Posted By Madud on 03 May 2018 05:24 AM
අතැර ගිය සිවලාට මිදිවැල කී කවිය
නිතර මලකුනු කෑ
නුඹ කුසගින්නෙ සිටි දා
හිතට දුක දැනිලා
මගේ සුවදක් නුඹට එව්වා.
සුවද ඔස්සේ ආ
නුඹ මගේ රුව දැකලා
කනුද නොකනුද කියා
ලතැවිල්ලෙ සිටියා.
ලතැවිල්ල පසෙකලා
මා ලබා ගනු සදහා
වෙහෙස වෙන නුඹ දැකලා
මම තව තවත් නුඹට බැදුනා
මදින් මද වැඩි වෙන
නුඹේ කුසගිනි දැක
කඩාගනු නොහැකි තැන
මමම මිදි බිම හෙලනු සිතුවා
නමුත් නුඹ කැත හිවල
අමිහිරක් යයි නම් කොට
මා අතැර ගිය කල
සිනාසෙනු හැර වෙන කිම කරන්නද.
දෙවියන්ට අහර වන
මගේ අමයුරු ඵල
මළකුනු කන නුඹට
කොහොමටත් අකැපයි සබද
කුණු හොයන කෙනා යන්නෙම කහළ ගොඩටම තමා. දන්නා කතාවක් වෙනස් අයුරකින් හිතපු ලස්සන නිර්මාණයක්!