Go to previous topic
Go to next topic
Last Post 29 Jul 2018 02:34 AM by  Udeshika Herath
පොල් චට්නි (රතට හෝ කොළ පාටට)
 5 Replies
Author Messages

SK1967
Basic Member
Basic Member
Posts:125






--
27 Jul 2018 11:04 PM

    https://postimages.org/]

    ‍පොල් චට්නි (රතට හෝ කොළ පාටට)

    අවශ්‍ය ද්‍රව්‍ය
    අමුමිරිස් හෝ වියළි මිරිස් කරල් 6
    සිහින්ව ගා ගත් ‍පොල් අඬු
    කෝප්ප 2
    කරපිංචා කිනිත්තක්
    සුදුලූනු බික් 2යි
    අමුඉඟුරු කුඩා පෙත්තක්
    ගම්මිරිස් ඇට
    කීපයක්
    දෙහි යුෂ රසට
    අනුව
    ලුණු රසට
    අනුව
    උතුරවා නිවාගත් වතුර අඬු කෝප්ප 1 1/2
    අබ ඇට තේ හැඳි 1/2
    රතුලූනු ගෙඩි කීපයක්
    තෙල් ටිකක්

    සාදන ආකාරය
    රතුලූනු සිහින්ව කපා ගන්න. අමුමිරිස් හෝ වියළි මිරිස් ද එසේ කපා ගන්න. කොළ පාටට චට්නිය කැමති නම් අමුමිරිස්ද රතු පාටට කැමති නම් වියළි මිරිස්ද භාවිතා කරන්න. දැන් අබ සහ කපාගත් රතුලූනු ටිකක් පසෙකින් තබා ඉතිරි ද්‍රව්‍ය ‍පොල් සමග මිශ්‍රකර වතුර දමා හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. දැන් තෙල් ස්වල්පයක් ළිප තබා රත්වන විට එයට රතුලූනු සහ අබ ඇට දමා තෙම්පරාදු කරගෙන අඹරාගත් ‍පොල් මිශ්‍රණය දමා යන්තමට මලවා කෑමට ගන්න.

    උපුටාගැනීම........www.lakbima.lk 
     

    SK1967
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    28 Jul 2018 12:48 AM
    ෂා ... නියම කෑමක්නේ..
    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට...
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    28 Jul 2018 04:10 AM
    හ්ම්ම්....කොල පාට එක වැඩිය හොඳයි වගේ......ස්තුතියි අය්ය රස කෑමක් අරන් ආවට
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    28 Jul 2018 08:35 AM
    මරු කෑමක්නේ. ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට.
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    28 Jul 2018 06:43 PM
    මම නම් මේ කෑම එක නම් කීප වතාවක්ම හදල තියෙනවා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    29 Jul 2018 02:34 AM
    ඒකනම් නියමයි
    Udeshika Herath
    0


    ---