Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: nohadunana deneth නොහදුනන දෙනෙත් Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: nohadunana deneth නොහදුනන දෙනෙත් Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review ImalkaVeteran MemberPosts:4533 10 Jan 2016 09:27 PM බොහොම කෙටි උනත් ඉතා අරුත්බර කතාවක්......බොහොම ස්තුතියි ඔබට Ind007kaMost Senior MemberPosts:12931 10 Jan 2016 08:37 PM ලස්සන කතාවක් .... RosiSuper Senior MemberPosts:5335 10 Jan 2016 11:29 AM තවත් ලස්සන දුක හිතෙන කතා පොඩ්ඩක් ... ස්තුති පොඩ්ඩි නගෝ indika76Most Senior MemberPosts:10459 10 Jan 2016 05:54 AM Posted By Poddi on 09 Jan 2016 09:59 PM [image]nohadunana deneth නොහදුනන දෙනෙත් ~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ...... වේලාව උදෑසන 7.00 ත් පසුවීගෙන යමින් පැවතුනි ... මම මවගේත් පියාගේත් දෙපා නැමද ඉක්මන් වුයේ 7.20 ට පැමිණෙන බස් රියෙන් රැකියාව සදහා පිටත්විමටයි ..... වැඩ කරන ස්ථානයේ බුදුන් වැදීමට කඩන ලද මල් ද පුංචි සිලි බෑගයක දමා ගෙන එය අතේ ගෙන යාමට මා පුරුදුව සිටියේ 7.20 ට එන බස් රියේ සෙනග පීරී ඉන්නා නිසා මල් පොඩි වන බැවිණි. .... බසය ඈතින් එනු දුටු මම නොඉවසිල්ලෙන් සිටියේ සුපුරුදු වූ දෙනෙත් දැක ගැනීමේ රුචිනි ... ඒ හින්දද මන්දා මා නොඉවසිලිමත් දෙනෙත් බසයට ගොඩ වුනු මොහොතේ පටන් ක්ෂණිකවම මටත් අකීකරුව එහෙ මෙහෙ සැරි සරන්නට විය .... සුපුරුදු දෙනෙත් මා නෙත් හා යා වුණි . කොණ්ඩය ජෙල් කර පීරා සිටින අත් දිග ඉරි ඉරි කමිසයකින් සැරසුණු ඔහු කවුද ? ඔහු රැකියාව කරන්නේ කුමන ස්ථානයක්ද ? තාමත් පිළිතුරක් සොයා ගත නොහැකි වූ ගැටළුවක් මා හිත තුල වද දෙමින් පැවැතුණි . හැමදාම උදැසන 7.20 බස් රියේ පැමිණෙන ඔහුත් සොයන්නේ මා නෙත්ම විය හැකිය . ඔහු හිටියේ පිටුපසට වන්නට වූ ආසනයක හිදගෙනය .. සෙනෙග වැඩි නිසා වැඩි තෙරපුමක් ඇති වූ හෙයින් මම පිටුපසට වන්නට ගොස් ඔහු ඉදගෙන සිටි අසුනෙන් අල්ලා ගතිමි .. ඔහු දෙඅත් දිගු කොට මගේ බෑගය ඉල්ලා තියා ගත්තේ මා වූ අපහසු බව දැනී වෙන්නට පුළුවනි . මා ටවුමටම නොයා අතර මගදී බසයෙන් බහින අතර ඔහු ටවුන් එකටම යයි. මා බසයෙන් බැසීමට ආසන්න වූ හෙහින් බෑගය ගෙන ඔහුට ස්තුති කල අතර ඔහුගේ දෙනෙත් සුපුරුදු ලෙන්ගතු වූ සිනහවකින් සැරසුණි . පෙළක් දින වලට මට 7.20 බස් එක මග හැරුණි . එදිනට නම් ඒ දෙනෙත් දැක හන්නට හැකියාවක් නොමැති වුනත් ඒ දෙනෙත් මා මුණ ගැසුණු දින බොහොමයක් වේ , කාලයක් මෙසේ ගත විය .. එදින සෙනසුරාදා දිනයක් වූ අතර මට නිවාඩු තිබු හෙයින් මම අම්මාත් සමග කිරි අම්මලාගේ ගෙදර යාමට පිටත් වුයේ ඉරිදා දවසේ ආපසු ඒමට හිතාගෙනය . පුදුමයකි එදිනද ඔහු බස් රියේ සිටියේය .. මාගේ මවට ඉද ගැනීමට ඔහුගේ අසුන පරිත්‍යාග කලේ දෙවරක් නොසිතා විය හැකි ය ... ඔහුගේ ගති ගුණ ඉමහත්ය.. අම්මා ඔහුට ස්තුති කොට අසුන් ගත් අතර කොන්දොස්තරවයයාගේ කීම පරිදි මට එතනින් එහාට වන්නට සිදු වුයෙන් මට සිතුනේ ඔහු සමග වචනයක් හෝ කතා කිරීමට තිබු අවස්ථාවක් මග හැරී ගිය බවයි ... දවස් ගණන් මෙසේ ගත වී ගිය අතර අහම්බෙන් දිනක් මා වැඩ අවසන් කර ආපසු යාමේදී මට ඔහුව මුණ ගැසුණේය .ඔහුගේ අසුනට එහා පසින් සිටියේ අපේ ගමේ මා අදුරන අයියා කෙනෙකි. ඔහු නමින් රුසිරු . දුරින් අපේම ඥාතියෙකුද වන්නේය . ... ... '' නංගි අද පරක්කු වුනාද ? වෙනදා කලින් බස් එකේ නේද යන්නේ ? ඒ රුසිරු අයියගේ කට හඩයි / ඔහුගෙන් ප්‍රශ්ණ රාශියකි .. ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නද මා නෙත් යාවි තිබුණේ වෙනතකටය.. ... නොහදුනන සුපුරුදු දෙනෙත් පෑ ඔහු මා සමග සිනා වුයේ ය . ,,, රුසිරු අයියා ඔහුව හොදින් දන්නා බවක් මට ටික දුරක් එන විට ය . ඔහු හා රුසිරු අයියා බර කතාවකට වැටුණි . එහා පැත්තෙන් වූ අසුනේ සිටි කාන්තාව අතරමගින් බැස ගිය නිසා මට ඒ අසුනේ හිද ගන්නට අවස්තාවක් ලැබුණේ එදින බසයේ වැඩි සෙනගක් නොවූ නිසාවෙනි . .............................................................................................................................................. දින කිහිපයක් ගත වී ගිය අතර මා වැඩ ඇරී නිවසට යන විට එදින රුසිරු අයියාව මුණ ගැසුණි ,,, බසයෙන් බැස නිවසට ටික දුරක් යා යුතුව තිබුණු අතර එදින රුසිරු අයියා සිටි නිසාවෙන් මමත් රුසිරු අයියා සමග ත්‍රී විලරයේ ගියෙමි ... ඔහු ගිය පයින්ම ආපසු එන්නට වුයේ යැයි මම දැන ගත්තේ අපේ තාත්තා හා ඔහු කතා කරන හද ඇසීමෙනි ... '' කොහෙද රුසිරු පුතා .... ආපයින්ම අපහු යන්නේ .... තාත්තගේ කට හඩය .. '' බාප්පේ මගේ යාලුවෙක්ගෙ මග ගෙදරක් ,,, හදිසියේම දැන ගත්තේ .... මිනිහා ද ඒ හැටි දවසක් නෑ මට අන්තිමට මුණ ගැහිලා... ඔන්න එදා සිතුමි නංගිත් බස් එකේ හිටියා ,, සිතුමිත් දැක්කා මගේ යාළුවාව ,, මිනිහා හරි හොද එකා,, ... ඒ නිමේෂයෙන් මම දුවගෙන ආවේ .... සිදු වුයේ කුමක්දැයි දැන ගැනීමටයි ... ඔහුට පිළිකාවක් තිබිලා ... රුසිරු අයියගේ හොදම යාලුවෙක්ලු,,, එත් ඒ දෙනෙත් දැන් සදහටම මාව දාලා යන්නම ගිහින් ... මගේ නෙත් කෙවෙනි කදුලින් බර වෙලා .. නුබ නොකියම යන්නේ ගියේ ඇයි ??? නුබ කවුද කියා මා හිතේ දැවෙමින් තිබු ප්‍රශ්නයට පිළිතුරක් දීලා ,, තවත් විසදා ගත නොහැකි එකම ප්‍රස්නයක් පමණක් ඉතිරි කරලා නුබ යන්න ගිහින්.. ---- නොහදුණන දෙනෙත් යලි භවයක මා හුමු වේවා මගේම වී -- හෙටින් පසුව මා දෙනෙත් තනි වේවි ගොඩක් ..... ජීවිතය නම් වූ චාරිකාවේ නුබ අකල් මරනෙකට ගොදුරු වුනා ,, මෙවන් අකල් මරණයක් නුබට කිසි දිනකවත් නොම වේවා ....!!!!!!!!!!!! _______________ නුබට නිවන් සුව ..!!!!!!!!!!!!! - ඩිලීකා මදුශානි - ~~~` පොඩ්ඩි ~~~~~~ දුක්බර කථාවක්... අවසානයේදී ගොඩක් සිත සසල වුනා... ජීවිතයේ යම් යම් කාල පරිච්ඡේදවලදී හමුවන විවිධ පුද්ගලයන් නිසා අපේ ජීවිත සසල වෙනවා... ස්තූතියි නංගී කථාවට... PoddiVeteran MemberPosts:2100 10 Jan 2016 12:38 AM sthuthi Maduranga maduranga001Most Senior MemberPosts:14123 09 Jan 2016 11:57 PM පොඩ්ඩිගේ කතාව දුක්බර මුත් ලස්සනයි.. අපි කැමති අය වෙන් වෙනකොට එහෙම කෙනෙකුට ජ්කරදරයක් වෙනකොට කාට වුනත් දුකක් ඇතිවෙනවා.. තවත් ලියන්න නංගි.. PoddiVeteran MemberPosts:2100 09 Jan 2016 10:22 PM sthuthi samanthaMost Senior MemberPosts:13194 09 Jan 2016 10:19 PM තවත් ලස්සන කථාවක්.. දිගටම ලියන්න. PoddiVeteran MemberPosts:2100 09 Jan 2016 09:59 PM [image]nohadunana deneth නොහදුනන දෙනෙත් ~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ...... වේලාව උදෑසන 7.00 ත් පසුවීගෙන යමින් පැවතුනි ... මම මවගේත් පියාගේත් දෙපා නැමද ඉක්මන් වුයේ 7.20 ට පැමිණෙන බස් රියෙන් රැකියාව සදහා පිටත්විමටයි ..... වැඩ කරන ස්ථානයේ බුදුන් වැදීමට කඩන ලද මල් ද පුංචි සිලි බෑගයක දමා ගෙන එය අතේ ගෙන යාමට මා පුරුදුව සිටියේ 7.20 ට එන බස් රියේ සෙනග පීරී ඉන්නා නිසා මල් පොඩි වන බැවිණි. .... බසය ඈතින් එනු දුටු මම නොඉවසිල්ලෙන් සිටියේ සුපුරුදු වූ දෙනෙත් දැක ගැනීමේ රුචිනි ... ඒ හින්දද මන්දා මා නොඉවසිලිමත් දෙනෙත් බසයට ගොඩ වුනු මොහොතේ පටන් ක්ෂණිකවම මටත් අකීකරුව එහෙ මෙහෙ සැරි සරන්නට විය .... සුපුරුදු දෙනෙත් මා නෙත් හා යා වුණි . කොණ්ඩය ජෙල් කර පීරා සිටින අත් දිග ඉරි ඉරි කමිසයකින් සැරසුණු ඔහු කවුද ? ඔහු රැකියාව කරන්නේ කුමන ස්ථානයක්ද ? තාමත් පිළිතුරක් සොයා ගත නොහැකි වූ ගැටළුවක් මා හිත තුල වද දෙමින් පැවැතුණි . හැමදාම උදැසන 7.20 බස් රියේ පැමිණෙන ඔහුත් සොයන්නේ මා නෙත්ම විය හැකිය . ඔහු හිටියේ පිටුපසට වන්නට වූ ආසනයක හිදගෙනය .. සෙනෙග වැඩි නිසා වැඩි තෙරපුමක් ඇති වූ හෙයින් මම පිටුපසට වන්නට ගොස් ඔහු ඉදගෙන සිටි අසුනෙන් අල්ලා ගතිමි .. ඔහු දෙඅත් දිගු කොට මගේ බෑගය ඉල්ලා තියා ගත්තේ මා වූ අපහසු බව දැනී වෙන්නට පුළුවනි . මා ටවුමටම නොයා අතර මගදී බසයෙන් බහින අතර ඔහු ටවුන් එකටම යයි. මා බසයෙන් බැසීමට ආසන්න වූ හෙහින් බෑගය ගෙන ඔහුට ස්තුති කල අතර ඔහුගේ දෙනෙත් සුපුරුදු ලෙන්ගතු වූ සිනහවකින් සැරසුණි . පෙළක් දින වලට මට 7.20 බස් එක මග හැරුණි . එදිනට නම් ඒ දෙනෙත් දැක හන්නට හැකියාවක් නොමැති වුනත් ඒ දෙනෙත් මා මුණ ගැසුණු දින බොහොමයක් වේ , කාලයක් මෙසේ ගත විය .. එදින සෙනසුරාදා දිනයක් වූ අතර මට නිවාඩු තිබු හෙයින් මම අම්මාත් සමග කිරි අම්මලාගේ ගෙදර යාමට පිටත් වුයේ ඉරිදා දවසේ ආපසු ඒමට හිතාගෙනය . පුදුමයකි එදිනද ඔහු බස් රියේ සිටියේය .. මාගේ මවට ඉද ගැනීමට ඔහුගේ අසුන පරිත්‍යාග කලේ දෙවරක් නොසිතා විය හැකි ය ... ඔහුගේ ගති ගුණ ඉමහත්ය.. අම්මා ඔහුට ස්තුති කොට අසුන් ගත් අතර කොන්දොස්තරවයයාගේ කීම පරිදි මට එතනින් එහාට වන්නට සිදු වුයෙන් මට සිතුනේ ඔහු සමග වචනයක් හෝ කතා කිරීමට තිබු අවස්ථාවක් මග හැරී ගිය බවයි ... දවස් ගණන් මෙසේ ගත වී ගිය අතර අහම්බෙන් දිනක් මා වැඩ අවසන් කර ආපසු යාමේදී මට ඔහුව මුණ ගැසුණේය .ඔහුගේ අසුනට එහා පසින් සිටියේ අපේ ගමේ මා අදුරන අයියා කෙනෙකි. ඔහු නමින් රුසිරු . දුරින් අපේම ඥාතියෙකුද වන්නේය . ... ... '' නංගි අද පරක්කු වුනාද ? වෙනදා කලින් බස් එකේ නේද යන්නේ ? ඒ රුසිරු අයියගේ කට හඩයි / ඔහුගෙන් ප්‍රශ්ණ රාශියකි .. ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නද මා නෙත් යාවි තිබුණේ වෙනතකටය.. ... නොහදුනන සුපුරුදු දෙනෙත් පෑ ඔහු මා සමග සිනා වුයේ ය . ,,, රුසිරු අයියා ඔහුව හොදින් දන්නා බවක් මට ටික දුරක් එන විට ය . ඔහු හා රුසිරු අයියා බර කතාවකට වැටුණි . එහා පැත්තෙන් වූ අසුනේ සිටි කාන්තාව අතරමගින් බැස ගිය නිසා මට ඒ අසුනේ හිද ගන්නට අවස්තාවක් ලැබුණේ එදින බසයේ වැඩි සෙනගක් නොවූ නිසාවෙනි . .............................................................................................................................................. දින කිහිපයක් ගත වී ගිය අතර මා වැඩ ඇරී නිවසට යන විට එදින රුසිරු අයියාව මුණ ගැසුණි ,,, බසයෙන් බැස නිවසට ටික දුරක් යා යුතුව තිබුණු අතර එදින රුසිරු අයියා සිටි නිසාවෙන් මමත් රුසිරු අයියා සමග ත්‍රී විලරයේ ගියෙමි ... ඔහු ගිය පයින්ම ආපසු එන්නට වුයේ යැයි මම දැන ගත්තේ අපේ තාත්තා හා ඔහු කතා කරන හද ඇසීමෙනි ... '' කොහෙද රුසිරු පුතා .... ආපයින්ම අපහු යන්නේ .... තාත්තගේ කට හඩය .. '' බාප්පේ මගේ යාලුවෙක්ගෙ මග ගෙදරක් ,,, හදිසියේම දැන ගත්තේ .... මිනිහා ද ඒ හැටි දවසක් නෑ මට අන්තිමට මුණ ගැහිලා... ඔන්න එදා සිතුමි නංගිත් බස් එකේ හිටියා ,, සිතුමිත් දැක්කා මගේ යාළුවාව ,, මිනිහා හරි හොද එකා,, ... ඒ නිමේෂයෙන් මම දුවගෙන ආවේ .... සිදු වුයේ කුමක්දැයි දැන ගැනීමටයි ... ඔහුට පිළිකාවක් තිබිලා ... රුසිරු අයියගේ හොදම යාලුවෙක්ලු,,, එත් ඒ දෙනෙත් දැන් සදහටම මාව දාලා යන්නම ගිහින් ... මගේ නෙත් කෙවෙනි කදුලින් බර වෙලා .. නුබ නොකියම යන්නේ ගියේ ඇයි ??? නුබ කවුද කියා මා හිතේ දැවෙමින් තිබු ප්‍රශ්නයට පිළිතුරක් දීලා ,, තවත් විසදා ගත නොහැකි එකම ප්‍රස්නයක් පමණක් ඉතිරි කරලා නුබ යන්න ගිහින්.. ---- නොහදුණන දෙනෙත් යලි භවයක මා හුමු වේවා මගේම වී -- හෙටින් පසුව මා දෙනෙත් තනි වේවි ගොඩක් ..... ජීවිතය නම් වූ චාරිකාවේ නුබ අකල් මරනෙකට ගොදුරු වුනා ,, මෙවන් අකල් මරණයක් නුබට කිසි දිනකවත් නොම වේවා ....!!!!!!!!!!!! _______________ නුබට නිවන් සුව ..!!!!!!!!!!!!! - ඩිලීකා මදුශානි - ~~~` පොඩ්ඩි ~~~~~~