රස පිරි ගුණ සපිරි කරපිංචා සම්බෝලය
අවශ්‍ය ද්‍රව්‍ය:
- කරපිංචා ස්වල්පයක්
- ලුණු කැට කීපයක්
- රතු ළූණු ගෙඩි කීපයක්
- වියළි මිරිස් කරල් දෙකක්
- ගොරකා කෑල්ලක්
සාදන ආකාරය:
කරපිංචා කොළ මිරිස්ගලේ හොඳින් අඹරා ගන්න. ඊටම ලුණු කැට ,රතු ළූණු ගෙඩි කීපය සහ වියළි මිරිස් කරල් දෙකඑකතු කරගන්න.ගොරකා ස්වල්පයක් එකතුකර තවත් හොඳින් අඹරා ගන්න.සියල්ලම හොඳින් ඇඹරුණු පසු අතින්මිශ්‍රණය ගුලිකර කුඩා පීරිසියක තබා කෑම මේසයට යවන්න.
කරපිංචා සම්බෝලය ස්වල්ප වශයෙන් ආහාරයට එක් කර ගැනීමෙන් ඔබේ ආහාර වේලට සුවිශේෂී රසයක් එකතු කර ගත හැකි ය. සම්බෝලයට ශරීරයේ පවතින කොලෙස්ටරෝල් දුරු කිරීමට හැකි ඖෂධීය ගුණයක් තිබේ. කරපිංචාවල ඇති විෂහරණ ගුණය හේතුවෙන් ආහාරයේ හෝ ශරීරයේ පවතින විෂ ශරීරයෙන් ඉවත් වීමට ද සිදු වනවා.
සතියකට වරක් වත් කරපිංචා සම්බෝලය ආහාරයට එක්කර ගැනීමෙන් ඔබේ ආයුෂ දීර්ඝ වේ. නීරෝගී බව ලැබේ. එසේම ඔබ ගැස්ට්‍රයිටීස් තත්වයකින් පීඩා විඳී නම් කරපිංචා සම්බෝලය වඩාත් සුදුසු ආහාරයක් නොවන බව ද මතක් කළ යුතු ය.
කටට සැරට ආස අයට කොච්චි සම්බෝලය
අවශ්‍ය ද්‍රව්‍ය :
- කොච්චි මිරිස් කරල් අවශ්‍ය පමණ
- රතු ළූණු ස්වල්පයක්
- උම්බලකඩ කුඩු මේස හැඳි 1 ක්
- දෙහි ගෙඩියක යුෂ
- ලුණු
සාදන ආකාරය :
කොච්චි මිරිස් හොඳින් සෝදා ගන්න.දැන් ලුණු කැට කීපයක් සහ රතු ළූණුගෙඩි කීපයක් එක්කරන්න. සියල්ලමමිරිස්ගලේ අඹරාගන්න.හොඳින් ඇඹරුණු පසු උම්බලකඩ එකතුකරන්න. පසුව රස අවශ්‍ය ප්‍රමාණයට දෙහි යුෂ මිශ්‍රකරගෙන පිළිගන්වන්න.
තම්බාපු බතල ,මඤ්ඤොක්කා වැනි අල වර්ග සමඟ කොච්චි සම්බෝලය ආහාරයට ගත හැකියි.එසේම තම්බාගත් කොස්සහ දෙල් වැනි දේ සමඟ කොච්චි සම්බෝලයට ලැබෙන්නේ ඉහළම ප්‍රතිචාරයක් බව කියන්නම අවශ්‍යයි. කටට සැරසේම කොච්චිවල රසයත් ඔබේ ආහාරවේල ප්‍රණීත එකක් බවට පත්කරයි.