Go to previous topic
Go to next topic
Last Post 10 Aug 2017 08:59 AM by  hasithad
වකුගඩු නරක් වෙලානම් මෙන්න මෙ රෝග ලක්ෂණ හටගන්නවා වකුගඩු රෝගය මාරන්තිකයි දැන්ම දැනුවත් වෙන්න.
 105 Replies
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
10 Dec 2015 10:01 PM

    උරස් කුහරයෙන් පිටත හෘදය පිහිටා ඇති දැරිය Virsaviya..

    Virsaviya ‘Bathsheba’ Borun-Goncharova දැරිය ලොව මිලියනයකින් එකකටත් අඩු ප්‍රමාණයකින් පමණක් වැළඳෙන තත්වයක් වන  Penology of Cantrell තත්වයෙන් පීඩා විඳින්නීය. මේ හේතුවෙන් ඇගේ හෘදය මෙන්ම අතුණු බහන් පපු කුහරයෙන් හා ජීර්ණ පද්ධකතියෙන් පිටත පිහිටා ඇත. ඇයට ප්‍රාචීරයක් හෝ ආමාශයික මාංශ පේෂී පිහිටා නැත. ඇයගේ තුනී  සමෙන් පමණක් යන්තම් ආවරණය වී ඇති හෘදය ගැහෙන ආකාරය පවා හොඳින් පෙනේ.

    ඇයගේ මව සිතා ඇත්තේ ඇය මෙලොවට බිහි නොවනු ඇතැයි කියායි.

    කෙසේ වෙතත් ඇය ඇගේ රෝගී තත්වය පිළිබඳ සෑම විටම ධනාත්මක අදහස් දරන්නීය. ඇය ප්‍රතිකාර ලබාගන්නා රෝහලේ වෛද්‍යවරුන් සතුව මෙම රෝගී තත්වය පිළිබඳ අත්දැකීම් නොමැති හෙයින් මේ රෝගයට ලොව වටා සිටින වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගනිමින් සිටී. මේ නිසාම ඇයගේ මව ඇයව ඇමෙරිකාව වෙත ගෙන ගොස් ඇත. කෙසේ වෙතත් ඔවුන් පවසා ඇත්තේ අවම වශයෙන් තවත් වසර 2ක් යනතෙක් ඇයව ශල්‍යකර්මයකට බඳුන් කළ නොහැකි බවයි.

    2

    3

    1

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    10 Dec 2015 10:02 PM
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    10 Dec 2015 10:08 PM
    ගොඩක් පරෙස්සම් කරගන්න වේවි මේ දරුවා.. සමහර විට දක්ෂ වෛද්‍යවරුන් කිහිප දෙනෙක් එකතු වුනොත් මේ දැරිය සියුම් ශල්‍ය කර්මයකින් සාර්ථකව සුව කර ගන්න පුළුවන් වේවි..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    19 Jan 2016 10:16 PM

    සිරුරේ මාංශ පේශීන් අස්ථි බවට හැරවෙන දුර්ලභ රෝගයකින් පීඩා විඳින කාන්තාව (වීඩියෝ සහිතයි)..

    මේ ලිපියෙන් ගෙන එන Ashley Kurpiel නම් කාන්තාව ඉතා දුර්ලභ රෝගී තත්වයක් වන Fibrodysplasia Ossificans Progressiva නම් තත්වයට මුහුණපා සිටී. මෙම ව්‍යාධි තත්වයේදී ශරීරයේ ඇති සියළුම මාංශ පේශීන් ඝන අස්ථි බවට හරවයි. මෙම් රෝගී තත්වය දැනටත් ඇයගේ දකුණු අත සම්පූර්ණයෙන්ම ගොදුරු කරගෙන ඇති අතර පාදයේ චලනයන්ද අපහසු කරමින් පවතී. 32 හැවිරිදි ඇය රෝගී තත්වයෙන් දුර්ම්ඛ නොවී ඇයගේ ආසාවන් ඉටුකරගැනීමට වෙර දරන්නීය. ඇය ජීවත් වන්නේ ජෝර්ජියාවේ Peachtree City හි ය.

    මේ රෝගී තත්වයෙන් මේ වන විට ලෝකයේ 800 දෙනෙක් පමණ පීඩා විඳියි.

    1
    2

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    19 Jan 2016 11:33 PM
    ජිවිතේ කියන දේ පුදුම දෙයක්
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    19 Jan 2016 11:38 PM
    අම්මො බලන්නත් බයයි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    21 Jan 2016 06:48 AM
    මෙහෙම ගියාම ඉස්සරහට හැරෙන්න පෙරලෙන්නවත් බැරි තත්වෙකට එයිනේ.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    21 Jan 2016 06:53 AM
    Aneee paww .
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    07 Jun 2016 10:23 PM

    කොන්දෙ කැක්කුමද? බල බල ඉන්නෙ නැතිව මේ ව්‍යායාම 5 කරල ඉක්මනටම සුව වෙන්න

    පිට කොන්ද අමාරුව කියන්නෙ ඉතාමත්ම කරදරකාරී තත්ත්වයක්. එදිනෙදා වැඩ කටයුතු අඩාල කරන්නත් මානසික පීඩනයක් වෙන්නත් තරම් සමත් වන රෝගී තත්වයක් තමයි කොන්ද කැක්කුම කියන්නෙ.

    කොන්දෙ අමාරුවට බලපාන හේතු බොහොමයක් තිබෙනවා. වැරදි ඉරියවු, නිතර හිඳගෙන සිටීම, ආතතිය, වැරදි ව්‍යායාම සහ අපි භාවිත කරන ගෘහ භාණ්ඩ සහ නිදන මෙට්ට වැනි දේවල් වල අඩුපාඩුකමුත් මෙයට බලපාන්න පුලුවන්.

    කොන්දෙ අමාරුවක් හැදුනම මොනව හරි බාම් ජාතියක් ගාගෙන විවේකෙන් ඉන්න තමයි අපි හැමෝම උත්සාහ කරන්නෙ. ඒත් ඇඳකට වෙලා ඕනෑවට වඩා විවේක සුවයෙන් පසුවෙනවට වඩා ව්‍යායාම මගින් මේ තත්වය සුවපත් කරන එක තමයි වඩාත් සාර්ථක.

    අපි මේ කියල දෙන්න හදන්නෙ පිට කොන්ද ආශ්‍රිත වේදනාවන් තියන අයට කරන්න පුලුවන් පහසු ව්‍යායාම කීපයක්. මේ ව්‍යායාම දිගටම කිරීම මගින් දවසේ වැඩි කාලයක් වැය නොකොට ඉක්මනින් සුවපත් වෙන්න පුලුවන් වේවි.

    හැබැයි දරුණු කොන්දෙ අමාරුවක් තියන කෙනෙකුටනම් මේ ක්‍රම අනුගමනය කරන්න කලින් වෛද්‍යවරයෙකු හා සාකච්ඡා කරන්න කියලත් අපි ඉල්ලනවා.

    ව්‍යායාම අංක 1 – දණහිස් ඉදිරියට නැමීම

    සමතලා බිමක ඔබේ පිට ප්‍රදේශය ස්පර්ෂ වන විදිහට වැතිරෙන්න. ඉන්පසු දෙපතුල් බිම ගෑවෙන විදිහට දණහිස මදක් නවන්න. මේ ඉරියව්ව තමයි ඔබේ ව්‍යායාමයේ ආරම්භක ඉරියව්ව වන්නේ.

    දැන් පහත දැක්වෙන උපදෙස් වලට අනුව ව්‍යායාමය අරඹන්න:

    1. දෑතම භාවිතා කර ඔබේ එක් දණහිසක් පපුව දෙසට අදින්න. ඒ ඉරියව්වෙන් තත්පර 15-30ක් අතර කාලයක් රැඳී සිටින්න. අනෙක් දණහිස මුල් ඉරියව්වෙන්ම තිබිය යුතු වනවා.
    2. නැවත ආරම්භක ඉරියව්ව වෙත පැමිණෙන්න.
    3. දැන් අනෙක් කකුලේ දණහිසත් පෙර ආකාරයටම පපුව දෙසට ඇද තත්පර 15-30ක කාලයක් අල්ලාගෙන සිටින්න. ඉන්පසු නැවත ආරම්භක ඉරියව්ව වෙත පැමිණෙන්න.
    4. දැන් දෙකකුලේම දණහිස් දෑත් යොදා පපුව දෙසට අදින්න. පෙර කාලයම ඒ ඉරියව්වෙන් ගතකොට ආරම්භක ඉරියව්වට එන්න.
    5. මේ ක්‍රියාවලියම 3, 4 වතාවක් නැවත නැවත කරන්න. උදේ සහ රාත්‍රී වශයෙන් දිනකට දෙවරක් කිරීම වඩා හොඳ ප්‍රතිඵල ගෙනදේවි.

    ව්‍යායාම අංක 2- දණහිස් දෙපසට නැමීම

    පළමු ව්‍යායාමයේ පරිද්දෙන්ම පසු ප්‍රදේශය පොලවට සිටින සේ වැතිර දෙපතුල් බිම ගෑවෙන සේ දණහිස් නවන්න.

    1. උරහිස් මුල් ඉරියව්වේ ආකාරයටම තබාගෙන දණහිස් එක පැත්තකට නවන්න (වමට හෝ දකුණට). එසේ නවාගෙන තත්පර 5-10ක් පමණ සිටින්න.
    2. නැවත මුල් ඉරියව්වට පැමිණෙන්න.
    3. දැන් නැවත ඔබේ දෙදණ ප්‍රතිවිරුද්ධ දිශාවට නවා කලින් ගතකල කාලයම ඒ ඉරියව්වෙන් රැඳී සිටින්න.
    4. මුල් ඉරියව්වට පැමිණෙන්න.
    5. 2,3න් වරක් මේ ක්‍රියාවලියම නැවත කරන්න.

    මේ ව්‍යායාමයත් දිනකට දෙවරක් කිරීම වඩාත් ප්‍රතිඵලදායක වනවා.

    ව්‍යායාම අංක 3 – Wall sits
    1. නිවසේ බිත්තියකට පිටුපා අඩියක් පමණ දුරකින් සිටගන්න.
    2. දැන් ඔබේ පිට ප්‍රදේශය බිත්තියට හේත්තු කරන්න (හරි කෙළින් මුලු පිටම ස්පර්ෂ වන පරිද්දෙන්)
    3. උදරයේ මාංශපේෂි තදකරගෙන අංශක 80කින් පමණ දණහිස් නවමින් පහත්වන්න.
    4. නැවත මුල් ඉරියව්වට පැමිණෙන්න.
    5. 10 වරක් පමණ මෙය නැවත නැවත කරන්න.

    නිවැරදිව මේ ව්‍යායාමය කරන ආකාරය මේ වීඩියෝවෙන් ඔබට දැකබලාගත හැකි වේවි

    ව්‍යායාම අංක 4 – Piriformis Stretch
    1. සමතලා බිමක ඔබේ පිට ප්‍රදේශය ස්පර්ෂ වන විදිහට වැතිරෙන්න. ඉන්පසු දෙපතුල් බිම ගෑවෙන විදිහට දණහිස මදක් නවන්න.
    2. කකුලක් පිට කකුලක් දමාගන්න.
    3. දැන් පහතින් ඇති කකුලට දෑත යොදමින් කකුල් දෙකම පපුව දෙසට අදින්න, තත්පර 20ක් පමණ ඒ ඉරියව්වෙන් ගත කරන්න.
    4. දැන් කකුල් නැවත උඩ යට මාරු කරගෙන පෙර ලෙසටම පපුව දෙසට ඇද අල්ලාගෙන සිටින්න.
    5. මේ ආකාරයෙන් 5 වරක් පමණ නැවත නැවත කරන්න.

    මේ වීඩියෝව නැරඹීම මගින් වඩාත් පැහැදිලි අදහසක් ගත හැකි වේවි.

    ව්‍යායාම අංක 5 – Press-up Back Extensions

    McKenzie Press-Up කියල හඳුන්වන මේ ව්‍යායාමයත් හරිම පහසු එකක්. සමතලා බිමක මුනින් අතට වැතිරගෙන දෙවැලමිට ආධාරයෙන් ශරීරයේ උඩ කොටස මදක් ඉහලට එසවීම තමයි මෙමගින් කෙරෙන්නේ. තමන්ට අපහසුවක් නොදැනෙන තරම් වේලාවක් මේ ඉරියව්වෙන් ගත කිරීම යෝග්‍යයි. පහත වීඩියෝවෙන් ඔබට ඒ ව්‍යායාමයත් නැරඹිය හැකියි.

    *ව්‍යායාම් හා ඒ ආශ්‍රිත දේ කිරීම පටන් ගැන්මට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න.*

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    08 Jun 2016 07:53 AM
    මේක හුගක්ම බෙහෙත් දෙන තැන්වල තියෙනවා මම දැකලා තියෙනවා.
    මේවා කරන්න ගිහින් තියෙන ටිකත් නැති වෙයිද දන්නෑ.
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    08 Jun 2016 10:29 AM
    Posted By samantha on 07 Jun 2016 10:23 PM

    හරි වටිනවා මෙය,  

    මටත්  අනිවා එකෙන් මේ ලිපි එවනවා 

    ආදරයේ උල්පත අම්මා ......................
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    09 Jun 2016 05:10 AM
    මටත් කොන්දෙ කැක්කුමක් ලාවට වගේ එනව මේ ව්‍යායාම ටික කරල දාන්න ඕනෙ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    09 Jun 2016 08:52 AM
    කොට්ට පැදුරු නැතිව බිම නිදා ගන්න.ඒකත් හොදයි.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    10 Jun 2016 09:33 PM
    හැම කොන්දකටම ඒක හරියන්නෙ නැහැ අයියේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    11 Jun 2016 07:14 AM
    මම කිව්වේ 60 පැනපු අයට නෙමෙයි.
    ඔයාලා වගේ අයට.
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    11 Jun 2016 07:27 AM
    konde kekkuma haduna kaaleka wath karamu neda
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    12 Jun 2016 01:51 AM
    Posted By hasithad on 11 Jun 2016 07:14 AM
    මම කිව්වේ 60 පැනපු අයට නෙමෙයි.
    ඔයාලා වගේ අයට.
    එහෙනං කොරල බලමු. ඒන කොන්දෙ අමාරැවට වඩා අමාරැයිද දන්නෙ නැහැ

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    04 Jul 2016 10:49 PM

    අක්මාවේ මේද තැන්පත් වීම ගැන දන්නවාද?

    බොහෝ දෙනක් තමන්ගේ ශරීරයේ සමට ආසන්නයේ මේද තැන්පත් වීම ගැන නම් දන්නවා. නමුත් ඔබේ දන්නවාද අක්මාවේ මේද තැන්පත් වීම දිනෙන් දින බොහෝ රෝගීන් මුහුණ දෙන තත්ත්වයක් බව? දියවැඩියාව, අධික රුධිර පීඩනය, ස්ථුලතාව, අධික රුධිර පීඩනය වැනි රෝග සමග මෙය ඇති විය හැකියි. ඒ වගේම නිසි ප්‍රථිකාර නොලැබුනොත් සිරෝසිස් නමැති තත්ත්වයට ලක් වී අක්මාව අඩපන වීමටත්, ඒ සමගම ජීව ක්‍රියා බොහොමයක් අවුල් වී ජීවිතය පවා නැති වෙන පුළුවන්… මේ ගැන ජාතික රූපවාහිණියේ වැඩසටහනක මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා සමග කල සාකච්ඡාවකින් උපුටා ගත වීඩියෝවක් පහත දැක්වෙනවා…

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296

    --
    05 Jul 2016 08:37 PM
    Posted By samantha on 04 Jul 2016 10:49 PM

    අක්මාවේ මේද තැන්පත් වීම ගැන දන්නවාද?

    බොහෝ දෙනක් තමන්ගේ ශරීරයේ සමට ආසන්නයේ මේද තැන්පත් වීම ගැන නම් දන්නවා. නමුත් ඔබේ දන්නවාද අක්මාවේ මේද තැන්පත් වීම දිනෙන් දින බොහෝ රෝගීන් මුහුණ දෙන තත්ත්වයක් බව? දියවැඩියාව, අධික රුධිර පීඩනය, ස්ථුලතාව, අධික රුධිර පීඩනය වැනි රෝග සමග මෙය ඇති විය හැකියි. ඒ වගේම නිසි ප්‍රථිකාර නොලැබුනොත් සිරෝසිස් නමැති තත්ත්වයට ලක් වී අක්මාව අඩපන වීමටත්, ඒ සමගම ජීව ක්‍රියා බොහොමයක් අවුල් වී ජීවිතය පවා නැති වෙන පුළුවන්… මේ ගැන ජාතික රූපවාහිණියේ වැඩසටහනක මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා සමග කල සාකච්ඡාවකින් උපුටා ගත වීඩියෝවක් පහත දැක්වෙනවා…

    ස්තුතියි මේ ගැන දැනුවත් කලාට 
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    06 Jul 2016 07:59 AM
    වීඩියෝ එකකින් තියෙන හින්දා තවත් හොදයි.
    ස්තූතියි අයියේ.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    19 Jul 2016 10:13 PM

    මද්‍යසාරයෙන් නිදහස් වෙමු…

    වර්තමානයේ ඇතැම් මිනිසුන් සතුට සැමරීම හා දුක සමනය කරගන්නට මද්‍යසාර නැතිවම බැරි පානයක් බව සලකන්නට පුරුදුව ඇත. කෙසේ වුවද පැහැදිලිව කිව යුතු කාරණාව වන්නේ ඔබ මද්‍යසාර සඳහා ඇබ්බැහිවීම යනු අහක යන නයි රෙද්ද අස්සේ දමා ගෙන කනවෝ කනවෝ යැයි කෑ ගැසීමට කදිම නිදසුනක් බවය. සහනය හෝ සතුට ලැබෙන බව සිතා ඔබ ලං කරගන්නා මද්‍යසාරම ඔබ ප්‍රපාතයකට ඇද දමනු ඇත.

    අරක්කු, විස්කි, බ්‍රැන්ඩි, බියර්, කසිප්පු ආදී නොයෙකුත් නම් වලින් විවිධ පෙළපත් දරමින් වටිනාකම අනුව නොයෙකුත් මත් පැන් වර්ග ඇත. කෙසේ වුවද වඩාත්ම ප්‍රචලිතම මධ්‍යසාර වර්ගය ලෙස අරක්කු සැලකිය හැකිය. පොල්මල්, උක්, සහල් හෝ වෙනත් පළතුරු වර්ගයක් භාවිතා කොට අරක්කු නිෂ්පාදනය කෙරේ. එතිල් ඇල්කොහොල් හෝ එතනෝල් සේ රසායන විද්‍යානුකූලව හඳුන්වන කාබන් ,හයිඩ්‍රජන් හා ඔක්සිජන් පරමාණු එකතුවෙන් නිර්මාණය වී ඇති මේ සංයෝගය වාෂ්පශීලී, අවර්ණ, ගිනි ගන්නා සුළු එයටම ආවේණික ඝන්ධයකින් යුත් ද්‍රවයකි.

    මත්පැන් ගත් විට ශරීරයේදී සිදුවන්නේ කුමක්ද?

    මද්‍යසාර ආමාශය සහ බඩවැල් මඟින් අවශෝෂණය කරගැනීමෙන් පසුව අක්මාව හරහා සිදුකෙරෙන බහිශ්‍රාවී ක්‍රියාවලිය මඟින් මද්‍යසාර විශාල ප්‍රතිශතයක් ශරීරයෙන් බැහැර කරවයි. අක්මාව මඟින් මද්‍යසාර වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමේ කාර්යයභාරය සිදු කරන බැවින් රුධිරයේ මද්‍යසාර සාන්ද්‍රණය ක්ෂණිකව වැඩිවීම්ක් සිදුනොවේ. විද්‍යඥයන්ගේ පිළිගැනීම මද්‍යසාර මොළය වෙත ගමන් කිරීමට අවම වශයෙන් විනාඩි 30 ක් පමණ ගත වන බවය.

    එසේම මිනිසාගේ ආහාර ජීර්ණයේදී පද්ධතියේ දිනකට ඇල්කොහොල් ඉතා සුළු ප්‍රමාණයක් නිෂ්පාදනයවේ. නිරෝගී ජිවිතයක් සඳහා මෙසේ ශරීරය තුල නිෂ්පාදනය වන එතනෝල් බිඳ හෙලීමට ලක්ව අවසන් ප්‍රතිඵලය ලෙස ජල අණුවක් හා කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් බවට පත්වේ. මද්‍යසාර භාවිත කරන්නන්ගේ සිරුර තුළ මධ්‍යසාර බිඳ හෙලීමේ ක්‍රියාවලිය හා මධ්‍යසාර බිඳහෙලීමේ අතුරුඵල සිරුරෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය යන ක්‍රියාවලීන් දෙක සෑම පුද්ගලයකුගේම සමානව සිදු නොවේ. එනම් සමහරුන් තුළ මෙම ක්‍රියාවලිය වේගවත්ව සිදුවන අතර සමහරුන් තුළ මෙම ක්‍රියාවලිය සෙමෙන් සිදුවේ. එවිට සිදුවන්නේ ඉහත ක්‍රියාවලීන් වල අතුරුඵල වන විෂ රසායනික ද්‍රව්‍ය ශරීරය තුළ එකතුවීමයි. එසේම මද්‍යසාර බිඳහෙලීමේ ක්‍රියාවලියට ජානමය බලපෑමක් හා ස්ත්‍රී පුරුෂභාවය බලපානු ලබයි.

    ඒ අනුව මද්‍යසාර අවශෝෂණය වීමෙන් අනතුරුව මෙම එතනෝල් නම් රසායනික ද්‍රව්‍ය රුධිරය හරහා මොළයේ ස්නායු වෙත ගමන් කරයි. ඒ අනුව මෙම රසායනිකය මඟින් මතිෂ්ක අවපීඩනයක් ඇති කරවයි. එනම් මොළයේ ක්‍රියාකාරීත්වය අඩු කරවයි. ඔබ නිදි පෙති කෙදිනක හෝ භාවිතා කර තිබේද? සාමාන්‍යයෙන් මද්‍යසාර භාවිතයෙන් පසු ප්‍රතිඵලය නිදි පෙති පානය කල පසු දැනෙන දැඩි අලසබව නිදි බර බව ක්‍රියාශීලී බව අඩු වීම ආදිය බව කියවේ.

    මොනවා !!! එහෙනම් ඔය මද්‍යසාර පානය කරපු අය අපූරුවට දඟලලා සින්දු කියලා නටන්නේ?

    මොළය කරා මද්‍යසාර ගමන් කිරීමට විනාඩි 30 කට වඩා වැඩි කාලයක් ගතවන බව විද්‍යානුකූල පිළිගැනීම වුවද බොහෝ දෙනා මද්‍යසාර පානය ආරම්භයත් සමඟම වෙනසකමක් දක්වයි. මෙය මනස හා ආකල්පමය වශයෙන් සිදුවන තත්ත්වයක් බව අවධාරණය කළ යුතුය. ඔබේ මනස ඔබවම රැවටීමකට ලක් කරයි. එයට කදිම නිදසුන රුසියානු ජාතික විද්‍යාඥ අයිවන් පැව්ලෝ විසින් බල්ලෙක් යොදා ගෙන කළ පරීක්ෂණය දැක්විය හැකිය. මෙම පරික්ෂණයේදී පළමුව සීනුවක් නාදකොට ඉන්පසුව බල්ලාට මස් කැබැල්ලක් දෙන ලදී. නැවත නැවත සීනුව නාද කරන සෑම අවස්ථාවකම බල්ලාට මස් කැබැල්ලක් හිමිවිය. සීනු හඬ සහ මස් කැබැල්ල අතර සම්බන්ධතාවය හරහා බල්ලාගේ හැසිරීම් නිරීක්ෂණය කරන ලදි. සීනුව නාදකොට මස් කැබැල්ල දෙන සෑම අවස්ථාවකම බල්ලාගේ කටින් කෙළ උනන්නට විය. ටික වේලාවකට පසුව සීනුව නාදවූ සැනින් බල්ලාගේ කටින් කෙළ උනන්නට විය. නමුත් මස් කැබැල්ලක් නම් හිමි නොවීය. සීනුව නාද කිරීම සහ බල්ලාගේ කෙළ ඉණීම එකවිට සිදුවූ බව නිරීක්ෂණය කරන ලදි. සීනුව නාදකරන්නේ මස් ලබා දෙන්නටය යන අදහස බල්ලාගේ මනසට කාවැදී තිබුණු නිසාවෙන් සීනු හඬ ඇසූ පමණින් බල්ලාගේ කටට කෙළ උනන්නට වූ බව ප්‍රත්‍යක්ෂ විය. මස් නැතිව වුවද සීනුව නාද කළ විට කෙළ ඉනීම සිදුවිය. සීනුව නාදවීම සහ කෙළ ඉනීම කිහිපවරක් එකවර සිදුවීම නිසා සීනුව නාදවූ විට කෙළ ගැලීම බල්ලා පුරුදුවූ අලූත් හැසිරීමයි. මේ අනුව අලූත් හැසිරිම් පමණක් නොව අලූත් චිත්තවේගයන් ද ඉගෙන ගැනීමට හැකිවේ.

    මිනිසාට සිදුව ඇත්තේද බල්ලාට සිදු වූ දෙයමය. මද්‍යසාර ගත් පසු උත්තේජනය වී ඉතා ක්‍රියාශීලී විය හැකි බවට පුද්ගල මනසට දීර්ඝ කාලයක් ඒත්තු ගැන්වූ පසු සිතෙහි මුල් බැස ගත් මෙම වැරදි ආකල්පන් අනුවම ඔවුන් ක්‍රියාකරයි. දුබල වන ගතට බලෙන් ශක්තිය නංවා නිදිමත පසෙකලා ගීත ගයමින් රඟමින් කෑකෝ ගසමින් රණ්ඩු සරුවල් කරමින් කලබලකාරී ලෙස හැසිරෙන්නේ මෙම ආකල්ප නිසා මිස මද්‍යසාර වල සැබෑ ක්‍රියාකාරීත්වය මත නොවන බව ඔබ අවබෝධ කරගන්න.

    මද්‍යසාර වලට ඇබ්බැහිවීමක් සිදුවෙනවද?

    මද්‍යසාර භාවිත කරන පුද්ගලයන්ගෙන් සළු පිරිසක් මද්‍යසාර වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. ජීව විද්‍යාත්මකව එකම රසායනිකයක් නොකඩවා ශරීර ගත වීමේදී රුධිරය හරහා මොළය වෙත මෙම රසායනිකයන් ගලා යාමක් සිදුවේ. මෙසේ දීර්ඝ කාලීනව නොකඩවාම එම රසායනිකය ලැබෙන විට මොළය මෙම රසායනික ද්‍රව්‍යයට මොළය හුරුවේ. එම නිසා යම් පුද්ගලයකු දීර්ඝ කාලීනව භාවිතා කළ මද්‍යසාර හිටි හැටියේ නතර කළ පසු ඔහුට විරමන ලක්ෂණ පහළවේ. දීර්ඝ කාලීනව මද්‍යසාර භාවිතා කළ පුද්ගලයෙක් එකවරම මද්‍යසාර නතර කළ පසු මොළයේ ක්‍රියාකාරීත්වයද වෙනසකට බඳුන්වේ. අතපය වෙව්ලීම නින්ද නොයෑම විකාර මායා රූප පෙනීම වලිප්පුව වගේම මරණය වුවත් සිදුවීමේ අවදානමක් ඇතිවේ. එනිසා මද්‍යසාර දිනපතාම බොන්නට පුරුදු වූ පුද්ගයකු මද්‍යසාර වලින් ඈත් විය යුත්තේ වෛද්‍ය උපදෙස් මත මොළයට බලපෑමක් නොවන ලෙසය. බොහෝ පුද්ගලයන්ට මද්‍යසාර වලින් මිදීමේ අවශ්‍යතාවය ඇති වුවද විරමන ලක්ෂණ දරාගත නොහැකි නිසාවෙන් නැවත මද්‍යසාර වෙත බොන්නට පෙළඹේ. එනිසා වෛද්‍යවරයකු වෙත යොමුවීම තුලින් ඔබගේ විරමන ලක්ෂණ මඟහරවා ගැනීමට වෛද්‍යවරයා ඔබට සහය වනු ඇත.

    මද්‍යසාර පානයෙන් වැළඳෙන රෝග මොනවාද?

    • මොළය ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග

    දිගුකාලීනව මද්‍යසාර භාවිතය මොළයේ වර්ධනය හීන කරවයි. තුරුණු වියේදීම මද්‍යසාර වලට ඇබ්බැහි වීම තුලින් මොළයේ නව සෛල පරිපත සෑදීම අඩපණ වේ. මතක ශක්තිය දුර්වලතාවීම සේම මොළයේ වර්ධනය අඩපණ කර එය හකුළුවා මානසික රෝග ඇති කිරීමට එය සමත්ය. හදිසියේ ඇති වන අතපය වෙව්ලීමද නින්දට බාධා ඇති වීමද මාංශපේශී ක්‍රියාකාරීත්වය දුර්වල වීමද අනෙකුත් ආබාධ ලෙස පෙන්වා දිය හැකිය.

    • අක්මාව හා අග්න්‍යාශය විනාශ කරයි

    මද්‍යසාර ආමාශය සහ බඩවැල් මඟින් අවශෝෂණය කරගැනීමෙන් පසුව අක්මාව හරහා විශාල වශයෙන් සිදුකෙරෙන බහිශ්‍රාවී ක්‍රියාවලිය නිසා අක්මාවට හානි සිදුවේ. මද්‍යසාර නිසා ආමාශයේ තුවාල අක්මා ප්‍රදාහය අග්න්‍යාශය ඉදිමීම සහ සිරෝසිස් ඇති විය හැක. අක්මාවේ ඇති වන පිළිකාවලින් සඳහා මද්‍යසාර සෘජුවම බලපායි. මද්‍යසාර අග්න්‍යාශයට දැඩි හානි පමුණුවයි. අග්න්‍යාශ ප්‍රදාහය මඟින් උදරයේ ඉතා දරුණු වේදනාවක් ඇති කිරීමට හේතු වේ. අවසානයේ අග්න්‍යාශය විනාශ වීම නිසා ආහාර දිරවීමේ ගැටළු මෙන්ම දියවැඩියාවට ගොදුරුවන්නටද සිදුවේ.

    • හෘදය හා රුධිරය ආශ්‍රිත රෝග
    • ආඝාතය හෙවත් අංශභාග තත්ත්වය ඇති වීම. අංශභාග තත්ත්වය ඇති වීමට මද්‍යසාර සෘජු බලපෑමක් කරනු ලබන බව සොයාගෙන තිබේ.
    • ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග
    • ලිංගික බෙලහීනතාවය: ලිංගික බෙලහීනතාවයද හෝමෝන අසමතුලිතතාවය එනම් පුරුෂයන්ගේ කාන්තා හෝමෝන ප්‍රමාණය වර්ධනය වන අතර පියයුරු විශාලවී වෘෂණ කෝෂ අක්‍රීය තත්ත්වයට පත්වේ.

    මද්‍යසාර වලින් මිදෙන්නේ කෙසේද?

    මද්‍යසාර වලට ඇබ්බැහි නොවූ පුද්ගලයෙකුට එනම් දිනපතා පානය නොකරන අයෙකුට ඕනෑම අවස්ථාවක මද්‍යසාර වලින් මිදී නිදහස් වන්නට හැකිය. මද්‍යසාර වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකුට එනම් දිනපතා මද්‍යසාර පානය කරන අයෙකු නම් වෛද්‍යවරයකු වෙත යොමුව මද්‍යසාර වලින් මිදී නිදහස් වන්නට කටයුතු කිරීම වැදගත්ය. එවිට වෛද්‍යවරයා විරමන ලක්ෂණ මඟහරවා ගැනීමට අවශ්‍ය උපදෙස් මෙන්ම ඖෂධ ආදියද නියම කරනු ඇත. එසේම මද්‍යසාර අත්හැරීමට දැඩි ආත්ම විශ්වාසයක් තමන් තුල තිබිය යුතුය. මද්‍යසාර නැවැත්වීමට වඩා දෙයක් ඔබ කළ යුතුය. එනම් මද්‍යසාරයෙන් නිදහස් වීමය. උදාහරණය ලෙස විනෝද චාරිකාවක් සාදයක් යැයි පැවසු සැනින් ඔබට සිහියට නැඟෙන්නේ මද්‍යසාර නම් ඔබ සත්තකින්ම මද්‍යසාර වලින් නිදහස්ව නැත. කොළඹ මහ රෝහලේ බාහිර රෝගී අංශයේ කාමර අංක 36 ට බ්‍රහස්පතින්දා සවස 2ට ගියහොත් මද්‍යසාර වලින් නිදහස් වන්නට ප්‍රථම අඩිතාලම යෙදිය හැකිය.

    ඔබේ බුද්ධිය නිද්‍රාවට පත් කොට මෝඩකම පමණක් අවදි කළහොත් විද්‍යාඥ අයිවන් පැව්ලෝ මහතා පර්යේෂණයට ලක් කළ බල්ලා හා ඔබ අතර වෙනසක් නොවනු ඇත.එහෙයින් ඔබ ලෙහෙසියෙන් මද්‍යසාර කර්මාන්තයේ ගැට වලට හසුවීම වෙනුවට ඔබේ බුද්ධිය අවදිකරන්න. එවිට කිසි දිනක ඔබ මද්‍යසාර කර්මාන්තයේ උගුල් වලට හසු නොවනු ඇත. එසේම මද්‍යසාරයෙන් ඔබට නිදහස් වන්නට හැකි වනු ඇත.

    …..

    කොළඹ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා සමඟ කළ සාකච්ජාවක් ඇසුරිණි.

    සටහන දිශාන්ති වෙදගේ

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    20 Jul 2016 01:27 AM
    ලිපිය කියෙව්වා ස්තුත්යි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    20 Jul 2016 02:01 PM
    කිසිදා ක ජිවිතයට සෙතක් නැති බිමක් ...ස්තුති අයියා ලිපියට .
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    20 Jul 2016 04:24 PM
    කාලෙට ඔඹින ලිපියක් අයියේ.
    මම නම් මේකෙන් නිදහස් පුද්ගලයෙක්.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    21 Jul 2016 03:11 AM
    මමනං විශ්වාස කරන්නෙ නැහැ ඔය විනාඩි 30 කථාව ඒක බොරැවත්. විනාඩි 5ක් වගේ යනකොට බඩු බනිස්
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    29 Sep 2016 12:23 AM

    1. තම්බපු බතල, මඤ්ඤොක්කා

    Image Credits : zimbokitchen.com

    දැන් වගේ නෙවෙයි, ඉස්සර අපේ අත්තම්මලා, සීයලා එහෙම තමන්ගේ උදේ වේල සරි කරගන්නේ මේ වගේ කෑමකින්. රතු ළූණු ටිකක් පොඩි කරලා, ලුණු, මිරිස්, ඇඹුල් පදමට දාලා හැදෙන ලුණු මිරිසකුත් මේකට එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, හීනියට ගාගත්ත පොල් ටිකකුත් තියෙනවනම් තවත් මරු.

    2. ආප්ප

    දුම් දදා මේසෙට එන ආප්ප කන්නත් හොඳටම ගැළපෙන්නේ හොඳ සැරට හදපු කට්ට සම්බෝලයක් තමයි. ඒ නැත්තන් හොඳ කිතුල් හකුරු කෑල්ලක් තියෙන්න ඕනේ.

    3. ඉඳි ආප්ප

    රතු හාලෙන් වගේම සුදු හාලෙන් හැදෙන ඉඳි ආප්ප කන්න, උණු කිරි හොද්දක්, අල හොද්දක්, මාළු හොද්දක් එහෙම වරදින්නේ නැහැ. ලුණු, ඇඹුල් යහමින් දාපු පොල් සම්බෝලෙකුත් මේකට එක්කාසු වුණාම ඉඳි ආප්ප සීයකට වුණත් වග කියයි අපේ කට්ටිය.

    4. පිට්ටු

    පොල් කිරි චුට්ටක් එකතු කරපු කුරක්කන් පිට්ටු කෑල්ලක රස දන්නේ ඒක කාලා තියෙන කෙනෙක් විතරයි. දියවැඩියාව තියෙන අයටත් ගුණයි මේවා. කුරක්කන් පිටිවලින් විතරක් නෙවෙයි, හාල් පිටිවලිනුත් පිට්ටු හදනවනේ. කරපිංචා, උළුහාල් එහෙම දාලා හදපු කිරි හොදි ටිකකුත් වත්කරගත්තම මේකෙන් එන්නේ කොහොමවත්ම බැහැයි කියන්න බැරි රසක්.

    5. තම්බපු කඩල/මුං ඇට/කව්පි

    Image Credits : Aasai Rasai ආසයි රසයි

    දැන් කාලේ පොඩ්ඩෝ ධාන්‍ය කන්නේ සීරියල් විදියට වුණත්, අපි ඒවා කෑවේ තම්බලා. කඩල, මුං ඇට, කව්පි වගේ ඇට වර්ග පැයක් දෙකක් වතුරේ පෙඟේන්න තියලා තමයි තම්බන්න ගන්නේ. තම්බපු පමණින් නම් මේවයෙන් හොඳ රසක් එන්නේ නැහැ. ඒ නිසා හීනියට ගාගත්ත පොල් ටිකක්, ලුණු මිරිස් ටිකක් මේවට එකතු කරගන්න අපි පුරුදු වෙලා හිටියා. සමහර වෙලාවට අපේ අම්මලා හැදුවේ තෙම්පරාදු කරපු කඩල. වියළි මිරිස්, ළූණු, කරපිංචා, අබ, වගේම පොල් කෑලි කපලා දාලා හැදෙන මේ තෙම්පරාදු කඩලවල හොඳින්ම රස එන්නේ උණුවෙන් තියෙද්දී තමයි.

    6. පොල් රොටි

    යස කට්ට සම්බෝලයක් එක්ක කැපෙන තවත් කෑමක් විදියට පොල් රොටි හඳුන්වන්න පුළුවන්. පාන් පිටි රොටි වගේම  කුරක්කන් පිටි රොටිත් ඒ දවස්වල අපේ ගෙවල්වල හැදුණා. කුරක්කන් රොටි ගොඩක් වෙලාවට දෙන්නේ දියවැඩියාව හැදිලා ඉඳපු අපේ ආච්චිලට සීයලට.

    7. කිරි බත්

    පොල් කිරි වැඩිවෙන තරමට රස වැඩිවෙන කිරිබත් කන්නත් හරියන්නේ කට්ට සම්බෝලයක්ම තමයි. කිතුල් හකුරු කෑල්ලකුත් තිබුණම තවත් රස හොඳයි. මාළු ඇඹුල් තියල් එක්කත් කිරිබත් කන්න පුරුදු වුණු අය ඉන්නවා මේ අතරේ. ඒ විතරක් නෙවෙයි, කිරිබත් කියන්නේ සීනි සම්බෝල එක්කත් කන්න පුළුවන් උදේ කෑමක්නේ.

    Image Credits : cukbook.blogspot.com​

    හැමදාම කන කිරිබත එපා නොවෙන්න, ඒකට පොඩි විවිධත්වයක් දෙන්න තමයි අපේ අම්මලා ඉඹුල් කිරිබත්, මුං ඇට කිරිබත් එහෙම හැදුවේ. ඉඹුල් කිරිබත් හදන්නේ කිරිබත මැද්දට පොල් පැණි තට්ටුවක් දාලා. මේ පොල් පැණි එක කිතුල් හකුරුවලින් හැදුවම එන්නේ දිව්‍යලෝක රසක්.

    Image Credits : srilankanfoodforever.blogspot.com

    කිරිබත හදද්දිම, මුං ඇට එකතු කරලා හැදෙන මුං ඇට කිරිබත් එකේ රස වගේම හොඳ ගුණයකුත් තිබුණා.

    8. වණ්ඩු ආප්ප

    Image Credits : TheCulinarycorner

    වණ්ඩු ආප්ප කියලා කිව්වට මේක තවත් ආප්ප වර්ගයක් නෙවෙයි. පොල්, උණු කරපු සීනි, හාල් පිටි මිශ්‍රණයක් පැහෙන්න තියලා, කැන්ද කොළ ගොටුවලට පුරවලා, හුමාලයෙන් තම්බලා හදන වණ්ඩු ආප්පවල රස මතක් වෙද්දී අදටත් අපේ කටවල්වලට කෙළ උනනවා.

    9. කුරක්කන් තලප

    Image Credits : sinhalajanakavi.com

    හැට පැන්නත් කිසි මහන්සියක් නැතුව ගෙදරදොරේ වැඩ කරන්න, කුඹුරු යායක් වුණත් අස්වද්දන්න අපේ ආච්චිලා සීයලාට හයි හත්තිය ලබා දුන්නේ මෙන්න මේ වගේ කෑම වර්ග. ඉතින් ඉඳලා හිටලා අපේ ගෙවල්වලත් කුරක්කන් තලප හැදුණේ ඒ නිසාම වෙන්නැති. මේකත් එක්ක කන්න, කොරළි මාළු හොද්දක්, තිබ්බොටු මැල්ලුමක් එහෙම වරදින්නේ නැහැ.

    10. රතු හාලේ බත්

    Image Credits : karma.lk

    හොඳ පොල් සම්බෝලයක්, මිරිස් මාළු හොද්දක් තියෙනවා නම්, අපේ උන්දැලා රතු හාලේ බත් මුට්ටියකට වුණත් වග කියයි. පොල් සම්බෝලේ නැත්තන්, නිකන් පොල් ටිකක් වුණත් මේකට මරු.

    මේ කොයි කෑම වර්ගයක් වුණත් කෑවට පස්සේ, හොඳ උණු ප්ලේන්ටියක් බොන්නම ඕනේ. මොකද තේ තියන්නේ අපේ ජාතික බීම වගේනේ. උදේට එන කම්මැලිකම, නිදිමත ගතිය ක්ෂණයෙන් නැති කරන්න වගේම, උදේ කෑම වේල සම්පූර්ණ වුණා කියලා අපට දැනෙන්නෙත් ප්ලේන්ටියක් බිව්වම තමයි.   

    "උදේට කන්න ඕනේ රජෙක් වගේ, රෑට කන්න ඕනේ හිඟන්නෙක් වගේ"; මේ අපේ අත්තම්මා හැමවෙලේම කියන්න පුරුදු වෙලා උන්නු කතාවක්. ඇත්තම කිව්වොත්, උදේ කෑම වේල කියන්නේ කොච්චර වැදගත් එකක්ද කියන එක තහවුරු කරන්න මේ වචන ටිකම ඇති. දැන් කාලේ උදේට කන ගොඩක් කෑම වර්ගවලින් අපේ බඩ පිරෙන්නේ ඒ වෙලාවට විතරයි. කොච්චර ෂෝට්-ඊට්ස්, පරාටා, බිත්තර රොටි කෑවත් දවල් එකොළහ, දොළහ වෙද්දී අපට බඩගිනි වෙන්නෙත් මේ නිසයි. ඒ විතරක් නෙවෙයි, මේවයේ ඒ හැටි ගුණයකුත් නැහැනේ.

    ඉතින් සතියට දවසක් දෙකක් හරි මේ කිව්ව කෑම වර්ගයක් උදේ කෑමට එකතු කරගන්න පුළුවන් නම්, ඔයාලගේ හිතයි බඩයි දෙකම පුරවගන්න පුළුවන් වෙයි. අනික කඩෙන් කන්න වියදම් නොවෙන නිසා, අතෙත් කීයක් හරි ඉතුරු වෙනවනේ.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536

    --
    29 Sep 2016 01:02 AM
    පොල් රොටි වගේ නම් මරු ඉතින් උදේට
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    29 Sep 2016 06:17 AM
    මමනං ගොඩක්ම උදේට කැමති ඉඹුල් කිරිබත්, මුං ඇට කිරිබත් තමයි
    කුරක්කන් තලප වලට එකරම් කැමැත්තක් නැහැ, අනිත් දේවල් වලටනං සාමානයයයෙන් කැමතියි
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    29 Sep 2016 10:24 AM
    අපි නම් මේ වගේ කන්නේ රෑට.
    උදේට ඉතින් බත් තමයි.
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    29 Sep 2016 11:41 AM

    නියම කෑම ටිකක් නේ.

    කුරක්කන් තලප ගැන මටත් ලස්සන අද්දැකීමක්  තියේ.

    මේලෝකේ රසක් නෑනේ.

    කාපු ගමන් තේ බොන ඒකනම් හොද පුරුද්දක් නෙමේ .

    දිනයක වැටහේවී...........
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    29 Sep 2016 02:24 PM
    katata kela unanawa mewa dakkama
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    ගීත්
    New Member
    New Member
    Posts:55

    --
    29 Sep 2016 03:54 PM
    ම් රස කෑම ටිකක්. ගුන වුනාට කුරක්කන් තලප තමයි කන්න ටිකක් අමාරු
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    29 Sep 2016 09:05 PM
    ඔව් ඔය කිව්වට කුරක්කන් කන්න අමාරු දෙයක් ..නමුත් ඉතා ගුනයි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    29 Sep 2016 09:09 PM
    කුරක්කන් දාපු හැලප කන්න නම් මම හරි ආසයි...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    29 Sep 2016 09:13 PM
    Posted By samantha on 29 Sep 2016 12:23 AM

    6. පොල් රොටි

    යස කට්ට සම්බෝලයක් එක්ක කැපෙන තවත් කෑමක් විදියට පොල් රොටි හඳුන්වන්න පුළුවන්. පාන් පිටි රොටි වගේම  කුරක්කන් පිටි රොටිත් ඒ දවස්වල අපේ ගෙවල්වල හැදුණා. කුරක්කන් රොටි ගොඩක් වෙලාවට දෙන්නේ දියවැඩියාව හැදිලා ඉඳපු අපේ ආච්චිලට සීයලට.

    7. කිරි බත්

    පොල් කිරි වැඩිවෙන තරමට රස වැඩිවෙන කිරිබත් කන්නත් හරියන්නේ කට්ට සම්බෝලයක්ම තමයි. කිතුල් හකුරු කෑල්ලකුත් තිබුණම තවත් රස හොඳයි. මාළු ඇඹුල් තියල් එක්කත් කිරිබත් කන්න පුරුදු වුණු අය ඉන්නවා මේ අතරේ. ඒ විතරක් නෙවෙයි, කිරිබත් කියන්නේ සීනි සම්බෝල එක්කත් කන්න පුළුවන් උදේ කෑමක්නේ.

    Image Credits : cukbook.blogspot.com​

    හැමදාම කන කිරිබත එපා නොවෙන්න, ඒකට පොඩි විවිධත්වයක් දෙන්න තමයි අපේ අම්මලා ඉඹුල් කිරිබත්, මුං ඇට කිරිබත් එහෙම හැදුවේ. ඉඹුල් කිරිබත් හදන්නේ කිරිබත මැද්දට පොල් පැණි තට්ටුවක් දාලා. මේ පොල් පැණි එක කිතුල් හකුරුවලින් හැදුවම එන්නේ දිව්‍යලෝක රසක්.

    Image Credits : srilankanfoodforever.blogspot.com

    කිරිබත හදද්දිම, මුං ඇට එකතු කරලා හැදෙන මුං ඇට කිරිබත් එකේ රස වගේම හොඳ ගුණයකුත් තිබුණා.

    8. වණ්ඩු ආප්ප

    Image Credits : TheCulinarycorner

    වණ්ඩු ආප්ප කියලා කිව්වට මේක තවත් ආප්ප වර්ගයක් නෙවෙයි. පොල්, උණු කරපු සීනි, හාල් පිටි මිශ්‍රණයක් පැහෙන්න තියලා, කැන්ද කොළ ගොටුවලට පුරවලා, හුමාලයෙන් තම්බලා හදන වණ්ඩු ආප්පවල රස මතක් වෙද්දී අදටත් අපේ කටවල්වලට කෙළ උනනවා.

    9. කුරක්කන් තලප

    Image Credits : sinhalajanakavi.com

    හැට පැන්නත් කිසි මහන්සියක් නැතුව ගෙදරදොරේ වැඩ කරන්න, කුඹුරු යායක් වුණත් අස්වද්දන්න අපේ ආච්චිලා සීයලාට හයි හත්තිය ලබා දුන්නේ මෙන්න මේ වගේ කෑම වර්ග. ඉතින් ඉඳලා හිටලා අපේ ගෙවල්වලත් කුරක්කන් තලප හැදුණේ ඒ නිසාම වෙන්නැති. මේකත් එක්ක කන්න, කොරළි මාළු හොද්දක්, තිබ්බොටු මැල්ලුමක් එහෙම වරදින්නේ නැහැ.

    10. රතු හාලේ බත්

    Image Credits : karma.lk

    හොඳ පොල් සම්බෝලයක්, මිරිස් මාළු හොද්දක් තියෙනවා නම්, අපේ උන්දැලා රතු හාලේ බත් මුට්ටියකට වුණත් වග කියයි. පොල් සම්බෝලේ නැත්තන්, නිකන් පොල් ටිකක් වුණත් මේකට මරු.

    මේ කොයි කෑම වර්ගයක් වුණත් කෑවට පස්සේ, හොඳ උණු ප්ලේන්ටියක් බොන්නම ඕනේ. මොකද තේ තියන්නේ අපේ ජාතික බීම වගේනේ. උදේට එන කම්මැලිකම, නිදිමත ගතිය ක්ෂණයෙන් නැති කරන්න වගේම, උදේ කෑම වේල සම්පූර්ණ වුණා කියලා අපට දැනෙන්නෙත් ප්ලේන්ටියක් බිව්වම තමයි.   

    "උදේට කන්න ඕනේ රජෙක් වගේ, රෑට කන්න ඕනේ හිඟන්නෙක් වගේ"; මේ අපේ අත්තම්මා හැමවෙලේම කියන්න පුරුදු වෙලා උන්නු කතාවක්. ඇත්තම කිව්වොත්, උදේ කෑම වේල කියන්නේ කොච්චර වැදගත් එකක්ද කියන එක තහවුරු කරන්න මේ වචන ටිකම ඇති. දැන් කාලේ උදේට කන ගොඩක් කෑම වර්ගවලින් අපේ බඩ පිරෙන්නේ ඒ වෙලාවට විතරයි. කොච්චර ෂෝට්-ඊට්ස්, පරාටා, බිත්තර රොටි කෑවත් දවල් එකොළහ, දොළහ වෙද්දී අපට බඩගිනි වෙන්නෙත් මේ නිසයි. ඒ විතරක් නෙවෙයි, මේවයේ ඒ හැටි ගුණයකුත් නැහැනේ.

    ඉතින් සතියට දවසක් දෙකක් හරි මේ කිව්ව කෑම වර්ගයක් උදේ කෑමට එකතු කරගන්න පුළුවන් නම්, ඔයාලගේ හිතයි බඩයි දෙකම පුරවගන්න පුළුවන් වෙයි. අනික කඩෙන් කන්න වියදම් නොවෙන නිසා, අතෙත් කීයක් හරි ඉතුරු වෙනවනේ.

    Posted By samantha on 29 Sep 2016 12:23 AM 

    6. පොල් රොටි

    යස කට්ට සම්බෝලයක් එක්ක කැපෙන තවත් කෑමක් විදියට පොල් රොටි හඳුන්වන්න පුළුවන්. පාන් පිටි රොටි වගේම  කුරක්කන් පිටි රොටිත් ඒ දවස්වල අපේ ගෙවල්වල හැදුණා. කුරක්කන් රොටි ගොඩක් වෙලාවට දෙන්නේ දියවැඩියාව හැදිලා ඉඳපු අපේ ආච්චිලට සීයලට.

    මේක දැක්කම නම් කටට කෙළ ලීටරයක් විතර උනනවා...

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    30 Sep 2016 09:02 AM
    ඇත්තටම ඊයේ රෑට අපි කෑවේ රොටී කුරක්කන් නොදමා.
    හැබැයි ලුනුමිරිස් එක්ක නෙමෙයි පොලොස් එක්ක.

    කියනවට කාලා බලන්නකෝ කොහොමද කියලා.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    30 Sep 2016 09:44 AM
    උණුවෙන් තියෙනවනම් රොටි නිකන් කන්න පුළුවන්...
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    30 Sep 2016 09:52 AM
    හැලප නං සීනි පොල් කවලම් හින්ද කන්න පුලුවන්
    මේ තලපෙ කිරි හොදිත් එක්කනේ කන්න තියෙන්නේ
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    30 Sep 2016 12:52 PM
    අනේ මේ වගේ කෑම දවස ගානේ කන්න ලැබේනවානම් කොච්චර ෂෝක් ද ...ආසම  කෑම ලැයිස්තුවක් ,,,ස්තුති අයියා
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    01 Oct 2016 09:44 AM
    Posted By Rosi on 30 Sep 2016 12:52 PM
    අනේ මේ වගේ කෑම දවස ගානේ කන්න ලැබේනවානම් කොච්චර ෂෝක් ද ...ආසම  කෑම ලැයිස්තුවක් ,,,ස්තුති අයියා
    ඇයි අක්කේ මේ දේවල් ඔය පැත්තෙ හදා ගන්න අමාරැද.

    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100

    --
    01 Oct 2016 07:10 PM

    Posted By hasithad on 30 Sep 2016 09:02 AM
    ඇත්තටම ඊයේ රෑට අපි කෑවේ රොටී කුරක්කන් නොදමා.
    හැබැයි ලුනුමිරිස් එක්ක නෙමෙයි පොලොස් එක්ක.

    කියනවට කාලා බලන්නකෝ කොහොමද කියලා.

    හී මාත් කෑවනේ
    කුරක්කන් රොටී පොලොස් එක්ක... පොලොස් හැදුවෙ මම
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100

    --
    01 Oct 2016 07:11 PM

    01 Oct 2016 07:21 PM
    නියමයි
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    01 Nov 2016 01:35 AM

    උදෑසන අවදි වූ වහා ජලය පානය කිරීමෙන් ලැබෙන වාසි 5ක්

    අපේ ශරීරය සම්පූර්ණයෙන්ම වගේ ගොඩනැගී තිබෙන්නේ ජලයෙන්. පේශි වලින් 75%ක්, අස්ථි වලින් 22%ක්, රුධිරයේ 83%ක් සහ හොඳම දේ, මොළයෙන් සියයට 90ක් ම ජලය! ඒ හින්දා මේකෙන් ගන්න තීරණ වලට වතුරත් වගකියන්න ඕන. ඒ කොහොම නමුත්, මේ ඉලක්කම් වලින් පැහැදිලි වෙන්නේ හොඳ සෞඛ්‍යයක් පවත්වා ගන්නට සහ ශරීරයට අහිතකර දේවල් වලින් ආරක්‍ෂා වෙන්නට වැඩිපුර වතුර බොන්නට සිද්ධ වෙන බවයි. ඔබේ කාර්යබහුල ජීවිතයත් එක්ක වතුර බොන්න අමතක වෙනවා ඇති. ඒත් මේ කියන්නට යන්නේ උදේ නැගිට්ට ගමන් ම කරන දෙයක් නිසා, මුලදී අතපසු වුණත් පස්සේ ඒක පුරුද්දකට යන නිසා පහසුවෙන් ලබාගන්නට පුළුවන් වාසි රැසක් ගැන යි.

    මෙය අපිට ජපානයෙන් හමුවන පුරුද්දක්. බොහෝ ජපන් කාන්තාවන් උදෑසන පිබිදුණු වහා හිස්බඩම ජලය පානය කරන අතර එම චාරිත්‍රය ජපාන සංස්කෘතියේ ඈත අතීතයේ සිටන්ම පැවත එන එකක්. දැන් විද්‍යාත්මකවද තහවුරුවී ඇත්තේ ඔවුන්ගේ ඒ පුරුද්ද නිසා තරබාරුකම, දියවැඩියාව වැනි රෝග රැසක්ම වැළකෙන බවයි. ඒ කියන්නේ, දිය වැඩියෙන් බිව්වොත් දිය වැඩියාව අඩු වෙනවා.

    කරන හැටි කියන්නට කලින් ලැබෙන දේවල් කියලා ඉන්නම්. එතකොට ජලය පානය කරන්න ඕන ඇයි කියන එක මුලින් ම පැහැදිලි වේවි.

    ලැබෙන වාසි

    1 – පරිවෘත්තීය ක්‍රියා වැඩි දියුණු වීම

    (wdy.h-cdn.co)
    (wdy.h-cdn.co)

    පරිවෘත්තීය ක්‍රියා හෙවත් ආහාරවල පෝෂ්‍ය ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය සඳහා බිඳැලීමට හිස්බඩ ජලය පානය කිරීමෙන් සියයට විසි හතරක දායකත්වයක් ලැබෙනවා. එමගින් අපේ ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාකාරී වන නිසා ආහාර ජීර්ණ අපහසුතා අවම වෙනවා. ඉතින් අපි දවසේ කන ආහාර ඉතා ඉක්මණින් දිරවන නිසා ආහාර ගැනීමෙන් බොහෝ වේලාවක් යනතුරු තිබෙන හිසේ අමාරුව, බඩ පිරුණු ගතිය සහ නිදිමත අවම වෙනවා. එවිට ඔබේ දෛනික වැඩ කටයුතු වලට විශාල පහසුවක් ලැබෙනවා වගේම ආහාරවල පෝෂක කොටස් ඉතා හොඳින් ඇඟට අවශෝෂණය වන නිසා ගන්නා ලද ආහාරවල උපරිම ප්‍රයෝජනය ලැබෙනවා. මෙසේ ආහාර හොඳින් ජීර්ණය වීම නිසා මළපහ කිරීමේදීත් අපහසුතා ඇති වීම බෙහෙවින් අවම වෙනවා.

    2 – ශරීරයට අහිතකර ද්‍රව්‍ය ඉවත් වීම

    (3.bp.blogspot.com)
    (3.bp.blogspot.com)

    ජලය පානය කරද්දී එමගින් ස්වාභාවිකවම බඩවැල් ක්‍රියාකාරීත්වයට පත් කරනවා. අපි නිදාගන්නාවිට රාත්‍රියේදී ශරීරයේ අලුත්වැඩියා කිරීම් ඇරඹෙන අතර එහිදී ශරීරයට අනවශ්‍ය සහ අහිතකර කොටස් නිපදවෙනවා. මේ නිසා උදේම හිස්බඩ ජලය පානය කළාම මේ සියළු විෂද්‍රව්‍යයන් ඉවත් කරවන අතර ඉන් නැවුම් සහ නීරෝගී ශරීරයක් ඔබට ලැබෙන අතරම පේශී සෛල සහ නව රුධිර සෛල නිපදවීමේ ප්‍රමාණය ද ඉහළ යනවා.

    3 – තරබාරු බව අඩුවීම

    (s3.amazonaws.com)
    (s3.amazonaws.com)

    මෙය නම් ජලයේ තිබෙන අපූර්ව හැකියාවක් නිසා සිදුවෙන දෙයක් නෙවෙයි, ඒත් ඕනම නම් අවකාශයේ ඉඩක් අත්පත් කරගන්නා නිසා කියලා කියන්නත් පුළුවන්. කොහොමහරි, අපි උදෑසන සහ අනෙකුත් කෑම වේල් වලට පෙර ජලය ස්වල්පයක් පානය කළාම හිතුමතේ අපි ආහාර හෙවත් කැලරි ගොඩගසා ගැනීම නවතිනවා. ජලය නිසා බඩ පිරී ඇති බවක් දැනෙන නිසා අපි ආහාර ගන්නා ප්‍රමාණය අඩු වෙනවා. මෙය රසය නිසා ආහාර ගැනීමට පෙළඹී ඇති අයට බොහෝ වැදගත් වේවි.

    4 – සම පැහැපත් වීමට සහ ලස්සන කෙස් කළඹක් සඳහා

    (carliescuttingedgesalon.com)
    (carliescuttingedgesalon.com)

    ජලය පානය නොකොට සිටීම නිසා ශරීරය විජලනය වීමෙන් සම වියළීමට පත් වෙනවා. එමගින් අකාලයේ සමේ සිදුරුමය ස්වභාවයක් සහ රැළි වැටීමට පටන් ගන්නවා. එම නිසා හොඳින් ජලය පානය කිරීමෙන් සමේ පිරුණු ස්වභාවයක් ඇතිවීමට සහ දීප්තිමත්, හොඳ පැහැයක් ලැබීම සිදුවෙනවා. කොණ්ඩයටත් එහෙමයි. කෙස්ගසකින් 1/4කම ජලය අඩංගු වන අතර ජලය නිසිව නොලැබීමෙන් කෙස් ගැලවී යන සහ කැඩී යන ප්‍රමාණය ඉහළ යනවා.

    5 – මුත්‍රාගල් සහ මුත්‍රාශයේ ආසාදන වැළැක්වීම

    (comiterpa.com)
    (comiterpa.com)

    පිබිදුනු වහා හිස්බඩ ජලය පානය කිරීමෙන් උදරයේ ඇති හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැනි අම්ලකාරී තත්වයන් තනුක කරලන නිසා වකුගඩුවල ගල් ඇතිවීම වළකිනවා. එසේම නිතර ජලය පානය කරන්නට හුරුවීමෙන් විවිධ අහිතකර ද්‍රව්‍ය නිසා මුත්‍රාශයේ ඇතිවිය හැකි ආසාදන තත්වයන්ද වැළකී යන නිසා වැළඳීමෙන් පසු සිදු කිරීමට සිදුවන සැත්කම් රැසක් ඔබට සම්පූර්ණයෙන්ම වළකා දෙන්නට, කාලය හා ධනය ඉතුරු කර දෙන්නට ජලයට හැකියාව තිබෙනවා.

    ජල ප්‍රතිකාරය සිදුකරන ආකාරය

    නිතර අව්වේ යාම, වායු සමීකරණ ආසන්නයේ බොහෝ කාලයක් සිටීම කියන්නේ ජලය සිරුරෙන් වැඩිපුර ඉවත්වී යාමට බලපාන දේවල්. ඉතින් දවසේ සිදුවන එම විජලනය සඳහා උදේ පාන්දරින් ම එයට සූදානම් වීම සහ ඉහත සඳහන් කළ සියළු වාසි ලබා ගැනීම සඳහාත් මේ විධියට අපිට ඒ ක්‍රියාවලිය ආරම්භ කරන්නට පුළුවන්.

    • ඔබ උදෑසන පිබිදුනු වහා කිසිවක් ආහාරයට ගැනීමට හෝ දත් මැදීමට පෙර ජලය වීදුරු (මිලි ලීටර 160) හතරක උපරිමය තෙක් පානය කරන්න.
    • ඉදිරි විනාඩි 45 දී කිසිවක් ආහාරයට ගන්න එපා.
    • අනිකුත් වේල් වලදී ආහාර ගැනීමට විනාඩි 30කට පමණ පෙර ජලය පානය කරන්න.

    ඒත් ප්‍රවේශමෙන්

    (upload.wikimedia.org)
    (upload.wikimedia.org)

    ඔබට ජලය වීදුරු හතරක් පානය කිරීම අපහසු නම් ටිකෙන් ටික ඊට හුරු වෙන්න. හැබැයි, එය ඉක්මවා යන්නට එපා. ඉන්දියාවේත් මේ ආකාරයේ ‘ඌෂ පාන චිකිත්සාවනමින් ජල ප්‍රතිකාර ක්‍රමයක් තිබෙන අතර එහි කියවෙන්නේ ජලය ලීටර් 1.5ක් පානය කරන ලෙස යි. එහෙත් අපේ වකුගඩුවලට පැයකදී දැරිය හැකි උපරිම ජල පරිමාව වෙන්නේ මිලි ලීටර් 800ත්, 1000ත් අතර ප්‍රමාණය පමණ යි. ඒ වගේ ම ඉතා අධිකව ජලය පානය කිරීමෙන් රුධිරයේ සෝඩියම් මට්ටමද අඩුව යන නිසා සෛල විස්තාරණයවී මැරුණු ස්වභාවයකට එන්න පුළුවන්. ඒ කියන්නේ, අර “මම නම් ගගේ පනිනවා – වතුර බීලා මැරෙනවා” කියන සින්දුවේ තියෙන කතාව විහිළුවක් විතරක්ම නෙවෙයි.

    කොතරම් කාලයක් කරන්නට ඕනෑද?

    සාමාන්‍ය අයට වගේ ම දැනටමත් රෝගී වුණු අයටත් මේ ක්‍රමය මෙසේ නිර්දේශ කොට තිබෙනවා:

    • දියවැඩියා සහ අධි රුධිර පීඩනය ඇති අය: දින 30ක්
    • උදරයේ ආම්ලිකතාව (ගැස්ට්‍රයිටීස්): දින 10ක්
    • ක්‍ෂය රෝගය: දින 90ක්
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    01 Nov 2016 02:04 AM
    වතුර බොන එකත් බලාගෙන ගියාම බොහෙතක් නේද
    ස්තූතියි අයියේ මේ වැදගත ලිපියට
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    01 Nov 2016 03:07 AM
    මම නම් දිනපතා මේ වැඩේ කරනවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    01 Nov 2016 05:12 AM
    Mamath karanawa ayye habai hamadaama karanne naha. Godak welawata amathaka wenawa
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    01 Nov 2016 05:17 AM
    අමතක වෙනවා අය්යො
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296

    --
    01 Nov 2016 05:21 AM
    මේ වැඩේ නම් මාත් නැගිට්ට ගමන් කරනවා ... ඊට පස්සෙ තමයි ටිකක් පෙවෙනව අඩු වතුර...
    වතුර බීමෙන් මේවගේ වාසි ලබන්න නම් උදේට බොන්න ඕනෙ ඇල් වතුරද නැත්නම් ටිකක් රස්නෙන්ද ?
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    01 Nov 2016 12:02 PM
    මෙහෙම දෙයක් ගැන අහලා තිබුනට විස්තර සහිතව දැන ගත්තෙ අද.......
    ස්තූතියි අයියේ ලිපියට.
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    01 Nov 2016 04:41 PM
    Posted By samantha on 01 Nov 2016 01:35 AM

    මේ තොරතුරු ටික මට වැදගත්.
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536

    --
    02 Nov 2016 12:41 AM
    මේ ලිපිය නම් ගොඩක් වටිනවා අයියේ

    ස්තුති
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    02 Nov 2016 02:35 AM
    Posted By kingD on 01 Nov 2016 05:21 AM
    මේ වැඩේ නම් මාත් නැගිට්ට ගමන් කරනවා ... ඊට පස්සෙ තමයි ටිකක් පෙවෙනව අඩු වතුර...
    වතුර බීමෙන් මේවගේ වාසි ලබන්න නම් උදේට බොන්න ඕනෙ ඇල් වතුරද නැත්නම් ටිකක් රස්නෙන්ද ?

    ඇල් ජලය නේද පානය කරන්න කියන්නේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    02 Nov 2016 08:20 AM
    ඇල් වතුර තමයි මෙතනදි හිස්බඩ බොන්න හොදයි කියලා තියෙන්නේ.
    කොලස්ටරෝල් එහෙම තියේ නම් මද රස්නෙ වතුර වීදුරුවක් බිව්වත් ඇති.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    02 Nov 2016 10:22 AM
    මන් නම් මේක හැමදාම කරනවා .....මන් නම් බොන්නේ ලා රස්නේන් ..එක පුරුද්දක් මට නම් දැන් .
    ලිපියට නම් ගොඩක් ස්තුති ..
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    02 Nov 2016 11:57 AM
    මට නම් උදේම තේ එක තමා ................ඇත්තටම වතුර එලෙස බොනවානම් හොදා තමා
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296

    --
    04 Nov 2016 02:17 AM
    Posted By Rosi on 02 Nov 2016 10:22 AM
    මන් නම් මේක හැමදාම කරනවා .....මන් නම් බොන්නේ ලා රස්නේන් ..එක පුරුද්දක් මට නම් දැන් .
    ලිපියට නම් ගොඩක් ස්තුති ..
    ඇයි නංගි ඔයාට කොලෙස්ට්රෝල් වත් ද ...ලා රස්නෙට වතුර බොන්නෙ ...හසිත මල්ලි දන්න විදිහට කොලේස්ට්‍රෝල් තියන අයලු රස්නෙන් වතුර බොන්නෙ 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    04 Nov 2016 08:43 AM
    Posted By kingD on 04 Nov 2016 02:17 AM
    Posted By Rosi on 02 Nov 2016 10:22 AM
    මන් නම් මේක හැමදාම කරනවා .....මන් නම් බොන්නේ ලා රස්නේන් ..එක පුරුද්දක් මට නම් දැන් .
    ලිපියට නම් ගොඩක් ස්තුති ..
    ඇයි නංගි ඔයාට කොලෙස්ට්රෝල් වත් ද ...ලා රස්නෙට වතුර බොන්නෙ ...හසිත මල්ලි දන්න විදිහට කොලේස්ට්‍රෝල් තියන අයලු රස්නෙන් වතුර බොන්නෙ 

    අයි අවුල් ද  මට නම් ඔය ලෙඩ  මුකුත් නැ ,,ලා රස්නේනේ බිවුවා කියලා  වරදකුත් වෙලා නැ 
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    04 Nov 2016 09:45 AM
    මටනං ඒ ලෙඩ තියෙනවා නමුත් මේ දේ හරියට වෙන්නෙ නැහැ ඒකනේ වැඩේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    05 Nov 2016 10:33 AM
    මටත් නං හිස් බඩට වතුර බොන්න බැ.ඒත් පුරුදු වෙන එක හොදයි.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    07 Nov 2016 05:57 PM
    අමාරුවෙන් හරි පුරුදු වෙන්න හොද දේවල් ළමයිනේ
    0

    Sanda
    New Member
    New Member
    Posts:69

    --
    08 Nov 2016 04:59 AM

    ෂා මම කැමතිම කෑම ජාති මෙතන තියෙන්නේ

    0

    Sanda
    New Member
    New Member
    Posts:69

    --
    08 Nov 2016 05:04 AM
    මාත් හැමදාම උදේට වතුර වීදුරුවක් බොනවා
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    08 Nov 2016 05:13 AM
    වතුර තරම් බෙහෙතක් නෑ තවත්
    දිනයක වැටහේවී...........
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    20 Nov 2016 12:17 AM

    සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්න වගේද? උගුර රිදෙනවද? මෙන්නෙ ඔබට ගෙදරදීම කල හැකි පිලියම් අපෙන්

    උගුරේ ආසාදන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් හේතු කීපයක්ම තියෙනව. සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇතිවීමට පෙර මේ අයුරින් උගුරේ ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. මේ තත්වය නම් හුඟක් වෙලාවට දින දෙක තුනකින් ඇරිල යන්න පුළුවන්. එහෙමත් නැත්නම් බැක්ටීරියා ආසාදනයක් හෝ උගුරෙහි පටක වල සීරීමක් හෝ ඇදීමක් වැනි තත්ත්වයකදීත් උගුරේ ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. ශබ්ද නගා කතා කිරීමකට පසුව වැනි දේකදිත් මේ උගුර ආසාදනයක් ඇති වීම සාමාන්‍යයි. අනිවා අපි අද මේ කියන්න හදන්නෙ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකදී උගුරේ ආසාදන අවස්ථාවක නිවසේදීම ඔබට කර ගත හැකි ප්‍රතිකාර කීපයක් ගැන.

    බැක්ටීරියා ආසාදනයක් හෝ උගුරේ පටක වලට හානි ඇති වූ අවස්ථාවක අත් බෙහෙත් වලට වඩා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම වඩාත්ම සුදුසුයි. කුඩා දරුවන්, අධික ලෙස දුම්පානයට ඇබ්බැහි වූවන්, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා ඇති අය සහ ආසාදන තත්ත්වයන් ඇති අය උගුරේ ආසාදනයකදී ගෙදරදී කරන මෙවැනි අත් බෙහෙත් වලට යොමු නොවී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අනිවාර්යයි කියලත් මතක් කරන්න ඕනෙ.

    1. උගුර ආසාදනයක ලක්ශණ මොනවද?
    Sore Throat Remedies

    Source – vixper.com

    උගුර වියලීම, උගුරේ කැසීමක්, වේදනාවක්, ආහාර පාන ගිලීමේ අපහසුතාවයක් සහ කතා කිරීමේදී ඇති වෙන වේදනාව හෝ හඬ වෙනස් වීම මූලික ලක්ශණයි.

    2. කල යුතු නොකල යුතු දේ
    Sore Throat Remedies

    Source – olwomen.com

    උගුරෙ අමාරුවක් ආවම උණු උණුවෙන්ම මොනවා හරි දෙයක් බොන එක හරිම සනීපයි කියල තමා අපිට හිතෙන්නෙ. නමුත් සාමාන්‍යෙන් අපි පානය කරනවාට වඩා රස්නෙන් වතුර හෝ තේ හෝ පානය කිරීම ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.

    උණු උණුවෙන්ම හදාගන්න මේ ඖෂධීය පානයන් පානයට ප්‍රථම එහි හුමාලය ආඝ්‍රාණය කිරීමෙනුත් ඔබට තරමක සහනයක් ලබාගන්න පුළුවන්. බීමට හැකි තරම් නිවුනු පසු මේ සෑම පානයක්ම ලබාගන්න ඕනෙ.

    උගුර වියලිව පැවතීම නිසාත් උගුරේ වේදනාව සහ අපහසුතාවය වැඩි වෙන්න පුළුවන් නිසා නිතරම ජලය පානය කිරීම වඩාත් සුදුසුයි. විජලනය වීමෙන් වැලකී සිටීම අනිවාර්යයි.

    3. ලුණු මිශ්‍ර උණුවතුර
    Sore Throat Remedies

    Source – stylecraze.com

    පොඩි කාලෙ ඉඳන්ම උගුරෙ අමාරුවක් කියූ සැණෙන් අම්මල අපිට දෙන පලවෙනි අත් බෙහෙත මේ. ඒත් හිතු මතේට ලුණු බෝතලෙන් ලුණු දාල උගුර සේදීම කරන එක හොඳ නැහැ. ඒ වගේම කටට ගන්න බැරි තරම් රස්නෙන් වතුර ගන්න එකත් නිවැරදි ක්‍රමය නෙවෙයි. අත දැමිය හැකි තරම් මද රස්නෙ වතුර මිලිලීටර් 230කට ලුණු කුඩු තේ හැඳි 1\4ත් 1\2ත් අතර ප්‍රමාණයක් මිශ්‍ර කර යන්තමින් උගුර සේදීම කල යුතුයි.

    4. වැල්මී
    Sore Throat Remedies

    Source – brands-list.com

    වැල්මී වල අඩංගු රසායන උගුරේ පේශීන් වල ඉදිමුම අඩු කර සහනය සලස්වා කැස්ස අඩු කිරීමට උපකාර වෙනව. හොඳින් පිරිසිදු කරගත් වැල්මී කැබැල්ලක් සැපීමට මෙන්ම උණුවතුරෙන් තම්බා පානය කිරීමද, කුඩු කර ප්ලේන් ටී වලට එක් කර පානය කිරීමද කල හැකියි.

    5. මී පැණි
    Sore Throat Remedies

    Source – suebee.com

    ස්වභාවික විශබීජ නාශකයක්. පිරිසිදු මී පැණි තේ හැඳි 2ක් නිකම්ම ගැනීම හෝ උණුවතුර කෝප්පයකට  මී පැණි තේ හැඳි 2ක්, දෙහි යුශ තේ හැන්දක් මිශ්‍ර කර පානය කිරීමෙන්ද උගුරේ ඇති වෙන අපහසුතාවයන්ට කදිම පිළියමක්.

    6. මිංචි කොළ
    Sore Throat Remedies

    Source – youtube.com

    උගුරේ වේදනාව සමනය කිරීමට මිංචි කොල කිහිපයක් උණු වතුරට කෝප්පයකට දමා එයට මී පැ ණි තේ හැන්දක් එක් කර පානය කරන්න. මිංචි කොල වලින් උගුරේ ඉදිමුමම අඩු කර වේදනාවට සහනය සලසනව.

    7. කරාබු නැටි
    Sore Throat Remedies

    Source – inside.lk

    කැස්සත් සමඟ එන උගුරේ වේදනාවට කරාබු නැටි වලින් ඔබට සහනයක් ලබාගන්න පුළුවන්. තලාගත් කරාබු නැටි 7,8ක් උණුවතුර කෝප්පයකට දමා වසා විනාඩි 5ක් තබා පානය කරන්න.

    8. ඉඟුරු
    Sore Throat Remedies

    Source – fragrantica.com

    තලාගත් ඉඟුරු කැබැල්ලක්, මී පැණි තේ හැන්දක්, දෙහි යුශ මේස හැන්දක් එක් කරගත් උණුවතුර කෝප්පයක් පානය කිරීමෙන් උගුරෙහි වේදනාවට මෙන්ම උගුරේ අමාරුව සමඟ එන කැස්ස ගතියට පිලියම් කරගත හැකියි.

    9. උළුහාල්
    Sore Throat Remedies

    Source – spiceparadise.lk

    උළුහාල් තේ හැඳි දෙකක් නටන වතුරේ විනාඩි 30ක් තම්බා ඒ වතුරෙන් උගුර සේදීමෙන් කැස්ස නිසා උගුරේ ඇති වූ තුවාල ඉක්මණින් සුව වීමට සහ ඉදිමුම් ගතිය පහව යාමට උපකාර වෙනව.

    10. කුරුඳු සහ මී පැණි
    Sore Throat Remedies

    Source – healthline.com

    කුරුඳු කුඩු තේ හැඳි 1\2ක් සහ මී පැණි තේ හැන්දක් එක් කල උණුවතුර හෝ කිරි කෝප්පයක් පානය කිරීමෙන් ඉදිමුනු සහ වේදනා දෙන උගුරට පිලියම් කර ගත හැකියි.

    Disclaimer – මේ ප්‍රතිකාර ක්‍රම කිරීමේදී ඔබට ඇති ආසාත්මිකතා ගැන දැනුවත් වන ලෙස වගේම තදබල ලෙස පවතින උගුරේ අපහසුතාවයකදී වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත් අනිවා මතක් කරන්න කැමතියි.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    20 Nov 2016 01:17 AM
    Posted By samantha on 20 Nov 2016 12:17 AM

    මේක නම් මටම කියාපු එකක්.මටත් සෙම තියනවා.හැමදාම කොත්තමල්ලී ඉගුරු එක්ක බොනවා.සමන්ත අයියේ බොහෝමත්ම පිං.මේ ලිපිය සෙව් කර ගන්නවා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    20 Nov 2016 09:17 AM
    වටිනාම ලිපියක්.මේක මමත් save කලා.
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472

    --
    20 Nov 2016 10:02 AM
    සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්න වගේද? උගුර රිදෙනවද? මෙන්නෙ ඔබට ගෙදරදීම කල හැකි පිලියම් අපෙන්................................................................................
    මෙහෙ නම් ලංකාවේ කොල්ලෝ කරන්නේ අර රියල් 20ට ට විකුණන පොඩි ගිනිවතුර බෝතලයක් උගුරේ හලා ගන්න එක.
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    malki
    Basic Member
    Basic Member
    Posts:216

    --
    20 Nov 2016 02:34 PM
    බොහොම වටින පොස්ට් එකක්.....බොහොම ස්තුති !!

    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    20 Nov 2016 06:22 PM
    වටිනා අත් බෙහෙත් ටිකක් .ස්තුති අයියේ
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    20 Nov 2016 07:27 PM
    Posted By gamini on 20 Nov 2016 10:02 AM
    සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්න වගේද? උගුර රිදෙනවද? මෙන්නෙ ඔබට ගෙදරදීම කල හැකි පිලියම් අපෙන්................................................................................
    මෙහෙ නම් ලංකාවේ කොල්ලෝ කරන්නේ අර රියල් 20ට ට විකුණන පොඩි ගිනිවතුර බෝතලයක් උගුරේ හලා ගන්න එක.

    … …එතකොට හොද වෙනවද ?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    20 Nov 2016 09:05 PM
    Posted By samantha on 20 Nov 2016 12:17 AM

    සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්න වගේද? උගුර රිදෙනවද? මෙන්නෙ ඔබට ගෙදරදීම කල හැකි පිලියම් අපෙන්

    උගුරේ ආසාදන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් හේතු කීපයක්ම තියෙනව. සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇතිවීමට පෙර මේ අයුරින් උගුරේ ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. මේ තත්වය නම් හුඟක් වෙලාවට දින දෙක තුනකින් ඇරිල යන්න පුළුවන්. එහෙමත් නැත්නම් බැක්ටීරියා ආසාදනයක් හෝ උගුරෙහි පටක වල සීරීමක් හෝ ඇදීමක් වැනි තත්ත්වයකදීත් උගුරේ ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. ශබ්ද නගා කතා කිරීමකට පසුව වැනි දේකදිත් මේ උගුර ආසාදනයක් ඇති වීම සාමාන්‍යයි. අනිවා අපි අද මේ කියන්න හදන්නෙ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකදී උගුරේ ආසාදන අවස්ථාවක නිවසේදීම ඔබට කර ගත හැකි ප්‍රතිකාර කීපයක් ගැන.

    බැක්ටීරියා ආසාදනයක් හෝ උගුරේ පටක වලට හානි ඇති වූ අවස්ථාවක අත් බෙහෙත් වලට වඩා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම වඩාත්ම සුදුසුයි. කුඩා දරුවන්, අධික ලෙස දුම්පානයට ඇබ්බැහි වූවන්, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා ඇති අය සහ ආසාදන තත්ත්වයන් ඇති අය උගුරේ ආසාදනයකදී ගෙදරදී කරන මෙවැනි අත් බෙහෙත් වලට යොමු නොවී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අනිවාර්යයි කියලත් මතක් කරන්න ඕනෙ.

    1. උගුර ආසාදනයක ලක්ශණ මොනවද?
    Sore Throat Remedies

    Source – vixper.com

    උගුර වියලීම, උගුරේ කැසීමක්, වේදනාවක්, ආහාර පාන ගිලීමේ අපහසුතාවයක් සහ කතා කිරීමේදී ඇති වෙන වේදනාව හෝ හඬ වෙනස් වීම මූලික ලක්ශණයි.

    2. කල යුතු නොකල යුතු දේ
    Sore Throat Remedies

    Source – olwomen.com

    උගුරෙ අමාරුවක් ආවම උණු උණුවෙන්ම මොනවා හරි දෙයක් බොන එක හරිම සනීපයි කියල තමා අපිට හිතෙන්නෙ. නමුත් සාමාන්‍යෙන් අපි පානය කරනවාට වඩා රස්නෙන් වතුර හෝ තේ හෝ පානය කිරීම ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.

    උණු උණුවෙන්ම හදාගන්න මේ ඖෂධීය පානයන් පානයට ප්‍රථම එහි හුමාලය ආඝ්‍රාණය කිරීමෙනුත් ඔබට තරමක සහනයක් ලබාගන්න පුළුවන්. බීමට හැකි තරම් නිවුනු පසු මේ සෑම පානයක්ම ලබාගන්න ඕනෙ.

    උගුර වියලිව පැවතීම නිසාත් උගුරේ වේදනාව සහ අපහසුතාවය වැඩි වෙන්න පුළුවන් නිසා නිතරම ජලය පානය කිරීම වඩාත් සුදුසුයි. විජලනය වීමෙන් වැලකී සිටීම අනිවාර්යයි.

    3. ලුණු මිශ්‍ර උණුවතුර
    Sore Throat Remedies

    Source – stylecraze.com

    පොඩි කාලෙ ඉඳන්ම උගුරෙ අමාරුවක් කියූ සැණෙන් අම්මල අපිට දෙන පලවෙනි අත් බෙහෙත මේ. ඒත් හිතු මතේට ලුණු බෝතලෙන් ලුණු දාල උගුර සේදීම කරන එක හොඳ නැහැ. ඒ වගේම කටට ගන්න බැරි තරම් රස්නෙන් වතුර ගන්න එකත් නිවැරදි ක්‍රමය නෙවෙයි. අත දැමිය හැකි තරම් මද රස්නෙ වතුර මිලිලීටර් 230කට ලුණු කුඩු තේ හැඳි 1\4ත් 1\2ත් අතර ප්‍රමාණයක් මිශ්‍ර කර යන්තමින් උගුර සේදීම කල යුතුයි.

    4. වැල්මී
    Sore Throat Remedies

    Source – brands-list.com

    වැල්මී වල අඩංගු රසායන උගුරේ පේශීන් වල ඉදිමුම අඩු කර සහනය සලස්වා කැස්ස අඩු කිරීමට උපකාර වෙනව. හොඳින් පිරිසිදු කරගත් වැල්මී කැබැල්ලක් සැපීමට මෙන්ම උණුවතුරෙන් තම්බා පානය කිරීමද, කුඩු කර ප්ලේන් ටී වලට එක් කර පානය කිරීමද කල හැකියි.

    5. මී පැණි
    Sore Throat Remedies

    Source – suebee.com

    ස්වභාවික විශබීජ නාශකයක්. පිරිසිදු මී පැණි තේ හැඳි 2ක් නිකම්ම ගැනීම හෝ උණුවතුර කෝප්පයකට  මී පැණි තේ හැඳි 2ක්, දෙහි යුශ තේ හැන්දක් මිශ්‍ර කර පානය කිරීමෙන්ද උගුරේ ඇති වෙන අපහසුතාවයන්ට කදිම පිළියමක්.

    6. මිංචි කොළ
    Sore Throat Remedies

    Source – youtube.com

    උගුරේ වේදනාව සමනය කිරීමට මිංචි කොල කිහිපයක් උණු වතුරට කෝප්පයකට දමා එයට මී පැ ණි තේ හැන්දක් එක් කර පානය කරන්න. මිංචි කොල වලින් උගුරේ ඉදිමුමම අඩු කර වේදනාවට සහනය සලසනව.

    7. කරාබු නැටි
    Sore Throat Remedies

    Source – inside.lk

    කැස්සත් සමඟ එන උගුරේ වේදනාවට කරාබු නැටි වලින් ඔබට සහනයක් ලබාගන්න පුළුවන්. තලාගත් කරාබු නැටි 7,8ක් උණුවතුර කෝප්පයකට දමා වසා විනාඩි 5ක් තබා පානය කරන්න.

    8. ඉඟුරු
    Sore Throat Remedies

    Source – fragrantica.com

    තලාගත් ඉඟුරු කැබැල්ලක්, මී පැණි තේ හැන්දක්, දෙහි යුශ මේස හැන්දක් එක් කරගත් උණුවතුර කෝප්පයක් පානය කිරීමෙන් උගුරෙහි වේදනාවට මෙන්ම උගුරේ අමාරුව සමඟ එන කැස්ස ගතියට පිලියම් කරගත හැකියි.

    9. උළුහාල්
    Sore Throat Remedies

    Source – spiceparadise.lk

    උළුහාල් තේ හැඳි දෙකක් නටන වතුරේ විනාඩි 30ක් තම්බා ඒ වතුරෙන් උගුර සේදීමෙන් කැස්ස නිසා උගුරේ ඇති වූ තුවාල ඉක්මණින් සුව වීමට සහ ඉදිමුම් ගතිය පහව යාමට උපකාර වෙනව.

    10. කුරුඳු සහ මී පැණි
    Sore Throat Remedies

    Source – healthline.com

    කුරුඳු කුඩු තේ හැඳි 1\2ක් සහ මී පැණි තේ හැන්දක් එක් කල උණුවතුර හෝ කිරි කෝප්පයක් පානය කිරීමෙන් ඉදිමුනු සහ වේදනා දෙන උගුරට පිලියම් කර ගත හැකියි.

    Disclaimer – මේ ප්‍රතිකාර ක්‍රම කිරීමේදී ඔබට ඇති ආසාත්මිකතා ගැන දැනුවත් වන ලෙස වගේම තදබල ලෙස පවතින උගුරේ අපහසුතාවයකදී වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත් අනිවා මතක් කරන්න කැමතියි.

    සෙම්ප්‍රතිශ්‍යාව කියන්නේ නිතර නිතර මුහුණ දෙන තත්ත්වයක් ..

    ඉතා වටිනා ලිපියක් ...

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    20 Nov 2016 10:20 PM
    Posted By gamini on 20 Nov 2016 10:02 AM
    සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්න වගේද? උගුර රිදෙනවද? මෙන්නෙ ඔබට ගෙදරදීම කල හැකි පිලියම් අපෙන්................................................................................
    මෙහෙ නම් ලංකාවේ කොල්ලෝ කරන්නේ අර රියල් 20ට ට විකුණන පොඩි ගිනිවතුර බෝතලයක් උගුරේ හලා ගන්න එක.
    ඔය ගිනි වතුර බෝතල් ටිකක්  අපේ කට්ටියට  හොඳ නැද්ද? මම අදහස් කලේ හෙම්බිරිස්සවට හොඳේ..

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536

    --
    21 Nov 2016 02:46 AM
    මේක නම් බොහොම වැදගත් ලිපියක් මාත් අරගන්නවා ස්තුති කරන ගමන්
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    27 Nov 2016 12:49 AM

    පිළිකා ඇති වීමට බලපාන හේතු හරියටම දැන ගනිමු

    අවුරුදු ගනනාවක් තිස්සේ වැඩුණු විශාල ගසක වුනත් පිළිලයක් හැදුනොත් ඒ ගසේ අත්තක් අත්තක් පාසා කොළයක් කොළයක් පාසා පැතිරිලා ගිහින් මුළු ගසම විනාශ කරන්න උනත් හැකියාවක් තියෙනවා. ඒ බව දැනගත්ත අපේ පැරණි මුතුන් මිත්තන් කළේ ඒ පිළිලය හැදුනු කොටස ගසෙන් කපලා ඉවත් කරන එක. පිළිකාවක් කියන්නෙත් හරියටම අන්න ඒ වගේ දෙයක් තමයි. මුලදීම දැනගත්තොත් බෙහෙත් වලින් සුව කරන්න පුළුවන්. එහෙම බැරිනම් පිළිකාව පැතිරිලා තියෙන කොටස ඇඟන් ඉවත් කරලා සුව කරන්න පුළුවන්. ඒත් හැම පිලිකාවක්ම එහෙම සුව කරන්නත් බැහැ.

    අපිට හරි නැත්තම් අපේ නෑදෑයෙක්ට හරි අසල්වැසියෙක්ට හරි පිළිකාවක් හැදිලා කියලා දැනගත්තහම ජීවිතය පිළිබඳව තියෙන බලාපොරොත්තු අතහැරලා දාලා, කරන්න ඕන මොකක්ද?, යන්න ඕන කොහෙටද? කියලා හිතා ගන්නවත් බැරි වෙනවා. ඇත්තටම අපි ඒ වෙලාවට ගොඩක් අසරණ වෙනවා නේද? මම හිතනවා මට වගේම ඒ අත්දැකීම මේ ලිපිය කියවන ඔබටත් සමහරවිට ඇති කියලා. අද අපි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ පිළිකා ඇතිවෙන්න බලපාන හේතු පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි.

    පිළිකාවක් කියලා කියන්නේ පාලනයක් නැතුව අසාමාන්‍ය විදිහට බෙදීමට ලක් වුන සෛල ගොනුවකට (Malignant cells). ඉස්සර කාලේ නම් පිළිකාවක් හැදුනොත් ඒ කෙනා ඊලඟට හිතන්නේ මරණය ගැන වුනත් දැන් එහෙම නැහැ. ඒ මොකද පිළිකා සුව කරන්න බෙහෙත් තාක්ෂණයේ දියුණුවත් එක්ක අද වෙනකොට හොයාගෙන තියෙනවා. පිළිකාවක් මූලික අවස්ථාවේදීම හඳුනා ගත්තොත් වෛද්‍ය විද්‍යාව භාවිතයෙන් බොහෝ දුරට සුව කරන්න පුළුවන්. පිළිකා හැදෙන්න හේතු ගොඩක් බලපානවා. ඒවා තමයි දුම්කොළ හා මත්පැන් භාවිතා කිරීම, රසායනික ද්‍රව්‍ය භාවිතය, විවිධ ආහාර වර්ග භාවිතා කිරීම, රැකියාවේදී පිළිකාකාරක වලට සිරුර නිරාවරණය වීම, ජානමය සාධක, පාරිසරික සාධක, හෝමෝන ක්‍රියාකාරිත්වය, විවිධ ඖෂධ භාවිතය, පරපෝෂිත හා ක්ෂූද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය, වෙනත් රෝගවල පසු කාලීන සංකුලතා, තරබාරුකම හා ක්‍රියාශීලීභාවය අඩු විම හා වයස්ගත වීම කියන හේතු.

    දුම්කොළ හා මත්පැන් භාවිතා කිරීම

    මොන තරම් භයානක වුණත් වැඩි දෙනා තවමත් දුම්කොළ නිෂ්පාදන සහ මධ්‍යසාර පාවිච්චි කරනවා. රූපය : howstuffworks.com
    මොන තරම් භයානක වුණත් වැඩි දෙනා තවමත් දුම්කොළ නිෂ්පාදන සහ මධ්‍යසාර පාවිච්චි කරනවා. රූපය : howstuffworks.com

    පිළිකා හේතුකාරක අතරින් ප්‍රධාන තැනක් හිමි වෙන්නේ චර්යාත්මක හා සමාජීය සාධක වලට. දුම් පානයට තමයි ඒ අතරිනුත් ප්‍රධාන තැනක් හිමි වෙන්නේ. දුම්වැටි වල පිළිකාජනක 40කට වඩා වැඩි ගණනක් අඩංගු බව ඔබ පිළිගන්නවාද? දුම්වැටි වල අඩංගු හානිකරම රසායනික ද්‍රව්‍ය තමයි තාර(Tar) කියලා කියන්නේ.

    දුම් පානය කරන අය ආකාර දෙකකට ඉන්නවා. ඒ තමයි සක්‍රීය දුම් පානය කරන්නන් හෙවත් ඇත්තටම දුම්වැටි පානය කරන අය හා අක්‍රීය දුම් පානය කරන්නන් හෙවත් දුම්පානය කරන අය ලඟ සිටීම නිසා පිළිකාජනක ශරීරගත වෙන අය. සක්‍රීය දුම්පානය කරන්නන්ට වඩා අක්‍රීය දුම්පානය කරන්නන්ගේ ශරීර තුළට පිලිකාජනක ඇතුල් වීමේ අවදානම පනස් ගුණයකින් විතර වැඩි බව ගොඩක් දෙනා නොදන්නා කරුණක්.

    දුම්පානය කරන්නන් අතර පෙණහළු පිළිකා සෑදීමේ වැඩි ප්‍රවණතාවක් දකින්න පුළුවන්. ඒ වගේම තමයි උගුර ප්‍රදේශය ආශ්‍රිත පිළිකා, ගලනාලය, අග්න්‍යාශය, වකුගඩු, මුත්‍රාශය, හා ගැබ්ගෙල ආශ්‍රිත පිළිකා සෑදීමේ හැකියාවද දුම්පානය කරන්නන්ට තියෙනවා. දුම්පානයට අමතරව මත්පැන් පානය කරන අයට මේ පිළිකා සෑදීමේ ප්‍රවණතාවය තවත් වැඩියි.

    බුලත් විට සැපීම නිසාත් විශේෂයෙන්ම මේ මුඛ පිළිකා ඇති වෙන්න ලොකු අවදානමක් තියෙනවා. බුලත් එක්ක ගන්න පුවක්, දුම්කොළ, හුණු වගේ දේවල් වල පිලිකාජනක අඩංගු වෙනවා. මේ කරුණ ගැන නම් ශ්‍රී ලාංකික අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන නේද?

    රසායනික ද්‍රව්‍ය භාවිතය

    තවමත් වැඩි දෙනා වහලය සෙවිලි කරන්න ගන්න ඇස්බැස්ටෝස් ප්‍රබල පිළිකාකාරකයක්. රූපය : asbestos.vic.gov.au
    තවමත් වැඩි දෙනා වහලය සෙවිලි කරන්න ගන්න ඇස්බැස්ටෝස් ප්‍රබල පිළිකාකාරකයක්. රූපය : asbestos.vic.gov.au

    විවිධ රසායනික ද්‍රව්‍ය මගිනුත් පිළිකා ඇති වෙනවා කියලා විද්‍යාත්මකව සනාථ වෙලා තියෙනවා. ඇස්බැස්ටෝස් (Asbestos) හා පෙණහළු පිළිකා අතර තියෙන සම්බන්ධතාව උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. කාලයක් තිස්සේ ඇස්බැස්ටෝස් තහඩු වලින් වැටෙන කුඩු ශ්වසන මාර්ගය ඔස්සේ ශරීරගත විමේ ප්‍රථිපලයක් විදිහට තමයි මේ පෙණහළු පිළිකා ඇති වෙන්නේ. ඒ වගේම තමයි සමහර කෘමිනාශක වල තියෙන ආසනික් (Arsanic) කියන රසායනික ද්‍රව්‍ය පෙණහළු හා සමේ පිළිකා ඇති කරන්නත් රබර් හා සම් කර්මාන්ත වලදී භාවිතා කරන බෙන්සීන් (Benzene) රසායනික ද්‍රව්‍ය ලියුකීමියා වර්ග ඇති කරන්නත් දායක වෙනවා.

    විවිධ ආහාර වර්ග භාවිතා කිරීම

    ආහාර හා විවිධ රෝගාබාධ අතර ලොකු සම්බන්ධතාවක් තියෙනවා කියන එක අපි හැමෝම දන්න දෙයක්. පිළිකා ඇති වෙන්නත් විවිධ ආහාර හේතු වෙනවා.

    පියයුරු පිළිකා හා මහබඩවැල ආශ්‍රිත පිළිකා ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතු විදිහට අධික තෙල් සහිත ආහාර ගැනීම හා සත්ව මේද බහුලව අඩංගු වෙන ආහාර ගැනීම හඳුන්වන්න පුළුවන්. ආහාර කල් තියා ගන්න, වර්ණ ගන්වන්න හා රසකාරකයන් විදිහට භාවිත කරන රසායනික ද්‍රව්‍ය පිළිකාකාරක විදිහට ක්‍රියා කරන බව හොයා ගෙන තියෙනවා.

    අධික තෙල්, සීනි, වර්ණක සහ රසකාරක අඩංගු ආහාර පිළිකා ඇති කරන්න බෙහෙවින් දායක වෙනවා. රූපය : iran-daily.com
    අධික තෙල්, සීනි, වර්ණක සහ රසකාරක අඩංගු ආහාර පිළිකා ඇති කරන්න බෙහෙවින් දායක වෙනවා. රූපය : iran-daily.com

    විවිධ ආහාර වර්ග මත වැඩෙන ක්ෂුද්‍ර ජීවින් නිපදවන විෂ වර්ගද පිළිකාකාරක විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම තමයි පිළිකා ඇති වෙන්න විවිධ පෝෂණ ද්‍රව්‍ය වල ඌනතා ද බලපානවා. උදාහරණ විදිහට විටමින් A, C, E වගේ ප්‍රතිඔක්සිකාරක විටමින් වර්ග හා සින්ක් (Zinc), සෙලිනියම් (Selenium) වගේ ඛනිජ ලවණ හඳුන්වන්න පුළුවන්.

    එළවලු, පලතුරු හා පලාවර්ග අඩුවෙන් ආහාරයට ගන්න අයට මහාන්ත්‍ර පිළිකා සෑදීමේ වැඩි නැඹුරුතාවයක් තියෙනවා.

    රැකියාවේදී පිළිකාකාරක වලට සිරුර නිරාවරණය වීම

    සමහර රැකියාවල නිරත වෙන අයට යම් යම් පිළිකා වර්ග හැදීමේ ප්‍රවණතාවක් ඇති බව සොයාගෙන තියෙනවා. ඒ මොකද ඒ ඒ රැකියා ආශ්‍රිතව විවිධ රසායනික ද්‍රව්‍ය වලට සිරුර නිරාවරණය වෙන නිසා. උදාහරණ විදිහට කෘෂිකාර්මික කර්මාන්ත, පෙට්ට්‍රෝලියම් නිෂ්පාදන, සායම් වර්ග (Dye) ආශ්‍රිත කර්මාන්ත, රබර්, සම්, වායු වර්ග ආශ්‍රිත කර්මාන්ත හඳුන්වන්න පුළුවන්.

    විකිරණ ආශ්‍රිත රැකියාවල නිරත වෙන අයටත් පිළිකා සෑදීමේ ප්‍රවණතාවය වැඩියි. එකට හේතුව තමයි විශේෂයෙන්ම දිර්ඝකාලීනව විකිරණ වලට සිරුර නිරාවරණය වීම. මෙමගින් සිරුරේ DNA වල වෙනස්කම් සිදු වෙලා පිළිකා හට ගන්නවා.

    එක්ස් කිරණ යන්ත්‍ර ක්‍රියාකරවන්නන් අධික විකිරණ මාත්‍රාවකට නිරාවරණය වෙනවා. රූපය : funkidslive.com
    එක්ස් කිරණ යන්ත්‍ර ක්‍රියාකරවන්නන් අධික විකිරණ මාත්‍රාවකට නිරාවරණය වෙනවා. රූපය : funkidslive.com

    ජානමය සාධක

    ගොඩක් අය හිතනවා තමන්ගේ ඥාතියෙකුට පිළිකාවක් හැදුනම ඒවා පරම්පරාවෙන් පරම්පරාවට යනවා කියලා. ඒත් ගොඩක් පිළිකා සම්බන්ධව නම් එක ඇත්තක් නෙවෙයි මොකද ගොඩක් පිලිකා වර්ග පරම්පරාගත වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒත් සමහර පිළිකා නම් පරම්පරාවෙන් පරම්පරාවට යන්න වැඩි නැඹුරුතාවක් දක්වනවා. පියයුරු පිළිකා, මහාන්ත්‍ර පිළිකා, ඩිම්බකෝෂ පිළිකා මෙයට උදාහරණ විදිහට හඳුන්වන්න පුළුවන්.

    සමහර ප්‍රවේණිගත (පරම්පරාවෙන් පරම්පරාවට යන) සාධක යමෙක් තුළ පිළිකා ඇති වීම වළක්වනවා. අනෙක් අතට එක් එක් ජානගත රෝග තියෙන අයට සමහර පිළිකා වර්ග සෑදීමේ ඉඩකඩ වැඩියි.

    විවිධ ඖෂධ භාවිතය

    පහසුවෙන් ඇඟ හදා ගන්න කියලා එන්නත් කර ගන්න ස්ටරොයිඩ් නිසා ඔබව පහසුවෙන්ම පිළිකා වලට ගොදුරු වෙන්න පුළුවන්. රූපය : broscience.com
    පහසුවෙන් ඇඟ හදා ගන්න කියලා එන්නත් කර ගන්න ස්ටරොයිඩ් නිසා ඔබව පහසුවෙන්ම පිළිකා වලට ගොදුරු වෙන්න පුළුවන්. රූපය : broscience.com

    ස්ටරොයිඩ් (Steroids) ඛණ්ඩයට අයිති සමහර ඖෂධ ගත්තම පිළිකා හැදෙන්න පුළුවන් වුනත් එහෙම වෙන්නේ කලාතුරකින්. විවිධ අවයව බද්ධ කලාට පස්සේ රෝගීන්ට ස්ටරෝයිඩ ඖෂධ දීර්ඝ කාලීනව දෙන්න වෙනවා. ඒ වගේ අවස්ථාවලදී රෝගියාගේ ප්‍රතිශක්තිය හීන වීම නිසා ඔවුන් විවිධ පිළිකා වලට ගොදුරු වෙන්න පුළුවන්.

    සමහර පිළිකා වලට ප්‍රතිකාර විදිහට භාවිතා කරන පිළිකා නාශක නිසාත්, පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන්න භාවිත කරන විකිරණ ප්‍රතිකර්ම නිසාත් කලාතුරකින් වෙනත් පිළිකා පවා ඇතිවෙනවා.

    පරපෝෂිත හා ක්ෂූද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය

    බැක්ටිරියා, වෛරස හා විවිධ පරපෝෂිතයන්ට මිනිසා තුල පිළිකා ඇති කරන්න පුළුවන්. හෙපටයිටිස් (Hepatitis) B හා C ආසාදන තමයි අක්මාවේ පිළිකා ඇති කරන්නේ. එප්ස්ටයින් බාර් (Epstein Bar) කියන වෛරසය මගින් ලිම්ෆෝමාව (Lymphoma) හා නාසය පිටුපස ප්‍රදේශය ආශ්‍රිතව හට ගන්න පිළිකාද ඇති කරන බව හොයාගෙන තියෙනවා.

    මානව පැපිලෝමා වෛරසය (Human Papilloma Virus) කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා, පුරුෂලිංගයේ පිළිකා හා ලිංගික ප්‍රදේශය ආශ්‍රිතව සමේ පිළිකා ඇති කරනවා. ඒ වගේම තමයි සිස්ටසොමයිසීස් (Schistosomiasis) කියන පරපෝෂිතයා මුත්‍රාශයේ පිළිකා ඇති කරන්න දායක වෙනවා.

    වෙනත් රෝගවල පසු කාලීන සංකුලතා

    පිළිකා හැදෙන්න බලපාන තවත් හේතුවක් තමයි වෙනත් රෝග වල පසු කාලින සංකුලතා.

    ගැබ්ගෙල ප්‍රදේශයේ හට ගන්නා වෙනස්කම් කල්ගත වීමේදී පිළිකා බවට පත් වෙන්න පුළුවන්. ලිංගික ඉන්නන් හටගැනීම සඳහා හේතු වෙන මානව පැපිලෝම නමැති වෛරසය ගැබ්ගෙල පිළිකා සඳහාද හේතු වෙන බව හොයාගෙන තියෙනවා.

    මුත්‍රාශයේ ගල් බොහෝ කාලයක් තිස්සේ පැවතීම නිසා මුත්‍රාශයේ පිළිකා හට ගන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි කැඩුණු දත් හා නියමාකාරව සවි නොවන කෘතීම දත් ඇඳි ආදිය නිසා මුඛයේ ශ්ලේෂ්මල පටලය හා දිව නිරන්තරයෙන් උද්දීපනයට ලක් වීම නිසා මුඛයේ හා දිවේ පිළිකා ඇති වෙන්න පුළුවන්.

    ලංකාවේ අපි ගොඩ දෙනෙක්ට තියෙන ලෙඩක් තමයි ගැස්ට්‍රියිටීස් කියලා කියන්නේ. අපි මේ ගැස්ට්‍රියිටීස් ගැන වැඩිය හිතුවේ නැති වුනාට ගැස්ට්‍රියිටීස් නිසා ඇති වෙන අමශයික තුවාල කල් ගත වීමත් එක්ක පිළිකා බවට හැරෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

    තරබාරුකම හා ක්‍රියාශීලීභාවය අඩු විම

    තරබාරුකම පිළිකා වගේම වෙනත් රෝග බොහොමයකට හේතු වෙන සෞඛ්‍ය ගැටළුවක්. රූපය : techtimes.com
    තරබාරුකම පිළිකා වගේම වෙනත් රෝග බොහොමයකට හේතු වෙන සෞඛ්‍ය ගැටළුවක්. රූපය : techtimes.com

    තරබාරුකම හා ක්‍රියාශීලීභාවය අඩු විම නිසා පියයුරු, ඩිම්බ කෝෂ, ගර්භාෂ,මහාන්ත්‍ර,තෛරොයිඩ් ග්‍රන්ථි, ගලනාල, අග්න්‍යාශ, වකුගඩු හා පිත්තාශ පිළිකා සෑදීමේ වැඩි ප්‍රවණතාවක් තියෙනවා.

    අද කාලේ ගොඩක් දෙනා හුරු වෙලා තියෙන්නේ ඒකාකාර ජීවන රටාවකට. ඒත් ඒ ඒකාකාර ජීවන රටාවෙන් මිදිලා ක්‍රියාශීලි ජීවිතයකට හුරු වීම මගින් අපිට පිළිකා වලින් විතරක් නෙවෙයි ලෙඩ ගොඩකින් ආරක්ෂා වෙන්න පුළුවන්.

    ඉස්සර කාලෙට වඩා අද වෙනකොට පිළිකා වලට ගොදුරු වෙන පිරිස එන්න එන්නම වැඩි වෙලා තියෙනවා. පිළිකා වලට ලොකු, පොඩි, දුප්පත්, පොහොසත්, හොඳ,නරක භේදයක් නැහැ. ඕනම වයසක ඕනම තරාතිරමක කෙනෙක්ට ඕනම වෙලාවක පිළිකා හැදෙන්න පුළුවන්. ඒ නිසා අපි පිළිකා හැදෙන්න බලපාන හේතු වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න උත්සහ කරමු. එතකොට අපිට හෙට දවසේදී පිළිකා මාරයා ලෝකයෙන්ම තුරන් කරන්න පුළුවන් වේවි.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    27 Nov 2016 04:45 AM
    ස්තුතියි මේ වටිනා ලිපියක්.මමත් කියෙව්වා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    27 Nov 2016 09:46 AM
    බෝනොවන රෝග වලින් නො.1ට ඇවිත් තියෙන්නේ පිළිකාව.
    අපි හැමෝටම දැනුවත් වෙන්න හොද ලිපියක්.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    27 Nov 2016 02:47 PM
    aththatama dan pilikawath sulaba ledak wela ...hoda karunu tikak ..upakari weyi katath .sthuthi ayiyye .
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    27 Nov 2016 04:26 PM
    ස්තුතියි සමන්ත මාමේ,
    ඔව් රෝසි අක්කේ දැන් කට්ටිය පිළිකාවක් කිව්වම ගණන් ගන්නෙත් නැහැ,ඒ තරමටම සුලබ වෙලා.
    දිනයක වැටහේවී...........
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    27 Nov 2016 07:40 PM
    පුදුමෙ කියන්නෙ මම දන්න අය ඉන්නවා පිලිකා හැදුන ..එයාල වඩි දෙනෙක් සිගරට් මත පැන් නොබොන අය
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    27 Nov 2016 11:18 PM
    මමත් වසර 3ක් පමණ මහරගම පිළිකා ආයතනය අසල ජීවත් වුණ කෙනෙක් හැටියට මම මේ රෝගය පිළිබඳව හොඳ අත්දැකීම් ලබා ගත්තා. නිතරම වගේ රෝහලට ගියා. මගෙත් මාමා කෙනෙක් සහ කුඩා කල මගේ පංතියේ ඉගෙනුම ලබන අතර පසුව මහන දම් පුරපු අපේ පන්සලේ නායක හාමුදුරුවන් මේ රෝහලේ ප්‍රථිකාර ලැබුවා. ඒ දවස් වල මම මේ දෙදෙනාටම උවටැන් කලා. ඒ කාලයේ තමයි ප්‍රවීන නිළි රෙබෙකා නිර්මලී ප්‍රථිකාර ගත්තෙත්. මම දිනපතාම වාගේ ඇයවත් බලන්න ගියා. මේ රෝහලට ගියාම නම් සසර කළකිරෙනවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    28 Nov 2016 05:55 AM
    මහරගම පිලිකා රෝහල කියන්නේ නිකං මිහිපිට අපාය වගේ තමයි.
    කියන්න බෑහැ කොයි මොහොතක හෝ මේ මටත් යන්න වෙයිද දන්නේ නැහැ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    01 Jan 2017 09:05 PM

    ඩෙංගු නිවැරදිව හඳුනාගන්නා අයුරු

    ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා කෙතරම් පියවර ගත්තද එය නිතරම හිස ඔසවන රෝගයක්‌ බවට පත්ව ඇත.

    වෛරස්‌ රෝගයක්‌ වන මෙය නිවැරදිව හඳුනාගත හොත් මාරාන්තික තත්ත්වයට පත්වීම වලක්‌වා ගෙන නිසි ප්‍රතිකාර තුලින් සුවපත්විය හැකිය.

    එබැවින් ඩෙංගු රෝගය නිවැරදිව හඳුනාගන්නා අයුරු පිළිබඳව අපි දැනුවත් වෙමු.

    වෛරසයක්‌ මගින් ඇති කරනු ලබන රෝගයකි. ඩෙංගු වෛරසය ශරිරගතවූ අයෙකු බොහෝ විට රෝග ලක්‌ෂණ නොපෙන්වන අතර රෝග ලක්‌ෂණ මතුවූවහොත් එය

    * සාමාන්‍ය සුළු උණ තත්ත්වය

    * ඩෙංගු උණ (Dengue Fever - DF))

    * ඩෙංගු රක්‌තපාත උණ (Dengue Haemorrhagic Fever - DHF))

    * අසමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය ( ඉතා කලාතුරකින් ) විය හැක.

    ඩෙංගු බෝවන්නේ කෙසේද?

    ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස්‌ වර්ගයේ ගැහැනු මදුරුවන් මගින් පතුරවයි. මෙම මදුරුවන් තුළට වෛරසය ඇතුළුවන්නේ ඩෙංගු වෛරසය ශරිර ගතවූ පුද්ගලයෙකු දෂ්ට කිරීමෙනි.

    ඩෙංගු රෝගය සෑදීමේ අවදානම ඇත්තේ කාහටද?

    අසාදිත ඩෙංගු මදුරුවකු විසින් දෂ්aට කරන ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු රෝගය සෑදීමේ අවදානමක්‌ පවතී. තවද පුද්ගලයෙකුගෙ වයස හා ප්‍රතිශක්‌තිය මත රෝගයේ ස්‌වභාවය වෙනස්‌ විය හැකිය.

    උණ රෝගය සෑදුන විට එය ඩෙංගු විය හැකි බවට සැක කළ යුත්තේ ඇයි?

    ඩෙංගු රෝගය සාමාන්‍ය සුළු උණ මෙන්ම ඩෙංගු රක්‌තපාත උණ (DHF) වැනි අවදානම් අවස්‌ථා වලටද පත්විය හැකිය. මෙම අවදානම් අවස්‌ථා මුල් අවධියේදී සාමාන්‍ය උණෙන් වෙන්කර හඳුනා ගැනීම අපහසුවේ. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්‌මණින් සුව වන අතර අවදානම් අවස්‌ථා වලදී රෝහල් ගතව ප්‍රතිකාර ලැබිය යුතුය. එබැවින් අවදානම් අවස්‌ථා ඉක්‌මණින් හඳුනාගැනීමට ඩෙංගු උණෙහි රෝග ලක්‌ෂණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුවේ.

    ඔබට වැළඳී ඇත්තේ ඩෙංගු උණද?

    උණ සමඟ පහත රෝග ලක්‌ෂණ පවතී නම් ඔබට ඩෙංගු රෝගය තිබිය හැකි බවට සැක කළ යුතුය.

    * හිසරදය හා ඇස්‌ යට වේදනාව

    * මස්‌පිඬු හා සන්ධි වේදනාව

    * ඔක්‌කාරය හා වමනය

    * සමෙහි රතු පැහැ හට ගැනීම

    * රුධිර වහනය තත්ත්වයන්

    ඉහත රෝග ලක්‌ෂණ ඇත්නම් වෛද්‍යවරයකු වෙත යොමුවීම අවශ්‍ය වේ. ඔබ ඩෙංගු බහුල ප්‍රදේශයක වාසය කිරීම හා අවට ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ සැකය වඩාත් තහවුරු කිරීමට හේතු වේ.

    ඩෙංගු රෝගය නිශ්චය කරන්නේ කෙසේද?

    ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වඩාත් වැදගත් වන්aනේ අවදානම් අවස්‌ථාවට පත්වන රෝගීන් ඉක්‌මණින් හඳුනා ගැනීමය (උදා: ඩෙංගු රක්‌තපාත උණ, අසාමාන්‍ය ඩෙංගු උණ) ඒ සඳහා උණ සැදී දින 2 කට පසුව කරනු ලබන සම්පුර්ණ රුධිර පරීක්‌ෂාව FBC - Full Blood Count වඩාත් ප්‍රයෝජනවත් වේ. ඩෙංගු වෛරසය ශරීර ගතව ඇති බව තහවුරු කිරීම සඳහා කරනු ලබන NS1 හා ඩෙංගු ප්‍රතිදේහ පරික්‌ෂාවන් මඟින් ඩෙංගු උණ DF හා ඩෙංගු රක්‌තපාත උණ DHF වෙන්කර හඳුනා ගත නොහැකිය.

    ඩෙංගු රෝගය කිහිපවරක්‌ සෑදිය හැකිද?

    ඩෙංගු වෛරසයට ප්‍රභේද 4 ක්‌ ඇත. යම් පුද්ගලයෙකු ඩෙංගු රෝගයට වරක්‌ ගොදුරු වූ විට ප්‍රතිශක්‌තිය ඇති වන්නේ එක්‌ ප්‍රභේදයකට පමණක්‌ බැවින් ඔහුට නැවත අනිකුත් ප්‍රභේද මඟින් ආසාදනය විය හැකිය. තවද නැවත වරක්‌ ඩෙංගු රෝගය සැදීමේදී එම පුද්ගලයා ඩෙංගු රක්‌තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය (විශේෂයෙන් දෙවන අවස්‌ථාවේ) වැඩිවේ.

    ඩෙංගු උණ වැළඳුන විට නිවසේදී ප්‍රතිකාර කළ හැකිද?

    ඩෙංගු වෛරසය ශරීරගත වන බෙහෝ රෝගීන් සාමාන්‍ය උණ තත්ත්වයක්‌ පෙන්නුම් කරයි. එබැවින් හොඳින් විවේක ගැනීම හා වෛද්‍ය උපදෙස්‌ ලබාගෙන ඒ අනුව කටයුතු කිරිම වැදගත් වේ. වෛද්‍යවරයා විසින් දින 2 කට පසු FBC පරික්‌ෂාව කොට රෝගියා රෝහල් ගත කළ යුතු ද යන්න තීරණය කරනු ඇත.

    ඩෙංගු රක්‌තපාත උණ (DHF) යනුq කුමක්‌ද?

    ඩෙංගු රක්‌තපාත උණ, ඩෙංගු රෝගී තත්ත්වය ඇතිවිය හැකි අවදානම් අවස්‌ථාවකි. උණත් සමඟ ඇතිවන අනිකුත් රෝග ලක්‌ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන බැවින් ඩෙංගු රක්‌තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන්ගෙන් වෙන්කර හඳුනා ගැනීsම මුල් අවධියේ පහසු නොවේ. එහිදී උණ බැසයාමත් සමඟ ප්‍රධාන ලක්‌ෂණය වන රුධිර වාහිනි වලින් පිටතට ( විශේෂයෙන් ප්ලුරා පටල අතරට හා උදර කුහරයට ) ප්ලාස්‌මා තරලය කාන්දු වීම සිදුවේ. මෙය සාමාන්‍යයෙන් උණ සෑදි 03 වන දින හො ඊට පසුව සිදුවන අතර රුධිර පරික්‌ෂා FBC වල වෙනස්‌කම් මඟින් හඳුනා ගත හැකිය. මෙසේ නොදැනුවත් කමින් දිගටම ප්ලාස්‌මාව කාන්දු වීම මඟින් කම්පන අවස්‌ථාවට පත්විය හැකිය. ඇතැම් රෝගීන් කම්පන අවස්‌ථාවට පත්වීමට පෙර අවදානම් ලක්‌ෂණ පෙන්නුම් කරයි. එබැවින් මෙම අවදානම් ලක්‌ෂණ පිළිබඳව අවදානයෙන් සිටීම වැදගත් වේ.

    අවදානම් ලක්‌ෂණ මොනවාද?

    * උදරයේ ඇතිවන තද වේදනාව

    * නොනවත්වා වමනය පැවතීම

    * අධික නිදිමත, නොසන්සුන්බව, අප්‍රාණික බව

    * විදුරු මසෙන්, නාසයෙන් රුධිරය වහනය, දුඹුරු පැහැ වමනය සහ කළු පැහැ මළපහ පිටවීම

    * පැය 06 කට වැඩි කාලයක්‌ මුත්‍රා පිට නොවීම සහ මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම

    අවදානම් ලක්‌ෂණ නොමැතිවද රෝහල් ගත විය යුතු පුද්ගලයින් කවුරුන්ද?

    * ගර්භනී මව්වරුන්

    * අධි බර සහිත රෝගීන්

    * අවුරුදු 1 ට අඩු ළදරුවන්

    * වැඩිහිටි පුද්ගලයින්

    උණ ඇති විට කුමක්‌ කළ යුතුද?

    * වෙහෙසකර කටයුතු වලින් බැහැර වී හොඳින් විවේක ගන්න.

    * උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන් නියමිත කාල සීමාව තුළ පැරසිටමෝල් ඖෂධය ලබා දෙන්න. (උපරිම මාත්‍රාව 60mg/kg/24h)) තදින් උණ පවතී. නම් පිරිසිදු රෙදි කඩක්‌ උණුසුම් ජලයෙන් පොඟවා රෝගියාගේ ශරීරිය තැවීම සිදු කරන්න.

    * වේදනා නාශක ඖෂධ Non Steroidal Anti inflammatory Druges (NSAIDS) කාණ්‌ඩයේ ඖෂධ හා ස්‌ටීරොයිඩ් (steroids) භාවිතයෙන් වලකින්න.

    * සැහැල්ලු පෝෂ්‍යදායි ආහාර වේලක්‌ ලබාගන්න

    * උණ පවතින කාලය තුළ මදුරු දෂ්aට කිරීමෙන් හැකිතාක්‌ ප්‍රවේසම් වන්න.

    උණ පවතින කාලය තුළ භාවිත කළ යුතු ආහාර මොනවාද?

    * උණ හා වමනය නිසා ඇතිවන විජලනය තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කරන්න තැඹිලි වතුර, කැඳ, කිරි, ජිවනි වැනි මුඛ සජලන පානය (Oral Rehydration Solution - ORS) පලතුරු යුෂ වඩාත් සුදුසුය.

    * ළමුන්ට ග්ලුකෝස්‌ වැනි සීනි සහිත දියර කුඩා ප්‍රමාණ නිරතුරුව ලබා දෙන්න.

    * රෝගියා කැමති ආකාරයෙන් වරකට කුඩා ප්‍රමාණ බැගින් අර්ධ ඝන, සැහැල්ලු ආහාර වේල් කිහිපයක්‌ ලබා දෙන්න. තෙල් සහිත ආහාර ගැනීමෙන් වලකින්න.

    * අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයන් (රතු/ දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මළපහ) හඳුනා ගැනීම අපහසු වන බැවින් රතු/ දුඹුරු පැහැ ආහාර හා දියර වර්ග ගැනීමෙන් වලකින්න.

    ඩෙංගු රෝගීන්ට ඇතිවිය හැකි සංකුලතා මොනවද?

    සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකුලතා ඇතිවීමේ අවදානම අවම වේ. ඩෙංගු රක්‌තපාත උණ හා අසාමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්‌ථා වලට පත්වන රෝගීන්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්‌මාව අකර්මන්‍ය වීම, මොළයට සිදුවන බලපෑම වැනි සංකුලතා ඇතිවී කලාතුරකින් මරණය පවා සිදුවිය හැකිය. පමා නොවී නිසි ප්‍රතිකාර වලට යොමු වීමෙන් මෙවැනි තත්ත්වයන් අවම කර ගත හැකිය.

    ඩෙංගු රෝගය ඇති විට මදුරුවන්ගේ දෂ්ට කිරීමෙන් ආරක්‌ෂා විය යුතු වන්නේ ඇයි? ඩෙංගු මදුරුවා දෂ්ට කළ පසු වෛරසය රෝගියාගේ ශරීරය තුළ වර්ධනය වන අතර එම කාලය තුළ කිසිදු රෝග ලක්‌ෂණයක්‌ නොපෙන්වයි. මෙම බීජෞෂණ සමය දින 3 - 14 අතර කාලයක්‌ පවතී..

    ඉන්පසුව ඇතිවන්නේ උණ අවධිය වන අතර එය දින 2 - 10 අතර කාලයක්‌ පවති. මෙම කාලය තුළ ඩෙංගු වෛරසය රෝගියාගේ රුධිරය තුළ පවතින බැවින් මදුරුවකු දෂ්ට කළහොත් වෛරසය මදුරුවා තුළට ඇතුළුවන අතර එමඟින් වෙනත් පුද්ගලයින් තුළට වෛරසය ඇතුළු වී රෝගය පැතිරිය හැකිය.

    ඩෙංගු මදුරුවන් දෂ්ට කරන්නේ කුමන වේලාවන්හිද?

    සාමාන්‍යයෙන් ඊඩිස්‌ මදුරුවන් දවසේ උදය කාලයේ හිරු පායා පැය කිහිපයක්‌ යන තුරුද, සවස්‌ කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට පෙරද වැඩිපුරද දෂ්ට කිරීම සිදු කරයි. එබැවින් මෙම කාලය තුළ මදුරු දෂ්ඨන වලින් ආරක්‌ෂා විය යුතුය.

    තොරතුරු - ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශය

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    01 Jan 2017 10:55 PM
    මේ කාලයේ බහුලව පවතින රෝගයක් සම්බන්ධව ඉතා වැදගත් දැනුවත් කිරීමක්..
    ගොඩක් අය රෝගය වැඩිකර ගන්නේ නොදැනුවත් කමින්..
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    02 Jan 2017 02:31 AM
    Posted By samantha on 01 Jan 2017 09:05 PM

    බොහෝම ස්තුතියි සමන්ත අයියේ.මේ ගැන විස්තරයට
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    02 Jan 2017 04:51 AM
    මේ කාලයේ වැදගත්ම වන කරැණු ටිකක් අයියේ
    ගොඩක් ස්තූතියි
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    02 Jan 2017 07:34 AM
    විශේෂයෙන්ම කොලඹ මේ ප්‍රශ්නය ගොඩක්ම වැඩි වෙලා තියෙන්නේ.
    ගිය සතියෙත් ඩෙංගු මරණ 2ක් වෙලා තියෙනවා.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    01 Feb 2017 01:51 AM
    වකුගඩු නරක් වෙලානම් මෙන්න මෙ රෝග ලක්ෂණ හටගන්නවා වකුගඩු රෝගය මාරන්තිකයි දැන්ම දැනුවත් වෙන්න.

    අද අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වකුගඩු රෝග ව්‍යප්තිය. මෙහි පවතින බරපතලම කරුණ වන්නේ මෙම රෝගය සිඝ්‍රයෙන් පැතිරීමට හේතුවන කරුණු පැහැදිලි ලෙස හඳුනාගැනීමට අපොහසත් වීමයි. කෙසේවුවත් රෝගය වළක්වා ගැනීම සඳහා යොමුවන අවධානය අඩු නිසා ඒ පිළිබඳ සැලකිල්ලක් යොමු කිරීම අවශ්‍යයි. ඒ යටතේ ක්‍රියාකාරී දිවි පෙවෙතක් කෙසේ වකුගඩු රෝගයෙන් වැළකීමට හේතු වන්නේ ද යන්න වගේම දියවැඩියා රෝගීන් තමන්ගේ වකුගඩු කෙසේද ආරක්ෂා කර ගන්නේ යන්න පිළිබඳවත් දැනුවත් වීම වැදගත්.

    නිවැරදි දිවි පෙවෙත යන්නෙන් අදහස් වන්නේ ක්‍රියාශීලි දිවි පෙවෙතක් යන්නයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු දිනකට ගන්නා ආහාර ප්‍රමාණය වැය කරන ශක්ති ප්‍රමාණය අතර සමබරතාවක් පවත්වා ගත යුතුයි. එසේ නොවුණුහොත් ශරීරය මඟින් වැය නොකරන ශක්තිය නිසා අප රෝගීන් බවට පත්විය හැකි වේ.

    ඒ නිසා තරබාරු බව, අධි රුධිර පීඩනය, දියවැඩියාව, ආඝාතය වැනි රෝග ඇතිවිය හැකි අතර මේ හේතු නිසාම ඔබගේ වකුගඩුවලට ද අහිතකර බලපෑම් ඇති විය හැකියි. එබැවින් අපි ලබා ගන්නා ආහාර දහනය කිරීම හරහා බර නියමිතව පවත්වාගෙන ක්‍රියාශීලි දිවි පෙවෙතක් මඟින් වකුගඩුවලට ඇතිවන අවදානම අඩු කර ගත හැකියි. එහිදී ඇවිදීම, බයිසිකල් පැදීම, ඇඟ වෙහෙසා වැඩ කිරීම ආදී කරුණු අපගේ දිවියේ සාමාන්‍ය වැඩ කොටසක් බවට පත් කරගත යුතුයි. අප කාර්යාලවල සිදු කරන වැඩ මඟින් අප තෙහෙට්ටුවට පත් වීමක් පමණයි සිදුවන්නේ.

    ශරීර ශක්තිය වැය කරමින් කටයුතු කිරීම හරහා ඉහත රෝග කල්තබා වළක්වා ගත හැකියි. එදිනෙදා ජීවිතයේදී සිදු කරගත හැකි ශරීරය වෙහෙසවා කටයුතු කිරීම ඉතා වැදගත්.

    දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝගවල බලපෑම

    ලෝකයේ ඕනෑම රටක් ගතහොත් වකුගඩු රෝගවලට ප්‍රධාන හේතුව බවට පත්ව තිබෙන්නේ දියවැඩියාවයි. අංක දෙක අධික රුධිර පීඩනයයි. මෙම රෝග දෙක වැළඳී ඇති බව හඳුනා ගන්නා විට ඔබගේ වකුගඩුවලට හානි වී තිබිය හැකියි. නමුත් කාලයක් තිස්සේ මෙම රෝගය පාලනයකින් තොරව පැවතීමෙන් වකුගඩුවලට හානි පැමිණිය හැකියි. බොහෝවිට දියවැඩියාව වැළඳී ඇති තරුණ අය බේත් වේල මඟ හරිනු ලැබේ. එසේ බේත් වේල මඟහැරියත් ඔවුන්ට අපහසුතාවක් නොදැනෙන නිසා ඒවා මඟහරිනු ලැබේ.

    මේ දිනවල භාවිතා වන දියවැඩියාවට ඒ වගේම අධි රුධිර පීඩනයට ලබා දෙන ඖෂධ නිසා කිසිවිටෙක වකුගඩු නරක් වන්නේ නැහැ. එසේ සිදුවන්නේ එම රෝග තත්ත්ව නිසිලෙස පාලනය නොකිරීම නිසයි.

    මෙට්ෆොමින් නිසා වකුගඩු නරක් වෙනවාද?

    මෙට්ෆොමින් දියවැඩියාවට පමණක් නොවෙයි තවත් බොහෝ ලෙඩ රෝග අඩු කර ගැනීම සඳහා භාවිතා වන ඉතා හොඳ ඖෂධයක්. නමුත් වකුගඩු රෝගී වූ පසු මෙට්ෆොමීන් භාවිතය කළ නොහැකියි.

    ස්ථුල භාවය

    ස්ථුල භාවය ආකාර කිහිපයකින් වකුගඩුවලට හානි කළ හැකියි. දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් තැන්පත් වීම ආදී බොහෝ හේතු නිසා විවිධාකාර වශයෙන් වකුගඩුවල රෝගී තත්ත්ව ස්ථුලභාවය මුල් කරගෙන ඇතිවිය හැකියි.

    වතුර හා වකුගඩු අතර සබඳතාව

    වකුගඩු රෝග වළක්වා ගැනීමේ පහසුව හා ලාභදායී ක්‍රමවේදය වන්නේ නිසිලෙස ජලය පානයයි. මෙහිදී නිසිලෙස ජලය පානය යන්නෙන් අදහස් වන්නේ මෙම ජලය ලබා ගන්නා මූලාශ්‍රය පිළිබඳ සැලකිලිමත් වීමයි. මෙහිදී එම වතුර උතුරුවා නිවාගත් ඒවා වීම මෙන්ම පෙරා ගන්නා ලද ජලය වෙනවා නම් ඉතාමත් හොඳයි. ඒ වගේම අපි පානය කරන වතුර ප්‍රමාණයත් ඉතා වැදගත්. ඒ වගේම පෙරණයේ නිර්දේශිත වතුර ප්‍රමාණයක් පෙරා ඉවර වූ පසුව එය ඉවත් කර දැමීම හෝ අලුත්වැඩියා කළ යුතුයි. මෙය සදාකාලිකව භාවිතා කළ හැකි දෙයක් නොවේ. එහි කාලය හා පෙරීමේ හැකියාව නැතහොත් නියමිත කාලය ඉක්මවා ගිය පසු එහි කොටස් අලුත්වැඩියා කිරීමට බලා ගන්නවා නම් වඩාත් හොඳයි.

    ජලය කොපමණ ප්‍රමාණයක් පානය කළ යුතු ද යන ගැටලුවේදී සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව දිනකට පානය කළ යුතු වතුර ලීටර් 1 1/2ත් 2ත් අතර ප්‍රමාණයක් ලෙස දක්වා තිබේ. නමුත් අප ඝර්ම කලාපිය රටක් වශයෙන් අප ලීටර් 2 1/2ක් වුවත් පානය කිරීම ඉතා වැදගත්. විශේෂයෙන් ඔබ දහඩිය පිටකරමින් වැඩ කරන අයෙක් නම් ඊට සාපේක්ෂව වතුර ප්‍රමාණය වෙනස් විය යුතුයි. මෙම වතුර පානය කළ යුතු ආකාරය පිළිබඳ විමසා බැලීමත් ඉතා වැදගත්.

    අපි දිනය පුරා බෙදී යන ආකාරයෙන් ජලය පානය කළ යුතුයි. එක්වර ජලය විශාල ප්‍රමාණයක් පානය කරනවාට වඩා බෙදී යන ලෙස පානය ඉතා වැදගත්. ඒ වගේම මුත්‍රාවල සාන්ද්‍රණය අධික නොවන ලෙස ජලය පාලනය මඟින් එය පාලනයකට ලක් කර එහි පැහැය ළා පැහැයට හුරු ලෙස පවත්වා ගත යුතුයි. එක්වර වතුර විශාල ප්‍රමාණයක් පානය තේරුමක් නොමැති දෙයක්.

    ලුණු යනු ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් වුවත් ලංකාවේ ආහාර වේලේ ලුණු අධික ආහාර බහුල වශයෙන් තිබෙනවා. දිනකට ග්රෑම් 5ක් හෝ 6ක් ආහාරයට ගත යුතුයි. එය තේ හැන්දක ප්‍රමාණයකි. ඔබ ඔබගේ ප්‍රධාන ආහාරයට ලුණු එකතු නොකළ යුතුයි. ලුණු අඩුවෙන් ආහාරයට එකතු කර ගැනීම හරහා වකුගඩු ආරක්ෂා කරගත හැකියි. ඒ වගේම මෑතකාලීනව පැමිණි ක්ෂණික ආහාර බිස්කට්, පොටේටෝ චිප්ස්, සුප්කැට, විවිධ බැදපු මස් වර්ග ආදියේ ඉතා අධිකව ලුණු අඩංගු වේ. සොසේජස්, හැම්, බේකන් ආදී දේවල අධික ලෙස ලුණු අඩංගු නිසා මෙම ආහාර ඔබ ආහාරයට නොගත වගේම ඔබේ දුවා දරුවන්ට ලබා නොදිය යුතු ආහාර වේ.

    වකුගඩු නරක් වීමට බලපාන ඉතිරි කරුණු

    දුම්පානය මඟින් වකුගඩුවට හානි සිදුවන ආකාර දෙකකි. ඒ යටතේ කොලෙස්ටරෝල් තැන්පත් වීම සහ රුධිරය සැපයීමේ නාළ හීනි වීම නිසා වකුගඩුවලට රුධිරය සපයන නාළ හීනි විය හැකියි.

    ඊට අමතරව වකුගඩු සම්බන්ධ පිළිකා තත්ත්වයටත් දුම්පානය හේතුවිය හැකියි. ඔබ දුම්පානය නොකර සිටියොත් වකුගඩු රෝග වැළඳීමේ අවදානම අඩු කර ගත හැකියි.

    දියවැඩියා රෝගීන් නිසි පරිදි ඖෂධ පානය, රුධිරගත දියවැඩියා පරීක්ෂාව ඩ්ඕඒ1ඛ් පරීක්ෂණයේ අගය 7ට වඩා අඩු අගයක පවත්වා ගත යුතුයි. ඒ වගේම අධි රුධිර පීඩනය තිබෙනවා නම් එහි අගය 140 - 80 ට වඩා අඩු අගයකට පවත්වා ගත යුතුයි. දියවැඩියාව හා රුධිර පීඩනය තිබෙන අයෙක් නම් 130 -80 ට අඩු මට්ටමට රුධිර පීඩනය පවත්වා ගත යුතුයි. එසේ නොවුණහොත් ඔබේ වකුගඩු ඉක්මනින් නරක් විය හැකියි.

    තවද වකුගඩුවල ගල් තිබෙන අය මාස 6කට අවුරුද්දකට සැරයක් වෛද්‍ය පරීක්ෂණයකට යොමු වී වකුගඩුවේ තත්ත්වය පරීක්ෂා කරගත යුතුයි. තවද ප්‍රවේණික වකුගඩු රෝග තිබෙන අය (පවුලේ කාටහරි වකුගඩු රෝග තිබෙන අය) තමාගේ වකුගඩුවල තත්ත්වය පරික්ෂා කරගත යුතුයි.

    වකුගඩු නරක් වී ඇති බවට පහළ වන රෝග ලක්ෂණ

    මෙම රෝගයේදී රෝග ලක්ෂණ පහළ වන තෙක් සිටියහොත් සැලකිය යුතු මට්ටමින් වකුගඩු නරක් වී තිබිය හැකියි. වකුගඩු රෝග ඉතා මුල් අවස්ථාවේ හඳුනා ගැනීම ඉතාම අපහසු වේ. නමුත් මුත්‍රා සමඟ පෙණ වැඩිපුර පිටවීම, වැනි ලක්ෂණ මඟින් මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවන බව දැකගත හැකියි. මුත්‍රා සමඟ රුධිරය පිටවීම, ඉදිමුණු කකුල් ද රෝග ලක්ෂණ වේ.

    උපදෙස් : ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තන ගලහිටියාව

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    01 Feb 2017 03:08 AM
    බුදු අම්මො දෙක පරිස්සම් කරගනිල්ලා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    01 Feb 2017 03:13 AM
    ලංකාවේ වැඩි දෙනෙක් දැන් මිය යන්නෙ මේ වකුගඩු රෝගය නිසා. ඉතා වැදගත් මේ තොරතුරු.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973

    --
    01 Feb 2017 03:29 AM
    Posted By maduranga001 on 01 Feb 2017 03:13 AM
    ලංකාවේ වැඩි දෙනෙක් දැන් මිය යන්නෙ මේ වකුගඩු රෝගය නිසා. ඉතා වැදගත් මේ තොරතුරු.

     ඒ නම් අයියේ කෘෂිකාර්මිකව භාවිතා කරන විෂ රසායනික ද්‍රව්‍ය නිසා. සමහර වර්ග තහනම් කලත් එක්ක මම හිතන්නේ.
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973

    --
    01 Feb 2017 03:29 AM
    ස්තූතියි සමන්ත අයියේ විස්තරයට.
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    01 Feb 2017 03:31 AM
    මේකට නම් ඉතිං වතුර තමයි බොන්න තියෙන්නේ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    01 Feb 2017 05:20 AM
    අනුරාධපුර, පොලොන්නරු පැති වල අය මේකෙන් කොච්චර දුක් විඳිනවද.....
    අපිවත් දැනුවත් කලාට ස්තූතියි.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    01 Feb 2017 10:31 AM
    එක නේ වතුර වුනත් එකපාරට බිලා හරි යන්නේ නැ .
    .හොද ලිපියක්.ගොඩක් ස්තුති
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    02 Feb 2017 07:09 PM
    හරිම වැදගත් ලිපියක්.. මමත් කියෙව්වා ඔන්න...
    දිනයක වැටහේවී...........
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    03 Feb 2017 06:57 AM
    අපි ඉන්න පැත්තටත් පොඩි අවදානමක් තියෙනවා වකුගඩු රෝගය පිලිබද.
    වතුර බොන්න කිවුවට වතුර බෙන්නත් බැහැ ටිකක් කිවුල්
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    03 Feb 2017 08:02 AM
    ඒ අතින් අපි හුගක් වාසනාවන්තයි මල්ලි.
    මේ පැති වල අයට ඔය වගේ ප්‍රශ්න අඩුයිනෙ.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    01 Aug 2017 02:51 AM

    පිළිකාව ගැන අසා නැති ලොව වැඩිම ආයු කාලය හිමි මිනිසුන් පිරිසක්

    පකිස්තානයේ දකුණු ප්‍රදේශයේ ජීවත් වන කුඩා ජනවර්ගයක් තමයි මේ හුන්සා “Hunza” මිනිසුන් කියන්නේ. අද වනවිට ලෝකයේ සතුටින්ම සහ නිරෝගීව වැඩිම ආයුෂ ප්‍රමාණයකට හිමිකම් කියන මිනිසුන් ලෙස මේ හුන්සාවන් සැලකෙනවා. පිළිකාව ගැන නොදත් එකම මිනිසුන් කොට්ඨාශය ලෙස සැලකෙන්නේද මේ හුන්සාවන්ම තමයි. මොවුන් වයස අවුරුදු 65 දීත් කිසිදු අපහසුවකින් තොරව දරුවන් බිහිකරනවා. ඒවගේම, මොවුන්ට තියෙන හරිම අපුරු පුරුද්දක් තමයි දිනපතා ශීත ජලය ස්නානය කිරීම

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    01 Aug 2017 05:37 AM
    65 දිත් ලමයි
    ඒකනං පුදුමයි තමා
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    01 Aug 2017 06:40 AM
    පුදුමයි. ඒත් ඇත්තයි.
    හැමදාම නෑමත් කෝකටත් හොදයි.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    08 Aug 2017 06:47 AM
    Posted By hasithad on 01 Aug 2017 06:40 AM
    පුදුමයි. ඒත් ඇත්තයි.
    හැමදාම නෑමත් කෝකටත් හොදයි.
    හැමදාම නෑම හොදයි අයියේ. අයියගෙ නෑම තමයි නෑම
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536

    --
    08 Aug 2017 07:19 AM
    ⁣ඉතා වැදගත් තොරතුරැ ටිකක්
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    08 Aug 2017 07:40 AM
    Posted By sha733 on 08 Aug 2017 06:47 AM
    Posted By hasithad on 01 Aug 2017 06:40 AM
    පුදුමයි. ඒත් ඇත්තයි.
    හැමදාම නෑමත් කෝකටත් හොදයි.
    හැමදාම නෑම හොදයි අයියේ. අයියගෙ නෑම තමයි නෑම
    මම කිව්වේ විනාඩි 10ක්නෙ. 

    ඊයෙ යද්දි කීයද ඩබල ???? එකෙක්ට ගිහින් මැසේජ් එකක් දාපන් කිව්වා. ඌ මැරිලා.

    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    09 Aug 2017 03:15 AM
    වෙලාවනං මතක නෑ අයියේ. කොහොමත් විනාඩි 20කින් වගේ යන්න ඇති

    මරැ 10
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    10 Aug 2017 08:59 AM
    අනේ මන්දා.....
    0

    ---