You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 31 Jul 2018 11:33 AM by  chamaramind
ජනතාවට වේලාව දැක්වූ කුකුළන්ගේ නරක වේලාව
 30 Replies
Sort:
Page 2 of 2 << < 12
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
11 Oct 2017 08:33 PM
  •  Quote
  •  Reply
කුරක්කන් කවි පිළිබඳව දැනුවත් කළාට ස්තූතියි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Oct 2017 09:11 AM
  •  Quote
  •  Reply
සේව් කර ගන්නම ඕනෙ. මේවා ආයෙ දකින්නවත් නෑනෙ දැන්.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Nov 2017 08:57 AM
  •  Quote
  •  Reply
මේවා ඉස්සරහට මෙහෙම වත් දකින්න නොලැබේවි ,ස්තුති ලිපි එකතුවට
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
09 Nov 2017 06:48 PM
  •  Quote
  •  Reply
මේවා කියවන විට ඇගට අමුතු ප්‍රාණවත් ගතියක් දැනෙනවා..
තව කවි තියෙනවනම් දාන්න මල්ලී...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
28 Feb 2018 10:03 PM
  •  Quote
  •  Reply
පොඩි ලොකු අය දන්නා සංදේශ වර්ග කීපයකි.
මයුර සංදේශය
තිසර සංදේශය
පරෙවි සංදේශය
සැළලිහිණි සංදේශය
කෝකිල සංදේශය
ගිරා සංදේශය
නීල කොබෝ සංදේශය
කහකුරුලු සංදේශය
සැවුල් සංදේශය
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
28 Feb 2018 10:08 PM
  •  Quote
  •  Reply

මයුර සන්දේශය - Mayura Sandeshaya

1. සැරද මියුරිඳු සඳ - මියුරස නදින් නඳනා

සඳැස් පිල් කැල කැල්මෙන් - පිනවන සඳැස් දුටවුන්

 

2. සඳ යුරු මිතුරු සඳ - සිය සඳ කුමුදු නඳ දෙන

මුළු ලෝ සනසමින් එන ගන රදහු වෙත

තුටු රැවු මඟුල් ගී නගමින් රැගුම් ‍ ගත

සිරි ගිසි අසුන් පත් සිරිමත් කෙළි මතින් වව

සොඳ ගුණකඳ කඳ දෙවි

 

4 කඳිනි උසුලනා

නුඹ තෙ දියතැ දිව විකුමැති කුලෙකි මනා

සොබමන් මෙ වන් සිරිතැතියන් ගේ දැකුම

දෙව‍ියන් යැදැත් හැකි වෙ දනො දැනේ නියම

අමුතු වැ අප පණෙව් ලත් සැප කියනු කිම

අප සිරි අනා අත් පත් වූ වැනි දැනුම

 

ය ස ඟ පොරණැ ගුණ මිතුරනට කළ තමා

ස ස ඟ වුවත් උන් අත් පත් වේ යැ ඇමා

නි ස ඟ පුරුදු තම හට ඉන් කියනු කිමා

අ ස ඟ මඳක් ව-තෙපල තා සවන් නමා

 

4. ස ව් දිගු බිතැ කිරණව්යස උදුල් වන

සැ ව් බල පෑ එ දිනෙව් බුදු මඟුල් වන

දෙ ව් නුවරෙහි හට දෙව් රජ උපුල් වන

දෙ ව් මේ හසුන් මතු සව් සිරි විපුල් වන

 

5. මියුරු සඳ, මියුරු රස බස් නුමුතු අස්නැ තතු මතු

පවසමි. දැන් මෙ තොප නිකුත් වන පුර වර

වෙසෙස අස.

 

6. තුගු සුලකුළු පහ පැහැ සර තර පවර

සැදි දොරැ දොරැ බිහි දොරැ දද අඹළඹර

සෙන් සිවුරඟ වේ මඟ මඟුලින් නිතොර

දනු සිරි පිරි ගඟසිරි පුර වර මොනර

 

7. දැවැ ගත් හයන් කුර රොන් නැගෙන නුබ වසා

සි ය ප ත් පොබයවන රිවි කැලුම එන නිසා

ම හ ව න් අරන මෙන් සෙද අතපයින් ගසා

පැ හැ ප ත් පහගැ දද එහි වැනෙත වන9 උසා

 

8. දිසි මිණි නිල් සැඳැලියැ ලිය වන කමල

දැකැ නොමලන පුල් පියුමැ යි කැරැ කුහුල

සඳ පිළිබිඹු තුරු සෙන් සමගින් සකල

උදුරන ලොබින් බට වැනි බට පියුම් අල

 

9. එ පුරෙහි සරන අබිසරු ලිය සොර බැ‍විනි

සොබමන් විමන් දොරැ මිණි පහන වසමිනි

මල් දමි සුඹුළු කැරැ-ගත සල ගත් අතිනි

ගල3 මිණි පණිඳකු ගත් එ කග වැනි

 

10. රි‍වි රිය හයන් ගෙන්වති යන සැක සිතිනි

සඳ සිය රැසෙවි පහ සියනෙකිනෙකැ රැසිනි

පඬුරට යුව රදුට දුන් කැලුමන් ලෙසිනි

රන් කොත් දිලිණි රෑ දාවල් සෙ කෙරෙමිනි

 

11. ස තර දිගතැ සල පා රන සක සකස

ප තර තර මහල් කුළු ගේ සඳලු උස

මෙතර මැ කළ පායෙකැ සුර ලොවේ මිස

අතර නර ලොවේ කො නැනැත මේ වෙසෙස

 

12. ලි යා ලකළ පබළු යැ ටැම් පෙළැ මහල්

යොයා පතර පල බිතු පිරියමිනුදුල

අ යා නයන දැකැ දැකැ සිරි නොයන  කල

කි යා පහයැ සිරි අඟවනු කෙලෙස බල

 

13. සබඳ ඒ පුරෙශ්වැර නරෙශ්‍වරයාගේ කීර්ති

ප්‍රතාප වි‍ෙශෂ ශ්රලවණය කර

 

14. සිරි සිතබා තරැ පොලඹා රැදි නිතොර

රුපු ගජ බා මුල් නො තබා ගත කෙසර

ලක ඔලඹා සිරි සුලබා කළ මෙ පුර

දින මහ බා බු ‍ව නෙ ක බා රජ පවර

 

15. ස ව න් මිණි දහම සදනා සවන් මිණි

ලෙවන් රිසිය වන් දෙවනා දෙවන් මිණි

ගු ව න් මිණි කුලග ගුවනා ගුවන් මිණි

වෙ ව න් රජ මිණි වැ දුළ නා මු ඳු න් මිණි

 

16. ‍සොබමන් යොවුන් මන් යොන් සැටි අඳුන් වන

දෙනමන් රුවන් වන් දන මන නඳුන් වන

ඉ සු රි න් දැමින් අන් දස සත නුවන් වන

නි රි ඳු න් මෙ වන් දන් දැන් ලෝ මුඳුන් වන

 

17. නු බ මිණි කුල කිරුළු අගැ රඟ මිණෙවි යෙදු

න ව මිණි දෙරණිසුරු රජ කුමරුවන් ලදු

ගුන මිණි අනැගි අබරණ පැළැඳි පිරිසුදු

ලි ය මිණි බිසෝ හිමි රජ කුල සිරිත් සැදු

 

18. වැඩැ සිරි තැන් ඇති වන්නේන් මන් ලෙසට

රිසි සිරි දන් දෙනුයෙන් කප ලිය වැ තුට

ජය සිරි දැන් වඩනෙන් මේ පුර වරට

ජය සිරි නම් මෙ බිසෝ මැ යි මෙ සමයට

 

19. ලෙවන් බැලුම් කිඳු දිගු නිල් යොත් ලුව ද

නු වන් යුවළ මින් යුවළෙකි එහි නොබද

මෙ වන් ගුණෙන් රැදි එ බිසෝ ළඳුන් සොද

වු වන් සහස යුත නත1 නො වැ වනනු කො ද

 

20. තව ද, ඒ පුර ප්‍රවරයෙහි විරාජමාන වු යුව රාජ

පද ප්රානප්ත ධරරශ්‍වරයා ගේ ප්රවතාප ශ්ර,වණය කර.

 

21. ද ස ස ත පා අළ සතපා තෙද දිමුත

පෙරැ කඳපා මෙන් සදප‍ා යොවුන් ගත

නව පිනිපා වන් පිනිපා කරන සත

දින ඈපා හිමි සිරි පා තඹර පත

 

22. ලොවට උතුම් කුල සිරි නුවණ ගුණ රැස

අ ව ට පැතිරි යස තෙද අණ සක සකස

රු වට මෙ ඇම ගෙනැ මවමින් උවිඳු ලෙස

ති වට මෙ හිමි කෙළෙ ලකැ රජ සිරි පිණිස

 

23. කොකුම් වැකුම් වන් තෙද දිගඹුවන් ගත

වි කුම් එ කුම් යැ යි තෙවිකුම් වනන සත

දැ කුම් ඇකුම් කළ රු රසඟනන් නෙත

රැ කුම් තැකුම් ලොව ඔහු බැම ලියෙන් පත

 

24. උ දා වෙමින් නිති වැඩ පබ සරින් රදා

ර දා ලමින්5 සිය සෙන් තඹුරු කැත් සෙදා

යොදා6 ඉවතැ රුපඳුරු තෙද රසින් සදා

ස දා දියත නුබ මිණි මෙන් මෙ හිමි සදා

25. ග හ න් වියතැ වියැකෙත සිටි සිටි තැනිනි

ව හ න් කරත මල් මුවරඳ සල් හිසිනි

ප හ න් ස‍ඳෙහි රිවි කැන්  උදයග උඩිනි

ප හ න් සඳින් වඩු අමුබුලුවා කඩිනි

 

26. ස ල ත් තලින් සත් කැරැ රන් වළලු ලන

ලොලත් වඩන වරඟන නිලුපුල් නුවන

බ ල ත් මෙ තොප කබ පිල් ඇස් අඳන මෙන

බ ල ත් ගමුවැ බල නව යෝනන් කෙළන

 

27. සැටියෙන් නඳුනුයන - තුරු යටි සැදී සිටි‍ෙයන්

අවියෙන් එහි නො සිටැ නුඹ - යා ගන්නැ දික්පිටියෙන්

 

28. උදු සුනිලා පැහැ ගන ගන වලා පෙළ

විදු ලියලා සහ බට තැන් තුලා කළ

තුනු උදුලා යන එන මන කලා ලෙළ

මගැ විපුලා වෙල බල අල පලා වළ

 

29. ගෙ උයන් ස‍ි රි න් සැදි උයනෙව් පුරන්දර

ඉ සු රි න් ද න න් රැඳි ගුණයෙන් තිරන්දර

අ ඟ නන් තෙනෙන් කළ රන් හසුනසුන්දර

ය ව ස න් තො සි න් දැකැ ගුරුගොඩ අරන්දර

 

30. එකිනෙකින් මිණි නිදනේ නිදන මෙන

අද අදනේ පිය වදනේ පිය වදන

ඉටු සකිනේ තුටු සකිනේ නරඹමින

දොර වකිනේ නො වළකිනේ යන ගමන

 

31. නෙත් සන හමින් බලමින් බුදු රුවන් වෙස

අත් වන පිණිස මොක් බවැ දුක් නොවන ලෙස

සි ත් තන මින් පතමින් පින් පල වෙසෙස

අ ත් තන ගල්ල නමඳුව නමමින් සිරස

 

32. රැවු කළ මී ලො ල් ලේ මී ලොල්ලේ ය

පුල් දොඹ නා ගො ල් ලේ සෙවැණැල්ලේ ය

මගැ ආරැලි එ ල් ලේ සුදු ‍වැල්ලේ ය

යව ඕපත් ඇල්ලේ සිතු ඇල්ලේ ය

 

33. ලිය ලිය ගී කියන අඩින්

මඳ මඳ විඳැ එ මං කඩින්

පිපි විසිතුමු යටන් බඩින්

වඩු මොනරිඳුනි වෑබඩින්

 

34. කිරණ විහිදි පහ කුළු තුගු කොතින් සැදු

නරණ ලියෙව් පිය ලන පිය ලියන් රුදු

දෙරණ නුසුලන මෙන් සව් සිරින් යෙදු

නරණ සිරින් සිරි මහ කැලණි පුර වදු

 

35. කියඹු වතළ දළ කැළැලොත ළ සේකර

පැළැඳි ඔරැදි මලිගිය මලිති සේකර

ලියෙව් ලියන් කැලුවළු ළ පලු සේකර

තො දැකැ නොපටු සිතිවිලි සිතැ තොසේකර

 

36. රුවැ සැක වෙමින් සුරගන යැ යි කළ මාන

දන සක රඳන නව යෝනන් සොබමාන

දැක මෙ පුර වරැ ස‍ිරි සර අසමාන

බස රැක ම්සක් නොකියමි සුර පුර මාන

 

37. සඳ කැන් පෙර ගිරගිනෙන්ට

කොඳ වන වත පුබුදුවන්ට

බමරුන් මුවරඳැරැ යන්ට

මද රද දුනු කමට එන්ට

 

38. නො ලැ ගී ලොබින් බලමින් එ පුරෙහි වෙසෙස

අ නැ ගී නළඟනන් සහ රජ ගෙට පිවිස

කළ ගී රැගුම් පුද අනතුරු වැ එ විගස

යස ගී කෙකා සන් කැරැ සබ මැදට බැස

 

39. විබිසණ සුර වරණ - සිරි සරණ වැඳැ දන්වත්

සි රි න් මු දු න් නිරිඳුන් සහ බිසෝ ළඳුන්

ත රි න් බෙලෙන් දිසි තුන් බෑ මෙ හිමි සඳුන්

තෙසු රජ රජ ඇමැත් - ඈ සෙනඟ ඇම සමඟින්

දස වතැ රැ රම් නිරිඳුට ජය දුන් ලෙසිනි

දස අතැ ත රම් වැඩි අණ සක සලසමිනි

 

සග සකතෑ මෙ දෙවි ඇමට

වැඩි සිරි දී රුති විලසට

සෙත කැරැ රැකියැ කජ හිමට

යුත මෙ පවත කිය ‍ දෙවිඳුට

 

40. දිලි විදු ලිය නුවනින් බලමින් සොඳින

නතු සුව සැප පිළිවිසිනෙව් ගුම් බසින

වෙතැ සැපැමිණි ත-සබඳ ගන කුළක් මෙන

ලගු තුරු රැවු රැඳි ඉඳු මිණි පා මුඳුන

 

41. බියෙන් බිසරුවන් වේ මඟැ බැසැ සරත

වසන් සියනැ රසිනලු කළ රුවන් කොත

ලමින් එදැකැ අද සීකර නුඹේ ගත

පහන් වෙති උන් නොපහන් නො කර පත

 

42. පාන නැගී ගොස් වැදැ මුනි විමන් තොසේ

යැන සෙයින් යන පුරඳර පුරය ‍ දෙසේ

පාන වෙමින් වැදැ වඩමින් කුසල් රැසේ

මාන ඔයින් යා ගන් පින් පිඬක් ලෙසේ

 

43. මුනි දිය නා පෙරැ දිය නා කළ දුළිය

ඉන් දිව නා තොස දිව නා පුද කෙළිය

ගහැබැසැ නා මඟැ බැසැ නා කැරැ ගිළිය

තො ද විසිනා බල විසිනා මස්කෙළිය

 

44. කි ත් සිරි මේ වෙහෙරෙහි සෙත් පොද ‍වතළ

ස ත් ගන කුළු වන් දුමිඳුන් වැඳැ උදුළ

ප ත් සා කප්පිල් කලබින් ඇමැඳැ ලෙ‍ළ

අ ත් පත් කර පන් සිය පල නියම කළ

 

45. තගෙ සබඳහු වියොවට පත් කෙත් කතට

ගබ පිහිටන් ලෙස වැසැ ගැම නිවුම කොට

නඟමින් කෙකා සව් ඔහු කැඳවන ලෙසට

ඇල් ගෙවි සිගා දෙත යන දිග මඟ දෙ පිට

 

46. ලෙස ලද්දන සිය කුල සිය ගුණෙන් සර

රැඳි සද්දන සැදි මහ විදි මනහර

ජය වද්දන ගජ හය රිය සෙන් නිතොර

ජ ය වද්දන පුර සිරි සර බල ‍ මොනර

 

47. කුල ගිරි තුමුල සහ මෙර ගල එන කලය

ඇල නො වැ ඉපිල ජයැ ලොබ ලන දිරි නිලය

නිල පැහැ නොවුල කළ අසි තල අත් තලය

බ ල දෙවි දුබල කළ යෝ බල බල බලය

 

48. ම දු තු ළ වි පු ල දො ළ බිඟු වැළ කෙළැ වතළ

ක න ත ළ ස ස ල ක ළ සන් කළ ඉගිළිගිළ

යුග කෙළ ඉ පි ල ස ළ ගිරි පෙළ පහළ කළ

ද ළ ද ළ උ දු ළ මො ළ ගජ රළ බල පුවළ

 

49. අණ සක් පතළ හිමි සඳ කළ නියෝ මෙනි

දන සක් සහඟ ලකැ සුලකළ ගන ගලිනි

පුර සක් වළට ගල් හිම් පවුරු පෑයෙනි

පර සක් වළෙකැ වැනි පර සතුරෝ ඉතිනි

 

50. වැසැ පිය රම් රජ සීතාවන් ලෙසිනි

බස කොතරම් නො ඇසූ තම දි‍වි හිමනි

ගුණ මනරම් ලිය රැඳි රන් ලිය සිරිනි

යව සඟරම් සල්පිටි වෙල් පිට මඟිනි

 

51. ලෙස තෙවිකුම් රුපු නොතුකුම් විකුම් ‍ කොට

තුගු තුරු ගුම් බල සැලැසුම් සෙන් පිහිට

ලොවැ සිරි තුම් ඇම පැවැතුම් කළ දිගට

නිති මනරම් වදු රයිගම් පුර වරට

 

52. එ පු ර හි පිළි මණි පවුර සෙ පිරි දියෙනි

ඉ ති ර සපිරි පිරි ලෙස ඒ මිණි බිතිනි

පැතිර ඔබින් ඔබැ දිසි සේයා කෙ වැනි

ගැඹර තර උනුන් එ දෙ දෙන බලන වැනි

 

53. තුඟු පා ලකළ කළ සල්පිල් වෙළෙඳ දනා

නිති පා නො කැරැ රඳනා රනි රුවන් තනා

පිළි පා පහන් කිඳු උදු ඉදි වැ වොරදනා

පි නි පා සියල් ලු වැනි සිය කිරණ වනා

 

54. රු ව න් බඳ පොරොදු බැඳැ කඳ සැරැහුවෙති

ලෙවන් තුටට යන එන ගජ වේ මැදිනි

ගු ව න් මිණි උවම් මේ හිමි තෙද බෙලෙනි

රු ව න් අකර පැතිරි ගිරි සරන වැනි

 

55. උ සේ සරන නුබසර යුවළ නුබ කුසේ

තොසේ බලා පුර සිරි වන් නුවන් රසේ

මෙ සේ විමන් ස සගින් කො තැන කැරැ සිසේ

කෙ සේ ගෙනා4 දෝ සැක නො කරනු යැ කෙසේ

 

56. එ පුර වරේ වර ඟන වේ මඟස සරා

සරන වරේ පිළිබිඹු වෙසෙහි තොර තුරා

නොදැනැතරේ පිළි මිණි බිතට පන් සරා

අ ත ර තු රේ විදැ රැවැටෙනු යැ පන් සරා

 

57. සබඳ, මේ පුරවරාධශ්වර මහෙශ්වර මිත්‍ර

අලකේශ්වර නම් ප්රිභූ රාජයා ගේ වි‍ෙශ්ෂ ශ්ර,වණය කර.

 

58. ජය සක් බෝ වා ර ගොස තුඟු නාද කැර

රු පු සක් නා පෑ ර ගත් ගජ කෙසර යුර

මුළු සක් ලෝ නෑර යස තෙද පිරි ඉතිර

අ ල ග ක් කෝ නා ර හිමි සද දින මේ පුර

 

59. ම ත ර ව මි න් රඳනා සරසව්ය වත

වි ත ර වි සි න් කරවන මුළු ලෝ මවිතර

ස ත ර ව ති න් නිති නඳ දුන් සතර අත

ස ත ර ව කි න් තෙවුනේ යැ මේ හිමි සතත

 

60. තු න් කුළු වැනි තුන් රජයේ තර වැ ගති

මෙන් අසුරිඳු2 පුර නර ලෝ මුඳුන් පති

ම න් තුඟු බල යැති කුල කුල ගිරිත් ඇති

දැ න් මේ හිමි රන් ගිරි සරි සිරින් යුති

 

61. ව ත දෙත සමත මේ හිමි පත් තැන් පටනි

කෙත වත සතන පෑ පල බලවත් බැමිනි

ස ත් සි ත ලෙසට වැඩි සිරි කත රිසිනි

ස ත කි ත යුගය වන අමුතු වැ වැවෙන වැනි

 

62. ගුණෙන් අමිත මන් කළ අමතකිරණට

තෙදින් සැහැසි සහස මැ සහසකිරණට

ඔ දි න් විකුම් පෑ නව රතන දෙරණට

ක ගි න් ප හ ර රුපු නො තිබි යැ දරණට

 

63. හිමි සිය පත් සි ය ප ත් මෙන් වත තෙදිනි

සිය සිය පත් සි ය ප ත් යුත් වු සිරිනි

රුපුගන පත් ග න ප ත් පළ වැදැ ගොසිනි

මෙන් මහ වත් ම හ ව ත් නො පතත් බියෙනි

 

64. ඔහු තෙද යුත යුද පත සිපත ලෙළ දෙත

විහිදි සුළඟ වැදැ මෙන් රුපු රුක් සැලෙත

අද වත් ළ පලු පත් එව් වෙව්ලුම් ගනුත

විලිකුන් පතෙව් අවි ගිලිහිණි අතින් අත

 

65. රිවි තෙද දිමුත හිමි හිමකර විලස මෙනි

සොමි ගුණ සෙවණැ සොමි සඳ කර වනු කෙ වැනි

විළි බිය දෙකින් ගැලැවියැ හැකි දොයි සිතිනි

එ දෙ දෙන තවන් සැටි ඇරැ වෙස් වළන වැනි

 

66. හිමි සඳ සොහොයුරු ගුණ සයුරු

මන්ත්රීතශ්වරයා ගේ ප්රිකාශ ප්ර;තාප ශ්රුවණය කර.

 

67. තුනු රුවන් නිති පුදන බැති පෙමින් ලැදි

මසු රුවන් සිතු සතුරු මෙන් මැ ලුහු බැඳි

සිතු රුවන් සෙයින් වත දෙවන යැදි යැඳි

මැති රුවන් ‍මෙ දෙව් හිමි දෙව් තුරෙව් සැඳි

 

68. ලෝ ස ත් සතන් කොඳ නඳකර වමින් වත

යා ප ත් සොඳුරු සෙන් තුරු පිරිවරින් යුත

බෝ ස ත් විලස උසුලන ලෝ මුඳුන් පත

පෑ ප ත් සඳෙව් මේ හිමි පිරි සිරින් සත

 

69. සි ව් වන වන් ස ව් සත ඇති කරවන්ට

හ ව් නෙත වන් හ ව් රුපු දිරි සිඳුවන්ට

ලෙව් සිතු වන් සිව් සඟරා වත දෙන්ට

දෙව් හිමි දන් දෙව් තුර පුර සරහන්ට

 

70. සිතුමින් සෙයින් සිරි දු න් එ හිමින් වඳිනේ

කියමින් ග ම න් සමුගන් මින් මන් නඳිනේ

නුබමින් යෙ ම් න් අවරන් ගිරි වන් සඳිනේ

නුඹමින් ගොසින් ගෙ උයන් වදි මින් ලඟිනේ

 

71. උ දේ ගිරින් රි‍වි එත තම කඳේ බිඳේ

සෙදේ බිඟුන් මුව මල් මුව ර‍ඳේ රැදේ

ළැ දේ විමන් ත සබඳ අනුබ‍ඳේ සදේ

යෙදේ ගමන් එ පුරින් රිසිනු දේ සදේ

 

72. සිතු පාදා සත නොමඳා න ඳා දෙන

නොවැබාදා වත සමුදා යොඳා ගෙන

කළ පූදා පින් පල දා උ දා වන

වඳු වී දා ගමැ මුනිදා උ දා සන

 

73. නො පහන් වියත නො පැමිණියෙන් සරා කල

නොද වන් තව මැ පියොවුරු තිසර උර විල

දෙ නු ව න් මියුර තට නො මා අළ ළඳුන් පිල

මි ලි ඳු න් මෙ කල් වන් බොල්ගොඩ ගොසින් බල

 

74. සුනිල් පිල් පැහැ පත් - තඹ පත් පතර විදමින්

සුබ අඹ පිරි කල කළපුව මුඳුනතිනි

නුඹ නුබ ගබ නැහෙමින් ගමනොත් සදිනි

නො කලේ සඳ වෙලේ - උදුලේ ද මේ අසලේ

රත මිණි සමඟ සිඳු සිලිල ද නැගී යන

සැපැමිණි මෙ තැන මේ වෙලෙකැ යි නො මැ ඇඳින

 

මෙ වන් සැකය කෙරෙමින් වන දෙවියනට

ප වන් මඟින් යැ කෙරෙමින් සෙමෙන් සිට

ප වන් සිහිල් විඳැ විඳැ බසිමින් ගොඩට

නි වන් මං ගිමන් සැතැපි යටන් යට

 

75. ස ලා සෙයන් රසඳන ළඳ දුටු මතින

නො ලා නුවන් පියැ බලමින් මන් මතින

ව ලා යෙමන් ලොබ නො වැ දෙන තුරු සදින

‍වෙ ලා පු රි න් කළු තොටිනෙතෙර වැ වඩන

 

76. ම න ක ල් තෙපුල් වනවුල් කැරැ ලිය කෙළන

බිඟු ලොල් විමල් මල් තුරු ගෙ උයන් සෙවුන

ඇම කල් විසල් සල්පිල් ‍ වෙළෙඳුන් රඳන

සැදි හල් බේරුහල් ගමැ සැතැපි වඩන

 

77. වෙන් කොට වනත ගේ උයන් සිරි නො දත හැකි

ම න් තු ට වඩන යැදි සිරි දෙත දෙව් තුරෙකි

පින් කො ට නො ගොස් ඔබ මෙ ලොවැ මැ පැමිණි සකි

බෙන් තොට දෙ ගොඩැ දෙ නුවර දෙව් ලෝ දෙකෙකි

 

78. ප ර තෙ ර පැමිණි අවි සිප් සමුදුරේ දුර

ව ර ත ර සරම ඇම ලෙස ගෙනැ ගත් පවර

වැර ස ර සමරැ සෙබළුන් රඳනා නිතොර

ප ර ත ර කයේ කය පතපා යන් මිතුර

 

79. නෙ ත තට වතට වලහට පිය පියොවුරට

සරි කොට උවම් මේ ලොවැම නො සිතෙන සිතට

තොප දුට වෙතට එත අඟනන් සතුටු කොට

වැලිතොට ගමට වැදැ රඟ කොටැ යන් එ පිට

 

80. දෙව් ලිය වෙන් නොදැනෙනුවෙන් සැක වැ තර

සිය නෙතුවෙන් ලිය දුටුවෙන් නුදුටු පෙර

ස යි නි ඳු වෙන් දිගු දනුවෙන් කෙකා කැර

තොටගටමවෙන් වැලි තුඩු වෙන් වඩු මොනර

 

81. බා ල් ලේ පුරුදු කව් නළු සියල්ලේ

ඊ ල් ලේ වදන් දුන් ළඳුනුදුල්ලේ

නෑල් ලේ කො කැනෙකැත් ලොව මුළුල්ලේ

ගාල් ලේ සිරි දතු නො වැ පැකිලිල්ලේ

 

82. න ඳ ව සයුරු ලෙළ රල සළු සලන් නේ

සොඳව සුපිපි තුරු සේ සත් සෙ වන් නේ

ර ද ව ලබන සැප එ තෙකින් ලබන් නේ

ර ඳ ව මියුර සයුරසැ මිරිපැන් නේ

 

83. ව න් සඳැ සඳ රි‍වි බිඹු සමුදුරේ දුරේ

ර න් කිරුළගැ බඳ ඉඳු මිණි වරේ යුරේ

කැන් ලඹ දුන් මල් පුල් කිණිහිරේ තුරේ

ම න් පිනමන ලගු ලනුමෝදරේ කරේ


84.
ගු වන් මණිහු කර නො පැවියැ දුන් බිමට

නු වන් පිනන පුල් වැටකේ පහන් වැට

ගෙවන් සුනිල වන සැප වන පැමිණි හට

ගෙවන් සෙමෙන් සිටැ මා වතැ යටත් යට

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
28 Feb 2018 10:09 PM
  •  Quote
  •  Reply

සැලලිහිණි සංදේශය

ආසී
සැරදෙ සුලකළකුරු  මියුරු තෙපලෙන් රඳනා   
රජකුල රහසැ මැතිනිය  සියනිහි සැළලිහිණි සඳ   

සැපදුක් විමසුම්

පුල් මල් කෙසරු මෙන්  රන්වනි තෙලෙ සරණ යුග   
සපුමල් කැලෙව් තුඬ මඳ රතිනි මනහර   
නිලුපුල් දෙලෙව් සම්වනි පිය පිය පතර   
මලින් කළ රූවෙව්  එබැවින් නුබින් එන වර   

නිලූ ද ළද සිදඹුවො දිගු වරල නිලූ   
නිලූ ද වට බිඟු පෙළ අද තඹර නිලු   

වනදෙව් ලියෝ නොකොළොද සවන  අබරණ?
එනමග දුකෙක් නොවී ද සබඳිනි    කලණ
සෙනහස බැඳුණු තැනැ නොහරින කැරැ දියුණ
වෙන සැප කුමට තොප දකිනා එමපමණ?

ලප නොම වන් සඳ වන් සොමි ගුණ ගිහිණි
ඔප වැඩි ගත හෙල්මැලි සියුමැලි    පැමිණි
සැප රිසි දෙන වැනි රස බසැති    සිතුමිණි
තොප දැකුමෙන් අප පින් කළ බවදැනිණි

කටයුතු නිදෙස

මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි මපැවති
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති
යුතු මතු වැඩම තෙපළ එවැනි ගුණඇති
සිතු නතු කර අස යහළුව වඩන    රුති

පව් රද කඳ නා ලෝ මුල් දිගතු බර බර
ලෙව් තුරු සුසැදු යස මිණිමුතු මල් පතර
සව් සිරි පිරි සුරපුර වන් කැලණි    පුර
දෙව් මෙහසුන් විබිසණ සුරිඳුට    පවර

ජයවද්දන පුර වැනුම්

ගනවන් මියුරු නද දෙන ගුවන වන් විට
විලසින් මෙමා කරවන මිතුර මන් තුට
එහසුන් පැසුළු පවසමි රස නුසුන් කොට
අසදැන් ත යන මග සලකුණු මෙතැන් සිට

පොහොසද්දන ඇති තුනුරුවන බැති පෙමා
මුළුවද්දන සුරපුර පිරි සිරින්    හැමා
ජයවද්දන කැරුමෙන් සුසැදු තම    නමා
ජයවද්දන පුරවර දනු මිතුරු    තුමා

සැදි රත තඹර පෙළ රන තිසරුන් රුවැති
විදි දිය දහර ලෙළ දෙන දිගු නරු    පටැති
රැඳි රළ රළැති හොය දියවන්නා    නමැති
ඇඳි පුර අඟන පටසළු සිරි රැපැයි    නිති

සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර
සුලකළ පුවල ලකඟන සිරි යොවුන් වර
තරකළ විසල් වාසල් යතුරු මෙ    නුවර
බැඳහළ රුවන් තනපට කියලි ය    පවුර

දුවන බඳ කිකිණි හය කුර පහර    නද
සවන තල නිනද ගිජිඳුන් සෙමෙර බඳ
රවන නොයෙක තුරු ජය සක් හඬ නොමඳ
දෙවන මුහුද මෙන් ගුම් ගනි පුර    නිබඳ

සිහිල් සපු සුවඳ ගෙන එන උයන් වල
සිහිල් නෙලෙන් හඬවන මිණි කිකිණි කැළ
විපුල් රත් සෙමෙර බඳ රන් දද    සසල
ළකල් මෙපුර තුළ වළහා රිවි තැවුල

තරසර හිවි මහල් මෙහි පහ පෙළ නිතොර
සුරසිදු විදුදරන් සැදි සඳලු මනහර
කරවන මඟුල් කෙළියෙන් නොමැති අවසර
පුරසිරි බලන ලෙස බට සුර විමන් යුර

සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි    මිටින
නිසි පුළුලු කුළ රිය සක යුරු තිසර තන
දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන

සොඳුරු සිය නදන් අනුතුරු දෙස    සිටින
කිනුරු නිසසරන් කදහස වෙත    නොවන
ඉසුරු දනද සිය නිකෙලෙස් තැන    රඳන
උතුරු දිගිඳු පුර දිනි මෙපුර වැජඹෙන


ගමන් පිරුම

උදේ සැපත් සුරගුරු අලු කැරැ    අවට
සඳේ මුදුන් පත අස්විද නැකතැ    සිට
නඳේ සිතින් තම කුල දෙවිය සිහි    කොට
යෙදේ ගමන් යහළුව මෙපුරෙන් තොපට

නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි    ගෙඩි
පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන්    කෙඬි
සල සුදු සෙමෙර සෙසත් ගිජිඳුනොද    වැඩි
බල සුබ නිමිති පෙරමග නැකතටත්    වැඩි


දළදා වැනුම

ලොවැ විහිදා සුදු පැහැ සඳ රැසෙව්    සැදි
දෙන නොමදා සිරි සග මොක් සැප    නිසැදි
ලද මුනිදා දම් කඳ පහස මන    බැඳි
වඳු දළදා හිමි තෙමහල් පහයැ    රැඳි


රජ දැක්ම

ගනරන් කොතින් දිලිහෙන මිණි රැස්    විහිදු
පවනින් ලෙළෙන පල අග මුතුලැල්    සිනිඳු
සඳකැන් මිණෙන් බඳ යුතු බිතු පෙළින්    රුදු
එතැනින් ගොසින් සැණෙකින් රජ විමන් වදු    වදු

රිවි බිම්බා යුරු රිවි කුල    කමලකර
පියුමම්බා නිතොර ව රැඳි උර    මැඳුර
මෙනරම්බා හිමි රූ සිරිනි    පැහැසර
පැරකුම්බා නරනිඳු සඳ දකු    මිතුර

උනු නොව බරණ සිවු සැට වොටුනුත්    පැළඳ
වෙනු මෙන් පසක් උන් සඳ සීහසුන්    මැද
මනු රජ කුලෙන් පැවතෙන පිළිවෙළ    නොසිඳ
ගනු අවසර එ නිරිඳු සිරි පතුල්    වැඳ

නික්මුම

පෙරව සඳ කිරණ පිපි කුමුදු මල්    වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා    පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන    අටින්
කරව පියාසර සකි කොන්ත ගං    තොටින්

නිසා වැනුම්

කළුවැල් කපුරු දුම තුළ ලෙළෙන දද පෙළ
සුවිසල් මිහිඟු සක් සන් මිණි හඬ    පතළ
කැරැ ලොල් සතන් පවසන තියු ගී දෙමළ
මනකල් ඉසුරු කෝවිලැ ලගිනේ ලකළ

උදා වැනුම්

වෙසඟන තුඟු තන යුග රොන්    කොකුමඟර
පිස එත මඳ පවන් හැද විල් ලිහිණි    සර
ගොස අලුයම පස තුරු සවනතෙහි    කැර
ඇස නිදිගැට හැර නැඟ සිටු උදා    හිර

උදා ගිරි කසුන් රිටි වැට හිස    බැබළි
එදා සහසකර පහනෙව් කරත    හෙළි
යොදා නුවන් ඉසුරුට කරන පුද    කෙළි
විදා පියා නිලඹර යන් නොවී    මැළි


මග වැනුම්

සුරරද සමන් සමගින් සුරඟන    එවර
පැහැනද මදාරා පරසතු මල්    පතර
කරපුද වඳින රැඳි මුනි සිරි පා    තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල    නැගෙනහිර

ගනේ මිණි බැබළි කිරණෙව්    සතපාය
රනේ යටග සැවුළිඳු දද    ගළපාය
අනේ ලකර කළ පුර අප නර    පාය
පෙනේ දකුණැ මහසෙන් දෙව් රදපාය

වලඳින අදහසින් මෙන් සුර ගඟ    අඟන
නලබල සසල දළ රළ පෙළ නුබ    නැගෙන
වෙලළසැ ගැවසි මුතු සක් පබළු    බබළන
බල මහ මුහුද එම සඳ උතුරෙන්    පෙනන

සන්නන් සිහින් ගෙඳි සෙවණලු වැලි    තෙලෙන
තැන් තැන් වල ම සැතපී සියුමැලි    බැවින
රන්වන් කරල් ගෙන එන ගිරවුන්    අතින
යන්මන් තොසින් මග තොරතුරු නියම    දැන

නිල තුරඟුට නැඟෙමින් රිවි දෙව්    සිරින
දුල කැරැ සේසත් මිණි බරණ    කිරණින
බලපිරි සෙන් සහ යාපා පටුන්    ගෙන
බල සේනානායක සපු කුමරු    එන

අග පිපි මල් මලිගිය ලිය    කැලේ යා
වග බැඳ හෙන රජ හස පුල්    විලේ යා
ළඟ තුරු මල් ගිලිහුණු    රොනවුලේ යා
මඟ බැස යව පළ හෙළ වැලි    තෙලේ යා

අයිරාවණ වුවත් නවතන රිසින්    එන
අයිරා දහස් දිලි දුනු කොත් සිපත්    ගෙන
කයිකාවලෙහි දැක සෙබළුන් රැකසිටින
වයි යා කරන් මල් තුරු ගන වන    හිසින

නිමල් සඳ පහන් වැනි වැලි පිට    උදුළ
සුපුල් මල් යහන් ලිය මඬු ලිය    ගෙපෙළ
එකල් කෙළින වන දෙව් ලිය දැකකොමළ
ළසල් රුකෙක සැතපෙව ළපලු    සිහිලළ

මල්දම් සුවඳ දුම් දුන් සොඳ    වරලසිනි
කල්ගිම් නිවා සැනහෙන සිහිලස    රසිනි
කොල්ලම් ගසින් නිල් ඉවුරැති    පොකුණසිනි
වල් අම්බලම දැක යාගන්    සහතොසිනි

කස්තුරු තිලක සැදි නළලත    සුමුටාන
පුලමහනෙල් මල් දම් හිස    දවටාන
සලෙළුන් යනෙන නිති කැරැ කෙළි කවටාන
රිවි මුදුනත වන මැද වදු    සුමුටාන

මඟ නිලමින් සිටි නා දොඹ නී    පියල
පියසලමින් මලගෙහි කෙළැ    රොනිනවල
තතුඬ ලමින් බිඳැ විලිකුන් මියුරු    පල
ඉසුඹු ලමින් යෙහි සැළ දඹ    පඳුරුවල

රිවිතැවුලේ පිපි කමලේ විල්    ගැවසී
මත කොවුලේ තුරු වදලේ හඬනනිසී
වන සැවුලේ මඟ අසලේ පොර    සැලසී
ගුරු බැවුලේ යව අවුලේ නො වී    කිසි

වනසිරි පියුම් රා බඳ රනබරණ    යුරු
වටසිරි සුපුල් දුනුකේ මල් මුරුත    තුරු
බිඟු පිරිවැරූ ඔලුපුලැඹුලවල    තඹුරු
හිම සරි සිහිල් දිය හෙබ දැක යන් මිතුරු

සලාදුලා පියොවුරු තඹර රොන්    රත
පුලා නිලා උපුලන් ලා ගෙන    කනත
කලා පිලා නො ව ඇල් ගෙවි කෙළින ඉත
බලා පලා යව අස්වන් ගුරුළු    කෙත

බන්නේ මරා මිණි දුල පබළු මුතු    පට
වැන්නේ ගමඹු ගෙලෙ පල මල් කුමුකු වට
ගන්නේ තසිත එබැවින් නො වැද කෙළියට
යන්නේ වෙළෙඳගොඩ දැක මඳ කලක් සිට

අවට සුපිපි සපු දුනුකේ    සලළාන
හඬන තැනින් තැන විලිකුළු    කිරළාන
පැසී නැමි කරල් රත් හැල්    සහළාන
වඩින මැනවි මහ වෙල මැද    වෙරළාන

පත් ගන පුල් මල් දොඹ තුරෙක    පියකරු
සිත් පිනවා ඉඳ සැළලිහිණින්    අතුරු
ගත් සරතස හැර විඳ සුවඳ මඳ    මරු
කිත්සිරිමේ වෙහෙරට වදුව    පස්වරු

සොඳ මුනිරද පිඬු කළ යස මෙරද සම
පුද කළ ඔහු නෙත් නිල් කැලුමෙව් බැරම
සඳ යුරු සඳ වෙලෙන් රැඳි රුසිරු    මනරම
වඳනෙහි තෝ දාගැප් මහ බෝ    පිළිම


කැලණි නදී වැනුම්

සල් සපු කීණ දොඹ රෑරඟ නා    මිදෙලි
පුල් එරහැඳි හෝ පලු මීඅඹ    පළොලි
පොල් පුවකිගු රඹ මලබුලත    සලිමලි
නිල් ගන සා සෙවණලු දෙතෙරැ    මනකලි

ගවසා සුපුල් කඩුපුල් මල් නිල්    වරල
සලසා උකුළු වට රසුදුළ මිණි    මෙවුල
සකසා දෙතන හර සඳුනෙන් කැරැ සිහිල
දෙපසා ඉසින නිල් පැහැ නෙතැ දිගු පුළුල

මනහර නා මණෙවියනිඳ ළවැලි    පිට
ගෙන මිණි වෙණ තත් නියගින් මැද රුවට
කන හෙවැ කියන බුදු ගුණ ගී මියුරු කොට
සැනහෙව කැලණි ගඟ බඩ මඳ කලක් සිට


සැඳෑ වැනුම්

සපුමල් යොහොඹු ලා බැඳ වරල    මනරඟ
පැහැදුල් දොඹ කැකුළු හර කර ලා    තනග
රොනවුල් නා කුසුම් කන ලා කොඬොල්    රඟ
දහවල් උයන් කෙළි කෙළැ සළෙලුන්    සමග

නුවනින් නිල් උපුල් මඳහසිනි    හෙළැඹුල
වුවනින් කමල් පෑ ලවනතිනි    රතුපුල
පවනින් අඹළ රන ලිය වන් ලියන්    කැල
රුවනින් ලකළ ගඟ දිය කෙළැ නිමුණු    කල

වදිමින් සවස නල හැසිරෙන    දිගතුවල
සොබමන් සුනිල් මිණි නිල් නුබ තුර    විපුල
පතසන් අවර ගිරි නැටියෙන් වැටෙන    කල
විලිකුන් සුරත් පල වැනි වේ රිවි    මඬල

මහතුන් හසළ තම හට යස පිහිට    ලෙස
නිසැකින් නො හළ යුතු බව පැමිණෙත වෙහෙස
සුදනන් පැවති සිරිතැයි දන්වන    විලස
නුබමින් සමඟ ගෙවෙනුය දවහල් දවස

සැදෑ ළෙන් වරුණ දෙව් රද මුහුද විසූ විසූ
සදෑ සහසකර එන මහවත    සැලසූ
විඳෑ උපුල් පිළ මෙන් රත් පටින්    වැසූ
සැඳෑ වලා පෙළ පැළ දිග පෙනුණු පසු

උදුළ සොමි කැලුම් නිසයුරු හිමි    පුවළ
පහළ වන බැවින් තම වෙත නිසඹු දොළ
ලකළ ගුවන තල සිරි යහන    නිකසළ
අතුළ කුසුම් විලසින් සැදෙත තුරු වැළ

දනගෙන වුත් දමන ගොදුරට    නොහැකිළිය
පැනපැන දියෙන් ඔවුනොවුනැඟෙහි    පෙරැළිය
ලෙහෙලුන කෙළින කැරැ පෙණ පිඬු රළ    රැළිය
එතැනින පියාසර කැරැ දකු    මස්කෙළිය


කැලණි පුර වැනුම්

පැහැසරණිය මිණි පැමිණිය කොත්අගට
බඳ කිකිණිය දද ගිහිණිය විමන්    වට
නොව පැරණිය වන රමණිය විටින් විට
සැළලිහිණිය වදු කැලණිය    පුරවරට

දියකඳ ගැඹර පිරි පුවතර මහ    සයුර
මුවරද ලෙසින් වත අගතිසි කර    තඹර
මනනඳ කරන මිණි ගණ මෙන් දිසි එවර
පැහැනද පහන් එහි මහ වෙයැ බල මිතුර

උදයග පියුම්රා පැහැ වැද මෙන්    රැඳුණු
පෙරදිග පෙනෙන සඳ සඳ කැල්මෙන් දිලුණු
මනරඟ එපුර සඳ කත ගෙහඹින්    ගැලුණු
සුරගඟ පතිනි දම් රැකුමෙහි ම    නියැලුණු

සුනිල් වලා නව සඳ නිලුපුල්    පබළු
විමල් සක් ගිජිඳු කුඹු සිරිවස    බැබළු
විපුල් පුලින රඹ සිකි ගල මුතු ළ    දළු
ළකල් රන ලියන් සරනා බල    යහළු

ඔද වැඩි කෙළි මඟුල් ලැබ තුටු නිසා කල
සඳ සක් ම‍ඳොසිනැද දෙත දුණු කැන් දුහුල
සොඳ පුරඟන පහ සුමුගින් පැහැ    උදුල
සෙද දුනඹර මතු ඇය රැස් මිණි    මෙවුල

තවර කරැ කොකුම් සඳුනෙන් තුනුසියල
පවර සුවඳ මල් දම් පැළඳ මනකල
බැහැර සිතු නොලූ හිමිනඹුවො කෙළි ලොල
එපුර ඉඳිති සඳපානේසඳලුවල


පින්කම් වැනුම්

මුවලඹ රඹ වලු බර රන් තැඹිලි    තුරු
සැදි ගෙඋයන් ගෙවමින් වේ මඟ    අතුරු
කරකැවෙමින් දකුණට අවුදින්    මිතුරු
වදු වෙහෙරට සිහි කැරැ නව ගුණ    මිතුරු

දියතෙක් පැතිර සිටි බුදුගුණ කියා හැම
සගමොක් ලබනු වස් පිය යුග ඔබා බිම
සියසක් පුරා දුටු මෙන් තුටුවැ මුනිතුම
වඳු ලක් තිලක ගෙහි වැඩ උන් මහ පිළිම

පෙර දලනිඳු දිය කඳ රට බිම්    ගලත
සුරකුල හිමි රකිනුව ලක මැවූ    සත
මනකල ඒ සමුදුර පැහැයෙන්    දිමුත
වඳු සල පිළිම හිමි සිරි සරණ    සියපත

ගිලිය නොදී සැට මහණන් බව    මහණ
මලිය දෙව් තෙරිඳු වැඩ හිඳ දෙසූ    බණ
දිලිය පස් මහල් පායෙහි මිණි    කිරණ
බැලිය හැකි වි නම් දැක වැඳ යා    කලණ

පෙර උවිඳා ගෙන ගිරිඳා සිඳු    සලත
නැගි පැහැදා පෙණ සමුදා සැටි    නුමුත
මෙන උළිඳා පැහැ විහිදා නෙ දිගු    බිත
සැදි වටදා ගෙහි වඳු දා ගැබ    දිමුත

දිගු නෙත් නිලුපුලෙව් රතදර පබළ රඟ
සිරිමත් සුපුන් සඳ වැනි වුවන මන රඟ මනරඟ
පැහැපත් ලකළ රන්වන් විලසින්    ලොවග
වැදහොත් පිළිම හිමි වඳු පාය පැළ දිග

අහසින් අවුත් මිණිඅක් නයිඳු    යැදුමට
රහතන් මැදෙහි මුනි හිඳ මිණි පලඟ    පිට
දහමුත් දෙසූ තැන කළ සැට රියන්    කොට
මහ දා ගැප් හිමින් වඳු සොළොස තැන්    සිට

සවන සතිය වැසි වසිනා දස    දිගෙහි
පෙණින සෙවෙනි මුදලිඳු නා දරණ    ගෙහි
සවන හිඳිනු දනනඳනා නෙතු    යුගෙහි
වඳින මැනවි පිළිමය නා පිළිම    ගෙහි

සසරින් මුදා ලෙවි සදහම්    අමා දී
එකඟින් මුනිඳු හුන් වැනි    නිපරමාදී
ලකුණෙන් සපිරි පිළිමය දැක    සමාදී
වැඳගන් මිතුර තුන් සිත කැරැ    සමාදී

අප මුනිඳූ බුදු වන දින මුරුන්    පිදු
පැහැ විහිදූ දිලි කල දෝ යටින්    යෙදූ
සැදි සිනිදූ ඉඳුනිල් මිණි සතෙක    බඳූ
වැඳ දුමිඳූ වන පින් පල ත අත්    බඳූ

විටංක පැකිලිඳු දකුණස    දොරටුයෙන
නිසංකයෙන් පුද නන් තුරු    ගොසසමින
කලංක නොව කළ සුබ ලකුණු    බබළන
තිවංක නම් දෙපිළිම නැමඳ    බැසගන

සමනොළ ගිරි ගිජිඳු දිගු කළ සො‍ඬෙක    සැටි
සිහිලළ ගඟැ සිලිල් සනහා මුනි නො    ගැටි
පැහැදුළ තුන් සිවුරු ඇඳ පෙරෙවැ වැඩ    සිටි
තැන කළ සිවුරු දා ගැබ වඳු නො පෑ    පිටි


නිරිඳුන් කැලණිතිස් නිවැරදි රහත් තැන
සැකයෙන් ලැවූ හුණු තෙල් සැළ තුබූ තැන
බැතියෙන් පිනැතියන් කළ විසිතුරු විමන
වැඩහුන් පිළිම හිමි නමඳින්    යහදසන


දෙව් මැඳුරු වැනුම්

පිරිසිඳ නොහැකි මෙවැඳුම් පුද පින් පඬුරු
මෙනබැඳ රැගෙන දෙන ලෙස දැක එ සුර විරු
සුරරද පාය වන් විජයොත් නම්    මහරු
එමසඳ වඩන රජ ගෙට මිතුර    වැඩකරු

පුලා සුවඳ මලවුල් කැරැ වරල්    බැඳ
දුලා රන් පතින් සරසා සවන්    සොඳ
නිලා දිගු නුවන් රසඳුන් තනා    ඇඳ
බලා සිටු රඟන රඟ මඬල    කල්බඳ

විදෙන ලෙළෙන නරු බර පුළුලුකුළැ    රැඳී
හෙළන නඟන අත නුවනග බැලුම්    දිදී
රුවින දිලෙන අබරණ කැලුම ගත    යෙදී
සැලෙන පහන සිළු වැනි රඟන ලිය    සැදී

ලකළ පුළුලුකුළ බඳ මිණි    මෙවුල්ලා
සමග රන් සලඹ රැවු දී    වෙවුල්ලා
වයන පදට තබමින් පද    කමල්ලා
රඟන ළඳුන් බල රූසිරු    සියල්ලා

වස් දඬු බිඟු කොවුල් වීණා නද    මියුරු
රැස් වූ සෙයින් සත් සර රස ගී    සොඳුරු
අස්වන ලියන් දැක ලිය කිඳුරඟන යුරු
තොස් කර තසිත සවනත නුවනත මිතුරු

විබිසණ දෙව් වැනුම්

මෙසේ පැවති අනතුරු ගී රැඟුම්    පුද
තොසේ සිතින් වැඩ සිටි සුර විමන්    මැද
යසේ පතළ දිය තුළ උතුළ මන    නඳ
ඇසේ පුරා දකු විබිසණ සුරිඳු    සඳ

පැමිණ සිටි අඳුන් ගිරි කුළු මුදුන්    වෙත
රෙහෙණ නකත් ගැල සිරි විලසින් දිමුත    දිමුත
සරණ මුළු ලොව‍ට එසුරිඳු සිරස    පත
කලණ කිරුළ දිසි මුතු ලැල් රුවන්    යුත

සුනිලේ පැහැය හැර සුදු වනු ය ගන    වෙලේ
විදුලේ එයින් වියොවට පැමිණ    වියවුලේ
නිසලේ එ මේ සිරි ගත් සුරිඳුනැම    කලේ
උදුලේ දො හෝ රන් පට මෙන් නළල්    තෙලේ?

රුවිනේ උතුම් එසුරිඳු මිණි ඊල    මෙනේ
සවනේ රැඳුණු රසුදුළ තෝඩු ගන    රනේ
වුවනේ වැජඹි සිරි සරසවිය හැම    දිනේ
සොබනේ කනා කැටපත් යුවළ    විලසිනේ


නමකළ සත හැලේ සිහිලේ සැප    සිලිලී
බිය සෙණ රුපු කැලේ තුමුලේ දෙන    නො කලී
නළලත ගිරි තෙලේ සුනිලේ    රැසිනිපිලී
සුරරද දෙබැමලේ ගනලේ සිරි    කියලී

සතුරු සුර අඳුරු එක පැහැර දුරු    කළ
මිතුරු තඹුරු වන නිරතුරු පුබුදු    කළ
අතුරු තුසර සිඳුවන දැකුමෙන්    පහළ
ළහිරු සිරින් දිලිහිණි හිමි නෙත්    සඟල

යසගාන කළ තැන තැන සිදඟනන්    සැදී
නොළඟා එ හිමි දිගු තුඟු නැහැයට    වොරැඳී
සමඟා රදුන් දෙවියන් සෙවුමින්    නිසැදී
මුරගා අහෝ මිණි කාලම වෙහෙස    විඳී

සිරිසර හිඟුල් විලැ සේ හස වැළෙව්    ගන
සුරවර සලෙළ රත ලවනත දළ    දුලන
මනහර සඳ වලා පෙළ කෙළවර    පෙනෙන
පැහැසර ළ සඳ යුවළක් ඇත්නම්    එමෙන

කනා මිණි වළලු නැඟි රැස් මල්    කැනැති
මනා දිගු ඇඟිලි නව තඹ ළ පලු    ඇති
දනා කැමති දෙන පලඹත එ    සුරපති
දිනා දිමුතු අතු සිරි සුර තුරැ    පැවැති

පානා සෙනේ සසිනිඳු මඳලස    බැල්ම
ගානා නිමහමෙව් දෙවඟන නෙත්    කැල්ම
නානා සුරිඳු පුළුලුර සිරි සඳ    ඇල්ම
නූනා කෙළන ගලතල වැනි ඉඳු    නිල්ම

ලකුළු පුළුලුකුළු වට බිම එසුර    විරු
වෙරළු මිණි කැලුම් පතරින් මෙවුල’    තුරු
නැබුළු සොඳුරු සසිලිටු වටොර රඹ    තුරු
බැබළු සිසිල් ඉසිනා විලස සිරි    දැරු

වඳනා සුරන් කිරුළග රුවන    කැලුමෙනා
බඳනා කොමළ ලතු විලසළ රතින්    මනා
මඬනා බැවින් සියපත එ හිමි    පතුලෙනා
බියෙනා ළ තඹ හෝ පලු සදිසි    වෙවුලනා

වෙසෙසින් පහන් පැහැසර ගැඹුරු    පිවිතුරු
බැලුවන් ඇලුම් කරවන යළිදු    බියකරු
සිරිපින් රුවන් පිරි එ සුරිඳු සයුර    යුරු
මුවෙකින් කියා නිමවිය හැකිද    රූ සිරු?

ලෙව් හට තමන් නම කිව රිසි දෙන    විසිනි
දෙව් තුරු සුරබි සුරමිණි සරි ද    කෙලෙසිනි
පව් රෝ දුකුදු දුරලත පොකුරඹ    හසිනි
දෙව් වෙද ඇසෙන පමණෙකි වියතුන්    බසිනි


මන් පිනවන යස සිරි තෙද නැණ    විපුල
සෙන් යුද ජය රජ බව තනතුරු    සියල
දෙන්නෙන් පැතූ විට සුබ වැඩ දිගා    බල
පින් නම් සතුන් කළ දෙව් රජ ම ය    මෙකල

තුන් ලෝ තමා නතු කළ රවුළු    සොහොවුරු
තුන් කල් බලා රමිඳුට වූ ඉටු    මිතුරු
තුන් වේ ඇදුරු පුලතිසි කුල මිණි    මිතුරු
තුන් විටෙක ම වඳු එ සුරිඳු පා    තඹුරු

අස්න

අනතුරු බලා අදහස අවසර    විගස
යුහුසුළු නො වී සලකා පසු පළමු    බස
පෙරදැරි කොට ම සුරිඳුට තියු වදන්    ගොස
සැළ කර ත ගිය කටයුතු සිට එකත්    පස

තරසර සුනෙර තද තෙද දිමුතු    දිවයුර
පුවතර ගැඹර සමුදුර කැලුම    නිලඹර
සොමිබර පවර නිසයුර නුවණ    සුරගුර
සුරවර දෙසැර විබිසණ නම් කැලණි    පුර

රජකුල සුපුල් විලැ රජ හස වන්    සරන
පෙර මලවියා වන් රුසිරෙන් මන    නඳන
හැම කල විපුල සව් සැපතින් නො අඩු    වන
තෙද බල විකුම් ගුණ මිණි බරණින්    තෙවුන

ගරුතර නන්නූරුතුනයා නමැති    මැති
සිහිකර නිතර මහ පුද පඬුරු දී    රුති
නොවිසිර ඔබට දන්වන ලෙස කී    සිතැති
සුරවර මඳක් කල් එපවත් ඇසිය    යුති

රිවිකුල ලමැණි ගොත් පිරිසිදු ගුවන්    මැද
පැහැදුල සරා කල් පත් සහසකර    බඳ
කිවි කැල ගලට මුතුහර වන් යස    පබඳ
සිරි කල කුල නිවෙස් දිය පතළ තද    තෙද

හළ දුසිරී දැන තෙවළා මුනිඳු    බණ
කෙල පත් සියලු අවි සිප් කව් නළු    සතණ
ඔළ මොළ රුපුන් දප මැඩ පෑ උපා    නැණ
කළ මුළු ලක්දිව එක් සේසත්    සෙවණ

සත නෙත දුන් රූසිරු රස    අඳුන්වන
පත නර ලොව පුරඳර සිරි    හඳුන්වන
විකුමෙන් මෙ දඹදිවැ නිරිඳුන්    මුදුන්වන
අප පැරකුම් නිරිඳුට දූ    ළඳුන්වන

සිරිසඳ වන් සව් සිරි දියුණුවැ    රඳන
සිතුමිණ වන් යැදි යදි හට දනින්    දෙන
සරසවි වන් නුවණින් පහළ වැ    පෙනෙන
නවසඳ වන් ලෙව් වැසි අදරින්    වඳන


යෙහෙළින් කෙරේ සකි සැප සමග    සිත්මේ
කුලුණෙන් දැසි දසුන් වෙත වසින    වත්මේ
රකිමින් පතිනි දම් යහපත්    සිරිත්මේ
සිහිනෙන් නිපන් වන් දස පින්    පැවැත්මේ

මිහිරි තෙපල තන්වැසි කිවිකම්    පුරුදු
ඉතිරි බැති පෙමැති පෙළ දහමෙහි    මුනිඳු
නොහැරි පෝය අටසිල් රැකුම    පිරිසිදු
සසිරි උලකුඩය දේවී හට    පසිඳු

දිත් රුපු කිරුළු මල් දම් සුවඳ මී    වැස
තෙත් සිරිපා යුත් සුරිඳුනි තිලෝ    ඇස
සිත් පිනවන ඇති ආසිරි නුවණ    යස
පුත් රුවනක් සොඳ දුන මැනවි නිසි    ලෙස

බිසොවට පළමු රත්නාවලි නම්    සොඳුරු
සහතුට දෙවූ හිමි දිවැසින් කුලුණු    පිරු
මෙලකට ඉසුරු වී පැරකුම් රජ    කුමරු
පළකොට කිමෙක ඔබ සොඳ තෙද බල    මහරු

එසෙයින් දෑ සමන් මහනෙල් කුසුම්    ගෙන
පුදමින් එසුරවර සිරි සරණ    වඳිමින
බුහුමන් කරන රජ දූ සඳුට මෙ    කියන
දුනපින් සමග යස සිරි වඩි පුත්    රුවන

මෙහසුන් සුරිඳු හට සැළ කැරැ මෙසේ    යා
වඳිමින් බැතින් පැදකුණු කොට තොසේ    යා
දකිමින් බිසෝ දෙවියන් නොව ලසේ    යා‍
කියමින් යදින් සකි සඳ මෙ ම ලෙසේ    යා

පැහැපත් පුන් ස‍ඳෙව් කිරි සමුදුරැ    පළට
සියගොත් බබුළුවන දෙව් රජ කුමර    හට
නැවතත් එකලාව අවසර ලැබුණු    විට
මෙපවත් කියව සැළ කරනුව සුර    රදුට

මේ සියලුම අදහස කුලුණෙන්    ගිහිණි
සේ සිය පත සලසා උදය    දිනමිණි
නෑ සිය ඉටු මිතුරු සමගින්    සැළලිහිණි
වා සිය පවතු සිතු ලෙස සැපතින්    පැමිණි

පුරාණ සන්නයේ අගට යෙදුණු කවි

පැරකුම් රජුට පන්තිස් වනු නවම්    මස
මනරම් කැරැ බඳුතු මෙහසුන් නො වී    ලස
අයදුම් ලෙසට සිදුකැරැ කිවිඳු    අදහස
දෙව්රම් මිතුරු දුන් ගැබ බිසොවට    සකස

සතිස් වනු නවමැ පුර අස්ලිස    නකත
පහස් ලැබ සුපුන් සඳ නුබ තුරැ    පැනෙත
සහස්කර කුලට වැඩ වන ලෙස    සතත
වෙසෙස් රජ කුමරු විලසින් දැකුම්    පත

කඳවුරු කුලමැඳුරැ මිණි පහනෙව්    සුසැදි
නැණ ගුරු සබස සමය ද දැනුමෙහි    වොරැඳි
රජගුරු විජයබා පිරුවන් හිමි    පැහැදි
මෙමියුරු පදැති සැළලිහිණිය අස්න    යෙදි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
4

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
28 Feb 2018 10:12 PM
  •  Quote
  •  Reply
සැලළිහිණි සංදේශය කවි අහන්න හෝ ඩවුන්ලෝඩ් කරගන්න නම් මෙතන ඇති වෙබ් අඩවියට යන්න
https://archive.org/details/SS-online/01.mp3

උපුටා ගැනීමකි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Feb 2018 10:17 PM
  •  Quote
  •  Reply
ස්තූතියි චාමර මල්ලී...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
31 Jul 2018 11:32 AM
  •  Quote
  •  Reply
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
31 Jul 2018 11:33 AM
  •  Quote
  •  Reply
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
Add Reply
Page 2 of 2 << < 12


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below