පිපිඤ්ඤා වලට කැමති අයට වැදගත් යැයි හිතන දෙයක් තමයි මම මේ කියන්න හදන්නේ...
මේ විදියට කන අයත් ඉදීවි හැබැයි නොදන්න අයත් ඉදීවි එයාලටයි මේ.
පිපිඤ්ඤා ගෙඩියෙන් හදාගන්න රස දෙයක් ගැනයි විශේෂයෙන් කියන්න හදන්නේ.
පිපිඤ්ඤා ගෙඩිය කපලා ඔයාලා උයද්දි පිපිඤ්ඤා ඇටත් එක්ක අයින් කරන කෑල්ල අයින් කරලා විසික් කරලම දානවද.?
අාපහු ඒ දේ කරනවනම් ඒ දේ කරන්න එපා.මොකද පිපිඤ්ඤා කියන්නේ 100% ක් පිපිඤ්ඤා පොත්තෙන් පවා ඖෂධීය දෙයක්....
ඒ පිපිඤ්ඤා අහක දාන ඒවා ටික එකතු කරලා පිපිඤ්ඤා ඇටත් එක්කම පැනි දාලා කන්න....පැනි දාලා කන්න හිතෙන්නැත්තම් ලුනු ටිකක් ඉහලා කන්න..පෙලක් අයට මේ විදියට කන්න ආස නැද්ද දන්නැහැ නේ. ඒ වගේ අය මේ ටික බ්ලෙන්ඩ් කරලා ලුනු බිංදුවක් දාලා කැමති නම් දෙහි යුෂ /පෙති දාලා පානයක් විදියට හදාගන්න.
මම අර කිව්ව විදියට කන්න හුරු උනොත් බර අඩු වෙනවා බර අඩු වෙනවා කියන්නේ පිපිඤ්ඤා මදය සහ පිපිඤ්ඤා අැටයේ තියෙන sterol වලන් සිරුරේ තියෙන තෙල් / කොලෙස්ටරෝල් අඩු කරනවා..තව ගෑස්ට්‍රරයිටීස්/ අමාශගත තුවාල තියෙනවනම් හොදම දෙයක් .
අහක දාන දේ විසික් කරලා නිකම් ඉන්න එපා ..
බ්ලෙන්ඩර් කරද්දි හොදට පිරිසිදු කරලා පිපිඤ්ඤා පොත්ත බ්ලෙන්ඩ් කරන්න. මේ බිලෙන්ඩ් කරපු එක ඉස්සල්ලා කිව්වා වගේ පිපිඤ්ඤා පානයට දාලා බොන්න පුලුවන්. හැබැයි ගෙවත්තෙන් ගන්න පිපිඤ්ඤා ඇර මිලදී ගන්න ඒවා වල පොත්තෙන් බීම හදන්න එපා...
ඉතින් ඒ වගේම පිපිඤ්ඤා නිතරම හෝ දිනපතාම ආහාරයට ගැනීමෙන් දියවැඩියාව පාලනය , විදුරුමස් රෝග වලට ,සිරුරේ සමට ,මුඛ දුර්ගන්ධය ට ඉතාමත් වැදගත් වෙනවා...