Go to previous topic
Go to next topic
Last Post 18 Jun 2017 07:03 AM by  indika76
ඩෙංගු රෝග ලක්ෂණ අලුත්වෙලා.
 76 Replies
Author Messages

smt90
Veteran Member
Veteran Member
Posts:1736

--
18 Oct 2016 05:30 AM

    මේ විස්තරයද දේශීය වෛද්‍යාචාර්ය ඇල්ලියද්දේ දයාරත්න වෙදමහතාගෙන් දැනගත් තොරතුරු සහ තවත් අන්තර්ජාල මූලාශ්‍ර ඇසුරෙන් සකස් කරන ලද්දක්.

    ස්නානය හෙවත් නෑම පිළිබඳව විශේෂයෙන් සඳහන් කලයුත්තේ, එය ශරීරය පිරිසිදු කිරීමෙන් විශාල වශයෙන් වෙනස් වන නිසයි. වර්ථමානයේ බොහෝවිට ස්නානය සහ ශරීරය පිරිසිදු කිරීම (Bath & Shower) පටලවා ගනිමින්, යම් තරමකින් හිස සහ කය තෙමාගනිමින්, කුණු දුහුවිලි සෝදාහැරීමකට පමණක් එය සීමා කරනු ලබන ස්වාභාවයක් පෙනෙයි.

    එසේනම් හිසේ සිට දෙපතුල දක්වා ශරීරය පිරිසිදු කිරීම සහ ස්නානය වෙනස් වන්නේ කෙසේද?

    නෑම, කුණු දුහුවිලි වලින් ශරීරය පිරිසිදු කිරීමට අමතරව ජලයෙන් ශරීරයට කරනු ලබන සම්බාහනයකි. හිස සිට දෙපතුල දක්වාම කිසියම් සැලකියයුතු කාලයක් ජලය ගලායාමට හෝ ජලය තුල රැඳීමට ඉඩ දෙමින්, කය සිහිල් හෝ උණුසුම් දියෙන් තැවීම මින් අදහස් කරයි.

    මෙහිදී අවශ්‍යතාවය සහ අවස්ථාව අනුව භාවිතා කරනු ලබන ජලයේ ස්වාභාවය සහ ස්නානය කරන කාලය වෙනස් වෙයි.එනම් සාමාන්‍ය දෛනික ක්‍රියාවලියක්, විශේෂ සම්බාහන ස්නානයක් හෝ වෛද්‍ය ප්‍රතිකාරයක් යන අවස්ථාවන්ගේ ස්නාන ස්වාභාවය, කාලය සහ ක්‍රමවේදය වෙනස් වෙයි.

    තුර්කි ස්නානය, සුප්‍රසිද්ධ ක්ලියෝපැට්‍රාගේ රෝස මල් සමඟ කිරි ස්නානය විශේෂ ස්නානයන් සඳහා උදාහරණයන්ය.

    බටහිර වෛද්‍ය ක්‍රමයේ භාවිතාවන විශේෂ නාන බේසමක් සම්බන්ධ කොට ගෙන කරනු ලබන විද්‍යුත්-ප්‍රතිකාරක ස්නානය(Electric Medical Bath) සහ දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ භාවිතාවන බෙහෙත් ඔරුවේ බහා ඖෂධ සහිතව කරනු ලබන ස්නානය ප්‍රතිකාර ක්‍රමයන් ලෙස භාවිතා වන අවස්ථාවන්ය.

    බටහිර ක්‍රමයට නාන බේසමක බැස ස්නානය සහ පෙරදිග ක්‍රමයට වතුර හිසට වත්කරගනිමින් කරන ස්නානයත්, පොදුවේ වතුර මලෙන් සහ ජලාශයන්හි  බැස සිදුකරන ස්නානයත් අප දන්නා පරිදිම සාමාන්‍ය එදිනෙදා ස්නානයන්ය.

    එදිනෙදා ස්නානය මෙම විශේෂිත ස්නානයන් මෙන්ම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙන්නක් බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.නිවැරදි ස්නානය තුලින් ලැබෙන මෙම ප්‍රතිලාභ බටහිර මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය තුලින්ද නැවත නැවත සනාථ වුවද,බටහිර දියුණු රට වල නිතර සාකච්ඡාවට බඳුන්වන මෙම කරුණ, දේශීය පාරම්පරික දැනුමක් බවත්, මේ වනවිට අභාවයට යමින් පවතින බවත් බොහෝ දෙනා නොදනිති.

    දිනය පුරා වෙහෙසී ආතතියට ලක් වුනු මාංශපේෂීන් ලිහිල් කිරීමත්, ශරීරය තුල ඇතිවන උෂ්ණය ඉවත්කර කය සිසිල් කිරීමත්, එමඟින් රුධිර ධාරාව සිසිල් වීමෙන් සහ මාංශපේෂීන් සැහැල්ලු වීමෙන් හදවතට ලැබෙන සැහැල්ලුව දෛනික ස්නානයෙහි ප්‍රධාන ප්‍රයෝජනයයි. අවශ්‍ය ප්‍රමාණයෙන් ජලය පානයද මෙලෙස රුධිර ධාරාව සිසිල් වීමටත් සැහැල්ලු වීමටත් තවත් මූලික කරුණකි. මෙම මාංශපේෂී ලිහිල් බව සහ හෘදයට දැනෙන සැහැල්ලුව, ස්නානයෙන් පසුව ලැබෙන සනීපදායක ස්වාභාවයම වෙයි.

    එසේනම් මෙලෙස නිවැරදි ස්නානයක් ලබාගන්නේ කෙසේද?

    නාන බේසමක ස්නානයේදී විනාඩි 15-20 අතර කාලයක් ජලයේ බැස සිටීම අත්‍යාවශ්‍ය වෙයි. මුලින්ම වතුර මල භාවිතයෙන් කුණු, දුහුවිලි හොඳින් සෝදා දමා, ජලයේ විනාඩි 15-20ක් සැහැල්ලුවෙන් ගතකර, ඉන්පසු මුහුණට හෝ සමට කරන සත්කාරයන් සිදුකර, පසුව නැවතත හොඳින් ශරීරිය සෝදා පිරිසිදුකර ස්නානය සම්පූර්ණ කරයි.මෙසේ ජලයේ බැස සිටින අවස්ථාවේ ජලය හෝ සුමුදු බීමක් ගැනීම වරදක් නැත.

             වතුර මලකින් ස්නානය.

    මෙය බටහිර හඳුන්වනුයේ ස්නානයක් ලෙස නොව පිරිසිදු කිරීමක් ලෙසය. නමුත් මෙරට එය ස්නානයක් ලෙස සිදුකරන බැවින්, එහිදී ප්‍රධාන කරුණු කීපයක් පිළිබඳව සැලකිලිමත් වියයුතුය.

    1. හොඳින් හිසේ සිට පාද දක්වා ජලය ගලායන සේ ස්නානය කලයුතුය.හිස යන්තම් තෙමාගැනීම ප්‍රමාණවත් නොවේ.

    2. මුලින්ම කුණු දුහුවිලි හොඳින් සෝදා දමා, පසුව හොඳින් ජල ධාරාව හිසේ සිට කය පුරා ගලා යෑමට සැලස්විය යුතුය.

    3. හිසට ජලය වැටීම ඉතාම තදින් නොවිය යුතුය.එලෙසම ඉතා කුඩා ජල ධාරාවක්ද නොවිය යුතුය.ඉතා හොඳ ජල ධාරාවක් මඳ වේගයකින් හිස මත වැටී කය පුරා ක්‍රමිකව ගලා යායුතුය.

    4. ජලය එසේ ගලායන මුළු කාලය අවම වශයෙන් විනාඩි 30-40 පමණ විය යුතුය.

    මේ සඳහා අවම වශයෙන් පැයක පමණ කාලයක් ගත වන අතර, ස්නානයෙන් පසුව මනා සැහැල්ලු බවක් දැනීම ස්වාභාවිකය.

    • භාජනයක් මගින් ජලය වත්කරගන්නා ස්නානය.

    ජලය භාජනයක් මඟින් හිස් මුදුනට ක්‍රමිකව වත්කරමින්, මනාව ජල ධාරාවක් කය දිගේ ගලායෑමට සැලැස්වීම මෙම ක්‍රමයයි. වතුර මල භාවිතයේදී සිදුකරනු ලබන ක්‍රමවෙදයම භාවිතා කලහැකි මෙම ක්‍රමයේ වාසියනම් වැඩි ජල ප්‍රමාණයක් ක්‍රමිකව අඩු කාලයකදී ශරීරය මතින් ගලායැවිය හැකි වීම නිසා විනාඩි 30ක් වැනි කාලයකින් හොඳ ස්නානයක් ලබාගතහැකි වීමයි. මෙහිදීද මුලින් හොඳින් හිස සහ ශරීරය පිරිසිදු කර, අනතුරුව ජල බඳුන් (බාල්දි ) 30-40 පමණ ස්නානයෙන් යහපත් ප්‍රතිඵල ලඟාකරගත හැකි වෙයි.

    • ජලාශයක හෝ ජල තටාකයක ස්නානය

    මුලින් හොඳින් ශරීරය පිරිසිදු කිරීමෙන් පසුව,

    ජලාශයක බැස ගිලී ස්නානය කරන්නේනම් ජලයේ ගිලී සිටින මුළු කාලය විනාඩි 15-20ක් පමණ විය යුතු බවයි පැවසෙන්නේ.

    ජලාශයක හෝ ජල තටාකයක් පිහිනමින් ස්නානය කරන්නේනම් ශරීරය පිරිසිදු කිරීමෙන් පසු විනාඩි 10-15 කාලයක් උවද සෑහේ.පිහිනීමේදී ශරීරය ක්‍රියාශිලී වන බැවින් රුධිර සංසරණය වේගවත් වී ඉක්මණින් රුධිරය සිසිල් වන අතරම ශරීරයද සිසිල් කරයි. නමුත් බොහෝ වේලාවක් පිහිනන්නේනම් එසේ පිහිනීමට පෙර සහ පිහිනීම අතරතුර ජලය පානය කිරීම, රුධිරයේ ඝණත්වය අඩු කිරීමටත්, එමඟින් හෘදයට පහසුවෙන් රුධිරය පොම්ප කිරීමට හැකිවීමත් නිසාම ඉතාම හොඳ පුරුද්දක් බවවිශෙෂඥ මතයයි

    ස්නානය සඳහා භාවිතාවන ජලයේ උෂ්ණත්වයද මෙහිදී විශේෂයෙන් වැදගත්ය.

    ලෝකය ඝර්ම කලාපය, සෞම්‍ය කලාපය සහ ශීත කලාපය ලෙස උෂ්ණත්ව කලාප 3කින් යුක්තය.ඇමරිකාව ඇතුළු බටහිර දියුණු රටවල් සෞම්‍ය කලාපයට අයිති වන අතර එම රට වල ස්නානය සඳහා සුදුසුම උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 44 බව තහවුරු කරගෙන ඇත.

    ලෝකයේ උෂ්ණත්ව කලාප

    නමුත් ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටකට එය ස්වාභාවික ඇල් ජලයේ උෂ්ණත්වය බවයි ආයුර්වේද වෛද්‍ය මතය. එනම් රෝග පීඩාවකින් නොපෙලෙන්නේනම් ඉතාම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමය ඇල් දිය හෙවත් ජලය ස්වාභාවික උෂ්ණත්වයෙන් ස්නානයයි. එනම් සෙල්ශියස් අංශක 22-24 මට්ටමේ ජලයයි.මීට හේතුව ලෙස පරිසර උශ්ණත්වය ශරීරය අධික නිසාවෙන් ( එනම් 18-30 අතර බැවින්) ශරීරය සැහැල්ලු කිරීමට සිසිල් කිරීම අවශ්‍ය වීමයි.

    නමුත් සෞම්‍ය කලාපයේදී පරිසර උෂ්ණත්වය අඩු බැවින්  (එනම් 0-15 අතර පවතින බැවින්) මෙලෙස උණුසුම් ජලයෙන් ශරීරය සැහැල්ලු වෙයි.

    එබැවින් නිවැරදි ස්නානය එදිනෙදා පිළිවෙතක් මෙන්ම ප්‍රයෝජනවත් සෞඛ්‍යාරක්ෂිත පියවරක් බවත් දනුවත්වී සිට උපකාරයට ගැනීමද නිරෝගී දිවියකට වැදගත්ය.

    Source:-http://adahasawakashaya.blogspot.co.id/2016/08/blog-post_23.html

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    18 Oct 2016 05:42 AM
    ඉතාමත් වැදගත් ලිපියෙක්.. දවසේ වැඩ කටයුතු නිමා කර හිසට වතුර ටිකක් වැටෙන කොට දැනෙන සනිපය කියලා නිමකරන්න බැහැ...
    එත් විනාඩි 30 ක් නම් නාන්න ලේසි වෙන්නේ (හොද වතුර බිලකුත් ඒවා) මගේ නෑම නම් වැඩිම උනොත් විනාඩි 10 ක් විතර..
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    18 Oct 2016 06:36 AM
    නාන්නේ නැති අයත් ඉන්නේ.. මම නම් පැය භාගයක් විතර නානවා.. ඒත් වතුර මලෙන් නෑම ළිඳකින් නානවා වගේ ඇඟට දැනෙන්නේ නැහැ.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    18 Oct 2016 07:13 AM
    හොද ලිපියක් .. දැන් නේ නාන එකෙත් ගුණ අගුණ දන්නේ .
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    18 Oct 2016 10:10 AM
    ඇත්තමයි කියන්නේ ....මට නම් නාන්න හරියටම 55 min යනවාමයි.
    අපිට වතුර ඇති තරම් තියෙනවා.
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    18 Oct 2016 09:57 PM

    මමත් කියෙව්වා අගේ අැති ලිපියක්.

    අපි නම් නාන්නේ අැලෙන්.

    මම අැළට ගියාම වරුවකට ඒන්නේ නෑ. හී

    දිනයක වැටහේවී...........
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    19 Oct 2016 01:02 AM
    මේ ලිපිය ගොඩක් වැදගත් මමත් කියෙව්වා සම්පූර්නයෙන්ම
    නමුත් මම කලින් ලිපියක් කියවලා තියෙනවා දිනපතා නෑම සම වයසට යෑම වැඩියි කියල.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    19 Oct 2016 01:13 AM
    Posted By සඳුනි on 18 Oct 2016 09:57 PM

    මමත් කියෙව්වා අගේ අැති ලිපියක්.

    අපි නම් නාන්නේ අැලෙන්.

    මම අැළට ගියාම වරුවකට ඒන්නේ නෑ. හී

    … …අම්මපා ඔය ඇල මෙහෙන් බහින්නෙ නැහැනෙ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    19 Oct 2016 01:38 AM
    අපි ඇල හරවමුද එහෙනම්..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536

    --
    19 Oct 2016 01:57 AM
    ඉතාම වටිනා ලිපියක්

    දැනුයිනේ ගොඩක් දේවල් දැනගත්තේ නෑම ගැන
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    19 Oct 2016 03:15 PM
    watina wistharayak sthuthi obata
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    20 Oct 2016 08:34 AM
    තුශාන්ට නං අවුලක් නෑ නෑම ගැන.එහා පැත්තෙ මුහුදනෙ........
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    20 Oct 2016 09:40 AM

    Posted By hasithad on 20 Oct 2016 08:34 AM
    තුශාන්ට නං අවුලක් නෑ නෑම ගැන.එහා පැත්තෙ මුහුදනෙ........
    ඒ වුණාට නාන්නේ නැතිලු..

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    20 Oct 2016 11:40 AM
    ඉතාමත් වැදගත් ලිපියක්...
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    20 Oct 2016 01:09 PM
    Posted By Ind007ka on 19 Oct 2016 01:13 AM
    Posted By සඳුනි on 18 Oct 2016 09:57 PM

    මමත් කියෙව්වා අගේ අැති ලිපියක්.

    අපි නම් නාන්නේ අැලෙන්.

    මම අැළට ගියාම වරුවකට ඒන්නේ නෑ. හී

    … …අම්මපා ඔය ඇල මෙහෙන් බහින්නෙ නැහැනෙ
    අැල ඔහෙට හරව ගන්න කිසි තහනමක් නෑ.

    හැබැයි අපිටත් වතුර ඉතුරු කරන්න

    දිනයක වැටහේවී...........
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    21 Oct 2016 08:03 AM
    Posted By hasithad on 20 Oct 2016 08:34 AM
    තුශාන්ට නං අවුලක් නෑ නෑම ගැන.එහා පැත්තෙ මුහුදනෙ........

    muhude newa kaalayak mathaka naha ayiye
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    21 Oct 2016 08:04 AM
    Posted By samantha on 20 Oct 2016 09:40 AM

    Posted By hasithad on 20 Oct 2016 08:34 AM
    තුශාන්ට නං අවුලක් නෑ නෑම ගැන.එහා පැත්තෙ මුහුදනෙ........
    ඒ වුණාට නාන්නේ නැතිලු..

    mama loka warthawak thiyanna yanne nanne nathuwa
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    21 Oct 2016 12:43 PM
    අමුතුවෙන් තියන්න දෙයක් නෑ මේ වෙනකං නාලා නැත්නං රෙකෝඩ් එක මේ වෙද්දිම තියලනෙ.....
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736

    --
    21 Oct 2016 08:55 PM

    හැමදාම කන චොක්ලට් ගැන ඔබ නොදත් කතාවක්

    චොකලට් කියන්නේ ඉතින් ඕනෙම කෙනෙක් ආසාවෙන් කන කෑමක් නේ. ඇත්තටම චොක්ලට් කන එක ශරිරයට හොදද? නැද්ද ? ඕකනේ දැන් අපි හැමෝටම තියෙන ප්‍රශ්නේ. අටුවා ටීකා නැතුව කෙලින්ම අපි කතාවට බහිමු.

    චොකලට් අපිව තරුණ කරනවා. කඩවසම් කරනවා. මෙහෙම කිව්වම සමහර විට ඔබ පුදුම වෙන්නත් පුළුවන්. එහෙත් මේ වන විට එය විද්‍යානුකුලව සනාථ කරලා තියෙනවා. කවුද ඉතින් ආස නැත්තේ ලස්සනට හැඩට ඉන්න.

    ඒ පරීක්ෂණයට වයස අවුරුදු 23 -98 අතර කට්ටිය 968ක් පමණ සහභාගි වෙලා තියෙනවා ලු. අවුරුදු 98 ක් වෙලත් තාම චොක්ලට් කන ආසව අත ඇරගන්න බැරි වෙලා. නැත්තන් ඉතින් ඔය පරීක්ෂණයට සහභාගි වෙයියෑ.

    විද්‍යාඥයන් කියන විදිහට චොක්ලට් වැඩිපුර කන පුද්ගලයන්ගේ දෘශ්‍ය මතකය (Visual memory) දියුණු වෙනවලු. ඒ විතරක් නෙමෙයි මතක ශක්තිය වැඩි වෙනවලු. වියුක්ත චින්තන (Abstract thinking) හැකියාව වැඩි දියුණු වෙනවලු . එපමණක් නෙමේ මානසික ඒකාග්‍රතාවය පවත්ව ගන්නත් උදව් වෙනවලු !

    චොක්ලට් වල අන්තර්ගතය ගත්තම සමහර සංඝටක අපගේ මානසික ක්‍රියාකාරිත්වයේ යහපත් පැවැත්මට හේතුවෙන්න පුළුවන්. එම සංඝටක පොදුවේ “COCOA FLAVANOLS” කියල හදුන්වනවා.
    මේවායින් බහුතරය තියෙන්නේ Dark Chocolate වල ලු .සුළු වශයෙන් White Chocolate හා Milk Chocolate වලත් මේවා අන්තර්ගත වෙනවා. මාර වැඩේ කියන්නේ චොක්ලට් වලින් ලැබෙන ප්‍රයෝජන ගත්තම චොක්ලට් වර්ගෙන් වර්ගයට එකත් වෙනස් වෙනවා.

    එහෙමයි කියල හැමදාම චොක්ලට් කන්න ගියොත් නවතින්න වෙන්නේ දියවැඩියාව හැදිලා තමා ! ඕනෑම එකක් ඕනවට වඩා හොද නෑ කියල කිව්වේ නිකන් නෙමෙයි නේ.

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    21 Oct 2016 09:35 PM
    හරිම ප්‍රයොජනවත්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973

    --
    21 Oct 2016 09:36 PM
    ස්තූතියි, එහෙනම් අපි චොක්ලට් ටිකක් වැඩිපුර කමු මීට පස්සේ.
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    22 Oct 2016 12:49 AM
    මම නම් නිතරම කන දෙයක් තමා මේවා. හොටෙල් එකෙ තියෙනවා කිලො ගනන්
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    22 Oct 2016 01:52 AM

    ඒහෙමත් ඒකක්ද?

    දිනයක වැටහේවී...........
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    22 Oct 2016 09:57 AM
    කෙල්ලෝ වැඩිපුරම කන කෑමක්නෙ .....
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    22 Oct 2016 05:42 PM
    ඒක තමා කෙල්ලෝ ඔය තරම් ලස්සනට ඉන්නේ .... හී
    කොල්ලෝත් නිතරම අරන් දෙන ජාතියනේ නේ හසිත අයියේ...
    දිනයක වැටහේවී...........
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    23 Oct 2016 01:51 AM
    choclt kewata lassana wenne naha wena wedak thama wenne
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    23 Oct 2016 02:04 AM
    Posted By DanuLiyanage on 23 Oct 2016 01:51 AM
    choclt kewata lassana wenne naha wena wedak thama wenne
    මොකක්ද ඒ රහස?

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    23 Oct 2016 02:06 AM
    හී...... මම අහලා තියෙන්නේ වෙන දෙයක් තමා
    දිනයක වැටහේවී...........
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    23 Oct 2016 02:26 AM
    රාගය ඇවිස්සෙනවා කියලා තමා අහලා තියෙන්නේ. වැරදි දෙයක් නේවෙ නේද කිව්වෙ
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    23 Oct 2016 05:47 AM
    Posted By DanuLiyanage on 23 Oct 2016 02:26 AM
    රාගය ඇවිස්සෙනවා කියලා තමා අහලා තියෙන්නේ. වැරදි දෙයක් නේවෙ නේද කිව්වෙ

    චොකලට් කන එක අඩු කරපන් එහෙනම් .................
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    23 Oct 2016 07:29 AM
    දැන් චොකලට් අඩු කිරීම කෙසේ වෙතත් කටිටියම කන එක වැඩි කරයි වගේ. තුෂාන්ගේ කථාවෙන් පස්සෙ
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736

    --
    23 Oct 2016 07:40 AM
    Posted By DanuLiyanage on 23 Oct 2016 02:26 AM
    රාගය ඇවිස්සෙනවා කියලා තමා අහලා තියෙන්නේ. වැරදි දෙයක් නේවෙ නේද කිව්වෙ

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    23 Oct 2016 07:58 AM
    චොක්ලට් කාපුවාම අර ඇවිස්සෙනවා කිව්ව එක මම නම අදයි ඇහැව්වේ.
    තුශානුත් දන්න දේවල්
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    23 Oct 2016 08:08 AM
    ධනු අයියා කිව්ව ඒක තම මාත් අහලා තියෙන්නේ
    දිනයක වැටහේවී...........
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    23 Oct 2016 08:40 AM
    ඇත්තටම ඔහොම එකක් මම ඇහැව්වාමයි.
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536

    --
    24 Oct 2016 12:22 PM
    වටිනා තොරතුරු ටිකක්
    ස්තුති
    මං නම් අහල තිබුනේ COCOA වලට මතක ශක්තිය අඩු වෙනවා කියලයි
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    24 Oct 2016 01:05 PM
    ඩාර්ක් චොක්ලට් තමා ගුමනම කියලා මාත් අහලා තියෙනවා . ස්තුති ලිපියට .
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    24 Oct 2016 03:29 PM
    Posted By Dushan on 24 Oct 2016 12:22 PM
    වටිනා තොරතුරු ටිකක්
    ස්තුති
    මං නම් අහල තිබුනේ COCOA වලට මතක ශක්තිය අඩු වෙනවා කියලයි

    අඩු වෙනවා කියලා. ඒක නම් වෙන්න බෑ. කොකොවා ගුණයි
    දිනයක වැටහේවී...........
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    27 Oct 2016 05:44 AM
    Posted By Rosi on 24 Oct 2016 01:05 PM
    ඩාර්ක් චොක්ලට් තමා ගුමනම කියලා මාත් අහලා තියෙනවා . ස්තුති ලිපියට .
    ඒක ගුණ උනාට කන්න බැහැනේ. තිත්තම තිත්තයි

    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296

    --
    27 Oct 2016 06:31 AM
    Posted By DanuLiyanage on 23 Oct 2016 02:26 AM
    රාගය ඇවිස්සෙනවා කියලා තමා අහලා තියෙන්නේ. වැරදි දෙයක් නේවෙ නේද කිව්වෙ
    හපොයි..ලගකදී කෑවද චොකලට් .. එහෙම වෙලාද දැන් දැන් 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    27 Oct 2016 07:41 AM
    චොක්ලට් කම්දෝ නොකම්දෝ කියලා සිතුනි මට !
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    27 Oct 2016 03:47 PM
    හාතවාරියයි පෙනල වැලුයි හොයන වෙලේ කන්න කන්න
    දිනයක වැටහේවී...........
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100

    --
    29 Oct 2016 11:20 PM
    maru
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    31 Oct 2016 07:30 PM
    මේවා සිනී නැතුව හදනවානම් කන්න තිබ්බා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    31 Oct 2016 09:09 PM
    මොනව උනත් මේ ෆොටෝ එක දැක්කමට ඉරිසියා හිතෙනවා...

    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    01 Nov 2016 02:48 AM
    චොකලට් එකක් තනියම කන්න වෙන්නෙ නැහනේ කොහොමත්
    එකක් ගෙනාවොත් හොහෙමෙත් 4 ක් 5 ක් ඉන්නවනේ ඕක කන්න
    ඉතින් ඉරිසියා හිනේනෙ නැද්ද මොහම දකිනකොට
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    01 Nov 2016 11:42 AM
    මෙහෙම චොකලට් කෑවොත් කොහෙන් නවතීද දන්නෑ ලෙඩ හැදිලම.
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736

    --
    06 Nov 2016 12:22 AM

    ඔබට ඉක්මනින් තරහා යනවා ද ? එහෙනම් ඔබේ මොළයත් කුඩා විය හැක.

    අපි හැමෝටම මොනයම් හේතුවක් නිසා හෝ තරහ යන එක සාමාන්‍ය දෙයක්. නමුත් අපි අතර සිටින සමහරක් දෙනෙක් ට අසාමාන්‍ය විදියට තරහ යන්න පුළුවන්. මෙසේ කිපිමට සමහර විට හේතුවක් ද නැති තරම්. විද්‍යාඥයන් පිරිසක් විසින් මෑතක දී සිදුකල පර්යේෂණයකින් අනාවරණය වී තිබෙන්නේ ඉක්මනින් තරහ යන පුද්ගලයන් IED (intermittent explosive disorder) සහ ඔවුන්ගේ මොලයේ ධුසර(grey matter) ද්‍රව්‍ය ප්‍රමාණය අඩුවීම අතර සම්බන්ධයක් පවතින බවයි. ඔවුන් විසින් කර ඇති පර්යේෂණ වලට අනුව ඔවුන්ට පෙනී ගොස් තිබෙන්නේ ඉක්මනින් තරහ යන පුද්ගලයන් ගේ මොළයේ හැඟීම් පාලනය කරන ප්‍රදේශ වල Grey matter අඩු බවයි.

    මෙය කුමක් නිසා සිදුවන්නේ දැයි නිශ්චිතව සොයාගෙන නොමැති බවයි දැනගන්නට ලැබෙන්නේ. පර්යේෂකයන් කණ්ඩායම MRI ස්කෑන් වාර්තා 168ක් ඇසුරෙන් කල පර්යේෂණයක ප්‍රථිපලයක් ලෙස මේ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. මේ සඳහා යොදාගැනුණු පිරිස අතර IED තත්වයෙන් නොපෙළෙන පුද්ගලයන් සහ පාලක පරික්ෂන ලෙස යොදාගැනුණු 58 දෙනෙක් ද වුනා. ඔවුන් මේ පර්යේෂණයේ ප්‍රතිපල ඇසුරෙන් නිගමනයකට එළඹුණේ මොලයේ ඇති ධුසර ප්‍රමාණය සහ ප්‍රකෝපකාරී හැසිරීම අතර සම්බන්ධයක් පවතින බවයි.

    ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටින්නේ ඇතැම් පුද්ගලයන්ට නිතරම තරහ යාමේ ගතියක් පෙන්වන්නේ ඇතැම් විට ඔවුන්ගේ ගති පැවතුම් වල අඩුපාඩුවක් නිසා නොව ඔවුන්ගේ මොළයේ ඇති දුර්වලතාවයක් නිසා බව විය හැකි බවයි.

    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457

    --
    06 Nov 2016 01:28 AM
    මට නම් ඉක්මනින් තරහ යනවා
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    06 Nov 2016 02:58 AM
    ඒහෙමත් ඒකද්ද. කේන්තියන ඒක නෙමෙ ඉක්මනට දුක හිතෙන ඒකට හේතුව කියන්නකෝ. හී.
    ස්තූතියි ලිපියට
    දිනයක වැටහේවී...........
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    06 Nov 2016 03:42 AM
    Posted By සඳුනි on 06 Nov 2016 02:58 AM
    ඒහෙමත් ඒකද්ද. කේන්තියන ඒක නෙමෙ ඉක්මනට දුක හිතෙන ඒකට හේතුව කියන්නකෝ. හී.
    ස්තූතියි ලිපියට
    ඒකට හේතුව කුඩාවට වත් මොළයක් නැතිවීම වෙන්න බැරිද නගෝ..  (විහිලුවට හොඳේ.)

    ස්තූතියි මේ ලිපියට මලේ.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    06 Nov 2016 03:53 AM
    Posted By maduranga001 on 06 Nov 2016 03:42 AM
    Posted By සඳුනි on 06 Nov 2016 02:58 AM
    ඒහෙමත් ඒකද්ද. කේන්තියන ඒක නෙමෙ ඉක්මනට දුක හිතෙන ඒකට හේතුව කියන්නකෝ. හී.
    ස්තූතියි ලිපියට
    ඒකට හේතුව කුඩාවට වත් මොළයක් නැතිවීම වෙන්න බැරිද නගෝ..  (විහිලුවට හොඳේ.)

    ස්තූතියි මේ ලිපියට මලේ.

    හී .. මම හිතුවා හිත පොඩී කියයි කියලා.

    ඔව් ඉතින් මොලේ නැති නිසා තමානේ දුක් වෙන්නේ.

    නැත්තම්   ''නැව ගිලුණත් ගැට්ටේ බජව් ''  වගේ ඉන්න ඒපෑ

    දිනයක වැටහේවී...........
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    06 Nov 2016 04:20 AM
    මටනං ඉස්සර ගැහුවත් තරහ යන්නෙ නැහැ. ඒකටත් එක්ක දැන් හොස්ස ලගින් මැස්ස යන්න බෑ. වචනයක් මිස් වෙන්නත් බැහැ
    ඒ කියන්නේ මොලේ එන්න එන්න කුඩා වීගෙන යනවද දන්නෙ නැහැ නේද
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    06 Nov 2016 04:31 AM
    Posted By sha733 on 06 Nov 2016 04:20 AM
    මටනං ඉස්සර ගැහුවත් තරහ යන්නෙ නැහැ. ඒකටත් එක්ක දැන් හොස්ස ලගින් මැස්ස යන්න බෑ. වචනයක් මිස් වෙන්නත් බැහැ
    ඒ කියන්නේ මොලේ එන්න එන්න කුඩා වීගෙන යනවද දන්නෙ නැහැ නේද

    ඔව් ඔව් ඔයා ලොකු වෙද්දී ෙමොලේ පොඩි වෙලා හී
    දිනයක වැටහේවී...........
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    06 Nov 2016 04:37 AM
    Posted By සඳුනි on 06 Nov 2016 04:31 AM

    අනේ මන්ද කිවුවට ඒ වගේ කියල මටත් හිතෙනවා. කිසි දෙයක් මතක හිටින්නෙ නැහැනේ
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    06 Nov 2016 04:38 AM
    Posted By sha733 on 06 Nov 2016 04:37 AM
    Posted By සඳුනි on 06 Nov 2016 04:31 AM
    Posted By sha733 on 06 Nov 2016 04:20 AM
    මටනං ඉස්සර ගැහුවත් තරහ යන්නෙ නැහැ. ඒකටත් එක්ක දැන් හොස්ස ලගින් මැස්ස යන්න බෑ. වචනයක් මිස් වෙන්නත් බැහැ
    ඒ කියන්නේ මොලේ එන්න එන්න කුඩා වීගෙන යනවද දන්නෙ නැහැ නේද
    ඔව් ඔව් ඔයා ලොකු වෙද්දී ෙමොලේ පොඩි වෙලා හී

    අනේ මන්ද කිවුවට ඒ වගේ කියල මටත් හිතෙනවා. කිසි දෙයක් මතක හිටින්නෙ නැහැනේ

    චොක්ලටි කන්න වහාම
    දිනයක වැටහේවී...........
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    06 Nov 2016 04:57 AM
    එතකොට සීනි වැඩි වෙයි
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    06 Nov 2016 05:05 AM
    Posted By sha733 on 06 Nov 2016 04:57 AM
    එතකොට සීනි වැඩි වෙයි

    දැන් තෙඹු කොළ මැල්ලුම් කන්න.
    දිනයක වැටහේවී...........
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    06 Nov 2016 05:52 AM
    Posted By smt90 on 06 Nov 2016 12:22 AM

    ඔබට ඉක්මනින් තරහා යනවා ද ? එහෙනම් ඔබේ මොළයත් කුඩා විය හැක.

    අපි හැමෝටම මොනයම් හේතුවක් නිසා හෝ තරහ යන එක සාමාන්‍ය දෙයක්. නමුත් අපි අතර සිටින සමහරක් දෙනෙක් ට අසාමාන්‍ය විදියට තරහ යන්න පුළුවන්. මෙසේ කිපිමට සමහර විට හේතුවක් ද නැති තරම්. විද්‍යාඥයන් පිරිසක් විසින් මෑතක දී සිදුකල පර්යේෂණයකින් අනාවරණය වී තිබෙන්නේ ඉක්මනින් තරහ යන පුද්ගලයන් IED (intermittent explosive disorder) සහ ඔවුන්ගේ මොලයේ ධුසර(grey matter) ද්‍රව්‍ය ප්‍රමාණය අඩුවීම අතර සම්බන්ධයක් පවතින බවයි. ඔවුන් විසින් කර ඇති පර්යේෂණ වලට අනුව ඔවුන්ට පෙනී ගොස් තිබෙන්නේ ඉක්මනින් තරහ යන පුද්ගලයන් ගේ මොළයේ හැඟීම් පාලනය කරන ප්‍රදේශ වල Grey matter අඩු බවයි.

    මෙය කුමක් නිසා සිදුවන්නේ දැයි නිශ්චිතව සොයාගෙන නොමැති බවයි දැනගන්නට ලැබෙන්නේ. පර්යේෂකයන් කණ්ඩායම MRI ස්කෑන් වාර්තා 168ක් ඇසුරෙන් කල පර්යේෂණයක ප්‍රථිපලයක් ලෙස මේ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. මේ සඳහා යොදාගැනුණු පිරිස අතර IED තත්වයෙන් නොපෙළෙන පුද්ගලයන් සහ පාලක පරික්ෂන ලෙස යොදාගැනුණු 58 දෙනෙක් ද වුනා. ඔවුන් මේ පර්යේෂණයේ ප්‍රතිපල ඇසුරෙන් නිගමනයකට එළඹුණේ මොලයේ ඇති ධුසර ප්‍රමාණය සහ ප්‍රකෝපකාරී හැසිරීම අතර සම්බන්ධයක් පවතින බවයි.

    ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටින්නේ ඇතැම් පුද්ගලයන්ට නිතරම තරහ යාමේ ගතියක් පෙන්වන්නේ ඇතැම් විට ඔවුන්ගේ ගති පැවතුම් වල අඩුපාඩුවක් නිසා නොව ඔවුන්ගේ මොළයේ ඇති දුර්වලතාවයක් නිසා බව විය හැකි බවයි.

    වෙන්න පුළුවන් කුඩා විය හැකියි.ඒත් ලේ කෝප වෙනවා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    06 Nov 2016 08:37 AM
    මොලේ කුඩා වුනත් නැතත් කේන්ති යන එක අඩු කර ගන්න පුලුවන්නම් ඇඟට ගුනයි කොහොමත්.
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736

    --
    08 Nov 2016 03:18 AM

    ඔබත් ඇඟ පිහදාන තුවායෙන් මුහුණ පිසදමනවද?

    යාලටත් තියෙනවද ඇඟ පිහදමන තුවායෙන්ම මුහුණත් පිසදමන පුරුද්ද? හොඳයි… 

    කොච්චර දවසකට සැරයක් ඔබ නාන තුවාය හෝදනවද? ඔයාගේ නාන තුවයෙන් පිස 

    දමන තැන් කොතරම්ද? කොන්ඩේ, පිටිපස්ස , කකුල් ? ඒත් එක්කම ඔබ දන්නවද නාන

     කාමරයක ඇති තෙත තුවායක් කියන්නේ විෂබීජ වලට වැඩෙන්න හොඳ බිමක් කියල? .

    ඉතින් මූණ හෝදලා පිසදමන්න, පොඩි තුවායක් වෙනම භාවිතා කරනවා කියන්නේ ඇත්තටම බුද්ධිමත් අදහසක්. විෂබීජ මූනේ තවරා නොගැනීම කියන්නේ මුහුණේ ඇතිවන කුරුලෑ වගේ ආසාධන වලින් බේරෙන්න හොඳම විදියක්.

    ඇතැම් තරුණියෝ මුහුණ පිස දැමීම සඳහා පේපර් ටිෂු පාවිච්චි කරන අවස්ථාවන් තිබෙනවා. එයත් හොඳ ක්‍රමයක්. එමගින් මූනේ සම නිරෝගීව තබා ගන්නට ලොකු උපකාරයක් ලැබෙනවා.

    මූණ හෝදන්න වෙනම ලොකු තුවායක් නොවේ, කුඩා hand towel එකක් පාවිච්චි කිරීම වඩා හොඳයි. එය දින දෙකකට වරක්වත් පහසුවෙන් සෝදා, අවුවේ වෙලා පිරිසිදු කර ගන්න පුළුවන්. මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්න කුඩා තුවා දෙකක් තබා ගන්න. ඒක පහසුවක්.

    ඒ වගේම මුහුණ මස් පිඬු පහලට තදින් අතුල්ලලා පිස දමන එක සුදුසු නැහැ. තුවාය මුහුණට ලං කර පරිස්සමෙන් තෙත මාත්තු කිරීම තමයි නිවැරදි ක්‍රමය.

    මේ උපදෙස් පිළිපැදල ඔබේ මුහුණත් නිරෝගීව , ලස්සනට තියා ගන්න උත්සහ දරන්න.

    0

    Sanda
    New Member
    New Member
    Posts:69

    --
    08 Nov 2016 03:19 AM
    මටත් ඉතින් කෙන්ති යනවා....කරන කියන දේවල් අනුව

    ඉතින් මොනවා කරන්නද
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736

    --
    08 Nov 2016 03:31 AM
    Posted By Sanda on 08 Nov 2016 03:19 AM
    මටත් ඉතින් කෙන්ති යනවා....කරන කියන දේවල් අනුව

    ඉතින් මොනවා කරන්නද
    මෛත්‍රි භාවනාව කරන්න එතකොට තරහ යන ගතිය අඩු වෙයි. 
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    08 Nov 2016 04:10 AM
    Posted By smt90 on 08 Nov 2016 03:18 AM

    ඔබත් ඇඟ පිහදාන තුවායෙන් මුහුණ පිසදමනවද?

    යාලටත් තියෙනවද ඇඟ පිහදමන තුවායෙන්ම මුහුණත් පිසදමන පුරුද්ද? හොඳයි… 

    කොච්චර දවසකට සැරයක් ඔබ නාන තුවාය හෝදනවද? ඔයාගේ නාන තුවයෙන් පිස 

    දමන තැන් කොතරම්ද? කොන්ඩේ, පිටිපස්ස , කකුල් ? ඒත් එක්කම ඔබ දන්නවද නාන

     කාමරයක ඇති තෙත තුවායක් කියන්නේ විෂබීජ වලට වැඩෙන්න හොඳ බිමක් කියල? .

    ඉතින් මූණ හෝදලා පිසදමන්න, පොඩි තුවායක් වෙනම භාවිතා කරනවා කියන්නේ ඇත්තටම බුද්ධිමත් අදහසක්. විෂබීජ මූනේ තවරා නොගැනීම කියන්නේ මුහුණේ ඇතිවන කුරුලෑ වගේ ආසාධන වලින් බේරෙන්න හොඳම විදියක්.

    ඇතැම් තරුණියෝ මුහුණ පිස දැමීම සඳහා පේපර් ටිෂු පාවිච්චි කරන අවස්ථාවන් තිබෙනවා. එයත් හොඳ ක්‍රමයක්. එමගින් මූනේ සම නිරෝගීව තබා ගන්නට ලොකු උපකාරයක් ලැබෙනවා.

    මූණ හෝදන්න වෙනම ලොකු තුවායක් නොවේ, කුඩා hand towel එකක් පාවිච්චි කිරීම වඩා හොඳයි. එය දින දෙකකට වරක්වත් පහසුවෙන් සෝදා, අවුවේ වෙලා පිරිසිදු කර ගන්න පුළුවන්. මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්න කුඩා තුවා දෙකක් තබා ගන්න. ඒක පහසුවක්.

    ඒ වගේම මුහුණ මස් පිඬු පහලට තදින් අතුල්ලලා පිස දමන එක සුදුසු නැහැ. තුවාය මුහුණට ලං කර පරිස්සමෙන් තෙත මාත්තු කිරීම තමයි නිවැරදි ක්‍රමය.

    මේ උපදෙස් පිළිපැදල ඔබේ මුහුණත් නිරෝගීව , ලස්සනට තියා ගන්න උත්සහ දරන්න.

    ඇග විතරක් නෙමෙයි කකුල් දෙකත් පිස දමනවා...

    ඒත් තුවාය තද අවුවේ වේලා ගන්නවා...ඒ නිසා ගැටළුවක් වෙන්නේ නෑ..

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    08 Nov 2016 04:19 AM
    මම නම් ඉතින් සරුවන්ගෙම පිහින්නෙ එකම තුවායෙන්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    08 Nov 2016 04:26 AM
    ඒ වගේම මුහුණ මස් පිඬු පහලට තදින් අතුල්ලලා පිස දමන එක සුදුසු නැහැ. තුවාය මුහුණට ලං කර පරිස්සමෙන් තෙත මාත්තු කිරීම තමයි නිවැරදි ක්‍රමය.

    මේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක මුණ මෙච්චර හුරතල් කර කර ඉන්න වෙලාවක් නැහැ අයියො.

    වටිනා තොරතුරු ටිකක් මල්ලි. ඔව්. මේවා පිළිපදිනවා නම් ගොඩක් හොඳයි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    08 Nov 2016 05:01 AM
    සමහර වෙලාවට තුවාය හොයාගන්න බැරි වුනාම ඇදගෙන ඉන්න සරම තමයි පිහිටට ඉන්නේ...
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    08 Nov 2016 05:04 AM
    අපොයි. මධුරංග අයියා මුණ පිහින්නේ නැලු.

    ස්තුතියි අයියේ විස්තරයට
    දිනයක වැටහේවී...........
    0

    Sanda
    New Member
    New Member
    Posts:69

    --
    08 Nov 2016 05:18 AM

    අපොයි.....එහෙනම් මුහුන සෝදලා වැඞක් නෑ නේද සදුුනි නංගි

    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462

    --
    08 Nov 2016 06:37 AM
    හි ඒක තමයි.
    දැලි ගෑවුනු මුනු දාන්නේ හැම වෙලේම.
    ඔන්න රහස අහු වුනා
    දිනයක වැටහේවී...........
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    08 Nov 2016 06:51 AM
    මේක නම් හොද අදහසක් ..ඒ ගැන ඇත්තටම හිතුවේ නැ ..ස්තුති කරාට.

    මදුරන්ගට මුහුණක් නැති නිසා අවුලක් නැ හුරතල් නොකරත්
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795

    --
    08 Nov 2016 07:03 AM
    ඉන්දික අයියගෙ කතාවම තමයි මටත් කියන්න තියෙන්නේ.
    තාම නම් කිසි අවුල නෑ ඉතින්.....
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736

    --
    15 Jun 2017 06:20 AM

    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    15 Jun 2017 07:16 AM
    ස්තුතියි මේ නිවේදනයට එහෙත් ඩොක්ටර් කෙනෙක් ගේ අනුමැතියක් නොමැතිව මෙම පරික්ෂන කරන්නේ නෑ.
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    sanj
    Basic Member
    Basic Member
    Posts:347

    --
    15 Jun 2017 11:19 AM
    අම්මෝ මාස 3ක්ම දුක් වින්දා. ආයෙ හැදුනොත් මලා තමා
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    15 Jun 2017 06:27 PM
    අම්මො බයෙ බැහ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    18 Jun 2017 07:03 AM
    රෝග ලක්ෂණත් වෙනස් වෙලා...
    මිනිසුන්ගේ ආයු කාලයත් එන්න එන්නම අඩු වෙනවා...
    0

    ---