Go to previous topic
Go to next topic
Last Post 27 Mar 2018 10:08 PM by  Ind007ka
දිගාසිරි ගෙනෙන මහළු වීම වළකන දේශීය බීම වර්ග‍
 79 Replies
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
15 Dec 2015 10:08 PM

    බිත්තර වල ඇති ගුණ..

    බිත්තර ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථයන් සපිරි ආහාරයකි. මේ අතරම  අප අතර පවතින මතයක් හා බොහෝ දෙනාගේ උපදෙසක් වන්නේ බිත්තර ආහාරයට ගැනීම කොලෙස්ටරෝල් වලට අහිතකර බවයි. කෙසේ වෙතත් එක් බිත්තරයක් තුළ කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 180ක් අන්තර්ගත වීම නිසා මෙම මතය පිළිගැනීමට අපට සිදු වී ඇත. නමුත් ඇත්ත වශයෙන්ම මෙහි සත්‍යතාවය කුමක්ද?

    අප ශරීරයට ලබා ගන්නා සිය කොලෙස්ටරෝල් වර්ග අහිතකර හෝ හෘදයාබාධ ඇති කරවන ඒවා නොවේ. හිතකර හා අහිතකර ලෙස කොලෙස්ටරෝල් වර්ග දෙකක් ඇත. ශරීරය නීරෝගීව පවත්වාගෙන යාමේදී මෙම හිතකර කොලෙස්ටරෝල් අත්‍යාවශ්‍ය වේ. ඒ කෝටිසෝල්, ඊස්ට්‍රජන් හා ටෙස්ටෙස්ටරෝන් වැනි හෝර්මෝන නිපදවීමට යි. ඔබගේ ශරීරය සෑම විටම යම් කොලෙස්ටරෝල්  ප්‍රමාණයක් සිරුරේ තැන්පත් කරගෙන සිටින්නේ මේ නිසාවෙනි.

    ඇත්තෙන්ම ශරීරය  විසින් ම යම් කොලෙස්ටරෝල් ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. නමුත් ඔබ සිරුරට අවශ්‍ය කොලෙස්ටරෝල්  ප්‍රමාණය ආහාර මගින් ලබාගන්නා විට එසේ විශාල වශයෙන් නිපදවන්නේ නැත.

    බිත්තර මගින් Zeaxanthin හා Lutein නම් ප්‍රතිඔක්සිකාරකයන් නිපදවයි. මේවා ඔබගේ ඇස් වලට හිතකර වේ. මෙම පෝෂකයන් කහමදයේ අන්තර්ගත වේ. එමෙන්ම මෙමගින් ඇසේ සුද ඇති වීම ද වළක්වයි. එමෙන්ම බිත්තර වල සිරුරට අත්‍යාවශ්‍ය  ඇමයිනෝ අම්ල 11ක් අඩංගු වේ.

    ඉතින් මේ ලෙස බිත්තර වල මගහැරිය නොහැක  පෝෂ්‍ය ගුණ රාශියකි. තවත් බිත්තර වල ඇති ගුණයන් දැනගන්න කියවන්න.

    01. ඔබේ කුස ඉක්මණින් පුරවයි.

    බිත්තර මගින් ඔබගේ කුස ඉක්මණින්ම පුරවා දමා ආහාර රුචිය ස්ථාවර කරයි. මේ නිසා ආහාර වලට ඇති නැඔුරුව අඩු කර බර අඩු කිරීමට දායක වේ.

    1

    02. මානසික පීඩනය අවම කරයි

    අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ බිත්තර මගින් මානසික පීඩනය අවම කරවන බවයි.

    2

    03. නීරෝගී සමක් හා නීරෝගී හිසකෙස් ලබා දේ.

    බිත්තර වල බී complex විටමින් අන්තර්ගත වේ. මෙමගින් ඔබගේ සමේ හා හිසකෙස් වල ගුණාත්මක භාවය ඉහළ දමයි. එමෙන්ම මෙය ස්නායු පද්ධතියට ද හිතකර වේ.

    3

    04. සිරුරට කැල්සියම් අවශෝෂණය වැඩි කරවයි.

    කැල්සියම් අවශෝෂණයට  vitamin D අත්‍යාවශ්‍ය වේ. ඉතින් මේ  vitamin D ලබාගත හැක්කේ හිරු කිරණින් හා බිත්තර වලින් ය. මේ මගින් ඔබගේ අස්ථි හා දත් ශක්තිමත් වේ.

    4

    05. බිත්තර හා කොලෙස්ටරෝල්

    බිත්තර වල කොලෙස්ටරෝල් අඩංගු වේ. නමුත් මේ කොලෙස්ටෝල් වලින් බොහෝමයක් ශරීරයට හිතකර වේ.

    5

    06. මොළයට හිතකර වේ

    බිත්තර වල සිරුරේ ස්නායුක කාර්යයන්ට දායක වන choline නම් පෝෂකයක් අඩංගු වේ.

    6

    07. ප්‍රතිශක්තිය වඩවයි.

    රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමට සිරුරට අවශ්‍ය ප්‍රතිශක්තිය වැඩි කිරීම බිත්තර මගින් සිදු කරයි.

    7

    08. ශරීරයේ ශක්තිය වැඩි කරයි

    අප ගන්නා ආහාර ශක්තිය බවට පත් කිරීමට විටමින් වර්ග කීපයක් අවශ්‍ය වේ. මේවා බිත්තර වල අඩංගු ය.

    8

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    15 Dec 2015 10:09 PM
    අපි හිතන්නේ  බිත්තර   කන එක හොඳ නැහැ කියලානේ...
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    15 Dec 2015 11:44 PM
    බලන් යද්දී බිත්තර ගුණයි නේ .........
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    16 Dec 2015 02:08 AM
    බ්ත්තර දෙකක්ම කන්න ඕන..
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    16 Dec 2015 02:26 AM
    එක ත්‍රෙඩ් එකකින් කියනවා බිත්තර හොදායි කියල.. ආයෙත් තව ත්‍රෙඩ් එකකින් කියනවා බිත්තර කෑවොත් මෙහෙම වෙනව.. අරහෙම වෙනවා කියල.. දැන් අපි මොකක්ද කරන්න ඕන කියහල්ලාකො..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    16 Dec 2015 04:47 AM
    Posted By maduranga001 on 16 Dec 2015 02:26 AM
    එක ත්‍රෙඩ් එකකින් කියනවා බිත්තර හොදායි කියල.. ආයෙත් තව ත්‍රෙඩ් එකකින් කියනවා බිත්තර කෑවොත් මෙහෙම වෙනව.. අරහෙම වෙනවා කියල.. දැන් අපි මොකක්ද කරන්න ඕන කියහල්ලාකො..
    කිකිළියෙක් ගෙන්ම  තමයි දැන ගන්න වෙන්නේ..

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    16 Dec 2015 07:09 PM
    Posted By samantha on 16 Dec 2015 04:47 AM
    Posted By maduranga001 on 16 Dec 2015 02:26 AM
    එක ත්‍රෙඩ් එකකින් කියනවා බිත්තර හොදායි කියල.. ආයෙත් තව ත්‍රෙඩ් එකකින් කියනවා බිත්තර කෑවොත් මෙහෙම වෙනව.. අරහෙම වෙනවා කියල.. දැන් අපි මොකක්ද කරන්න ඕන කියහල්ලාකො..
    කිකිළියෙක් ගෙන්ම  තමයි දැන ගන්න වෙන්නේ..

    දැන් ඉතින් කිකිලියෙක් හොයපන්කෝ ,,,,,

    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509

    --
    16 Dec 2015 07:34 PM
    hodailu narakaliu ane amnda
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    16 Dec 2015 08:48 PM
    මම නම් භිත්තර කනවා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296

    --
    16 Dec 2015 10:45 PM
    Posted By maduranga001 on 16 Dec 2015 02:26 AM
    එක ත්‍රෙඩ් එකකින් කියනවා බිත්තර හොදායි කියල.. ආයෙත් තව ත්‍රෙඩ් එකකින් කියනවා බිත්තර කෑවොත් මෙහෙම වෙනව.. අරහෙම වෙනවා කියල.. දැන් අපි මොකක්ද කරන්න ඕන කියහල්ලාකො..

    ඕනෑම දෙයක් ඕනවට වඩා හොද නෑ කියනවනෙ ..ඉතින් පෙරේත කමට වැඩිය කන්නෙ නැතුව සුමානෙකට දවස් 3ක් විතර කාපන් ..එතකොට හරි 
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    16 Dec 2015 11:09 PM
    Posted By Ind007ka on 16 Dec 2015 08:48 PM
    මම නම් භිත්තර කනවා

    කොහේද මේ  ජාතියේ  භිත්තර තියෙන්නේ ...
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    17 Dec 2015 05:50 AM
    පොල්තෙලුත් හොද නැ නැ කියා කියා හිටියේ ,,දැන් එක තමා හොදම තෙල ... ඒ වගේ තමා බිත්තර්ත් .,,බලන්න කොච්චර ගුණ තියෙනවද
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    30 Nov 2016 12:10 AM
    බ්‍රොයිලර් කුකුළු මස්‌ වැඩිපුර
    කෑමෙන් බැක්‌ටීරියා ආසාදන

    උපාලි ද සේරම්

    බ්‍රොයිලර් වර්ගයේ කුකු`ථ මස්‌ වැඩිපුර ආහාරයට ගැනීම නිසා බැක්‌ටීරියා ආසාදන රෝගවලට ගොදුරු වීමේ අවදානමක්‌ ඇතැයි ක්‍ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ජයතිලක මහත්මිය පැවසුවාය.

    මස්‌ පිණිස ගොවිපළවල ඇති කරන බ්‍රොයිලර් වර්ගයේ කුකුළන් සහ ඌරන් වැනි සතුන් ඉතා ඉක්‌මනින් වර්ධනය කරගැනීම සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාදීම නිසා එවැනි මස්‌ වර්ග බහුලව ආහාරයට ගැනීමෙන් බැක්‌ටීරියා රෝගවලට ගොදුරු විය හැකි බවත් එවැනි රෝග සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාදුන් විට ඊට එම බැක්‌ටීරියා විරුද්ධව ක්‍රියා කිරීම නිසා නොයෙකුත් බැක්‌ටීරියා ආසාදනවලට ගොදුරු වීමේ අවදානම ශ්‍රී ලංකාවේ ඉහළ ගොස්‌ ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

    එනිසා මෙවැනි ආහාර වර්ග පරිභෝජනය සීමා කිරීමට සහ ප්‍රතිජීවක ඖෂධ අනවශ්‍ය ලෙස භාවිතය සීමා කිරීමටත් ශ්‍රී ලාංකික ජනතාව අවධානය යොමුකළ යුතු බව ද විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළාය.

    ඇය මෙම කරුණු අනාවරණය කළේ ප්‍රතිජීවක ඖෂධ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ඊයේ (29 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    30 Nov 2016 01:03 AM
    මේ වගේ ලිපි බලලම මස් කෑමන එපා වෙලා තියෙන්නේ. ඉදල හිටල තමයි ගෙදරට ගේන්නෙත්
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    30 Nov 2016 09:27 AM
    මේ මසුත් දවස් 45න් වෙනදා....දැන් කුකුලා දවස් 30න් දෙනවා.
    ඉතින් කාලා ලෙඩ වුනාම ලෙඩේ හොයන්නත් ලේසි නෑ.
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    30 Nov 2016 05:13 PM
    මරන කොටත් එපා වෙනවා මස් කන්න
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    30 Nov 2016 08:21 PM
    Posted By sha733 on 30 Nov 2016 01:03 AM
    මේ වගේ ලිපි බලලම මස් කෑමන එපා වෙලා තියෙන්නේ. ඉදල හිටල තමයි ගෙදරට ගේන්නෙත්
    මමත් නිවසට මස් ගෙන ඒම සීමා කරලා තියෙන්නේ...

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    30 Nov 2016 11:55 PM
    මේවා නිසි ප්‍රමිතියක් නැති කම. ඒකයි මේ වැරැද්ද. මේවා ගැන බලන්න නිසි බළධාරීන් උනන්දුවක් නැහැ.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    01 Aug 2017 02:53 AM

    උදෑසන අවදි වූ සැණින් උණු වතුර වීදුරුවක් පානය කරන්න

    අපි ගොඩක් දෙනා උදේ නැගිටපු ගමන් බොන්නේ එක්කෝ කිරි එකක් නැත්තම් තේ එකක්. ඒ වගේම ගොඩක් දෙනා දැන් වතුර වීදුරුවක් දෙකක් බොන්නත් පුරුදු වෙලා ඉන්නවා. ඇත්තටම එක හොද දෙයක්. එත් ඔබ දන්නවද උදේ අවදි වූ සැනින් උනු වතුර වීදුරුවක් බීම මගින් ඔබේ ශරීරයට විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබා ගත හැකි බව. අද විශ්ම ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ උදැසන අවදි වූ සැනින් හිස් බඩ උනු වතුර වීදුරුවක් බීම මගින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ ගැනයි

    ශරීර බර අඩු කරයි – ඔබව කෙට්ටු කරයි

    ඔබ ස්ථුල භාවයෙන් පෙලෙන්නෙක් නම් හෝ ටිකක් විතර මහත කෙනෙක් නම් උදෑසන අවදි වූ සැණින් උනු වතුර විදුරුවක් පානය කිරීම මගින් ඔබට ශරීර බර අඩු කරගැනීමට හැකියාව තියෙනවා. උණු වතුර පානය කිරීම මගින් ශරීරයේ උෂ්ණත්වය ඉහල දැමීම සිදු කරනවා. එවිට වැඩි කැලරි ප්‍රමානයක් දහනය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම උනු වතුර පානය වකුගඩු වල ක්‍රියාකාරිත්වය වගේම සිරුරේ බහිස්ශ්‍රාවි කටයුතු ද විදිමත් කිරීම සිදු කරනවා

    පරිවෘත්තිය ක්‍රියාවලිය විධිමත් කරයි

    පරිවෘත්තිය ක්‍රියාවලිය කියලා කියන්නේ අපි මුඛය තුලින් ශරීරයට ඇතුළු කරන ආහාර ශක්තිය බවත් පත් කිරීමේ ක්‍රියාවලියයි ඔබ උදෑසන අවදි වූ සැනින් උනු වතුර වීදුරුවක් බොනවා නම් බඩේ අමාරු වැනි දේවල් ඔබට ඇති වෙන්නේ නෑ. එවිට මේ පරිවෘත්තිය ක්‍රියාවලිය ඉතාම හොදින් සිද්ධ වෙලා ඔබ ගන්නා ආහාර මගින් නිපදවිය හැකි සම්පුර්ණ ශක්තිය සිරුරට ලබා දීම සිදු කරනවා

    වයසට යාම පරක්කු කරනවා

    වයසට යනවා කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපේ සම එල්ලා වැටීමට ලක් වෙලා වල ගැහිලා යන එකටනේ. හැබැයි ඔබ සෑම දිනකම උදෑසන අවදි වූ සැනින් හිස්බඩ උණුවතුර වීදුරුවක් බොන්න පුරුදු වූ කෙනෙක් නම් එමගින් ඔබේ සමේ ඇදෙන සුළු භාවය හැමදාම එක ලෙසින් පවත්වා ගෙන යනවා. එවිට ඔබේ සම ඉක්මනින් එල්ලා වැටෙන්නේ නෑ. ගොඩක් කල් තරුණ ලෙස ජිවත් වෙන්න ඔබට පුළුවන්

    ශරීරයේ විෂ නසා පිරිසිදු කරනවා

    දිනපතා අප ශරීරය තුල විවිධ විෂ වර්ග එකතු වීම සිදු වෙනවා. ඔබ උදෑසන අවදි වූ සැනින් උනු වතුර පානය කරන කෙනෙක් නම් ශරීරය තුල එකතු වී තිඛෙන විෂ සියල්ල හරණය වීම සිදු වෙනවා. ඒ වගේම ඔබට පුළුවන් නම් සෑම කෑම වේලක් අවසානයේම සිසිල් වතුර විදුරුවක් වෙනුවට උනු වතුර වීදුරුවක් බොන්න එමගින් ඔබේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය විධිමත් කරනවා.

    ඔසප් වේදනාව නැති කරනවා

    උදැසන අවදි වූ සැනින් උනු වතුර බීම පුරුද්දක් කර ගත් කාන්තාවන්ට ඔසප් වේදනාව ඇති වීම අවම කර ගන්න පුළුවන්. උණු වතුර මගින් උදරය ආශ්‍රිත මස් පිඩු ලිහිල් කිරීම සිදු කරනවා. එවිට වේදනාව අවම වීම සිදු වෙනවා. ඔසප් වේදනාව මෙන්ම සිරුරේ ඇති වෙන නොයෙකුත් වේදනා වලට සහනය සලසා ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    01 Aug 2017 04:05 AM
    මම නම් උදේ බොන්නේ සිතල වතුර වීදුරුවක්. උණු වතුර බොන එක හොඳයි කියල නම් දන්නෙ නැහැ. හැබැයි ඒ එක්කම කිරි තේ එකක් බොන නිසා උණු වතුර බිව්වා කියල හිත හදා ගන්න පුළුවන් ද?

    වැදගත් තොරතුරක්! ස්තුතියි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    01 Aug 2017 04:29 AM
    මෙක අමතක වෙනවනෙ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    01 Aug 2017 04:56 AM
    Posted By indika76 on 30 Nov 2016 08:21 PM
    Posted By sha733 on 30 Nov 2016 01:03 AM
    මේ වගේ ලිපි බලලම මස් කෑමන එපා වෙලා තියෙන්නේ. ඉදල හිටල තමයි ගෙදරට ගේන්නෙත්
    මමත් නිවසට මස් ගෙන ඒම සීමා කරලා තියෙන්නේ...
    අපේ ගෙදරට නම් නොගෙනෙන තරම්. ඉඳ හිට වත් කෑවොත් එකත් මම විතරයි. අනෙක් අය කන්නෙත් නැහැ. මගුලකට ගියොත් කනවා හැරෙන්න කන්නෙත් නැහැ.

    මොන මසකටත් වඩා කුකුල් මස් නම් හොඳම නැහැ. කෘතීම හෝමෝන් සහිතව හදන මස් නිසා ලෝකේ නැති ලෙඩවල් හැදෙන්නෙ. පුළුවන් තරම් නොකා ඉන්න එකම තමයි හොඳම දේ.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    01 Aug 2017 05:27 AM
    ඒක ඇත්ත දවස් 45 කට සතෙකුගේ ඉරනම විසදනව කියන්නේ
    මොන තරම් හෝමෝන කැටියක් ඕකගෙ ඇගේ ඇත්ද
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    01 Aug 2017 06:50 AM
    මේ දේවල් වල කොච්චර ගුන තිබුනත් අපට හුරු වෙන්න ටිකක් අමාරුයි.
    මම කවදාවත් උදේ නැගිටපු ගමන් වතුර බීලා නෑ.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    01 Aug 2017 12:40 PM
    මමත් බොන්නේ ඇල් වතුර.රෑට නිදාගන්න යනකොට වතුර බෝතලයක් ලගින් තියා ගන්නවා.උදේ නැගිට්ට ගමන් එක හුස්මට බොනවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    01 Aug 2017 05:51 PM
    Posted By samantha on 01 Aug 2017 02:53 AM

    උදෑසන අවදි වූ සැණින් උණු වතුර වීදුරුවක් පානය කරන්න

    අපි ගොඩක් දෙනා උදේ නැගිටපු ගමන් බොන්නේ එක්කෝ කිරි එකක් නැත්තම් තේ එකක්. ඒ වගේම ගොඩක් දෙනා දැන් වතුර වීදුරුවක් දෙකක් බොන්නත් පුරුදු වෙලා ඉන්නවා. ඇත්තටම එක හොද දෙයක්. එත් ඔබ දන්නවද උදේ අවදි වූ සැනින් උනු වතුර වීදුරුවක් බීම මගින් ඔබේ ශරීරයට විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබා ගත හැකි බව. අද විශ්ම ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ උදැසන අවදි වූ සැනින් හිස් බඩ උනු වතුර වීදුරුවක් බීම මගින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ ගැනයි

    ශරීර බර අඩු කරයි – ඔබව කෙට්ටු කරයි

    ඔබ ස්ථුල භාවයෙන් පෙලෙන්නෙක් නම් හෝ ටිකක් විතර මහත කෙනෙක් නම් උදෑසන අවදි වූ සැණින් උනු වතුර විදුරුවක් පානය කිරීම මගින් ඔබට ශරීර බර අඩු කරගැනීමට හැකියාව තියෙනවා. උණු වතුර පානය කිරීම මගින් ශරීරයේ උෂ්ණත්වය ඉහල දැමීම සිදු කරනවා. එවිට වැඩි කැලරි ප්‍රමානයක් දහනය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම උනු වතුර පානය වකුගඩු වල ක්‍රියාකාරිත්වය වගේම සිරුරේ බහිස්ශ්‍රාවි කටයුතු ද විදිමත් කිරීම සිදු කරනවා

    පරිවෘත්තිය ක්‍රියාවලිය විධිමත් කරයි

    පරිවෘත්තිය ක්‍රියාවලිය කියලා කියන්නේ අපි මුඛය තුලින් ශරීරයට ඇතුළු කරන ආහාර ශක්තිය බවත් පත් කිරීමේ ක්‍රියාවලියයි ඔබ උදෑසන අවදි වූ සැනින් උනු වතුර වීදුරුවක් බොනවා නම් බඩේ අමාරු වැනි දේවල් ඔබට ඇති වෙන්නේ නෑ. එවිට මේ පරිවෘත්තිය ක්‍රියාවලිය ඉතාම හොදින් සිද්ධ වෙලා ඔබ ගන්නා ආහාර මගින් නිපදවිය හැකි සම්පුර්ණ ශක්තිය සිරුරට ලබා දීම සිදු කරනවා

    වයසට යාම පරක්කු කරනවා

    වයසට යනවා කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපේ සම එල්ලා වැටීමට ලක් වෙලා වල ගැහිලා යන එකටනේ. හැබැයි ඔබ සෑම දිනකම උදෑසන අවදි වූ සැනින් හිස්බඩ උණුවතුර වීදුරුවක් බොන්න පුරුදු වූ කෙනෙක් නම් එමගින් ඔබේ සමේ ඇදෙන සුළු භාවය හැමදාම එක ලෙසින් පවත්වා ගෙන යනවා. එවිට ඔබේ සම ඉක්මනින් එල්ලා වැටෙන්නේ නෑ. ගොඩක් කල් තරුණ ලෙස ජිවත් වෙන්න ඔබට පුළුවන්

    ශරීරයේ විෂ නසා පිරිසිදු කරනවා

    දිනපතා අප ශරීරය තුල විවිධ විෂ වර්ග එකතු වීම සිදු වෙනවා. ඔබ උදෑසන අවදි වූ සැනින් උනු වතුර පානය කරන කෙනෙක් නම් ශරීරය තුල එකතු වී තිඛෙන විෂ සියල්ල හරණය වීම සිදු වෙනවා. ඒ වගේම ඔබට පුළුවන් නම් සෑම කෑම වේලක් අවසානයේම සිසිල් වතුර විදුරුවක් වෙනුවට උනු වතුර වීදුරුවක් බොන්න එමගින් ඔබේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය විධිමත් කරනවා.

    ඔසප් වේදනාව නැති කරනවා

    උදැසන අවදි වූ සැනින් උනු වතුර බීම පුරුද්දක් කර ගත් කාන්තාවන්ට ඔසප් වේදනාව ඇති වීම අවම කර ගන්න පුළුවන්. උණු වතුර මගින් උදරය ආශ්‍රිත මස් පිඩු ලිහිල් කිරීම සිදු කරනවා. එවිට වේදනාව අවම වීම සිදු වෙනවා. ඔසප් වේදනාව මෙන්ම සිරුරේ ඇති වෙන නොයෙකුත් වේදනා වලට සහනය සලසා ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා.

    මමත් බොන්නේ ඇල්වතුර..උණු වතුර පානය කරන්නම වෙනවා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736

    --
    01 Aug 2017 07:18 PM
    මමනම් උදේම බොන්නේ ඇල් වතුර...
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296

    --
    02 Aug 2017 08:57 PM

    මමත් මෙච්චර කල් උදේට බිව්වේ ඇල් වතුර වීදුරුවක් , මෙතන කියන විදිහට නම් උණු වතුර  බොන එකයි වඩාත් හොඳ ... 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    08 Aug 2017 05:46 AM
    මෙතන කියන විදිහට නම් උණු වතුර බොන එකයි වඩාත් හොඳ ...

    උණුම උණු නෙවෙයි මද රස්නෙන් බොන්න කියල තමයි මම අහල තියෙන්නේ
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536

    --
    08 Aug 2017 07:17 AM
    මේක නම් හොදම දෙයක් තමයි
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    08 Aug 2017 09:01 AM
    ම්ම්ම්ම්ම්ම් මන් නම් බොන්නේ මද රස්නේ ,,හිස් බඩට හොදට දැනෙනවා වතුර ටික ගලන් යද්දී උගුර දිගේ
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    09 Aug 2017 03:35 AM
    Posted By Rosi on 08 Aug 2017 09:01 AM
    ම්ම්ම්ම්ම්ම් මන් නම් බොන්නේ මද රස්නේ ,,හිස් බඩට හොදට දැනෙනවා වතුර ටික ගලන් යද්දී උගුර දිගේ
    උදේට ඇල් වතුර එක බොනකොටත් එහෙමයි අක්කේ.
    කාන්තාරෙකට වහිනවා වගේ දැනෙන්නේ

    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296

    --
    09 Aug 2017 11:22 PM
    මේ විස්තරෙන් පස්සෙ ඔන්න මාත් ඇල් වතුරෙන් උණු වතුරට මාරු වුණා .
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    10 Aug 2017 02:29 AM
    මට තාම බැරි උනා උදේම පටන් ගන්න වෙලා තියෙන්නෙ කිරි වීදුරැවකින්
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    10 Aug 2017 07:52 AM
    ෂා අපේ ස්ටන් කොල්ලෝ කෙල්ලෝ දැන් හරි නිරෝගී වෙන්න යන්නේ
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    11 Aug 2017 04:19 AM
    නැතුව බෑනේ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    11 Aug 2017 10:48 PM

    අපි මේතරම් කාලයක් වතුර බීලා තියෙන්නේ වැරදියට – මෙන්න නිවැරදි ක්‍රමය

    හරිම තිබහයි… එහෙම කියමින් අපි තිබහා නිවාගන්න වතුර වීදුරුවක්‌ හෝ පැණි බීම බෝතලයක්‌ බීමට පුරුදුව සිටින්නෙමු. තිබහ නිවාගන්න පිරිසිදු වතුර වීදුරුවක්‌ පානය කිරීම වරදක්‌ නැති වුවත් පැණි බීම බෝතලයක්‌ ඒ සඳහා භාවිත කිරීම නම් එතරම් හොඳ නැත. එය පුරුද්දක්‌ බවට පත්වුවහොත් අනාගතයේදී අප ඉතා ඉක්‌මනින්ම දියවැඩියාව, වකුගඩු රෝග ආදියට පහසුවෙන්ම ගොදුරු විය හැකිය.

    අප තිබහට වතුර බොනවා මෙන්ම අපට තිබහා ඇතිවන්නේ ඇයිදැයි කියාද අවබෝධයක්‌ තිබිය යුතුය. මිනිස්‌ සිරුරේ ඇති සංයුතියෙන් සියයට හැත්තෑතුනක්‌ (73%) ඇත්තේ ජලයය. එය පෘථිවියේ ඇති සංයුතියට ද සමානය. පෘථිවියේ 73% ක්‌ ඇත්තේ ද ජලයය.

    එබැවින් අපට ජලය යනු අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි. සිරුරේ සියලු ක්‍රියාකාරකම් සඳහා ජලය අත්‍යවශ්‍යය. නමුත් මෙය අප බොහෝ දෙනා නොසලකා හරිති. එනිසා ඇතැම් දෙනා ජලය පානය කරන්නේ තිබහ ඇති වූ විටදී සහ ආහාර ගැනීමෙන් පසුය. නමුත් අප ශරීරයට දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණයක්‌ තිබේ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ වේ. එසේ වන්නේ අපගේ සිරුරට දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ එම පුද්ගලයාගේ බර අනුවය. පුද්ගලයාගේ සිරුරේ බර කිලෝග්‍රෑම්වලින් මැන එය 7 න් ඛෙදූ විට ලැඛෙන අගය එම පුද්ගලයා දිනකට පානය කළ යුතු ජලය කෝප්ප ගණන වේ.

    උදාහරණයක්‌ ලෙස කිලෝග්‍රෑම් 60 ක්‌ බර පුද්ගලයකු දිනකට පානය කළ යුතු ජලය කෝප්ප ගණන ආසන්න වශයෙන් 08 කි. වතුර කෝප්පයක්‌ යනු මිලිලීටර් 250 කි. එසේ නම් කිලෝග්‍රෑම් 60 ක්‌ බර අයකු දිනකට ලීටර් දෙකක්‌ පිරිසිදු පානීය ජලය ශරීරයට එක්‌කර ගත යුතුය.

    ජලය පානය කරන හැටි

    පුද්ගලයකු දිනකට පානය කළ යුතු ජලය ප්‍රමාණය එකවර හෝ දෙවාරයකට පානය කිරීමෙන් ඵලක්‌ නැත. එසේ වුවහොත් එය මුත්‍රා සමඟ පිටව යයි. අප බොහෝ දෙනා ජලය පානය කිරීමට එතරම් අකැමැත්තක්‌ දක්‌වන්නේ ද මෙම ගැටලුව නිසාය. ~වතුර බොනකොට නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වෙනවා~ යෑයි පවසති. රැකියාවක නිරත අයකු නම් පාසල් යන දරුවන් නම් මෙය මහත් කරදරයකි. එනිසා ඔවුනගේ ගැටලුව සාධාරණය. නමුත් මෙය සාධාරණ ලෙස පිළිගත හැක්‌කේ ඔවුන් ජලය පානය කරන ක්‍රමය නිවැරැදි නම් පමණි. ජලය පානය නිසා නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වන බව පවසන්නේ සහ සිතන්නේ වැරදි අයුරින් ජලය පානය කරන අයටය.

    අප දිනකට අවශ්‍ය ජලය කෝප්ප ගණන පානය කළ යුත්තේ දවස පුරාවටය. උදෑසන අවදි වූ විට ජලය කෝප්පයක්‌ පානය කළ හැකිය. ඉන්පසු උදෑසන ආහාරයට පෙර සහ ආහාරයට පසු ජලය කෝප්පයක්‌ බැගින් පානය කළ හැකිය.

    දහවල් ආහාරයට පෙර සහ පසු ද රාත්‍රි ආහාරයට පෙර සහ පසු ද ලෙස ගැනීමට හුරු වූ විට ජලය කෝප්ප 6 ක්‌ පානය කර ඇත. ඒ අතර පැය දෙකකට වරක්‌ ජලය කෝප්පයක්‌ පානය කළ හැකිය.

    වායුසමීකරණය සහිත ස්‌ථානවල සිටින විට

    අප ජලය පානයට හුරුව ඇත්තේ තිබහ ඇති වූ විටදී බැවින් වායුසමීකරණය සහිත ස්‌ථානවල සිටින විට තිබහ නොදැනේ. එනිසා ජලය පානයට ද එතරම් යොමු නොවේ. නමුත් වායුසමීකරණ සහිත ස්‌ථානවල සිටින විට අපගේ සිරුර මතුපිට සිසිල් වුවත් අපගේ සිරුර ඇතුළත ඇති ජලයෙන් සියයට 25 (25%) ක පමණ ප්‍රමාණයක්‌ ඉවත්ව තිබේ. එනිසා වායුසමීකරණය සහිත ස්‌ථානවල සිටින විට අනිවාර්යයෙන්ම පැය දෙකකට වරක්‌ ජලය මිලි ලීටර් 250 කෝප්පයක්‌ පානය කළ යුතුය.

    ජලයට ආදේශක පානය කිරීම

    ඇතැම් දෙනා ජලය වෙනුවට ඊට ආදේශක පානය කරති. තේ, කෝපි, පැණි බීම, කැඳ වර්ග, ස්‌වාභාවික පලතුරු යුෂ ආදිය පානය කර ඉන් සිරුරට අවශ්‍ය ජලය ලබාගත හැකි බව සිතති. නමුත් සිරුරට අවශ්‍ය වන්නේ පිරිසිදු ජලය (්‍ය2ධ) මිස ආදේශක නොවේ. එනිසා දිනකට සිරුරට අවශ්‍ය ජලය, ආදේශක නිසා පාලනය කිරීම වැරදිය.

    ජලය අඩු වූ විට

    දිනකට අපගේ සිරුරට අවශ්‍ය ජලය ප්‍රමාණය අඩු බව දවසකින් දෙකකින් දැනෙන්නේ නැත. සති කිහිපයක්‌ ගතවන විට මුත්‍රා ආසාදන ඇතිවීම, රුධිර පීඩනය ඉහළ යැම, ඇඟපත වේදනාව, හිසරදය, ගැස්‌ට්‍රයිටීස්‌ අපහසුතා මතුවීම, සමේ පැහැය වෙනස්‌වීම, අධික වෙහෙසක්‌ දැනීම ආදිය මතුවන විට සිරුරට දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය නොලැබීමේ ප්‍රතිඵල මතුවන්නට පටන් ගනී. එවිට අප වේදනානාශක ඖෂධ ගැනීම, ආහාර පාලනය ආදියට යොමු වේ. එසේත් නොහැකි වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වේ. මෙම රෝග සියල්ලටම බොහෝ විට මූලික වී ඇත්තේ දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය ශරීරයට නොලැබීම බව රෝග පරීක්‍ෂාව අනුව හෙළි වී තිබේ.

    දිනකට සිරුරට අවශ්‍ය ජලය ප්‍රමාණය නොලැබීම දිගින් දිගටම සිදුවන විට එහි භයානක ප්‍රතිඵල ලෙස වකුගඩු අක්‍රියවීම, අක්‌මා රෝග මතුවීම, සමේ රෝග හටගැනීම, පිළිකා ඇතිවීම ආදිය සඳහා සිරුර අභ්‍යන්තරයේ පසුබිම සැකසේ.

    එසේම ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය 15% කින් අඩු වන බව හෙළිවී ඇත.

    මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලය වන්නේ දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය පානය නොකිරීම නිසා පුද්ගලයකු තම ජීවත්වීමේ ආයු කාලය වසර කිහිපයකින් අඩුකරගන්නා බවය.

    යම් පුද්ගලයකු කෝලා වර්ගයේ පැණි බීම ලීටරයක්‌ පානය කළොත් ඉන් ශරීරයට සිදුවන හානිය අවම කරගැනීම සඳහා ජලය ලීටර තුනක්‌ පානය කළ යුතුය.

    බීමට සුදුසු ජලය

    වර්තමානයේ අප බොහෝ දෙනා ප්ලාස්‌ටික්‌ බෝතල්හි බහාලූ පානීය ජලය භාවිත කරති. ඒ අතර තවත් පිරිසක්‌ උණුකර නිවාගත් ජලය පානය කරති. පිරිසක්‌ ශීත කළ ජලය පානය කරති. තවත් පිරිසක්‌ ළිං ජලය පානය කරති.

    නළ ජලය, ළිං ජලය හෝ බෝතල් කළ පානීය ජලය යන කුමන වර්ගයක්‌ වුව පිරිසිදු ඇල් ජලය, උණුකර නිවාගත් ජලය සහ ශීත ජලය යන ජල වර්ග සියල්ලම අපගේ ශරීරයට හුරුකරගත යුතුය. එනිසා නීරෝගී පුද්ගලයකු දිනකට පළමුව මද රස්‌නයෙන් යුත් ජලය කෝප්පයක්‌, ඇල් ජලය කෝප්පයක්‌ සහ ශීත කළ ජලය කෝප්පයක්‌ බැගින් විවිධත්වයකින් යුතුව පානය කිරීම වඩාත් සුදුසුය.

    ලුණු සහිත ආහාරවර්ග ගත්විට ශරීරයේ ඇති ජලය ප්‍රමාණය ඉතා ඉක්‌මනින් අඩුවේ. එබැවින් එවැනි ආහාර වර්ග අඩු ප්‍රමාණයකින් ආහාරයට ගතයුතුය. එවැනි ආහාර ගත් විට සාමාන්‍යයෙන් දිනකට ගතයුතු ජලය කෝප්ප ප්‍රමාණයට වඩා වැඩිපුර ජලය කෝප්ප කිහිපයක්‌ පානය කළ යුතුය.

    ජලය පානයෙහි අවසාන ප්‍රතිඵලය විය යුත්තේ අපගේ සිරුරට තිබහ ඇතිවීමට ඉඩ නොදීමය. තිබහ යනු රෝගයකි. එනිසා තිබහට තිත තැබීමට ජලය පානයට හුරුවිය යුතුය.

    උපදෙස්‌ බ්‍රිතාන්‍ය රාජකීය ක්‍රීඩා වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍ය අසංක විජයරත්න

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    11 Aug 2017 11:28 PM
    ජලය වර්ග 3ම බොන්න ඕනෙ නේද
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    12 Aug 2017 04:53 AM
    ජලය නම් මට පෙවෙන්නේ ගොඩක් අඩුවෙන්...
    ඉතාමත් වැදගත් ලිපියක්..
    දැන්ම ගිහින් වතුර එකක් බීලා එන්න ඕනේ...
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    12 Aug 2017 07:22 AM
    මට නම් වතුර පෙවෙනවා
    නමුත් මේ දවස්වල බොන්නෙ නැහැ කාර්යාලයේ ඉන්නකොට
    ඒකෙ වොෂ් රූම් එක ගලවලා මේ දවස්වල අලුත්වැඩියා කරනවා
    පැය 7 8 ක් දෙයියනේ කියල බොහෙම අමාරැවෙන් ඉන්නේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    13 Aug 2017 08:54 AM
    ඇත්තටම වතුර බිව්වට මෙහෙම සීන් එකක් දැනන් හිටියේ නෑනෙ.
    කරලා බලමු.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    13 Aug 2017 11:18 PM
    එහෙනම් කට්ටිය දැම්ම ගිහින් වතුර එකක් බිලා එන්න....
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    15 Aug 2017 06:41 AM
    වතුර බීලා එන්න කිව්වට මේ විදියට වතුර බොන්න අද ගොඩ දෙනෙක්ට වතුර නෑ.
    මේ තද පෑවිල්ල හින්දා.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    16 Aug 2017 10:32 PM

    ගොටුකොළ මිටක යුෂ හා මී පැණි හැන්දක් මිශ්‍ර කර උදෑසන පානය කරන්න

    ඕනෑම දේශගුණික කලාපයක විශේෂයෙන් සීත පළාත්වල වැවෙන ඖෂධීය පැළෑටියක් හා රසවත් පලා වර්ගයක් ලෙස ගොටුකොළ ශාකය හඳුන්වා දිය හැකියි. ඔබ එදිනෙදා ආහාර වේලට එකතු කර ගන්නා ගොටුකොළ ශාකයේ ඖෂධීය ගුණ අප්‍රමාණය. සාමාන්‍යයෙන් ගොටුකොළ හඳුන්වන්නේ ඉහළ යකඩ ප්‍රතිශතයක් තිඛෙන පලා වර්ගයක් ලෙසය. ඒ නිසාම පුද්ගලයාගේ කායික, මානසික මෙන්ම බුද්ධිමය වර්ධනයට ගොටුකොළවලින් ලැඛෙන්නේ මහගු පිටුබලයකි

    ගොටුකොළ වර්ග කිහිපයක්ම හඳුනාගත හැකියි. විශාල ගොටු කොළ හෙවත් මහ ගොටුකොළ , හීන් ගොටුකොළ , වැල් ගොටුකොළ , පෝච්චි ගොටුකොළ ඒවා වර්ග කර දැක්විය හැකියි

    මින් වඩාත් ගුණදායක වන්නේ හීන් ගොටුකොළය. මේ වර්ගයේ ගොටුකොළවල පත්‍ර හා නැටි හීනිය. එමෙන්ම වැල් සහිතය. ගොටුකොළ ශාකය අපේ ශරීරයේ හටගන්නා නොයෙකුත් රෝගාබාධ සඳහා විසඳුම් ලබාදෙයි.

    ශරීරයේ සියලු රෝග නිවාරණයට – ගොටු කොල මිටක යුෂ මිරිකා ගෙන එයට මී පැණි හැන්දක් කලවම් කර සෑම උදසනකම පානය කරන්න

    රක්ත පිත්තයට – ගොටුකොළ පත්‍ර හොඳින් කොටා යුෂ පානය කරන්න. මේ සඳහා ගොටුකොළ චූර්ණය ද සුදුසුයි.

    ශුකාණු සම්බන්ධ ලෙඩ රෝග සඳහා – ගොටුකොළ චූර්ණයක් සේ සාදා එළගි තෙල් සමග උදේට ආහාරයට ගන්න.

    මල බද්ධයට – ගොටුකොළ පත්‍ර, නැටි, මුල්, සූදුරු සමග කබලේ බැඳ වතුර ස්වල්පයක් සමග පානය කරන්න.

    කුඩා දරුවන්ගේ ඇස් ආබාධ, රක්ත හීනතාවට, රුධිරය පිරිසුදු කර ගැනීමට, ස්නායු ශක්තිමත් වීමට දරුවන්ට ඉඳුල් කට ගෑමෙන් පසු ගොටුකොළ කැඳ හෝ යුෂ ස්වල්පයක් පානය කිරීමට දීම හා මව හැකි තරම් ගොටුකොළ සම්බෝලය, කැඳ, තැම්බුම් හොඳි, යුෂ ආදිය ආහාරයට ගැනීම.

    මනසින් හට ගන්නා රෝග නිවාරණයට හා මනස සැහැල්ලු වීමට – ගොටුකොළ, මුගුණවැන්න කොහොඹ කොළ සමව ගෙන තැඹිලි වතුරෙන් අනා හිස කුඩ්ඩියක් සේ හිසට දමන්න. පැයකට පමණ පසු ස්නානය කරන්න.

    පීනසට – ගොටුකොළ යුෂ, කිතුල් හකුරු හෝ කිතුල් පැණි ස්වල්පයක් සමග පානය කරන්න. ගොටුකොළ, ඉගුරු, සුදු ලූනු කොටා පොට්ටනියක් සේ සකස් කර නළල, ඛෙල්ල අවට තබන්න. හොටු දියර ගැලීම නතර වේ.

    නිතර වැලදෙන සෙම්ප්‍රතිශ්‍යාවට – ගොටුකොළ මුල්, කරදමුංගු සමව ගෙන තම්බා පෙරා මී පැණි සමග පානය කරන්න.

    දරුවන්ගේ බුද්ධි වර්ධයට හා මතක ශක්තිය වර්ධනයට – ගොටුකොළ යුෂ පානය කිරීම එසේත් නැත්නම් දිනපතා ආහාරයට ගොටුකොළ සම්බෝලය එකතු කර ගන්න. ගොටුකොළ කැඳ පානය කිරීම ද ඉතාමත් සුදුසුය.

    යටි බඩ හිරවීමට, මුත්‍රා අඩස්සියට – ගොටුකොළ යුෂ, සුදු ලූණු, අමු ඉගුරු වණ්ඩුවේ තම්බා තවන්න.

    මුහුණේ කුරුලෑ ඉවත් වී පැහැපත් වීමට – ගොටුකොළ, අමු කහ, මුං ඇට, සමව ගෙන හොඳින් අඹරා රෝස වතුර ස්වල්පයක් මී පැණි හා එඩරු තෙල් ස්වල්පයක් දමා අනා මුහුණේ ආලේප කරන්න.

    හිස කෙස් සුදු වීම, හැලීම නතර කොට හිසකෙස් වර්ධනයට – ගොටුකොළ, ‍දොඹ දලු, බුලත්, රතු ලූනු සමව ගෙන කොටා තල තෙල්, කළුදුරු, සැවැන්දරා මිශ්‍ර කොට මඳ පවනේ උතුරුවා ගන්න නිවුණාට පසු හිසේ ආලේප කරන්න.

    ජ්‍යොතිෂය ගුප්ත විද්‍යා ශිරෝම වෛද්‍ය කේ. ඒ. එම්. අයිරාංගනී – මව්බිම පුවත්පත

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    16 Aug 2017 11:00 PM
    ගොටුකොල සෙම අවුස්සනවා නෙද ?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    17 Aug 2017 02:00 AM
    Posted By samantha on 16 Aug 2017 10:32 PM

    මේ ගැන වැඩිය දන්නේ නැහැ.මගේ ප්‍රියතම ගොටුකොළ,හීන් ගොටුකොළ හොයාගන්න තමයි අමාරු.මං අහල තියෙන්නේ කටහඩ පාලනය කරගන්න පුළුවන් කියලයි....
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    17 Aug 2017 02:49 AM
    එහෙනම් මල්ලිට වටිනවා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536

    --
    17 Aug 2017 10:05 AM
    බොහොම වැදගත් ලිපියක්
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    20 Aug 2017 08:53 AM
    චාමරට හීන් ගොටුකොළ හොයන්න අමාරු ඕවා ගොඩක් නගරබදව නැති හින්දයි.
    අපේ වතුවල ඕනෑ තරම්. කුලියාපිටි වරෙන් මල්ලියේ. ලෝඩ් එකක්ම දෙන්නම්.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    01 Sep 2017 07:56 AM
    අපේ ගෙදර ත් ගොටුකොල තියෙනවා ,,එත් හීන් ගතියක් නැනේ ඒවා .
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    05 Sep 2017 10:41 PM

    හිතනවාටත් වඩා ගුණ දෙන ලාංකිකයාගේ දෙවන බත – කොස්

    අපේ පැරණි සිංහලයන් සහ කොස් ගස ඉතා සමීපව බැඳී තිබෙන්නක්. කොටින්ම කොස් ගස වරකදී ‘බත් ගස’ ලෙස හැඳින්වූවේ කට කසනවාට නම් නොවෙයි. ඉතා භයානක දුර්භීක්ෂයන් පැමිණි කාල වලදී හා ‍යුද්ධ වැනි දෑ සිදු වෙමින් පැවතුණු කාල වල කුඹුරු වල වී වපුරා අස්වැන්නක් ලබා නොහැකි තත්ත්වක් උද්ගත වෙද්දී පැරණි සිංහලයාගේ පණ නළ රැක දුන්නේ මේ කොස් ගසයි. එක කොස් ගසකින් පවුල් කීපයකම බඩගින්න නිවාලිය හැකියි. පැහෙන්නට පෙර ගැට කාලයේදී ප්‍රණීත ව්‍යංජනයක් ලෙස කටට සැරට රස බැලිය හැකි පොළොස් ද, පැසුණු පසු බත් සේම බඩගින්න නිවන කොස් ද, ඉදුණු පසු අතුරුපසට රසම රස වැල හෝ වරකා ලබා දෙන මේ ගස එතැනින් නොනැවතී කළු පොල් මාළු සෑදීමට කොස් ඇටද ලබා දෙන්නේ; එකම ප්‍රභවයකින් ප්‍රධාන ආහාරයද, ව්‍යංජන දෙකක්ද අතුරු පසද ලබාදෙන කප් රුකක් බවට පත් වෙමින්.

    ඉතින් මේ ආතර් වී. දියෙස් මහතා අපිට දායාද කරදුන් බත් ගස අපට දෙන ආහාර වලින් අපේ මනදොලත් බඩගින්නත් නිවෙනවා. නමුත් ඔබ දන්නවාද ඒ සමඟ කොස් ගස අපට පුදුමාකර පෝෂණයකුත් ලබා දෙන බව? එදා හෙළ දිව මිනිසුන් දස්කම් විස්කම් කළේ මෙවැනි ආහාර වල බලයෙන්.  අද අපි විමසා බලමු වැඩි දෙනෙක් දැනුවත් නැති, කොස් ගසෙන් ලැබෙන ආහාරයෙන් අපට පිදෙන පෝෂණය හා සෞඛ්‍ය වාසි ගැන.

    කොස් වල පැටිකිරිය

    pinterest.com

    Artocarpus heterophyllus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කොස් ශාකය දකුණු හා ගිණිකොණදිග ආසියාවේ පැතිරී ඇති අතර නිජබිම ලෙස සැලකෙන්නේ බටහිර ඝාට්ස් හි නිරිතදිග වැසි වනාන්තරයි. ඝර්ම කළාපීය පහත් බිම් වලට වඩාත් ඔබින මේ ගසෙහි ඵලය කඳක ගටගන්නා විශාලතම ඵලයයි. සාමාන්‍යයෙන් ගසක ගෙඩි 100ත් 200ත් අතර වර්ෂයකට හටගනියි. මෙය බංගලාදේශයේ ජාතික පලතුරයි.

    කොස් මදුළු වියලි බරින් ග්‍රෑම් 100ක් සලකා බැලුවොත් ඉන් ග්‍රෑම් 92 ක කාබෝහයිඩ්‍රේටද, 3ක මේදයද, 5ක ප්‍රෝටීනද අන්තර්ගතයි. කොස් මදුළු ග්‍රෑම් 100ක් අනුභව කිරීමෙන් ශරීරයට කැලරි 94ක් ලැබෙනවා. විටමින් A වලින් අනූන කොස් මදුළු වල යම් ප්‍රමාණයක් විටමින් C සහ ෆෝලේට් ද අන්තර්ගතයි. ඛනිජ ලවණ සැළකීමේදී පොටෑසියම් බහුලවම පවතින ඛණිජ ලවණය වන අතර සැළකිය යුතු ප්‍රමාණ වලින් මැග්නීසියම්, පොස්ෆරස් හා කැල්සියම්ද පවතිනවා. කොස් මදුළු ශරීරයට අත්‍යවශ්‍ය මේද අම්ල වන ඔමේගා 3 හා ඔමේගා 6 මේද අම්ල වලින්ද සමන්විතයි.

    කොස් ඇට වලද තිබෙන්නේ කොස් මදුළු වලටම නොදෙවනි ගුණයක්. කොස් ඇට පිටි ග්‍රෑම් 100ක කැලරි 382 ක ශක්තිය ගැබ්ව ඇති අතර වියළි බරින් 80% ක් පමණ කාබොහයිඩ්‍රේට වන අතර 13%ක්  පමණ ප්‍රොටීන් ද 3%ක් පමණ තන්තුද ඇත. වඩා වැදගත් කාරණාව වන්නේ කොස් ඇට වල 1% පමණ සුළු ප්‍රමාණයක් මේදය අඩංගු වීමයි. මෙහි සැළකිය යුතු ප්‍රමාණයකින් පොටෑසියම් අන්තර්ගත අතර සෝඩියම් ද අන්තර්ගතයි. මේවායේ zසින්ක්, කැල්සියම්, තඹ හා මැංගනීස් ද සුළු ප්‍රමාණ වලින් ඇත.

    කොස් මදුළු වල සෞඛ්‍යමය ගුණ

    essenceofthailand.com

    කොස් මදුලු අනුභව කරන්නන්ට ඒත් සමඟ සෞඛ්‍යමය වාසි රාශියක් ලැබෙනවා. කොස් මදුලු ඉතා මෙලෙක් නිසා ඉතා පහසුවෙන් දිරවනවා. මෙහි වැඩි වශයෙන් සරල සීනි වර්ග ඇති නිසා පහසුවෙන් ශරීරයට අවශෝෂණය වී වැය වූ ශක්තිය ක්ෂණයකින් නැවත ලබා දෙනවා. ඒ වගේම මෙහි ඇති තන්තු මහා ප්‍රාචීරයේ දී පිළිකා කාරක මැඩලීමේ යාන්ත්‍රණයක නිරත වෙනවා. කොස් මදුළු විටමින් A හා බීටා කැරොටීන, සැන්තීන්, ලුටෙලීන් හා බීටා ක්‍රිප්ටොසැන්තීන් වැනි ෆ්ලේවනොයිඩ වලින් පොහොසත්. මේවා ප්‍රති ඔක්සිකාරක ලෙසද, පෙනීම හා සම්බන්ධවද වැදගත් වන අතර විටමින් A සම සම්බන්ධවද වැදගත් වෙනවා. තව දුරටත් විටමින් A වලින් පොහොසත් පළතුරු/ එළවළු ආහාරයට ගැනීමෙන් පෙනහළු හා මුඛ පිළිකා වැලඳීමේ අවදානමත් අඩු වෙනවා.

    කොස් මදුළු ප්‍රති ඔක්සිකාරකයක්ද වන විටමින් C වලින්ද පොහොසත් මේවායින් ග්‍රෑම් 100ක විටමින් C මිලිග්‍රෑම් 13.7 ක් හෙවත් දිනකට නිර්දේශිත ප්‍රමාණයෙන් 23% ක් අන්තර්ගතයි. විටමින් C බහුල ආහාර ගැනීමෙන් ශරීරයට වන ආසාදන වලට ප්‍රතිරෝදයක් ගොඩ නැඟෙන අතර සිරුරට හානිකර මුක්තඛණ්ඩක ද ඉවත් කරනවා. මීට අමතරව කොස් මදුළු විටමින් B සංකීර්ණයෙන්ද පොහොසත්. විශේෂයෙන් මේවා වල විටමින් B6, නියැසින්, රයිබොෆ්ලෙවින් සහ ෆෝලික් අම්ලය සැළකිය යුතු ප්‍රමාණ වලින් අන්තර්ගතයි.

    තව දුරටත් සැළකීමේදී කොස් මදුළු පොටෑසියම් වලින් සන්නද්ධයි. පොටෑසියම් හදවතේ ස්පන්දන වේගය හා රුධිර පීඩනය පාලනය කිරීමට සහය වෙන ශරීරයේ තරල වල වැදගත් සංඝටකයක්. මෙහි අඩංගු යකඩ හිමොග්ලොබින් නිෂ්පාදනයේ දී අත්‍යවශ්‍ය ඛණිජ ලවණයක්.

    කොස් ඇට වල යහ ගුණ

    thanhskitchen.com

    කොස් මදුළු වගේම කොස් ඇට ආහාරයට ගැනීමත් ඉතාම ගුණදායකයි. කොස් ඇට ප්‍රෝටීන බහුල ආහාරයක්. එහි අංශුමාත්‍රික ප්‍රමාණ වලින් ඇති ඛණිජ ලවණ නිසා  මානසික ආතතිය අඩු කරන අතර සමේ සෞඛ්‍යයත් රැක දෙනවා. කොස් ඇට ආහාරයට එක් කරගැනීමෙන් සමෙහි තෙතමනය ආරක්ෂා වන අතර හිසකෙස් වල ශක්තියත් වැඩි වෙනවා. ඒ වගේම කොස් ඇට වල ඇති යකඩ වල බහුලත්වය නිසා හීමොග්ලොබින් නිෂ්පාදන ක්‍රියාවලිය හොඳින් සිදු වීම ට සපයන්නේ හොඳ උදව්වක්. විශේෂයෙන්ම ඔබ ශාක ආහාර මත යැපෙන්නෙක් නම් නිති පතා කොස් ඇට ආහාරයට එක් කර ගැනීමෙන් නීරක්තිය හා රුධිරය සම්බන්ධ අනෙකුත් සංකූලතා ඇති වීමේ අවදානම අවම කරගන්නට පුළුවන්. යකඩ හෘදය හා මොළය සෞඛ්‍යමත්ව තබනවා.

    කොස් ඇට වල විටමින් B සංකීර්ණයට අයත් තයමින් හා රයිබොෆ්ලවින් අන්තර්ගත අතර සම, හිසකෙස් සෞඛ්‍යමත්ව පවත්වා ගැනීමට මේවා වැදගත් වේ. රයිබොෆ්ලේවින් වල ප්‍රති ඔක්සිකාරක ගුණද ඇත. කොස් ඇට වල ශරීරයට වැදගත් රසායන ද්‍රව්‍ය කිහිපයක්ම අන්තර්ගත වේ. පොලිෆීනෝල ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුතු අතර පිළිකා ඇති කළ හැකි මුක්තඛණ්ඩක විනාශ කරයි. සැපොනින් වල ද පිළිකා නැසීමේ ගුණයක් ඇති අතර. ෆ්ලේවනොයිඩ රුධිර කැටි සෑදීමේ අවදානම අවම කරයි. මේවායේ තන්තු බහුල නිසා මළ බද්ධය සඳහාද ප්‍රෝටීන බහුල නිසා මාංශ පේශි වර්ධනයටද භාවිතා කළ හැකිය.

    1-(කවරයේ පින්තූරය- nationalgeographic.com)

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    06 Sep 2017 03:40 AM
    හිතුවේ නැතුවට ගොඩක් ගුණ තියෙනවා නේද
    සමහර තැන්වල කොස් ගෙඩි පිටින් ඔහේ විනාශ වෙලා යනවා
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    07 Sep 2017 08:36 AM
    මම බත් වලට වඩා කන්න කැමතිම කොස්......
    කොස්තම්බලා, මැල්ලුම, කිරිකොස් ...කියලා වැඩක් නෑ ඉතින්.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    08 Sep 2017 03:12 AM
    කිරිකොස් හදන දවසට ගෙදර මෙනු එක දෙන්නෙ මම තමයි
    ඒ තරම් ආසයි
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    08 Sep 2017 05:31 AM
    තෙල් දාලා කොස් හරිම රසයි.කන්න පුළුවන් නියමයි...
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    08 Sep 2017 05:35 AM
    තෙල් අරහං දැන්
    ඒක හින්ද රස බලන්න බෑ................
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    08 Sep 2017 08:19 AM
    මොකද්ද මේ කොස් තෙල් දාන විදිය චාමර මල්ලි ?
    මෙහෙම එකක් ඇහව්වෙත් අද.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    09 Sep 2017 01:32 AM
    Posted By hasithad on 08 Sep 2017 08:19 AM
    මොකද්ද මේ කොස් තෙල් දාන විදිය චාමර මල්ලි ?
    මෙහෙම එකක් ඇහව්වෙත් අද.
    කිරි කොස් හදන විදියටම තමා අයියේ අපේ අම්ම හදන්නෙනං
    තෙල් දාල අබ ටිකක් තෙලට දාලා
    චාමර කියන විදිය වෙනස්ද දන්නෙ නැහැ හැබැයි. එක එක පැතිවල වෙනස්නේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    10 Sep 2017 09:27 AM
    ඒකත් එහෙමද.....පොඩ්ඩක් කියලා බලන්න ඕනෙ අපේ අම්මටත්.
    අපේ හාමිනේලට නම් මේ ගැන නිච්චියක් නෑ.
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296

    --
    10 Sep 2017 09:25 PM
    Posted By hasithad on 10 Sep 2017 09:27 AM
    ඒකත් එහෙමද.....පොඩ්ඩක් කියලා බලන්න ඕනෙ අපේ අම්මටත්.
    අපේ හාමිනේලට නම් මේ ගැන නිච්චියක් නෑ.
    කොස් කන්නෙ කොහෙද දැන් ඉන්න හමිනේලට කොස් ගෙඩිය කපා ගන්නත් බෑ බොලව්... අම්ම ඉන්න කාලෙ නම් සුමානෙට දවස් තුන හතරක් කොස් නම් වරදින්නෙ නෑ 
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    11 Sep 2017 12:07 AM
    ඉතා වැදගත් ලිපියක්
    අවාසනාවට අපෙන් ඈත්වීගෙන යන වටිනා ගුණවත් කෑමක්...ඒවගේම පොල් ගහ වගේම කප්රුකක් වැනි ගසක් කොස් ගස.
    ඇත්තටම කිව්වොත් අද කාලේ නෝනලාට කොස් මදුලක් සුද්දකරගන්න බැරි තරමට ලෝකය වෙනස් වෙලා......ලෝකය නෙමේ උන් වෙනස්වෙලා.
    මගේ අදහස නම් බට් කරපු කොස් ගහක් දෙකක් ගම ගෙදරම වගා කරන්න ඕනේ.
    ගැස්ට්‍රයිටිස් වැනි ආබාධවලට ඇති කොස් ඉතා ගුණයි කියලත් මම අහලා තියෙනවා.
    කොස් මොන ආකාරයට හැදුවත් රහ තමයි ඉතින්,,ඒ ගැන මම කියන්න ඕනේ නැහැ...අනිත් අය කටට කෙළ උනන්නම ලියලා තියෙනවා
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    11 Sep 2017 04:26 AM
    Posted By kingD on 10 Sep 2017 09:25 PM
    කොස් කන්නෙ කොහෙද දැන් ඉන්න හමිනේලට කොස් ගෙඩිය කපා ගන්නත් බෑ බොලව්... අම්ම ඉන්න කාලෙ නම් සුමානෙට දවස් තුන හතරක් කොස් නම් වරදින්නෙ නෑ 
    ඒක හරි අයියේ දැන් ඉන්න නෝනලාම නෙවෙයි අපෙ පුංචි අම්මත් ඔය සෙතේමයි
    අපේ ගෙදර තමයි ගෙවල් 3කට විතර කොස් පොලොස් හැදුවොත් හදන්නෙ

    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536

    --
    11 Sep 2017 11:46 AM
    බොහොම වැදගත් ලිපියක් බොහොම ස්තුති අයියේ
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    14 Sep 2017 08:26 AM

    දිගාසිරි ගෙනෙන මහළු වීම වළකන දේශීය බීම වර්ග‍

    පුරාණයේ පටන්ම අපේ රටේ ජනතාව පෝෂණීය වගේම රසවත් පාන වර්ග පානය කිරීමට පුරුදුව සිටියා. ඒවා තනා ගත්තේ අප අවට වටපිටාවෙන් සොයාගත හැකි පැළෑටි වර්ගවලින්. මේවායේ ඖෂධීය ගුණයත් ඉතා ඉහළයි. මේ නිසා එදා ජනතාවට අද බහුලව ඇති දියවැඩියාව, හදවත් රෝග වැනි ලෙඩරෝග වැළඳුණෙත් අඩුවෙන්. ඒත් යටත්විජිත යුගයේදී ඉංග්‍රීසින් තේ හා කෝපි හඳුන්වා දීම නිසා ක්‍රමයෙන් මේ පාන වර්ග භාවිතය අඩු වුණා. පසුව ඒවා භාවිතය දැකගත හැකි වුණේ ඉතා කලාතුරකින් ගැමි ප්‍රදේශවල පමණයි.

    කොහොම නමුත් අද සමාජයේ  ගුණදායක හා ස්වභාවික දේවල් පිළිබඳව ඇතිවී තිබෙන උනන්දුවත් සමග එවැනි දේ සොයාගෙන පාවිච්චියට ගන්නා පිරිස වැඩිවෙලා තිබෙනවා. ඉතින් මෙන්න එදා සමාජයේ පැතිර තිබූ පාන වර්ග කිහිපයක්. ඒ අතරින් සමහරක් ඔබත් පානය කර ඇතිවා වන්නට පුළුවන්.

    බෙලි

    ඉතා ජනප්‍රිය හා බහුලවම භාවිත කළ පානයක්. බෙලි ගසෙහි පස් පංගුවම (කොළ, මුල්, මල්, ගෙඩි, කටුව) පානය සඳහා භාවිත කරනවා. බෙලි ගෙඩිය ඉදුණු පසු එහි මදය ගෙන මැලියම් ගතිය ඉවත් කර, පොඩි කර (අද නම් එයට බ්ලෙන්ඩරයක් භාවිත කළ හැකිය) අවශ්‍ය පමණ සීනි, ලුණු සහ දෙහි ස්වල්පයක් ද යොදා ගැනීමෙන් රසවත් ගුණදායක පානයක් සකස් කරගත හැකියි. එය හිස්බඩ පානය කිරීමෙන් සිරුර සිසිල් වී දිර්ඝායුෂ ලැබෙන බව එකල විශ්වාස කළා.

    බෙලි සිසිල් බිමක් ලෙස (stylecraze.com)

    බෙලි මල්

    හොඳින් වියළාගත් බෙලිමල් තම්බා ගැනීමෙන් පසු කිතුල් හකුරු සමග පානය කළා. පිපාසය සංසිඳුවන මෙම පානය ආහාර රුචිය ද වඩවනවා.

    බෙලිකොළ

    මේරූ බෙලිකොළ කඩාගෙන පිරිසිදු භාජනයක දින තුනක් වියළා ගන්න. ඊට පසු වංගොඩියේ කොටා පොට්ටනි බැඳ දිනක් කහට පිපෙන්නට තැබිය යුතුයි.පසුව පැතලි බඳුනක තුනීකර වියළාගෙන තේ වැනි පානයක් සකසාගත හැකියි. බෙලිකොළ පානය සිරුරේ දැවිල්ල, බඩදැවිල්ල තුරන් කරන අතර අක්මාව උත්තේජනය කරන බවද පොතපතේ සඳහන්. එය ආහාර දිරවීමටද උපකාරී වෙනවා.

    බෙලිගැට මද පානය

    බෙලිගැට කුඩා කැබලිවලට කපා හොඳින් වියළා ගත යුතුයි. ඊට පසු අවශ්‍ය විට තම්බා ගැනීමෙන් පසු පානය කළ හැකියි. ආහාර රුචිය ඇති කරන මෙම පානය පාචනය, අතීසාරය වැනි රෝග ඇති අයට හිතකරයි. විජලනය වළක්වන්නටත් සමත් මෙය මානසික ආතතිය ඇති අයට ද ගුණදායක බව ආයුර්වේදයේ සඳහන්.

    සියඹලා පානය

    සියඹලා පානය සකසමින් (meatlovessalt.com)

    සියඹලා ගස වියළි කලාපයේ ඉතා සුලබයි. මේ නිසා සියඹලා කරල් පහසුවෙන් එකතුකර ගත හැකියි. ඉදුණු සියඹලාවල ඇට ඉවත්කර මදය කොටස හොඳින් පොඩිකර ගත යුතුයි. ඊට පසු එම බොරයට ජලය දමා සීනි, ලුණු, කුරුඳු පොතු, එනසාල් කුඩු ස්වල්පයක් එක්කර පානය කළ හැකියි. මෙම රසවත් පානය ආහාර රුචිය වඩවන අතර කුසගින්න ඇති කරයි. විටමින් සී ඌනතාවෙන් පෙළෙන අයට සියඹලා බොර පානය දෙහි යුෂ ස්වල්පයක්ද එක්කර බීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. අධික රුධීර පීඩනය ඇති අයට ඉතා ගුණදායකයි. මළබද්ධයට සමනය කරන්නටත් හොඳ විසඳුමක්.

    සියඹලා පානය (meatlovessalt.com)

    පොල්පලා

    පොල්පලා පැළෑටිය (Wikimedia.org)

    මේ ඖෂධීය පැළෑටිය කලකට පෙර ගෙවතුවල සුලබව වැවුණත් අද වනවිට බොහෝ පැතිවලින් වඳවී ගිහින්. සේදූ පොල්පලා පැළෑටි කුඩා කොටස්වලට කපා පිරිසුදුවට වේලා ගැනීමෙන් පසු තම්බාගත යුතුයි. අදටත් ගෙමිදුලේ හෝ මල් පෝච්චියක වුව ද මේ පැළෑටිය වගාකළ හැකියි.

    මුත්‍රා පිරිසිදු කිරීමේ හැකියාව සහ මුත්‍රාගල් දියකිරීමේ හැකියාවද පොල් පලාවලට ඇති බව කියවෙනවා. විෂ නැසීමේ ගුණයෙන්ද සමන්විතයි. මුත්‍රා අඩස්සිය තිබෙන විට පොල්පලා පැළෑටිය සම්පූර්ණයෙන්ම තම්බා පානය කිරීමෙන් එම රෝග තත්ත්වය සමනය වෙනවා.

    ඉරමුසු

    ඉරමුසු වැල් (Wikimedia.org)

    ගෙවතුවල වැවෙන වැල් වර්ගයක් වන ඉරමුසු පානයක් ලෙස සකසා ගැනීම ඉතා පහසුයි. සම්පූර්ණ පැළෑටිය ගලවාගෙන සෝදා කැබලිවලට කපා වියළා ගත යුතුයි. ඊට පසු වියළි බඳුනක තබා අව්‍යශ විට තම්බා පානයට ගන්න පුළුවන්. කිතුල් හකුරු සමග තේ මෙන් පානය කළ හැකි අතර කස ඇට සහ සීනි ස්වල්පයක් දමා සිසිල් කර සරුවත් ලෙස බීමටද කදිමයි.

    ආයුර්වේදයට අනුව ඉරමුසුවල වා, පිත්, සෙම් යන තුන්දොස් සමනය කිරීමේ හැකියාව පවතිනවා. ලේ පිරිසිදු කිරීමේ හැකියාවද ද සහිත නිසා කිරිදෙන මව්වරුන්ට සහ දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි. මුත්‍රා දැවිල්ල නැති කරන්නට මෙය සමත්. ඉරමුසු හිසකෙස් වර්ධනයටත් උදව් වෙනවා. මී විෂ ශරීරගත වූ විට ඉරමුසු මුල් කසාය ගිතෙල් සමග පානය කිරීමෙන් එම විෂ නැසෙන බව කියවෙනවා. ආහාර අසාත්මිකතාවලදීද ඉරමුසු තම්බා බීම ගුණදායකයි.

    වදමල් පානය

    වදමල් සරුවත් ලෙස (cookatease.com)

    අපේ පැරැන්නෝ ඖෂධීය පානයක් වශයෙන් වදමල් භාවිත කළා. මෙම පානය සකස් කර ගත්තේ ඉතා සරල ආකාරයටයි. උතුරවා ගත් වතුර වීදුරුවකට සෝදාගත් වදමල් දමා වසා තබන්න. ටික වේලාවක් යන විට ජලය වදමලේ රතු පැහැයට හැරෙනවා. ඊට පසු මඳ වේලාවකින් වීදුරුවෙන් මල ඉවත් කර සීනි දමා පානය කරන්න. ලුණු, දෙහි, කසඇට ආදියද එයට මිශ්‍රකර සරුවත් ලෙස එහි රසය ඉහළ නංවාගත හැකියි. සිසිල් කර හෝ අයිස්කැට යොදා සිසිල්බීමක් ලෙස ද පානය කළ හැකියි.

    සිරුරට නව ජීවයක් ලබාදෙන වදමල් පානය ලේ පිරිසිදු කරයි.

    නෙල්ලි පානය

    නෙල්ලි ගෙඩි (stylecraze.com)

    තිත්ත රස, ඇඹුල් රස, කහට රස සහ පැණි රස යන රස වර්ග හතරෙන් යුත් නෙල්ලි ඉතා ගුණදායක ඔසුවක්. වෙළෙඳපොළින් නෙල්ලි ගෙඩි පහසුවෙන් ලබාගැනීමේ හැකියාව ද පවතිනවා.

    උදරාබාධ, ආමාශයේ අම්ල පිත්ත දෝෂ, ශරීරයේ විෂ, සෙම්රෝග ආදියට නෙල්ලි ප්‍රත්‍යක්ෂ ඔසුවක්. නිතරම නෙල්ලි ආහාරයට ගැනීම සම පැහැපත් කරන අතරම අකලට වයසට යාම වළක්වන අතර ඇස්වලට ද ඉතා හිතකරයි.

    නෙල්ලි කෝඩියල් වශයෙන් වෙළෙඳපොළින් ලබාගත හැකි වුවත්, ස්වභාවික නෙල්ලිවලින් සකසන පානය වඩාත් ගුණදායකයි. නෙල්ලි හොඳින් සෝදා ඇට ඉවත්කර ගෙන ජලය ස්වල්පයක් දමා අඹරා ඉස්ම මිරිකාගත යුතුයි. ඒ සඳහා බ්ලෙන්ඩරයක් භාවිත කළ හැකියි. පසුව එම ඉස්ම වතුර සහ සීනි සමග මිශ්‍ර කර පානයක් වශයෙන් භාවිත කළ හැකියි. සිසිල් කළ විට වඩාත් රසවත්.

    රසකිඳ

    රසකිඳ වැල් (2bp.blogspot.com)

    මෙය මාංශල කඳකින් යුත් වැල් වර්ගයක්. ඉතා පහසුවෙන් බෝකර ගත හැකියි. කලකට පෙර බොහෝ ගෙවතුවල රසකිඳ වැල් තිබුණද අද එය කලාතුරකින් දැකිය හැකි ශාකයක් බවට පත්ව තිබෙනවා. රසකිඳ වැල් කොටස්වලට කපා වියළා ගැනීමෙන් පසු කල්තබාගෙන තම්බා පානය කළ හැකියි. මෙම පානය රක්තවාතය, හන්දිපත් ආබාධ සහ වෙනත් රුධිර දෝෂවලින් වැළැක්වීමට උපකාරී වෙනවා.

    රසකිඳ සමේ රෝග නසන අතරම රුධිරය පිරිසිදු කරන, ලේ වඩවන, ආමාශයේ සහ රුධිරයේ ආම්ලිකතාවය සමනයට ද උපකාරී වන අපූරු ඖෂධයක්. අර්ශස්, හෘද දුර්වලතා, ශරීරයේ දැවිල්ල, දැවීම් හා පිළිස්සීම් ආදියට රසකිඳ යුෂ, නෙල්ලි සමග රසකිඳ යුෂ භාවිතය ඉතා ගුණදායකයි.

    කඩෙන් පහසු මිලට ගන්න තිබෙන බොහෝ පානයන්ට වඩා අපහසුවෙන් උනත් මේ වගේ දේවල් හදාගෙන නිතරම පානය කරන්න පුළුවන් නම් ඔබට වඩාත් නිරෝගී ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබේවි.

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    14 Sep 2017 08:40 AM
    වදමල් පානය හැර අනිත් ඔක්කොම බීලා තියෙනවා.
    සියඹලා එක නං ඉතින් කියලා වැඩක් නෑ. බිව්වම ඇගට දැනෙනවා අමුතුම කූල් එකක්.
    බීලම බලන්න බොරු නං.
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    14 Sep 2017 11:05 PM
    මේ තොරතුරු වල වැදගත්...නෙල්ලි ඇට ඉවත් කරන්න තමයි අමාරු..අනික රසකිද කොහින්ද හොයාගන්නේ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    15 Sep 2017 04:11 AM
    nelli thama rasama mata nam ..methana samahara ewa nam beela naha
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    15 Sep 2017 07:09 PM
    මට වදමල් හදන විදිය විඩියෝවක් සහ නෙල්ලි පානය හදන විදිය විඩියෝවක් දෙන්නකෝ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    16 Sep 2017 02:32 AM
    මමත් වදමල් ,රසකිද බීල නැහැ
    බෙලි වලනං ඔය ඔක්කෝගෙම තියෙන්නෙ එකම රස
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100

    --
    16 Sep 2017 08:34 PM
    මම නම් ඔතනින් ආසම බෙලි ....
    රසකිද බිලා නම් නෑ .

    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    25 Mar 2018 10:52 PM

    වික්ස් ස්වල්පයක් සුදුළුනු බිකක් මත ගලවන්න – මේ පිළිබදව මෙතෙක් කල් නොදැන සිටීම ගැන ඔබ දුක් වේවි

    පපුව, නාසය සිරවීමට සහ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග සුවපත් කර ගැනීම සඳහා බොහෝ කලක් සිට වික්ස් භාවිතා කෙරුණත් ඔබ නොදත් කාර්යයන් රැසක් ඉටු කර ගැනීම සඳහා වික්ස් භාවිතා කරනු ලබනවා. වික්ස් මගින් ඉටුකර ගත හැකි එවන් කාර්යයන් කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නටයි අද අපි සූදානම් වන්නේ.

    1.කුරුලෑ සමනය කිරීමට

    දිනපතා කිහිප වතාවක් කුරුලෑ ඇති ස්ථාන මත වික්ස් ආලේප කරන්න. මෙසේ වික්ස් ආලේප කිරීම මගින් කුරුලෑ සමනය වීම සහ කුරුලෑ තිබූ ස්ථාන වියළි සහ පිරිසිදු කිරීම සිදු කරනවා.

    2. කෝටර දාහය

    නාස් කුහර යට වික්ස් ආලේප කර දිගු හුස්මක් ගන්න. වික්ස් තුල අඩංගු වන මෙන්තෝල් මගින් හිසේ කැක්කුම සමනය වේවි.

    3. මදුරුවන් පලවා හැරීමට

    ඔබේ ශරීරයේ වික්ස් තවරා ගන්න. මෙමගින් මදුරුවන් ඔබේ ශරීරයේ වැසීම අවම වේවි.

    4. වේදනා සහිත මාංශ පේශී සමනය කිරීම

    ඔබේ වේදනා ගෙනන මාංශ පේශී මත වික්ස් ආලේප කර සම්භාහනය කරන්න. සම්භාහනය කිරීමෙන් පසුව තුවායක් උණු ජලයේ පොඟවා එම ස්ථානය වෙලා විවේකි සුවයෙන් සිටින්න. මේ ආකාරයට දිනකට තුන් වරක් මෙම ප්‍රතිකාර ක්‍රමය සිදු කරන්න.

    5. තැලුම් සුවපත් කිරීමට

    ලුණු කුඩු ස්වල්පයක් සමග වික්ස් මිශ්‍ර කර සමේ තැලුම් ඇති ස්ථාන වල ආලේප කරන්න.

    6. කෘමි සතුන් පලවා හැරීමට

    වැලමිට ප්‍රදේශයේ, දණහිස් මත, බෙල්ලේ සහ කන් පිටුපස වැනි ස්ථාන මත වික්ස් ආලේප කරන්න. විශේෂයෙන්ම ඔබ නිවසින් බැහැරව සිටිනා අවස්ථාවක මදුරුවන් සහ මැස්සන් වැනි කෘමි සතුන් පහසුවෙන්ම පලවා හරින්නට පුළුවන්.

    7. විලුඹ ඉරිතැලීම සුව කිරීමට

    ඉරිතැලුණු විලුඹේ වික්ස් ආලේප කර නින්දට යන්න. පසුදා උදෑසන පාද උණු ජලයෙන් සෝදා පිරිසිදු කර ලුහු යමහල් පාෂාණ කැබැල්ලක් අතුල්ලන්න. මෙම සත්කාර ක්‍රමය දිනපතා සිදු කරන්න. ඔබ පළඳින මේස් යුගලයේද වික්ස් ආලේප කරන්න.

    8. වැලමිට ඉදිමීම සුව කිරීමට

    ඔබේ වැලමිට ඉදිමී වේදනාවක් ගෙනදෙනවා නම් වැලමිටේ වික්ස් සෘජුවම ආලේප කරන්න. වික්ස් තුල අනතර්ගත වන “champor” සහ මෙන්තෝල් මගින් වේදනාව සමනය කරනු ලබනවා.

    9. සමේ තෙතමනය ආරක්‍ෂා කිරීම

    වියළි සම මත වික්ස් ආලේප කර අතුල්ලන්න. මෙමගින් සමේ තෙතමනය ආරක්‍ෂා කර ගන්නට පුළුවන්.

    10. සමේ පැලීම් සහ කැපීම් සුව කිරීම

    වික්ස් ආලේප කිරීම මගින් සමේ පැලීම් සහ කැපීම් ඉක්මනින් සුවපත් කර ගන්නට පුළුවන්.

    11. පූසන් පහුරු ගෑම වළක්වා ගැනීම

    ජනෙල්, දොරවල් සහ බිත්ති මත වික්ස් ආලේප කිරීම මගින් පූසන් පහුරු ගෑම වළක්වා ගන්නට පුළුවන්.

    12. කැස්ස සුව කර පපුව සහ නාසය සිරවීම සුවපත් කර ගැනීමට

    පපුවේ සහ උගුරේ වික්ස් ආලේප කර මෙම රෝග සුවපත් කර ගන්නට පුළුවන්.

    13. නිය මත දිලීර ඇතිවීම සහ නිය කොන් මගින් සමට හානිවීම සුව කිරීම

    නිය මත ඇතිවී ඇති ආසාත්මිකතාවය සුව වන තුරු දිනකට දෙවතාවක් ආසාත්මිකතාවයන් ඇති නිය මත වික්ස් ආලේප කරන්න.

    14. සුරතලුන් සෑම ස්ථානයකම මුත්‍රා කිරීම වලක්වා ගැනීමට

    ඔබට අනවශ්‍ය ස්ථානයක ඔබේ සුරතලා මුත්‍රා කරනවා නම් එම ස්ථානයට ගොස් වික්ස් බෝතලය විවෘත කරන්න. ඔබේ සුරතලා එම ස්ථානයේ නැවත වතාවක් මුත්‍රා නොකරාවි.

    15. ඇදීම් සලකුණු මකා ගැනීමට

    ඔබේ ශරීරයේ ඇති ඇදීම සලකුණු මත වික්ස් ආලේප කරන්න. මේ ආකාරයට දිනපතා සති දෙකක් වික්ස් ආලේප කිරීම මගින් පහසුවෙන්ම ඇදීම සලකුණු මකා ගන්නට පුළුවන්.

    16. අශ්වයින්ගේ ඉව නැති කිරීමට

    අශ්ව රේස් පවත්වන විට පිරිමි අශ්වයන්ට ගැහැණු අශ්වයන්ගේ ඉව නොදැනෙන පරිදි වික්ස් නාසය යට ආලේප කරන්නට පුළුවන්. මෙය ලොවපුරා සිටින වෘත්තීයමය අශ්ව ධාවකයින් සිදු කරන ක්‍රියාවක්.

    17. කන් කැක්කුම සුව කිරීමට

    අවන් එකක් තුල සුදුලුනු බිකක් තප්පර දහයක කාලයක් රත් කර ගන්න. ඉන් පසුව එහි වික්ස් ආලේප කර කෙලවර වේදනාව ගෙනෙන කනේ රඳවා ගන්න. නැත්නම් කපු පුළුන් කැබැල්ලක වික්ස් ආලේප කර කන තුල තබන්න.

    18. දද සුව කිරීමට

    දද මගින් ඇතිවන කැසීම සුව කිරීම සඳහා වික්ස් එම ස්ථාන මත ආලේප කරන්න.

    19. ඉන්නන් ඉවත් කිරීමට

    ඉන්නන් ඇති ස්ථාන මත දිනකට දෙවරක් වික්ස් ආලේප කර ගෝස් කැබැල්ලක් හෝ පිරිසිදු රෙදි කැබැල්ලක් තබා ආවරණය කර ගන්න. සති දෙකක කාලයක් මෙම සත්කාර ක්‍රමය සිදු කිරීම මගින් ඉන්නන් සම්පුර්ණ වශයෙන් ඉවත් කර ගන්නට පුළුවන්.

    20. Athlete’s Foot රෝගය සඳහා

    “athlete’s foot” ලෙස හඳුන්වන පාද වල හට ගන්නා දිලීර රෝගය සඳහා දිනකට දෙවරක් වික්ස් ආලේප කිරීම මගින් සුවයක් ලබා ගන්නට පුළුවන්.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    25 Mar 2018 11:17 PM
    අම්මප වික්ස් මෙච්චර ප්‍රයෝජනවත් ද? එකක් දෙකක් ට්‍රයි කරලා බලන්න ඕන.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    26 Mar 2018 04:35 AM
    මෙයට සිද්ධාලේප වලින් පුළුවන්ද....
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    26 Mar 2018 04:36 AM
    මේ දවස් වලට හෙම්බිරිසාව හැදුනා වියළි කාළගුණය නිසා...අද ටිකක් වැස්සා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    26 Mar 2018 09:20 AM
    දද සුව කිරීමට

    දද මගින් ඇතිවන කැසීම සුව කිරීම සඳහා වික්ස් එම ස්ථාන මත ආලේප කරන්න................... මොන මට නම් අද්දැකීම් මතම කියන්න පුළුවනි අසාර්ථකයි කියලා
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    26 Mar 2018 08:12 PM
    වික්ස් ටිකක් ආලේප කලාම මදුරුවන් එන්නේ නැහැ.. (ඒක නම් මම කරලා තියෙනවා)
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    26 Mar 2018 08:42 PM
    ඉන්නන් ඉවත් කිරීමට

    ඉන්නන් ඇති ස්ථාන මත දිනකට දෙවරක් වික්ස් ආලේප කර ගෝස් කැබැල්ලක් හෝ පිරිසිදු රෙදි කැබැල්ලක් තබා ආවරණය කර ගන්න. සති දෙකක කාලයක් මෙම සත්කාර ක්‍රමය සිදු කිරීම මගින් ඉන්නන් සම්පුර්ණ වශයෙන් ඉවත් කර ගන්නට පුළුවන්
    ට්‍රයි කරලා බලන්නට ඕන, ප්‍රස්නේ ...........................ඉන්නා  තියෙන තැන තමා
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    26 Mar 2018 11:57 PM
    ඉන්නන් ඇති ස්ථාන මත දිනකට දෙවරක් වික්ස් ආලේප කර ගෝස් කැබැල්ලක් හෝ පිරිසිදු රෙදි කැබැල්ලක් තබා ආවරණය කර ගන්න. සති දෙකක කාලයක් මෙම සත්කාර ක්‍රමය සිදු කිරීම මගින් ඉන්නන් සම්පුර්ණ වශයෙන් ඉවත් කර ගන්නට පුළුවන්
    ට්‍රයි කරලා බලන්නට ඕන, ප්‍රස්නේ ...........................ඉන්නා  තියෙන තැන තමා
    එහෙනම් බලාගෙන.. පරෙස්සමෙන් ගාන වික්ස් එකක්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    27 Mar 2018 09:13 PM
    Posted By Rosi on 14 Sep 2017 08:26 AM

    දිගාසිරි ගෙනෙන මහළු වීම වළකන දේශීය බීම වර්ග‍

    පුරාණයේ පටන්ම අපේ රටේ ජනතාව පෝෂණීය වගේම රසවත් පාන වර්ග පානය කිරීමට පුරුදුව සිටියා. ඒවා තනා ගත්තේ අප අවට වටපිටාවෙන් සොයාගත හැකි පැළෑටි වර්ගවලින්. මේවායේ ඖෂධීය ගුණයත් ඉතා ඉහළයි. මේ නිසා එදා ජනතාවට අද බහුලව ඇති දියවැඩියාව, හදවත් රෝග වැනි ලෙඩරෝග වැළඳුණෙත් අඩුවෙන්. ඒත් යටත්විජිත යුගයේදී ඉංග්‍රීසින් තේ හා කෝපි හඳුන්වා දීම නිසා ක්‍රමයෙන් මේ පාන වර්ග භාවිතය අඩු වුණා. පසුව ඒවා භාවිතය දැකගත හැකි වුණේ ඉතා කලාතුරකින් ගැමි ප්‍රදේශවල පමණයි.

    කොහොම නමුත් අද සමාජයේ  ගුණදායක හා ස්වභාවික දේවල් පිළිබඳව ඇතිවී තිබෙන උනන්දුවත් සමග එවැනි දේ සොයාගෙන පාවිච්චියට ගන්නා පිරිස වැඩිවෙලා තිබෙනවා. ඉතින් මෙන්න එදා සමාජයේ පැතිර තිබූ පාන වර්ග කිහිපයක්. ඒ අතරින් සමහරක් ඔබත් පානය කර ඇතිවා වන්නට පුළුවන්.

    බෙලි

    ඉතා ජනප්‍රිය හා බහුලවම භාවිත කළ පානයක්. බෙලි ගසෙහි පස් පංගුවම (කොළ, මුල්, මල්, ගෙඩි, කටුව) පානය සඳහා භාවිත කරනවා. බෙලි ගෙඩිය ඉදුණු පසු එහි මදය ගෙන මැලියම් ගතිය ඉවත් කර, පොඩි කර (අද නම් එයට බ්ලෙන්ඩරයක් භාවිත කළ හැකිය) අවශ්‍ය පමණ සීනි, ලුණු සහ දෙහි ස්වල්පයක් ද යොදා ගැනීමෙන් රසවත් ගුණදායක පානයක් සකස් කරගත හැකියි. එය හිස්බඩ පානය කිරීමෙන් සිරුර සිසිල් වී දිර්ඝායුෂ ලැබෙන බව එකල විශ්වාස කළා.

    බෙලි සිසිල් බිමක් ලෙස (stylecraze.com)

    බෙලි මල්

    හොඳින් වියළාගත් බෙලිමල් තම්බා ගැනීමෙන් පසු කිතුල් හකුරු සමග පානය කළා. පිපාසය සංසිඳුවන මෙම පානය ආහාර රුචිය ද වඩවනවා.

    බෙලිකොළ

    මේරූ බෙලිකොළ කඩාගෙන පිරිසිදු භාජනයක දින තුනක් වියළා ගන්න. ඊට පසු වංගොඩියේ කොටා පොට්ටනි බැඳ දිනක් කහට පිපෙන්නට තැබිය යුතුයි.පසුව පැතලි බඳුනක තුනීකර වියළාගෙන තේ වැනි පානයක් සකසාගත හැකියි. බෙලිකොළ පානය සිරුරේ දැවිල්ල, බඩදැවිල්ල තුරන් කරන අතර අක්මාව උත්තේජනය කරන බවද පොතපතේ සඳහන්. එය ආහාර දිරවීමටද උපකාරී වෙනවා.

    බෙලිගැට මද පානය

    බෙලිගැට කුඩා කැබලිවලට කපා හොඳින් වියළා ගත යුතුයි. ඊට පසු අවශ්‍ය විට තම්බා ගැනීමෙන් පසු පානය කළ හැකියි. ආහාර රුචිය ඇති කරන මෙම පානය පාචනය, අතීසාරය වැනි රෝග ඇති අයට හිතකරයි. විජලනය වළක්වන්නටත් සමත් මෙය මානසික ආතතිය ඇති අයට ද ගුණදායක බව ආයුර්වේදයේ සඳහන්.

    සියඹලා පානය

    සියඹලා පානය සකසමින් (meatlovessalt.com)

    සියඹලා ගස වියළි කලාපයේ ඉතා සුලබයි. මේ නිසා සියඹලා කරල් පහසුවෙන් එකතුකර ගත හැකියි. ඉදුණු සියඹලාවල ඇට ඉවත්කර මදය කොටස හොඳින් පොඩිකර ගත යුතුයි. ඊට පසු එම බොරයට ජලය දමා සීනි, ලුණු, කුරුඳු පොතු, එනසාල් කුඩු ස්වල්පයක් එක්කර පානය කළ හැකියි. මෙම රසවත් පානය ආහාර රුචිය වඩවන අතර කුසගින්න ඇති කරයි. විටමින් සී ඌනතාවෙන් පෙළෙන අයට සියඹලා බොර පානය දෙහි යුෂ ස්වල්පයක්ද එක්කර බීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. අධික රුධීර පීඩනය ඇති අයට ඉතා ගුණදායකයි. මළබද්ධයට සමනය කරන්නටත් හොඳ විසඳුමක්.

    සියඹලා පානය (meatlovessalt.com)

    පොල්පලා

    පොල්පලා පැළෑටිය (Wikimedia.org)

    මේ ඖෂධීය පැළෑටිය කලකට පෙර ගෙවතුවල සුලබව වැවුණත් අද වනවිට බොහෝ පැතිවලින් වඳවී ගිහින්. සේදූ පොල්පලා පැළෑටි කුඩා කොටස්වලට කපා පිරිසුදුවට වේලා ගැනීමෙන් පසු තම්බාගත යුතුයි. අදටත් ගෙමිදුලේ හෝ මල් පෝච්චියක වුව ද මේ පැළෑටිය වගාකළ හැකියි.

    මුත්‍රා පිරිසිදු කිරීමේ හැකියාව සහ මුත්‍රාගල් දියකිරීමේ හැකියාවද පොල් පලාවලට ඇති බව කියවෙනවා. විෂ නැසීමේ ගුණයෙන්ද සමන්විතයි. මුත්‍රා අඩස්සිය තිබෙන විට පොල්පලා පැළෑටිය සම්පූර්ණයෙන්ම තම්බා පානය කිරීමෙන් එම රෝග තත්ත්වය සමනය වෙනවා.

    ඉරමුසු

    ඉරමුසු වැල් (Wikimedia.org)

    ගෙවතුවල වැවෙන වැල් වර්ගයක් වන ඉරමුසු පානයක් ලෙස සකසා ගැනීම ඉතා පහසුයි. සම්පූර්ණ පැළෑටිය ගලවාගෙන සෝදා කැබලිවලට කපා වියළා ගත යුතුයි. ඊට පසු වියළි බඳුනක තබා අව්‍යශ විට තම්බා පානයට ගන්න පුළුවන්. කිතුල් හකුරු සමග තේ මෙන් පානය කළ හැකි අතර කස ඇට සහ සීනි ස්වල්පයක් දමා සිසිල් කර සරුවත් ලෙස බීමටද කදිමයි.

    ආයුර්වේදයට අනුව ඉරමුසුවල වා, පිත්, සෙම් යන තුන්දොස් සමනය කිරීමේ හැකියාව පවතිනවා. ලේ පිරිසිදු කිරීමේ හැකියාවද ද සහිත නිසා කිරිදෙන මව්වරුන්ට සහ දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි. මුත්‍රා දැවිල්ල නැති කරන්නට මෙය සමත්. ඉරමුසු හිසකෙස් වර්ධනයටත් උදව් වෙනවා. මී විෂ ශරීරගත වූ විට ඉරමුසු මුල් කසාය ගිතෙල් සමග පානය කිරීමෙන් එම විෂ නැසෙන බව කියවෙනවා. ආහාර අසාත්මිකතාවලදීද ඉරමුසු තම්බා බීම ගුණදායකයි.

    වදමල් පානය

    වදමල් සරුවත් ලෙස (cookatease.com)

    අපේ පැරැන්නෝ ඖෂධීය පානයක් වශයෙන් වදමල් භාවිත කළා. මෙම පානය සකස් කර ගත්තේ ඉතා සරල ආකාරයටයි. උතුරවා ගත් වතුර වීදුරුවකට සෝදාගත් වදමල් දමා වසා තබන්න. ටික වේලාවක් යන විට ජලය වදමලේ රතු පැහැයට හැරෙනවා. ඊට පසු මඳ වේලාවකින් වීදුරුවෙන් මල ඉවත් කර සීනි දමා පානය කරන්න. ලුණු, දෙහි, කසඇට ආදියද එයට මිශ්‍රකර සරුවත් ලෙස එහි රසය ඉහළ නංවාගත හැකියි. සිසිල් කර හෝ අයිස්කැට යොදා සිසිල්බීමක් ලෙස ද පානය කළ හැකියි.

    සිරුරට නව ජීවයක් ලබාදෙන වදමල් පානය ලේ පිරිසිදු කරයි.

    නෙල්ලි පානය

    නෙල්ලි ගෙඩි (stylecraze.com)

    තිත්ත රස, ඇඹුල් රස, කහට රස සහ පැණි රස යන රස වර්ග හතරෙන් යුත් නෙල්ලි ඉතා ගුණදායක ඔසුවක්. වෙළෙඳපොළින් නෙල්ලි ගෙඩි පහසුවෙන් ලබාගැනීමේ හැකියාව ද පවතිනවා.

    උදරාබාධ, ආමාශයේ අම්ල පිත්ත දෝෂ, ශරීරයේ විෂ, සෙම්රෝග ආදියට නෙල්ලි ප්‍රත්‍යක්ෂ ඔසුවක්. නිතරම නෙල්ලි ආහාරයට ගැනීම සම පැහැපත් කරන අතරම අකලට වයසට යාම වළක්වන අතර ඇස්වලට ද ඉතා හිතකරයි.

    නෙල්ලි කෝඩියල් වශයෙන් වෙළෙඳපොළින් ලබාගත හැකි වුවත්, ස්වභාවික නෙල්ලිවලින් සකසන පානය වඩාත් ගුණදායකයි. නෙල්ලි හොඳින් සෝදා ඇට ඉවත්කර ගෙන ජලය ස්වල්පයක් දමා අඹරා ඉස්ම මිරිකාගත යුතුයි. ඒ සඳහා බ්ලෙන්ඩරයක් භාවිත කළ හැකියි. පසුව එම ඉස්ම වතුර සහ සීනි සමග මිශ්‍ර කර පානයක් වශයෙන් භාවිත කළ හැකියි. සිසිල් කළ විට වඩාත් රසවත්.

    රසකිඳ

    රසකිඳ වැල් (2bp.blogspot.com)

    මෙය මාංශල කඳකින් යුත් වැල් වර්ගයක්. ඉතා පහසුවෙන් බෝකර ගත හැකියි. කලකට පෙර බොහෝ ගෙවතුවල රසකිඳ වැල් තිබුණද අද එය කලාතුරකින් දැකිය හැකි ශාකයක් බවට පත්ව තිබෙනවා. රසකිඳ වැල් කොටස්වලට කපා වියළා ගැනීමෙන් පසු කල්තබාගෙන තම්බා පානය කළ හැකියි. මෙම පානය රක්තවාතය, හන්දිපත් ආබාධ සහ වෙනත් රුධිර දෝෂවලින් වැළැක්වීමට උපකාරී වෙනවා.

    රසකිඳ සමේ රෝග නසන අතරම රුධිරය පිරිසිදු කරන, ලේ වඩවන, ආමාශයේ සහ රුධිරයේ ආම්ලිකතාවය සමනයට ද උපකාරී වන අපූරු ඖෂධයක්. අර්ශස්, හෘද දුර්වලතා, ශරීරයේ දැවිල්ල, දැවීම් හා පිළිස්සීම් ආදියට රසකිඳ යුෂ, නෙල්ලි සමග රසකිඳ යුෂ භාවිතය ඉතා ගුණදායකයි.

    කඩෙන් පහසු මිලට ගන්න තිබෙන බොහෝ පානයන්ට වඩා අපහසුවෙන් උනත් මේ වගේ දේවල් හදාගෙන නිතරම පානය කරන්න පුළුවන් නම් ඔබට වඩාත් නිරෝගී ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබේවි.

    ලංකාවට ආවාම මේවා නිතරම බොන්නට ඕන .............. අඩු ගානේ සෙන්චරියක්වත් ගහන්න 
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    27 Mar 2018 10:08 PM
    ගාමිනි අය්ය කොල්ලා වෙන්න වගෙ හදන්නෙ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    ---