Go to previous topic
Go to next topic
Last Post 09 Apr 2019 09:56 PM by  maduranga001
මුද්දර විනෝදාංශය
 216 Replies
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
26 Aug 2016 09:43 AM

    මුද්දර විනෝදාංශය

     

    ක්‍රමවත්ව මුද්දර රැස් කිරීම හා ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමේ විනෝදාංශය (Philately) ලොව ජනප්‍රියම විනෝදාංශය ලෙස හඳුනාගෙන තිබෙනවා. සමාජයේ සෑම තරාතිරකටම මෙන්ම වයස් කාණ්ඩයකටම අයත් ඕනෑම පුද්ගලයෙකුට තම විවේකය ඵලදායි අන්දමින් ගත කිරීම සඳහා වඩාත්ම පහසුවෙන් තෝරාගත හැකි විනෝදාංශය, මුද්දර රැස් කිරීම බව වසර 150ට වඩා ඈත ඉතිහාසයක් තුලින් පැහැදිලි වෙනවා...

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Aug 2016 09:57 AM
    ඉතිහාසය

    ලොව ප්‍රථම මුද්දරය එංගලන්තයේදී 1840 මැයි 06 දින සිට භාවිත විය. වික්ටෝරියා රැජිනගේ රුව රැගත් එය පැන්ස 1 ක වටිනාකමින් යුක්ත වූවා.
    එක කළු පැහැ නිසා පෙනී බ්ලැක් යනුවෙන් හැදින්විය. රෝලන්ඩ් හිල් මහතා විසින් මුද්දරය නිර්මාණය කිරීමේ පුරෝගාමියා විය.
    බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබූ ශ්‍රී ලංකාවේද 1857 අප්‍රේල් මස 01 දින මෙරට ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් කරන ලදී.
    වික්ටෝරියා රැජින‍ගේ උඩුකය රූපයක් රැගත් එම මුද්දරයේ වටිනාකම පැන්ස 6 කි.
    එම මුද්දර වල වර්තමානයේ මෙන් සිදුරු විදමන් නොමැති බැවික් වෙන් කිරිමට කතුරකින් කැපීමට සිදුවිය.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Aug 2016 10:01 AM

    ලොව ප්‍රථම මුද්දරය (Penny Black)
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Aug 2016 10:12 AM

    ලංකාවේ ප්‍රථම මුද්දරය
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    26 Aug 2016 10:12 AM
    මීට කලින් දැකල තිබුනෙ නැහැ ස්තූතියි අයියේ
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    26 Aug 2016 10:17 AM
    මෙන්න නියම ත්රෙඩ්ස්. නියමයි ඉන්දික අයියෙ. මුද්දර ගැන මේ ත්‍රෙඩ් එකෙන් වැදගත් තොරතුරු රැසක් නම් ඒකාන්තයි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Aug 2016 10:28 AM
    විනෝදාංශයක් ලෙස විකාශනය

    මුද්දර භාවිතය ඇරඹී කෙටි කලකින් ඒ පිළිබඳ උනන්දුව දැක්වූ විවිධ පුද්ගලයන් ඒවා රැස් කිරීම ආරම්භ කරන ලදී.
    එකල යුරෝපයේ ඉතා ජනප්‍රියව පැවතුනේ කුරුළු පිහාටු එකතු කිරීමේ විනෝදාංශයයි.
    එය අභිබවමින් මුද්දර එකතු කිරීම ජනප්‍රිය වූ අතර එය ලොව පුරා සීග්‍රයෙන් පැතිර යන ලදී.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Aug 2016 10:32 AM
    විනෝදාංශයක් වශයෙන් මුද්දර එකතු කිරීම

    මුද්දරය කලා කෘතියක් ලෙස හැදින්විය හැකිය. පහසුවෙන් ලබාගන්න හැකිවීමක් සීමිත ඉඩකඩක් ප්‍රමාණවීමත් නිසා මෙය ඉතා ජනප්‍රිය වූවා.
    දර්ශනීය හා දැකුම්කළු භාවය නිසා සිතට සහනයක් ලැබෙනවා.
    සැලසුම් සහගත ලෙස මුද්දර එකතු කිරීමට පුරුදුවීම මගින් ක්‍රමවත් අයුරින් වැඩකටයුතු කිරීම සඳහා ජීවිතය හැඩගස්වා ගන්න පුළුවන
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Aug 2016 10:34 AM
    අධ්‍යාපන මට්ටම දියුණු කර ගැනීමට මුද්දර එකතු කිරීම

    මුල් කාලයේදී ලෝකයේ බොහෝ රටවලින් නිකුත් වූයේ රාජ්‍ය පාලකයින්, ලාංඡන ආදිය පිළිබිඹු වන මුද්දරයි.
    එහෙත් පසු කාලීනව රටවල් පිළිබඳව සියළු තොරතුරු ගෙන එන තේමාවන් රැගත් මුද්දර නිකුත් කිරීමඇරඹිණි.
    මේ නිසා හොඳ මුද්දර එකතුවක් විශ්ව කෝෂයක් බඳුයි. ඒ තුලින් මුළු ලෝකයම දකින්නටත් තොරතුරු ඉගෙන ගන්නටත් හැකිවී තිබෙනවා.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Aug 2016 10:36 AM
    ආයෝජනයක් ලෙස මුද්දර එකතු කිරීම

    පැරණි, දුර්ලභ මෙන්ම විවිධ වැරදි සහිතව මුද්‍රණය වූ මුද්දර සඳහා මුද්දර රැස් කරන්නන් අතර හොඳ ඉල්ලුමක් පවතිනවා.
    ඒ නිසා ක්‍රමවත් ව මුද්දර රැස් කරන හා ඒ පිළිබඳව අධ්‍යයනය කරන පුද්ගලයන් ට ඒවා ඉහළ මිල ගණන් වලට අලෙවි කර ගැනීමේ අවස්ථාව උදාකර ගත හැකියි.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Aug 2016 10:38 AM
    මුද්දර රැස් කිරීම ආරම්භ කළ හැක්කේ කෙසේද?

    ඔබට පහසු ආකාරයෙන් මුද්දර රැස් කිරීම ආරම්භ කරන්න පුළුවන්.
    ප්‍රධාන වශයෙන් එය මේ අයුරින් බෙදා දැක්විය හැකිය.

    1. අවලංගු කළ මුද්දර එකතු කිරීම
    2. මුද්‍රිත තත්ත්වයේ මුද්දර එකතු කිරීම‍
    3. මුල් දින කවර එකතු කිරීම‍
    4. සිහිවටන පත්‍රිකා එකතු කිරීම
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    26 Aug 2016 08:20 PM
    එල එල ..කො අපෙ ඉසුරු මල්ලිගෙ මුද්දර පොත කවුරුහරි ඉස්සුවද ?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Aug 2016 09:56 PM
    1. අවලංගු කළ මුද්දර එකතු කිරිම

    තැපැල් කටයුතු සඳහා යොදාගත් මුද්දර ඒවා අලවා ඇති කඩදාසි වලින් ඉවත් කර එකතු කිරීමයි.
    කඩදාසියෙන් මුද්දරය ඉවත් කිරීමේදි ටික වේලාවක් ජලයේ පොගවා ගත්විට පහසුවෙන් ඉවත්කල හැකිය.
    පසුව එය මද පවනේ වේලාගැනීම කළ යුතුය.
    ඉරුණු, පළුදුවුනු, දැති කැඩුණු හෝ තදින් දින මුද්‍රාව වැදී අවලක්ෂණ වූ මුද්දර ඉවත් කළ යුතුය.

    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    26 Aug 2016 11:26 PM
    මං ගාවත් ටිකක් ලොකු මුද්දර එකතුවක් තියෙනවා, මුද්දර වගේම කාසි හා මුදල් නොට්ටුත්.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Aug 2016 02:09 AM
    Posted By madhawas on 26 Aug 2016 11:26 PM
    මං ගාවත් ටිකක් ලොකු මුද්දර එකතුවක් තියෙනවා, මුද්දර වගේම කාසි හා මුදල් නොට්ටුත්.

    නියමයිනේ මාධව මල්ලී..

    මගේ ළගත් මුදල් නෝට්ටු හා කාසි එකතුවකුක් තියෙනවා ...


    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Aug 2016 02:26 AM
    මුද්‍රිත තත්ත්වයේ මුද්දර එකතු කිරීම

    මුද්‍රිත තත්ත්වයේ අවලංගු නොකල මුද්දර එකතු කිරීම මගින් දර්ශනීය මුද්දර එකතුවක් ගොඩනගා ගත හැකිය.
    ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ මුද්දර කාර්යාංශ කවුළුවකින් මුද්දර මිලදී ගැනීමට පුළුවන.
    මුද්දරය පසුපස ඇති මැලියම් ආරක්ෂාවන පරිදි සුරක්ෂිතව තැන්පත් කර ගැනිම ඉතා වැදගත් වෙනවා.
    (මුද්දරය පසුපස ටැල්කම් පවුඩර් ස්වල්පයක් තැවරීමෙන් මැලියම් තට්ටුව ආරක්ෂාකර ගැනීම පුළුවන්)

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    27 Aug 2016 02:35 AM
    ඉදිරියේදී පුළුවන් කමක් තිබුනොත් සහ ළඟ තියෙනවා නම් අවලංගු කල මුද්දර සහ අවලංගු කිරීමට හේතුත් එක්ක දෙන්නකො. මමත් ඒ වගේ කීපයක් දැකල තියෙනව. ප්‍රින්ටින් මිස්ටේක්ස් එහෙම තිබිච්ච ඒවා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Aug 2016 02:39 AM
    විවිධ හේතූන් නිසා අවලංගු කරන මුද්දර තියෙනවා. මම එය පසුව සඳහන් කරන්නම්..
    ඒ මෙතන අවලංගු කිරීම කියා හදුන්වා තියෙන්නේ තැපැල් කිරීමේදී වදින දින මුද්‍රාව හෝ
    ඔප්පුවක වගේ නම් මුද්දරය කැපී යන ලෙස යොදන අත්සන ආදියෙන් අවලංගු වන මුද්දරයි..
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    27 Aug 2016 02:44 AM
    ආ.. හරි. හරි. මට තේරුණා.
    ඒ වගේම ප්‍රින්ටින් මිස්ටේක්ස් තියෙන මුද්දර එකතු කරන අයත් දැකල තියෙනවා. අපේ හිටියා සිය ගණනක් විතර සෙට් එකක් ඉස්කෝලේ ඔහොම විවිධ වර්ගයේ මුද්දර එකතු කරන. මගේ ලඟත් තිබුනා රටවල් සියයක පමණ මුද්දර. ඔක්කොම අද අතුරුදහන්.

    ඔයාගේ කාරනා හතරට අමතරවද මන්දා එහෙම දේවලුත් තියෙනවා. මුද්‍රණ දෝෂ සහිත පැරණි මුද්දර විකුණන්නේ ගිනි ගණන් වලට. ඒවායේ තියෙන දුර්ලභ බව නිසා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Aug 2016 02:45 AM
    3. මුල්දින කවර එකතු කිරීම

    සෑම මුද්දරයක්ම නිකුත් කිරීමේදී ප්‍රථම දින මුද්‍රා තබා අවලංගු කිරීමෙන් පසු ඒවා භාවිතයට නිදහස් කරනු ලබනවා.
    ඒ සඳහාම මුද්‍රණය කරනු ලබන දර්ශනීය මුද්දර කවරයක මුද්දරය අලවා දින මුද්‍රා තබා අවලංගු කරනු ලබනවා.
    මුල්දින කවරය සමග ලබාදෙන නිවේදන පත්‍රිකාවේ මුද්දරය පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා.
    මුල්දින කවර එකතු කිරීමෙන් ලොකු දැනුමක් ලබාගැනීමට පුළුවන..

    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    27 Aug 2016 02:46 AM
    මමත් ළමා කාලයේ මුද්දර එකතුවට නැබුරුව හිටියා ...............මා ලග තිබු මුද්දර collation එක දැන් කොහෙද කියලවත් දන්නේ නැහැ.
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Aug 2016 02:53 AM
    Posted By gamini on 27 Aug 2016 02:46 AM
    මමත් ළමා කාලයේ මුද්දර එකතුවට නැබුරුව හිටියා ...............මා ලග තිබු මුද්දර collation එක දැන් කොහෙද කියලවත් දන්නේ නැහැ.
    අපරාදේ.. තිබුණානම් වටිනාකම කියලා වැඩක් නැහැ...

    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    27 Aug 2016 03:20 AM
    Posted By indika76 on 27 Aug 2016 02:53 AM
    Posted By gamini on 27 Aug 2016 02:46 AM
    මමත් ළමා කාලයේ මුද්දර එකතුවට නැබුරුව හිටියා ...............මා ලග තිබු මුද්දර collation එක දැන් කොහෙද කියලවත් දන්නේ නැහැ.
    අපරාදේ.. තිබුණානම් වටිනාකම කියලා වැඩක් නැහැ...



    සමහර විට ලොකුදුවා ලග තියෙන්නත් පුළුවනි අහලා බලන්නට ඕන 
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Aug 2016 05:22 AM
    4. සිහිවටන පත්‍රිකා එකතු කිරීම

    මුද්දර කාණ්ඩ නිකුත් කරන සමහර අවස්ථාවලදී එසේ නිකුත් කරනු ලබන සියළුම මුද්දර ඇතුලත්වන සේ දර්ශනීය පසුබිමක් සහිත සිහිවටන පත්‍රිකාවක් නිකුත් කරනවා.
    සෑම වෙසක් හා නත්තල් මුද්දර සමඟ මෙය දකින්න පුළුවන්. වෙනත් විශේෂ අවස්ථාවලදීද සිහිවටන පත්‍රිකා නිකුත් කරනු ලබනවා...

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    27 Aug 2016 05:27 AM
    මේක පලවෙනි එක නෙවෙයි නේද? පලවෙනි ප්‍රදර්ශනය වෙන්න ඇති නේද?

    කොහොම නමුත් මොනරා කියල ලියල තියෙනවා වැරදිද මන්ද. මොණරා නේද හරි වචනෙ?

    මම දන්නව ඉන්දික අයිය ළඟ හෙන කලෙක්ෂන් එකක් තියෙනවා කියල මේව.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Aug 2016 05:30 AM
    මොනරා කියලා තමයි ලියන්නේ.. මූර්ධජ ණ යන්න භාවිතා කරන්නේ නැහැ..
    පළවෙනි මුද්දර ප්‍රදර්ශනය වෙනුවෙන් තමයි මෙය නිකුත් කලේ..
    ඒ වගේම මා දන්නා විදියට පළවෙනි සිහිවටන පත්‍රිකාවත් මෙය විය යුතුයි...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    27 Aug 2016 05:40 AM
    හැබැයි ර යන්න සමග බොහෝ විට යොදන්නේ මුර්ධජ ෂ යන්න සහ ණ යන්න නේද? අනේ මන්ද.

    ඔයා ළඟ මේකේ කොපි එකක් තියෙනවද? මම කිව්වෙ මේ සිහිවටන පත්‍රිකාවේ? හරිම වටිනවා මේව දකින්න මෙහෙම හරි ලැබෙන එකත්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    27 Aug 2016 05:42 AM
    මොන තරම් වැදගත් තොරතුරැද මේවා හරිම වටිනවා බොහොමත්ම ස්තූතියි අයියේ
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Aug 2016 05:49 AM
    Posted By maduranga001 on 27 Aug 2016 05:40 AM
    හැබැයි ර යන්න සමග බොහෝ විට යොදන්නේ මුර්ධජ ෂ යන්න සහ ණ යන්න නේද? අනේ මන්ද.

    ඔයා ළඟ මේකේ කොපි එකක් තියෙනවද? මම කිව්වෙ මේ සිහිවටන පත්‍රිකාවේ? හරිම වටිනවා මේව දකින්න මෙහෙම හරි ලැබෙන එකත්.

    දැන් මගේ ළග එකයි තියෙන්නේ..

    තව දෙකක් කලින් තිබුණා. මම ඒවා මුද්දර වගයකට හුවමාරු කලා...

    (මුද්දර එකතුව වැඩි කරගන්න අපි කරන දෙයක් තමයි මුද්දර හුවමාරු කර ගැනීම. එමගින් විවිධ වර්ගයේ මුද්දර වැඩි කර ගන්න පුළුවන්)


    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    27 Aug 2016 07:29 AM
    මුද්දර හුවමාරුව ගැන මටත් හොඳටම අත්දැකීම් තියෙනවා. හොඳ මුද්දරයකට වෙනත් වර්ගයේ මුද්දර කිහිපයක් උනත් ලැබෙනවා. දුර්ලභ වගේම වැඩිය හොයාගන්න අපහසු රටවල මුද්දර වලට වැඩි ඉල්ලුමක් තියෙනවා. ඒ මුද්දර වල වටිනාකම තීරණය කරන්න වෙන්නේ ඒ සඳහා ඇති ඉල්ලුමත් එක්ක තමයි. ඔය මුද්දර හුවමාරුව හරිම අමුතු සාස්තරයක්.

    ඒ වගේම මුද්දර හුවමාරු කරන මුවාවෙන් මුද්දර ගල් කරන නොහොත් සාමාන්‍ය භාෂාවෙන් මුද්දර උස්සන කපටි යක්කුත් ඉන්නවා. ඒවා ප්‍රගුණ කල එවුන් මම දැකල තියෙනවා. උස්සන්නේ කොහොමද කියල හිතා ගන්න බැහැ. මගෙත් වටිනා මුද්දර ගොඩක් ඒ විදියට ගල් වුනා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Aug 2016 07:57 AM
    මුද්දර හුවමාරු කරන්න ගොස් හොද පරිප්පු මමත් කාලා තියෙනවා..
    මට පේන්නේ මධුරංග මල්ලිටත් ඒ අත්දැකීම් ලැබිලා වගෙයි...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Aug 2016 08:21 AM
    මුද්දර පෙළ ගැස්විය යුතු ආකාරය

    මුද්දර රැස් කිරීම විවිධ ක්‍රම අනුව සිදුකල හැකියි.
    රටවල් අනුව, තේමාවන් අනුව සහ කාල වකවානු අනුව යන ක්‍රම මෙයින් ප්‍රධාන වේ.

    රටවල් අනුව එකතු කිරීම මුද්දර වෙන් කිරීමේදී ඉතා පහසු ක්‍රමයකි. ගැටළුවකට ඇත්තේ මුද්දර සොයා ගැනීමේ අපහසුතාවයයි.

    තේමාවන් අනුව මුද්දර එකතු කිරීම ජනප්‍රියම ක්‍රමයයි. මෙහිදී ක්ෂීරපායින්, පක්ෂීන්, මල්වර්ග, වාහන ආදී වශයෙන් වෙන් කිරීම සිදුවේ.

    කාල වකවානු අනුව එකතු කරන්නන් බොහෝ විට මවු ‍‍රටේ මුද්දර බිහිවූ කාලය අනුව වෙන් කරයි.
    මුද්දරය නිකුත් කිරීමේදී යොදනු ලබන බුලටින් අංකය අනුව පෙළ ගස්වා ගැනිම මෙහිදී වඩාත් පහසු ක්‍රමයයි.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Aug 2016 08:56 AM

    රටේ නම මුද්දරයෙහි සඳහන් වන අයුරු

    ලොව පුරා මුද්දර නිකුත් කරනු ලබන රටවල් අතරින් ඇතැම් රටවල නාමය මුද්දරවල දක්වා ඇත්තේජාත්‍යන්තරව රටේ නම ලියවෙන ආකාරයට වඩා වෙනස් අයුරින්ය. එවැනි රටවල් කිහිපයක මුද්දරයෙහි දැක්වෙන නම සහ  ‍රටේ නම පහත දැක්වේ.

    Afghan or Afghans - Afghanistan

    Belgie or Belgique -Belgium

    Brasil -Brazil

    CCCP (Union of Soviet Socialist Republics) Russia

    Ceskoslovensko -Czechoslovakia

    Danmark - Denmark

    Deutsche Bundespost  - West Germany

    Deutsche Demokratische Republic - East Germany

    Eire - Ireland

    Espana - Spain

    Francaise - France

    Gronland - Greenland

    Haute-volta - Upper Volta

    Hellas - Greece

    Helvetia -  Switzerland

    Hrvatska -  Croatia or Yugoslavia

    Island - Iceland

    Italia or Italiane - Italy

    Liban or Libanaise -  lebanon

    Lietuva or Lietvos - Lithuania

    Magyar - Hungary

    Maroc - French Morocco

    Nations Unies - United Nations

    Nederland - Netherlands

    Nippon - Japan

    Norge - Norway

    Osterreich - Austria

    Philipinas - Philippines

    Polska - Poland

    Romana?Romina -Romania

    Vaticane - Vatican City

    Shqipenia - Albania

    Suomi - Finland

    Sverige - Sweden

    Turkiye -  Turkey

    U.A.R. - United Arab Republic

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    27 Aug 2016 12:50 PM
    ඔය magyar මුද්දර නම් තියෙන්නේ magyar posta කියල මම හිතන්නෙ. magyar කියල විතරක් තියෙන ඒවා නම් මම දැකල නැහැ හැබැයි. මතක නැහැ.

    ඒ වගේම රට සඳහන් නොවන මුද්දර ඇති රටකුත් ඇති බව අමතක නොකළ යුතුයි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Aug 2016 08:42 PM
    Posted By maduranga001 on 27 Aug 2016 12:50 PM
    ඔය magyar මුද්දර නම් තියෙන්නේ magyar posta කියල මම හිතන්නෙ. magyar කියල විතරක් තියෙන ඒවා නම් මම දැකල නැහැ හැබැයි. මතක නැහැ.

    ඒ වගේම රට සඳහන් නොවන මුද්දර ඇති රටකුත් ඇති බව අමතක නොකළ යුතුයි.

    මධුර මල්ලී නිවැරදියි.

     හංගේරියාවේ මුද්දරවල සඳහන් වන්නේ magyar posta කියලා..

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    27 Aug 2016 10:27 PM
    ඒ වගේම UAE ලෙස සඳහන් වෙනවා ඔය UAR වෙනුවට මගේ මතකේ හැටියට.
    United of Arab Emirates.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    27 Aug 2016 10:42 PM
    මේ වැඩෙන් නොදන්න කරුණු ගොඩක් දැනගන්න පුලුවන් ....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    31 Aug 2016 09:47 PM
    ආසියාවේ මුද්දර රජා



    රෝලන්ඩ් හිල්ගෙන් ආරම්භ වූ මුද්දරය පිළිබඳව මෙරට මුද්දර එකතු කරන අයගේ අවධානය යොමු කරවූ ශ්‍රී ලංකාවේ මුද්දර විශාරදයා ප්‍රැන්සිස් පී.ගුණසේකර ය. “ආසියාවේ මුද්දර රජා” යන විරුදාවලියෙන් කීර්තියට පත් ගුණසේකර මහතා මුද්දර විනෝදාංශය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ “පිනි බිඳු” මුද්දර ළමා සමාජය නමින් සංවිධානයක් බිහි කෙළේය. ශ්‍රී ලංකාවේ මුද්දර ගැන කතා කරන විට ඕනෑම අයකුට මුලින්ම මතකයට නැඟෙන තරමට ඔහු මුද්දර කලාව හා බැඳී සිටියේය. 2010.06.24 වැනිදා වසර 87ක් ආයු වළඳා දිවියෙන් සමුගත් ප්‍රවීණ ලේඛක මාධ්‍යවේදී ෆ‍්‍රැන්සිස් පී.ගුණසේකර මහතා ඥානාර්ථ ප්‍රදීපයෙන් ලේඛන කලාවට පන්නරය ලැබ, ලොව මුද්දර සම්බන්ධව සිළුමිණ, දිනමිණ, මිහිර, ඩේලිනිවුස්, සන්ඩේ ඔබ්සර්වර්, වැනි පුවත්පත්වලට නිතරම හරබර ලිපි සැපයුවේය. 1923 ජූනි මස 16 වැනිදා උපත ලැබූ ගුණසේකර මහතා විගනකාධිපති දෙපාර්තමේන්තුවේ ගණන් පරීක්ෂකයකු ලෙසින් සේවය කර විශ්‍රාම ලබා සිටියේය.

    සාම විනිසකරුවකු වූ ගුණසේකර මහතා, වර්ෂ 1991 මැයි මස 29 වැනිදා මුද්දර විනෝදාංශය වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් ආර්.ප්‍රේමදාස දිවංගත ජනාධිපතිතුමා අතින් උපහාර ලැබීය. පාසල් දරු දැරියන් වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් දේශබන්ධු ඉඩිත් ඇම්.ඒ.ප්‍රනාන්දු මැතිනිය වෙතින් 1992 වසරේදී වත්තල පෙගාසස් රීෆ් හෝටලයේ පැවැති විශේෂ උපහාර උලෙළකදී ‘ශ්‍රී ලංකා මුද්දර විශාරද’ යන ගෞරව නාමයෙන් ද පිදුම් ලැබීය. 1991 වසරේ කඳාන සාන්ත සෙබස්තියන් බාලිකා විදුහලේ දී පැවැති ජා-ඇල ප්‍රාදේශීය රාජ්‍ය සංස්ථා සේවක සුබසාධක සමිතිය මෙහෙයවූ කුසලතා සම්මාන උළෙලේදී සම්පත් ලේඛන කලා ගෞරව අධි සම්මානයෙන් පිදුම් ලැබීය. ගුණසේකර මහතා ඥානාර්ථ ප්‍රදීපය හොඳම ලිවිසුරු සම්මානය ද හිමිකර ගත්තේය.

    ගුණසේකර මහතා ලේඛන කලාවේ මහ මෙහෙයක් ඉටුකළ ලංකා පුත්‍රයෙකි. එකම තේමාවක් පිළිබඳව නොකඩවා අවුරුදු 40කට වැඩි කාලයක් සතිපතාම, සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්ම පුවත්පත් සඟරා ආදියට ලිපි 5000 ක් පමණ සැපැයූ ඔහු අපේ රටට ආඩම්බරයකි.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    31 Aug 2016 10:17 PM
    පිනිබිඳු මුද්දර සමාජය මටත් මතකයි. මේක තවමත් තියෙනවද?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    01 Sep 2016 10:11 AM
    මුද්දර ගැන ඉන්දික අයියාගෙන් සෑහෙන වටින තොරතුරු රැසක්...
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    03 Sep 2016 03:06 AM
    මට මතකයි මට නවසීලන්තෙ මුද්දරයක් ගන්න මම මුද්දර 25 ක් දුන්නා යාලුවෙකුට
    එපාම වෙච්ච තැන මුද්දර ගල් ටික් කරපු අවස්ථාත් නැතුවාම නෙවෙයි
    මොකද මුද්දර පිස්සුව ආවම හැම කෙනාලගම මුද්දර තියෙනවනේ
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    03 Sep 2016 06:06 AM
    ඒ කියන්නේ ෂා මල්ලිත් මුද්දර එකතුකිරීම කරල තියෙනවා..
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    03 Sep 2016 06:14 AM
    ශ්‍රී ලංකාවේ මුද්දර පරිච්ඡේද


    1 පරිච්ඡේදය -Queen Victoria (1857 - 1900)

    1857 අප්‍රේල් 1 දින ශ්‍රී ලංකාවේ ප්‍රථම මුද්දරය නිකුත් විය. එහි වටිනාකම පැන්ස 6 ක් විය.
    (ශ්‍රී ලංකාවේ සිට එංගලන්තයට ලිපියක් තැපැල් කිරීමේ එවකට ගාස්තුව වූයේ පැන්ස 6 කි)
    මෙතැන් සිට වසර 1900 දක්වා ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන ලද සෑම මුද්දරයකම බ්‍රිතාන්‍ය මහරැජිණගේ (වික්ටෝරියා රැජිණ) රුව සිතුවම් විය.
    1872 වර්ෂයේ සිට පැන්ස සහ සිලිං වෙනුවට රුපියල් ශත භාවිතා විය.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    03 Sep 2016 06:27 AM
    2 පරිච්ඡේදය - King Edward VII (1903 - 1910)

    වික්ටෝරියා රැජිණගෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ කිරුල 1901 සිට 7 වන එඩ්වඩ් රජුට හිමිවිය.
    එතුමන්ගේ රුව සහිත මුද්දර නිකුත් වීම ඇරඹුනේ වසර 1903 සිටය.
    වසර 1910 තෙක් එතුමන්ගේ රුව සිතුවම්වූ මුද්දර 36 ක් එළිදැක්විණ.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    03 Sep 2016 06:32 AM
    3 පරිච්ඡේදය -King George V (1912-1935)

    7 වන එඩ්වඩ් රජුගෙන් පසු කිරුළ හිමිවූයේ 5 වන ජෝජ් රජුටය. ඒ 1910 වර්ෂයේදීය.
    එතුමන්ගේ ශීර්ෂය සිතුවම් පළමු මුද්දර නිකුතුව සිදුවූයේ 1912 දීය.
    එතුමන්ගේ ශීර්ෂය සහිත මුද්දර 1935 වර්ෂය දක්වා නිකුත් විය.
    වැඩිම වටිනාකම් සහිත මුද්දර 4 වර්තාවනුයේ එතුමාගේ කාලයේදීය.
    තරමක් විශාලත්වයෙන් සකස් කරන ලද මෙම මුද්දර වල වටිනාකම වූයේ රු. 50, රු. 100, රු. 500 හා රු 1000 වශයෙනි.
    1

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    03 Sep 2016 06:41 AM
    ලාංකීය සෞන්දර්ය මුද්දර මත සිතුවම්වීම

    මුද්දර ඉතිහාසයේ මෙතෙක් සාම්ප්‍රදායික මගක් ඔස්සේ වසර 78 ක් පැමිණි ගමන් මගේ පරිවර්තනික වෙනසක් සනිටුහන් වනුයේ 1935 දීය.
    බ්‍රිතාන්‍ය රාජකීයනට පමණක් සීමාවී තිබූ මුද්දරය සැරසීමට ලංකීය අභිමානය මුසුවූයේ එම වසරේ මැයි 1 දින සිටිය.
    ශ්‍රී ලංකාවේ දර්ශන සහිත මුද්දර නිකුත් කිරීම ආරම්භ විය.
    රබර් කිරි කපන්නියකගේ රුව, ගංගාවක දර්ශනයක්, දළදා මාලිඝාව යන මුද්දර එදින නිකුත් විය.
    පසුව කුඹුරු යායක්, ත්‍රිකුණාමල වරාය, පුරාණ වැවක්, කොළඹ වරාය, ශ්‍රීපාද කන්ද, තේ දළු නෙලන්නිය, පොල්ගස්, ශ්‍රී ලංකාවේ අලි ඇතුලත් මුද්දර නිකුත් විය.
    මේ සෑම මුද්දරයකම කුඩාවට 5 වන ජෝර්ජ් රජුගේ රුවද සිතුවම් වී තිබුණි.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    03 Sep 2016 06:49 AM
    Posted By indika76 on 03 Sep 2016 06:06 AM
    ඒ කියන්නේ ෂා මල්ලිත් මුද්දර එකතුකිරීම කරල තියෙනවා..
    ඔව් අයියෙ දැනටත් ඒව තියෙනවා

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    03 Sep 2016 09:59 AM
    ඉන්දික අයියා ලස්සනට වැඩේ කරනවා.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    03 Sep 2016 08:57 PM


    Queen Victoria (1857 - 1900) යුගයේ නිකුත් වූ මුද්දර
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    03 Sep 2016 09:02 PM


    King Edward VII (1903 - 1910) යුගයේ නිකුත්වූ මුද්දර
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    03 Sep 2016 09:10 PM


    King George V (1912-1935) යුගයේ නිකුත්වූ මුද්දර
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    03 Sep 2016 09:21 PM


    5 වන ජෝර්ජ් රජුගේ සමයේ නිකුත් වූ ශ්‍රීපාදය, ගංගාව හා දළදා මාලිගාව සිතුවම් වූ මුද්දර ..
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    05 Sep 2016 01:31 AM
    ඔය වගේ මුද්දර කිහිපයක් මගේ ළඟත් තිබුණ. මේ ත්‍රෙඩ් එකෙන් විශාල දැනුමක් වගේම අපේ මුද්දර අතීතෙට ආයෙත් ගෙනියනවා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    05 Sep 2016 05:15 AM
    මගේ ලගත් පැරණි මුද්දර ටිකක් තිබුනා නිවාඩු වෙලාවක හොයල බලන්න ඕනේ
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    05 Sep 2016 06:21 AM
    ඉන්දික අයියා කොල්ලගේ මුද්දර ටික අරන් මෙකට දානවා නේද. කොහොම උනත් හැමොටම බලන්න බෙදා ගන්නවට ගොඩාක් ස්තුති.
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    05 Sep 2016 10:20 AM
    ගොඩක් අගය කලයුතු වැඩක් අයියගේ.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    05 Sep 2016 11:29 PM
    මේවා දකිද්දී මට හරි කණගාටුවක් ඇතිවෙනවා. මේ මුද්දර සියල්ලම මගේ නැතිවුණ මුද්දර ඇල්බමයේ තිබුණා..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    06 Sep 2016 01:16 AM
    අය්යො අපරාදෙ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    06 Sep 2016 04:02 AM
    Posted By samantha on 05 Sep 2016 11:29 PM
    මේවා දකිද්දී මට හරි කණගාටුවක් ඇතිවෙනවා. මේ මුද්දර සියල්ලම මගේ නැතිවුණ මුද්දර ඇල්බමයේ තිබුණා..

    නැති උනා කියන්නෙ මොකද අයියේ උනේ

    කවුරැ හරි ගත්තද කොහේ හරි දාලද

    මොනව නමුත් අපරාදේ තමා

    මොකද දැන්තාලේ මුද්දර ආසාවෙන් එකතු කලත් ඒ වගේ පරණ මුද්දර හොයාගන්න නැහැ

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    06 Sep 2016 09:46 AM
    අවුලක් නෑ සමන්ත අයියේ, ආයේ ඔන්න ඉන්දික මහතාගෙන් බලා ගන්න පුලුවන්.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    06 Sep 2016 11:15 AM
    Posted By sha733 on 06 Sep 2016 04:02 AM

    නැති උනා කියන්නෙ මොකද අයියේ උනේ

    කවුරැ හරි ගත්තද කොහේ හරි දාලද

    මොනව නමුත් අපරාදේ තමා

    මොකද දැන්තාලේ මුද්දර ආසාවෙන් එකතු කලත් ඒ වගේ පරණ මුද්දර හොයාගන්න නැහැ


    මගේ ලඟ මුද්දර 6000ක විතර එකතුවක් තිබුණා. එය පාසැලේදී කවුරුන්  හෝ හොරෙන්  අරගෙන .
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    06 Sep 2016 11:53 AM
    මුද්දරත් සමග අපිට ඒ ගැන හොද දැනීමක් ලබාගන්න පුලුවන් ...
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    06 Sep 2016 12:14 PM
    ඉන්දික අයියා ලොකු විස්තරයක් දාලා තියෙන්ව නේද. ඒක වටිනවා ගොඩාක්
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    06 Sep 2016 08:29 PM
    Posted By samantha on 06 Sep 2016 11:15 AM
    Posted By sha733 on 06 Sep 2016 04:02 AM

    නැති උනා කියන්නෙ මොකද අයියේ උනේ

    කවුරැ හරි ගත්තද කොහේ හරි දාලද

    මොනව නමුත් අපරාදේ තමා

    මොකද දැන්තාලේ මුද්දර ආසාවෙන් එකතු කලත් ඒ වගේ පරණ මුද්දර හොයාගන්න නැහැ


    මගේ ලඟ මුද්දර 6000ක විතර එකතුවක් තිබුණා. එය පාසැලේදී කවුරුන්  හෝ හොරෙන්  අරගෙන .


    … … …අනේ ඒ හොරා මන් වුනා නම්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    06 Sep 2016 09:09 PM
    මගේ මුද්දර සෙට් එකටත් ඔය සෙතේ තමයි උනේ. ඉතාම දුර්ලභ මුද්දර ගොඩක් තිබුණ. අද වගේ නෙවෙයි. ඉස්සර මම හැමෝම සෑහෙන්න විශ්වාස කළා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Sep 2016 09:12 PM
    සමන්ත අයියටත් මධුර මල්ලිටත් හරිම අපරාදයක් නේ වෙලා තියෙන්නේ...
    පැරණි මුද්දර කියන්නේ ආර්ථික වශයෙන් ඉතාමත් වටිනවා..
    මගේ ළග තිබුනු පැරණි මුද්දර 4 ක් දීලා (සීල් එක පවා වැදී තිබුණු) රු. 10,000 ක් ගත්තා. (සල්ලි නැති කමට විකුණුවේ. නැතිනම් ඒ ගානට දෙන්නෙත් නෑ)
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    06 Sep 2016 11:58 PM
    එච්චරට වටිනවද මුද්දර සින්දු හොයපු වෙලවේ එහෙම දෙයක් හෙව්ව නම් ඉවරයි නේද. කීයක් හරි හොයාගන්න තිබුනා
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    07 Sep 2016 12:08 AM
    මගෙ ලග තිබුණු පැරණී (Ceylon) මුද්දර ටිකක් පොඩි කාලේ නොදැනුවත් කමින් විනාශ වුනා, අපරාදේ.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    07 Sep 2016 03:41 AM
    Posted By Ind007ka on 06 Sep 2016 08:29 PM
    Posted By samantha on 06 Sep 2016 11:15 AM
    Posted By sha733 on 06 Sep 2016 04:02 AM

    නැති උනා කියන්නෙ මොකද අයියේ උනේ

    කවුරැ හරි ගත්තද කොහේ හරි දාලද

    මොනව නමුත් අපරාදේ තමා

    මොකද දැන්තාලේ මුද්දර ආසාවෙන් එකතු කලත් ඒ වගේ පරණ මුද්දර හොයාගන්න නැහැ


    මගේ ලඟ මුද්දර 6000ක විතර එකතුවක් තිබුණා. එය පාසැලේදී කවුරුන්  හෝ හොරෙන්  අරගෙන .
    … … …අනේ ඒ හොරා මන් වුනා නම්
    ඒක එහෙම්මද දන්නෙත් නැහැ

    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    07 Sep 2016 03:43 AM
    Posted By indika76 on 06 Sep 2016 09:12 PM
    සමන්ත අයියටත් මධුර මල්ලිටත් හරිම අපරාදයක් නේ වෙලා තියෙන්නේ...
    පැරණි මුද්දර කියන්නේ ආර්ථික වශයෙන් ඉතාමත් වටිනවා..
    මගේ ළග තිබුනු පැරණි මුද්දර 4 ක් දීලා (සීල් එක පවා වැදී තිබුණු) රු. 10,000 ක් ගත්තා. (සල්ලි නැති කමට විකුණුවේ. නැතිනම් ඒ ගානට දෙන්නෙත් නෑ)

    ඒ තරමටම වටින ඒව තියෙනවද අයියේ පිස්සුනේ..............

    අපි ලග තිබුණද දන්නෙත් නැහැ ඒතරම් වටින ඒව

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    10 Sep 2016 05:24 AM
    4 පරිච්ඡේදය -King George VI (1936-1947)

    ශ්‍රී ලංකාවේ මුද්දර පිළිබඳ ඊළඟ පරිච්ඡේදය අැරඹෙනුයේ 6 වන ජෝර්ජ් රජු සමයේදීය.
    1937 මැයි 12 දින ජෝර්ජ් රජුගේ මෞලි මංගල්‍ය වෙනුවෙන් ප්‍රථම වරට මුද්දර 3 ක් නිතුත් විය.
    ජෝර්ජ් රජුගේ සහ එළිසබෙත් රැජිණගේ රැව සහිත වටිනාකම් ශත 6, 9 හා 20 බැගින් වූ මුද්දර මෙයට අයත්ය.
    එකම තේමාවක් වෙනුවෙන් රටවල් කිහිපයකින් මුද්දර නිකුත් කරනු ලබූ විශේෂ මුද්දර කාණ්ඩයකි.

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Sep 2016 05:27 AM
    පරම්පරා ගණනාවකටම වටිනා ඉතිහාස තොරතුරු ඉන්දික අයිය හොයාගෙන එන්නෙ. ස්තූතියි මේ මුද්දරේ ඉතිහාස කතාව කොටස් වශයෙන් පැහැදිලිව ගෙන එනවට.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    10 Sep 2016 05:45 AM
    6 වන ජෝර්ජ් රජු සමයේදී 5 වන ජෝර්ජ් රජුගේ සමයේ නිකුත් වූ මුද්දරවල රජුගේ රුව පමණක් වෙනස් කර මුද්‍රණය කරන ලදී..

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    10 Sep 2016 05:47 AM
    6 වන ජෝර්ජ් රජු සමයේ නිකුත් වූ මෙම මුද්දර ත්‍රිත්වය මුද්දර එකතු කරන්නන් අතර ගොඩක් ජනප්‍රිය විය.

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Sep 2016 05:50 AM
    අපේ කිරි මුත්තල කිරි අත්තල එහෙම මේවා අලවල ලියුම් කරදහි එහෙම තැපෑලට දාන්න ඇති නෙහ්?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    10 Sep 2016 07:33 AM
    පිලිවෙලට ගලාගෙන හින්ද හරිම වටිනවා අයියේ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    10 Sep 2016 10:18 AM
    මේ මුද්දර ටික ඔක්කොම මගේ ලඟ තිබුණා..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    10 Sep 2016 09:55 PM
    මාත් ඉස්සර පාසල් යන කාලේ මුද්දර එකතු කරා දැන්නම් ඒවා කොහෙද දන්නැ
    ලොකු එකතුවක් මාගවත් තිබුනා ..............
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Sep 2016 04:17 AM
    බ්‍රිතාන්‍ය පාලනය යටතේ අවසාන මුද්දර කාණ්ඩය

    බ්‍රිතාන්‍ය පාලනය යටතේ ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන ලද අවසන් මුද්දර කාණ්ඩය 1947.11.25 නිකුත් විය.
    නව රාජ්‍ය ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට මෙම මුද්දර 4 නිර්මාණය විය. මේ සඳහා ශ්‍රී ලාංකික ශිල්පීන් දෙදෙනෙකු දායක වී තිබීම විශේෂ කරුණකි.
    රාජ්‍ය මන්ත්‍රණ සභා මන්දිරය (ශත 6), ශ්‍රීපාද කන්ද (ශත 10), දළදා මාළිගය (ශත 15) සහ රුවන්වැලි මහා සෑය (ශත 25) එම මුද්දර 4 යි‍.

    ඉන් අනතුරව මුද්දර නිකුත් වන්නේ නිදහස් ශ්‍රී ලංකාවක් තුලය. එය ලාංකීය මුද්දර වංශකතාවේ තවත් සුවිශේෂී කඩඉමකි.

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    11 Sep 2016 10:38 AM
    නොදන්න කතා ගොඩයි.
    සේරම එකම තැනින් ඉන්දික අයියාගෙන්.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    12 Sep 2016 04:29 AM
    ඉන්දික අයිය සතුව මේ මුද්දර දැන් තියෙනවද
    නැත්නම් මේවා සිහිවටනද
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    24 Sep 2016 07:34 AM
    Posted By sha733 on 12 Sep 2016 04:29 AM
    ඉන්දික අයිය සතුව මේ මුද්දර දැන් තියෙනවද
    නැත්නම් මේවා සිහිවටනද

    ගොඩක් ඒව දැන් නෑ.. සල්ලි නැතිවුනාම විකුණල දානවා මල්ලී..

    ඒත් ඒවා ස්කෑන් කරලා තියාගන්වා...

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    24 Sep 2016 07:54 AM
    5 පරිච්ඡේදය -Dominion Issues (1948 - 1972)

    වසර 1796 සිට 1948 පෙබරවාරි 04 දක්වා බ්‍රිතාන්‍ය අාධිපත්‍යයට නතුව සිටි ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පූර්ණ බලය ඇති ඩොමීනියන් රාජ්‍යයක් බවට පත්විය.
    එතැන් සිට ශ්‍රී ලාංකික ජනතාවගේත්, දේශයේත් භාරකරුවා වූයේ ලංකා රජයයි.

    නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම මුද්දර නිකුත් කිරීම සිදුවූයේ 1949.02.04 දිනය. එනම් ප්‍රථම නිදහස් සැමරුම වෙනුවෙනි.
    එහිදී රතු හා කහ වර්ණයෙන් යුත් රාජකීය සිංහ ධජය සහ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන්ගේ රුව සහිත මුද්දර ද්විත්වය නිකුත් විය.
    මෙහිදී රටෙහි නම භාෂා ත්‍රිත්වයෙන්ම සඳහන් විය.



    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    24 Sep 2016 10:49 AM
    ඉන්දික අයියා මේ මුද්දර විකුනනවද ?
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    24 Sep 2016 10:49 AM
    ස්තුති ඉන්දික අයියේ ගොඩාක් වැදගත් විස්තරයක් දාල තියෙනවා
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    24 Sep 2016 11:07 AM
    Posted By hasithad on 24 Sep 2016 10:49 AM
    ඉන්දික අයියා මේ මුද්දර විකුනනවද ?

    මගේ ළග තිබුණු වටිනාකමින් වැඩි මුද්දර ගොඩක් මම විකුණුවා මල්ලී...

    මුද්දර විකිණීම හෝ මිලදී ගැනීමට මුද්දර ප්‍රදර්ශන තිබෙනවා...

    ඔයාට මුද්දර මිලදී ගැනීමට අවශ්‍ය නම් ලබන මස (ඔක්තෝබර්) 7, 8, 9 දින මුද්දර කාර්යාංශයේ තිබෙනවා..

    එහිදී අවම මුදලකට පැරණි හා අලුත් මුද්දර මිලදී ගන්න පුළුවන්...

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    24 Sep 2016 11:08 AM
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    28 Sep 2016 09:12 PM
    Posted By indika76 on 24 Sep 2016 11:08 AM

    මේකට ගියා නම් හොඳයි වගේ. ගොඩක් වැදගත් වෙයි වගේ.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    28 Sep 2016 11:20 PM
    මේ මුද්දර පොළ හැම අවුරුදදකම තියෙනවා නේද?
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    28 Sep 2016 11:35 PM
    මමත් ආසයි යන්න මම ගිහිල්ලම නැහැ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    29 Sep 2016 01:08 AM
    මමත් මේකට ගිහිල්ලා නම් නෑ ස්තුති අයියේ දැනුවත් කලාට නම්

    වෙලාවක් තිබුනොත් යන්න ඕනේ
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    29 Sep 2016 02:44 AM

    මමත් මේක දැන ගත්තේ මේ thread එකෙන් තමයි. ඉඩක් ලැබුනොත් යන්න ඕන ඒ පැත්තේ.

    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    29 Sep 2016 04:22 AM
    යන්නනං ආසයි . ඒත් ලග පාතක වෛයිනේ තියෙන්නෙ
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    08 Oct 2016 07:48 AM
    ප්‍රථම සිහිවටන පත්‍රිකාව නිකුත් කිරීම - 1966

    මුද්දර එකතු කරන්නන් වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කරන ලද විශේෂ පත්‍රිකාව සිහිවටන පත්‍රිකාව () නම් වේ. කිසියම් සමරු මුද්දරයක් නිකුත් කිරීමේදී එම මුද්දර අැතුලත් වන අයුරින් වර්ණවත් පසුබිමක මෙම සිහිවටන පත්‍රිකාව නිර්මාණය කරයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම සිහිවටන පත්‍රිකාව 1966 පෙබරවාරි 05 දින නිකුත් විය. මෙහි ශ්‍රී ලංකාවේ ප්‍රකට පක්ෂීන් සිවු දෙනෙක් නිරූපණය විය.
    සැළලිහිණියා (ශත 05), මොනරා (ශත 15), වලිකුකුලා (ශත 60) සහ කහකුරුල්ලා (ශත 75) එම මුද්දර හතරයි.

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    08 Oct 2016 09:58 AM
    මේ වගේ දේවල් මෙහෙම හරි දකින්නට සැලසීම ලොකු දෙයක්.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    08 Oct 2016 10:18 AM
    සැලලිහිණියා, කහ කුරැල්ල මුද්දර 2 නං තියෙවා මගේ ලග
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    08 Oct 2016 10:24 AM
    කවුද මුද්දර පොළට ගියේ..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    08 Oct 2016 01:14 PM
    අනේ ඇත්තට ඔව්ම තමයි අපේ කවුරැත් ගියේ නැද්ද
    දැන් ගොඩක් දවස් නේද පහු වෙලා
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    08 Oct 2016 01:36 PM
    ලස්සනයි මුද්දර සිහිවටනය
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    08 Oct 2016 10:54 PM
    මුද්දර ප්‍රදර්ශනය අවසන් වෙන්නේ අද දින..
    මටත් යන්න වුනේ නැහැ..
    ඒත් එතන සිටින මුද්දර ප්‍රදර්ශනය සිදුකරන ගොඩක් අය මං අදුරන නිසා පසුව උනත් මුද්දර මිලදී ගන්න පුළුවන්..
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    10 Oct 2016 05:33 AM
    Posted By indika76 on 08 Oct 2016 10:54 PM
    මුද්දර ප්‍රදර්ශනය අවසන් වෙන්නේ අද දින..
    මටත් යන්න වුනේ නැහැ..
    ඒත් එතන සිටින මුද්දර ප්‍රදර්ශනය සිදුකරන ගොඩක් අය මං අදුරන නිසා පසුව උනත් මුද්දර මිලදී ගන්න පුළුවන්..
    ඒහෙනං අයියට ඩිස්කවුන්ට් එහෙම දාලම ලැබෙනවා ඇති නේද

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    10 Oct 2016 08:03 AM
    ඔව් මල්ලි අඩු කරලා ලැබෙනවා..
    මම කාලයක් මුද්දර ගෙනවිත් විකිණීම කලා..
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    10 Oct 2016 02:00 PM
    මට අද ගෙදරට හිහිල්ලත් බලන්න බැරි උනා නේ
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    10 Oct 2016 08:03 PM
    Posted By indika76 on 08 Oct 2016 10:54 PM
    මුද්දර ප්‍රදර්ශනය අවසන් වෙන්නේ අද දින..
    මටත් යන්න වුනේ නැහැ..
    ඒත් එතන සිටින මුද්දර ප්‍රදර්ශනය සිදුකරන ගොඩක් අය මං අදුරන නිසා පසුව උනත් මුද්දර මිලදී ගන්න පුළුවන්..

    එහෙනම් ලස්සන  මුද්දර ටිකක් බලන්න පුළුවන් වේවි පසුවටත් 
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    24 Oct 2016 09:23 AM

    විනෝදාංශයක් ලෙස මුද්දර එකතු කිරීම


    ටික කාලෙකට ඉස්සර පුංචි සන්දියේ හුඟක් දෙනෙක්ගේ විනෝදාංශ ලැයිස්තුවේ මුලින්ම තිබුණේ මුද්දර එකතු කිරීම බවට සැකයක් නැහැ. මුද්දර එකතු කිරීම කිව්වට තැපැල් මුද්දරවලට අමතර ව මුල් දින කවර, පින්තූර තැපැල් පත් සහ ගුවන් ලියමන් වැනි මුද්දර හා සම්බන්ධ විවිධ දෑ එකතු කිරීම මෙහි දී සිදු වෙනවා. 19 වැනි සියවසේ දී ශීඝ්‍රගාමී විදියට තැපැල් සේවාව දියුණු වීමත් එක්ක මුද්දර එකතු කිරීම ලොව පුරා වෙසෙන ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය විනෝදාංශයක් බවට පත් වුණා. නමුත් වර්තමානය වන විට අන්තර්ජාල භාවිතය සහ විද්‍යුත් තැපැල් මගින් සිදු වන සන්නිවේදනයට මිනිස්සු වැඩි නැඹුරුතාවක් දක්වන නිසා නිවෙස්වලට ලැබෙන ලිපි සංඛ්‍යාවේ පහළ වැටීමක් සිදු වෙලා තියෙනවා.

    වර්තමානයේ දී බොහෝ රාජ්‍යයන් තමන් පිළිබඳ විස්තර ලොවට කියන්න මුද්දර භාවිතා කිරීම දැන් ඉතා සුලබ සිදුවීමක්. ඒ නිසා ම මුද්දර එකතු කරන්නන්නට කිසිදු කරදරයකින් තොර ව ඉතා විශාල පරාසයක විහිදී යන නොයෙක් ආකාරයේ මුද්දර රැසක් තමන්ගේ මුද්දර පොතට එකතු කර ගන්න ඉඩ සැලසිලා තියෙනවා. ඒ වගේ ම මුද්දර එකතු කිරීම කියන්නේ වයස් භේදයකින් තොර ව ඕනෑ ම අයෙක්ට ආශාවෙන් යෙදෙන්න පුළුවන් විනෝදාංශයක්. පුංචි සන්දියේ දී මුද්දර එකතු කිරීමට පෙළඹෙන උදවිය, වැඩිහිටියන් වූ පසුවත් ඒ විනෝදාංශයේ යෙදෙන ආකාරය අද වන විට සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා.

    අයර්ලන්තයේ හිටපු මුද්දර ගාස්තු එකතු කිරීමේ ජනරාල්වරයෙක් වූ ජෝන් බර්ක් තමයි ලෝකයේ මුල් ම මුද්දර එකතු කරන්නා ලෙස සැලකෙන්නේ. 1774 දී ඔහු පවුම් හයේ සිට පැන්ස භාගය දක්වා වූ විවිධ වටිනාකම්වලින් යුතු අයභාර මුද්දර (Revenue Stamps) එකතුවක් එළි දක්වන්න කටයුතු කළා. ඔහුගේ ඒ මුද්දර එකතුව අදටත් ඩබ්ලින් හි ඉතාමත් සුරක්ෂිත ව තැන්පත් කරලා තියෙන බව යි පැවසෙන්නේ.

     

    ලොව ප්‍රථම තැපැල් මුද්දරය වන ‘පෙනී බ්ලැක්’ (Wikipedia)

    විනෝදාංශයක් ලෙස තැපැල් මුද්දර එකතු කිරීම ආරම්භ වුණේ ලොව ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් වී ඉතාමත් කෙටි කාලයක් තුළ දී යි. 1860 වන විට එය මුද්දර එකතු කරන්නන් දහස් ගණනක් බිහි කරමින් විනෝදාංශයක් ලෙස යුරෝපය, බ්‍රිතාන්‍ය යටත් විජිතයන් සහ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ජනප්‍රිය වුණා.

    ලොව ප්‍රථම තැපැල් මුද්දරය ලෙස සැලකෙන තරුණ වික්ටෝරියා රැජිනගේ රුව රැගත් ‘පෙනී බ්ලැක්’ මුද්දරය බ්‍රිතාන්‍යයේ දී නිකුත් කෙරුණේ 1840 වසරේ දී යි. එහි අද අපි දකින මුද්දරවල මෙන් වෙන් කිරීමේ සිදුරු දක්නට ලැබුණේ නැහැ. ඒ වෙනුවට මුද්දර කතුරකින් කපා වෙන් කිරීම සිදු වුණා. මුහුණත වටිනාකම පැන්සයක් වන මේ මුද්දරයේ වර්තමාන වටිනාකම ඇමෙරිකානු ඩොලර් 20 සිට 200 අතර අගයක් ගන්නවා. මෙසේ තැපැල් මුද්දර නිර්මාණය කිරීමේ අදහස මුලින් ම ඇති වී තියෙන්නේ එවකට තැපැල් පරිපාලකයෙක් ලෙස කටයුතු කළ ශ්‍රීමත් රෝලන්ඩ් හිල්ටයි.

    ලොව ප්‍රථම තැපැල් මුද්දර එකතු කරන්නා වන ජෝන් එඩ්වඩ් ග්‍රේ. (Pinterest)

    ලෝකයේ මුලින් ම තැපැල් මුද්දර එකතු කිරීම ආරම්භ කළ පුද්ගලයා විදියට සැලකෙන්නේ ජෝන් එඩ්වඩ් ග්‍රේ මහතායි. ඔහු මුද්දර එකතු කිරීම ආරම්භ කර ඇත්තේ ‘පෙනී බ්ලැක්’ මුද්දර නිකුත් වීමත් සමග යි. 1863 දී ඔහු ඔහුගේ මුද්දර එකතුව නාමාවලියක් ලෙස එළි දක්වා තියෙනවා.

    කාලයත් සමග මුද්දර එකතු කිරීම විනෝදාංශයක් ලෙස ජනප්‍රිය වීමත් සමග මුද්දර පිළිබඳ හැදෑරීම, මුද්දර පොත් සහ මුද්දර එකතු කිරීමේ දී යොදා ගන්නා උපකරණ භාවිතය මිනිස්සු අතර ජනප්‍රිය වුණා. ඒ අනුව මුද්දර එකතු කරන්නන්ට අවශ්‍ය දෑ සැපයීමේ ප්‍රථම ආයතනය ලෙස එඩ්වඩ් ස්ටැන්ලි ගිබන්ස් 1856 වසරේ දී ‘ස්ටැන්ලි ගිබන්ස් සමූහ ව්‍යාපාරය’ නමින් ආයතනයක් ආරම්භ කළා. එය අදටත් සාර්ථක ව්‍යාපාරයක් ලෙස රාජකීය අනුග්‍රහය යටතේ මහා බ්‍රිතාන්‍යය මූලස්ථානය කර ගනිමින් ක්‍රියාත්මක වෙනවා.

    21 වැනි සියවස වන විට විනෝදාංශයක් ලෙස මුද්දර එකතු කිරීමට තිබුණු ජනප්‍රියතාවය ක්‍රමයෙන් අඩු වුණා. අද වන විට ලොව පුරා විසිරී සිටින මුද්දර එකතු කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 200 ක් පමණ වන බව යි පැවසෙන්නේ. එයින් මිලියන 25 ක් ඇමෙරිකානු ජාතිකයන්. ඒ වගේ ම මුද්දර එකතු කරන්නන්ගේ සමාජ සහ ඒ හා සම්බන්ධ විවිධ සංවිධාන දස දහස් ගණනක් ඇති වෙලා තියෙනවා. අද වන විට සිටින මුද්දර එකතු කරන්නන්ගේ ගණන සංඛ්‍යාත්මක ව අඩු වුණත් අදටත් ලොව ජනප්‍රිය ම ගෘහස්ථ විනෝදාංශය ලෙස සැලකෙන්නේ මුද්දර එකතු කිරීම යි.

    මුද්දර එකතු කිරීමට සමගාමී ව ජනප්‍රිය වූ කලාවක් විදියට මුද්දර පිළිබඳ හැදෑරීම හඳුන්වන්න පුළුවන්. මෙහි දී මුද්දරය නිර්මාණ කළ ක්‍රියාපටිපාටිය, යොදාගෙන ඇති කඩදාසිය, මුද්‍රණය කර ඇති ආකාරය, මුද්දරයේ ඇති විශේෂ දිය සලකුණු සහ මුද්දරයේ ඉතිහාසය සහ වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරනවා.

    ලෝක ප්‍රසිද්ධ මුද්දර එකතු කරන්නන්

    ලෝකයේ දැනට බිහි වී ඇති අංග සම්පූර්ණ ම මුද්දර එකතුව ලෙස සැලකෙන්නේ 20 වැනි සියවසේ දී ජීවත් වෙච්ච ප්‍රංශ-ඔස්ට්‍රියානු වංශවතෙක් වූ ෆිලිප් වොන් ෆෙරාරිගේ මුද්දර එකතුව යි. එහි 1917 වසරට පෙර නිකුත් වූ සියලු ම දුර්ලභ මුද්දර ඇතුළත් ව තිබුණු බව යි පැවසෙන්නේ. නමුත් ඔස්ට්‍රියානු පුරවැසියෙක් වූ ෆෙරාරිගේ මෙම අගනා එකතුව පළමු ලෝක සංග්‍රම යුගයේ දී ප්‍රංශ රජය විසින් යුද වියදම් පියවීම සඳහා කොටස් වශයෙන් අලෙවි කර තියෙනවා.

     

    ලෝ ප්‍රකට ටැප්ලින් මුද්දර එකතුවෙන් කොටසක්. (Wikipedia)

    ෆෙරාරිගේ මුද්දර එකතුවට දෙවැනි නොවූ මුද්දර එකතුවක් ලෙස තෝමස් ටැප්ලින්ගේ මුද්දර එකතුව හඳුන්වන්න පුළුවන්. එහි ඇස්තමේන්තුගත වර්තමාන වටිනාකම පවුම් මිලියන 24 ක්. ‘ටැප්ලින් එකතුව’ ලෙස මුද්දර එකතු කරන්නන් අතර ප්‍රසිද්ධ එය තෝමස් ටැප්ලින්ගේ මරණයෙන් පසු ඔහුගේ උරුමකරුවන් විසින් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට පරිත්‍යාග කර තියෙනවා.

    හිටපු යුරෝපීය රාජකීයයන් කිහිප දෙනෙක් ම ඉතා උනන්දුවෙන් මුද්දර එකතු කළ අයයි. ඒ අතරින් එක්සත් රාජධානියේ පස් වැනි ජෝජ් රජතුමා සහ රොමානියාවේ දෙවැනි කැරොල් රජතුමාව විශේෂයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. රාජකීය මුද්දර එකතු කරන්නන්ගේ සංගමයේ සභාපති ලෙස කටයුතු කළ පස් වැනි ජෝජ් රජතුමාගේ අග්‍රගණ්‍ය මුද්දර එකතුවේ වර්තමාන හිමිකාරිය වන්නේ දෙවැනි එලිසබෙත් රැජිනයි. ඇය විනෝදාංශයක් ලෙස මුද්දර එකතු කිරීම අරඹා ඇත්තේ 1952 වසරේ දී යි.

    ඇමෙරිකා එක්සන් ජනපදයේ තිස් දෙවැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ෆ්‍රෑන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ඩ් මැතිතුමාත් ලෝක ප්‍රසිද්ධ මුද්දර එකතු කරන්නෙක්. ඔහුගේ ධූර කාලය තුළ දී ඔහු ඇමෙරිකානු අනුස්මරණ මුද්දර කිහිපයක් ම නිකුත් කර තිබෙනවා.

    ලොව දුර්ලභ ම මුද්දර කිහිපයක්

    ලොව දැනට ඇති දුර්ලභ ම මුද්දරය ලෙස සැලකෙන්නේ බ්‍රිතාන්‍ය ගුආනාව විසින් 1856 දී නිකුත් කළ ‘The British Guiana 1c magenta’ නම් මුද්දරය යි. දැනට ලෝකයේ ඉතිරි ව ඇත්තේ එයින් එක් මුද්දරයක් පමණක් වන අතර එහි ඇස්තමේන්තුගත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 9 ඉක්මවනවා.

    1857 දී ස්වීඩනය විසින් නිකුත් කළ ‘The Treskilling Yellow’ නම් මුද්දරයක් දැනට ලෝකයේ ඇති දුර්ලභ ම මුද්දරයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එහි දැනට ඉතිරි ව ඇති එක ම මුද්දරයේ ඇස්තමේන්තුගත වර්තමාන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2.3 ක්.

    ලෝකයේ වර්ණ තුනකින් මුද්‍රිත ප්‍රථම මුද්දරය ලෙස සැලකෙන්නේ 1845 දී ස්විට්සර්ලන්තය මගින් නිකුත් කළ ‘The Basel Dove’ නම් මුද්දරය යි. අතිශය දුර්ලභ මුද්දරයක් ලෙස සැලකෙන මෙහි දැනට ඉතිරි ව ඇති මුද්දර සංඛ්‍යාව පිළිබඳ සඳහනක් නැහැ.

     

    ‘The Inverted Jenny’ නම් මුද්දරයේ ජායාරූපයක් (Wikipedia)

    ඇමෙරිකා එක්සත් ජනපදය විසින් 1918 දී නිකුත් කළ ‘The Inverted Jenny’ නම් මුද්දරයේ ඇති විශේෂත්වය වන්නේ එහි මුහුණත ඇති ගුවන් යානය උඩුයටිකුරු වී මුද්‍රණය වී තිබීම යි. දැනට මුද්දර 100 ක් පමණක් ඉතිරි වී ඇති මෙහි එක මුද්දරයක වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියනයකට ආසන්න යි.

    විනෝදාංශයක් විදියට ඉතාමත් ආසාවෙන් මුද්දර එකතු කරන්නන් ඔබ අතරත් ඇති. ඔබ ළඟ තියෙන වටිනා මුද්දරවල විස්තර සහ ලිපියේ සඳහන් නොවී අපිට මග ඇරී ගිය කරුණු අපිත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    24 Oct 2016 10:32 AM
    අද කොහෙද මේ වගේ විනෝදාංශ....මුද්දර ගහලා ලියුමක් යවන්නේ කලාතුරකින්නෙ.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    24 Oct 2016 01:31 PM
    ඔව්ව් දැන් නම් මෙහෙම අය ගැන අහන්නත් නැ ,,බොහොම ස්තුති අයියේ .
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    27 Oct 2016 05:42 AM
    යුද්දෙකට වියදම් කරන්න තරම් ඒ මුද්දර පොත වටිනව කියනකොටම හිතාගන්න පුලුවන්
    අනික කොටස් වශයෙනුත්
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    29 Oct 2016 12:22 AM
    6 පරිච්ඡේදය -Republic Issues (1972 -2000)

    වර්ෂ 1948 දී ලද නිදහස පරිපූර්ණ නිදහසක් වූයේ 1972 දී නව ජනරජ ව්‍යවස්ථාව සකස් කිරීමෙන් අනතුරුවයි.
    ඒ වෙනුවෙන් 1972 මැය 22 දින මුද්දරයක් නිකුත් විය. ශ්‍රීපාද ගිරි ශිඛරයෙන් උදාවන හිරු රැස් මගින් විකසිත වන නෙළුම්මල් එහි සිතුවම් විය.
    ශ්‍රී ලංකා නාමය භාෂා ත්‍රිත්වයෙන් මෙහි සටහන් විය. වටිනාකම ශක 15 කි.

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    29 Oct 2016 12:28 AM
    මේ මුද්දරය මට මතකයි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    29 Oct 2016 12:45 AM
    මේ මුල්දින කවරය මිළදී ගත් හැටි මට අද වගේ මතකයි.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    29 Oct 2016 09:01 AM
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    29 Oct 2016 09:12 AM
    සමන්ත අයියා ලගත් වටිනා එකතුවක් තියෙනවා වගෙයි..
    ස්තූතියි අයියේ මේක දැකගන්න සැලසූවට..
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    29 Oct 2016 09:20 AM
    Posted By indika76 on 29 Oct 2016 09:12 AM
    සමන්ත අයියා ලගත් වටිනා එකතුවක් තියෙනවා වගෙයි..
    ස්තූතියි අයියේ මේක දැකගන්න සැලසූවට..

    ඔව් මල්ලී   ලොකු එකතුවක් තිබුණා.  ඒත් මුද්දර ඇල්බම් එක නැතිවුණාට පසුව  මම දෙවන එකතුවක් හදපු අවස්ථාවේ   ඒ මුල් දින කවර වල තිබුණ  මුද්දර  ගලවා ගත්තා.

     


    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    29 Oct 2016 09:25 AM
    අයියා අපරාදයක්නේ කරලා තියෙන්නේ.. මුද්දර මුල්දින කවරයේම තිබුණානම් වටිනාකම වැඩියි...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    29 Oct 2016 09:31 AM




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    29 Oct 2016 09:39 AM


    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    29 Oct 2016 09:45 AM


    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    29 Oct 2016 09:47 AM
    සමන්ත අයියාගෙ මුද්දර එකතුවෙන් කොටසකුත් තියෙන්නේ.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    29 Oct 2016 07:44 PM
    1982 දී නිකුත් කල පළමු ටෙස්ට් තරගයේ මුල්දින කවරය සොයාගන්න අපහසු එකක්...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    29 Oct 2016 10:44 PM
    වටිනා එකතුවක්. නැවත මතකය අලුත් වීමක්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    29 Oct 2016 11:04 PM
    thakshanaye diyunuwa hinda thawa tika kalakin muddara nethi welama yayi....

    photo walin thama bala ganna wenne
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    05 Nov 2016 04:22 AM
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    05 Nov 2016 10:53 AM
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    05 Nov 2016 12:26 PM
    Posted By indika76 on 05 Nov 2016 04:22 AM
    මේ මුද්දරය වැඩිපුර තියෙන කෙනෙක් ඉන්නවා නම් අනේ මටත් දෙන්නකෝ..

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    05 Nov 2016 03:46 PM
    balamu hamba unoth nam dennam
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Nov 2016 08:58 PM
    Posted By samantha on 05 Nov 2016 12:26 PM
    Posted By indika76 on 05 Nov 2016 04:22 AM
    මේ මුද්දරය වැඩිපුර තියෙන කෙනෙක් ඉන්නවා නම් අනේ මටත් දෙන්නකෝ..

    සමන්ත අයියාට ලැබෙන්න සලස්වන්නම්...

    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    06 Nov 2016 10:34 PM
    වටිනා මුද්දර එකතුවක්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    06 Nov 2016 10:35 PM
    Posted By indika76 on 05 Nov 2016 04:22 AM


    මේ මුද්දරය දැන් තැපැල් කාර්යාලයෙන් ගන්න පුලුවන් වෙයි
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Nov 2016 11:19 PM
    Posted By chamaramind on 06 Nov 2016 10:35 PM
    Posted By indika76 on 05 Nov 2016 04:22 AM


    මේ මුද්දරය දැන් තැපැල් කාර්යාලයෙන් ගන්න පුලුවන් වෙයි
    මේක 2003 වර්ෂයේ ආව මුද්දරයක්..

    තැපැල් කාර්යාලවලින් ගන්න බැහැ. මුද්දර කාර්යාංශයේත් නැහැ. එකතු කරගත් කෙනෙකුගෙන් තමයි ගන්න වෙන්නේ..

    මේ දවස්වල නම් මුද්දරයේ අගය වැඩිවෙලා ඇති ඇති. සති දෙක තුනක් යනකොට සාමාන්‍ය තත්ත්වයට ඒවි...


    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    06 Nov 2016 11:38 PM
    indika ayiya gaawa thiyenawada mama ena welawaka thiyena thana kiyanna. keeyak hari hoyaganna plwan gaana wedi wela nam
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    06 Nov 2016 11:46 PM
    එහෙම හදිස්සියට වැඩි මුදලක් දීලා ගන්න අවශ්‍ය නැහැ. හිමින් සැරේ බලන්න. තිබුණොත් අරගන්න.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    07 Nov 2016 05:27 PM
    අමරදේවයන්ගේ මුද්දරේ අපුරු එකතුවක් රසිකයන්ට ඔහුගේ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    11 May 2017 09:22 PM

    වෙසක් මුද්දර 20 ක් අලුතින් නිකුත් කෙරෙයි


    (ඩයනා උදයංගනී)

    මෙවර ශ්‍රී ලංකා‍වේදී පැවැත්වෙන 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන් මුද්දර 20 ක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත.
     
    මහනුවර ලංකාතිලක විහාරය, නේපාලයේ ලුම්බිණිය, ජපානයේ හොරියුජි විහාරස්ථානය, ඉන්දියාවේ සාංචිය, බංග්ලාදේශයේ සෝමපූර් මහා විහාරය ඇතුළු ලොව පුරා සිටින බෞද්ධ ජනයාගේ අපරිමිත වන්දනාවට පාත්‍රවූ සිද්ධස්ථාන 20 ක් මෙම මුද්දර මගින් නිරූපනය වේ. එම සියලු ස්ථාන පහත පරිදි වේ.

    මීට අමතරව එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන් ගෙවීගිය කාලය තුළ මෙරට නිකුත් කළ සියලු මුද්දර නිරූපිත සුවිශේෂී සැමරුම් ග්‍රන්ථයක්ද හෙට(12) එළිදැක්වීමට නියමිත ය.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    11 May 2017 09:33 PM
    මෙන්න මේ මුද්දර සෙට් එක එකතු කරගත්තොත් නියමයි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    12 May 2017 06:54 PM
    මුද්දර නම් මාත් එකතු කලා.දැන් නම් ඒවා කොහේද කියලා කියන්න නම් අමාරුයි.ඒත් එකතු කරන අයට මේවා ගත්තොත් හොදයි..මමත් ආපහු මුද්දර පොතක් හදන්න පටන් ගන්න ඕන.ස්තුතියි අයියේ මේ ලිපියට
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    12 May 2017 07:00 PM
    මුද්දර එතකතු කිරීම කියන්නේ ඉතාම හොද විනෝදාංශයක්..
    ඒ වාගේම ජීවිතයේ පවතින ගැටලු අමතක වීමටත් හොද දෙයක්..
    චාමර මල්ලිත් එකතු කරන්න පටන් ගන්න...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    12 May 2017 09:35 PM
    මා ලඟත් විශාල මුද්දර එකතුවක් තිබුණා. නමුත් අවාසනාවකට මගේ මුද්දර ඇල්බම් එක කවුරු නමුත් සොරා ගත්තා. දැන් ආයෙත් මුද්දර එකතු කරන්න පටන් අරගෙන තියෙනවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 May 2017 05:36 AM
    ඉඩ තියෙන වෙලාවක මම අයියට මුද්දර ටිකක් එවන්නම්...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    14 May 2017 08:49 PM
    Posted By indika76 on 14 May 2017 05:36 AM
    ඉඩ තියෙන වෙලාවක මම අයියට මුද්දර ටිකක් එවන්නම්...
    ඒක නම් ලොකු උදව්වක් මල්ලි. මගේ ලඟ තියෙන  මුද්දරත් මම නැවත වරක් එවන්නම්.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    14 May 2017 09:22 PM
    මමත් ආස විනොදන්ශයක් ...නමුත් කාලයක් නැති කමයි තියෙන්නෙ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    14 May 2017 11:36 PM
    mamath a kalenam kala dan nawatila me serama
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    15 May 2017 05:02 PM
    Posted By Ind007ka on 14 May 2017 09:22 PM
    මමත් ආස විනොදන්ශයක් ...නමුත් කාලයක් නැති කමයි තියෙන්නෙ

    දරුවන්ට හරි පුරුදු කරපන් මචෝ... ලොකු දැනුමක් මෙයින් ගන්න පුළුවන්...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    15 May 2017 08:47 PM
    අද දරුවන් මේවගේ විනෝදාංශ වලට යොමු වෙන්නේ නැහැ. එයාල කැමති ඉලෙක්ට්‍රොනික් ක්‍රීඩා වලට.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    16 May 2017 02:35 AM
    මාත් ඉස්සර එකතු කලා
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    16 May 2017 07:48 PM
    අපි දෙමාපියන් විදියට දරුවන්ට නිවැරදි දේ තෝරා ගැනීමට කියා දිය යුතුයි...
    පොත් පත් කියවීම වැනි විනෝදාංශ වලට කොහොම හරි යොමුකරවිය යුතුයි...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    16 May 2017 08:45 PM
    අනිවාර්යෙන්ම දෙමාපියන් වැඩිහිටියන් හැටියට ඒක අපේ යුතුකමක්. පරිඝනක , ඉලෙක්ට්‍රොනික් ක්‍රීඩා වලට වඩා මේ දේ වලට යොමු කිරීමෙන් නිරෝගීමත් මනසක් ඇති දරුවන් බිහි වෙනවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    16 May 2017 09:35 PM
    Posted By samantha on 15 May 2017 08:47 PM
    අද දරුවන් මේවගේ විනෝදාංශ වලට යොමු වෙන්නේ නැහැ. එයාල කැමති ඉලෙක්ට්‍රොනික් ක්‍රීඩා වලට.


    ඔන්න ඔකම තමා ප්‍රශනය .....අද කාලෙ කාටත් තියෙන ප්‍රශ්නය
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    16 May 2017 09:50 PM
    මුද්දර සම්බන්ධ නැති උනත් මේ ඉලෙක්ට්‍රොනික උපාංග නිසා සිදුවන හානිය ගැන පහත ළිපිය පල කරමි. මගේ පෙරපාසල් යන දරුවාත් ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරනවා. ඉගෙන ගන්න පුළුවන් ඇප්ස් ටිකක් දාල තියෙන්නෙ. එයින් එයා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. නමුත් දැන් අපිත් ඒක ගොඩක් සිමා කරලා තියෙන්නෙ මේ ගැන දැනුවත් උනාට පස්සේ.

    දරුවෙකු ස්මාට් ෆෝන් එකකට සුදුසු වයස බිල් ගේට්ස් හෙලි කරයි



    නව පරිගණක කර්මාන්තයේ නිර්මාණකරුවා පවා දරුවන් ස්මාට් ෆෝන් භාවිතයෙන් ඈත් කළයුතු බව පවසන විට අපේ සංස්කෘතිය තුළ නව තාක්ෂණ භාවිතය සීමාව ඉක්මවා ඉහළ ඉසව්වකට නැංවී ඇති බව පෙනේ. වයස අවු 14 පිරෙන තෙක් දරුවෙකු ස්මාට් ෆෝන් භාවිතයෙන් මුදා ගත යුතු බව බිල් ගේට්ස් සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත. තාක්ෂණය සහ මව් පිය වගකීම් පිළිබඳ විශේෂඥයින් දැඩිව පවසන්නේ නව තාක්ෂණය දෙසට දරුවන් දක්වන ආකර්ෂණය හැකි තරම් දුරට ඔවුන්ගෙන් ඈත් කළයුතු බවයි. සිවු වසරක් පුරා ලෝකයේ ධනවත්ම මිනිසා වූ බිල් ගේට්ස් පවසන්නේ ඔහුත් ඔහුගේ බිරිඳ මෙලින්ඩාත් ඔවුන්ගේ දරුවන්ට ස්මාට් ෆෝන් භාවිතයට අවකාශ නොදෙන බවයි.ඔවුන් දෙදෙනා ද තිරය අභියස ගෙවන කාලයට බොහෝසේ සීමා පනවාගෙන ඇත්තේ ඔවුන්ගේ කාලය වඩාත්ම දරුවන් වෙත යොමු කිරීමේ අභිලාෂයෙනි.

    බ්‍රිතාන්‍ය පුවත් පතකට අදහස් දක්වමින් ඔවුහු ඒ වෙනුවෙන් පනවා ඇති නීති රීති පද්ධතිය සහ විනය පිළිබඳ තම ආකල්ප පැහැදිලි කළහ.

    ”අපි ආහාර ගන්නා මේසය මත ජංගම දුරකථන නැහැ. අනිත් අය අත ජංගම දුරකතන ඇති බවට ඔවුන් මැසිවිලි නැගුවත් අපි අපේ දරුවන්ගේ වයස අවුරුදු 14 පිරෙනතුරු දරුවන්ට ජංගම දුරකථන දෙන්නෙ නැහැ. අපි රූපවාහිනි තිරය වෙනුවෙන් වුණත් වෙලාව සීමා කරනවා. එවිට ඒ වෙනුවෙන් ගත කරන කාලය ඉතිරි වෙනවා. ඒකෙන් දරුවො වැඩි වේලාවක් සුවසේ නිදා ගන්නවා.ඒ ඉතිරි කරන කාලය වඩාත් ඵලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේදැයි දැන් ඔබ සිතනවා නේද? ඒක පියවා ගන්නෙ මිතුරන් ඇසුර, ගෙදර දොරේ වැඩ හා වෙනත් අවශ්‍ය වඩා වැදගත් කටයුතු වල නියැලීමෙන්”

    එය එතරම් බරපතල නොවූවත්, ඔස්ට්‍රේලියානු දරුවන් ගැන සිතන විට නම් බොහෝ පමා වැඩියි.

    රෝයි මෝගන්ගේ ඔස්ට්‍රේලියානු සමීක්ෂණයට අනුව වයස අවුරුදු 10 දී සෑම ඔස්ට්‍රේලියානු දරුවන් පස් දෙනෙකුගෙන් එක් දරුවෙකුටම ස්මාට් ෆෝන් තියෙනවා. එම ප්‍රතිශතය ඉහළට පිමි පනිමින් වයස 12 වන විට දරුවන් ¾ කටම ස්මාට් ෆෝන් තියෙනවා.

    තාක්ෂණ උපකරණ අලෙවි කරුවන් දරුවන් අලලා කරන අලෙවි කටයුතු අතරතුරේ වුව ඔවුන්ගේ දරුවන් හමුවේ තම නිෂ්පාදන ගැන සිතන අන්දම මිය යාමට පෙර ඇපල් සමාගමේ සමස්ථාපනකරු වූ ස්ටීව් ජොබ්ස්, නිව්යෝක් ටයිමිස් වාර්තාකරුවෙකුට පැවසූ මේ අදහසින් ඔබට හොදින්ම පැහැදිලි වේවි. ”ඔබේ දරුවන් නව අයි පෑඩ් එක ගැන මොකද හිතන්නෙ? ස්ටීව් ජොබ්ස්ගේ පිළිතුර වුණේ අපේ නිවසේ ඒව තහනම් යන්නයි”
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 May 2017 04:08 AM
    ඉතා වැදගත් ලිපියක්..
    දරුවන් ගැන මෙයට වඩා හිතන්න වෙනවා...
    0

    santhaa
    Basic Member
    Basic Member
    Posts:249






    --
    19 May 2017 07:59 AM
    පොඩි අයට දෙන්න ඕනෙ මොනවද නැත්තේ මොනවද කියලා අපි දෙපාරක් හිතල බලන්න ඕනේ
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    19 May 2017 09:13 AM
    Posted By santhaa on 19 May 2017 07:59 AM
    පොඩි අයට දෙන්න ඕනෙ මොනවද නැත්තේ මොනවද කියලා අපි දෙපාරක් හිතල බලන්න ඕනේ
    සහතික ඇත්ත ......

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    26 Jul 2017 01:28 AM
    THE ROYAL WEDDING -1981-JULY 29











    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    26 Jul 2017 01:33 AM
    මේ මුද්දරය සහ මුල් දින කවරය මට අද ලැබුණා. ඔයාලා සමඟ බෙදා ගන්න හිතුවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    26 Jul 2017 03:26 AM
    හානේ ශොයි මෙයා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Jul 2017 03:41 AM
    මේක මොන කාලයේ නිකුත් වුන මුද්දරයක්ද අයියේ...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    26 Jul 2017 05:58 AM
    Posted By indika76 on 26 Jul 2017 03:41 AM
    මේක මොන කාලයේ නිකුත් වුන මුද්දරයක්ද අයියේ...
    1981-JULY 29


    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    26 Jul 2017 06:08 AM
    1981-JULY 29
    හපොයි. මං ඉපදිලත් නැහැ එතකොට.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    26 Jul 2017 07:27 AM
    චාර්ල්ස් ඩයනාගේ විවාහය දවසේ නිකුත් කරපු මුද්දර
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    26 Jul 2017 10:20 PM
    ඒ මුද්දර වල නිකුත් කරන දිනේම කොටල තියෙනවා නේද
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 Oct 2017 10:13 PM
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    14 Oct 2017 10:25 PM
    ලබන වසරේ එක නම් බලන්න යනවා..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    16 Oct 2017 07:02 PM
    Posted By samantha on 26 Jul 2017 01:28 AM
    THE ROYAL WEDDING -1981-JULY 29












    රාජකීය මුද්දර...
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    15 Dec 2017 05:53 AM
    ආවේණික කුරුල්ලන් සිව්දෙනකුගේ සමරු මුද්දර 4ක්

    ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් සිව් දෙනෙකුගේ රුව ඇතුළත් සමරු මුද්දර 4ක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත.

    ‘ශ්‍රී ලංකා කළු ඉසැසි කොණ්ඩයා, ශ්‍රී ලංකා වන රැවියා, ශ්‍රී ලංකා පිට තඹලයා, ශ්‍රී ලංකා සිළු කවුඩා’ යන කුරුල්ලන් මෙම මුද්දර පෙලින් නිරූපණය කර තිබේ.

    සංචාරක ආකර්ෂණීය බවින් යුත් මුද්දර වාර්ෂිකව නිකුත් කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම මුද්දර හෙට (16) දිනයේදී නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙම මුද්දර රුපියල් 4.00, 10.00, 15.00 සහ 35.00 යන වටිනාකම්වලින් යුක්ත ඒවා බව ද තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    15 Dec 2017 08:03 AM
    ඉස්සර නම් මුද්දර අපිත් එකතු කළා..දැන් තමයි කෙරෙන් නැත්තේ....

    අලුතින් නිකුත් කරන ලද මුද්දර..කුරුල්ලන් ගැන විස්තරයක්...මේවා ළමයින්ට වැදගත් වෙනවා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    19 Dec 2017 09:11 PM
    මුද්දර ත්‍රෙඩ් එක පන ගහල ඇවිත් තියෙන්නෙ. මම ආසාවෙන් බලපු ත්‍රෙඩ් එකක්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Feb 2018 04:07 AM
    තේමා අනුව මුද්දර එකතු කිරීම

    වර්තමාන කාලයේ ජනප්‍රිය වී ඇත්තේ විවිධ තේමා අනුව මුද්දර එකතු කිරීමේ ක්‍රමය යි.
    එය රටවල් අනුව මුද්දර එකතු කිරීමට සාපේක්ෂව බෙහෙවින් ජනප්‍රිය වී ඇත්තේ, අද වන විට ලෝකයේ විවිධ රටවල් මෙසේ විවිධ තේමා අනුව මුද්දර නිකුත් කිරීමට උත්සුක වී ඇති නිසයි.
    වන සතුන්, ජනප්‍රිය පුද්ගලයින්, ක්‍රීඩා, විසිතුරු මල්, තාරකා විද්‍යාව සම්බන්ධිත මුද්දර, යාන වාහන, ජලජ ජීවින් යනාදි මුලික තේමා රැසක් හා ඊට අදාළ අනු තේමා යටතේ මෙසේ මුද්දර එකතු කරනු ලබනවා.
    උදාහරණයක් ලෙස ඔබ මූලික තේමාව ලෙස වන ජීවීන් යන්න තෝරා ගත්තා යැයි සිතමු.. දැන් මේ යටතේ අලි ඇතුන්, පක්ෂීන්, උභය ජිවීන් වැනි විවිධ අනු තේමා යොදාගනිමින් ඔබේ මුද්දර එකතුව සකස් කර ගත හැකියි.
    විවිධ රටවලින් මෙවැනි තේමා යටතේ නිකුත් කරනු ලබන මුද්දර එකම තැනකට ගෙන ආ හැකි වීම මෙහි විශේෂත්වයයි.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    28 Feb 2018 09:51 PM
    තේමා අනුව මුද්දර එකතු කිරීම 01

    තේමාව - ක්ෂිරපායීන්
    අලි අැතුන්



    අලියා ගොඩබිම වසන විශාලතම සත්වයාය. අප්‍රිකානු අලියා සහ ආසියානු අලියා ලෙස අලි විශේෂ දෙකක්‌ දිවිගෙවන අතර අප රටේ දිවිගෙවන්නේ ආසියානු අලියාය. විද්‍යාත්මකව මෙම විශේෂය Elephas Maximus ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ දිවිගෙවන වන අලියා ඉන්දියානු හෝ වෙනත් රටවල ආසියානු විශේෂයෙන් තරමක්‌ වෙනස්‌කම් දරන බැවින් ශ්‍රී ලංකානු අලියා අප රටට ආවේණික උප විශේෂයක්‌ ලෙස සැලකේ. එබැවින් ශ්‍රී ලංකානු අලියා හැඳින්වීමට Elephas Maximus Maximus යන උප විශේෂ නාමය භාවිත වේ.

    ශ්‍රී ලංකාවේ වියළි කලාපීය ප්‍රදේශවලදී වන අලි - ඇතුන් බහුලව හමුවේ. දකුණු පෙදෙසේ හම්බන්තොට සිට උතුරු පළාතේ චුණ්‌ඩිකුලම් දක්‌වාද, නැවතත් පුනරීන් සිට වයඹ පළාතේ පුත්තලම දක්‌වාද වූ මුහුදු තීරය ඔස්‌සේ රට තුළ වියළි කලාපීය පෙදෙස්‌වල ඇති වනාන්තරවල අලි -ඇත්තු දිවිගෙවති. තෙත් කලාපයට අයත් සිංහරාජය, සමනල අඩවිය හා කොස්‌ලන්ද පෙදෙස්‌වලද ඉතා සීමිත අලි ගහනයක්‌ දක්‌නට ලැබේ.

    1900 වර්ෂය පමණ වන විට මෙරට වන අලින් 10000 ක්‌ දෙනා දිවි ගෙවූ බවට වාර්තා පළවී ඇති නමුත් පසුගිය දශකයක පමණ කාලය පුරාවට පිළිගැනීමට ලක්‌වූයේ මෙරට වනාන්තරවල ඉතිරිව ඇත්තේ අලි -ඇතුන් 3500 ක පමණ ප්‍රමාණයක්‌ බවයි. අලි - මිනිස්‌ ගැටුම් උග්‍ර අතට හැරී මේ වන විට වාර්ෂිකව අලි 150 - 200 ක්‌ හා මිනිසුන් 100 ක්‌ පමණ ජීවිතයෙන් සමුගනිති. ආසියානු අලියා වඳවීමේ තර්ජනයට ලක්‌ව ඇති ජීවියකු ලෙස ලෝක සංරක්‍ෂණ සංගමය මගින් නම්කර රතු දත්ත ලේඛනයට පවා ඇතුළත් කර ඇත. ශ්‍රී ලංකාවේදීද වන අලින් හා ඇතුන් නිරතුරු ඝාතනයට ලක්‌වන අතර දේශීය රතු දත්ත වාර්තාවේද අලියා තර්ජනයට ලක්‌වූ ජීවියකු ලෙස නම් කර තිබේ.

    (ආසියානු) අලියා අඩි 8-9 දක්‌වා උසින් වැඩෙන අතර ගැහැනු සතා (ඇතින්න හෝ කෙණර) උපරිම අඩි 8 දක්‌වා වැඩේ. එහෙත් අඩි 11 ක්‌ පමණ දක්‌වා උසින් වැඩුණු හස්‌තිරජුන්ද අප රටෙන් වාර්තා වී ඇත.

    ශරීර ලක්‍ෂණ, හැඩහුරුකම් යනාදිය අනුව කුල දහයකට අයත් අලි ඇතුන් අපේ රට තුළ දිවිගෙවන බවට පැරැන්නන් විසින් වර්ග කරනු ලැබන ඇත. ඒ පහත පරිදිය.

    1. කලාවක 2. ගංගෙයH, 3. තඹර, 4. පිංගල, 5. පණ්‌ඩර 6. මංගල, 7. ගන්ධ, 8. හේම, 9. උපෝසත, 10. සද්ධන්ත. මෙයින් සද්ධන්ත කුලයේ අලි ඇතුන් උසස්‌ම කුලයේ සතුන් ලෙස සැලකේ. ඔවුන්ගේ හොඬය, ලිංගය, වල්ගය හා අත්පා සතර ඇතුළු අඟපසඟ හතක්‌ පොළොවේ ස්‌පර්ශවීම විශේෂත්වයකි.

    අප්‍රිකානු අලියා උස මහතින් හා බරින් වැඩිම සත්වයාය. ආසියානු අලියා මීට වඩා ශරීර ප්‍රමාණයෙන් තරමක්‌ කුඩාය. ආසියානු අලියකු සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 3000 - 5000 අතර ප්‍රමාණයක බරින් යුක්‌ත වේ.

    වැඩුණු අලියකු දිනකට ආහාර කිලෝග්‍රෑම් 250 - 300 අතර ප්‍රමාණයක්‌ ආහාර ලෙස ගනී. තෘණ හා කොළ දඬු යනාදිය මෙලෙස ආහාර ලෙස බුදී. එසේම දිනකට ජලය ලීටර් 200-250 අතර ප්‍රමාණයක්‌ පානය කරයි. මේ සඳහා දිනකට කිලෝමීටර් 20-25 ක්‌ දුර ඇවිද යැම වන අලියාගේ සිරිතය. සවස හතරත් පෙරවරු පහත් අතර සක්‍රීය වන අලියා දිවා කාලයේදී තරමක්‌ අලස ගති ලක්‍ෂණ පෙන්වන අතර මධ්‍යාහ්නයේදී ඝන වනවදුල තුළ සැඟව හෝ රූස්‌ස ගස්‌ සෙවණට වී විඩා නිවා ගනී. ආහාර සොයා තෘණ පිටි හා ලඳු කැලෑවල දිවිගෙවීම සක්‍රිය කාලයේදී දැකගත හැකිය.

    අලි මවකට පැටවකු ලැබෙන්නේ සාමාන්‍යයෙන් වසර 4 කට වරකි. ගැබ් කාලය වසර 1 1/2 ක්‌ වීමත්, ඉතිරි කාලය පැටවා කිරි දී පෝෂණය කිරීමත් ඊට හේතුවයි.

    සොඬවැල අලියාගේ විශේෂිතම අවයවයයි. අනෙකුත් සතුන්ගෙන් අලි - ඇතුන් වෙනස්‌වීම සඳහාද මෙම සොඬ හේතුවී ඇත. අනෙකුත් ක්‍ෂීරපායින්ගේ මෙන් නොව මෙසේ සොඬක්‌ පිහිටන බැවින් අලියා මමාලියා නම් ක්‍ෂීරපායි වර්ගයේ ප්‍රොබසීඩියා (Probascidea) ගෝත්‍රයට ගොනුකොට ඇති අතර එලිµන්ටිඩේ (Elephantidae) කුලයට අයත් වේ.

    ආසියානු අලියාගේ සොඬ මස්‌ පිඬු 5000 කින් පමණ සමන්විත වේ. මෙය කිලෝග්‍රෑම් 200 ක පමණ බරකින් යුක්‌තවන අතර දිගින් මීටර් 2 ක්‌ පමණ වේ. නාස්‌පුඬු දෙකක්‌ද එක්‌ සොඬැගිල්ලක්‌ද ඇති සොඬවැල මගින් කිලෝග්‍රෑම් 350 - 400 ක පමණ බරක්‌ ඉසිලිය හැකිය. සොඬ තුළ ජලය ලීටර 8 ක්‌ පමණ රඳවාගත හැකිය.
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    02 Mar 2018 05:38 AM
    බොහොම ස්තුතියි 76 මේ ත්‍රෙඩ් එක නැවත සක්‍රීය කරාට. මගේ ගාව මුල්දින කවර සහ මුද්දර සිහිවදන පත්‍රිකා එකතුවක් තිබුනා. පහුගිය මැයි මාසේ ගංවතුරට ඒවා ඔක්කොම අහු උනා, නමුත් මම සුද්ද කරලා නැවත යතා තත්වයට පත් කරගත්තු මුද්දර සහ මුල්දින කවර ටික ඉක්මනට මේ ත්‍රෙඩ් එකේ දාන්නම්.
    මට වයස අවුරුදු 10-16 අතර කාලේ විශේෂිත විනෝදාංශයක් තමයි මුද්දර එකතු කිරීම
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    02 Mar 2018 06:25 PM
    මටත් තියෙනවා එහෙම අතීතයක්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    02 Mar 2018 07:36 PM
    ආයෙත් එකතු කරන්න පටන් ගනිල්ලකෝ.. මම උදව් කරන්නම්...
    නැතිනම් දරුවන්ට හරි පුරුදු කරන්න...
    මෙයින් ලොකු දැනුමක් ගන්න පුළුවන්...
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    02 Mar 2018 07:40 PM
    ඉස්සර මං ගාව තිබ්බා පිටරට ඒවත්.දැන් ඒවා නැහැ.
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    02 Mar 2018 09:43 PM
    70 දශකයේ මගේ ලඟත් මුද්දර 6000ක පමණ එකතුවක් තිබුණා. ඒ මුද්දර ඇල්බම් එක පාසැලේදී නැතිවුණා. ඒත් මම මෑත කාලයේ සිට නැවත මුද්දර එකතු කරනවා. අවශ්‍ය අයට හුවමාරු කරගන්න පුළුවන්..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    02 Mar 2018 09:55 PM
    පිටරට තියන මුද්දර එහෙම තියේ නම් දෙන්නකෝ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    02 Mar 2018 10:00 PM
    Posted By chamaramind on 02 Mar 2018 09:55 PM
    පිටරට තියන මුද්දර එහෙම තියේ නම් දෙන්නකෝ
    ලබන මාසේ මම ලංකාවට ආවම  දෙන්නම්  මල්ලී.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    02 Mar 2018 10:37 PM
    ජර්මනියේ මුද්දර කිහිපයක් එනකොට මටත් ගෙනත් දෙන්න අයියෙ. මගේ දුවටත් පුරුදු කරන්න ඕන මුද්දර එකතු කිරීමේ පුරුද්ද. .රටවල් සියයකට ආසන්න මුද්දර ප්‍රමාණයක් මගේ ලඟත් තිබුණ. අන්තරස්ධාන උනා ඔක්කොම එක සැරේට.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    02 Mar 2018 10:43 PM
    Posted By maduranga001 on 02 Mar 2018 10:37 PM
    ජර්මනියේ මුද්දර කිහිපයක් එනකොට මටත් ගෙනත් දෙන්න අයියෙ. මගේ දුවටත් පුරුදු කරන්න ඕන මුද්දර පුරුද්ද. .රටවල් සියයකට ආසන්න මුද්දර ප්‍රමාණයක් මගේ ලඟත් තිබුණ. අන්තරස්ධාන උනා ඔක්කොම එක සැරේට.
    ඉන්දික 76 මල්ලීට නම් මම කලින්  තැපැල් මඟින් මුද්දර ටිකක් එව්වා. දැන් කාල වේලාව නොමැති නිසා ආවම ඔයාලට දෙන්නම්.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    02 Mar 2018 10:47 PM
    Posted By Imalka on 02 Mar 2018 05:38 AM
    බොහොම ස්තුතියි 76 මේ ත්‍රෙඩ් එක නැවත සක්‍රීය කරාට. මගේ ගාව මුල්දින කවර සහ මුද්දර සිහිවදන පත්‍රිකා එකතුවක් තිබුනා. පහුගිය මැයි මාසේ ගංවතුරට ඒවා ඔක්කොම අහු උනා, නමුත් මම සුද්ද කරලා නැවත යතා තත්වයට පත් කරගත්තු මුද්දර සහ මුල්දින කවර ටික ඉක්මනට මේ ත්‍රෙඩ් එකේ දාන්නම්.
    මට වයස අවුරුදු 10-16 අතර කාලේ විශේෂිත විනෝදාංශයක් තමයි මුද්දර එකතු කිරීම
    ඔයාගේ මුද්දර සහ මුල්දින කවර ටික දාල වෙනම ත්‍රෙඩ් එකක් පුළුවන් නම් කරන්න මචං. අපට ඒක වෙනමම ෆලෝ කරන්න පුළුවන් එතකොට.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    02 Mar 2018 10:47 PM
    Posted By samantha on 02 Mar 2018 10:43 PM
    Posted By maduranga001 on 02 Mar 2018 10:37 PM
    ජර්මනියේ මුද්දර කිහිපයක් එනකොට මටත් ගෙනත් දෙන්න අයියෙ. මගේ දුවටත් පුරුදු කරන්න ඕන මුද්දර පුරුද්ද. .රටවල් සියයකට ආසන්න මුද්දර ප්‍රමාණයක් මගේ ලඟත් තිබුණ. අන්තරස්ධාන උනා ඔක්කොම එක සැරේට.
    ඉන්දික 76 මල්ලීට නම් මම කලින්  තැපැල් මඟින් මුද්දර ටිකක් එව්වා. දැන් කාල වේලාව නොමැති නිසා ආවම ඔයාලට දෙන්නම්.
    ඒකට කමක් නැහැ අයියෙ. ආවහම දුන්නම ඇති. ස්තූතියි අයියෙ.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    03 Mar 2018 12:34 AM
    Posted By samantha on 02 Mar 2018 10:00 PM
    Posted By chamaramind on 02 Mar 2018 09:55 PM
    පිටරට තියන මුද්දර එහෙම තියේ නම් දෙන්නකෝ
    ලබන මාසේ මම ලංකාවට ආවම  දෙන්නම්  මල්ලී.


    හරි අයියේ එතකන් මමත් බලාගෙන ඉන්නවා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    23 Mar 2018 11:24 PM
    තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් ශ්‍රි ලංකාවේ අම්බලම් නිරූපිත රු. 10.00, 15.00, 35.00 සහ 50.00 යන වටිනාකම් වලින් යුත් නව තැපැල් මුද්දර 04 ක් සහ රුපියල් 110.00 ක වටිනාකමින් යුත් සිහිවටන පත්‍රිකාවක් 2018මාර්තු මස .23 වැනි දින නිකුත්කරන ලදි.

    “කිසියම් ශිෂ්ටාචාරයක අනන්‍යතාව තහවුරු කරන්නේ ඔවුන් විසින් භාවිතා කරන භාෂවයි. එය අනිකකින් වෙන්කොට හඳුන් වන්නේ එම ශිෂ්ටාචාරය මගින් කාලාන්තරයක්‌ ප්‍රගුණ කරන ලද කලා ශිල්පයි. එමෙන්ම එම ශිෂ්ටාචාරයේ මිනිසුන් ගෞරවයට පාත්‍ර කරවන්නේ හෝ අන්‍යයන් අතර හුවා දක්‌වන්නේ ඔවුන් විසින් ගොඩ නගන ලද වාස්‌තු විද්‍යා නිර්මාණයි. උසස්‌ ගොඩනැඟිලි නිර්මාණයන් ගෙන් තොර පිළිගත් ශිෂ්ටාචාරයක්‌ පිළිබඳ කතා නොකරන්නේම ය. එබැවින් ශිෂ්ටාචාරයක හෝ එහි එක්‌ එක්‌ යුගයන් ගේ දියුණුවේ හෝ ඒවායේ ස්‌ථාවර භාවයේ ද එමෙන්ම පරිහානියේ තත්ත්වයන් පිළිබඳ තොරතුරු අධ්‍යයනය සඳහා පිටුවහලක්‌ වන්නේ, අතීතයේ එක්‌ එක්‌ කාලයන් තුළ ඉතිහාසයට එක්‌කොට ඇති ගොඩනැඟිලි හෝ ඒවායේ නටබුන් බැවින් පුරා තත්ත්වයන් හඳුනා ගැනීමට වාස්‌තු විද්‍යාව මහත් සේ ප්‍රයෝජනවත් වන්නේ ය.”

    මහාචාර්ය, නිමල් ද සිල්වා

    අම්බලම් ඉදිකිරීම එහි මුල්ම යුගයේ ගිමන් නිවා ගැනීම, රාත්‍රිය ආරක්‌ෂා සහිතව ගත කිරීම ආදී මූලික කාරණාවන් වෙත උනන්දු වීමේ ප්‍රථීඵලයක්‌ විය හැකිය. කාලීනව ඊට බොහෝ කරුණු එක්‌වීමෙන් සමාජ විද්‍යාත්මක මෙන්ම වාස්‌තු විද්‍යාත්මකව ද වැදගත්කමින් යුතු පු`ඵල් වශයෙන් සාකච්ඡා කළ හැකි සංස්‌කෘතිකාංගයක්‌ බවට පත්විය. අම්බලම් මගින් සිදුවන සමාජමය කාර්යයන් වශයෙන් භාරතීය සමාජ ක්‍රමයේ එක්‌ දිගුවක්‌ වූ වර්ණ බේදය ක්‍රමයෙන් කුල ක්‍රමයට පරිවර්තනය වීමත් ආගමික කටයුතු අතින් තත් යුගයේ ජනතාවට මහඟු සේවයක්‌ ලබා දුන් ස්‌ථානයක්‌ වශයෙනුත් තත් යුගයේ සන්නිවේදන පක්‌ෂයෙන් ප්‍රබල දායකත්වයක්‌ ජනතාවට ලබා දුන් ආකාරයත් අර්ථීක කාර්යයන් වශයෙන් වාණිජ කටයුතු උදෙසා සිදු කෙරුණ සේවාවත් නීතිමය කරුණු පිළිබඳ කටයුතු ඉටු කර ගැනිමට රාජ්‍ය පාලකයින් ට පහසු වීමත් තාක්‌ෂණික හා වාස්‌තු විද්‍යාත්මක කරුණුවලට අමතරව තවත් වැදගත් කාරණා වශයෙන් සමාජ ගත විය.
    අම්බලම සඳහා බිම සැකසිමේ සිට සමස්‌ථය ඉදිකර ගැනීම දක්‌වා වූ නිර්මාණාත්මක හා තාක්‌ෂණික අතින් ද ඊට නොදෙවෙනි වැදගත් කමකින් යුතු උසස්‌ ගෘහ නිර්මාණ ශිල්පය අතින් සම්භාව්‍යමය ගුණයෙන් පිරිපුන්ව පැවති බවට අම්බලම්වල පවතින නෂ්ඨාවශේෂ තුළින් මොනවට පිළිබිඹු වෙයි.

    මුලාශය දිවයින බදාදා අතිරේකය,

    ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන අම්බලම් අතුරෙන් සුවිශේෂි අම්බලම් හතරක් වන මාරස්සන වෙළ මැද අම්බලම, කරගහගෙදර අම්බලම, පනාවිටිය අම්බලම සහ ගොඩමුන්න අම්බලම මෙම මුද්දර හතරෙන් නිරූපණය කර තිබේ.

    1. මාරස්සන ගම මැද අම්බලම
    මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට, තලාතුඔය හඟුරන්කෙත මාර්ගයේ හමුවන මාරස්සන නගරයේ සිට දකුණින් මාරස්සන ප්‍රධාන රෝහල ඉදිරිපිට මාර්ගයේ සැතපුම් භාගයක් දුරින් මාරස්සන ගම මැද අම්බලම පිහිටා ඇත.
    ඉතාමත් සිත්කළු වෙල් යායක් මධ්‍යයේ පිහිටි මෙය දැවයෙන් තනා ඇති විශාල දැව කඳන් සතරකින් යුතු අට්ටාලය මත ගොඩනංවා තිබේ. අඩි 6 ක් පමණ විශ්කම්භය ඇති එම අට්ටාලය ගොඩනගා තිබෙනුයේ සිව් දෙසට යොදා ඇති කළු ගල් හතරක් මතය.

    2. කරගහගෙදර අම්බලම
    කුරුණෑගල, මීගමුව මාර්ගයේ කලුගමුවෙන් දකුණට හැරී වීරඹුගෙදර මාර්ගයේ සැතපුම් 02 ක් ගිය විට කරගහගෙදර ග්‍රාමයේ මෙය පිහිටා ඇත. පැරණි පඩුවස් නුවර දක්වා මාර්ගයට සම්බන්ධව මේ අම්බලම නිමවා ඇත.
    දැනට ශ්‍රී ලංකාවේ ශේෂව පවත්නා කලාත්මක හා පෞරාණික අම්බලම් අතරට එක්වන කරගහගෙදර අම්බලම, දර්ශනිය වෙල් යායක් මධ්‍යයයේ පිහිටි දැකුම්කළු ගල් තලාවක් මත ගොඩ නගා ඇත. බැලු බැල්මට චාම් මෙන්ම ඉතාමත් සිත් ගන්නා අම්බලමකි.

    3. පනාවිටිය අම්බලම
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේව මැදි හත්පත්තුවේ මයුරාවතී කෝරළයේ පනාවිටිය නම් ග්‍රාමයේ මෙම අම්බලම පිහිටා ඇත. දඹදෙනිය - අනුරාධපුර මාර්ගයේ නාරම්මල නගරයෙන් දකුණු පස මාර්ගයේ හමුවන මැටියගනේ හන්දියෙන් වමට හැරී සැතපුම් 03 ක් පමණ වැලි පාරක ගියවිට පනාවිටිය ග්‍රාමයේ දර්ශනීය වෙල් යායක් මධ්‍යයේ මෙම අලංකාර අම්බලම දක්නට ලැබේ.
    මෙම අම්බලමෙහි වහලය පිදුරුවලින් සෙවිලි කොට තිබී ඇති අතර කැටයම් සහිත දැව දඩු බොහෝමයක් දිරාපත් වී තිබූ බව 1961 පුරා විද්‍යා වාර්තා වේ සඳහන් වේ. එසේ වුවද පැරණි සිංහල ලී කැටයම්කරුවාගේ කෘතහස්තභාවයට දෙස් දෙන්නට තරම් සෑහෙන කැටයම් ශේෂව තිබී ඇත. මෙය සංරක්ෂණය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ චාල්ස් ගොඩකුඹුර මහතාය.
    පනාවිටිය අම්බලම ශ්‍රී ලංකාවේ කලාත්මක බවින් ඉහළම සහ විශිෂ්ටතම තාක්ෂණය පිළිඹිබු කරන කැටයම් වැඩිම අම්බලම වේ.

    4. ගොඩමුන්න අම්බලම
    මහනුවර දිස්ත්‍රික්කයේ දකුණු ගන්දහේ කෝරළයට අයත් පාත හේවාහැට ප්‍රදේශයේ ගොඩමුන්න ග්‍රාමයේ මේ අම්බලම පිහිටා ඇත. තලාතුඔය - හඟුරන්කෙත මාර්ගයේ පළවෙනි සැතපුම් කණුව අසලින් දකුණට හැරී සැතපුම් 04 ක් පමණ ගිය විට මෙය දක්නට ලැබේ.
    විශාල දැව බාල්කයක් යොදා කළ අට්ටාලයක් මත දැව කණු සවිකොට අම්බලමේ වහලය සකසා ඇත. එය මත සවි කොට ඇති දැව කුළුණු සියල්ලම ඉතා කලාත්මක ලෙස කැටයම් කොට ඇත. දැව කුළුණු කැටයම් කොට ඇතත් පිහියාවලින් සැස දැමීම නිසා කැටයම් බොහොමයක් විනාශ වී ඇත.

    මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි දැනට තරමක් හොඳින් ආරක්ෂා වී ඇති පෞරාණික සහ කලාත්මක පුරා විද්‍යා ස්මාරකයක් ලෙස ගොඩමුන්න අම්බලම හැඳින්විය හැකිය.

    කියවන මුද්දර . නිරෝෂණ පිරිස්
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    23 Mar 2018 11:25 PM
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    24 Mar 2018 04:43 AM
    අපේ රටේ මුද්දර ලස්සනයි..
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    25 Mar 2018 05:23 AM
    මුද්දර ගැන හැදෑරීමෙන් ලොකු දැනුමක් ලබාගත හැකියි..
    මේ එයට එක් උදාහරණයකි..
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    25 Mar 2018 09:38 PM
    බෙල්ලන්විල පන්සල ලඟ වෙල අසල මේ වගේ අම්බලමක් තිබුණා මතකයි. ඒ වගේම ඇතුල් කෝට්ටේ පාර අයිනේ අම්බලමක් තියෙනවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    25 Mar 2018 09:52 PM
    තාම තියෙනවා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    10 Apr 2018 03:48 AM

    රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මුද්දරයක්


    ශ්‍රී  බුද්ධ  වර්ෂ  2562   රාජ්‍ය වෙසක්  මහෝත්සවය   නිමිත්තෙන්  මුද්දර  එළිදැක්වීමේ  උත්සවය  බුද්ධශාසන  අමාත්‍යාංශයේ  ශ්‍රවණාගාරයේ  දී  අද(09)  සිදුකෙරිණි .

    "චිත්තං  දන්තං  සුඛාවහං" (සිත දමනය  කිරිමෙන්  සැප  ලැබේ)   යන්න  මෙවර  රාජ්‍ය  වෙසක්  දින සැමරැමේ තේමාවයි.   
     
    චුල්ල  සුතසෝම  ජාතික  ඊට  කදිම  නිදසුනක්  සපයන්නක් බැවින්   එම ජාතකය  මෙවර  වෙසක්  මුද්දරවල නිරෑපනය  කර  තිබේ. 

    එම  මුද්දර  සහිත  මුල්දින  කවරය  තැපැල්  අමාත්‍යාංශයේ ලේකම්   ආර්.එමි. බී.බී. මීගස්මුල්ල  මහතා බුද්ධශාසන අමාත්‍ය  ගාමිණී  ජයවික්‍රම   පෙරේරා  මහතා  වෙත  පිරිනැමීය . මෙම අවස්ථාවට  බුද්ධශාසන අමාත්‍යාංශ යේ  ලේකම්  චන්ද්‍රපේම   ගමගේ   මහතා  ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    ඡායාරූප   චතුර එස් .කොඩිකාර

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    10 Apr 2018 09:14 PM
    මෙවර මුද්දර තුනයි වගේ නිකුත් කරලා තියෙන්නේ...
    වෙනදා නම් මුද්දර 4 ක් නිකුත් වෙනවා...
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    19 Apr 2018 06:05 PM

    රාජ්‍ය වෙසක් දිනයට මුද්දරයක්


    බිඟුන් මේනක ගමගේ
     
    රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් මුද්දර කාර්යාංශය විසින් නිර්මාණය කරන ලද මුද්දරයක් ලබන 29 වැනිදා(වෙසක් පෝදා) නිකුත් කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

     
    සැලසුම් ශිල්පී පාලිත ගුණසිංහ සිතුවම් කළ මෙම මුද්දරයෙන් වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වෙන බිංගිරිය රජ මහා විහාරය දැක්වේ.
     
    පළමු මුද්දරය ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතාට පිරිනැමීමට නියමිතය.

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    19 Apr 2018 06:47 PM
    අපො ඔය පතොලයට මොකට මුල්ම එක දනවද මන්දා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    21 Apr 2018 08:39 PM
    මේ අවුරුද්දේ නිකුත්වූ මුද්දර ටික එකතු කරගන්නත් බැරිවුනා...
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    13 May 2018 06:52 AM

    මුද්දර දැක්ම ලබන 25 දා සිට

    තැපැල් දෙපාර්තමේන්වේ මුද්දර කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන කොළඹ මුද්දර දැක්ම ලබන 25,26,27 යන දිනයන්හි කොළඹදී පැවැත්වේ.

    මෙම මුද්දර දැක්ම ඉහත දියනහි පෙ.ව.9.00 සිට ප.ව.6.00 දක්වා කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ තැපැල් මූලස්ථානයේදී පැවැත්වේ.

    පැරණි මුද්දර, කාසි, නෝට්ටු මෙන්ම දෙස් විදෙස් නව මුද්දර මිලදී ගැනීමට ද, මුද්දර සහ ඒ ආශ්‍රිත අයිතම මුද්දර ඇල්බම්, 1857 සිට නිකුත් කෙරුණු මෙරට මුද්දර ඇතුළත් මුද්දර නාමාලිය සහ මුද්දර ආශ්‍රිත බොහෝ දේ මෙහිදී මිලදී ගැනීමට මෙන්ම තැපැල් කෞතුකාගාරය නැරඹීමට ද අවස්ථාව උදාවේ.

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    13 May 2018 07:04 AM
    මමත් මේ පිළිබද අපේ සහෝදර සහෝදරියන් දැනුවත් කරන්න හිටියේ..
    ස්තූතියි චාමර මල්ලී...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    13 May 2018 04:31 PM
    මෙවර නම් බලන්න යන්න ඕනේ. ස්තුතියි චාමර මල්ලී දැනුවත් කලාට.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    13 May 2018 06:31 PM
    සමන්ත අය්යට නිවාඩු
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    13 May 2018 10:39 PM
    යන්න ඕනේ ...බලමු.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    23 May 2018 08:29 PM
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    23 May 2018 08:39 PM
    කල් ගිය එක හොඳයි..
    නැතිනම් බලන්න වෙන්නේ නෑ...
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    31 May 2018 06:39 PM
    බලන්නම ඕන මේ මුද්දර දැක්ම එක නම්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    sanj
    Basic Member
    Basic Member
    Posts:347






    --
    25 Jun 2018 08:06 AM
    මොන එක්සිබිසොන්ද
    පොඩ්ඩව ඉස්කෝලෙට දාන්න ඇඩ්මිශන් ෆෝර්ම් එකට ගහන්න රුපියල් 50 මුද්දර හොයනවා තාම
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    25 Jun 2018 05:00 PM
    තැපැල් සේවක වර්ජනය නිසා මෙවරත් කල් යයි.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    25 Jun 2018 06:21 PM
    ලංකාව කොහොමත් වර්ජනය
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    25 Jun 2018 09:33 PM
    වර්ජනයට අපෙ රට දක්ශයි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    27 Jun 2018 08:04 PM
    තැපැල් සේවකයන් ඔවුන්ගේ වර්ජනය නිසා ඔවුන් සේවයෙන් පහ කළ බව දන්වා ඔවුන්ට ලිපි යවා ඇති බව සැලවුණා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    27 Jun 2018 08:10 PM
    Posted By maduranga001 on 27 Jun 2018 08:04 PM
    තැපැල් සේවකයන් ඔවුන්ගේ වර්ජනය නිසා ඔවුන් සේවයෙන් පහ කළ බව දන්වා ඔවුන්ට ලිපි යවා ඇති බව සැලවුණා.


    මම මෙ කල්පනා කලෙ මෙකට කොතනින්ද හිනා වෙන්නෙ කියලා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    05 Nov 2018 11:34 AM


    ගුගල් එකෙන් උපුටා ගනී
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    05 Nov 2018 11:35 AM
    හරිම වටිනවා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    05 Nov 2018 05:14 PM
    දකින්නත් ආසයි මේව
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    05 Nov 2018 07:30 PM
    දැක්කමයි ඒව
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    28 Mar 2019 08:30 AM
    ත්‍රිපිටකාභිවන්දනා



    පන්සාලිස් වසරක් පුරා බුදු රජාණන් වහන්සේ දෙසූ ශ්‍රී ධර්මස්කන්ධය පළමු, දෙවන හා තෙවැනි ධර්ම සංඝායනා වලදී සංඝෘහිත වෙමින් මුඛ පරම්පරානුගතව පැවත ආවේය. මෙම භාණක සම්ප්‍රදාය තුල පවත්වාගෙන එනු ලැබූ සද්ධර්මය වළගම්බා රාජ්‍ය සමයේදී තල්පත්වල ලේඛණ ගත කරන ලදි. මෙම ඓතිහාසික කර්තව්‍යය සිදුවූයේ මාතලේ අළු විහාරයේදීය.

    1955 දී, 2500 සම්බුද්ධ ජයන්තිය සැමරීම අරමුණු කොට ගෙන ශ්‍රී ලංකා (සිලෝන්) රජය තවත් ඓතිහාසික පියවරක් ඉදිරියට තැබීය. එනම් මෙම ත්‍රිපිටකය සිංහලයට පෙරළීමට තීරණය කිරීමය. මෙම කාර්යය ත්‍රිපිටක පරිවර්තන සංස්කරණ මණ්ඩලයකට පැවරුණ අතර එහි ප්‍රධානත්වය ඉසිලූයේ පූජ්‍ය වැලිවිටියේ සෝරතනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. මෙම ඓතිහාසික සහ පූජනීය කාර්යය, 1955 මාර්තු 19 වැනි දින එවක අගමැති වූ ජෝන් කොතලාවල මහතා විසින් ත්‍රිපිටක පොත්, එම පරිවර්තන මණ්ඩලය වෙත ලබාදීමෙන් නිල වශයෙන් ආරම්භ විය. වසර කීපයක පරිශ‍්‍රමයෙන් පසුව, ලංකාවේ විවිධ ආරාමවලින් සහ තායිලන්තය, මියන්මාරය වැනි අසල්වැසි රටවලින් සපයා ගත් පුස්කොළ පොත් සියල්ල ඉතා වුවමනාවෙන් කියවා සංස්කරණය කොට සිංහලයට පරිවර්තනය කෙරිණි. පසුව ශ‍්‍රී ලංකා රජයේ අනුග‍්‍රහය ඇතිව වෙළුම් 57 කින් යුතුව මේ පොත් සියල්ල ‘බුද්ධ ජයන්ති ත‍්‍රිපිටක ග‍්‍රන්ථමාලාව’ ලෙස පළ කෙරිණි.
    බුද්ධ ජයන්තිය වෙනුවෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඉටුකළ වැදගත් කාර්යන් 3ක් ඉතිහාසයේ සදහන්ය .ඉන් ප්‍රමුක වන්නේ මහාචාර්ය ගුණපාල මළලසේකර මහතාගේ පුරෝගම්ත්වයෙන් ත්‍රිපිටකයෙහි සිංහල පරිවර්තනය පටන් ගැනීමයි .1952 දී සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ ත්‍රිපිටක මුද්‍රණ භාර මණ්ඩලය රජයේ ලියාපදිංචි කර තිබේ .එය The Buddhist නම් වේ .
    1954 දී තිපිටක පටිෂොධන මණ්ඩලයට සම්බන්ධව බුරුමය සහ ශ්‍රී ලංකාවේ ග්‍රන්ථ සම්පාදනය සදහා පුජ්‍ය බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හිමියන් සහ පුජ්‍ය මධ්හේ ප්‍රඥාසීහ නාහිමියන් ද බුරුමයට වැඩ ථෙරවාදී ත්‍රිපිටකය අටුවා හා ටීකා සහිතව සංශෝදනය කොට ප්‍රකාශයට පත්කළහ.
    බුද්ධ ජයන්තිය වෙනුවෙන් පූර්ව සුදානමකින් කටයුතු කල ඩඩ්ලි සේනානායක මහතාගේ රජය වසර 53 අගෝස්තු හර්තාලයෙන් බිද වැටුනි . සර් ජෝන් මහතා නව රජයේ නියමුවා විය. සර් ජෝන් කොතලාවල මහතාද බුද්ධ ජයන්තිය වෙනුවෙන් සුවිශේෂි කාර්යභාරයක් ඉටුකරන ලදි. ඔහුගේ රජය 1956 මහමැතිවරණයෙන් පරාජයට පත් වූ අතර බලය හිමිවූයේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ප්‍රමුක ප්‍රගතශීලි කණ්ඩායමටයි. බුද්ධ ජයන්තිය වෙනුවෙන් සංවිධානය කර තිබූ කිසිම කටයුත්තකට බාධා නොවන අයුරින් පවත්වාගෙන යාමට නව රජය උත්සුක විය.

    බුද්ධ ජයන්තියෙන් අනතුරුව පාලි ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමට ගරුතර මහා සංඝරත්නය අනුශාසනා පෙරදැරිව ඉදිරිපත් වූ ගරු ජනාධිපති තුමන්ට ලෝක වාසී බෞද්ධ ජනතාවගේ ගෞරව පූර්වක ස්තූතිය හිමිවිය යුතුය.

    පාලි ත්‍රිපිටකය, ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි යෝජනාවක් යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කිරීමට ලංකා රජය බලාපොරොත්තු වන අතර 2019 මාර්තු 23 වැනිදා මහනුවර දන්තධාතුන් සෙවනේ සිට මේ සත්කාර්යය ඇරභීම ඉතා කාලෝචිතය .පසුගිය සතිය "ත්‍රිපිටකාභිවන්දනා " සතිය ලෙසින් නම්කර රටපුරා දැනුවත් කිරීමේ වැඩසටහන් මිට සමගාමිව පැවැත්විණි .
    යුනෙස්කෝ සංවිධානය මගින් නම් කරන ලද ලෝක උරුම 08 ක් මේ වන විට රට තුළ ලේඛණගතව පවතී. ඒවා නම් අනුරාධපුරය,පොළොන්නරුව,සීගිරිය, මහනුවර , ගාලු කොටුව ,දඹුල්ල රජමහ විහාරය ,සිංහරාජ වනාන්තරය,කදුකර උස්බිම්,වේ . පාලි ත්‍රිපිටක සමගින් නව ලෝක උරුම 9 ක් මෙරට තුල ලේඛන ගත වනු ඇත

    කියවන මුද්දර
    නිරෝෂණ පීරිස්
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    28 Mar 2019 01:17 PM
    mewayin keepayak thiyenawa
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    28 Mar 2019 07:45 PM
    මේ මුද්දර නම් අපේ පැත්තේ නැහැ අයියේ....
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    31 Mar 2019 10:04 PM
    දැන්නම් මේවා හොයාගන්න අමාරුයි...
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    01 Apr 2019 12:51 AM
    අදමයි දැක්කෙ....ආස හිතුන
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    09 Apr 2019 04:04 PM
    මගේ ගාව තියෙන මුද්දර ටික තවම අප් ලෝඩ් කරන්න බැරුව ගියා නේ.අවුරදු දවස් ටිකේවත් ට්‍රයි එකක් දෙකක් දෙන්න ඕනේ
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    09 Apr 2019 09:44 PM
    Posted By Imalka on 09 Apr 2019 04:04 PM
    මගේ ගාව තියෙන මුද්දර ටික තවම අප් ලෝඩ් කරන්න බැරුව ගියා නේ.අවුරදු දවස් ටිකේවත් ට්‍රයි එකක් දෙකක් දෙන්න ඕනේ


    දෙන්නකෝ බලන්න අපිටත්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    09 Apr 2019 09:56 PM
    මගේ ගාව තියෙන මුද්දර ටික තවම අප් ලෝඩ් කරන්න බැරුව ගියා නේ.අවුරදු දවස් ටිකේවත් ට්‍රයි එකක් දෙකක් දෙන්න ඕනේ
    හොඳම ඒවා ටිකවත් දාපන් මචං. දුර්ලභ ගනයේ මුද්දර සහ සොයා ගන්න පහසු රටවල් වල මුද්දර එහෙම තියෙනවා නම්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0


    ---