉන්නවා. ඒක් කවරයකින් අැද ගත් අැදුමක් නංගී මා වෙත විසි කලේ කෝපයෙන්. *අා.. ඔික අැදන් මිසක් හෙට පහලට ඒනන ඒපා.* අැය මා හට තර්ජනාත්මක ස්වරයෙන් කියද්දී, මම නිහඩව, බිම පතිත වු අැදුම අහුලා ගත්තා. අැදුම දිග හැර මම අැගට තියලා බැලුවා. දනහිසටත් අගල් පහ හයකටත් වඩා කෙටී ඩෙනිම් රෙද්දෙන් මසන ලද සායක් සහ අත් නොමැති බැනියම දැකීමෙන්, ඒය දැකීම පවා මා හට අප්‍රිය වුනා. *අනේ මට නම් බෑ අම්මේ මේවා අදින්න.* *අා ඒහෙමද ඒහෙනම් ඔයාගේ වැදගත් අැදුම් අැදන් නම් පහලට ඒන්න ඒපා. මට අක්කෙක් නෑ කියනවා.* *මම බලන්න නෙමේනේ නංගියෝ ඒයාලා ඒන්නේ .මම මොකක් අැන්දම මොකෝ* *මොකෝ මොකෝ තමා..* අැය සෙටි අැන්දෙන් බිමට පැන මගේ අැට කඩා පැන්නේ යක්ෂණියක් ලෙසින්. *මම කිව්වා ඒක පාරක් මේක අැදන් මිසක් පහලට ඒන්න ඒපා. ඔයාගේ සිරි යහනටම වෙලා ඉන්නවා. මට කැමති නෑ මම ගොඩේ පව්ලකින් නගරෙට ගිහින් පොෂ් වුන් කෙල්ලෙක් කියලා ඒ මිනිස්සු හිතනවට.* *අනේ ලොකු දූ හෙටට විතරක්, මේන් මෙයා වෙනුවෙන් ඔික අදින්න.* අම්මත් නංගිගේ විගඩන් වලට හවුල් වීම මට ඉවසන්න බැරි වුනා. නංගී අෑත් අැගේ ඉගටියේ ගසාගෙන කෝපාන්විතව මම දිහා බලන් ඉන්නවා. *අයියෝ අක්කේ ඔයා දැන් වත් පොඩ්ඩක් පොෂ් වෙන්නකෝ .ඒතකොට කොල්ලෝ වුනත් පස්සෙන් ඒවී .* ලොකු මල්ලිගේ බිිරිද වු සේනාදී කුසුම් විජේසිංහ නම් නැනා ද සියල්ලන්ගේ මතයට ඒකගතොව දක්වමින් අාලින්දයට අාවා. ධනවත් පවුලක දියණිනක් වූ අැයද නංගිගේ අදහස්ම අැති කෙනෙක්. ඒක නිසාම නංගී මට වඩා සේනාදීට කිට්ටු වුනා. දෙපාර්ෂවයේම ධනය තර කර ගැනීමේ අදහසින් නිරෝෂන විකුම් රණසිංහ සමග විවාහා වී මෙම නිවසට පැමිනි අැය, දරු දෙදෙනෙකුගේ මවක් වුවත්, අැය සුන්දර රූසපුවක හිමිකම් කිව්වා. *අනේ මට කොල්ලෝ ඔිනෙත් නෑ. අැදුම් ඔීනෙත් නෑ. මම යනවා.* මම අැදුම නංගිගේ අතට දෙමින් පඩිපෙල දිගේ ඉහල මාලයට දුවගෙන ගියේ දුක හිතෙහී තද කරගෙන. කාමරය වැදී අැතුලතින් අගුලු දමා ගත්තා. කියන්නට කරන්නට දෙයක් සිතා ගන්නට නොහැකිව, අැදෙහී වැතිරී කදුලු සලන්නට පටන් ගත්තා. *ලොකු බේබී .. ලොකු බේබී..හ්හ්* මොහාෙතකින් සිගිතිගේ කටහඩ දොර ළගින් අැසිීම හේතුවෙන් කදුලු පිස දමමින් අැද මත හිදගත්තා. *ලොකු බේබී... හ්හ්* *අැයී සිගිතියෝ...* මම බිදි ගිය කටහඩ යටපත් කර ගැනීමට වෙහෙසෙමින් කිව්වා. *මේ .. මේක දෙන්න කිව්වා.හ්හ්* *ඔතනින් තියලා යන්න සිගිතියෝ මම ගන්නම්.* *ලොකු බේබී අඩනවද? හ්හ් මටත් දුක් හිතෙනවා. හ්හ්* *නෑ නෑ සිගිතියෝ. මම අඩන්නේ නෑ.* *මම බලන් හිටියේ හ්හ්. චූටී බේබී කියවපු දේවල් හ්හ් . ලොකු බේබී ඔිවා හිතන්න ඒපා. ලොකු බේබී තරම් මේ ගෙදර කවුරුත්ම හොද නෑ.. හ්හ්* මගේ නෙතෙහී කදුලු තවත් වේගවත් වුනා. කොට්ටයේ මුහුන හොවාගෙන ඉකි බිදින්ට වුනේ හිතේ දුක අඩු කර ගන්නට සිතමින්. *ලොකූ බේබී ..හ්හ්* *මට වද නොදී ඔතනින් තියලා යන්න සිගිතීයෝ.* මම සිගිතිට ටිකක් සැරෙන් කතා කලේ නිදහසේ ඉන්න අවශ්‍ය වූ නිසා. *මම යනවා ලොකු බේබී.. හ්හ් අඩන්නේ නැතුව ඉන්න.* සිගිති පඩිපෙල බැස පහළට යන හඩින් සිත නිදහස් වු මම තව තවත් අැදෙහී ගුලි වෙමින් කල්පනා කරන්න පටන් ගත්තා.හෙටෙ ගෙදර සියලූ දෙනාම ඉන්න බව සිහිපත් වී හිත තවත් කලබල් වුනා.නිවසේ සියලු දෙනා මැද කාලය ගත කිරීම මට ඉතා අපහසු කාර්යයක් වුයේ ,ඔවුන්ගේ නොයෙක් හැසිරීමි බලා හිදිම හා මට කියනා වවන ඉදිකටු තුඩු මෙන් හදෙහී අැනී වේදනා ගෙන දෙන නිසායී. රෑ අාහාරය ගැනීමට කීපවරක්ම කතා කලද මම නැසුනා මෙන් හිටියේ කෑම මේසයට ගොස් තවත් හිත රිදවා ගත නොහැකී කියා සිතූ හේතුවෙන්. *ලොකු බේබී.. ලොකු බේබී...* පාන්දර මම අවදී වුනේ ලීලමිමාගේ කටහඩ අැසීමෙනී.රාත්‍රියේ මට ඉබේටම නින්ද ගොස් තිබුනා. මගේ හිත අායෙත් අවුල් වී ගියේ අද නේද නංගීනේ මනමාලයා ඒන දිනය යන්න සිහිපත් වීමෙනුයී. ඊ ළග කොටසින් හමු වෙමු.. isurusamSuper Senior MemberPosts:7342 13 Oct 2016 12:04 PM ගොඩක් ලස්සනයි ........... සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 11:50 AM මියෙදෙන තුරාම කියවන්න වෙයි. මම තාම අවසානේ ගැන හිතලාවත් නෑ.. DanuLiyanageVeteran MemberPosts:3457 13 Oct 2016 10:33 AM mmm meka nal lassanayi wage sha733Super Senior MemberPosts:7332 13 Oct 2016 06:35 AM ආයෙත් එනකං මග බලා හිදීමක් තමා තියෙන්නේ මීට කලින් එකක් දාල පිස්සු වැට්ටුව මේකත් එහෙම වෙයි මගක් යද්දි kingDVeteran MemberPosts:3405 13 Oct 2016 06:32 AM දොරට වැඩුමට රජතුමා එනකං හිටිය එක හොදයි සඳුනිVeteran MemberPosts:2462 12 Oct 2016 05:21 PM මියෙදෙන තුරා.. 01. වන කොටස. මා ඒක්ටැම් ගෙයක සිරවී අැතයි සිතමි. මා සගවා තැබී මේ කිසියම් වටින්කමක් හෝ පැහැදිලි හේතුවක් අැතැයී මා නොසිතෙයී. කිමද මා පැහැර ගෙන යාමට කුමරෙක් නැත. මාමාවරුන් මරණවා යැයී අනාවැකියක්ද නැත. නමුදු මා මේ දෙමහල් විසල් මැදුරේ , සුවිසල් කාමරයක සිරකාරියක් වී අැත. අතට පයට මෙහෙකරමවන්, දෙව් ලොවක සම්පත් තිබුනද සිත තුල කිසිදු සතුටක් තිබුනේ නෑ. අදුර කෙමන් අාලෝකය ගිල ගමින් පවතින මොහොතේ මම ජනෙල් කවුලුව අසලට වී පිටත බලා සිටියා. කවුලුවෙන් පිටත ලෝකය ඉතා බියකරු ලෙස පෙනෙන්නේ මං දැයී මම දන්නේ නැහැ. නමුදු ඒ ලොකයට මා නොගැලපෙන බව හෝ නොගලපා අැති බව පමනක් මම දනී . මා හට කවුලුවෙන් පෙනුනේ සැමදා මෙන් සුපුරුදු රූස්ස ගස් කීපයත්, ඒ අතරින් ගිනි ගත් හිරු කදු අතර සැවන අයුරුත් පමනයි. *ලොකු බේබී .... මොකද තවමත් ඔය ජනෙල් අැරගෙන. ලොකු නෝනා ඒහෙම අාවොත් මටත් ඒක්ක දොස් අහන්න වේවී.* ඒය මා හට සැමදා සුපුරුදු වැකියක්. සැමදා මෙලෙස ගස් පෙල අතරින් හිරු අවරට යාම බලා සිටීම මගේ පුරුද්දක් වෙලා තිබුනා. ලීලමිමාගේ වදන සවනට වැකුනත් මම නොඅැසුනා මෙන් ජනෙල් කවුලුවෙන් තවත් ටිකක් පිටතට නැබුරු වුනා. ලීලම්මා නම් මෙම නිවසේ පැරණිම මෙහෙකාරියයි. නමින් ලීලාවතී නම් වූ අැය මා දන්නා කාලයේ සිට මෙම පවුලට ලැදිව සේවය කරයි. කුඩා අවදියේ සිට අප උකුලේ හොවා, නළවවා, කවා , පොවා රැක බලා ගත් නිසා , මවුටත් වඩා අප අැයට කිට්ටු වුනා. *මොකද ලොකු බේබී අද අමුතු විදිහක්.* වෙනදා ලීලම්මාගේ වදනින් කවුලුෙවන් ඉවත්ව ජනෙල් පිහන් වසා දැමීමට ඉඩ දෙන නිසා, අැය පුදුමව අැති බව මට තේරුනා. *අනේ මංදා ලීලම්මේ.* *ලොකු බේබී දුකකින්ද ඉන්නේ* පහලින් අප්පව්වීගේ කාරය ගරාජයට දමන හඩ අැහිලා මම ඒ දෙස බැලුවා. *අාන් ලොකු මහත්තයයී පොඩි බේබී අාවා. යමු යමු ලොකු බේබී පහලට.* යැයී පවසමින් ලීලම්ම ලහි ලහියේ ජෙනෙල් කවුලු වසන්න වුනා. *යමුකෝ ලොකු බේබී* *මට බෑ ලීලම්මේ. ලීලම්මා යන්න.* *පුංචි බේබී හෙට අදින්න අැදුම් අරන් අැවිත් අැති.* *මොකක් හරි කොට කෑල්ලක් අරන් අැවිත් අැතී.* මම අකමැත්ත ප්‍රකාශ කරමින් අැදෙහි කොනක වාඩී වුනා. *රට ගිහින් අාපු හින්දා පුංචි බේබී සංකර සිරිත් වලට පුරුදු වෙලා. අනේ මංදා ඔවා අදින්න විලිසංගයක් නැද්ද කියලා. පුංවි කාලේ වත් නොඅැදපු තරම් කොටටනේ දැන් අදින්නේ. ලොකු බේබිවත් පොඩ්ඩක් කියලා බලන්නකො.* ලීලම්මා කම්බුලේ අතක් ගසා ගනිමින්, දැඩි සිත්තැවුලෙන් කීව්වා. *ඒයා කවද්ද ලීලම්මා මං කියන ඒවා අැහුවේ. අප්පව්වී කියන දෙයක් වත් අහනවද?* *ඒක නේන්නම් ලොකු බේබී. හෙට ඔය ඒනවා කියන හාදයත් මොන ජතියෙද දන්නේ නෑ. මේ ලොකු නෝනලත් මොකුත් කල්පනා කරන්නේ නෑනේ. ලොකු බේබී ගෙදර ඉද්දී පුංවී බේබිට මනමාලයේ බලනවා.* මගේ හිත කම්පාකරවන ඒකම කරුනද මෙයයි. නමින් නිල්මීණී සුබෝදනී වීරසිංහ වන මා ජීවිතෙන් තිස් හතර වසරක් නිමා කල අවිවාහක තරුණියකි. පවුලේ වැඩිමහල් දියණිය වන මා හට ඒක් නැගණියක් හා මල්ලිලා දෙදෙනෙක් සිටී. පුංවී මල්ලී නිලූක සුනෙත් වීරසිංහ වැඩි දුර අධ්‍යාපනයට විදේශ ගත වී, හිතු මනිපයට විදේශික තරුණියක් සමග විවාහා වී සිටී.ඔහු මව් රටට නොඒන්නට තීරනය කර අැත. ලොකු මල්ලී නිරෝෂන විකුම් රණසිංහ, දෙදරු පියෙකි, පියා ගිය මගම යමින් දේශපාලනයට අවතීරනය වී සිටී. ඔහුගේ බිරිදත් දරු දෙදෙනත් ජීවත් වන්නේ මෙම නිවෙසෙමයි. බාල නැගනිය නිලුෂා නුවංගී රණසිංහය. විදෙස් ගතව වැඩිදුර අධ්‍යාපනය නිම කොට සති දෙකකට ප්‍රථම මෙරටට පැමින සිටී. විසි හතරවන වියෙහී පසුවන අෑ බෑලීමට හෙට දිනයේ මානාලෙයෙක් පැමිනීමට සියලු කටයුතු සූදානම් වෙමින් තිබේ. අැරත් මෙය අැගේ කැමැත්ත මත සිදුවන පැමීනීමකී. විදේශ ගතව සිටි සමයේ අැති කරගත් අාදර සම්බන්දතාවයක් නිසාවෙන් සිදු වෙන්නට යන විවාහායකි . මා සිත තුල අැත්තේ ඊර්ෂ්‍යාවක් නොව, මා ගැනම ලැජ්ජාවක් හා දුකකි. මට මතක අැති අයුරින් මම බැලීමට මනාලයින් තිහ හතලිහකට අාසන්න ප්‍රමානයක් පැමින අැත. ඒ ඒන හැම අයෙකුගේම මට අැදයක්, කීමට දොසක් තිබුනා. සමහරුන් මගේ කෙසග සිරුර හා මලානික මුහුන නිසා මට අකැමැත් වන්න අැතැයී මට සිතනවා. තවත් සමහරුන් ඉහලින්ම මට කැමතී වුවත් , මම වෙනුෙවන් ලැබෙන දෑවැද්දට ලෝභ කම් කරනවා යැයී මම සිතුවා. *ලොකු බේබී ..... ලොකු බේබී ....* *මොකද සිගිතීයෝ.* ගෙදර වැඩට සිටින කුඩා කොලු ගැටයා කාමරේ දොර අභියස නතර වී කෑ ගහන්න ගත්තා. *මොකද්ද ... මේ .. කියන්න අාවේ.. මේ .. මේ මතක නෑනේ හ්හ් ලොකු බේබී.* ඔහුගේ හැසිරීම දැක මගේ මලානික මුහුනේ සිනහවක් ජනිත වුනා. ඔහුට දැන් කියන දෙය දැන් අමතක වෙන සුලු නෙනෙක්. දවස පුරාම අප්පවිගෙනුත් , අම්මාගෙනුත් බැනුම් අැහුවේ ඒනිසාමයි. නමුත් අප්පචීට ඔහු නැතුවම බැරි කෙනෙකී. ඔනෑම මොහොතක සිගිතී මෙහෙ වරෙන් කියා ගත් ගමන් තමා හිටියි. මගෙ මුවට පොඩි හෝ හිනාවක් අැති වුනේ සිගිති නිසායි. *තටබන්නේ නැතුව පණිවිඩේ කිහපන් සිගිතියෝ.* *ලීලම්මා නම් කියයි හ්හ් . මම ඒපෑ මතක තියා ගන්න හ්හ්.* *අනේ ඔබ පණිවිඩේ මතක් කරද්දී නාකී මට පුලුවන් දහපාරක් පණිවිඩය අහන් ඒන්න.* *ඉතිං අහන් ඒන ඒකනේ හ්හ් මෙතනට වෙලා බලන් ඉන්නේ හ්හ්.*. ලීලම්මා සිගිතිට ගස්සා ගෙන පහත මාලහට බැස යන්නට වුනා. *මොකක්ද සිගිතියෝ පණිවිඩේ* *ඒක තමා ලොකු බේබී මාත් කල්පනා කලේ හ්හ්.. ලොකු මහත්තයා කිව්වා හ්හ් . මහත්තයා බලන්න කව්ද මනමාල මහත්තයෙක් ඒනවා කියලා හ්හ්. ලොකු බේබිට අැදුමක් තෝරගන්න ඒන්න කියලා හ්හ්.* *අා ..අැත්තද..* මම මුවට අා සිනහව තද කර ගනිමින් කීව්වා. *මොකද ලොකු බේබී හිනා වෙන්නේ හ්හ්.* *ලොකු මහත්තයා බලන්නද ? මනමාල මහත්තයා ඒනවා කිව්වේ.* *නෑ නෑ චූටි බේබී බලන්න හ්හ්. පොඩ්ඩක් අමතක වුනා හ්හ්.* *හරි හරි සිගිති යන්න මම ඒන්නම්.* *ඒන්න ඔනේ ඔන් ලොකු බේබී ..-* සිගිති පිටව යනවත් සමගම මම විශාල කැඩපත ඉදිරියට ගොස් අවුල් වූ හිසකේ අතින් සෑදුවා.දෙපතුල දක්වා දිගු සිය සාය සහ ඒයට සරිලන හැට්ටයක් අැද සිටි මගේ කෙසෙග සිරුර දෙස බලා දිගු සුසුමක් පිට කලේ මගේ පෙනුමට මම අකමැති නිසයි. උකුලෙහි අත්ල තබා බලද්දී හැට්ටයද කෙතරම් මට විශාල දැයි පෙනුනා. කිසිදා මගේ සිරුට ගැලපෙන අැදුමක් සොයා ගත නොහැකි යයි මම හිතුවා. කැඩපත තුලින් මා දැකීමෙන්, සිගිති නිසා මුවට නැගී තිබු සිනහව වියැකී ගොස් අප්‍රිය ජනක ස්වරූපක් අැති වුනා. මට මා ගැනම දුක සිතුනේ මා තව තවත් වයසට යන නිසා අවලස්සන බව වැඩි වී කිසිවෙකු මා හට කැමතී නොවන බව සිහි වීමෙනුයි. ඒනිසා තරයේ සිතා ගත්තේ නැවත විවාහයක් පිළබද නොසිතන්නයී. *ලොකු බේබී තව මෙතනද? ලොකු මහත්තයට කේන්ති යාවී.* ලීලම්මා නැවතත් කාමරයට හිස පොවමින් කිව්වා. *යමු . යමු..* මම කැඩපතින මෑත්ව පහල මාලයට යාමට අාවා . පඩි කීපයක් බැස ඒන විට අම්මා, අප්පච්චී අලින්දයේ සැප පහසු සෙටියේ වාඩී වී කතා බහ කරමින් හිටියා. නංගී තාත්තා අසල සෙටියේ අැන්ද මත වාඩී වී සිටින්නේ පොඩි ඒකියක් වගේ. *අා .. ලොකු දුව කොයි වෙලේද අඩ ගහලා මොකද මේ තරම් පරක්කූ.* අප්පච්චී මා දෙසට හැරී ප්‍රශ්න කරන්නට වුනා. *ඔය ඒන්න නැතුව අැත්තේ ඊර්ෂ්‍යාවට . මම කැමති කෙනාව මට බදින්න ලැබෙනවනේ. මෙයා ඉතිං ඒන ඒක මනමාලයෙකුට වත් කැමතී වෙනවා අෑ. ඊ ළග කොටසින් හමු වෙමු.. RosiSuper Senior MemberPosts:5335 12 Oct 2016 07:34 AM Posted By DanuLiyanage on 11 Oct 2016 06:12 AM kello kawqadda atta kiwwe. hamadama boru kiwe bor kale දම්මි සුගත් තනි කරාට හිතට දුකක් එක් කරාට හැම කෙල්ලම එක මිම්මෙන් එපා මනින්න DanuLiyanageVeteran MemberPosts:3457 12 Oct 2016 06:39 AM Posted By සඳුනි on 11 Oct 2016 08:05 AM Posted By DanuLiyanage on 11 Oct 2016 06:12 AM kello kawqadda atta kiwwe. hamadama boru kiwe bor kale වෙන්ඩ රජ තුමා මම බොරු කිව්වේ නෑ හරිද?. ඔය තියෙන්නේ අලුතු කතාවේ පිට කවරය. මම පටන් ගත්තු දෙයක් සාධාරණ හේතුවක් නැතුව නවත්තන්නේ නෑ හරිද? තරහ ගියා කියලා දන්නවා මම කිව්ව දේට මටත් ඔන උනේ ඒකම තමා. මම කිව්වෙ ඇත්ත DushanVeteran MemberPosts:2536 12 Oct 2016 05:18 AM ලියමු ලියමු මේ කතාවත් එහෙනම් ඉක්මනටම සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 11:50 AM බලමු ඉතිං... ගීත්New MemberPosts:55 11 Oct 2016 11:44 AM මියෙදෙන තුරා කතා ලියනව නේද හී හී සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 08:05 AM Posted By DanuLiyanage on 11 Oct 2016 06:12 AM kello kawqadda atta kiwwe. hamadama boru kiwe bor kale වෙන්ඩ රජ තුමා මම බොරු කිව්වේ නෑ හරිද?. ඔය තියෙන්නේ අලුතු කතාවේ පිට කවරය. මම පටන් ගත්තු දෙයක් සාධාරණ හේතුවක් නැතුව නවත්තන්නේ නෑ හරිද? සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 08:03 AM Posted By indika76 on 11 Oct 2016 05:34 AM මේ කෙල්ල අපිව රවට්ටනවා වගේ.. බොරු බලාපොරොත්තු දෙනවා... මොකද්ද අනේ මම දුන්න බොරු බලාපොරොත්තුව. DanuLiyanageVeteran MemberPosts:3457 11 Oct 2016 06:12 AM kello kawqadda atta kiwwe. hamadama boru kiwe bor kale indika76Most Senior MemberPosts:10470 11 Oct 2016 05:34 AM මේ කෙල්ල අපිව රවට්ටනවා වගේ.. බොරු බලාපොරොත්තු දෙනවා... සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 01:08 AM සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 01:07 AM රජ වරු වගේ වුනාට නියෝග දෙන්න බෑ රජ වෙලා ඒන්නකෝ අෑ...... DanuLiyanageVeteran MemberPosts:3457 11 Oct 2016 12:35 AM අපි හැමදාමත් රජවරු වගෙ තම ඉන්නේ සඳුනිVeteran MemberPosts:2462 10 Oct 2016 11:17 PM ඒක තමා .. ඒයත් රජ වෙන්නද දන්නේ නෑ යන්නේ.. RosiSuper Senior MemberPosts:5335 10 Oct 2016 08:17 PM Posted By DanuLiyanage on 10 Oct 2016 01:45 PM දාපිය ඉක්මනින් අපේ රජතුමා හොදයිනේ තව ,,,මෙයාගේ සැර DanuLiyanageVeteran MemberPosts:3457 10 Oct 2016 01:45 PM දාපිය ඉක්මනින් සඳුනිVeteran MemberPosts:2462 10 Oct 2016 01:34 PM Posted By indika76 on 10 Oct 2016 12:33 PM අපි මියෙදෙන තුරා මේක නොඒවිද? ඒවී ඒවී ළගදි මියෙදෙන්න පෑන් කරන් ඉන්නවද? isurusamSuper Senior MemberPosts:7342 10 Oct 2016 12:41 PM ඉක්මනට දාන්න කතාව ................... indika76Most Senior MemberPosts:10470 10 Oct 2016 12:33 PM අපි මියෙදෙන තුරා මේක නොඒවිද? සඳුනිVeteran MemberPosts:2462 10 Oct 2016 08:35 AM හී DushanVeteran MemberPosts:2536 10 Oct 2016 04:53 AM තවත් කතාවක් වගේ නෙහ් නියමයි සඳුනිVeteran MemberPosts:2462 09 Oct 2016 08:30 PM ළගදීම........ ඉවසන්න වෙනවා. RosiSuper Senior MemberPosts:5335 09 Oct 2016 08:10 PM ම්ම්ම් අපි ඉඩදෙනවා මේ ඕනෑම දෙකට ..කෝ ඉතින් සඳුනිVeteran MemberPosts:2462 09 Oct 2016 07:46 PM හා හා බලන් ඉන්න දෑස් දල්වා......... indika76Most Senior MemberPosts:10470 09 Oct 2016 07:37 PM හසරැල්ල දැකගන්න, කඳුලැල්ල සගවන්න, සැනසිල්ල ලැබගන්න සිහිනයට ඉඩදෙන්න අපි බලා සිටිනවා.. සඳුනිVeteran MemberPosts:2462 09 Oct 2016 03:28 PM සඳුනිVeteran MemberPosts:2462 09 Oct 2016 03:25 PM ළගදීම..........