You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Oct 2016 07:37 PM by  Sithara Godewatta
පාරු කවි ( 2 ලිපිය)
 6 Replies
Sort:
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Oct 2016 01:42 PM
  •  Quote
  •  Reply

පාරු කවි 

පාරුවල බඩු පටවා එහා මෙහා ගෙන යෑමට ගංගා බොහෝ ප්‍රයෝජන විය. ඒ ගමන්වලදී පාරුකාරයෝ මේ ආදී කවි කියමින් ප්‍රීත වූහ.

ගමන් යන්න නැකතින් පාරු පැද ගෙන
සමන් දෙවියන්ඩ පුද පඬුරු බැඳ ගෙන
මෙවන් කළු ගඟේ ගල් මුල් බලා ගෙන
අපිත් යමුව සැම දෙවියන්ඩ වැඳ ගෙන

සීරුව ඔබට කණු නො ම සිටුවා මහත
වාරුව ඇතුව දිය පිට තැනු ගෙයක් ඇත
මාරුව තැනින් තැන මඩු ගෙන ගමන් යත
පාරුව වැනි ගෙයක් මේ මුළු ලොවේ නැත

ඔන්න මලේ ඔය නාමල නෙළා වරෙන්
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
සාදුකාර දී ඔරුවේ නැගී වරෙන්

මොට ද උපන්නේ මේ වියලුවේ රටේ
බැඳපු ගල් බැම්ම මයියංගණේ වටේ
ඔරුවට නැගීලා සුරතට ගත්තු රිටේ
පාරු පදින රුව බල වේරගං තොටේ

කළු, කැලණි, මා වැලි යනාදී ගංගාවල පාරුවලින් එකල ගමනාගමනය කළා පමණක් නොව වෙළෙඳ බඩු එහා මෙහා ගෙන ආ බව ද ගැමි කවිවලින සිතා ගත හැක.

මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා
තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන ඔරු පාරු නවතා ගෙන සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා

කතර ගමයි දේවාලය දෙවියන්ගේ
අතර මගයි අද අපි දිය නෑවේ ගඟේ
සතර දෙනයි ගැවේ රන් සඳුන් ඇගේ
වතුර හොඳයි කවදත් නිල්වලා ගඟේ

මේ කවි දෙකෙන් මාතර නිල්වලා ගඟ කිඹුලන්ගේ උවදුරින් දුරු වූ බවත් ඔරු පාරු ගමනාගමනයෙන් බඩු හුවමාරුවට උදව් වූ බවත් කතරගම වන්දනාවේ යෑමේදී මාතර පසුකරන විට හොඳ ජලයෙන් පිරුණු නිල්වලා ගඟෙන් නාලා යෑම සිරිතක් බවත් මතක්කරවයි. 
ගොඩ ගොවිතැන (=හේන් කිරීම), මඩ ගොවිතැන(=කුඹුරු කිරීම) ආහාර සැපයීමේ ප්‍රධාන මාර්ග වූ අතර ඒ ධාන්‍ය වර්ග, කටුසරබෝග හුවමාරු කර ගැනීමට ගැල්(=කරත්ත)පැදවීම, පාරු ගමනාගමනය අපේ ජනතාවට බෙහෙවින් උපකාර විය. මේ දුක්බර දිවිපෙවෙත් බව අමුතුවෙන් කිවයුතු නොවේ. පාරු පැදී රැකියාව කර ගත් අය ජීවිතය හා සටන ගෙන ගියේ මහත් කරදර දුක් විඳිමිනි. පූරුවේ කරපු අකුසල් පලදීම සැබෑ බව මෙනෙහි කරමින් පසුතැවිලි වෙමින් පාපොච්ඡාරණය නියායෙන් පාරුකාරයන් අතර පැවැති පැදියක් මේ. 
සීරුවේ ඇවිත් ඉඳගෙන පාරුවට
මාරුවේ හබල් අදනව විටින්විට
පූරුවෙ කරපු අකුසල් ගෙවන්නට
පාරුවේ ඇවිත් දුක් විඳිනව දැනට
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Oct 2016 09:33 PM
  •  Quote
  •  Reply
තවත් වැදගත් ලිපියක්...
මේ ලිපි ටික එකම ත්‍රෙඩ් එකක ගියානම් ගොඩක් වටිනවා අයියේ...
අපි මේ ටික එක ත්‍රෙඩ් එකකට ගන්න...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Oct 2016 11:09 PM
  •  Quote
  •  Reply
බොහෝම වැදගත් ලිපියක්. ඉන්දික මල්ලී කියනවා වගේ මේ පාරු කවි, කමත් කවි එකම ත්‍රෙඩ් එකක දැම්මා නම් තමයි වඩා හොඳ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Oct 2016 11:14 PM
  •  Quote
  •  Reply
ඔව් ඉතාම වටිනා වැඩක්
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Oct 2016 11:32 PM
  •  Quote
  •  Reply
Posted By samantha on 09 Oct 2016 11:09 PM
බොහෝම වැදගත් ලිපියක්. ඉන්දික මල්ලී කියනවා වගේ මේ පාරු කවි, කමත් කවි එකම ත්‍රෙඩ් එකක දැම්මා නම් තමයි වඩා හොඳ.


එහෙම නම් කරුණා කරලා එක තෙඩ් එකකට දමනවද Ind007ka
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Oct 2016 03:10 PM
  •  Quote
  •  Reply
ගොඩාක් වටින දෙයක් අයියා මේ කරන්නේ පැහැදිලිව වෙන වෙනම කවි වර්ග දානවා. අන්තර්ජාලය හොඳ නැහැ කිව්වට මේ වගෙ තැනකට එනවනම් පාසල් ලමයකුට උනත් ගන්න ගිඔඩාක් දෙවල් මෙතන තියෙනවා. ගාමිනි අයිය දිගටම වැඩෙ කරගෙන යන්න
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Oct 2016 07:37 PM
  •  Quote
  •  Reply
ස්තුති ගාමිණී අයියේ මේ වටිනා ලිපියටත් ,,
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below