වැස්සක් වැහිනකොට ගෙදර පුටුවක වාඩිවෙලා තේ එකක් බොනගමන් වැස්ස දිහා බලන් ඉන්න මන් හරි ආසයි .
එහෙම ඉන්නකොට වැස්සත් එක්ක ආදරේ හිරිකඩත් මගේ මුණට වදිනව.
අපේ ආදරේ වැස්සත් එක්ක බැදුණු මතක ගොඩක් තියෙනව.
අපි හැමදාම වාඩි වුනු බංකුව ලේසියෙන් වැස්සකට තෙමෙන් නැති තැනක්.
මහ වැස්සකට තෙමිලා තිබුනත් ඉරපු 10 කවර දෙකක් උඩ වාඩි උනු අපිව එලවන්න වැස්සටවත් බැරිඋනා.
පාර්ක් එකේදී වහින කොට අපි ඉදියේ කුඩයක් යට.
පාරේ , බස් එකේ ,කෝච්චියේ , ගෝල්ෆේස් එකේ ඔය වැස්සට අපිව පොඩ්ඩක්වත් ඈත් කරන්න බැරිඋනා.
වැස්ස නිසා අපි තවත් ලං උනා.
දැන් වැස්ස අතරින් කුඩයක් අරන් අත් පටලන් ඉස්සරහටම යන්න ඔයා නෑ.
හැබැයි තාමත් වැස්ස වහිනව.
අම්මගේ තේ එකත් අරන් මම වැස්ස දිහා බලන් ඉන්නව.
කුඩේ අරන් ඔයා මන් දිහාට දුවල එන හැටි මැවිලා පේනවා.