Go to previous topic
Go to next topic
Last Post 07 Feb 2017 09:59 PM by  madhawas
රස ගුණ පිරි කෑම වට්ටෝරු....
 94 Replies
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Oct 2016 02:03 AM

    ඔන්න ඒහෙනම් කාලම බලන්නකෝ.

    මම කලා නැති ඒවා දාන්නේ .

    වග කියන්නේ නෑ ඔන් හී.

    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    28 Oct 2016 02:04 AM
    මේතනට පස්සේ පොටෝ ඒකක් දා ගන්න ඔනේ. මේ ඉඩ ටික ඒක නිසා මට ඔනේ හී
    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    28 Oct 2016 02:07 AM

    බිම්මල් වලින් රසවත්  කෑම වට්ටෝරු කිපයක්.

    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    28 Oct 2016 02:07 AM
    01. බිම්මල් ව්‍යාංජනය 

    අවශ්‍ය ද්‍රව්‍ය-

    බිම් මල් ග්රෑ ම් 500 යි.
    බොම්බයි ළුෑනු ගෙඩි 2යි.
    සුදු ළුෑනු බිග් 2යි.
    අමු මිරිස් කරල් කීපයක්.
    රම්පා.
    කරපිංචා.
    තක්කාලී ගෙඩි 2 යි.
    මිරිස් කුඩු.
    කහ කුඩු.
    බැදපු තුනපහ කුඩු.
    උම්බලකඩ.
    පොල් කිරි .
    අවශ්ය තරමට ලුණු.

    සාදන ක්‍රමය.
    * බිම්මල් සොදා තීරු වලට කඩා ගන්න.
    * ඒයට කපා ගත් ළුෑනු, සුදු ළුෑනු, රම්පා කරපිංචා, තක්කාලි, උම්බලකඩ ඒක කර ගන්න.
    * ඒයටම තුනපහ වර්ග ටික ඒක් කර කලවම් කර ගන්න.
    * ලුණු සහ පොල් කිරි ඒක් කර ලිප තබා පිස ගන්න.

    දිනයක වැටහේවී...........
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    28 Oct 2016 02:07 AM
    ම්ම්ම්ම් බිම්මල් ,,ආසම කැමක් . ස්තුති සදුනි නගෝ
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    28 Oct 2016 02:07 AM

    02. බිම්මල් ඩෙවල්.

    අවශ්‍ය ද්‍රව්‍ය-

    බිම් මල් ග්‍රෑම් 500 යි.

    තක්කාලී ගෙඩි 3 යි.

    ලොකු ළුෑනු ගෙඩි 2යි.

    මාළු මිරිස් කරල් 3 යි.

    සුදු ළුෑනු බිග් 3යි.

    රම්පා.

    කරපිංචා.

    උදු පිටි කෝප්ප 1/2 යි.

    කෑලී මිරිස් මේස හැදි 1 යි.

    තෙල් අවශ්‍ය තරමට.

    ගම්මිරිස් ස්වල්පයක්.

    අවශ්‍ය තරමට ලුණු.

    සාදන ක්‍රමය.

    * බිම්මල් සොදා තීරු වලට කඩා ගන්න.

    * උදු පිටි වලට ලුණු, ගම්මිරිස්, ජලය ඒක් කර මිශ්‍රනයක් සාදා ගන්න.

    * කඩා ගත් බිම්මල් ඒ මිශ්‍රණයේ දවටා ගැබුරු තෙලේ බැද ගන්න.

    * ලොකු ළුෑනු සහ මාළු මිරිස් රවුම් අාකාරයට කපා ගන්න.

    * තක්කාලී සුදු ළුෑනු පෙති කපා ගන්න.

    *තෙල් ස්වල්යක් දැමු බදුනතක් ලිප තබා, රත් වූ පසු බැද ගත් බිම්මල් හැර අනිත් සියල්ල ඒක් කරගන්න.

    * කෑලි මිරිස් හා රස අනුව ලුණු ඒක කර ලිපෙන් බා ගන්න.

    * ඉන් පසු ඒයට බැද ගත් බිම් මල් ඒක් කර ගන්න.

    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    28 Oct 2016 02:08 AM

    03. බිම්මල් සමග කතුරුමුරුංගා සලාද.

    අවශ්‍ය ද්‍රව්‍ය-

    කතුරුමුරුංගා කොළ මිටියයි.

    බිම් මල් ග්‍රෑම් 250 යි.

    ඒළවළු තෙල් මේස හැදි 2 යි.

    සොයා සෝස් මේස හැදි 2යි.

    සුදු ළුෑනු බිග් 3යි.

    රම්පා.

    කරපිංචා.

    ගැඹුරු තෙලේ බැදීමට අවශ්‍ය තරම් තෙල්.

    කෑලී මිරිස් තේ හැදි 2යි.

    අවශ්‍ය තරමට ලුණු.

    සාදන ක්‍රමය.

    * කතුරුමුරුංගා කොළ සොදා දිය බේරෙන්න තබන්න.

    * ඉන් පසු ගැළඹුරු තෙලේ බැද ගන්න.

    * සුදු ළුෑනු, රම්පේ, කරපිංචා සිහින්ව කපා ගන්න.

    * බදුනක් තෙල් ස්වල්පයක් දමා ලිප තබා ඒම ද්‍රව්‍ය බැද ගන්න.

    * ඒයට සොදා තීරු වලට කඩා බිම් මල් සහ කෑලි මිරිස්, සොයා සොස්, අවශ්‍ය පමනට ලුණු ඒක්කර ගන්න .

    *  අවසානයේ බැද ගත් කතුරුමුරුංගා කොළ දමා කලවම් කර ගන්න.

    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    28 Oct 2016 02:08 AM

    04. වියළි බිම්මල් බැදුම.

    අවශ්‍ය ද්‍රව්‍ය-

    වියළි බිම්මල් ග්‍රෑම් 250 යි.

    ඉස්සන් හෝ හාල් මැස්සන් ග්‍රෑම් 100 යි.

    ලොකු ළුෑනු ගෙඩි 1යි.

    කරපිංචා කොළ මිටක්.

    විනාකිරි මේස හැදි 1යි.

    සීනි ස්වල්පයක්.

    ඉගුරු කැබැල්ලක්.

    සුදු ළුෑනු බිග් 4 යි.

    තෙල්.

    අවශ්‍ය තරමට ලුණු.

    සාදන ක්‍රමය.

    * වියළි බිම්මල් හා හාල් මැස්සන් හෝ ඉස්සන්ද සොදා ගන්න.

    *වෙන වෙනම ගැඹුරු තෙලේ බැද ගන්න.

    * කරපිංචා කොළ මිටද ගැඹුරු තෙලේ බැද ගන්න.

    * තෙල් ස්වල්පයක් ලිප තබා කපා ගත් ළුෑනු, සුදු ළුෑනු, තලාගත් ඉගුරුඒක කර  බැදුණු පසු ලිපෙන් බා ගන්න.

    * ඒයට ලුණු, විනාකිරි හා සීනී ඒක්කර ගන්න.

    * අවසානයේ බැද ගත් හාල්මැස්සන් හෝ ඉස්සන්, වියළි බිම් මල් හා කරපිංචා ඒක් කර කලවම් කර ගන්න.

    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    28 Oct 2016 02:08 AM

    05. බිම්මල් සලාද.

    අවශ්‍ය ද්‍රව්‍ය-

    බිම්මල් ග්‍රෑම් 250 යි.

    රට කජු ග්‍රෑම් 50 යි.

    මාළු මිරිස් කරල් 2යි.

    කුකුල් මස් ග්‍රෑම් 100 යි.

    තක්කාලී ගෙඩි 1 යි.

    සෝස් ඒක සදහා-

    ඔලිව් තෙල් මේස හැදි 1 යි.

    අබ කුඩු තේ හැදි 1/4 යි.

    ගම්බිරිස් කුඩු තේ හැදි 1/2 යි.

    ලුණු කුඩු තේ හැදි  1/2 යි.

    සාදන ක්‍රමය.

    * බිම් මල් කුඩා කැබලි වලට කපා තම්බා දිය බේරා ගන්න.

    *මාළු මිරිස් , තක්කාලී, කුකුල් මස් කැබලි වලට කපා ගන්න.

    * තෙල් ස්වල්පයක් ලිප තබා, බිම්මල් හැර අනිකුත් ද්‍රව්‍ය ඒක් කර බැද ගන්න.

    * සොස් ඒක ඒම ද්‍රව්‍ය කලවම් කර සාදා ගන්න.

    * දැන් වෙනම භාජනයක් ගෙන ඒයට බැද ලත් ද්‍රව්‍ය හා බිම් මල් ඒක් කර කළවම් කර ගන්න.

    * අවසානයේ සාදා ගත් සෝස් ඒක ඒ මතට වක් කර හොදින් කලවම් කර ගන්න.

    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    28 Oct 2016 02:08 AM

    06. ඉන්දියානු ක්‍රමයට බිම්මල් ව්‍යාංජනයක්.

    අවශ්‍ය ද්‍රව්‍ය-

    බිම් මල් ග්‍රෑම් 500 යි.

    ලොකු ළුෑනු ගෙඩි  1 යි.

    අමු මිරිස් කරල් 3යි.

    සුදු ළුෑනු බිග් 1යි.

    ගම්මිරිස් කුඩු.

    තෙල්.

    අවශ්‍ය තරමට ලුණු.

    සාදන ක්‍රමය.

    * බිම්මල් සෝදා  කපා ගන්න.

    * ළුෑනු  ,සුදු ළුෑනු , අමුමිරිස් කපා ගන්න.

    *තෙල් ස්වල්පයක් ලිප තබා කපා ගත් ද්‍රව්‍ය ඒක් කර ගන්න.

    * ඒයට ගම්මිරිස් කුඩු හා ලුණු ඒක්කර මද වේලාවකින් ලිපෙන් බා ගන්න.

    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    28 Oct 2016 02:09 AM

    07. බිත්තර මිශ්‍ර බිම්මල්.

    අවශ්‍ය ද්‍රව්‍ය-

     බිම්මල් ග්‍රෑම් 250 යි.

     බිත්තර 2 යි.

    තක්කලී ග්‍රෑම් 50 යි.

    මාළු මිරිස් කරල් 4 යි.

    බොම්බයි ළුෑනු ග්‍රෑම් 50යි.

    සුදු ළුැණු බිග් 2යි.

    අමු ඉගුරු පෙති 1යි.

    කල් කිරි කොප්ප 1/4 යි.

    මිරිස් කුඩු.

    තේල් ස්වල්පයක්.

    සාදන ක්‍රමය.

    * බිත්තර 2ක හොදින් ගසා ගන්න.

    * බිම් මල් ටික තීරු වලට කඩා ගන්න.

    * ලොකු ළුෑනු රවුම්ව කපා ගන්න.

    * මාළු මිරිස් දෙකට කපා ගන්න.

    *අමු ඉගුරු හා සුදු ළුෑනු තලා ගන්න.

    *තෙල් ලිපේ තබා රත් වූ පසු කපා ගත් සියලු ද්‍රව්‍ය හා බිත්තරද ඒක් කර ගන්න

    *විනාඩියක් පමන හැදි ගාමින් බැද ගන්න.

    *ඉන් පසු බිම් මල් , කිරි, ලුණු , මිරිස් කුඩු ඒක් කර වලවම් කර වසා තබන්න.

    * විනාඩි පහකින් පමන බා ගන්න.

    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    28 Oct 2016 02:09 AM

    08. බිම්මල් අච්චාරු.

    අවශ්‍ය ද්‍රව්‍ය-

     පිදුරු බිම් මල් 10 යි.

    මිරිස් කුඩු.

    දෙහි.

    කහ.

    ලුණු.

    ගම්මිරිස් කුඩු.

    තුන පහ කුඩු.

    සාදන ක්‍රමය.

    * බිම මල් සොදා වතුර බේරා කහ ලුණු අත ගා වන්ඩුවේ තම්බා ගන්න.

    * ඉන් පසු ඉහත සියලු ද්‍රව්‍ය මැටි මුට්ටියකට දමා මිශ්‍ර කර හොදින් කට ගැට ගසා තබන්න.

    * දවස් දෙකකට පසු අවශ්‍ය ප්‍රමානය පමණක් තෙම්පරාදු කර ගන්න.

    * කල් තබා ගත හැකී.

    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    28 Oct 2016 02:09 AM

    09. බිම් මල් සම්බෝල.

    අවශ්‍ය ද්‍රව්‍ය-

     බිම්මල් සෑහෙන පමණ.

    මිරිස් කුඩු.

    ලියා ගත් රතු ළුෑනු.

    ලියා ගත් අමු මිරිස්.

    උම්බලකඩ කුඩු.

    ගම්මිරිස් කුඩු.

    දෙහි.

    ලුණු .

    සාදන අාකාරය.

    * බිම්මල් කැබලි කර ලුණු මිශ්‍ර කර වන්ඩුවේ තම්බා ගන්න.

    *ලියා ගත් ද්‍රවය, වියලි මිරිස් කුඩු, ගම්බිරිස් කුඩු, ලුණු, උම්බලකඩ කුඩු බදුනකට දමා අතින් කලවම් කර ගන්න.

    * ඒයට බිම් මල් සහ දෙහි යුෂ ඒක් කර  කලවම් කර ගන්න.

    දිනයක වැටහේවී...........
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    28 Oct 2016 02:09 AM
    බිම් මල් කෑම වට්ටෝරු ටිකට ස්තූතියි නංගි.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    28 Oct 2016 02:10 AM
    Posted By DanuLiyanage on 27 Oct 2016 02:26 PM
    sanduni dan kannath uganwanawada
    සඳුනි ට මම කිව්වා එයාගෙම ත්‍රෙඩ් එකකින් ලස්සන වට්ටෝරු ටික හෙමින් හෙමින් දෙන්න කියලත්.
    බිම්මල් වට්ටෝරු ටික නම් මටම දාපු එකක් වගේ. මේ ටික යවන්න ඕන හාමිනේට. ගිය සතියෙත් මම කිව්ව වෙනස් විදිහකට මේ බිම්මල් හදන්න කියලත්.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    28 Oct 2016 02:10 AM
    ඔයාට තමයි දැම්මේ මධුරංග අයියේ මම දැක්කා ඔයා ඉල්ලා තියෙනවා. ඒහෙනම් මේ ටික මට වෙනම ත්‍රෙඩ් ඒකකට අරන් දෙන්නකෝ යාලුවයි මායි පවත්වන් යන්නම්.

    නම දාන්න.

    රස ගුණ පිරි කෑම වට්ටෝරු ...

     කියලා.

    දිනයක වැටහේවී...........
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    28 Oct 2016 02:10 AM
    ඔයා ත්‍රෙඩ් එක ඕපන් කරන්න. මම එතනට මුව් කරලා දෙන්නම්. ත්‍රෙඩ් එක ඔයා තමයි ඕපන් කරන්න ඕන. මම ඕපන් කලොත් අයිතිකරු විදියට මම පෙනෙන්නෙ. එහෙම උනොත් කස්ටියට පැටලේවි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    28 Oct 2016 02:15 AM
    දැන් බිම්මල් පිපෙන කාලෙ. වට්ටෝරැවට හදල බලන්නම්කෝ
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    28 Oct 2016 03:12 AM
    sanduni dan kannath uganwanawada
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    28 Oct 2016 03:12 AM
    හ්ම් හ්ම් උයනවා දැන්
    දිනයක වැටහේවී...........
    0

    Nipuni
    New Member
    New Member
    Posts:30






    --
    28 Oct 2016 03:12 AM
    uyanne site ekeda dan.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    28 Oct 2016 03:12 AM
    Posted By Nipuni on 28 Oct 2016 12:41 AM
    uyanne site ekeda dan.
    සඳුනි දැන් සයිට් එකට කැඳත් බෙදනවා..

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    28 Oct 2016 08:31 AM
    මේ කෑම වලට ගන්නේ ගෙවල් වල හදන බිම්මල් වෙන්න ඇති නේද ?
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    28 Oct 2016 10:06 AM
    කඩේ ගන්න තියෙන ඒවා තමා. ඒකකට නම් පිදුරු බිම් මල් තිබුනා නේද?
    දිනයක වැටහේවී...........
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    28 Oct 2016 10:31 PM
    දැන් ටින් කරපු බිම්මලුත් එනවානේ..
    (චොප්සි වලට නම් ගන්නේ ඒවා)
    0

    Nipuni
    New Member
    New Member
    Posts:30






    --
    29 Oct 2016 03:46 AM
    10.
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    29 Oct 2016 03:50 AM
    11.
    දිනයක වැටහේවී...........
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    29 Oct 2016 10:22 AM
    මම නම් ඔය කඩවල විකුනන හතු නම් ගේන්නේ නෑ.
    මෙලෝ රහක් නෑනෙ.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    29 Oct 2016 10:50 PM
    ඇත්ත. කඩේ තියෙන යෝධ හතු නම් මේලෝකේ රහක් නැහැ.

    ඉස්සර ගමේ ඉන්නකොට උදේ පාන්දර වේලට ගිහින් පොඩි හතු කඩා ගෙන එනවා. උදේට ගොරවලා වහින දවස් වලට තමයි හැදෙන්නෙ. අන්න කනවා නම් කන්න ඕන හතු. දැන් කන්නෙ මොනවද.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    29 Oct 2016 11:08 PM
    ඔව් සුදු වැලියා හතු රසයි නේද?.
    ලේනහතු වලට කැමති නැද්ද?.
    හැම හතු වර්ගයටම වඩා මටනම් රස ලේන හතු.
    දිනයක වැටහේවී...........
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    30 Oct 2016 12:24 AM
    kelath unano ithin me tread waladi nam heee
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    06 Nov 2016 01:20 AM
    ආනම නම් මම කාලා නැහැ නේ එද්දී හදාගෙන එන්න ගේට් එකට
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    06 Nov 2016 01:57 AM
    12.
    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    06 Nov 2016 01:58 AM
    13.
    දිනයක වැටහේවී...........
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    06 Nov 2016 02:40 AM
    වැදගත් වට්ටෝරැ ටිකක් ඉදිරිපත් කරල තියෙන්නේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    06 Nov 2016 09:18 AM
    අවසාන එක නම් හදන්න කියන්න ඕනෙ හාමිනේට.
    මීට කලින් මේ වගේ එකක් අහලා නෑ.
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    07 Nov 2016 01:36 PM
    මාළු වලින් පිස ගත හැකි රසවත් කෑමවට්ටෝරු කීපයක්...
    දිනයක වැටහේවී...........
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    07 Nov 2016 02:07 PM
    මේ කෑම ජාති දකිද්දී නිකම්ම බඩගිනි එනවා ,,ස්තුති නගෝ .
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    07 Nov 2016 02:10 PM
    14. මාලු කරිය.

     

    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    07 Nov 2016 02:13 PM
    15. මාලු කරිය.


    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    07 Nov 2016 02:16 PM
    16. බැදගත් හැදල්ලන්.
    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    07 Nov 2016 02:19 PM
    17. ටූනා සැන්ඩ්විච්.
    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    07 Nov 2016 02:22 PM
    18. ෆිෂ් අැන්ඩ් චිප්ස්.

    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    07 Nov 2016 02:24 PM
    19. බේක් කරගත් තෝර මාළු.
    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    07 Nov 2016 02:26 PM
    20. ටූනා ස්ටුව්.

     

    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    07 Nov 2016 02:31 PM
    21. මාළු ඩෙවල්.


    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    07 Nov 2016 02:32 PM
    22. ස්වීට් අැන්ඩ් සවර් මාළු.
    දිනයක වැටහේවී...........
    0

    Sanda
    New Member
    New Member
    Posts:69






    --
    07 Nov 2016 03:41 PM
    Sanduni nangita hodata uyannath puluwan wage
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    07 Nov 2016 03:47 PM
    හී..
    උයන්න නම් පුළුවන්.
    මේ කෑම නම් හදලා තියෙද අහන්න ඒපා හොදද?
    දිනයක වැටහේවී...........
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    07 Nov 2016 10:02 PM
    Posted By සඳුනි on 07 Nov 2016 03:47 PM
    හී..
    උයන්න නම් පුළුවන්.
    මේ කෑම නම් හදලා තියෙද අහන්න ඒපා හොදද?


    මේ දේවල් හදලා බලලද මෙතන දැම්මේ 

     

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    07 Nov 2016 11:50 PM
    කටට කෙළ උනනවා. මාළු හොයා ගන්න එක තමයි අපිට තියෙන අමාරුම ප්‍රශ්ණය.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Sanda
    New Member
    New Member
    Posts:69






    --
    08 Nov 2016 02:48 AM
    ලංකාවට ගියාම සදුනි නගාලගේ ගෙවල් පැත්තේ යන්න ඕනි මේ රස කෑම කන්න....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    08 Nov 2016 04:21 AM
    අම්මපා ඇගෙ මාලු නටනවා ...සදුනි නගාව හොයාන යන්න එනවා මෙ මාලු කන්න හොදෙ ?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    08 Nov 2016 04:54 AM
    Posted By isurusam on 07 Nov 2016 10:02 PM
    Posted By සඳුනි on 07 Nov 2016 03:47 PM
    හී..
    උයන්න නම් පුළුවන්.
    මේ කෑම නම් හදලා තියෙද අහන්න ඒපා හොදද?


    මේ දේවල් හදලා බලලද මෙතන දැම්මේ 

     

    මම කුක්කෙක් කියලා හිතුවද මේ සේරම අතහදා බලලා දන්න. හී.

    ඔයාලා අත්හදා බලලා මටත් කියන්නකෝ.

    මේවා කෑවම මැරෙන්නේ නෑ කියලා නම් සුවර්.

    බඩේ රුදාවක් වගේ හැදුනොත් ඒක ඔයාලගේ උයන ඒකේ දෝෂයක් හී....


    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    08 Nov 2016 04:55 AM
    හපොයි ඒන්න ඒන්න.
    මම උයන ඒ්වා කලා ගේ ළග අැළෙන් නාලා යන්න. හී
    දිනයක වැටහේවී...........
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    08 Nov 2016 07:22 AM
    මේ මස් මාලු වලින් හදන කෑම හරියට හදලා නොගත්තොත් කාලා පැයකට දෙකකට පස්සෙ ටොයිලට් එකේ නවාතැන් ගන්න වෙනවනෙ.
    ඒක හින්දා බලාගෙන....
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    08 Nov 2016 05:37 PM
    හදන කෙනෙක් හදලා බලන්න කෝ නේද නංගි .... ඔන්න මාලු වලින් කරන්න වැඩ එමටයි
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    09 Nov 2016 04:13 AM
    සමහර ඒවට අඩුම කුඩුම වැඩියිනේ හදාන්න ටිකක් අමාරැයි ඒනිසා
    නැත්තං හරි ෂොක්
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    10 Nov 2016 03:41 PM

    රස නැවිලි ටිකක් හදමු නේද ඒහෙනම්.


    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    10 Nov 2016 03:52 PM

    23. වැලිතලප

    හාල් පිටි500g

    ගාගත් පොල් කප් 1 
    හකුරු 500g
    වතුර 
    ලුනු 
    එනසාල් 


    හාල් පිටි වලට පොල් ටික මිශ්‍ර කරගන්න.
    ඊට පස්සෙ ලුනු මිශ්‍ර වතුර ටික ටික ඉසිමින් පිට්ටු කැට හදාගන්න.පිටි ඔක්කොම එකපාර හදන්නේ නැතුව ටික ටික හදාගන්න මේ වැඩේ නම් ටිකක් ඉවසීමෙන් කරන්න ඕනී වතුර ගොඩාක් දාගන්නත් එපා. පොඩි පොඩි කැට හදාගන්න.ඊට පස්සෙ ස්ටීම්කරගන්න විනාඩි 15ක් වගෙ වෙන කොට පිට්ටු ඉදෙනවා.
    භාජනයකට දාලා හදාගත් පිට්ටු කැට වෙන් වෙන්ව සිටින සේ ලිහාගන්න.උණූඋණුවෙන්ම කැට ලිහා ගත්තානම් ලේසි.
    ඊට පස්සෙ හකුරු ටික පොඩිකරගෙන වතුර දාලා දියකරගෙන ලිපේ තියාගන්න.හකුරු 500g ට වතුර කෝප්ප එකහමාරක් වගේ දාගෙන එයටම තලාගත් එනසාල් ඇට තුනක් හතරකුත් දාලා හොඳින් හැදිගාන්න .
    පැණි එක උතුරනකොට සාදාගත් පිට්ටු ටික ටික දාගන්න .
    දැන් ලිපේ ගින්දර අඩුකරගෙන අඩිය නොල්ලන විදිහට හොඳින් කවලම්කරගන්න.
    ගුලියක් වගේ එනකොට ලිපෙන් බාලා තැටියකට දාලා පැතලි කරගෙන පැය දෙකකින් විතර කෑලි කපාගන්න.

    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    10 Nov 2016 03:56 PM
    24. අළුවා.

    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    10 Nov 2016 03:58 PM



                                   25.රුලන් අළුවා 

    අවශය ද්‍රවය:-

                             රුල න් පිටි ග්‍රෑම් 500
                             සීනි කිලෝ 1
                             වියළි පොල් බෑයක පොල්
                             එනසාල් ටිකක්
                             රට ඉදි ග්‍රෑම් 200
                             වැනිලා ස්වල්පයක්

    ක්‍රමය:-

         රුල න් පිටි රන්වන් පාට වනතුරු බැද ගන්න. ගාගත් පොල් ටිකද බැදගෙන රුලන්වලට කලවම්

     කරන්න. එන්සාල් කුඩු කර එයට දමන්න. රට ඉදි ඇට ඉවත් කර සිහින් කැබලි වලට කපා ගන්න.

     දැන් සීනි ලිපතියා උණු වන විට මේ සියල්ල දමා කලවම් කරන්න. බටර් ගාගත් තැටියක තුනී කර

     තරමක් නිවුනු පසු කෑලි වලට කපා ගන්න.

    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    10 Nov 2016 04:00 PM


                                  26. පුහුල් දෝසි 
     

      අවශය ද්‍රවය:-

                         සිහින්ව ගාගත් අළු පුහුල් මද ග්‍රෑම් 500
                         සීනි කිලෝ 1 1/2
                         වැනිලා ස්වල්පයක්
                         එනසාල් ඇට කිහිපයක්

      ක්‍රමය:-

        සීනි කිලෝ 1ක් වතුර ටිකක් දමා ලිප තබා උණු කරන්න. අළු පුහුල් හිරමනයෙන් ගාගෙන සෝදා

     තුනී රෙදි කැබැල්ලක දමා පැය 4ක් පමණ දිය බේරීම සදහා එල්ලා තැබිය යුතුයි. දැන් සීනි උණුවන

     විට අළු පුහුල් මදද දමා කලවම් කර එන්සාල් කුඩු ද දමා හැදි ගාන්න.

        බටර් ගාන ලද ලෑල්ල මතට සීනි ටිකක් ඉස මෙම මිශ්‍රණය තුනී කරන්න. මතු පිටින්ද සීනි ඉසින්න.

     නිවුනු පසුව කෑලිවලට කපා ගන්න.

    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    10 Nov 2016 04:02 PM


                                    27.කිරි ටොපි 
    අවශය ද්‍රවය:-

          කිරි ටින් 1
          සීනි ග්‍රෑම් 750
          වැනිලා ස්වල්පයක්
          කජු මද ටිකක්
          එන්සාල් ඇට කිහිපයක්

    ක්‍රමය:-

             සීනි,වතුර කෝප්පයක් දමා ලිපතබා හැදිගාමින් උණු කරන්න. කිරි ටින් එකද

     කඩා එයට දමා උකුවන තෙක් හැදිගන්න. බටර් ගාන ලද තැටියේ මෙම මිශ්‍රණය ඝන වූ

     විගස දමන්න. ලිපෙන් බා ගන්නට පෙර කජු මද හා එන්සාල් කුඩු දමන්න. ඉක්මනින් 

    තැටියේ තුනීකර කෙසෙල් කොලයකින් තද කරන්න.

    මදක් නිවුනු පසු හතරැස් කෑලි වලට කපා ගන්න.

    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    10 Nov 2016 04:03 PM


                                   28. වටලප්පම් 

    අවශය ද්‍රවය:-

              බිත්තර 8
              කිතුල් හකුරු ග්‍රෑම් 500
              ලක්ස්ප්‍රේ හෝ පොල් කිරි කෝප්ප 1
              වැනිලා ස්වල්පයයි, කජු මද ටිකක්
              වියළි මිදි ග්‍රෑම් 30

    ක්‍රමය:-
       
               බිත්තර කඩා බෙලන්ඩරයකින් හෝ අතින් ගසා ගන්න. හකුරු ද හොදට සිහින්ව

     සූරා ගන්න. පොල් කිරි කෝප්ප එකක් හෝ ලක්ස්ප්‍රේ වැනි කිරි පිටි කෝප්ප එකක්

     උකුවට සාදාගෙන හකුරුද  එයට දමා හොදින් දිය කරන්න. ඉන් පසු බිත්තර ද වැනිලා

     හා කජු මද ද එකතු කර ඇලුමිනියම් හෝ පයිරෙක්ස් බදුනක බටර් ගා එයට වත් කර මිදි 

    ටික ද උඩින් ඉසින්න. පොලිතින් කොළයක් බදුනේ කටට බැද වතුර භාජනයක තබා 

    වාෂ්පයෙන් පැය 1/2 ක් පමණ තම්බා ගන්න.

    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    10 Nov 2016 04:04 PM

                                      29. මස්කට් 
     අවශය ද්‍රවය:-
     
                හාල් පිටි ග්‍රෑම් 750
                කජු මද ග්‍රෑම් 200
                සීනි ග්‍රෑම් 500
                කරදමුන්ගු 8, කරාබු නැටි 8
                වතුර බෝතල් 5, තෙල් බෝතල් 1 1/4
                වැනිලා තේ හැදි 5

    ක්‍රමය:-

        පිටි සකස් කරගෙන වතුර ටිකක් මිශ්‍ර කර අනාගන්න. මෙම පිටි ගුලිය වතුරින් වරින් වර

     සෝදන්න. මෙම පිටි වතුර එක්කර එයට සීනි දමා ලිප තබන්න. පොල් තෙල් ටික ටික

     එයට දමන්න.

         මෙය විනඩි 25ක්පමණ උයාගන්න. මෙය ඝන වු පසු ලිපෙන් බාගෙන කජු මද හා 

    වැනිලා දමා අවශය නම් පමනක් එකතු කර නිවෙන්නට තබන්න. ඉන් පසු කෑලි කපා ගන්න

    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    10 Nov 2016 04:06 PM


                                30. කළු දොදොල් 
     අවශ්‍ය ද්‍රව්‍ය:-
     
                      පොල් ගෙඩි 12
                      රතු කැකුළු හාල් කිලෝ 1
                      සීනි කිලෝ 2
                      හකුරු  ග්‍රෑම් 500
                      කජු මද ග්‍රෑම් 200

                     එන්සාල් ඇට කීපයක්
                     වැනිලා තේ හැදි 4යි.
                     තෙලෙන් බදින ලද තල හුණ්ඩු 1/2 (අවශය නම්)

     ක්‍රමය:-
       
        පොල් ගා මිරිකා කිරි වෙන වෙනම සකස් කරගෙන දෙවෙනි කිරි සමග හාල් පිටි දියකර

     දොදොල් තාච්චියක දමා ගින්දර මත තබා හැදි ගාමින් උයන්න.

       පැයක් පමණ හැදිගා අනිත් කිරිද වරින් වර වත් කරන්න. තෙල් වීසිවන තෙක් හැදි ගා 

    තෙල් උඩට මතුවන විට හැන්දකින් ඉස ගන්න. ඉන් පසු සීනි හා හකුරු අකතු කරන්න.

       දොදොල් ඝන වී ගෙන එන විට එන්සාල්, වැනිලා, කරදමුන්ගු, කජු මද දමා ලිපෙන් බා 

    ගෙන ලොකු තැටිවල හෝ පුවක් කොල වල දමා තෙල් බේරෙන්නට තබන්න. 

    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    10 Nov 2016 04:07 PM


                               31. පැණිරස මුරුක්කු 
     

     අවශ්‍ය ද්‍රව්‍ය:-
                            කැකුළු හාල් සේරු 1යි.
                            ලොකු පොල් ගෙඩි 1යි.
                            බිත්තර 3
                            පොල් තෙල් බෝතල් 1යි.
                            සීනි රාත්තල් 1 1/4
                            ලුණු ස්වල්පයක්

      ක්‍රමය:-

       හාල් පිටි කොටා ඉදි ආප්ප වලට මෙන් බැද හලාගන්න. පොල් කිරි මිරිකා රෙදි කඩකින් පෙරා ඊට ලුණු වතුර ටිකක් දමන්න. බිත්තර 3 කඩා කෝප්පයකට දමා පෙන නගිනතුරු තට්ටු කර පිටි ටික කොරහකට දමා එයට බිත්තර සාරු  වත්කොට ලුණු මිශ්‍ර පොල් කිරි ටිකද දමා අනා හොදට අත් ගසා ගන්න.
         
        ඉදි ආප්ප පිටි වලට වඩා ටිකක් තදට සිටින සේ ගන්න. ඉන් පසු මුරුක්කු අච්චු සහිත වන්ගෙඩියකට පිටි ගුලියක් දමා කෙසෙල් කොළ මතු පිට දිග අතට මුරුක්කු වත්කර අගල් 1 1/2ක් තරම් දිගට අමු මුරුක්කු කෑලි වෙන්කර ගන්න. ඉන් පසු තෙල් වලින් බැදගන්න.

        මුරුක්කු  බැද දින දෙකකට පමණ පසු සීනි දැමීම වඩාත් රසවත් ය. නැවත බැද අනතුරුව සීනි දමන්න.

        සීනි ටික තාච්චියකට දමා වතුර කෝප්පයක් එයට දමා නටවා ඇගිල්ලේ දැවටෙන පදමට පැමිණි පසු මුරුක්කු එයට දමා කලවම් කර කඩදාසියක් මතුපිටට දමා නිවුනු පසු සුළන් නොවදින සේ බෝතල් වල අසුරා ගන්න.
    දිනයක වැටහේවී...........
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    10 Nov 2016 04:17 PM

    32. පැණී වළළු.

    දිනයක වැටහේවී...........
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    10 Nov 2016 10:29 PM
    Posted By සඳුනි on 10 Nov 2016 03:52 PM

    23. වැලිතලප

    හාල් පිටි500g

    ගාගත් පොල් කප් 1 
    හකුරු 500g
    වතුර 
    ලුනු 
    එනසාල් 


    හාල් පිටි වලට පොල් ටික මිශ්‍ර කරගන්න.
    ඊට පස්සෙ ලුනු මිශ්‍ර වතුර ටික ටික ඉසිමින් පිට්ටු කැට හදාගන්න.පිටි ඔක්කොම එකපාර හදන්නේ නැතුව ටික ටික හදාගන්න මේ වැඩේ නම් ටිකක් ඉවසීමෙන් කරන්න ඕනී වතුර ගොඩාක් දාගන්නත් එපා. පොඩි පොඩි කැට හදාගන්න.ඊට පස්සෙ ස්ටීම්කරගන්න විනාඩි 15ක් වගෙ වෙන කොට පිට්ටු ඉදෙනවා.
    භාජනයකට දාලා හදාගත් පිට්ටු කැට වෙන් වෙන්ව සිටින සේ ලිහාගන්න.උණූඋණුවෙන්ම කැට ලිහා ගත්තානම් ලේසි.
    ඊට පස්සෙ හකුරු ටික පොඩිකරගෙන වතුර දාලා දියකරගෙන ලිපේ තියාගන්න.හකුරු 500g ට වතුර කෝප්ප එකහමාරක් වගේ දාගෙන එයටම තලාගත් එනසාල් ඇට තුනක් හතරකුත් දාලා හොඳින් හැදිගාන්න .
    පැණි එක උතුරනකොට සාදාගත් පිට්ටු ටික ටික දාගන්න .
    දැන් ලිපේ ගින්දර අඩුකරගෙන අඩිය නොල්ලන විදිහට හොඳින් කවලම්කරගන්න.
    ගුලියක් වගේ එනකොට ලිපෙන් බාලා තැටියකට දාලා පැතලි කරගෙන පැය දෙකකින් විතර කෑලි කපාගන්න.

    අහ් ..නංගි වැලි තලප හදන්න දන්නවද ? මම අණ කරනවා කාටහරි වැලි තලප හදන් එන්න කියල ගෙට් එකට .....
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    10 Nov 2016 11:04 PM
    වැලිතලප ඕනෙනං මම හදාගෙන එන්නංකෝ අපේ අම්මට කියල එලකිරි ටිකට
    මෙතනින් තාම අලුව තමා හරියට හදාගන්න බැරිව තියෙන්නේ
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    11 Nov 2016 02:23 AM
    වැලිතලප හදන්න පුළුවන් රජ තුමණී..

    අළුවා මමත් හරියට හදා ගත්තේ ඊයේ.
    පදම අාවේ ඊයෙනේ හි
    දිනයක වැටහේවී...........
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    11 Nov 2016 04:42 AM
    වැළිතලප කන්න නම් මමත් හරි ආසයි.. ලංකාවට ආවම ශා මල්ලීගේ අම්මට කියලා මටත් හදලා දෙන්නකෝ .
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    11 Nov 2016 08:55 AM
    Posted By samantha on 11 Nov 2016 04:42 AM
    වැළිතලප කන්න නම් මමත් හරි ආසයි.. ලංකාවට ආවම ශා මල්ලීගේ අම්මට කියලා මටත් හදලා දෙන්නකෝ .

    දෙන්න පුලුවන් ඒව දෙනව අයියේ එකෙන්ම

    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    03 Feb 2017 12:58 PM
    දෙන්නද ජීවි‍‍‍තේට කාලා නැති....
    කනවා කියලා අහලා නැතී...
    කන්න හිතන්නෙවත් නැතී.....
    කෑම වට්ටෝරු ටිකක්. කන්න නෙමේ.. පුදුම වීම සදහා පමනයි.....හී..
    මලොත් මම වග කියනු නොලැබේ හැබැයි.
    දිනයක වැටහේවී...........
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    03 Feb 2017 07:53 PM
    වැලි තලප,රුලං අලුවා,වටලප්පන්,පුහුල් දෝසි ,මස්කට්,කළු දොදොල් ,පැණිරස මුරුක්කු මේ ටිකට මං හරි ආසයි කන්න.
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    04 Feb 2017 12:43 PM
    ම්ම්ම්ම්ම් පදම කෙසේ වෙතත් පදම් වෙන්න කන්න නම් පුළුවන් මේවා
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    05 Feb 2017 02:39 AM
    Posted By සඳුනි on 03 Feb 2017 12:58 PM
    දෙන්නද ජීවි‍‍‍තේට කාලා නැති....
    කනවා කියලා අහලා නැතී...
    කන්න හිතන්නෙවත් නැතී.....
    කෑම වට්ටෝරු ටිකක්. කන්න නෙමේ.. පුදුම වීම සදහා පමනයි.....හී..
    මලොත් මම වග කියනු නොලැබේ හැබැයි.
    කෝ මේ කියපුවා.................

    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    05 Feb 2017 03:49 AM
    එය දෙන්න හදලා තියෙන්නේ අර සූර පප්පා එකේ හදන්නේ කේක් එකක් අන්න ඒ වගේ කෑම ටිකක්
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    06 Feb 2017 05:37 PM

    කන්න පුළුවන් වෙයිද බලන්නකෝ..

    මුලින්ම කියන්නේ මම කලා තියෙද නම් අහන්න එපා.. මම කලා නෑ.. යහපාලන 

    ආණ්ඩුවේ කොස් කොළ, කොටර්ටන් කොළ වගේ මම දෙන කෑම වර්ග

    දිනයක වැටහේවී...........
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    06 Feb 2017 05:42 PM
    දෙමුකෝ බලන්න මොන වගේ කෑම වට්ටෝරු මොනවද කියලා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    06 Feb 2017 05:45 PM

    33.වෙරළු ව්‍යාංජනය.


     

    අවශ්‍ය ද්‍රව්‍ය...

    හොදින් පැසුණු වෙරළු.

    ලියා ගත් රතු ළුණු ගෙඩී කීපයක්.

     ලියා ගත් අමුමිරිස් කරල් 2ක්.

    කරපිංචා.

    රම්පා.

    මිරිස් කුඩු ස්වල්පයක්.

    කහ කුඩු ස්වල්පයක්.

    බැද ගත් තුන පහ ස්වල්පයක්.

    කුඩා ඉගුරු කැබැල්ලක්.

    ලුණු

    සීනී.

    සාදන ආකාරය...

    01. වෙරළු ගෙඩි ටික සෝදා..මැටි ඇතිලියක දමා වසා හොදින් තම්බා ගන්න.

    02. එය හොදින් නිවුන පසු අත්ල මත තබා අනෙත් අත්ලෙන් තද  කර පොඩි කර ගන්න.( වෙන තැනක 

    තබා බර දෙයකින් ගැසීමෙන් වෙරළු ඇට පොඩි විය හැකි නිසා අත භාවිතයෙන්ම මෙය සිදු කර ගන්න)

    03. දැන් නැවත මැටි ඇතිලියට පොඩි කර ගත් වරෙළු අනෙකුත් ද්‍රව්‍ය හා ජලය එක් කර තෙල් පෑදෙන 

    තුරු පිස ගන්න.

    (කන්න පුළුවන් වෙයිද බලන්නකෝ..

    මුලින්ම කියන්නේ මම කලා තියෙද නම් අහන්න එපා.. මම කලා නෑ.. යහපාලන 

    ආණ්ඩුවේ කොස් කොළ, කොටර්ටන් කොළ වගේ මම දෙන කෑම වර්ග)



    දිනයක වැටහේවී...........
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    06 Feb 2017 05:49 PM
    වෙරළු ව්‍යාංජනය නම් අහලා නෑ.ඒත් හැබැයි වෙරළු අච්චාරුවනම් මරු කටගැස්ම
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    06 Feb 2017 10:16 PM
    යකොඩෝ වෙරළුත් උයල කනවද ? ඕඩර් ඕඩර් 
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    06 Feb 2017 10:21 PM
    වෙරළු අච්චාරු ගැන අහලා තිබුණට ව්‍යංජනය ගැන අහලා තිබුනේ නැහැ.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    06 Feb 2017 10:24 PM
    වෙරලු කිව්වමත් කටට කෙල උනනවා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    07 Feb 2017 01:13 AM
    ඇති යහපාලන ආණ්ඩුවේ කුක් වෙනුවට සදුනි නොගත්ත.
    පිස්සු හැදෙන කෑම ජාිතිනේ අපිට කවන්න හදන්නේ
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    07 Feb 2017 01:28 AM
    රජ තුමාගේ ආන්ඩුව තමා මේ... ලස්සන වෙන්න.. පළතුරු විතරමළු කවන්නේ.. මාළුවටත් පළතුරුම තමා... බෙහෙත් ගහලා නිසා කැලෑ කොළ කවන්න යන්නේ ආදරේට..
    දිනයක වැටහේවී...........
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    07 Feb 2017 01:42 AM
    අනේ නගෝ උඹත් මේව කාල බලලම අපිට රෙසිපිය දුන්නොත් හොදයි
    0

    malki
    Basic Member
    Basic Member
    Posts:216






    --
    07 Feb 2017 04:16 AM
    Saduni.....ඔයා නම් මාර recipe ඩාන්නෙ .......
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    07 Feb 2017 06:43 AM
    Posted By සඳුනි on 10 Nov 2016 04:03 PM


                                   28. වටලප්පම් 

    අවශය ද්‍රවය:-

              බිත්තර 8
              කිතුල් හකුරු ග්‍රෑම් 500
              ලක්ස්ප්‍රේ හෝ පොල් කිරි කෝප්ප 1
              වැනිලා ස්වල්පයයි, කජු මද ටිකක්
              වියළි මිදි ග්‍රෑම් 30

    ක්‍රමය:-
       
               බිත්තර කඩා බෙලන්ඩරයකින් හෝ අතින් ගසා ගන්න. හකුරු ද හොදට සිහින්ව

     සූරා ගන්න. පොල් කිරි කෝප්ප එකක් හෝ ලක්ස්ප්‍රේ වැනි කිරි පිටි කෝප්ප එකක්

     උකුවට සාදාගෙන හකුරුද  එයට දමා හොදින් දිය කරන්න. ඉන් පසු බිත්තර ද වැනිලා

     හා කජු මද ද එකතු කර ඇලුමිනියම් හෝ පයිරෙක්ස් බදුනක බටර් ගා එයට වත් කර මිදි 

    ටික ද උඩින් ඉසින්න. පොලිතින් කොළයක් බදුනේ කටට බැද වතුර භාජනයක තබා 

    වාෂ්පයෙන් පැය 1/2 ක් පමණ තම්බා ගන්න.



    හෙට අනිද්දා හදා බලා කියන්නම්කො හරියට  හදා ගත්තාද? කියලා 
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    07 Feb 2017 08:48 AM
    Posted By sha733 on 07 Feb 2017 01:42 AM
    අනේ නගෝ උඹත් මේව කාල බලලම අපිට රෙසිපිය දුන්නොත් හොදයි


    මේවා රෙසිපිය  දෙන කෙනා කාල  බලල දුන්නොත්  තමා  හොද 
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    07 Feb 2017 04:50 PM
    යහපාලනේ.. බැරි වුනත් කන්න වෙනවා පුළුවන් වුණත් කන්න වෙනවා ... මට නම් බෑ අත්හදාබැලීම් කරන්න
    දිනයක වැටහේවී...........
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    07 Feb 2017 09:53 PM
    වටලප්පන් මම දෙපාරක් හැදුව
    ගෙදර අයටත් පිස්සු වගේ මම කුක් කෙනෙක් වෙලා එච්චර රසට නියමෙට ඒක හැදුව ඒකට
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    07 Feb 2017 09:59 PM
    Posted By සඳුනි on 06 Feb 2017 05:45 PM

    33.වෙරළු ව්‍යාංජනය.


     

    අවශ්‍ය ද්‍රව්‍ය...

    හොදින් පැසුණු වෙරළු.

    ලියා ගත් රතු ළුණු ගෙඩී කීපයක්.

     ලියා ගත් අමුමිරිස් කරල් 2ක්.

    කරපිංචා.

    රම්පා.

    මිරිස් කුඩු ස්වල්පයක්.

    කහ කුඩු ස්වල්පයක්.

    බැද ගත් තුන පහ ස්වල්පයක්.

    කුඩා ඉගුරු කැබැල්ලක්.

    ලුණු

    සීනී.

    සාදන ආකාරය...

    01. වෙරළු ගෙඩි ටික සෝදා..මැටි ඇතිලියක දමා වසා හොදින් තම්බා ගන්න.

    02. එය හොදින් නිවුන පසු අත්ල මත තබා අනෙත් අත්ලෙන් තද  කර පොඩි කර ගන්න.( වෙන තැනක 

    තබා බර දෙයකින් ගැසීමෙන් වෙරළු ඇට පොඩි විය හැකි නිසා අත භාවිතයෙන්ම මෙය සිදු කර ගන්න)

    03. දැන් නැවත මැටි ඇතිලියට පොඩි කර ගත් වරෙළු අනෙකුත් ද්‍රව්‍ය හා ජලය එක් කර තෙල් පෑදෙන 

    තුරු පිස ගන්න.

    (කන්න පුළුවන් වෙයිද බලන්නකෝ..

    මුලින්ම කියන්නේ මම කලා තියෙද නම් අහන්න එපා.. මම කලා නෑ.. යහපාලන 

    ආණ්ඩුවේ කොස් කොළ, කොටර්ටන් කොළ වගේ මම දෙන කෑම වර්ග)




    අච්චාරු කාල තිබුනට, ව්‍යාංජනය ගැන අහුවේ අදයි. ස්තූතියි සඳුනි.
    0


    ---