You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 31 Jul 2018 11:33 AM by  chamara duleep
ජනතාවට වේලාව දැක්වූ කුකුළන්ගේ නරක වේලාව
 30 Replies
Sort:
Page 1 of 212 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Sep 2016 01:21 AM
  •  Quote
  •  Reply

කුරුලූ කූඩුවක්

කොළඹ යුගයේ දෙවැනි පරපුරට අයත් කවියෙකි එච්.එම්.කුඩලිගම මහතා.බටහිර කවියන්ගේ ආභාසය ලැබු ස්වභාව සෞන්දර්යය වර්ණනයෙහි මහත් සමත්කම් දැක්වු ඔහු කළු ගග,මුහුද වැනි ස්වාභාවික වස්තු පාදක කොට පද්‍ය  ගෙන රචනා රාශියක් නිර්මාණය කළේ ය.

කිසියම් සිද්ධියක් කාව්‍යෝක්ති ගතකොට දක්වමින් සහෘදයා තුළ දැඩි ආස්වාදයක් ඇති කිරීමට ඔහු සමත් විය.

වැසි දවසක්,ඈ ගංගාවේ ගීතය ඔහුගේ පද්‍ය රචනා අතුරින් කිහිපයකි.මෙහි සදහන් කුරුලු කූඩුවක් නම් කවි පෙළ කුඩලිගම කවියාගේ උසස් නිර්මාණයකි.

 

සිවියෙන් මිදුණු බෝවිටියා ගෙඩිය        සොයා
මල් කැකුළකට නෑකම් ඇති තුඩග           තියා
ලස්සන කිරිල්ලක් වන ලැහැබකට           ගියා
දිටියෙමි ඇගේ කූඩුව කොතැනක ද          කියා


නො පොවන පරිදි මිනිසකුගෙ පියවි          ඇස
ලැහැබෙහි කුඩා පදුරක අතු රිකිලි              හිස
ඇය බැදි කැදැල්ලෙහි සැගවුණු මිහිරි        රස
වැටහෙයි මටත් ගත හැකි නම් කුරුලු        වෙස

අමු කොළවල ම පාටින් ඉවතට              නොයන
දියපෙද -පාසි බිතු රස අදුනකි                     නයන
මායා සිහිනයක හැඩහුරුකම                     කියන
පිනිබර කැකුළු මල් පොකුරකි දොර           පියන

හිරිකඩ වැහි සුළං හිරු වැදැලි                      සැඩ
ළං විය නොදෙන සේ නිල් අතු රිකිලි           උඩ
කොපමණ පියකරු ද මේ ගෙය බැඳුණු       හැඩ
මෙ බඳු ම ගෙයක් උදෙසා මම සොයමි       ඉඩ

ඔවුනට සොබා දහමෙහි තිළිණයට            ඇදී
ඒ ගැන සියුම් නුවණක් පිරිනැමෙන            ලදී
වන දෙව් ලොවේ පදුරක අතු අතර              බැදී
හුරතල් කැදැල්ලක නිදහස් රසය               විදී

උරුමය අනුව ඔවුනට මහ පොළොව        මත
හැම සැප පහසුව ම නොඅඩුව ලැබෙනු    ඇත
එය තව එකතු උදුරන්නට දරන                තැත
මෙහි කිසිතැනක කිසිවක් හට පුරුදු         නැත

මිණි කිකිණියක හඩ දැවටෙන අතර                  කනේ
දොර ළග කුරුලු පැටවකු මුර තබනු                  පෙනේ
නො පෙනෙන වෙසක් ගෙන එන්නට කැදලි     කොනේ
මට එක පැයක උණුහුම දිය හැකි ද                   අනේ

ගොදුරක් සොයාගෙන පවුලක බර           දන්නා
පිය මහ කුරුල්ලා ඉගලී දිව                       එන්නා
පෙර මග ගමන් ගොස් සිය හිමි              පිළිගන්නා
හුරතල් කිරිල්ලිය සංගීතය                      දුන්නා

එච්.ඇම්.කුඩලිගම

 

උපුටා ගත්තේ - 10,11,ශ්‍රේණියේ සිංහල සාහිත්‍ය සංග්‍රහය

1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Sep 2016 02:46 AM
  •  Quote
  •  Reply
අපූරු කවි පංතියක්. සොආ දහමේ චමත්කාරය.

ස්තූතියි ඔබට.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Sep 2016 02:49 PM
  •  Quote
  •  Reply
චාමරත් කවි ලියන්න පටන් ගත්තද නියමයි නියමයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 Sep 2016 03:07 PM
  •  Quote
  •  Reply
කුඩලිගම ශූරීන්ගේ කවි වලට මම ගොඩක් ආසයි..
මේ කවි පෙළ නැවත මතක් කළාට ගොඩක් ස්තූතියි..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
17 Sep 2016 04:05 PM
  •  Quote
  •  Reply
හරිම ලස්සන කවි පන්තිය ...මැවිලා පේනවා මේ හැම දෙයක්ම .බොහොමස්තුති චාමර .
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
18 Sep 2016 05:00 AM
  •  Quote
  •  Reply
ලස්සනයි.............
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
17 Jan 2017 09:05 AM
  •  Quote
  •  Reply
paasal kaleta ayeth yanna labuna me kawi panthiya dakkama
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Jan 2017 01:30 AM
  •  Quote
  •  Reply
ස්තූතියි චාමර මේ කවි පන්තිය ගෙන හැර දැක්වූවාට
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Jan 2017 03:23 AM
  •  Quote
  •  Reply
බොහොම ස්තූතියි චාමර මේ කවි ටික නැවත සිහිපත් කලාට.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Jan 2017 07:28 AM
  •  Quote
  •  Reply
Sthuthi pasal Malaya mathak karata chamara
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Oct 2017 07:56 PM
  •  Quote
  •  Reply

ගංගාවේ සංගීතය - එච්.එම්.කුඩලිගම (1918-1973)

https://i.imgsafe.org/c3/c36a7ba91d.jpeg

https://i.imgsafe.org/c3/c36aac1a89.jpeg

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Oct 2017 08:19 PM
  •  Quote
  •  Reply

කුරක්කන් කවි(ජනකවි)

https://i.imgsafe.org/c3/c3bcf0ed32.jpeg

https://i.imgsafe.org/c3/c3bcee32c7.jpeg

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Oct 2017 06:37 AM
  •  Quote
  •  Reply
අද තමා මන් කුරක්කන් කවි කියෙවුවෙ ,,ස්තුති චාමර මල්ලි
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Oct 2017 05:48 PM
  •  Quote
  •  Reply

මුනි සිරිපා සිඹිමින්නේ
ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි (1901 - 1951)

https://i.imgsafe.org/d6/d6a0cdcca1.png

https://i.imgsafe.org/d6/d6a0b257ae.jpeg

https://i.imgsafe.org/d6/d6a0f1ad33.jpeg

https://i.imgsafe.org/d6/d6a1049ef2.jpeg

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Oct 2017 05:59 PM
  •  Quote
  •  Reply

https://i.imgsafe.org/d6/d6cbcc0669.jpeg

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Oct 2017 08:04 PM
  •  Quote
  •  Reply

https://i.imgsafe.org/d8/d8a2550657.jpeg

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Oct 2017 08:06 PM
  •  Quote
  •  Reply

වස්සානය

https://i.imgsafe.org/d8/d8a7fd9236.jpeg

https://i.imgsafe.org/d8/d8a808a896.jpeg

https://i.imgsafe.org/d8/d8a88d7d53.jpeg

https://i.imgsafe.org/d8/d8a89a73bd.jpeg

https://i.imgsafe.org/d8/d8a8bbfd1c.jpeg

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Oct 2017 08:09 PM
  •  Quote
  •  Reply

සුභාෂිතය

https://i.imgsafe.org/d8/d8ad8c1ad8.jpeg

https://i.imgsafe.org/d8/d8adcab248.jpeg

https://i.imgsafe.org/d8/d8adc086fb.jpeg

https://i.imgsafe.org/d8/d8ae17662b.jpeg

https://i.imgsafe.org/d8/d8ae3bc828.jpeg

https://i.imgsafe.org/d8/d8ae796ad4.jpeg

https://i.imgsafe.org/d8/d8aea3d0dc.jpeg

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Oct 2017 09:21 AM
  •  Quote
  •  Reply
ලංකාවට අමිල සේවයක් කරපු කවීන් රාශියකගේ නිර්මාණ මෙහි තියෙනවා..
ස්තූතියි ලිපි වලට..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Oct 2017 07:55 PM
  •  Quote
  •  Reply
අදටත් කොයි තරම් වටිනවද
0
Add Reply
Page 1 of 212 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below