You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Mar 2017 06:39 PM by  chamaramind
විසිරුණු මල්
 5 Replies
Sort:
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Mar 2017 02:38 AM
  •  Quote
  •  Reply

ළගදීම................


දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Mar 2017 04:50 AM
  •  Quote
  •  Reply

විසිරුණු මල්.


01- කොටස.

   1970 වර්ෂයන්හී තවත් එක් සොදුරු නිමේෂයකී. තණ පත්‍ර මත , නෙක අතු ඉති මත තවමත් උදා පින්න 

පතිත වෙමින් පවතී. පුංචී පුංචී ගවුම් කොට ඇද ගත්  ගැහැණු ළමුනුත්,කොට කලිසමට කුණු පැල්ලම්

 වැකුණු පරන බැනියම් කැබලි ඇද ගත් පිරිමී ළමුනුත් ගල් මතු වී, වලවල් හෑරී, කෑලා වැවී ගිය ගුරු 

වර්ණ පාර දිගට පොකුරු පොකුරු ඉදිරියට ඇදෙයි.  ඒ ගවුම් අතර කළු පසු බිමක ලොකු සුදු බෝල 

වැටුණු පරණ පැහැ ගැන්වුණ ගව්මකී. එහි හිමිකාරිය ශානීකා  නම් නව යෞවුන් වියේ පසු වන තරුණියකී. 

අවුරුදු දහසය හැවිරිදි ඇගේ රූප ස්වභාවය සිත් ඇද බැද ගන්නා සුළුය.ඇගේ ඉනේන් පහළට වැවුනු 

වරලස මහතට කරල් දෙකකට ගොතා තිබුණි. තද කළු පැහැ ඇගේ දිදුළණ නෙත් දිගටී සිහින් මුහුණ

 සහ සිහින් උස ශරීරය ඇගේ සුන්දරත්වය තව තව ඉස්මතු කලාය.

‘‘ඒ ... ශානී... මොකදැ උබ උදෙන්ම.. කෝ උබේ ආරක්ෂයෝ දෙන්නා.‘‘ ශානිගේ පංතියේ යෙහෙළියකු

 වූ නයෝමී විහිළු කරන්න විය. ඇගේ ආරක්ෂකින් ලෙස හදුන් වන්නේ ඇගේ සොහොයුරියන් දෙදෙනාට 

බව ඇය දැන වුන්නාය. අවුරුදු දහඅට වියැතී සුලෝචනා ඇගේ වැඩිමහල් සොහොයුරියයි  . දහතුන් වියැතී 

නිසංසලා ඇගේ බාල සොහොයුරිය වුවාය. ඇගේ පවුලේ සිටියේ ඔවුන් තිදෙනා පමණකී. පිරිමි දරුවෙකු 

නැති පවුලේ දෙමාපියන් පිට පැවරී තිබුනේ සුළු පටු වගකීමක් නොවීය. ගල් වලක ගල්කඩා මෑණීයනුත්

 ගම්මන්ඩියේ ඇවිද අතට අසුවන ඕනෑම කුලී වැඩක් කරන පියානනු ඔවුන්ව ආදරයෙන් රැක ගත්තේ 

බොහෝ වේදනා මැදය. ඔවුන්ට තිබුනේ පුංචී කටුමැටි නිවසකී. එයත් ඔවුන් පස්දෙනාට ජීවත් වීමට තරම් 

පහසුකම් නොවී.  කුස්සික් තිබුනේ නැත. තාරසීට් කැබලි ටිකක් පියස්සට ඉහලා.. බොරු කනු දෙකක් 

සිටිවා.. වටේට කළු ඉටිරෙදි කීපයක් එල්ලා තිබු කුස්සිය වලන් ටික තබා යන්නට පමණක් විය. ගෙයි 

තිබුනේද එක් කාමරයකී. ඇදන් තිබුනේ නැත. ඒ කාමරයේ කොණකට වන්නට තිබුනේ තුන්දෙනාටම 

උරුම එකම පොත් මේසය විය. අනේක් කොණ අම්මා දීග එන විට ගෙන ආ..පෙට්ටගමකී..එහිද වටිනා 

යම්ක් නොවීය.. එතරම් ඇදුම් කැඩුම්ද නොතිබුණ නිසා.. විශේම අවස්ථවකට ඇදීමට අරන් තබා තිබූ 

ගමව්ම් තුනකුත්.. අම්මාගේ සාරියකුත් තාත්තාගේ සරමක් කමිසයකුත් එහි විය. සාලයක් තිබුණේද නැත.

 පියින් පහරක් දුන් විට කඩා වැටෙන්නට තරම් අබලන් වු දොරවල් දෙකක් ඒ නිවසට විය. පිට කෙනෙකු 

ආ පසු තේ ටිකක් දෙන්නට විටක් දෙන්නට වාඩී වුයේ ඉරි පිට පිල මතය.. අබලන් වූ ලී පිටු දෙකක් 

ඇරෙන්නට නිවස තුළ වෙනත් අසුන් නොතිබුනේය.

‘‘මම අද පෙඩ්ඩක් කලින් ආවා නයෝමී.. ‘‘ මද සිනවකින් ශානීක පිළිතුරු දුන්නේ මද වෙලාවකට පසුවය.

‘‘පුදුමයි.. උබ තනියෙන් එව්වා.. ආ... ඔය එන්නේ කියනකොටම.‘‘ නයෝමිගේ වචනය සමග ශානීගේ 

නෙත් දීප්තියෙන් දැල්වී ඉදිරියට යොමු වුවාය.

‘‘ශානී.. පොඩ්ඩක් මෙහාට එන්නකෝ.‘‘ පාපැදියක් පැදගෙන ආ සුනිමල් එය පාරේ අනෙක් කොණ නතර 

කරගෙන ඇමතුවේය. ශානිගේ සිතට ඇති වී තිබුණේ චකිතයකී ඇය බියෙන් වට පිට බැලුවාය.

‘‘එහෙනම් මම වෙනදා තැන ඉන්නවා.. ඉක්මනට එන්න ශානි.‘‘ සුනිමල් සරම කෙටි කර නැවතත් පාපැදියට

 නැගී පාසල පිහිටි පැත්තට පැද යන්නට වුවේය. සුනිමල් ගමේ යමක් කමක් ඇත් පවුලක පිරිමි දරුවෙකී ..

 සහෝදර සහොදරියන් රොත්තක් ඇති පවුලක බාල දරුවා වු ඔහු තරමක් මුරණ්ඩුකාරයෙකී. හීන්දෑසී උස්

 සිරුර ,තලෙලු සම, ගානට අඩු කර පැත්ත පීරු කොන්ඩය නිසා ඇගේ සුන්දර පිරිමි දේහය තවත් අලංකාර

 විය. ඔහු සමග හාද වීමට බලා හුන් ගමේ ගැටිස්සියන් අපමණය. ඔහුගේ සුන්දර පෙනුමට වශී වුන 

තරුණියන් ඔහු පසු පස එද්දි ,ඔහු පෙම් කරන්නේ ශානිකා ට පමණකි

.......................................................................................................

   කෝ මගේ කොල්ල තාම නෑ.. අක්කා නගාලට අහු වෙලාද දන්නෑ.. පාපැදිය රබර් ගහකට හේත්තු කළ

 ඔහු පාසල නොදුරට වන්නට වු රබර් වත්තේ විශාල ගහකට මුවා වී බලා වුන්නේය. ශානීකා තවමත් 

පෙනෙ මානයක නැත.. ඔහු සිටි තැනට පාසලට ඇතුල් වන කඩුල්ල පෙනෙයි.  ඔහු ඒ දෙස බලා වුන්නේ 

ශානිකාට එන්නට අපහසුනම් ඉගියක් දෙන තුරුය. සුනිමල්ගේත් ශානිකාගෙත් පෙම පිළිබද සියල්ලන්

 දැන වුන්නහ. සුනිමල්ගේ නිවසින් නම් ඊට කිසිම ඉඩක් නොවිය. අපේ වත්තේ පොල් කඩන අර 

අමරයගේ දුව පාවඩ එළල මේ ගෙදරට කැන්දන් එන්න කියලද උඹ කියන්නේ.. අනික බලපං ඔබට තව

 අයියාලා අක්කලා කියක්  ඉන්නවද? මොකද්ද මේ උඹට හැදුණ මගුල් විසේ.. ඉස්සරලා රස්සවක් 

කොරපං.. අපේ සල්ලී වලට පිං සිද්ද වෙන්න ගම පුරා තැග්ගැහි ගැහි ඉන්න ඇර උබට වෙන වැඩක් 

තියෙද?. ඒ සුනිමල්ගේ මෑණියන්ගේ ගෝරණාඩුවයි.කෙසේ වුවත් සුනිමල් ශානිකාට බොහෝ සෙයින් 

ආලවන්ත විය. ඔහුගේ හද තුල කිතිකැවුනේ ඒ නැවුම් ආදරය පමණකී. සුදු පැහැ දිගටි මුහුණ පුරා ඇදෙන

 ඇගේ අහිංසක හසරැල්ල ඔහුගේ සිත පතුලේම රැදී තිබුණි. අසරණ මුවැත්තියක සේ ඉක්මණින් බිය ගැන්වී

 ලොකු වන ඇගේ නෙත් දකින විට සුනිමල්ගේ ආදරය තවත් වර්ධනය විය. ඒ අහිංසක සියුමැලි බවට ඔහු 

පෙම් කලේය.

   අන්න අක්කා නගෝ දෙන්නත් ආවා.. දැන් ඉතිං මගේ කෙල්ලට එන්න වෙන්නෑ.. ඇත්තමයි මට රස්සාවක්

 තිබුණා නම් මම යනවා මගේ කෙල්ලත් අරං.. මේ සේරගෙන්ම වහන් වෙලා.. පොත් කිපයක් ළමැදට තුරුළු

 කර ගත් සුලෝචනා, කුඩා නැගණිය නිසංසලාවත් අතගිල්ලේ පටලාගෙන පාසලේ කඩුල්ල වෙත ඇදෙනු 

දුටු සුනිමල් බලාපොරොත්ත බිද වැටී තම සිතට චෝදනා කරන්න විය. දැන් ඉතිං ඉදලා මක්කරන්නද මං 

යනවා.. හවමට ඔය පැත්තටවත් ගිහින් බලනවා. සුනිමල් අකුලට මුවා වෙන්ට රබර් ගහකට හේත්තු කර 

තිබු පාපැදිය උසවා පාරට ගැනීමට සැරසුණේය.

‘‘සුනිමල් අයියා.. ඔයා යන්නද?.‘‘ ඔහුගේ පිටුපසින් ඇසුනේ ශානිකාගේ කට හඩය. ඔහු තවත් එතැනම 

පාපැදිය හේත්තු කර ඇගේ පැත්තට හැරුනේය.

‘‘ඔයා ආවද ශානී... මගේ කෙල්ලේ.. මම හිතුවේ එන්නේ නැති වෙයි කියලා.‘‘

‘‘චුට්ටක් පරක්කු වුණා අයියේ.. අපේ අක්කා මගාරින්න ඕනෙනේ චූටික්කී සේරටම හපන්...‘‘ ඇය අහිංසක

 සිනාවක් සමග පැවසුවාය.

‘‘ඔයාව කවුරු හරි දැක්කොත් ඉවරයි.. කෝ.. පොඩ්ඩක් මෙහාය එන්න.‘‘ ශානිකාගේ අතකින් හිමින් අල්ලා

 ගත් සුනිමල් ඇයව මදක් රබර් වත්ත ඇතුලට එක්කාගෙන් ගියේය.

‘‘ඔයා හොදින් නේද මගේ කෙල්ලේ.. මේ ටිකේම ඔයාව හම්බෙන්න විදියක් නැති වුණා.. අම්මා දැන් 

ඇහැගහන් මයි ඉන්නේ.. මට උදේට එළියට බහින්න දෙන්නෑ.. අදත් මම මේ.. රණ්ඩු වෙලා ආවේ‘‘

‘‘මම හොදින් සුනිමල් අයියේ.. මමත් දුකෙන් නම් තමයි හිටියේ.. එත් අපි වැඩිය හම්බෙන්නේ නැතුව ඉමු

 අයියේ.. මට අපේ අම්මටයි අප්පච්චිටයි දුකක් දෙන්න බෑ.‘‘ ශානිකා ලොකු සුසුමක් පිට කලේ හද දවා 

ලන අයුරිනි.

‘‘ඒ කියන්නේ .. ඔයාව මට කවදාවත් ලැබෙන්නේ නැද්ද මැණික‘‘

‘‘කල් තියෙනේ අයියේ ඒවට තව... අපි බලමු..‘‘ සුනිමල්ගේ මුහුනේ වේදනාවක් ඇදෙද්දී ඇය මද සිනහවක්

 මවමින් පැවසුවාය.

‘‘හ්ම්ම්ම්.... මෙහෙට එන්න මගේ කෙල්ලේ.. ආදරෙයි මම ඔයාට... කවදාවත් ඔයාව නැති කර ගන්නෑ 

මම‘‘ සුනිමල් ශානිකාගේ දෑතින් අල්ලා සිය පපුව මතට සිර කර ගත්තේය. ඔහුගේ හැසිරිමෙන් ශානිකාගේ 

සිත තුළ ඔහු කෙරේ තිබුණ සෙනහස තව තව මෝදු වන්නට විය.. දෑස් සිහින් කර ගත් ඈ.. හිස මදක්

 පැත්තකට ඇල කරගෙන ඔහුගේ නෙත් දෙකෙහිම රැදී වුන්නාය. ඔහුගේ සුසුම් පහස සියුමැලි දෑත් මත 

පතිත වෙද්දී ඇය නෙත් පියා ගත්තේය. ඇගේ ගෙල වටා අතක් යැවු ඔහු ශානිකාව ලයට ළං කරගෙන 

නළල මත උණුසුම් හාදු කීපයක් තැබුවාය. ඒ පහස විදින්ට ලෝභ වුනත් කිසිවෙකු දකීවි කියන බිය හමුවේ

 ඇය දෑස් ලොකු කරගෙන වටපිට බලන්න වුවාය.

‘‘මොකද කෙල්ලේ... කවුරුත් නෑ... ඊයේ වැස්සනේ.. අද වත්තේ කිරි කපණ අයත් නෑ..‘‘

‘‘කපටියා... මම යනවා.. ‘‘ සැමදාමත් ලැජ්ජාවෙන් මුහුණ රතු වුණ විට ඇගේ හැසීරීම එය බව සුනිමල් දැන

 වුන්නාය. ඇගේ ඒ රතු වන මුහුණේ ඉරියව් විද ගන්නට ඔහු වඩාත් කැමතිය .. සිනහවෙන් දිදුලණ දෑසින් 

යුතුව ඔහු ඇය දෙසම බලා වුන්නේය. ශානිකාගේ මුහුණ නම් තාමත් බිමට නැඹුරු වුණ ගමන්ය.

‘‘මම යනවා සුනිමල් අයියේ.. දැන් සීනුව ගහයි..‘‘ ඇය සුනිමල්ට පිටුපා වත්තෙන් පහලට බැස පාසල දෙසට

 ඇදුණාය. ඇගේ රුවින් නෙත් අහකට ගන්න අකමැති වුණ සිරිමල් ඇය නොපෙනී යන තුරුම බලා වුන්නේය .

....................................................................................................

    නිවසේ සිට මාන , බෝවිටියා, ගොට මරං, කට කළුවා,  අකුල් මතින් වැඩුන අඩුපාර දිගේ ඇදුණ අක්කා 

නගෝ තිදෙනා ගල් වල අසලන් ගමන් ගන්න විය.

   ‘‘අම්මේ අපි නාන්න යනවෝ‘‘ගල් වල දෙසට දුවගෙන ගිය නිසංසලා අම්මාට පැවසුවේ සුරතල් වෙමිනී. 

 ගිණි අව්ව ඉවසීමට සවියක් ලෙස හිස මත ගැට ගසා ගත් පරණ චීත්ත රෙදි කැබැල්ල  ලිහා දා බිදු පිසලමින්

 ඇය තම දරුවන් දෙසට ඇදුණාය.

‘‘ උබලා නාන්න යනවා ළමයිනේ.. පරිස්සමිං.. මට දැම්ම එන්න බෑ.. අදවත් කීයක් හරි වැඩියෙන් හොයා 

ගන්න ඕනේ.. ‘‘ ගල්වලේ කොනක උනමින් පැවතුණු උල්පතට සයි කර තිබු පිත්ත අගට දෑත් පෑ ඇය 

මුහුණට දිය දොතක් ඉසගත්තාය.

‘‘හරි අම්මේ.. අපි පරිස්සමට නාං එන්නම්.‘‘

‘‘පහල ඔයට එහෙම යනවා නෙමෙයි... එතන හරි පාළුයි.. උඩ වලෙන් නාපල්ලා.. ලොක්කියේ පොඩි උන්

 දෙන්නව බලා ගනින් ඈ.‘‘  එසේ පැවසු ඇය දොතට පුරවා ගත් සිසිල් ජලයෙන් කුස පුරවගෙන ගල්වල

 වෙතට හැරුනාය. නමුත් ඇගේ හදේ වුයේ ලොකු ගින්නකි. තම දරු තිදෙනාද තමා මෙන්ම කුස ගින්නේ

 බව ඇය දැන සිටියාය. කෑවේ නෑනේද ළමයිනේ අසා ඔවුන්ගේ කුස ගින්න වැඩි කරන්නට නොසිතු ඇය 

වේදනා මුහුණ චීත්ත පටින් වසාගෙන නැතත් කළු ගත් කැබැල්ලක් මත හිදගෙන බොල මිටිය අතට ගත්තාය.

‘‘ඉක්මනට යමු මද්දු.. ගවුම වේළුනේ නැත්තම් හෙට ඉස්කොලේ ගිහිනුත් ඉවරයි..‘‘  තවමත් පාසල් ඇදන්

 ගිය චිත්ත ගවුම් පිටින්ම සිටි ඔවුන් අඩි ඉක්මන් කරන්න විය. ඔවුන් ඒතරමටම දිළිදි දැයි  ශානිකාගේ සිතට 

දැනුනේ වේදනාවකී. ඔවුන්ට පාසල් අදින්නටත් විශේෂ ගමනක් අදින්නටත් තිබුනේ දැන් හැද සිටින චීත්ත

 ගවුම පමණකි. ගෙදරට අදින්නට අම්මා පරණ වුන චීත්ත රෙදි මූට්ටු කර අතේ මසා දුන් ඇදුම් කෑලී කිපයක්

 ඇරෙන්නට වෙනත් ඇදුම් ඔවුන්ට නොවිය. කිසිදාක ඔවුන් දවල් වේලට අහරක් නොගත්තාය. උදේට 

පාසලෙන් දෙන විස්කොතු ටිකත්, එකොලහට පමන දෙන දවල් ආහාර වේලයි ඇරුනම ඔවුන් නැවත බත්

 ටිකක් කෑවේ රත්‍රි වේලට පමිනී. ඔවුන් පාසල් යන නිසා එසේ හෝ වේල පිරිමැහෙයි.. සැමදා අම්මා අප්පච්චී

 කුසට යමක් දා ගන්නේ රාත්‍රියට පමණක් බව සිහි වන විට ඔවුන්ට නිකන් ලැබෙන කෑම වේලද කුසට දමා

 ගැනීමට නොසිතෙයි.

   ‘‘චූටික්කී..  ඉක්මණට නාලා ගොඩ එනවා.. ඔය ගවුම වෙල ගන්න ඕනේ නැද්ද ..හෙට ස්කෝලේ යන්න.‘‘

‘‘අනේ පොඩ්ඩක් ඉන්නකෝ ලොකු අක්කේ... නාන්න ආවා විතරනේ.. ඔයාලා මට චීත්තේ දෙන්නෙත් 

නෑ.. කලිසම පිටින් නාන්න දෙන්නෙත් නෑ..‘‘ ඔය මැද පීනමින් එබෙමින් සතුටින් සිටි නිසංසලා මැසිවිලි 

නංගන්න විය.

‘‘ඔයාට පිස්සු චූටික්කී.. ඔයා දැනු චූටි ළමෙක් නෙමෙයි. අපි තුන්දෙනා විතරක් නෙමේනේ මෙතන 

නාන්නේ..‘‘ ශානිකා ඇගේ කතාවට තරමක් රළු වුවාය.

‘‘මට තව නාන්න ඕනේ...‘‘ තවමත් පාසල් ඇද ගිය ගවුම පිටින්ම ඔය මැද පිහිනමින් සිට නිසංසලා මුහුණ

 පුළුටු කරගෙන දිය යටින් කිමිදී ගියාය. ඇය නැවත උඩට මතු වෙන තුරු බලා සිටි ශානීකා නැවත ඇය 

ඇමතුවේය.

‘‘කෝ චුටික්කී.. එනවා ගොඩ.. කෝ ඔය ගවුම ගලවලා දෙනවා හොදලා වේලෙන්න දාන්න.. හෙට 

තනියෙන් ගෙදර ඉන්නද ඔය දගලන්නේ..‘‘  සේදු ඇදුම් වනන්නට සුලෝචනාගේ දෑත මත තැබූ ශානිකා

 නිසංසලාට තරවටු කලාය.

‘‘අනේ පොඩ්ඩක් ඉන්නවකෝ මද්දු අක්කේ.. මම නාලා එන්නම්..‘‘

‘‘ඇති තරම් නාලා එනවා... ඔය ගවුම හොදලා වේලෙන්න දැම්මට පස්සේ.. අපි දෙන්නා යනවා වෙරළු 

ඇහිදින්න.‘‘ ශානිකා ආඩම්බරයෙන් එලෙස පැවසුවේ ඒ කතාවට නම් නිංසලා ගොඩට එන බව දැ වුන්

 නිසාය.

‘‘වෙරළු ඇහිදින්න.. ඒත් අම්මා එහෙට යන්න එපා කිව්වනේ..‘‘ ඇය මදක් ඔය ඉව්රට කිට්ටූ වෙමින් 

සිටියාය.

‘‘අක්කා එක්ක නේ යන්නේ.. තනියෙන් නෙමෙයි... ටග් ගාලා එනවා අනික.‘‘

‘‘මාත් එනවා මද්දු අකිකේ..‘‘ කෙසේ හෝ කුඩා නැගනිය වු නිසංසලා ගොඩට කැන්දා ගත් ඇය ඇගේ 

ගවුදම සොදා ඔය අසල තන පිටිය මත ඇතුරුවාය.. කවදත් ඔවුන් ඇදුම් වේලා ගන්නේ එසේය. තද අවුව 

පතිත වන තණ පිටිය මත ඇදුම් වනා ඒවා වේලුණු පසු ඒවාද රැගෙනම නිවෙස් බලා යාම ඔවුන්ගේ පුරුද්ද 

විය.

‘‘බලනවා චූටික්කී.. අපේ ඇදුම් වේලෙන්නත් ඇවිත්.. ‘‘ ශානිකා  නිසංසලාගේ හිසකේ පිස දමමින් 

පැවසුවේය.

‘‘අපි වෙරළු ඇහිදින්න යනවද ලොකු අක්කේ.‘‘ ඒ වදනින් සුලෝචනාගෙත් ශානිකාගෙත් දෙදෙනාගෙම 

මුහුණු අදුරු විය. ඔවුන් දෙදෙනාට දැනුම් තේරුම් ඇති නිසා කුස ගිනි ඉවසා සිටියත් තවමත් පුංචී නැගණියට

 එවා ඉවසිය නොහැකී බව ඔවුන් දනී. කෙසේ තේරුම් ගෙනදෝ ඇය කන්න යමක් ඉල්ලා කරදර නොකලත්

 ඇය මේ අර අදින්නේ ඒ වෙනුවෙන් බව තේරුම් ගන්නට ඔවුන්ට අපහසු නැත.

‘‘යමු චූටික්කී...‘‘

‘‘නියමයි... අද නමි මම සායෙන් එකක් ඇහිද ගන්නවා.. හෙට ස්කොලේ ගෙනියන්නත් එක්කම.‘‘

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු

දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
18 Mar 2017 05:28 AM
  •  Quote
  •  Reply
සුනිමල් සහ ශානිකා
තවත් සුන්දර පෙම් පුවතක් වගේ‍...
1

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
18 Mar 2017 06:22 AM
  •  Quote
  •  Reply
අළුත් කතාවක් පටන් අරන් තියෙන්නේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 Mar 2017 11:26 PM
  •  Quote
  •  Reply
සඳුනි තව කථාවක් පටන් අරගෙන තියෙන්නේ.. ඉතිරි කොටස් ටිකත් ඒකතු කරන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
20 Mar 2017 06:39 PM
  •  Quote
  •  Reply
ශානිකා නම දකින කොටත් අප්ප්‍රියයි.මොක්ද මගේ පළවෙනි එක්කෙනා ශානිකා නේ බොල
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below