You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Dec 2016 11:52 PM by  Samantha Abayasekara
මියෙදෙන තුරා..........
 254 Replies
Sort:
Page 10 of 13 << < 89101112 > >>
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
07 Nov 2016 05:22 AM
  •  Quote
  •  Reply
හෙට කියවන්න... හ්හ් හ්හ් හ්හ් ..
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Nov 2016 04:58 PM
  •  Quote
  •  Reply

38. වන කොටස.


මියෙදෙන තුරා.....


           මට නැවත සිහි එන විට මම වුන්නේ කාගේ හරි සවිමත් දෑතක් මත.

 යන්තමින් බොදවු රූපයක් මට පෙනුනත් කවුද කියා අදුරා ගන්න තරම්

 ඒ පෙනීම සමත් වුනේ නැ. නමුත් සියල්ලන්ගේ  කටහඩවල් කෑ ගැසීම්

 මට අෑතින් වගේ අැහුනා.


'' යකෝ මූට කොහෙන් අපු හයියද්ද මේ. දාපන් ලොකු අක්කව අැතුළට.''


'' මේ අැමති බේබී මට කියලා මුළු පට්ටන්දරයම දිගෑර ගන්නේ නැතුව මෙතනින් ගියානම් හොදයි.''


'' උබට මොකද්ද තියෙන අයිතිය අපේ ඒකීව මෙහෙ තියා ගන්න.''


''අැමති බේබී නැට්ට පාගන් වගේ.''


      වදන් ඒකින් ඒක අැහෙද්දී මම දැන ගත්තා මම ඉන්නේ විජී අයියාගේ දෑත මත කියලා. තද ඔලුවේ කැක්කුමත්, සිරුරේ අප්‍රාණික බවත් නිසා මට දෑස් අරින්නට සිත් වුනේ නෑ. තවමත් තදින් දැනුන පපුවේ වේදනාව මට දරා සිටීම අපහසු වුනා.  මද සිහියක් තිබු නිසා වැටේවි කියා බයෙක් දැනුන නිසා මම පොඩි දරුවෙක් වගේ විජී අයියගේ කර වටා අතක් දමා ගත්තා.


'' අැයි නිල්මී නගා. ඉක්මණට යමු අැතුළට.''


'' ම..ට... අ...මාරු....යි''.


     විජී අයියා මාව උස්සගෙන කොහොට හරි රැගෙන යන බව මට දැනුනා.


'' ඒ අඩෝ මාව කැබ් ඒකෙන් බස්සන්නේ නැතුව දාපන් ඔකිව කැබ් ඒක අැතුළට.''


''ඔහෙලගේ කවුරුත් මෙහෙ නෑ. දැන් නිල්මී නගා අයිති මට.''



'' අප්පට සිරි කවදද නගා වුනේ.''


'' අැයි අැමති බේබී දන්නේ නෑ වගේ. මේ මගේ කසාද බිරිද?''.


        වෙන මොනවා නොඅැසුනත් මට ඒ වචනය නම් හොදටම අැසුනා. අැයි විජී අයියා ඒහෙම කිව්වේ. මට දැනුනේ පුදුමයක්. නමුත් යටි හිතට මට වටහා ගන්නට නොහැකි සතුටක් දැනුන බව නම් මටත් අපැහැදිලි කරුනක්.


'' ඒකත් ඒහෙමද?. නැගහල්ලා වාහනේට . අපි යමන් යන්න. ඒක ඒකාගේ ගෑනු අපට ගෙනියන්න ඔනේ නෑ.''


'' අාන් ඒහෙම යන ඒක තමා හොද? පවු මේ අහිංසකයන්ට බේත් ටිකක් වත් අරන් දෙනවා. තමුසෙලා සැප පුටු වල ඉද්දී මේ අහිංසකයෝ උබලා නිසා ඒක ඒකාගෙන් ගුටි කනවා.''


      විජී අයියාගේ කතාවෙන් තේරුනේ, චිත්‍රපට වල වීරයෙක් වගේ ලොකු මල්ලියේ ගෝලබාලයින්ට පහර දීලා මාව බේර ගෙන තියෙන්නේ කියලා.


''උබ ඔකිව බැද ගත්තට කමක් නෑ. අපිට නෑ කම් කියන්න වත් , දෑවැද්ද ඉල්ලන් වත් ඒන්න ඒපා. මොකද අපේ ලොකු අක්කා මැරිලා ඉවරයි . අපි අද හෙටම දානයක් දෙනවා.''


'' මගේ බල්ලාවත් ඒන්නේ නෑ උබලගේ කකුල් ලොවන්න. මට කියලා උබගේ දානේ දෙන්න ගෙදර උන්ට අවස්ථාව හදලා දෙන්න කලින් ගියා නම් තමා හොද?''


'' යමං''


       ඉන් පසු මහ හඩ නගාගෙන වාහන පෙළ නික්ම ගිය බව මට අැහුනා.

 

'' අනේ නිල්මී. අනේ වෙලාවට විජී අයියා අාවේ. නැත්තම් අර නරුමයෝ අපේ නිල්මිව අරන් යනවා.


'' හරි හරි ශාමී නගා. අැද හදන්න නිල්මි නගාව තියන්න.''


'' හරි විජී අයියේ.''


     ඔවුන් මාව අැද මත හාන්සි කරවා දිය බිදු කිපයක් මුහුණට ඉසිනු ලරබුවා.


'' දැන් හොදයි නේද නිල්මී නගා.''


''ප.. පුව රි..දෙන..වා.''


''අනේ අැයි නිල්මී.''


       අැදේ මා අසලින්ම ඉදගත් ශාමී මගේ පපුව අත ගාන්න ගත්තා . අැගේ මුහුනේ තිබුනේ මට දැනෙනවටත් වඩා ලොකු වේදනාවක්. මාස දෙකකට පසු මතු වූ වේදනාව මට අමතකව යමින් තිබු මරණය නැවත සිහි කැදවනු ලැබුවා.


'' තවත් රිදෙනවද නිල්මී.''


'' දැ...න් ටික...ක් අඩු...යි.''


'' ශාමී නගා ඔයාගේ අත තුවාල වෙලානේ. මේ ලේ ඒනවා''


'' අරුන් තල්ලු කරපු පාරට මම වැටුණනේ. වැලමිට අැනුනා. වැඩිය රිදෙන්නේ නෑ විජී අයියේ.''


     මම අමාරුවෙන් හිස උසවා අැගේ අත දෙස බැලුවා. වැළමිට අසල විශාල පෙදෙසක් සීරිලා. වැලි කැට අැණී අැති වු කුඩා කුඩා සිදුරු වලින් ලේ බිදු මතු වෙලා. මට දැනුනේ මං ගැනම කළකිරිමක්. මෙතරම් වෙලා හිතේ තද කර ගෙන වුන වේදනාව කදුළු බවට පත් වී දෙනෙක් වලින් රුරා වැටුනේ මොර ගෙඩි වගේ.


'' අනේ අැයි නිල්මි අඩන්නේ.''


''ඔයාලට මේ සේරම කරදර මම නිසා''


'' ඒහෙම කියන්න ඒපා නිල්මියෝ. ඔයාව අපිට හුගක් වටිනවා. ඔයා අපිට වදයක් නෙමෙ. ඔයා නිසා තමා මම අද දෙපයින් අැවිදින්නේ. ඔයා මං වෙනුවෙන් හැම දේම කැප නොකරන්න මම මෙලහට පොළවට පස් වෙලා.''


''අනේ  විජි අයියේ ශාමීගේ තුවාලෙට බේත් ටිකක් දාන්න.''


''අනේ ඔනේ නෑ. මේක පොඩි සීරීමක්නේ.''


''මෙන්න මෙහෙ ඒන්න ශාමී නගා පණ්ඩිත කම් නැතුව . තව ලේ ඒනවා.''


      විජී අයියා බලෙන්ම වගේ තුවාලය පිරිසිදු කරලා, බෙහෙත් වර්ගයක් අාලේප කලා. හිසේ බර ගතිය හැරුණ කොට දැන් මට වෙන අපහසුතාවක් නොදැනුන නිසා අැද මත වාඩී වුණා.


'' ඒ පාර කොහෙද නිල්මී නගා යන්න හදන්නේ.''


'' මට දැන් හොදයි අනේ''.


''සොරි නගා මට ඔයාලගේ අැමති මල්ලිට ලොකු බොරුවක් කියන්න වුනා.'


''ඒ මොකද්ද?''


     මම හොදටම දන්නවා ඔහු ඔය කියන්නේ මම ඒයාගේ විවාහක බිරිද කතාව වෙන්න ඔනේ බව. මගේ හිත හුගක් අාස වුණා ඒයාගේ කටින්ම අායි අායි ඒ වචන පෙළ අහ ගන්න. මට මේ මොනවා වෙලාද කියලා . මටම මමගැන කේන්ති .


'' මම ඔයාව මැරි කරා කිව්ව කතාව.''


'' ඒකට කමක් නෑ. අැයි ඒත් ඔයා ඒහෙම කිව්වේ.''


'' ඔයා වෙනුවෙන්.''



'' මම වෙනුවෙන්''


''ඔව්. දැන් අැමති බේබී අායි කවදාවක් නිල්මී නගා හොයන් ඒන්නේ නෑ. මොකද ඒයා හිතන්නේ ඔයා හිතුවක්කාර කමට මාව බැද ගත්තා කියලා.''


'' ඒක හොදයි. නැත්තම් මාව ගෙනියන්න අායිත් ඒයි.''


       ඉන් පසු උදා වු සමය නම් බොහොම සාමකාමී.  ලොකු මල්ලී කියා ගිය අයුරින්ම ගෙදර මා වෙනුවෙන් දානයක් පැවැත්වු බව පොඩ්ඩා අපිත් ඒක්ක කිව්වා. සියල්ලන්ම මට බැන වදිනවලු සැපට ඉන්න තිබුනා සුමේධ ළමයව මැරි කලා නම්, දැන් කොහෙද යන හිගන්නෙක් බැදගෙන දුක් විදිනවා කියලා.


     සැබවින්ම මගෙ හිත තුළ කැකැරෙන්නේ අමුතුම හැගුම් පොදියක්. ඒක මට කිසිදා නොදැනුන නමුත් සුන්දරම සුන්දර හැගීමක්. ඒත් ඉතින් නිතරම මගේ හිත පුංචී ඊර්ශ්‍යාවකින් වැහිලා ගියේ. ඒ හැගීම මට අයිති නෑ කියලා දන්න නිසා.


'' නිල්මී නගා කම්මැලි නැද්ද ගෙදරටම වෙලා ඉන්න.''


       දවසක් මම සැදෑවරුවක  මිදුලෙහි කොනක අටවා තිබු ලෑලි ගසා සෑදු  බංකුවක් මත වාඩි ගෙන නිසොල්මන්ව ඉදිද්දි,විජී අයියා ඒතනට පැමිණ මගේ හුදකලාව බිද දැමුවා.


'' කම්මැලී නම් තමා විජී අයියේ. කොහෙ කියලා යන්නද?. මට ගෙදර ඉන්නවට වඩා නම් මෙහෙ හුගක් හොදයි.''


''හ්ම්. කෝ ශාමී නගා''


'' තේ ඒකක් හදන් ඒන්න කියලා ගියා.''


''ගාමී නගා. මමත් ඉන්නවා හොදේ.''


      ශාමලිට ඔහු අා බව හඩ ගා කිවු ඔහු. මා හිද සිටි බංකුවේම කොනක වාඩි වී මා දෙස බැලුවා.


'' නිල්මී නගා.''


''හ්ම්.''


''ඒනවද මාත් ඒක්ක රවුමක් යන්න.''


''මම''


''ඔව් අකමැතිද මාත් ඒක්ක යන්න.''


'' නෑ නෑ අකමැත්තක් නෑ. කොහෙද යන්නේ.''


      ''ඉබ්බා දියට දැම්මම අැන්නෑවේ කිව්වලු'' මගේ හිත ඉල්ලන්නෙත් ඒක බව මම දන්නවා . ඒ නිසා දෙවරක් නොසිතාම කැමැත්ත ප්‍රකාශ කලා.


'' කොහේ හරි.''


'' ඒ කිව්වේ.''


'' ඔයා පොළේ ගිහින් නෑ කිව්වනේ . හෙට පොළ. හෙට යමු මාත් ඒක්ක.''


      හදිස්සියෙම මතක් වු වැදගත් කාරනයක් සේ ඔහු මා දෙසට නැඹුරු වී රහසින් වගේ කිව්වා. අැත්තටම විජී අයියා මට අාදරේ කරනවා වත්ද?


'' ශාමි යන්න දෙයිද?''


''විජි අයියා ඔයත් අාවද?. අයියෝ මම තේ දෙකයි හැදුවේ. අවුලක් නෑ අපි දෙන්න ඒක තේ ඒක බෙදන් බොමු.''


      හිත තුළ අැතිව  තිබූ නැවුම් හැගුම පහව, මේ සිදු වීම ගැන අකමැත්තක් සිත පහල වුනා.ශාමී විජි අයියට අාදෙරෙයි වගේ.;



ඊ ළග කොටසින් හමු වෙමු..

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
07 Nov 2016 10:35 PM
  •  Quote
  •  Reply
මට හිතුන වීජී අයියා සීන් එකට එන්ටර් වෙන බව.. මන් ඒත් බැලුව එන්න පරක්කු ඇයි කියලා .......
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Nov 2016 10:38 PM
  •  Quote
  •  Reply
ශාමි යන්න දෙයිද?
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
07 Nov 2016 10:45 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 07 Nov 2016 10:38 PM
ශාමි යන්න දෙයිද?
වීජී අයියට දෙන්නම ලව් වගේ .. නේද බන් ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Nov 2016 11:17 PM
  •  Quote
  •  Reply
පව් බන් අහින්සක විජියා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Nov 2016 12:38 AM
  •  Quote
  •  Reply
ඔන්න යාලුවෝ දෙන්න නයි මුගටි වෙන්න යන්නේ පුතේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Nov 2016 12:53 AM
  •  Quote
  •  Reply
හී තුං කොන් අාදරයක්.
සමකොණී ත්‍රිකෝණයකී. හී
ශාමී නගාටද?
නිල්මී නගාටද?
විජී අයියා සෙට් කරන්න ඔනේ.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Nov 2016 04:26 AM
  •  Quote
  •  Reply

39. වන කොටස...


මියෙදෙන තුරා..


      මට මම ගැනම අැති වුයේ කේන්තියක්. මියෙදෙන්නට සිටින බව දැන දැනත් මගේ හිතේ මේ අැති වෙන්නේ වැරදි හැගීමක්. මම ඔවුනගේ දර්ශනයෙන් නෙත් අහකට ගත්තා.


'' ශාමී නගා මම මේ නිල්මී නගාව රවුමක් ඒක්ක යන්න  හැදුවේ හෙට. පොළ දැකලත් නෑ කිව්වනේ''


''ඒහෙමද ඒත්. නිල්මීලගේ ගෙදර කවුරුත් දැක්කොත්''


       ශාමී මේ ගමනට අකමැතී ඒ කියන්නේ ශාමීගේ හිතේ  විජී අයියා ඉන්නවා. මම මේ ගමනට අකමැති වෙනවා. මට ඔනේ නෑ ශාමී දුක් වෙනවා දකින්න. කොච්චර වුණත් මම තමා ඒයාලා අතරට අා අතරමැදියා. මට පුළුවන් මම ජීවත් වෙන ටික කාලේ ඒයාලා සතුටින් ඉන්නවා දැකලා සතුටු වෙන්න.


''දකින ඒකේ නම් කිසි අවුලක් නෑ ශාමි නගා. කට්ටියම හිතන් ඉන්නේ මම  කුමාරිහාමිගේ නීත්‍යානුකූල ස්වාමියා කියලනේ. ''


'' ඒකත් අැත්ත.''


      ශාමිගේ හිතේ ඒ ගැන කිසිම කැමැත්තක් නැහැ. විජී අයියා මට ලං වෙයි කියලා බයක් ඒයාට අැති .මම අනුමාන කලා.


''අනේ මට ඒන්න බෑ විජී අයියේ.''


''පිස්සු නැතුව ලැස්තිවෙලා ඉන්න නිල්මී නගා. කිසි ප්‍රශ්නයක් අැති වෙන්නේ නෑ.''


''ඒහෙම ඒකක් නෑ. මට අැවිදින්න යන්න බෑ.''


''හරි හරි මාව විශ්වාස නැතුව අැතිනේ. කාගේ කවුද ,කොහෙන් අාවද ,කියලා වත් ඔයාලා දන්නේ නෑනේ. ඉතිං අවිස්වාස කරන ඒක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.''


''අනේ ඒහෙම නෑ විජී අයියේ.''


'' හරි හරි මම යනවා.  සුභ රාත්‍රියක් ශාමී නගා.''


       ඔහු පිට වුනේ මා සමග අමනාපයෙන් බව මට වැටහුනාත් කළ යුතු දෙයක් නෑ. කමක් නෑ ඔහුට මා ඒපා වෙන ඒකත් හොදයි .නැත්තම් ඒක ශාමීට ප්‍රශ්නයක් වෙයි.


'' මොනදව නිල්මී කල්පනා කරන්නේ. අැයි විජී අයියගේ හිත රිද්දුවේ.''


'' අනේ මන්දා මට යන්න අාසාවක් නෑ.''


       හිතකින් රිද්දුවා නෙමෙයි. මම මොනතරම් අාසද විජී අයියා ඒක්ක ඔය ගමන යන්න. ඒත් ඔයාගේ හිත රිද්දන්න බැරි නිසයි මම ඒයාගේ හිත රිදුදවේ. කියලා කියන්නට හිත කීවත් මම ඒ හැගීම යටපත් කර ගත්තා.


'' විජී අයියා කාගේ කවුරු වුනත් ඒයා ගැන අවිශ්වස කරන්න ඔනේ නෑ නිල්මී. මම ඒයාව දන්නේ මම අසනිප වෙන්නත් කලින්. මට දරුවා ලැබෙන්න ඉන්න කාලේ ඉදන්. ඒයා මම වෙනුවෙන් මොන තරම් දේවල් කරලා තියෙද? මගේ දරුවා වෙනුවෙන් මොන තරම් දේවල් කරලා තියෙද? පුතාටත් පණ වගේ අාදරෙයි. නිතර දකින්න හිටියේ විජී අයියා නිසා පුතා විජී අයියට තාත්තා කියන්නත් පටන් අරන් හිටියේ.''


     අැගේ වර්ණනාව මට පැහැදිළි කලා, විජී අයියා මටත් වඩා අැයට මොන තරම් ළගද කියලා.  මටත් වඩා විජි අයියා අැයට මොන තරම් වටිනවද කියලා.'' ඔයා විජී අයියට අාදරේ කරනවද ශාමි'' කියලා අහන්න මගේ මුවගට කීපවරක්ම වචන ගලන් අාවා. මම දන්නවා ඒකට ලැබෙන පිළිතුරු. අැගේ මුවින් ඒය අසා ගැනීමෙන් මට ලැබෙන්නේ තවත් වේදනාවක් පමණයි. ඒක නිසාම මම නිහඩ වුනා.


'' නිල්මි... මොකද සද්ද නැත්තේ.''



''හේෂාන්ට මොකද වුනේ ශාමී.''


''ඒයා රට ගිහින් කියලා තමා නිල්මී අාරංචී වුනේ.''


''අායි ලංකාවට ඒන්නේ නැද්ද?''


      මම ඒ දෙවල් අහන්නේ යටි අරමුණකින් කියලා මම දන්නවා. කෙතරම් සිත පාලනය කර ගන්නට සිතුවත්  , නොදැනීම මගේ හැගීම් වචන බවට පෙරළෙනවා.


'' ඒයිද දන්නේ නෑ නිල්මි. පුතා අරන් යන්න ඒයි සමහර විට. පුතා තාම ඉන්නේ හේෂාන් අයියලගේ මහ ගෙදර.''


'' අැයි ඒහෙනම් දරුවව අපි ගෙන්න යන්නේ නැත්තේ.''


'' විජී අයියා කීපසැරයක්ම ගියා  නිල්මී. උන් සල්ලීකාරයෝ. අපිට බෑ උන් ඒක්ක හැප්පෙන්න . ඒත් මම උසාවී ගිහින් හරි මගේ පුතාව මගේ ළගට ගන්නවා.''


'' ඒයාලට ඔයාව ඒපා නම් දරුවා ඔනේ අැයි.''


''මම දන්නේ නෑ නිල්මී.''


''අැයි අපි පොළිසි නොයන්නේ.''


''ඒවට වියදම් කරන්න සල්ලි කෝ අපිට. මම තව ටික දවසකින් අායි පැක්ට්‍රියේ වැඩට යන්න ඉන්නේ. ඒත් මට ඒතන වැඩ කරන්න බෑ හේෂාන් අයියාගේ මතකයනුත් ඒක්ක.''


'' ඒ කියන්නේ හේෂාන් කියන්නේ ඔයා වැඩකරපු තැන කෙනෙක්ද?''


       මම අැගේ පැත්තට හැරී විමසුවේ ඒ කතාව දැන ගන්නට මට තිබු නොඉවසිල්ල නිසයි.


''ඔව් ඒයා මම වැඩ කරපු පැක්ට්‍රියේ සර් කෙනෙක්.''



''අනේ ඉතිං ඔය සර්ලා විශ්වාස කරන්න බෑ කියලා හිතුනේ නැද්ද ශාමී.''


''හිතුවා හිතුවා නිල්මී. ඒයා මම වෙනුවෙන් හුගක් කල් බලන් හිටියා. ඒයා අවංකවම මට අාදරේ කළා.''


''ඒහෙනම් අැයි ඒයා ඔයාව තනි කලේ.''


''ඒක ඒයාගේ වරදක් නෙමෙයි නිල්මී. මට ඒයා ඒක්ක නිසිම තරහක් නෑ. මම දන්නවා කොහේ හිටියත් ඒයා මට අාදරෙයි. ඒත් ඒයාව මට කවදාවත්ම ලැබෙන්නේ නෑ කියන ඒක නම් මම ස්ථීරවම දන්නවා.''


''මට සේරම පැටලිලා ශාමී. ඒයා අවංක නම් ඔයා තනිවෙන්න විදියක් නෑ.''


'' ඔව් ඒයා හොද කෙනෙක්. හේෂාන් අයියා මගෙන් අාදරේ ඉල්ලුවේ මම මුලින්ම වැඩට ගිය කාලේ. ඒත් මම කැමති වුනේ නෑ මම දුප්පත් කෙල්ලෙක්. මට මල්ලිට උගන්වන්නත් තිබුනා. අනිත ඔය පොහොත් මිනිස්සු විශ්වාස කරන්නත් බෑ.''


''ඉතිං''


''පස්සේ අවුරුදු තුනක් ගෙවුනත් ඒයා මගෙන් අෑත් වුනේ නැ .සර් වුනත් මට හේෂාන් අයියා හොදම යාළුවෙක් වෙලා හිටියා ඒ වෙනකොට. ඒයාගේ හැමදේම වගේ මාත් ඒක්ක නිතර කිව්වා. මගේ හැම දෙයක්මත් ඒයා දැනන් වුන්නා. පැක්ට්‍රිය පුරාම පැතිරිලා තිබුනේ අපි අාදරවන්තයෝ කියලා. ඒත් අපි අතර ඒහෙම බැදීමක් තිබුනේ නෑ.''


''හ්ම්''


''මල්ලී ඒ දවස් වල කැම්පස් යනවා. ඒයා ඒ වැඩ වලටත් සල්ලී වියදම් කලා. මට ඒයාගේ  හැගීමක් නොතිබුනා නෙමෙයි. ඒත් මම ඒ හැගීම ඒයාට පෙන්නුවේ නෑ. අපි දෙන්නා අහසයි පෝළවයි වගේ නිසා.''


'' පස්සේ අැයි ඔයා කැමති වුනේ.''


'' හේෂාන් අයියා අපේ ගෙරට අැවිත් තාත්තාට යෝජනාව ගැන කිව්වා. තාත්තාත් කිව්වා. ඔය ළමයා ගෙදරින් කැමැත්ත අරන් ඒන්න මගේ අකමැත්තක් නෑ කියලා.''


''ඉතිං ඒයාලගේ ගෙදරින් කැමති වුනාද?''


'' නෑ හේෂාන් අයියා මගෙන් කල් ඉල්ලුවා. කවුරු අකමැති වුනත් ඒයා මාව බදිනවා කියලත් ඒයා මට පොරොන්දු වුනා. හේෂාන් අයියා මාත් ඒක්කම ගිහින් මගේ නමට ඉඩමක් ගත්තා. අපි ඒකේ ගෙයක් හදන්න පටන් ගත්තා.''


''හේෂාන්ලගේ ගෙදරට ඔවා අාරංචී වුනේ නැද්ද?''


''මොකද නැත්තේ . ඒ මිනිස්සු නොකරපු දෙයක් නෑ මේ සම්බන්දේ නවත් වන්න. ඒත් හේෂාන් අයියා වෙනස් වුනේ නෑ. අපේ සම්බන්ධයත් ඒ වෙනකොට හොදටම දුර දිග ගිහින් තිබුනේ.''


''ඊට පස්සේ.''


''පස්සේ හේෂාන් අයියා ඒක පාරටම වැඩට ඒන ඒක නතර වුනා. අපි දෙන්නා හොරෙන්ම කසාදය රෙජිස්ටර්කරන්න සුදානමින් ඉද්දි ඒක ඒයාලගේ ගෙදරට අාරංචී වෙලා තිබුනා. මට ඒයාව හම්බෙන්න විදිහකුත් නෑ. අන්තිමේදි මට අාරංචි වුනා ඒයා රට ගිහින් බව.''


'' ඒය ඔයාව රවට්ටලා ශාමී.''


''නෑ නෑ ඒයා මා රැවැට්ටුවේ නෑ. ඒක ඒයාට ගෙදරින් වුන බලපෑමක් වෙන්න අැති.''


'' පුතා හම්බුනේ කොයි කාලෙද?''


''හේෂාන් අයියා රට ගිහින් සතියක් යද්දී මම හොදටම අසනීප වුනා. වැඩකරන තැනට මූණ දෙන්නත් බැරි නිසා මම වැඩට යන ඒකත් අත් අැරලා දැම්මා. බෙහෙත් ගන්න ගියාම තමා දැන ගත්තේ මට පුතා ලැබෙන්න කියලා. තනි ගෑණියෙක් වෙලා දරුවෙක් ලැබෙන්න යන ඒක ගැන, ලොකේ මිනිස්සු මට මොනවා කියයිද කියන ඒක ගැන මට හිතුනේ නෑ. මම හේෂාන් අයියාගෙන් මට ඉතුරු වුන ඒකම දේට අාදරේ කලා. මම මගේ පුතාව මේ ලෝකෙට ගෙනාවා. ඔය ප්‍රශ්න මැද්දේ ඉද්දි තමා මට අහම්බෙන් විජි අයියා හම්බ වුනේ.''


''හ්ම්''


''පස්සේ හැම දෙකදිම විජි අයියා මට උදවු කලා. හේෂාන් අයියා දැනන් හිටියේ නෑ අපේ පුතා මේ ලෝකෙට ඒනකන්ම ඒයා තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා.''


'' ඒතකොට කොහොමද පුතා ඒයාලා ළගට ගියේ.''


'' පස්සේ හේෂාන් අයියාගේ යාළුවක් මට අහම්බෙන් හම්බුනා පුතාට බෙහෙත් විදින්න ස්පිරිතාලෙට ගිය වෙලේ. ඒයා තමා හේෂාන් අයියට විස්තරය කියන්න අැතිතේ. මොන දේ තිබුණත් මම පණ වගේ අාදරේ කරපු හේෂාන් අයියව මට නැති වුන දුකින් හෙම්බත්වෙලා මම හිටියේ. මීට මාස හතරකට කලින් දවසක හේෂාන් අයියලාගේ කට්ටිය අැවිත් දරුවා  අරන් ගියා.''


'' ඒක පාරටම .''


''ඔව් හේෂින් අයියට හිටියේ අක්කෙක් විතරයි. මොන සැප සම්පත් තිබුණත් බැදලා අවුරුදු අටක් ගත වෙලත් ඒ අක්කට දර්වෝ හිටියේ නෑ. ඒක නිසා ඒයාලට හේෂාන්  අයියාගේ ලෙයින් හැදුන දරුවා හුගත් වටිනවා. පුතාට නම් හැමෝම පණ වගේ අාදරෙයි. ඒත් ඒයා මගේ පුතා . මම කොහොමද ඒයා නැතුව ඉන්නේ.''


''පුදුම මිනිස්සුනේ.''


'' අනේ මගේ පුතාව මට ඔනේ නිල්මි''


     මෙතරම් වෙලා නෙතින් වෑස්සෙමින් තිබු කදුළු වේගවත් වෙද්දි අැය මගේ අැගට වාරූ වුනා. මට අැය  ගැන දැනුනේ හරිම වේදනාවක්.


'' කවුද යකේ ගෙදර ඉන්නේ ලාම්පුවක් පත්තු කරන්න ඒකෙක් වත් නැද්ද? මම වලි සොමේ තමයි යකෝ.''


'' තාත්තේ මොකද මේ බිලා.''



ඊ ළග කොටසින් හමුවෙමු....

0

nilshani de silva
Basic Member
Basic Member
Posts:216






--
08 Nov 2016 04:57 AM
  •  Quote
  •  Reply
Lassana katawak wage Saduni...kiyawanna deyak natuwa hitiye...tnx
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Nov 2016 04:59 AM
  •  Quote
  •  Reply
මුළ ඉදන් කියවන්න. මල්කී අක්කේ මම කට්ටියව පටටලලා තියෙන්නේ. මැද ඉදන් කියෙව්වොත් ගතියක් නෑ
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
08 Nov 2016 08:36 AM
  •  Quote
  •  Reply
දැන් නම් කතාව හොදට යනවා වගේ

ඒ සැරේ මොකද හොදට හිටපු මනුස්සයා බීගෙන ඇවිත් තියෙන්නේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Nov 2016 08:48 AM
  •  Quote
  •  Reply
බලමු.....
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
08 Nov 2016 08:55 AM
  •  Quote
  •  Reply
එහෙනම් ඉක්මනටම අනිත් කොටස දාන්නකෝ බලන්න
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Nov 2016 05:31 PM
  •  Quote
  •  Reply
අනේ මට නම් කියවන්න වෙලා මදි ...එත් ඔයාගේ මහන්සියට ගොඩාක් ස්තුති නගෝ ...අපේ කට්ටිය දාන කොමෙන්ට්ස් වලින් හිතා ගත්ත හැකි කොච්චර රසවත්ද කියලා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Nov 2016 12:09 AM
  •  Quote
  •  Reply
අද තමා කියවන්න පුලුවන් උනේ හරි ලස්සනයි
කථාව අදින්න දන්නෙම නැහැ නේද
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Nov 2016 01:54 AM
  •  Quote
  •  Reply
ඉක්මනට ඉවර කරනවටද කැමති.
ඒ්‍ෆ් බී කට්ටිය කැමතා කතාව දිග්ගැස්සෙනවට.
50 න් ඉවර කරන්න ඒපාලු.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
09 Nov 2016 02:23 AM
  •  Quote
  •  Reply
50 න් බැරිනම් 100 න් හරි කමක් නෑ ඉවර කරන්න...දැන් ඊළග කොටස දාන්න ඉක්මනට ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Nov 2016 03:19 AM
  •  Quote
  •  Reply
රජ අණ අනුව ක්‍රියා කරන්න
200 න් උනත් ඔන්න ඔහෙ කමක් නැහැ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Nov 2016 09:12 AM
  •  Quote
  •  Reply
හී හා හා. අද කරනට් තිබුනේ නෑ.
රෑ දාන්නම් කොටස් දෙකක්.
0
Add Reply
Page 10 of 13 << < 89101112 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below