Go to previous topic
Go to next topic
Last Post 28 Jan 2018 07:29 AM by
Udeshika Herath
මට අහිමි පේරැස් මුදුව
9 Replies
Author
Messages
Madhu
New Member
Posts:
13
09 Jan 2018 06:28 AM
Quote
Reply
පේරැස් මුද්ද කුමට මට හිමිකම් තියෙනව නම්
දහසක් සිහින අරන් කුලගෙට අා පතිනිය මං
තහනම් පලේ රසය සැඟවුව පිය සෙනෙහෙ අරන්
අායෙත් එන්නෙ නැතිදෝ පුංචි පුතා ඉන්නෙ බලන්..
පෙරදා මාගෙන් ලද සෙනෙහස අඩුවක් නොවුනේ
වෙනතක හිත රඳවා ඔබ අඩුපාඩුම සෙව්වේ
තරහක් නොහිතා දෙන්නට සමාව තවත් තියේ
මිනිසුන් හට වරදින තැන් කොතෙකුත් නැතිද ලොවේ
සුරතල් සිඟිති මුවේ හසරැලි මැකිලා යද්දී
තාත්තා අායෙ එන්නෙ කවද්ද පුතු විමසද්දී
පළිතුරු නොමැතිව මා ගොලු වී අසරන වෙද්දී
කඳුලක් අාවේ බොරැවට හිනැහෙන්නට යද්දී
1
Madhu
New Member
Posts:
13
09 Jan 2018 06:31 AM
Quote
Reply
මේක මම ලිව්වේ ... හොඳද යාළු
1
samantha
Most Senior Member
Posts:
13190
09 Jan 2018 06:45 AM
Quote
Reply
ලස්සණයි. දිගටම ලියන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
1
maduranga001
Most Senior Member
Posts:
14112
09 Jan 2018 07:39 AM
Quote
Reply
හොඳ නිර්මාණාත්මක ඇති සහෝදරියක් ස්ටන් එකට එකතු වී සිටීම සතුටට කරුණක් !
ඔබේ සියලු නිර්මාණ එක ත්‍රෙඩ් එකකින් ඉදිරිපත් කරනවා නම් සියල්ල එකට රසවිඳීමට පහසු වේවි. නිර්මාණ එකතු කිරීමේදී නිර්මාණයට අංකයක් දෙන්න. පළමු පොස්ටුව එඩිට් කිරීමෙන් ඒ ත්‍රෙඩ් එකේ ටොපික් වෙක වෙනස් කරන්න පුළුවන්. එතකොට දන්නවා අලුත් නිර්මාණයක් එකතු කර ඇති බව ත්‍රෙඩ් එකට. ඔයාගේ නිර්මාණ ත්‍රෙඩ් එකට පොදු නමක් සහිතව නිර්මාණයේ නම එකතු කරන්න පුළුවන්. අපැහැදිලි නම් නැවත අසන්න.අපේ ස්ටාෆ් එකේ මිතුරු මිතුරියන් ඔබට ඒ සඳහා උදව් කරාවි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1
chamaramind
Most Senior Member
Posts:
13470
09 Jan 2018 05:18 PM
Quote
Reply
ලස්සන කවි පන්තියක්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
indika76
Most Senior Member
Posts:
10434
09 Jan 2018 05:59 PM
Quote
Reply
කාලීන අදහසක්.. ඒ වගේම කියවාගෙන යන විට හිතට ලොකු දුකක් දැනෙනවා...
දෙමාපියන් විරසක වීමෙන් දරුවන් කොතරම් අසරණ වෙනවාද කියා මෙම කවි ත්‍රිත්වයෙන් මනාව පැහැදිලි වෙනවා..
ගොඩක් සාර්ථක නිර්මාණයක්.. ස්තූතියි නංගී..
(මධුරංග මල්ලී පැවසූ පරිදි කවි වලට අංකයක් යොදා එකම ත්‍රෙඩ් එකකින් දැමුවානම් ගොඩක් අයට රස විදීමට පහසුවක් වේවි)
0
gamini
Veteran Member
Posts:
4472
25 Jan 2018 09:41 PM
Quote
Reply
පේරැස් මුද්ද ............. කාව්‍යමය ඔබගේ නිර්මාණය ඔයලෙස අත් විදින තව කොතෙකුත් දෙනා මිහිපිට ඇතිද? ඔබගේ කාව්‍යමය අදහසක් විතරක්ද? අද්දැකීමක් නම් නොවේවා කියා පතනවා
ආදරයේ උල්පත අම්මා ......................
0
Jaani
Basic Member
Posts:
285
27 Jan 2018 05:35 AM
Quote
Reply
ලස්සනයි මධූ
0
Rosi
Super Senior Member
Posts:
5335
27 Jan 2018 05:43 AM
Quote
Reply
හ්ම්ම්ම්ම් ඔව් සමාජයේ අදත් එදත් ඇති තේමාවක් ,,ලස්සනයි මදු දිගටම ලියන්න මෙවැනි තෙමාවල් යටතේ
0
Udeshika Herath
Veteran Member
Posts:
3955
28 Jan 2018 07:29 AM
Quote
Reply
Lassanai dr.
Udeshika Herath
0
Forums
Creative Zone
Poems