1. Landing and Taxi Lights ලෑන්ඩින් සහ ටැක්සි ලයිට්
පහදන්න ඉතා අපහසු ආලෝක පද්ධතියක්. ඊට හේතුව එක් එක් ගුවන් යානා වර්ග වල මෙම පහන් විවිධ ස්ථාන වල පිහිටීමයි. සැහැල්ලු ගුවන් යානා වල ඉදිරිපස බඳේ පහළිනුත් විශාල ජෙට් ගුවන් යානා වල යාන්ත්‍රිකව උස පහත කරනා රෝද පද්ධතිය මතත් මම පහන් දක්නට ලැබීමය. සමහර විට මේ ආලෝක පද්ධති දෙක වෙන් වෙන්ව හඳුනාගතනොහැකි අවස්ථා ද ඇත
manually එනම් නියමුවන් විසින් ස්විච් මගින් ක්රියාත්ම කරවන ආලෝක පද්ධතියකි නොනිවී දැල්වී තිබෙන සුදු ආලෝකය සහිත කදම්භයක් මෙන් එල්ලවන පහන් විශේෂයකි
ඇතැම් විට නියමුවන් විසින් ගුවන් ගත වීමේදීත් landing ලයිට් පද්ධතිය ක්‍රියාත්ම කරනු දක්නට ලැබීමයි
ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා දෙවර්ගයේම ඇති පොදු විදුලි පහන් වර්ගයකි
ගුවන් ගත වීමේදී සහ ගොඩ බැමේදී දිවා රැයේ වෙනසකින් තොරව භාවිතා කර හැකිවේ
(ඇතැම් මේවා අනිවාර්යද නැතිද හෝ රෑ මෙන්ම දවල් ද භාවිත කල යුතුද යන්න ගැන පැහැදිලි මතයක් මාසතු නොවේ)
Taxi Lights - ගුවන් යානාවක් ගුවන් ගතවෙන්නේ සහ ගොඩ බාන්නේ ධාවන පථය (Runway) ධාවන පථය මතට ගුවන් යානය තල්ලු කරගෙන යන මෙහෙයුම් වාහනය එනම් Taxi යන්ත්‍රය මගින් ගුවන් යානය ධාවනය පථය වෙත ක්‍රමානුකූලව තල්ලු කරගෙන යාමේ දී ප්‍රයෝජනවත් වන ගුවන් යානාවකම ඉදිරි පස රෝදයේ මඳක් ඉහලින් සවිකර ඇත. ඉතා තීව්ර ආලෝක කදම්භයක් ඇති විදුලි පහනකි නවීන ගුවන් යානා වල HID / LED තාක්ෂනය භාවිතා වේ
මෙහි ප්‍රධාන ප්‍රයෝජනය නම් ගුවන් යානයේ නියමුවන්ට taxi කිරීමේදී හෝ ස්ව එන්ජින් බලයෙන් ධාවන පථය දක්වා ගමන් කිරීමේදී විශේෂයෙන් රාත්‍රීයෙදී ඉදිරිය හොඳින් නිරීක්ෂණය කිරීමත් taxi මෙහෙයුම් කාර්යය මණ්ඩලයට පහසුවක් වීමත් ය
ඇතැම් විශාල මගී සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා වල පහන් එකකට වැඩි ප්‍රමාණයක් ඇති අවස්ථා ඇත
බලන්න සමීප රූපයක් .
Landing Lights - ලෑන්ඩින් ලයිට් කිහිපයකින් යුත් දුවන් යානාවක්
manually එනම් නියමුවන් විසින් ස්විච් මගින් ක්රියාත්ම කරවන ආලෝක පද්ධතියකි නොනිවී දැල්වී තිබෙන සුදු ආලෝකය සහිත කදම්භයක් මෙන් එල්ලවන පහන් විශේෂයකි
බොහෝ විශාල මගී ගුවන් යානා වල landing ලයිට් රෝද පද්ධතියේ විශාලව කෙලින් විහිදෙන ආලෝක කදම්භයක් නිකුත් වෙන ආකාරයත්. මඳක් දෙපසට විහිදෙන ආකාරයට taxi ලයිට් දෙකක් එහි ම ස්ථාපනය කර ඇත. තවත් අවස්ථාවන්හි landing ලයිට් පද්ධතිය ඉදිරි රෝදයේඇති පහන් වලට අමතරව තටු දෙක ට යටින් බඳට සවි කර ඇත, ධාවන පථය මෙන්ම ඒ අවට ගමන් මාර්ගය ඇතුළුව විශාල ප්‍රදේශයක් රාත්‍රියේදී නිරීක්ෂණයට එය පහසුවක් වනු ඇත.
නමේ සඳහන් පරිදි ගුවන් යානය ගොඩ බැමේදී භාවිත කෙරෙයි. දහවල් කාලයේදී පවා මේ පහන් දල්වා මෙහෙයුම් සිදු කිරීම බහුලව දක්නට ලැබේ, ගුවන් යානාවක් ඉහල අහසේ සිට ගුවන් තොටුපොල දක්වා පිවිසීමේදී බිම සිට හඳුනාගැනීමට මේ පහන් ආලෝකය පිටුවහලකි
නියමු කුටියේ සිට පෙනෙන ආකාරය
හෙලිකොප්ටර වල landing පහන් භාවිත වන ආකාරය එතරම් සංකීර්ණ නොවන අතර පහත පරිදි වෙයි
සහායක කාර්ය මණ්ඩල හා සංඥා කරුවන් රාත්‍රියේ දී පැහැදිලිව දැකීමට හා හෙලිපෑඩ් එක හෝ ගොඩ බාන ස්ථානය නිරීක්ෂණය කිරීම අනිත් පහසුකම වේ
භූමියේ භූ විෂමතා සහ ගොඩබස්වන ස්ථාන අවට පැහැදිලිව නිරීක්ෂණය බාධක නදුනා ගැනීම ද ඒ අතර වෙයි
මේ ගැන වැඩිදුර තොරතුරු වීඩියෝවෙන් නරබන්න
වැරදි ඇතොත් නිවැරදි කරන්න