Go to previous topic
Go to next topic
Last Post 23 Mar 2018 01:05 PM by  maduranga001
ඩීසල් හයිඩ්‍රොලික් යතුරු යතුරු පැදිය
 117 Replies
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 Dec 2015 09:19 PM

    රථවාහන ඉතිහාසයේ පෙරළි ඇතිකල කාර්..

    සියවස් ගණනාවක සිට ගමනාගමන ඉතිහාසය තුළ දිදුළන කාර් වර්ගයන් ප්‍රමාණය දහස් ගණනක්. එකිනෙකට වෙනස් ආකාරයේ නිර්මාණයන් බිහිකරමින් කර්මාන්තය තුළ මේ විවිධ කාර් මහත් පෙරළියක් ඇති කරන ලදී. මේ ලිපියෙන් ගෙන එන්නේ ඒ ලෙස කාර් කර්මාන්තයේ මං සළකුණූ තැබූ කාර් පිළිබදවයි.

    01. Benz’s Patent-Motorwagen – 1885
    මේ ලොව ප්‍රථම කාරය යි.

    1

    02. Ford’s Model T – 1908
    මේ කාරය මධ්‍යම පාන්තිකයන්ට දැරිය හැකි මුදලකට හදුන්වාදෙන ලදී.

    2

    03.  Cadillac’s Touring Edition – 1912

    3

    04. Essex’s Closed Coach – 1918

    4

    05.  Ford’s Model 18 – 1932

    5

    06.  Buick’s Y-job – 1938

    6

    07. Volkswagen’s Beetle – 1938

    7

    08. Bantam’s Jeep – 1940

    8

    09.  BMC’s Mini – 1959

    9

    10. Cooper’s T43 – 1957

    10
    11. Ford’s Mustang – 1964

    11

    12.  Chevy’s El Camino SS 454 LS6 – 1970

    12
    13.  Audi’s Sport Quattro – 1980

    13
    14. Chrysler’s Minivan – 1984

    14
    15. Toyota’s Prius – 1997

    15

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    17 Dec 2015 09:19 PM
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Dec 2015 12:41 AM
    මමත් ආසම දෙයක් තමයි කාර් පිළිබඳ සොයා බැලීම..
    මම මේ ටික සේව් කරගන්නවා...
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    19 Dec 2015 01:40 AM
    හුරුබුහුටි car ටික ...........
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    19 Dec 2015 03:34 AM

    මේක තමයි මම ආසම එක.......ගන්න ඕනේ එකක් හුස්මටික යන්නට කලින් 

    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    19 Dec 2015 04:34 AM
    පරණ වෙන්න වෙන්න ලස්සන වැඩි නේ ...
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    19 Dec 2015 05:50 AM
    Posted By Rosi on 19 Dec 2015 04:34 AM
    පරණ වෙන්න වෙන්න ලස්සන වැඩි නේ ...
    ඒ කිව්වේ...............

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    19 Dec 2015 05:59 AM
    OLD & NEW



    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    19 Dec 2015 06:04 AM


    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    20 Dec 2015 03:18 AM
    ස්තූතියි සමන්ත අයියේ...
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    20 Dec 2015 05:45 PM
    voxvagan නම් දකිනකොටත් අසයි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    20 Dec 2015 06:36 PM
    thnaks for the post
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    07 Jan 2016 10:57 PM

    අමුතු මෝටර් රථ

    ලොව වටා විවිධ මෝටර් රථ කාර්මිකයන් විසින් නිශ්පාධනය කරන ලද අමුතු මාදිලියේ මොටර් රථ 10ක්.




    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    08 Jan 2016 12:01 AM
    ජෙට් එකේ හැඩයට තියෙන එකට නම් මමත් ආසයි..
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    08 Jan 2016 12:02 AM


    මේක නම් ලංකාවට නියමෙට මැච් වෙනවා...
    අනේක පැත්තටම පෙරළුනත් යන්න පුළුවන්
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    08 Jan 2016 12:05 AM
    ඊයා අර ලමයා යන එක
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    08 Jan 2016 12:37 AM
    මරු වාහන ටික ...........
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    08 Jan 2016 01:01 AM
    මම හිතන්නේ මේ ගොඩක් වාහන විනෝදයට හැදුවට සාමාන්‍ය පරිදි මාර්ග වල යන්න නම් විශේෂ අවසරයක් ඕන ඇති. සමහර ඒවායේ නම් අවසර දුන්නත් යන්න බැරි ඒවා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    08 Jan 2016 01:02 AM
    Posted By Rosi on 19 Dec 2015 04:34 AM
    පරණ වෙන්න වෙන්න ලස්සන වැඩි නේ ...

    කවුරු ගැනද කිව්වෙ..?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    08 Jan 2016 04:39 AM
    හිතා ගන්නවත් බෑ මේ වගේ වාහන
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    09 Jan 2016 06:52 AM
    පොඩි එකා නැගලා ඉන්න එක මරැ
    මමත් බය වෙනව ඒකට පොඩ්ඩා කොහොම ඉන්නවද දන්නේ නැහැ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    19 Mar 2016 12:03 AM

    ලෝකයේ තියෙන සැප පහසුම වාහනය දැක්කම පිස්සු හැදෙනවා..

     

     

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    19 Mar 2016 07:58 AM
    මෙහෙම දකින්නත් පිං කරන්න ඕනා.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    19 Mar 2016 10:18 AM
    පිස්සු හැදෙන සඳ ,,,, ස්තුති අයියා .
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    19 Mar 2016 11:30 PM
    මමත් එකක් ඕඩර් කරන්න හිතාගෙන ඉන්නෙ ගේ දොර වතු පිටි ඔක්කොම විකුණලා
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    20 Mar 2016 06:10 PM
    ඒත් මදි වෙයි මල්ලි......ඇත්තටම මේකෙ වටිනාකම කීයක් විතර වෙයිද සමන්ත අයියේ ?????????????
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    21 Mar 2016 07:47 AM
    ඇ එච්චර ගණන් වෙයිද. එහෙම වෙයි නේද ඔන තැනක තියන්න පුලුවන් සම්පූර්ණ ගෙයක් ගත්ත වගේනේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    21 Mar 2016 07:56 AM
    ගෙයකටත් වඩා සැපයි.හැබැයි ඔයාට ගෙදර ඉතිරි වැඩ කරන එක නවත්තලා ඕක ගත්තා නම් හරි.
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    21 Mar 2016 08:12 AM
    ඇහ්හ් මේක මාර වාහනයක්නේ බලන් ගියාම
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    24 Mar 2016 02:11 AM
    මෙක ගත්තනං හොදයි කියල හිතෙනවා
    ඒත් අයියේ මැරැණම ඒක තියන්න තැනක් ඔනෙනේ ඒක හින්ද ගේ ඉතිරි වැඩ ටිකත් කරලම දානවා
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    24 Mar 2016 08:26 AM
    Posted By sha733 on 24 Mar 2016 02:11 AM
    මෙක ගත්තනං හොදයි කියල හිතෙනවා
    ඒත් අයියේ මැරැණම ඒක තියන්න තැනක් ඔනෙනේ ඒක හින්ද ගේ ඉතිරි වැඩ ටිකත් කරලම දානවා

    තව දෙන්නෙක් ගැනත් බලන්න ඕනනෙ අනිවාර්යෙන්ම.


    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    24 Mar 2016 11:01 PM
    අර මක්කටෙයි දෙන්නෙක් අනාගතේට දුසිමක් ගැනවත් හිතන්න කියල හිතාගෙන ඉන්නේ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    25 Mar 2016 06:43 AM

    හැකි නම් කාරි නැතෝ.... 

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    25 Mar 2016 07:55 AM
    හැබැයි මේ වගේ වාහනයක් ඉඳගෙන ඒ සිහිනය සැබෑ කරගන්න පහසු වෙයි මගෙ හිතෙ..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    25 Mar 2016 08:20 AM
    ඔය කිවුවට
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    25 Mar 2016 08:39 AM
    Posted By sha733 on 25 Mar 2016 08:20 AM
    ඔය කිවුවට
    ඇයි අවුල්ද ?

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    26 Mar 2016 01:58 AM
    අයියට නෙවෙයි මට
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    26 Mar 2016 06:21 AM
    ශා මල්ලි ගත්තම අපිවත් එක්ක යනවා නේද ..
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    27 Mar 2016 01:05 AM
    ගෙදරටම ඇවිල්ල රවුමක් එක්කන් යන්නේ මුලු ස්ටන් පවුලම
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    25 Apr 2016 09:38 PM

    ලක්ෂ කීයද?!? සල්ලි උඩ දුවන ලංකාවේ ධනපති වාහනවල සැබෑ මිල

    අපි වාහන වලට ආසයි. වාහනයකට උරුමකම් කියන එක තරුණ පරම්පරාවේ හැම දෙනෙකුගේම හීනයක්. එත් මිලියන 20-30 දීලා අපිටම කියලා වාහනයක් අයිති කරගන්නවා කියන්නේ එක අපි වැඩි දෙනෙක්ට හිතන්නවත් බැරි ඉලක්කයක් වෙලා. මේ කියන්න යන්නේ අපිත් මහන්සි වෙලා සල්ලි හම්බ කරගත්තොත් පහසුවෙන් යන්නට පුළුවන් වාහන ඉලක්කයක් කිහිපයක් පිළිබඳව…

     

    1. Lamborghini
    Source - wikipedia.org

    Source – wikipedia.org

    මෑත කාලයේ වැඩිපුරම කතා බහට ලක්වුණු වාහන වර්ගයක් විදියට ලැම්බෝගිනි මෝටර් රථය හඳුන්වා දෙන්නට පුළුවන්. මේ වෙනකොට ලංකාවේ අලවියේ තියෙන වැඩිම මිලකින් යුතු මෝටර් රථය ලෙස හඳුන්වා දෙන්නට හැකි මේ මෝටර් රථ වර්ගයෙන් වාහන කිහිපයක් පමණයි ලංකාවේ ධාවනයේ යෙදෙන්නේ. මුලික මිළ මිලියන 91 සිට ඉහලට නියම කර ඇති මේ වාහනය ලංකාවට ගෙන්වන්නේ යුරෝ ස්පෝර්ට්ස් ඔටෝ ලංකා පුද්ගලික සමාගමයි.

     

    2. Jaguar F-Type
    Source - pixabay.com

    Source – pixabay.com

    ජගුවර් වල මිල අධික වාහන මාදිලි අතරින් මේ මෑතකදී එළිදක්වපු “Jaguar F-type” මෝටර් රථය විශේෂයි. දොර දෙකේ ස්පෝර්ට්ස් මාදිලියේ වාහනය වන මේ ගැන වැඩි දුර විස්තර මේ යොමුවෙන් ලබා ගන්න පුළුවන්. මිලියන 10 සිට ඉහලට මිල නියමකර තිබෙන මේ වාහන දැන් දැන් කොළඹ තදාසන්න ප්‍රදේශ වල ධාවනයේ යෙදෙනවා දැකගන්න බැරි වෙන්නේ නැහැ.

     

    3. Benz
    Source - wikipedia.org

    Source – wikipedia.org

    ඩිමෝ සමාගමෙන් ලංකාවට ගෙන්වන බෙන්ස් රථ සියල්ලම පාහේ මිල ආරම්භ වන්නේ මිලියන 9 සිට ඉහලට වන්නටයි. මේ අතුරිනුත් SLK AMG Convertible Roadster රථය ලංකාව තුල අලෙවි වන්නේ රුපියල් මිලියන 90 සිට ඉහල මිල ගණන් වලටයි. සවිශක්තිය කල්පැවැත්ම සහතික කරන මේ අපුරු මෝටර් රථයේ වර්ග සහ මිල ගණන් මෙතනින් දැනගන්නට පුළුවන්.

     

    4. Ford Mustang Eco Boost 2016
    Source - wikipedia.org

    Source – wikipedia.org

    Fast and the furious චිත්‍රපටි මාලාව බලපු ගොඩක් අයට අලුත් කාර් වගේම යුරෝපියන් මස්ල් කාර් වලට වැඩි ඇල්මක් දක්වන්න පටන් ගත්තා. මේ ආසාව කොච්චරද කියනවා නම් එක අවසාන වුනේ FORD MUSTANG ECO BOOST වගේ කාර් ලංකාවට ගෙන්වන්න පටන් ගැනීමත් සමඟයි. මෙහි මිල නියම වෙලා තියෙන්නේ මිලියන 27 සිට ඉහළටයි. වැඩි විස්තර මෙතනින් බලාගන්න පුළුවන්.

     

    5. Porsche Cayenne S Hybrid
    Source - wikimedia.org

    Source – wikimedia.org

    Porsche කියන්නේ සැලූන් කාර් වලට වඩා sports cars හදන සමාගමක්. ඔවුන් වෙනත් රටවල සිය මෙහෙයුම් කටයුතු කලත් ලංකාවේ ආරම්භ කලේ ඉතාම මෑතකදී. ඒ කාලෙම Porsche Cayenne කියන SUV රථය ඔවුන් ගෙන්වුවත් ඒ ගැන විශාල ප්‍රසිද්ධියක් දුන්නේ නැහැ. එත් මේ මෑතකදී එළිදක්වපු Cayenne S Hybrid මාදිලිය මිලෙන් රුපියල් මිලියන 23ක් වුනත්, අපේ සුවපහසු රථ ප්‍රියකරන්නන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වුනා. කැලණියේ, කොළඹ පාරේ, අංක 451 දරණ තැන පිහිටා තියෙන Porche Centre Colombo තුලින් මේ අපුරු රථය ගැන ඔබට තොරතුරු හොයා ගන්නත් පුළුවන්.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    26 Apr 2016 01:03 AM
    බුදු අම්මො මෙ වගෙ එකක හප්පන්නවත් හොන්ද නැහැ ..වන්දි ගෙවා ගන්නවත් සල්ලි නැහැ ........
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    26 Apr 2016 01:24 AM
    මෙහෙ නම් කාර් හරි ලාබයි.. මේ ලඟදී මගේ යාළුවෙක් BMW car එකක් ගත්තා.. 2nd hand .ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ එක හමාරක් හෝ එකයි හැත්තෑපහක් වගේ ..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Apr 2016 05:18 AM
    ලංකාවේ ඒ මිලය බයිසිකලයක් ගන්නත් හරිම අමාරුයි..
    ඒ අතින් අපි ඉහල මට්ටමක් ඉන්නවා..
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    26 Apr 2016 07:02 AM
    Posted By indika76 on 26 Apr 2016 05:18 AM
    ලංකාවේ ඒ මිලය බයිසිකලයක් ගන්නත් හරිම අමාරුයි..
    ඒ අතින් අපි ඉහල මට්ටමක් ඉන්නවා..
    ඔව් මල්ලී  ඒ කාර් එක හොඳ තත්වයෙන් යුතු එකක්. එකට වුණේ යුරෝ 1000ක් පමණ.. මේක දොර 2.. ඒ වගේම යූරෝ 5000 කට හොඳම තත්වයේ  බෙන්ස් රථයක් ගන්න පුළුවන්.. අළුත්ම එකක් යූරෝ 30,000-40,000 ක් පමණ  වෙනවා. අපේ රටේ වගේ බදු අයකිරිල්ලක් අවශ්‍ය නැහැනේ.. මෙහිම නිශ්පදන නිසා.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    26 Apr 2016 07:37 AM
    අපිට නම් ඒ මිල ගණන් වලට ලං වෙන්නවත් බෑ ..
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    26 Apr 2016 07:41 AM
    පිස්සු හැදෙන කාර් හමයි මෙව්වා.
    මෙච්චර සුපිරි ඒවා අපිට කොයින්ද ....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    27 Apr 2016 05:34 AM
    තොරතුරැ ටිකක් නං දැනගත්ත. ඒකම මදෑ.........
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    27 Apr 2016 08:24 AM
    එහෙමවත් කියලා හිත හදා ගමු.
    නරකද රෝද දෙකේ ගමන හතරකට මාරු කලොත්.....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    28 Apr 2016 04:09 AM
    හ්ම්....... ලගදිම කරන්න කියල හිතාගෙන ඉන්නෙ
    ඇල්ටෝ එකකටවත් අත තියන්න කියල
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    28 Apr 2016 08:30 AM
    ඔයා ඇල්ටෝ එකට ආස නම් ගන්න.ඒක ඔයාගෙ කැමැත්තනෙ.
    මටනම් වහ ගොඩක්....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    28 Apr 2016 09:11 AM
    මෙහෙ ආවා නම් ලක්ෂ 5-6 කට හොඳ BMW එකක ගන්න තිබුණා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    28 Apr 2016 05:11 PM
    හැප්පුනත් සැපයි කියලා හිතෙනවා මේවගේ මිල දැක්කම ...හරිම ගණන් නේ .
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    28 Apr 2016 09:02 PM
    Posted By Rosi on 28 Apr 2016 05:11 PM
    හැප්පුනත් සැපයි කියලා හිතෙනවා මේවගේ මිල දැක්කම ...හරිම ගණන් නේ .
    අනේ අප්පෝ  හැප්පෙන්න  නම්  හිතන්නවත් එපා..

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    29 Apr 2016 03:55 PM
    ඔව් ඔව් අයියේ හැප්පුනොත් ඇගට වඩා පොකැට් එකට තමා වැඩියෙන්ම පාඩු වෙන්නේ .
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    01 May 2016 01:43 AM
    පොකට් එකේ තියෙන්න එපැයි ගෙවන්න උනත් මේවට
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    01 May 2016 08:52 AM
    ඇයි full insurance එකක් දාගත්තා නං හරි. සේරම  සල්ලි දෙනවා කියනවානෙ. 
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    05 May 2016 02:24 AM
    එහෙනම් ෆුල් ඉන්ෂුවරන්ස් දාගෙන පනිමු වැඩියෙන්ම මිල එකක් බලල.

    ලැම්බෝගිනියක් ගන්න හිටියෙ. එත කොහෙද ආණ්ඩුවෙන් බදු වැඩි කලානේ .
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    06 May 2016 08:47 AM
    කාර් විතරක්ද....ඔන්න ලබන මාසේ ඉදලා අන්තර් ජංජාලෙටත් හරි.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    06 May 2016 03:42 PM
    මල ජංජාලයයි එහෙනම්
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    07 May 2016 04:50 AM
    හරී සනීපයි දැන්නං
    ඒක කියල නිම කරන්න බැහැ
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    07 May 2016 07:39 AM
    අන්තර්ජාල ගාස්තු වැඩිවෙන්නෙ තරු පේන ගනනකින්.
    මම ඒක ඊයෙ කතා කරලා දැන ගත්තේ.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    13 May 2016 11:17 AM

    කෝච්චියේ ගියත් කෝච්චිය පිල්ල මාරු කරන හැටි දන්නේ නෑ නේද ?

     

     

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    14 May 2016 12:37 AM
    Posted By samantha on 26 Apr 2016 01:24 AM
    මෙහෙ නම් කාර් හරි ලාබයි.. මේ ලඟදී මගේ යාළුවෙක් BMW car එකක් ගත්තා.. 2nd hand .ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ එක හමාරක් හෝ එකයි හැත්තෑපහක් වගේ ..

    ශා මටත් ඔහෙන් කාර් එකක් අරන් එවන්න බැරිද සමන්ත මාමේ


    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    14 May 2016 12:49 AM
    Posted By samantha on 13 May 2016 11:17 AM

    කෝච්චියේ ගියත් කෝච්චිය පිල්ල මාරු කරන හැටි දන්නේ නෑ නේද ?

     

     

    නියමයිනේ....

    මම නම් කොච්චියේ එක පාරයි ඔන්න ගිහින් තියෙන්නෙත්..

    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    14 May 2016 08:38 AM
    මේක නම් දැකලා නෑ.ඒ වගේම කියන්නත් ලැජ්ජයි මම තාම කෝච්චියේ ගිහින්ම නෑ.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    14 May 2016 09:54 PM
    Posted By hasithad on 14 May 2016 08:38 AM
    මේක නම් දැකලා නෑ.ඒ වගේම කියන්නත් ලැජ්ජයි මම තාම කෝච්චියේ ගිහින්ම නෑ.
    ඇත්තමද මල්ලී..

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    15 May 2016 08:11 AM
    ඇත්තමයි අයියේ.ලගදි පොඩි රවුමක් යන්න හිතාගෙන ඉන්නේ.
    පලමු අත්දැකීම.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    15 May 2016 05:50 PM
    ස්තුති අයියා අපිටත් බලන්න දුන්නටත් ..මාත් දැකලා නම් නැ ඇහින් නම්
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    16 May 2016 03:35 AM
    niyamai ayiye thanks mama train alata godak asai
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    16 May 2016 06:56 AM
    තුශාන්ට ඉතින් මේ ගැන කියන්න දෙයක් නෑ. කෝච්චියෙන්මනෙ ගමන්.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    16 May 2016 07:50 PM
    ගාල්ල කියන්නේ රේල් පාරේ අන්තිම .. එතනින් පස්සේ කෝච්චි එන්ජිම හරවාගෙන ඇවිත් අනිත් පැත්තට සවිකරනවා...
    එන්ජින් එක ඇවිල්ලා කෝච්චියේ හැප්පෙනකම් අපි බලාගෙන ඉන්නවා ...
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    17 May 2016 03:18 AM
    Posted By samantha on 13 May 2016 11:17 AM

    කෝච්චියේ ගියත් කෝච්චිය පිල්ල මාරු කරන හැටි දන්නේ නෑ නේද ?

     

     

    ෂා මරු මේක නම් මාත් දැනගෙන හිටියේ නෑ කෝච්චියේ ගියත් පිල්ල මාරු කරන හැටි නම්   
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    17 May 2016 07:49 PM
    Posted By samantha on 13 May 2016 11:17 AM

    කෝච්චියේ ගියත් කෝච්චිය පිල්ල මාරු කරන හැටි දන්නේ නෑ නේද ?

     

     

    මේ පෝස්ට් එක අද පේන්නේ නැහැනේ. අන්තර්ජන්ජාලේ අවුලක් වත් ද? :0

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    17 May 2016 08:04 PM
    මට නම් අවුලක් නෑ..
    හොඳට පේනවා...
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    18 May 2016 12:00 AM
    මාත් මේ දැක්කමයි පීලි මාරු කරන විදිහ ..
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    21 Jun 2016 07:55 AM

    මේ මැෂින් එක දකින්න ඔයාලා පින් කරන්න ඕනේ

     

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    21 Jun 2016 04:00 PM
    පින් කරා දත් අහනවා ,,මාරයිනේ ..ස්තුති අයියා අපි එකකේ බෙදා හද ගත්තට
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    21 Jun 2016 05:03 PM
    කිව්වත් වගේ මාර යන්ත්‍රයක්නේ...
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    21 Jun 2016 07:05 PM
    අපිටත් තිබුනනම් ලංකාව වටේටම කොච්චි පාරවල් හදන්න තිබුනා. අපි තාම කතරගමට හඳන්න හදනවා, මම හතන්නේ 1990 වගේ ඉදල.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    21 Jun 2016 09:02 PM
    Posted By madhawas on 21 Jun 2016 07:05 PM
    අපිටත් තිබුනනම් ලංකාව වටේටම කොච්චි පාරවල් හදන්න තිබුනා. අපි තාම කතරගමට හඳන්න හදනවා, මම හතන්නේ 1990 වගේ ඉදල.
    රේල් පාරවල් හදන්න නාස්ති කරපු  මුදල් වලින් මේ වගේ මැෂින් ගන්න බැරි කමක් නැහැ.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    21 Jun 2016 09:51 PM
    ස්තුති අයියේ මේ මැෂින් එක බලාගන්න ඉඩ ලබා දුන්නට
    මාර වැඩ ටිකක් වෙනවනේ මේකෙන් බලන් ගියාම
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    22 Jun 2016 09:03 AM
    පිස්සු හැදෙයි.....මේක නම් මාරයි.අපේ රටේ කොහෙද මේවා.
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    03 Oct 2016 09:38 AM

    Posted By indika76 on 16 May 2016 07:50 PM
    ගාල්ල කියන්නේ රේල් පාරේ අන්තිම .. එතනින් පස්සේ කෝච්චි එන්ජිම හරවාගෙන ඇවිත් අනිත් පැත්තට සවිකරනවා...
    එන්ජින් එක ඇවිල්ලා කෝච්චියේ හැප්පෙනකම් අපි බලාගෙන ඉන්නවා ...


    අම්මෝ මම .....නම් කෝච්චියේ එකම එක පාරයි ගියෙ.... බයේ බෑ
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    03 Oct 2016 10:13 AM
    ලංකාවටනං මේ වගේ එකක් ගේන්න බැරිවෙයි. ගේන්නෙත් නැතිවෙයි
    මොකද කොමිස් කාරයන්ගෙ කොමිස් පාර නැති වෙනවනේ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    25 Jan 2017 09:57 PM

    රිය පදවන ඔබ දතයුතු කරුණු හයක්


    මාර්ග අනතුරු කියපු ගමන්ම ඇග සීතල වෙලා යනවා නේද? ඔව් ඒ තරම්ම මාර්ග අනතුරු වලින් මාරක විපත් ගෙන එනවා. පසුගිය වසරේ පොලිස් සංඛ්‍යා ලේඛන දෙස බලන විට දිනකට මාරක අනතුරුවල සාමාන්‍යය 6ක් පමණ වෙනවා. එය බොහොම බරපතළ තත්වයක් බව හදුන්වන්නට පුළුවන්. පසුගිය වසරේ රිය අනතුරු වලින් මිය ගිය සංඛ්‍යාව 2800ක්ද, බරපතළ තුවාල ලැබුවන් ගණන 7719ක්ද, සුළු තුවාල ලැබුවන් ගණන 13,095ක් හා පොදුවේ වසරකට රුපියල් බිලියන 130ක මුදල් අලාභ හානියක් වන බව වාර්තා වල සටහන් වෙනවා.

    තව දුරටත් සංඛ්‍යා වාර්තා නිරීක්ෂණය කිරීමේදී ලෝකයේ වසරකට රථ වාහන අනතුරු නිසා ජීවිත ලක්ෂ 12ක් හා තවත් ලක්ෂ 40ක් බරපතළ තුවාල ලබන බවත් එය යුද්ධ වලින් මිය යන ප්‍රමාණයට වඩා වැඩි බවත් ලෝක සෞඛය සංවිධානය ප්‍රකාශ කරනවා. මෙම රිය අනතුරු වලින් 80%කට හේතුව රියදුරන්ගේ වැරදි ලෙස සටහන්.

    ලෝකයේ මෙම තත්වය ශ්‍රී ලංකාවටත් ඒ ලෙසම බලපාන බව එදිනෙදා අනතුරු වලින් අපට පෙනී යනවා. ඉතින් අද අපි ලිපිය තුළින් ගෙන එන්නට හිතුවේ වාහනය පැදවීමට පෙර සිතා බැලිය යුතු කාරණා කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. තවත් වැදගත් කරුණු තියනවනම් අපට comment එකකින් ඒ බව කියලා යන්නත් ඔබට පුළුවන්.

    01. වැරදි කරන්නේ දැන-දැනමද?

    හදීස්සියේ ප්‍රතිඵල (Los Angeles Times)
    හදීස්සියේ ප්‍රතිඵල (Los Angeles Times)

    රියදුරන් මාර්ග නීති කඩ කරමින් වැරදි කරන්නේ දැන දැනමද යන්න සාධාරණ සැකයක් බොහෝ වෙලාවට අපේ හිත් වලට නැගෙනවා. ඒ බව ත්‍රීවීලර් හා බස් රථ පිටුපස ලියා තිබෙන වැකි හෙවත් ත්‍රිවිල් හා බස් වදන් වලින් පැහැදිලි වෙනවා.

    “වරදක් කළත් හිතකින් නොවේ”

    “අපි කරන වැරදි වලට ගෙදර අම්මට බනින්න එපා”

    “වමෙන් ගියත් අපි දකුණේ කොල්ලෝ”

    “වැරදි කරන්නේ නොකර බැරි නිසයි”

    මේ ආකාරයට දැන දැනම වැරදි කරන රියදුරන්ට අමතරව තමන්ගේ තත්වය හා රාජ්‍ය බලය අතට ගෙන ක්‍රියා කරන පුද්ගලයන් මාර්ග නීති තඹයකටවත් මායිම් නොකර කඩ කරන එක විලාසිතාවක් බවට පත් කරගෙන අවසන්.

    මෙහි උග්‍ර අවස්ථාවක් ලෙස රාජ්‍ය රථ වාහන වල යම් යම් ලාංජන ඉදිරිපස අලවා අදාළ නිලධාරීන් නැතුව පවා ඉතාමත් පැහැදිළිව මාර්ග නීති කඩකරන රියදුරන්ව හදුන්වන්නට පුළුවන්. ඔවුන් විසින් වැරදි කිරීම වීර ක්‍රියාවක් ලෙස සලකනවා. තවත් රියදුරන් තමන්ගේ වරප්‍රසාද සියල්ලම නීතිය අතට ගැනීම උදෙසා යොදවනු ලබනවා.

    මාර්ගයේ පවතින නොයෙක් අඩුපාඩුද, රියදුරන් අතර පවතින තරඟකාරීත්වය, රියදුරන්ගේ අධිමානය හා අවමානය හා රූපවාහිනී මාධ්‍ය තුළින් විකාශය කෙරෙන බොහොමයක් වැඩ සටහන්ද රියදුරන්ගේ මාර්ග නීති උල්ලංඝණය කිරීම් සඳහා යම් දායකත්වයක් ලබා දෙනවා යන්න පැවසීම ඉතා නිවැරදියි.

    02. ඉස්සර කරන්නේ බලාගෙන

    වැරදි ඉස්සර කිරීම් (Qatar Living)
    වැරදි ඉස්සර කිරීම් (Qatar Living)

    වාර්තා වෙන අනතුරු ප්‍රමාණයෙන් වැඩිම අනතුරු සංඛ්‍යාවකට හේතුව වන්නේ අපරික්ෂාකාරීව වාහන ඉස්සර කිරීමයි.

    ඉස්සර කරන්නෝ වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. හදීසි රාජකාරි සඳහා යන ගිලන් රථ හා ගිනි නිවන රථ පළමු කාණ්ඩය වන අතර ඒ සඳහා ඔවුන්ට වෙනම අවසරපත් තිබෙනවා. තමන්ගේ පුද්ගලික අරමුණ සඳහා වේගයෙන් අපරික්ෂාකාරීව ඉස්සර කරන්නන් දෙවන කාණ්ඩයට ඇතුල් වෙනවා.

    හේතුවක් ඇතත් නැතත් පුරුද්දට මෙන් අන් වාහන ඉස්සර කර යා යුතුයි යන අධිමානසික මතයේ සිටින රියදුරන් මින් ප්‍රධාන තැනක් ගන්නවා. තමන්ගේ වාහනයට වඩා හොද තත්වයේ වාහනයක් දුටු විට එය ඉස්සර කර යාමේ රෝගයෙන් පෙලෙන රියදුරන් මෙන්ම තමන්ගේ වාහනයට වඩා තත්වයෙන් අඩු වාහන තමන්ව ඉස්සර කිරීම වැළක්වීම සඳහා ක්‍රියා කරන රියදුරන්ද දැක ගන්නට පුළුවන්. ඒ වගේම ඉස්සර කිරීම තමන්ගේ ගරුත්වයට හේතු වන බව හිතන අයත් ඉන්නවා. තවත් විටෙක අපරික්ෂාකාරීව වාහන ඉස්සර කිරීමට රියදුරන්ට බලපෑම් ලැබෙන්නේ වාහන තුළ ගමන් කරන අයගෙන්මයි.

    කවුරු කෙසේ මාර්ග නීති කඩ කරමින් ඉස්සර කළත් කිලෝමීටරයක් දුරකදී ඔවුන් ඉස්සර වී ඇත්තේ තත්පර කිහිපයකට පමණයි. තවත් අය මෙහෙම ඉස්සර කරලා ගිහින් ඉදිරියේ තැනක නවත්වා තේ පානය කරන හෝ වෙනත් කරුණකට නැවතී ඉන්නවා ඔබ දැක තිබේද? ඇත්තෙන්ම ඉස්සර කරන්නන්ගෙන් 90% කට කිසිදු හේතුවක් නෑ ඔවුන් කරන දේ කරන්නට . බලාගෙන ගියාම ඔවුන්ට තිබෙන්නේ ඉස්සර කිරීමේ මේනියාව පමණයි.

    03. රථය ගැන පුර්ණ විශ්වාසය

    කොතරම් නවීන රථයක් වූවත් අනතුරකදී ගිනි ගැනීමට පුළුවන් (Bloomberg)
    කොතරම් නවීන රථයක් වූවත් අනතුරකදී ගිනි ගැනීමට පුළුවන් (Bloomberg)

    තමන්ගේ රථය පිළිබඳව පුර්ණ විශ්වාසයක් තබා ධාවනය කිරීමද අද රියදුරන්ගේ ලක්ෂණයක්. වාහනයේ නවීනත්වය මත අනතුරු වීමේ සම්භාවිතාව අඩු වේයැයි ඔවුන් සිතනවා. එසේනම් නවීන තාක්ෂණයෙන් යුතු වාහන කොතෙක් පැමිණියත් අනතුරු අඩු නොවන්නේ ඇයි?

    තමන්ගේ වාහනයේ සීට් බෙල්ට්, එයාර් බෑග් පිළිබඳව 100%ක් විශ්වාසය තැබීම නුවණට හුරු නෑ. ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන නවීන වාහන වල එයාර් බෑග් ක්‍රියාත්මක වන්නේ සීට් බෙල්ට් පැළද සිටියොත් පමණයි.

    එනම් නවීන තාක්ෂණය පිළිබඳව නිවැරදි අවබෝධයකින් සිටිය යුතු වෙනවා. කොතරම් අති නවීන වූවත් අධික වේගය හමුවේ ආරක්ෂාකාරී නෑ, අනතුරකට ලක් වූ විට ගිනි ගැනීමේ හැකියාව තියනවා. ඒවගේම ඩෑෂ් බෝර්ඩ් එක මත කිසිදු දෙයක් නොතැබීමට වග බලා ගත යුතු වෙනවා.එයට හේතුව වන්නේ එයාර් බෑග් පිම්බෙන විට ඩෑෂ් බෝර්ඩ් එකේ තිබෙන දේවල් වේගයෙන් මුහුණේ වදින්නට පුළුවන්. ගමන පිටත් වීමට පෙර රිය පන ගන්වා තැබීම එන්ජිමටත් හොදයි. උදේ 7-8 හා සවස 4-5 අතර ධාවනයේදී අව් කන්නාඩි පැළදීම ඉතා වැදගත් වෙනවා.

    ටයර් නිවැරදිව යෙදීම ඒ කියන්නෙ Front Wheel වාහන වල එන්ජිමෙන් කරකවා දෙන්නේ ඉදිරිපස රෝද දෙක පමණයි. එවිට පිටුපස රෝද සඳහා බොහෝ දෙනෙක් යොදන්නේ ගෙවී ගිය ටයර්. නමුත් අනතුරකදී සුක්කානමෙන් ඉදිරිපස රෝද පමණක් පාලනය කරන බැවින් පසුපස රෝද ලිස්සීම වැළක්වීමට හොද තත්වයේ ටයර් යෙදිය යුතු වෙනවා.

    04. රිය අනතුරු වලට බය නෑ

    රක්ෂණ සමාගම් නිසා අනතුරු වලට බය නෑ (www.epravda.com)
    රක්ෂණ සමාගම් නිසා අනතුරු වලට බය නෑ (www.epravda.com)

    වසර 2002න් පසුව රිය අනතුරු වාර්තා වීම අඩු වීමක් දකින්නට ලැබෙනවා. නමුත් සත්‍ය තත්වය වන්නේ ඒ පිළිබඳව පොලිසිය දැනුවත් නොකිරීමයි. විවධ රක්ෂණ නියෝජිත සමාගම් තරඟයට මෙන් අනතුරු සඳහා වන්දි ගෙවීම කාර්යක්ෂම කර තිබෙන බැවින් බොහෝ රියදුරන් දැන් අනතුරු වලට බය නෑ. ඕනෑම නීති විරෝධී අනතුරක් වූවත් ජායාරූපයකින් හානි පුර්ණය කර ගන්න පුළුවන්නේ.

    පවතින නීතිය අනුව රිය අනතුරක් සිදු වූ විට වෙනත් තැනැත්තෙක් රිය පැදවූ බවට ඉදිරිපත් කළ හැකි වීමත්, අනතුරකට පසු ලැබෙන දඩුවම හෝ ගෙවිය යුතු දඩය අඩු වීම හා නීතිය ක්‍රියාත්මක කරන්නනන්ට බලපෑම් කිරීමට ඇති හැකියාවත් රිය අනතුරු වලට බිය නොවීමට තවත් හේතූන් වෙනවා.

    05. නිවැරදිව පාර්ක් කරමු

    බොහෝ දෙනෙක් මෙසේ දැන්වීම් යොදන්නේ නිත්‍යානුකූල අවසරයක් නොමැතිවයි. (www.signsnow.com)
    බොහෝ දෙනෙක් මෙසේ දැන්වීම් යොදන්නේ නිත්‍යානුකූල අවසරයක් නොමැතිවයි. (www.signsnow.com)

    අක්‍රමවත් ලෙස වාහන ගාල් කිරීම තදබදයට මුලික හේතුවක්. ඒ සමඟම ඇති වන පරිසර දුෂණය හා කාලය අපතේ යැවීම රටේ සංවර්ධනයට ඉමහත් සේ බලපානු ලබනවා. බොහෝ තැන් වල රථ ගාල් කිරීමට ඉඩ නැති වීමට හේතුව වන්නේ ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ගැනීමේදී රථ ගාල් කිරීමට ඇති ඉඩ ප්‍රදේශයක් නම් කර තිබුනත් පසුව පුද්ගලික සමාගම් විසින් එම කොටසේත් ඉදිකිරීම් කටයුතු සිදු කිරීමයි. බොහෝ පුද්ගලික කාර්යාල ඉදිරිපිට මහා මාර්ගයේ Parking Only Customers ලෙස දැන්වීම් යොදා වෙන් කරගෙන තිබෙනවා. නමුත් මේවායින් බොහෝමයක් ඔවුන්ගේ අවශ්‍යතාවය මත එල්ලාගත් බෝර්ඩ් ලෙස හදුන්වන්නට පුළුවන්.

    ඔවුන් හරියාකාරව ඒ බිම වෙන් කරගෙන සිටීනම් ඒ සඳහා ප්‍රාදේශීය සභා සභාපතිවරයා, නාගරික කොමසාරිස්වරයා හෝ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා නිකුත් කළ ලිඛිත ලියවිල්ලක් තිබිය යුතුයි.

    06. දරුවන් ඉදිරිපස අසුනේ

    ආරක්ෂිතව දරුවා රැගෙන යෑමට භාවිතා කරන Booster Seat  (www.thecarcrashdetective.com)
    ආරක්ෂිතව දරුවා රැගෙන යෑමට භාවිතා කරන Booster Seat (www.thecarcrashdetective.com)

    විශේෂයෙන් මෝටර් රථ වල රියදුරු අසුනට යාබද අසුනේ කුඩා දරුවන් ගමන් කරනවා දකින්නට පුළුවන්. බොහෝ වෙලාවට ඔවුන් අසුන මත හෝ ඉදිරියේ හිටගෙන ක්‍රීඩා කරමින් තමයි යන්නේ. මෙවැනි අවස්ථාවක වාහනය අනතුරකට පත් වුවහොත් කුඩා දරුවාට වන හානිය ඉතාමත්ම වැඩියි. සංවර්ධිත රටවලනම් වයස අවුරුදු 14ට අඩු දරුවන් ඉදිරිපස අසුනේ තබාගෙන යාම තහනම් වෙනවා. වයස අවුරුදු 14න් පසු වුවත් නියමිත බර හා උස ඇත්නම් පමණයි ඔවුන්ව ඉදිරිපස අසුනේ වාඩි කරවිය හැක්කේ. තවත් සුලභ වැරදි ක්‍රියාවක් ලෙස දරුවන් ඉදිරිපස අසුනේ මවගේ හෝ වැඩිහිටියකුගේ උකුල මත ගමන් කිරීම හදුන්වන්නට පුළුවන්. කුඩා ළමුන් වාඩි කරවීමේ වඩා නිවැරදි ක්‍රමය වන්නේ පිටුපස අසුනට සවි කළ හැකි කුඩා ආරක්‍ෂිත අසුනක් (booster seat) ඒ සඳහා භාවිතා කිරීමයි.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    25 Jan 2017 10:12 PM
    සමන්ත අයියා මේක වැදගත් විස්තරයක්. දැනට වාහනයක් නැතත් ඉස්සරහට එකක් ගන්න හිතන් ඉන්නවා ඉතිං එදාට හරි වැදගත් වෙයිනෙ ස්තුති,
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    26 Jan 2017 01:14 AM
    හොද වැදගත් කරැණු ටිකක්.
    මටත් මේ කියන විදියේ ඉස්සර කිරීමේ මේනියාවක් තියෙනවා.
    නමුත් මම ඒකෙන් දකින්නේ ඇස් දෙකට නිදහසක්.
    වාහනයක් පිටිපස්සෙ යනකොට අවධානය ‍ගොඩක් යොමු කරන්න ඔනේ.
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    26 Jan 2017 02:02 AM
    ස්තුතියි මේ කරුණු ටිකට.වාහනයක් ගන්න ඉන්නේ.ඒත් අවුරුදු 2ක්වත් යාවී
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    26 Jan 2017 03:08 AM
    ඊට කලින් කසාදයක් කරගන්න මලයො
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    26 Jan 2017 03:52 AM
    Posted By Ind007ka on 26 Jan 2017 03:08 AM
    ඊට කලින් කසාදයක් කරගන්න මලයො

    මම මේක අනුමත කරන්නෙ නැහැ. මුලින් වාහනයක් ගනිං ගේ දොර හදාගනිං

    විවාහය ඉබේ සිද්දවෙයි


    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    26 Jan 2017 07:45 AM
    වැදගත් ලිපියක්
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    26 Jan 2017 08:09 AM
    ඔව් වාහන පදවන එක නම් හරිම සිහි නුවනින් කරන්න ඕන තමා ..අපි කොච්චර හරියට ගියාන් අනිත් ය කරන වැරදි වලින් කි දෙනෙන්ක් අමාරුවේ වැටෙනවද
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    27 Jan 2017 05:42 AM
    සෑහෙන වැදගත් ලිපියක් අයියේ.
    ඔය මොනවා කිව්වත් වැඩක් නෑ පිස්සො එක්ක පාරෙ යද්දි.
    විශේෂයෙන්ම ත්‍රී වීල් අය.
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    27 Jan 2017 02:50 PM
    දැන් කාලේ වාහන වල නෙමේ පයිනුත් පාරේ යන්න බයයි. කානුවෙන් ගියත් හප්පන් යන සයිස් එකක් තියෙන්නේ
    දිනයක වැටහේවී...........
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    27 Jan 2017 06:12 PM
    අපේ රටෙ වැඩියම මාරග නීති කඩන්නෙ පුද්ගලික බස් කාරය් ඔ..ඊලගට ත්‍රිවිල් ....
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    27 Jan 2017 10:44 PM
    රියදුරු බලපත්‍රය ගන්න කම් විනය හොඳින් පවත්වා ගෙන යනවා. ඊට මාස 2කට විතර පස්සේ විනයට මොකද වෙන්නේ...
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    28 Jan 2017 09:30 PM
    අනේ මන්ද අයියේ සමහර වෙලාවට පාරේ පයින් යන්නත් බයයි..
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    02 Feb 2017 04:23 AM
    Posted By samantha on 27 Jan 2017 10:44 PM
    රියදුරු බලපත්‍රය ගන්න කම් විනය හොඳින් පවත්වා ගෙන යනවා. ඊට මාස 2කට විතර පස්සේ විනයට මොකද වෙන්නේ...

    ඒකනං හරි අයියේ.
    අත පය දාගෙන පුරැදු වෙලා. විභාග පරීක්ෂක ඉස්සරහත් පූස් පැටිය වගේ වාහනේ පැදල.ලයිසන් එක අතට ආපුගමන් ඉතින් කුලු හරක කුලප්පු උනා වගේ

    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    02 Feb 2017 06:37 AM
    Posted By Ind007ka on 26 Jan 2017 03:08 AM
    ඊට කලින් කසාදයක් කරගන්න මලයො


    ඒක නම් කවදා හරි කරගන්න පුළුවන්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    02 Feb 2017 11:15 PM
    අර ඉස්සර ගේනවා කිව්ව ලකුණු ක්‍රමය ගෙනවා නම් හරි, ලකුණු ටික ඉවර වුනාම ඉබේම රියදුරු බලපත්‍රය අහෝසි වෙන්න. නැත්තම් හැම දාම දඩ ගෙව ගෙව එකම වැරැද්ද කරන අය ඉන්නවා.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    03 Feb 2017 04:56 AM
    Posted By madhawas on 02 Feb 2017 11:15 PM
    අර ඉස්සර ගේනවා කිව්ව ලකුණු ක්‍රමය ගෙනවා නම් හරි, ලකුණු ටික ඉවර වුනාම ඉබේම රියදුරු බලපත්‍රය අහෝසි වෙන්න. නැත්තම් හැම දාම දඩ ගෙව ගෙව එකම වැරැද්ද කරන අය ඉන්නවා.
    දඩ වලට වඩා ජරාව තමයි වැඩිපුර දෙන්නේ.
    හරියට දඩ ගහවනං වැරදි වෙන්නෙත් නැහැ කියලයි මගේ විශ්වාසය

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    14 Jan 2018 07:59 AM

    ඝෝෂාකාරී සංගීතය නෑ - බස් රථයේ පුංචි පුස්ථකාලයෙන් පොත් අරගෙන නිදහසේ බලමින් යන්න පුළුවන් හොරණ- නුවර බස් එක - Photos



    එදිනෙදා ගමනාගමන කටයුතු සඳහා ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම භාවිතා කරන්නේ බස් රථය. ලංකාවේ බස් රථ වල ගමන් කරනවා කියන්නේ ලේසී වැඩක් නෙවෙයි, නිතරම වගේ මගීන් අපහසුතාවයට පත් වෙන දේවල් සිදුවෙනවා..

    එවැනි දේවල් ඕනෑ තරම් අපට නිතරම දකින්න පුළුවන් ඝෝෂාකාරී සංගීතය කියන්නේ මගීන් අපහසුතාවයට පත් කරන ප්‍රධාන හේතුවක් ලංකාවේ හැම බස් රථයක වගේම මේ ප්‍රශ්නය තිබෙනවා.

    කණට මියුරු සංගීතය දෙන, වැදගත් සිංහල චිත්‍රපට පෙන්වන බස් රථයක් ගැන සමාජ මාධ්‍ය ජාලයෙන් දැනගන්නට ලැබුනා, හොරණ - මහනුවර ( NC - 7285 ) බස් රථයේ ඝෝෂාකාරී ලෙස සින්දු දාන්නේ නෑ , මේ බස් රථයේ යන අයට කියවන්න පුංචි පුස්ථකාලයකුත් තියනවා. තමන් කැමති පොතක් අරගෙන කියවන්න පුළුවන්  මගීන් වෙනුවෙන් මෙවැනි දේවල් සිදු කරන මේ කොන්දොස්තර මහතා සහ රියදුරු මහතා අගය කළ යුතුයි. ඔවුන් රටේ අනෙකුත් බස් රථ සියයල්ලටම ආදර්ශයක් , නවකතා නාට්‍ය , පොත් පිරුණු පුංචි පුස්ථකාල බස් රථයේ ඡායා රූප කිහිපයකි මේ....

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    14 Jan 2018 05:27 PM
    මෙන්න බස්...දුර යන බස් වලට නම් නියමයි..පොතක් කියවගෙන යන්න පුළුවන්..
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    14 Jan 2018 05:30 PM
    ඔන්න නියම උදාහරනයක් අනෙක් බස් කාරයනට
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 Jan 2018 07:26 PM
    ක්‍රමක්‍රමයෙන් බස් රථ හොද ප්‍රවණතාවයක ට එනවා..
    අපේ පැත්තෙත් තියෙනවා කණට අමිහිරි ගිත නොදාන, ෆෝන් චාර්ජ් කර ගන්න පුළුවන්, ඉතා කාරුණිකව සලකන බස්රථ...
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    15 Jan 2018 12:15 AM
    අන්න හොද වැඩක්
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    15 Jan 2018 02:52 AM
    නියම වැඩක්..........
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    15 Jan 2018 05:15 AM
    මෙවැනි දේවල් සිදු කරන මේ කොන්දොස්තර මහතා සහ රියදුරු අගය කරන්න ඕනෙ.
    බස් එකේ ගියාම බහිනකන් කනට නිදහසක් නෑනෙ ගොඩක් බස් වල.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    15 Jan 2018 05:59 PM
    කොච්චර දෙයක් ද මේක. ඉස්සර සතියක් ගානේ කොළඹ ඉඳලා කාලේ බස් එකෙන් බහන්නේ කවදද කියල ගිහිපු වාර අනන්තයි. මෙලෝ යකෙකුට අහන්න පුළුවන් ඒවා නෙවෙයි දාගෙන යන්නෙ ඒවායේ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    24 Jan 2018 02:08 AM
    මම මේකෙ වීඩියෝව නැරඹුවා
    හරිම ආදර්ශමත්
    සින්දුවක්නං දාගෙන ගියාට කමක් නැහැ . දැන් බස්වල දාන්නෙ සින්දු නෙවෙයි බජව්නේ කන් කරච්චලේ බෑ
    බෆල් එතත් ලග සීට් එකක් සෙට් උනොත් දෙයියන්ගෙම පිහිටයි
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    25 Jan 2018 09:31 PM
    රිය පදවන ඔය කාරනා අතරට තව යමක් එකතු කරමුද? දැන් අලුත් නීති රීති ඇවිලා වැරදි විදියට රිය පදවා අසුඋනොත් දඩය එහෙම වැඩිකරලා එනිසා වාහනය ස්ටාට් කරන්නට පෙර සාක්කුවේ මුදල් පසුම්බිය ගැනත් සැලකිලිමත් වන්න ......
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    08 Mar 2018 09:34 PM
    ඩීසල් හයිඩ්‍රොලික් යතුරු යතුරු පැදිය


    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    09 Mar 2018 01:58 AM
    අමුතුම ජාතියේ බයික් එකක්
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    09 Mar 2018 03:53 AM
    ඩිසල් ඉන්ජිම හින්දාද දන්නේ නැහැ බයික් එක පදවන කෙනාත් ලේන්සුවකින් නහය වාසාගෙන එක පදවන්නේ ..................
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    13 Mar 2018 06:48 AM
    මෙන්න පදිනවනම් බයික්..
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    13 Mar 2018 08:19 AM
    ඒක හරි අමුතුයිනෙ
    Udeshika Herath
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    22 Mar 2018 08:01 AM
    පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    23 Mar 2018 01:05 PM
    රිය පදවන ඔය කාරනා අතරට තව යමක් එකතු කරමුද? දැන් අලුත් නීති රීති ඇවිලා වැරදි විදියට රිය පදවා අසුඋනොත් දඩය එහෙම වැඩිකරලා එනිසා වාහනය ස්ටාට් කරන්නට පෙර සාක්කුවේ මුදල් පසුම්බිය ගැනත් සැලකිලිමත් වන්න ......
    ඔව්. මුදල ගැන සැලකිලිමත් වෙන්නම වෙනවනේ. අදහසක් තියෙනවද මේ වගේ බයික් වල මිල කියක් විතර වේවිද කියල ලංකාවේ මුදලින්?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0


    ---