You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Apr 2017 06:10 PM by  chamaramind
සෙනෙහස පාමුල.
 106 Replies
Sort:
Page 1 of 612345 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Jan 2017 03:27 PM
  •  Quote
  •  Reply

ඔන්න මේ කතාව මම තනියෙම ලියන කතාවක් නම් නෙමෙයි. මුහුණු පොතේ යාළුවෝ කීපදෙනෙක් එකතු වෙලා තමා 

මේ කතාව ලියන්නේ. හැබැයි වැඩි කොටස් ප්‍රමාණයක් මගෙන්.. ඒකයි මම සයිට් එකෙත් පල කරන්න හිතුවේ.

 

තව විශේෂයක්...

 මේකේ කවර්ස් පොටෝ හැඩගැන්වෙන්නේ විදේශිය තරු වලින් නම් නෙමෙයි. මුහුණු පොත තුළ ඉන්න අපේම යාළුවන්ගේ

 චායා රෑප වලින්. 

 

අඩුපාඩු නම් ඇති. නොගැලපීමුත් ඇති. සමූහ නිර්මාණයක් කරන එක ලේසී නෑ. එක එක්කෙනාගේ ලිවීමේ රටාව වෙනස්.

 ඉතින් කොටසින් කොටසට ඔයාලට අමුත්තක් දැනෙයි. කියවලාම බලන්නකෝ.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Jan 2017 03:27 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Jan 2017 03:32 PM
  •  Quote
  •  Reply
සෙනෙහස පාමුල.


01- කොටස.


අම්බරය නිසංසලය.. ලා කහ පැහැති හිරු කෙමෙන් කෙමෙන් නැගෙනහිරින් අහස මුදුනට සේන්දුවන්න

 අරඹා ඇත්තේ වර්ණයද හෙමි හෙමිහිට සුදට හරවමිණි. තරමක් වේගයෙන් ඉදිරියට ඇදුනු දොර දෙකේ

 බස් රිය තුළ ගී ගයමින් විනෝද වූ දගකාර තරුණියන් පිරිසකි. එක් පසක් පමනක් වාදනය කල හැකි 

බෙරයකට රිද්මයට තලමින් හඩ එකතු කලේ තරමක් මහත තරුණියකි. ඇය ලබාදුන් රිද්ම රටාව පාදක

 කරගනිමින් ඒ නුදුරෙහිම ගිටාරයක් සංයමයෙන් වාදනය කරමින් ගීතයකට තම හඩින් පන පෙව්වේ 

සුන්දරත්වය උපතින්ම රැගෙන ආ තරුණියක විසිනි.. මියුරු හඩද ඇගේ රූපයට නොදෙවිනි විය. 

ඔබගාව මම ඉන්නෙමි.. 
සුසුමන් වගේ යා වෙවී.. 
තනියේ තුරුල් වී.. 
මුමුණා සුපෙම් ගී රෑ සීතලේ ලන් වෙවී ..
තරු මල් කඩා දෙන්නෙමී.. 

බසය හදිසියේ නැවැත්වීමට රියදුරු තිරිංග තද කලේය. බසය තරමක් ගැස්සීම නිසා බසය තුල 

විනෝදයෙන් ආ තරුණියන්ද අගල් කිහිපයක් ඉදිරියට විසිවිය.. 
*මොකක් ද ඩ්‍රයිවර් අයියා ගහනවා කියලා ඔහොමත් බ්රේක් ගහනවාද..* 
ගයමින් සිටි ඇගේ ගායනයට බාධා වුනු හෙයින් ඇය ගිටාරය ලග වු යෙහෙලියට දී සිට ගත්තේ බෙරිහන් 

දෙමිනි.. *එකනේ බන් පහන්යා.. * ඇය පැවසු දෙය ඇගේ යෙහෙලියක් විසින් සනාත කල අයුරින් එසේ

 පවසන ලද්දේ රියැදුරාට රවමිනි.. 

*මේ කොහෙද යන කාලකන්නි බයික් කාරයෙක් මිස්.. උදේ පාන්දරම මැරෙන්න හදනවා. රෝද දෙකකට

 ගොඩ වෙලා පියාඹන්නයි හදන්නේ* බසයේ කෙලවටම ඇසෙන පරිද්දෙන් බෙරිහන් දුන් රියැදුරා ඔහු 

ඉදිරි පාපුරුවේ හිටගෙන ආ තම සහයකයාට පමනක් ඇසෙන පරිද්දෙන් යමක් මුමුනන්නට විය.
* මුන්ටනම් මොකද බන් මුන් නම් චූන් වෙවි යයි.. අර යකා මේකේ වැදිලා මලානම් මම එපැයි පරිප්පු

 කන්න*
නැවතත් බසය පන නංවමින් රියැදුරු ගමන ඇරඹුවේය. 

*ඒ බන් පහන්යා තව සින්දුවක් කියමු .. *
තරුණියක් විසින් පහන්යාගෙන් ඉල්ලීමක් කරන්නට විණි..

මෙ‍ලෙස ගී ගයමින්ද වාධනය කරමින්ද අත්පොලොසන් දෙමින්ද පැමිණි මේ තරුණියන් පාසල් 

කාලයේ මිතුරියන් පිරිසකි. වසර කිහිපයකට පසු සියල්ලන්ටම නැවත එකතු වීමට අවස්තාවක් 

ලැබුනු නිසා ඔව්න් මෙලෙස චාරිකාවක් සංවිධානය කරගෙන ඇත. තරුණියන් අතර සිටි දගකාරම 

තරුණියද පහන්යා යි. 
ඔව්න් චාරිකාව සදහා තෝරාගෙන තිබුනේ මහනුවර මාතලේ සහ ඒ ආශ්‍රිත තැන් කිහිපයකි.. 
පහන්යා ගේ අවශ්‍යතාවය වූයේ රිවර්ස්ටන් යාමටයි.. ඒ ඇය මින් පෙර නොගොස් තිබුනු නිසා සහ

 ඇගේ තවත් මිතුරියන් එහි ගොස් මුහුනු පොතට එක්කර තිබුනු ජායාරූප දැක ඇතිවු ආශාව නිසා ය.. 

**************************
**************************

එවන්ම චාරිකාවක නිරත වුනු තවත් පිරිසක් විය.. එය එක්තරා ගම්බද පාසැළක සාමාණ්‍යපෙළ 

හදාරණ සිසු සිසුවියන් සම්බන්ධවුනු අධ්‍යාපන චාරිකාවකි. විදුහල්පති තුමාගේ කාර්‍යභාරය පැවරී 

තිබුනේ එම පාසලේ අයි ටි ඉගැන්වූ ගුරුවරයාටයි. ඔහු කඩවසම් සිරුරකින් හෙබි සුභාශ් නම් තරුණ 

ගුරුමහතෙකි. පෙනුමින් කිව නොහැකි මුදු ඔහුගේ වයස අවුරුදු 26කි. ඔහුගේ තරුණ බව කඩවසම්

 බව ඔහු වටා පාසලේ සිසු සිසුවියන් එක් රොක් වීමට ඔහුට නිරායාසයෙන්ම ලැබී තිබුනු ආකර්ශනීය

 බවෙකි. නමුත් සිසුවියන්ටත් වඩා සිසුන්ගේ හික්මීම පාලනය කරගැනීමට ඔහු අනුගමනය කලේ 

තරමක රෞද්‍ර බවෙකි. 
සිසු සිසුවියන්ද ඔව්න්ම එක්රේ පත් යොදාගනිමින් සාදාගන තිබු ඔක්ට පැඩයක් වන් වාද්‍ය බාන්ඩයක්

 වාදනය කරගනිමින් ගායනයෙහි නිරත විය. සුභාශ් ද ඔහුගේ රෞද්‍ර විලාශයෙන් මිදී ඔවුන්ට එකතු 

වි ගි ගයමින් විනෝධයෙන් චාරිකාවෙහි නිරත විය.. ඔවුන් ගමන් කළ බසය රිවර්සර්න් කන්ද පාමුල 

නතර වද්දි පෙරවරු 11 ට පමණ ඇත. බසයෙන් බැසගත් සියල්ලෝ තමන් ගෙනා ආහාර පාන බසය

 නැවැත් වු ස්තානයේදිම අනුභව කරන්නට වුනේ පමනක් පිරිස බසය තුළම සහ ඇතැමෙක් බසයෙන්

 එළීයටද අවුත් ය. 
**************************
**************************

ලග ලග වංගු හැරි හැරි ආ රිවර්ස්ටර්න් ගමන පහන්යාටනම් නැව්ම් අත්දැකීමක් විය. 
මග දෙපස ඇති ලා කොල පාටින් දිස්වු තේ වතු වල ඇය මනසින් ඇවිද්දේ විවර නෙතු අස්සෙන් 

හීන මවමිනි.. 
ඔව්න්ගේ බස් රතයද රිවර්ස්ටර්න් කන්ද පාමුළ දී නතර විය.. 
මුළින්ම බසයෙන් එළියට ආවේ පහන්යා ය. පෙදෙසෙහි වු සීතල ඇය දෙපසට දෑත් විදා මුලු ගතින්ම

 විදගත්තේ දැඩි ආශ්වාදයෙනි. 
ඇයට පසු ඇගේ යෙහෙළියන්ද බසයෙන් පිටත ආවේ සීතලට දෑත් පපුවට තද කොට බැදගනිමිනි.. 

අතේ වු ඉදුල් සෝදා ගැනීම සදහා ඔවුන් ආ බසයෙන් පිටතට ආ සුභාශ්ගේ අවධානය තිබුනේ තැන 

තැන විසිර සිටි සිය පාසලේ සිසු සිසුවියන් පිළිබදවයි. එහෙයින් ඔහු වෙනතක් බලාගෙන විත් 

පහන්යාගේ ඇගේ හැපුනි.. 
*අය්යෝ මිස්ටර් කොහෙද මේ යන්නේ ගාල කඩා ගත්තා වගේ.* 
පහන්යාගේ බ්රේක් නැති කටින් වචන වැල නොකැඩි පිටවත්දී සුභාශ් ඇය වෙත නෙත් යොමු 

කලේය.. පහන්යා දුටු සුභාශ් ඇය දෙසම එක එල්ලේ බලා සිටියේ ගල් ගැසීමෙනි. පහන්යගේ 

දිගැටි පැහැදිලි නෙතු යුගලටද රෝස පැහැති කොපුල් වලටද සුභාශ් හිරි වැටී ගිය අයුරකි.. නමුත්

 ඔහු එක එල්ලේම බලා සිටී ක්ශනයකින්ම පහන්යාගේ බැල්මද සුභාශ්ගේ නෙතු මත පතිත විය. 

දෑසට දෑස යාවු තප්පර දෙක තුනක් ආශ්වාදනීය කල්පයක තරම් කාලයක් මෙන් දැනෙන්නට

 වූයෙන් ලැජ්ජාවට දෙදෙනාම පහල බලන්නට වුනේ එක වැරය.. 
*සොරි නංගි.. * සුභාශ් පැවසුවේ එපමනකි .. ඔහු පාරේ කොනකට කොනකට ගොස් අත 

සෝදාගන්නට වුනි. 
පහන්යා ඔහුගේ උස සිරුරද ඉරියව්ද හොදින් නිරීක්ෂනය කරන්නට විය. 
*ඇයි බන් මොකෝ කේස් එක* යෙහෙලියක් විත් විමසන්නට වුනේ පහන්යාගේ උරහිසට 

අත තබමිනි.. 
*නැ නැ මුකුත් නැ බන්* ඒ හැරුනු කොට පහන්යා තව දුරටත් කිසිවක් නොපවසා ඇය පැමිණී

 බසය වෙත ලන් විය.. 
*මේ මැඩම්ලා ටික දැන්වත් අපි යමුද..* පහන්යා බසයෙන් පිටතට නොපැමින ඉතිරිව හිදි සිය 

යෙහෙලියන් අමතන්නට විය. 
ඇගේ පැහැඩිලි හඩට සුභාශ්ට ඇය වෙත දෑස් යොමු වුනේ නිරායාසයෙනි. ඇයගේ දගකාර හැසිරීම්

 සුභාශ්ගේ මුව සොදුරු සිනහවකින් හැඩ කරන්නට සමත්විය.. 
*පූසා වගේ හිටියට සරුත් හෙන කුකුළා නේද?* සුභාශ්ගේ දකුනු පසින් ඇසුනු හඩට ඔහු ඒ දෙස 

හැරි බැලුවේය. එලෙස පැවසුවේ කවුරුන්ද වග තවත් සෙවීමට දෙයක් නැත. පාසලේ වු කටකාරම 

සිසුවාගේ මුව පුරා සිනහවක් ඇත. සුභාශ් ඔහු වෙත ගොස් ඉහලට අත එසවූ සැනින්.. 
*හරි හරි සර් මම විහිලුවක් කලේ ඉතිං.. අර ලස්සන අක්කත් බලන් ඉන්නවා* සිසුවා පැවසුවේ 

පහන්යා සිටි දෙසට අත දිගු කරමිනි.. සුභාශ් ඒ දෙසට හැරි බැලුවත් ඇය එතන වුයේ නැත.
*හිටපන් උඹට මම * සුභාශ් යලි සිසුවා දෙසට හැරෙද්දි ඔහු වුයේ යහලුවන් දෙසට දුවමිනි.
සුභාශ්ගේ මුවට පැමිණියේ කේන්තියක් නොව සිනහවකි නමුත් ඔහු එය පිටවන්නට නොදී වලකා 

ගෙන කටකාර සිසුවා ගිය පෙදෙසටම සිය පා සනිටුහන් කරන්නට විණී. 


ඇතැමෙක් ලමුන් පාර කදු මුදුනට දුවන්නට විය. ඇතැමෙක් මග නැවතී ගුරුවරුන් පැමිණෙන තුරු 

සිටිති.. මැදි වයසෙහි වු කාන්තා ගුරුවරුන් දෙදෙනෙක් ඉක්මනින් ම පා තැබුවේ සිසු සිසුවියන් 

පිළිබදව අවදානමක් ගැනීමට වු බිය නිසා විය හැක. සුභාශ් සහ තවත් මැදි වියෙහි වු පිරිමි ගුරුවරයෙකු

 අවසානයේ ගමන් කරන්නට විනි.. 

*එ ඉශාන් මෙහෙට එනවා*
ඉදිරියට දුවමින් සිටි කටකාර සිසුවා නවත්වා ඔහු කැදවුවේ ඔහුගේ ගොරහැඩි කටහඩිනි.
ඉශාන් ආපස්සට දුවගෙන ආවේ තම ගුරුතුමා උරණ කරගැනීමට බියෙනි.. 
*සර්..... හී* ඉශාන් දත් විරිත්තා සිනහ විගෙන සුභාශ් වෙත ලන් වුනේ වේගය කෙමෙන් අඩු කරමිනි.. 
* මොකක්ද අර කියපු කතාව තමුසේ.. තමුසෙලා දැන් අපිවත් විහිලුවට ගන්නවා නේද අයිසේ.. * 
*ඇයි සුභාශ් සර් මොකක්ද මේ කොල්ලා කිව්වේ..* සුබාශ් හා පැමිණි මැදි වියැති අනෙක් ගුරු මහතා 

ඉශාන් දෙස බලා විමසුවෙ දෙබැම උස්සමිනි.
* නැ උපාලි සර් මු විහිලුවක් කලා මට* සිදුවිමේ අටුවා ටිකා කීමට වු අකමැත්තෙන් සුභාශ් පැනය එලෙස 

මගහැරියේය. තවත් පැනයක් එල්ල වේ යැයි සිතා සුභාශ් ඉශාන්ගේ කර වටා එක් අතක් දමා ඔහුගේ 

පන්තියේ විස්තර අසමින් ඉදිරියට පා තබන්නට විය. 

පහන්යා සහ යෙහෙලියන්ද ඔව්න් පසු පසම කන්ද මුදුනට ඇති පාර දිගේ පා තැබුවාය. එක් අවස්තාවකදී 

ඔව්න් සුභාශ්ලාව පසු කරන්නට විය . සුභාශ්ගේ දෑස් පහන්යා වෙත යොමු වත්දී එය ගැන අවදානයෙන් 

මිදුනු පහන්යා අවට සිරි නැරඹුවේය. ඉහලට ලන්වෙද්දි සුලං වල ඝෝෂාකාරි හඩ සවන් පුරවන්නට පටන් 

ගත්තේය. සීතලද පහලට වඩා වැඩිය. පහන්යා සීතලට දැත් තදින්ම පපුවට තද කරගත්තේය. එදෙසම 

දෑස් යොමා සිටි සුභාශ් පහන්යාගේ රිද්මයටම ඉශාන්ගේ උරහිස අතින් මිරිකුවේය.. 
පහන්යා දෙස තම ගුරුතුමා දෙසත් බැලු ඉශාන්. 
*සර් මේ මම* යැයි පැවසුවේ යලිත් දත් එලියට පෙනෙන ලෙස විරිත්තා සිනහ වෙමිනි. 
සුභාෂ් ක්ෂනයෙන් ඉශාන්ගේ උරහිස අත් හලේය. ඉඩ ලැබුනු ඇසිල්ලෙහි ඉශාන් පැන යහලුවන් සොයා 

ඉදිරියට දුවන්නට වුනේ යමක් හඩින් පවසමිනි. 
* ඔය රෝස පාට ඇදන් ඉන්න සුදු අක්කට අපේ සර් ලයින් එක දාන් ඉන්නේ ඕන්..* 
එය ඇසී තරුණියන් එක වැරම ඉශාන් දෙසත් පිටුපසත් බලන්නට වුනේ සිනහ වෙමිනි. පහන්යාද සුභාශ් 

වෙත දැස යොමු කරද්දි සිදුවු ලැජ්ජාව නිසා සුභාශ් වෙනතක් බැලුවේ දත්මිටි කමිනි. 
උපාලි ගුරු මහතාට ඉශාන් පැවසු දෙය පැහැදිලි නුවු නිසා ඒ පිළිබදව වැඩි අවධානයක් යොමු නොකලේය.. 

පිටු පස හැරි හැරි සුභාශ් දෙස හොරෙන් බලමින් පහන්යා ඉදිරියට ගියේ තරමක වෙගයෙනි.

ඉන් පසු නැවත සුභාශ්ට පහන්යා හරි හැටි දැක ගැනීමට අවස්තාවක් නොවීය. පහන්යාද මීදුම රැදුනු 

පරිසරයේ ආශ්වාදය විදගත්තා මිස අන් දෙයක් ගැන සිතීමට හෝ කිරීමට උත්සහ නොගත්තාය. 
නැවතත් ඔවුන් දෙදෙනාට දෙදෙනා දුටුවේ රිවර්ස්ටර්න් කන්ද පාමුල බස් නවත්වා ඇති ස්තානයේදීයි.. 
නමුත් එය මිනිත්තුවකටත් වඩා අඩු කාල පරාසයකි. එයට හේතුව සිසු සිසුවියන් රැගත් බස් රිය එම 

ස්තානයෙන් පිටත් යෑමට සුදානම් වු හෙයින් සුභාශ්ට සිසු සිසුවියන් සියල්ලම සිටිද්දැයි පර්ක්ෂ කිරිමට 

සිදුවු නිසාවෙනි. 
නමුත් බසය පන ගන්වා පිටත්වන මොහෙතේදි සුභාශ් යලිත් යෙහෙලියන් සමග සතුටු සාමීචියේ යෙදී 

හුන් 
පහන්යා දෙස අවසන් වරටත් බැලුවේය. පහන්යාට ඔහුගේ නෙත් බැල්ම හසු විය. සුභාශ් බසයට 

ගොඩවැදුනේ සිය දෑස් ඇය ලග නතර කොටය.

මතු සම්බන්ධයි 


ඉතිරි කොටස ගෙත්තම් කරන්නේ සදුනි කාංචනා විසින්..
අද කොටස අකුරු ගැන්වු මම 


ගයාන් ධනු.. 


අද කවර් පොටෝ එක හැඩ ගැන්විමට පොටෝ ලබා දුන් ආක්ෂා මිතුරියට ගොඩාක් ස්තූතියි..

දිනයක වැටහේවී...........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 Jan 2017 09:34 PM
  •  Quote
  •  Reply
සඳුනිගෙන් තවත් කථාවක්.. මේක හවුල් එකක් වගේ.. කොහොම නමුත් දිගටම ලියන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
30 Jan 2017 03:57 AM
  •  Quote
  •  Reply
දිගටම ලියන්න ලස්සන කතාවක් වගේ.
0

malki
Basic Member
Basic Member
Posts:216






--
30 Jan 2017 04:46 AM
  •  Quote
  •  Reply
Short story kiyawanna mama tikak kammalii....me dawas wala asanipen gedara nisa Saduni ge kathawa kiyewwa......Lassanaii Saduni digatama liyanna.....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Jan 2017 05:01 AM
  •  Quote
  •  Reply
Posted By malki on 30 Jan 2017 04:46 AM
Short story kiyawanna mama tikak kammalii....me dawas wala asanipen gedara nisa Saduni ge kathawa kiyewwa......Lassanaii Saduni digatama liyanna.....
මල්කි අසනීපෙන්  පෙළෙනවා කියලා තිබුණා. හැකි ඉක්මනින්  සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා  කරනවා.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
01 Feb 2017 06:44 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
01 Feb 2017 06:47 PM
  •  Quote
  •  Reply
සාමුහික නිර්මානයක් කිව්වෙ ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
01 Feb 2017 06:49 PM
  •  Quote
  •  Reply

සෙනෙහස පාමුල..

දෙවන කොටස.

        මාතලේ ප්‍රදේශයට සමු දී චාරකාව නිමවා බස් රිය  ඉදිරයට ඇදෙද්දී සුභාශ්ගේ හිත තුළ නොවැටහෙන

 දුකක් තැවරී තිබුණී . මාතලේ නගරය පුරා කැරකී අවසානයේ රිවෙස්ටන් හුළං කපොල්ල නැඹීමට ගිය ඔහුට 

දකින්නට ලැබුණු  දගකාර යුවතිය සිතට අමුතු හැගීමක් ගෙන දුන් බව, ඔහුට පිළගන්නට වී ඇත. සුභාෂ්ගේ

 හිත තව තවත් ඒ රුව විද ගන්නට සෙව්වත් ඇය යන් බස් රියවත් පෙනෙන තෙක් මානයක නොවිණී.

 නමවත් නොදන්නා ඇය මතු හමු නොවේ යැයි සිතා සුභාශ් ඇය අමතක කරන්නට මනසින් විශාල සටනක් 

ක්‍රියාත්මක කරන්නට විය.

‘‘ සුභාශ් සර් ඔය පුඩ් බෝඩ් එකෙන් ඇතුළට එන්න මේ පාරේ වංගුත් වැඩී.‘‘

‘‘ආ හරි හරි.‘‘

    උපාලි ගුරුතුමාගේ හඩින් සිහිනෙන් පිඹිදුන කළක මෙන් තිගැස්සී හනි හනිකට බස් රියේ පිටුපස දොර 

වසමින් ඇතුලට පැමිණී සුභාශ් ඉඩ තිබූ අසුන්ක වාඩී වීමට සැරසුණි.

‘‘ සර් බස් එකේ ගියාට හිත අර රෝස පාට ඇදුමක් ඇදන් හිටපු අක්කා ළග නේද?.‘‘

      සුභාශ් අසුන් ගන්නට සැරසී තිබුනේ පාසලේ කටකාර ළමයා වූ ඉශාන් වාඩී වී සිටි අසුනේ විය. මෙතන 

ඉදගන්නවට වඩා හොදයි මම හිටගෙන යනවා යැයි සිතූ සුභාශ්  මිතුරන් සමග හිනහෙමින් සිටි ඉශාන්ට 

රවමින්, ධාවන වෙමින් තිබූ බස් රියේ ඉහල අත් වාරුවේ එල්ලෙම් ඉදිරි පසට ඇදෙන්නට විය. පැය

 ගණනාවක වෙහසකර ගමනින් මතු ඔවුන් පාසල් භූමිය ඉදිර පිටදී බස් රියෙන් බැස ගත්තාය. සුභාශ් 

ඇතුළු ඇදුරු මඩුල්ල විසින්  සිසුසිසුවියන් දෙමාපියන් වෙත භාර දීමට යුහුළුව කටයුතු කලේ දැන් මධ්‍යම

 රාත්‍රියද ආසන්න වී තිබූ හෙයිනි.

********************

       ගමන් මහන්සිය නිසාම තදින් නින්ද යතැයි සිතා නිවසට පැමිණි විගස ඇග දොවනය කර සැහැල්ලු 

ඇදුමක් ඇග ලා ගෙන ඇදට වැටුනු පහන්යාද තවමත් හිදින්නේ නිදි වර්ජිතවයි. ඇගේ නිවස කැලණිය 

නගරාසන්නව පිහිටා තිබු නිසා රාත්‍රි දහය පසු වන්නට ප්‍රථම නිවස වෙත පැමිනියත් තවමත් නෙතු පියා 

ගැනීමට නොහැකී වු කරුන ඇය නොදන්නවාම නොවෙයි. නමුත් ඇය පිළියන්නට අකමැති වුයේ  

නමක්, ගමක්, සිටන තැනක්, වත් නොදන්න ඒ නාදුනන තරුණයා යළි හමු නොවන බව දන්නා නිසායි.

 කෙසේ වෙතත් අවසන් වරට බස් රථය අද්දන මොහොතේ පාපුවරුවේ සිට ඇය දෙස බලා හුන් ඔහුගේ 

දෑස් ඇයට වරින් වර මැවී පෙනුනී. ඔහු ගුරුවරයෙක් විය යුතුයි යැයි නිගමනය කළ ඇය අර කටකාර 

සිසුවා කිව් වදන් පෙළ සිහිගන්වමින් තනිව සිනා සෙන්නට විය. * ඔය රෝස පාට ඇදන් ඉන්න සුදු 

අක්කට අපේ සර් ලයින් එක දාන් ඉන්නේ ඕන්..* . මොනවද මේ මම කෙහෙවත් යන සර් කෙනෙක් 

ගැන මම හිතන්නනේ .අනික අපි ආයෙත් කවදාවත් හම්බෙන්නේ නෑ . තරමක් අහංකාර යුවතියක වු 

පහන්යා තම සිතටම තරවටු කරමින් උණුසුම් පොර වනයට ගුලි වී තදින් දෑස් පියා ගත්තාය.

       පසු දින සෙනසුරාදා දිනයක් වූ නිසාත්, ගමන් මහන්සිය නිසාත්  දහවල් හිරු රශ්මියෙන් පොළව 

රත් කරවන් තෙක් නිදා ගත් පහන්නා අවධි වුනේ අම්මාට කෑ ගසමින්ය. පවුලේ කුඩා දියණිය, 

සියල්ලනගේම සුරතලිය , කටකාරිය, විසේකාරය වූ පහන්යා නිවස තුළ හැසිරුනේ කුඩා දැරියක් 

ලෙසිනී. ඇයට සිටියේ එක් සහෝදරියෙකු පමණක් නිසා පිරිමි දරුවෙක්ගේ අඩුව සපුරන්නට තරම්

 පහන්යා දගකාර විය.

‘‘ අම්මී... අම්මී....‘‘

‘‘ මොකද චුටී දු කෑ ගහන්නේ.‘‘

‘‘අනේ හොදටම දවල් වෙලානේ .ඇයි මට ඇරෙව්වේ නැත්තේ. අද විෂේශ වාර්තාවක් හදලා ඔපිස් එකට 

මේල් කරන්නත් තියෙනවා.‘‘

‘‘ තවම ඒ හැටි දවල් වෙලා නෑ චුටී දූ.‘‘

     ඇදෙන් බිමට පැන ගත් පහන්යා නතර වුනේ අම්මාගේ පිටු පසින් ගොස් තුරුළු වී උරතලය මත හිස 

තබා ගනිමින්ය.

‘‘ මොකෝ චූටි  දු හුරතලේ . මොනවා ඕනේ වෙලාද ඒ පාර.‘‘

   පහන්යාගේ අම්මා තරමක් තරවටු ස්වරයෙන් කිව්වේ ඕනිවට වඩා හුරතල් වන්නේ කුමක් හෝ 

කරගන්නට අවශ්‍ය වු විට බව දන්නා නිසායි.

‘‘මගේ හොද අම්මිනේ මට උදව්වක් කරනවද?‘‘

‘‘කියන්නකෝ බලන්න. තාත්තාගෙන් බැනුම් අහන්න වෙන වැඩකට අවසර ගන්න නම් හදන්නේ ,

 මට නම් බෑ, ඔන්න මුලින්ම කිව්වා.‘‘

‘‘ නෑ .. නෑ... අම්මී මට හොදටම බඩෙගිණි .මම අර වාර්තාව හදන්නම්කෝ .අම්මී  බත් චුට්ටක් 

කවන්නකෝ මට.‘‘

‘‘ඕක කියන්නද ඔය හැටි ඇඹරුනේ. හා චූටි දු මූණ සොදන් ඇවිත් වැඩ පටන් ගන්නකෝ මම බෙදාගෙන

 එන්නම්.‘‘

‘‘ මගේ හොද අම්මී .‘‘

      අම්මාගේ කොපුලක් රිදෙන්නම තෙරෙපු පහන්යා අම්මා හැරෙන්නට කලින් නාන කාමරයට වැදී දොර

 වසා ගත්තාය.

*********************

    කෙතරම් රෑ බෝවී නිදා ගත්තත් හිමිදිරි පාන්දරම අවදී වූ සුභාශ් වෙනදා වගේම දවස ආරම්භ කලේ නැවතී

 සිටි නිවසේ නැන්දා සාදා දුන් උණු කිරි වීදුරුව පානයෙන් පසුවයි. උදේ ආහාරයෙන් පසුව පරිඝනයක අසල

 වාඩි ගත් ඔහු අනතර්ජාලයට පිවිසියේ පාසලේ සිසුන් වෙනුවෙන් කරන්නට යන ව්‍යාපෘකියකට අවශ්‍ය 

තොරතුරු ලබා ගැනීමටයි. නමුත් තවමත් නව තාක්ෂණය මුහු නොවූ සුභාශ් නවාතැන් ගෙන සිටි ගම්මානයේ අන්තරජාලය පරිහරනය එතරම් පහසු නොවුනේ සිග්නල් ආවරන පහසු කම් අඩු වීම නිසයි. නිවසට දුරකථන

 ඇමතුමක් ගැනීම පවා සුභාශ්ට අපහසු කරුනක්  වුනේ එයයි.

      සුභාශ් ගුරු වෘතියේ පළමු පත්වීම ලබා පැමිණ සිටින්නේ කෑගල්ල දිස්ත්‍රිකයට අයත් දුෂ්කර ගම්මාන 

රැසකටම අධ්‍යපය ලබන්නට දරුවන්ට අවස්ථාව සැලසු ගෝණගල්දෙණිය නගරය ආසන්නව පැවති  

පාසලකටයි. පවුලේ එකම දරුවා වූ සුභාෂ්  නිවසින් ඈත් වනවාට දෙමාපියන් අකමැති වුණත් , ඔහුගේ දැනුම 

මේ දුප්පත් දරුවන්ට අවැසි බව තේරුම් ගත් නිසා, මාරුවක් සාදාගෙන යාම පිළිබද දෙමාපියන් කළ 

යොජනාව ඔහු අත්හැර දැමුවේ හදවතින්මයි. සුභාෂගේ අරමුණ වී තිබුනේ මේ ගම්බද දරුවන් නව දැනුමින් 

පෝෂණය කර ඔවුන්ගේ අනාගතය ඉහළට නංවාලීම සහ ගම දියුණු වී නව ලොවට මුසුවනවා දැකීමයි.

      තවත් පරිඝනකය ළග සිටීමට සුළු අලස කමක් දැනුන නිසා සුභාෂ් කාමරයෙන් එළියට පැමිණියේ ටික 

වේලාවක් නිදහසේ සිටින්නට සිතමිනුයි.

‘‘සුභාශ් පුතා.. කොහෙ හරි යන්නද?‘‘

‘‘අනේ නෑ කළු මාමේ මම මේ ටිකක් හුළං වදින්න එළියට ආවා.‘‘

         කළු මාමා නම් ,ඔහු නවාතැන් ගෙන සිටි නිවෙසේ අයිතිකරුවායි. කළු මාමා නම පට බැදුන නමකි, 

ගමේ සියල්ලන් අමතනු ලබන්නේ ඒ නමින් නිසා සුභාශ්සුත් ඒ නම භාවිතා කරත්, හැබැ නම රත්නපාල 

නම් විය. සියලු දරුවන් විවාහ වී යාමෙන් පසු එම නිවසෙහි ඉතිරිව සිටියේ වයසක කළු මාමාත් ඔහුගේ 

බිරිදත් පමණයි. දරුවන් ඔවුන් දෙනාට තම නිවෙස් වල නවතින්නට ඇරයුම් කරත් ඔවුන් ගම හැර යාමට 

අකමැතිය. *මේ අපි විතරක් නෙමෙයි, අපේ අම්මලා තාත්තලා, ආච්චිලා සියලත් ඉපදුන ගම සුභාශ් පුතේ .

මෙහේ තරම් අපිට කොහෙවත් හරි යන්නෑ .*  මේ වදන් පෙළ නිතරම කළු මාමා සුභාශ්ට පවසන්නේ

 ගමට තිබුණ ආදරය කියාපාමිනුයි.

‘‘මේ දරුවා ඉතින් හැම වෙලේම වැඩනේ. කොහොමද ඊයේ ස්කොලේ පොඩි වුන් එක්ක ගිය ගමන.

 පොඩි වුන් නම් හුගක් සතුටු වෙන්න ඇති.‘‘

‘‘අනේ ඔව් කළු මාමේ. කිසි කරදරයක් නැතුව ගිහින් ආවා. අවුලකට තිබුනේ හුගක් රෑ වුන එක තමයි. 

කලින් එන්න හැදුවට මේ ළමය බස් එකට ගන්න එක හරි අමාරුයි .‘‘

‘‘අනේ රැ වුනාට මොකද ? දැන් ඉතින් කිසි කරදරයක් නැතුව ගමන ගිහින් ආවනේ. දෙවියන්ගේ පිහිටින්.‘‘

      තවත් සුළු මොහොතක් කළු මාමා සමග කතා කරමින් සිටි සුභාශ්ට එතනින් ඉවත් වී තනි වීමට අවශ්‍ය 

වුයේ අමතක කරන්න උත්සහ කරන සිතුවිල්ල නැවතත් සිතට ඇතුළු වූ නිසයි. කෙසේ වත් රෑ පහන් වන 

තුරු දෑස පියා නිදි විද ගන්නට ඉඩ නොදුන් දගකාර යුවතියගේ රුව සිතෙහි ඇදෙද්දී ජංගම දුරකථනයද

 රැගෙන නිවසින් බැහැරට පැමිණියේ සිත ටිකක් සංසුන් කර ගැනීමට සිතා ගෙනයි. කෙතරම් සිත මුරණ්ඩු 

වුනත් ඇය යලි හමු නොවෙන බව සුභාශ්  තේරුම් ගෙන තිබූ එකම කරුණයි.

     උළු වහලය නිසා නිවස තුළ සිසිල් බවක් දැනුනත් අවට පරිසරය තද අව්ව නිසා හෙම්බත් වී ඇත. එහෙත්

 නිවසින් බැහැරට ආ සුභාශ් නැවතී සිටි නිවසේ වත්තේ කොණක වූ විශාල ගල් තලාව වෙත පිය නගන්නට 

විය. සුභාශ්ට එම ගල් තලාව සුපුරුදු තැනක් වුනේ නිවසට දුරකථන ඇමතුම් ගැනීමට එතනට නිතර පැමිණෙන 

නිසායි. අව්ව නිසා නිලංකාර වූ දෑස් යතාතත්වයට එන තුරු මද වෙලාවක් සිටි සුභාශ්ට අම්මාට ඇමතුමක් 

ගන්නට සිතුනී. ඊයේ දවසමත දුරකථකය පාරිහරනයට වෙලා නොතිබුණ නිසා මුහුණු පොතෙන් පැමිණි 

පණිවිට රැසක් විවෘත වන්නට විය. සිග්නල් ආවරන නොමැති කම නිසාම එතරම් මුහුණු පොත පරිහරනය 

නොකළ ඔහු නිකමට මෙන් මුහුණු පොත තුල මද වෙලාවක් සැරි සැරන්නට විය. හදිසියේම ඔහුගේ නෙත 

ගැටුනේ චායාරූප රැසක් එකට ගොනු  කර තිබු ගොනුවකි. * ඔන්න අපිත් රිවෙස්ටන් ගියා* යනුවෙන්

 සදහන් කර ගෑණු ළමුන්ගේ සමුහ පොටෝ රැසකි. මේ අර ගෑනු ළමයි ටික වත්ද? සුභාශ්ගේ හද වේගයෙන් 

ගැහෙන්න ගත්තේ තිබුන කලබලකාරී බව නිසාත්. ඇය නැවත දකින්නට තිබුණ ආසාව නිසායි.

       මේක නම් හීනයක්? මේ ඉන්නේ මම ඊයේ දැකපු ගෑනු ළමයානේ.  ඔහුට දෑස් අදහා ගන්නට නොහැකී

 වු නිසා කීපවරක්ම දෑස් පිස දමමින් චායාරූප ටික එහෙට මෙහෙට යවමින් නෙඹෙන්නට විය . මොකද්ද 

මේ කෙල්ලගේ නම ඔහු චායාරෑප තිබූ ගිණුමේ අයිතිකාරිගේ නම බැලිය. දෙව්මී නිසංසලා මේ ඒ කෙල්ලගේ 

එක්වුනට් එකක් නෙමෙයි. එහි වු අනෙකුත් චායාරූප දැකීමෙන් එය තේරුම ගත් ඔහුගේ සිත හොදටම පෑරුණි.

 පෙනුමේ හැටියට නම් ඒ ගෑනු ළමයා ගමක කෙනෙක් වෙන්න බෑ . අනිවාරෙන් පේස් බුක් ඇති. කොහොමද

 හොයා ගන්නේ. දැන් සුභාශ්ගේ හිත ක්‍රියා කලේ ඇයට අයිති මුහුණු පොතේ ගිණුම සොයා ගන්නා ආකාරය 

පිළිබදවයි.

       යළිත් වරක් චායාරූප ටික බලද්දී ඔහු දුටුවේ එම චායා රූප ගොනුව තව කීපදෙනෙකුගේ මුහුණු පොත 

ගිණුම් වලට අමුණා ඇති බවයි. අනිවාරෙන් අර ගෑනු ළමයටත් ටැග් කරලා ඇති. සුභාශ් අමුණා තිබු ගිණුම් 

එකානෙකට පිවිසී බලන්නට විය. මේ ඉන්නේ පහන්යා සත්සරණී . ඊයේ චාරිකාවේදීම ගනු ලැබූ තනි 

චායාරුපයක් එහි ඉදිරිපසට දමා තිබුනි. සුභාශ්ගේ හිත කිව්වේ පාසලේ දරුවන් සමග අධ්‍යාපන චාරිකාවක් 

ගිය මට ඇගේ රුව නෙත ගැටුනේ මන්ද? නැවත හමු නොවේ යයි සිත් සනසා ගන්නට උත්සහ කළ මට ඇය

 මුහුණු පොතින් ඇස ගැටුනේ මන්ද?  යන්න පමණකි. මොකද කරන්නේ. මම රික්වෙස්ට් එකක් දානවද?

 නැද්ද? ඈ ගැන හැගීමක් ඇති මුත් කෙල්ලන් ළග හෑල්ලු වීමට අකමැත වූ ඔහු කල්පනා කරන්නට විය.

මතු සම්බන්ධයි

 
ඉතිරි කොටස ගෙත්තම් කරන්නේ ගෙම්බා විසින්..
අද කොටස අකුරු ගැන්වු මම 
සඳුනී කාංචනා.. 


අද කවර් පොටෝ එක හැඩ ගැන්විමට පොටෝ ලබා දුන් සචින් මල්ලීට ගොඩාක් ස්තූතියි..

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
01 Feb 2017 06:50 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 01 Feb 2017 06:47 PM
සාමුහික නිර්මානයක් කිව්වෙ ?


කතාව මම තනියෙම ලියන කතාවක් නම් නෙමෙයි. මුහුණු පොතේ යාළුවෝ කීපදෙනෙක් එකතු වෙලා තමා 

මේ කතාව ලියන්නේ. හැබැයි වැඩි කොටස් ප්‍රමාණයක් මගෙන්.. ඒකයි මම සයිට් එකෙත් පල කරන්න හිතුවේ.

 

දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
01 Feb 2017 06:52 PM
  •  Quote
  •  Reply
හොදා හොදා දිගටම කරන් යන්න ..කොහොමට් ඔය කෙටි කතා ලියන්න හපනිනෙ ..........
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Feb 2017 03:52 AM
  •  Quote
  •  Reply
ෂා අලුත් එකකුත් පටන් අරන් නේද. කියවන අපිටත් ටැපලෙනවා
ලියන ඔයාට එහෙම වෙන්නෙ නැද්ද
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Feb 2017 04:17 AM
  •  Quote
  •  Reply
මට නම් පැටලෙන්නේ නෑ... ඔය චරිත වලට මම කා වැදිලා ඉන්නේ.. අනික මේක මම හැමදාම ලියන්නේ නෑනේ... මට අයිති දාට මම ලියන්නේ.. මේ කතාව කෙහොමත් පැටලුම් සහගත වෙයි. කෙනාගෙන් කෙනාට වෙනස් වන නිසා.. නව අත්හදා බැලීමක්ලු...හී
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Feb 2017 04:34 AM
  •  Quote
  •  Reply
මොලේ අවුල් කරන වැඩක්වත්ද
මේ දාන කථා කියවන අපේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Feb 2017 08:22 AM
  •  Quote
  •  Reply
ඔව් ඔව්.. හැමදාම හොදින් ඉන්න එක හරි නෑ
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Feb 2017 05:09 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Feb 2017 05:14 PM
  •  Quote
  •  Reply
෴සෙනෙහස පාමුල෴

*තෙවන කොටස*


සුභාශ්ගේ හිත දෙලොවක් අතර සටනකට මැදි වෙලා. "මොකද් කරන්නේ...?" " 

රික්වෙස්ට් එකක් දානවද...??....නැද්ද..?" 
සුභාශ් තමන්ගෙම හිතින් ප්‍රශ්න කරනව.

හිතේ දහසකුත් ප්‍රශ්න තියාගෙන සුභාශ් දවස ගෙවා දැමුවේ හැම වෙලේම පහන්යා ගැන හිතේ 

කොනක කැකෑරෙන දාහක් සිතුවිලි ව්ක්ක.
එදා දවසේ සුභාශ් කළු මාමාගේ ගෙදරින් එළියටවත් බැස්සෙ නෑ. වැඩි වෙළාවක් ගත කරේ ඇඳට 

වෙලා..

"සුභාශ් පුතා මම කඩේ පැත්තට ගොහිල්ලා එන්නම්." 
එසේ කියා කළු මාමා කඩේ පැත්තට ගියා. දැන් සුභාශ් තනියම ඉස්සරහා තියෙන හාන්සි පුටුවට ඇවිත්

 කල්පනා කර කර ඉන්නවා " මාරම පාළුයි." සුභාශ් තමාටම කියා ගත්තා..

නැවතත් phone එක අතට ගත් සුභාශ් fb පැත්තට යන්නෙ හිතේ ඇදි තිබෙන පහන්යාගේ රුව නැවතත් 

බැලිමටයි..

ඇයගේ fb එකවුන්ට් එකට ගිය ඔහු එහි ඇති සියලුම පොටොස් එකින් එක බලන ගමන් සමහර දෙවල් 

වලට කට කොනකින් හිනාවෙනවා .
*එ පහන්යා විසින් දමා ඇති විහිළු,දඟකාර post නිසා*. "මොකද පුතා තනියම හිනා වෙන්නෙ..??" තිගැස්සි 

ඔළුව ඉස්සු සුභාශ්ට දැක ගන්න ලැබුනේ කළු මාමා තමන් ලඟ හිටගන ඉන්නවා..
""නැ..නැ.. මන්...මේ.." "විහිළු පොටොස් වගයක් බැලුවා කළු මාමේ." 
"හා හා දැන් රැ වේලානේ ලමයෝ මම යද්දිත් ඔතන තාමත් ඔතනමයි එකයි මම මේ බැලුවේ ..??"

සුභාශ්ට නොදැනිම වෙලාව රාත්‍රි 7ටත් වෙලා..

"දුව කෑම කන්න එන්න"" "ඇති ඔය phone එක ඔබ ඔබ හිටියා.." 
"හා අම්මා මම එන්නම් ".."පොඩ්ඩක් ඉන්නකො..." මම පොඩි වැඩක්."
පහන්යා එසේ කියා හිනා වෙවි යාළුවා දිනේ එක්ක බර කතාවක *විනෝද චාරිකාවේ උන දෙවල් ගැන කිය

 කිය*.. "එක නෙමේ බන් අර සුභාශ් කියන කොල්ලා උඹට පට්ට ලයින් එකක් දුන්නෙ නේද බන්..??

 එහෙම කිව්වෙ දිනේ. "පල.පල මගෙන් මොකුත් උඹ අහගන්නෙ නැතුව දිනේ""

එහෙම කියලා තනියම කට කොනකින් පහන්යා හිනා උනා. දෙන්නා චාරිකාවේ උන දෙවල් කතා කර කර 

හිටියා පැයක් විතර.

"චුටි දු එනවා මගෙන් ගුටියක් කන්නෙ නැතුව දැන් කෑම කන්න.." 
"හරි හරි අම්මී මේ එනවා" 
"මම තියනවා බන් phone එක අපි පස්සෙ කතා කරමු අම්මී බනිනවා.."."තව ටිකක් ගියොත් තවත් 

බැනුම්.. බුදු සරණයි.. බායි"

Phone එක කට් කරපු පහන්යා දුවගන ගියේ අම්මා ආයේ බනින්න කලින් කෑම කන්න.. 
"ආයේ මම කියන්නෙ නැ චුටි දෝනි මම වෙළාවක ඔය phone එක තාත්තට දෙනවා ඔයාට දෙන්න එපා

 කියලා." "හූ හූ තාත්තී මට ආදරෙයිනේ එයා එක ගන්නෙ නැ "" එහෙම කියපු පහන්යා අම්මගේ ඇඟේ

 දැවටුනා .
"යනවා යන්න තාත්තා තමයි මේ දෝනි ඈන්දව නරක් කරන්නෙ" එහෙම කියපු අම්මා පහන්යට රවාගන 

කුස්සියට ගියා.

පහන්යා කෑම කාලා ඇඳට ඇවිත් නිදා ගන්න හැදුවට එක පාරටම මතක් උනා සුභාශ්ව. ජීවිතේ මිට කලින් 

දැක නොතිබුනත් එදා දැකපු එ රුව තාමත් හිතේ කොනක සක්මන් කරනවා වගේ දැනුනා පහන්යාට..

එ කල්පනා ලොකයේ පැයක් විතර ඉද්දි පහන්යාටත් නොදැනිම පහන්යා නින්දට වැටුනා.

සුභාශ් phone එක අතට අරන් කල්පනා කරන්නෙ පන්යාට රික්වෙස්ටි එකක් දානවාද..?? "නැතිද..?" 

සුභාශ් තමන්ගෙ සිතින්ම එහෙම අහනවා "එක්කො ඔන් නැ" 
එහෙම හිතලා නිදා ගන්න ගියපු සුභාශ්ට නින්ද යන්නෙ නැ..

ආයෙත් phone එක අතට ගත්ත සුභාශ් කරේ පහන්යාට රික්වෙස්ට් එකක් දාපු එක.
එහෙම දාලා ලොකු සුසුමක් හෙලපු සුභාශ් ඊලඟට මොනවා වෙයිද හිත හිත ...
නින්දට වැටුනා...

උදෙන්ම නැගිටපු සුභාශ් ටවුන් එකට යන්න ලැස්ති උනා..
බැංකුවට ගිහිල්ලා එන්න.

කාරයට නැග්ග සුභාශ් ඔහුගේ phone එක ඉදිරි පස අනෙක් අසුනේ තබා කාරය ස්ටාට් කරලා පාරට

 ගත්තා..
හිමින් සිරුව ප්‍රධාන මාර්ගයට යනකම් ගිය සුභාශ් කාරයේ වෙගය වැඩි කරේ ඉක්මනින්ම වැඩේ ඉවර 

කරගන එන්න..

එක පාරටම phone එකට මැසෙජ් එකක් ආවා. වෙගය ටිකක් අඩු කල සුභාශ් phone එක අතට අරන් 

මැසෙජ් එක බැලුවා *හිතා ගන්නවත් බැ මොකද උනේ කියලා පහන්යා තමන්ව ඇඩ් කරගන තියනවා 

කියලා මැසෙජ් එක ඇවිත් තියෙන්නෙ*
සුභාශ්ට මේක හිනයක් වගේ

"""""කරාස්..,,,""""කරාස්..,,,""""කරාස්,,???

එක පාරටම ඉදිරියෙන් ආපු ලොරියකට සුභාශ්ගෙ කාරය හැප්පිලා කාරය පාරෙන් කානුවට ඇදිලා 

ගියා...........

මතු සම්බන්ධයි 

ඉතිරි කොටස රස ගන්වන්නෙ ගයාන් ධනු විසින්...
අද කොටස රස ගැන්වු මම #ගෙම්බ#



අද කවර් පොටෝ එක හැඩ ගැන්විමට පොටෝ ලබා දුන් නතාෂා නංගීයාට ගොඩාක් ස්තූතියි..

දිනයක වැටහේවී...........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
02 Feb 2017 06:22 PM
  •  Quote
  •  Reply
සුභාශ් කොල්ලා පව්.මැරුණාද සුභාශ් කොල්ලා?
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
02 Feb 2017 07:01 PM
  •  Quote
  •  Reply
තුන්වන කොටසත් ඇවිල්ලා නේද?
දෙවන කොටස කියවන්න බැරිවුනා... ඉස්සර වෙලා ඒක කියවලා ඉන්නම්...
0
Add Reply
Page 1 of 612345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below