Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ සත්‍ය කතාව Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ සත්‍ය කතාව Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review PoddiVeteran MemberPosts:2100 24 Sep 2016 03:48 AM මම ආසම සිංදුවක් maduranga001Most Senior MemberPosts:14123 20 Mar 2015 05:05 AM ඉන්න බලන්න.. ඒවි ළඟදීම ආයෙත්.. සමහර විට මොනවා හරි ප්‍රශ්නයක් ද දන්නෙත් නැහැ නේ.. HimaliVeteran MemberPosts:1636 20 Mar 2015 04:26 AM mmmmm. hamoma peni nopeni yanava. savabava dharmaya thamai ithin maduranga001Most Senior MemberPosts:14123 20 Mar 2015 04:23 AM පෙනෙන නොපෙනෙන දුරක නේද ගයාන් ඉන්නේ? මොකද එක සැරේටම නොපෙනී ගියේ? Ind007kaMost Senior MemberPosts:12931 20 Mar 2015 04:16 AM mamath penne e wage thamai HimaliVeteran MemberPosts:1636 20 Mar 2015 04:11 AM gayan peni nopeni gihinada ? ImalkaVeteran MemberPosts:4533 11 Mar 2015 11:34 PM මචන් මේගීත ඉදිරිපත් කරන කොට ඒවායේ වචන වල නිවැරදි භාවය පරික්ෂාකර පමණක් ඉදිරිපත් කරන්න,උපුටාගන්නා ස්ථානය ගැනත් සඳහන් කරන්න....අපි මේවා දන්නේ තව කෙනෙකුගේ රසවින්දනය වෙනුවෙන්, ඒ නිසා රසවිඳින කෙනාට නිවැරදි දේ දෙන්න අපි වගබලාගන්න ඕන. මේ ගීතයේ පදවැල් බොහොමයක් එක්කෝ වැරදියි එහෙම නැත්නම් අකුරු අඩුවෙන් ටයිප් කරලා මට නම් හරියට දර්ශනය වෙන්නේ නැහැ . ඔයාල දාන පොස්ට් වලින් තමයි සයිට් එක දුවන්නේ නමුත් නිවැරදි නොවන පොස්ට් වලින් සහ අසම්පූර්ණ පොස්ට් වලින් ඒ ගමන අසාර්ථක වෙනවා කියන එකයි මගේ අදහස, ඒ නිසා ටික වෙලාව අරගෙන හෙමීට මේ ගමන යමු isurusamSuper Senior MemberPosts:7342 11 Mar 2015 11:12 PM me dewal ekamaa tred ekakata damanam thamai hoda... gayanfernandoNew MemberPosts:66 11 Mar 2015 07:41 AM පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ සත්‍ය කතාව කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහ රඳවා තිබූ ‘සිත් කවිය’ ළඟ දහසකුත් දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙන ගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැන විශ්වවිලද්‍යාලයේ නොදන්න කෙනෙක් නැහැ. ඒ තරමටම මෙය ජනප්‍රියයි. මේ ‘සිත් කවිය’ අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක් හිටියා. එම පීඨයේම ඉගෙන ගන්නා ඇය, උතුරු කොනේ (ගුණදාස කපුගේ) ඇතුළු ගීත රැසක් රචනා කළ චන්ද්‍රා වාකිෂ්ඨයන්ගේ දියණිය. රචිතා, සිත් කවියේ අදහස් කියෙවේ බොහොම ආසාවෙන්. ඒ ඇය කවියට, ගීතයට බොහෝ සෙයින් ප්‍රේම කළ හින්දා. සිත් කවියෙහි රචිතාගේ යහළුවකුගේ සිතැඟි විවිධ මාතෘකා යටතේ පළ වුණා. එහෙත් එන්න එන්න ඔහුගේ අදහස් ලියවුණේ යොවුන් ආදරය ගැන විතරයි. ඔහු ප්‍රේමවන්තයෙක් වෙලා. ඔහුගේ සිත් දිනා ගත්තිය විශ්වවිද්‍යාලයෙම ශිෂ්‍යාවක්. ඔවුන් දෙපොළගේ ප්‍රේමය කාලයත් සමඟම තීව්ර වුණා. විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය ඇතුළේ වසරේ හොඳම පෙම්වතුන් යුවළ තෝරනවා. මේ අවුරුද්දට තේරුණේ ඔවුන්. එක්තරා උදෑසනක රචිතා ‘සිත් කවිය’ට සමීප වුණේ පුරුද්දට වගේ. පුදුමයක්! අර පෙම්වතාගේ ආදරණීය අදහස් ඒකේ නැහැ. ඒ වෙනුවට විරහ පද වැල් කිහිපයක් එහි ගෙත්තම් වෙලා. ඒ අකුරු අඬන්න ඔන්න මෙන්න. හේතුව හොයලා බලද්දී පෙම්වතියට හොඳට සල්ලි බාග තියනවා. පෙම්වතා සාමාන්‍ය පවුලක දුප්පත් කෙනෙක්. ගැහැනු ළමයගේ මවුපියන් බලපෑම් එල්ල කරනවලු මේ සම්බන්ධය නවත්වන්න කියලා. කාලයක් මේ දෙන්නා ඈත් වෙලා හිටියා. හදිසියේම පෙම්වතිය නැවතත් පෙම්වතාට කිට්ටු වුණා. ඔහුට මේක හරිම අදහාගත නොහැක්කක්. ඒ කාලයේදීම ඔහු ‘සිත් කවියට’ නිසඳසක් ලියලා. රචිතා ඒක කියෙව්වා. ‘ඔබ මගේ ජීවියට ආයේ ආවා. ඒත් ආයේ යයිද කියලා සැකයි’. මේ ඒ පද ටිකේ අවසානය. එය රචිතාගේ සිතට තදින්ම දැනුණා. විශ්වවිද්‍යාලයට නිවාඩු ලැබුණා. රචිතාගේ හිතමිතුරු නව පරපුරේ සංගීතඥ තිළිණ රුහුණගේගෙන් තනුවකට ගීතයක් ලියන්න නිකමට මෙන් ඇරැයුම් ලැබෙන්නේ මේ කාලේ. ඒ තනුව දෙතුන් සැරයක් ඇසූ ඇයට මතක් වන්නේ අර පෙම්වතුන් යුවල සහ ඉහත සඳහන් කළ කවි පේළිය. ඇය ඒ අදහස් ගොන්න කලතලා මෙන්න මෙහෙම ලියනවා. ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀�� �❀❀❀❀❀❀❀❀❀❀❀❀❀ පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්. නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්. ආවාට නොකියාම ජීවිතෙන්. නවතින්න හිතුවාද ආයෙමත්. ආදරෙන් දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා. මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා. හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා. ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා. නුහුරු නුපුරුදු හීන අරන්. ළඟට ඇවිදින් තුරුළු වෙමින්. ආවාට නොකියාම ජීවිතෙන්. නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්. මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා. රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා. ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා. අරුත නොදකින සෙනෙහේ ඔය නමට රැඳුණා. ඉතින් එලෙස ලියූ මෙම ගීතය ආත්මාගේ ලියතඹරා ගීතයෙන් පසුව ගායනා කල හොදම ගීතය බවයි රසිකයන්ගේ අදහස.. ඒ වගේම විශ්ව විද්‍යාලයේ නිවාඩුව අවසන් වෙලා ආ රචිතා කලා පීඨයට ඇතුල්වන මාවත දිගේ ඇවිදගෙන එනකොට ඒ ගීතය මුලු පරිසරයම වෙලාගෙන බවක් හැගී ගියා.. ඒ මොකද බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් එම ගීතය තම තමන්ගේ ජංගම දුරකතන නාදවීමට යොදාගෙන ඇති හින්දා.. ඒ වගේම ඔබ දන්නවාද මේ ගීතයේ සත්‍ය කතාව ඒ ආකාරයෙන් සිත් කවියේ රචනා කල පෙම්වතුන් යුවලට ඉන්පසු වූයේ කුමක්ද කියලා ? මේ ගීතය ඇසූ ඔවුන්ගේ දෙමවුපියන් හා නෑදෑයින් එම යුවලට සදහටම එක් වන්නට ආශිර්වාද කරලා.. එක් සින්දුවක් අපගේ හිතට ඇති කරන්න පුලුවන් බලපෑමක් වගේම එම දෙපලට එක්වන්නට ලැබීමත් කෙතරම් අපූරුද.....